Thursday, June 4, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය



ඒ මා බෙන් ෆිල්ම්ස් ආයතනයේ නැවතී හිඳිමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රැකියාවට ගිය සමය විය.උදේට හැඳ පැළඳගෙන සුදානම්වී ගේ  ඉදිරිපිටින් බසයට ගොඩවී බොරැල්ලට ගොස් එතනින් 154 බසයක නැග සේවා ස්ථානයට යන්නට මම පුරුදුව සිටියෙමි.කාලය අසූව දශකයේ අග භාගයයි.දේශප්‍රේමීන් රට අනියම් ආකාරයෙන් පාලනය කළෝය.ආණ්ඩුවේද දේශප්‍රේමීන්ගේ සියඹලාණ්ඩුවේද යන නීති දෙකටම යටත්වී සිටි හුදී ජනයන් වූ අපි මේ දෙපැත්තේම වැඩ නිසා බොහෝ දුක් වැළඳුවෙමු.සමහර දිනෙක උදෑසන අවදිවී බලනවිට ගේ ඉදිරිපිට පාරේ බස් ධාවනය නොවේ.දේශප්‍රේමීන් ඇඳිරි නීතිය පනවා ඇති බව දැනගන්නට ලැබෙන්නේ එවිටය.බොහෝ දිනවල තුණ්ඩු කෑල්ලක දැනුම් දීමෙන් කඩ සාප්පු,හෝටල,වෙළෙඳසල් සියල්ල වසා දමන බැවින් තේ කෝප්පයක් හෝ බොන්නට තැනක් නොමැතිවී යයි.එක් දිනෙක උදේ කෑමට පාන් ගෙඩියක් මිලදී ගැනීමට යාම සඳහා පාරට පැමිණ සයිකලයට ගොඩවුනා පමණකි.පැලවත්ත පැත්තේ සිට ඉතා වේගයෙන් පැමිණි වෑන් රථයක් පාරේ මට ඉදිරියෙන් සයිකලයක් පැදයමින් සිටි තරුණයා ඉදිරිපිට නවත්වා එක්වරම ඔහුගේ බෙල්ලෙන් අල්ලා ඇතුළට දමාගෙන ටයර් කෑගස්සවමින් පිටත්වී ගියේය.පාරේ අතහැර දමා ගිය සයිකලයේ රෝද කැරකෙමින් තිබුණි.මම ගල්ගැසී බලා සිටියෙමි.තවත් දවසක කිඹුලාවල හරියේ වෙල්යායක් අද්දර මරා බාගෙට පුළුස්සා දැමු තරුණයන් කීප දෙනෙකුගේ මළසිරුරු විය. කුප්‍රසිද්ධ හෝකන්දර මිනීවලද පුරවන ලද්දේ මේ දවස්වලය.මුළු රටම තුන්බියෙන් ඇලලී ගිය විසාලා නුවර මෙන් විය.නීතිය නිහඬවූ අතර පාලනය බිඳවැටී තිබිණි.

අපි රැකියාවලට ගියේ ඇඳිරි නීතිය නොමැතිනම් පමණකි.මා නැවතී සිටි තැනත් රාජකාරි කළ තැනත් අතර එපමණ දුරක් නොවූ නිසා මට කෙසේ හෝ රැකියාවට යාගන්නට හැකිවුවත් දුර බැහැර සිට සේවයට පැමිණෙන අයට ප්‍රවාහන පහසුකම් නොවූ බැවින් රාජකාරි ස්ථානය බොහෝවිට පාලු ස්වභාවයක් ගත්තේය.දීර්ඝ නිවාඩුවක් බඳු මේ කාලය ප්‍රයෝජනයට ගනිමින් බෙනට් ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් ආරම්භ කිරීමට තීරණය කළේය.ආචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද ටෙලි නාට්‍යයේ තිර පිටපත දිනක් බෙනට්ට අමතකව දමාගොස් තිබියදී සොයාගෙන මහ පාන්දර වෙනතුරු කියවා අවසන් කළෙමි.ටෙලි නාට්‍යයට ගීත හතක් හෝ අටක් ඇතුළත්වූ බව මගේ මතකයයි.ආචාර්ය සුනිල් ආරියරත්නගේ මිහිරි පදවැල්  සියල්ලම ගායනා කරන ලද්දේ නන්දා මාලිනිය විසිනි.යුග ගීත දෙකක්වූ අතර ඒවා බී වික්ටර් පෙරේරා සහ කීර්ති පැස්කුවල් නන්දා මාලිනිය සමග ගායනා කළෝය.මේ ගීත සියල්ලම ඇතුළත් කැසට් පටය දවසක් බෙනට් විසින් අපටද අසන්නට දුන්නේය.කැසට් පටයේ වූ සියලුම ගීත රසවත්වූ අතර නන්දා මාලිනිය බී වික්ටර් පෙරේරා සමග ගායනා කළ කුසිනාරා නම් නගරේ නම් ගීතයට මා ඉතා ප්‍රිය කළෙමි.පසු දිනෙක දළුගම සරසවි චිත්‍රාගාරයේ දර්ශන තලයක ඒ ගීතය රූපගත කරන ලද අවස්ථාවටද මට සහභාගී වන්නට ලැබුණි.රූපගත කිරීමේදී ගීතය ගායනා කරන්නට පෙනීසිටියේ වසන්ති චතුරානි සමග වින්සන්ට් වාස්ය.ගීත රූපගත කිරීමේදී සිදුවූ ඉතා රසවත් කතා පසුවට කියමි.

ටෙලි නාට්‍යයේ ප්‍රධාන දර්ශන තලය ලෙස බෙනට් තෝරාගෙන තිබුනේ සඳලංකාවේ සුන්දර ගමක පිහිටි පැරණි විශාල වලව්වකි.එය කිසිම ගෘහ භාණ්ඩයක් නොතිබූ හිස් වලව්වකි.රූපගත කිරීම් ආරම්භ කරන්නට පෙර අවසන් කල යුතු  බොහෝ වැඩකටයුතු විය.නිෂ්පාදන කණ්ඩායම හා කැමරා කණ්ඩායමද නැවතී සිටීමට නියමිත වුයේ වලව්වේම බැවින් මුලික ගෘහ උපකරණ සපයා ගැනීම අත්‍යවශ්‍ය විය.අපි ඇඳන් පුටු මේස ආදිය බාල ලී වලින් සාදවා වලව්වට ගෙනගොස් දැම්මෙමු.තවද කුස්සියට අවශ්‍ය හිරමනා මිරිස් ගල් මන්නා පිහි කැති ආදියද මිළට ගත්තෙමු.රූගත කරන කාලය තුළ අහාර පිසීම සඳහා අරක්කැමියකුද අප විසින් සොයා ගන්නා ලදී.ආහාර ද්‍රව්‍ය කණ්ඩායම පැමිණෙන විට ගෙනඒමට නියමිත විය.යකුන් බැඳගත්තාක් මෙන් රෑ දවල් නැතුව මහන්සිවී සියලුම වැඩ රාජකාරි ඉවර කර කොළඹට පැමිණියෙමු.රූපගත කිරීම් ඊළඟ සතියේ පටන් ගැනීමට නියමිත විය.රූගත කිරීම්වලට දින කීපයකට පෙර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ගිවිසුම් අස්සන් කර අත්තිකාරම් මුදල්ද ලබාදී තිබු නිහාල් සිල්වා කිරුළපන හමුදා මුරපොළකදී වෙඩි වැදී මියයෑම නිෂ්පාදන කණ්ඩායමට වැදුණු මරු පහරක් විය.

