අප බෙන් ෆිල්ම්ස් හි ගතකළ කෙටි කාලය තුල ආයතනයෙන් පිටත නිෂ්පාදන කීපයකටද සහභාගී වන්නට හැකිවුන බව කිවයුතුය.බාහිර නිෂ්පාදනවලට අප සම්බන්ධ වන්නේ කාර්මික ශිල්පින් කණ්ඩායම ලෙසිනි. ඒ නිෂ්පාදන කණ්ඩායම බෙන් ආයතනයෙන් කැමරා සහ කාර්මික උපකරණ කුලියට ගන්නා බැවිනි. මට නිවාඩු ඇති සති අන්තවල මා ඔවුන් සමග එකතුවුනෙමි. මෙම බාහිර නිෂ්පාදන අතුරින් මා වඩාත්ම රස විඳි එක් නිෂ්පාදනයක් මගේ මතකයේ තදින් ඇඳී පවතී.අදද එම නිෂ්පාදනය මගේ මතකය අලුත් කරන්නේ එයට සම්බන්ධවූ එක් අයෙකු මේ දිනවල රුපවාහිනී නාලිකා කීපයකම විකාශය වන ටෙලිනාට්‍ය වල රඟපානු දකිනවිටය.අප සමග ඇසුරු කරන විට මැදි වයසට ආසන්න වෙමින් සිටි ඔහු දැන් හොඳටම වයසට ගොස් ඇති බැවින් රඟපාන්නේ මහලු චරිතයන්ය.මෙහිදී ඔහු විල්සන් ජයමාන්න යනුවෙන් හැඳින්වීමට කැමැත්තෙමි.ඔහු එම නිෂ්පාදනයේ නිෂ්පාදන කළමනාකරු විය.අධ්‍යක්ෂ වරයා වුයේ රටේ ප්‍රසිද්ධ සහ සම්මානලාභී ළමා චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි.අපි ඔහුට විදානගේ යයි කියමු.කෙතරම් ප්‍රසිද්ධ වුවද ඒ දිනවල ඔවුන් දෙදෙනාගේම ආර්ථික තත්වය ඉතා කණගාටුදායක විය.එදා වේල සොයා සපයා ගත්තේද අසීරුවෙනි.වෘත්තීය කලාකරුවන්වූ ඔවුන් දන්නා වෙනත් ශිල්පයක්ද නොවීය.ලිඳේ වැටුන එකා ළිං කටින්ම ගොඩ ආ යුතු බැවින් ඔවුන්ටද ගොඩ එන්නට තිබුනේ දන්නා ශිල්පයමය.මොවුන් කළේ නිෂ්පාදකයෙක් සොයාගෙන ටෙලි නාට්‍යයක් ආරම්භ කිරීමය.
අප අත්දැක ඇති නිෂ්පාදනයන් වර්ග දෙකකි.එකක් නම් අවශ්‍ය වියදම් නොපිරිහෙලා කරමින් නිපදවන්නාවූ ටෙලි නාට්‍ය සහ අත්‍යාවශ්‍ය දේට පමණක් බොහෝ සීමාසහිතව වියදම් කරමින් නිපදවන්නාවූ ටෙලි නාට්‍යයි. ඒවා කොස්ට් කටිං හෙවත් බජට් ප්‍රොඩක්ෂන් විය.බෙනට් කළ නිෂ්පාදනය බජට් ප්‍රොඩක්ෂන් එකක් නොවුන අතර මෙම දෙපොළ කරන්නට යෙදුනු නිෂ්පාදනය බජට් ප්‍රොඩක්ෂන් එකේත් අන්තයට ගිය නිෂ්පාදනයකි.අපි එය එදාවේල ප්‍රොඩක්ෂන් නමින් හැඳින්වූයෙමු.මක්නිසාද කිවහොත් ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වල මුඛ්‍යාර්ථය වුයේ අධ්‍යක්ෂ වරයාගේ සහ නිෂ්පාදන කළමණාකරුගේ එදාවේල සපයා ගැනීම වීම නිසාය.දවස අවසානයේ කෙසේ හෝ බෝතලයක් අත්පත් කරගැනීමට ඔවුන් දෙදෙන සමත්වුවෝය.දවසක් හෝකන්දරට කිට්ටුව පාරක රූගත කිරීම් සිදුවෙමින් තිබුන අතර වෙලාව ඇඳිරිය වැටීගෙන එන ගොම්මන් යාමය විය.මේ දෙදෙනා හවසට සප්පායම් වෙන්නට ගෙනත් තිබු බෝතලය බොහෝ ප්‍රවේසමෙන් අසල අගලක තණකොළ සහ වැල් ගොල්ල අස්සේ සඟවා තබා තිබුණි.මෙය දුටු තක්කඩි කොල්ලෙක් අරක්කු බෝතලය ගල් කරලාය.රූගත කිරීම් අහවරවූ පමාවෙන් දෙදෙනාම අගලට බැස පයින් තණකොළ මඩිමින් බෝතලය සොයන්නට වුයේ හිස ගිනි ගත්තවුන් ලෙසිනි.සොයන්නේ කුමක්දැයි අපි නිකමට ඇසුවෙමු.'නෑ මේ පොඩි බඩුවක්' යි කියූ ඔවුන් නැවතත් තණකොළ අවුස්සන්නට වුවෝය.අපි බඩුත් පටවාගෙන එන්නට ආවෙමු,
