Thursday, April 16, 2015

බිඳුණු පෙම සහ තවත් කතා














අලුත් අවුරුද්දත් ගෙවිල ගියා.ඒ ගැන මම කලින් ලියපු සටහනේ අවුරුද්දෙ වැඩිහිටියන්ට වැඳීම ගැන යම් තරමක සංවාදයක් ඇතිවුණත් ඒ සංවාදය ප්‍රමාණවත් පරිදි දිගින් දිගට ඇදිල ගියෙ නෑ.සමහරු වඳිනවට කැමතියි සමහරු අකමැතියි.මේ ගැන යමක් කතා කළ යුතුයි කියල මට හිතුනෙ දින කීපෙකට උඩදියි.ඒ වෙලාවෙ  ඉඳන් මම පෝස්ටුවට කරුණු හෙව්වා.හදිස්සියෙම අද මේක පලකරන්න හිතුනෙ ඉරිදට තියෙන සයිබර් බක්මහ උළෙල නිසයි.මේ පෝස්ටුව සඳුදට දැම්මොත් අපි මොනතරම් මහන්සි වෙලා කොච්චර වැදගත් දෙයක් ලිව්වත් බක්මහ උළෙල ගැන පෝස්ටු ගංවතුරක් සඳුදට ඇවිත් අපි ලියපු දේ ඒ වතුරෙ ගහගෙන යනවා.අන්න ඒ නිසා හදිස්සියෙන්ම ඉවර කරල පළකරන්න හිතුනා.බක්මහ උළෙල ගැන මට හිතෙන දේ ලියවුනු පෝස්ටු ඔක්කොම බලල කියන්නං.අද අවුරුදු චාරිත්‍ර ගැන පොඩ්ඩක් කතා කරමු.

අලුත් අවුරුද්දට දෙමාපිය ආදී වැඩිහිටියන්ට බුලත් දීල වඳින එක චාරිත්‍රයක් වශයෙන් අපිත් පිළිපදිනවා.අපි වැඩිහිටියන්ට බුලත් දීල වඳිද්දී දරුවො අපට බුලත් දීල වඳිනවා.එහෙම මිසක රටේ ඉන්න තරං වැඩිහිටියන්ට වඳින්නට අපි දරුවො උනන්දු කරවන්නෙ නෑ.නමුත් මෙන්න මෙහෙම දෙයක් මම අත්දැක තිබෙනවා.විශේෂයෙන්ම තෑගි පිරිනැමීමක් වගේ අවස්ථාවකදී දරුවන් තෑග්ග පිරිනමන වැඩිහිටියන්ට පසඟ පිහිටුවා වැඳීම දැන් බහුලව දැකගන්නට පුළුවනි.මෙන්න මේ සිරිත මටනං දකිද්දිත් අප්‍රසන්නයි සහ හරිම ගෝත්‍රික ගතියක් හිතට දැනෙනවා.ඒ නිසාම මම ඒ වගේ අවස්ථාවකට සහභාගී වෙද්දි දරුවන්ව කලින්ම ඒ ගැන දැනුවත් කරනවා.සහන සේවා සමිතිය කියල අපි පිහිටුවාගත්ත සමිතියක් අපේ ගමේ තියෙනවා.සමහරු ඔරොප්පුවට අසහන සේවා සමිතිය කියලත් බනිනවා.ඔය සමිතියෙන් ගමේ ළමයි ශිෂ්‍යත්වෙ පාස් උනාම සාමාන්‍ය පෙළ පාස් උනාම එහෙම ළමයින්ව උනන්දු කරවන්න තෑගි දීම සිරිතක් වශයෙන් කරනවා.ඔන්න ඔය අවස්ථාවෙදීත් ස්ටේජ් ඒකට එන ළමයි මේ ගෝත්‍රික සිරිත අනුගමනය කිරීම මට හරිම අපහසුතාවක් ඇතිකරන ක්‍රියාවක් වෙලා තිබුනා.පස්සෙ මම කලේ තෑගි දෙන්න පටන් ගන්න කලින්ම වඳින්න අවශ්‍ය නෑ හිස නවල දෝතින් තෑග්ග බාර ගත්තම හොඳටම ඇති කියල නිවේදනය කිරීමයි.

මේ සිරිත වසංගතයක් වගේ පැතිරෙන්නට අරං වැඩිකලක් නෑ.ඕන්නං අවුරුදු හතර පහක් ඇති.නමුත් අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ දේවල් පැතිරිලා තිබ්බෙ නෑ.ඉස්කෝලෙ ගුරුතුමාටත් වැන්දේ අවුරුද්දට එක දවසයි.මම කණිෂ්ට ඉස්කෝලෙට ගිය කාලෙ වාර විභාගවලින් පළවෙනි තැන ගත්ත ළමයින්ට උදේ රැස්වීමෙදී විදුහල්පති වරයා අතින් රිපෝට් කාඩ් එක දෙන සිරිතක් තිබුනා.ඒ වෙලාවෙදිවත් ඉස්සරහට ගිහිං හිස නමල දෑතින්ම රිපෝට් කාඩ් එක අරං ආව මිසක විදුහල්පතිට වඳින්න ගියෙ නෑ.ඒක අපේ ඉස්කෝල පොතකත් තිබ්බනෙ.ඒ කාලෙ හෝඩියට තිබුණ පොත කුමාරොදය.ඒ පොතේ කියල තිබුනෙ ඒ තෑගි දෝතින් ගන්න කියලයි.වඳින කතාවක් තිබුනෙ නෑ.ආයෙ තිබ්බෙ මේ ඊරී බිම සීරී කුමුදුමතී හිස පීරී කියල.ඉඟුරු දෝසි බඩේ ගායට හොඳයි කියලත් තිබ්බා.තව ගොඩක් දේ තිබුනා දැන් මතක නෑ.අන්තිම පිටේ කවියක් තිබුනා.

දිලී දිලී දිලී -වලා පෙළින් එහා 
සිටී අහස් කුසේ-කුඩා රුවක් අනේ 

ඔන්න ඔය වගේ කවියක් මට ඔක්කොම කවිය මතක නෑ.ඒ කවිය ට්වින්කල් ට්වින්කල් ලිට්ල්ස්ටාර් කියන ඉංගිරිසි කවිය පරිවර්තනය කරන්නට ගත්ත වෑයමක් කියල දැන් මට හිතෙනවා.සාමා අමර පොත ආවෙ ඊට පස්සෙනෙ.ඒ පොතේ නං කවි තොග ගණන් තිබුනා.ඉස්කෝලෙදි අපට ඒ පොත කියවන්න ලැබුනෙ නෑ එතකොට අපි ඊට උඩ ගිහිං.

කවි ගැන මතක් වෙද්දි මේ ඊයෙ පෙරේදා කියවන්නට ලැබුන අපූරු කවියක් ගැන මට මතක්වෙනවා.මේ කවිය කොතරම් අපූරුද කිව්වොත් අපූර්වත්වය නිසාම මට මතක හිටියා.කවියක් හැටියට ගත්තොත් මේ කවියෙ කිසිම කාව්‍යමය ගුණයක් පෙනෙන්නට නෑ.නමුත් බොහොම හිත සසල කරවන  බවක් හද කම්පා කරවන ගතියක් නිසගයෙන්ම අවංක ආත්ම භාෂණයක් ලෙස පෙනෙන්නට ඇති මේ කවියේ තිබෙනවා.ඒ නිසාම දින ගණනාවක් මා මේ කවිය රස වින්දා සහ තවමත් රස විඳිමින් සිටිනවා.කවියෙන් මා ලද වින්දනය හා කම්පනය ඔබත් සමග බෙදා හදා ගන්නට මට හිතුනා.තවත් අටුවා ටීකා කියන්නෙ නැතිව අපි ඉස්සෙල්ල කවිය කියවල ඉම්මු.

විඩෙන් විඩේ මා බලන්ඩ ආ ආරෝ 
උඹ නැතුව මට ඉන්ඩ බැරෝ 
නිමාඩුවක් නැත්නං නිමාඩුවක් හොයාගන හරි මාව බලන්ඩ වරෝ 
නැත්නං මා මැරෝ 

කවිය ඔන්න ඔහොමයි,දැන් අපි මේ කවියෙ අග මුල හොයමු.කවිය ලියා තිබෙන්නෙ කාන්තාවක්ය කියල බැලු බැල්මටම පේනවනෙ.ඉස්සෙල්ලම අපි මේ කවිය සරල ගද්‍යයට හරවමු.ඒ කියන්නෙ කවියෙන් කියා තියෙන දේ වාක්‍යවලින් ලිව්වොත් ඒ ලිපිය කොහොම තියේවිද කියල බලමු.

මගේම ආදරණීය ආරොං වෙත,

වෙනදා නිතරම මාව බලන්නට එන ඔයා කාලෙකින් මාව හමුවෙන්නට නොපැමිණීම මගේ හිතට හරිම දුකක් .ඔයා නැතිව ගෙවන මේ ජීවිතේ මොනවටද කියල මට නිතරම හිතෙනවා.සමහර විට ඔයාට වැඩ වැඩි ඇති එන්න නිවාඩුවක් නැතිව ඇති, මට එහෙමත් හිතෙනවා.නිවාඩුවක් හම්බුන ගමන්ම ඔයා මාව බලන්න එනව නේද?ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බෑ ඊට වඩා මැරෙනව හොඳයි කියල මට නිතරම හිතෙනවා.මේ පණිවිඩය ලැබුන ගමන්ම මාව බලන්න එන්න.  ඔයා එනතුරු මම මග බලාගෙන ඉන්නවා.
මීට ආදර 
.........