නිහාල් සිල්වාට වෙඩි වැදී තිබුනේ රාත්‍රියේය.පසුදා පාන්දරම බෙනට් අපත් සමග කිරුළපනට ගියේ ආරංචිය ඇත්තදැයි බලාගැනීම සඳහාය.නිහාල් විසින් පදවාගෙන එන ලද වාහනයේ රෝදයක් කාණුවට වැටී නැවතී තිබු අතර රියැදුරු අසුනේ ලේ පැල්ලමක් විය.අපි ඒ දෙස හිස් බැල්මෙන් බලා සිට ආපසු පැමිණියෙමු.ඒ දිනවල නිතරම පාහේ බෙන් ෆිල්ම්ස් හි ගැවසුණු ඔහුට සිදුවූ විපැත්තිය අපට අදහාගත නොහැකි විය.නිහාල් සිල්වාගේ අභාවයෙන් හිස්වුනු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට කෙනෙක් සොයාගැනීම එතරම් අපහසු නොවුයේ හිස්වුන ප්‍රධාන චරිතය ඉල්ලා බෙනට් හමුවීමට නළුවන් පෝලිමේ පැමිණි නිසාය.රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත දිනයද ළඟ ලඟම එයි.දිනක් මා රැකියාවට ගොස් හවස ආපසු එනවිට බෙන් ෆිල්ම්ස් හි අමුත්තෙක් වාඩිවී සිටියේය.අසල මේසය මත තිබු කැසට් රෙකෝඩරයේ ටෙලි නාට්‍යයේ ගීත වාදනය වෙයි.ගීත පිලිබඳ අවධානයෙන් නොසිටි  ඔහු බර කල්පනාවක පසුවනු  මම දැක්කෙමි.දොර හැරගෙන මා ඇතුල්වන ශබ්දය ඇසී හැරී බැලු ඔහු මා වෙත අඩමානයට සිනාවක් පෑවේය.මමද සිනාසී ගෙට ඇතුල්වුන මොහොතේම ඔහු හඳුනා ගතිමි.ඒ ප්‍රසිද්ධ ටෙලි හා වේදිකා නළුවෙකු වූ ග්‍රැන්විල් රුද්‍රිගු ය .නාට්‍යයේ චරිතය ඉල්ලාගෙන ඔහු බෙනට්ව හමුවන්නට ඇවිත් ඇති බව මට සිතුනද බෙනට් විසින් ග්‍රැන්විල්ව ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබුන බව පසුව දැනගතිමි.රූපගත කිරීම් ආරම්භ කළ පසු ඔහු අපත් සමග ඉතා හිතවත් විය.

රටේ ප්‍රසිද්ධ වේදිකා සහ ටෙලි නළුවෙක් වුවද ඔහු ඉතා සරල සහ නිරහංකාර මිනිසෙක් විය.බොහෝ අය මෙන් මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ ග්‍රැන්විල් දර්ශන තලයේදී විශේෂ ආහාරද ඉල්ලා නොසිටියේය.නිෂ්පාදන කණ්ඩායම ලබාදෙන බත්පත සතුටින් අනුභව කරන ඔහු රූපගත කිරීම් නොමැති වේලාවල හිතවතුන් සමග විහිළු තහළු කරමින් පසුවිය. කිසිවිටෙක නිෂ්පාදන කණ්ඩායමට කරදරයක් නොවූ ග්‍රැන්විල් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන දෙයට වැඩියමක් තමාගෙන්ද එකතුකර තම රඟපෑම ඉතා හොඳින් කරන්නට නිතරම උත්සාහ කළේය.සඳලංකාවේ රුගත කිරීම් අවසන්කර කොළඹට පැමිණි පසු මා කීප වතාවක්ම ඔහුගේ නිවෙසට ගියෙමි.ඒ බෙනට්ගේ ඇනවුමෙන් ග්‍රැන්විල්ට අවශ්‍යවූ යම්කිසි මුදලක් ලබාදීම පිණිසය.බොහෝවිට සවස්කාලයේ මා හමුවන්නට එන බෙනට්,

මල්ලි මෙන්න මේ සල්ලි ටික ග්‍රැන්විල්ට දීල වරෙන්කො 'යි පවසා යම්කිසි මුදලක් මා අත තබයි. මාදම්පිටිය සුසාන භුමිය පසුකරමින් මෝදර පැත්තට යනවිට ඔහුගේ නිවෙස පිහිටියේය. එය වහලට සිංහල උළු සෙවිලි කල ඉස්තෝප්පුවේ විශාල කණු තුන හතරක්ද  සහිතව පඩි දෙක තුනක් නැග ගෙට ගොඩවන්නට ඇති පැරණි පන්නයේ නිවෙසක් විය.මා යනවිට ග්‍රැන්විල් ඉස්තෝප්පුවේ යම්කිසි වැඩක් කරමින් පසුවෙයි.එසේ නැත්නම් එදින රාත්‍රියේ ප්‍රදර්ශනය කරන නාට්‍යයක රඟපාන්නට යන්නට සුදානම්වී සිටී.මා දෙන මුදල අතට ගන්නා ඔහු බොහෝ වෙලාවක් මට ස්තුති කරයි.මට ස්තුති කිරීම අනවශ්‍ය බවත් එම මුදල්  ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන්  ඔහුට දෙන්නට පොරොන්දුවූ  මුදල් වලින් කොටසක් බවත්  මා කීවිට ඔහු සිනාසෙයි.ඔහුට වැඩක් නොතිබූ දිනෙක සවසක අපි දෙදෙන බොහෝ වේලා කතා කරමින් සිටියෙමු.ශ්‍රී ලංකාවේ වෘත්තීය නළුවෙකුට විඳින්නට වන ආර්ථික දුෂ්කරතාද පෙළන්නාවූ දරිද්‍රතාවද  ඔහු මට විස්තර කළේය.එය මට අදහාගත නොහැකි තරම් කර්කශ විස්තරයක් විය.මමද එකල බොහෝ ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙමින් ජීවත් වුනෙමි.මා තනිකඩයෙක් වුවද රජයේ රැකියාවෙන් ලැබෙන සොච්චම් වැටුප යන්තම් මාසය ගතකරන්නට පමණක් ප්‍රමාණවත් වන නොවන තරමක විය.සාපේක්ෂව බලනකල  ඒ ජීවිතය තුලද යම් තරමක සුරක්ෂිතතාවක් විය.එනම් දවසේ තුන්වේල කන්නට ලැබෙන බව මා දැන සිටියෙමි.එහෙත් ග්‍රැන්විල් තම පවුල ජීවත් කරවන්නට අනුභව කරන්නාවූ දුක් ගැහැටද ජීවත් වන්නට දරන ආයාසයද ඇසු මට මා බොහෝ සැප පහසුවට ජීවත් වන බව සිතුනි.