විදානගේ අධ්‍යක්ෂණය කලේ කුලසේන පොන්සේකා විසින් රචනා කරන ලද නෙලන්න බැරි මල් නම් නවකතාවෙන් ලියු තිර නාටකයකි.ඔවුන්ගේ නිෂ්පාදකයා වුවේ නුවරඑළිය හෝ වැලිමඩ ප්‍රදේශයේ තරුණයෙකි.ටික දවසක් රූගත කිරීම්වලට සහභාගී වන ඔහු එක්වරම අතුරුදහන් වෙයි,කාශ්‍යප ලයිට්ස් හි කාර්මිකයන් විහිලුවට කීවේ නිෂ්පාදකයා වැලිමඩ අල ව්‍යාපාරිකයෙක් බවත් ගෙනා මුදල් අවසාන වනවිට අල විකුණා මුදල් ගෙනෙන්නට ගමට යන බවත්ය. ඔවුන් නිෂ්පාදනය හැඳින්වුයේ අල ප්‍රොඩක්ෂන් යනුවෙනි. බෙනට්ගේ නිෂ්පාදනයේ රූගත කිරීම් සියල්ලම මේ වනවිට අවසන්ව තිබු අතර ඊට බොහෝ කලින් ආරම්භ කළ මෙම නිෂ්පාදනයේ රූගත කිරීම් අඩක්වත් අවසන්ව නොතිබුණි. රූගත කිරීම් බොහෝවිට අඩාල වුයේ මුදල් හිඟකම නිසාය.එක් දවසක නළු නිළියන් ශිල්පීන් සියල්ලෝම රැගෙනවිත් රූගත කිරීම් ආරම්භ කර ටික වෙලාවකින් පටිගත කරන යූ මැටික් කැසට් අවසන් විය.නිෂ්පාදනය සතුව අලුත් කැසට් නොතිබුණි.විල්සන් දුවගෙන විත් මට කීවේ බෙන් එකේ අමතර කැසට් තිබේ නම් එකක් දෙකක් ණයට දෙන ලෙසත් ඉක්මනින්ම ණය ආපසු ගෙවන බවත්ය.ඔහු වැටී සිටි අසීරුතාව මා හොඳින් තේරුම් ගත්තත් ඒ වන විට අප සතුව වැඩිපුර කැසට් නොතිබිණි.රූපගත කිරීම් එතැනින් නවත්වන්නට සිදුවිය.සියලුම දෙනා ඉදිරියේ මෙවැන්නක් සිදුවීම නිෂ්පාදනයට විළි ලැජ්ජාවකි.ඔය ආකාරයට වැටි වැටී ඇදගෙන ගිය නිෂ්පාදනයේ එක ෂෙඩුල් එකක් අවසන්වී ගනුදෙනු බේරාගෙන විසිර යන්නට සියලුම දෙනා පැමිණියේ බෙන් එකටය.
කැමරා උපකරණ වෙනුවෙන් ලොකු මුදලක් අයවන්නට තිබුනද බෙනට් ඒ මුදල් ගන්නට කරදර කළේ නැත.නිෂ්පාදනයේ බැරි අමාරුකම් ගැන දැනුවත්ව සිටි ඔහු කීවේ තම මුදල් ගැන කරදර නොවන ලෙසත් ආයතනයේ කාර්මික ශිල්පීන්ට ගෙවිය යුතු මුදල් පමණක් හරියට බේරුම් කරන ලෙසටය.බෙනට් තම නිෂ්පාදනයේදීද සියළුම දෙනාට ගෙවන්නට තිබුන මුදල් කලට වේලාවට ගෙවා දැම්මේය.වෙනත් පහසුකම් වෙනුවෙන්ද අපට මුදල් නොමසුරුව ලබා දුන්නේය.එය බොහෝවිට නියම මුදලට වඩා වැඩි මුදලකි. නමුත් අප එම මුදල් නිසි පරිදි කළමනාකරණය කරන බව ඔහු විශ්වාස කළේය.අපිද ඉතුරුවුන මුදල් නිෂ්පාදනයේ අවශ්‍යතාවන් සඳහාම යොදවන්නෙමු.කෙසේ වුවද අවශ්‍ය වුණහොත් කියා හැම දිනකම ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය පිලිබඳ දළ සටහනක්ද තබා ගැනීමට අමතක නොකළෙමු.නමුත් ඒ සටහන් ඔහුට පෙන්වා විස්තර කිරීමක් අවශ්‍ය වුයේම නැත.සමහර විට අපේ වාචික පැහැදිළි කිරීම් වලින් ඔහු සෑහීමකට පත්වන්නට ඇත.එමෙන්ම නිෂ්පාදනයේ යම් යම් අවශ්‍යතාවන් සඳහා අප පිට පළාත්වලට ගියවිට විනෝද වීමට හෝ අඩි ගැසීමට වියදම් කිරීමටද තහංචියක් නොවීය.එවැනි නිෂ්පාදනයක වැඩකර පුරුදු අපට විල්සන්ලාගේ නිෂ්පාදනය ගැන ඇතිවුනේ මහ පුදුමයකි.ඔවුන් වියදම් කරන ආකාරය බොහෝවිට අපේ සිනාවට ලක්විය.කෙසේ වුවද රූගත කිරීම් අවසන්වූ දිනට පසුදින උදයේ සියලුම ශිල්පීන් බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණියේ තමන්ට ලැබිය යුතු මුදල් ලබාගැනීමටය.
