Sunday, August 9, 2015

ගෙට ගෙවැදීමේ උත්සවය සහ ආරියාගේ සදාචාරය.

ආරි ගැන මම මීට පෙරද කීපවතාවක්ම ලියා ඇතත් ආයෙමත් මට ආරිව මතක් උනේ කාරණා දෙකක් හින්දාය.එකක් නම් ඩෝලයාය,ඩෝලයාත් ආරියාත් කාලෙක ගහට පොත්ත මෙන්ද අමුඩයට පුක මෙන්ද එක්වම ජීවත් වුහ.ඩෝලයා හොයාගන්නට නම් ආරියාගේ ගෙදරට යා යුතුය.ඩෝලයාටත් උගේ යාලුවන්ටත් ආරිගේ ගෙදර අම්බලම මෙනි.ආරිගේ ගෙදර ලිපේ ඉදෙන බත නිතරම පාහේ ඩෝලයලාගේ කුසගිනි නිව්වේය.ආරිත් තමන්ට කන්නට තියෙන බත්පත වුණත් කුසගින්නේ ගෙදරට එන එකෙකුට දෙන ජාතියේ සුන්දර චරිතයකි.පොකැට් එක කොපමණ කුඩා උනත් දරුවන් තිදෙනෙක්ද එක්ක ගෙදර කොපමණ ආර්ථික අමාරුකම් තිබුනත් ආරිට විශාල හිතක් තිබුණි.ඩෝලයලාත් හිටියෙ ආරිට බඩ බැඳගෙනය.

ආරියා රෙදිමෝලේ නිදිමරාගෙන වැඩකර හම්බකරගත් මුදලකින් පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්නට පටන් ගත්තේය.ඒ කාලයේ අපි ගෙවල් හදන්නට තැන්පත් වෙන්නට හෝ කසාද බඳින්නට හිතලාවත් නැත.කොටින්ම එකල අපි තාරුණ්‍යය උපරිමයෙන්ම විඳිමින් සිටියෙමු.ආරි වැර වෑයමෙන් ගේත් බාගෙට හදාගෙන එතෙක් කල් හිටිය කුලී ගෙය හැරදා පියා අලුත් ගෙදර පදිංචියට ආවේය.ගෙදරට ආ දවසේ සිටම ආරියාට ලොකු අමාරුවක් ඇතිවිය.එනම් ගෙට ගෙවැදීමේ උත්සවයක් පවත්වන්නටය.මම කෙළින්ම ආරියාට විරෝධය පලකළෙමි.ගෙයි බිච්චි බැඳ වහල ගැහුවා විතරය.බිම මැටිය,ජනෙල්වලට පියන් නැත,බිත්ති කපරාරු කර නැත.මු උත්සව පවත්වන්නට යයි.පාටිවලට වියදම් කරන සල්ලිවලින් ජනෙල් ටික හදාගනින් කියා මම ආරියාට කිව්වත් ඌ ඒ කතාව ගණනකට නොගෙන ගෙට ගෙවැදීමේ උත්සවයක් ලෑස්ති කර මටද ආරාධනා කළේය.උත්සවයේ සියළුම සංවිධාන කටයුතු කරගහගෙන කළේ ඩෝලයා ඇතුළු හිතවත් යහළුවන් කණ්ඩායමය.අපි කට්ටිය නියමිත දවසේ උත්සවයට ගියෙමු.උත්සවයට ආරිගේ යාලුවන්ද යාලුවන්ගේ යාලුවන්ද යාලුවන්ගේ යාලුවන්ගේ යාලුවන්ද ඩෝලයාගේ යාලුවන්ද යාලුවන්ගේ යාලුවන්ද ආදී වශයෙන් මහ පිරිසක් පැමිණ සිටියෝය.සංගීතය සැපයීම ඩෝලයා ඇතුළු කණ්ඩායමෙනි. ආරාධනා කළාට මෙච්චර සෙනගකට බොන්නට දෙන්නට ආරියාගේ අතමිට බර මදිය.බතක් මාළුවක් උයා කෙසේ හෝ කන්නට දෙන්නට නම් හැකිය. මගේ යෝජනාවක් අනුව අපිත් එක්ක ගිය ගමේ කොල්ලො කට්ටියගෙන් සල්ලි එකතු කර අපට බොන්නට බෝතල් ගෙන්නුවෙමු.වෙනත් වෙනත් කණ්ඩායම්ද උන්ට බොන්නට බෝතල් ගෙන්නුවෝය.මෙලෙස බීමේ ප්‍රශ්නය විසඳාගන්නා ලදී.සංගීතයත් සමග දැන් පාටිය නැගලා යයි.ගෙදර ගෘහමුලිකයා සහ සංග්‍රාහකයා වූ ආරියා ඔක්කොටොම ඉස්සර වෙරිවී නන්දොඩවන්නට පටන් ගත්තේය.

සාමාන්‍යයෙන් ආරියාගේ ගෙදර හෝ ඌ ඉන්න තැනක බොනවිට අපි බයිට් එකට ගන්නේ ආරියාවය.ඌ බීමත්වූ විට අපූරුවට බයිට්වේ.එදා මට ක්ෂණිකව අදහසක් පහළ විය.රෙදි වැඩපොළේ තමන්ගෙ සෙක්ෂන් එකේ කාන්තාවක් සමග මුගේ පොඩි ඇයි හොඳයියක් ඇති බවට කටකතාවක් ලාවට වගේ මගේ කණටත් වැටී තිබුණි. බයිටට  ඒ ඇතිය, බොන ගමන් මම නිකමට වගේ ආරිගෙන් ඒ ගැන ඇහුවෙමි.

