Monday, December 26, 2016

සිහිල් සුළං රැල්ල, අප්සරා හෝටලය, රංජිගේ රේස් බුකිය සහ කොච්චියාගේ නත්තල් සාදය.


අවුරුද්දේ අවසන් මාසයේ අවසන් දින කීපයද වේගයෙන් ගෙවීයමින් පවතී.    වැලිකතරේ මේ දිනවල සීතල නොඅඩුව ඇතත් ලංකාවේ මෙන් සිත කිතිකවමින් ගත දැවටෙන සිහිල් සුළං රැළි පහස නොලැබීම දනවන්නේ අඩුවකි.     අපේ රටේ නම් දෙසැම්බරයේදී  ගත දැවටෙන සිහිල් සුළං මා අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගෙනගොස්  අත හරින්නේ හරි අපූරු තැනකය.   එනම් රාගම නිව් ජෙම් සිනමාහල ඉදිරිපිට පාරේ ඇති කන්ද උඩටය.     ඉස්පිරිතාලයේ වැඩ ඇරී එන අපි එතන පාර අයිනේ ඇති අප්සරා හෝටලයෙන් එළවළු රොටී කා තේ බීම නොවරදවාම කරන කටයුත්තකි.   කඩෙන් කා බී එළියට එන අපි කන්ද බැසගෙන රාගම දුම්රියපොළට පියමනින්නේ හවස පහයි හතළිහේ කෝච්චිය අල්ලා ගන්නටය.   නත්තලේ පවන් රැළි ගත දැවටෙන්නේ  ඒ වෙලාවටය.    අපි කියා කිව්වේ මමත්,ගුණේත්,චන්දරේත්,ඩේවිඩ්,සරත් හා විජේසිරිටත්ය.    අපිත් එක්ක කඩවල රස්තියාදු ගහන්නට කැමැත්තක් නොමැති කෙල්ලන් දෙතුන් දෙනා කළින් කෝච්චියේ ගෙදර යන්නට යති.    රාගම ටවුමේ එදත් අදත් තේ කඩවලට පසුව වැඩියම ඇත්තේ රේස් බුකි බව මගේ විශ්වාසයයි.   ඒ කාලයේ රේස් බුකි වූ තැන් අද රේස් බයි රේස් පොළවල්ය.   ඉස්පිරිතාලේ අපිත් එක්ක වැඩකරපු සොයිසාගේ අයියාත් රේස් බුකියක් කළේ රාගම දැන් තියෙන ගුවන් පාලම පටන් ගන්නා තැනට පොඩ්ඩක් එහායින් පාර අයිනේය.   ඒ කාලේ ගුවන් පාලමක් හදන්නට හිතලාවත් නැති නිසා නිතරම වැහෙන රේල් ගේට්ටුවට හසුවන වාහන පෝලිම මේ පැත්තෙන් පල්ලිය හරියටද ඒ පැත්තෙන් රාගම ඉස්පිරිතාලය හරියටද දික්වී තිබීම සාමාන්‍ය දෙයකි.    කෝච්චියට වෙලාව ලංවන තුරු අපි සොයිසාගේ අයියගේ රේස් බුකියට වී කාලය ගතකරමු.     අද ලංකාවේ රේස් ව්‍යාපාරය සුමතිපාල මුදලාලි ගේ ස්පෝටින් ස්ටාර් තනි සම්බුද්දියට අයිති කරගෙන තිබුණත් ඒ කාලයේ ස්පෝටින් ටයිම්ස් කියාද රේස් ව්‍යාපාරයක් ස්පෝටින් ස්ටාර් සමග තරඟයට කරගෙන ගියා මට මතකය.