බෙන් ෆිල්ම්ස් ආයතනයේ කීප දෙනාද කාශ්‍යප ලයිට්ස් කණ්ඩායමද වෙනත් වෙනත් වැඩවල යෙදුන අයද ආදී වශයෙන් දොළහකට කිට්ටු පිරිසක් එදා එකතුවී සිටිය බව මට මතකය.අපි සියලුදෙනාම විහිලුකර ගනිමින් නිෂ්පාදනයට මඩ ගසමින් සතුටින් සිටියෙමු.ඒ වන විටද නිෂ්පාදන කණ්ඩායමේ කිසිකෙනෙක් පැමිණ සිටියේ නැත.කාශ්‍යප ලයිට්ස් හි ප්‍රධාන කාර්මිකයා වූ සෝමේ මා ලඟට කිට්ටුකර බොන්නට යමක් නැද්දැයි ඇසීය.කලින් දවසක වරායේ රූගත කිරීමකදී නැවක කපිතාන් වරයෙකු මට දුන් චෙරි බ්‍රැන්ඩි බෝතලයක් තිබිණි.ගෙනත් බොන්නට බලනවිට එය තරමක් පැණි රසය. ඒ නිසා නොබී පැත්තකට දමා තිබු ඒ බෝතලය සෝමේට දුනිමි.ඔවුන් දෙතුන්දෙනා එය බොහොම රස යැයි කියමින් බොන්නට වුහ. තව ටිකක් වෙලා ගතවන විට විදානගේ සමග විල්සන් පැමිණියද නිෂ්පාදකයා සිටියේ නැත. කණ්ඩායමට ගෙවන්නට මුදල් ඔවුන් දෙදෙනා ලඟද නැත.නිෂ්පාදකයා පැමිණි පසු මුදල් ගෙවන බවද එතෙක් කීප දිනක් ඉවසන ලෙසද ඔවුන් කියා සිටි විට අද යන්නට මුදල් අවශ්‍යම යයි කියමින් කාශ්‍යප ලයිට් කණ්ඩායම රණ්ඩු කරන්නට වුවෝය.මාසයක් පමණ වැඩකර හිස් අතින් ගෙදර යන්නට කැමතිවන්නේ කවුරුන්ද?අපේ කණ්ඩායමටද මුදල් නොලැබෙන බව නිසැක වුනත් අපි එකතුවී මේ සිදුවීම් සියල්ලම ඉතා සතුටෙන් රස වින්දෙමු. අන්තිමේ විල්සන් ගෙදර ගොස් HSBC චෙක් පොතක් රැගෙන ආවේය.සියලු දෙනාටම ගෙවන්නට තිබු මුදල් සඳහා ඔහු විසින් චෙක් ලියා ගාම්භීර අත්සනක්ද ගසා ලබාදෙන ලදී. එදා දවසේ ප්‍රශ්නය එලෙස බේරාගන්නා ලදී. චෙක්පත මාරුවුනේ නැත්නම් හොඳ පාඩමක් උගන්වන බව කියමින් කාශ්‍යප ලයිට්ස් කණ්ඩායමද පිටත්ව ගියෝය. අපේ අය නියමිත දිනයේ චෙක්පත මාරුකරන්නට ගියද බැංකුව විසින් චෙක්පත ප්‍රතික්ෂේප කරන ලදී. ආපසු පැමිණි අපි කතාකරමින් සිටින විට බලාපොරොත්තු වූ පරිද්දෙන්ම කාශ්‍යප ලයිට්ස් හි සෝමේ ප්‍රතික්ෂිප්ත පුස් චෙක් එකද රැගෙන බෙන් එකට ආවේ යක්ෂයා ආරූඪ කරගෙනය. අපි ඔහුව ගෙනගොස් විල්සන්ගේ නිවස පෙන්වුයෙමු. එහි ගොස් කුමක් කරගත්තාදැයි අපි හොයන්නට ගියේ නැත. කෙසේ වුවද මාසයක් පමණ කැපවීමෙන් වැඩ කළ බෙන් ෆිල්ම්ස් හි කණ්ඩායමට සත පහක්වත් ලැබුනේ නැත.
ඔය ආකාරයට පොලු තැබූ අය ගැන කියන්නට ගියහොත් වෙනම පොස්ටුවක් ලියන්නට හැක.කරන්නට දෙයක් නැත ඒ ක්ෂේත්‍රයේ හැටිය.බෙන් ෆිල්ම්ස් එකට ඇනවුම් ලැබෙන මංගල උත්සව, උපන්දින සාදයන් සහ වෙනත් උත්සව අවස්ථාවන් ආදිය වීඩියෝ ගතකිරීමෙන් මටද අමතර ආදායමක් ලැබෙන්නට විය.එවැනි උත්සව ලැබෙන විට කණ්ඩායම කොහේ හෝ රූපගත කිරීමකට ගොස් සිටී නම් වැඩේ කරන්නට යන්නට වෙන්නේ මටය.මම තවත් කෙනෙක් සමග ගොස් උත්සවය වීඩියෝ කරමි. අයිටීඑන් ආයතනය අතළඟ තිබු බැවින් බොහෝවිට අප සේවය ලබා ගන්නේ එහි ශිල්පියෙකුගෙනි.සතියේ දවසක නම් නිවාඩුවක් දමා ගියත් පාඩුවක් නැත.ඒ අයගේ හැකියාව අනුව තරු පංතියේ හෝටලයක උත්සව ශාලාවක හෝ සමහර උත්සව නිවසේද පැවැත්වේ.කොතැනක කෙරුණද අපි නිතරම හොඳ සේවයක් ලබාදෙන්නට උපරිම උත්සාහය යෙදුවෙමු.මෙවැනි වැඩවලදී හොඳ ආහාර වේලක් සමග වැඩේ අවසාන වුවිට පොරොන්දු වූ මුදලද ලැබේ.මා ඉතා කැමැත්තෙන් මෙවැනි වීඩියෝ කිරීම් වලට සහභාගී වුනෙමි.
