Tuesday, March 8, 2016

නව වසරට ආසිරි සුනාමි පිංකම ගුණපාලගේ කොටය සහ කුමාරිගේ පැමිණීම.

අවස්ථාවේ හැටියට කුමාරිව හොයනවාට වඩා කළයුතු නොයෙකුත් වැඩ රාජකාරි තිබේ.   ප්‍රධාන වන්නේ ප්‍රසංගය ලග්ගැහෙන්නේ නැතුව පවත්වාගෙන යාමයි.    ඒ වනවිට වේදිකාවේ ගැටිස්සියන් පිරිසක් ගීතයකට නටති.    එකම වර්ගයේ කොටු කොටු රෙද්දෙන් මැසූ විවිධ පැහැයෙන් යුත්  කොට ගවුම් හැඳ නටන  කෙල්ලන් රෑන දෙස ප්‍රසංගය නරඹන කොල්ලන් බලා සිටින්නේ කෑදර දෙනෙතිනි.   වේදිකාව ඉදිරිපසට ගොස් ප්‍රසංගය මොහොතක් නරඹන්නට ආශාවක් ඇතිවුණත් කරන රාජකාරිය කාට බාරදෙන්නද?   සුද්දාව හොයා බැලුවත් ඌ ආගිය අතක් නැත තරමකට සප්පායම් වී සිටි සුද්දා තවත් ටිකක් හොයාගන්නට ගියාදැයි නොදනිමි.    

ප්‍රසංගය අවසානයේ පිටින් ආ නැටුම් ශිල්පීන්ට බොන්න දෙන්නට ගෙනත් තැබූ බෝතල් තියපු තැන විපරම් කර බැලු මට ඒවාද නිරුපද්‍රිතව තිබෙනු දැකගත හැකිවිය.   වේදිකාව පසුපස බොහෝ කාර්ය බහුලය.   මීළඟට නටන්නට නියමිතව සිටින අපේ ගමට එහා ගමේ කොල්ලා ප්‍රමුඛ දෙමළ ගීතයට නටන කොල්ලන් හයදෙනා කොළ රතු ආදී තද පැහැයෙන් යුත් ඇඳුම් ඇඳගෙන මුහුණුවල පාට තවරා ගනිමින් සිටිති.    කරදරයක් නැතිව ප්‍රසංගයේ වැඩ කටයුතු ඉදිරියට යන ආකාරය සිතට සතුට දනවයි.    අහසින් කඩා පාත් උනාක් මෙන් හිටිවනම  වේදිකාව පසුපසට  සුද්දා එක්වරම  ප්‍රාදුර්භූත වුයේ මා විමතියට පත්කරවමිනි.

කොහෙද මනුස්සයො අන්තරස්දාන වෙලා හිටියෙ මම හැම තැනම හොයනවා...

හරි හරි දැන් ආවනෙ ඔයා පොඩ්ඩක් ඉස්සරහට ගිහිං බලාගෙන ඉන්න මම කරගෙන යන්නං...

එහෙම කිව්වට සුද්දා ගියපු දිහාවක් මට කීවේ නැත.   ඌත් එක්ක වැඩි කතාබහකට නොගිය මම ප්‍රජා ශාලාවේ පිටුපස දොරෙන් එළියට බැස්සෙමි.    ගස්වැල් පීරා හමා එන සීත සුළඟ ගතට සනීපය එළිමහනේ ලිපක් බැඳගත් කාන්තාවන් ඇතුළු කීපදෙනෙක් ලොකු වතුර මුට්ටියක් උණු කරන්නේ නැටුම් ගැයුම් කර මහන්සි වන අයට තේ ටිකක් දෙන්නට විය හැකිය.   තේ එකක් බී විටක්ද හැපුවොත් සීතල රාත්‍රියේ ගතට සුවයකි මම කට්ටිය තේ උණුකරන තැනට ගියෙමි.   කොච්චර උනත් අපේ ගමේ උදවිය ගමේ පොදු වැඩකදී එකා මෙන් එකමුතුවී කරන වැඩේට සහයෝගය දෙති.

අදටත් අපේ ගමේ කරගෙන යන සුනාමියෙන් මියගිය අයට පිං පැමිණවීමට කරන දානමය පුණ්‍යකර්මය 2005 දී ගමේ අය පටන්ගත්තේ මෙපමණ කල් කරගෙන එන්නට හැකිවේයැයි අපේක්ෂාවෙන් නොවුනද දැන් ඒ දානමය කටයුත්ත වසර දහයක්ද පසුකරගෙන ගොස්ය.   දානයට පෙරදින රාත්‍රියේ ගමේම උදවිය  ප්‍රජා ශාලාවට එකතුවන්නේ තමන්ටද හැකි පමණින් මේ සත්කාර්යයට උදව් කරන්නටය.  දානයට සම්මාදම් වීමේදී ගමේ කවුරුත් තමන්ට හැකි විදියට උදව් කරති එමෙන්ම දානයට මුල්වී කටයුතු කරන සමිතියේ අයද මාළු කිලෝ හත අටකින් ආධාර කරන අයට මෙන්ම දානයට තම්බන්නට කොස් දෙල් ගෙනෙන අයට මතු නොව රම්පෙ කරපිංචා ආදිය ගෙනන අයවද එකසේ  වැදගත් කොට සැලකු නිසා කවුරුත් උනන්දුවෙන් මේ කටයුත්තට සහභාගී වුහ.

