විටෙක මැයිගස්,රොබරෝසියා,කනේරු ඈ තව තවත් නම් නොදත් විවිධාකාර ගස්වල මලින් සැරසෙන රෝහල් භූමිය සිහින ලොවක් බඳු විය. මේ කාලයේ දී රෝහල් භූමියේ පිහිටා ඇති එන් ටී එස් හෙවත් හෙද පුහුණු පාඨශාලාවේ නේවාසිකව ඉගෙන ගන්නා තරුණියන් රෝහල් භූමියේ අලංකාරයෙන් මුසපත්වී කවිද නිසඳැස්ද ලියන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි.
සමහරුන් නම් නොදත් මල්ගස්වල නම් අපෙන් ඇසුවිට ඒ හැම එකටම අප දෙන පොදු පිළිතුරක් වුයේ ඒ කිටරම්බා ගසක් කියාය. ටිකක් වෙලා ගෙන වචනයේ තේරුම වටහාගන්නා ඔවුන් බොහෝවිට අප සමගම සිනහසෙමින් එය රසවිඳිති. දකුණු ආසියාකරයේ රටවල් බොහොමයක ව්‍යාප්ත වී තිබු ක්‍ෂය රෝගය බී සී ජී එන්නත සොයාගන්නට පෙර නියත වශයෙන්ම මාරාන්තික රෝගයක් විය. ඒ හේතුවෙන්ම එකල ළය රෝහලේ වැඩකරන්නට සේවකයන් සොයාගැනීම රෝහල් පාලනයට විශාල ප්‍රශ්නයක් වී තිබු බව අසා ඇත්තෙමි. එකළ රෝහල් පාලකයන් පාරේ යන අයට අප්පුඩි ගසා කතාකර රෝහලේ සේවයට බඳවාගෙන තිබුණි යැයි කතාවක්ද පැතිර තිබුණි. වයෝවෘද්ධ උපස්ථායකයින් රෝහල් කොරිඩෝවේ ගමන් කරද්දී සමහරු අප්පුඩි ගසා සැඟවී බලා සිටියේ ඔවුන්ගේ කුණුහරුප අසාගන්නටය. රෝගයට අවශ්‍ය ප්‍රතිකාර නොමඳව තිබු සහ රෝගය ඉතා හොඳින් පාලනය කර තිබු අප සේවය කළ වකවානුවේ පවා සතියකට මරණ තුන හතරක් වාර්තාවීම සාමාන්‍ය තත්වයක් වීම තුළ ප්‍රතිකාර නොමැති කාලයක මරණ කෙතරම් වී දැයි සිතාගත හැකිය.
රෝගයට බිය වුවොත් රෝගය වැළඳීමේ ප්‍රවනතාව වැඩි බව අප අසා තිබුණා මෙන්ම අපව දැනුවත් කර තිබුනේද රෝගයට හෝ රෝගීන්ට බිය නොවී හොඳට බඩ පිරෙන්නට කෑම කා තම රාජකාරිය කරන ලෙසටය. කෙසේ වුවද අපට රෝගයට බියවන්නට හේතුවක් හෝ වේලාවක් නොතිබූ අතර අසරණ රෝගීන් වෙනුවෙන් අපට කරන්නට තිබු රාජකාරි නොවලහා ඉටුකළෙමු. රෝගීන් වෙනුවෙන් කළ කී දෑ වෙන් වශයෙන් කියා පෑම අනවශ්‍ය වුවත් රෝගීන්ට පිහිටවීම හේතුවෙන් සිතේ හටගත් ආශ්වාදය අදටද ජීවිතයට මහත් ආශීර්වාදයක් වී ඇතිබව මෙහිදී සටහන් කළ යුතුමය. කෙසේ වුවද අද දවසේ මේ රෝගය කෙතරම් පාලනය කර ඇද්දැයි කිවහොත් දැන් ක්‍ෂය රෝගය යන නම පවා භාවිතයෙන් ඉවත්ව ඇත. එකළ වෙන් වශයෙන් තිබු ළය රෝහල් දැන් සාමාන්‍ය රෝහල් බවට පත්වී හැම රෝගයකටම ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය වී ඇත. ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය ස්වසන රෝග මර්දන ව්‍යාපාරය බවට පත්වී ක්‍ෂය රෝගය ස්වසන රෝගයක් ලෙස ලඝුවී ඇත.
එකළ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය ඩීන්ස් පාරේ පිහිටා තිබුණු අතර ප්‍රධාන වශයෙන් ළය රෝහල් තුනක් විය. ඒවා වැලිසර,කඳාන හෙවත් ආනියාකන්ද සහ කන්කසන්තුරේ පිහිටා තිබුණි. ඊට අමතරව හැම දිස්ත්‍රික්කයකටම එක බැගින් ළය චිකිත්සාගාර පිහිටුවා තිබු අතර ඒ ඒ දිස්ත්‍රික්කවල රෝහල්වලට සම්බන්ධව පිහිටුවා තිබු මේවායේ පරිපාලනය සිදුවුයේ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයෙනි. මා මුලින්ම කොළඹ ළය චිකිත්සාගාරයේත් ඊළඟට වැලිසර ළය රෝහලේත් ඉන්පසුව ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේත් සේවය කර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ගියෙමි.
