අදින් වසර විස්සකට හා විසිඑකකට පෙර සිදුවූ මට එක හා සමාන වැදගත් සිද්ධීන් දෙකක් කෙරෙහි සිත් දිවයයි. එනම් අනුපහේ මාර්තු දාහත් වනදා අළුයම සිදුවූ බිලිඳෙකුගේ උපතත් ඒ බිලිඳාට වයස අවුරුද්දක් පිරෙන අනුහයේ මාර්තු දාහත් වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කුසලානය හිමිවීමත්ය. ඉපැදුණු බිලිඳා හැලපැට්ටාය ඌට අවුරුද්ද සම්පුර්ණ වෙමින් එද්දී ලෝක ක්‍රිකට් කුසලානට තරඟ වදිමින් සිටි ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණ අවසාන තරඟය සඳහා තම ස්ථානය වෙන්කර ගත්තේය. අවසාන තරඟය උත්සවශ්‍රීයෙන් නරඹන්නට අවශ්‍ය නොයෙකුත් අඩුම කුඩුම අපි සුදානම් කරමින් සිටියෙමු. එදා අපේ මල්ලීද උගේ යාළුවන් පිරිසක්ද ඇවිත් හිටියා මට මතකය. අඩුපාඩු සොයමින් ඒවා සපුරා ගනිමින් අපි ලහි ලහියේ සුදානම් වද්දී එක්වරම බෝම්බයක් අතඇරියේ අපේ අම්මාය, චූටිපුතාට අවුරුද්දක් පිරෙන රාත්‍රිය පුරා පිරිතක් කියවා සෙත් පතන්නට කටයුතු යොදා ඇති බවත් ඇය මෙහෙණින්නාන්සේලා කණ්ඩායමකට ආරාධනා කර තිබෙන බැවින් ඔවුන් එදා හවස ගෙදරට එන බවත් කියූ අම්මා පිරිත් කියන්නට මණ්ඩප්පයක් හෙවත් පිරිත් කොටුවක් තනා දෙන ලෙස අපට කීවාය. අම්මා කියපු කතාවට අපි නන්නත්තාර වී ගියෙමු පිරිතක් ගැන කතාවක් මීට පෙර අහන්නටවත් තිබුනෙ නැති අතර මෙය අම්මාගේ තනි කැමැත්තට අපි කාගෙන්වත් නොඅසා යොදාගත් වැඩක් බවත් අපට අවබෝධ විය. මෙහෙණින්නාන්සේලායි කියාගන්නා සිවුරු පොරොවාගත් කාන්තාවන් කියන පිරිත ගැන මගෙ කිසිම පැහැදීමක් තිබුණේ නැතත් දැන් ඉතිං වෙච්ච දේට මක් කරන්නදැයි සිතා ගමේ හිටපු පිරිත් මණ්ඩප ගහන දෙන්නෙකුට වැඩේ පංගරාත්තු කළේ රෑට මැච් එක බලන විදියක් ගැන හිතමින්ය.
ඒ වෙනවිටත් මල්ලිලා මැච් එක බලන්නට වෙන තැනක් සෙට් කරගෙනය. හොඳ වෙලාවට ඒ දවස්වල මම අපේ කාමරේටද ටී වී එකක් හයිකරගෙන තිබුණ නිසා ගෑනු ටික පිරිත් කියන අතරේ දොර වහගෙන මැච් එක බලන්නට හැකි නොවේදැයි සිතා සැනසුනෙමි. කාමරේ තිබුණ ටී වී එක ගැන කියනවිට මට තව කතාවක් මතක්වේ. ඒ අවසාන තරඟයට දින කීපයකට පෙර එනම් මාර්තු දහතුන්වන දින ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්හි පැවති ලෝක ප්‍රසිද්ධ වූ අවසන් පුර්ව තරඟය තිබු දිනයේය. ලංකාව මුලින්ම පහරදී ලකුණු දෙසිය පනස් ගණනක් රැස්කරන අයුරු මා කාමරයේ ඇඳේ හාන්සිවී බලා සිටියෙමි.
