අදට මොකුත් ලියන්න බැරිවෙලා සති කීපයක් වුනා .ලියන්න ලොකුවටම ඕනෑකමකුත් තියෙනව ලියන්න දේවලුත් තියෙනව නමුත් ලියවෙන්නෙ නෑ.කතා හතරක් පහක් ඔලුවෙ තියෙනකොට මොන කතාව ලියන්නද හිතා ගන්න අමාරුයි.එකක් ලියන්න හදනකොට ඒක පරද්දල වෙන එකක් ඉස්සරහට එනවා ආයෙම තව එකක්,ඔය ඔක්කොම පැටලිලා ගුලිවෙලා අවුල්වෙලා අන්තිමට ප්‍රතිඵලේ වෙන්නෙ මොකුත්ම ලියන්න නොහැකිවීමයි.
එකකට එකක් පරදින්නෙ නැතුව ඉස්සරහට එනවා කියපුවම මට එකපාරටම මතක් වුණේ ජයා කොල්ලව, අපි ජයා කිව්වට ඉස්කෝලෙට නම වෙන එකක්.ඉස්කෝලෙ කිව්වෙ ගුණවර්ධන කියල, ජයා කරෝලිස්ගෙ පුතා මගේ පාසැල් මිත්‍රයා,ගමේ තිබුණු කනිෂ්ට විද්‍යාලයට අපි දෙන්න ආවෙගියේ එකටමයි.ජයා කරපු නැති ගෙදර වැඩ මම ලියල දෙනවා ඒ වෙනුවට ජයා මට ඉස්කෝලෙ ගෙනියන්න ගොම ඇහිඳල දෙනවා කොළ කඩල දෙනව ආදී දඩාවතේ කරන්න තියෙන සෑම සියලු වැඩක්ම කරදෙනවා.දවසක්දා උදේ ඉස්කෝලෙ යද්දී අපි දෙන්නම ගෙනෙන්න කියාපු ඉරටු ලෑස්තිකරගෙන ගිහිං තිබ්බේ නෑ.පාරෙදී ඔය කතාව ජයාට කියාපු ගමන්ම පොඩ්ඩක් ඉන්නකො කියල කියපු ජයා අලවත්තට පැනල විදුලි වේගෙන් පැළ පොල්ගහකට නැග්ගා.නැගල රත් පැහැ ගැනිල වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ නාම්බන් පොල් අත්තක් බිමට ඇදල දාල ඒ වේගෙන්ම බැහැගත්තා.අපි දෙන්නම ඒ පොල් අත්තෙන් ඇතිවෙන්න කොළ ගලවන් ඉරටු සුද්දකරගෙන හොඳ ළමයි වගේ ඉස්කෝලෙට ගියා.
ජයා ගස් නගිනව දැකපු කෙල්ලො කීපදෙනෙක් පංතියේ නෝම්මහත්තයට ගින්න දීල වැඩේට අපි දෙන්නව අහුවුනා.අපි දෙන්නව කෙලින්ම ලොකු මහත්තය ලඟට යවල නඩුත් අහල වේවැල් පාරවල් දෙක දෙක දීල පීරියඩ් එකක් දන ගස්සල තිබ්බා.ගුටි කෑව කියල අපිනං පයිසෙකටවත් ගණන් ගත්තෙ නෑ එදා ආපහු එන ගමනුත් කුරුම්බා කඩාගෙන කෑවා.ඉතිං ඔන්න ඔය ආකාරයට සාර්ථකව ප්‍රාථමික අධ්‍යාපනය ලබපු අපි දෙන්නගෙන් මම හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යද්දි ජයා එහෙමම ගෙදර නැවතිලා තාත්තගෙ කරුමාන්තෙට උදව් කරන්න ගත්තා.
ඊට පස්සෙ අපි දෙන්නගෙ ආශ්‍රය දුරස් වුනා පස්සෙකාලෙක කම්වූ පරිද්දෙන් පෙලවහකුත් කරගත්ත ජයා බිරින්දෑව ගෙදරට එක්කං ආවා.මේ යුවළට නිවුන් දරු සම්පතකුත් ලැබුණා.ජයා විනෝදාංශය වශයෙන් කලේ අලවත්තෙ හාවො එළවපු එකයි.මේ වැඩේටම හරියන්න හදාගත්ත දඩයම් බලු හමුදාවකුත් ජයා සතුව හිටියා.මගෙ අන්නාසි හොරු කතාවෙත් මම ජයා ගැන ලියල ඇති.
එකකට එකක් පරදින්නෙ නැති කතාවත් කියලම ඉන්නංකො.අපේ ගංපළාත්වල ඩොංග ගස් හරියට තියෙනවා.ඩොංග වලට අපි කියන්නෙ චීන කොට්ටං කියලයි.වැඩේ කියන්නෙ අපේ ගං ටිකේ ඇරෙන්න ආයෙම චීන කොට්ටං තියෙන්නෙ ඔය කළුතර සාවියෙ විතරයි.විශාල ගස්වල හැදෙන චීන කොට්ටං කියන්නෙ බොහොම රස පළතුරක් හරියට මැංගුස් වගේ හැබැයි ඉදුනම කහපාටයි.බොහොම රස චීන කොට්ටං හැදෙන පරණ ගස් කීපයක් කොල්ලො අඳුනගෙන තිබුණා.පරණ ගස් කිව්වෙ චීන කොට්ටං ගෙඩි එන්න එන්නම මිහිරි රසයක් ගන්නෙ ගස් පරණ වෙනකොටයි.ඉතිං චීන කොට්ටං ඉදෙන කාලෙට ඔය ගස්යට කොල්ලො පොදි කමින් ඉදුණ චීන කොට්ටං වලු වලට පොලු ගහනවා.ගහ යට කහම කහ පාටට චීන කොට්ටං ලෙලි. කොල්ලො කාල විසිකරන ලෙලියි,රෑ වවුල්ලු කාල බිමට දාපු චීන කොට්ටං ලෙලියි මොකුත් නෑ කහපාට පාවඩයක් අතුරලා වගේ.