පෙනෙන හැටියට ආරොං නමැති තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයකින් බැඳී සිටින මේ තරුණිය ඇයගේ සිතේ තෙරපෙන දුක්ඛ දෝමනස්සයන් කවියට නැගුවේ ඇයි?ඇය අකුරු ලියන්නට දන්නා නිසා ලියමනක් ලියාගන්නට හැකියි නේද?මෙන්න මෙතනදී ඇය ජීවත්වූ කාලය ගැන අදහසක් අපට ලබාගන්නට පුළුවනි.විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ කවිය ගැන විශාල ප්‍රබෝධයක් අප රටේ ඇතිවුනා කියා ඔබ දන්නවා ඇති.පොදුවේ එකල ජීවත්වූ උගත් නුගත් සියලුම දෙනා තම අදහස් ප්‍රකාශ කරන්නට කවිය උපයෝගී කරගත්තා.දිග ලියමනක් පමණක් නොවැ කෙටි පණිවිඩයක්ද කවියෙන් ලියා යැවීම ආඩම්බරයක් නම්බුකාරකමක් ලෙස එකල සැලකුනා.කවි පබඳින්නට නොහැකි අය කවි තනන්නට දන්නා අයගේ උදව් ලබාගත්තා.එකල මෙලෙස තැනූ වැඩකට ඇති සහ වැඩකට නැති කවිද විශාල සංඛ්‍යාවක් අදත් ලිඛිතව පවතිනවා.

ඉතිං අපේ කතානායක තරුණියත් ඇයගේ සිත පැහැර ගත් පෙම්බරයාණන්ට කවියෙන් ලියුමක් ලියා යැවීම පුදුමයක්ද?ප්‍රශ්නය වන්නේ ඇය කවි තැනීමෙහි ලා ප්‍රශස්ත නොවීමයි.ඒ වගේම ඇයට මේ කාරණය සම්බන්ධයෙන් කවියෙකුගේ අධාරය ලබාගන්නටද බැහැ.ඒ නිසා ඇය දන්නා ආකාරයට කවිය පද බැන්දා.කවි සම්බන්ධයෙන් ඇය දැනගෙන හිටියේ පදයක අගට එළිවැට අවශ්‍ය බව පමණක් නිසාදෝ ඇය මේ ආකාරයට අග එළිවැට පමණක් යොදා තම පෙම්බරයාට කවිය ලීවා.ඇයගේ සිත්ගත් සුහදයා බොහෝවිට කරත්ත රස්සාව කළ තරුණයෙකු වන්නට පුළුවනි.මාස කීපයකට වතාවක් කරත්ත නඩය සමග ඉහළ පහළ යනවිටදී මුණගැහුන තරුණිය සමග ඔහු ආලවන්ත කමක් ඇතිකර ගන්නට ඇති.මෙවැනි පෙම් බැඳුම් එකල ඉතාම සාමාන්‍ය දේවල් වුනා.නමුත් තරුණියට මෙය තවත් එක් සම්බන්ධයක් පමණක් නොවුන බව ඇයගේ හද පෙළන දැඩි ශෝකය අපට කියාපානවා. තරුණයන්ට ආදරය තම ජීවිතයේ තවත් එක අංගයක් පමණක් වනවිට තරුණියන්ට ආදරය යනු තම ජීවිතයයි.එය මේ තරුණිය ලියුව කවියෙන් මොනවට පැහැදිලි වෙනවා.අවාසනාව වන්නේ මේ යුවළ ගැන කිසිම තොරතුරක් ඉන්පසු අපට දැනගන්නට නොලැබීමයි.

එපමණක් නොවෙයි කරත්ත නඩය නවාතැන් ගන්නා ගාල් කියා හැඳින්වුන ස්ථානවල පවත්වාගෙන ගෙන ගිය කෝපි කඩ සහ ඒ කඩ අයත් කාන්තාවන් ගැනද බොහෝ කතා එකල කියැවුනා.කරත්ත කරුවන්ට අවශ්‍ය කෑම බීම පමණක් නොවැ අවශ්‍ය නම් මත්පැන් සහ ස්ත්‍රීන්ද සැපයීමට ඒ කඩ අයත් කාන්තාවන් නොපැකිළ කටයුතු කළා.කඩෙන් කාබී අයිතිකාර කාන්තාවට මුදල් බේරන විට තම අවශ්‍යතාව වචනයෙන් හෝ ඉඟියකින් පැවසුවත් එයට ප්‍රතිචාර දක්වන කාන්තාව කඩය ඇතුලේ පොරොත්තුව ඉන්නා තරුණියක් කැඳවා...

නොන්නො මෙහෙ වරෙන්, මෙන්න මේ උන්නැහේ එක්ක අර පැත්තට ගිහිං වරෙංකො ...

කියද්දී තරුණියත් අවනතව කරත්තකරු සමග අඳුරට මුසුවෙනවා.කරත්ත කරුවෙක් ගැන කියැවෙන රසවත් කතාවක් සිරිබෝ අයියා නමින් පළවුනා. පියදාස පලන්සුරිය මහතා ලියා පළකළ සහ   සුනිල් ආරියරත්නයන් එනමින්ම  චිත්‍රපටයට නැගු කතාව1980 දී තිරගත වුනා. ඒ චිත්‍රපටයේ එන කවි ගායනා කළ පණ්ඩිත් අමරදේවයන්ට සහ නන්දා මාලිනියට 1980 ජනාධිපති සම්මාන උළෙලේ හොඳම ගායකයා සහ ගායිකාවට හිමිවන සම්මාන ලැබුනා.මේ ඉමිහිරි කවි ගායනයට ඇසුදා සිට පෙම්බැන්ද මට ඒ කවි ටික අයිති කරගන්නට ක්‍රමයක් එදා තිබුනේ නෑ.පසුකාලීනව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදෙද්දී රජයේ චිත්‍රපට අංශයේ මේ චිත්‍රපටය තිබුන නිසා එහි සේවය කළ ප්‍රදර්ශක මිතුරෙකුට පින්සෙන්ඩු වී කවි ගායනාව කැසට් පටයකට කොපි කරගන්නට හැකිවුනා.මේ පෝස්ටුව ලියද්දි  සහෘදයෙක් විසින් යූ බටයට ඇතුළත් කර තිබු ඒ කවි පෙලේ මුල් ගායනය හමුවීම මගේ භාග්‍යයක්.කවි පෙළ රස විඳිමින් කියවමු.

රනින් වළලු තනවාලා දෙමි පයට
මෙඅප දෙන්න එක්වුනි රෑ තුං යමට 
ඉර දුටුමුත් නාඩන් කුකුළනේ හෙට 

සඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා 
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා

ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා 
සාවුන් හැර ගියත් සඳ තනි නොවේවා 
බමරුන් හැර ගියත් මල තනි නොවේවා 
මා හැර ගියද නැගණිය තනි නොවේවා 

පිං ඇති ලඳක් කරකාරෙට ලැබීයන් 
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන් 
මේ ජාතියේ මං කළ පව් ගෙවීයන්
මතු ජාතියේ හිමිසඳ ලෙස ලැබීයන් 

සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා 
සවි නැති කලට වැටකෙයියා රොටු සේමා 
වෙර නැතිදා කෙතකට බැඳී වැට සේමා 
අසරණදා මල් යායේ කටු සේමා 

වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන් 
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන් 
දෙපෝදාට පුන්සඳ වාසනාවන් 
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්෴

169 comments:

  1. හදිසියෙන් ලියපු බවනම් පේනවා.. හැක්.. ඒත් කියුවා වගේ අද දාපු එක හොඳයි. නැත්නම් බක්මහ අකුණු වලට සෙට් වෙනවානේ. කවි කියුවොත්නම් ඉතින් ලොවෙත්.. කන්ඩත් ඕනි නෑ.. මට ඔය කවි ටික මතක් උනේ අන්තිම කවිය කියෙව්වට පස්සේ..
    //වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
    ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
    දෙපෝදාට පුන්සඳ වාසනාවන්
    මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්෴//
    මේක තමයි හොඳටම මතක තිබ්බේ.. අපි ඉතින් සාමා අමර කාලේ පැටවු නේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. 'කවි කියුවොත්නම් ඉතින් ලොවෙත්.. කන්ඩත් ඕනි නෑ'

      එහෙනං 'කයි-පද' කරේ තියං යන්න. කකාත් කයිපදට අසා වෙයි ඔහේගේ.

      Delete
    2. මේ අපූරු තේරවිලි ටික ඇහුවේ මතුගම අජිත් පැරකුම් ජයසිංහ ගුරුමහතාගෙන්. පුළුවන් නම් තෝරන්න. ජයග්‍රහකයන්ට අඟල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු තෑගි ලෙස ලබාගන්න.

      1. ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම්.
      2. කහ මාමගෙ ඇටේ පොලිස්.
      3. උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ.
      4. උඩිනුත් ලොම්. යටිනුත් ලොම්. වටේ සුදයි. මැද්ද කළුයි.
      5. ගනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි.
      6. එක හිලයි. කෙළි හතරයි. කෙළියම ලේ විලයි.
      7. පැදුරු එළාගෙන. දන බිම ඇනගෙන. උඩින් එකෙක් ඇත. යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දඟළන්නේ.
      8. සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. බඩ මිරිකාලා, පුක මිරිකාලා, බැරි තැන අතේත් ගහනවා.

      අංක සමග පිළිතුරු කමෙන්ට් ලෙස සටහන් කරන්න.