අප වැලිසර ළය රෝහලේ සේවය කළ කාලයේ රෝහල අද තරම් නවීන හෙවත් පොෂ් එකක් නොවීය. මුළු අක්කර පනස් ගණනක් පුරා තිබු රෝහල්වත්ත වටේ ගසා තිබු කටුකම්බි වැට හැමතැනින්ම කැඩී බිඳී තිබුණු අතර වැට අයිනේ පෝලිමට තේ කඩද පෙට්ටි කඩද පැටව් ගසා තිබුණ අතර ඒවායේ ඉලක්ක පාරිභෝගිකයින් වුයේ රෝහලේ සිටින රෝගීන්ය. සාමාන්‍ය රෝහලක දින කීපයකට නේවාසිකව සිටින රෝගීන් රෝහලෙන් දෙන කෑම වේල කෑමට නොගත්තත් වැලිසර ළය රෝහලේ නේවාසිකව සිටින රෝගීන් තුන් වේලම කෑමට ගත්තේ රෝහල් මුළුතැන් ගෙයින් ලබාදෙන ආහාරයය. මුළුතැන් ගෙයි සේවය කරන අරක්කැමියන් රෝගීන්ට ලබාදෙන ආහාර වේල කෑමට ප්‍රිය ආකාරයට රසවත්ව පිසුවේ මාස හය හත හෝ අවුරුද්ද ප්‍රතිකාර ගනිමින් නේවාසිකව සිටින ලෙඩුන්ට සැමදිනම ගෙදරින් ආහාරපාන නොලැබෙන නිසාය.
රෝගීන්ට උදේ ආහාරය වශයෙන් පාන් සමග පොල් සම්බෝල,පරිප්පු,කෙසෙල් ගෙඩි හෝ ජෑම් සහ බොන්නට කිරි තේ ලැබුණි. දවල් දහයට පමණ නැවතත් කිරි වීදුරුවකි. දවල් ආහාරය වශයෙන් එළවළු දෙකක්, මැල්ලුමක් මස්,මාළු, කරවල හෝ බිත්තර සමග බත් ලැබේ. රාත්‍රි කෑම වේල හවස පහට පමණ බෙදා දෙනු ලබන අතර රෝගීන් කැමති වෙලාවක එය ආහාරයට ගත හැක. ඊට අමතරව ශරීරය දුර්වල තත්වයක පවතින රෝගීන්ට වෛද්‍ය නිර්දේශ අනුව විශේෂ කෑම බීම වර්ගද නොඅඩුව ලබාදෙනු ලැබේ.
රෝහලෙන් තුන් වේලටම රසවත් සහ පෝෂ්‍යදායක ආහාර රෝගීන්ට ලැබුණද අමතර රසකැවිල්ලක් තේ කෝප්පයක් හෝ දුම්වැටියක් මිළට ගැනීමට රෝගීන් ගියේ මේ පෙට්ටි කඩවලටය. කඩවලට අමතරව පාන්,රෝස් පාන්, බනිස්, කිඹුල්ලු ආදී බේකරි නිෂ්පාදනද රෝල්ස් කට්ලට් ද ලෑතර සව්බර විස්කිරිඤඤ ආදී රසකැවිලිද බයිසිකලයේ බැඳගත් විශාල පෙට්ටියක පුරවාගෙන විකුණන්නට වාට්ටු ගානේ ආ සයිකල් කාරයෙක්ද විය. ඊට අමතරව රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ට උදේ රේස් කොළය අතටම දී සවසට රේස් තුන්ඩු සහ මුදල් එකතු කර ගන්නා සොයිසාගේ ජංගම බුකිය රෝහලේ ක්‍රියාත්මක වූ තවත් සමාජ සත්කාරයකි.
වැලිසර නවලෝක ක්‍රීඩාංගනය යනුවෙන් නම්කර ඇති පිට්ටනියද එකල රෝහල් භූමියේම කොටසකි. කඳාන,වැලිසර,ගල්උඩුපිට,නාගොඩ ආදී ගම්වල කොල්ලන්ට එල්ලේ ගහන්නට ද පිටින් කණ්ඩායම් ගෙන්වා එල්ලේ තරඟ පවත්වන්නටද තැනක් නැතිවූ කළ ඔවුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ එකල වත්තල මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගටය. ප්‍රශ්නය ඉදිරිපත් කළ විගසම විසඳුම ජෝන් අමරතුංගගේ මුව අගමැ තිබුණි. "ආ ගිහිං ඉස්පිරිතාල වත්තෙ බෝල ගහන්න! කිසි ප්‍රශ්නයක් නෑ!" කියා ඔහු කොල්ලන්ගෙන් ගැලවෙයි. කොල්ලන් බෝල පිති අරගෙන ඉස්පිරිතාල වත්තට පැන්න විගස මුරකාරයන් කොල්ලන්ව එළවා දමයි. සමහර විට කොල්ලන් මුරකාරයාට පාට් දාන්නේ ජෝන් අමරතුංගගේ හයිය අරගෙනය. එවිට මුරකාරයා ඉස්පිරිතාලේ වැඩකරන නාහෙට නාහන කොල්ලන් හත් අට දෙනෙක් එක්ක ඇවිත් වත්ත ආක්‍රමණය කළවුන් ගහලා එලවයි මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යමින් තිබුණේ කිසිම විසඳුමක් නොමැතිවය. රෝහලට අලුත් වෛද්‍ය අධිකාරී වරයෙක් පැමිණියේ මේ අතරවාරයේය. මට මතක හැටියට ඔහුගේ නම පෙරිම්පනායගම් වූ අතර ඇවිත් තිබුණේ වැලිකඩ හිරගෙදර රෝහලේ සිටය. ඉතා ක්‍රියාශීලී වෛද්‍ය අධිකාරී වරයෙක් වූ ඔහු පැමිණි දිනයේ සිටම රෝහලේ භෞතික සම්පත් වැඩි දියුණු කරන්නට මාර්ග සොයන්නට විය.
