Sunday, November 22, 2015

ගොඩ්ප්‍රි හමුවීම සහ ගුරාගේ කතාව.


අඩ හෝරාවක් පමණ කොට්ටං ගහ මුල කම්මැලිකමෙන් ඉඳගෙන ඉන්නා විට  ප්‍රියන්ත  ආපහු එනවා දැක්කෙමි.  ප්‍රියන්ත ඇවිත් කීවේ දෙන්නා ගිහිං හංදියේ කතා කරමින් හිටපු දෙන්නෙක්ගෙන් ගොඩ්ප්‍රි ගැන ඇහු විට ගොඩ්ප්‍රි ගැන තමන් දන්නේ නැති උනත් ඒ කාලේ රෙදිමෝලේ වැඩකළ කෙනෙක් ලඟපාත ඉන්න බවත් සමහරවිට ඔහු ගොඩ්ප්‍රි ඉන්න තැන දැනගෙන ඉන්න පුළුවන් බවත් කියා ඇත.  ඒ ගමන හැරී අයියා ඒ ගෙදරට ගිහිං තිබුණේ අදාළ පුද්ගලයාව මුණ ගැහෙන්නටය.  ප්‍රියන්ත කීවේ දැන් හැරී අයියා  ගිහිනුත් සෑහෙන වෙලාවක් ගතවී ඇති නිසා වැඩේ හරිගිහින් ඇතැයි  ඔහු හිතන බවය.   ඒ සතුටට අපි දෙන්නා කඩෙන් ප්ලේන්ටි දෙකක්ද බී හැරී අයියා එනතුරු බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියෙමු.

තවත් පැය කාලක් පමණ ගියපසු හැරී අයියා ආපසු ආවේ සතුටින් සිනාසෙමිනි.  ඔහු මගදීම කියා සිටියේ ගේ තියෙන තැන සොයාගත් බවයි.  පොඩි පරහකට තිබුණේ ඒ වන විට වාහනයේ ඉන්ධන ප්‍රශ්නයක් මතුවී තිබීමය.  ෂෙඩ් එකක් ඇත්තේ ඉස්සරහින් මීගමුවේය පස්සෙන් අලුතැපොලය.   හැබැයි ඒ ළඟම කඩේක වැඩිගානට පැට්‍රෝල් විකුණන බව එතන හිටපු මනුස්සයෙක් කියපු නිසා ඉස්සෙල්ලාම තෙල් ටික සොයා ගන්නට කඩේට ගොඩ උනෙමු.   එතන හරියටම ෂෙඩ් එකක් වගේමය.  කඩේ වෙන වෙන බඩුත් තිබුනත් වැඩිපුර විකිණෙන්නේ පැට්‍රෝල්ය.   කඩේ හිටියෙත් හුරුබුහුටි ලඳුන් දෙපොළකි,අක්කා සහ නංගීය.  නංගී බඩු විකුණන අතර අක්කා මුදල් එකතු කරයි.  ප්‍රියන්ත පැට්‍රෝල් පුරවා ගන්නතුරු මම ඒ ලඳුන් දෙදෙනාට අනිමිසලෝචන පූජාව කරමින් සිටියෙමි.   ඒ ඉන්නා විටදී මට හිතුනේම මේ කඩේ ගෝලයා හැටියට වැඩ කරගෙන ඉන්න තියේනං මොන පිනක්ද කියලාය.  ඔහොම කල්පනාවේ ගැලී ඉන්න විටදී ප්‍රියන්ත ඇවිත් කෙල්ලො දිහාවේ කන්න වගේ බලා ඉන්නෙ නැතුව අපි යන්න ආ ගමන යමු කියා හෙමිහිට කීවේ තවත් ටික වෙලාවක් මෙහෙම හිටියොත් කඩේ අවටපිට කැරකෙන කොල්ලන්ගෙන් නොමිලේ දවල්ට කෑමත් ලැබෙයි කියලාය.  ඒ ගමන මම අකමැත්තෙන්ම ප්‍රියන්තත් එක්ක පිටත් උනෙමි.

නැවතත් ගමන පටන්ගත් පසු හැරී අයියා කිව්වේ අපි ගොඩ්ප්‍රිගේ ගෙදර හොයන්නට පටන්ගත් ආකාරයම වැරදි බවයි.  ඒ මොකද කිව්වොත් ගමේ අය ගොඩ්ප්‍රි කෙනෙක් දන්නේ නැති අතර ගමේ ඔහුව හඳුන්වන්නේ ෂර්ලි මහත්තයා කියන නමින්ය.  එහෙම කිව්වානම් මුලදීම ගේ හොයාගන්නට ලැබෙන බව හැරී අයියා වැඩිදුරටත් කීවේය.  එහෙම කියන විට මට මතක් උනේ කාලෙකට ඉස්සර නමක් නිසා උන පටලැවිල්ලකි.  අපිත් එක්ක කෝච්චියේ ගිය චාන්දනීට දරුවා ලැබී නිවාඩු පිට ඉන්නා කාලයේ මම බිරිඳත් එක්ක දරුවා බලන්නට ගියෙමි.  ඒ කාලයේ හැලපැට්ටා මෙළොව එළිය දැක තිබුණේ නැත.  අපි කිරිඳිවැලට ගිහිං තවත් බස් එකක ගොස් චාන්දනී කියපු  මග සලකුණු අනුව බස් එකෙන් බැස ගතිමු.  එතැනම තිබ්බ කඩෙන් චාන්දනීගේ ගෙදර අහපු විට කඩේ මුදලාලි කිව්වේ එහෙම කෙනෙක් ඔහු නොදන්නා බවයි.   මුදලාලි වැඩිදුරටත් කඩේ හිටපු අයගෙන්ද පාරේ ගිය අයගෙන්ද චාන්දනීලගේ ගෙදර විපරම් කළද ඒ හැම දෙනාම කිව්වේ තමන් චාන්දනී කියා කෙනෙක් නොදන්නා බවය.   අප පත්වුයේ මහත් අපහසුතාවකටය ඒ මොකද කිව්වොත් චාන්දනී උදේ හවස මෙතැනින් වැඩට යන එන කෙනෙක් නිසා ගමේ අය දැන සිටිය යුතුමය.  මට හිතුනේ අපි අහන ක්‍රමයේ මොකක් හෝ වැරද්දක් ඇත කියාය.  බැරිම තැන මම පොඩ්ඩක් පාරට බැස විපරම් කළෙමි.  සයිකලයකින් කොහෙද යන්නට ආ තරුණයෙක් නැවතී මගේ කතාව අසා සිට චාන්දනී වැඩකරන තැනත් අසා ටිකක් කල්පනා කරමින් සිට කඩේ හිටපු අයට කිව්වේ මේ හොයන්නේ කුමාරිලගේ ගෙදර බවය.  කුමාරි කිව් පමණින් කඩේ හිටපු අයත් මුදලාලිත් කුමාරිලාගේ ගෙදර පෙන්වන්නට ඉදිරිපත් වුවෝය.  සිද්දවී තිබුණේ ගමේ කිසිම කෙනෙක් චාන්දනී ඇගේ නියම නමින් නොදන්නා එකය.  මුළු ගමම ඇයව දැන සිටියේ කුමාරි නමිනි. 