ලැබෙන සුළු වැටුපෙන් ජීවිතය ගෙනයාමේ අරගලයක යෙදී සිටි මට මේ වැඩවලින් උපයන අමතර මුදල්වල වටිනාකම හොඳින් දැනිණි. ඇඳුමක් පැලඳුමක් ගන්නටද මා ඉතා ප්‍රියකරන චිත්‍රපට නාට්‍ය ආදිය නරඹන්නටද පොත් ගන්නටද ඒ මුදල් වියදම් කළෙමි.මාසයකට කොහොමත් මඟුලක් දෙකක් ලැබේ.සමහර මාසවල කරගන්නට බැරි තරමට වැඩ ලැබේ.එවැනි මාසවල රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා වැඩි මුදලක් මඟුල් වීඩියෝ කිරීමෙන් මට ලැබුණි. මුදල් වලටත් වඩා මා බෙහෙවින් අගය කලේ එවැනි වැඩවලදී ලැබෙන අත්දැකීම්ය.අදද මම ඒ සුන්දර අත්දැකීම් වලට ආදරය කරමි.එමෙන්ම පෝරුවේ චාරිත්‍ර මුලසිට අගටම කට පාඩම් විය.සමහර මඟුල්වල පොඩි සහ ලොකු ප්‍රමාණයේ ගෝරිද විය.මේ සියල්ල සමසිතින් විඳදරා ගනිමින් සතුටින් වැඩකලෙමි. මෙසේ එදිනෙදා දවස් ගතකරනු හැරෙන්නට ජීවිතය පිලිබඳ වෙනත් අනාගත බලාපොරොත්තු මවාගන්නට හැකි නොවූ අතර ජීවිතය බොහෝ වෙහෙසකර විය.දවසක්දා සවස ගෙදර යමින් සිටි බෙනට් පාරේ කාරෙක නවත්වා බෙන් එකට ගොඩවැදුනේය.
ලැබෙන සුළු වැටුපෙන් ජීවිතය ගෙනයාමේ අරගලයක යෙදී සිටි මට මේ වැඩවලින් උපයන අමතර මුදල්වල වටිනාකම හොඳින් දැනිණි. ඇඳුමක් පැලඳුමක් ගන්නටද මා ඉතා ප්‍රියකරන චිත්‍රපට නාට්‍ය ආදිය නරඹන්නටද පොත් ගන්නටද ඒ මුදල් වියදම් කළෙමි.මාසයකට කොහොමත් මඟුලක් දෙකක් ලැබේ.සමහර මාසවල කරගන්නට බැරි තරමට වැඩ ලැබේ.එවැනි මාසවල රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා වැඩි මුදලක් මඟුල් වීඩියෝ කිරීමෙන් මට ලැබුණි. මුදල් වලටත් වඩා මා බෙහෙවින් අගය කලේ එවැනි වැඩවලදී ලැබෙන අත්දැකීම්ය.අදද මම ඒ සුන්දර අත්දැකීම් වලට ආදරය කරමි.එමෙන්ම පෝරුවේ චාරිත්‍ර මුලසිට අගටම කට පාඩම් විය.සමහර මඟුල්වල පොඩි සහ ලොකු ප්‍රමාණයේ ගෝරිද විය.මේ සියල්ල සමසිතින් විඳදරා ගනිමින් සතුටින් වැඩකලෙමි. මෙසේ එදිනෙදා දවස් ගතකරනු හැරෙන්නට ජීවිතය පිලිබඳ වෙනත් අනාගත බලාපොරොත්තු මවාගන්නට හැකි නොවූ අතර ජීවිතය බොහෝ වෙහෙසකර විය.දවසක්දා සවස ගෙදර යමින් සිටි බෙනට් පාරේ කාරෙක නවත්වා බෙන් එකට ගොඩවැදුනේය.
මල්ලි හෙට අනිද්දා දවසක සෝමලතා සුබසිංහ එයි මම නොහිටියත් කියන දෙයක් අහල බලල උදව් කරපල්ලා...කියා බෙනට් පිටත්ව ගියේය.
සෝමලතා සුබසිංහ චිත්‍රපට ටෙලි නාට්‍ය ආදියෙහි දැක තිබුනත් ඇයව හැබැහින් ඒ වෙනතුරු දැක නොතිබුනෙමි.ඊළඟ ඉරිදා දහවල් සුදු පැහැති කැරවැන් වාහනයක් සෙමින් සෙමින් විත් බෙන් ෆිල්ම්ස් ඉදිරිපිට නවත්වන ලදී. තරුණයන් එකල බියවුයේ පැජරෝ වලට බැවින් සුදු වෑන්වලට බියවන්නට අපට අවශ්‍යතාවක් නොවීය. එබැවින් අපි බලා සිටියෙමු රථයෙන් බසින්නට වූයේ සෝමලතා සුබසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමකි෴
මාසයක් වැඩකරපු අයට මුදල් නොදි රවට්ටන එක කැත වැඩක්..
ReplyDeleteඅපේ විදානයාද?
එකඟයි නමුත් එවැනි වැඩ කොතෙකුත් සිදුවෙනවා.
Deleteවිදානයා දැන් ආගිය අතක් නෑ නේද?
මම එක වෙලා..
ReplyDeleteගහමු බෝතලයක්
බ්‍රෑන්ඩ් එක ගල්
තුක් විතරක් ගල් කිය කිය පොරීන් බ්‍රැන්ඩ්ම කෙලින බ්‍රා පප්පා..
Deleteකාගිල්ස් එකේ උං සංස්ථා බඩු විකුනන එක නවත්තලා !!!
Deleteඔය රෙද්ද වහලම දැම්මනං ඉවරයි නෙවැ …
බ්‍රෑන්ඩ් එක ගල් කිය කියා ඇඩ් දැම්මට ගල් බෝතලේ දැක්කම බොලාගෙ කට ඇදවෙනවලු නේද?
Deleteහරි මම කිව්වේ බ්‍රෑන්ඩ් එක ගල් කියලනේ
Deleteබොන්නෙ ඉතිං...
මගුල් ගෙවල් වල වැඩ ගැන නම් මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි. ඒ ගන්න මුදලට වඩා ලැබෙන අත්දැකීම ගොඩක් වටිනවා. ගොඩක් වෙලාවට මගුල් ගෙදරක ඊලඟට මොනාද කරන්න ඕනෙ කියලා අහන්නෙත් අපෙන්.
