අද ලියන්නට බලාපොරොත්තු වුනේ වෙනත් කතාවක් නමුත් මල්මි ලියල තිබුණු කතාවක් නිසා වාර්ගික කලබල සම්බන්ධව බලා තිබු චිත්‍රපට ගැන මගේ මතකයත් අවදිවුනා.වාර්ගික කලබල නිසාවෙන් මල්මි නරඹා තිබු චිත්‍රපට කීපයක් ගැන ඇගේ මතකයට ආ බව ඇය ලියා තිබුණා,ඒ චිත්‍රපට සියල්ලමත් එක්කම මා නරඹා තිබු තවත් අපූරු චිත්‍රපටයක් වෙත මගෙ මතකය මා රැගෙන ගියා.
කාලය 2004 හෝ 2005 වර්ෂය විය යුතුයි.ඒ මා බ්‍රසල්ස් නුවර රාජකාරි කරමින් සිටි සමයයි.එක්තරා හවසක කාර්යාලයෙන් පිටවී ගෙදර යමින් සිටි මා සමග පෙරේරා මහතා එකතුවුනා.ඔහු අත තිබු ඩීවීඩී පට දෙකක් ගැන මා ඇසූ විට එකක් මට බලන්නට ලබාදුන්නා.ඒ මිස්ට ඇන්ඩ් මිසිස් අයියර් චිත්‍රපටයයි.ගෙදරදී මා චිත්‍රපටය නරඹන්නට ගත්තේ එතරම් උනන්දුවකින් නොවෙයි.නමුත් චිත්‍රපටය පටන්ගෙන ටික වේලාවකින්ම මා එයත් සමග ඒකාත්මික වුනා.මුලු හදවතින්ම චිත්‍රපටය සමග ජීවත් වෙන්නට වුනා.චිත්‍රපටයේ කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.
මීනක්ෂි අයියර් මහත්මිය ඇයගේ අතදරුවාත් සමග (බටහිර බෙංගාලයේ විය යුතුයි)කඳුකර නගරයක පිහිටි තම දෙමාපියන්ගේ නිවසේ සිට ඇයගේ සැමියා සිටින චෙන්නායි නුවරට යාම සඳහා කල්කටාවෙ දුම්රිය පොළට බසයෙන් යන්නට බස්පොළට පැමිණීමෙන් චිත්‍රපටය ආරම්භ වනවා.බස් පොලේදී සිය පියාගේ මිතුරෙකු විසින් එම බසයේම කල්කටාවට යන ඡායාරුප ශිල්පියෙකු වන රාජු චෞද්රී ඇයට හඳුන්වා දෙන්නේ ළදරුවාත් සමග තනිවම ගමන් කරන ඇයට උපකාරයක් අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනවත් වන බැවින්.ඉතා අලංකාර කඳුකර මාර්ගයක ගමන්කරන බස්රථය ගොම්මන් ඇඳිරිය කඩාවැටෙමින් පවතින මොහොතේ එක් තැනක නතරවන්නේ මාර්ග තදබදයක් නිසාවෙනුයි.ඉදිරියේ හින්දු මුස්ලිම් වාර්ගික කලබල තදින් ඇතිවී ඇති බැවින් බසය ඉන් ඔබ්බට ගමන් කරවීම අපහසු බව කියැවෙනවා.මීනාක්ෂි අයියර් ඇයගේ නමින්ම කියවෙන ආකාරයට ද්‍රවිඩ බ්‍රාහ්මණ කුලයේ හින්දු කාන්තාවක් වන අතර රාජු චෞද්රී මුස්ලිම් තරුණයෙක්.කුරිරු ජාතිවාදයේ බිහිසුණු ගිනිදැල් මැදින් ඔවුන් දෙදෙන අතදරුවාත් සමග චෙන්නායි නුවරට යන ආකාරය චිත්‍රපටයට වස්තු විෂයය වනවා.