චීන කොට්ටං ගෙඩිය දෑතින් තදකරල පලාගෙන මද සුප්පු කරද්දි හරිම රහයි.රහ කොච්චරද කිව්වොත් සුප්පු කරපු ඇටේ කටිං එලියට වීසි කරන්න හිත්දෙන්නෙ නෑ.එහෙමම ගිලල දානවා.හැබැයි ඔය චීන කොට්ටං ඇටේ මැංගුස් ඇටේ වගේ යන්තං රොඩ්ඩ වගේ තියෙන ඇටයක් නෙවෙයි.තරමක් විසාලයි.ඉතිං කෙනෙක් චීන කොට්ටං ගෙඩි පහ හයක් කෑවොත් ඇට විසිහතරක් විසිපහක් නිකම්ම බඩ ඇතුලෙ.රස කර කර චීන කොට්ටං කෑමෙ රඟේ තේරෙන්නෙ පහුවදා බඩ වේලපුවමයි.අනික ඔය චීන කොට්ටං හරි ගිනියමයිලු කියල අපේ අම්මල කියන්නෙ අපි ඉවරයක් නැතුව චීන කොට්ටං පල පලා කද්දියි.
ඉතිං ජයාත් අනික් කොල්ලො වගේම චීනකොට්ටං වාරෙට හැමදාම මදි නොකියන්න චීනකොට්ටං ගිලදැම්මා.ඒ මදිවට ගොරක ගස්වල ඉදිච්ච ගොරක තියෙනව නං ඒවත් අත ඇරියෙ නෑ.ඉතිං ගොරක ඇටයි චීනකොට්ටං ඇටයි මුගේ බඩේ පිරිල කියල වික්කරේ කිව්වා.
ජයා කොච්චර ගොරකයි චීන කොට්ටනුයි කෑවද කිව්වොත් හොඳටම බඩ වේලුවා.බඩ කකියනවා හැබැයි බඩ යන්නෙ නෑ දවසක්දා මං බලාගෙන හිටියෙ.කොච්චර බඩ රිදෙන්න අරන්ද කිව්වොත් මුගේ කටත් ඇදවෙලා.ඒ වෙලාවට අලවත්තෙ අකුලක වාඩිවුනාට බඩයන්නෙ නෑ.බඩ ඇතුලෙ වෙන්නෙ මොකද දන්නවද,ඔන්න චීන කොට්ටං ඇට ටික පේලියට එළියට එන්න එනකොට ගොරක ඇට ටිකට තද වෙනවා.හහ් තොපි කොහොමද මට ඉස්සෙල්ල යන්නෙ?ඉඳපියව් යන හැටි පෙන්නන්ඩ,කියල ගොරක ඇටේ බ්රූස් ගාල පහළට ඇවිත් චීනකොට්ටං ඇට ටික ඕල්ටේක් කරලා හරහට දානවා.ඔන්න ඔක්කොම ඇට ටික හිරවෙනවා.අනේ ජයා වේදනාවට දත් මිටි කනවා කෙඳිරි ගානවා, මොන පිස්සුද.හිරවෙලා තියෙනව මිසක් යන්නෙම නෑ.
ඔහොම දුක් වේදනා විඳල විඳල ඔන්න ඉස්ප්‍රේ මැෂින් එක ඉස්ටාට් කළා වගේ බ්රූස් ගාල ඔක්කොම ගියා.පස්සෙ මම එතනට ගිහිං ඇට කීයක් තියෙනවද කියල ගැනල බැලුව.කීයක් තිබුනද දන්නවද?ඇට එකසිය විසිඅටක් තිබුණා.මූ කොහොම ඇට ගිලිල්ලක් ගිලල ඇද්ද?
වික්කරේ අපිත් එක්ක කිව්වෙ අලවත්තෙ පොල් ගහක් යට ඉඳගෙන කතා කර කර ඉද්දියි.
ඊට පස්සෙ නං ජයා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති නේද?
මොන පිස්සුද.ආයෙ පහුවදා ඉඳන් චීන කොට්ටං ගස්වලට පොලු ගගහ ගියෙ.ඌ ඉගෙන ගන්න පාඩං.
වික්කරේගේ කතා කියන්න ගියොත් පන්සිය පනස් ජාතකේට එකක් හරි වැඩි මිසක් අඩු නෑ.දෙන්නෙ ලණුමයි.අපිත් හැමදාම ලණු කනවා ආයෙ අහුවෙන්නෙ නෑ කියල හිතාගෙන හිටියට පහුවදත් ඊට වඩා ලොකු ලණුවක් කනවා.
ඔන්න ඒ කාලෙ අට්ටට ගිටාර් පිස්සුවක් තිබුණා.කණ්ඩායම් සංගීතෙ නැගල ගිය කාලෙනෙ.ඉතිං මුට හැදුන පිස්සුව එසේ මෙසේ එකක් නෙවෙයි.ගිටාර් එකක් අයිති කරගන්නෙ කොහොමද කියල අට්ටා හැමදාම හිතින් දුක් වින්දා.ඔන්න දවසක් හවස්වීගෙන එන වෙලාවක වික්කරේ දෙකක් දාගෙන එහෙම අට්ටලයි මිදුලෙන් යනකොට අට්ටා ඉස්තෝප්පුවෙ බිත්ති කණ්ඩිය උඩ වාඩිවෙලා කකුල් හොල්ල හොල්ල ඉන්නවා.
ආ ළමයො,තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ ළමය දැක්කහමයි මතක් උනේ.අන්න පොඩි මාම ගාමිණිය ගාව ඉන්නවා,බඩු මල්ලකුයි තව මොකද්ද වීණාවක් වගේ එකකුත් උස්සගෙන.බලපංකො ඉතිං මං කොහොමද මේ ඔක්කොම උස්සං ගෙදර යන්නෙ.කෝ මේ ළමෙක්වත් නෑනෙ කියල කිව්වා.