උඹේ අර කේස් එක දැන් කොහොමද,නැගල යනවද... 

අනේ බං ඕව ඒ කාලෙ නොදන්න කමට කරපුවනෙ,ඒවා අතඇරල දාල හුඟක් කල්,අනික දැන් ළමයිනුත් ලොකුනේ...

ආදී වශයෙන් ආරියා මට බුදු ටෝක් දුන්නේය.මමත් එහෙනං ඒක හොඳයි කියා නිකං හිටියෙමි.මම ඒ කතාව එතනින් අත ඇරල දැම්මත් දැන් වැඩේ නැගල යන බව දැන සිටියෙමි.බීමත්ව සිටි ආරියාගේ හිතේ වැඩකලේම මේ කතාව මට කීවේ කවුද කියාය.මාත් එක්ක හිටපු කණ්ඩායම දෙස පරිස්සමෙන් බැලු ආරියා ජස්සයා දුටුවේය.වැඩේ හරිය කතාව කියා ඇත්තේ ඌය. මන්ද ජස්සයාත් ආරි සමග එක සෙක්ෂන් එකේ වැඩ කරන එකෙකි.ආරියා ජස්සයා දෙසට ආවේ කේන්තියෙන් කුණුහරුප වැලකුත්  කියාගෙනය.

අඩෝ වල් ජස්සයා තෝ තමයි ඇවිත් මේවා ගමේ පතුරවන්නේ...

මේ පාත්උනේ මොන හෙණගෙඩියක්ද කියා ජස්සයා උඩ බිම බලයි.ඌ මේ කතාවේ අගක් මුලක් දන්නෙ නැත.

තොගෙ ඔළුව පොඩිකරල මරනවා දැනගං, එනව මෙතන බොරු කතා හදන්න...

මොකක්ද ආරි අයියෙ කියන දෙයක් තේරෙන්න කියපංකො...

ඉඳපිය තොට මම තෝරන්න පොල්ලක් ගෙනත්...

ආරියා ගෙට ගියේ ජස්සයාට ගහන්නට දොර පොල්ල ගේන්නටය.ඒ අව් අස්සේ අපි ජස්සයාව ගෙයින් එළියට පිටත් කළෙමු.ආරියා පොල්ලත් අරං ඇවිත් අපටත් බණිමින් ජස්සයාව හොයන්නේ ඔලුව පොඩිකර මරාදමන්නටය. එතැන් සිට වැඩේ බාරගත්තේ වටද්දර රණයාය. ඌ මිනිස්සු බයිට් කිරීමේ විශේෂඥයෙකි.රණයා ඇවිත් ආරියාට යාප්පුවෙන් කතාකර පොල්ලත් විසිකර පැත්තකට එක්කරගෙන ගියේ ආරියාව සංසුන් කරන්නටය.උන් දෙන්නා පැත්තකටවී කතාකරමින් ඉන්න අතරේ අපි බොමින් සිංදු කිව්වෙමු.ආරියාට කතාකළ රණයා සියලුම වග විස්තර ප්‍රවේශමෙන් අහගත්තේය.ආරියා ඇයි හොඳයි කියන කාන්තාවගේ නම ගම මනුස්සයාගේ වගතුග ආදී සියලුම දේවල් ආරියාටත් නොදැනෙන්නට උගෙන්ම අසාගත් රණයා ආපහු ආරියාත් එක්ක අපි ඉන්න තැනට ආවේය.

 ඒ පරණ කතා ඔක්කොම ඉවරයි,ආරි අයිය ඒව නවත්තල දාල ගොඩක් කල්,දැන් ඔය කතා ආපහු අදින්න ඕනෑ නෑ...

ඔව් නේද  මාත් කිව්වෙ ඒක තමයි,මොනවටද ආයෙ හෝද හෝද මඩේ දානව වගේ සැරෙන්සැරේ ඇදල ගන්නෙ ඒ ප්‍රශ්නෙ මෙතනිං ඉවරකරමු...

ආරියා වීරයෙක් වගේ  පපුවත් පුම්බාගෙන බලා සිටින්නේ තව ටිකකින් වෙන්නට යන දේ ගැන හාංකවිසියක් වත් නොදැනය.පොල්ල හංගා ජස්සයාද ගේ ඇතුළට අරගත්තෙමු.ආරියා අපත් සමග බොන්නට වාඩිවුයේ සතුටු සිතිනි.ටිකක් වෙලා අනං මනං වල් පල් කතාකළ රණයා තව ටිකකින් ආරියාව ආපහු ට්‍රැක් එකට දමාගත්තේය.

කවුද බං ආරි අයියෙ මට එහෙම කෙනෙක් මතක් වෙන්නෙම නෑනෙ,උඹ ඔය කිව්වෙ එළුවපිටිය හරියෙද...

ඔව් ඔව් බං දැන් ඒවා මොකුත් නෑනෙ...

ඒක තමයි උඹ කෙරුවෙ  නුවණක්කාර වැඩක්,ඔය වැඩ කටයුතු දිග දුර ගෙනියන්නෙ කවුද නේද බං...

එහෙනං...

දැන් එහෙනං උඹ ඉස්තිරේටම වැඩේ නවත්තල තියෙන්නෙ නේද...