රෝහල වෙනස් කරන්නට අවශ්‍ය වුවද එය සිතු තරමට පහසු කටයුත්තක් නොවීය. ඒ තරමටම රෝහල පිරිහිලාය වාට්ටු අබලන්ය,ඇඳන් කැඩිලාය, මළපවාහන පද්ධතිය ලෙඩදෙයි, වැසිකිළි ජරාවාස වීලාය, කැඩුණු වැටෙන් හරක්ද එළුවන්ද වත්තට පැනලාය, හැමතැනම බලු කරදරේය. මේවා සියල්ල යථා තත්වයට පත්කරන්නට අවශ්‍ය රුපියල් මිලියන ගණනක මුදල වියදම් කරන්නට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මුදල් ප්‍රතිපාදන නැත. අලුත්වැඩියාව තබා රෝහලේ නඩත්තුව කරගෙන යන්නේද බොහොම අමාරුවෙනි. දවස පුරා රෝගීන්ගේ කැත කුණු අතගාන සේවකයන්ට අත හෝදාගන්නට අවශ්‍ය සබන් ටිකවත් ඇතිවෙන්නට දෙන්නට දෙපාර්තමේන්තුවට හයියක් නැත. කෙසේ වුවද අලුත් වෛද්‍ය අධිකාරී වරයාද තමන් හිතුදේ ලේසියෙන් අත් අරින ජාතියේ පුද්ගලයෙක් නොවීය. ඔහු රෝහල් සංවර්ධන කමිටුවක් පිහිටුවා ප්‍රදේශයේ ඉන්නා දානපතියන් අල්ලා ගත්තේය. ඒ මගින් පළාතේ මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගද ලංකර ගත්තේ වැඩක් නොකළත් කරන වැඩකට අකුල් හෙලන්නට මන්ත්‍රීවරයාට හැකි බැවිනි. නවලෝක මුදලාලිගේ සභාපතිත්වයෙන් යුත් සංවර්ධන කමිටුව වාට්ටු පහළොව පිළිසකර කරන්නට කොම්පැණි පහළොවකට බාර දුන්නේය. නවලෝක මුදලාලි මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන්වත් මේ වැඩේට එක්කරගෙන ආවේ වැඩේ තවත් ලස්සන කරන්නටය. එකළ සෞඛ්‍ය ඇමතිවරයා වු දොස්තර රංජිත් අතපත්තු ඔහුට හැකි පමණින් වැඩේට උදව් කළේ නිතරම රෝහලට යමින් එමින්ය.
වැඩේ දැන් හොඳට කෙරීගෙන යයි මේ අතරේම ජෝන් අමරතුංග මන්ත්‍රී වරයා බොරදියේ මාලුවෙක්ද බා ගත්තේය. ඒ කුමක්ද කිව්වොත් ඔහුට කොල්ලන්ගෙන් හිසරදයක් වී තිබු ක්‍රීඩා පිටියට ඉඩම් කොටසක් ඉස්පිරිතාල වත්තෙන් ඉල්ලා ගන්නට ඔහු සමත් විය. ඒ ඉඩම් කෑල්ලේ නවලෝක ක්‍රීඩාංගනය හදාගත්තේ නවලෝක මුදලාලිගේ උදව්වෙනි. රෝහල සංවර්ධන ව්‍යාපෘතියේ නිවේදක කටයුත්ත මට පැවරී තිබුණේ නිතරඟයෙනි. හොඳ දේ කරනවිට හොඳක් වෙන බව ස්ථිර කරමින් මට මාදුළුවාවේ සෝබිත හිමියන් දැන හැඳින ගැනීමේ අවස්ථාව එයින් ලැබිණි. උන්වහන්සේගේත් මගේත් හිතවත්කම සෝබිත හිමියන් අපවත්වෙන තෙක්ම අවුරුදු තිස් ගණනක් දිග දුරට ඇදුණි. අවසන්වරට උන්වහන්සේගේ මුහුණ බලා දනක් පිළිගන්වන්නටද මට වාසනාව ලැබුණේ අපවත් වෙන්නට ටික දිනකට පෙර උන්වහන්සේ මෙරටටද වැඩිය බැවිනි.
සෝබිත හාමුදුරුවන් ගැන කියනවිට මට මතක්වුණේ තව හාමුදුරු නමක් ගැන කතාවකි. ඔය වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ වැඩ කෙරෙන කාලයේම ඉස්පිරිතාල ඉඩමේ තියෙන එන් ටී එස් එක ඉස්සරහපිට පාර අයිනේ තියෙන පොඩි රිසිවේසන් කෑල්ලට ආපු තරුණ හාමුදුරු නමක් ටකරං මඩුවක් පොඩියට හදාගෙන පොඩි බුදු පිළිමයකුත් තියාගෙන එතැන පදිංචි විය. නගර සභාව ඇතුළු වගකිවයුතු කොටස් ඒ හාමුදුරුවන්ව එතැනින් අයින් කරන්නට හැදුවත් අයින් උනේ හාමුදුරුවෝ නොවේ. කාලය ගතවී ගියේය හාමුදුරුවෝ කොච්චර දස්සයෙක්ද කිව්වොත් ඒ පොඩි ටකරං මඩුව අද මුලගන්ධකුටි විහාරය වී පළාතේම පිළිගත් පන්සලක් ලෙස දියුණුවෙන් දියුණුවට පත්වී ඇත. පන්සල වටේ අලංකාර තාප්පයක්ද චෛත්‍යයක්ද බෝධියක්ද විශාල බුදුගෙයක් සහ අලංකාර ආවාස ගෙයක්ද සහිත මුලගන්ධකුටි විහාරය දැන් නිකම්ම විහාරයක් නොව පිරිවෙනකි. හැබැයි පිරිවෙන ඇතුළු පන්සල පිහිටා ඇත්තේ වැලිසර ඉස්පිරිතාල වත්තේ බවත් කර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් කවුරුවත් කියන්නට ඉදිරිපත් නොවෙන්නේ හාමුදුරුවන් දැන් එපමණටම බලවත් නිසාය. ඒ හැමදා අල්පේච්ඡ ජීවිතයක් ගතකළ සෝබිත හාමුදුරුවන්ට වඩා බෙහෙවින් වෙනස් චරිතයකි.