තිරකතාව ලියා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ අපර්ණා සෙන්,ඇයගේම දියණිය වන කොංකෝනා සෙන්ශර්මා මීනාක්ෂි අයියර් ලෙසත් රාහුල් බෝස් රාජු චෞද්රී ලෙසත් අමතක නොවන අති විශිෂ්ට රංගනයක යෙදෙනවා.එය රංගනයක් යැයි හඳුන්වන්නටත් මා තරමක් මැලි වන්නේ ඔවුන් සිය චරිතයන්හි ඒ තරම් හොඳින් ජීවත්වන බැවිනුයි.එපමණක් නොවෙයි කුඩා ළදරුවාගෙන්ද ආකර්ශණීය රඟපෑමක් උකහා ගන්නට අධ්‍යක්ෂවරිය සමත්වී තිබෙනවා.සංගීතය උස්තාද් ශකිර් හුසේන් එමෙන්ම ගීත ගායනා කර ඇත්තේද උස්තාද් වරුන් පිරිසක් වීම විශේෂයි.
චිත්‍රපටයේ නම්වැල දෙස බලනවිට ඔබට පෙනීයන එක කාරණයක් නම් මේ නම් අතර සිනමාවේ එකම තරුවක් හෝ නොමැතිවීමයි.2002 ජුලි 19 වනදා ප්‍රථම වරට ඉන්දීය ප්‍රේක්ෂකාගාරයට පිවිසි ජනප්‍රිය තරු රහිත මේ චිත්‍රපටය අතිශය සාර්ථකව තිරගත වුනා පමණක් නොව ජාතික හා අන්තර්ජාතික සම්මාන කීපයක් ලබාගත් අතර භාෂා කීපයකටද නැගුණා.
වියරු ජාතිවාදයේ භයංකර ගිනිදැල් අතරට සීතල දියදහරාවක් එල්ල කරන අධ්‍යක්ෂවරියගේ සාර්ථක උත්සාහය ඔබේ රස වින්දනය සඳහා ලබාදීමට උචිතම මොහොත මෙය යැයි මට හැඟුණ නිසා කතාව මේ අයුරින් ඔබවෙත ගෙන එන්නට සිතුණා.හැකියාවක් ඇත්නම් ඔබේ වටිනා කාලයෙන් පැය දෙකක් වැයකර චිත්‍රපටය නරඹන්න.කාලයත් මුදලත් අපතේ ගියායි හිතෙන එකක් නෑ෴
ෆිල්මය බලමින් ..ස්තුතියි හැලපේ
ReplyDeleteබලල කටයි අනිකයි වහගෙන සද්ද නැතුව ඉන්න එපා,ගුණ පණ අපටත් කියන්න.
Deleteජාතිවාදයේ අනිටු පලවිපාක ගැන කියවෙන චිත්‍රපටි කොපමණ ගණනක් ඉන්දියානු උප මහාද්වීපය තුල බිහිවී ඇද්ද? එහෙත් නූගත්කම නමැති තිමිර පටලයෙන් ඇස් වැසුණු ජනතාව තවමත් ඉන්දියාව තුළ මිනීමරාගන්නවා. මේ තත්වය, ඇලෙක්සැන්ඩර්, අශෝක, අධිරාජයන්ගේ පටන් මෝගල් යුගය දක්වාමත් ඉන්පසු අද දක්වාමත් දකින්නට ලැබෙනවා. මට දැන්නම් හිතෙන්නේ තවමත් අපේ මිනිස්සු හැඩ ගැහිලා තියෙන්නේ තද නීති වලින් පාලනයවීමට පමණයි කියලයි. ඒ තරමට නූගත්කම ඉහලයි.
ReplyDeleteහොඳ චිත්‍රපටියක් ගැන ඔත්තුවක් දුන්නට ස්තුතියි.
පැරිස් නගරයෙ රෝමා ජනතාවට මෙ දිනවල නැවත ජාතිවාදී ප්‍රහාර එල්ල වෙනවා. පහුගිය කාලේ යුරෝපයෙ බොහෝ රටවල ඩෙන්මර්ක් රටේ කාටුන් කාරෙයෙකු නබි නායක තුමා ගැන ඇඳපු කාටුන් නිසා ජාති වාදී ආගම් වාදී ගිනි දලු නගුනා. අමෙරිකාවෙ නම් ඔය ජාතිවාදී ප්‍රහාර දුසිමට දෙක ගනනේ. ණූගතුන් ට වඩා උගතුන් අතර තමාගෙ නොවෙන අන් අය නොරිස්සීම බොහෝ වැඩ්යි.