දානයට පෙරදින රැයේ ගමේ ප්‍රජා ශාලාව පිටුපස ඇති හිස් කොටසේ මරණාධාර සමිතියේ තහඩු මඩු දෙක අටවා ගන්නා අපි දානය සුදානම් කිරීමේ කටයුතු ආරම්භ කරන්නෙමු.   කලින්දා රාත්‍රියේ පිස ගන්නට ඇත්තේ මාළු, අච්චාරු වැනි සීමිත ව්‍යංජන කීපයක් වුවද පසුවදා උදේ පාන්දරම අවදිවී  වැඩ කටයුතු රාශියක් කරන්නට තිබෙන නිසාවෙන් බොහෝ දෙනෙක් වැඩ කරමින්ද කතාබහ කරමින්ද මඩුවේ රාත්‍රිය ගතකරති.  රටේ නොසිටිය නිසා හැම අවුරුද්දේම සහභාගිවන්නට නොහැකි වුවත් තැනින් තැන අවුරුදු කීපයක් දානයට සහභාගී වීමට මටත් අවකාශ ලැබුණි. 

උයන පිහන ද්‍රව්‍ය සපයන්නට බාරගත් අය ඒවා කළින් දින හවස ගෙනත් බාරදෙති.    කොල්ලන් රම්පෙ කරපිංචා ඇදගෙන එන්නේ ගාල් පිටිනි.   එතැන් සිට ඇරඹෙන්නේ තරමක යුද්ධයකි කැපෙන පිහිද මාළු එළවලු කපන්නට කපන ලෑලිද පොල් ගාන්නට හිරමණ ද කිරිගොටුද නෑඹිලි කොරොස්ද ආදී වශයෙන් දාහක් දේ සොයා දුන්නාට පසුව  වළං අල්ලන්නට කඩමාලුද හොයාදෙන්නට සිදුවේ.   උයන්නට කාන්තාවන් කොච්චර හිටියත් උයන පාටියේ මුලිකයා වන්නේ ගුණපාලය.    ඒ එහා ගමේ වැසියෙක් වන ගුණපාල සමිතියේ සාමාජිකයෙක් මෙන්ම වෘත්තීය කෝකියෙක්ද වන නිසාය.  කරුවල වැටී ටික වෙලාවකින් ඔහු පැමිණෙන්නේ මුළු රැය පුරාම කන්නට විශාල බුලත්විට මල්ලක්ද අරගෙනය.   අනෙක් අයට දෙන්නට අදිමදි කළද ගුණපාලගේ විට මල්ලෙන් විට කන්නට මට තහනමක් නැත ඒ මම ඔහුට බෝතලය නොවැරදී සපයන නිසාය.     පැමිණ ටික වෙලාවකින් වැඩ පටන්ගන්නා ඔහුට වැඩකරන ගමන් ටික ටික සප්පායම් වෙන්නට බෝතලයක්ද දිය යුතුය.   එක අවුරුද්දක දානයකදී අපි කරපු වැඩක් මට මතක්වේ. 

එදාද මම ටික වෙලාවක් වැඩ කරගෙන යද්දී ගුණපාලට බෝතලයක් ලබාදුන්නෙමි.  ඒ එක්කම වැඩ කරන කොල්ලන්ටද බොන්නට බෝතල් කීපයක් ගෙන්නුයෙමි.   දැන් කවුරු කවුරුත් සතුටින් වැඩටික කරගෙන යති ගුණපාල මාළු උයන්නට ගත්විට අපි මාළු ඔලුව ඇතුළු සුන්බුන් වලින් ඔහුට කියා වෙනම හොද්දක් හදවා ගත්තේ පාන්දරට බේකරියෙන් රෝස්පාන් ගෙනැවිත් කන්නටය.  ගුණපාල බෝතලය ටික ටික සප්පායම් වෙමින් වැඩ කරද්දී කොල්ලෝ උන්ගේ බෝතල් දෙකතුන ඉක්මනටම අවසන් කළහ.   මැදියම් රැය වෙද්දී වැඩ ටික අවසන් කළ ගුණපාල ඉතිරි වැඩටික පාන්දර අවදිවී කරන්නට ඇති බැවින් පරණ ටෙන්ට් රෙද්දක් එලා එතැනම නිදාගත්තේ බෝතලයේ ඉතිරි කොටය ටෙන්ට් එකට යටකර ඔලුවට තබාගනිමිනි.  ටික වෙලාවකින් ගුණපාල ගොරවන්නට පටන් ගත්තේය.   බෝතල්ද අවසන්ව ඇතිනිසා අපි කතාබහ කරමින් සිටියෙමු.    පාන්දර යාමය වෙද්දී බේකරියෙන් උණු රෝස් පාන් ගෙනාවේ මාළුඔලු හොද්දත් එක්ක කන්නටය.