සොයිසා ගේ අයියාගේ බුකියද ස්පෝටින් ස්ටාර් බුකියකි.    ඌ උදේට දිනුම් තියෙන ටික දෙනාට දිනපු මුදල් ලබාදී රේස් කොලය කියවමින් වැඩ පටන් ගනී.    ඕලෝන් දාන්නට රේස් සුදු කාරයින් එන්නේ හවසටය.   සොයිසාගේ අයියා ළඟ මාස ගාණක රේස් පත්තර එකතුවක් තිබේ.  ඌ ඒ සියල්ලම දිග ඇරගෙන එදාට දුවන අස්සයන්ගේ පැටිකිරිය හොයන්නට පටන් ගනී.    ඔහු රේස් දුවන අස්සයන්ගේ දෙමාපියන්, අස්සයා කලින් දිනු රේස් ගණන, එවෙලේ නැග්ග ජොකියා, එදා අස්සයා පිට පටවා තිබු බර, මෙදා නගින ජොකියා කවුරුන්ද යන්න ආදී වශයෙන් මෙකි නොකී දේවල් සියල්ලම සළකා බලා  හවසට ඕලෝන් චිට් එක දමන්නට අස්සයන් කීප දෙනෙක් තෝරා ගනී.    කොපමණ නිමිති බලා අස්සයන් තෝරාගෙන ඔට්ටුව දැම්මත් පහුවදාට උන් ඔක්කොම නෝ වෙයාර්ය.    දිනා ඇත්තේ හිතුවෙවත් නැති අහක හිටපු අප්සෙට් අස්සයන්ය මුන් දිනයි කියා මම නිකමට වගේ කියන අස්සයන්ට ඌ සවුත්තුවට හිනාවුනත් පහුවදා බැලුකොට දිනා ඇත්තේ ඒ අස්සයන්ය.    බුකියට ඕලෝන් චිට් දාන්නට සෙනග ඇදෙන හැන්දෑ වරුවේ සොයිසාගේ අයියාට වැඩ වැඩිවේ.    ඒ වෙලාවට ඔහු බුකියෙ ඉන්නා අපිවද වැඩට අල්ලාගනී.    එන අයට ඕලෝන් චිට් ලිවීම අපට පවරා ඌ මුදල් ගණුදෙනු පටන්ගනී.

" රංජි පුතේ මෙන්න මේ අස්සයෝ තුන්දෙනාට දහයක් ගහපං!"

කවුරුන් හෝ වයසක මනුස්සයෙක් කොළේ ලකුනුකල අස්සයන් පෙන්නමින් රංජිට කියයි.

" ඔය චිට් එක මෙන්න මෙයාට කියල ලියෝගෙන වරෙන්කො රෝගුස් මාමෙ!"

රංජි මාව පෙන්වයි, ඔන්න ඔය ආකාරයට චිට් ලිවීම පටන්ගත් මට කිසි කරදරයක් නැතිව විවිධාකාර  චිට් වර්ග ලිවීමේ පරිචය ටික දිනකින්ම ලැබුණේ රංජියාගේ මග පෙන්වීමෙනි.    වින් පමණක් ඇති චිට්ද, වින් ඇන්ඩ් ප්ලේස් දෙකටම මුදල් යොදනා චිට්ද, ඩී.ටී.ඩබ්ලිව්.ඕ හෙවත් ඩබල් ට්‍රිබල් වින් ඔන්ලි චිට්ද ආදී වශයෙන් බුකියෙ භාවිතාවන විවිධ චිට් වර්ග ලිවීම මට විනෝදයක් විය.   එහෙත් ඒ වනතුරුම රේස් කොළය කියවන්නට ඉගෙන ගෙන නොසිටියෙමි.        වැලිසර ළය රෝහලේ නේවාසිකව ඉන්නා රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ගේ පහසුව පිණිස සොයිසා ජංගම බුකියක් ආරම්භ කළේ ඔය කාලයේදීය.   උදේට අයියාගේ බුකියෙන් ගන්නා රේස් පත්තර ටික වාට්ටුවල ඉන්නා රේස් අන්තුවන්ට බෙදාදෙන සොයිසා හවසට චිට්ද මුදල්ද එකතුකරගෙන රාගමට ගොස් බුකියට බාරදෙයි.    මෙතැන් සිට පෙනී පෙනීම වෙනත් පැත්තකට හැරෙන්නට සිදුවන්නේ තවත් රසවත් කතාවක් කියන්නටය.    එය වනාහි අපේ හිතවත් කොච්චියාගේ නත්තල් සාදයේ විස්තරයයි.    මා පුරාගෙන ආ කතාවේ ඉතිරිය තවත් දවසක කියන්නට තබාගෙන දැන් නත්තල් සාදයේ කතාව පටන්ගනිමි.