ටෙලි නාට්‍යය රූපගත කිරීමේදී ග්‍රැන්විල් සම්බන්ධ තව සිදුවීමක් පවසා කතාවේ මේ කොටස අවසාන කළයුතු යැයි සිතේ.එක්තරා දිනෙක රූපගත කිරීම් කරන ලද්දේ මීගමුව පොලීසියේය.තරුණයන් පිරිසක් සමග ගෝරියකට පැටලෙන ග්‍රැන්විල් පොලීසියෙන් අල්ලා ගෙනවුත් කූඩුවේ දමා සිටින දර්ශනයක් සහ ඔහුගේ බිරිඳ ලෙස රඟපාන වසන්ති පොලීසියට විත් ස්ථානාධිපති වරයාට කතාකර සැමියාට ඇපදී රැගෙන යන දර්ශනයක්ද රූගත කිරීමට නියමිතව තිබිණි.රූගත කිරීම් ආරම්භ කරන ලද්දේ සැන්දෑවේය.එදින ටෙලි නාට්‍යයේ වේෂ නිරුපනය කළ වසන්ත විට්ටච්චි විසින් ග්‍රැන්විල්ට කර තිබු සංකීර්ණ වෙස් ගැන්වීම හේතුවෙන් ඔහු කිසි දෙයක් කන්නට බොන්නට නොහැකි තත්වයක පසුවිය.සවස තේවලට ටී බනිස් සහ කෙසෙල්ගෙඩිද කිරි තේද රැගෙන එන ලදී.රූගත කිරීම් නවතා ග්‍රැන්විල් හැරෙන්නට සියලු දෙනාම බනිස් කන්නට වුවෝය.ග්‍රැන්විල් බංකුවක වාඩිවී දුකෙන් බලා සිටියේය.ඔහුට බනිස් කන්නට තදින්ම අවශ්‍යතාවක් තිබු සෙයකි.තවත් ටිකකින් ඔහු හිමිහිට මගේ ලඟට කිට්ටු කළේය.

මචං,උඹට කරදරයක් නැත්නං මට බනිස් ගෙඩියක් කවන්න පුලුවන්ද? ග්‍රැන්විල් හෙමිහිට මගෙන් විමසා සිටියේය.මම ඔහුට බනිසයක් සහ කෙසෙල් ගෙඩියක් කවා කිරි තේ කෝප්පයක්ද පෙව්වෙමි.ඔහු බනිස් කා තේ බීවේ ජයග්‍රාහී සිනාවක් පාමිනි.මෙවන් සිදුවීම් මැදින් ගළාගිය ටෙලි නාට්‍යය රූගත කිරීම් ඉතා සුන්දර විය.නාට්‍යය අවසන් කර ටික කලෙකින් රිය අනතුරකට මුහුණ පෑ ග්‍රැන්විල් රෝහල්ගත කර සිටියදී ලේ විෂවීමකින් ඉතා අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තේය.

107 comments:

  1. අයිසෙ හැලපෙ, තමුසෙගෙත් යාලුවො ඔක්කොම මැරුණද එතකොට.
    ඒක නෙවෙයි අයිසෙ, අර කෙන්ජි කියන හාදයත් කාලයක් බයිස්කෝප් කාරයො පස්සෙ වැටිල හිටිය. තමුසෙ මිනිහව අඳුනවැයි

    ReplyDelete
    Replies
    1. එතකොට මේ අයිසෙ ඇනෝ කියන්නෙ කලින් හිටපු යාළුවා මැරුණු ඇනෝද?හරි හරි යාළුවා මැරුණු ඇනෝ කොහේ ගිහින්ද කියල මම කීප දවසක් කල්පනා කළා.
      කෙන්ජි දැන් පූර්ණකාලීන බුකිවාසී නිසා බ්ලොග් වලට එන්නෙ නෑ.

      Delete
  2. ජීවිත අත්දැකීමක් බෙදාහදාගත්තට ස්තුතියි. මටත් අර භීෂණ සමය ගැනනම් යම් මතකයක් තියෙනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත පුදුම අවදානමක තිබුණේ. විශේෂයෙන්ම තරුණයන්ගේ. අපිනම් ටිකක් පොඩියි. අපිට අපේ දෙමවුපියෝ නැතිවෙයිද කියන බයත් තිබුණා. අන්තිම කාලකන්නි යුගයක්. හොර දේශප්‍රේමියොයි ඒ කාලේ ආණ්ඩුවයි දෙගොල්ලම රට ඇවිලුවා. අන්තිමට හොර දේශප්‍රේමී සමාජවාදියෝ බේරෙද්දී අහිංසක මිනිස්සු විශාල ගනනක් ටයර් උඩ පිච්චුනා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ දුක්වින්දේ ඔය දෙපැත්තටම නැති අහිංසකයෝ.කීවත් වගේ අන්තිම කාලකණ්නි යුගයක්.

      Delete
  3. ඒ කාලේ මේ දැන් ඉන්න කලාකරුවන්ට වඩා හොඳ පරිනත අපට ආවේනික ශෛලියකට නිර්මාණ කරන විශිෂ්ඨ කලාකරුවන් පිරිසක් හිටියා.

    ReplyDelete
    Replies
    1. දැන් අයට කලාකරුවන් කියනවට වඩා කුලීකරුවන් කියන වචනෙ ගැලපෙනවා.

      Delete
  4. ඔය ටෙලිය පෙන්න ගන්ඩ හම්බුනාද බං අයියේ , ඒකේ නම මොකක්ද

    ReplyDelete
    Replies
    1. අනූ ගණන්වල පෙන්නගන්න ලැබුනා.නමුත් ජාතික රුපවාහිනියේ හෝ ස්වාධීන රුපවාහිනියේ බෙල්ට් එකක් ලැබුනෙ නෑ.අන්තිමට එකල රටේ වැඩිදෙනෙකුට නොපෙනෙන දැන් සිරස කියන ඒ කාලෙ එම්ටීවී එකට අඩු ගානකට දුන්නා.ඒ හේතුවෙන් බොහොම මහන්සියෙන් කරපු මේ නිර්මාණය ජනතාව අතරට ගියෙ නෑ.ටෙලියෙ නම හොයාගන්නට ඇතිවෙන්න කරුණු කතාවෙ තියෙනවා උඹ හොයාගනින්.

      Delete
    2. ඒකේ නම මොකක්ද?

      "Tharu" (Stars), "Grahanaya" (The Grip), "Kalu Hansayo" (Black Swans), "Makara Vijithaya" and Kadumuwa (Razer's edge), are some of his tele-dramas.

      Delete
    3. තවත් නම් ටිකක් තියෙනවා මම හිතන්නෙ රසික.

      Delete
  5. දේශප්‍රේමියෝ ඉන්න කාලේ මං ඉස්කෝලේ යන පොඩි එකා. බරපතල සර්නේම් එකක් මට තිබුන නිසා පොඩි උනත් බයෙන් හිටියේ.. අපේ පලාතෙත් ඉතිං ටයර් පිච්චුන තැන්, කණුවල ගහපු ඔළු කොච්චරවත් තිබුනද?