දැන් නම් වැලිසර ළය රෝහලේ මුළු ඉඩම වටේම ලොකු තාප්පයක්ද හොඳ ගේට්ටුවක්ද ආරක්ෂක සේවාවක්ද ඇත. 2007 දවසක මම කඳානේ ගෙදරකට ගියේ රට ඉඳන් එනකොට යාලුවෙක් දුන්න පාර්සලයක් ඒ ගෙදරට ගිහිං දෙන්නටය. ඒ වැඩේ ඉවරකර මම ඉස්පිරිතාලෙටත් ගොඩ උනෙමි. නමුත් මම දන්න අය හිටියේ දෙන්නෙකි එක්කෙනෙක් රෝහලේ සෙකට්‍රිය. ඔහු මාව ආදරයෙන් පිළිගෙන විස්තර කතාකළේය. කාලයකට ඉස්සර මම කරපු වැඩ නිසා මාව දිරවන්නේ නැතුව සිටි ඔහු මා හැඳල ලාදුරු රෝහලට මාරුකළේය. පරණ තරහ හිතේ තියාගෙන නොසිටි නිසා මමත් හොඳට කතාකළෙමි. අපි දෙන්නාගේ පිළිසඳර අවසාන වුණේ මහබාගේ හන්දියේ බාර් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකකිනි෴
එක හුස්මට කියවගෙන ගියා. පොඩි කාලේ කතන්දරයක් අහගෙන හිටියා වගේ. ජෝන් බාස් අද වගේම එදත් කරලා තියෙන්නේ අඤ්ඥකොරොස් වැඩම තමයි නේද.
ReplyDeleteමේ කතාව කතන්දරයක් වගේද? ලියල ඉවර උනාම මම හිතුවා කට්ටියට කියවන්නත් කම්මැලි හිතෙයි කියල.
Deleteයන්තම් ඇති ලියලා තියනවා....
ReplyDeleteඔය මුලගන්ධකුටි විහාරේ සමහර පිංකම් තියෙනව මම දැකලා තියෙනවා, හරියට නිකං කානිවෙල් වගේ......
ජෝනට ඒ දවස් වල බාගෙට වගේ පිස්සු තිබිලා තියෙන්නේ.... දැන් නම් හොඳටම පිස්සු...
අසනීප තත්වේ කොහොමද ? ඉක්මනටම හොඳ වේවා....
ලියන්න ලැබුණු විගසම ලියනවා නිවාඩුවක් නැතිකමයි ප්‍රශ්නේ. මම නං ඒ කාලෙම ඔය පැත්තෙන් අයිමන් වෙලා ගියපු නිසා ඔය විහාරෙ වැඩ සටහන් ගැන එච්චර දැනීමක් නෑ.
Deleteඅසනීප තත්වය දැන් හොඳයි. බොහොම ස්තුතියි.
ලෙඩ වෙලා හරි මේක ලියන්න අවස්ථාවක් ලැබිච්ච එක හොඳයි.
ReplyDeleteමොක උනත් පිට්ටනියක් හදපු එකෙන් ගමේ කොල්ලන්ට සෙතක් වෙන්න නැතැයි.
පඳුරු තැලිල්ලනං අද අමතකම වෙලාද කොහෙද.
ලියන්න දේවල් තිබ්බ නිසා පඳුරු තලන්න අමතක වෙලා ගියා. අපට මොනා උනත් කමක් නෑ ලියනව නං බොලාට එච්චරයි නේද?
Deleteඅර අනිතීමට ගිය තැනින් දෙන්නටාම බේත් දෙන්න ඇති... අද නම් හිත පිරෙන්න තියෙනවා...
ReplyDeleteඅපොයි ඔව්. බඩ පිරිල හරියට ඇවිද ගන්නවත් බැරිවෙනකල් බේත් දුන්නා. හිත පිරෙන්න කියෙව්වා නං සතුටුයි.
Deleteඇහැට කඳුලක් ඉනුවා.
ReplyDeleteඅනුවේදනීය කතාවක් නොවැ. ඒකයි.
Deleteකෝ අර අන්තිම අක්ක කෙල්ල එක්ක තිබිච්ච හුටපටේ? එක ලියන්නෙ කවදද?
ReplyDeleteඒක ලියන්නම ඕනෑ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ සෙන්සර් තමා.
Deleteලය රෝහලේ ලය පලලා දුන්නු ගොඩක් ඉඳලා වගේ...
ReplyDeleteඔව් අනේ.සෑහෙන්න හිටියා.
Deleteඒ වගේ ස්වභාවික පරිසරයක් රෝහල් පරිසරයකට හරිම වැදගත්...
ReplyDeleteජෝන් අද වගේමනේ එදත්...
මිනිස්සු රැකියාවකටවත් යන්න අකැමැති, බිය දක්වන ඒ වගේ තැනක ඔබ සේවය කරපු එක ගැන සතුටුයි...
ඉක්මන් සුවය පතනවා...
අපට නම් ඒ කාලෙ කිසිම බයක් දැනුනෙ නෑ. බොහොම ස්තුතියි.
Deleteලාදුරු රෝහල ගැනත් කතා තියනවද? ඒකෙ පැරණි ගොඩනැගිලි හා කෞතුක උපකරණ ගැන
ReplyDeleteමම ඒකෙ මාස දෙකක්වත් වැඩ කලේ නෑ මාරුවෙලා ගියා. යම් යම් මතක ටිකක් තියෙනවා පස්සෙ ලියන්නං.
Deleteලාදුරු රෝහලට නම් මම මාසෙකට වරක් යනවා අම්මලගේ ආයතනයේ රාත්‍රී දානය දෙන හින්දා. දැනට ඉතුරුවෙලා ඉන්නේ රෝගීන් 22 විතරයි. රෝගීන් කිව්වට දැන් ඒ කාටවත් ලාදුරු නෑ වගේම එයාලගෙන් බෝ වෙන්නෙත් නෑ.