ගොඩ්ප්‍රි පදිංචි ගේ තියෙන හරිය හැරී අයියා පෙන්නු විට මට හිනාගියේ අපි ඒ හරියේ නැවතී ගොඩක් වෙලා ගේ හෙව්ව නිසාය.  ඒ එක්කම මම කල්පනා කලේ දැන් ගොඩ්ප්‍රි කොහොමට ඇද්ද කියාය.  ඔහුව මට අන්තිමට හමුවී තිබුනේ මීට අවුරුදු තිස් ගණනකට පෙරදීය.  ඒ කාලේ මම කොල්ලෙකි ඔහු ගජ ඉලන්දාරියෙක් වූ අතර ආදර හුටපට කීපයකත් පැටලී සිටියේය.   එකක් ගොඩ්ප්‍රි නැවතී සිටි ගෙට පහළින් වත්තේ තිබුණ ගෙදර කුලියට හිටි පවුලක කෙල්ලක් එක්කය.   ගෙදර අයගේ ඥාති දුවෙක් වූ රූපත් දඟකාර කෙල්ල  ගෙදර ළමයිත් එක්ක සෙල්ලම් කරද්දී ගොඩ්ප්‍රිගේ ඇස ගැටී තිබේ.  ගිණි කිරිල්ලියක් වැනි හුරුබුහුටි කෙල්ල ගැන ගොඩ්ප්‍රිට එකෙණෙහිම තණ්හාවක් ඇතිවිය.  ඊට පසුව ගොඩ්ප්‍රි හවස් කාලය ගතකළේ වැට අයිනේ සිට කෙල්ලට ඉඟි බිඟි කරමිනි.  කොහොමහරි දවස් ගණනක් ඇතුළත දෙන්නා හුටපටයක් ඇතිකර ගත්තෝය. මේ අතර ගෙදර ගෑණු කෙනා ලෙඩවී රෝහල් ගතවීම මේ යුවළට ආශීර්වාදයක් විය.  දවල්ට කෙල්ල ලෙඩා බලන්නට කෑම අරගෙන යන්නේ ගෙදර ඉන්නපොඩි දැරිවියෙකුත් එක්කය.  ඒ දෙන්නාගේ තනියට ගොඩ්ප්‍රි මගදී එකතුවන බවත් කෙල්ලන්  දෙන්නා ඉස්පිරිතාලෙට ගිහිං එනතුරු ගොඩ්ප්‍රි වතුපිටිවල හංදියේ කල්මරන බවත් කටකතාවක් හැටියට ගෙවල්වල කතාවෙන්නට විය.

ගොඩ්ප්‍රි නැවතී සිටි ගෙදර ආච්චිටත් මේ කතාව ආරංචි වුවිට ආච්චි කෙල්ලට කතාකළේ අවවාද කරන්නටය.  කෙල්ල කිව්වේ තමන්ගේ එහෙම සම්බන්ධයක් නැති බවත් දවසක් ඉස්පිරිතාලෙ යද්දි ගොඩ්ප්‍රි අයියා ටවුමේදී හමුවී කතාකළ බවත් ඔය කටකතා ඔක්කොම හැදී තියෙන්නේ ඒ නිසා බවත්ය.  මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නට මම දවසක් ඒ ගෙදර පොඩි කෙල්ලගෙන් ඇහුවෙමි.  ගිරවෙක් වගේ කියවන පොඩි කෙල්ල මගෙත් එක්ක කිව්වේ ඉස්පිරිතාලෙ ගිය හැමදාකම ඔවුනුත් එක්ක ගොඩ්ප්‍රි අයියාත් ආව බවත් අක්කා බත් කූඩෙත් කුඩෙත් තමන්ගෙ අතටදී ගොඩ්ප්‍රි අයියා එක්ක කතා කරමින් හිටිය බවත්ය.  කෙල්ලට කොච්චර අවවාද කළත් පළක් නොවූ අතර තවත් ටික දවසකින් කතා වැඩිවන්නට වූ විට කෙල්ලට නැවතී සිටිය ගෙදරින් ආපහු තමන්ගේ ගමට යන්නට සිද්දවිය.  ගොඩ්ප්‍රිට නම් මොකුත් සිද්දවුනේ නැත.   පොඩි කෙල්ලටත් ගෙදරින් ලොකු තරවටුවක් ලැබුණේ හැම දෙයක්ම දැනගෙන කිසි දෙයක් ගෙදරට නොකියා කටවහගෙන හිටපු එක ගැනය.   අන්තිමට හැම  දේකම නරක නාමය එන්නේ සපෝටර්ටය.