ඔව් බං ඕව මහ ලෙඩ වැටෙන වැඩනෙ...

ආරියා කතාකරන්නේ වටපිට බලමිනි.රණයා වීදුරුව හිස්කර හැඩේට සිගරැට් එකක්ද පත්තු කර ගත්තේ කටද  හදමිනි.

දැන් මට ටිකාක් වගේ ඔය හරිය මතක් වේගන එනව බං ආරි අයියෙ කිව්වට ප්‍රශ්නයක් නෑනෙ දැන් උඹෙත් පයුරු පාසානයක් නැතිකොට,ඔය මනුස්සය අර හංදියෙ ඔරලෝසු හදන කෙට්ටු පොර නේද...

ඔව් ඔව් බං ඌ තමා...

හරි හරි දැන් මතකයි...

රණයා හිනාවුනේ තහ් ගා කළවටද පහරක් ගසාගනිමිනි.ආරියා අන්දමන්ද වී බලාසිටී.

ඇයි බං මේ අර අපේ හංදියෙ ඔරලෝසු හදන විල්බට් අයියගෙ පවුල කාන්තිනෙ,මට මෙච්චර වෙලා ටිකක් කොයිල් වගේ තිබුනෙ දැන් හොඳට මතකයි,අපොයි කවුද කාන්තිව නොදන්නෙ...

බාගෙට ඇරී තිබුන ආරියාගේ කට තවත් ටිකක් ඇරුණේය.ඌ හොල්මං ද පොල්කොළ වී  බලාසිටින අතරේ රණයා නොනවත්වාම කියවයි.

උඹලට කියන්න කාන්ති ඒ පැත්තෙ කවුරු කවුරුත් එක්ක වගේ ගනුදෙනු කරන කෙනෙක් තමා, කිව්වහම මොකද මාත් ගිහිං තියෙනවා වරදක් නෑ, නේද බං ආරි අයියෙ...

රණයා කතාකරන්නේ ආරියා දෙස යටැසින් බලමිනි.මුවේ සිනාවක් එළියට පනින්නට තතනයි.ආරියාගේ මූණ විරූප විය.අතපය වෙව්ලයි.කොහොමත් රණයා යමක් කමක් පිළිවෙලක් ඇති කොල්ලෙක් නිසා ආරියා ඌට ගහන්නට යන්නේ නැත.ආරියා නැගිට්ටේය,ඌ ගොතගසයි ඇස්වල මොරගෙඩි මෙන් කඳුළු කැටය.නැගිට රණයාගේ අතින් අල්ලාගත් ආරියා...

වරෙන් යන්න...

කොහෙද බං...

වරෙන් යන්න ඒකිගෙන් අහන්න මේ දැන් යමං...

ඉතිං බං ඒකිත් එක්ක මොකුත් ගනුදෙනුවක් නෑ කියල උඹ මේ දැන් නොවැ කිව්වෙ..

ඒකට කමක් නෑ වරෙන් යන්න...

අපි බිම දිගාවී හිනාවෙන්නට වූයෙමු.හිනාවේ තදකමට මගේ ඉලඇට දෙකතුනක් කැඩේවී යයි බයකුත් ඇතිවිය.ඔය ප්‍රශ්නය ඇදී එනවිටම ජස්සයා එතැනින් මගඇර ගියේ ආරියාගෙන් ගුටිකන්නට බැරිකමටය. ආරියා දත්මිටිකමින් පිස්සෙකුසේ රණයාව ඇදගෙන යන්නට හදන්නේම හගිස්සවන්නටය.රණයාට ගාණක් නැත.ඌ හිනාවෙමින් කතාකරයි.

මේ රෑ ඔය ගෙවල්වල යන්න මට බෑ බං ඕන්නං හෙට උදේ යමු...

බෑ බෑ මේ දැන් යමං දැන්මම යමං...

උඹට ඕන්නං දැන් ගිහිං විල්බට්ගෙන් ගුටිකාල වරෙන් අනේ අම්මෝ මට නං බෑ...

ආරියා දඟලන්නේ උමතු වූ එකෙකු වගේය.උඹට ඕන්නං පලයං කියා ආරියාගේ අත අතඇරිය රණයා අපත් සමග එකතුවී හිනාවෙන්නට විය.ආරියා දැන් වෙසමුනියා මෙනි.ඔලුවට යක්ෂයා ආරුඪ වී ඇත.ඌට දුකය ඊට වඩා කේන්තිය.හිතේ තියෙන දුක කියා ගන්නට කෙනෙක් හෝ පිළිසරණක් වෙන්නට කෙනෙක් නැත.ඒ වෙනුවට ඔක්කොම ඌට සමච්චලයට හිනාවෙති. හදවතේ තට්ටු පිට තට්ටු ගොඩනැගී තිබු ආදරයේ සිහින මාළිගාව ඇස් ඉදිරිපිටම බිඳවැටී සුනුවිසුණු වන ආකාරය ඉවසාගත හැකිද? එතන තිබ්බ බෝතල්ද බයිට් පිඟන් ද පොළොවේ ගැසූ ආරියා බිත්තියේ ඔලුව ගහගන්නට විය.කට්ටිය ඉක්මනට ආරියාව අල්ලගෙන එළියට එක්කං ගියෝය.ආරියා ඇඳුම් ඉරාගනිමින් වැළපෙයි.අල්ලගත්ත අය ඌව පාර පැත්තට එක්කරගෙන ගියේ ඌ ටිකක් සංසුන් වෙනතුරුය. අපි ඉක්මනට ආපහු ඇවිත් හොයාබැලුවේ බෝතල් බිඳිලාද කියලාය.බාර් වසා ඇති ඒ මහ පාන්දර අන්තිම ෂොට් එක හරිම වටී.හදවත සත්කඩකට පැලීගිය කතානායක තෙමේ පාරේ වැළපෙද්දී අපි බොමින් සතුටු උනෙමු.