ගිටාර් එකක්ද වික්‍රමසේන මාමෙ?
අට්ටා පැනල ඇහුවා.
වෙන්න ඇති මං ඕවයෙ නම් දන්නවැයි,ආං ගාමිණිය ළඟ ඉන්නවා...
කියාගෙන වික්කරේ යන්න ගියා.
ඇයි ඉතිං ඔයා උදව් කළේ නැත්තෙ කියල අහන්නවත් සිහියක් අට්ටට තිබුනෙ නෑ.බිත්ති කන්ඩියෙන් පැනපු පාර කඟවේනා වගේ එක හුස්මට ටවුමටම දිව්වා.ගාමිණිය ලඟට ගියාම එතන හිටපු මාමෙක් නෑ.අට්ටා ටිකක් වෙලා බලං ඉඳල මොනවද කාපු රිළව වගේ හැති හල හලා ආපහු ආවා. ඊළඟ සතියෙ ලොකු මාම නුවර ඉඳන් ඇවිත් බඩුත් අරං එන්න බැරුව රජවත්තෙ කනත්ත ළඟ ඉන්නව කියල අට්ට ගිහිං වරුවක්ම කනත්තෙ රස්තියාදු වෙලා ආවා.
වික්කරේගේ වැඩ ඔහොමයි.ඔය මනුස්සය මටත් අනන්තවත් ලණු දීල තියෙනවා.ඒ කතා ටික ටික වෙන වෙලාවක ලියන්න ඕනෑ.
අට්ටා ගැන ලියපු එකේ තවත් කතාවක් තියෙනව ඒකත් කියලම ඉන්නං.අට්ටගේ පවුලෙ දහදෙනයි.අට්ට වැඩුමලා,ඌට බාල සහෝදර සහෝදරියො නම දෙනෙක් හිටියා.දවසක්දා අට්ට කරපු දඟ වැඩකට තාත්තා අට්ටව ඉස්තෝප්පුවෙ දණගස්සල තිබ්බා.අපි කොල්ලො කට්ටිය එවෙලෙ අට්ටලගෙ මිදුලෙ සෙල්ලං කර කර හිටියෙ.අට්ට ඉස්තෝප්පුවෙ දණගහගෙන ඉද්දි ඔන්න අට්ටලගෙ ආච්චිඅම්ම අට්ටලගෙ ගෙදරට ආවහම ඉස්තෝප්පුවෙ දණගහගෙන ඉන්න අට්ටව දැක්කා.
ඇයි පුතේ උඹ දඟ කරන්නෙ,අම්මල තාත්තලට කරදර කරන්නෙ,ටිකක් හිතල බලපන්.උඹ දඟ කරල හරියනවද .මහාමේරු පරුවතේ උඹේ ඔලුව උඩ නේද මගේ පුතේ...
ආච්චිඅම්මා වෙවුල වෙවුලා කියනකොට අට්ටට බය හිතුණා.ඔලුව අතගාල බලපු අට්ටා මහා හයියෙන් අඬන්න ගත්තා.
කාලයක්ම ජයා දකින්න හිටියේ නැතුවම මම හිතංහිටියෙ ජයා පවුලගෙ ගමේ ගිහිං කියලයි,එත් ජයා මළා කියල පස්සෙ ආරංචි වුණා.ජයාට වෙච්ච දේ ගැන මම ආරංචි කරලා බැලුවෙ ඊටත් කාලෙකට පස්සෙයි.බොහොම අමාරුවෙන් හොයා ගත්ත තොරතුරු අනුව දවසම අව්වෙ වැඩකරල මහන්සිවෙලා ආපු ජයා එහෙම්මම සීතල වතුර නාල තියෙනවා.ක්ෂණිකව හැදුණු හෘදයාබාධයකින් ඔහුගෙ ජීවිතය නැතිවෙලා.
ජයාගෙ මරණෙන් පස්සෙ දරු දෙන්නව නැන්ද මාම ළඟ දාපු ජයාගෙ පවුල ආපහු ගෙදර යන්න ගියා,දරු දෙන්නා කරෝලිස්ගෙයි පවුලගෙයි ළඟ සැපසේ නැතත් බඩගින්නෙ ඉන්නෙ නැතුව හැදුණා වැඩුනා.ඉස්කෝලෙ ඉවරකලායින් පස්සෙ මේ කොල්ලො දෙන්න ජීවත්වෙන්න නොයෙක් දේ කළා.දෙන්නම පවුල් වුණායින් පස්සෙ ආර්ථික අහේනිය තදින්ම දැනුනා.
තව දිගට ලියන්න කම්මැලියි කම්මැලියි වගේ හිතෙන නිසා තව කොටසකට යමු.මේ දවස්වල නැගල යන්නෙ දේශපාලන කතානෙ.මම දේශපාලනේ නොවන ඡන්දෙ ගැන ටිකක් ලිව්වා.මැතිවරණ රාජකාරි ගැන එහෙම,ඒකෙත් තව ටිකක් ලියන්නට තියෙනව.මට නං මේ සැරේ මැතිවරණ රාජකාරි නෑනෙ.ගෞරවනීයව වැඩ කටයුතු ටික අහවර කරගන්න ලැබේවා කියල රාජකාරියට යන අයට සුබ පතනවා.දේශපාලකයො ඡන්ද පොළට ආවට පුටුවෙන් නැගිටින්න අවශ්‍ය නෑ.ඉන්න විදියටම වාඩිවෙලා ඉඳන් දේශපාලකයටත් වාඩිවෙන්න කියල කතාබහ කරන්න.මෙහෙම ලිව්වෙ පහුගිය ඡන්දවල මම දැකපු පින්තුරවල දේශපාලකයො ඡන්ද පොළට ආපු වෙලාවට ජ්‍යෙෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරු නැගිටල බොහොම බයාදුවෙන් ඇඹරි ඇඹරි ඉන්න හැටි මම දැකපු නිසයි.එතකොට මටනං නොහිතෙන දෙයක් නෑ,විළි ලැජ්ජයි.