Deleteමිනිස් කම කියන්නෙ දෙපල බෙදාගන්න බැරිව තම සහොදර සහෝදරියන් සමග කා කොටා ගන්න, අල්ලපු වත්තෙ ඉන්න උදවිය සමග බිම් අඟලට මිනී මරා ගන්න, වෙනත් ආගමකට ජාතියකට අයත් උදවිය සමග අරගලයට යන සත්වයො කොට්ටාශයක්. හැබැයි සමහර රටවල නීති රීති සහ සම්ප්‍රදාය මගින් එහි ජීවත් වන වැසියන් ඔවුන්ගෙ මෙවනි ප්‍රාතමික හැඟීම් නොපෙන්වා ඉන්න පුරුදු වෙලා ඉන්නවා... නමට නම් හිතෙන්නේ නූගතුන් අතර උගතුන් ට වඩා සන්හිඳියාවක් පවතිනවා කියලයි .
එහෙනං බලල කියන්නකෝ විචාරක තුමා.
Delete@sa rasa
Deleteඇත්තටම මොකුත් නොදන්න අහිංසක මිනිස්සු අතරෙ ඔය මහා උගතුන්ට වඩා සංහිඳියාව ඉහළින්ම තියෙනවා.
This comment has been removed by the author.
Deleteඔත්තුවට පිං හැලපේ.............. බලන්නම්..... ඒ වගේ ම මේ කාලයට ඉතාම උචිත ඔත්තුවක් කියලත් හිතෙනවා...............
ReplyDeleteඑහෙම හිතනවා කුරුටු ළමයි.බලල කියන්නකෝ.
Deleteමට මතක විදියට කොන් කොනා සෙන් ශර්මා චයිල්ඩ් ආර්ට්ස්ට් කෙනෙක් විදියට රගපෑවට පස්සෙ ඉස්සරෝම රගපෑවෙ බෙංගාලි චිත්‍රපට වල. ඔබ ඔය කියන චිත්‍රපටයට මට මතක විදියට ඇයව හොදම නිළිය සදහා වන ජාතික සම්මානයට පාත්‍ර වුණා.
ReplyDeleteපට්ට ෆිල්ම් එකක්...
ඇත්තටම මහේෂ් මේ චිත්‍රපටයේ අලංකාරයට මා වශීවුනා.
Deleteෆිල්ම් එක බලලා තියෙනවා. ඉතාමත් ආසාවෙන් බලපු එකක්. ප්‍රධාන නලු, නිලි දෙන්නා තරුම නොවුනත්, රඟපෑම ඉහල මට්ටමේ තියෙන, කවුරුත් දන්න දෙන්නෙක්නේ.
ReplyDeleteමේ කාලේ බලන්ට වටින ෆිල්ම් එකක්.
මා නම් මේ අය කලින් දැකල පුරුද්දක් නෑ පොඩ්ඩියෙ.රඟපෑම අතින් නම් ඉතින් කියන්න දෙයක් නෑ හරිම ඉහලයි.
Deleteරාහුල් බෝස් හොඳ ෆිල්ම් සෑහෙන ප්‍රමාණයක රඟපාලා තියනවා. Midnight's Children ෆිල්ම් එක බැලුවද? එකේත් හොඳ චරිතයක් කරනවා.
Deleteෆිල්ම් එකේ කතාව කියෙවුවම නම් ආස හිතුනා.
ReplyDeleteදැන්ම නම් බලන්න විදිහක් නෑ. මම වැඩ පලේ මේ කොටන්නෙත් ෆෝන් එකෙන්. හවසට බලන්නම්.
මේ වගේ නිර්මාණ වලින් වත් අපේ ගිනිගන්න හිත් නිවන්න පුළුවන්නම්.…
ඇත්තටම බැලිය යුතුම ෆිල්ම් එකක් ප්‍රියා ඒකයි මම දැම්මෙත්.
Deleteරාජු චෞද්රී වගේ නමක් මුස්ලිම් වෙන්නේ බෙංගාලය සහ බංග්ලාදේශ්වල පමණයි ද මන්දා? ආගම වෙනස් කළත් ඔවුන් තම සංස්කෘතික උරුමය එතරම් වෙනස් කර නොමැති බවයි මා දුටු සුළු සාම්පලයෙන් මට වැටහුනේ.
ReplyDeleteඩීවීඩී කඩයකට ගියාම මේ මූවි එක තියේදැයි බලන්න ඕනෑ. ස්තුතියි.
