අපි කුවින්ටස් කියල කිව්වට උගෙ නියම නම වෙන එකක්,දහ අටේ චූටිංගෙ පුතෙක් අපට වැඩියෙ ගොඩක් වයසින් අඩු වුණාට අපේ හොඳම යාළුවෙක්.
අපි ඔය හැත්තැ ගණංවල ට්‍රිප් යද්දි කුවින්ටස් පොඩි එකා කාගෙ හරි ගානෙ ඌත් අපි එක්ක ට්‍රිප් එක යනව.
කුවින්ටස්ට බැරි වැඩක් නෑ,මේසන් වැඩ,වඩු වැඩ,පයිප්ප වැඩ,පින්තාරු වැඩ,ටිංකරිං ගැරේජ් වැඩ මේ එකක්වත් අමුතුවෙන් ඉගෙනගෙන නෙවෙයි,උපතින්ම ගෙනාපු හැකියාවක්, ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් වගෙ බැරි වැඩකුත් නෑ නොකරන වැඩකුත් නෑ අතේ සතෙත් නෑ.
අපි ඔය ගමේ කරන එක එක වැඩ කටයුතුවලදී අපට මුළු හදවතින්ම සහයෝගය දෙන කෙනෙක් තමයි කුවින්ටස්.
කුවින්ටස්ල අපි එකතුවෙලා කරපු මුල්ම දේවල් හැටියට මට මතක තියෙන්නෙ අලුත් අවුරුදු උත්සවයක් අපි කියන්නෙ බක් මහ උළෙල කියලනෙ,කාලය ගැනනම් මගෙ මතකය අවදි වෙන්නෙ නෑ.
ඔය මම කියන බක් මහ උළෙල තිබුණෙ ගමේ වෙල් යායෙ,ඒ කාලෙ අපට පිට්ටනියක් තිබුනෙ නැති නිසා.වෙලක අවුරුදු උත්සවයක් පවත්වනව කියන එකත් ලොකු අභියෝගයක්.වේදිකාවක් ගහන්නත් ඕනැනෙ විශාල ශ්‍රම සහභාගිත්වයක් අවශ්‍යවෙලා තිබුණ.
කුවින්ටස් ඇතුළු තරුණ කණ්ඩායම අපට විශාල සහයෝගයක් දුන්න පොල් කොට හිටවල වෙලට උඩින් වේදිකාව හැදුවෙ පොල් පරාල හරහට දාල ඒ විතරක් නෙවෙයි පාරෙ ඉඳල වේදිකාවට එන්න ඇළ හරහට අලංකාර පාලමකුත් දැම්ම.
ඔන්න බක්මහ උළෙලට කලින් දවසෙ රෑ අපි ඔක්කොම වෙලේ වැඩ යමරෙට කට්ටිය පනහක් විතර, ඔය කුවින්ටස්ල නං මොනවද මන්ද කටේ ගාගෙන වැඩ කලාට කෑම ගැන කාටවත් ගාණක් නෑ.
ඒ වුණාට වැඩ කරන උන්ට කන්න දෙන්නත් එපෑ,එතනම තියෙන අමරෙගෙ ගේ පිටිපස්සෙ ලිපක් බැඳගෙන ඕනැකරන බඩුටිකත් ළංකරගත්ත මම කට්ටියට කන්න රොටී හදන්න ගත්ත.
මම පුච්චන රොටී ඔක්කොම දැන් බයිට් එකට යනව අර උඹල කියනව වගේ නෙවෙයි මේකට කියන්න වෙන්නෙ ඩයිට් එක බයිට් එක වෙනව කියල නේද.දැන් පිටිත් ඉවරයි පොලුත් ඉවරයි රොටිත් නෑ.
තව පිටි ටිකක් නං ගෙන්න ගත්තට පොල් හොයන්න එපෑ,ඒ වැඩේ පට ගාල බාරගත්තු කුවින්ටස් කට්ටියත් එක්ක අලවත්ත පැත්තට පිටත්වුණා.