මම ඉස්සෙල්ලා මතක් කරපු කාරණා දෙකෙන් දෙවෙනි කාරණය නම් මේ දවස්වල ටී වී බලනවිට එක වැඩ සටහනක පැරණි ගීත ප්‍රචාරය වෙනු දුටුවෙමි.බොහෝ විට ඒ සිංදු වලට සංගීතය සපයන්නේ එකල ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සුපර් ස්ටාර්ස්ය.මට නම හරියටම ෂුවර් නැත ලිව්වේ මතකයෙන්ය.ඔය සංගීත කණ්ඩායමට අර්නස්ට් සොයිසා උපාලි කන්නන්ගර සරත් ද අල්විස් ආදී සංගීතඥයින් එකල එක්ව සිටියෝය.කණ්ඩායමේ නායක අර්නස්ට් සොයිසා හරියටම ආරියාගේ නිවුන් සහෝදරයා මෙනි.මුහුණද ඉත්තෑ කුරු කොණ්ඩයද උසද ඒ වගේමය ඇරපු අතක් නැත.ඔවුන් සංගීතය සපයන ගීත මම ඉතා ආසාවෙන් බලන්නේ ආරියා දෙස බලා ඉන්නවා වගේ  හිතෙන නිසාය.ඒ වෙලාවට මම බිරිඳටද කතා කරන්නේ මෙන්න ආරියා ඉන්නවා බලන්න එන්න කියලාය.ආරියා කළ තව වැඩක් කියා මම මේ කතාව නවත්වමි.

අපේ ගෙදර සාමාන්‍යයෙන් රෑට උයන්නේ නැත.පාන් හෝ වෙනත් මොකුත් කඩ කෑමක් ගෙනත් රෑට කන්නෙමු.බත්ම අවශ්‍ය අය දවල් ඉතුරුවී ඇති බත් කති.එක හැන්දෑවක මම ඉස්තෝප්පුවේ ඉඳගෙන ඈණුම් අරිමින් සිටිද්දී බිරිඳ ඇවිත් රෑට කන්නේ මොනවාදැයි ඇසුවාය.නාරංවත්තේ ආප්ප ආච්චිගෙ කඩෙන් ඉඳියාප්ප ගේන බව මම කිව්වෙමි.කඩේට යන්නට පාරට ආවත් යන්න විදියක් නැත.මෙහෙම ටිකක් වෙලා ගේ ඉස්සරහ හිටගෙන ඉන්නාවිට ආරියා උන්ගේ ගෙවල් පැත්තේ සිට ත්‍රීවීලය එළවාගෙන ආවේය(මෙකල රෙදිමෝල වසාදමා තිබුනු අතර සේවකයන්ට වන්දිගෙවා ඉවත් කරන ලදී.ඌට ලැබුන වන්දි මුදලෙන් කොටසක් යොදා ආරියා පරණ ත්‍රීවීල් එකක් මිලදී ගෙන තිබුණේය) මා දැක රථය නැවැත්වූ හොඳටම බීමත්ව සිටි ආරියා මා පාරට වී සිටින්නේ ඇයිදැයි ඇසුවිට කඩේට යන්නට ක්‍රමයක් නැතිව සිටිනවා යැයි කීවෙමි.යන්නට ගිය ගමන පැත්තක දැමු ආරියා මාවත් දාගෙන නාරංවත්තට යන්නට පිටත්විය.අපි ගියේ ගේ ඉස්සරහින් වැටී ඇති අලවත්ත පාරේය.වත්ත සම්පූර්ණයෙන්ම  කෑලි කඩා විකුණා තිබුන නමුත් වත්තේ ඈත කොණ හරියට වෙන්නට  ඒ වනවිටත් ජනාවාස වී නොතිබුණි.පාර දෙපැත්තද වල් වැහී තිබුන නිසා මිනී පිට්ටනිය හරියට වෙන්නට මළ පාළුය.

ඔන්න ඔය පාළුව ප්‍රයෝජනයට ගනිමින් පාර අයිනේ කැලෑ මැන්ඩිවලට ජෝඩු ජෝඩු හැන්දෑවට ත්‍රීවීල් වලිනුත් වෙනත් වෙනත් වාහන වලිනුත් එන බව මම අසා තිබුනෙමි.මගෙත් එක්ක යන ගමන්ද ආරියා මට කියමින් ගියේ ඔය කතාවමය.අපි කතා කරමින් ඉස්සරහටම ගියෙමු.මිනී පිට්ටනිය ලංව එනවිට අප ඉදිරියට එන්නේ ජෝඩුවකි.

ෂාහ් කියනකොටම ඔය එන්නෙ...