Deleteසමහරුන්ගේ ගෙවල්වලින් ඇවිල්ලා නෑ දශක දෙකකින් විතර.
එළ.. අද පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න ලැබුන කාලෙකින්.. නිදහසේ හැලප කතාවක් කියෙව්වා.. ඒක නෙවෙයි හැලපයියේ.. මම ඔය ලෑතර කියන නම අහල තිබ්බට ඔය කියන කෑම මොකක්ද කියල දන්නේ නෑ. අනිවාර්යයෙන්ම අපි ඕකට කියන්නේ වෙන නමක් වෙන්නැති. ගුගල් සර්ච් කරලා බැලුවට ඉමේජ් එකක්වත් නෑනේ. පොඩි විස්තරයක් දාහන්කො..
ReplyDeleteමටත් නම් ලෑතර කන්න ලැබිලා නැහැ
Deleteයේස් යේස්... ලෑතර නොදනී.
Deleteමාතර පැත්තෙ කොල්ලො කුරුට්ටො විස්කිරිඤ්ඤා දන්නෙත් නෑ කිව්වාම කොහොමෙයි?
විස්කිරිඤ්ඤා මාතරදි පාන් බට්ටෝ වෙනවා මගේ හිතේ.
Deleteලෑතර කියන්නෙ අගල් හත අටක් දිග, අගල් එක හමාරක් විතර පලල එකට එකක් තැනින් තැන ඇලිල තියන හපද්දි ...'කරස්' ගාල සද්දයක් එන උණු කරපු සීනි දවටපු කෑමක්.
Deleteහොයාගන්න බැරිම උනොත් බ්‍රා මෙන්ඩට සීනි දියකරල ගාල බලහල්ල , නියම ලෑතර සාම්පලයක් බලත හැකි.
ඒ ලෑතර නෙවෙයි කම්මලේ. ඒවට අපි කියන්නෙ පතුරු. මෙදා සැරේ එද්දිත් මෙහෙට පැකට් දෙක තුනක් ගෙනාව හරිම රහයි.
Deleteමම මේ ලෑතරයක පිංතුරයක් හොයනවා උඹට පෙන්නන්න කමියෝ.
Deleteකම්මලේ කියන්නේ සීනි පතුරු. ඒවා තාමත් තියෙනවා. ලෑතර බදින්නේ නැහැ. පාන් පෝරනුවේ තමයි හදන්නේ. පතුරු ඩීප් ෆ්‍රයි කරලා සීනි උනුකරලා වක්කරනවා.
Deleteමීට ලෑතර බාස්.
කමියෝ ලෑතර කියන්නේ රොටියක් වගේ ලොකු බිස්කට් එකක්. උඩට සීනි දාලා තියෙනවා. ඕක ලොකු නිසා හතරට පහට කඩලා විකුණනවා. එහෙම තමයි මට ලෑතර මතක.
ReplyDeleteඤාණකතා වගේද?
Deleteලබ්බෝ...මේකේ පෙන්නන්න ලෑතරයක් නැහැනේ. ලෑතරේ ඥානේට වඩා බොහොම ෆ්ලැට්.
Deleteඒයි මේක බලපන්. මරු බං.
එක ඥානයක් කන්න ප්ලේන්ටි තුනක්වත් ඕන. පොඟවපු ගමන් ප්ලේන්ටියෙන් බාගයක් ඉවරයි. ඔය ඥානෙලා ඇතුලේ මික්ස් නොවෙච්ච බේකින් සෝඩා කැට අහුවෙනවා ඉස්සර. ආතල් කුඩු වෙනවා. ඉස්සර ඕවා අතේ කරපු වැඩනේ. මික්සින් මැශීන්ස් තිබුනේ නැහැ.
Deleteලබ්බෝ...ඔය පොඟවන් කන එකට සිංහලෙන් කියන්නේ ඩන්කින්ග් dunking කියලා. මේ ඩන්කිංග් ඉස්සර සුදු පකීර්ලා වර්කින්ග් ක්ලාස් පුරුද්දක් හැටියට තමයි සැලකුවේ. ටී ටේබ්ල් එහෙක ඔය වැඩේ කරේ නැහැ. ඒවා වෙනම සබ්ජෙක්ට් එකක්.දැන් ඒවා පකීර්ලාගේ සම්ප්‍රදායක් මිසක්, කවුරුත් ගනන් ගන්නේ නැහැ. දැන් ඔය හැම පකීර් කෙනෙක්ම වර්කින්ග් ක්ලාස් වෙලා තියෙන්නේ. මේ සම්ප්‍රදායන් රකින්න ඕන නැහැ. ඒත් අපිත් දන්නවා කියලා පෙන්නුවාම පකීර්ලා වුනත් අන්දොස් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. මෙව්වා මෙහෙම ලියන්නේ පොර මානසිකත්වයෙන් නෙමේ. දන්න දේවල් නිසා.
//ඒත් අපිත් දන්නවා කියලා පෙන්නුවාම පකීර්ලා වුනත් අන්දොස් වෙනවා.//
Deleteඅන්න අරූ තැනට ආවා.
ගස්ලබ්බිගෙ ඔෆිස් එක හරහා පහුගිය දවස් කීපෙක හොඳ මට්ටමේ හෝටල් කීපයක නවතින්න චෑන්ස් එකක් වැදුනා.මේ කණ්ඩායම ඇතුලෙ හිටියා සුපවයිසර්ගෙ ඉඳලා ප්‍රොජෙක්ට් මැනේජර් දක්වා පිරිසක්.සමාජ මට්ටම් ගොඩයි.ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ තරු පන්තියේ හෝටලේක හැඳි ගෑරුප්පුයි මේස චාරිත්‍ර,කෑම වර්ග එක්ක සිද්ධ උනදේ.