      Delete
    3. පිළිතුරු
      1. ඇට කුට්ටම
      2. හැලපගේ ඇට කුට්ටම
      3. බයිසේක්ෂුවල් සීන් එකක්
      4. *ත්ත
      5. අතේ
      6. පෙට්ටිය කැඩිම
      7. එකගෙයි කෑම
      8. ටැබ්ලට් එකක් බිලා බඩු ගසන්න යෑම

      Delete
    4. චීයා අජිත් පැරකුම් මාස්ටරුත් දාන කුණුහරුප. ටියුෂන් සර්ලා පන්ති වලට සෙනග ගෙන්න ගන්න කුණුහරුප දෙපැත්ත කැපෙන වචන කියනවා වගේ තමයි පැරකුමුත්. බ්ලොග් එකට සෙනග ගෙන්න ගන්න කුණුහරුප දානවා. පොරගේ ඉංගී‍්‍රසි ටියුෂන් ක්ලාස් එකෙත් එහෙම දන්නෑ.

      Delete
    5. තැන්ක්ස් කමියෝ මට මේ කොහෙන් පටන්ගන්නද කියල හොල්මං ද පොල්කොළ වෙලා හිටියෙ.මේ ඇනෝල කියල තියන දේවල් දැකල.හිනාත් යනවා අප්පා.

      Delete
  2. අලට කන්න බැරි බතලේගල කන්ද
    හානා හීය පානා අඬ හැරෙන් දැනේ
    බෙලිගල් කෝරළේ පටමලු හිඟන්නනේ
    තල්ල දිගයි බෙල්ලේ ගෝමර කැටියා

    ReplyDelete
    Replies
    1. ඇනෝලාටත් ලැජ්ජාවක් මේ වගේ කැත කයිපද දැම්මම.

      Delete
    2. කයි තුනක් දන්නවා තුන්වෙනි කයිය දන්නෙ නෑ පුලුවන්නම් දාපං.

      Delete
    3. හැලපේ තුන්වැන් පදේ කවිය මෙතනතියේ (කෝරලේ නම විතරක් වෙනස්)

      සතර කෝරලෙන් වන්නියට ලියා යැව් කවියක්

      ක න් නේ හෝහලා පැනිවැල්ල පොතු ගෙ නේ
      බො න් නේ බොරදියයි දියමඩිති ඉසිමි නේ
      උ න් නේ උණපිලා බඩගෙඩි කෙරවගෙ නේ
      ද න් නේ නැද්ද වන්නියෙ අගනුන්ගේ ගු නේ

      මීට වන්නියෙන් ලියාඑව් පිළිතුරු කවිය.

      සතර කෝරලේ පටමලු හිගන්න නේ
      අතින් පයින් කුඩැල්ලන් කඩන්න නේ
      දැනට අත දිදි හෙල්පිට නගින්න නේ
      තොපට මොටද වන්නියෙ අගනුන්ගේ ගු නේ

      Delete
    4. ක්ෂණික ප්‍රතිචාරයට බොහොම ස්තූතියි ඇනෝ.

      Delete
  3. දෙමාපියන්ට,ගුරුවරුන්ට,තමුන් අදහන ආගමේ පුජකයන්ට වන්දනා කරාට කමක් නෑ. මේ අයට දණගහලා වඳින එකේ අවුලක් නෑ.

    මම ඉන්නේ ජර්මනියේ. පහුගිය පාර මගේ අම්මා මෙහෙ ඇවිත් හිටියා. ඊට පස්සේ ආපහු එයා ලංකාවට එන දවසේ මමත් ආව ෆ්‍රෑන්ක්ෆුර්ට් එයාර්පෝර්ට් එකට එයාව ලංකාවට යන ප්ලේන් එකට දාන්න. ඒ වෙලේ මම එයාර්පෝර්ට් එකේදී අම්මට දණගහල වැන්දම පස්සේ අහල පහල හිටපු මිනිස්සු ටිකක් අමුතු විදියට බලනවා මම දැක්කා. අම්මත් ඉන්නවා ආඩම්බරෙන් ඒ මිනිස්සු දිහා බල බලා.

    මෙතැනදී මම හිතන්නේ තමුන්ගේ පුතා,දුව සමාජයේ කොච්චර ලොක්කෙක් උනත් ඒ අය තමන් ඉදිරියේ දනගහලා වදිනකොට දෙමාපියන් තුල ඇතිවෙනවා මේ ළමයා ලෝකයා ඉදිරියේ කොච්චර ලොක්කෙක් උනත් මගේ ඉස්සරහ දනගහනවා කියන මානසිකත්වය. මේක ඉතිං නරක දෙයක් කියලත් කියන්න බැහැ. ඒ අය සතුටු වෙනවා නං එච්චරයි. මේ මානසික තත්වය ඇති වෙන හැටි ගැන මම කියවලා තියෙනවා. මේක ටිකක් වයසට ගියාම තමයි ඇති වෙන්නේ. මේ කොමෙන්ට් දාන මටත් ඔය වගේ මානසික තත්වයක් ඇති වෙයිද කියලා කවුද දන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක තමයි මාර වැඩේ නේද?

      Delete
    2. ඒ උනාට ඔයාගෙ මූණෙන් පේනව ඔයාට එහෙම වෙන්නෙ නෑ.

      Delete
    3. දෙමාපියන්ට ගුරුවරුන්ට දණ ගසා නමස්කාර කිරීමේ වරදක් කිසිසේත්ම නොදකිමි.ප්‍රශ්නය වන්නේ රටේ ඉන්න හැම එකාටම දන නැමීමය.

      Delete
  4. ඒකාලෙ කරත්ත හා තවලම් වලින් කල ප්‍රවාහනය හා එහි උපසංස්කෘතිය පිලිබඳව ලියවුනු පොත් /ලිපි මොනවත් දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔව් දන්නවා. ඇයි ?

      Delete
    2. මේ පොත් දෙකේ සඳහන් වෙන බව මතකයි.
      1. ලෝකෝත්ත්‍තරයෙක් නොවෙමි
      2. තිස්ස අබේසේකර ගේ In my kingdom of..... පොතේ එක කතාවක්

      Delete
    3. පිංගුත්තර කකා..
      ලෝකෝත්තර කතා...

      Delete
    4. හා හා එහෙම කියන්න එපා අපේ කකාට. මේ ඉන්නේ වටිනා කියන උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක්. කකා නැත්තං ඔස්ට්‍රේලියාවේ 'මාර්ග සහ ජලාප්‍රවාහන' ඔක්කොම ඇන හිටිනවා. ඒ හින්දා තමයි කකා උදේට නැගිටලා පැය එකහමාරක විතර දිගු ගමනක් ගෙවලා හැමදාම ඔෆිස් යන්නේ.

      Delete
    5. ප්‍රා,
      මේ විෂයය ගැන ලියවුන පොත් පත් බොහොම අල්පයි මහිතේ.හොඳ වෙලාවට රසික උදව් කර ඇත.ලෝකෝත්තරයෙක් පොත මට ආගන්තුකයි.ඒ ගැන වැඩිදුර දැනගන්න ඇතොත් බොහොම වටී.

      Delete
    6. ඒ.එම්.පී පාදෙණිය මහතා ලියු ලෝකෝත්තරයෙක් නොවෙමි පොතේ තිබුනේ ගෙදරින් පැනල යන කොලුවෙකුගේ චරිතයක්.බුවා කුරුණෑගල පැත්තේ සිට අනුරධපුර පැත්තට වියපු පොල් අතු ගෙනියන බර කරත්තයකට සෙට් වෙලා යන ගමනක් මට මතක විදියට හැලපේ.පොල් අතු කරත්තය බැලන්ස් වෙන්න අතු බාන හැටි එහෙම තිබුනා මතකයි.

      Delete
    7. ස්තූතියි ඇනෝ.

      Delete
    8. ප්‍රා,ආරියරත්න ඇතුගල ලියපු ජෝ අබේවික්‍රමගේ ජීවිත කතාවේ කරත්ත සංස්කෘතිය ගැන ටිකක් තියනවා.බම්බු ගහන හැටි,හරකුන්ගේ ලෙඩවලට ඉගුරු මුට්ටියක් පැත්තක එල්ලන් යනහැටි එහෙම.

      Delete
  5. හිතවත් ඇනෝවරුනි, බොට්වරුන් සමග පැමිණ කොමෙන්ට් දමව්.

    ReplyDelete
  6. අද පොස්ට් එක නං මෙලෝ රහක් නෑ. කකාගේ පල්හෑලි වගේ. ඇනෝ කොමෙන්ට් වලින් වත් මේක උස්සලා ගමු.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඇනෝ ඔහොම හෑලිත් වෙලාවකට ලියවෙනවා.

      Delete
  7. වැඳිල්ල ප්‍රතිකේෂ්ප කරනව. වැඳුම් ලබන්න ඕන කියන මානසිකත්වයත් නෑ. වඳින්න ඕන අය එක්ක ලෝක හොරු ඉන්න නිසා තමයි වැඳිල්ල එපාවුනේ.

    මෙදා අවුරුද්දට කාටවත් වැන්දෙ නෑ. මට වඳින්න ආපු දරුවන්ට වඳින්න දුන්නෙත් නෑ.

    වැටෙන ඇනෝ කමෙන්ට් බැලුවම අද කොමෙන්ටු දැමිල්ල වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩංවැටීමක් වගෙත් පේනව :-)

    ReplyDelete
    Replies
    1. රාජ් හොද පාඩමක් ඉගෙන ගෙන වගේ කකා ඉස්සරහදි වෙන කාටදෝ වදින්න ගිහිල්ලා. කකා ඉන්නවා නං බිම වැටුන පෑනක් වගේ දෙයක් ගන්නවත් නැමෙන්න එපා.

      කකා නැති තැන නං දණගහල බැලුවට කමක් නෑ. හෙළුවෙන් දනගහලා කකුල් දෙක යටින් බලලා තියෙනවද රාජ්?