කියමින් මම වචනයක් කියන්නටත් කළින් ඔවුන් දෙන්නා ඉස්සරහම දඩස් ගා නැවැත්වූ ආරියා  වාහනයෙන් බැස්සේය.මම වාහනයට වී බලා සිටියෙමි.ඒ ජෝඩුව දවල් දවසේ කුලියක් මලියක් කර කීයක් හරි හොයාගෙන රෑට උයන්නට කළමනා මල්ලක්ද කඩෙන් අරගෙන ගෙදර යන වත්තේ පදිංචි යුවළක්  බව ඕනෑම කෙනෙකුට වැටහේ.කාන්තාවගේ අතේ තිබුන මල්ලෙන් වැටකොළු කරලක බාගයක්ද එළියට පැන තිබීම මගේ කල්පනාව තහවුරු කළේය.ඒත් කුණුවෙන්නට බීමත්ව ඉන්න ආරියාට ඒ වගක් නොතේරේ.අධික බීමත්කම නිසා කෙළින් කටින් ඉන්නට බැරි ඌ ගොතගසමින් කතාකරන්නේද  ත්‍රීවීල් එකට හේත්තු වීගෙනය.

මේ ඔයාල කොහෙද යන්නෙ...

අපි ගෙදර යනවා...

ඒ කිව්වට මට විස්වාස නෑ...

කතාව දිගින් දිගටම ඇදී යයි.මම එළියට නොබැසම අසා සිටියෙමි.මට ලැජ්ජාවක්ද බයක්ද දැනේ.ඒ මිනිහා පොල්ලක් කඩාගෙන ගැහුවා නං අපට දුවන්නට පාරත් ඉඩ මදිය.ආරියාගේ මෝඩ ප්‍රශ්න හමුවේ ජෝඩුව මුණෙන් මුණ බලා ගත්හ.

අපේ ගමේ මේ වගෙ සදාචාර විරෝධී දේවල් වෙනවට අපි කැමති නෑ...

අපේ ගම ගැන කියන ආරියා ඌව පළාතේ මයියංගනයේ සිට රෙදිමෝලේ රස්සාවට ඇවිත් අපේ ගමේ බින්න බැස්ස එකෙකි.මම වාහනයෙන් බැස ආරියාට ටිකක් තදින් කතාකළෙමි.

මේ ආරි උඹ යන්න ආපු ගමන යනවද නැත්නං මම බැහැල යන්නද...

ආරියා ත්‍රීවීල් එකට නැග්ගේ ඔයත් එක්ක මොකුත් කරන්න බෑනෙ කියා කටයටින් මට බැනවදිමිනි.ආප්ප ආච්චිගේ කඩේට ගිහිං ආපහු එනවිට නෑදෑ ගෙදරකට පණිවිඩයක් කියන්නට තියෙනවා යැයි කියා උවමනාවෙන්ම අලවත්ත පාර මගහැර ගමමැද පාරෙන් ආරියාව එක්කරගෙන ආවෙමි.

ජීවිතේ අවසාන කාලයේදී ආරියා ජීවත් වුනේ තනිකරම ඇල්කොහොල් වලිනි.බඩු ගෙදරම තිබ්බ නිසා සපයාගැනීමේ කිසිම අපහසුවක් නොවීය.වෙරි බහින්න බහින්න තව තව වක්කර ගනී.ඇල්කොහොල් නිසාම කැවුත්ත දියවී ඌ අකාලයේ මියැදුන පුවත මට දැනගන්නට ලැබුනේ වැඩ ඇරී ගෙදර එනවිටය.ආරංචිය ඇසු මගේ කකුල් දෙකද පණ නැතිවීගෙන යන්නා සේ දැනුණි. ආරියා අපාගතවී මේ මාසයට අවුරුදු දොළහක් සපිරේ. කොච්චර උනත් තව ටික කාලයක්වත් ආරියා ජීවත් උනා නම් හොඳයි කියා මට හිතෙන්නේ ඒ කාලය තුළ ඌ දෙන ආතල් තොගයෙන්ම මගේ බ්ලොගය පුරවන්නට හැකිවේයැයි ඇතිවෙන තරමක ආත්මාර්ථකාමී හැගීමක් නිසාවත්දෝ යැයි මට නොවැටහේ෴

82 comments:

  1. මිනීමරණ කෝස්

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මේවා වෙලාවට නැගල යන කෝස්.

      Delete
  2. ආරිගෙ ගෙදර ගිහින් ඌවම බයිට් කරාම ඌ ආපහු සෙට් එක ගෙදරට වැද්දගන්න එක තමයි වැරැද්ද... :D
    තරහ හිතේ තියාගන්න එකෙක් නෙවෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. ඌ ඕවගෙ ගාණක් ඇති එකෙක් නෙවෙයි.බීපු වෙලාවට කියපු කරපු දේ පස්සෙ අමතකයි.

      Delete
  3. අලවත්තේ අටං පාටියට ආව ඩෝලයා(තිලක් තිත්තවැල්ල) හන්දම තවත් ඉල ඇදෙන සංවේදී කතාවක් හැලපේ අයියේ

    ReplyDelete
    Replies
    1. තවත් කතා රාශියක් ඇත.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. එකක් කොටනකොට තුනක් වදිනවා. දෙකක් මැකැවා

    ReplyDelete
    Replies
    1. එකක් කොටන කොට තුනක් වදිනවනං මල් හතයි නොවැ අයියෙ

      Delete
    2. ‍ෙමෙොකක්ද අවුලක් තියනවා

      Delete
    3. ඕක ඉස්ප්‍රීං මෙට්ට වල තියන අවුලක් තමා.. ඕ යේස් !!!