ඒත් එක්කම රාජකාරියට ගියාම ලැබෙන කෑම බීම ගැන ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනෑ.පහුගිය ඡන්ද තුන හතරකදිම මම දැක්ක දෙයක් තේ දෙන වෙලාවට කවදාවත් ඔය කෑම කොමිටිවල ඉන්න උදවිය තේ එකක් කෝපි එකක් හදවල දෙන්න කරදර වෙන්නෙ නෑ.තොග පිටිං ගත්තු මයිලෝ පැකට් පැය විසිහතරෙම ලෝබ නැතුව බෙදල දෙනවා.බොහොම වෙලාවට ඔය මයිලෝ පැකට් නිසි උෂ්ණත්වයේ ගබඩා කර නොතිබීම නිසා බොන අයට බඩේ අමාරු හැදෙනවා.ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම පරිස්සම් වෙන්න.දුන්න පලියට බොන්න එපා මමනං ඔය වෙලාවටයි අවේලාවටයි හැම තිස්සෙම දුන්න මයිලෝ පැකට් බීවෙම නෑ.හොඳම දේ ලඟපාත කඩේකින් තේ එකක් බොන එකයි.
මෙදා සැරේ ගනින එකනං මහ ඡන්දෙක වගේ කරදර නෑ දෙගොඩ ගහපුවම වැඩේ ඉවරයි.මනාප ගනින්න නෑනෙ.ඒ නිසා අලුයම එක දෙක වෙද්දි ගණන් කිරීම අවසන් වේවි.මහ ඡන්දෙදි නං වැඩේ ඇදුනොත් දෙතුන් සැරේ ගනිනකල් ඉන්නත් වෙනවා.ගනින අය කොච්චර දවල් වෙනකං හිටියත් කෑම සපයන නෝනල මහත්තුරු නං එළිවෙද්දී ඒ ගොල්ලන්ගෙ කඩේ වහල දාල යන්න යනවා.එතකොට දවල් වෙනතුරු වැඩට ඉතුරුවෙන අයට ඉතිං ඇල්වතුරවත් නෑ.එසේ නොවී එළඹෙන ජනාධිපතිවරණය මැතිවරණ රාජකාරිවල යෙදෙන සියළුම රජයේ නිලධාරීන්ට සුබම සුබ ජනාධිපතිවරණයක් වේවායි ඉතසිතින්ම සුබ පතනවා෴
ඔය ගුරුවරුන්ට නොනමහත්තය/මහත්තය සහ ප්‍රින්සිපල්ට ලොකු මහත්තය/ලොකු නොනමහත්තය කියන එක කොයි කාලෙද නැති වෙලා ගියෙ
ReplyDeleteමම හිතන හැටියට අසූ ගණන්වල වෙන්න ඇති ඇනෝ.ඒ කාලෙ ප්‍රාථමිකෙදි අපි මහත්තය නෝන මහත්තය ලොකු මහත්තය කිව්වා.සෙන්ට්‍රල් එකට ගියාම සර් ටීච ප්‍රින්සිපල්.දැන් ලමයිනං කියන්නෙ ප්‍රින්සිපල් සර් කියල.
Delete//""ඔන්න ඒ කාලෙ අට්ටට ගිටාර් පිස්සුවක් තිබුණා.කණ්ඩායම් සංගීතෙ නැගල ගිය කාලෙනෙ""// එතකොට අට්ටා කියන්නේ පත්තර මල්ලිටද?
ReplyDeleteපත්තරේ එතකොට ඉපදිලාවත් නැතුව ඇති...!
Deleteමම කිව්වේ කංඩායම් සංගීතේ නැගලා ගිය කාලේ....!!!!!
පිස්සුව තිබ්බට ඕකට හරියට ටිව් ටිව් ගාන්ඩ බැ , අනිත් පැත්ත හරවල තඩි බාන එක තමා කරන්නේ
Deleteතව බ්ලොග් කාරයෙක් ඉන්නව මේ දවස්වල පුක විකාගන ට්‍රයි කරනව
කලාකාරයා හන්ද ඌටනං ටික දවසකින් පුලුවන් වෙයි
පත්තරය හොදයි සංගීත. කන්ඩායමක මැනේජර් කමකට
ඇයි ඉතින් සින්දුවක් කියාගන්ඩ වාදනේ කරන්ඩ බැරි උනාට අවශ්‍ය ආම්පන්න ටිකයි , සංගීතවලයි , බැන්ඩ් ්පැක්ටිස් කරන තැන්වලයි , සංගීතකාරයෝ , සවුනඩ් කාරයෝ එක්ක ජීවිතකාලෙන් බාගයක් ගත කරල ගත්ත දැනුමයි තියනවනේ
හැබැයි ඉතින් කලමනා කරටන් කෙසේ වෙතත් කන පැලෙන්ඩ ගහල කානු පල්ලක බුදියයි
පත්තර මල්ලිට ගිටාර් එකෙන් හොදට ඩ්‍රම ගහන්න පුලුවන්
Deleteහිටපියව් මං ෂිංදුවකුත් කියලා විෂුවල් එහෙකුත් කරලා චැනල් සේරටෝම ලස්සෙ ලස්සෙ එක්ක දෙනවා ගහපියව් මේක රෑ දවල් නැතුව කියලා.
Deleteතොපි වරෙව්කො මයෙ පස්සෙං ඊගාවට.. හුහ්
ඊට පස්සෙ උඹ ඉයර් ප්ලග් බිස්නස් එකක් පටංගන්නද ඉන්නෙ.