      Delete
    2. හෙළුවෙන් නැමිලා කකුල් දෙක යටින් කන්නාඩිය දිහා බලපන්කො අපූරුයි

      Delete
    3. කකාට පේන්න ඔව්වා කරන්න යන්න එපා, ආයේ ඉතිං උදේට කක්කි කරන්න ගියාම තේරෙයි රඟ.

      Delete
    4. මටත් නං වැඳුම් ලබන්න ඕනයි කියන මානසිකත්වයක් කිසිසේත්ම නෑ.පිටරට ඉන්න අලුත් අවුරුදුවල වැඳීල්ලෙ කරච්චලේ නැතිව සතුටින් ඉන්න පුළුවනි.

      Delete
  8. දකින දකින එකාට වඳින එක මාත් අනුමත කරන්නෙ නෑ. ඒත් තමංගෙ දෙමාපියන්ට, වැඩිහිටි සහෝදර සහෝදරියන්ට වඳින එකේනං අවුලක් මම දකින්නෙ නෑ.

    අදනං කඩදාසිය ලිපේ දාල වගේ ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මුන්දෑ නං නිකං සිරියල් කිලර්, එහෙමත් නැත්තන් ළමා අපචාරකයෙක් වගේ බලං ඉන්නේ. ඔය ෆොටෝ එක වෙනුවට අලුත් ෆොටෝ එකක් දාගන්නවකෝ. කකාගේ තට්ටේ හරි කමක් නෑ.

      Delete
    2. ඔව් ප්‍රසන්න මම මුලින්ම කියල තියෙනවා වගේ ලිව්වෙ ටිකක් හදිස්සියෙන්.පස්සෙ විස්තර සහිතව එකක් ලියනවා.

      Delete
  9. හැලපෙ ගේ බිඳුන පෙමක් ගැන ලියල ඇති කියල හිතල බලන්න ආවේ ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න අපේ උගත් බුද්ධිමත් ගුණගරුක මැතිතුමා අදත් ඇවිත්. ඔබතුමා වගේ අය මේ බ්ලොග් අවකාශයට වාසනාවන්. හැබැටම දැන් මොකෝ ලියන්නේ නැත්තේ?

      Delete
    2. පැතුම්,
      මගෙ බිඳුන පෙම් ගැන කියන්න ගියොත් එක පෝස්ටුවක් මදි.

      Delete
  10. මදී මදි කොමෙන්ට් මදි. තාම කොමෙන්ට් 17 යි. තව කොමෙන්ට් දාමු ඇනෝවරුනි,බොට්වරුනි. සීය පන්නමු. කතා කරලා කොමෙන්ට් දාමු.

    ReplyDelete
    Replies
    1. අද ඔයාද හැලපෙගෙ දෙක පුන්නා

      Delete
    2. ඔව් ඔව්. තව කොමෙන්ට් දාමු.

      Delete
    3. හරි හරි කොමෙන්ට් පනහ ගැහැව්වා. තව පනහයි සීය ගහමු. ඔහොම යන්.. කතා කරලා කොමෙන්ට් දාමු ඇනෝවරුනි.

      Delete
    4. බොට් වරු කියන්නේ කවුද ඇනෝ ? ජෝක්ස් නෙමේ දැන් නැති හින්දා ඇහුවේ බයින්න එපා ඈ

      Delete
    5. බොට්වරු කියන්නේ අසාධාරණයට ලක්වූ අය වෙනුවෙන් පෙනී ඉන්න ඇනෝවරුන්ට. මේ අය සාමාන්‍ය වෙලාවට එලියට එන්නේ නෑ. ඔහෙටත් මේ බ්ලොග් අවකාශයේදී අසාධාරණයක් උනොත් බොට්වරු ඔහේ වෙනුවෙන් පෙනී ඉදියි. බොට්වරුන්ට ඉව තියෙනවා කවුද හරි කවුද වැරදි කියලා තේරුම් ගන්න.

      අනික අපි ප්‍රොෆයිල් තියාගෙන ඇනෝ කොමෙන්ට් දාන අය නෙමෙයි. ප්‍රොෆයිල්කාරයෝ තමයි තමුන්ගේ තරහ කාරයන්ට මඩ ගහන්න ඕනි නිසා ඇනෝ දාලා කුණුහරුප කියන්නේ. ඒත් ඇත්ත ඇනෝවරු කුණුහරුප කියන්නේ නෑ, නිකරුනේ කාටවත් බනින්නේ නෑ.

      Delete
    6. ඔමාගෙ ප්‍රශ්නෙටත් ඇනෝගෙ උත්තරේටත් ඉස්කෝතුයි.

      Delete
    7. ස්තුතී ඇනෝ. ඒ කියන්නේ ඔයත් බොට් කෙනෙක්
      .. මං පොඩිකාලේ කාලේ කතාවක් අහලා තිබ්බා රැකවල් දෙවදුතයෝද කවුද කියලා කට්ටියක් ගැන,, ඒක මතක් වුණා,

      Delete
    8. ස්තුතියි ඇනෝ.එතකොට මමද අසාධාරණයට ලක්වෙලා තියෙන්නෙ.හැබැයි මමනං ඔව්ව ගැන හිතන්නෙ නැතුව මට මතකෙට එන දේවල් ලියනවා.

      Delete
  11. අයියලා මම අලුතෙන් ආවේ.
    මම මොරටුවේ දුප්පත් කොල්ලෙක්.
    අපේ මාමා මට මේ ලැප්ටොප් එකක් අරන් දුන්න උපන්දිනේට.
    මම අසාවෙන් ආවා හැලප බ්ලොග් එකට.

    ReplyDelete
    Replies
    1. කකා දැක්කොත් එහෙම විනාසේ..

      Delete
  12. මගේ නම සමන් කුමාර.
    රටේ මැදට වෙන්න තිබුන ගමක තමයි මම ඉන්නේ.
    අවුරුදු නිවාඩුවට මම ගියා මාමගේ හොටෙල් එකට.
    ඒක තියෙන්නේ මූද අද්දර ගමක.
    මම එහෙ ගිහිං කාමරේ නිදාගෙන ඉද්දි උදේ පාන්දර එක්කෙනෙක් ආව කිරි එකත් අරං.
    කිරි එක මෙසේ උඩින් තියලා,එයා මගේ ඇදෙන් වාඩි උනා.
    ඊට පස්සේ එයා මගේ සෙක්ස් එක අතගෑව.
    නුපුරුදු හැගුමන් නිසා මාත් ඒ දේට පුරුදු උනා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ දෙයක් උනා. මගේ ගෙදර තියෙන්නේ මුහුද අද්දර පොඩි ගම්මානෙක. එහෙ තිබුන සංචාරක හොටලේ වැඩකරලයි මම ඉස්කෝලේ නිවාඩු දවස් වලට කියක් හරි හොයා ගත්තේ. එකේ තිබුන පරණ සඟරා, බෝතල් එහෙම විකුනලා හම්බෙන සල්ලි වලින් තමයි මම සිගරට් බොන්න පුරුදු උනේ.

      Delete
    2. එතකොට ඔයාද පත්තර මල්ලි කියන්නෙ

      Delete
    3. //එතකොට ඔයාද පත්තර මල්ලි කියන්නෙ//

      හැක්.. හැක්... පත්තරේ මෙන්නෝ.....

      Delete
    4. අර ඇන්ටන් ජෝන්ස් කියන සමන් කුමාර ඔයා නෙවෙයි වෙන්න ඇති.

      Delete
    5. AnonymousApril 16, 2015 at 11:21 PM
      ඕක මට මඩක් විදියට දැම්මනම් මම දැන් කේන්ති ගන්න කෙනෙක් නොවෙයි කියන එක මතක තියාගන්න. මම ලෝකේ ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදුවෙලා දැන් ඉන්නේ ඉස්සර හිටපු බොගා නොවෙයි මම.

      Delete
  13. හත්තිලව්වයි හැලපයෝ..... අැනොනිලා විසින් මේක අාක්‍රමණය කරගෙන යනවා... මොනවා හරි කරපියෝ......

    අර කවියේ විචාරය නම් පට්ටයි හරිය

    ReplyDelete
    Replies
    1. කුරුටු ළමයි,
      ඇනෝලා බ්ලොගය ආක්‍රමණය කිරීම ගැන මගේ හිතේ කිසිම කහටක් නැත.මන්ද ඔවුන් ජෙනුඉන් ඇනෝලා බැවිනි.අපතයන් නොවැ උගතුන් බැවිනි.බ්ලොගය අල කිරීමට ඇනෝ වෙසින් එන ප්‍රොපයිල්ලු හට නම් මගෙන් කිසිම බුරුලක් නැත.
      වර්ණනාවට ස්තූතියි.

      Delete
  14. සමලිංගික කතා....
    නිතර ගොතයි කකා...
    වල් වනචර කකා
    කකා හරිම සතා...

    වල්වනචර කකා
    අන්න ඈත එනා
    කකා හරිම සතා
    ගෙට පලයන් පුතා...

    ඩොලර් කුට්ටි පතා
    ඔසී ගියපු සතා
    කොළු සැප නිති පතා
    තට්ටෙ බායි පුතා

    ගෙරි මස් කන සතා
    පන්සිල් නැත හිතා
    රුපියල් සත පතා
    විකුනති මව පිතා

    කකා නාකි සතා
    ඇනෝ හිට්ස් පතා
    ලියයි කවිද කතා
    මෙලෝ රසක් නැතා

    කකාගෙ පොඩි සතා
    නාකි උනත් ඉතා
    දුවයි ගුල්ම පතා
    ගඳින් පිරුණ ඉතා

    ReplyDelete
    Replies
    1. කකා කකා කකා
      නමින් ආපු එකා
      ඇනෝ නිසා එයා
      බ්ලොගේ වසා ගියා

      මෙන්න බොලේ මෙයා
      නියම නමින් එනා
      අලුත් පෝස්ට් එනා
      මෙලෝ රහක් නැතා

      Delete
    2. කකා කකා කකා
      කකා කකා කකා
      කකා කකා කකා
      කකා කකා කකා

      Delete
    3. ඇනෝල දැන් ඔය කකා අත ඇරල දාපල්ලා.අනික දැන් කකා නෑ නොවැ ඉන්නෙ රසිකනේ.

