Tuesday, February 27, 2018

නාරායන් සොයා යාම, ආර්.කේ.රාමචන්ද්‍රන්, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ගේ මදන මෝදකය,තුර්කි කෝපි, කැපුචිනෝ සහ අරාබි කෝපි.

පළමු කොටස
දෙවැනි කොටස

ඇපලෝ රෝහලේ ණය අයකරගැනීමේ නිලධාරියා වන රාමනා රෙඩ්ඩි මගේ හොඳම හිතවතෙකි.    රෙඩ්ඩි පමණක් නොවැ මදුරාසියේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්වල ණය අය කරගැනීමේ නිලධාරීන් සියල්ලන්ම පාහේ මගේ හිතවතුන්ය.    ඒ මන්ද යත් ඔවුන් අපට ණයට කරදෙන ශල්‍යකර්ම හා වෙනත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාසයේ අන්තිමට චෙක්පත ලබාගැනීමට තියෙන්නේ මගේ අතින් නිසාය.   හැම දෙනාගේම පරමාර්ථය වන්නේ චෙක්පතේ බර වැඩි කරගැනීම බැවින් ඔවුහු මා සමග කිට්ටු හිතවත්කමක් පවත්වාගෙන ගියහ.   මාසේ අන්තිමට වැඩිම බර ඇති චෙක්පත ලබාගන්නා වන රාමනා රෙඩ්ඩි චෙක්පතේ බර ගැන ඉඳහිට පොඩි බරබරයක් දැම්මත් හිතවත්කම නැති කර නොගන්නට වග බලාගත්තේය.   ඉතින් මම නාරායන් ගැන රෙඩ්ඩිට කතා කළෙමි.   මගේ කතාව අසා සිටි රෙඩ්ඩි, නාරායන් ගැන සොයා බලා හවසට කතා කරන්නම් යැයි කීවේය.  කිව්වත් වගේම හවස මට කතාකළ රෙඩ්ඩි නාරායන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් අමුත්තන්ට ඔහු බැලීම තහනම් වුවත් අවශ්‍යම නම් උදව්වක් කරන්නට හැකි බවත් කීවේය.  ඇපලෝ රෝහල තියෙන්නේ අපේ ගෙදර සිට පයින් යන දුරක නිසා මම ඒ සැන්දෑවේ ම රෝහලට ගොස් රෙඩ්ඩි ගේ උදව්වෙන් මුහුණටත් ඇඟ හැම තැනටත් බටද වයර්ද සවිකර සිටි නාරායන් දැකබලා ගත්තෙමි. දවස 2001 මැයි 12 වෙනිදා බව හරියටම කිව හැකි වන්නේ පසුවදා නාරායන් මියගිය බැවිනි.

ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයකු වූ ආර්. කේ. නාරායන් ගැන ලියැවුණු ලිපිවලින්, විශේෂාංග සහ අතිරේක වලින් පසුවදා සිටම පුවත්පත් පිරී යන්නට විය.  මම ඒවා හැම එකක්ම පාහේ එකතු කර තබා ගත්තේ පසුවට ප්‍රයෝජනයක් වේවි යැයි සිතාගෙනය.    පසු දවසක මට හමුවුණු අර්ජුනට නාරායන් සෙවීමේ අසාර්ථක ඒක පුද්ගල මෙහෙයුම ගැන කීවිට සිදුවූ දේ ගැන ඔහුද දුක්විය.   නමුත් පසුව දැනගන්නට ලැබුණු අන්දමට නාරායන් ඔහුගේ ජීවිතයේ අන්තිම කාලයේ කිසිවෙකුත් හමුවීම හෝ සම්මුඛ සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. නාරායන් ගැන මා ළඟ තිබු කරුණු ගොණුකර ලිපියක් ලිව්වොත් නරකදැ යි අර්ජුන යෝජනා කර සිටියේය.   නමුත් ලිපියක් ලිවීමට ප්‍රමාණවත් කරුණු මගේ ළඟ නොතිබූ අතර තිබණු තොරතුරුද හැම කෙනාම පාහේ දන්නා සහ පත්තරවල පට්ට ගසා තිබුණු ඒවාය. නාරායන් ගේ පවුලේ කවුරු හරි හමුවෙන්නට ලැබුණොත් ඔහුගේ ප්‍රසිද්ධ නොවූ තොරතුරු යමක් දැනගන්නට හැකිවේ යැයි කී අර්ජුන මගේ ළඟ ඇති විස්තර වලට ඒවාද එකතුවූ විට ලිපියකට සෑහෙන තරම් තොරතුරු එකතුවෙන බව කියා සිටියේය.

