Thursday, March 17, 2016

අනුහයේ සෙමි ෆයිනල් එක හැලපැට්ටාගේ පිරිත සහ ක්ලයිව් ලොයිඩ්.


















අදින් වසර විස්සකට හා විසිඑකකට පෙර සිදුවූ මට එක හා සමාන වැදගත් සිද්ධීන් දෙකක් කෙරෙහි සිත් දිවයයි.   එනම් අනුපහේ මාර්තු දාහත් වනදා අළුයම සිදුවූ බිලිඳෙකුගේ උපතත් ඒ බිලිඳාට වයස අවුරුද්දක් පිරෙන අනුහයේ මාර්තු දාහත් වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කුසලානය හිමිවීමත්ය.    ඉපැදුණු බිලිඳා හැලපැට්ටාය ඌට අවුරුද්ද සම්පුර්ණ වෙමින් එද්දී ලෝක ක්‍රිකට් කුසලානට තරඟ වදිමින් සිටි ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණ අවසාන තරඟය සඳහා තම ස්ථානය වෙන්කර ගත්තේය.    අවසාන තරඟය උත්සවශ්‍රීයෙන් නරඹන්නට අවශ්‍ය නොයෙකුත් අඩුම කුඩුම අපි සුදානම් කරමින් සිටියෙමු.    එදා අපේ මල්ලීද උගේ යාළුවන් පිරිසක්ද ඇවිත් හිටියා මට මතකය.    අඩුපාඩු සොයමින් ඒවා සපුරා ගනිමින් අපි ලහි ලහියේ සුදානම් වද්දී  එක්වරම බෝම්බයක් අතඇරියේ අපේ අම්මාය, චූටිපුතාට අවුරුද්දක් පිරෙන රාත්‍රිය පුරා පිරිතක් කියවා සෙත් පතන්නට කටයුතු යොදා ඇති  බවත් ඇය මෙහෙණින්නාන්සේලා කණ්ඩායමකට ආරාධනා කර තිබෙන බැවින් ඔවුන් එදා හවස ගෙදරට එන බවත් කියූ අම්මා පිරිත් කියන්නට මණ්ඩප්පයක් හෙවත් පිරිත් කොටුවක් තනා දෙන ලෙස අපට කීවාය.    අම්මා කියපු කතාවට අපි නන්නත්තාර වී ගියෙමු පිරිතක් ගැන කතාවක් මීට පෙර අහන්නටවත් තිබුනෙ නැති අතර මෙය අම්මාගේ තනි කැමැත්තට අපි කාගෙන්වත් නොඅසා යොදාගත් වැඩක් බවත් අපට අවබෝධ විය.   මෙහෙණින්නාන්සේලායි කියාගන්නා සිවුරු පොරොවාගත් කාන්තාවන් කියන පිරිත ගැන මගෙ කිසිම පැහැදීමක් තිබුණේ නැතත් දැන් ඉතිං වෙච්ච දේට මක් කරන්නදැයි සිතා ගමේ හිටපු පිරිත් මණ්ඩප ගහන දෙන්නෙකුට වැඩේ පංගරාත්තු කළේ රෑට මැච් එක බලන විදියක් ගැන හිතමින්ය.   

ඒ වෙනවිටත් මල්ලිලා මැච් එක බලන්නට වෙන තැනක් සෙට් කරගෙනය.   හොඳ වෙලාවට ඒ දවස්වල මම අපේ කාමරේටද ටී වී එකක් හයිකරගෙන තිබුණ නිසා ගෑනු ටික පිරිත් කියන අතරේ දොර වහගෙන මැච් එක බලන්නට හැකි නොවේදැයි සිතා සැනසුනෙමි.   කාමරේ තිබුණ ටී වී එක ගැන කියනවිට මට තව කතාවක් මතක්වේ.   ඒ අවසාන තරඟයට දින කීපයකට පෙර එනම් මාර්තු දහතුන්වන දින ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්හි පැවති ලෝක ප්‍රසිද්ධ වූ අවසන් පුර්ව තරඟය තිබු දිනයේය.    ලංකාව මුලින්ම පහරදී ලකුණු දෙසිය පනස් ගණනක් රැස්කරන අයුරු  මා කාමරයේ ඇඳේ හාන්සිවී බලා සිටියෙමි.   