අපි අන්තිමට කොච්චියාගේ නිවසට ගියේ කොච්චි හාමිනේගේ උපන්දින උත්සවයටය ඒ ඔක්තෝබර් මාසයේය.    ඊට පසුව ගෙදර ඇවිත්ද සෙට් වෙමුය කියා දහ  වතාවකට වඩා කොච්චියා මට ආරාධනා කළත් මාහට තිබු වැඩ කටයුතු හේතුවෙන් ආරාධනා පිළිගන්නට නොහැකි විය.   ඒ සම්බන්ධයෙන් කොච්චියා නෝක්කාඩු කියමින් සිටි අතර නත්තල් පාටියට නම් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය කියා කළින්ම කියා සිටියේය.    වැඩිදුරටත් ඔහු කොච්චි හාමිනේටද කියා තර්ජනාත්මක ආරාධනාවක්ද ඉදිරිපත් කළේය.    වාසනාවකට මෙන් දවල් දවසේ කොච්චර වැඩ තිබුණත් නත්තල් රාත්‍රියේ වැඩ කිසිවක් නොතිබුණෙන් කරදරයක්  නැතුවම කොච්චියාගේ නිවසට යන්නට ලැබීම මට මෙන්ම හැලපිටද සතුටක් විය.   නත්තලට අවශ්‍ය කලහලමනා කොච්චියා එකතු කරන්නට ගත්තේ ඊට දින ගණනාවකට පෙර සිටය.     අප දෙදෙනාට අමතරව කොච්චි යුවළගේ ආරාධනය ලබා තවත් හත්අට දෙනෙක්ම නිවසට පැමිණ සිටියහ.   සාදයට ආ පොඩි උන් දෙන්නා අපට හුරතල් රසය නොඅඩුවම සැපයුහ.   පැමිණි අයගේ බඩකට පමණක් නොව ඇසද පිනවන්නට කොච්චි හාමිනේ සහ ඇයගේ සහායිකාවන් දෙතුන් දෙනා සාර්ථක උත්සාහයක් දරා තිබුණි.   මා කියනවාට වඩා ඒවා ඔබටම දැක බලාගන්නට මෙතැන් සිට සාදයේ පිංතුර ටික ඉදිරිපත් කරමි.    සාදය පටන් ගත්තේ ඩෙට් කේක් හා අයිසිං තැවරූ ෆෘට් කේක් සමග ෆෘට් කොක්ටේලයකිනි.
ඉන්පසුව කන්නට දුන්නෙ හැම් සමග බැටළුමස් මිශ්‍රකර ඇතුළට දමා සාදා තිබු මෆින්ය.   පෘට් කොක්ටේලයට එහායින් ඇත්තේ ක්රේන්බෙරි යුෂ,ඉඟුරු යුෂ සමග ලෙමන් යුෂ සහ ස්ට්‍රෝබෙරි යුෂට බොම්බේ සෆාරි ඩ්‍රයිජින් මුසුකර සෑදු විශේෂ කොක්ටේලයයි.   එයනම් මිහිරිම පානයකි කික් එකද අඩුවක් නොමැතිව හොඳින් තිබුණි.     ටිකක් වෙලා කොක්ටේල් පානය කළ පසු හයි කොමිෂනර් බෝතලයක්ද ලැබුණේ තවත් වැඩිපුර කික් එකක් අවශ්‍ය අයටය.   කොච්චියා කොක්ටේල් වීදුරු තුන හතරක් ළඟ ළඟ නවාගත්තේ එහි ඇති මිහිරි රසය නිසාමය.   අප අතර ඇතිවූ කතාවට මුලික වුයේ බ්ලොග් ලිවීමේදී ඇතිවන ඩොමැස්ටික් සෙන්සර් ය.  කොච්චි හාමිනේත් හැලපිත් දෙදනාම ළඟ සිටි නිසා මේ කතාබහ බෙහෙවින් රසවත් වූ බවත් ගෑනුන් අපි දෙන්නාගේම රෙදි ගලවන්නට සමත්වූ බවත් කීවාට වරදක් නැත.   රාත්‍රී කෑම මේසයේ පළහන ලද ටර්කියෙක් සහ බැටළු ගාතයක් තිබුණේ ප්‍රෝන් රයිස් සමග කන්නටය.තව තවත් ජාති බොහොමයක් තිබුණත් විස්තර කරන්නට නොයන්නේ පිංතුර වලින් බලාගත හැකි බැවිනි.
මේ පින්තුරය පසුබිමේ සිටින්නේ කොච්චියා ය.
තවත් පිංතුර බොහොමයක් ඇතත් ඒවායේ අප පෙනී සිටින බැවින් පළ නොකරන්නේ කොච්චියාගේ ඉල්ලීම පරිදිය.   රාත්‍රී ආහාරය ගෙන ගෙදර ආ බව මට මතක තිබුණත් කොච්චියා උදේ කතාකර මගෙන් ඇහුවේ හොඳින් ගෙදරට ළඟාවූනාද කියලාය.   මධ්‍යම රාත්‍රිය ලඟාවන විට කොච්චියාගේ ගෙදර පහළ පාමසියේ ඉන්නා ඩොක්ටෝර් හෙවත් ජානි බායි සාදයට පැමිණියේය.   ඔහුටද කොක්ටේල් පානය බොහෝ රසවත් වූ බව පෙනුණි.    ඉතිං කොච්චියාගේ නත්තල් සාදයේ තොරතුරු දැනට ඔපමණය.    තව විස්තර අවශ්‍යනම් ලබන අවුරුද්දේ පමණ සලකා බලන්නට පුළුවන.    එතෙක් උදාවුණු නත්තල සහ උදාවෙන 2017 නව වසර ඔබ සියලු දෙනාටම දුකෙන් තොර සැපෙන් බර සියලු පැතුම් ඉටුවන වැඩි වැඩියෙන් බ්ලොග් ලියැවෙන බ්ලොග් වලි අඩුවන සුබම සුබ නව වසරක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා වන මමද හැලපිය සහ හැල පැට්ටාත්ය෴