ඊළඟට අප ඉදිරියේ තිබුණු ප්‍රශ්නය වුණේ නාරායන්ගේ පවුලේ කෙනෙක් සොයා ගැනීමය. ඔහුගේ පොත්වල කියැවෙන අන්දමට නාරයන්ට සහෝදර සහෝදරියන් හත්දෙනෙක් සිටියත් නාරායන්ගේ බාල සහෝදරයා මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධම කාටුන් ශිල්පියෙකු වූ ආර්.කේ. ලක්ෂ්මන් හැරෙන්නට වෙනත් කිසිවෙක් ගැන හෝඩුවාවක් සොයා ගන්නට නොතිබුණේ ඔවුන් අප්‍රසිද්ධ අය බැවිනි.  ලක්ෂ්මන් ඒ වනවිට ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍රයේ සේවය කළ අතර බොම්බායේ පදිංචිවී සිටි හෙයින් ඔහුව හමුවීම අපහසු කාරියක් විය.   නමුත්  ඊට පසු නාරායන් ගැන මටත් වඩා උනන්දුවක් ඇතිකරගත් අර්ජුන නාරායන් ගේ සොයුරු සොයුරියන් ගැන සොයා බලන්නට විය.   එක දවසක හවස අර්ජුන මාව හමුවන්නට කාර්යාලයට ආවේ හැති දාගෙනය.

දන්නවද, නාරායන්ගෙ මල්ලි කෙනෙක්ව හොයාගත්තා ! අර්ජුනගේ දෑස් දිළිසෙයි.

මරුනෙ, කොහෙද මිනිහ ඉන්නෙ?

බෙසන්ට් නගර් වල, නම රාමචන්ද්‍රන්, මම කතාකරල හම්බවෙන්න වෙලාවකුත් දාගත්තා හෙට හවස යමු !

පසුවදා සවස අර්ජුනත් මමත් නාරායන්ගේ සොහොයුරු රාමචන්ද්‍රන් සොයා බෙසන්ට් නගර් වලට ගිය ගමනට අර්ජුනගේ හිතවතෙකු වූ කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් වන රැන්ඩෝර් ගයි ද එකතු විය.  කතාව පටිගත කරගන්නට මම ගෙදර තිබුණු කැසට් රැකෝඩරයද උස්සාගෙන ගියෙමි. බෙසන්ට් නගර් වල තට්ටු නිවාසයක දෙවෙනි තට්ටුවේ නිවෙසක සිය බිරිඳත් සමග පදිංචි වී සිටි රාමචන්ද්‍රන් අපව ආදරයෙන් පිළිගත්තේය.   රාමචන්ද්‍රන්, නාරායන්ගේ කපාපු පළුවක් නොහොත් නාරායන් ම දැයි සිතෙන තරමට එක සමාන විය.   අපි ආගිය තොරතුරු කතා කරමින් ඉන්නා අතර රාමචන්ද්‍රන් මහත්මිය අපට බොන්නට කෝපි පිළිගැන්වූවාය. ගෙදරට ආ අමුත්තන්ට කෝපි පිළිගැන්වීම දකුණු ඉන්දියාවේ චාරිත්‍රයකි.   නැවුම් එළකිරිද තද කහටැති කෝපිද මුසුකර සීනි ඉතා ස්වල්පයක් දමා කුඩා කෝප්පවල පිළිගන්වන මේ කෝපි පළමුවතාවේදී බොන්නට තරමක් අපහසු ගතියක් දැනුණත් පුරුදු වූ විට ඉතා රසැති පානයකි.