ගුණපාල විසින් තුනපහේ  හොඳට දමා සැරට හදන ලද  මාළු හොද්දත් උණු රෝස් පානුත් කනවිට දිවියලෝක රසය.   ආයෙම පාන්වලින් මම එවැනි රසයක් ලබා ඇත්තේ ප්‍රංශයේදී කරවෙන්නට පිලිස්සු ඇතුළත පුළුන් වැනි උණු බගට් පොල් සම්බෝල සමග කනවිටදීය.   පාන් කන ගමන් තව චුට්ටක් විතර බොන්නට තිබුණානම් මරු කියා කීවේ කුවින්ටස්ය.   ඒත් මේ මහ පාන්දර බෝතල් කොහෙන් හොයන්නටද? මම සද්ද නැතුව හිටියෙමි.

එක තැනක් නං තියෙනවා ...කුවින්ටස් කියයි.

කොහෙද කොහෙද...කවුරුත් බැලුවේ කුවින්ටස් දෙසය.

කුවින්ටස් ඇහෙන් පෙන්නන්නේ බෝතලේ කොටයද ඔලුවට තියාගෙන නිදා ඉන්නා ගුණපාලවය.   කොච්චර පරිස්සමට හංගා ගත්තත් කුවින්ටස්ගේ විමසුම් ඇස මග ඇරවීමට ගුණපාල සමත්වී නැත.

උස්සමු...කුවින්ටස් කතා කරන්නේ මහත් උද්‍යෝගයකිනි.

ඒත් ඇහැරෙයිද...තවෙකෙක් ප්‍රශ්න කරයි.

හරි  බලමු...

කුවින්ටස් දරගොඩ අවුස්සා රවුම් දර කොට කෑල්ලක් හොයා ගත්තේය මූ මොනවා කරන්න යනවාදැයි අපි බලාසිටියේ බීගත්විට  කුවින්ටස් කරන්නේ මොකක් නමුත් ඉළ කැඩෙන්නට හිනා යන වැඩක් බව දන්නා නිසාය.   කුවින්ටස්ගේ උදව්වට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූයේ සුද්දාය දෙන්නා දර පොලු කෑල්ලත් අරගෙන ගුණපාල නිදාසිටින තැනට හිමිහිට කිට්ටු කළෝය. මුන් ඊළඟට පටන් ගත්තේ ඇත්තටම හිනායන වැඩකි කුවින්ටස් ටෙන්ට් රෙද්දට යටින් දර කෑල්ල රිංගවද්දී සුද්දා හිමිහිට අනික් පැත්තෙන් බෝතල් කොටය අදින්නට විය.   ගුණපාල ගොරොද්දෙ අදිමින් නිදා සිටියදී හෙමිහිට හෙමිහිට බෝතල් කොටය පන්නා ගන්නට මුන් දෙන්නාට විනාඩි පහක් හයක් ගතවන්නට ඇත.    කොහෙන්වත් බෝතල් හොයාගන්නට නැති ඒ මහ පාන්දර ලැබුණු බෝතල් කොටය කොපමණ වටිනවාදැයි කිවහොත් අන්තිම බිංදුව තෙක්ම වටී කියා කැත නැතුව කට ඇර කියන්නට හැකිය.    ඒ බෝතල් කොටයද ඉවර කළ කුවින්ටස් ඇතුළු පිරිස රෝස් පාන්ද  කා වැටුණු වැටුණු තැන්වල නිදාගත්හ.