      Delete
    4. තුන වදිනවනං මොකක් හරි අවුලක් ඇති අයියා. නරකද සෙට් එක ඇජස් කරගත්තොත්.

      Delete
    5. ෂොක්ඇබ්ෂෝබරේ බුෂ් ගිහිං :D

      Delete
    6. උරයක් දාගත්තනං තමයි හොද නැත්තං වැඩේ ලීක් වෙයි...

      Delete
    7. බලාගෙන ,කොහොම හරි දෙකක් වත් බේරගන්න බලන්න

      Delete
    8. ඔහොම වෙන්නේ Bang - Cock ගිහිං ආවට පස්සේ නේද මචං?

      Delete
    9. ඕක බෝවෙන ලෙඩක් මචං, නලින්

      Delete
    10. මටනං එච්චර අවුලක් නෑ. එකක් ගැහුවම දෙකක් වදිනවා. අපේ කම්මලයා යකඩ තලනකොටත් එහෙමයි. මංනං ඉතිං යකඩ නෙමේ තලන්නෙ.

      Delete
    11. අහෝ නලින්ට වූ හදිය...!

      Delete
    12. නලින් අයියෙ, මෙට්ටෙ ඉස්පිරින්ද?

      Delete
    13. යකෝ මටත් මෙහෙම තියෙනවනං .

      Delete
  7. පව් හැලපයියෙ... අරුන්දැ නෑ නෑ කිව්වට කාන්තිට බොක්කෙන්ම ලව් කරල වගේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අපිත් පස්සෙ දැනගත්තා.

      Delete
  8. //හදවත සත්කඩකට පැලීගිය කතානායක තෙමේ පාරේ වැළපෙද්දී අපි බොමින් සතුටු උනෙමු. :O//

    මාර නරක කට්ටියක්...:P

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද නරකම නරක කස්ටියක්.

      Delete
  9. නම් ගම් මන:කල්පිතය‍
    තියෙන නම් ගම් වෙනුවට බ්ලොක්කරුවන්ගේ නම් ගම් ආදේශකරනු සේක්වා.

    ReplyDelete
    Replies
    1. කාන්ති වෙනුවට මල්මි?

      Delete
    2. මේ කතාවෙ මම නං දැනටමත් ඉන්නවනෙ.

      Delete
  10. බැඳපු මිනිහෙකුට අනියම් බිරිඳක් ඉන්න කොට ඒ ගැණිටත් වෙනත් අනියම් මිනිසුන් සීටීමේ වරද කුමක්ද? ආරියා විස්සෝප වීම මට නම් නොතේරේ!

    ඒක අනියම් කේස් එකක් නොව ටෲ ලව් එකක් වගෙයි?

    ReplyDelete
    Replies
    1. ලිංගික ඉරිසියාව කියන්නෙ එසේමෙසේ කේස් එකක් නෙවේ රසික. අපේ ඔපීසියට ක්ලීනින් සර්විස් ආවට පස්සෙ කාන්තාවන් දෙන්නෙක් තමයි ඒ ඩියුටිය කලේ. ඉන් එක්කෙනෙක් කොටු පැනිලි ටිකක් කරගෙන ගියා. දවසක් බුවෙක් ඇවිල්ල අර මනුස්සයට හොඳටම ගැහුව. (ඒක කිහිප දවසක්ම වෙලා පොලිසි යන මට්මටම ගියා). ඒ හාදයත් විවාහකයෙක්. එයාගෙ අනියම් එක තමයි මේ. අනියම් සිරාවට කරන්නගියාම ඔහොම තමයි.

      Delete
    2. අනියම් කේස් කිව්වට ඒක ආරියගෙ පැත්තෙන් ටෘෘ ලව් එකක් වෙලා තියෙනවා.

      Delete
  11. පොඩ්ඩි උඩින් කියුවා වගේ මහම මහා නරක කට්ටියක්. කිසිසේත්ම අනුමත කල නොහැක.. හැක. හැක.
    ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ වෙලාවට හෙවත් ආතල් ගන්න වෙලාවට හොඳ නරක පෙන්නේ නෑනේ..
    ආරියට මතු ආත්මෙකවත් යහපත් යාලුවෝ ටිකක් ලැබේවා! :p

    ReplyDelete
    Replies
    1. මමත් ‍ෙමෙේ කියන්ඩ ආ‍ෙවෙේ ඕක .ඔ‍ෙහෙොම හිත්‍ෙවෙේදනා ‍ෙචෙ‍ෙදෙන යාළු‍ෙවෙොෝ එක්ක ‍ෙනෙොය්ිද. ආරි ඉක්මනට ග්ිය එකම ‍ෙහෙොදයි

      Delete
    2. අටං,
      ඊයෙ බීපුවද නැත්තං කෑමට පෙර ගත්තුවටද මේ වෙරි?

      Delete
    3. අටමො උඹ හැමතැනම කොටලා තියන කොමෙන්ට් මොකද්ද වෙලා. ඔය සොෆ්ට්වෙයාර් එක අල්ලලා වීසි කොරලා ගූගල් ඉන්පුට් ටූල් දාගනින්.

      Delete
    4. මගේ පැතුමත් ආරියාට මතු ආත්මේ යහපත් යාළුවො ටිකක් ලැබෙන්න කියලයි.