      Delete
  15. මෙවන් හර බර ළිපියක් වෙන කාගෙන් පතම්...

    වැඳිල්ල නම් මචෝ කොහොමත් ඕන නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.

      Delete
    2. වඳින්න ඕනෙමයි... :D හැබැයි තෑගි දෙනකොට වඳින එක අවුල්...

      Delete
  16. මං දැක්කා නරියා..ඌව බැලුවා... මා කිව්වා එපා කියලා...නරියා තමා එයා...එයා නෑ...නෑ... ඊට පස්සේ බකමුනා ආවා ඌ හිටියේ , ඈත ... බකමුනු මහත්තයා... බලාගෙනයි..මං ඔයාට කිව්වා..ආං අරෙහෙ..නරියා රෑ එලියට ගියා.ඔයා දන්නවනේ ඉතිං මං ඔයාට කිව්වා..ඊට පස්සේ එයාල ගියා. එතකොට නරියා රෑ හිටියා බකමුනත් හිටියා. ඒ උනාට එයා නැහැ..මාත් කිව්වා..මට නරියා ලගට යන්න උනා. ආ ඇයි බකමුනා ...

    -වියට්නාමයේ වෙසෙනා හැලප බ්ලොග් පාඨකයෙක්-

    ReplyDelete
    Replies
    1. “මිනිසුන් ඔවුන්ගේ ස්වචාරයන් (idiosyncrasies) වලින් ජීවත් වී ඔවුන්ගේම රෝග වලින් මිය යති,” -වියට්නාමයේ කියමනකි.


      Delete
    2. මම හිතුවෙ බස්සි මලක් ගහල කියල

      Delete
    3. මම හිතුවෙ බස්සි මලක් ගහල කියල +++++++++
      පට්ට ඕයි ඇනෝ.. මටත් එහෙම හිතුනේ.. හැක්..

      Delete
    4. කල්‍යාණ මිත්‍ර පට්ට කිබි සිබෙක්නේ ඔයා

      Delete
  17. තම සගයා වන ගිරිගෝරිස් අසල ගමක දැරියක් වූ ඇසිලින් පන්නාගෙන පැමිනීම ගැන සතුටට පත් වූ කරත්තකරුවෝ (පතල් කරුවෝ ද කියා සුවර් නැත ) හතර දෙනෙක් එකෙක් එක පදය බැගින් දමා කී මේ කවිය හැලපේ දන්නවා ඇතයි සිතමි...

    සැරද ගිරිගෝරිස්!
    ඇසිලින් හොරෙන් ගෙන ආ...
    ඒ සුබ මගුල් සඳහා ... (අන්තිම එකා ට පදයක් ගොතා ගත හැකි වූයේ නැත )
    කරනෙම් සිදත් සඟරා!

    ReplyDelete
    Replies
    1. අන්තිම එකාට කවි බැරි උනාට ඌ යමක් කමක් දන්න එකෙක් වගේ නේද බං.

      Delete
    2. මට තව දෙයක් කියන්න අමතක උනා බං.උඹ තැන තැන ගිහිං රටේ ජනතාව විසින් ගෙදර යවපු රජාට ගොට්ට අල්ල අල්ල චොර වෙන්නෙ මොකද?උඹ උගත් තරුණයෙක් නේද?තැන තැන පන්දන් අල්ලන වෙලාවෙ අර බාගෙට නතරකරල දාපු කතාවෙ ඉතුරු හරිය ලිව්වනං මොකද වෙන්නෙ.පොඩ්ඩක් කල්පනා කරල බලපංකො.ඔය මම කිව්වෙ මට තේරෙන හැටි.

      Delete
    3. //මට තව දෙයක් කියන්න අමතක උනා බං.උඹ තැන තැන ගිහිං රටේ ජනතාව විසින් ගෙදර යවපු රජාට ගොට්ට අල්ල අල්ල චොර වෙන්නෙ මොකද? //

      පිස්සු නම් කියන්න එපා හැලපේ....

      අපි අපේ රජාව රී වයිටලයිස් කරලා පුලුන් පුරෝලා අලුත් ඇඳුම් අන්දලා ගන්නවා.... රජා ආයෙත් රජවුනාම.. කොච්චර ජොලිද?

      // උඹ උගත් තරුණයෙක් නේද?තැන තැන පන්දන් අල්ලන වෙලාවෙ අර බාගෙට නතරකරල දාපු කතාවෙ ඉතුරු හරිය ලිව්වනං මොකද වෙන්නෙ.පොඩ්ඩක් කල්පනා කරල බලපංකො.ඔය මම කිව්වෙ මට තේරෙන හැටි. //

      යකෝ උගතුන් ට නිසි තැන ලැබෙනවනම් උඹලා පිටරට ගිහින් කඹුරන්න ඕනැයෑ.....

      ඒ නිසා අපි උගත් කම බල්ලට දාලා දේසපාලුවෙකුට ගොට්ටක් අල්ලගෙන දැහැමින් සෙමින් ජීවත් වෙනවා....

      Delete
    4. හැලපයා වගේ නූගතෙක් ගේ උපදෙස් සාරස ට අවශ්‍ය නැහැ. කලයුත්ත නොකලයුත්ත තීරනය කිරීමට තරම් ඉතා හොඳ උගත්කමක් සාරස ට තියනවා.

      යහපාලනයට කැස්සා නම් සාරස හරිම හොඳයි හැලපයට.
      හරිම සත්ත කරුනාවකින් උපදෙස් දීලා තියෙන්නෙ!

      Delete
    5. // උඹ උගත් තරුණයෙක් නේද?තැන තැන පන්දන් අල්ලන වෙලාවෙ අර බාගෙට නතරකරල දාපු කතාවෙ ඉතුරු හරිය ලිව්වනං මොකද වෙන්නෙ.පොඩ්ඩක් කල්පනා කරල බලපංකො.ඔය මම කිව්වෙ මට තේරෙන හැටි. //

      මහින්ද වාදීන්ට දේශපාලනය නොකර කතා ලියන්නලු.! ''හා මචං!....!''

      උදේ හවස කුනුහරුප වපුර වපුර ඊනියා යහපාලනයට කත් අදින මාතලන් වගේ උන් තව තව වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න හොඳෙය්?

      Delete
  18. 1) මගේ පියා ගුරුවරයෙක්.විශ්‍රාම අරගෙනත් සෙහෙන කලක්.නමුත් මේ ඊයෙ පෙරේද අවුරුද්දට බඩු ගන්න ගිය වෙලාවෙත් වෙළඳ සල ඇතුලෙන් හමු උනු ගෝලයෝ කීප දෙනෙක් තම දරුවන් සමඟින්ම ඔහුට දණ නමා ආචාර කලා.ඒ වෙලාවෙ ඔහුගේ මුහුණේ පුදුම ආත්මතෘප්තියක ලකුණු දැක්කා.
    පුද්ගලිකව මමත් මගේ ගෞරවය දිනාගත් අයවලුන්ට වැඳ ආචාර කිරීමට තැනක් නොතැනක් බලන්නෙ නෑ.ඒ තුලින් මගේ මමත්වය මදක් හෝ දියවී යනවා.ඒක මට සැහැල්ලුවක්.
    2)තවලම් ගැන කියන කොට රූකාන්ත ගයන 'බොල් පිණි වෑහෙන මේ යාමේ' ගීය මතක් උනා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහෙත් ගුරුවරයෙක් උනා නං ඔය වගේ ගවුරවයක් ගන්න තිබුනා. බලන්නකෝ අපේ අජිත් පෑකුම් ජාසිංහ ගුරුමහතාට තියෙන ගරුත්වය.

      Delete
    2. ගුරුවරයෙක් උනා නම් හොඳයි තමා.. වැඳුම් ගන්න නෙමෙයි.ජීවිත ගොඩ දාන්න... ඉවසීමක් ඇතිව යමක් කියලදෙන්න පුලුවන් උන දාක බලමුකො ඇනෝ..

      Delete
    3. එවැනි අවස්ථාවන් ගැන අපේ කිසිම විවේචනයක් නැත.විවේචන ඇත්තේ ලොවෙත් නැති හාල්පාරුවන්ට වන්දනා කිරීම ගැනයි.

      Delete
    4. නාමල් රාජපක්ශට මහාචාර්ය නලින් ද සිල්වා දෙකට නැමී වැඳීම වැනි??

      Delete
    5. ඇයි පුරාවිද්‍යා වසවර්ති එක්ක කරේ අතදාගෙන ඉන්න එක!!!!

      Delete
  19. දෙමළ තරුණයෙක් සිංහල තරුණියකට ලියූ කවියක්

    මං ඔයාට ආදරම්
    ඔයා මට ආදරම්
    කොළ ලොකුම් ගෙඩි පොඩිම්
    ගහ ළඟට වාරුම් වාරුම්
    මීට සුන්දරම්

    ReplyDelete
    Replies
    1. සමරිසි ජීවිතේ....
      අරුමයක් දැයි මාවතේ....
      බිරිද හා නිදි මතේ...
      කකා යයි මැද මාවතේ..