කෝපි පමණක් නොවැ වෙනත් බොහෝ රසැති පානයන් හෝ කෑම වර්ගයන් ද දිවට නුහුරු නම් පළමුවරට කන බොන විට අප්‍රියජනකය.  වතාවක් මම පියෝ ඇපල් ජුස් හෙවත් ඇපල් පමණක් යුෂ පොඩි උන් දෙතුන් දෙනෙකුට බොන්නට දුන් විට උන් ටිකක් බී කට ඇඹුල් කර ඒවා ප්‍රතික්ෂේප කළෝය.   ඒ ඇපල් යුෂ ඇඹුල් නැතිවුනත් සීනි සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමුසු ඇපල් යුෂ බීමට උන්ගේ දිව නුපුරුදු නිසාය.  රසයට දිව පුරුදු වීම ගැන මීට අවුරුදු දෙසීයකටත් එහා කාලයක ඇලෙක්සැන්ඩර් ඩුමා ද කතාකර තිබේ.   ඒ ඔහුගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථයක් වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් නවකතාවේ එන මොන්ත ක්‍රිස්තෝ දුපතේදී සිටුවරයා හමුවන ප්‍රාන්ස් ට දුපතේ අන්තර් භෞම ගුහාවලදී පිළිගැන්වූ රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේදී ය.   ඒ මොහොතේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා සහ ප්‍රාන්ස් අතර ඇතිවන කතාබහ පොතෙන්ම උපුටා දක්වන්නට මට අවසර දෙන්න.

" මට ලොකු ආශාවක් ඇතිවුණා ඔබ කියන දේ ඇත්තක්ද නැත්නම් අතිශයෝක්තියට නගපු වර්ණනාවක්ද කියලා පරීක්ෂා කර බලන්න," යි ෆ්‍රාන්ස් කීය.

"පරීක්ෂා කර බලන්න සිංඤෝර් ඇලඩින්; ඔව්, පරීක්ෂා කර බලන්න; ඒ වුනාට එක පරීක්ෂණයකට පමණක් සීමා කරගන්න එපා; අනිත් සෑම දේකදී වගේම, මේ දෙයෙහි ත් අපි ප්‍රචණ්ඩ හෝ වේවා මුදු මොළොක් හෝ වේවා, දොම්නස් සහගත හෝ වේවා, සොම්නස් සහගත හෝ වේවා, අලුත් හැඟීම්වලට අපේ ඉන්ද්‍රියයන් ක්‍රමයෙන් පුරුදු කරගන්න ඕනෑ.- මේ දිව්‍යමය දේ සමග ස්වභාව ධර්මයේ සටනක් පවතිනවා; ස්වභාව ධර්මය සන්තෝෂයට නොවෙයි අසන්තෝෂයටයි ඇලී පවතින්නෙ.    යටපත් කරනු ලබන ස්වභාව ධර්මය, මේ සටනින් පරාජය ලැබිය යුතුයි.   තථ්‍යය සිහිනයට තැන දිය යුතුයි.   ඊට පස්සෙ සිහිනය ස්වාධිපත්‍යයෙන් ඒකාධිපති වී රජ කරන්නට පටන් ගන්නවා.   එතකොට සිහිනය ජීවිතය වෙනවා;ජීවිතය සිහිනය වෙනවා.  ඉතින් තාත්ත්වික ජීවිතයේ දුක්ඛ වේදනා කාල්පනික ලෝකයේ සුඛ වේදනා බවට හරවන ඒ වෙනස් වීමෙන් ඇති වන්නේ කුමන තරමේ වෙනස් වීමක් ද! තවත් ජීවත් වීමේ ආශාවක් නැතිව යන ඔබ සදාකාලික ව සිහින දකිමින් සිටින්නට ආශා කරනවා! ඔබේ ඒ සිහින ලෝකයෙන් මේ ලෞකික තලයට ඔබ යළිත් ආවාම, නියෝපොලිතානු වසන්තයකින් ලප්ලන්ත ශිශිරයකට පැමිණියා වගේ ඔබට පෙනී යනවා - පාරාදීසයෙන් පොළෝ තලයට, ස්වර්ගයෙන් නරකාවාටයට පහත් වුණා වගේ පෙනී යනවා! මෙය තොල ගා බලන්න, මගේ ප්‍රිය ආගන්තුකය,- මෙය තොල ගා බලන්න!"

මේ ආරාධනයට ෆ්‍රාන්ස් ගේ එකම පිළිතුර වුයේ ඒ අද්භූත ජනක රසායනයෙන් තම සංග්‍රාහකයා අනුභව කළ ප්‍රමාණය තරම් ම ප්‍රමාණයක් තමාද ගෙන මුවෙහි තබා ගැනීමය.   " මොන යක්ෂයෙක්ද!" යි ඒ දිව්‍යමය මෝදකය ගිල දැමීමෙන් පසුව ඔහු පැවසීය.    " මම දන්නෙ නෑ මේකෙ ප්‍රතිඵලය ඔබ විස්තර කළ විදියටම ප්‍රසන්න වේවිද කියලා. නමුත් ඔබ කියන තරම් මේ ද්‍රව්‍යය රස පුර්ණ බවක් මට නම් දැනෙන්නෙ නෑ."