ReplyDeleteඑහෙන්ම් ඊලඟ පෝස්ට් එක ලියපන් මඟුල් ගෙදරක අයන්නෙ ඉඳන් ඉසෙඩ් වෙනකන් උඹේ ඇහෙන්..
Deleteඔව් අපි වීඩියෝ කල කාලෙ වගේ නොවෙයි දැන් මඟුල අධ්‍යක්ෂණය කරන්නෙත් වීඩියෝ ශිල්පීන් නේද?
Deleteඔව්. දැන් ඒ වැඩෙත් කරනවා ජයටම. වෙඩින් අස්සෙ වෙන ජරමර ටිකක් ලියලා දාන්නම්කො.
Deleteමරු බං.. උම එක පාරක් අර අම්බලන්ගොඩ ගිහින් රූගත කරපු සීන් මතක් උනා..
ReplyDeleteඅපි මොකක් හරි ආදායම් මාර්ගයටකට හුරු උනාම ඒ අනුව නේ බං වියදං කරන්නේ. ඉතිං ඒක නැති උනොත් අනාතයි.. මටත් අවුරුදු හතරක් විතර හැම මාසේම ඩොලර් දෙතුන්සීය ලැබුනා ඩබ්යූ හරහා. ඉතිං අැති පදං වියදං කරා. අන්තිමට ක්‍රෙඩිට් කාඩ් වල හිටං ලස්ස ගනං.. එක පාරටම සල්ලි එන එක නැවතුනා. මං අනාථ උනා බං. හැක්.
යකෝ අර උපකල්පිත නම නොදා ඇත්ත නමම දැම්ම නං හරි.. මල වදේ.. ජය වේවා.. එන්නකෝ මේ විදියට අපි සලකනවා..
මෙන්න මූ විජාතික කුමන්ත්‍රණයක් කරල.
Deleteඋඹට ඒ අම්බලන්ගොඩ සීන් එකත් මතකද?ඇත්තටම කිව්වොත් අපි ඒක කලේ හික්කඩුවේ තෙල්වත්ත හරියෙ.නියම නම ලියන එක ටිකක් හරි නෑ වගේ පෙනුන නිසා කල්පිත නමක් දැම්මා.
Deleteඅපිට කොයින්ද පුසෝ බලමාලු අපි යනවයි මුදු කිව්වලු ....... නළුවෝ ටිකක්නම් ජීවිතේටම ලඟින් දැක්කේ මේ පාර අවුරුදු උත්සවේදී තමයි ඔන්
ReplyDeleteලස්ස දෙක පැන්නට පාටියක් හෙම දෙන්නේ නැතෙයි
Deleteසුභ අපත උපන්දිනයක් වේවා මැලයෝ.. කාමයෝ..
Deleteලස්ස දෙක කියන්නෙ උත්සව පවත්වන්න තරම් ලොකු සංඛ්‍යාවක් නෙවෙයිනෙ බං.ඔන්න දහයක් නම් කමක් නෑ.මම ඒ ගැන සඳහන් කළේවත් නැත්තෙ ඒ නිසයි.
Deleteලංකාවේ ගොඩාක් බිස්නස් එදාවේල ප්‍රොඩක්ෂන් ආකෘතියට කෙරෙන්නේ ඇයි කියන එකට කවුද ඇත්තටම වග කියන්න ඕන...
ReplyDeleteඅනිත් එක තමයි ඇයි ඔය බොහොමයක් සංවේදී කලාකාරයන් හෙට වේල ගැන නොහිතා දෙකක් දා ගැනීම ප්‍රයෝරිටි ලිස්ට් එකේ උඩින්ම තියාගෙන ඉන්නේ හැලපේ..
මට මතක් උනා මකරාක්ෂයා මාතරදි ඉවර කරලා ස්ටේජ් එකේ මේසේ උඩ වාඩිවෙලා ධර්මසිරි හෙන ලෙක්චර් එකක් දෙනකොට ජේ එච් (නිවන් සුව ලැබේවා ) "මල්ලී පැකැට් එක දෙන්න අපිට යන්න තියෙනවා "කියලා අර ලස්සන හඩින් බර කරලා කියනවා.... මොකෝ අපි එතකොට මාතර ඕඅයිසී ගේ ගෙදර (ජේ එච් ගේ නෑයෙක්) සෙට් වෙන්න ලෑස්ති කරලා නිසා....
ඔය පැකැට් එකට කෙලින එක නම් මහ පජාති වැඩක් බං....
එදාවේල ප්‍රොඩක්ෂන් ආකෘතිය එලියට ආවෙ ටෙලිනාට්‍ය වල තිබුන තරඟය නිසයි.කෙනෙක් ගානකට කරනදේ තව කෙනෙක් ඊට අඩු ගානකට කරන්න පොරොන්දු වෙනවා.ඒ වගේම එක නළුවෙක් හෝ නිළියක් ගානක් කිව්වම තව කෙනෙක් ඊට අඩුවෙන් රඟපාන්න කැමති වෙනවා.අන්තිමේදී සිද්ධ වෙන්නෙ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය නැත්තටම නැතිවී යාමයි.
Deleteකලාකාරයන් හෙට ගැන නොසිතා කරටි කැඩෙන්න බොන එක ගැන නං කියන්න දෙයක් නෑ.ඒ ඔවුන්ගෙ හැටි කියනවා ඇරෙන්න.
බොහොමයක් සිනමා/ටෙලි නාට්‍ය නිෂ්පාදනයේදී, කාර්යය අවසන් වන්නේ, ගැටුමක් ඇතිකරගෙන බව ප්‍රවීනයන් කීපදෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා, පුවත්පත් සාකච්ඡා වලදී.
ReplyDeleteඅපේ රටේ තවමත් වීඩියෝ කැමරා වලින් පමණයි, ටෙලි නාට්‍ය පටිගත කරන්නේ. මේ හේතුවෙන් ගුණාත්මක භාවය බොහෝදුරට අඩුවන බව ප්‍රවීනයන්ගේ අදහසයි.
චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා ඔස්සේ අපි නරඹන වාර්තා චිත්‍රපටි බොහොමයක්, සිනමා කැමරා වලින් පටිගත කල ඒවා. එයින් ඒවාගේ ප්‍රමිතිය උසස් මට්ටමක පාතිනවා.
අපේ රටේ සිනමා කර්මාන්තයට මෙන්ම රූපවාහිනී නාට්‍ය නිෂ්පාදනයටද ලැබෙන රාජ්‍ය අනුග්‍රහය බොහොම පහලයි.
ගැටුමක් ඇති නොවෙන නිෂ්පාදන ඉතාම දුලබයි විචා.ටෙලි නාට්‍ය සිනමා කැමරා වලින් කරන්නට තරං අපේ නිෂ්පාදන පොහොසත් නෑ.එහෙම කළොත් වැඩේ ඉහලයි.රාජ්‍ය අනුග්‍රහය නොමැතිව සිනමා සහ ටෙලි නිර්මාණ බිහිවේ නම් ඒවා බොහෝ ස්වාධීනව කරන්නට හැකි බව මගෙ පුද්ගලික විශ්වාසයයි.
Deleteදැන් තියන සමහරක් වීඩියෝ කැමරා , සිනේ කැමරාවලටත් එහාට ගිහින් , සමහරක් තැන්වලදි ඒවා භාවිතා වෙනව ,
Delete//රසිකගේ කමෙන්ටුව සම්බන්ධයෙන් මා ඊළඟ කොටසින් පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.//
ReplyDeleteසෙස්ස පස්සට :D
Deleteමම මෙතන පැහැදිලි කිරීමක් කරනවා කියල ඇඟිල්ලෙන් ඇනලා නොකිව්වට අදාළ පැහැදිලිකිරීම සිදුවෙලා තියෙන බව මගෙ විශ්වාසයයි.උඹට නොතේරුණාට ඒක රසිකට තේරිලා ඇති.
Deleteහැක්.. අල ප්‍රඩක්ෂන්. අන්තිමට වැඩේ අල ම වෙලා ගිහිල්ල නේද?
ReplyDelete//එමෙන්ම පෝරුවේ චාරිත්‍ර මුලසිට අගටම කට පාඩම් විය.//
කැමරා කරන ගමං මංගල අධ්‍යක්ෂ වැඩෙත් කරල අමතර අමතර ගානක් හොයාගන්න තිබ්බනෙ.
මගෙ වෙඩිමෙදි උං සෙට් එක තමා මුලු වෙඩිමම හැන්ඩ්ල් කරේ .. හැක් :D අපිට තිබ්බෙ ඌ කියන එක කරන්න විතරයි .
Deleteඋදේ ඉඳං කන්නත් නෑ.. ඒ මදිවට පාලමක් උඩ මාව 6 වතාවක් දිවෙව්ව බං ෂොට් එක හරියට ආවෙ නෑ කියල .ආයෙ බඳින් නෑ අම්මාපල්ල :D
හොඳ වෙලාවට මුං හනිමූන් එක කවර් කරන් නැත්තෙ. නැත්තං ඒකත් කරන්න වෙන්නෙ උංට ඕන හැටියට තමයි. :D
Deleteපසු කලෙකදී අල ප්‍රොඩක්ෂන් එක පෙන්නගත්තා කියා මට දැනගන්නට ලැබුනා.නමුත් මට බලන්නට ලැබුනේ නැහැ.මංගල අධ්‍යක්ෂණය කරන්නෙ දැන් වෙඩින් වලනෙ ප්‍රසන්න අපි ඒ කාලෙ කලේ අපේ වැඩේ පමණයි.මුළු වෙඩිමම අතට අරගෙන පිස්සු කෙලියෙ නෑ.
Deleteපත්තරේ,
Deleteඋඹට පාලමෙන් පහළට පනින්න හිතුනෙ නැද්ද බං.
හනිමූන් එක ෆ්‍රී කවර් කරල දෙන්න පුළුවනි ප්‍රසන්න.මට පස්සේදී සීඩී එක විකුනගන්නවත් බැරුවයැ.
Delete///තව ටිකක් වෙලා ගතවන විට විදානගේ සමග විල්සන් පැමිණියද නිෂ්පාදකයා සිටියේ නැත. කණ්ඩායමට ගෙවන්නට මුදල් ඔවුන් දෙදෙනා ලඟද නැත.///
ReplyDeleteඇත්තටම ඔතන පොලු කාරයා වෙන්නේ නිෂ්පාදකයා නේද.
මොනවා උනත් ඔය චිත්‍රපටි, නාට්‍ය ක්ෂේත්‍ර දෙක ආදායම් මාර්ගයක් විදිහට ඒ තරම් වගතුවක් ඇති එකක් නෙමෙයි නේද...
තර්කානුකූලව බැලුවොත් පොලුකාරයා වන්නේ නිෂ්පාදක වරයා වුනත් ගෙවීම් සම්බන්ධව වගකිව යුත්තේ නිෂ්පාදන කළමනාකරුවායි.ඔහු නිෂ්පාදකයා සමග කතාකර මුදල් ලබාගෙන ගෙවීම් නිසි පරිදි කිරීමේ වගකීම භාරගත යුතුයි.
Deleteක්ෂේත්‍ර දෙක ආදායම් මාර්ගයක් වශයෙන් සාර්ථක නොවෙන්නට පුළුවනි.නමුත් එය සාර්ථක කරගත් අයත් එමට ඉන්නවා.
ඕනම සුන්දර දෙයක් ඇතුලත් මේ වගේ දුක්බර කතා බොහෝමයක් තියෙනවා...
ReplyDeleteදුක්බර කතා ඇතුලෙත් සුන්දරත්වයක් තිබෙනවා.මේ ගැන ලිව්වොත් නරකද?