පහුවදා උදේ පාන්දරින්ම ගුණපාල අවදිවුනේ තමන්ගේ උයමනේ ඉතිරි හරිය සම්පූර්ණ කරන්නටය.   වැඩ පටන්ගෙන ටිකකින් ඔහු ටෙන්ට් එක යටට අත දැම්මේ රාත්‍රියේ ඉතිරි කරපු කොටයෙන් අඩියක් ගහන්නට උනත් අවාසනාවට එතැන තිබුනේ දරකොට කැබැල්ලකි.   බලාපොරොත්තු කඩවුණු ගුණපාල තමන්ට වෙච්ච අවනඩුව කියන්නට මා ලඟට එන බව මම දැන සිටියෙමි.    උදේ වයින් ස්ටෝරු ඇරපු ගමන්ම බෝතලයක් ගුණපාලට ලබාදෙන බව කියා ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තෙමි.    මෙවැනි රසවත් සිදුවීම් නොඅඩුව ඇති අපේ සුනාමි දාන පිංකම දැන් වසර දහයකුත් සපුරලාය.   සුනාමියෙන් හානියට පත්වූ ප්‍රදේශ තිබුණේ අපේ ගමට ගව් ගණනක් දුරිනි වැරදිලාවත් ගමේ කෙනෙක් හෝ ගමේ කෙනෙකුගේ ඥාතියෙක් හෝ සුනාමියෙන් විපතට පත් වුනෙත් නැත.   කරුණු කාරණා එහෙම තිබියදී අපේ ගමේ උදවිය සුනාමියෙන් මියගිය අයට පිං පමුණුවන්නට දාන මාන කරන්නේ අහවල් දේකටදැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන් උනත් මට කියන්නට තියෙන්නේ ඒ අපේ ගමේ උදවියගේ හැටිය කියාය.  කෙනෙකුගේ විපතකදී බොහෝසේ කම්පාවෙන අපේ ගමේ අය එය තමන්ට සිදුවූ විපතක් ලෙස සළකා කරන්නට පුළුවන් හැම උදව්වක්ම කරති මියගිය අය වෙනුවෙන් කරන්නට ඇත්තේ පිං පැමිණවීම පමණක්ම නිසා මෙසේ බණක් කියා දනක් දී පිං පමුණුවති.    ගමේ උදවියගේ මේ පරාර්ථකාමී ගුණයට මා ඉතා කැමතිය,   මගේ පුද්ගලික වැඩද අමතක කර  මෙවැනි වැඩවලට මා හැකි හැම උදව්වක්ම කරන්නේ අපේ ගමේ අයගේ  මේ මාහැඟි ගුණයට මගේ ගෞරවය දක්වනු පිණිසය.

සුනාමිය ගැන කියාගෙන ආපු නිසා ඒ ගැන තවත් කතාවක් මතක්විය.    සුනාමිය ආපු අවුරුද්දේ අපි පදිංචිවී සිටියේ යුරෝපා රටකය. ලංකාවත් එක්ක වෙලාවේ වෙනස පැය හයහමාරකි තවත් විදිහකට කිව්වොත් ලංකාවට දවල් එක වෙද්දී ඒ රටේ උදේ හයහමාරය.   ලංකාවට සුනාමි විපත පැමිණියදා එනම් 2004 දෙසැම්බර් 26 වනදා උදේ පාන්දර ටී වී එක දැම්ම වෙලේ ඉඳන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා හැම එකකම පෙන්නන්නේ ලංකාවටත් ඉන්දුනීසියාවටත් බලපෑ සුනාමිය ගැනයි.  මියගියාය කියන අයගේ ගණන් හිලව් විනාඩි පහෙන් පහට ඉහළ යයි.   අම්ම මුත්ත කාලෙවත් මෙහෙම දෙයක් අසා නොතිබුණු මම අන්දුන් කුන්දුන් වී ගියෙමි ඇත්තම කිව්වොත් ඒ කාලේ සුනාමි කියන්නේ මොකක්ද කියාවත් අපි දන්නේ නැත.    මම වහාම ලංකාවේ යාලුවෙකුට කතාකර සිද්දවෙන්නේ මොකක්ද කියා ඇසුවෙමි.

ඌ මගෙන් ආපහු ඇහුවේ ඇයි මොකක් වෙලාද කියලාය.   බැලින්නම් ඌ සුනාමිය ගැන හාංකවිසියක් නොදනී.   ඒ ගමන ඌ මගෙන් සුනාමිය ගැන විස්තර අහන්නට උනේ හත් දවසක් අතරමංවී හිටපු එකා හත් මාසයක් අතරමංවී හිටපු එකාගෙන් පාර අහනවා මෙනි.   ඌ එක්ක කතාකිරීම නවත්වා දැමු මම අපේ අම්මාට කතාකර විස්තර ඇහුවාම අම්මා තමන් දන්නා විදියට සිද්දිය විස්තර කළාය.  

මම තේ උණුකරන තැනට ගියවිට එතැන හිටි අය ඇහුවේ මේ පැත්තෙ කැරකෙන්නේ තේ එකක් බොන්න ඕනෑවෙලාද කියලාය.    තේ එකක් තිබුණොත් නං හොඳයි කියූ මම වටපිට බැලුවේ ඉඳගන්නට තැනක් සොයාගන්නටය.  එතකොට මම දැක්කේ ලිප ළඟ බ්ලොක් ගලක් උඩ ඉඳගෙන ඉන්න කුමාරි අත් දෙකත් පොරවාගෙන ගිණි තපිමින් සිටින ආකාරයයි෴

66 comments:

  1. Replies
    1. කාගෙං අහලද යකෝ තිත් දැම්මෙ. හැක්..

      Delete
    2. ප්‍රසා-
      ඇද්ද තොට අද.....

      ප්‍රා-
      ?

      Delete
    3. මේක ගමක් නෙමෙයි.මගුල් සක්වලක්.හැලපයියේ, ඔය පැත්තේ පර්ච් එකක් කීයක් විතර වෙයිද?