සපෝටර් කියනකොට මට තව කතාවක් මතක්වේ.ඒ මම නොදැනුවත්වම හෙවත් මගේ කැමැත්තක් නැතුවම සපෝටර් කෙනෙක් බවට පත්වූ කතාවකි.  රෙදිමෝලේ වැඩකරපු නුවර ගුරුගේ හෙවත් ගුරා රස්සාව කරන කාලේ වෙළෙන් එහාගොඩේ හිටපු ලස්සනම කෙල්ලක් වූ පුෂ්පිකා  පස්සෙන් හැමදාම ගිහිං ගිහිං කෙල්ලව යාලු කරගත්තේය.  ඒ කාලෙම මම ගුරාට කිව්වේ වැඩේනම් තරමක අන්තරාදායක එකක් බවය.  මොකද කිව්වොත් පුෂ්පිකාගේ තාත්තා ටවුමේ ලොකු මුදලාලි  කෙනෙකි.  අයියලා ටවුමේ වැඩකාරයන්ය.  පුෂ්පිකා ගෙදර එකම කෙල්ලය.  මේක කොයි මොහොතේ හෝ ගුරාට ගුටිකන්නට වෙන පටලැවිල්ලක් උනත් ගුරා ඉස්සරහට තැබූ අඩිය පස්සට ගන්නට කැමතිවුනේ නැත.   කොහොම උනත් පුෂ්පිකාගේ ගෙදර අයගේ රැවුම් ගෙරවුම් මැද දෙදෙනාගේ ආදරය ගලා ගියේය.   ගුරාගේ ලව් එක මට කිසිසේත්ම අදාළ නැති කටයුත්තක් බැවින් මම මගේ වැඩක් බලාගෙන හිටියත් මා හමුවූ මොහොතේ පටන් ගුරා කියවන්නේ උගේ ආදර කතාව  ගැන විස්තරය.   ඔන්න ඔහොම කාලය ගෙවීයද්දී හදිසියෙන්ම ගුරා රෙදිමෝලේ රස්සාවෙන් අයින්වී ආපහු නුවර ගියේය.   ඒ උනත් දෙන්නාගේ ආදර කතාව නැවතුනේ නැත.  අකමැත්තෙන් වුවද මටද මැදිහත් වෙන්නට වුයේ එතැන් සිටය.  ගෙදර ගියපසු සතියකට දෙකකට වතාවක් පමණ ගුරා පුෂ්පිකා බලන්නට ගමට එයි.  දැන් ගුරාට අපේ ගමේ නවතින්නට තැනක් නැති නිසා ඌ කෙළින්ම එන්නේ අපේ ගෙදරටය.

ගුරා උගේ යාලුවන්වූ සිද්දික් හෝ මොහොමඩ් සමග උදේ පාන්දර නුවරින් බස් එකට හෝ කෝච්චියට නැගී එළිවෙන වෙලාවට අපේ ගෙදරට එයි.  ඒ මම රස්සාවට යන්නට ලෑස්ති වෙන වෙලාවටය.  මම උන් දෙන්නාව අම්මාට බාරදී රස්සාවට යන්නේ ඒ කාලයේ කෝච්චියේ මටත් ක්‍රෂ් එකක් තිබුණ  නිසාය.   ඒ නිසාම දවසක් හෝ නොවැරදී මම රස්සාවට යමි.  රස්සාවට යන්නට කම්මැලි හිතෙන අයට මේ ක්‍රමය ඉතා හොඳ ප්‍රතිපල ගෙනදෙන බව කියන්නට කැමැත්තෙමි.  ඉතිං අපේ අම්මා මුන් දෙන්නාට උදේට දවල්ට කෑම ලෑස්ති කර කන්නට දී ආගන්තුක සත්කාර කරයි.  ගුරාද අපේ ගෙදර ඉඳගෙන පුෂ්පිකාට පණිවිඩයක් යවා කොහෙට හෝ ගෙන්නාගෙන කතාබහ කරමින් ඉඳ හවසට ආපහු යයි.   වැඩිකල් නොගිහින්ම මේ වැඩේ පුෂ්පිකාලගේ ගෙදරට ආරංචි විය.   ඇගේ අම්මා අපේ ගෙදර ඇවිත් අපේ අම්මාට කියා තිබුණේ ගුරාව අපේ ගෙදරට ගෙන්නන්න එපායි  මට කියන්නට කියාය.   අපේ අම්මා පුෂ්පිකාගේ අම්මාත් එක්ක මොනවා කිව්වාදැයි මට කිව්වේ නැතත් ඔය කතාව මට කිව්වාය.  මම අම්මාට කිව්වේ ගුරා අපේ ගෙදර එන්නේ මගේ ආරාධනයකින් නොවන බවත් මගේ හොඳ යාලුවෙක් වන ගුරා මම නුවර ගිය නොයෙක් විටදී මාව බලෙන් වගේ උන්ගේ ගෙදර එක්කරගෙන ගිහිං ආගන්තුක සත්කාර කරපු බවත් ඌට ගෙදර එන්නට එපා කියන්නට මට නොහැකි බවත්ය.  ජෝඩුවගේ ප්‍රේම කතාව ඔය විදියට කරදර බාධක මැදින් ඉදිරියට ඇදෙන්නට විය.  