කට්ටිය නං කියන්නෙ ඕකා ගහකට නැග්ගහම ඇට්ටි ටික ඇරෙන්න අනිත් ඔක්කොම කපල බිමට දානවනෙ කියල.
ඔන්න කට්ටිය අරගෙන ආපු පොලුත් ගාගෙන ආපහු වැඩේ පටං ගත්ත,ආයෙමත් කළින් සෙතේමයි හදන රොටී කොහෙ යනවද නෑ.
වැඩේ දැන් මටත් ඇතිවුණා.උඹලම හදාගනිල්ල කියපු මම පැත්තකට ගියා.එතන ඉඳන් රොටී බාස් වෙලා තියෙන්නෙ කුවින්ටස්,පිටි අනන්න ලෑස්තිවෙලා ගාපු පොල් ටිකේ තිබිල කුරුවල් වෙච්චි ගෙඩියකුත්,කට්ටිය නරක් වෙච්චි ටික අයින් කරල දාමු කිව්වට
නෑ නෑ ඔය ටිකත් දාපං ......කිව්වලු කුවින්ට.
හොඳ පොලුයි කුණු පොලුයි එකට දාල පිටි අනපු කුවින්ටස් රොටී තුනී කරල තියෙන්නෙ එතනම බිම වැල්ලෙ
ඔය විදියට හදපු රොටී කවුරු කෑවද කියලනං මම දැක්කෙ නෑ හැබැයි මටනං එදා රෑට කන්න නෑ.
පහුවදා බක්මහ උළෙලෙ විකට ඇඳුම් තරඟය වෙලාවත් ආව.ඒවෙනකොටත් හොඳ ගණනට අරගෙන හිටපු කුවින්ටට කොල්ලො යකෙකුට අන්දවල,මුළු ඇඟේම කළුපාට ගාල කට දෙපැත්තෙ දළ දෙකකුත් ගහල, දැන් විකට ඇඳුම් තරඟය කියල නිවේදනය කරපුවාම අමාරුවෙන් හංගගෙන හිටපු කුවින්ටසාව කොල්ලො ටික ගෙනත් වෙලට දැම්ම.
හරි සිහියක් නැති කුවින්ට දැන් වෙල පුරා දුවනව,වළං කඩේට පැන්න ගොනා වගේ.අනේ තරඟකරුවො තරඟකාරියො වෙළේ සී සී කඩ කුවින්ට වෙළපුරා දුවන්නෙ නාලාගිරිය වගේ.හැම අවුරුද්දෙම විකට ඇඳුම් තරඟයෙන් පළවෙනි තැන ගන්න ජයතුංග එදා ඇඳල හිටියෙ කනා වෙළෙන්දට,කදකුත් කරේ තියාගෙන අමුතු ලතාවකට හරහට අඩිය තියමින් කාළෙකට ඉස්සර අපේ ගමට ආපු කනා වෙළෙන්දගෙ චරිතය දැන් ජයතුංගත් කදක් කරේ තියාගෙන අපූරුවට රඟ දක්වමින් වෙළේ රවුම යනව.
සිහියක් පොතක් නැති කුවින්ට ඒ ගමන ජයතුංග පස්සෙ එලවන්න ගත්ත ඇඟට පනින්න,ජයතුංගයත් කද කරේ තියන් කුවින්ටො තෝ මරනව ඇඟට පැන්නොත් කිය කිය දුවනව කනා වෙළෙන්දගෙ කොරේ පැත්තකට දාල.
හරිම අමාරුවෙන් තමයි උගෙන් බේරිලා තරඟය ඉවරකරගත්තෙ.