විවේකයේදී රෑ කෑමද ගෙන නැවතත් ඇඳට ආවේ ඉන්දියාව ලකුණු රැස්කරන ආකාරය බලන්නටය. ඒ වන විට බිරිඳ හැලපැට්ටාව කකුල් උඩ තබාගෙන සොලවමින් නිදිකරවමින් සිටියාය. ආරම්භක පිතිකරු සිධු ලකුණු කීපයකට අවුට් කරගත්තත් ඊළඟට ආ සචින් තෙන්ඩුල්කාර් මන්ජේකාර් සමග එකතුවී පිටියේ හතර අතටම වනන්නට වුයේ ලංකා කණ්ඩායම නරඹන්නන් බවට පත් කරවමිනි. දැන් බලාගෙන ඉන්න මට කට උත්තරද නැත මේ වනවිට එක විකට්ටුවකට ලකුණු අනු ගණනක් ගහලාය. ඔන්න ඔය වෙලාවේ සනත්ගේ බෝලයකට කළුවිතාරණ සචින්ව ක්ෂණයකින් ස්ටම්ප් කළේය. මට ඇතිවූ ප්‍රීතිය කොතරම්දැයි කිව්වොත් මම ඇඳෙන් පැන්නේ කෑ ගහගෙන අප්පුඩි ගසමිනි. අඩ නින්දේ සිටි හැලපැට්ටා ඇහැරී මරහඬ තලමින් හඬන්නට උනේ මම කෑ ගැසූ පාරටය. බිරිඳ ද මට බනින්නේ දරුවා ඇහැරුවා කියාය ඇයට ඒ කාලයේ ක්‍රිකට් පිලිබඳ එතරම් දැනීමක් නැත ඔහේ බලා ඉන්නවාපමණකි. අද වනවිට ඇය මැච් බලමින් විශේෂඥ විස්තර කරන්නට තරම් ක්‍රිකට් දැනුමක් ලබාගත්තේ මාත් එක්ක ක්‍රිකට් තරඟ බලලාය. කෙසේ වුවද ඉන්පසුව ඉන්දියාවේ විකට් එකපිට එක වැටෙන්නට උනේ බලංඉන්න ඉන්දියානුවන් නන්නත්තාර කරවමිනි. මැච් එක පටන් ගද්දි ඔවුන්ගේ අතේ තිබුණ ලෝක කුසලානය ගිලිහී යනු දරාගත නොහැකිවූ ප්‍රේක්ෂකයන් ලකුණු 120 කට විකට් 8 ක් වැටී තිබුණු මොහොතේ අතේ තිබුණු පළතුරු හා වතුර බෝතල් පිටියට එවන්නට වුහ. තරඟය නතරවී තීරක ක්ලයිව් ලොයිඩ් බෝතල් අඩි කන්නාඩි දෙකක් පැළඳ පිටියට ආවේ දැවැන්තයෙකු මෙනි. ඉන්පසුව සිදුවූ දේ ජාත්‍යන්තර මාධ්‍ය වල මෙසේ පළවී තිබුණි.
- At the fall of the 8th Indian wicket, sections of the crowd vented their disgust with the state of the match by setting fire to some areas of the stands and throwing fruit and water bottles onto the field. The match was briefly stopped and when play was about to resume, the crowd again threw bottles at the deep fielders. The match referee stopped the game and the game was awarded to Sri Lanka by default.
හැන්දෑවේ පැමිණි මෙහෙණින් ටික රාත්‍රියේ පිරිත් කියන්නට ගත්විට හිටපු කොල්ලන් ටිකත් මැච් එක බලන්නට ගිහින්ය. පිරිත ගැන කිසිම ගනිච්චියක් නැති හැලපැට්ටා සුපුරුදු ලෙස රෑ අට වෙද්දී නිදා ගත්තේය. මම හිමිහිට කාමරයට වැදී තරඟය බලමින් හිටියෙමි. මහ පිරිතෙන් පසු මෙහෙණින් ද එකා දෙන්නා කාමරයට වදින්නට ගත්තේ දැන් ලකුණු කීයදැයි අසාගෙනය. ටිකකින් කාමරය පිරුණි මේ වැඩේ හරියන්නේ නැති බව දැනගත් මම හිමිහිට පසුබැස කාමරයෙන් පිටවී මල්ලිලා තරඟය බලමින් සිටි උඩහ ගෙදරට ගොස් උනුත් එක්ක තරඟය බැලුවෙමි. තරඟය රාත්‍රියේද පිරිත උදේ පාන්දරද ජයග්‍රාහීව අවසන් වෙද්දී මම උදේම රස්සාවට ගියෙමි.