      Delete
    4. ඔය පැත්තේ වතුරවල අප්සට් එකක් තියනවා බං , මොනවහරි සංඝටකයක් තියනවා මිනිස්සුන්ගේ කුපාඩිකං වැඩිවෙන , මෙක මං මේ හැලපයා කරපු අවලං වැඩ වෙන එකාලගේ පිටිං දාල ලියන කතා කියවල කියන කතාවක් නෙමෙයි , ඔය වේයංගොඩ මං දන්න එකාල ඉන්නව කිහිප දෙනෙක්ම ඔක්කොම පට්ට වනචරයෝ , ඉතින් ඔය වතුරේ කතාව මං ඉස්සර ඉදන්ම කියනවා , හමා , සාන්තයා , ශාන්තයා , ජැකා , ලලිත් ,රොහාන් , ශානක , සරත් , ප්‍රනාන්දු ඔය ඔක්කොම බඩුකාරයෝ තමා , දන්න ගෑණු ගැන නොකියා ඉන්නං ඊයේ පෙරෙයිදනේ උන්දලාගේ දවස ඒකට ගරුකරල

      Delete
    5. කටුසු,
      වරෙන් ලාබෙට අරං දෙන්නං.

      Delete
    6. අටං,
      ඔව් බං වනචරයෝ කුපාඩියෝ අවලම්මු මෙකී නොකී ඔක්කොම ඉන්නෙ අපේ පැත්තෙ තමා.බොලාගෙ සුදන ගුණය සාධුශීල ගුණෝපේත භාවය ඉස්මතුවෙන්න එහෙම අයත් ඉන්න එපැයි.

      Delete
  2. හත්තිලව්වයි කුමාරි ඉදලා.........

    ReplyDelete
  3. අද නං පුතේ කරකැවිලා ගියා. ව්‍යංගාර්ථ හෙම තියේද කියල බලල.. හැක්

    //කොහෙද මනුස්සයො අන්තරස්දාන වෙලා හිටියෙ// මාත් මේ අහන්න හිටියේ.

    ඔන්න අපේ ගෙවල් ගාව කොල්ලෙක් මගේ බයිසිකලෙත් අරන් ටවුමට ගිහින්. මේකා හති හලාගෙන ටිකකින් දුවගෙන එනවලු. ඌට කතා කරන්නත් බැරි තරමට විලම්බීත වෙලාලු.. අපේ හාමිනේ අහල තියෙන්නෙ කෝ බයිසිකලේ කියලා.. “මොන බයිසිකල්ද ඇන්ටි.. මුද එනවා මූද එනවා“ කිව්වලු..

    බයිසිකලේ නැති කරගෙන මේකා බොරුවක් කියනවයි කියපු අපේ මනුස්සයි, මාමන්ඩියි බඩ අල්ලන් හිනා උනාලු විනාඩි පහක් විතර. අන්න එතකොට පෙරහැර වගේ කාර් රේස් එකක් එනවලු කන්දට.. එතකොටලු දැනගත්නේ.. හැක්.. සුනාමියට මං හිටියේ ෂෙඩ් එකේ.. මූද හිදිලයි කියල ෂෙඩ් එකේ මනුස්සයා කිව්වා. මං ඕවා බැලුවේ නැහැ තෙල් ගහගත්තා. මට පස්සේ හිටි ට්‍රක් එකේ අදුරන අයිය කෙනෙක් ඒක බලනන් කියල බැහැල ගියා. කෝම හරි මට කිලෝ මීටර් බාගයක් යන්න උනේ නැහැ. මාව පහුකරං කාර් රේස් ගියා. අර ට්‍රක් එක කිලෝ මීටරයක් විතර දිරින් ගාලක හිරවෙල තිබිල අහු උනා. බොඩිය අහු උනේ තවත් පහු වෙලා..

    ReplyDelete
    Replies
    1. චැහ්.. ට්‍රක් එක කරල තියෙන අමන වැඩේ. බොඩිය ගලෝල විසිකරලම ගාල අස්සෙ රිංගලනෙ.

      Delete
    2. අද ව්‍යංගාර්ථ ලියන්න ක්‍රමයක් තිබ්බෙ නෑ බං.

      Delete
  4. ඔය සුනාමිය ආව දවස් වල මට මතකයි කට්ටිය ලොරි ගණං ගියා. හුගක් අය ඔය යන ලොරි වල එල්ලිලා ගියෙ ආධාර සහනාධාර දෙන්න වුවමනාවට නෙවී මුහුද ගොඩගැලුවට පස්සෙ තත්වෙ මොකද්ද කියල බලන්න. අපිත් ගියා කුරුම්බ ලොරි දෙකක් ඇරං. ලොකු ඉසුසු තඩි දෙකක් පුරවල කුරුම්බ. ඒ දවස් වල කුරුම්බ මං හිතන්නෙ සෑහෙන්න වටින දේවල් වුණා.

    අද වෙද්දිත් සුනාමිය සිහි කරල හැලපෙල ගමේ අය දානයක් දෙනව කීවට සුනාමිය ආව ගම් වල වත් එහෙම කරනවද දන්නෑ නෙහ්...