75 comments:

  1. හැලප පවුලටම සුබ අලුත් අවුරුද්දක්ම වේවා.
    අර රවි කියන පිස්සු හුටංව දැක්කොත් අන්න ඌටත් කියහං ඌට සහ උගේ පවුලටත් අවුරුද්ද සුබම වේවා කියල හිටං.
    - කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඇයි බොල පොලොස් කොට්ටෝරුවො, හැලපෙ අත පණිවිඩ එවන වෙලාවෙ බොගෙ කටේ ගෙඩි දායිද කෙලිම්ම මට ඇවිල්ල කිව්වනං සුබ නව වසරක්ය කියල...

      Delete
    2. මේ ඔය පොලොස් කොට්ටෝරුවා කියන කුරුලාගේ ෆොටෝ එකක් දාන්නකෝ රවී. මේ ළඟකදිත් මම හෙව්වා.

      Delete
    3. රංගි....පොලොස් කොට්ටෝරුවෙක් බලාගන්නම ඕන නම් රවියාගෙ සෙල්ෆි එකක් ඉල්ලගන්න. අන්න හොඳම උදාහරනේ :D

      Delete
    4. අඩෝ ඌ මාර ලස්සනයිනේ. මම හිතන් හිටියේ පොලොස් කොට්ස් මං වගේ හරි උඹ වගේ හරි කියලා.

      Delete
    5. බොහෝත් ස්තුතියි රවි මාත්තියා...
      පොලොස් කොට්ටෝරුවාට අපි කියන්නේ වෙන නමක්නේ බලාගෙන ගියාම.
      අනික මෙයාට එහෙම නම කියන එක අසාධාරණයි නෙව. මේ ලස්සන කුරුල්ලෙක් නේ.

      Delete
    6. ඒයි රවී අයියෙ. ඔය ගමංම වලවෙට්ටුවෙක්ගෙ පින්තූරෙකුත් දාන්නකො බලන්න.

      Delete
    7. ඇනෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    8. යකෝ පොළොස් කොට්ටෝරුව හරි ලස්සන කුරුල්ලෙක් නොවැ.

      Delete
  2. සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  3. හැලපයාටත් හැලපිටත් හැලපැට්ටාටත් සුබ නත්තලක් හා සුබ 2017 වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මාතලන් සහ පවුලේ සියළු දෙනාටත් සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා!!

      Delete
  4. හැලප පවුලට සුභම සුභ ජොලිබර 2017 ක් වේවා!!!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා, උඹ දැන් හැලපයියගෙන් ගුටි කනවා ඔය "භ" යන්න දාලා...
       සුබ යකෝ...සුබ

      Delete
    2. දුමින්දටත් ජොලිබර සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
    3. කටුස්,
      සුබ නං තමා හරි. කටුස්ටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  5. කෑම සමග එච්චර ඇයි හොදයියක් නැති උණත් මේ ෆොටෝ ටික දැක්කහමනම් මට මොකෝ කියන්නට බැරි උනි. ස්තරම් පාටියකි. ජය වේවා..!! 🍻

    ReplyDelete
    Replies
    1. අපි නං ඉතිං කෑම එක්කම තමා ඇයි හොඳයිය. සුබ නව වසරක් වේවා!!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔයය බුකි කොාමම්පැනි දෙකම තතවම තතියනනවා නෙන්්දද .අප්සරා හෝටලයෙ බංකොලොත් උනා අයිති කෙනාගෛ් දුව ඉන්නවවා තරමක් ආබාදිතයි....ඒ හෝ්ටලයය අයයිිති උනා නිව්ජේ්ම් කකාරරයටටම ..දැං බ්‍රවුන්ස් ඉස්්පිරිතාලෙල් තියෛයන්නේ එතන

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් දාන වෙලාවට නොබී හිටහං බං.