"එහෙම නොදැනෙන්නෙ ඔබේ තල්ල ඔය ද්‍රව්‍යයේ උතුම් තත්ත්වයට ඔබින අන්දමට හැඩ ගැහිලා නැති නිසා; මෙන්න මේක මට කියන්න, දැන් ඔබ ඉතාමත් ප්‍රියකරන මුහුදු බෙල්ලන්, තේ, පෝටර්, බීර, ට්‍රෆ්ල් පැළෑටි ආදී නානා විධ ආහාර වර්ග ඔබ මුලින්ම අනුභව කළ අවස්ථාවේ දී ඔබ ඒවාට ආශාවක් දැක්වූවාද කියලා?    රෝමකයන් උන් කෑ වළි කුකුලන් ජතුක පුරවා කෑ බවත් චීනුන් වැහි ලිහිණින්ගේ කූඩු ආහාරයට ගත් බවත් ඔබට විශ්වාස කරන්න පුලුවන්ද? බෑ! හොඳයි, අන්න ඒ වගෙ තමයි මේ කංසාත්. සුමානයක් මේක කන්න, එතකොට ඔබට දැන් නීරස, ඔක්කාරය කරවන මේ දේ තරම් රසවත් දෙයක් මුළු ලෝකයේම නැහැ යි කියලා වැටහිලා යාවි.  දැන් ඉතින් යමු අපි මේ පැත්තකින් තියෙන අනිත් කාමරේට.   - ඒක ඔබේ කාමරේ - අලි අපිට කෝපිත් දුම් පයිප්පත් අරගෙන ඒවි."

මොන්ත ක්‍රිස්තෝ  සිටුවරයා මහත් අභිරුචියකින් වර්ණනා කළ හා ඔවුන් දෙදෙනා අනුභව කළ ඒ රසායනය ගැන ඔබ කුමක් සිතුවත් මගේ පුද්ගලික අදහස නම් ඔවුන් කෑවේ මදන මෝදක රසායනයක් බවය.   ඒ එසේනම් මදන මෝදකයේ ඉතිහාසය අප සිතනවාට වඩා ඈතට දිවයනවා යැයි කල්පනා කළ හැක.   මන්දයත් ඩූමා රචනා කළ පොත්වල කල්පිත කථාන්තර අතරේ කියැවෙන ස්ථාන, රථ වාහන, කෑම බීම ආදී විස්තර සියල්ලම ඔහුගේ සත්‍ය අත්දැකීම් නිසාය.

අපි කතාව පටන්ගත්තේ කෝපි වලින් නිසා තවත් කෝපි කතාවක් කියන්නට සිතේ. මෙයත් ආරම්භ වෙන්නේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාත් ෆ්‍රාන්සුත් කෝපි බොන තැනින්ය.

" අලි කෝපි පානය රැගෙන ආවේය.

" කොහොමද ඔබ කෝපි බොන්නෙ?" අමුත්තා පිළිවිසීය. "ප්‍රන්ස විදියටද තුර්කි විදියටද ? සැරටද බාලටද? සීනි දාලා ද නොදාලා ද? උණු උණුවේ ද සීතලට ද? ඔබට කැමති හැටියකට දෙන්න පුළුවන්. ඕන විදියකට සූදානම් කරලා යි තියෙන්නෙ."

"මම තුර්කි විදියට බොන්නම්," යි ෆ්‍රාන්ස් පිළිතුරු දුන්නේය."

තුර්කි විදියට කිරිත් සීනිත් දමා හදන කෝපි වලට වඩා මම බොන්නට කැමති වුණේ සීනි නොදා පිළිගන්වන අරාබි කළු කෝපි බොන්නටය.  අරාබි ක්‍රමයට හදන කෝපි තිත්ත වුවත් කැපුචිනෝ තරම්ම තිත්ත නැත.  බොහෝ අවස්ථාවලදී අපට අරාබි කෝපි බොන්නට ලැබෙන්නේ ඕමාන් හි මස්කට් ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මන්දිරයේදීය.   අරාබි කෝපි කුඩුකරද්දී කරදමුංගු මිශ්‍ර කරන අතර කෝපි හදද්දී රෝස වතුර හා සැෆ්රොන් ටිකක්ද මුසු කරන බැවින් කෝපිවල ඇත්තේ තිත්ත මිශ්‍ර අමුතුම මිහිරි රසකි.   දිග හොටක් ඇති දිළිසෙන පෝච්චිවල දමා ගෙන එන කෝපි පිළිගන්වන්නේ අඬු නොමැති කුඩා පිඟන්මැටි කෝප්ප වලටය.    