    මට මතකයි පොල්ගහවෙල යංගල්මෝදරදි බස් එක ඇස්සිඩන්ට් වෙච්ච සිදුවීමෙන් පස්සෙ එතන එක එක පිංකං වුණා පස්සෙ පස්සෙ ඒ ගැන කතා කරන්නවත් කෙනෙක් නැති වුණා
    දැං එතන ස්මාරකයක් විතරයි ඒ ගමේ අයටත් ඒක මතක නෑ
    බස් කාරයන්ට නං කොහෙත්ම මතක නෑ

    ReplyDelete
    Replies
    1. යංගල්මෝදර හරියේ කොච්චර බස් කෝච්චියේ හැප්පුණාද ?මට මතකයි මහින්ද ඔතනට ගුවන් පාලමක් එහෙමත් යෝජනා කෙරුවා.

      Delete
    2. ඒක තමයි මහේෂ් වැදගත්ම දේ.සුනාමිය ආව පළාත්වල අයත් දාන මාන දීම අතෑරලා ඉන්න කාලෙක මෙහෙම දෙයක් නොකඩවා කරගෙන යෑම හරිම වැදගත්.

      Delete
    3. මනෝජ්,
      යාංගල්මෝදරට ගුවන් පාලමක් අවශ්‍යමයි.තාම බස් රියදුරන් ඔතනින් ගේට්ටුව වහල තියෙද්දී රිංගන්න බලනවා.

      Delete
  5. සුනාමියෙන් මොන විනාසයක් උනත් අපේ රටේ අපේ මිනිස්සු අතරේ ඇතිවෙච්ච සාමූහික හැඟීමයි එකමුතුවයි හරහා ඒ ප්‍රශ්න ගොඩක් ජයගත්තා අපට සාපේක්ෂව මේ ප්‍රශ්නෙන් බැට කාපු අනෙක් රටවල් එක්ක බලද්දී. හැබැයි ඉතින් ඔය විපැත්තිය වෙච්ච දවසේ නැගෙනහිර පලාතට සුනාමිය ඇවිල්ලා පැය ගානක් යනකල් අනෙක් පලාත්වල අය ඒ ගැන දැනගෙන ඉඳලත් නෑ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අතරෙ තියෙන එකමුතුව වැඩිවුණාට අපේ රටේ අය සුනාමියට ලැබුණු දේ හරියට කළමනාකරණය කරගත්තෙ නෑ.එහෙම උනානං රට ගොඩක් දියුණු කරන්න තිබ්බා.

      Delete
  6. ඔය සුනාමි සම්බන්ධව දෙන දාන මහානුබල සම්පන්නයි. අපි දන්න එක්කෙනෙකුත් සුනාමි එක සිහිකරන්න මිලියන ගාණක් එයාගෙ අක්කගේ අකවුන්ට් එකට දානයක් දුන්නා. ඒ පිනෙන් පස්සෙ රජවුණා.

    ReplyDelete
    Replies
    1. ඉයන් තමුසෙට පිස්සුද මනුස්සයෝ
      බඩේ අමාරුවක් හැදිච්ච බළලෙක් වගේ හැමතැනම කැත කරකර යන්නේ

      දැන් තියෙන්නේ ඔහේගේ ලොන්පෝල් ආණ්ඩුව වෙච්චි, මොකක්හරි අහවල් බිජ්ජක් වෙලා තියෙනවනම් නාන ලිඳ ගාව ඕපාදුප කියන ගෑණියෙක් වගේ වෙන්නේ නැතුව ඔය කියව කියව යන සිද්ධි ඔක්කොම හොයල බලලා නඩු දාන්න කියනවකො

      Delete
    2. දුප් කිව්වෙ

      Delete
    3. රජ උනත් දානෙ ආනිශංස තාම පළදෙනවා.

      Delete
  7. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
    Replies
    1. රෝල්කරල ගහගනින් පුකේ

      Delete
  8. බ්ලොග් ගලක් උඩ හරි කුමාරි ඉඳගෙන හිටපු එකම මදැයි අදට. හැක්..

    සුනාමිය වගේම 2003 ගලපු ගංවතුරෙදිත් මිනිස්සු සෑහෙන්න එකමුතු වෙලා වැඩ කළා. මෙච්චර කාලයක් ඒ වෙනුවෙන් නොකඩවා දානයක් දෙනවයි කියන්නෙ බොලාගෙ ගමේ එවුවො කරන ලොකු පිනක්.

    කොටේ තියල කොටේ උස්සපු එකනං නියම වැඩේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය 2003 ගංවතුර වෙලාවෙ අපිත් ආධාර ලොරියක් අරං ගියා.ඒ ගියෙ කලවාන හරියට මගෙ මතකෙ හැටියට.එදා අපි වැද්දාගල පාරෙ සිංහරාජ හරියට ගියා මතකයි.