ඔහොම මාස කීපයක් ගතවෙද්දී අපට අහන්නට ලැබුණේ ගුරා පුෂ්පිකාව ගෙදරින් පන්නාගෙන අරං ගිය බවය. පසුව ගුරාගෙන් දැනගන්නට ලැබුණ හැටියට ගුරා කෙල්ලව කෙළින්ම අරං ගිහිං තියෙන්නේ කළුවාමෝදර මොරගල්ලේ ඒ වෙනවිට සංචාරක ව්‍යාපාරයක් සරුවට කරමින් හිටපු ඩෙනිස්ලගෙ ගෙදරටය.  එදා රාත්‍රියේ ජෝඩුවට තමන්ගේ ගෙදර  කාමර දෙකක නවාතැන් දුන්න ඩෙනිස් සහ බිරිඳ පහුවදා උදෙන්ම  පුෂ්පිකාව සැලුන් එකකට එක්ක ගිහිං අන්දවා මනමාලියක් කර ගුරාටද සුට් එකක් අන්දවා මනමාලයෙක් කර අලුත්ගම රෙජිස්ට්‍රාර් ලඟට ගෙනිහින් ජෝඩුව කසාද බන්දවා  පිංතුර අරගෙන ගෙදර පාටියක්ද දමා නව යුවළට හනිමුන් යන්නට හෝටල් කාමරයක්ද වෙන්කරදී සහෝදරයෙක්වත් නොකරන විදියට උදව් කළේය.  මොරගල්ලේ මධුසමය ගතකළ නව යුවළ ටික දිනකට පසු නුවර බලා පිටත්වුනේ අලුත් ජීවිතයට මුහුණ දෙන්නටය.  පසු කලෙක ගුරාට සහ පුෂ්පිකාට දුවෙක්ද පුතෙක්ද ලැබුණ අතර පුෂ්පිකාගේ ගෙදරින් තිබු විරෝධයද ටික කලකින්ම පහව ගිය පසු මේ දෙපොළ දරුවන්ද රැගෙන ගෙදර එනු යනු අපිට දකින්නට ලැබුණි.  ගෙදර ආවිට ගුරා දවල්ට නාන්නට අපේ ලිඳට එන්නේ පරණ පුරුද්දටය.   දවසක් දා අපේ ලිඳෙන්  නා කියාගත්ත ගුරා අපේ ගෙදරටත් ගොඩවුණේ මාව හම්බවෙන්නය.   ඒ කාලයේ හැලපැට්ටා මාස හත අටක අතදරුවෙකි,ගුරා ඇවිත් ලෙලිගහපු  කෙහෙල් ගෙඩියක් වගේ හෙලුකොට්ටෙන් මගෙ අතේ හිටිය කොල්ලාවත් වඩාගෙන හුරතල් කරමින් බොහෝ වෙලා මගෙත් එක්ක කතා කරමින් ඉඳ යන්නට ගියේය.  ඒ මා ගුරා දැකපු අවසාන වතාවයි.  ඌ දැනට අවුරුදු දෙකකට පමණ පෙර අවසන් ගමන් ගියේය.  සුපුරුදු පරිදිම මට ගුරාට සමුදෙන්නට බැරිවුනේ රටේ හිටපු නැති නිසාය.   ඒකත් ඒක අතකට හොඳයි කියා හිතෙන්නේ ගුරා තවම එදා මෙන්ම මගේ හිතේ ජීවත්වෙන නිසාය.   ගුරාත් අපිත් එක්කහුවී ගිය ගමන් බිමන් , අපි හදපු වෙසක් සැරසිළි පෙන්නන දවස්වල එකතුවී කරපු දේවල් දැන් මතක් වෙන්නේ හරියට චිත්‍රපටයක රූප රාමු පෙළක් මෙනි.

ඔය කතා මතක් කරමින් ඉදිරියටම ගිය අපගේ නිහඬතාව බිඳ දමමින් හැරී අයියා නිවේදනය කළේ අපි දැන් සිටින්නේ ගොඩ්ප්‍රිගෙ ගේ ඉදිරිපිට බවයි.   මේ වෙනකොට ගොඩ්ප්‍රි අපේ ගමෙන් ගිහිං කොච්චර විතර කාලයක් ගතවී  ඇද්දැයි මට හදිසියෙන්ම කල්පනා විය.   මතක් කළද එහෙම දවසක් මතකයට නගා ගන්නට බැරිය.    සාමාන්‍ය පෙළ අවසන් වූ පසු එළැඹෙන සංක්‍රාන්ති සමය මා ගතකළේ අපේ අම්මලාගෙ ගමවූ බෝතලේය(ඇනෝ ඔන්න පොටක් පෑදුනා) බෝතලේට වී කුඹුරු වැඩ කරමින්ද හේන් කොටමින්ද රාත්‍රියේ  රජයට පවරාගත් පොල්වතු මුරකරමින්ද මීරිගමට ගොස් චිත්‍රපට නරඹමින්ද ගතකළ ඒ කාලය රසවත් අත්දැකීම් ගොන්නක් ජීවිතයට එක්කල සදානුස්මරණීය මතක සටහනකි.   මා ආපසු ගමට එනවිට ගොඩ්ප්‍රි අපේ ගමේ හිටියෙ නැත.   ඒ කාලයේ සිද්දවුන දේවල්ද අපට මගහැරුණු තැන්ද ආදී සියල්ලම අද කතාකර ගත හැකි නොවේද,  ගොඩ්ප්‍රි අපිව කෙසේ පිළිගනීද?  රසවත් කිතියකින් හදවත හිරිවැටී යද්දි ප්‍රියන්ත කළු ගේට්ටුවකින් ඇතුළට දමා වාහනය නතර කළේය.  මෑතකදී නිමකළ බව පෙනෙන ගෙයි මිදුලේ  ලස්සන මල් වගාවකි.  අඹ හෝ ලොවි හෝ දැන් මට මතක නැති ලොකු ගහක් මිදුලේ විය.   එළියේ තැබූ පුටුවක වාඩිවී නවලිය පත්තරයක් කියවමින් සිටියේ උස කාන්තාවකි. ගොඩ්ප්‍රි කටුවැල්ලේගම පෝසත් මුදලාලි කෙනෙකුගේ දුවෙක්ව කසාද බැඳපු බව හැරී අයියා කිව්වා මට මතකය.   අපි ගෙට ගොඩවෙද්දී ඒ කාන්තාව විමසිළිමත් දෑසින් අප දෙස බැලුවාය.  ඇයි මොකක්ද උවමනාව,කවුරු හම්බවෙන්නද යන ප්‍රශ්නය ඇගේ දෑසෙහි ලියැවී තිබිණි.   මම කතාකරන්නට පෙර හැරී අයියා ඉදිරිපත් විය.