කෝපි දෙන්නට පෙර දුඹුරු පැහැති දිගැටි පැණි බේරෙන අලුත්ම රටඉඳි කෑමට ලැබේ.   රටඉඳි එකක් දෙකක් හෝ ඇති තරමක් කෑමෙන් පසු එතැනම තබා ඇති වතුර භාජනයෙන් ඇඟිලි සෝදා පිසගත් විට කෝප්පය අතට දී කෝපි ඉතා ස්වල්පයක් වක්කරති.    කෝපි ටික බී අවසානයේ හිස් කෝප්පය නිකම්ම අතේ තබාගෙන සිටියොත් ආයෙම කෝපි ටිකක් ලැබේ.  කෝපි බීවා ප්‍රමාණවත් නම් අතේ තියෙන කෝප්පය ඇඟිලිවලින් එහාට මෙහාට සෙලවිය යුතුය, නොසොල්වා ඉන්න තුරුම සංග්‍රාහකයා නොකඩවා කෝපි වක්කරයි.    මේ කෝපිවල සැබෑ රසය දැනෙන්නේ එයට දිව හුරුවුණු පසු බැවින් සාමාන්‍යයෙන් එක් වතාවක් එන අමුත්තන්ට මේ මිහිරි පානයේ සැබෑ රසය විඳගන්නට නොලැබේ.   එහෙත් නිතරම පාහේ විශේෂ අමුත්තන් පිළිගන්නට යන මම මේ කෝපි පානය බොහෝ වාරයක් රසවිඳ ඇත්තෙමි.   අරාබි කෝපිවල යම්කිසි වාජීකරණ ගුණයක් ඇතැයි කොච්චියා ද කොහෙද මට කියා තිබුණත් ඒ කතාවේ ඇත්ත නැත්ත මම නොදත්තෙමි෴

51 comments:

  1. හොඳ පඳුරක් අහුවෙලා

    ReplyDelete
  2. හන්තානේ ගෙදර තිබ්බ දවස් වල උයන්න හිටපු කෙනා "වයිල්ඩ් කොෆි" හදලා දුන්නා .... අදටත් ඒ සුමිහිරි රස මතකය .

    ReplyDelete
    Replies
    1. සුමිහිරි අතීත මතකය.

      Delete
    2. ඔව් ... අය්යේ .

      සුමිහිරි මතක

      Delete
  3. කෝපි ගැණ නොදත් දෙයක් කියෙව්වෙමි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අද කයි නැතෙයි?

      Delete
    2. කෝපි ගැන ලියනවනං තව බොහෝ දේ ලිවිය හැක.

      Delete
  4. නාරායන්ට වඩා කෝපි රසයි වගේ.

    බණ්ඩයිය ගුලියටත් සෑහෙන අතීතයක් තියෙනව බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කෝපි රසයි.

      Delete
  5. Replies
    1. දෙනව දෙනව ටිකක් ඉවසල ඉඳින්.

      Delete
  6. බ්‍රැන්ඩි ස්වල්පයක් මුසු කළ කිරි කෝපී මිස්ටර් සැමසන්ගෙත් (තාත්තා) මගෙත් ප්‍රියතම පානයකි. මේ දිනවල නැවත් කෝපි වෙත මාරු වී ඒ අමා රසය විඳිමි.

    කෝපි වල රසයත්
    එහි ඇති මනා ගුණයත්
    කෝපි බොන්නෝ මිසක්
    තේ ගහනා උන් නොදනි කවදත්

    ReplyDelete
    Replies
    1. මමත් මේ දිනවල ඒ සුමිහිරි පානයේ රස විඳිමි.

      Delete
  7. හැන්ද හිටවන්න පුලුවන් තරම් (:-D )ස්ට්‍රෝන් ටර්කිශ් කෝපි හදනව නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ කෝපි වලට ඝනැති ක්‍රීම් මිශ්‍ර කිරීමෙනි.