අරූල,මාතලංලා සහ තවත් ගොඩක් බ්ලොගර්ස්ලා මේ සංස්කෘතියත් එක්ක තෙම්පරාදු උන උදවිය. මම බොහොම ඕනෑකමින් ඉල්ලනවා යම් තැනකට ගිහින් අපහසුතාවයට පත් නොවී ගේම ගහන්න (බොරු ශෝ දන්න නෙමෙයි,නමුත් තැනට ගැලපෙන විදිහට ඉන්න.) යමක් බ්ලොග් ලිපි හරහා කරන්න කියලා.
අඩසඳ හැඩේට දැති දැති තියෙන උඩට සීනි අතුරපු පෝරණේ පුච්චලා ගන්න විස්කොතුව වගේ ඒවා නේද? හැබැයි ඒවා විස්කෝතුත් නෙවෙයි ඥානකතා රෙසිපියට හදන්නෙ.
Deleteගස් ලබ්බෝ,
Deleteටේබල් මැනර්ස් එච්චර අමාරු දෙයක් නෙවෙයි බං. ටික ටික පුරුදු වෙන්න ඕනෑ. කවුරුවත් මේ දේවල් ඒක සැරේ ඉගෙනගත්තෙ නෑ. ඔන්න අරුණගෙන් ඇහුවොත් හරියටම කියල දේවි.
හෙනං.. ඒත් මේ මුනියා මිසිං නෙව.
Deletetable manners, table etiquette කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි බං. අපි කෑමට පෙර අතහෝදනවා වගේ ඒ ඒ සමාජයන් විසින් හදාගත්ත දේවල්.
Deleteදුම්වැටියක් ගන්නත් යනවද ළය රෝහලේ ලෙඩ්ඩු. ඕලොන් කේස් එකත් මරු බං.
ReplyDeleteමම කාලෙකට ඉස්සර පොතක් කියෙව්වා, ඒ පොතේ තිබුනා ජේ.ආර්.විල්සන් කියලා ද්‍රවිඩ දොස්තර කෙනෙක් ගැන ඔය ඉස්පිරිතාලෙට ලොකු සේවයක් කරපු. ඒ කාලේ ඕකේ ලැබ් එක හැදුවේ ඔස්ට්‍රෙල්යාවේ ආධාර වලින් කියලත් තිබුනා.
උන් අපට වඩා සිගරැට් බොනව බං. ඕලෝන් දාන කේස් එක ගැන නං වෙනම පෝස්ට් එකක් ලියන්න දේවල් තියෙනව.
Deleteඩොක්ට විල්සන් තමයි ළය රෝහලේ ෆවුන්ඩර්. ඒ විතරක් නෙවෙයි ඔය දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන තට්ටු තුනේ බිල්ඩින් එක ඉස්සර ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය. ඒක හදල දීල තියෙන්නෙත් ජර්මනියෙන්.
නවලෝක ක්‍රීඩා පිටියේ මම වතාවක් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියකට සහභාගි උනා.. එදා තමයි මුලින්ම ඉස්පිරිතාලෙ වත්තෙ ඇවිද්දෙ..අර කලින් කතාවෙ කිව්වා වගේ වත්ත දිගේ ගිහින් ගමට යන්න පාරකුත් තිබ්බා..2002/3 වගේ
ReplyDeleteහැමදාම වගේ හැලපයාගේ රසවත් කතාවට මගේ සතුට... නිතර පෝස්ට් වැටෙනවනම් කොච්චර දෙයක්ද
ඒ් පාර නං එහෙම්ම තිියනවා .කොටයක් තියල තියනවා තාප්පෙං පයින්ඩ
Deleteඒ කාලෙ වත්ත වටේම පාරවල්. නිතර පෝස්ට් දාන්න නං ආසයි ඒ උනාට වෙලාව තමා ප්‍රශ්නෙ.
Deleteඅනික් සැරේ කොටේ උඩට නැගල ඉස්පිරිතාල වත්තට පනිමු අටං.
Delete//අඩසඳ හැඩේට දැති දැති තියෙන උඩට සීනි අතුරපු පෝරණේ පුච්චලා ගන්න විස්කොතුව වගේ ඒවා නේද? //
Deleteඒවද ලෑතර ? යක්කල පොලේ තිබිල අපි දවසක් ගෙනාව. මූණ නිකං ලෑතරේ වගේ කියන්නෙ ඒකෙ හැඩේ හින්ද වෙන්න ඇති.
මතකද ඒ කාලේ අපේ සමාජයේ කාටහරි ක්‍ෂයරෝගය තියනවා කියලා දැනගත්තොත් කවුරුවත් ඒ ගෙදරට යන්නේ එන්නෙවත් නැහැ. අද කොයිතරම් හොඳ ප්‍රතිකාර තිබුණත්, ඒ ආකල්පවල වැඩි වෙනසක් වෙලා නැහැ.
ReplyDelete'Moolgaandhkoot' එකේ Chief of Staff නේවි කමාන්ර්ටඩත් වඩා සැරයි.
ක්‍ෂයරෝගය ගැන දැනුවත් කරලා දාපු ලස්සන රුපවාහිනී දැන්වීම් කාලයකට පෙර විකාශනය වුනා මතකයි.
Deleteඒ කාලෙ ක්‍ෂය රෝගෙට කිව්වෙ කාසෙ. කාසෙ හැදුණු කෙනෙක්එ ඉන්න ගේක මිදුල උඩින්වත්හෙ මිනිස්සු යන්නෙ නෑ. ඔන්න ඒකාලෙ තත්වෙ. අදටත් ඊට වැඩි වෙනසක් නං නෑ තමා.