      Delete
    2. අටමා දැන් ගොත ගහනවද...

      Delete
    3. නත්තල් කියල ඔහොම බොන්ට එපා..කොමෙන්ට් එකක් දාගන්න පුළුවන් ගානට බිව්වම ඇති

      Delete
    4. අප්සරා හෝටලේ තිබුණු තැන දැන් හොයන්නවත් බෑ බං.

      Delete
    5. නෑ බං ලොකු පුතේ ගොත ගහන්නේ කථා කරනවනම්නේ, මේ ෂුවර් එකට නොබීපු වෙලාවක දාපු කමෙන්ට් එකක්. ඇඟිලි වෙවුලලා. එක්කෝ බත් කන ගමන් වම අතින් ගහලා.

      Delete
  8. අර අවුරුදු පහේ කොච්චි සාදය ගැන දැම්මද?? මං මේ ටිකේ හිටියෙත් නෑ.. මොනා නැතත් කොච්චියා බන්ඩි පිරෙන්න බුරි උල් වෙන්න දීල තියෙන්නේ.. හැක්.. ඕන මගුලක් වේවා

    ReplyDelete
    Replies
    1. අවුරුදු පහේ කොච්චි සාදේ මොකක්ද බං? උඹ නං දැන් පූර්ණකාලීන බුකිවාසී වෙලා නේද?

      Delete
  9. මරු පාටියක්නෙ දීල තියෙන්නෙ. අර පැත්තෙ කොච්චිය කෑම ගැන පෝස්‍ට් එකක් දාල ඒ අස්සෙ මේ පැත්තෙ මේක.

    හැලපෙ, හැලපි, හැලපැට්ටා ඇතුලු සියල්ලන්ටම වාසනාවන්ත සුබ නව වසරක් පතන්නෙමි.

    ReplyDelete
    Replies
    1. කො කා සබාපති ප්‍රසන්න ඇතුළු සිය පවුලටම සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  10. සුබ නත්තලක් පතන්නෙමි....!

    උදාවෙන 2017 නව වසර ඔබ තුමාටත් දුකෙන් තොර සැපෙන් බර සියලු පැතුම් ඉටුවන වැඩි වැඩියෙන් බ්ලොග් ලියැවෙන බ්ලොග් වලි අඩුවන සුබම සුබ නව වසරක් වේවායි පතමි..
    චියර්ස් කිව්වා එහෙනං...!

    ReplyDelete
    Replies
    1. චෙෆාටත් කම්මලේ ලෙඩේ හැදිල වගෙයි.

      Delete
    2. ඔන්න මැකුවා....හප්පා....!

      Delete
    3. 2017 ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  11. එසේම වේවා...!! එසේම වේවා..!!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයම වේවා සුබ නව වසරක් වේවා!!

      Delete
  12. අපේ සංග්‍රහ සත්කාර වලින් හැලප ජෝඩුව සතුටු වූවා නම් එය අපේත් සතුටයි...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම සතුටු උනා කිව්වොත් එය නිවැරදියි.

      Delete
  13. ස්පෝර්ටින් ටයිම්ස් රේස් කොලේ මුදලිගේ වගේ කෙනෙකුට නේද අයිතිව තිබුනේ. යු.ඩබ්.සුමතිපාල වගේම රේස් කොලයකට, තහාර්, මුක්තාර් සම්බන්දයකුත් මට මතකයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ මතකයක් තියෙනවා අරුණ. ඇයි රේස් තහනම් කාලයකුත් තිබුනනෙ නේද?

      Delete
  14. /////ඒ වෙලාවට ඔහු බුකියෙ ඉන්නා අපිවද වැඩට අල්ලාගනී.///////

    මේකත් මරු සීන් එකක්. රේස් ඔට්ටු තහනම් කාලේ, අපේ ගෙට එහා පැත්තේ හොරෙන් ඕලෝන් ගත්තා ඕලොන් තිලකේ. මට ඒ කාලෙත් පොඩියට ඉංග්‍රීසි ටිකක් ලියන්න පුලුවන් නිසා රේස් ලියන්න අල්ල ගන්නවා. හිටගෙන ලියන්නේ. පොලිසියෙන් පනින කොට දුවනවා. මම එතකොට පොඩි එකෙක්.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම කරලා තියෙන්නෙ ඒක විදියෙ වැඩ නේද බං.

