රයින් නදියේ දිවෙන යාත්‍රා පසුපස කෑම සොයා ඉගිලී එන ලිහිණින් රංචුවක්
පළමු කොටස
අපේ ගමෙන් සහ රෙදි මෝලේ රස්සාවෙන් සමු ගෙන ගමට ගිය ඩැනිස් පූර්ණකාලීනව සංචාරක ව්‍යාපාරයට නැඹුරු වුනාය කියා මා මීට පෙර කතාවේදී කියා ඇත. ඩැනිස් ගමෙන් සමුගත්තද ඔහුගේ තොරතුරු අපට නොඅඩුව ලැබෙන එක නම් නැවතුනේ නැත. රැකියාවක් ලැබුණු නිසා මටත් කළින් වගේ කළුවාමෝදර පැත්තේ නිතරම යැවෙන්නේ නැත දුරස්වී සිටියත් අපේ සම්බන්ධකම් අඩු වුණේ නම් නැත. සංචාරකයන් එක්ක ගමන් බිමන් යද්දී ඩැනිස් කරන දේවල්ද අපට ආරංචි වෙයි.
බීමත්ව ඉන්න වෙලාවට ඩැනිස් තමන් එක්ක යන සංචාරකයන්ගේ කෑම බීම නවාතැන් බිල් ද ගෙවන්නේ උන් එක්ක තර්ක කරමිනි. ඩැනිස් එක්ක යන ටුවරිස්ට් ලාට සුවිප් එකක් ඇදුනා වගේ කියා කට්ටිය කතාවුණත් සමහර වෙලාවට ඒ නිසාම ඩැනිස් ට එන සංචාරකයන් වැඩිවෙන්නට එයම හේතුවක් නොවුනේදැයි කවුරු දනිත්ද? කොහොම වුණත් ටුවරිසම් වලින් ඩැනිස්ට ජයය. තාම පදිංචි වී ඉන්නේ මහගෙදර නිසා ගාලු පාරෙන් මුද පැත්තට වෙන්න තියෙන තමන්ගේ ඉඩමක ඩැනිස් අලුත් ගෙයක් හදන්නට පටන් ගත්තේය.
වෙසක් පෝයට අපි ගමේ හදන වෙසක් සැරසිල්ල පොසොන් වලට කළුවාමෝදර ගෙනියන්නට යෝජනා කළේ ඩැනිස් ගේ මල්ලිය. යෝජනා ස්ථිර වී පොසොන් වලට සතියක් තියා බඩුත් ලොරියක පටවාගෙන කට්ටිය කළුවාමෝදර ගිහිං වැඩ පටන් ගත්තේ හැකි ඉක්මනින් සැරසිල්ල අටවා ගන්නටය. සැරසිල්ල හදන්නට නියමිතව තිබුණේ ඩැනිස් ලාගේ ගේ ඉස්සරහ තියෙන පාලු ඉඩමේය. ඒ ඉඩමේම තියෙන පාලු ගෙයක කට්ටියට නවාතැන් ගන්නට ලෑස්ති කර තිබුණි. මට ප්‍රශ්නයකට තිබුණේ රස්සාව නිසා දින ගණනක් එක දිගට නිවාඩු ගන්නට බැරි කමයි. ඩැනිස්ට ඒකටත් උත්තරයක් තිබුණි.
"වැඩ ඉවර උනාම ගෙදර නොගිහින් කෝච්චියෙ නැගල අලුත්ගමට වරෙන්! මම ඇවිත් එක්ක යන්නං!"
ඩැනිස්ගේ යෝජනාව ඒ විදියටම ක්‍රියාත්මක විය. වැඩ පටන් ගන්නට කලින් අපි අපිටම පනවා ගත් තහනමක් වුයේ වැඩ කරන අතරේ බොන්නට තහනම් කියලාය. බීමේ තහනම දවස් කීපයක් හොඳින් ක්‍රියාත්මක වුණත් දවසක් දා චූටියා ගමේ කොල්ලෙක් එක්ක ඇවිදින්නට ගිහිං හොඳටම බීගෙන ආවාට පසු තහනම නිකංම අවසාන විය. දැන් වැඩේ ශීඝ්‍රගාමී ව කෙරීගෙන යයි. ඩැනිස් හැමදාම වගේ රෑට ඇවිත් කතා කරමින් ඉන්නවාට අමතරව සමහර දාට කට්ටියම වාහනේ දමාගෙන රෑ කඩේට එක්ක ගිහිං කන්න බොන්නට අරගෙන දෙයි. දවසක්දා රෑ එකට විතර ඩැනිස් ආවේ හොඳටම බීගෙනය.
