එදා නිවාඩු දවසක්ද කියලනං මට හරියටම මතක නෑ,හැබැයි කට්ටිය වෙනදට වඩා උදෙන් බෝක්කුව උඩට එකතුවෙලා හිටියා.කට්ටියත් වැඩියි,වෙනදට එන්නැති අයත් එදා ඇවිදිං උක්කුං මහත්තය එහෙම කවදාවත් එන්නෙ නෑනෙ අද ඇවිත් හිටියට.හා දඩයමේ යන ගමන්ද කොහෙද ජයා කොල්ලත් ඇවිත් හිටියා බලු රැළත් එක්කම.
ඔක්කොම එකතු පහදු උනායින් පස්සෙ ආයෙ බල බලා ඉන්නෙ මොනවද? පැන්න කට්ටිය අලවත්තට,එදා අපි අන්නාසි ගෙඩි හැටකට වැඩිය කැඩුවෙ නෑ.අන්නාසිත් කඩාගෙන පාරට පැනල ඇලෙන් බැහැල වෙලේ නියරට ආව කට්ටියම.එතන ඔක්කොටොම වාඩිවෙලා ඉන්න තරං ඉඩ තිබුණා.අනික ඇල අයිනෙ තියෙන අකුල් නිසා පාරට පේන්නෙත් නෑනෙ.
වල්බෙලි කොල උඩ තියාගෙන අන්නාසි කපන්නෙ විජේතිලක,මොකෝ පරිස්සමට හිමිහිට කපන්න ඕනැ කියලෑ,අන්නාසි ඕනැ තරම් තියෙනවනෙ.
විජා හතර සැරේකිං අන්නාසි ගෙඩියක ලෙලි ටික රහිනවා සුරුස් සුරුස් ගාල.ඊට පස්සෙ පැත්ත දාල පෙති ගහගෙන ගහගෙන යනව,වටේට කාක්කො වාගෙ බලාගෙන ඉන්න අපි කපපු අන්නාසි පෙති ගිලල දානව,එතන ගලපු ඉස්මෙන් බිමත් තෙමිල මඩවුණා.
අන්නාසි වැඩිපුර කාපුවාම දිව පැලෙනව ලේ එන්න,එතකොට ඉතිං සනීප වෙනකං හොදි මාලුපිණි එහෙම කනව බොරු,දිව දනව,පුපුරු ගහනව ඉන්න බෑ මෙලෝ යකෙකුට.අපි ඔක්කොගෙම දැන් දිවවල් පැලිල,ඒ ගමන එතන තිබුණු පැල ගස් දෙකකට නැගපු අබෙයි ජයයි කඩපු කුරුම්බ කට්ටියම බීල ලොඳත් කෑවා.
දැං ඉතිං ඒ වැඩෙත් ඉවරයි.වැඩි වෙලාවක් ගියෙත් නෑ,කිසි කරදරයක් උණෙත් නෑ.කාපු බීපු තැන සතා සරුපයවත් ඉන්නෑනෙ කියල ඔක්කොම ආපහු එන්න පිටත් වුණා.
ආපහු එනකොට පාරට ආවෙ ඇලෙන් බැහැල නෙවෙයි,එකෙක් හොයගත්ත පාරට එන්න ලේසි විදියක්.ඇල අයිනෙ සරුවට වැවිල තිබුණු වල්බෙලි ගහක ඇල උඩට නැමුණු මහ අත්තකට ගොඩවුණු කොල්ලො අත්ත පද්දල පද්දල පාරට පනිනවා.කට්ටියටම මේක සෙල්ලමක් උනා.දැන් අත්ත පද්දන්නෙ විජා,පාරට පනිනවත් එක්කම ගම්මැණ්ඩිය පැත්තෙ ඉඳල ආපු ටවුමෙ හයර් දුවන රතුයි සුදුයි හිල්මන් කාරෙක බ්‍රාස් ගාල බ්‍රේක් ගැහුවෙ විජාගෙ පය පාමුලමයි.
නවත්තපු කාරෙකෙන් බැස්සෙ පොලිස් කාරයෙක්,එදා ලොක්කයියගෙ කසිප්පු පොළට පනින්න පොලිසියෙන් ඇවිත් තියෙන්නෙ හයරිං කාරෙකේ.කාරෙක පුරෝල පොලිස් කාරයො,කසිප්පු අහුවෙලා නැතුව ආපහු යන ගමං.
එකෙක්වත් දුවන්න එපා............ඔහොම හිටපියව්.....