ඔන්න ආයෙමත් ඊට පස්සෙ අවුරුද්දක බක්මහ උළෙලක් ඉවරවුණු වෙලාවෙ මමයි වෙනුජයි පාරෙ කතා කරකර ඉන්නව,අපිට හරිම තෙහෙට්ටුයි උදේ ඉඳලම මහන්සි වෙලා.ඔන්න කුවින්ටස් අපිළඟට ආව හොඳටම බීල,
රෑ සංගීතෙට මොකද කරන්නෙ....මූ අහනව,
තාම මොකුත් නෑ මොනව හරි කරගන්න ඕනැ.....වෙනුජ කිව්ව,
හරි කරමු....මොනවද මම කරන්න ඕනැ...කුවින්ට අහනව,
අපට ගං කුකුළෙක් හොයාගන්න බැරිවෙයිද බයිට් එකට කඩේ ෆ්‍රිජ්වලින්
ගන්න එවුන් කිසිම රසක් නෑ අල කෑලි වාගෙ....මම කිව්ව,
හරි මම හොයල දෙන්නං...කුවින්ට පැනල කිව්ව.
පුෂ් බයිසිකලේක නැගපු අපි දෙන්න කුවින්ටස් පස්සෙන් ගියා,දහ අටෙන් වමට හැරිල පන්සල ගාවින් ඇතුළට හෙන දුරක් ගියපු කුවින්ටස් වත්තකට ඇතුල්වුණා,එළියෙ ළිඳ ළඟ කවුද මනුස්සයෙක් නානව,දැන් ගොම්මන් වෙලාව ලාවට අඳුර වැටීගන එනව.
අපට කුකුළෙක් ගන්න පුලුවනිද...කුවින්ටස් අර මනුස්සයගෙන් ඇහුව
අනේ...කුකුල්ලු ටික විකුණල කොයි කාලෙද....ඊට පස්සෙ හැදුවෙත් නෑනෙ...මනුස්සය කිව්ව
වෙන්ඩ බෑ...වෙන්ඩ බෑ...ළඟදිත් මම දැක්කනෙ ...කුවින්ට අත අරින්නෙම නෑ වෙරි මරගාතෙ,
නැති කුකුල්ලු අර මිනිහ කොහෙන් හොයන්නද,මේකා ඌට බනිනව
මට බොරු කරන්න තමුසෙට බෑ...නිකන්ද ඕයි සල්ලිවලටනෙ ඉල්ලන්නෙ...දෙනවකො කුකුළෙක්..
මේකත් එක්ක කතා කරල වැඩක් නැති බව තේරුම් ගත්තු ගෙදර මිනිහ සද්ද නැතුව නානව,
වෙනුජයි මමයි පැත්තකට වෙලා හිනාවෙවී මේ දෙන්නගෙ කතාව අහගෙන ඉන්නව කුවින්ට වෙරිපිට ටොප් කතා කියන්නෙ,ඒ හින්දම අපටත් ඌව එතනින් අරගෙන යන්න හිතක් නෑ ....මරු කතානෙ මූ කියන්නෙ.
එහෙනම් තමුසෙ ළඟ කුකුල්ලු ඇත්තෙම නෑ නේද...කුවින්ටස් අහනකොටම පට පට පට ගාල තටු ගහපු සතෙක් එතන තිබුණු දෙල්ගහේ අත්තක වැහුව.
ආ..ආ ඒ මොකාද ඒ මොකාද..ඔය ඉන්නෙ නෑ කියපු උං...ජයග්‍රාහී ලීලාවෙන් කියපු කුවින්ටස් අර මනුස්සයගෙ ඇඟට පැන්නෙ නැති ටික විතරයි.
ඒ කාක්කෙක්නෙ....මනුස්සය උපහාසාත්මකව උත්තර දුන්න...
වෙනුජයටයි මටයි හිටගෙන හිනාවෙන්න පණ නෑ,
එතනම තණකොළේ දිගාවුණු අපි දෙන්න බඩ කොරවෙනකං හිනාවුණා.
අනූතුනේ දෙසැම්බර් මාසෙ අපි කට්ටිය ට්‍රිප් එකක් ගියා,කතරගම නුවර එළිය බදුල්ල හරහ ආපහු එන එක තමයි ගමන් මාර්ගය.