මම ගිය අවුරුද්දෙ මේ ඩීවීඩී එක චෙන්නායි වලින් ගෙන්නා ගත්තා කකා.තිබිය යුතුමයි.
Deleteමේක දෙමලද? දෙමල ඩිවීඩිවල ඉංගිරිසි සබ්ටයිටල් නැති නිසා බලන්න බෑ අපිට හින්දි ඒවා වගේ.
Deleteදැනුයි දැක්කේ යූ ටියුබ් ලින්ක් එක. කලින් බ්ලොග් එක බැලුවේ ෆෝන් එකෙන් නිසාද කොහද ඒක ලෝඩ් වුනේ නෑ.
Deleteපුදුමයි, ඉන්දියන් චිත්‍රපටියක් පැය දෙකක?
Mr and Mrs Smith මූවි එක නරඹලා තියෙනවාද? අන්න චිත්‍රපටි!
ReplyDeleteඒක නම් බලල නෑ කකා.
Deleteමෙන්න කාකාගේ චොයිස් එක (මි ටූ )
Deletehttps://www.youtube.com/watch?v=_V3jNIRYihE
හැබැයි මේකත් අර නිව්ටන් දිවි නසා ගන්න ජාතියේ එකක්!
DeleteMr and Mrs Smith
Deleteනියමයි
Mr & Mrs Smith එල :D
DeleteMr & Mrs Smith එක අපි සිංහලෙන් කියන්නේ Mr & Mrs Sumith නිකන් අර බ්‍රිට්නි පීරිස් වගේ :D
Deleteචිත්තරපටිය බලලම ඉමු එහෙනං
ReplyDeleteහොඳා බලල කියන්නකො ප්‍රසන්න.
Deleteමේක මම බලලා නැ වගේ.
ReplyDeleteදෙමළ චිත්‍රපටි නම් ගොඩක්ම කරන්නේ ජාතිවාදය,අවුස්සන එකයි,වෛරය වපුරන එකයි කියලයි මට හිතෙන්නේ.
ලංකාවේ ලැයිම් වල සිල්ලර කඩේට අමතරව තියෙන එකම කඩේ,ඩිවිඩි කඩයක් ගොඩක් වෙලාවට.
පොදුවේ ගත්තම ඒ අය වැඩියම බලන්නේ කෘෘරත්වයෙන් පිරි අපිට කියටවත් බලන්න නොසිතෙන,කසිකබල්යයි සිතෙන දෙමළ චිත්‍රපටි.
මේ මිනිස්සුන්ට මෙච්චර රස මොකද කියලා බලන්නම මම ඒ චිත්‍රපටි බලනවා.කෘෘරත්වය මිස වෙන කිසි දෙයක් නැහැ.
දෙමළ කථා කරන මුස්ලිම් අයත් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ චිත්‍රපටි වලට.
කලාවෙන් උපදවන්නේ වෛරය නම්..!
දන්නවද ඔය දෙමල ෆිල්ම් බලල තමයි නිවුටන් සියදිවි නසාගෙන තියෙන්නෙ.මිනිහ සොයාගත්තු නියමයන් ඔක්කොම බොරු වෙනවනෙ එවයෙ වෙන දෙවල් වලට.එකයි.ඔයෙස්
Deleteනිව්ටන් කිව්වේ හන්දියේ මාළු ලෑල්ලේ බුවාද...ඌයි දෙමළ ෆිල්ම්සුයි මොකක්ද අප්සෙට් එක...
Deleteමල්මිට මේ චිත්‍රපටය බලන්න ලැබිල නෑ කියල මට හිතෙනවා,බැලුව නං ඔබ මේක ගැනත් කියනවනේ.ලැයිම් වල අය හොයන්නෙ කලාත්මක දේ නොවෙයි එක්කෝ සැහැල්ලු විනෝදාස්වාදය එහෙම නැත්නං ක්‍රියාදාම චිත්‍රපට හවසට දෙකක් දාගෙන ඔය ජාතියේ කතා බලනවා.
Deleteදමිත් නිව්ටන් බෙල්ලෙවැල දාගෙන තියෙන්නෙ රැජිණිකාන්ත් ගෙ වැඩ සැට් එකක් දැකල කියලයි කතාව තියෙන්නෙ.