Deleteඅඩෝ උඹලා ඔහොම කිව්වට පත්තර මල්ලි ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ "වීරසිරි මල්වත්ත " මහත්තයගෙන්. ඊට පස්සේ වීරසිරි මල්වත්ත මහත්තයා ,සංගීතවැඩ නවත්තලා රටිනුත් ගියා
Deleteඅට්ටා කියන්නෙ මගෙ පොඩි කාලෙ ඉඳන් හිටිය යාලුවෙක්.දැන්නං යාළුකම් පවත්වන්න ලැබෙන්නෙ නෑ.බොලා ඔහොම කියනකොට අපේ ගමට ආපු සංගීත මාස්ටර් කෙනෙක් මට මතක් වෙනවා.ශාස්ත්‍රීය ගීත කියන්න හිතුනහම මම ඌව අඬගහ ගන්නවා.දෙකක් දාගෙන එහෙම සර්පිනාව ගහනවා.සිංදුව හරියට කියවෙනව නං ඌ සර්පිනාවෙන් ඩෝල ගහනවා.
Deleteඉවාන් පත්තර මල්ලි මගෙ බ්ලොගේට එන්නෙ නෑ වගේ.ඇයි දන්නෙ නෑ.
උඹ අර ප්‍රේමලතාගේ කතාව ලියන්නේ නැද්ද බන්. ඔය ඔක්කොම ලියන අස්සේ ප්‍රේමලතාගේ FEM DOM කතා ටිකත් ආයේ දාපන්. මාර ආතල් කතා ටික අපි මාර ආසාවෙන් තමයි කියවන්නේ
ReplyDeleteලියන්න කියල මම ප්‍රේමලතාට මේල් එකක් දාන්නං.එයා කැමති නං ලියයි.ඒකට මගෙ ඇඟේ එල්ලෙන්න එපා.
Deleteසීතල වතුර වලින් මැරෙන්න පුළුවන් ද බං.. සමහර විට... මට ඒක ටිකක් හිතාගන්න අමාරුයි..
ReplyDeleteජනාධිපතිවරනේ සුභ වෙනකං උඹ ලියන්නැද්ද??
ඒ උනාට කමක් නෑ බොලා හීතල වතුර නාන්නැතුව හිටහං.
Deleteරුධිර නාල එක පාරට හීතලට සංකෝචනේ උනහම ස්ට්‍රෝක් එකක් එන්න ඉඩ තියනවා කියල කියනවා.
Deleteඅම්මේ උඹව දැක්ක කල්
Deleteඋඹට හිතාගන්න බැරි උඹ සීතල වතුර නාන්නෙ නැති නිසා.ඔය වගේ වැඩක් මටත් වුණා හැබැයි ලංකාවේදී නෙවෙයි.
Deleteමම ලියන්නෙ නැත්තෙ ජනාධිපතිවරණෙ නිසා නෙවෙයි ලියන්න කම්මැලි නිසා බං.
මොන පිස්සුද බං ඩොංගා අපි පොඩි කාළේ ගාල්ලෙත් තිබුනා.. කොටින්ම අපේ මාමට පොඩි කාළේ කොල්ලෝ කියලා තියෙන්නේ ඩොංගා පඩේ කියලා.. ඒ අර උඹ කියපු හේතුව නිසාම මිසක් වෙන මොකක් වත් හින්දා නෙමෙයි. ඒත් දැන් නම් ඒ පැත්ත පලාතේ මම ඩොංගා දැකලා නෑ.. ඩොංගා වගේම සීන් එකක් තමයි ගඩුගුඩා.. ඒ ගසුත් ඒ කාළේ ඕන තරම් තිබ්බා. අපි නිවාඩු කාළෙට ගමේ ගියාම බත් කෑවේ නෑ.. කොහොමත් මම බත් කන්නෙ නෑ නේ. පාන් තමයි කන්නේ.. ඒ නිසා පාන් කෑවේත් නෑ.. කැළේ පැනලා මුළු දවසෙම ඕවා කන්නේ.. ඕන් ගමේ එකෙකුට සර්පයෙක් ගැහුවාම දවස් දෙකක් තුනක් යනකන් කැළේ පැනිල්ල නවතිනවා.. ආයෙත් ඒක අමතක වෙනවා.. මොකෝ හොඳ හින්ගල මිනිස්සුනේ.. ඉස්කෝලේ යන කාළේ ඒවා නම් පොතක් දෙකක් ලිව්වත් ඉවරයක් නැති වෙන්යි. ගමේ ඉස්කෝලේ දාලා රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට යන්න උන දවසේ දැනිච්ච දුක කියන්න වච්න නෑ බං.. ඒත් අවුලක් උනේ නැත්තේ.. එහෙත් අල පාන් තිබුන නිසා..
ReplyDeleteඔව්..මම පොඩිකාලේ හිටිය අක්මීමන ගෙදර වත්ත පල්ලෙහා තිබුනා ඩොංගා ගහක්. මැංගුස් ගහ හරි ගොරක ගහ හරි වගේ වෙන්න ඕන හැටි....ගඩුගුඩා එන්නේත් ගල්සියඹලා එනකාලෙටම නේද? මොර ගෙඩි එන්නේත් ඔය කාලෙටම තමය් මයෙහිතේ...!
Deleteගාල්ල පලාතෙ ඩොංගා හිටු කියල තිබුන තමයි. අපෙත් පොඩි කාලෙ මතක් වෙන කොට ඩොංග මිස් වෙන්නෙ නෑ. ඇට නම් ජීවිතේට ගිලල නෑ.
Deleteගස් පරන වෙන කොට ගෙඩි රස වෙන කතාව හැලපේ කියන කම් දැනං හිටියෙ නෑ. මදේ පොඩ්ඩක් තියන ගෙඩියත් පොඩි ඇඹුල ජාතියකුත් මදේ ක්‍රීම් වගේ හොඳට තියන පැනි රස ඩොංගත් තිබුන කියල මතකයි. දැන් ආයෙ මතක් කරන් කොට නම් රස ඩොංගා ඔක්කොම තිබුනෙ පරන ලොකු ගස් වල තමා. කොහොමත් ඩොංග වල වර්ග දෙක තුනකුත් තිබුනා. සමහරක ලීය සුදු පාටයි සමහරක ලීය ලා රෝස පාටයි.