පළවෙනි දවසෙ කතරගමට යනකොට රෑ වෙලා අඳුරත් වැටුණා,ඉක්මනටම නවාතැනක් හොයන්නත් ඕනැනෙ,මම කලින් ගිහින් පුරුදු තැනක් වෙච්චි හින්දු රෙස්ට් එකට කෙළින්ම ගියාම ඒකෙ කාමර තිබුණ,අපි ලොකු ශාලාවක් වෙන්කරගෙන රෑ කෑම ටික පිළියෙල කරගත්ත.
නාල දේවාලෙට ගිහින් ඇවිත්ම රෑට කමු කියල කට්ටිය පිටත් වුණා.
අපි නාල එහෙම දේවාලෙත් වැඳල දැන් ආපහු එනව වෙලාව රෑ දහයට දහයහමාරට විතර ඇති මගෙ හිතේ.අපේ නවාතැන්පොළ ළඟදිම වාගෙ ඈතින් මට ඇහෙනව ඉස්පීකරේකින් මගෙ නම කියනව ලාවට වගේ.
පොඩ්ඩක් ඉඳපල්ල බලන්න...
අපි නැවතිලා සාවධානව අහගෙන හිටිය..ඔව්නෙ..ආයෙත් නිවේදනය
හැලපයා එනතුරු කුවින්ටස්, කුමාර ඇතුළු පිරිස රථ ගාල අසල බලා සිටී... කියල
මේක දැන් අපට හරි ප්‍රශ්ණයක්,රථ ගාල ළඟ මුං මොන මගුලක් කරනවද රෙස්ට් එකට එන්නෙ නැතුව.
කෝකටත් ගිහිං බලමු කියල අනික් කට්ටියට නවාතැන්පොළට ගිහිං කන්න කියල මමයි,හේමෙයි,උස නුවනුයි ආපහු ගියා අර රවුං කඩේ ළඟට හැතැප්ම බාගයක් විතර පයින්.
එතන තිබුන ඔය වෙළඳ නිවේදන එහෙම කරන තැනක්,අපි එතෙනට ගිහිං ඇහුව.
ආ..ඔව් ඔව් ඔන්න මේ දැන් ඔය හරියෙ හිටිය කියල එතන හිටපු කෙනා කිව්ව.මුං ටික ඒ පොඩ්ඩට නෑ..
අපි පාරට ගිහිං බලනකොට මුං තුන්දෙනා ඈත යනව පේනව කතරගම ඉස්පිරිතාලෙ පැත්තට.කෑ ගහල අප්පුඩි ගහල නවත්ත ගත්ත,
බැලුවාම කුවින්ටසුයි,කුමාරයි,පිස්සු නුවනුයි..
මොන මගුළෙද යකෝ තොපි යන්ඩ ගියෙ..හේමයගෙන් බැණුම් වරුසාවයි.
ඉන්ඩකො කියනකල්..ඔන්න කුවින්ටස් කතාව කිව්ව..
කට්ටියම එක්ක නවාතැන්පොළෙන් පිටත් වුණු තුන්දෙනා ගඟට ගිහින් නාල එතනම ගහක් මුලට වෙලා බෑග්එකේ තිබුණු බෝතලෙත් සප්පායම් වෙලා,දැන් හොඳ වෙරි.
දේවාලෙට යන්න වෙලත් නෑ..බඩගිනියි ඉන්න බෑ...ආපහු ගිහිං බත් කමු කියල එන්න පිටත් වෙලා...
පිටත් වුණාට කොහෙ යන්නද..තුන්දෙනාම දන්නෙ නෑ ඇයි පිටත්වෙද්දි රෙස්ට් එකේ නමවත් තිබුණු තැනවත් අහගෙන බලාගෙන නෙවෙයිනෙ කට්ටියත් එක්ක පිටත් වුණේ.