පොලිස් කාරය බැස්සෙ කෑගහගෙන.
මොන හිටිල්ලක්ද,කොල්ලො ටික ආගිය අතේ දුවනව,පාරෙ හිටිය උං පාරෙ දුවනව,නියරෙ හිටිය අපි නියර දිගේ දුවනව,මීටර් සීයෙ රැකෝඩ් ඉවරයි එදා.
ආරියි ලොකු මහින්දයි නියරෙ දුවපු දිවිල්ල තමයි දිවිල්ල,ආරිගෙ එක අතක අන්නාසි ගෙඩියක්,අනික් අතේ දෙපැත්ත කැපෙන කිනිස්සක්,ඒකෙං තමයි අපි අන්නාසි කැපුවෙ.කිනිස්ස එහෙම පොලිසියට අහුවුණානම් ආරි කෙලින්ම කූඩුවෙ.
උක්කුං මහත්තය කෙලින්ම දුවගෙන ගිහිං තියෙන්නෙ සැන්ටිං මුදලාලිගෙ කඩේට,මිනිහ කඩෙං සීනි කාලකුයි තේකොළයි අරං හොඳ ළමය වගේ ගෙදර ගිහිං.
ජයා කොල්ල දිව්වෙ වෙල දිගේ පෝටර්වත්ත පැත්තට,ඌ ඉස්සරහින් දුවනකොට උගෙ දඩයම් බල්ලො ටික පස්සෙං දුවගෙන එනවා,ඒ ගමන ජයා නැවතිලා බල්ලො ටික ආපහු එලවනවා,බල්ලොත් පොඩ්ඩක් දුර ආපහු දුවල ආයෙත් ජයා කොල්ලගෙ පස්සෙං දුවනව,වැඩේ බලන්න ලස්සනයි,හොඳ වෙලාවට පොලිස් කාරයො ටික පස්සෙං පැන්නුවෙ නැත්තෙ,එලෙව්වනං කිසි කරදරයක් නැතුව අල්ලගන්න තිබුණා.
කොහොමහරි දුවල බේරුණු අපේ කට්ටියම අන්තිමට ඇවිත් නැවතුනේ අපේ මිදුලෙ පිණි ජම්බු ගහ යට පඩිපෙළ උඩ.දැං කට්ටියම හති දදා වෙච්චි දේ කතා කරනවා.හැබැයි විජා ආගිය අතක් නෑ.ඌට මොකක් උනාද කියල කට්ටියටම දැං සැකේ,බලන්න යන්නත් බෑනෙ,පොලිසියට අහුවුණොත් කියල.
ඔක්කොම ඉතිං මේ ගැන දෙලෙහි දෙලෙහි ඉද්දි මෙන්න විජා එනව හෙමිහිට හරියට නයා මැරිච්චි අහිකුණ්ඨිකය වගේ.
අම්මෝ...වරෙං..වරෙං ඔක්කොම විජාව වටකරගත්තා.
සුදුවට හිටපු විජා රතුවෙලා,ගැහෙනව නිකං ගොඩට ඇදල දාපු මාලුව වගේ.
මොකද බං උනේ...උඹව අල්ලං ගියෙ නැද්ද?ගැහුවද...
විජාට ප්‍රශ්ණ වැලයි.
අන්තිමේ විජා විස්තරේ කියන්න ගත්ත.
වල්බෙලි අත්ත පද්දපු විජා කෙලින්ම පැනල තියෙන්නෙ පොලිස්කාරයගෙ පය පාමුලටනෙ,දුවන්න තියා ඌට හෙල්ලෙන්නවත් හම්බවෙලා නෑ.
ඔහෙ හිටු ...කියල පොලිස්කාරය විජාගෙ බඩෙන් මිරිකල අල්ලගෙන.
තොපි ටික එකතුවෙලා මොනවද බොලව් කළේ...
නෑ සර්...සර් මේ කිය කියා විජා දෑතට අදිනවා.
නෑ නෙවෙයි කියපිය ඉක්මනට..පොලිස්කාරය බෙරිහන් දෙනව.
අපි...අපි ..අන්නාසි කැඩුව සර්...
හා එහෙනං තොපි තමයි අන්නාසි වත්ත පාලු කරන්නෙ නේද..හිටපිය කියල නෝට් පොතක් ඇදල ගත්තු පොලිස්කාරය පිටුවක් පෙරලල උඩින්ම හෙඩිම ලිව්ව.