Deleteඔය ඇඩ් එක ගියේ "නිසි කල නිසි ඔසු ලැබ නිසි සුවය ලබා කියලා"
Deleteඑග්සෑම් කාලෙ එකදිගට බීඩි බීල අපේ සෙට් එකකට හොඳ නොවෙන කැස්සක් හැදුනා.කොල්ලො උන්ව කාස කාරයො කියල බය කරලා උන් හොරෙන්ම ගිහින් ළය රෝහලට.ඩොකාල චෙක් කරල්ල හොඳටම බැනලා එවලා විහිළුවට වත් එන්න එපා මේ පැති වලට කියලා.ක්ෂය රෝගෙට බෙහෙත් බොනකොට සාක්කිකාරයෙක් ලඟ තියාගෙන බොන්න ඕන කියලත් අහල තියනවා.
ReplyDeleteහොඳ හැලපයියා වගේ ඔය ලෙඩේ ගැනත් පොඩි විස්තරයක් ප.ලි යක් විදිහට වත් එල්ලන්නකො..වටීවි.
ජයවේවා..!!
පිස්සුද බං මේ පැත්තෙ අය වැලිසර යනවා දත් ගලවන්ඩත්
Deleteමේ රෝගය ගැන විස්තරයක් දෙන්න කියල වෛද්‍යවරයෙක් වන රුවන් ජයතුංගට අපි කියමු.
Deleteඅටං,
Deleteඒ කාලෙත් දත් ගැලෙව්වා බං. සතියකට සැරයක් රාගමින් ඩෙන්ටිස්ට් කෙනෙක් ආවා. ඩෙන්ටල් ක්ලිනික් එක තිබුනෙ ඔපරේෂන් තියටරේ කාමරේක.
එකල වත්තල මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගටය. ප්‍රශ්නය ඉදිරිපත් කළ විගසම විසඳුම ජෝන් අමරතුංගගේ මුව අගමැ තිබුණි. "ආ ගිහිං ඉස්පිරිතාල වත්තෙ බෝල ගහන්න! කිසි ප්‍රශ්නයක් නෑ!" කියා ඔහු කොල්ලන්ගෙන් ගැලවෙයි. //////////// mu ekaleth mantal
ReplyDeleteඒ කාලෙත් මෙන්ටල්. දැන් ඩබල් වෙලා.
Deleteඒක නෙවෙයි රුවන්. පාඨක ඉල්ලීම පරිදි ටී බී ගැන පෝස්ට් එකක් ලියන්නකො.
හැලපයියාට වගේ තමයි අපේ මාමණ්ඩිටත් තියෙනවා ස්පිරිතාල එක්ක බැඳුනු ආත්මීය මොකක්ද මෙව්වා එකක්.ලෙඩ නැතුව හරි ඉස්පිරිතාලේ ඉන්න මනුස්සයා කැමතියි.
ReplyDeleteමමත් සේම් සේම් මනෝ.
Deleteහප්පා එහෙමත් එකක්ද?
Deleteඔන්න එක පාරක් අරූයියේ මාමණ්ඩියා ගිහින් බඩේ අමාරුවක් කියලා ස්පිරිතාලේ නතර වෙලා.හරියටම දෙසැම්බර් 31.ඉන්න අනිත් ලෙඩ්ඩු අවුරුද්දක් උදා වෙද්දී ස්පිරිතාලේ ඉන්න බැහැ කියලා ටිකට් කපාගෙන යනවා.මෙයා නතර වෙලා.හවස අපි ගියාම වාට්ටුව භාර ඩොක්ටර් කිව්වා "මේක මේ නතර වෙන්න තරම් අසනීපයක් නෙමේ" කියලාත්.
පොර උඹලගේ අවධානය බලාපොරොත්තු වෙනව වගේ
Deleteඑහෙමදත් මන්දා බං.ඔය බොහෝම කාලෙකට පෙරත් ඔය විදියට මොකක්ද අමාරුවක් කියලා ඒ ගෙවල් පැත්තේ ආයුර්වේදයක මාසයක් විතර නතර වෙලා හිටියාලු බලෙන් වගේ.අන්තිමට එතන වහල හදන්න ඉන්න ලෙඩ්ඩු ඔක්කොම ගෙදර යවනවා කිව්වම තමයි ඇවිත් තියෙන්නේ.
Deleteමටත් මනෝ ඉස්පිරිතාලෙකට ගියාම ගෙදර ගියා වගේ තමයි. ලයිසොල් සැව්ලෝන් ගඳ, වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු ආදිය කාලයක් මගෙ ජීවිතේටත් ඉතාම සමීප වෙලා තිබුණු දේවල් තමා.
Deleteඒ ලොකු හාමුුදුරුවෝ නැ දැං ....ඉන්නෙ සුමේධ කියන එයාගේ ගෝ්ලය .....එයත් එඔය විදිහටම පන්සලක් හදුවා (අපේ ගේලග එක ) ඒ ලොකු හාමුුදුරුවෝ ට ඔය පන්සල ඇරුනහම තව ගොඩක් පන්සල් තිියනවා...ඒ ඔක්්කගෛම ලොාක්කාා දැං කියුව ගෝලලයා තමයි
ReplyDeleteඔය නවීකරන වැඩෙං පස්්සෛ් ගහපු සමරු පලකේ් තව නං හැැට හුට හමාාරක් තිියනවා
ඒ පලකේ අඩි හතක් විතර උසයි නේද බං. උඩ ඉඳන් පහලටම නම් ලියල තියෙනවනෙ. දැන් නං ඒ මොනවද කියල මතකෙකුත් නෑ.
Deleteකියවනකොට හරිම සනීපයක් දැනුනා. වෙනදාට වැඩිය බොහොම හොඳට ලියලා වගේ දැනෙනවා.