ඔන්න දැන් තුන්දෙනා පැය එකහමාරක් දෙකක් විතර මුළු කතරගම ටවුමෙම රවුං ගහල හෙම්බත් වෙනතුරු..රෙස්ට් එක හම්බ වෙලා නෑ..කාගෙන් හරි අහමුද කියල අහනකොටත්
මොකක්ද රෙස්ට් එකේ නම කියල ඇහුවම දන්නෙ නෑනෙ..ඉතිං කොහොමද හොයාගන්නෙ..
ඒ ගමන කුවින්ටස් කිව්වලු හිටපල්ලකො තව වැඩක් තියනව..කියල කොළ අත්තක් කඩල පොඩි ගහක අත්තක එල්ලල.... කිව්වලු...
පුල්ලෙයාර්...අපට පාර හොයල දීපං යකෝ කියල...
ඒ ගමන මම කිව්ව..
තොපි ගොන්කමට හරි කරපු වැඩේ භක්තියෙන් කළානම් රෙස්ට් එක කොහොම වෙතත් අපි කාව හරිවත් තොපිට හම්බ වෙනව..කියල.
ඉතිං ඔය ඉබාගාතෙ ඇවිදිනකොට මුන්ට කොච්චර බඩගිනි වෙලාද කිව්වොත් හිටගෙන ඉන්නත් බැරි තරම්..
ඒ ගමන රුපියල් පහක් දීල තම්බපු බඩඉරිඟු කරලක් අරගෙන කෑවලු..ඇට ටික කාල ඉතුරුවුණු බොඩේ කුවින්ටස් අතේ..
වෙලාවෙ හැටියට මේකත් අහක දාන්න බෑ කියපු කුවින්ට ඉරිඟු බොඩෙත් කාල..
ඔන්න ඔහොම ඉබාගාතෙ ඇවිදිනකොට තමයි අර ප්‍රචාරක ස්ථානය දැකල මොළේ පහල වෙලා තියෙන්නෙ...
හොඳ වෙලාවට නිවේදනය මට ඇහුණ,මම කා එක්ක කතා කර කර ආවත් වට පිට සද්ද වලටත් ඇහුම්කන් දෙන නිසා..නැත්නම් උන් ටික එළිවෙනකම් හරි ටවුමෙ ඇවිදිනව.
අපි මුං තුන්දෙනත් ඇදගෙන ආපහු එනකොට එකෙක් කියනව අපි අර අත්ත එල්ලුවෙ මෙන්න මේ හරියෙ වාගෙ මතකයි කියල..
අපි බලාගෙන ආව...අනේ මුං අත්ත එල්ලල තියෙන්නෙ රෙස්ට් එක ඉස්සරහම තිබුණු ගහක..අපි බලනකොටත් අතු කෑල්ල හුළඟට හෙල්ලෙනව....
ට්‍රිප් එකේ තවත් රසබර මතකයන් තිබුණත් ඒව තව ඉදිරියට.
දෙදාස් ගණංවල මුල හරියෙ කුවින්ටස් බැන්ද ඌරාපොල කෙල්ලක්ව.මගුල් ගෙදරට මම ගමේ හිටියෙ නෑ,කුවින්ටස් කොල්ලන්ට පාටියක් දුන්නලු,මල්ලි මට කතාකරල විස්තර කිව්ව.
උගෙන් බෝතල් දෙකයි...අපෙන් හයයි... කියල මල්ලි හිනාවුණා.
කුවින්ටස් වමත්කාරය,කන්නෙත් වමතින් එදා මගුල් මේසෙට වාඩිවෙලා වමතින් කන්න ලැජ්ජ නිසා දකුණු අතින් බත්කාල..එළියට ඇවිත් කියනවලු..
කෑවෙ නෑ වාගෙ... කියල
කුවින්ටස් ගැන කියනවනම් තව රස කතා තියෙනව එළිවෙනකම් හරි කියන්න,දැනට මේ ඇති.