රාගම පැත්තෙත් තිබුනා බං , දැන්නං තියද දන්නැ
Deleteඋඹ ඩොන්ග වලින් පටන් අරං පාන් ගැන කමෙන්ට් කළා නේද?උඹ වගේම බත් පෙන්නන්න බැරි පාන්ම කාපු මගෙ යාලුවෙකුත් හිටියා.දන්න කාලයක් වෙනකං ඌ බත් කෑවෙ නෑ.දැන් නං කොහොමද දන්නෙ නෑ.උගෙ කතාවත් වෙලාවක ලියන්න ඕනෑ.උඹ නිසා ඌව මතයක් වුනේ.කතාව උඹට පිළිගන්වනවා.
Deleteචෙපාකි,
Deleteගල් සියඹලා එන්නෙත් ගඩුගුඩා කාලෙටමයි.අපේ පලාතෙ ගල් සියඹලා ගස් නැති වුනාට කඩවල පොළේ එහෙම විකුනනවනේ.හැබැයි මොර නං ගසුත් නෑ.විකුණන්න ගේන්නෙත් නෑ.
ප්‍රොපයිල් ඇනෝ,
Deleteඔය ඩොන්ග ලීය බොහොම හයියයි,දන්නවද ලීය ඉරල ලෑලි මඩේ දාල සතියක් දෙකක් මඩ අල්ලන්න තියල අරං ලී බඩු හදපුවම කාලයක් පවතිනවා.
අපේ ගෙවල් ලඟත් හිටියා තනිකර පාන් කන පොරක්. හැලපේ දන්නෙත් එයාවද දන්නේ නෑ. විජේසේකර කෙනෙක්. ඒ යකා පාන් කන්නේ රතු ළුෑණු එක්ක. උයපු කෑම කන්නේ නෑ. අපේ තාත්තලා පොඩි කාලේ ඌට කියලා තියෙන්නේ පාන් බට්ටා කියලා.
Deleteසුදීක,
Deleteඅපේ යාළුවා පියසිරි කියල කෙනෙක්.දැනුත් මට ඉඳල හිටලා මුණගැහෙනවා.හැබැයි දැන් බත් කනවද දන්නෙ නෑ.
සීතල වතුරේ බැහැපුවහම එක පාරම ශොක් එක වගේ එන්න ඇති .
ReplyDeleteවෙන්න ඇති මධු එහෙමත් වෙනවලුනෙ නේද?
Deleteහැලපයියේ.. මාත් ඔය ඩොංක මුලින්ම කෑවෙ අපේ නෝන මහත්තයල ගෙවල් පැත්තෙන් තමයි.. හැබැයි කළුතර නෙවෙයි ඊට දකුණට වෙන්න.. මටනම් ඔව්ව කන්න වැඩි පිරියක් තිබ්බෙ නෑ කට හිරි වැටෙන නිසා විස්තරේ ඇහුවම නම් පරණ ඩොංක ගහක් හොයාගෙන ගෙඩියක් දෙකක් කන්නෝනෙ කියල හිතුන..
ReplyDeleteඒත් මං හිතුව අර ඇට එකසිය විසි අට ගැන්නේ මොකාද කියල නහයක් තියාගෙන හැක් හැක්.. ජය ශ්‍රී!
මොකද උඹ පරණ ඩොංකම හොයන්නේ , අම්මේ උඹත් ඉතිං............. :P
Deleteදත් හිරි වැටිල තියෙන්නෙ බොහොම ඇඹුල් රස ඩොංග කාල තියෙන නිසයි.හොඳ ඩොංග ගෙඩියක් කෑවානං උඹ ඔහොම කියන්නෙ නෑ හොය හොයා කනවා.
Deleteගොරකා ඇටේ ඩොන්කා ඇටේ ඕවර්ටෙක් කරන කතාව මැවිලා පෙන්නම ලියලා තියෙනාව
ReplyDeleteතැන්ක්ස් මකසියෝ.
Deleteඩොංග කාල නෑ බං. ජන අධිපතිවරණෙ නං හොඳ කෑමක් ලැබෙයි වගේ
ReplyDeleteමෙච්චර වයස ගිහිල්ලත් ඩොංග කාල නෑ කියන්නෙ.හොයාගෙන කාපං ඉක්මනට.ජනාධිපතිවරණෙ නං කෑම ටික හොඳට දෙයි අලුත් මැතිවරණ කොමසාරිස්ගෙ පළවෙනි ජාතික මැතිවරණය නොවැ.
Deleteහැලපයියේ ප්‍රේමලතාගේ කතා ටිකත් ආපු ලියපන් හොඳේ
ReplyDeleteමොකද්ද බං මේ කරදරේ හැම තිස්සෙම ප්‍රේමලතා හොයන්නෙ කිරි බොන්නද?
Deleteඔව් ඔව් මාතයියෙ ජූල්ගහ සෙන්ට්‍රල් එකේ කොල්ලො ඉස්කෝලෙන් පැනලා ඩොංගා කඩනවා. අපේ ගෙවල් පැට්තෙ කැලයකුත් තිබ්බා ඩොංග කැලේ කියලා.
ReplyDeleteඔය ඇට ගිල්ලාම ලැට් එකට වැටෙන ටොක් ගාන සද්දෙ තාමත් ඇහෙනවා වගේ.
ඔය ඩොංගා ගස් පට්ට උසයි. මේ ලගදි මට ඩොංගා බෑග් එකක් හම්බවුනා පිටකොටුවෙන් රුපියල් 50කට. යකෝ රුපිය්ල් 50කට ජීවිතේ පූජා කරන්නත් ඉඩ තිබ්බ නේද කියලා හිතුනා ඉස්සර ඩොංගකඩද්දි.