    ග්‍රැන්විල් ගැන සොදුරු මතකයක් අවදි කිරීම ගැන ස්තුතියි. මෙච්චර දේවල් ලියන්න තියෙද්දි ලවක් දෙවක් නැතිව ඉන්න එක කනගාටුවක්..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා අයිසෙ,
      තමුසෙ පැන්ෂන් කාරයෙක් වෙච්චි, ඒ කාලෙ පොඩි වෙන්නෙ කොහොමද

      Delete
    2. PACHA WENNA EPA AYISE? E NAAKI HAMAA "WICHAARAKA".

      MOO "DHESHAKA"

      Delete
    3. PASUWA EKATHU KARAMI. DESHAKA APE AMMAGE HORA MINIHA

      Delete
    4. හුටා නේද මේ හැලපයා මාව කැවා.. හැක හැක්..

      Delete
    5. තාමත් බරපතලද?

      Delete
    6. බරපතල එක මැද්දට දාලා හංගල තියෙන්නේ. දිගේලි කරොත් විතරක් අහු වෙනවා.. හැක්

      Delete
    7. ඒ කාලෙ උඹ ඉස්කෝලෙ ගියාද.අනේ හොඳයි.කැපිටල් ඇනෝගෙ කමෙන්ට් එක දැක්ක වෙලාවෙ ඉඳන් මට හිනා.ඒක ගොඩක් නිර්මාණශීලී නිසා කැපුවෙ නෑ.ගාණක් නෑ නේද?

      Delete
  6. එක හුස්මට කියෙව්වා හැලප්ස්...

    අපරාධෙ ග්‍රැන්විල් මැරුණෙ තවත් ගොඩාක් දේවල් කරන්න තියෙද්දි කියලා හිතෙනවා. ජනප්‍රිය මාධ්‍ය තලයට එද්දිමයි එයා මැරුණෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ග්‍රැන්විල් ජනතාව අතරට ගියෙ ඔහු යායුතු ආකාරයට නොවන බව මගේ මතයයි.

      Delete
    2. මාත් ඒකට එකඟයි... සමහර විට එයා ජනප්‍රිය තලයට මොන ක්‍රමයකින් හෝ ඇවිත්, තමන් කළ යුතු දේ කිරීමට ඉඩක් හදාගන්න හිතන්න ඇති.

      Delete
    3. වෙන්න පුළුවනි.එයට ඉඩ ලැබුනේ නෑ.

      Delete
  7. රසවත් දුක්බර අතීතය...

    නිහාල් සිල්ව ටත් වෙඩි තියල තිබ්බේ අවම බලය පාවිච්චි කරලා ජීවිතය හානි නොවෙන්න වෙඩි තියන ක්‍රමය අනුව වෙන්න ඕනේ...
    මට මතකයි පහුගිය දවස්වල අපේ විචා තුමා එහෙම ක්‍රමයක් ගැන කොහේදී හරි කියපු බවක්...
    එතකොට මිනිහා මලේ මක්වෙලාද...?

    ///එහෙත් ග්‍රැන්විල් තම පවුල ජීවත් කරවන්නට අනුභව කරන්නාවූ දුක් ගැහැටද ජීවත් වන්නට දරන ආයාසයද ඇසු මට මා බොහෝ සැප පහසුවට ජීවත් වන බව සිතුනි.///
    ඇත්තටම සාමාන්‍ය නළුවෙකුට රඟපෑමෙන් උපයන මුදලට අමතර මුදලක් හොයන්න අවස්තාව ගොඩක් අඩුයි කියල මට හිතෙනවා.
    නමුත් නිලියෙකුට එහෙම නැහැ. ඔවුන් අඩු ගානේ තරුණ වයසේදී එහෙමත් නැත්නම් පෙනුමට ඉන්නකල් හරි සුරක්ෂිතයි. (සමාජය විසින් එම ක්‍රමය අනුමත නොකලත්)
    උප චරිත රඟපාන නිළියන්, සමහර මොඩ්ල් කෙල්ලන්ට එම රැකියා වලින් ලැබෙන අදායම ගෑවෙන්නවත් මදි බව තමයි ඔවුන් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. UPA CHARITHA RAGAPAANA THARUNA NILIYAN PAART TIME HAMBA KARANAWAA

      Delete
    2. නිහාල් සිල්වාට අවම බලේ පාවිච්චි කරල ඔළුවටම වෙඩි තියල තිබුනා.ඔහු වාහනය මුරපොලේ සංඥාවට අනුව නවත්වන්නෙ නැතිව ගියානම් වෙඩි තියන්න තිබුනෙ ටයර්වලට බව මගේ මතයයි.නමුත් මේ මරණය ගැන නොයෙකුත් කතා තියෙනවා කෝක ඇත්තද කෝක බොරුද මම දන්නෙ නෑ.නමුත් අබිරහස් මරණයක්.හරියට පරීක්ෂණයක් වුනේ නෑ.

      Delete
  8. ග්‍රැන්විල් ගේ මරණය ගැන ඒ දවස් වල හරියට දුක් වුණා. අර මනෝකාය එළියට අරන් මොකක් ද සීන් එකක් තිබුන නාටිටියේ ග්‍රැන්විල් හිටියා නේද ?

    ReplyDelete
    Replies
    1. සුරන්ජිත් ද සිල්වා‍ගේ "මනෝකාය" ටෙලි නාට්‍යයේ

      Delete
    2. ඔව් ඒ නාට්‍යයේ සහ ඒ දිනවල පෙන්වූ තවත් නාට්‍යවලත් ඔහු හිටියා.

      Delete
    3. ටී. ජී. සුසිරන් ද සිල්වා තමා මනෝකාය හැදුවේ.. ඉසුරු යෝගයත් ඔහුගේ
      ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා ශූරීන්ගේ පුතා
      අනෙක් පුතා තමා රසායන විද්‍යා දේශක ටී. ජී. රන්ජන්ද සිල්වා
      ලංකාවේ ලොකුම පුද්ගලික ගීත තැටි ගබඩාව තියෙන්නේ රන්ජන්ද සිල්වා මහත්තය ලඟ

      Delete
  9. ඔන්න මම දවසක් අර මාලිගාවත්තෙ රේල් පාලම පැත්තට පල්ලම් බහිනව. මට ඉස්සරහ ත්‍රී වීලර් එකක්. තව මෝටර් සයිකල් කීපයක්. දැන් වෑන් එකක් එනව ඉහළට පාර බ්ලොක් වුනා. ත්‍රී වීලර් එකේ ඉන්න එවුනුයි බයිසිකල් කාරයොයි කෑගහනව. මේ වෙලාවෙ වෑන් එකේ පැත්තකින් බැහැපු ග්‍රැන්විල් මිනිහගෙ අර ලාමක හිනාව පෙන්නුව විතරයි හැමෝම රිවස් කරල ඉඩදුන්න.
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හිනාවෙන් ඒ වගේ දේවල් කරගන්න ඔහුට හැකියාව තිබුනා හර්ෂ.

      Delete
  10. නිහාල් සිල්වා මරා දැමුවේ ජේවීපී කළබල අවසාන වූ පසු නේද?