      Delete
  12. එකකටවත් රිප්ලයි කරන්න බෑනේ බං මට....මොන හුයන්නක් වෙලාද මේ

    ReplyDelete
    Replies
    1. පත්තරෙයා කියල තියෙන්නෙ, වෙලා තියෙන දේ... :-)

      Delete
  13. යකෝ මාර යාලුවො ටිකක්නෙ. අර මනුස්සය අරෙහෙ මැරෙන්න හදද්දි බොලා හොයන්නෙ බෝතල් ටික කුඩුවෙලාද කියල.

    ඉතිං ගෙවැදීමේ පාටියෙ බීම විතරද කෑම නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං ඌට මොනව හරි කරගන්න පුළුවනි,ඒත් බෝතල් බිඳුනොත් ඒ රෑ කොහෙන් හොයන්නද.
      පාටියේ කෑම තිබුනා දැයි මතක නැත.එපමණටම අනුමතවී සිටියෙමු.

      Delete
  14. ඔය පාටිය යන වෙලාවේ ආරිගේ බිරිඳ සහ දරුවන් අවට හිටියේ නැද්ද.
    ආරියා පව් හැලප අයියේ, පොඩි පහේ බොරුවක් කියල බයිට් කලොත් ඇරෙන්න මටනම් මිනිහෙක්ව ඔය තරම් බයිට් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. බිරිඳත් දරුවනුත් ඒ මහ රෑ වෙනතුරු ඇහැරගෙන නොසිට නිදාගන්නට ඇත.කොහොමත් අපි ඌට රෙද්ද දුන්න විතරනේ නේද.කපල මහල ඇඳගත්තෙ ආරියමනෙ.

      Delete
  15. පාප මිත්‍රෙයා්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එහෙනං ආරියට හොයලවත් හොයාගන්න බෑ මේ වගේ මිත්‍රයො ටිකක්.

      Delete
  16. ආරියා මාරු බඩුවක්නේ ... හැබැයි පොර ස්පෙයාවීල් එක ගැන මාර විශ්වාසෙන් ඉඳලා තියෙන්නේ . වටද්දර ආරියා කියද්දී මතක් වුනේ , එක සැරයක් ඔය වටද්දර පන්සලේ හැංගිලා ඉන්න වුනානේ අපිටත්

    ReplyDelete
    Replies
    1. Buddha poojâwa horen kâwath ithin pihita pansalenma thama...

      Delete
    2. ඒ කොයි කාලෙද ජේ වී පී කරන කාලෙද.

      Delete
  17. යුද්ද කාලේ අපේ නිලධාරි පිරිසක් පොඩි සාජ්ජයක් පටන් අරන්, ඒක ලොකු සාජ්ජයක් වෙලා, අන්තිමට 'කාන්තා කතාවක්' නිසා දෙන්නෙක් පිස්තෝල ඇදගත්තා. අනික් අය පැනලා වැලැක්වුවා. අර දෙදෙනාටම විරුද්ධව හමුදා නීතිය යටතේ ක්‍රියා කරලා, අවුරුදු දෙකකට උසස්වීම් තහනම් කෙරුනා. නියම විදිහට නම් හමුදාවෙන් නෙරපන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙයා උසස් වීම් කථා කරනවා අරෙහෙ මැරෙන්න හදනවා....

      Delete
    2. මට මතක විදිහට බිලට් rule සෙට් එකේ තියෙනවා නොකළ යුතු කතා යටතේ "කාන්තාවන් සම්බන්ධ කතා" කියලා නේද?

      Delete
    3. නිලධාරී නිවස්නයක් තුළ කතා කිරීමට තහනම් දේවල්;

      හමුදාව ගැන විවේචන
      කාන්තාවන් සමග ඇති පෞද්ගලික සබඳතා.
      දේශපාලනය.
      පෞද්ගලික මුදල් ගණුදෙනු.
      ඕනෑම පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට අපහාසවන කතා.

      Delete
    4. මොන තහනම තිබ්බත් බීපු වෙලාවට කතා කරන්නෙ ඔය තහනම් මාතෘකා ගැන නේද.

      Delete
    5. එතකොට ආර්මි එකේ කට්ටිය බොන්නේ කිසිමදෙයක් කතා නොකරද?

      Delete
  18. අප්පේ .... උඹල ගාව ඉද්දි පරිස්සමින් ඉන්න ඕනෙ. මුන් පෝස්ට් එකක් ලියන්න අපිට අතවර කරන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොහොම පරිස්සමින්.

      Delete
  19. ආරියා අපාගත වෙලාලු. පුදුමයක්යැ. අපාය සහාය මිත්තරයො ඉන්නකොට.

    ReplyDelete
    Replies
    1. හැලපයියා වේටින් ලිස්‍ට් එකේ .. :D

      Delete
    2. ඌ කරපු දේවල්වල හැටියට වෙන කොහේ යන්නද බං.

      Delete
  20. ආරියා පව් යකෝ හැලපයියේ.මට නම් මිනිහෙක්ව ඔහොම බයිට් කරන්න බැහැ.උඹලා වගේ අපාය සහායක මිත්‍රයෝ.:D

    ReplyDelete
    Replies
    1. අපි පොඩ්ඩක් අල්ලල දුන්න විතරනෙ මනෝජ් බයිට් උනේ ඌමනේ.

      Delete
  21. /උඹට ඕන්නං දැන් ගිහිං විල්බට්ගෙන් ගුටිකාල වරෙන් අනේ අම්මෝ මට නං බෑ.../

    ඒක තමා මං දැකපු හොඳම වාක්කිය.