      Delete
  9. සුනාමියට අපේ හිත් ගොඩක් රිදුනා.... මිනිස්සු එකා වගේ අනිකාට උදව් කලා.ගස්ලබ්බලා බාලදක්ශයෝ කැට හොල්ලලා බෙහෙත් ද්‍රව්‍ය,හොඳ ඇඳුම් පැලඳුම් තොගයක් යැව්වා...
    පහුගිය දවස් වල සුනාමියට මූණදීපු පැති වල වැඩ කරනකොට හිත හොඳ මිනිස්සු මෝඩයෝ කියන එක හරි නේද කියලත් හිතුනා.සමහරු ඒ ආධාර අවභාවිතා කරල තියෙන විදිහට.ඒත් ගොඩ දෙනෙක්ට තිබුන එකම දේ ඒ ආධාර විතරයි.. හරියට අර කොටේ වගේ.. හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපෙත් ගොඩක් හිත රිදුණා.ඒ කම්පනයෙන්ම ආධාර හැටියට රට සල්ලි තොගයක් එකතු කරලා එව්වා.කරපු මෝඩකම කියල පස්සෙ හිතුණා.

      Delete
  10. සුනාමි සම්බන්ධ අත්දැකීම් නම් බොහොමයක් තිබෙනවා. සුනාමියට හසුවුණු මගේ නැන්දා කෙනෙකුගේ තෙල්වත්තේ පිහිටි නිවස සොයාගත්තේ එහි තිබු වතුර ටැංකියේ කණුවෙන්. ඒ කණුව ඇරෙන්න වට පිට හැමදේම ගඩොල් කෑලි සිමෙන්ති කෑලි ගොඩක් පමණයි. ජීවිත හානි සිදුවුනේ නෑ පෙර පිනකට වගේ කලින් දවසේ කට්ටිය කතරගම ගිහින් නිසා.

    සුනාමියට කලකට පසු නිවාඩුවට ගමේ ගිය වෙලාවේ සිදුවුන අත්දැකීමක් ගැන මගේ මිතුරෙක් කියපු කතාවක් මේ. සුනාමියට පෙර ආතක් පාතක් නැතුව ගමේ රස්තියාදු ගහ ගහ හිටපු එකෙක් සහ මිතුරා අතර සිදුවු දෙබස මෙහෙමයි.

    මිතුරා : "ආ...රංජිත් කොහොමද?" (සංවේගාත්මක හඬින්) "සුනාමියෙන් උඹලටත් ලොකුවට කරදර උනාද බන්?"

    රංජිත් : (වික්ෂිප්ත දෑසින්) "මහත්තය මොන පිස්සුවක් කියනවද මන්දා...රත්තරං වතුර ටිකනේ මහත්තය!" (නැවත සංවේගාත්මක හඬින්) "ආයේ කවද එයිද ඉතින් දෙයියනේ!"

    එවර වික්ෂිප්ත උනේ මගේ මිතුරා. බැලින්නම් මූට සුනාමි ආධාර වලට මෝටර් සයිකලයකුයි රට ඇතුලෙන් පොඩි ඉඩම් කෑල්ලකුයි ලැබිල!

    ReplyDelete
    Replies
    1. ඒ විදියටත් සුනාමියෙන් පින පෑදුන උන් ඉන්නවා උදය.වතුර බිංදුවක් පයේ ගෑවුනේ නැති සමහර අයත් ඉඩම් ගෙවල් එහෙම ලබාගෙන තිබුනනෙ.

      Delete
  11. කෝ මේ සුරංගම්ල්ර්?

    ReplyDelete
    Replies
    1. ඌ කමෙන්ට් දාන්නේ ඌව උස්සලා තියන අයගේ සයිට් වල විතරයි. ඌ හැමදාම එකම දේ ලියනවා විතරයි.

      Delete
    2. කාලෙකිං සුරංග මේ පැත්තෙ ආවෙ නෑ ප්‍රා.

      Delete
  12. ගුණපාලගේ කොට කැල්ල නැති වුනා වගේද බෝතලයක්ම පහුවදා ලැබෙන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. //බලාපොරොත්තු කඩවුණු ගුණපාල තමන්ට වෙච්ච අවනඩුව කියන්නට මා ලඟට එන බව මම දැන සිටියෙමි. උදේ වයින් ස්ටෝරු ඇරපු ගමන්ම බෝතලයක් ගුණපාලට ලබාදෙන බව කියා ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තෙමි.//

      Delete
    2. බෝතල් දන් දුන්නම පිං ලැබෙනවා නං මට ආයෙ වෙන පිං කරන්න ඕනෑ නෑ බංස්ලා.

      Delete
  13. සුද්දා කුමාරිව පන්නගෙන වගෙයි.

    ReplyDelete
    Replies
    1. පන්නගෙන ආපහු ගෙනැත් දාලද?

      Delete
  14. අපි හරි හරක් හැලපේ.... සුනාමි වෙලාවේ මාත් උන්නේ පිර රටක.. ඔය ඉයන් කියනවා වගේ කීප දෙනෙක් පරම්පරා ගානකට හම්බ කර ගත්තා... කොහොම හරක්ද කියනවා නම් පොඩි බොරුවක් කියන්න විතරයි අවශ්‍ය වෙල තිබුනේ... සමහර උන් සල්ලිත් එකතු කරගෙන නොමිලේ දීඋ රිටර්න් ටිකට් වලින් ලංකාවෙ වැකෙසොන් අවිල්ලත් ගියා...