ෂර්ලි මහත්තය ඉන්නවද දන්නෙ නෑ නේද?

ආ ඉන්නව ඉන්නව එයා පිටිපස්සෙ වැඩක්,පුතේ ගිහිං තාත්තට කතාකරන්න. එන්න ඇතුළට ඇවිත්  වාඩිවෙන්න.  කාන්තාව නොනවත්වා කියාගෙන ගියාය.

අපි ගෙතුළට ගොස්  පුටුවල වාඩිවී බලාසිටීම ඇරඹුවෙමු෴

72 comments:

  1. මන් එකද? හිටාන් කියෝලා එන්න.. හි හි..

    ReplyDelete
    Replies
    1. සුපිරි.. ගොඩ්ප්‍රි කාරයා ගේ පිටිපස්සේ ඉඳල ඉස්සරහට එන ටිකට ඊළඟ කොටහත් ඉවර වෙයිද මන්දා..

      අර ගුරා ගේ මළ ගෙදර යන්න බැරිවීම හොඳයි කියපු කැල්ල තමයි මට අල්ලලම ගියේ.. පොඩි කාලේ ලඟින් ආශ්‍රය කරපු සමහර යාලුවෝ මැතක හම්බ උනාම මටත් එහෙම හිතිල තියෙනවා.. ඒ සුන්දර මතක විතරක් හිතේ තිබුනානම් කියල..

      Delete
    2. ගේ පිටිපස්සෙ ඉඳල ඉස්සරහට එන්න නං කොච්චර කාලයක් යාවිද කියන්න බෑ.

      Delete
  2. කාලෙකින් ආව නිසා මුල මග හැරිලාය..... එත් වෙනදා වගේම එක හුස්මට කියවාගෙන ගියාය .... කතාව අවසානෙට මට මතක් උනේ මිට කාලෙකට පෙර අප මිතුරන් කීප දෙනෙකු බදුල්ලේ වෙසෙන තවත් අපගේ මිතුරෙක්ගේ ගෙදර ගිය ගමනය ඒ ගෙදරට ගිහින් තිබුනේ අපගේ එක මිතුරෙක් පමණි මතක විදියට අටම්පිටියෙන් අන්තිම බස නැවතුමෙන් බස වංගු එකොලක් සහිට තනිකර කන්දක් නාග ගියාට පසු හම්බෙව්න පළවිණි ගේ අපේ මිතුරාගේය ගිනි දාවලේ තද බඩගින්නේ කිලෝමීටර් හයක් පමණ තනි කන්ද ඇද මුලින්ම ගිය අප නඩේ මිතුරන් කීපදෙනා හමුවූ පළමු ගෙදරට ගොඩවී අප එනවිට ඒ නිවැසියන් සමග කතාව දමාගෙන ඒ ගෙදර අතරුවෙක් වත් වඩාගෙන සිටියේය... නිවාස දන්නා අපත් සමග පසුව පැමිණි මිතුරා එකවරම ඇසුවේ මේ ගෙදර උබලා දන්නා කවුරු හරි ඉන්නවද කියාය ...........බැලින්නම් කට්ටිය ගොඩවී සිටියේ සම්පුර්ණයෙන්ම වැරදි ගෙදරකටය බලමු ඊළඟට හැලපෙට වෙලා තියෙන දේ

    ReplyDelete
    Replies
    1. උඹව දැක්කෙ බොහොම කාලෙකිං තමයි.කොහෙද වහං වෙලා හිටියෙ.

      Delete
    2. /අන්තිම බස නැවතුමෙන් බස වංගු එකොලක් සහිට තනිකර කන්දක් නාග ගියාට පසු හම්බෙව්න පළවිණි ගේ අපේ මිතුරාගේය/

      කාම පැය ඉවර නෑ වගේ..

      Delete
  3. ඒ වගේ රසවත් කිති මටත් ලැබිල තියෙනවා අන්තෙටම රහයි බං ඒවා. උඹගේ පදුරු තැලිල්ල ගැන අද නං සෝකෙන් හිටියේ.. කමක් නෑ ගොඩ්ප්‍රිය ගේ පිටිපස්සේ හරි ඉන්නවා නෙහ්.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉන්නවා ඉස්සරහට එනතුරු ඉවසං ඉඳපන්.

      Delete
  4. ත්‍රිකෝණය ද, කොටුව ද, රවුම ද මොකක්දෝ කතාවක් තිබ්බා වගේ මතකයි...
    මුල් කොටස විතරයි කියෙව්වේ වගේත් මතකයි...
    අනික් කොටස් මට මඟ ඇරිලා ද???
    තවම දාලා නැද්ද???