" හා යමල්ල තේ බොන්න!"
කට්ටියම සද්ද නැතුව වාහනේට නැග්ගේ බෑ කිව්වොත් එහෙම ඩැනිස් ගේම ඉල්ලන නිසාය. ගමේ පාරේ සිට ගාලු පාරට වාහනය දමාගත් ඩැනිස් එළවන්නේ ඉස්සරහින් එන වාහනවලට බැණ වදිමිනි. ලයිට් ඩිම් නොකර එන උන්ගේ ඇඟට කපයි. අලුත්ගම රෑ කඩයක් ළඟ වාහනය නතර කළ ඩැනිස් කට්ටියටම කිරි තේ ඕඩර් කළේය. තේ හදනතුරු අපි බලා සිටියදී කඩේ කොල්ලෙක් මේසයකට වාඩිවී සිටි මනුස්සයෙකුට තේ එකක් ගිහිං දෙන හැටි ඩැනිස් දැක්කේය.
" ඈ යකෝ අපි බලං ඉද්දි උඹ පස්සෙ ආපු උන්ට තේ දෙනව නේද? ඉඳපිය තොට මම හොඳ වැඩක් කරන්නැ'යි කියූ ඩැනිස් කොල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.
" නෑ නෑ මහත්තය ඒ මහත්තයල එන්න කළින් ආපු එක්කෙනෙක්" යි කඩේ කැෂියර් කීවේ කොල්ලාව බේරා ගන්නටය. ඒ ගමන ඩැනිස් කොල්ලාව අතහැර කැෂියර් එක්ක ගෝරිය පටන් ගත්තේය.
" එහෙම එක එකා කියන විදියට නටන එකෙක් නෙවෙයි මේ ඩැනිස්, උඹල හොඳට අහගනිල්ලා කුඩු කරනව කඩේ, මට පාට් දාන්න ආවොත් වෙනදේ බොලා දන්නැතුවයි."
ආදී වශයෙන් ඩැනිස් කැෂියර්ගේ පලු අරිද්දී හොඳ වෙලාවට අලුත්ගම පොලිසියේ ජීප් එක පැට්‍රෝල් යන ගමන් තේ බොන්නට කඩේ ඉස්සරහ නතර කරපු නිසා ඩැනිස් සද්දෙ වහ ගත්තේය. ජීප් එක ආවේ කැෂියර් ගේ හොඳ වෙලාවට කියා අපි කීපදෙනෙක් කතාවුනෙමු.
පොසොන් උත්සවය වෙනුවෙන් කළුවාමෝදරදී අපි ඉදිකළ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන මහා පොසොන් සැරසිල්ල උත්සවාකාරයෙන් ආරම්භ වුණේ පොසොන් දවසේදීය. වැඩේ හොඳට තිබුණත් පරහකට තිබ්බේ ජනකාය මදිකම නිසා ටිකට් කවුන්ටරයෙන් එතරම් ආදායමක් නොලැබීමය. ඊටත් අපේ ගමේ වෙසක් එකට පෙන්නද්දී සෙනග බොහෝ සෙයින් අද්දවා ගන්නට සමත්වූ මේ සැරසිල්ලට කළුවාමෝදරදී ජනතා ප්‍රතිචාරය අඩුවුණේ කුමන හේතුවක් නිසාද කියා අපි කාටවත් හිතාගන්නට නොහැකි විය. ලොකු මුදලකට කියා ලැබුණේ ආරම්භක උත්සවයේදී ආරාධිත අමුත්තන් කීප දෙනෙක්ගෙන් ලැබුණු මුදල් කවර ටිකය. අපේ සැරසිල්ල සෙනග නැතුව වේලෙද්දී ගාලු පාර අයිනේ ඉදිකර තිබු මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩීම කියා ඇඳපු පිංතුර හතරක් පහක් පෙන්නන සැරසිල්ලට සෙනග ඇදුණේ මූද ගොඩ ගලන්නා වාගෙය. අන්තිමට අපි තේරුම් ගත්ත කාරණය වුණේ රෑ පානේ සෙනග ඩැනිස්ලාගේ ගමට එන්නට හොර නිසා මේ තත්ත්වය ඇතිවූ බවය. කොහොම උනත් සැරසිල්ල අතින් පාඩු වුනාට පසු අපි ලොරියකට බඩුත් පටවාගෙන ආපහු ගමට පිටත් වුණෙමු.