Deleteහැලපය්යත් නොකරපු දෙයක් නෑ වාගේ. හිහි.
ReplyDeleteඅර අල නිස්පාදක තුමාට මක්කද වුණේ. මිනිහගෙ රටලෙ ගැලෙව්වෙ නැද්ද කවුරුවත්.
මාතෘකාව කිලෝමීටරයක් විතර දිග වුණාට පෝස්ටුව ඒකෙන් බාගයක් වත් නෑනෙ
අල නිෂ්පාදක තුමා ඊට පසු ආගිය අතක් නැත.මම ඇතිවෙන්න ලියල තියෙනවා නේද.මම හිතන්නෙ නං එහෙමයි.
Deleteනියමයි නියමයි.... ගස්ලබ්බ පොඩි කාලෙ පියතුමාත් නාට්‍යක් කලා ඔය විදිහට එදා වේල ප්‍රොඩක්ශන් එකක්.සම්මානෙකුත් හම්බුනා.. ඒත් ගෙදර පත්තු කරපු කුප්පිලාම්පුවට දාගන්න තෙල් නැතිවත් හිටියා ඔන්න.. හැබැයි මතක් කරනකොට පුදුම තරම් තෘප්තියක් දැනෙන්නෙ.. කලා වැඩ වල ආතල් එක ඒක වෙන්න ඇති..
ReplyDeleteජයවේවා...!!
එහෙම කලාවට තියෙන ආදරේට කට්ට කාගෙන ගෙදර වේල කන්න නැතුව නාට්‍ය කරන අය ඉන්නවා.ඒ වගේම සල්ලි හම්බකරගන්න අනුන්ගෙ ශ්‍රමය ගසාකන අයත් ඉන්නවා.
Deleteඔහොම චෙක් එකක් රිටර්න් වෙලා ඒක දීපු මැණික් කාරයට ගෙනිහිං පෙන්නුවාම ඌ ඒක හපලා ගඟට දැම්මලු තුක් ගාලා. නෝ එවිඩන්ස්. එදත් අදත් මෙහෙම අය ඉන්නවා.
ReplyDeleteචෙක් තියෙනතුරු නොනවතින දෙයක්.
Deleteදැන් මචං හැලපේ, ඔය උඩ පින්තූරේ වගේ ප්‍රසිද්ධ ජනාකීර්ණ පාරක පරණ කාලේ ෆිල්ම් එකක් හරි ටෙලි නාටය්‍යක් හරි අද රූ ගත කරනකොට කොහොමද ඒක කරගන්නේ? මම අහන්නේ පාර වහන්න, අලුත් වාහන, අලුත් විදියට ඇඳගත්ත මිනිස්සු ඒම නතරකරන්න හෙම මොනවද කරන්නේ?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමොකෝ බං දාලා මැකුවේ? මොකුත් කුණුහබ්බයක් වත් ලියවුනාද උඹට? :D
Deleteඒයි ආතර්, මැකුවොත් හිරේ.
Deleteදේශා කපපු කොමෙන්ට් එක.
Deleteපාර වහනවා. අලුත් වාහන ආපහු හරවනවා. අලුත් විදිහට ඇඳගත්තු මිනිස්සු එලවනවා. පාලු පාරේ පිචර් එක ගහනවා.
ඒක ටිකක් සංකීර්ණ වැඩක් මචං.ඉස්සෙල්ලම රූගත කරන්නට නිවාඩු දවසක් දාගන්න වෙනවා.සැරයක් ගාල්ලෙ කොටුවට ඇතුල්වෙන බිංගේ බ්ලොක් කරන්න ගිහිං අපි ගුටි නොකා අනුනමෙන් බේරුනා.කොහොමත් පොලිසියෙ සහයෝගය ඇතුව අදාළ වෙලාවට පාර වහන්න වෙනවා.ඒ වගේම පයින් යන අයත් නවත්තන්න වෙනවා.ඇතුලෙ ඉන්න පුළුවන් වෙන්නෙ නිසිපරිදි ඇඳ පැළඳගත් අය පමණයි.හැබැයි මචං ඔය වගේ දේවල් පණ යන වැඩ බං.
Deleteදේසකයට පොඩ්ඩක් තැන වැරදිලා.මොකද ඕකා ජීවිතේට කොළඹ ආපු එකෙක්යැ.
Deleteඑක බැල්මෙන් මම හිතුවේ රන්මැනිතැන්න කියලා. පස්සේ ගැඹුරට බලද්දි නේ දැක්කේ.. හැක්.. ගොනා සේ මැකුවා..හැක්
Deleteඔහොම වෙලාවට නං හොදි ඕන්නැ ඩුඩ් , වැඩියෙන් මැරෙන්නේ ටැක් ඩොලිවල ක්රේන් වල වැඩ කරන උන් , ඇදලයි තල්ලු කරලයි , කරකෝලයි , උස්සලයි , පාත් කරලයි කොදු ඉවරයි ,
Deleteඅනික් කට්ට කන්නේ ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ලයි , ආට් ඩිපාට්මන්ට් එකේ උනුයි ,
අපි සුන්දරව අවසානයේ දකින් දේවල් වල හැංගිච්ච දුකක් තියෙන්න පුළුවන්..
ReplyDeleteදුක්බරව දකින දේ තුලත් සුන්දරත්වයක් තිබෙන්නට පුළුවන්.
Deleteඔය දැන් කොටස් දෙතුන් සියේ මෙගා කරනවා කියන්නෙත් ලෝ බජට් වලින්ලුනේ.එක දවසක් ඇතුලත වැඩි කොටස් ගණනක් රූපගත කිරීම තමයිලු නිෂ්පාදකයින්ගේ අරමුණ.ඉතින් දැන් එන ගොඩක් ටෙලි වල කොටස් ටික දිග වුනත් බලන්න හිතෙන්නේ නැත්තේ ඔය වගේ හදන නිසා වෙන්නත් ඇති නේද හැලපයියේ.