    ReplyDelete
    Replies
    1. ත්‍රිකෝණය.ඉතුරු කොටස් තවම දාලා නැහැ.ළඟදීම බලාපොරොත්තු වන්න.

      Delete
  5. හරි ගොප්‍රි හම්බුනානෙ. වෙන ගෙදරක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ලෙන් හොයා ගන්න පුළුවන් වේවි.

      Delete
  6. මේ විදියට ගියොත්නං ඔය ගේ පිටිපස්සෙ ඉන්නෙ ගොඩ්ප්‍රි ගෙ පුතා වෙන්න පුලුවං.
    ගොඩ්ප්‍රි ඉස්සරහට එනකල් වෙන මොකවත් පරන දේවල් මතක් කරගන්නෙ නැතුව ඉන්න එක හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආයෙ කොහෙ කොහෙ යාවිද දන්නෙ නැති නිසා සද්ද නැතුව ඉන්න එක හොඳයි.

      Delete
  7. බෝතලේ කතා (ගමේ ) ලස්සනට තියෙයි.

    ඇත්තටම කතාව කියන්ට පටන් ගත්තු තැන යන්තම් නතර වුනාට කතාව කියලා නෑනේ. අපිත් පුටුවල ඉඳන් බලා ඉන්නවලු. :P

    ReplyDelete
    Replies
    1. බෝතලේ කතා කීපයක් මීට ඉස්සරත් ලියා ඇත.
      බලාගෙන ඉන්නකො ඔහොම.ඉක්මනටම ඉවර කරනවා.

      Delete
  8. ගොඩ්ෆ්‍රී ෂර්ලි චාන්දනී කුමාරි ....මම හිතුවේ තව නම් සෙට් එකක්ම එයි කියලා ...

    කොහොම හරි එදා අර කඩෙන් දවල්ට කෑම හම්බවුනාය ලජ්ජාවට කියන්නේ නැතිය කියල තම අඔය පත්තරය හැම තැනම කියා කියා යන්නේ

    ReplyDelete
    Replies
    1. පත්තරය ආගිය අතක් නෑනෙ ඉවාන්.

      Delete
  9. මාතෘකාව ගොඩ්ෆ්‍රි හමුවීම නිසා මේ පාර නම් හමු වෙයි වගේ. ඒ කටත් තව අතුරු කතා හැට හුටාමාරක් එක්ක කියවන්න බලාගෙන ඉන්න වෙනව. අර පෙට්‍රල් කඩේ බින්න බැස්සනං මෙලහට ශෙඩ් අයිතිකාරයෙක්. කතා කීමේ හැකියාව උපරිමයි.

    ReplyDelete
    Replies
    1. පැට්‍රල් කඩේ බින්න බැස්ස නං අද මනුස්සයෙක්.වෙලාව තමා.

      Delete
  10. නම් ගම් වෙනස් වෙන එක ඔය පැත්තෙ හැටියක් තමා. අපේ යාළුවෙක් හිටිය අලුතැපොල. පොර‍ට ඔපිස්සෙකේ කියන්නෙ "වික්‍රමසිංහ". ගමේදි "සුනිල්". තැබෑරුමේදි "බැසිල්". කුඹුරෙදි "කබරයා"...

    ReplyDelete
    Replies
    1. බ්ලොග්වලදි ඩ්‍රැකී

      Delete
    2. තැබෑරුමේදි කබරයා නෙමෙයි ද?

      Delete
    3. ඉයන්,
      ඔය උඹ කොඩිය අඩකුඹු කරනගන්න හදන්නෙ ඉතිං...

      ප්‍රසා,
      තැබෑරුමේදි විචාරක, පාටි වලදි ග්ලාස් ඩාන්ස්...

      Delete
    4. ඉයන්
      ඔය කොඩ්ය දැන් ගලවපිය
      මටත් ඔය වගේ නම් හැටහුටාමාරක් තියනවා

      Delete
    5. තැනින් තැනට නම් වෙනස්වෙන එක ඒ පළාතේ හැටියක් වෙන්න ඇති බං.

      Delete
    6. ඇත්තටම මොකක්ද ඉයන් ඔය කොඩිය?
      කවුරුවත් ඇහුවෙ නැද්ද ඔය කොඩිය දාන්න ඉස්සර වෙන කොඩි දැම්මද, එහෙම දැම්මෙ නැත්නම් මේ කොඩිය දාන්නෙ ඇයි, මේ පාට කොඩි දාන්නෙ ඒක කොහෙ නිසාද, අනිත් පාට කොඩි ඉස්සර දාල තියනවද, එහෙම දාල නැත්නම් මේක දාන තියන අමාරුව මොකක්ද වගේ වටිනා ප්‍රස්න ?

      Delete
    7. මෙන්ඩො ඔන්න මගෙ ඇත්ත ෆොටො එකක් දැම්මා

      Delete
    8. හෑ.... එතකොට මේ කොල්ලා වගේ කොමෙන්ට් දාන්නෙ වස නාකියෙක්නෙ බොල.. මෙණ්ඩො... තරුණ සංගමේ රැස්කොරහං වහාම...!! බලහංකො බං..

      Delete
    9. ඉයන් කිව්වම බොලා හිතන් හිටියෙ හැරී කුමාරයා වගේ කොල්ලෙක් කියලද යකුනේ?..