විවේකයේදී රෑ කෑමද ගෙන නැවතත් ඇඳට ආවේ ඉන්දියාව ලකුණු රැස්කරන ආකාරය බලන්නටය.    ඒ වන විට බිරිඳ හැලපැට්ටාව කකුල් උඩ තබාගෙන සොලවමින් නිදිකරවමින් සිටියාය.   ආරම්භක පිතිකරු සිධු ලකුණු කීපයකට අවුට් කරගත්තත් ඊළඟට ආ සචින් තෙන්ඩුල්කාර් මන්ජේකාර් සමග එකතුවී පිටියේ හතර අතටම වනන්නට වුයේ ලංකා කණ්ඩායම නරඹන්නන් බවට පත් කරවමිනි.    දැන් බලාගෙන ඉන්න මට කට උත්තරද නැත මේ වනවිට එක විකට්ටුවකට ලකුණු අනු ගණනක් ගහලාය.    ඔන්න ඔය වෙලාවේ සනත්ගේ බෝලයකට කළුවිතාරණ සචින්ව ක්ෂණයකින් ස්ටම්ප් කළේය.    මට ඇතිවූ ප්‍රීතිය කොතරම්දැයි කිව්වොත් මම  ඇඳෙන් පැන්නේ කෑ ගහගෙන අප්පුඩි ගසමිනි.   අඩ නින්දේ සිටි හැලපැට්ටා ඇහැරී මරහඬ තලමින් හඬන්නට උනේ මම කෑ ගැසූ පාරටය.   බිරිඳ ද මට බනින්නේ දරුවා ඇහැරුවා කියාය ඇයට ඒ කාලයේ ක්‍රිකට් පිලිබඳ එතරම් දැනීමක් නැත ඔහේ බලා ඉන්නවාපමණකි.   අද වනවිට ඇය මැච් බලමින් විශේෂඥ විස්තර කරන්නට තරම් ක්‍රිකට් දැනුමක් ලබාගත්තේ මාත් එක්ක ක්‍රිකට් තරඟ බලලාය.    කෙසේ වුවද ඉන්පසුව ඉන්දියාවේ විකට් එකපිට එක වැටෙන්නට උනේ බලංඉන්න ඉන්දියානුවන් නන්නත්තාර කරවමිනි.   මැච් එක පටන් ගද්දි ඔවුන්ගේ අතේ තිබුණ ලෝක කුසලානය ගිලිහී යනු දරාගත නොහැකිවූ ප්‍රේක්ෂකයන් ලකුණු 120 කට විකට් 8 ක් වැටී තිබුණු මොහොතේ අතේ තිබුණු පළතුරු හා වතුර බෝතල් පිටියට එවන්නට වුහ.   තරඟය නතරවී තීරක ක්ලයිව් ලොයිඩ් බෝතල් අඩි කන්නාඩි දෙකක් පැළඳ පිටියට ආවේ දැවැන්තයෙකු මෙනි.   ඉන්පසුව සිදුවූ දේ ජාත්‍යන්තර මාධ්‍ය වල මෙසේ පළවී තිබුණි.
    • At the fall of the 8th Indian wicket, sections of the crowd vented their disgust with the state of the match by setting fire to some areas of the stands and throwing fruit and water bottles onto the field. The match was briefly stopped and when play was about to resume, the crowd again threw bottles at the deep fielders. The match referee stopped the game and the game was awarded to Sri Lanka by default.
හැන්දෑවේ පැමිණි මෙහෙණින් ටික රාත්‍රියේ පිරිත් කියන්නට ගත්විට හිටපු කොල්ලන් ටිකත් මැච් එක බලන්නට ගිහින්ය.   පිරිත ගැන කිසිම ගනිච්චියක් නැති හැලපැට්ටා සුපුරුදු ලෙස රෑ අට වෙද්දී නිදා ගත්තේය.    මම හිමිහිට කාමරයට වැදී තරඟය බලමින් හිටියෙමි.   මහ පිරිතෙන් පසු මෙහෙණින් ද එකා දෙන්නා කාමරයට වදින්නට ගත්තේ දැන් ලකුණු කීයදැයි අසාගෙනය.   ටිකකින් කාමරය පිරුණි මේ වැඩේ හරියන්නේ නැති බව දැනගත් මම හිමිහිට පසුබැස කාමරයෙන් පිටවී මල්ලිලා තරඟය බලමින් සිටි උඩහ ගෙදරට ගොස් උනුත් එක්ක තරඟය බැලුවෙමි.   තරඟය රාත්‍රියේද පිරිත උදේ පාන්දරද ජයග්‍රාහීව අවසන් වෙද්දී මම උදේම රස්සාවට ගියෙමි.