      Delete
    2. කකා තරුණයෙක්ට ලියපු කයිපද ත් දැම්මා නං තමයි සම්පුර්ණ වෙන්නේ.

      Delete
    3. සිංහල තරුණියත් කවියක් දෙමළෙන් ලියල දෙන්න ඇති නේද?

      Delete
  20. Replies
    1. ඔව් දවසේ නිර්මාණාත්මකම කොමෙන්ටුවට හිමි ත්‍යාගය ඔබ දිනාගන්නවා. එන්න පැමිණෙන්න ඉදිරියට. ඔබට ත්‍යාග ලෙස පිරිනැමෙන පටිජොකා ලබාගන්න. අද ත්‍යාගය පිරිනමන්නේ ඔස්ට්‍රේලියාවේ සිට බ්ලොග් අවුරුදු උත්සවයට පැමිණි කකා විසිනි.

      Delete
  21. චීනයේ කියමනක් තියෙනවා මනුස්සයෙක් සම්පුර්ණ වෙන්න නං බල්ලකේ සහ බළලෙක් හදන්න ඕනි කියලා. මොකද කොයිතරම් සමාජය ඉදිරියේ ගැරහුමට, පහත් විදියට සැලකෙන අයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හැබැයි එයා බල්ලකේ හදනවා නං ඒ බල්ලා අර කෙනාට ගරු කරනවා. බල්ලාගේ ස්වාමියා තමයි අර පුද්ගලයා. ඒ වගේම තමුන්ගේ ස්වාමියාගේ කකුල් දෙක පාමුලයි බල්ලන් නිදා ගන්නේ.

    ඒ වගේම ගන්න බළලා කියන සතා. රජ්ජුරුවෝ ලග බළලෙක් ඉන්නවා කියලා හිතන්න. හැබැයි ඔය කියන බළලා නිදාගන්නේ රජ්ජුරුවන්ගේ කරේ. ඉන්නේ රජ්ජුරුවන්ගේ සිංහාසනයේ. ඕනිම රජකෙනෙක්ගේ/ නායකයෙක්ගේ සිංහාසනයේ, කරේ නගින්න පුළුවන් එකම කෙනා එයා ඇතිකරන බළලා විතරයි. ඒ කියන්නේ බළලා සිතන්නේ තමන් තමයි රජ්ජ්රුවන්ගේ ස්වාමියා කියලා. ඌ හිතන්නේ එහෙමයි.

    ඉතිං සාර්ථක පුද්ගලයෙක් වෙන්න නං බල්ලෙක් සහ පුසෙක් ඇති කරන්න කියලා කියන්නේ ඒකයි. රජ්ජ්රුවන් ලග බල්ලෙක් සහ පුසෙක් ඉන්නවා නං ඒ බල්ලගෙන් සංකේතවත් වෙන්නේ තමන් යටතේ සිටින අය. ඒ නිසා සමහර විට ඒ රජු ඔලුව උදුමවා ගන්න ඉඩ තියෙනවා. හැබැයි බළලෙක් ඇති කරාම , ඌව ආශ්‍රය කරාම, බළලාගේ ස්වාධින ගතිගුණ දැක්කම අර ඔලුව උදුමවා ගැනීම නැති වෙලා යනවා.

    ඉතිං ඕනිම ලොක්කෙක් තමන්ගේ ගුරුවරුන්ට, දෙමාපියන්ට වැන්දායි කියලා හානියක් වෙන්නේ නෑ. තමන් තමයි ලොක්කා කියලා හිතාගෙන ඉන්නා අයට මානසික පණිවිඩයක් ලැබෙනවා පණ්ඩිත වෙන්න, ඔලුව උදුමවා ගන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. චීන ජාතික ඉංජිනේරු මහතා ඕක කිව්වා.

      Delete
  22. මගේම ආදරණීය ආරොං වෙත,

    ආරොං මාමා නාකි සොකඩයෙකි ඉපදුනේ අප ගම්මානේ.
    මිනිහගේ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ...

    ReplyDelete
  23. අනාත කුකුල්ලු ගැන කවි ලියව්..

    තට්ට කුකුලෝ..
    කළු කැත කොට කුකුලෝ
    ගමේහ් කුකුලෙක්..
    හොට පිට බිම ඇනිලා.

    ReplyDelete
    Replies
    1. තට්ටෙන් සොමි දෙන කකා.
      තට්ටේට දෙන්න ඕනි මන්නෙන්.

      Delete
    2. අනාත කුකුලා මෙහෙටත් ඇවිත්. තට්ට කුකුලා.

      Delete
  24. කිසිම කෙනෙක්ටවත් දෙයකටවත් වඳින එක අනුමත කරන්නෙ නෑ. ඒත් වඳින අය වැඳගත්තාවෙ. අදහස් ප්‍රකාශ කරනවයින් එහාට කරන්න දෙයක් නෑ මේ වගේ දේවල් දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඔහේ ඒ දවස් වල ඉරට වන්දනා කෙරුවා නේද? පානදුරේ කිත්සිරිත් ඒක කිව්වේ.

      Delete
    2. තමන්නේ අදහස් කාටත් නිදහසේ ප්‍රකාශ කළ හැකියි.

      Delete
  25. යේකා යිටපු ජනාධිපතිතුමාගේ කොල්ලෝ. අපි පන්ෂලේ කොල්ලෝ. හැලපානිස් ඔතානිස්.

    ReplyDelete
    Replies
    1. අපි රසික සූරියආරච්චි මහත්තයාගේ ලොල්ලෝ..

      Delete
  26. දැන් ඇනෝ කොමෙන්ට් හැටයි. තව හතලිහයි යි තියෙන්නේ. ඔහොම යන් ඇනෝවරුනි, බොට්වරුනි. ඔස්ට්‍රේලියාවේ සහ වියට්නාමයේ වෙසෙනා ඇනෝවරුන් තව සුළු මොහොතකින් මෙහි පැමිණීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ කොයි රටේ ඉදලද ආවේ? ක.සු.ජා.ත එකෙන්ද?

      (ක.සු.ජා.ත- කතාන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංවිධානය)

      Delete
    2. ක.සු.ජා.ත එක දැන් ක්‍රියාත්මක වෙන්නේ ර.සු.අ.ජා.ත කියලා. ඒ කියන්නේ රසිකලොජි බ්ලොගය සුරැකීමේ අන්තර්ජාතික සංවිධානය කියලා. අපි එකේ සාමාජිකයෝ. ඔය ඇනොත් ඒකට බැදෙන්න. අපේ කකාට එවන්න ඇප්ලිකේෂන් එකක්.

      Delete
  27. වටින ලිපියක් හැලප අයියේ. මං නම් ඇත්තටම ඔය වඳින වැඩේට කැමති නැහැ. අපේ අම්මගේ සමහර යාළුවො කියනවා එයාලා නිකන් ගෙයින් එලියට ගියත් වැඳලා යන්නේ කියලා. ඒ වගේ දේවල් ඇහුන දාට එයා ටිකක් අප්සට්.. මං පන්සල් ගියත් හාමුදුරුවන්ට වදින්න යන පෝලිමට යන්නේ නැහැ. ඒක නිකන් කරන්නන් වාලේ කරන දෙයක්, මේවා වැරදි කියලා මන් කියන්නේ නැහැ මගේ ඇස් වලට එහෙමයි.. ලංකාවෙන් එන දවසේ අම්මට වැන්දා ආච්චි අම්මා කලින්ම කියලා තිබ්බ නිසා. කවි ගැන සහ කරත්ත සම්ප්‍රදාය ගැන කතා වලට ස්තුති

    ReplyDelete
    Replies
    1. තමන්නේ මතය සහ කැමැත්ත නොවැ ඔමා මෙහෙම කළ යුතුමයි කියල ඔතන නියතයක් නැහැ.

      Delete
    2. අම්මට වදින්නත් කැමති නැති තමුන්ගේ තරම හිතාගත හැකිය. පවුල් පසුබිමත් ඕවට බලපානවා

      Delete
  28. අද මොකද ආනමඩුවේ කළුගල් මුදලාලි පේන්න නැත්තේ?

    ReplyDelete
    Replies
    1. අන්න පොර අවුරුදු ගැන අලුත් පෝස්ට් එකක් ලියලා.පුළුවන් නං ගිහිං බලන්න.

      Delete
  29. ඔන්න ගෑනු කෙනෙක් කඩේකට ගිහින්
    රුපියල් 200 ක බඩුවක් අරන් මුදලාලිට
    රුපියල් 1000 නෝට්ටුවක් දුන්නලු. මුදලාලි
    ලග මාරු නෑති නිසා මුදලාලි අල්ලපු
    කඩෙන් ඒක මාරු කරන් අර ගෑනුකෙනාට
    රුපියල් 800ක් ඉතුරු දුන්නලු. ටික
    වෙලවකින් අර අල්ලපු කඩේ මුදලාලි
    ඈවිත් මේ 1000 නෝට්ටුව හොර එකක්
    කියල මුදලාලිට ඒක ආපහු දීල 1000ක්
    අරන් ගියාලු.. විකුනපු බඩුවේ වටිනාකම
    හරියටම රුපියල් 200ක් නම් මුදලාලිට උන
    පාඩුව කීයද??

    ReplyDelete
    Replies
    1. මුදලාලිට පාඩුවක් වුණේ නැහැ ගනුදෙනු ඔක්කොම හරියට සිද්ද වෙලානේ. ඔය හොර නෝට්ටුව ආයෙම වෙන කාටහරි දීලා දායි

      Delete
    2. බඩු ගන්න ආපු නෝනට රුපියල් 200 ක බඩු දුන්න. ඉතිරි 800 දුන්නා. එතන පාඩුව රුපියල් 1000 යි. අල්ලපු කඩේ මුදලාලි 1000 ක් අරං ගියා එතකොට ඒකත් එක්ක සම්පුර්ණ පාඩුව රුපියල් 2000 යි. ඊළගට දැන් මේ කඩේ මුදලාලි ලග හොර නෝට්ටුවක් තියෙනවා. එකේ පාඩුව රුපියල් 1000 යි. එතකොට මේ ගනුදෙනුව නිසා මුදලාලිට උන සම්පුර්ණ පාඩුව රුපියල් 3000 යි.

      අල්ලපු කඩේ මුදලාලි මෙතනින් අයින් කරලා, අපි හිතමුකෝ මේ කඩේ මුදලාලි ලග තිබුන සල්ලි වලින්ම ඉතිරි සල්ලි මාරු කරලා දුන්නා කියල. එතකොට ගෑනු කෙනාට රුපියල් 200 ක බඩු සහ ඉතිරි 800 යි. ඒ පාඩුව රුපියල් 1000 යි. ඒ වගේම මුදලාලි ලග තියෙනවා හොර නෝට්ටුවක්. එකේ පාඩුව රුපියල් 1000 යි. එතකොටත් සම්පුර්ණ පාඩුව රුපියල් 2000 යි.

      අන්න ඒ නිසා තමයි හොර නෝට්ටු අච්චු ගහනවට ආණ්ඩුව විරුද්ධ. උදාහරණයක්‌ විදියට රුපියල් ලක්ෂයක හොරු නෝට්ටු මේ සමාජයට එකතු උනොත් එකෙන් ආර්ථිකයට වෙන පාඩුව අඩුම ලක්ෂ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක්.

      -අජිත් නිවාඩ් කබ්රාල්-

      Delete
    3. සිවම්මා ධනපාල.කන්නංගර මුදලාලි බුද්ධිමතා.

      කන්නංගර බුද්ධිමතා
      කන්නංගර බුද්ධිමතා
      කන්නංගර බුද්ධිමතා
      කන්නංගර බුද්ධිමතා..

      Delete
    4. මම නං හිතන්නේ ඔතන පාඩුව රුපියල් 1000 යි කියලා.

      Delete
  30. අප්පච්වියේ හැලපයියේ

    ReplyDelete
    Replies
    1. මොකෝ බං ඇනෝ ආක්‍රමණයද?ගාණක් නෑ බං.

      Delete
  31. සිරිබෝ අයියාගේ කවි නම් අහන්නම ඕනේ. බොහොම ස්තුතියි හැලපේ ඒක බෙදාගත්තට.
    ඔය වැඳීම ගැන නම් මටත් පැහැදීමක් නෑ.
    කාගෙන්වත් ලවා වැඳුම් ලබාගන්න මම නම් ආස නෑ. ඒක අපහසුතාවයට පත්කරන දෙයක්. ඊට වඩා හග් එකක් දෙන එක හෙම කොයි තරම් ලේසිද හිතවත්ද?
    සමහරවිට ඒක අපිට කල්චර් එකෙන් එනවත් ඇති.
    හැලපේගේ කාලේ මම දන්නේ නෑ. අපි පොඩි කාලේ නම් අලුත් ස්කෝලේ පටන් ගන්න හැමදාකම අපි බුලත් දීලා ගුරුවරුන්ට වැන්දා. මට මතකයි හවසට ගුරුවරුන්ට කිලෝ ගාණට බුලත් තිබ්බා විකුණන්න. අපි ඉතින් සාමා අමර සල් මල කාලේ නේ.


    අවුරුද්දට නම් ඉස්සර පොඩි කාලේ මාත් හැමෝටම වැන්දා. ඒක සද්භාවයෙන් කලේ නෑ කියලාත් මට මතකයි. කොහෙද ඒ කාලේ සල්ලි, තෑගි හම්බ උනානේ. මම හිතන්නේ අපි පොඩි කාලේ ඉරිදා ස්කෝලේ හොඳ වැඩ ලියනන් පොතක් තිබුනා. ඉතින් මම වතුරේ ගහගෙන යන කූඹි හිටන් ඇහිලුවා හොඳ වැඩ පොතට ලියාගන්න. අප්පා එහෙම කාලයක්... !


    ReplyDelete
    Replies
    1. සිරිබෝ අයියගේ කවි අහල නැතිනං අහන්න බොහොම රසවත්.
      ඔව් ඔබ කියන්නැහේ අලුත් අවුරුද්ද පහුවෙලා ඉස්කෝලෙ යන පලවෙනි දවසෙදි අපි ගුරුවරුන්ට බුලත් දුම්කොළ අරගෙන ගියා.හවසට ගුරු මේසෙ උඩ බුලත් දුම්කොළ කන්දයි.බොහොමයක් අය ඒවා කඩේට දීල මුදල් ගත්තා.

      Delete
  32. මගේ කමෙන්ට් එක දාන්නේ මේකේ තියෙන කමෙන්ට් වලින් භාගයක් බලලා. මේ වැඳීම ඉන්දියන් ආරෙට කරන එකක්. ගොන් දෙපැය සහ නැටුම් සංගීත ගුරුවරු තමයි මේකට වග කියන ඕනේ. ඇත්තටම හිරිකිතයි දකිද්දී. ඕනෑම දෙයක් වැඩිවෙනකොට ඒකෙ ලස්සන නැති වෙනවා. අනිත් එක මේ වඳින දිහා ටිකක් විමසිල්ලෙන් බැලුවොත් පේනවා මේක තනිකර ඉන්දියන් කොපියක් කියලා. මුලින්ම දන ගහනවා ඉන් පස්සේ දෑතින් අර කෙනාගේ කකුල් අත ගානවා වගේ පෙන්වනවා. ඉන් පස්සේ පාත් නොවී වඳිනවා. මේක තනිකරම ඉන්දියන් ටෙලි නාට්‍යා හරහා ආවේ. භාත්කන්ඩේ වගේ විභාග කරන්න ඉන්දියා ගිය අයත් මේක යහමින් අරගෙන ආවා. ලංකාවේ අපි පිටින් එනදේ කරපින්නන් යන ජාතියක් නිසා පුදුම වෙන්න ඕනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ වැඳීම දැන් චාරිත්‍රයකට වඩා විලාසිතාවක් වෙලා තියෙන්නෙ සුදීක.අවංකව භක්තියෙන් කෙරෙන වන්දනාවක් නොවෙයි.

      Delete
    2. ඉන්දියන් වැදිල්ල අමුතුයි නේද?? කකුල අල්ලලා ඇත ඉඹින සීන් එක ..

      Delete
  33. එක පාරටම තිත්ත කවියක් වගේ පෙනුනට .... කවියන්ව වර්නනා කරමින් ලියවෙච්චි පේලි හතරක් මෙසේ සටහන් කර තබමි.

    කය්ය පසමින
    කය් පද අතේ අරගෙන
    කය්ය පද බදිමින
    පකට පුහුලො වේය සෑමතෑන

    හැලප තුමා ඔබට වේලාවක් තියේ නම්, බලන්න එය තේරිය හෑකිද කියා. :P

    ReplyDelete
    Replies
    1. පුහුලො නෙවෙයි හරකෝ පුඟුලෝ. තොපි හිතන්නේ තොපි සියල්ල දත් කියලා.

      Delete
    2. AnonymousApril 17, 2015 at 8:10 PM කොමෙන්ට් එක නං දාලා තියෙන්නේ පහලින් ඉන්න ප්‍රොෆයිල්කාරයා වෙන්න ඕනි.

      Delete
    3. මම අහල තිබ්බෙ මෙහමයි.

      කයිය පද බැඳගෙන
      කයිපද අතට අරගෙන
      වයිය පනමින් යන
      කෙනෙක් දුටුවෙද ලොවේ කිසිතැන

      Delete
    4. AnonymousApril 17, 2015 at 8:22 PM
      එකෙන්ම
      උබේ කටට සරඹ පොල්ලක් දාන්න ඕන.
      ඔය නාකි හමාත් හිතන් ඉන්නේ උගේ මොළෙත් උගේ ලබ්බ වගේ විසාල එකක් කියලා

      Delete
  34. මමනම් හිතන්නේ ආගමික වතාවත් වලදී පසඟ පිහිටුවා වැඳිමේ වරදක් නැහැ. දෙමව්පිය වැඩිහිටි ගුරුවරුන්ට වන්දිනවිය පහත වී වන්දීමේ වරදක් දකින්නෙත් නැහැ. මම අකමැති සම හරක්, දේසපාලුවන්, උන්ගේ පුද්ගලික බූදලයෙන් දෙනවා වගේ දෙන පත්වීම් ලිපි, ආධාර, ආදිය ගැනීමේදී දෙකට නැවී වඳින එකටයි.

    ReplyDelete
    Replies
    1. ආගමික වතාවත්වලදී පසඟ පිහිටුවා වැඳිමේ වරදක් නැහැ කියන එක තව ටිකක් පැහැදිලි කරන්න. ඔබ කියන්නේ පුජකයන්ට වැන්දට කමක් නෑ කියලද? එහෙමත් නැතිනම් මෙතැනදී අදහස් කලේ පිළිමයකට,බෝධියකට, පල්ලියේදී දෙවියන් යදිනකොට වැන්දට කමක් නෑ කියන එකද?

      Delete
    2. බෞද්ධ භික්ෂූන් පූජකයන් නෙවෙයි. පූජකයා කියන්නේ දෙවියන් සහ මිනිසුන් අතර ගනුදෙනු කරන සම්බන්ධතාවය ලබාදෙන නියෝජිතයා. සීලගුණෝපේත භික්ෂූන් වහන්සේලාටත්, ආගමික වතාවත් වශයෙන් කෙරෙන අනෙකුත් ස්තුප, පිළිම, බෝධි වන්දනාවත් ගැනයි කිව්වේ.

      Delete
    3. මේ උඩින් ඉන්නේ හිටපු හමුදාපතිතුමාගේ මිනිස්සු. අපි හිටපු ජනාධිපතිතුමාගේ මිනිස්සු. ආර් දුමින්ද සිල්වා මහත්තයාගේ බොඩිගාර්ඩ්ස්ලා අරී.

      Delete
    4. තමන් අතින් වියදම් කර දෙන දෙයකට වැඳුම් ලබා ගැනීම යම් තරමකට සාධාරණීකරණය කරන්න හැකිවුනත් අනුන්ගේ දේවල් දිදී වන්දවා ගන්න එක පිළිකුල් සහගතයි විචා.

      Delete
  35. තාරුකා නි නීන නීන නී...

    අද බ්ලොග් එක බලන්න ආවම හැලපට එපා වෙයි ඇනෝලා මේකේ කරලා තියෙන දේ දැක්කම. මොනවා උනත් හැලප නිකං අපේ හිටපු ජනාධිපතිතුමා වගේ මනුස්සයා. හරි හුරතල්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා කොහෙන් පටන් ගන්නද කියල හිතුනා.උපමාවට නං මගෙ එච්චර මනාපයක් නෑ ඇනෝ.

      Delete
  36. ඇනෝවරුනි,බොට්වරුනි අපගේ මෙහෙයුම සාර්ථකයි. කොමෙන්ට් ප්‍රමාණය සීය පන්නලා ගියා. ඔන්න හැලපගේ පොස්ට් එක අපි උස්සලා ගත්තා. ආයේ අලුත් මෙහෙයුමකින් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. සියලු දෙනාටම ස්තූතියි.

      Delete
    2. මූම ඇනෝදාගන මෝඩආතල්

      Delete
  37. සීනියෝරිටි කියන්නෙ මේකද? හැලපයියා බ්ලොග් ජීවිතේටයි මුලු ජීවිතේටයි ලොකු පාඩමක් කියල දුන්න...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ජීවිතේට යමක් ලබාගත්ත නං සතුටුයි.

      Delete
  38. කාලෙකට පස්සෙ "හොඳ ඇනෝ" ඔපරේෂන් එකක්.

    ඔය වැඳිල්ල ගැන මතුනොවුනෙ අවුරුදු කටේ හින්ද වෙන්ටැ!

    මම මගෙ දෙමාපියන්ට රටින් පිටවෙන්න එනකොට වගේ වෙලාවටත්, අවුරුද්දට බුලත් දීලත් වඳිනව. ඊට අමතරව වැඩිහිටි නෑයන්ටත් අවුරුද්දට බලත් දීල වඳිනව. මගෙ දරුවොත් එහෙමයි. ඒත් උදේට වැඩට යන්නට පෙර, රාත්‍රී නින්දට පෙර, තෑගි ගත්තාට පසු, ගෙදරට එන යන නෑයින්ට සහ වැඩිහිටියන්ට වඳින්නෙත් නෑ, වන්දවන්නෙත් නෑ.

    හැලපෙ බැලුවද නෝබට් අයගමගෙ කාල නදිය ගලා බසියි පොත. ඒකෙ පාරු කාරයන්ට සේවාව සපයපු ගෑණු කෙනාගෙ කඩේ මතක් උනා. ඔය ක්‍රමයෙ දිගුව උනා ලොරි කාරයො ( දැන් අඩුයි ). එහෙම ලොරි කාරයෙකුගෙ පවුල් ගැන ෆිල්ම් එහෙකුත් ආව, ජීවන් සහ අනෝජ හිටපු.

    ReplyDelete
    Replies
    1. "එක්ටැම්ගේ" ත් ලොරි කාරයෙක් සහ බත් කඩේක ගැනු ලමිස්සියෙක් ගැනනෙ.

      Delete
    2. 40 ශ්‍රී ලොරියටට්යි ඩ්‍රයිවර්ටයි මොකද වුනේ?
      මම දැක්ක ඩ්‍රයිවර් නම් මාතලන්ට සම්මානයක් හම්බවුන ගමන් ලබන අවුරුද්ද ගැන බලාගෙන එකක් දාල තිබ්බ.

      Delete
    3. ඩ්‍රැයිවර් ලඟදි බර වාහනයක් නුවර ගෙනිහින් දාලා කෝච්චියෙ කොළඹ ඇවිල්ල තිබුනෙ. ලොරිය අවුරුද්දට ගමේ ගිහිල්ල වගෙ.

      Delete
    4. කාල නදිය ගෙනැත් අවුරුද්දකුත් වෙන්න ආවා.තවම කියව ගන්න බැරුව ගියානෙ බං.

      Delete
  39. පහේ පංතියේ පොතක තිබුනා බොක්කටම වැදුන කවි පංතියක්. එක තිබුන පිටුව තාම මතකයි, අම්මෙකුගේයි පුතෙකුගෙයි චිත්‍රයක් ටිබුනෙ. කේයස්ගේ කවි පංතියක්.
    "මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
    පෙනෙනවා දකිනවා කියනා ඒවා
    මොනවද අම්මේ මම අහ ගන්නට ආවා
    තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා"

    වැඳීම ගැන නං කියන්ට තියෙන්නේ ඒක තමන් තීරණය කරන්ට ඕන වැඳුම් පිඳුම් කරන්ට ඕන කාටද කියලා. , අපේ පොඩ්ඩාට කියලා තියෙන්නේ පවුලේ ලඟම ඥාතීන්ට වඳින්ට විතරයි. ඒකත් ඒ අවස්ථාව අනුව.

    ReplyDelete
    Replies
    1. මේක සුදෝ සුදු එකේ කවියක් නේද??

      Delete
    2. කැන්ඩියන් කාලෙකට පස්සෙ.මම නං වඳින්න දරුවන්ව උනන්දු කරවන්නෙ නෑ.

      Delete
  40. වඳින්න ඕනේ අයට වඳිනවා.හැබැයි නිතරම වැඳගෙන ඉන්නේ නැහැ.
    ඇනෝලා උඹට මාර ආදරෙයිනේ හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. මාව දැක්කමත් උඹට වඳින්න හිතේවිද දන්නෙ නෑ බං.ඇනෝල මට හරිම ආදරෙයි තමා.

      Delete
  41. පෝස්ට් එක කියවන්න විනාඩි 10 යි. කමෙන්ට්ස් කියවන්න පැයයි. හෆොයි!
    මෙන්න හැලපයියෙ ට්වින්කල් ට්වින්කල්
    https://www.youtube.com/watch?v=fmdAF4ihedM

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මදාවියෝ.ට්වින්කල් වලට ස්තූතියි.

      Delete
  42. පෝස්ට් එකට වඩා ආතල් එකක් ගත්තා ඇනෝ කමෙන්ට්ස් ටික කියවලා...
    පිදිය යුත්තා විතරක් පිදුවාම මදැයි හැලපයියේ කොල්ලටයි බල්ලටයි හැ‍මෝටම වඳින්නැතුව. ඔය සමහර සමාජසේවා සංවිධාන වලින් පොඩි ඉස්කෝලෙකට මොනව හරි දීලා ඒ ළමයි දණ ගහලා වඳින පොටෝ පත්තර වල ෆේස්බුක්වල දාලා තියෙනවා. මල පනිනවා දැක්කම

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නං ඇත්ත ටී වී එකෙත් ඔය වගේ කෝලං දැක්කම කේන්තියි.

      Delete
  43. පට්ට ආතල් අප්පා.....පහලට එනකොට පොස්ට් එකත් අමතක වුනා...

    ReplyDelete
  44. Replies
    1. සහයෝගයට ගොඩක් ස්තූතියි අජිත්.

      Delete
  45. කමෙන්ට් 100 පැන්නුවා කියලා බෝට්ලා ඇනෝලා කමෙන්ට් කිරිල්ල අතඇරලා චැහැ.
    කමෙන්ටු ටික ලිපිය වගෙම එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සීය පැන්නුව කියල අරින්නෙ නෑ බං.බොහොම ස්තූතියි.

      Delete
  46. මමත් අද ආපහු ඇවිත් කමෙන්ට් ටික කියවලා ගිහින් ආපහු උඩට ගිහින් බැලුවා පෝස්ට් එක මොකක්ද කියලා...
    ඇනෝ යාළුවො ටික පස්ට ගේමක් දීල තියෙනවා උඩ දාගෙන...
    ඈ බන් අයියේ, උඹ උන්ට ජරාව මොනාහරි දුන්නවත්ද...?

    ReplyDelete
    Replies
    1. මොකුත් අමුතුවෙන් දුන්නෙ නෑ බං.දුන්නෙ හොඳහිත විතරයි.

      Delete
  47. ඇනෝ වරුන්ගේ ප්‍රහාර අතිශය වැදගත් කියල තේරෙන්නේ කොමෙන්ටු කියෙව්වම... ලිපියත් අමතක වෙනවා.. ජයවේවා...

    ReplyDelete
  48. දේශපාලුවන්ට පාසල් ළමයි වඳින එක තමයි මම නම් ආසම නැති වැඩේ...උන්ට මොකට වදිනවද..රජයේ ප්‍රතිපාදන වලින් දෙන දෙයක් ගන්න උන්ට වදින්න ඕනෙද..තමන්ගෙ පවුලෙ අයට විතරක් වැන්දම හොදටම ඇති.

    අැනෝ කමෙන්ට් වලින් රස බේරෙනවා දොරේ...සිනා සාගරයක්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් මේ කියාගෙන එන්නෙ.බොහොම ස්තූතියි සිරා.

      Delete

ඔබේ අදහස්