පිට කොටුවේ ඩොංග තිබුන විකුනන්ඩ
Deleteඔව් බන් අය්යෙ අර උදේට කොස් පොල් දෙල් ඔය ගමේ බඩු විකුණනවා ඔය ෆ්ලෝටින් මාකට් එක ගාව. අන්න එතන තිබ්බෙ. උඹ විස්වාසකරපන් අය්යේ පොල්ගෙඩිය් රු 30.00, කොස් අඹ එහෙමත් ලාබෙට හියෙනවා. අදුරට සාප කර කර ඉන්නෙ නැතුව ඔය වගේ ලාබෙ ත්යෙන තැන් උඹ හොයාගෙන යනවා ඇති කියලා හිතෙනවා. කොහොමත් මාළු ගාල්ලෙ වැල්ලෙන් ගනිද්දි ලින්නො කිලෝ එකම 200යි. පැලවත්තෙ සුද්ධ කරලා එහෙම දෙන තැන 500ක් 250යි.
Deleteඒ පලාතෙ ඩොංග තියෙනව කියල දැනගත්තෙ මාතලන් කිව්වහමයි.
Deleteවදුරව පැත්තෙ ඇරෙන්න චීන කොට්ටන් වෙන කොහෙදිවත් දැකල නෑ . ඉස්කෝලෙ කෙලවරේ තිබ්බ කොළ උන පදුර තියන අපේ අම්මගෙ මහා ගෙදර වත්තෙ චීන කොට්ටන් ගස් මහ ගොඩක් තිබුන,අපේ පංතියේ උන්ට විතරක් ඒ වත්තෙ හැචීන කොට්ටන් කඩන්න නිල අවසරය දීල තිබ්බ
ReplyDeleteඅපි චීන කොට්ටන් පැල ගෙදර ගෙනත් හැදුවත් කවදාවත් ගෙඩි හැදුනෙ නෑ, තාමත් ලොකු ගස් තියනව ගෙඩි හැදෙන්නෙ නෑ .
ඔය ගස් ටික මම දන්නව කම්මලේ.වැඩ ඇරිල ඇවිත් වදුරව ස්ටේෂන් එකෙන් බැහැල ජයනේරිස් මාමගෙ කඩේ ළඟින් තියෙන අඩි පාරෙ ඇවිත් අම්මලගෙ වත්ත ළඟින් රජවත්තේ පාරට එන ෂෝට් කට් එකේ අපි කාලයක් ආවා.
Deleteෂික්... දවල්ට කාල ඉවර වෙලාම අර කොට්ටං ඇට කතාව බැලුවනං හරි.
ReplyDeleteමොකෝ මදාවියෝ අප්පිරියාවක් වගේ ඇතිවුනාද?ඔව්වා ගණන් ගන්න එපා බං.
Deleteඅපිටත් තිබ්බ වළල්ලාවිට ගමේ ඩොංග ගහක්, වත්තට ඇතුල්වෙන තැනම. ඩොංග කාලෙට කඩුල්ල ගාවින් යන්න බෑ. ගිණියම උනාට ඒ කාලෙට හාල් ගේන්න ගියාම ඩොංග ගිලලම තමා එන්නෙ.
ReplyDeleteමේපාර නිවාඩුඅට ගියාම අපේ තාත්තගෙ යාළුවෙක් හම්බුවෙන්න ගියා යක්කලට ටිකක් එහා පැත්තක.
ඒ ගෙදර පොඩි උන් තුන්දෙනයි, වයස 5 - 10 අතරෙ.
අපි යනකොට පොඩි උන් ගහේ නැගල පාත අතුවල තීන අමු රඹුටන් කනව.
පස්සෙ මේ පැටව් ටික අපි දුන්න චොක්ලට් ටොෆි ගිල්ල, අඹුටන් අතෑරල. ඊට ටිකකට පස්සෙ මෙන්න දොරකඩ ගඩුගුඩා ගහකට කෙක්කක් මානනව.
ඉන් පස්සෙ තඩි නමිනං ගෙඩියක් ලෑටි ගානව.
අපි උන්නු පැය දුනහතරට උන් නොකෑවෙ පසුයි ගලුයි විතරයි.
මට හරි ලෝභ කමක් වගේ මාර සතුටක් දැණුනෙ. මොකද අපි නෑ කියන ළමා කාලෙ විඳින දරුවො තාම ඉන්නව. ඒ වගේම දරුවොන්ට ඒ දේ දෙන දෙමාපියොත් ඉන්නව.
//අපි උන්නු පැය දුනහතරට උන් නොකෑවෙ පසුයි ගලුයි විතරයි.//
Delete++++++++++++ :D :D
ඒක මහ අවාසනාවක් බං , අඩුම තරමේ රට අඹ ගෙඩියක් ,
Deleteහැලපයියේ උඹේ රට අඹ ගහේ ගෙඩි ආවාද
පොඩි උන් එහෙම තමයි බං.උන්ට නැති නිසා නොකලට තියෙන වෙලාවට ඇරියස් එක්ක අල්ලනවා. සහ ළමා කාලය විඳිනවා.
Deleteඅටං,
Deleteරට අඹ ගහේ ගෙඩි නං බල්බ් දාල වගේ හැදිල තිබුණා.නමුත් මට ලැබුනෙ පිංතූර විතරයි.
ගොරක ඇටත් ගිල්ලද?
ReplyDeleteගෙඩිය හිල්කරල ලුණු කැටයක් දාල කෝටුවකින් දියකරල බිව්වෙ නැද්ද?
ගොරකා අටත් ගිල්ලා.චීන කොට්ටං ඇට ගිලිද්දී ගොරක ගැන මොනා අහනවද ?ගෙඩි හිල් කරල ලුනුඉ දාල කන වැඩේ අපිත් කළා ප්‍රා.
Deleteබොලා කොහොමද නහයක් කටක් තියාගෙන අරූගෙ ඇට ටික ගණං කළේ.