අන්නාසි හොරු
කියල ලියල පළවෙනියටම විජාගෙ නම ලියාගත්ත ඇම්. විජේතිලක කියල.
දැං කියපිය දුවපු එකාලගෙ නම්....පොලිස් කාරය ගෝරනාඩු කලා.
විජා නම් ටික කියාගෙන යනවා,පෙළක් අයගෙ නම් විජාවත් හරියට දන්නෙ නෑ,ආරි ආරි කිව්වට ආරිගෙ සම්පූර්ණ නම දන්නෙ නෑනෙ,ආරි අපේ ගමට අල්ලපු ගමේ එකෙක්නෙ.
අන්තිමේ ඉතිං විජා දන්න විදියට නම් ලැයිස්තුව පොලිස්කාරයට දීල ඉවරවුණා.
පල ගෙදර...හවසට තොපිල ඔක්කොගෙම දෙමවුපියොත් එක්ක පොලිසියට වරෙව්....
පොලිස්කාරය විජාට ආයෙම ගෝලු ගත්ත,ඊට පස්සෙ විජා ගල්ගැහිල බලාගෙන ඉද්දි කාරෙකට නැග්ග කට්ටිය යන්න ගියා.
මම නං මචං තාත්තත් එක්ක හවස පොලිසියට යනව....
විජා කතාව ඉවර කළා.
උඹ යනව නං පලයං...අපි නං එකෙක්වත් යන්නෙ නෑ..ඕව ගෙවල්වලට කියන්න පුලුවනෑ...අපි ටික කිව්ව.
ඕකුං ඕව දුර දිග ගෙනියන්නෙ නෑ බං...යන ගමං ඔය නම් ලියපු කොළේ ඉරල විසිකරයි..ආරි කිව්වා.
මුංගෙ තියෙන ලජ්ජ නැතිකම කිව්වොත් දුවගෙන එනකොට ආරි අතේ තිබුණු අන්නාසි ගෙඩියත් ඒ අව් අස්සෙ අපේ මිදුලෙ ඉඳම්ම කපාගෙන කෑවනෙ.
කොහොමින් කොහොමින් හරි එදා හවස විජා පොලිසියට ගියෙත් නෑ,අපි කවුරුවත් ඔය කතාව ගෙවල්වලට කිව්වෙත් නෑ,පොලිසියෙන් ඊට පස්සෙ ඒ ගැන හොයන්න ආවෙත් නෑ.
ඒ වුණාට අපේ කෙළවරක් නැති අන්නාසි කැඩිල්ල ගැනනම් වැවිලිකාරය පොලිසියට පැමිණිලි කරල තිබුණා.මොකෝ වැට අයිනෙ අන්නාසි පඳුරුවල එක අන්නාසි ගෙඩියක්වත් අපෙන් බේරගන්න පුළුවන් එකක්යැ,මොන තරං පාඩුවක්ද?
ඒ පැමිණිල්ලට නම් පොලිසිය බොහොම තදින් ක්‍රියාත්මක වුණා,ඒ විස්තර වෙනම කතාවකින් කියන්නම්කො.
ෂා මරේ මරු , මේ ලිවිල්ල මට නං හෙන රහයි
ReplyDeleteඅටම්,අද දවසට විතරක් හිට්ස් හත්සිය ගාණක් තිබුණා,ඒක මගේ හපන්කමක් නෙවෙයි
Delete//අටම්,අද දවසට විතරක් හිට්ස් හත්සිය ගාණක් තිබුණා,ඒක මගේ හපන්කමක් නෙවෙයි//
Deleteඅදට විතරයි ඒ . හෙට ඉදන් එන්නේ , හැලප වලට රහ වැටිච්ච හැලප පෙරේතයෝ
//උක්කුං මහත්තය කෙලින්ම දුවගෙන ගිහිං තියෙන්නෙ සැන්ටිං මුදලාලිගෙ කඩේට,මිනිහ කඩෙං සීනි කාලකුයි තේකොළයි අරං හොඳ ළමය වගේ ගෙදර ගිහිං.//
ReplyDeleteමැවිලා පේන්න සෑහෙන්න රහට ලියලා තියෙනවා....තවත් සදරුවෙකුගේ උපතක්ද කියලයි මම මේ කල්පනා කලේ.... නියමයි, දිගටම මේ වගේ ලියන්න....
සිරා,ඉස්සෙල්ලම මගේ බ්ලොගේ හොයාගෙන දුන්නු ධෛර්යය අමතක වෙන්නෙ නෑ.