    ReplyDelete
    Replies
    1. අවසාන වෙලා නැනේද රසික එතකොට , මට මතක විදිහටනං විජේවීරව මරලත් නැද්ද කොහෙද

      Delete
    2. නිහාල් සිල්වා මරාදම්මේ 1989 දෙසැම්බර් 3 වෙනිදායි.කලබල අවසානද නැද්ද කියා රසිකම තීරණය කරන්න.

      Delete
    3. ඉහත කමෙන්ටුව දැමූ පසු මං විකිපීඩියාව බලා නිහාල් සිල්වා මැරූ දවස සොයා ගත්තා. විජේවීර මිය ගියේ ඊට කලින්. විජේවීර කළ පාපෝච්චාරණය නිහාල් සිල්වා විසින් කරන ලද රඟපෑමක් බවත් එය එළිදරව් වීම වලක්වන්නට නිහාල් සිල්වාව මරා දැමුණු බවත් ඒ කාලේ කතාවක් පැතුරුණා ලු.

      කෙසේ වෙතත් මා ලංකාවේ සිිටියේ නෑ 1988 මැයි සිට 1990 ජනවාරිය දක්වා. මා පැඟිණි පසුවයි රිචඩ් ද සොයිසාව මැරුවේ. එ නිසා රාජ්‍ය භීෂණය තිබුණු බව සැළකිය හැකියි.

      Delete
  11. ග්‍රැන්විල්ව හුඟදෙනෙකුට මතක තිබ්බේ නළු කමටත් වඩා අර 'කොටා දමඤ්ඤං මර මර කොටා දමඤ්ඤං' සිංදුව කිව්ව ගායකයා හැටියටයි

    ReplyDelete
    Replies
    1. ඔයි ඔයි ඔයි ඔයි
      ඔයි ඔයි ඔයි ඔයි
      ඊ…යා

      මර ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      ඊ…යා //

      කන්දෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
      බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා…//
      මර ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      ඊ…යා //

      මොමිය මොමිය මෝ දෙයියා
      මොමිය මොමිය මෝ දෙයියා

      උඩු කන්දේ උඩ සිටිනා රතී රතී
      යට කන්දේ දිය නානා රතී රතී

      ඔටා දමන රතී
      මර කෑර ගාන රතී…//

      මර ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      ඊ…යා //

      මොමිය මොමිය මෝ දෙයියා
      මොමිය මොමිය මෝ දෙයියා

      ඔක් මා සිටු ඔක් මා සිටු ඉරු දෙයියන්නේ
      ඔක් මා සිටු ඔක් මා සිටු සඳ දෙයියන්නේ
      ඉරු දෙවියන්ගේ ඈයෝ සඳ දෙයියන්නේ
      සඳ දෙවියන්ගේ ඈයෝ පසේ බුදුන්ගේ
      ගෝයා පුච්ච කෑ තැනදී
      ගෝයා පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
      මීන පුච්ච කෑ තැනදී
      මීන පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ

      මර ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      ඊ…යා //

      කන්දෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
      බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා…//
      මර ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
      මර මර ඔටා දමඤ්ඤා
      ඊ…යා

      ගායනය - ග්‍රැන්විල් රොද්‍රිගෝ

      Delete
    2. දන්නවද ඔය සින්දුවට සිරම්බඩියේ සෙට් එක නඩු දාන්ඩලු හිටියේ ගැන්විල්ට ඒකට කැහැපොට ගහනකොට තමා ඒ මනුස්සය මලේ

      Delete
    3. ඒ ඔය සින්දුව නෙවේ ළමයි
      "මායාවෝ අකල් මකෝ" කියල එකක් තිබුන අන්න ඒක.
      (වචන නම් හරිද මන්දා ඇහෙන විදිහට ලිව්වෙ)

      ---(උන්නැහේ)පිලේපැදුර

      Delete
    4. එතෙක් කල් වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය සෑහෙන ප්‍රමාණයක රඟ පා තිබුනත් ඔය සිංදුව කියන ගායකයා හැටියට ජනතාව හඳුනාගත් එකට ග්‍රැන්විල් මියයන තුරුම සිත් වේදනාවෙන් පසුවුණා.

      Delete
    5. ග්‍රැන්විල් ගේ හොඳම රඟපෑම මා දුටුවේ විජිත ගුණරත්න ගේ "සාක්කි" වේදිකා නාට්‍යයේයි.
      http://www.sarasaviya.lk/2011/08/25/_art.asp?fn=sa11082521&pn=13

      Delete
    6. හප්පට සිරි "පිලේ පැදුර" ඉන්නව නේද අහල පහල!!!
      මක්ක වෙලාද බ්ලොග් එක ලියන්නෙ නැත්තේ???

      Delete
  12. නිහාල් සහ ග්‍රැන්විල් කියන්නෙ මාත් ආසම නලුවො දෙන්නෙක්.
    බෙනට් නියම තේරීම කරල තියෙන්නෙ. නිහාල් වෙනුවට සුදුසුම කෙනා තමයි අරන් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙමයි.

      Delete
  13. අප නොදුටු යුගය ගැන කියල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබලා නොදුටු යුගය.

      Delete
  14. ම මගෙත් කැමතිම නළුවෙක් ,ගායකයෙක් තමයි ග්‍රැන්විල් .....භිෂණය කාලේ ගැන නම් මතක් කරන්නත් කැමති නැ ....ග්‍රැන්විල් ඒ කාලේ ගැනමද මන්දා මේ කියන්නේ ...(හැලපේ මාමේ මේවා හිතේ තියාගෙන ඉන්නේ නැතුව අපිට බලන්නත් එක්ක ලියකෝ ....)

    මගේ යටත් වැසියෝ සියලු දෙනාම
    මුලු දවස පුරා සිනාසිය යුත්තෝය
    මේ රජ අණ කඩ කරන
    කඳුළක් හෙළන
    ඕනෑම අයෙකු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
    බරපතල දඬුවම් පමුනු වනු ලැබේ..
    ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජු‍ගේ
    අලුත්ම නියෝගයයි ඒ.....


    ඔහුට වුවමනා වුණේ
    තම රටවැසියන් සියළු අගහිඟයෙන් දැවෙතත්
    කිසිඳු අගහිඟයකින් තොරව
    යස ඉසුරින පිරී දිවි ගෙවන බවට
    අවට ලෝකයට හැඟවිමටය.



    ඔහුට වුවමනා වුණේ
    තමා මහා කුරිරු පාලකයෙකු වෙතත්,
    අමන මෝඩයෙකු වෙතත්,
    ඒ බව වැසෙන සේ අමුතු අමුතු සෝබන පා
    ජන සිත් රවටා
    තමා මහා රසිකයෙකු බවත්, මහා ප්‍රාඥයෙකු බවත්
    මේ රට වැසියන්ට හැඟවිමටය.

    ඔහු ඉදිරියේ සිටින බත් බැල සන්නිවේදකවරු
    මෙහිදී..
    මහා රජුගේ මහා ගුණය මහා නුවණ
    මහා ඉහළින්ම වනන්නට වූහ.