පුංචි කාලයේදී හැලපැට්ටාව ඇතිවෙන්නට හුරතල් කරන්නට ලැබුනාදැයි මම බොහෝවිට සිතමි. එහෙම උනත් දැන් ඌව හුරතල් කරන්නට බැරි ඉලන්දාරියෙක් බැවිනි. තේරෙන කාලයේදී හැලපැට්ටාගේ පළමුවන උපන් දිනයේදී සිදුවූ දේවල්ද මම කෑගැසූ විට ඌ ඇහැරී අඬපු හැටිද අම්මා මට බැනපු හැටිද මම කොල්ලාට කියා දුන් විට ඌ හිනාවුනේ හූ කියමිනි. මේ දවස්වල හැලපැට්ටා බෙලාරුස්හි කට්ටක් කමින් සතුටින් සිටී. අද උගේ උපන් දිනයයි. පුතාට සුබ උපන් දිනයක් පතන්නට අම්මාද තාත්තා සමග එකතු වන්නීය෴
පුතේ ඔබට සුබ උපන් දිනයක් වේවා!!
පුතේ නුඹට සුබ උපන් දිනයක් වේවා....!
ReplyDeleteස්තුතියි ෂෙෆාකි.
DeleteHappy B'Day Halapattoo
ReplyDeleteThanks haree.
Deleteහලපැට්ටා ට සුබම සුබ උපන්දිනයක්
ReplyDeleteස්තුතියි ඉවාන්.
Deleteතාත්තාගේ හෘදයාංගම සුභ පැතුමට ජය වේවා..
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා හැලපැටියෝ... දැං ඉලන්දාරියෙක් නෙව.. හැක්..
හැලපක්කාගෙන් අහල කියහං මේ පාර කප් එක කව්ද ගන්නේ කියලා.. හොදේ
දේශකයාටත් ජයවේවා.
Deleteහැලපගේ පුතාට සුභ උපන්දිනයක්. එදා තෙල්ඩුල්කාර් අවුට් වුණාම අඬපු එකම ලාංකිකයා හැලපගේ පුතා වෙන්න ඇති.
ReplyDeleteහි හි හි නියම කතාව !
Deleteසුබ උපන්දිනයක් වේවා ඔහුට
ඉයන්,
Delete++++++++++++++
හැක්.. හැක්.. පට්ට කමෙන්ට් එක.
Deleteඉයන්, දවසේ කමෙන්ටුව...
Deleteසුපිරි කියමන ඉයන්.
Deleteහැලපැට්ටට සහ හැලප යුවළට දීර්ඝායුෂ ලැබේවා!
ReplyDeleteස්තුතියි ඩ්‍රැකි.
Delete/මැච් එක පටන් ගද්දි ඔවුන්ගේ අතේ තිබුණ ලෝක කුසලානය ගිලිහී යනු දරාගත නොහැකිවූ ප්‍රේක්ෂකයන් ලකුණු 120 කට විකට් 8 ක් වැටී තිබුණු මොහොතේ අතේ තිබුණු පළතුරු හා වතුර බෝතල් පිටියට එවන්නට වුහ. තරඟය නතරවී තීරක ක්ලයිව් ලොයිඩ් බෝතල් අඩි කන්නාඩි දෙකක් පැළඳ පිටියට ආවේ දැවැන්තයෙකු මෙනි./
ReplyDeleteමේ සිද්ධිය මට හොඳට මතකයි.