පුංචි කාලයේදී හැලපැට්ටාව ඇතිවෙන්නට හුරතල් කරන්නට  ලැබුනාදැයි මම බොහෝවිට සිතමි.  එහෙම උනත් දැන් ඌව හුරතල් කරන්නට බැරි ඉලන්දාරියෙක් බැවිනි.   තේරෙන කාලයේදී හැලපැට්ටාගේ පළමුවන උපන් දිනයේදී සිදුවූ දේවල්ද මම කෑගැසූ විට ඌ ඇහැරී අඬපු හැටිද  අම්මා මට බැනපු හැටිද මම කොල්ලාට කියා දුන් විට  ඌ හිනාවුනේ හූ කියමිනි.   මේ දවස්වල හැලපැට්ටා  බෙලාරුස්හි  කට්ටක් කමින් සතුටින් සිටී.   අද උගේ උපන් දිනයයි.   පුතාට සුබ උපන් දිනයක් පතන්නට අම්මාද තාත්තා සමග එකතු වන්නීය෴

පුතේ ඔබට සුබ උපන් දිනයක් වේවා!!

    77 comments:

    1. පුතේ නුඹට සුබ උපන් දිනයක් වේවා....!

      ReplyDelete
    2. හලපැට්ටා ට සුබම සුබ උපන්දිනයක්

      ReplyDelete
    3. තාත්තාගේ හෘදයාංගම සුභ පැතුමට ජය වේවා..

      සුභ උපන්දිනයක් වේවා හැලපැටියෝ... දැං ඉලන්දාරියෙක් නෙව.. හැක්..

      හැලපක්කාගෙන් අහල කියහං මේ පාර කප් එක කව්ද ගන්නේ කියලා.. හොදේ

      ReplyDelete
    4. හැලපගේ පුතාට සුභ උපන්දිනයක්. එදා තෙල්ඩුල්කාර් අවුට් වුණාම අඬපු එකම ලාංකිකයා හැලපගේ පුතා වෙන්න ඇති.

      ReplyDelete
      Replies
      1. හි හි හි නියම කතාව !

        සුබ උපන්දිනයක් වේවා ඔහුට

        Delete
      2. හැක්.. හැක්.. පට්ට කමෙන්ට් එක.

        Delete
      3. ඉයන්, දවසේ කමෙන්ටුව...

        Delete
      4. සුපිරි කියමන ඉයන්.

        Delete
    5. හැලපැට්ටට සහ හැලප යුවළට දීර්ඝායුෂ ලැබේවා!

      ReplyDelete
    6. /මැච් එක පටන් ගද්දි ඔවුන්ගේ අතේ තිබුණ ලෝක කුසලානය ගිලිහී යනු දරාගත නොහැකිවූ ප්‍රේක්ෂකයන් ලකුණු 120 කට විකට් 8 ක් වැටී තිබුණු මොහොතේ අතේ තිබුණු පළතුරු හා වතුර බෝතල් පිටියට එවන්නට වුහ. තරඟය නතරවී තීරක ක්ලයිව් ලොයිඩ් බෝතල් අඩි කන්නාඩි දෙකක් පැළඳ පිටියට ආවේ දැවැන්තයෙකු මෙනි./

      මේ සිද්ධිය මට හොඳට මතකයි.