      Delete
  8. කෝපි මගෙත් ප්‍රියතම පානය... ඒ වගේම කැමතිම මාතෘකාවක්. ඒත් කෝ දැන් නාරායන්

    ReplyDelete
    Replies
    1. නාරායන් මළා නොවැ. ඔය උඩ කියල තියෙන්නෙ.

      Delete
  9. රටඉඳිත් එක්ක තේ බිව්වාට රටඉඳි එක්ක කොපි බොන්න නුහුරුයි වගේ.

    ReplyDelete
    Replies
    1. පහුගිය සතියේ මම බිවුවේ ඒ විදියට. නෙස්කැෆේ එක්ක කොෆී මේට් දාලා දිය කරළා, රට ඉඳි එක්ක. මාර ගතියක් තියෙන්නේ. ඒ වගේම තමයි කිතුල් හකුරුත් එක්ක.

      Delete
    2. පුරුදු උනාම බොහොම මිහිරියි.

      Delete
  10. අරාබි කෝපි මුල් වතාවේ බල්ලෙක්ටවත් බොන්ඩ බැරියැයි සිතුනත් සම්ප්‍රදායික දෙවෙනි තුන්වෙනි වටයේදී ඉතාම මිහිරි රසයක් දනවයි..

    ReplyDelete
    Replies
    1. අන්න තේරුණා. දිගටම බීල බලන්න ඕන.

      Delete
  11. හැලපෙව කියවලා ගියාට කොමන්ට් කරන්න වුනේම නෑ නෙව.
    කම්මැලිකම තමයි ඉතින් වෙන මොකක්ද!
    ටර්කිශ් කොෆී මගෙත් ප්‍රියතම බීමක්. මේ ළඟදිත් ඉස්තාන්බුල් වලදි එකින් එකට කෝපි බීලා ආවේ. ඒ කෝපි කතා මාත් ලියන්න ඕනේ.
    දැන් හැලපේගේ , නොනාගේ අසනීප තත්වයන් හොඳයිද?
    ඉක්මන් සුව එහෙම නොවේ නම්!

    ReplyDelete
    Replies
    1. ප්ෂ්ෂ්ෂ් . නෝන හාමු ඉස්තාන්බුල් නයි හාමි කෙනෙක් වඩම්මලා. වැඩියෙන් කෝපි බිව්වට වරදක් නෑ හැබැයි උදේ පැය තුන හමාරක් ලැට් එකේ ඉන්න එකයි අමාරු.ඉස්තාන්බුල් කෝපි නම් එහෙම නැතුව ඇති.

      Delete
    2. ටර්කිෂ් කෝපි වර්ග කීපයක් තියෙනව නොවැ.
      නෝනාගේ අසනීප තත්ත්වය දැන් ගොඩක්ම හොඳයි. විවේකයෙන් ඉන්නවා. ස්තුතියි රංගි.

      Delete
  12. Replies
    1. ඔය කොම්පියුටර් අයි පි එකෙන් ඇනොලා හොයපු උඹලා වගේ බ්ලොග් ලියලා ඇනො අල්ලපු ගොන් හැත්තට පුළුවන් නෙ බන් ඔය වැඩේ කරන්න වීඩියෝ ක්ලිප් එක දාපු එකා හොයාගන්න CID එවුන් මොකටද උන් පස්සේ යන්නේ. උඹ එක හොයලා කරලා ප්‍රසිද්ද කරලා මන් බ්ලොග් ලොවේ CID , GIG කියලා , " හා " කියලා කරලම පෙන්වපන් උඹ ප "කින්" පොරනේ ලක් දෙරණේ !!!



      ඒ පොන්නයෝ ටික අල්ලලා හෙලි කරලා කරන්න ඕන ඔක්කොම කරා නේ

      ඉතින් ඒකට උඹේ පුකේ ඉත්තෑවෝ ඔබා ගන්න එපා

      ඉතින් ඒකට උඹේ පුකේ ඉත්තෑවෝ ඔබා ගත්තද ?

      Delete
    2. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේත් උදේ පානය කෝපි.

      Delete
  13. කෝ දැන් නාරායන්ගේ මල්ලිගේ කතාව ?