පසුකාලීනව ඩැනිස්ගේ ගෙදර එක එක උත්සව වලට වගේම දවස දෙකේ නිවාඩු ගතකරන්නටත් කීප වාරයක්ම කළුවාමෝදර ගියවිට ඩැනිස් මදි නොකියන්නට කරන සංග්‍රහ සත්කාර වගේම රෑ හඳපානේ වැල්ලේ කකුළුවන් අල්ලන්නට යන එකද මතු නොවැ ඩැනිස්ගේ ගෝරිද අදටත් අමතක නොවන මිහිරි මතකයන්ය. මේ කාලයේ ඩැනිස් අලුතෙන් හදපු ගෙයි පදිංචියට ගිහිං හිටපු නිසා ඔහුට අසීමිත නිදහසක්ද මදි නොකියන්නට මිළ මුදල් අත මිටේ ගැවසුන නිසා යාළුවන් වගේම අතවැසියන් ගෙන්ද අඩුවක් නොවීය.
සංචාරක කර්මාන්තයේ යෙදෙන කවුරුත් පාහේ ආශාවෙන් බලාපොරොත්තු වන සිහින සංචාරකයා ඩැනිස්ට මුණ ගැසුණේ මෙන්න මේ කාලයේදීය. ඩැනිස්ගේ සිහින සංචාරකයා වුයේ අවුරුදු හැටක් පමණ වයසැති මුහුණ පුරා කෙටි රැවුලක් වවාගත් විනෝදකාමී ජර්මන් ජාතිකයෙකි. ඔහු ඩැනිස් සමග ආරම්භ කළේ බඩ බැඳගත් මිතුරුදමකි. මේ ජර්මානුවාගේ නම කුමක්දැයි මම අදටත් නොදනිතත් ඩැනිස් ඔහුට පප්පා කියා ඇමතූ බැවින් අපිද ඔහුට පප්පා යැයි කීවෙමු. හැම අවුරුද්දකම ග්‍රීෂ්ම සෘතුවේ ලංකාවට එන පප්පා මාසයක් දෙකක් ලංකාවේ නිවාඩුව ගතකරයි. වතාවක් ඩැනිස්ද ජර්මනියේ රවුමක් ගසා ආවේ පප්පා ගේ අනුග්‍රයෙනි.
ජර්මනියට යන්නට ලැබේයැයි පමණක් නොවැ රටින් පිට යන්නට මම හීනෙකින් වත් හිතා නොතිබුණු ඒ කාලයේ ඩැනිස්ද පප්පාද කියන ජර්මනියේ විස්තර අපි අසා සිටියේ පොඩි උන් සුරංගනා කතා අසා සිටින්නාක් මෙනි. සාමාන්‍යයෙන් යම් රටකට යෑමට හෝ යම් අවස්ථාවක් ලබාගැනීමට මා කෙදිනක හෝ ආශාවෙන් සිහින මවාගෙන සිටියේ නම් බොහෝ පසුකලෙක වුවද ඒ ආශාව සපුරා ගන්නට ඉඩ ලැබෙන බව මට පසුකලෙක වැටහුණු දෙයකි. එසේ වීම නිසා හෝ වෙනත් හේතුවක් නිසාදැයි නොදනිතත් මට ජර්මනියට සංචාරයක් සඳහා යන්නට ලැබුණේ ඊටත් අවුරුදු විසි ගණනකට පසුවය.