පහුවෙන්දා අපි හවස අපේ තාත්තගෙ මහගෙදර වත්තෙ ක්‍රිකට් ගහගහ උන්න. අපේ අයියත් එතන උන්න ප්‍රේක්ෂකයෙක් විදිහට. බාප්ප (අර අපේ සුප්‍රකට බාප්ප තමා) සුපුරුදු පරිදි දෙකක් දාගෙන බියිසිකලෙයක් තල්ලු කරගෙන ඇවිත්, එතන නතර වෙලා, කීපරයටයි බැට්ස්මන්ටයි මොනවදෝ කියනව දැක්ක. (මං හිටියෙ බෝලර් ගාව ෆීල්ඩිං) පොර මොන මොනව හරි ජොලි කතා වගෙයක් තමා කියන්ඩ ඇත්තෙ කියල හිතුණ. පොර ගියාට පස්සෙ අපෙ අයිය හයියෙං කිව්ව,
"ක්ලයිව් ලොයිඩ්" කියල.
එදා දවසටම අපිට ඒක ඇති හිනාවෙන්ඩ...
මේ මැච් එක මට ෆයිනල්ස් වලටත් වඩා තදින් මතකයේ හිටියා.
Deleteසුභ උපන්දිනයක් වේවා හැලපැට්ටා!
ReplyDeleteස්තුතියි රාජ්.
Deleteහැලපැට්ටාට සුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteමැච් ගැනනං ඉතිං කතා කරල වැඩක් නෑ.
ස්තුතියි ප්‍රසා.
DeleteHappy belated birthday Mr. Halapatta
ReplyDeleteThanks udaya.
Deleteපුතාට සුබ උපන් දිනයක්!!!
ReplyDeleteස්තුතියි රවී.
DeleteSuba upandink halaptto ....
ReplyDeletejayawewa
Thanks vidane.
DeleteSuba upandink halaptto ....
ReplyDeletejayawewa
එකපාරක් කිවුවම මදිද?
Deleteවිදානෙයට කම්මලෙය වැහිල...!
Deleteකම්මලයාගේ ලෙඩේ විදානයට දීලා නේද?
Deleteකොච්චර වයසට ගියත් අපිට දරුවා පෙනෙන්නේ තවම පොඩි එකා කියන හැඟීමෙන්. දරුමල්ලෝ ඉන්න අපිටත් ඒ කාලේ අපේ දෙමව්පියෝ සැලකුවේ ඒ විදිහට. ඒක අපේ සන්ස්ක්රුතියෙන්ම එන පුරුද්දක් නේද?
ReplyDeleteපුතාට සුබ උපන්දිනයක් මෙන්ම සුබ අනාගතයක් වේවා!
ස්තුතියි විචා.
DeleteHBD to HP !
ReplyDeleteThanks Pra.
Deleteසුබ උපන්දිනයක් හැලපැට්ටෝ...:)
ReplyDeleteස්තුතියි පොඩ්ඩි.
Deleteමගේ දුව ඇනෝනිමසීත් හැලපැට්ටට මාස 8ක් බාලයි, කැම්පස් 4ත් ඉයර්.
ReplyDeleteමං කැමතියි මගේ කෙල්ල හැලපැට්ටට සෙට් කරන්න. මොකද කියන්නෙ.
එතකොට හැලපෙ මගේ මස්සිනා වගේ.
/* කැම්පස් 4ත් ඉයර්.*/
Deleteමාරයි!
හොඳ අදහසක් ඉගෙනගෙන ඉවරඋනාම බලමු.
Deleteමට ඔය මැච් එකේ දෙවෙනි ඉනිමේ ඔථවර් දෙකකට වඩා බලන්න ලැබුනේ නෑ. පසුවදා උදෙන්ම බිරිඳ සමග හොස්පිටල් යන්න තිබුණු නිසා නිදා ගන්න වුණා!
ReplyDeleteපහුවදාත් හවස තමයි කේස් එක දැන ගත්තේ!
http://helapakade.blogspot.com/2013/03/blog-post_17.html
ඔයා ඒ කාලෙ ඉඳන් ලෙඩෙක්ද
Deleteඒ කියන්නෙ රසිකගේ බිරිඳට ඒ දිනවල දරුවෙක් ලැබෙන්න ඉඳල තියෙනවා නේද.