    කපටි නිළමේවරුන්, ආවතේවකරුවන්
    ඒ වෙනුවෙන් උත්සව සංදර්ශන
    සංවිධානය කරන්නට වූහ.
    බඩගැති පූජකවරුන් ඊට ආශිර්වාද කරමින්
    ප්‍රකාශ නිකුත් කරන්නට වූහ.

    වෙනත් කළ හැක්කක් නැතිව
    අසරණ රට වැස්සෝ..
    රජ අණ පිළිපදිමින් සිනාසුනහ.
    ඇතුළත වෛරය සඟවාගෙන
    පිටතට නොපෙනෙන්නට සිනාසුනහ.
    උදේ සිටන් රෑ වන තුරු ‍කොතෙකුත් සිනාසුනහ.

    එහෙත් ඒ සෑම දිනකම අඳුර වැටී එද්දී
    රෑ බෝවූ පසු හොර රහසේම
    ස්ටෙප්ස් තැනිතලාවට එකතුවී
    කෝපය සංසිදෙන තුරු පිළිකුල හමා යන තුරු
    සිත් සැහැල්ලු වන තුරු
    දෙස් දෙවොල් තියමින් හත් හැවනි හවමින්
    කදුළු වැසි වස්සමින්
    ඇති තරම් හැඬූහ........

    රචනය: ඩේවිඩ් කූගල්තිනොව්
    අනුවාදය: සහරිසි කුලතන්තිල
    සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගැයුම: ග්‍රැන්විල් රොඩ්රිගෝ

    ReplyDelete
    Replies
    1. කේමදාසගේ කිලර් කැසට් එකේ "මැති ඇමතිවරු සීරුවෙන්...සීරුවෙන්" කියන සිංදුවෙත් ග්‍රැන්විල්ගේ කටහඬ තියනවා.
      නිහාල් සිල්වා තමන්ගේ දේශපාලන හයිය පෙන්නන්න ගිහින් ඉල්ලන් කෑවා හා සමාන සිද්ධියකට මුහුන දුන්බවක් තමයි අහල තියෙන්නේ. වෙඩි තියන්න අණදුන්න නිළදාරියා වෙඩිවැදී හුන් නිහාල් අසලට පැමිණ ඔහුව හදුනාගන "මට සමාවෙන්න නිහාල්" කිවුවා කියලත් අහලා තියනවා.

      Delete
    2. මේ භීෂණ සමයේ ආණ්ඩුව උපහාසයට ලක් කරමින් කේමදාසයන් කල නිර්මාණ.මතක්වෙන හැටියට ටික ටික ලියන්නං.

      Delete
    3. කටුසු,ඔය භීෂණ සමයේ කිලර් කැසට් පටය අප අතර බොහෝසේ ජනප්‍රිය වී තිබුනා.



      Delete
  15. ග්‍රැන්විල් ඉතා සුන්දර මිනිහෙක් බව පැය කීපයක් ඔහුව ආශ්‍රය කිරීමෙන් දැනගත්තා. ඔහු හමුදාවට දැක්වුයේ පදුම ආදරයක්. අපේ සමහර නිළධාරීන් ඔහුට බීම වීදුරුවක් සඳහා ආරාධනය කලත් ඔහු අර ඔහුගේ ලැජ්ජාශීලී ගතියෙන් යුත් සුන්දර සිනහවෙන් එය ප්‍රතික්ෂේප කලේ, 'අනේ මම බොන්නේ නැහැ' කියමින්.

    විවිධ මාතෘකා ඕසේ කතා කිරීමේ දක්ෂතාව ඔහුට තිබුණා. ඔහුගේ අකල් මරණය පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ බවත් මතකයි.

    ඔහු ගායනා කළ, 'මායාවෝ අකල් මකෝ' ගීතය ගැන නීතිමය ප්‍රශ්නත් ආවා.

    ReplyDelete
    Replies
    1. මට බොන මුණක් තියෙන නිසා ගොඩක් අය බොන්න කතාකරනවා කියා ග්‍රැන්විල් නිතරම සිනාසුනා.ඔහුගේ අකල් මරණයට හේතුව රෝහලේ නොසැලකිල්ල කියා බොහෝ අය කීවා.

      Delete
  16. කුසිනාරා නම් නගරේ -
    https://www.facebook.com/240406086103/videos/10201646441512801/

    ReplyDelete
  17. ග්‍රැන්විල් හා නිහාල් සිල්වා ගැන මතකය අවදි කිරීමට ස්තූතිය.. ග්‍රැන්විල්ගේ සුන්දර අහිංසක සිනහව කවදාවත් අමතක වෙන්නේ නෑ.. ඇත්තටම මං හිතාගෙන හිටියේ ග්‍රැන්විල් හොඳට 'කාපු බීපු' මිනිහෙක් හා ඒ නිසාම අකාලයේ සමුගත් තවත් එක 'කලාකාරයෙක්' කියලා.. ඒ දුර්මතය නිවැරදි කරාට ස්තූතියි.
    88-89 අවිචාර සමයේ අත්දැකීම් නම් teenager කෙනෙක් විදියට සමහර විට හුඟක් බර වැඩිවට දැනුනා..

    ReplyDelete
    Replies
    1. නොදන්නා අය කවුරුත් හිතාගෙන හිටියෙ ග්‍රැන්විල් හොඳට කන බොන කෙනෙක් කියල තමයි.

      Delete
  18. නිහාල් සිල්වා මැරෙනකොට අපි පොඩියි..ග්‍රැන්විල්ගේ මරණය නම් හොඳට මතකයි හැලපයියෙ..බෙන් ෆිල්ම් කතාවක් සෑහෙන කාලෙකින් ඈ !!

    ReplyDelete
    Replies
    1. හුකා මේ මොකෙක්ද බොල මේ .......මට හිනාව නවත්ත ගන්ඩ බැ බොල

      Delete
    2. ඇයි යකෝ කොන්ඩෙ කැපුවේ

      Delete
    3. හපොයි හයිලයිට් ටික....

      Delete
    4. මං වැදගත් උනා නෙවැ .. ඕං සිනෙයා වයිට් කොලර් පොරක් ඈ .. බලාගනියව් හොඳට :D

      Delete
    5. ඔව් බං සෑහෙන කාලෙකින් බෙන් එකේ කතාවක්.තවත් කීපයක් ඉස්සරහට ලියන්නං.උඹ කොන්ඩේ කපල මට අඳුනගන්නත් බැරි වුනා.

      Delete
  19. අපරාදෙ ග්‍රැන්විල්,නිහාල් වගේ දක්ශ නලුවෝ අකාලයේ මරුවැලදගත්තා.නලුවන් පමනක් නොව ඔවුන් මනුස්ස කමද තිබූනවුන්.ඒ වෙනුවට යන්න තිබුනු නලු කාලකන්නියෙක් තාමත් ඉන්නවා මහා ජන්ජාලේ

    ReplyDelete
    Replies
    1. ඔවුන් නලාකාර නළුවොයි ඇනෝ.