Deleteඇත්තෙන්ම මම ආවේ අටමගේ පෝස්ට් එක ඔස්සේ. කිව්වත් වගේ ලියවිල්ල නම් රහයි. ජයවේවා මචං හැලපේ!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බොහොම ස්තූතියි ඩූඩ් නිතරම එයි කියල බලාපොරොත්තු වෙනවා.
Deleteනියම භාෂාව- නියම රසය....
ReplyDeleteහොදටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක කියවන්න මරු බ්ලොග් එක...(එකෙන්ම සහනය)
ජය වේවා....!
සිරාවට සුමිත් අයියේ කාලෙකට පස්සේ බිලොග් එකක් බැලුවේ
Deleteකොහෙද සමහරක් උන්ට බ්ලොග් එකක් තියනවා කියලා අමතකයි .
තව උන්ට ලියන්ඩ වෙලාවක් නැ
(ඒ උනාට අනිත් උන්ගේ එව්වට කමෙන්ට් කරන්ඩ නං ඕන තරම් වෙලාව තියනවා
අටමෝ ඒ කතාවට හරිනම් මහා බැංකුවම උඹේ කටේ දමන්න ඕනෑ ...
Deleteහපොයි සුමිත් අයියා... :D
Deleteබිම බලාගෙන - හිස නවාගමි....!
Deleteහුuuuuuuuuu
Deleteස්තූතියි සුමිත්,ඔබගෙන් ලැබෙන සහයෝගය හරිම වටිනවා.
Deleteමම මේ බ්ලොගේ දැකල තිබුනේ නෑ. ආවේ අටම් ගේ පෝස්ට් එකෙන් පාර හොයාගෙන. ඇත්තටම රසවත්....
ReplyDeleteහොයාගෙන ආවට ස්තූතියි,හැමදාම එන්න.
Deleteමරු ඈ...
ReplyDeleteබොහොම ස්තූතියි.
Deleteමරු ලියවිල්ල අයියේ...මැවිලා පේනවා...
ReplyDeleteමේ පොස්ට් වලට page break එකක් දමන්න.එතකොට homepage එකේ ඔක්කොම පොස්ට් එක පෙන්නන්නේ නෑ.මේ වගේ රහ ඒවායේ රහ බලන්න එහෙම ලේසියෙන් දෙන්න එපා අප්පා.
ඔන්න දැම්මා මානවක,උපදේශයට ගොඩක් ස්තූතියි.
Deleteෂඃ මරු ලිවිල්ල හැලපයෝ.. අටමට පිං මේ ගැන කිව්වට..
ReplyDeleteඋඹ ඔය කියන ඉසව්ව කොහෙද කියලා ටිකක් කියහන්කො...
සෙන්නා,මාරයයි,අටම්පහුරයි පණදාගෙන හොයනවා කොහෙද කියල,ඔයත් එකතුවෙන්න.
Deleteඒකත් එහෙමද ? අර ලිඳේ කතාව අනුව මම අනුමාන කරනවා මීරිගම පැත්තෙ කියලා.. කිව්වනම් බලන්න හරිද කියලා..
Deleteඅර කිව්වත් වගේ යංතං ආයෙමත් කියවන්න බ්ලොග් එකක් හම්බ උනා අපිට...
ReplyDeleteවචනෙත් ලොකු හයියක් මාරෙ,ස්තූතියි.
Deleteඒල වැඩක්...සුපිරියට ලියල තියෙනවා...
ReplyDeleteනියමයි!!! :)
ReplyDeleteආයෙත් එන්නන්කෝ වෙලාවක ඔක්කොම කියවන්න
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එන්න,එන්න රජෙක් බ්ලොග් එකට එනව කියන එක පොඩි සෙල්ලමක්ද?
Deleteමං ඊයේ රෑ මේකේ ඔක්කාම ටික කියෝලා ඉවර කළා.. හි හි
ReplyDeleteස්තූතියි හිරු,මාත් ඉස්සර ඔයවාගෙ තමයි.එක රෑකට බ්ලොග් එහෙම් පිටින්ම බලල ඉවර කරනවා,ආයෙත් එන්න.
Deleteඅටම්ගෙ ඔත්තුවකින් ආවෙ. කියවන්න බ්ලොග් එකක් ....... හැලපේ රසය....
ReplyDeleteපැමිණීම ගැන සතුටුයි,දිගටම හැලප කමු නේද?
Deleteහැලප මගේ ප්‍රියතම කෑමක්.. දැන් මේකත් ඒ වගේ වෙනවා.