ReplyDeleteපැහැදිලිවම මනෝජ්.ලෝ බජට් වැඩ වලින් වන්නේ නිර්මාණයේ ගුණාත්මක බාවය ශීග්‍රයෙන් පිරිහීමයි.දැන් බලන්නකො ඔය පරණ ටෙලි එහෙම දැන් ආපහු පෙන්නනකොටත් කිසිම අමාරුවක් නැතුව ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවනි නේද?
Deleteප්‍රඩක්ශන් කොස්ට් අඩු කරගන්න දැන් හැම කතාවක්ම සාමන්‍ය මධ්‍යම පාන්තික කතා බවට පත් කරල තියෙන්නේ. උදේට ගෙදරින් ඇඳගෙන එන නළුව නිළිය එහෙමම කොළඹ කිට්ටුව ගෙදරකට හරි ඔෆීස් එහෙකට හරි ගිහින් මූණේ පවුඩර් ටිකක් උලාගෙන තමන්ගේ කොටහ 'රඟපාල' දවසේ පැකට් එකත් ඉල්ලගෙන එක හමාර වෙනකොට ඉස්කෝලෙන් ළමයවත් අරන් යනිං ගමන මාර්කට් එකෙන් ගෙදරට බඩු ටිකකුත් අරන් යන ගානට අපේ 'නාට්‍ය' කලාව දියුණු වෙලා තියෙන්නේ. හැලපයියලාගේ මේ වගේ කතා අහනකොට ඇඬෙන්නේ ඒකයි.
ReplyDeleteලංකාවෙ ටෙලි නාට්‍ය කලාවට වෙලා තියෙන්නෙ ඔය සන්තැසිය තමා කමියෝ.
Deleteසාමාන්‍යයෙන් ඔය කොටස් 20ක විතර නාට්ටියක් කරන්න කොච්චර වියදමක් යනවද? නිකන් දැන ගන්න අහන්නේ.
ReplyDeleteඅනිත් එක තමයි ඔය නාට්ටි හරි චිත්‍රපටිවල වල හරි ස්ක්‍රිප්ට් එක ලියවෙන ෆෝමැට් එක මොකක් ද කියන එක මම දන්නේ නෑනේ. ඒ කියන්නේ නිකන් කතාව ලියල එකේ කොපි ටික නළු නිලියන් ට දෙනවද? නැතනම් එක එක සීන් එක සහ ඒ ඒ චරිතෙට අදාලව දෙබස් වෙන වෙනම හදල දෙනවද? උදා: අම්මා කියන චරිතය : "පුතේ දවල් ට කෑවද?" වගේ.
ඒ වියදම සාපේක්ෂයි පැතුම්.කෙනෙක් ලක්ෂයකින් කරන දේ තව කෙනෙක් දහදාහෙන් කරන්න හදනවා.ප්‍රමිතිය නිකම්ම බහිනවා.
Deleteස්ක්‍රිප්ට් එකක දෙබස් පමණක් නොවෙයි දර්ශනය ගැන සම්පූර්ණ විස්තරයක් අඩංගු වෙනවා.පැහැදිලි කරන්න ගියොත් දිග වැඩිවෙනවා.සමහර ස්ක්‍රිප්ට් පොත් වශයෙන් පලවෙලා තිබෙනවා පුළුවන් නම් එකක් හොයාගෙන කියවන්න.
මාත් ඉස්සර වීඩියෝ ඔලට ලැයිට් අල්ලල තියෙනව. වී.එච්.එස්. කැමරාවට උඩිං අල්ලං හිටුකො අරක පංදම වගේ. හැබැයි ආදායම හොඳයි. මැයි මාසෙම ඉස්කෝලෙ නොයා ඕක තමා කලේ.
ReplyDeleteමමත් ඔය වැඩේ කළේ රස්සාවෙන් නිවාඩු දාල ගිහිල්ලයි.වැඩේ පාඩු නෑ.
Delete//මා ඔවුන් සමග එකතුවුනෙමි// හැලප මල්ලි.... ග්‍රැමර් වැරදියි නේද?
ReplyDeleteඅයියෙ ග්‍රැමර් කිව්වම අච්චාරු නේද ව්‍යාකරණ කියන්න ලැජ්ජයිද
Deleteවැරදියි නේද ඇනෝ.දැන් ඉතිං මොනා කරන්නද?
Deleteප්‍රඩක්ෂන් ඇතුලෙ සුලු ශිල්පීන් බොහෝ දුක් ගැහැට විදිනවා නේද..මමත් නොයෙක් වර ඒ දේවල් දැක තිබෙනවා. රැවුම් ගෙරවුම් දරාගෙන වැඩකරලා ගෙදර පොඩි උන්ට ටොපියක් ගෙනියන්න අතට කීයක් වත් ලැබෙන්නෙ නැත්තං මොන තරම් කෝපයක්ද ඇති වෙන්නෙ.
ReplyDeleteදෙගොල්ලොම පව්.සමහර මිනිස්සු නිර්මාණ කරන්නේ බඩ වියත රැකගන්න.සමහරු කරන්නේ ආත්ම තෘප්තියට.නිසි දේ නිසි වෙලාවේදි ලැබෙන එකත් වාසනාවක්.හැකියාව තියෙන සමහරුන්ට අවශ්‍ය සම්පත් නොලැබෙන තැන් වැඩි ඇති.සම්පත් තිබෙන තැන් නිර්මාණයේ ගුණාත්මක භාවය අඩුවෙන්න පුළුවනුත් ඇති
ReplyDeleteනාට්ටිය නෙලන්න බැරි මල්ම තමයි
ReplyDeletehttp://www.sarasaviya.lk/2017/05/11/?fn=sa17051114