කුවින්ටස්ගෙ මස්සිනා කෙනෙක් දැනට අවුරුදු දෙකතුනකට ඉස්සරවෙල මැරුණ හදිසි අනතුරකින්..ආරංචි වුණු වෙලාවෙම අපි ඌරපොල ගියා,එතකොට මරණෙ ගෙදර ගෙනල්ලත් නෑ,
අපි කට්ටිය වටපිටේ ඇවිද්දා,ඒ වත්තෙන් පහළට පාරදිගේ ගියාම තව විශාල වත්තක්..රූස්ස ගස්..හරිම පාලුයි..රුක් අත්තන ගස්වල මල් හුළඟෙ පාවෙනව...ගොඩපර ගස් අස්සෙන් ඉර එළිය එනකොට ගොඩපර මල් හිනාවෙනව වගේ,
තවත් පහලට යනකොට මැංගුස් කොටුවක්..ඒ අස්සෙන් මෙන්න සුසිනිඳු සුදු වැලිතලාවන්ගෙන් පිරුණු රමණීය අත්තනගලු ඔය සිලි සිලි ගගා පහළට ගලනව....
දැක්ක ගමන් පනින්න හිතුණත් අවස්ථාව ගැන සලකල ආපහු ආව,ආයෙ වෙලාවක කුවින්ටසුත් එක්කම යන්න හිතාගෙන ඉන්නෙ ඇතිවෙන්න ඔයේ නාල කුවින්ටස්ගෙ පවුලට කියල කෑමත් හදාගෙන කාල එහෙම එන්න....
//අනේ මුං අත්ත එල්ලල තියෙන්නෙ රෙස්ට් එක ඉස්සරහම තිබුණු ගහක..//
ReplyDeleteඅනේ මුන් එල්ලලත් මදි
කාටද කියන්නෙ
Delete//කුවින්ටස්ට බැරි වැඩක් නෑ,මේසන් වැඩ,වඩු වැඩ,පයිප්ප වැඩ,පින්තාරු වැඩ,ටිංකරිං ගැරේජ් වැඩ මේ එකක්වත් අමුතුවෙන් ඉගෙනගෙන නෙවෙයි,උපතින්ම ගෙනාපු හැකියාවක්, ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් වගෙ බැරි වැඩකුත් නෑ නොකරන වැඩකුත් නෑ අතේ සතෙත් නෑ.//
ReplyDeleteඒ ලොකු අයියේ ඌත් මං වගේමනේ බං
උඹට රස කතා ලියන්නත් පුළුවන්නෙ අටම් මල්ලි,ඌ දන්නෙ කතා කියන්න විතරයි,අනික ඌ දුප්පත් අහිංසකය.
Deleteබලන්න එපෑ මම ගෙදර ආව කියල ආරංචි වුණු ගමන් ඌ මාව බලන්න දුවගෙන එන විදිහ.
කුවින්ටසුත් කතා සාගරයක් වගේ.....
ReplyDeleteසහතික ඇත්ත සුමිත්,නියමම වචනෙ.කතා සාගරයක්ම තමා
Deleteමචෝ පරණ කතා මේතරම් ලස්සනට ලියන්න උපන් හපනෙක් උඹනං... උඹේ අතීතය ගැන ඊරිසියයි බං...
ReplyDeleteමතක් වෙන හැටියටයි ඔය ලියවෙන්නෙ නලීන්,හමස් පෙට්ටියෙ තව ගොඩක් ඇති.
Deleteනියම කතා සෙට් එකක්නෙ.
ReplyDeleteස්තූතියි ප්‍රසන්න,ඔබ නොවරදවාම මගේ කතා කියවන කෙනෙක්නෙ.තවත් ගොඩක් තියෙනව.
Deleteක්වින්ටසයාත් උඹලෑ ජාතියෙම තමයි නේ? ඇත්තට උඹලා අමුවට කරපු වැඩක් ඇත්තෙම නැති තරම් නේ?