ReplyDeleteබොහෝම ස්තුතියි. එහෙනං මගෙ ලිපිය හොඳයි නේද?
Deleteහුග දොහකින් මේ පැත්තට ආවෙ. පහුගිය කාල සමයෙ විවිධ වැඩ රාජකාරි අස්සෙ බොහොම කාර්යබහුල වෙලා උන්නෙ. මේ සති අන්තයෙදි අතපසු වෙලා තියෙන ලිපි ටික කියවන්න ඉඩක් ලැබෙයි.
ReplyDeleteබ්ලොග් අවකාශයේ ඉන්න කීප දෙනෙක් එක්ක පුංචි සංගමයක් අටවගෙන සිරා කොලුවා ඇතුලු නඩේ දිඹුලාගල පැත්තෙ පුංචි ඉස්කෝලෙක තියෙන අඩුපාඩු අවම කරන වැඩ පිළිවෙලකට සැට් උනා. කාමරේ පැත්තෙ ඇවිත් ඒ කාරියට හැකි නම් සහායක් වෙන්න. හැලපයියාගේ අවධානය පිණිසයි.
එකෙන්ම, හැකි විදියට සගායක් දෙන්නං.
Deleteබොහොම රසවත් කතාවක් මේක කියවලා මට ඔය රෝහල පැත්තේ ගිහින් බලන්න ආසාවකුත් ඔය කියන ලෑතර කන්න ආසාවකුත් ආවා.
ReplyDeleteනියමයි. මටත් ඔය ආසාවන් දෙක ඔය ආකාරයටම තියෙනවා.
Deleteමෙදා පොටේ හැමෝටම නත්තල්. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහකයන්ට අඟල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු වසර පුරා...
ReplyDelete(1) සිංහල බ්ලොග් අවකාශයේ මහා පොන්නයා යන විරුදාවලිය ලබා ඇත්තේ?
(A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
(B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
(C) රසිකලොජි-කාකා
(D) මතුගම අජිත් පී ජයසිංහ
(2) "හතර දෙනාම පොන්නයෝ" යන සුප්‍රකට කියමන බ්ලොග්ගත කරේ?
(A) හැලපයා
(B) රාජ්
(C) මාතලන්
(D) හිස් අහස
(3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
(A) ජෙනරාල් විචාරක මැතිතුමාගේ බ්ලොගය
(B) අන්සතු දිනපොත බ්ලොගය
(C) රාජ්ගේ බ්ලොගය
(D) හැලපකඩේ බ්ලොගය
(4) පොන්නයෙක් නොවන්නේ
(A) රාජ්
(B) රසිකලොජි-කකා
(C) ඉකොනොමැට්ටා
(D) කල්‍යාන මිත්‍ර
(5) සිනුවර තට්ටයා- සමලිංගික පොන්නයා යනු කවුද?
(A) රාජ්
(B) හැලප
(C) රසිකලොජි-කකා
(D) මාතලන්
(6) සිංහල බ්ලොග් ලියනා මානසික ලෙඩෙක්/අසහනකාරයෙක් නොවන්නේ
(A) සාරස
(B) අන්සතු දිනපොත-අමිල
(C) රසිකලොජි-කකා
(D) හැලපයා
(7) හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් පේස් කට් එකක් ඇති පොරකි
(A) මතුගම අජිත් පී ජයසිංහ
(B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
(C) අටම්පහුර
(D) හැලපයා
(8) ඇනෝ කොමෙන්ට් දමා මාට්ටු වී කුජිත වී ඇති අයෙකි
(A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
(B) රසිකලොජි-කකා
(C) හැලපයා
(D) අන්සතු දිනපොත-අමිල
(9) මරා යලි බලයට එතැයි කියා හැම තැනම රෙන මානසික ලෙඩෙකි
(A) කල්‍යාන මිත්‍ර
(B) සාරස
(C) මතුගම අජිත් පී ජයසිංහ
(D) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
(10) සිංහල බ්ලොග් ලියනා අයගේ සහ ඇනෝවරුන්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති බ්ලොග් කරුවෙකි
(A) කල්‍යාන මිත්‍ර
(B) හැලපයා
(C) මතුගම අජිත් පී ජයසිංහ
(D) අන්සතු දිනපොත-අමිල
ඔබේ පිළිතරු දැන්ම එවන්න. අවුරුද්දක් පුරා වටිනා පටි ජොක්කු දිනා ගණන වරම්.
මටත් පිළිතුරු දෙන්න පුළුවන්ද දන්නෙ නෑ.
Deleteලාදුරු රෝහලට නම් මම මාසෙකට වරක් යනවා අම්මලගේ ආයතනයේ රාත්‍රී දානය දෙන හින්දා. දැනට ඉතුරුවෙලා ඉන්නේ රෝගීන් 31 විතරයි. රෝගීන් කිව්වට දැන් ඒ කාටවත් ලාදුරු නෑ වගේම එයාලගෙන් බෝ වෙන්නෙත් නෑ.
ReplyDeleteසමහරුන්ගේ ගෙවල්වලින් ඇවිල්ලා නෑ දශක දෙකකින් විතර
ඔව් ඒ කාලෙත් බොහොම සුළු පිරිසක් හිටියෙ අලුතෙන් රෝගීන් එන්නෙත් නෑ. මම දැනට අවුරුදු කීපයකට ඉස්සර ඇලකන්ද පාරෙ ගියා පරණ මතක සටහන් හොයාගෙන. අපොයි දැන් ඒ පළාත අඳුනා ගන්නවත් බෑ එච්චරටම වෙනස්වෙලා.
Deleteඑක පිම්මට කියෙවුවා හරි හැඩයි ජය......
ReplyDeleteස්තුතියි.
Deleteමම ඕකේ USER TRAINING එකක් කලා රොහල් කාර්ය මණ්ඩලයට.
ReplyDelete