ReplyDeleteඅට්ට ඔළුව අතගාල බැලුවෙ මහාමේරු පර්වතේ බිමින් තියන්නද.
එක තමයි "අරූ" පෙන්න නැත්තේ මේ ටිකේ
Deleteඋගෙ කාඩ් මිසක ඔහොම දෙයක් උනාද කියලත් මට නං සැකයි ප්‍රසන්න.
Deleteහැබෑටම ඉවාන් අරූ කොහෙ ගිහින්ද?
Deleteඅරූ ඇට ගණන් කරන්න ජී ගොඩ දිහා ඇහැ උරුක්කරගෙන බලාගෙන ඉන්න ඇති! :D
ReplyDeleteනහයත් වහගෙන නේද?
Deleteකතාව මැවිලා පේනවා හැලප(අ)යියේ.............. අයියාගේ ලියැවිල්ල තමයි ලියැවිල්ල.... කාලෙකින් ලියපු නැති නිසා කියලා පටං ගෙන නෙලුවා නේද?????
ReplyDeleteකාලෙකින් හරියට මොකුත් ලියාගන්න බැරිවුනා කුරුටු ළමයි.ඒ නිසා ලිව්වා.බොහොම ස්තූතියි.
Deleteඅපේ නැන්දලගේ ගෙදර තිබ්බ ඩොන්ක ගහට ෂොට් එක දීල තිබ්බ විදුලිබල මණ්ඩලෙන්. ආයි දකින්න වෙයිද දන්නේ නෑ
ReplyDeleteඅපේ පැත්තෙ නං ඕනෑ තරං.පියාඹල ආවනං දැකබලාගන්න තිබ්බා.
Deleteලෙල්ල වෙල්වට් වගේ නේද මාර කලර් මැචින්.
ReplyDeleteටී බනිස්වල මුස්දරප්පලම් හොයනවා වගේ වැඩක් නේද
:)
හරියට හරි මල්මි ලෙල්ල වෙල්වට් වගේ පෙනුම සහ ස්පර්ශය.
Deleteඑල ද බ්‍රා..සංගිත පිස්සුව හැදුනාම ආය ඉතින් හොද කරනවා බොරැ..ගෙදර තියන හිරමනය හරි අරන් ගිටාර් ගහනවා.
ReplyDeleteමං ගද්දි ගෑණි අඬනවා :D
Deleteඔයා ගහන්න දන්න ෂිංදු දෙකම තිත්ත වෙලා කියලා
හුකෑස්
ඔව් බං කවුරු හරි ළඟ ඉන්නකොට අපිත් තබ්ලා ගහන්නෙ.
Deleteපත්තර මල්ලි මේ පැත්තෙ එනව බොහොම අඩුයි වගේ නේද?මොකෝ අපි අතින් වරදක්වත් උනාද?
Deleteඅපිත් කියන්නේ චීන කොට්ටං නෙවෙයි. ඩොංගා කියලා දැන් නම් ගහක් දකින්න වත් නෑ..
ReplyDeleteවෙල්වට් ඇපල් කියන්නේ මෙව්වටමද?
ReplyDeleteපිස්සුද බන් වෙල්වට් ඇපල් කියන්නේ වෙල්වට් ඇපල් වලට.
Deleteදෙයියෝ......දැන්නේ තේරුනේ මම හිතුවේ වෙල්වට් ඇපල් කියන්නේ වෙල්වට් ඇපල් වලට කියලා.
Deleteවෙල්වට් ඇපල් කියන්නෙ මේවටද කියල මම නං දන්නෙ නෑ ඇනෝ.නමුත් මේවටත් වෙල්වට් ඇපල් කියන නම ගැලපෙනව කියල මට දැන් හිතෙනවා.
Deleteවෙල්වට් ඇපල් කියනවා ඇත්තෙ බූල් ඇපල් කියන ජාතියට වෙන්න ඇති...ඒවායෙ ලෙල්ල විල්ලුද වගේ තමයි පේන්නෙ...
Deleteමේ කියන ගෙඩි ජාතිය ගැන මම ඇහුවෙත් අදමයි...කවදාවත් රස බලන්න තියා ගෙඩියක් දකින්න ලැබිලත් නෑ...අපේ ගෙදර තවමත් විශාල ගොරකා ගහක් තියෙනවා....ඒ නිසා ඒකට පින්සිද්ධ වෙන්න ගොරකා මද නම් ඇති පදම් ගිලලා තියෙනවා...ලුණු කුඩු ටිකකුයි...මිරිස් කුඩු ටිකකුයි ගොරකා ගෙඩියෙ උඩ තියෙන පොඩි ගැටයක් වගේ කෑල්ල ගලවලා එතැනින් ඇතුලට දාලා ඔය ඇගිල්ලෙන් කරකවලා මිශ්‍ර කරලා ගත්තම හොඳ රහයි.
ReplyDeleteයකෝ ඔච්චර ගම්පහ ඉඳලත් චීන කොට්ටං කාල නෑ කියනවනං හරි පුදුමයි නෙ සිරෝ.පොඩ්ඩක් අපේ පැත්තට ආවනං කාල යනවනෙ.
Deleteඅනේ මන්දා හැලපයියේ ඔහොම එකක් නම් කලා නැතුවා.අනික ඕවා කලා ජයා වින්ද දුක දැක්කම ඔව්වා ඕනෙම නැහැ.හැබැයි ගොරකා මද නම් කලා තියේ මමත් ඇති තරම්.
ReplyDeleteගොරකා වහේ නෙවෙයි මේ ගෙඩි බොහොම ප්‍රණීත රසයි මනෝජ්.අනික මොළේ කල්පනා කරල කෑවා නං ජයා වගේ දුක් විඳින්න වෙන්නෙත් නෑ.
Delete@Helapa kade, සීනි ගොරක මැංගුස් වලටත් වඩා ප්‍රණීත රහයි... ඩොංගා වල නම් ප්‍රණීත බවක් මට නම් නෑ... :)
Delete