      පහුවෙන්දා අපි හවස අපේ තාත්තගෙ මහගෙදර වත්තෙ ක්‍රිකට් ගහගහ උන්න. අපේ අයියත් එතන උන්න ප්‍රේක්ෂකයෙක් විදිහට. බාප්ප (අර අපේ සුප්‍රකට බාප්ප තමා) සුපුරුදු පරිදි දෙකක් දාගෙන බියිසිකලෙයක් තල්ලු කරගෙන ඇවිත්, එතන නතර වෙලා, කීපරයටයි බැට්ස්මන්ටයි මොනවදෝ කියනව දැක්ක. (මං හිටියෙ බෝලර් ගාව ෆීල්ඩිං) පොර මොන මොනව හරි ජොලි කතා වගෙයක් තමා කියන්ඩ ඇත්තෙ කියල හිතුණ. පොර ගියාට පස්සෙ අපෙ අයිය හයියෙං කිව්ව,

      "ක්ලයිව් ලොයිඩ්" කියල.

      එදා දවසටම අපිට ඒක ඇති හිනාවෙන්ඩ...

      ReplyDelete
      Replies
      1. මේ මැච් එක මට ෆයිනල්ස් වලටත් වඩා තදින් මතකයේ හිටියා.

        Delete
    7. සුභ උපන්දිනයක් වේවා හැලපැට්ටා!

      ReplyDelete
    8. හැලපැට්ටාට සුබ උපන්දිනයක් වේවා !

      මැච් ගැනනං ඉතිං කතා කරල වැඩක් නෑ.

      ReplyDelete
    9. පුතාට සුබ උපන් දිනයක්!!!

      ReplyDelete
    10. Suba upandink halaptto ....
      jayawewa

      ReplyDelete
    11. Suba upandink halaptto ....
      jayawewa

      ReplyDelete
      Replies
      1. එකපාරක් කිවුවම මදිද?

        Delete
      2. විදානෙයට කම්මලෙය වැහිල...!

        Delete
      3. කම්මලයාගේ ලෙඩේ විදානයට දීලා නේද?

        Delete
    12. කොච්චර වයසට ගියත් අපිට දරුවා පෙනෙන්නේ තවම පොඩි එකා කියන හැඟීමෙන්. දරුමල්ලෝ ඉන්න අපිටත් ඒ කාලේ අපේ දෙමව්පියෝ සැලකුවේ ඒ විදිහට. ඒක අපේ සන්ස්ක්රුතියෙන්ම එන පුරුද්දක් නේද?

      පුතාට සුබ උපන්දිනයක් මෙන්ම සුබ අනාගතයක් වේවා!

      ReplyDelete
    13. සුබ උපන්දිනයක් හැලපැට්ටෝ...:)

      ReplyDelete
    14. මගේ දුව ඇනෝනිමසීත් හැලපැට්ටට මාස 8ක් බාලයි, කැම්පස් 4ත් ඉයර්.
      මං කැමතියි මගේ කෙල්ල හැලපැට්ටට සෙට් කරන්න. මොකද කියන්නෙ.
      එතකොට හැලපෙ මගේ මස්සිනා වගේ.

      ReplyDelete
      Replies
      1. /* කැම්පස් 4ත් ඉයර්.*/

        මාරයි!

        Delete
      2. හොඳ අදහසක් ඉගෙනගෙන ඉවරඋනාම බලමු.

        Delete
    15. මට ඔය මැච් එකේ දෙවෙනි ඉනිමේ ඔථවර් දෙකකට වඩා බලන්න ලැබුනේ නෑ. පසුවදා උදෙන්ම බිරිඳ සමග හොස්පිටල් යන්න තිබුණු නිසා නිදා ගන්න වුණා!

      පහුවදාත් හවස තමයි කේස් එක දැන ගත්තේ!

      http://helapakade.blogspot.com/2013/03/blog-post_17.html

      ReplyDelete
      Replies
      1. ඔයා ඒ කාලෙ ඉඳන් ලෙඩෙක්ද

        Delete
      2. ඒ කියන්නෙ රසිකගේ බිරිඳට ඒ දිනවල දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙනවා නේද.