      Delete
  11. හැලපයියා මෙගා ටෙලි ලියන්න බැස්සොත් නම් ආයෙ කොරියන්,ඉංදියන් ජරාව ගෙන්නන්න ඕනෙ නෑ..ඔන්න දුන්න මෙන්න දුන්නා උනාට දීල නෑ.. එපා වෙන්නෙත් නෑ.. සුපිරියි හොඳේ..
    හෙහ් හෙහ්....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි, මෙගා ලිව්වා නං මාත් මෙලහකට පොරක්.වෙලාවට සැට් උනේ නෑ.

      Delete
  12. හැමදාම වගේ ලෙසටම තියෙනවා.....

    එතකොට හැලපයියේ, පාරෙදි වඩන්නේ මෛත්‍රි භාවනාව - කඩවල් වලදි අනිමිසලෝචන පූජාව ද ?

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඔය තේරිලා තියෙන්නෙ ලෙසටම.

      Delete
  13. පුදුම රහක් අද එකේ නම් තියෙන්නේ... දැන් ඉතින් අර ඉස්සර චිත්තර කතා පත්තර වාගේ ඊළඟ කොටා ලබන සතියේ එනකන් බලාගෙන ඉන්න එපාය..

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මාතේ කියලා වැඩක් නැ ...සිත්තර ,දසුන එනකල් පුදුම ඉවසිල්ලක් ඉවසන්නේ ...හැක්

      Delete
    2. ඊළඟ කොටහත් එන්න තියෙනවා පරණ නවත්තපුවත් එන්න තියෙනවා.ඒ කාලෙ සිත්තර ගහන ඒක සල්ලි අච්චු ගහනව වගේ කියල කතාවක් ගියා නේද.

      Delete
  14. නියමයි හැලපේ අය්යේ හැමදාමත් වාගේ ...

    අප එක පෙදෙසක නිවසන්නේ
    නැතුව ද ඔබ මා හඳුනන්නේ...

    මා දිහා...
    ඇයි නොබලන්නේ ඇයි නොබලන්නේ...
    මා ඔබ පසු පස පියමැන ඇත්තෙමි
    ඔබට නොමදැනී ඔබගේ තොරතුරු
    විපරම් කෙරුවෙමි ඔබට නොමහැඟී...

    මා දිහා...
    ඇයි නොබලන්නේ ඇයි නොබලන්නේ...
    ඔබ අමතන්නට සිතුව ද විටකදි
    එයට සිත නොදේ දවසින් දවස ම
    මගෙ සිතුවිලි පෙළ ඔබ වටා බැඳේ...

    මා දිහා...
    ඇයි නොබලන්නේ ඇයි නොබලන්නේ...

    ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
    සංගීතය : සරත් දසනායක
    ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිංදුවෝ.මම ඉතාම කැමති ගීතයක්.හැබෑටම උඹේ නොසිඳෙන ගීත ගඟ හරිම අපූරුයි.

      Delete
  15. ඔය ගිහින් තියෙන්නෙ වැරැදි ගෙදරකට..
    කඩේ හිටපු නංගිලා දෙන්නා ගමේ එවුන්ට අගයක් නෑ..නැත්නම් ඔතන බංකුවෝ කොලලෝ හැටක් විතර පිරිලා ඉන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ගමේ උන්ට කෙල්ලන්ගෙ අගයක් නෑ.නිතරම දකින නිසා වෙන්න ඇති.ඕක තේරෙන්නෙ කෙල්ලො පිට උන් එක්ක ගියපු දාටයි.

      Delete
  16. වත්ත වටේම ගිහින්,//ප්‍රියන්ත පැට්‍රෝල් පුරවා ගන්නතුරු මම ඒ ලඳුන් දෙදෙනාට අනිමිසලෝචන පූජාව කරමින් සිටියෙමි. ඒ ඉන්නා විටදී මට හිතුනේම මේ කඩේ ගෝලයා හැටියට වැඩ කරගෙන ඉන්න තියේනං මොන පිනක්ද කියලාය.//
    නෝනා දැක්කොත් ඉවරයි. හෙහ් හෙහ්
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ඉවරයි නේන්නං.මම කරන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්නෙ.

      Delete
  17. මට හිතුනේ බං අයියේ ඇත්තට තව අවුරුදු විස්සකින් හමාරකින් අපිට මොනවා වෙයිද කියලා....

    ReplyDelete
    Replies
    1. කාටද කියන්න පුළුවන් බං.නිකමටවත් හිතන්න බෑ.

      Delete
  18. හිහික්. ඔය එන්නෙ ගොඩ්ෆ්‍රි නෙවී නං වෙන කෙනෙක් නං.. හම්මෙ සංතෝසෙ.. වස්තර නැතිව ගෙදර යතෑකි නෙහ්.. හැක්..
    ඊළග කොටහ එනකං ඉන්නනෙ බැරි

    ReplyDelete
    Replies
    1. ඉවසං ඉඳපන්.ළඟදීම ඉතුරු හරියත් ලියන්නං.

      Delete
  19. මම අහන්නේ මෙහෙම කෑලි කඩන එක හොදද?ඊ ලග කෑල්ල තවත් රසවත් පාටයි.... අතුරැ කතා දෙකකුත් එලලා තියෙන්නේ:)

    ReplyDelete
    Replies
    1. හැබෑව නේන්නං,හරි නෑ හරි නෑ. අතුරු කතා කියන එක මගෙ ට්‍රේඩ් මාක් එක නොවැ ශානු.

      Delete
  20. දැන් ඉතින් කටත් ඇරගෙන බලන් හිටපල්ලකො ඊලඟ කොටස කියවන්න...

    ReplyDelete
    Replies
    1. උඹ නං කියයි මම එපැයි ලියන්න.