ReplyDeleteඒක නේන්නං,හැම දේකදිම බෝතලේ ඉස්සරහට එනවනෙ
Deleteහැලපයගේ බ්ලොග පැත්තේ නාපු දවසට කෑවේ නෑ වගේ. ඒ තරං රහයි උඹේ කථා. ගං කුකුල්ලු කිව්වහම මතක් වුනේ අපේ අඩවියේ තියෙන පත්තිනි දේවාලෙට බාරෙට කුකුල්ලු නිදහස් කරල, හවසට දේවාලේ වැටෙන් කුකුලව පන්නල බයිට් එකට ගන්න අපේ පැත්තේ එවුන් ගැන. බොලා තරම් නැතත් කියන්න දේවල් නම් බොහොයි. ඒත් ඔය තරම් රහට කියන්න බෑනේ බං. ඒත් නිසා ලියන්න හිතෙන්නෙම කුණු දේශපාලනේ ගැනනේ.
ReplyDeleteලියපංකො බං කතාවක් දෙකක් බැරිද පුළුවන්ද බලන්නත් එක්ක
Deleteකට්ටිය වෙලේ යමරෙට වැඩ කරන වෙලේ ගැටිස්සියන්ට එහෙම ඇහැ දැම්මෙ නැද්ද ?
ReplyDeleteඒව ගැන මොකට කියනවද සිරා
Deleteඔබේ ලිවීමේ රටාව ඉතාම ලස්සනයි.
ReplyDeleteස්තූතියි ඇනෝ,ඔබලාගෙ ආශීර්වාදයෙන් ලිවීමේ හැකියාව දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා.
Deleteබලාගෙන ගියාම මේ හැලපෙයා කතා සාගරයක්.
ReplyDeleteඒක ඇත්ත සරා අයියේ.. බීම නැත්තම් කතා ටික මල් හතයි.. කොහෙද .. හැම කතාවකම බීමක් තියෙනවා මයි... හි හි...
Deleteකතා සරිත් සාගරය
Deleteමම ඔය ගැන වෙනම ලිපියක් ලියන්නම් හිරූ
Deleteරස කතා සාගරයක් නේ.. කුවින්ටස් වගේ යාලුවෝ හැබෑවටම අපූරු යාලුවෝ..
ReplyDeleteඒක තමයි දයානන්ද,නියමම පොරක්
Deleteකතරගම ගිහින් වෙච්ච වැඩේ නම් මරු.... හි හි
ReplyDeleteමරු උන්ට නං අපිනෙ කට්ට කෑවෙ
Deleteහයියූ.. මේ හැලපයා කොල්ල කාලෙ හෙන නසරානි පොරක්නේ :P
ReplyDeleteඇයි යසිත්,දැන් නාකිද
Deleteපුල්ලෙයාර්ට කන්නලවු කරපු විදිහ තමා හිනා කාලා මැරෙන්නේ..
ReplyDeleteඒකවත් පිළිවෙලකට කලානම් සමහරවිට රෙස්ට් එක හම්බවෙන්නත් තිබුණා.
Deletehalapayo aththamai bola ekka
ReplyDeletewahan wenna hithenawa katha tika
ahuwama..D
man mas walata kamathi kenek nam newe..
eth meka kiyewwama mata kana palenna gahala
kaanuwaka watila budiya ganna asawak aawa...:(
බේබදු කම සේරටම වැඩිය ලොකු කියනවනේ. ඔහොම කිව්වට මටත් හරි වැඩක් උනා කතරගම ගිහින්. පස්සේ ලියලා දාන්නම්.
ReplyDeleteෂුවර් එකටම පුල්ලෙයාර් ලොක්කත් ෂොට් එකක් දාල ඉන්න ඇත්තේ ...නැත්තං ඉතින් ඇහෙන්ඩ එපායැ ... ඔච්චර ලොකු වැඩ්ඩෙක් නං ... නෑ මං මේ නිකන් හිතට ආව දේ කිව්වේ :) :) :)
ReplyDelete