        Delete
    16. සුබ උපන් දිනයක් හැලපැට්ටෝ...

      ReplyDelete
    17. හැලපැට්ටා උපන් දා උදේ මගේ විවහ ගිවිස ගැනීමට ඇවිත් පොටො ගහලා හදිසියේ රොහලට දුවල හැලපි සහ දරුව බලල ඊට පස්සෙ රෑ පොඩ්ඩක් සෙට් වුනා මතකද?

      ReplyDelete
      Replies
      1. අපොයි වෙනුජ කොහොමද ඒක අමතක වෙන්නෙ.

        Delete
    18. හැපි බෝත් ඩේ එකක් හැලපැට්ටෝ.... මේ බෝත් ඩේ එකටත් රිකට් ටීම් එක ප්‍රසන්ට් එකක් දුන්නා නේ....

      ReplyDelete
      Replies
      1. ඔව්නෙ ලැබුන එකම ජයග්‍රහණය.ස්තුතියි මාතලන්.

        Delete
    19. සුබ උපන්දිනයක් පැට්ටෝ....විනෝද් කම්බ්ලි ඇඩුවේ ඔය මැච් එකේදී නේද?

      ReplyDelete
      Replies
      1. කම්බිලි ඇඬුවා හොඳට මතකයි නේද.ස්තුතියි ලලිත්.

        Delete
    20. ශුභ උපන්දිනක් වේවා හැලපැට්ටෝ...
      ජයවේවා..!!

      ReplyDelete
      Replies
      1. ස්තුතියි ගස් ලබ්බ.ජයවේවා!!

        Delete
    21. සෙල්ලං වාසනාවක්ද පලවෙනි උපන්දිනේට ලෝක කුසලානය ලැබෙන එක.. හැල පැට්ටාට සුභ උපන්දිනයක් වේවා..

      ReplyDelete
    22. ඒ කලබල කරපු ඉන්දියන් කාරයෝ මැද එක ඉන්දියන් කාරයෙක් බෝඩ් එකක් අල්ලන් හිටියා 'We are sorry- Congratulations Sri Lanka කියල.. :)

      96 වර්ල්ඩ් කප් මැච් එක බෝලයක් නෑර බැලුවා.. අදටත් එක රුප රාමුවක් ගානේ මතකයි.

      සුභ උපන්දිනයක් හැලප පුතේ!

      ReplyDelete
      Replies
      1. ඒ නේවි එකේ රාජකාරි කරපු කාලය නේද.ස්තුතියි කමියෝ.

        Delete
    23. මේ පාර මැච් එක නං බෝම අමාරුයි වගේ හෙහ්..
      හැලපැට්ටාට සුභ උපන් දිනයක් වේවා

      ReplyDelete
      Replies
      1. මැච් ගැන නං කතා කරලා වැඩක් නෑ.ස්තුතියි මහේෂ්.

        Delete
    24. සුබ උපන්දිනයක් හැලපැට්ටෝ....

      ReplyDelete
    25. සුබ උපන් දිනයක් වේවා!!

      ReplyDelete
    26. හැලපැට්ට ට සුබම සුබ උපන් දිනයක් වේවා!

      ReplyDelete
    27. පරක්කු වෙලා හරි පුතාට සුබ උපන් දිනයක් වේවා...!

      ReplyDelete
    28. දැන් කොහොමද හැලපැට්ටට සුභ උපන් දිනයක් කියන්නෙ, දින පහුවෙලා
      සුභ අනාගතයක් හැලපැට්ටෝ!!!!!!

      ReplyDelete
      Replies
      1. දින පහුවුණත් පැමිණීමට ස්තුතියි.

        Delete
    29. Happy belated birthday, son.
      In Belarus, huh?

      ReplyDelete
    30. හැල පට්ටාට සුබපැතුම්...

      ReplyDelete
    31. Wish you a very happy birthday dear helapa Malli (only 9 years younger than me)

      ReplyDelete

    ඔබේ අදහස්