බෙල්ජියමේ සිට ගොඩින් ඒ කියන්නේ මෝටර් රථයකින්, බසයෙන් හෝ දුම්රියෙන් යන්නට හැකි රටවල් කීපයක් වේ. යන්නට පුළුවන් රටවල් කීපයේම සංචාරය කරන්නට මගේ හිතේ තිබුණ ආසාව සපුරාගන්නට ටික කාලයකදීම හැකි වුණත් ජර්මනියට යන්නට නොහැකි වුණේ කාරණා කීපයක් නිසාය. මුලින්ම කියන්නට තියෙන්නේ යුරෝපා රටවල සංචාරය අධික වියදම්කාරී කටයුත්තක් බවය. කෑම බීම මෙන්ම නවාතැන් වලද අයකරනා මිළ බෙහෙවින් ඉහළ මට්ටමක පැවතීම අප වැනි දුප්පත් සංචාරකයන්ට දරාගත නොහැකිය. වෙන රටවල් වලට ගිය ගමන් වලදී මා බොහෝවිට කළේ මිතුරෙකුගේ නිවෙසක නැවතී සිට සංචාරයේ යෙදීමයි. එවිට කෑම බීමද නවාතැන් ද නොමිලයේ ලැබෙන අතර උණුසුම් මිතුරු ඇසුරක ආස්වාදය ද නොඅඩුව ලැබේ.
බ්‍රසල්ස් සිට ජර්මනියට යන්නට ඇති ලඟම ගමනාන්තය වන්නේ බ්‍රසල්ස් සිට ජර්මනියේ කොලෝන් දක්වා දුම්රියෙන් යෑමය. කිලෝමීටර් 183 ක් වන දුර තාලිස් දුම්රිය පැය දෙකහමාරකින් ගෙවා දමන අතර අධිවේගී ඊයු රේල් දුම්රිය එම දුර පැය එකහමාරක පමණ කාලයකින් ගෙවා දමයි. බර්ලිනයේ මගේ මිතුරන් සිටියද කොලෝන් හි දන්නා කිසිකෙනෙක් නොසිටි හෙයින් හෝටලයක නවතින්නට සිදුවේ. නවතින්නට හෝටලයක් කොලෝන්වලට ගිහින් සොයාගන්නවා කියා සිතාගෙන අපි ගමන පිටත්වුණේ 2006 දවසකය. කාල වකවානු එක්වරම සිහියට නගා ගන්නට අපහසු නිසා මම ගමනේ පිංතුර සී ඩී එක ආයෙම බැලුවෙමි.
ගමනක් යන්නට පිටත්වන විට හැලපි කියන්නේ මිඩි ඉස්ටේසමේ සහ කෝච්චියේ කෑම ගොඩක් මිළ නිසා මගට කන්නට යමක් ගෙදරින් හදාගෙන යන එක ලාබයි කියාය. එහෙම කියන හැලපි මගට කන්නට සැන්විචස්, ටෝස්ට් හෝ වෙනත් යමක් සුදානම් කරගනී. මිඩි ඉස්ටේසමට ගිහින්ද කඩ දෙක තුනකට ගොඩ වැදී තවත් මොන මොනව හරි කන්නට ගනී. කෝච්චියේ රෙස්ටොරන්ට් එක විවෘත කරන්නේ ගමන පටන්ගෙන ටික වෙලාවකින්ය. එතැන් සිටම කෝච්චියේ යන අය රෙස්ටොරන්ට් එකෙන් කෑමද කෝපිද මිළදීගෙන සුවඳ හමමින් දුම්රිය මැදිරිය හරහා එහාට මෙහාට යද්දී මුලින්ම හැලපැට්ටාත් ඊළඟට හැලපිත් මුහුණ නරක් කර ගනිති. දැන් දෙන්නාටම ගෙදරින් ගෙනගිය කෑම අමතකවී කෝච්චියේ කෑම උවමනා වෙයි. අන්තිමට ඒ දෙන්නා කෝච්චියේ රෙස්ටොරන්ට් එකෙන් කෑම ගෙනත් කද්දී ගෙදරින් අරගෙන ගිය කෑම ටික මට කන්නට සිදුවේ. ගමනක් යන හැමදාම සිද්ද වෙන්නේ ඔය ටිකය.
අපි කොලෝන් වලින් කෝච්චියෙන් බහිද්දී වෙලාව උදේ දහයමාර විතර වෙන්නට ඇත. ඔක්තෝබරයේ තරමක සීතලක්ද ඇති නිසා සාමාන්‍ය කබා ඇඳගෙන එන්නට සිදුවිය. ඉස්ටේසම පැත්තක තියෙන ටැක්සි නැවතුම් පොළට ගියේ ඉස්සෙල්ලාම නවතින්නට තැනක් සොයාගන්නට සිතාගෙනය. ප්‍රශ්නය ඇතිවුණේ එතැන් සිටය. රියැදුරන් ඔක්කොම කතාකරන්නේ ජර්මන් භාෂාවය. පස්සේ කට්ටියම එකතුවී තරමක ඉංග්‍රීසි දැනුමක් ඇති රියදුරෙක් සොයාගත්හ. ඔහු කීවේ හෝටල් සොයාදෙන්නට බැරි බවත් දන්නා හෝටලයක් ඇත්නම් එක්ක යන්නට පුළුවන් බවත්ය. කොලෝන් වලට ලෝකයේ හැම අතින්ම ගඟ ගලන්නා වගේ සංචාරකයන් එන නිසා හෝටල් කාමරයක් සොයා ගන්නට අපහසු බව අපි දැන ගත්තේ ඒ වේලාවේය.