    මට මතක් උනේ අර අපේ ගම පොතේ තියෙන්නෙ, එකෙක් බය කරලා, තොවිලෙකුත් නටවලා, අන්තිමේ උෟව අල්ලලා ගඟෙත් ඔබපු කතාව.

    ReplyDelete
    Replies
    1. හොඳට බීල මසුත් කනවා නේද.

      Delete
    2. තොයිලෙට ගෙනාපු කුකුළවත් මරලා උයලා කනවා. තොයිලෙට දීපු ලිස්ට් එක බලපු අර ආතුරයගෙ ගෑණි කියනවා, "මේක තොයිලෙකට නෙමෙයි, මඟුල් ගෙදරකට හදපු ලිස්ට් එකක් නෙ" කියලා.

      Delete
  22. ආරියාට ඉතිං දානයක් වත් දීහං. සමාර විට උඹ මේ ළගදි පාපීන්ට දුන්නේ ඒ දානේද දන්නෑ. හැක්..

    ඒක නෙමෙයි බං මම නං විහිලු නොදන්න උන් එක්ක, කන්ට්‍රොල් කරන්න බැරි උන් එකක් බිව්වට පස්නේ විහිලු කරන්නැ..

    ReplyDelete
    Replies
    1. එහෙම උන් බයිට් එකට ගද්දි මොන තරං සොමිද කියල උඹ දන්නෙ නෑ.

      Delete
  23. අන්න කොල්ලෝ

    ReplyDelete
  24. / කණ්ඩායමේ නායක අර්නස්ට් සොයිසා හරියටම ආරියාගේ නිවුන් සහෝදරයා මෙනි.මුහුණද ඉත්තෑ කුරු කොණ්ඩයද උසද ඒ වගේමය /

    අර්නස්ට් සොයිසගෙ ඉත්තෑකූරු කොණ්ඩයක් තිබ්බෙ නෑනෙ බන්?

    අර්නස්ට් ගොයිය සුපර් ස්ටාර්ස් පටන්ගෙන ඒකෙ ලීඩර් උනාට ඒ මනුස්සය දන්න කෙහෙම්මලක් නැතිය සරත් ද අල්විස් තමයි වැඩේ ඇදගෙන ගියේය කියල තමයි ඒ කාලෙ කතාව පැතුරුනෙ...:)

    ReplyDelete
    Replies
    1. උගෙ කොන්ඩේ කිසිම රැල්ලක් නෑ නොවැ.ඉත්තෑකුරු කියල කිව්වෙ ඒකයි.ආරියගෙ කොන්ඩෙත් ඔය වගේමයි.

      Delete
  25. ඕවා ...සක්කිලි ආතල් බං .......ඌ.....බඩුවක් සෙට් කරගෙන උන්නත්......ගෙයක් හැදුව නේ....කැ රි වැඩ.....

    ReplyDelete
    Replies
    1. කවුද බං නෑ කිව්වෙ.ඕව ඔහොම තමා.

      Delete
    2. මේ අර වෙරලුමල් ආරාමේ ලිව්ව කෙන්ජි ශුක්රානුවමද? හිතාගන්න බෑ

      Delete
  26. මරු අතීතාවර්ජන.. පාටියට පස්සෙ තව මොකා මොකා ගැන ලියයිද දන්නෑ... කොහොම උනත් බොහොම රසවත්... දිගයි කියල රසය කිසි අඩුවක් නෑ....

    ReplyDelete
    Replies
    1. තව ලියන්න ඇය ගොඩක් ඉන්නව සජ්ජෝ.

      Delete
  27. බයිට් එකක් උනත් සීමාව ඉක්මවා ගියාම හිත් රිදෙනවා වැඩියි.ඒත් එක එක්කෙනාගෙ සීමාවල් වෙනස් නෙ.යාළුවෝ තමයි ඒක දන්නෙ.පව් ආරියා බීලා මැරුණු එක..
    ලිවිල්ල නම් එකම විදිහට සුපිරියි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පව් නේන්නං හිටියනං තව මොන ආතල් තොගයක් දෙනවද.

      Delete
  28. බිවුවට පස්සේ බයිට්කර ගැනීමනම් මාරාන්තිකයි.ජීවිතේ කවදාවත්ම නොකර ඉන්න ඕනේ වැඩක්.මාත් ඔයවැඩේ කරන්න ගිහින් හොඳටම මට්ටු වී ඇතිනිසා දැන්නම් කරන්න හිතන්නෙවත් නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. දැන් බිපුවම සද්ද නැතුව නිදාගන්නෙ ඒ හින්ද වෙන්න ඇති.

      Delete
  29. අපේ පැත්තෙ හිටිය ටෙලිකොම් ජයාගෙ සහෝදරයෙක් වගේ ආරි....මේ කියන පාටිය වෙලාවෙ පරිසරය හිතේ මවාගත්තම ආතල් ලෝකයක් කියලා පැහැදිලියි...බැරි වෙලාවත් ආරිට මනුලොව ඉපදෙන්න බැරිද....කොහොමද තක්කෙටම කිව්වෙ අපාගත උනා කියලා...මොකද එහෙ ඉදං ටැලිගැරෑම් එකක්වත් එව්වද බොට...

    ReplyDelete
    Replies
    1. ඌ ඉන්නකල් කියපු කරපු දේවල්වල හැටියට වෙන කොහේ යන්නද බං.

      Delete

ඔබේ අදහස්