    ReplyDelete
  14. //අරාබි කෝපිවල යම්කිසි වාජීකරණ ගුණයක් ඇතැයි කොච්චියා ද කොහෙද මට කියා තිබුණත් ඒ කතාවේ ඇත්ත නැත්ත මම නොදත්තෙමි//

    දැන් ඉතින් වයසයිනෙ.... ?

    ReplyDelete
    Replies
    1. චෙක් කරන්න ගියෙ නෑ.ඒකයි.

      Delete
  15. අපි නං ගමනක් යද්දි අතරමග කඩවලින් කෑමක් කෑවොත් කෝපි බොන්නේ බඩ ගැන විස්සාස නැති කමටය.

    ReplyDelete
    Replies
    1. ප්‍රිකොෂනරි ස්ටෙප්ස්.

      Delete
  16. මේකේ ඇති නාරායන් කෙනෙක් නෑ කියළා මට දැනුනේ මාතෘකාව දැක්ක ගමන්. ඒක හරියට මාළුපාන් වල මාළු නෑ වගේ. හැලපෙගේ බ්ලොග් එකේ මාතෘකාවේ තියෙන දේවල් අන්තර්ගතේ නෑ. ඒ වුණාට කෝපි ගැන ලිවුවනේ. ඒ මදැයි.

    ReplyDelete
    Replies
    1. නාරයනුත් නැත්තෙම නෑ නේද?

      Delete
  17. කෝපි රසවත් පානයක් . හැබැයි හැමෝටම එකම විදියට භාවිතා කරන්න බෑ. ප්‍රතිඵල වෙනස් වෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ රුචිය සහ ශරීර අනුව.

      Delete
  18. තේ කෝපි කෝ යකෝ......?

    ReplyDelete
    Replies
    1. තේ නෑනෙ, කෝපි ටිකක් තමා.

      Delete
  19. මමත් කෝපි වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ.. එක එක රටවල කොපි වර්ග බීල බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. විවිධ රසයන් සොයා ගන්න පුළුවනි.

      Delete
  20. මොන්ත ක්‍රිස්තො පොතේ මම ආසම කොටස් වලින් එකක් තමයි ඔය. අර එයිට ටිකකට කලිං ෆ්‍රාන්ස් දෙ'පිනේ කළුවරේ මොන්ත්‍ර ක්‍රිස්තෝ දූපතට බෝට්ටුවකිං එන අවස්ථාවත් ඒ වගේ. අනික තමයි රෝමයේ මහා සැනකෙළිය. ඔය ඔක්කොම තියෙන්නෙ දෙවෙනි වෙළුමෙ නේද? මට මතක හැටියට තුං වෙනි වෙළුමෙ වෙන්න ඕනෙ තියෙන්නෙ අර ක්වෙස්නෙල් දෙ'පිනේයි නොවාතියෙරුයි ද්වන්ද සටන. ඒක තමයි ඊළඟට මම කැමතිම කොටස

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටස ඉවර වෙන්නේ රෝමයේ මහා සැණකෙළිය ලඟින්. ද්වන්දව සටන එළියට එන්නෙ විල්පෝර් දුවව ප්‍රාන්ස් ට බන්දල දෙන්න යද්දී ඒක නවත්වන්න නොවාතියර් උත්සාහ කරද්දී.

      Delete
  21. මේක කියවලා ආපහු මොන්ත ක්‍රිස්තෝ බලන්න පටන් ගන්න අාසාවක් ඇති වුණා - ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කී වතාවක් හරි ආසාවෙන් බලන්න පුළුවන් පොත් ටිකක්.

      Delete
  22. ආපි මෙමා හැලපයියගෙ කඩේ වෙත
    කාපි පොළොස් කිව්වලු කෝ හැලප නැත
    කෝපි බිබී සතුටක් අරගත්තෙ ගත
    දාපි මෙහෙම කවියක් මට යන්න හිත.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවියත් කෝපි වගේම රහයි දුමී.
      ජයවේවා!!

      Delete
  23. මොන්ත ක්‍රිස්තෝ පොත අවුරුදු ගානකට කලින් බැලුවේ,ආපහු හොයා ගන්න ඕනි.කෝපි බොන්න මමත් ආසයි.ගොඩක් කරුණු දැනගත්තා නොදැන සිටි.ස්තුතියි අයියේ

    ReplyDelete
  24. මොන්ත ක්‍රිස්තෝ කොටස් සියල්ලම දැන් ගන්න තියෙනවා. පැමිණීම ගැන ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස්