Sunday, March 8, 2015

රොසන්ටගෙ රන් එක අම්බ කුකුල් හොරු සහ ඌරන් හුළුගෑම.


අද කතාව මම කලින් ලියපු කතාවට සම්බන්ධයි.ඒ කොහොමද කිව්වොත් ගහට නගපු ලොකු කෙල්ලට බික් රේසරයක් ගන්න කියල රහුමාන් මාස්ටර් කිව්වනෙ.එතකොට මට තව කතාවක් මතක් උනා.

අපේ ගමේ හිටපු ඉතාම හිත හොඳ කාන්තාවක් වෙච්ච රොසන්ටා ගැන මම කලින් කතාවක් ලිව්වා.රොසන්ටගේ ගනුදෙනු කාරයෙක් වෙච්ච ඇන්සා මේ කතාව දවසක්දා මගෙත් එක්ක කිව්වා.ගනුදෙනු කාරයෙක් කියල මම කතාවට කිව්වට උන් නං ගනු විතරයි දෙනු තිබුනෙම නෑ.දෙනව තියා අහුවුනොත් එහෙම රොසන්ට රෙද්දෙ ගැටගහගෙන ඉන්න තුට්ටු දෙකත් ලෙහෙල අරගෙන කසිප්පු ගහන ජාතියෙ අපතයො රැළක් ඒ කාලෙ රොසන්ට පස්සෙන් වැටිල හිටියා.

ඉතිං රොසන්ටා තමුන් කලින් යොදාගත්ත වැදගත් හමුවීම් වලට රාත්තිරියෙ යද්දි මග රැකල ඉන්න මේ අපතයො රැල රොසන්ටගේ පස්සෙන් පන්නනවා.හැබැයි ඒ වෙලාවට රොසන්ටා උන්ට අහුවෙන්නෙ නෑ හාවෙක් වගේ එහෙට මෙහෙට පැනල දුවල බේරෙනවා.ඇයි අප්පා මේ වගේ අතේ තඹේ නැති නිකමුන්ට පිනට දීල ඇති පලක් තියෙයියැ.මුන් කොහෙන් හරි ගාණක් හොයාගෙන සුරුට්ටුවක් ඔතාගෙන ගහල අරකත් යගදාව වගේ කෙලින් කරගෙන රුදාව ඇරගන්න මේ මනුස්සයව අල්ලගන්න බලං ඉන්නෙ.කොහොමින් කොහොමින් හරි රොසන්ට මුංට අහු නොවී මාරු වුනාම මොකද කරන්නෙ රස්සාව ඉවරවෙලා ගෑනි ආපහු එනතුරු වත්තෙ ගස්යටට වෙලා රැකල ඉන්නව.

ඒ දවස්වල ඇන්සා පොඩි මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේ කුලියට අරගෙන පදිංචි වෙලා හිටියා.ඒ ගෙදර ඉස්තෝප්පුවෙ කොට බිත්තිය උඩට නැග්ගම රොසන්ටා ආපහු එන පාර හොඳට පේනවා.ඔන්න දවසක් ඇන්සා ඔයවගේ කොට බිත්තිය උඩ වාඩිවෙලා රොසන්ටා එනතුරු කල් මරමින් ඉන්නවා.මේ මාත් එක්ක ඇන්සා කතාව කියාපු විදිය.

වෙලාව රෑ දොළහත් පහුවෙලා හුළඟට මගෙ ඇස් පියවෙනවා.එක පාරට මහින්දලගෙ ලිඳ පැත්තෙන් සරස් ගාල හීන් සද්දක් ආවා.මම බිත්ති කන්ඩියෙන් බැහැල බිත්තියට හේත්තු වෙවී හෙමිහිට හෙමිහිට සද්දෙ ආපු පැත්තට ගිහිං එබිල බැලුවා.අප්පට හුඩු මෙන්න එකෙක් කෙක්කක් වගේ ලීයක් උස්සගෙන උඩ බලාගෙන පිටිපස්සෙ ලාවුලු ගහේ එල්ලල තිබ්බ කුකුල් කූඩුව යට.කවුද කියල හොඳට බැලින්නං ටියුඩා.මූ ලීයේ අගට පොල්ලෙල්ලකුත් ගහල ඒක කුඩුවට තියාගෙන ඉන්නව.මට හිනාත් යන්න එනවා,කට තදකරගෙන මූ මොකද කරන්නෙ කියල බලාගෙන හිටියා.ඔය අම්බ කුකුල් හොරු පොල්ලෙල්ලක් රත් කරල ලීයක ගහල කුකුල් කුඩුවට තිබ්බම පොල්ලෙල්ලෙ  රස්නෙට කුකුළෙක් ඒකට නගිනව.ඊට පස්සෙ බිමට ගන්න එක විතරයි.ටිකකින් පොල්ලෙල්ලට කුකුළෙක් නගින්න ඇති මූ හිමිහිට ලීය බිමට අරං කුකුළත් කිහිල්ලෙ ගහගෙන යන්න හදනව.මම පස්සෙන් ගිහිං කතාකළා.

ඒයි ඔහොම හිටපං...

ටියුඩා උඩ ගිහිං අනික් පැත්ත හැරුණා.

එතකොට උඹ රෑට කරන අනික් ජොබ් එක මේකයි එහෙනං...

අනේ සොයිසා කියන්න නං එපා සොයිසා...

(මුන් දෙන්නම රෙදි මෝලේ කැන්ටිමේ එකට වැඩ කරන්නෙ.ඇන්සාට ටියුඩා කතා කලේ සොයිසා කියල වාසගමෙන්.)

කියන්න,කියන්න නෙවෙයි තෝ තියන්න වටින්නෙ නෑ යකෝ තෝ තමන්ගෙ මිනිස්සුන්ට නේද බලු වැඩ කරන්නෙ...

අනේ සොයිසා මට යන්න දීපං බං...

එහෙනං කුකුළව ගෙනිහින් ආපහු කුඩුවට දාපං...

ඒ ගමන මූ කුකුල ගෙනිහින් පොල්ලෙල්ලේ තියල උස්සල ආපහු කුඩුවට දැම්මා.දැන් මටත් හදිස්සියි මුත් එක්ක තර්ක කර කර ඉන්න අව්අස්සෙ අර ගෑණි යන්න ගියොත් නිදි මරාගෙන බලං හිටපු එකේ ප්‍රයෝජනයකුත් නැති වෙනවනෙ.

හ්ම් පලයං යන්න.මම මේ කාමරේ ඉන්නකං ආයෙ මෙහෙට කුකුල් හොරකමේ එනව එහෙම නෙවෙයි.ආපහු  ඇවිත් මට අහු උනොත් එහෙම යාළුකං බලන්නෙ නෑ හොඳ වැඩක් කරනවා.

ටියුඩ යන්න ගියා මම ආපහු ඇවිත් බිත්ති කණ්ඩිය උඩට නැගල බලං ඉන්න ගත්තා.වැඩි වෙලා ගියෙ නෑ පාරෙ ඈත කොණෙන් අඳුරු රූපයක් මතුවෙලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා.හැබැයි ගොඩක් වෙලාවට ඔයවගේ රූප එනව පෙනුනට හැබැහින් වෙන දෙයක් නෙවෙයි බලාගෙන ඉන්න අපට පෙනෙන මායාවක්.මම ඇහැ පිහදාල හොඳට බලං හිටියා.ඔව් රොසන්ට තමා මම ඉක්මනට ගිහිං මග රැකල  අල්ලගත්තා.

මේ මොකද මේ  කවුද කියල මම බයවුණා,මං මේ හදිස්සියට ගෙදර යන්නෙ අනේ...

ආ මම ඔයා එනතුරු පැය ගාණක් ඇහැරගෙන බලං හිටිය,දැන් මෙයාට යන්න හදිස්සිය...

අනේ හරි මහන්සියි අනේ මම යන්නං...

ටික වෙලාවනෙ ඔන්න ඔහෙ යමු...

මං අතින් අල්ලගත්තම රොසන්ටා වැඩි පෙරැත්ත කිරිල්ලක් නැතුවම මගෙ පස්සෙන් කාමරේට ආවා.ඇත්ත තමා මහන්සිත් ඇති.මහ පාන්දර වෙනතුරු තුං හතර දෙනෙක් එක්කවත් ඇයි හොඳයි කියන්න ඇතිනෙ.ඇඳට අරං ටිකක් වෙලා හුරතල් කර කර හිටියා.අප්පට සිරි ගජ කිව්වලු,මේ පහුගිය සතියෙත් තත් කෙඳි වගේ බූටෑවට වැවිල  තිබුන එක අද මොකුත් නෑ තට්ටෙ වෙන්නම බූ ගාලා,මං වටේම අතගාල බැලුවා සිනිඳුම සිනිඳුයි.

ඔය මොකද කරන්න හදන්නෙ, මොකක් කිව්වා?  ඈයා මට නං බෑ...

ඈ...මොකද අප්පා මේ කරල තියෙන්නෙ...

රොසන්ටා මගෙ උරිස්සට ඔලුව තියාගෙන හිනාවෙනවා.දැන් යන්න තිබ්බ හදිසියත් නෑ තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්නෙ ගෙදර යන්න ඕනැකමක් නැති ගානටයි.කොහොමත් පාන් කළුව තියෙද්දි ගෙදරට යාගත්ත නං මදැයි.

මොකද කපල දැම්මෙ...

මම ආයෙම ඇහුවා.

කරදරයි අනේ ඒ හින්ද කපල දැම්මා...

රොසන්ට හුරතලේට කට හදමින් කිව්වා.

හෑ...මොකෙන්ද කැපුවෙ...

බෝදිගෙ  රේසරෙන්...

බෝදි කිව්වෙ රොසන්ටගේ ලොකු කොල්ලා.ඒකට මට ඊට වැඩිය හිනා.බෝදියගෙ මුණ මතකද හඳ වගේ.ඌ මැරෙනකල්ම අඩු තරමෙන් මූණෙ කුරුලෑවක් වත් ආවෙ නෑනෙ.ඔන්න රහස.

ඇන්සා කතාව ඉවර කළා.අපට බඩ අල්ලගෙන හිනා.

ඉතිං රොසන්ටා කළුවරේම ගියාද...

නැතුව,මොකෝ මං හුළුඅතු බැඳල දෙන්නයැ.වැඩේ අහවර උණ ගමන්ම ගෙදෙට්ට  පිටත්කරල ඇරියා.පිහදාන්නවත් පරක්කු උනේ නෑ.යන ගමන් රෙද්දෙන් පිහදා ගන්න නැතෑ.ඒ වගේද මහන්සියට එතනම නින්ද ගියානං එහෙම එළිවෙලා තමා ඇහැරෙන්නෙ...

ඇන්සගෙ හුළු අතුබඳින කතාව මතක් වුනාම මට හිතුනෙ හුළු අත්තක් දැකපු කාලයක් මතක නෑ කියලයි.අපි පොඩි කාලෙ රෑ ගමනක් බිමනක් යනව නං හුළුඅතුමයි.එහෙම නැත්නං ඉටිපන්දමක් පොල්කට්ටක ගහල පත්තු කර ගන්නව.ඒ කාලෙ දැන් වගේ ටෝච් ආදී විදුලි එළි තිබුනෙම නෑනෙ.අනික දැන් හැම පාරකම වාගෙ වීථි ලාම්පු පත්තුකරල තියෙනව.ඒ කාලෙ රාත්‍රියට එකම ඝනාන්ධකාරයකින් වැහිල යන ගමේ පාරවල්වල අඳුර මකාලන්න හුලුඅත්ත අත්‍යාවශ්‍යම අංගයක් උනා. හුලුඅත්ත කියන්නෙ වේලිච්ච පොල්අතු අග්ගිස්සක් එකට කැටි කරලා ඒ පොල්කොළේකින්ම බැමි දෙක තුනක් දාල හදාගන්න පන්දමටයි.සමහරු ගින්න සරුවට ඇවිලෙන්න තව කෙටි පොල්ලතු අගිස්සක් මැදටත් තියනවා.ඒ උනාට රෑට ගෙදර යන වෝල්ටර් පත්තු කරගෙන යන හුළුඅත්ත නිකං හුලුඅත්තක් නෙවෙයි කාල පන්දමක්.ඔළුව කඩා දාපු පොල්ලත්තකටම බැමි ගහල පත්තු කරගෙන සැරයක් උස්සල පාත්කරපුවම පැත්ත පළාතම එලිය වැටෙනවා.පාරෙ ඈතින් මහා ගිණි මැලයක් ඇවිලෙමින් ඉදිරියට එනව දකින ගමේ කවුරුත් ඔන්න වෝල්ටර් ගෙදර යනව කියල දන්නවා.

අන්ධකාරය මකනවා ඇරෙන්න මේ හුළුඅත්ත තවත් දේකදි ප්‍රයෝජනවත් උනා.ඒ ඌරො හුළුගාන්න.අපි පොඩි කාලෙ අලුත් අවුරුද්දට නත්තලට එහෙම ගමේ කීප දෙනෙක් එකතුවෙලා ඌරෙක් ගේනවා.අපේ ගං පළාත්වල ඌරො ඇතිකළේ නැහැනෙ.ඒ නිසා බහුලව ඌරො ඇතිකරපු මීගමුව ජාඇල කඳාන වගේ පැත්තක තියෙන ඌරු කොටුවකින් හොඳ තර ඌරෙක් සල්ලිවලට අරං මරෝගෙන සයිකලේක බැඳන් ගමට ගේනවා.ඊට පස්සෙ සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ වෙද මහත්තයගෙ කෑල්ලෙ තියාගෙන මස් කරන්න පටන්ගන්නවා.මස් කරන්න ඉස්සෙල්ල ඌර සුද්ද කරගන්න එපායැ.කකුල් ගැට ගහල අස්සෙන් ලීයක් යවල ගස් දෙකක බැඳල  හුළුගානවා.ඒ කිව්වෙ ලොකු හුළුඅත්තක් බැඳල ඌරගෙ මවිල් සම්පූර්ණයෙන්ම පුළුස්සනවා.ඊට පස්සෙ පුළුස්සපු හරිය වීදුරු කට්ටකින් පෙරන් ගාල ඇඟ හැමතැනම ඌරු ලේ තවරනවා.ඌරගෙ මවිල් ඉක්මනට ඇදෙනවලුනෙ ඌරුමස් හොද්ද ලිපේ තියෙද්දිත් කෑලිවල මවිල් ඇදෙනව කියල කතාවට කියන්නෙ ඒකනෙ.

ලේ ගාල අරං ඌරව කෑලිවලට කපල මස් ගොඩවල් ගහනව.කිරුවත් බර සමාන වෙන ආකාරයට ඔය මස් ටික ගොඩවල් ගහන්න දස්සයෝ හිටියා.එහෙම දාට ගමේ හැම ගෙදරකම වගේ කුස්සියෙ ලිපේ ඌරු මස් හොද්ද වරදින්නෙ  නෑ. ගෙදර ගෙනිච්ච ගමන්ම උයාගන්න එපෑ මොකෝ ගෙවල්වල අද වාගෙ අයිස් පෙට්ටි හෙවත් ෆ්‍රිජ් තිබ්බ එකක්යැ.වැඩිපුර තිබ්බොත් කහ ලුණු ගම්මිරිස් අතගාල තම්බල අරං පහුවදාට ගන්න වහල තියනවා.එහෙම හදපු ලුණු ඌරුමස් බැදපු තුනපහේ දාල ආටෝපෙට රතුවට හොද්ද හදල ගත්තම ඒ කාලෙ අපේ ගෙවල්වල තිබුන උයනකොට සුවඳ ගහන කුඹුරු හාලෙ සම්බා බතුත් එක්ක ගෑවුන තැන කන්න පුළුවනි.ඌරුමස් හරක්මස් උයනව තියා අද කාලෙ ගෙවල්වලට ගන්නෙත් නෑනෙ.කුකුල් මස් විතරයි.එදා අද වගේ ආගිය අතේ බ්‍රොයිලර් කුකුල්ලු විකුණන්න තිබුනෙ නෑ.ගං කුකුල්ලු විතරයි කුකුළෙක් ගෙනාවෙත් මඟුල් ගෙයක් වගේ උත්සවයක් වෙලාවට රෝස් කරලා තියන්න.කොටින්ම එදා කුකුළා කියන්නෙ ඉස්සරහ කෑමක්.මඟුල් ගෙවල්වල එදා හට්ටි පුරෝල ඉව්වේ හරක්මස් සහ ඌරුමස් අද ඒකෙ අනික් පැත්ත.

ඉතිං රොසන්ට ගැන ලියන්න ඇවිත් කොහෙද ගියෙ බලමුකො.එහෙනං අදට ඔය මදැයි෴

93 comments:

  1. අද උඩින්ම හැලපෙගේ තරුනකාලේ පොටෝවකුත් දාලා නොවැ.........
    පොඩ්ඩක් හිටියානම් උරුමස් ටිකක් හොයාගෙන එනකම් හෙට උයන්න...... යකෝ මේ ලියලා තියෙන විදියට දැන්නම් ඌරු මස් ටිකක් නොකාම බෑ .....

    ReplyDelete
    Replies
    1. ඔව් බං බොලාට බලාගන්න මගේ පින්තුරෙකුත් දැම්මා.එහෙනං මස් ටිකක් හොයාගෙන වරෙන්කො අපටත් සප්පායම් වෙන්න බැරුවයැ.

      Delete
  2. උෘරුමස් තියා ඔය උයනකොට සුවඳ ගහන හාලුත් දැන් කොයින්ද.
    බෙහෙත් ගහල හදන බ්‍රොයිලර් කුකුළො විතරයි.

    ReplyDelete
    Replies
    1. දවස් හතලිස් පහේ බඩුනොවැ.පොල් කෑලි වගේ.

      Delete
  3. අපි නම් කවදත් හොඳ ඌරුමස් කන්නෝ තමා.....එදත් අදත් හෙටත්!

    ඇත්තටම සිරි ලංකාවේ ජනතාව ඌරු මස් කෑම වැඩි කරන්න ඕනැ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරි ලංකාවේ ජනතාව ඌරු මස් කෑම වැඩි කරන්න ඕනැ...

      Delete
    2. පළවෙනි වතාවට බොලා දෙන්නත් එක්ක එකඟයි.

      Delete
  4. ඇත්තටම වල් ඌරාට ගහන්න තරං රහ කෑමක් මම කාලා නෑ. හොදට මිරිස් තුනපහ දාලා හදලා ගත්තු වල්ඌරු මස් ගෑවුන ගෑවුන තැන කෑවහැකි.

    මට මතකයි දැන් අවුරුදු 20 කට විතර කලින් මගේ හිතවතෙක් හිටියා දුරබැහැර පළාතක. ඒ කාලේ ඒ පැත්තේ ෆ්‍රිජ් එකක් තිබුනේ ඒ හිතවතාගේ ගෙදරයි,තව අහල පහල ගෙවල් කිහිපයකයි විතරයි. ඉතිං ඔය කිව්ව හිතවතාගේ ගෙදර ෆ්‍රිජ් එකේ පුරවලා තියෙන්නේ ඌරු මස්.

    මස්කරන්න ලෑස්ති කරපු තනි ඌරෙක්ම දවසක් මම දැක්කා ඒක අස්සේ දාලා හිටියා.

    හරක් මස්,ඌරු මස් වගේ රස ගුණ කෑම නොකා, මේ පිදුරුවගේ මෙලෝ රහක් නැති බ්‍රොයිලර් කුකුල් මස් කන්න මිනිස්සු පෙළඹිලා ඉන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ.

    සමහර එවුන් ජිවිතේට ඌරු මස් කැල්ලක්,හරක් මස් කෑල්ලක් කාලා නැතිව තමයි ඒවා වර්ජනය කරන්නේ.

    ඉස්සර නං, එකියන්නේ වැඩි කාලයකට කලින් නෙමෙයි අවුරුදු 20 කට වගේ කලින්.. ඒ දවස්වල මිනිස්සු වල්ඌරෝ වගේ සත්තු දඩයම් කලා. මොනරු වගේ සත්තුත් එහෙමයි. ඉතිං ඒ නිසා විශේෂයෙන්ම වල් ඌරා වගේ සත්තු යම්කිසි පාලනයක් වෙලා තිබුනේ. ඒත් හැබැයි අද බලන්න ගම්වලට ගිහිං වෙලා තියෙන දේ. මිනිස්සු ඌරා වගේ සත්තු දඩයම් කරන්න යන්නේ නෑ, කඩෙන් කුකුල් මස් ටිකක් ගෙනල්ල කාලා ඉන්නවා. ඒ නිසා දැන් ගොඩක් ගම්වල වල් ඌරෝ බෝවෙලා ඉන්නේ නහුතෙට. උන් මිනිස්සුන්ගේ වගාවන් සේරම කාලා විනාශ කරලා දානවා. මොනරු වගේ සත්තුත් එහෙමයි,, සැහෙන්න බෝ වෙලා ඉන්නේ. පොඩ්ඩක් ගම්වල ඉන්න අයගෙන් අහලා බැලුවා නං තත්වේ තේරෙයි. ගෙදරක වවලා තියෙන අල බතල වැලක් වත් උන් තියන්නේ නෑ,සේරම කාලා විනාශ කරලා දානවා.

    මම කියන්නේ වල්ඌරෝ දඩයම් කරන්න මිනිස්සුන්ට අවසර දෙන්න ඕනි. අඩුම ගානේ එකෙන් මිනිසුන්ගේ වගාවන් ටික හරි රැකෙයි.


    ReplyDelete
    Replies
    1. සමහර එවුන් ජිවිතේට ඌරු මස් කැල්ලක්,හරක් මස් කෑල්ලක් කාලා නැතිව තමයි ඒවා වර්ජනය කරන්නේ//
      අම්මප ඇත්ත.

      Delete
    2. මගේ සතපහත් මේක යටිංම දාන්නං.
      ඔය ඌරො පිච්චිල්ල හොඳට කරන්න ඕන වැඩක්. පුරුදුකාරයෙක් නොකලොත් අවුල්. මස් එක්ක වැඩිපුර මයිල් කන්න වෙනව. හුළු අත්තකින් හොඳට පුච්චල හැලපෙ කිව්ව වගේ සෑහෙන වෙලාවක් සූරල ගත්ත තරමට තමයි හොඳ.

      මම පොඩි කාලෙ තාත්ත ඌරෙකුට වෙඩි තිව්ව. වෙඩිල්ල කාගෙන ගිය උෟර අල්ලගන්න ලැබුනෙ නෑ. අන්තිමට ඌ කිලෝමිටර දෙකක් විතර දුවලයි මැරිල තිබුනෙ. අපිට අහුවෙද්දි නරක් වෙලා. අපිත් එක්ක ගිය හොඳ දඩයක්කාරයෙක් තමයි කිව්වෙ වැටිල හිටිය ඌරගෙ කකුල් ඈත් වෙලා නං කන්න හොඳ නෑ කියල. ඒ කියන්නෙ ඌර මැරිල(මේක ඕන සතෙකුට අදාලයි) කකුල් හතර නොගෑවී තියනව නං ඉදිමිලා. කන්න බෑ. ඒත් අපි එක්ක ගිය බුවෙක් නං කෑල්ලක් කපාගෙන ඇවිල්ල කාල තිබුන.

      අපේ ගෙදරත් ඌර කන්නෙ මම විතරයි. හැබැයි පොඩි එකාට නං කවනව. ෆුඩ් සිටියෙන් ගෙනිච්ච ඌරුමස් කෑල්ලක් ඊයෙත් කෑව.

      Delete
    3. වල් ඌරා ලංකාවෙ ප්‍රොටෙක්ටඩ් නැති සත්තු ඉතා අඩු ගණනෙන් එකෙක්. රක්ශිතයකින් පිට මරන්න තහනමක් නෑ. මස් විකුණන්න බෑ හැබැයි

      Delete
    4. //සමහර එවුන් ජිවිතේට ඌරු මස් කැල්ලක්,හරක් මස් කෑල්ලක් කාලා නැතිව තමයි ඒවා වර්ජනය කරන්නේ.//

      මට නං උන් ගැන අප්පර මාන දුකයි

      Delete
    5. මේ ඉන්නේ අපේ ඌරු වරිගේ සෙට් එක...
      එළකිරි තමයි, මාවත් දා ගනිල්ලා ලිස්ට් එකට...
      ගමේ ගියා කියන්නේ මටත් වල් ඌරා වරදින්නේ නැහැ. හොයාගෙන හරි යනවා... හෙහ් හෙහ්

      Delete
    6. //මස් විකුණන්න බෑ හැබැයි//

      සාම ගිවිසුම කාලෙ කොටි පාලන ඒරියා එකේ මග දිගට ඌරුමස් කඩ තිබ්බ. රනිල්ට පින් දිදී අපුත් තඩි ගාතයක් ගෙනත් වවුනියාවෙ එයාපෝට් එක ඉස්සරහ පන්සලේ තියාන උයල කාල සහ වළඳල ආව.

      Delete
    7. //////සමහර එවුන් ජිවිතේට ඌරු මස් කැල්ලක්,හරක් මස් කෑල්ලක් කාලා නැතිව තමයි ඒවා වර්ජනය කරන්නේ.///

      මාත් මේ ලයික් එකට ලයික් කරනෝ

      Delete
    8. ගම්වල මිනිස්සු අතේ තුවක්කු තිබුණ කාලවල වල ඌරු ගහනයේ යම්කිසි පාලනයක් තිබුණා.නමුත් තුවක්කු ඔක්කොම ආණ්ඩුවෙන් අත්පත් කරගත්තට පස්සෙ ඇතිවුන ප්‍රතිපලය තමයි ඔය.වල ඌරො කිසි බයක් සැකක් නැතිව ඇවිත් වගා විනාස කරනවා.මම හොඳින්ම දන්නව ඔය වේවැල්දෙනිය පැත්තෙ කඳුවල වල ඌරො වකාරෙට බෝවෙලා කඳු පහළට ඇවිත් ගම්මුන්ගේ බව බෝග පාලු කරනවා.අල බතල ටික ඌරො හාරාගෙන කනවා ගස්වල තියෙන ගෙඩි ටික වඳුරෝ රිළව් සූරාගෙන කනවා.මිනිස්සු අසරණයි.අස් ඉදිරිපිට කාල ගියත් එළාගන්න ක්‍රමයක් නැහැ.ඉඳහිට හොර තුවක්කු කාරයෙක් වෙඩි තිබ්බොත් මිසක.

      Delete
    9. රාජ්,
      අපිත් ඔක්කොම හොඳට මස් කනවා.හැබැයි වැඩේ කියන්නෙ ගෙවල් පළාතකට මස් ගන්නෙ නැති එකයි.ඉතිං පිට කොහෙහරි යනකොට කන්න ඕනෑ මොනවද කියල එහෙන් ඇහුවොත් ලිස්ට් එක දෙනවා.කෑවොත් ඒ ආකාරයට තමා.

      Delete
    10. ප්‍රා,
      දැන් නං කැලෑ පිරෙන්න ඔවුන් බෝවෙලා ඉන්නව.මැරුවත් ප්‍රවාහනය තහනම් නේද?මම එහෙම අහල තියෙනව.

      Delete
    11. අටං,
      මටත් දුකයි බං.

      Delete
    12. ලොකු පුතා,
      ෂඃ මරු චෑන්ස් එකනෙ.කොහෙද අප්පා ඔය වල ඌරො වරදින්නෙ නැති ගම?

      Delete
    13. ඉන්දික,
      ඒ කාලෙ එහෙම තිබ්බ නං දැන් නැතිවෙන්න විදියක් නෑනෙ බං.හොයල බැලුවෙ නැද්ද?

      Delete
    14. ඔමා,
      හොඳයි හොඳයි කෙළ පෙරමින් ලයික් කරමු.

      Delete
    15. වෙන කොහෙවත් නෙමෙයි, පස්දුන්කෝරළේ අග හරියට වෙන්න...
      හෙට යනවා...
      යන්න කලින් ඌරෙකුට කෝල් එකක් දීල යන්නේ... හෙක් හෙක්...

      Delete
  5. මම දාපු එක ගිල්ලද බං..

    ReplyDelete
    Replies
    1. මං බැලුවා ඇවිත් නෑ ආපහු දාපං.

      Delete
    2. එහෙනං කොහේ හරි යන්න ඇති..

      අපේ පැත්තේ වල් හුරා පුච්චන්නේ කරන්ට එකෙන් බං.. කන්න තියා ළගට ගන්න හිතෙන්නෑ. ගදන්ස්කාරේ. හැබැයි හොදට ගිනි ගහපු බඩුත් ලැබෙනවා. වල් උෟරගේ රහ ඔය චීන ඌරා ගාව නැහැ බං. උඹ කිව්වත් වගේ ඌරා පලු කරන එකා බර ගානට මස් කුට්ටි කටුත් එක්ක හරි ලස්සනට බෙදනන්න දන්නවා බං. ඔය මාසෙකට දෙපාරක් විතර මටත් වල් ඌරා නං ලැබෙනවා. ඒ්ත් අර උඩ ඇනෝ කිව්ව වගේ අපේ උන් රහක් ගුණක් වත් නොදැන තමා “අපෝ කන්නෑ“ කියන්නේ..

      රොසන්ටගේ කතාව උඹ කිව්ව නේ. මොකටෙයි තැවෙන්නේ.. ඉතිං හිටං

      Delete
    3. උඹටත් වල ඌරා ලැබෙනව කියල දැනගත්ත එක හොඳයි.ඊළඟ සැරේ ආපුවම කලින් කියල එන්නං.බඩු ලෑස්ති කරල තියපන්.

      Delete
  6. ඉස්සර බොහොමයක් ගම්වල රොසන්ටාලා හිටියා. අපි 9 - 10 වගේ පන්තිවල ඉගෙනගන්න කාලේ, කෑගල්ලේ හිටියා, 'රැසිලින්' කියලා රොසන්ටා කෙනෙක්. ලොකු පන්තිවල අයියලා තමයි 'රොසන්ටා' වැඩේ ගැන අපිට කියලා දුන්නේ. ඒ අයියලා සමහරවිට රැසිලින් ගෙන් ප්‍රයෝජන ගන්න ඇති. අද ඉන්න වයසක සිනමා නිලියක් දැක්කම මට මතක්වෙන්නේ රැසිලින්. මොකද රැසිලින් තරුණ කාලේ අර සිනමා නිළිය තරුණ කාලේ පෙණුම වගේමයි.

    මා හිතනවා ඊළඟ සියවස වනවිට වෘත්තීය ලිංගික සේවා සැපයීම අපේ රටේ ස්ථාපනය වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම විචා,වෘත්තීය ලිංගික සේවාව ස්ථාපනය විය යුතුමයි.එහෙම උනොත් අද තියෙන ලිංගික අපරාධ නැතිවෙලා යනවා.

      Delete
  7. රොසෙන්ටට ජයවේවා....!! අන්න නියම සමාජ සේවිකාවො.
    නියම කතා සැට්ටෙක හැලපයියෙ... ජයවේවා.!

    ReplyDelete
    Replies
    1. විහිලුවට නෙවෙයි ගස් ලබ්බෝ ඇය සැබවින්ම සමාජ සේවයක් කළා කියා මා හිතනවා.
      ස්තූතියි.

      Delete
  8. මට මේ උරු මස් කෑල්ලක් කන්න දැන් සැහෙන කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා .. මෙහෙට ආවත් හරි කන්න බැරි වුණා ... මෙහෙ තියෙන චීන කඩේකින් දවසක් කෑව .. මෙලෝ රහක් නෑ .. පැණි රහයි .. ඔය හැලප කියපු විදියට ඉස්සර අපේ තාත්ත මස් හදනවා .. දැනුත් කටට කෙල උනනවා එක මතක් වෙලා ...

    මටත් මතකයි අපි ඉස්සර ඔය හුළු අතු බැඳගෙන ලොකු අම්මලාගේ ගෙදර යනවා රෑට ... ගිහින් මුවන් පැලැස්ස ද කොහෙද රේඩි එකේ අහල රෑට කාල එනවා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඌරු මස් පැණි රහට? තු: විතරක්!
      මස් කෑල්ලක් අරගෙන උයාගෙන කාපියකො ඇති වෙන්න. ඌරු මස් උයන්න පුළුවන් ක්‍රමයක් ගැන මගේ බ්ලොගේ දැම්ම අපේ අරූ. නියම රසට උයන්න පුළුවන් මෙතඩ් එකක්.

      Delete
    2. // ඌරු මස් උයන්න පුළුවන් ක්‍රමයක් ගැන මගේ බ්ලොගේ දැම්ම අපේ අරූ. නියම රසට උයන්න පුළුවන් මෙතඩ් එකක්.//
      හොයාගන්න බෑනෙ. ඒ කමෙන්ට් එක මෙතන දාන්නකො රාජ් . ඌරු මස් ගෙදර රසට හදාගන්නම බෑනෙ.

      Delete
    3. රාජ්, ලින්ක් එක දාපන්කෝ හොයා ගන්න බැහැ

      Delete
    4. බොහෝම අමාරුවෙන් හොයාගත්තෙ මෙන්න

      Delete
    5. arugeadaviyaMay 13, 2014 at 2:31 PM
      රාජ්.....සමාවෙයන් දැනුයි දැක්කේ. උඹ නම් ජනතා ඉල්ලීම්වලට එසැණින් සවන්දෙන නියම රජෙක්. ස්තූතියි!! කක්කා පොලිස් අදමයි ඇහුවේ.

      මචං ඌරුමස් මම උයන්නේ කළු කුඩු සහ මිරිස් සහ තෙල් වලින්. පොල් පොඩි කෑල්ලක් උලුප්පලා හීනියට කපලා, මස් සීසන් කරලා දාන තෙලටම දාපන් බැදෙන්න. නියම ෆ්ලේවර් එකක් එනවා. හොදි නැතුව තනිකර බොරේට තමයි හදන්නේ. මට නම් තෙල් කෑලි අරහන් බන්. තෙල් නැතුව තමයි ගේන්නේ.

      රාජ්.....මම ලේට් නිසා විස්තර වශයෙන් ලියලා වැඩක් නැහැ.Hog Roast කියලා කෑමක් තියෙනවා. තනිකර ඌරාව එහෙම් පිටින් රෝස්ට් කරනවා. ඒක ටිකක් බරපතල වැඩක්. අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වලදි කරනවා. කිලෝ 50ක ඌරෙක් පවුම් 500 විතර වෙනවා.

      Suckling pig කියලා කෑමක් තියෙනවා. ඒත් සුමාන දෙකේ තුනේ කිරි බොන වයසේ ඌරු පැටව්. උන්වත් එහෙම් පිටින්ම රෝස්ට් කරනවා .මේ දෙකම රස කෑම වර්ග දෙකක්. අපරාදේ මම මේ පෝස්ට් එක දැක්කේ දැනුයි. පෝර්ක් ගැන ගොඩාක් දේ ලියන්න තිබුනා. දැන් වැඩක් නැහැ. උඹට රයිටර්ස් ඩයරියා නිසා තව එකක් දාලානේ.
      ReplyDelete
      Replies

      රාජ්May 13, 2014 at 2:35 PM
      අනේ බං තියන දෙයක් ලියපං දැං. මම බැලුව ඒත් උඹ පරක්කු මොකද කියල.
      කළු කුඩු කියන්නෙ මොකද්ද? අපේ අම්මල නං ඌර හදන්නෙ පොල් බැදල ඒව අඹරල (ඝන ගතිය එන්න). ඌර උයන විදිය හරියටම කියපං. උඹේ පෝස්ටුවකින් හරි කමක් නෑ. අවුල් වෙන්න කලින් අහගන්න ඕන මේව.
      Delete

      arugeadaviyaMay 13, 2014 at 3:45 PM
      මචං උඹ දන්නවානේ ඌරාව අරාබි විදිහට නැතුව අනිත් ඕන විදිහකට හැදුව හැකිනේ. මම මාළු කන්න ආස නැහැ බං. ඒ නිසා ගොඩාක් වෙලාවට ගෙදර මස්. මම මචං ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ. හැබැයි උයන්නේ මම. කඩේ යාමත් මට අරහන්. ඕක තමයි සම්මුතිය. මම දෙකක් දාගෙන උයනවා.

      මේ විදිහට ශ්‍රීලංකන් පෝක් කරියක් හදපන්. උඹ කැමති වෙයි. කළුකුඩු කියන්නේ බැදපු තුනපහ කුඩු. (අපේ අම්මා ඔය බැදපු තුනපහ එක ගෙදර හදලා කුඩුකරලා එන කෙනෙක්ගේ අතේ මෙහාට එවනවා. අපේ අම්මගේ මේ කුඩු එක කඩේ එකට වඩා සුවඳයි, රසයි සහ හොඳ කළුපාටයි. මස් ලංකාවේ විදිහට හදනවානම් මම මෙහෙත් උයන්නේ මැටි ඇතිලියේ.

      මස් ටික කියුබ්ස්වලට කපාගෙන සෝල්ට්,පෙපර් දාලා සීසන් වෙන්න තියපන්. ජින්ජර්,ගාලික් (පොතු පිටින් තමයි මම ගන්නේ ඕනෑම කෑමකට ), චොප් කරගනින්. කුරුඳු, එනසාල් , ආදී එකී මෙකී නොකී දේවල් පොඩ්ඩක් තලාගනින්. අනියන්,තක්කාලි, අමුමිරිස්, කපාගනින්. අනියන් ටිකක් වැඩිපුර ගනින්. මේ කරිය තික් වෙන්නේ අනියන් වලින්. පොල් කෑල්ලක් උලුප්පලා හීනියට කපාගනින් බයිට් කඩල එකට දාන සයිස් එකට.

      දැන් මස් වලට ඇති පදමට දැවටි දැවටි හුරතල් වෙන්නට ඇති ප්‍රමාණයට තෙල් දාපන් ඇතිලියට. තෙල් රත් වුනාම අබ, එනසාල් අනං මන්ං සහ පොල්කෑලි, ගින්ජර්, ගාලික් රම්පේ කරපිංච ඔක්කොම දාලා හොඳ ගින්නේ රන්වන් වෙනකොට අනියන් ,අමුමිරිස් දාපන්. ඒකටම කළුකුඩු, මිරිස් කුඩු දාලා හොඳට අතගගා ඇතිලියට ලව් කරපන්. හුරතල් කරපන් නිතර කලවම් කරපන්. අනියන් කුක් වේගන එනකොට අර සීසන් වෙච්ච මස් ඒකට දාලා හොඳට අත ගගා දවටපන්. එහෙම හොඳට මික්ස් උනාම ඇඹුලට දාන දේවල් දාපන්. (ගොරක හෝ සියඹලා, තක්කාලි. මම දාන්නේ ගොරක පවුඩර්. එතකොට ඇඹුල සහ කරිය වර්ණවත් වීමත් වෙනවා). දැන් මදගින්නේ මස් ටික හොඳට කුක් වෙන්න දීපන්. වහලා තියපන්. විටින් විට හැඳි ගගා ලව් කරපන්. ඒ අතරතුර මස්ටඩ් අඹ්‍රපුවා තේ හැන්දැක් විතර දාපන්. ආපහු වහලා තියපන්. මස් හොඳට කුක් වුනාම මූඩිය අයින් කරලා , තව ටිකක් ලිපේම තියලා වතුර වගේ ගතිය බොර වෙන්න දීපන්. බොර වුනාට පස්සේ බාපන්.

      මේක පළමුවම කුක් වෙන්නේ අර දාපු තෙල් ටිකෙන්. ඊට පස්සේ කුක් වෙන්නේ අනියන් සහ මස්වල තියෙන ලික්විඩ්වලින්. ඒ නිසා වතුර බින්දුවක්වත් දාන එපා. දැන් මේක පොල් අතු කඩේ පෝර්ක් කරියට වඩා රසට එන්න ඕන. බත් කනකොට මස් එක්ක අර පොල් කෑලි විටින් විට හැපෙන කොට හොඳ රසයක් එනවා..පොල් කෑලි බැදිලා නිසා හැපෙනකොට කෑමට ප්‍රිය උපදවනවා.

      හොඳ පරිප්පුවක් සහ මුකුණුවැන්න මැල්ලුමක් වයිෆ්ට හදන්න කියපන්. උඹ දෙකක් දාගෙන මස් එක හදපන්. ඩෝප් වෙන්න ඉස්සෙල්ලා කරිය හදාගනින්. ගොඩාක් ඩෝප් වුනාම හරියට උයන්න බැහැ. උයනකොට ආදරෙන් උයපන්. එතකොට කෑම රසවෙනවා. සහතිකයි.
      Delete

      Delete
    6. පැතුමෝ මේලක් දාපන් මරපු ගමන් මස්ටික ගන්න පුළුවන් තැනක් කියන්න.......... බුකිට් ජලීල් ඉඳලා විනාඩි දහයේ දුර

      Delete
    7. රාජ්ගෙ එකේ කියලා තිබ්බා වගේ ප්‍රින්ට් එකක් ගන්න වටිනවා.

      Delete
    8. චීන්නු හදනවා ඌරුමස් පළා ලියනවා වගේ හීනියට ලියලා.. මරු ආහාරෙ.සැර නෑ.රස හොඳයි.

      Delete
    9. මට අපේ හාමිනේටත් වඩා රසට මස් උයන්න පුළුවන්... වල් ඌරා, චීන ඌරා, හරකා මේ හැම එකක්ම වගේ මමත් හදන්නේ “අරූ” කියල තියෙන විදිහටම වගේ තමයි.

      හැබැයි මම කුරුඳු, කරාබු, එනසාල්, ඉඟුරු වගේ දේවල් දාන්නේ නැහැ. කෑම කද්දී එක පාරට එයින් මොකක් හරි එකක් කැවුනොත් මගේ ආතල් කුඩු වෙනවා. ඒ නිසා එව්වා නැහැ.
      අනිත් හැම දේම වගේ එම විදිහමයි...
      මටත් හොද්දක් හදනවනම් ඒක හැම තිස්සෙම වගේ හැඳි ගාන්න ඕනේ. නැත්තං නිකං අවුල් වගේ... ;)

      හරකා, ඌරා වගේ මස් වර්ග හදන්න පුළුවන් තව විදිහක් තියෙනවා. කඩෙන් ගේන මස් ටික හෝදලා කපන්නේ නැතුව කහ, ගම්මිරිස්, ලුනු ටිකක් දාල තම්බනවා. ඊට පස්සේ තැම්බිච්චි මස් ටික අරගෙන ඕනේ සයිස් එකට කපා ගන්නවා.
      ඒ අතරේදී අර වතුර ටික දිගටම පැහෙන්න දීලා ඒකට සුදු ලුණු, කරපිංචා වගේ දාන්න ඕනේ අයිටම් ටික දානවා. පස්සේ කපා ගත්තු මස් කෑලි ටිකත් දානවා. විනාකිරි පොඩ්ඩකුත් දැම්මම තව හොඳයි.

      “හෝ මිරිස්” කියන අමුතු හැඩයක් තියෙන කොච්චි කරලකින් භාගයක් වගේ දැම්මොත් මස් එකෙන් අමර රසයක් එනවා. ඒකෙ ඔරිජිනල් එක කොළඹින් හොයා ගන්න බැහැ. කළවම් වෙලා රස සහ සුවඳ අඩු ඒවා තමයි කඩේ තියෙන්නේ.

      දියර ගතිය නැතිවෙලා උකු ගතියක් එනකල්ම හැඳි ගෑවට පස්සේ අමතර තෙල් පොදක් නැති පට්ට රස මස් එකක් ලැබේවි. බත් කන්නත් බයිට් එකටත් කියාපු කෑමක්.
      මේ ක්‍රමේටම ගිසාඩ් හදන්නත් පුළුවන්... මරු බයිට් එක.

      වතාවක් පාටියක අතර මගදී අපේ කුක් කෙනෙක් අපිට බයිට් එකක් හදල දුන්නා, පුදුම රසයි. පහුවෙනිදා අහල බැලුවම අපි කලින් දවසක ගෙනාපු කුකුල් මස් වල හම රත් කරලා තෙල් වගයක් මු හිඳගෙන තිබිලා.
      එදා පොල් තෙල් මදි වෙච්ච නිසා මු අර තෙල් වලිනුත් බයිට් හදලා. ගුණ අගුණ කොහොම වෙතත් පුදුම රසක්.

      Delete
    10. අපි වගේ උයාගන්න විදියක් නැති අහිංසක මිනිස්සුන්ගේ හිත් එක්කයි මේ කෑම රස කර කර කමෙන්ට් දාන ආයෝ සෙල්ලම් කරන්නේ :(((((((( ශික් සුපර්මාර්කට් එකෙන් ගෙනාපු රෝස්ට්ඩ් චිකන් එක ෆ්‍රිසර් එකෙන් අරන් මයික්‍රෝවේව් එකේ දාලා ආයේ පෑන් එකේ දාලා රත් කරන කන හිගන්නෝ අපි :(((( කෙල ගිලෙනවා

      Delete
    11. පැතුම්,මැලේසියාවෙ ඌරුමස් හිඟයක් නෑනෙ.ඔන්න රෙසිපිත් ඇතිවෙන්න තියෙනවා ගෙනැත් හිත පිරෙන්න කන එකයි.

      Delete
    12. රාජ් තෑන්ක්ස්.
      කම්මල,ඇනෝ
      හරිනෙ ඉල්ලුව දේ ලැබුනනෙ.

      Delete
    13. ලොකු පුතා,
      ඔබේ රෙසිපියටත් ස්තූතියි.

      Delete
    14. රාජ් , හැලප ,
      මෙහෙ මස් තිබුනට ගෙදරට ගෙනල්ල උයාගෙන කන්න ගියාම කෙඳිරි ගානවනේ අනේ ඌරු මස් ගේන්න එපා අනේ කියල හෙහ් හෙහ් .. එකට ගරු කරලා ඉවසගෙන ඉන්නවා ඉතින් ඔන්න ඔහේ ...

      මැලේ ,
      බලමු නිදහසේ උයාගෙන කන්න සෙට් වුනොත් මම උඹෙන් විස්තරේ ගන්නම් ..

      Delete
  9. රෝසන්ට ගැන ඔයිට වඩා මොනවද දීල තියෙන්නෙ හුළුඅත්ත අල්ලගෙන බලන් හිටිය වගේ. හුළුඅත්ත අරන් යද්දී එළිය වැඩි වෙන්න වනන එකත් , බැමි බුරුල් කරල ටික ටික ඇවිලෙන්ඩ දෙන එකත් ක්‍රමේට කරන්ඩ ඕනෙ. ඉස්සර වෙලෙන් එහා නැන්දලගෙ ගෙදර ඉදන් එද්දි එක හුළු අත්තෙන් ගෙදර ආවොත් ක්‍රමේට ඇවිත් නැත්තම් වැඩියෙන් වනල.
    ඌරු මස් කන්ඩ ආස උනාට රසට හදා ගන්න බෑනෙ .

    ReplyDelete
    Replies
    1. ඔන්න රෙසිපීස් තියෙනව.දැන් නං රසට හදා ගන්න ක්‍රමයක් නෑ කියන්න එපා.

      Delete
  10. උඹ මට පොලිටික්ස් ලියන එක එපා කරවන්නද හදන්නේ...

    මොනවා ලියන්නද බං... මගේ ප්‍රියතම කෑම වෙච්චි කොට...

    ReplyDelete
    Replies
    1. මම දන්නව,ඒ උනාට ඔය කර්කශ පොලිටික්ස් අස්සට රසම රස ඌරු මස් කෑල්ලකුත් තිබ්බ නං එහෙම කොහොමට හිටීද.

      Delete
  11. උණු උණු ඌරූ මස් එක්ක පාන් කනකොට කොහොමද රස හැලපයියේ?
    අපේ ආච්චි ඉන්න කාලෙත් හදනවා ඌරූ මස්,දෙල් උයලා කොළ මැල්ලුමක් එක්ක.ආයේ නැහැ බං හැලපයියේ කන්න ඇහැකි ඉස්මුරුත්තාවට එනකම්ම.

    ReplyDelete
    Replies
    1. ෂඃ මතක් කරන කොටත් ආසයි මනෝජ්.

      Delete
  12. රතු අක්කයි, රොසන්ටයි... හැලප අයියලට තිබ්බ සැප නෑනෙ අප්පා අපිට... චැක්! ඉලිසියාවෙ බෑ...

    ReplyDelete
    Replies
    1. තව හිටිය බං මදාවියෝ තව කෑලි හිටියා.ඉඳපන්කො ඉස්සරහට දෙන්නං.

      Delete
  13. නියරෙන් එගොඩ වෙලා නාන ලිදයි කොල උණ පදුරයි අතරින් කන්ඩියට ගොඩවෙලා මිදුල අයිනෙන් කඩුල්ල පණින්ඩ හදන රොසැන්ටව දැකල ඉස්සරහ කාමරේ කොටතාප්පේ උඩ නිදි කිර කිර හිටපු හැලපයියා අඩියට දෙකට දුහල රොසැන්ටගේ අතින් අල්ලගෙන ඉස්සරහ කාමරේට දක්කන්ඩ දගලනව මට මැවිලා පේන්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. උඹටත් ඒ වගේ වැඩ පුරුදු හින්ද වෙන්ටැ. :D

      Delete
    2. මේ වන්ඩු ආප්පයගේ හැලප අකුරු වලින් පණ පිහිටවන ලොකේෂන් ඇස් දෙකෙන් දැක්ක නං උඹ ඔහොම කියන්නේ නැ , කොන දෙමලෝ

      Delete
    3. ඇත්තටම අටමෝ ඔය ලොකේෂන් ටික ඉස්කෝලේ යන කාලේ අපිත් පාවිච්චි කරපු හින්ද මේ හැලප පොස්ට් මටත් පට්ට රහයි .

      Delete
    4. ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියල කපනව කියල අහල තියෙනව නේද අටමෝ.මේකත් ඒවගේ තමා.

      Delete
  14. මෙතන කමෙන්ට් වල රොසැන්ටා ගැන කතා කරලා තියෙන්නේ කීයෙන් කී දෙනාද. එහෙමද වල් ඌරෝ ගැන කතාව...
    ඒකෙත් හැටි සොබාව කිව්වලු... ;)

    ReplyDelete
    Replies
    1. ලොකූ , රෝසන්ට ගැන කතා කලොත් අපේ හැලපේ අයියත් ගෑවෙනවා . ඔය බොදියගේ රේසරේ නෙවෙයි හැලපේ අයියගෙ දැලිපිහියෙ වැඩ.

      Delete
    2. ඒකනේ ලොකු පුතේ,මම වැඩි හරියක් ලිව්වෙ රොසන්ට ගැන නමුත් සාකච්ඡාව ඇතිඋනේ ඌරො ගැන.ඔව්ව ඔහොම තමා.

      Delete
    3. අපොයි කම්මලේ දැලි පිහිය මතක් කරන කොටත් බයයි බං.බැරිවෙලාවත් කැපුනොත් එහෙම.

      Delete
  15. අරාබිය උනාට මෙහෙත් ඌර ඉන්නව. වල් ඌර නෙමේ ගං එක. ඒත් අපේ ගෙදර හදන්න දන්න අය නෑනෙ බං. හාමිනේට සියළුම වෝකින් මීට් අගුණයි, ෆ්ලයින් මීට් ඔන්ලි. අරව කෑවොත් උන්දැට පලු දාල හුස්මගන්න බැරුව මල මගුලක් වෙනව. මම ඒ හින්ද වලියක් ගියොත් විතරක් ඒ මස් ටිකක් දෙන්න ඉන්නෙ.

    හැබැයි ඌර සොසේජ් තීනවනෙ ග්‍රිල් කරන්නම හදාපු. අන්න ඒව ගෙනල්ල හොඳට දෙකට පැලෙනකල් මඳ රස්නෙ පලහල ගත්තම හාමිනෙත් හොරාට කෑල්ලක් කනව ඇස් වහගෙන වගේ. අන්තිමේ පොඩි උනුත් කාල මට තමා අඩු.

    කවුරු මොනා කිව්වත්, ඌර තමා රසම මස හිමි එකා. මගේ වෙඩිමට අඟුලානෙන් මැරෙව්ව ඌරො දෙන්නෙක්, බෝපගේ ගෙ හොටලෙට ගෙනත් උන්ව මැරිනේට් කරල ගානට ග්‍රිල් කරල ගත්ත කොත්තු තැටියෙ තියල. අන්තිමේ වළඳවත් හෝදන්න උනේ නෑයි කියලයි කොල්ලො කිව්වෙ. මොකද ආපු ලොකු පොඩි සැමට රැකවරනය ඩ්‍රාෆ්ට් බියර් සමග ඌරා වෙලා.

    ReplyDelete
    Replies
    1. //ආපු ලොකු පොඩි සැමට රැකවරනය ඩ්‍රාෆ්ට් බියර් සමග ඌරා වෙලා.//
      සික් ....මොන වෙඩිමක්ද , ගල් අරක්කු නැතිව. සංවත්සරෙටවත් ගල් ටිකක් බීල ඌරෙක් කමු .

      Delete
    2. යකෝ ගල් සහ ඕල්ඩ් තමා අරක්කු තිබ්බෙ. ඒත් බාගෙට භාගයක් ඉතුරුයි කියහන්. අනිව ආවහම කමු. පොළු බෑ පත්තරයට තිබ්බ වගේ. තොපි ගල් ගහල කොහෙද බන් තේ රහ බලන්නෙ?

      Delete
    3. අඩේ පත්තරයට පොල්ලක් තිබ්බ නෙමේ , මට හදිසියේ බදුල්ලෙ යන්න උනා මල ගෙදරක. උගෙ නොම්බරේ මගෙ ෆෝන් එකේ නෑ . ඒ තියා කාගෙවත් නොම්බර නෑ මැසේජ් එකක් දෙන්න.
      ගලුයි , තේයි කියන්නෙ රස ජාති දෙකක් සුටුස් ගාල කියන්න පුළුවන්,

      Delete
    4. මෙහෙත් පෝක් නං තියෙනව බං.ඒ උනාට එච්චර රසක් නෑ.අපි අරං ඇවිත් කවුන්ටරෙන් තිබ්බම අරාබි කැෂියර් කෙල්ලො ඒක අල්ලන්නේවත් නෑ.

      Delete
  16. කතා ටිකක් මග ඇරිලා පහුගිය එවා ..වල් ඌරෝ මරන්න් අපේ පැත්තෙ හෙන් වල සොලා වලින් කරන්ට් වයර් ඇදලා ,මං නම් ඌරු මස් කන්නෙ නෑ පොඩි කාලේ කිප වතාවක් බල්ලො මාව රස බැලුවා ඒ දවස් වල ඌරු මස් කන්න හොද නෑ කිව්වා දැනටත් නෑ .......

    ReplyDelete
    Replies
    1. පිස්සු බැලු විෂ ශරීරගත වෙලා තියේනං ඌරු මස් හොඳ නෑ කියනව.එහෙම නැතුව ජීවිතේටම එපා කියන්නෙ නෑ.

      Delete
  17. රොසන්ටාගේ ශරිරේ ගැන විස්තර කරපු විදිය කියවන එද්දී හිතුණා මේක මේ හාන්දුරුවන්ගේ එක්ස්පිරියන්ස් එකක්ද කියලත් ,,,

    හොද වෙලාවට ඌරු මස් ගැන ලියල තියෙන්නේ .. කට්ටිය වැඩියෙන්ම පෝස්ට් එකේ ආස කරලා තියෙන්නේ මස් එකට.. ඔයාට හැමදාම කියනව කෑම ගැන විස්තර පෝස්ට් දාන්න එපා කියල :(((

    ReplyDelete
    Replies
    1. හී හී... අපි නොදන්න චෙස්.. එතකොට හැලපේ බබා. රොසැන්ටාගේ මයිල් බාපුවා වෙන කවුරුත් කියනකන් දන්නේම නෑ :-)

      Delete
    2. රොසන්ටගේ සරීරෙ ගැන දෙන්නටම එකට උත්තර දෙන්නං.
      ඇයි ඔමා කෑම ගැන කියද්දි ඔරොප්පු වෙන්නෙ?හදාගන්න හැම පහසුකමක්ම තියෙනව නේද?ගිය සැරේ වෙරළේ බාබකිව් එක ගැන ලියාපු වෙලාවෙත් ගෙරෙව්වා.

      Delete
    3. ඔමා,රොසා.
      ඒ කාලෙ අපි පොඩි කොල්ලො.රොසන්ටල අපිව ගණන් ගන්නෙ වත් නෑ.ඔය මට ඇන්සා කියාපු කතාව මම ගෙඩි පිටින්ම ලිව්වා.

      Delete
    4. මෙහෙ ඔක්කොම තිබ්බට උයන්ඩ එකෙක් නෑ අයියේ,, මං තනියම උයන්න දන්නේ නෑ මස් ජාති . මං පාන් වලට චීස් වර්ග , ජෑම් ගාගෙන ඔය මොනාහරි කන්නේ,, තනියම කන්න උයන්න බැහැ අයියේ,,

      Delete
    5. ඔමා කියන එකෝ. උයනවා කියන එකත් වාහන එලවනවා වගේ ඉගෙන ගන්න පුලුවන් දෙයක් මිසක් දෙවියන්ගෙන් හම්බවෙන වරමක් වත් උපදිනකොටම අරගෙන එන කුසලතාවයක්වත් නෙවේ බොල. උත්සාහ කරපිය. කම්මැලිකමට බෑං බෑං ගගා ඉන්නැතුව.

      Delete
  18. ඌරු මස් ඔලට ජයවේවා.....

    ReplyDelete
  19. අපේ පැත්තෙ නම් තාමත් ඉරිදට ඌරා,හරකා තමා,,කුකුලා නම් ගං කුකුලා,,බොයිලර් නිසා තමා අපේ එකාලා ලෙඩ්ඩු උනේ,,
    වල් ඌරෝ නම් මරන්න අවුලක් නෑ උන්ගෙ ගහනය වැඩි නිසා,ඔය පුත්තලම් පැත්තෙ ඕසෙට ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඩිලාන්ල බටහිර වෙරළබඩ අයනෙ.හැම ඉරිදටම ඌරා හරකා වරදින්නෙ නෑ.එදාට පෝයක් ආවොත් කලින් දොහේ අරං තියාගන්නවා.

      Delete
  20. Profile Picture එකත් දාල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒකත් ඔන්න ඔහෙ දැම්මා.

      Delete
  21. රොසැන්ටාගේ මයිල් හුලු ගාල.. බෝධිගේ රේසරෙන් ඌරගේ කිරිපල්ල අතගාලා.. කුකුලටයි කුකුල් හොරාටයි පට්ට ආතල් එකක් දීල.. හැලපෙ අයියගෙ රන් එක තමයි රන් එක.. හැක් හැක් හැක්... පට්ට ඕයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේවට මොනා කියන්නද කියල හිතාගන්න බෑ කමියෝ.

      Delete
  22. රෝසන්ටා නිකම් හැම ගහපු ඊරි වගේ ඉන්න ඇති බං! :D

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං.ඇන්සා ඒ ගැන නං කිව්වෙ නෑ.

      Delete
  23. බලාගෙන යනකොට පිරිමින්ට තමා හොඳටම උයන්ට පුලුවන්. ඒ වැඩේ එයාලම බාර ගත්තානම් කොච්චර හොඳද? අපිට අඩුගානේ රසට කෑව හැකි. :P

    ReplyDelete
    Replies
    1. අපට දෙනව නං කැමැත්තෙන්ම බාර ගන්නවා.නොදෙන එකයි වැඩේ.දැන් පොඩ්ඩි නොකිය කියන්නෙ රසට උයන්න බෑ කියලද.

      Delete
  24. අන්න නියම කතාව. හැලපයියේ රොසැන්ටා හරි හොඳ ගෑනියෙක් කියල පේනව. අන්න ඔය වගේ රොසැන්ටගේ කතා දිගටම ලියපන්. ඒක නෙවෙයි අර ප්‍රේමලතාගේ කතා සෙට් එකත් ආපහු ලියපන්. ඒකත් මරේ මරු.

    ReplyDelete
  25. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16172-2015-03-13-11-38-28

    ReplyDelete
    Replies
    1. දෙන සහයෝගයට ස්තූතියි අජිත්.

      Delete

ඔබේ අදහස්