Deleteසුබ උපන් දිනයක් හැලපැට්ටෝ...
ReplyDeleteස්තුතියි ලොක්කෝ.
Deleteහැලපැට්ටා උපන් දා උදේ මගේ විවහ ගිවිස ගැනීමට ඇවිත් පොටො ගහලා හදිසියේ රොහලට දුවල හැලපි සහ දරුව බලල ඊට පස්සෙ රෑ පොඩ්ඩක් සෙට් වුනා මතකද?
ReplyDeleteඅපොයි වෙනුජ කොහොමද ඒක අමතක වෙන්නෙ.
Deleteහැපි බෝත් ඩේ එකක් හැලපැට්ටෝ.... මේ බෝත් ඩේ එකටත් රිකට් ටීම් එක ප්‍රසන්ට් එකක් දුන්නා නේ....
ReplyDeleteඔව්නෙ ලැබුන එකම ජයග්‍රහණය.ස්තුතියි මාතලන්.
Deleteසුබ උපන්දිනයක් පැට්ටෝ....විනෝද් කම්බ්ලි ඇඩුවේ ඔය මැච් එකේදී නේද?
ReplyDeleteකම්බිලි ඇඬුවා හොඳට මතකයි නේද.ස්තුතියි ලලිත්.
Deleteශුභ උපන්දිනක් වේවා හැලපැට්ටෝ...
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ගස් ලබ්බ.ජයවේවා!!
Deleteසෙල්ලං වාසනාවක්ද පලවෙනි උපන්දිනේට ලෝක කුසලානය ලැබෙන එක.. හැල පැට්ටාට සුභ උපන්දිනයක් වේවා..
ReplyDeleteස්තුතියි අම්බලං.
Deleteඒ කලබල කරපු ඉන්දියන් කාරයෝ මැද එක ඉන්දියන් කාරයෙක් බෝඩ් එකක් අල්ලන් හිටියා 'We are sorry- Congratulations Sri Lanka කියල.. :)
ReplyDelete96 වර්ල්ඩ් කප් මැච් එක බෝලයක් නෑර බැලුවා.. අදටත් එක රුප රාමුවක් ගානේ මතකයි.
සුභ උපන්දිනයක් හැලප පුතේ!
ඒ නේවි එකේ රාජකාරි කරපු කාලය නේද.ස්තුතියි කමියෝ.
Deleteමේ පාර මැච් එක නං බෝම අමාරුයි වගේ හෙහ්..
ReplyDeleteහැලපැට්ටාට සුභ උපන් දිනයක් වේවා
මැච් ගැන නං කතා කරලා වැඩක් නෑ.ස්තුතියි මහේෂ්.
Deleteසුබ උපන්දිනයක් හැලපැට්ටෝ....
ReplyDeleteස්තුතියි තුශානි.
Deleteසුබ උපන් දිනයක් වේවා!!
ReplyDeleteස්තුතියි රුවන්.
Deleteහැලපැට්ට ට සුබම සුබ උපන් දිනයක් වේවා!
ReplyDeleteස්තුතියි කසුන්.
Deleteපරක්කු වෙලා හරි පුතාට සුබ උපන් දිනයක් වේවා...!
ReplyDeleteස්තුතියි මනෝජ්.
Deleteදැන් කොහොමද හැලපැට්ටට සුභ උපන් දිනයක් කියන්නෙ, දින පහුවෙලා
ReplyDeleteසුභ අනාගතයක් හැලපැට්ටෝ!!!!!!
දින පහුවුණත් පැමිණීමට ස්තුතියි.
DeleteHappy belated birthday, son.
ReplyDeleteIn Belarus, huh?
Thanks Dude.
Deleteහැල පට්ටාට සුබපැතුම්...
ReplyDeleteස්තුතියි කුකුළෝ.
DeleteWish you a very happy birthday dear helapa Malli (only 9 years younger than me)
ReplyDeleteThanks Suranga.
DeleteHaPpY BdAY PutHA.
ReplyDelete