      Delete
  15. හප්පා කොච්චි කියවලා හැලප කියවන්න ආවම මෙන්න මෙහෙත් කෑම.ඇස පිනන දිව පිනන කෑම වේලක් පාටයි. මගේනම් වැඩිපුර මනාපය ඔය උඩම තියෙන පින්තූරේ පෙරල ගෙන කන්ඩයි.ඉතින් උදාවෙන නව වසර හැලප පවුලටම සුබම සුබ වේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් දරු පවුලටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  16. හැලපයාටත් හැලපිටත් හැලපැට්ටාටත් සුබම සුබ නත්තලක් සහ නව වසරක් වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  17. මේ බඩගිනි වෙලාවේ මේවා කියවලා බඩත් සෝස් ගෑවා බොල! ශ්‍රී සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. නාඩියාටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  18. හැලප පවුලට සුබ නත්තලක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා සහ පවුලට සුබ නව වසරක් වේවා!!!

      Delete
  19. නියම පාටියක්නේ. කෑම දැකලා බඩගිනිත් හැදුනා.
    මුලු හැලප පවුලටම නව වසර ජයෙන් ජයම වේවා කියලා කොළොම්පුරෙන් ආසිරි පතනවා..............

    ReplyDelete
    Replies
    1. එළඹුණු නව වසර ඔබටත් ජයෙන් ජයම වේවා!!

      Delete
  20. පාටිය නම් සුපිරි වගේ. කරදරයක් නැතිව ගෙදර ආව එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. කිසි කරදරයක් උනේ නෑ.සුබ නව වසරක් වේවා!!

      Delete
  21. සරු පාටියක් නෙවැ
    පහු උනත් හැපි නත්තලක් වෙව්වා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  22. හැලපයාටත් හැලපීටත් හැලපැට්ටාටත් සුබම සුබ නත්තලක් හා නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  23. කොච්ච්ලාත් එක්ක ගත්ත ෆන් එක නැගලා ගිහින් වගේ. ඒකනේ අස්සයෝ ටිකත් දක්කගෙන කොච්චි ක්‍රිස්මස් එක ගැන ලියන්නේ. උඹලා ඔක්කොටම වලියෙන් තොර සතුටින් පිරි කූල් සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. උඹටත් වලින් තොර සුබ නව වසරක් වේවා!!

      Delete
  24. මට නම් ඔය තුණ්ඩු දාන වැඩේ තේරෙන්නේ නැහැනේ.කොයි හැටි වෙතත් හැලපයිලාට සිහිල් සුළං රැල් හමා යන නත්තල් කාලේ ඔය දීලා තියෙන්නේ හොඳ සැර කෑමක්.

    හැලපයියා ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. මනෝජ් යුවළටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  25. සියලු දෙනාටම සුබ නව වසරක් වේවා හැලපතුමෝ...කතන්දරෙත් වෙනද වගේම රහයි ....

    ReplyDelete
    Replies
    1. ඔබ පවුලටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  26. 2017 හැලප පවුලටම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සිය පවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  27. දවස් දහයකට පස්සේ ඔන්න හැලප පවුලට සුභ නව වසරක් වේවා කියල පතනවා...

    එළවලු රොටි සමග ප්ලේන්ටී මතක් කිරීම සම්භන්ධව හැලපයාට මාගේ බලවත් කේන්තිය පුදකරන්න කැමතියි..

    මේ පින්තූරේ ගෙඩි වගේ තියෙන්නේ ගුලාබ් ජමූන් ද හැලප අයියේ... ඔන්න බලමුකෝ වැඩේ... ගිය සති අන්තේ ඉන්දියන් බුෆේ එකකට රිංගල බඩ පැලෙන්න කෑවා.. මේ පින්තුරේ දැක්කම තමා මතක්වුනේ යකඩෝ ඩෙසර්ට් කෑවේ නෑ නේද කියල.. ඔය වගේම ලස්සන්නම ලස්සන පැණි බේරෙන ගුලාබ් ජමූන් තිබ්බ බන්..

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා!!
      ගුලාබ් ජමුන් නම් මතක් වෙනකොටත් කට දිව තෙමෙනවා.

      Delete
  28. Veri nice biutifull post. Halapa frend this nice tast food i see my mouth spit come and wet. Thank lots to you put post.

    ReplyDelete
  29. පඳුරින් බර සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete

ඔබේ අදහස්