දැන් කුමක් කරන්නදැයි කල්පනා කරමින් සිටිද්දී එතැන තිබු කුඩා කඩයකින් තේ කෝප්පයක් මිළදී ගෙන එයට සීනිද දමා හැඳි ගාමින් සිටි තරුණයෙක් අප ලඟට ආවේ මේ අතරේය. ඔහු අපේ කතාව මුල සිටම අසා සිටි සෙයක් පෙනිණි. " මොකුත් ප්‍රශ්නයක් දැ?"යි ඔහු ඉංග්‍රීසියෙන් ඇසුවේය. මම කතාව කීවිට ඔහු මඳක් කල්පනා කර " යමු" යි කියා පාරට බැස්සේය෴

ඒ මම එකද?
ReplyDeleteදැන් ඉතින් අරූ එක්ක ගිය දිහාව දැනගන්ට දවස් ගානක් ඉන්ට එපැයි. (කතා කීයක් කියවන්න වෙයිද දන්නෑ)
Deleteපප්පා ගැන වැවි දුර තොරතුරු?
නෑ නෑ පප්පා ගැන වැඩිදුර තොරතුරුත් එක්ක ඉක්කමට ලියඤ්ඤම්.
Deleteමදෑ. පට්ටාංගන්නකොටම ඉවරවෙලානෙ.
ReplyDeleteසමහර දවස්වලට එහෙම වෙනව බං.
Deleteඩැනිය අර කඩේ කුඩු කළානං ඒ කාලෙම බුකිය තහනං කරනව.
ReplyDeleteහේ හේ හේ ,,, අම්මපා එක හැබැව
Deleteඒ කාලෙ බුකියකට තිබ්බෙ රේස් බුකි විතරයි.
DeleteWyndham Koeln මරු හෝටලේ නවතින්න හැලපේ අය්යේ .
ReplyDeleteපප්පා තමා ඉන්නවැයි ?
පප්පා ගැන තොරතුරක් කාලෙකින් අහන්නට නොලැබීම නිසා කියන්න තියෙන්නෙ නෑ කියල තමයි.
Deleteකළුවාමොදර උන්ව ගණන්ගන්නේ තළුවාමෝදර උන්ම තමයි. ඔය ක්‍රිවර්ෂ කියේ වගේද උනේ?
ReplyDelete1986 දී වගේ
Deleteඅපොයි මේ කතාව ක්‍රි.ව. බරගණන් වල.
Deleteරසික පොඩ්ඩක් විතර වරද්දගෙන, මගෙ මතකෙ හැටියට 1983 ජුනි.
Deleteපප්ප ගැන එහෙම්ම ලබ්බ පොලේ ගැහුවා වාගේ අත ඇරියා , ඊලගට පටං ගත්ත එකත් දඩස්ගාල නැවැත්තුවා ..... කීකාලයක් බලාගන ඉන්ඩද , ටිකක් වැඩිපුර ලියමු
ReplyDeleteපප්පා සහ ඊළඟ එක ඉක්මනට ලියන්න හිතාගෙන ඉන්නෙ.
Deleteකළුවාමෝදර ඔය කියන හරිය සුනාමියට අහු උනේ නැද්ද?
ReplyDeleteඒ කාලයේ ඔය හරියේ ආපදාවට පත්වූ දේපල පිළිබඳව කරන Survey එකකට සම්බන්ධ වීමට මටත් හැකි උනා.
සුනාමියට අහුවුණා වගෙයි මට මතක. ඒ කාලෙ ලංකාවෙ නොහිටිය නිසා වැඩි විස්තර නොදනිමි.
Deleteඩ්‍රැකීFebruary 17, 2018 at 12:37 AM
ReplyDeleteකෝ ස්වප්නා?