    ReplyDelete
    Replies
    1. එහෙම කරපු නැති එක ගැන හැමදාම ආඩම්බර වෙන්න පුළුවනි බං.

      Delete
  15. බොතල් උස්සලා බීලා තේ කහට පුරෝලා අපිනෙවෙයි වගේ ඉදල අම්ම මුත්ත නැතිවෙන්න බැනුං අහලත් තියනවා..
    සුනාමිය ගැන කතා නොකරමි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හොරෙන් බිව්වට හිස් බෝතලේට තේ කහට පුරෝන එකනං සවුත්තු වැඩේ නේද?

      Delete
  16. මාළු හොද්දත් උණු රෝස් පානුත් කනවිට දිවියලෝක රසය.///// mmmmm

    ReplyDelete
    Replies
    1. අනික වෙලාව මහ පාන්දර නෙ රස වැඩියි.

      Delete
  17. නාට්ටිය අහවරයක් වෙනකම් ආයේ නම් කුමාරිට හැලපේ අයියගේ ඇස් මානෙන් ගැලවෙන්න දුන්නේ නැතුව ඇති නේද...ඔය නාට්ටිය පෙන්නන ටිකට දෙපාරක් මිසින් උණු කුමාරි තුන්වෙනි වතාවට මිසින් වෙන කෑල්ල ලියන එකක් නැහැ නේද.. හැක්..

    මෙන්න මගේ සුනාමි කතාව..
    http://ambalangodakatha.blogspot.com/2015/12/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. බෑ බෑ ආයෙ නං මිසිං වෙන්න දෙන්න බෑ.

      Delete
  18. අම්මේ යන්තං ඇති කුමාරි ඉන්නවා , අර කල්‍යාණ නොකා නොබී හිටියේ කුමාරි හම්බවෙනකන්

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. ඒත් මට දැන් මෙකි ගැන සැකයි.. ඔන්නොහෙ හැලපයටම දීලා දානවා..

      Delete
    2. හපොයි ඌ කුමාරිට පණ ඇරල කියල මම දැනගෙන හිටියෙ නෑනෙ.

      Delete
    3. කල්‍යාණ,
      සැක කරන්න එපා බං.කුමාරි ඔය ඉන්නෙ අගේට.

      Delete
  19. ගිය සැරේ කුමාරි අරං සුද්ද ගියා. මේ සැරේ හැලපයිය අරං යයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. මම ඉතිං‍ කුමාරිව අරං කොහේ යන්නද.අහසෙන් යන්නත් බැරි එකේ.

      Delete
  20. අරක්කු බිබී දාන දෙනව. චී... සැක් ඉතරක්...!

    ReplyDelete
    Replies
    1. වරත්තු කම කොහේ යන්නද.පිංකම් අස්සෙ බලුකම් කියන්නෙ ඕවට තමා.

      Delete
  21. මේක යස්ස කුමාරියක් නේ!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං.මේ ඉන්නව මේ නෑ.

      Delete
  22. කුමාරි ගැන හිතේ තිබ්බ පොඩි හරි ආලවන්තකම නැත්තටම නැති උනා.. සක්..

    ReplyDelete
    Replies
    1. හරිම දුකයි.අගේට හිටපු කුමාරි.

      Delete
  23. මේ වගේ ගමේ ප්‍රසංගයක් බලපු කාලයක් මතක නැහැ. මේක කියවලා ආපහු ඒ අතීතයට ගියා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අපි නං විචා කාලෙන් කාලෙට මේ වගේ ප්‍රසංග කරනවා පරණ මතක අලුත් වෙන්නත් එක්ක.

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අර ෆොටෝ එකේ නිල් පාට කෑන් එකේ තියෙන්නේ මොනවද?

      අපිට කොහෙන්ද ඉතින් දාන. ඔන්න කවුරුහරි පින් කැමති උත්තමයෙක් ලංකාවෙන් කෙසෙල් ගෙඩියක් හරි ඔය මොනවා හරි කෑමක් ගෙනත් දුන්නොත් තමයි අපිට දාන ලැබෙන්නේ.
      ( හොඳවෙලාවට ඒක නම් අඩු නැතිවම ලැබෙනවා ඉතින් මට. )

      Delete
    2. නිල්පාට කෑන් එකේ තියෙන්න ඇත්තෙ බොහෝදුරට පොල්තෙල් වෙන්න ඇති.ඔයා දන්නවද ඔය කෑන් එක මගෙ.ට්‍රිප් යද්දී වතුර ගෙනියන්න මම ඔය වගේ කෑන් දෙකක් හදාගෙන තියෙනවා.

      Delete
  25. ශෝටක් ගහලා ඉන්නේ අපේ හැලපේ අයියද???

    ReplyDelete

ඔබේ අදහස්