      Delete
  21. අපේ රටේ සෑහෙන තරම් ජහමන කොට්ඨාශයක් ඉන්නවා කාර්යාලයට එක නමක් සහ ගමට වෙනත් නමක් තියන. මේ කොට්ඨාශයේ කෙනෙක් එයාගේ කාර්යාල නමෙන් අහන්න ගියොත්, ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා ආවොත් තමයි පුදුමේ. ඒ වගේමයි මුන්දැලා අපට කියන්නේ නැහැ ගමට ඇවිත් මෙන්න මේ නමෙන් අහපන් කියලා. මම හිතෙන් ගණන් හදලා බැලුවා, අපේ අසල්වැසියන් 7 ක් විතර ඉන්නවා ඔය වර්ගයේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං ඇත්ත විචා.මාත් දන්න බොහොමයක් අය ඉන්නවා නම් දෙකක් පාවිච්චි වෙන.නියම නම කිව්වොත් කවුරුවත් දන්නෙ නෑ.

      Delete
  22. //(ඇනෝ ඔන්න පොටක් පෑදුනා)
    අඩේ මේකට නං පට්ට හිනා.බෝත් ලේසි පුතයෙක් නෙවි
    ඔය නම් දෙක වගේම තමා බොල කාර්ඩ් එකෙන් විතරක් මිනිස්සු දැනගත්තාම.එකාව හොයන්න ගියාම කාර්ඩ් එක කියල හරියනවැයි
    දීපන්කො උගේ හැඩරුව එහෙම.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ පහුගිය දවස්වල සජ්ජාට සිද්දවුනා.අපේ ගේ බල බලා ඉස්සරහට ගියා.මොකෝ හැලපයලගේ ගෙදර කොහෙද කියල අහල පහළ කෙනෙක්ගෙන් අහන්ඩයැ.

      Delete
  23. ලව් වලට සපෝට් කරංට ගිහාම අන්තිමේ නරක නාමේ සපෝටර්ටම තමා. දෙපැත්තේ ගෙවල්වලිං මදිවට අරුං දෙන්නත් අරිංට එන වෙලාවල් තියෙනවානොවැ අම්මාපල්ල.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත බං. හරියට අතින් අරං පශ්චාත් බාගෙන් තියාගත්ත වගේ නොවැ.

      Delete
  24. මිත්‍රයාගේ අභාවය ගැන ඇත්තටම කනගාටුවක් දැනුන හැලපයියේ ... ඔය වගේම නොදන්නා ගෙයක් හොයන්න ගිහින් වෙච්චි සිද්දියක් මතක් උනා.. ඒකත් බ්ලොග් එකට ලියන්න වටිනා කතාවක්...ඉදිරියේදී ලියන්න ඕන.. මේ හොයන්න ගිය මිත්‍යා හමු උනාද කියල ඊළඟ කොටසින්වත් අපිට කියමු..

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න ඔබේ ලියන රටාවත් එක්ක ඒ කතාවත් බොහොම අලංකාර එකක් වේවි.

      Delete
  25. ඩොට් එකත් හරි කතාවත් හරි අද නං.
    මං හිතුවෙම අරූ දැං නැතුවට දැං මන්න පාරක්ක කයි කියල (වෙන්ට) මස්සිනා‍ කෙනෙකුගෙන්.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වෙන්නම ඉඩ තිබුණා.ඌ රස්සාවත් දාල යන්න ගියේ ඒකයි.

      Delete
  26. ඔය නම් කතාව නම් ප්‍රශ්නයක් තමා. අපි ලංකාවේ දුවෙකුට උපන්දින සුභ පැතුමක් යවල. ඒක ආපහු ආව. පස්සේ දෙවෙනි පාර ගිය වෙලාවක ඒ රිටන් වෙච්ච් එක පෙන්නුවම ඒගොල්ලෝ කීවේ මේ නම නෙමේ මෙහෙට කියන්නේ කියල/. තැපැල් මහත්මය දන්නෙත් අනිත් නම කියල. වැඩේ කියන්න අපි වාසගම හැටියට ලියල තියෙන්නේ අන්තිම නම. නමුත් වාසගම කලින් එන්නේ. මේ කතාව හරි ලගන්නා සුළුයි. පරණ මතකයන් අවදි කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ලීවා නම් හොඳයි නේද අජිත්.

      Delete
  27. පොඩ්ඩක් පරක්කු උනා. හරි තැනනට ආවෙ කියල සුවර් නේද? බලමුකො ඊළග කෑල්ල..........

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට අවුලක් නෑ එන එකයි වැදගත්. ඔව් ඔව් හරි තැනට තමා ආවෙ.

      Delete
  28. ගොඩ්ප්‍රියව හැලපයියාට හම්බු වෙනකම් මට නම් ෂුවර් නැහැ.

    ReplyDelete
    Replies
    1. මට මේ පස්සේ මතක් වුනේ හැලපයියේ උඹට කෙල්ලෙක්ව හබ්බ වෙන්න ඕනේ නේද මෛත්‍රි කරන්න,අනිමිස ලොචානය කරන්න,පිළිකුල් භාවනාව වඩන්න එහෙම නේද :D ?

      Delete
    2. ඔව් බං පිළිකුල් භාවනාවටත් ඒ වගේම නිමිත්තක් තියෙන්න එපැයි. නිමිත්ත කිව්වෙ උඹ හිතන නිමිත්ත නවෙයි බං.භාවනාවේ නිමිත්ත.

      Delete
  29. ඔතන ඉන්නෙ ගොප්ප්රි නෙවෙයි.. කීයක් ඔට්ටුද.... හැලප ස්ටයිල් එක නිසාවට කතාව ඉවරවෙනවා දැනුනෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ගොඩ්ප්‍රි නෙවෙයි කියල හරියටම දන්නවද.

      Delete

ඔබේ අදහස්