ReplyDeleteරත්,ඔබේ බ්ලොගයත් මම ආශාවෙන් කියවන එකක්,වරායේ ඔබේ අත්දැකීම් හරිම රසවත්.
Deleteහැලප කඩේ පැත්තේ ආවා අටමගේ ලින්කුවකින්
ReplyDeleteජය !! දිගටම ලියමු
අවතාර්ට බොහොම ස්තූතියි.
Deleteමරු ලියවිල්ලක්.
ReplyDeletelassanata liyala thiyenawa..
ReplyDeletee unaata wade waradi..:)
අටම්ගේ ලින්කුවෙන් ආවේ....ඇත්තටම රසවත් ලියවිල්ලක් නේ..... :)
ReplyDeleteඑළ එළ! දැං ඉතිං අනෙත් කොටස එනකල් ඉන්න වෙනව..........
ReplyDeleteඅටමා පාර කිව්වේ අනාරාධිතව සින්ඩියේ එල්ලන ලදි...
ReplyDeleteඅන්නාසි වගේම රහයි
ලියන විදිහ පට්ටයි කියවන්න කියවන්න ආසා හිතෙනවා
ReplyDeleteදිගටම එනවා මේ පැත්තේ ..:)
යුගයේ අවශ්‍යතාවය මැනවින් සැපිරීම..ජයවේවා. මැක්සා ලියවිල්ල.... අටම් බොහොම පින් ඈ පාර කිව්වට
ReplyDeleteසිරාම කතාව.. අදයි මෙහෙට ගොඩ උනේ.. හෙමින් බලන්නම් අනිත් ඒවත්.. ජය..
ReplyDeleteරස නම් උපරිමයි..!
ReplyDeleteජය වේවා..!
පට්ටම කතාව හැලපේ මාර ආසාවෙන් බැලුවා මේක...
ReplyDeleteඅන්නාසි හැලප.ඈ.... මරු සීන් තමයි.. ඊටත් ලිවිල්ලයි දිවිල්ලයි දෙකම මරු..
ReplyDeleteඑල එළ
ReplyDeleteඑක්දාස් දෙසිය ගානක් බලලා , හතලිස් හතරක් ෆලෝ කරලා , අටමට හෙන සන්තෝසයි
කො යකෝ මේක ලියන වන්ඩු ආප්පයා
Deleteඅටම්, සමාවෙයං මචං පරක්කු වුණාට,පරක්කු උණේ අලුත් පෝස්ට් එකක් ලියපු හින්දයි,මම අද උදේ වරුවම ඇඬුවා උඹ නිසා,
Deleteසහෝදරයෙක්වත් නොකරන දෙයක් උඹ කලේ,ඒ විතරක් නෙවෙයි,හිට්ස් ගාන වැඩිවෙනව බලබලා උඹ සතුටුවුනා.
කොහොමද මම මේවට ගෙවන්නෙ,කොහොමද මම ස්තූති කරන්න ඕනැ.
අනේ නිකා හිටහං ,
Deleteමම දන්නවා කට්ට කාලා ලියලා ලියලා කියවන්ඩ කට්ටිය නැති උනහම හිතට ඇතිවෙන දුක,
මමත් පෝස්ට් පහලවක් විතර ලියාගන උඩ බලාගන ඉන්නකොට අපේ කට්ටිය දුන්න තල්ලුවෙන් තමා ගොඩගියේ ,
(නම් කියන්ඩ ගියොත් ඉතින් ගොඩක් ඉන්නවා)
මට ඔහොම කියන්ඩ මේක මං කරපු හපං කමක් නෙමෙයි ,
හොදට ලියන එකාට ඉරිසියා නොකර , පාගන්නේ නැතුව අතහිත දෙන්ඩ ඕන කියලා , කිරියාවෙන්ම මට උගන්නපු , මට පෙන්නපු පරණ උන්ට තමා ඒ ගෞරවය හිමි වෙන්ඩ ඕන ,
කොච්චර ලස්සන දෙබසක්ද?? අලුත් ලියන්නෝ වැඩිවැඩියෙන් බිහිවේවා!!!
Deleteයකඩෝ බලාගෙන යනකොට හැලපයියගේ සෙට් එක නිකං අලි බබයි හොරු හතළිහයි වාගෙනෙ ... කොහොමෙයි අහල පහල මිනිස්සුන්ගෙන් ගුටි නොකා හිටියේ ???
ReplyDelete