උඹ නොඉවසිල්ලෙන් බලා සිටින ස්වප්නා ඊළඟ පෝස්ටුවෙන් එළියට එනු ඇත.
කෝ ස්වප්නා?
ඇයි මම ලිව්වනෙ. ඉයන් කියවන්න නැතුව ඇති. මේ තියෙන්නෙ ලින්ක් එක.
Deletehttp://helapakade.blogspot.com/2018/02/blog-post_18.html
ආ අමතක උනා සුබ උපන්දිනයක්
ReplyDeleteටැංකු!!
Deleteපොසොන් කූඩු ලස්සනකට හැඩවැඩ කරලා
ReplyDeleteහදන් හිටියමුත් මුදලක් නැහැ නොවැ ලැබිලා
හොයන් යන්න හදන්නෙ කෝ හෝටල් කියලා
ලියන් න ඊළඟ ලිපියත් ඉක්මන් කරලා......
ජයවේවා!!!
ආරන්චියක් ආවා අද උපන්දිනේ කියලා. වැඩි වැඩියෙන් හැලප හැදෙන කැවෙන රහම රහ උපන් දිනයක් වේවා !!!
Deleteඑහම බැහැ..අඩියක් ගහලා සම්රමු............
Deleteබ්‍රෑන්ඩ් එක ගල් වෙන්න බෑ.
Deleteඑකක් මොකෝ මෙන්ඩා...තියෙන එකේ අඩි දෙකක්ම ගහමු...
Deleteඔහොම ලස්සන කවියකින් කියද්දී ඉක්මනට නොලිය කොහොමද? සුබ පැතුමට බොහොම ඉස්තුතී.
Deleteඔන්න...දුමි අයියන්ඩි..පොරොන්දු කඩන්න බැහැ..
Deleteබ්ලොග් ගැන ලක්බිමෙ යන ලිපියෙ ඔයාගෙ හැලප කඩෙ ගැනත් තිබුනා
ReplyDeleteඋඹ මේක දැක්කෙ නැතෙයි.
Deleteධවල නාග රාජයා
දැක්ක දැක්කා.
Deleteචැ...මට ඒක මිස් වෙලා...මෙවා මෙහම අත අරින්න බැහැ අඩියක් ගහලා සමරන්න ඔනෙ....
Deleteහැපි උපන්දිනයක් වේවා!! ඉතුරු ටික ඉක්කමට දාන්ට...නැත්තන් ඉක්කමට වයසට යයි.
ReplyDeleteස්තුතියි, ඉතුරු ටික ඉක්කමට දාන්නං. වයසට යන එක නං කොහොම නවත්තන්නද?
Deleteමේ කතා කියවන්න පට්ට RAM මෙමෙරියක් ඕනේ! :D
ReplyDeleteඉතින් උඹට ප්‍රශ්නයක් නෑනෙ. එහෙම මෙමරියක් තියෙන එකේ.
Delete++++++++++
ReplyDeleteකොන්ත්‍රාත් ක්‍රමයට වැටවල් ඉදිකරන්නෝ.
Deleteසුභ උපන්දිනයක් වේවා ! ඔබ තුමාට
ReplyDeleteඉස්තුතියි කලන !!
Deleteඅර ජර්මනියට යාමේ සිහිණය සැබෑ වීම ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරමයි ගොයියෝ...
ReplyDeleteපිවිතුරු චේතනා
ගෙන දේ වාසනා...
හැලපිගේ අවධාණය පිණිසයි
මෙහිදි වාසනා යනු කෑල්ලක් නොවන බව සිහි තබා ගත යුතුය..
වාසනා කෑල්ලක් නම් කෙතරම් අපූරුද මචෝ?
ReplyDeleteබජාර් එකේ අයියෙක් සෙට් වෙලා වගේ. බොහොම අපූරු ලියමනක්. මේකෙ ඉදිරි කොටස් ලියවේවා! නාරායන්ට වෙනදෙයක් වෙච්චාවෙ.
ReplyDeleteඉදිරි කොටස් ඉක්මනටම ලියන්න බලාපොරොත්තු වෙමි.
Deleteකෝ බං හැලපයියගේ ඇනෝ යාළුවා.
ReplyDeleteඒක තමයි බං ඌ මේකට ආවෙ නෑ බිසී ඇති.
Delete