      Delete
  20. අපි ඒ කාලෙ පොඩි එවුන්. ග්‍රැන්විල් රොද්‍රිගෝ මහත්තයගෙ මරණය නම් රේඩියෝ එකේ කියනවා මතකයි. මේ ලිපියෙන් ගොඩක් දේවල් දැන ගත්තා. මොකද මම ඉපදිලා තියෙන්නෙ ඔය දේශප්‍රේමින් ප්‍රේමය පෙන්වන කාලෙ. ඒ අවුරුදු වල ඉපදුන උන්ට ගොඩ දෙනෙක් කීවේ මැරිච්ච දේශප්‍රේමියො ආයෙ ඉපදිලා කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම එකෙක් කියල පවුලේ අය විස්වාස කරන , පොරත් තදින්ම විස්වාස කරන , ශරිරයේ ලකුනු පවා තියාගන ආපු පුනුරුප්පත්තියෙක් ඉන්නව අපි අතරේ පුලුවන්නං කියහං

      Delete
    2. මොකෑ නොදන්නේ...අර චිත්‍රාංගනීට කවි ලියන්නේ ඌනේ...තාප්පෙන් එහා මොකෝ මෙහා මොකෝ....

      Delete
    3. අර තලපතා වගේ ජොල් බඩා නේද ..??

      Delete
    4. ඔබලා කුඩා කාලෙදි සිද්දවෙච්ච දේවල් කියා දෙන්නට ලැබීම ගැන සතුටුයි.

      Delete
    5. චෙපාකි,
      තාප්පෙ ලඟට වෙලා බලාගෙන ඉන්නෙ මූට වෙන වැඩ නැද්ද බං.

      Delete
    6. ඇනෝපිලිස්June 5, 2015 at 11:10 AM
      +++++++++++++++++++++++++++++++++++++++++ :)

      Delete
  21. අපි නොදන්න කාලේ.. හැබැයි විස්තර අහලා තියනවා එහෙන් මෙහෙන්...

    ReplyDelete
    Replies
    1. උඹල තාම පොඩි උන්නේ.කියවල දැනගනිල්ලකො.

      Delete
  22. ග්‍රැන්විල් කලාවට බොහොම ආදරේ කළ කෙනෙක්. කලාව උත්තරීතර ලෙස සලකපු කෙනෙක්. ඒ නිසා ඔහු මුදල් පසුපස හඹා ගියේ නැහැ. ඒත් ජයන්තගේ "අත්" වගේ නාට්‍යවල රඟපෑමෙන් හෝ කේමදාස මාස්ටර්ගේ සංධ්වනි කැන්ටාටා ආදියට සහභාගි වීමෙන් ඔහුගේ දරුපවුල ජීවත් කරවන්නට තරම් ආදායමක් ලැබුණෙ නෑ. අවසානයේ ඔහු තීරණයක් ගත්තා, "ඔටා දමඤ්ඤා" යන වැදිගීතයත් "මායාවෝ අකල් මකෝ" යන ලාංකික කාපිරි ජනතාවගේ බසින් ගැයුණු ගීතයත් ඔහු ගැයුවේ මුදල් යන අරමුණ ඉටු කර ගැනීමටයි. අනර්ඝ හඬක් එවැනි සින්දු කියලා නැති නාස්ති කර ගැනීම ගැන කේමදාස මාස්ටර් මේ ගැන තරහින් හිටපු කාලෙ ග්‍රැන්විල් ඇවිත් කියපු කතාව මේකයි. "මාස්ටර් දැං මගෙ කොලුපැටව් කෝර්න්ෆ්ලේක්ස් කනවා". මේ කතාව අහපු මාස්ටර් ඇඬුවා. ග්‍රැන්විල් සොඳුරු හිතවත. ඔබට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇනෝ,
      ඔහුට ප්‍රසාදයත් ප්‍රසිද්ධියත් දෙකම ලැබුනේ ගීත කැසට් කරන්නට ගත්තයින් පසුවයි.නමුත් ඔහු එය හිතට එකඟව කළ දෙයක් නොව ජීවත් වන්නට කරන්නට දෙයක් නොමැතිම තැන කළ දෙයකුයි.ඔහුට මුදල් ලැබුනත් ඒ ගීත ගයන ගායකයා යනුවෙන් ඔහු ප්‍රසිද්ධ වීම ගැන ග්‍රැන්විල් මියෙන තුරුම පසුතැවිලි වුනා.

      Delete
  23. මට මතක විදියට ග්‍රැන්විල් මැරුණෙ හයිලෙවෙල් එකේ පන්නිපිටිය කඳු දෙක මැද සිද්ධ වුණ අනතුරකින් පස්සේ නේද...නිහාල් සිල්වගේ මරණෙට නම් ගොඩාක් කතන්දර තියෙනවා!!

    ReplyDelete
    Replies
    1. ග්‍රැන්විල් මලේ රිය අනතුරට පසුව ඇතිවුන ලේ විෂවීමකිනුයි.නිහාල් සිල්වාගේ මරණය ගැන අදටත් ඇත්තේ සැකයක්.

      Delete
  24. බොහොම මනුස්සකම් පිරුණු කලාකරුවෙක් කියලා තමා මාත් අහලා තියෙන්නෙ ග්‍රැන්විල්.

    ReplyDelete
  25. අද එන්න ටිකක් පරක්කු උනා හල්පේ එත් රසවත් විස්තරයක් හින් දුකකුත් ගලාගෙන යන

    ReplyDelete
    Replies
    1. ටිකක් දුක් වෙයං.ගාණක් නෑ හැබැයි හල්පේ තියෙන්නෙ නං මීරිගම කිට්ටුව.

      Delete
  26. ග්‍රැන්විල් රොද්‍රිගෝ ගැන මතක තියෙන්නේ මනෝකාය එකේ දම් පාට ඇස දෙක තමයි

    ReplyDelete
    Replies
    1. ඒ ටෙලියෙන් ඔහු බොහොමත් ජනප්‍රිය වුනා කියල මම හිතනවා.

      Delete
  27. ග්‍රැන්විල් මැරුණය කියන්නෙ රිය අනතුරෙන් නෙවෙයි. ඒ අනතුර එතරම් බරපතල නැතිබවකුයි මට මතක. තුවාලවලින් විෂබීජ රුධිරයට ඇතුලුවීමෙන් ඇත්ගිවන සෙප්ටසීමියා උග්‍රවීමෙන් ඔහු මියගිය බව මට මතකයි. සාමාන්‍ය ව්‍යාවහාරයෙ ලේ විසවීම කියන්නෙ ඔය තත්වයට.

    ග්‍රැන්විල් රෝහල් ගතකල අවස්ථාවෙ ඔහුගෙ මුද්ද , ඔරලෝසුව පවා අතුරුදහන්වුනු බව පසුව කුමන හෝ පුවත්පතක පලවී තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කතා දෙකම ඇත්තයි.ඔහුට සුවවී රෝහලෙන් නික්මයන්නට සුදානම් වී සිටිද්දී ඔහු මියගිය බව මගේ මතකයයි.චෝදනාව කෙලින්ම එල්ල වුනේ රෝහලටයි.

      Delete
  28. ඔවුන් දෙන්නගෙම මරණයන් වෙද්දි මම පොඩියි. ග්‍රැන්විල්ගේ මනෝකාය තමයි මටත් හොදටම මතක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ මේ මෑතක තරුණයෙක් නොවැ.

      Delete
  29. ග්‍රැන්විල් කියන දක්ෂ , නිරහංකාර පුද්ගලයා ගැන මතකය ආපහු එලියට ගත්තු එකට බොහම සන්තෝසයි.


    වටිනා කියන මිනිස්සු තමයි ඉක්මනටම ලෝකේ අතැරලා යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙවැනි අය ගැන මතකය ශීඝ්‍රයෙන් දුරස්වී යනවා.මතක් කර දෙන්නට ගත් පොඩි උත්සාහයක්.

      Delete
  30. නිහාල් සිල්වා නම් ඉල්ලගෙන කෑවා, මම හිතන විදියට. ඒ කාළේ හිටපු ජැක්සන් ඇන්තනී කෙනෙක් තමයි නිහාල් සිල්වා.

    ග්‍රැන්විල් නම් සුන්දර චරිතයක් කියලා හොඳටම දන්නවා. එයාගේ සහෝදරියක් වැඩ කළේ අපිත් එක්ක. බොහෝම නිහතමානි කළාකරිවෙක්. මායාවෝ අකල් මකෝ කියන ගීතයත් නැගලම ගියා. ඒ කාලේ මාත්ලන්ට පුදුම ඉල්ලුමක් තිබුනේ ඔය සින්දුව ගායනා කොරන්න කියලා. එක අතකින් පීක් එකේ ඉන්න කාළේ මැරෙණ එක කළාකරුවෙක්ට වාසනාවක්. මහළු වෙලා අසරණ වෙලා දුක් විඳලා මැරෙනවට වඩා.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත,මහලු වෙලා අසරණ වෙලා දුක් විඳිනවට වඩා හොඳ කාලෙ මැරෙන එක සැපයි.

      Delete
  31. ග්‍රැන්විල් අපූරු ප්‍රතිභාවක් තිබුණු නළුවෙක් අර ඒ කාලෙ ජනප්‍රිය උන එයාගෙ කොටා දමඤ්ඤං ගීතය අපේ ජනප්‍රිය ගීතයක් වෙලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. කවුරුත් නොදන්නවා උනාට ග්‍රැන්විල් සංගීත අධ්‍යක්ෂ කෙනෙක්ද වෙනවා.

      Delete
  32. ග්‍රැන්විල් ජනප්‍රිය වෙච්චි තවත් චරිතයක් තමයිනේ හැලපයියේ අර "නෝනාවරුනේ,මහත්වරුනේ" කියලා එකේ සනෝජා බිබිලේගේ ස්වාමී පුරුෂයාට හිටියේ, ග්‍රැන්විල් ගේ මරණයෙන් පස්සේ ඒ චරිතය කරන්න ආවේ ජයසේකර ආපොන්සු.මනෝකාය එකේ චරිතයත් මතකයි.

    නිහාල් සිල්වා ගැන නම් එතරම් මතකයක් නැහැනේ.

    එක නෙමේ හැලපයියේ මම අර වෘකයාගේ දවස පොත කියවලා ඉවර කෙරුවා.මේ දක්වා කියවපු පරිවර්තන පොත් අතරින් මට නම් සුපිරිම පරිවර්තන පොත තමයි එක.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අර කොළරා කාලේ ආලේ පොතත් කියවල බලන්නකෝ.ඒකත් සුපිරියි.

      Delete
    3. එක තමයි දැන් ලිස්ට් එකේ තියෙන පොත.මේ දැනුත් මගේ ලාච්චුවේ පොත තියෙනවා.

      Delete
  33. ඔය පින්තුරය ඒ කාලෙ එකක්ද?
    http://nelumyaya.com/?p=2990

    ReplyDelete
    Replies
    1. භීෂණ සමයේ විදේශිකයෙක් විසින් ගන්නා ලද එකක්.

      Delete
  34. දැන් තමයි ග්‍රැන්විල් එහෙම නැති වුන කියල දැන ගත්තේ . ස්තුතියි මේක ලිව්වට.

    ReplyDelete
    Replies
    1. ග්‍රැන්විල් නැතිවෙලා දැනට අවුරුදු දහයක් පමණ වෙනවා අජිත්.

      Delete
  35. හොඳ ලිපියක්. ස්තුතියි

    ReplyDelete
  36. මට මතක විදියට අයි ටී එන් ශ්‍රී නිමල් ගෙ ආරාධනයකින් දහම් පාසලක ත්‍යාග බෙදාදීමකට ගිහින් ආපසු එද්දි සිදුවෙච්ච අනතුරකින් තමයි ග්‍රැන්විල් ජීවිතයෙන් සමුගත්තෙ. ‍ඒ අනතුරෙන් සේනක විජේසිංහගෙ මුහුණටත් බරපතල හානි සිදුවෙලා පසුව ප්ලාස්ටික් සර්ජරි පවා කලා. නෝනාවරුනි මහත්වරුනි තුලින් තමයි මම හිතන්නෙ ග්‍රැන්විල් කියන නළුවා බොහෝ සේ ජනප්‍රිය උනේ. හරිම අහිංසක කෙනෙක් කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සංජය ලීලාරත්නත් හිටියා නේද?

      Delete
  37. ඔය කාලේ බොහොම පොඩි එකෙක් වුණත් භීෂණය ගැන ඉතාම අඳුරු මතක හුඟක් තිබෙනවා..නිහාල් ද සිල්වාට පොඩි එකෙක් හැටියට සාජන් නල්ලතම්බි කියලා කීව බව මතකයි..ඒ වගේම ඔහුගේ මරණය ගැන දෙමව්පියන් වැඩිහිටියන් දුකෙන් කතා කල බවත් මතකයි..ඉන්පසු සාජන් නල්ලතම්බිලා බිහිවුණත් නිහාල් ද සිල්වාගේ රඟපෑමෙන් ලද රසය ඒ දැක පුරුදු අයට නොලැබි බවයි මට හිතෙන්නේ..
    ග්‍රැන්විල්ගේ මරණය නම් හොඳටම මතක ලොකු දුකක් දැනෙව්ව මරණයක්..ඔහුගේ අහිංසක හිනාව මට මේ ලියන මොහොතේත් මැවෙනවා වගේ..තව දුරක් යන්න තිබ්බ දක්ෂයෙක්..ඔහු සමඟම සංජය ලීලාරත්නත් අනතුරට පත්වුණා නේද?ඔහුව නම් තාත්තාගේ මිත්‍රයෙකුගේ ගෙදරකදි මුණ ගැසුණා මතකයි, නමුත් බොහොම අහංකාර පුද්ගලයෙක්..

    ReplyDelete
    Replies
    1. සංජය ලීලාරත්නගේ මුණ එහෙමපිටින්ම වෙනස් වෙලා තිබුනා.ඒ ගමන ඔහු ප්ලාස්ටික් සැත්කමක් කරවාගන්නට ඉන්දියාවට ඇවිත් හිටපු වෙලේ මට මුණ ගැසුනා.ඔබ කී විදියටම ඔහු මිත්‍රශීලී පුද්ගලයෙක් නම් නොවෙයි.

      Delete
  38. ග්‍රැන්විල් "තාරා දේවී" නාට්‍යයෙත් සුළු හෝ චරිතයකට හිටි බව මතකයි.

    ReplyDelete

ඔබේ අදහස්