Deleteඅරූ කොයි හන්දියෙද මචං කැළණියේද ගල්කිස්සේද.
Deleteදමි අයියා.. දෙමළ ෆිල්ම් වල පල්සර් බයික් තියනවා වැඩිමනක් යන්නෙ අහසෙං නෙ බං.. ට්‍රැපික් වෙලාවට වැඩට යන්න ටොප් භාන්ඩෙ ඈ.!!
Deleteමල්මිහි ගේ තකාවට තරමක් එකඟ වෙනවා.
Deleteමං මේ ලඟදී සිංගප්පුරු එයාලයින් එකේ ගමනක් යද්දී දකුණු ඉන්දියානු දෙමල චිත්‍රපටියක් බැලුවා. මිනී මරන්නේ නිකං කෙසෙක් ගස් පෙති ගහනවා වගෙයි.
චෙන්නායි එක්ස්ප්‍රස් එකේත් දකුණු ඉන්දියානු කෑලි මහා දරුණුයි නේද?
දකුණු ඉන්දියානු කෑලි ලස්සනයිනෙ කකා :D හරි හුරුබුහුටියි..
Deleteදකුණු ඉන්දියානු කෑලි ගැන දන්නෝ දනිති නේද පත්තරේ.
Deleteආං හැලපයියට අතීතෙ මතක් වෙලා..
Deleteඔන්න ලෑස්ති වෙයල්ලා පට්ට කතා ෂැට් එකක් අහන්ඩ !!! වරේ වා !!!!
මේ දවස් වලනම් බලන්න වෙලාවක් නෑ. ඉඩක් ලැබුණු ගමන් බලන්න ඕන. ඉෂාක් සාදේ එකත් මේ වගේම එකක් නේද?
ReplyDeleteහොඳයි බලන්න,ඔය කියන චිත්‍රපටය නම් මම බලල නැති එකක්.
Deleteස්තුතියි හැලපතුමා
ReplyDeleteපැමිණීම ගැනත් ස්තූතියි රෙහානි.
Deleteහැලපතුමා තැංකූ............ නිවාඩු පාඩුවේ බලන්න ඕන
ReplyDeleteහොඳයි නිවාඩු පාඩුව බලන්නකො.
Deleteජාතිවාදය වැපිරවිමේදි මාධ්‍ය සතු කාර්යභාරය “Mission Istaanbul “ මගින් දැක බලා ගත හැක.
ReplyDeleteමේකත් බාගෙන බලන්න ඕනෑ.
Deleteමම දමිල චිත්‍රපටි බලන්නෙම නැහැ......
ReplyDeleteඋඹ කිව්ව නිසා බලන්න හිතුන.....
මේක දෙමළ නෙවෙයි මචෝ ඉංග්ලිෂ්.
Deleteබලපු හොඳම ෆිල්ම් එකක්. කියන්න වචන නැහැ දොරේ. බස් එකේ එන වයසක ජෝඩුව මතකද...හරිම සංවේදී ෆිල්ම් එකක්*****
ReplyDeleteඅපොයි මචං මතක් කරන්න එපා හරිම දුකයි.
Deleteඅරූ ++++++++++++++++
Deleteබලන්න ඕනේ .. ස්තූතියි ඔත්තුවට ..
ReplyDeleteබලන්න තුශානි ස්තූතියි.
Deleteබාගෙනම බලන්න ඔන.ටැන්කිවු බොස්
ReplyDeleteබලන්න දමිත්, ටැන්කිවූ වේවා.
Deleteබලල නෑ හැලපයියා..බාගෙන බලන්නම්
ReplyDeleteබොහොම ස්තුතියි.
නියමයි බලන්න එහෙනං.
Deleteබොරුවට හොයාගෙන බලන්නම් කියලා පලක් නෑ...චිත්‍රපට බලන්නෙම නැති අතලොස්සෙන් එකෙක් තමයි මම....
ReplyDeleteහොයාගෙන බලන්න දෙයක් නෑ සිරෝ අර ගෙඩිපිටින්ම දාලා තියෙන්නේ ඔබේ බටේ ලින්ක් එක
Deleteඒ මදිවාට මුළු කතාවම අපේ මව් බසින් (ඉංග්‍රීසි)
Deleteසිරා ෆිල්ම්ස් බලන්නෙ නැහැ කියල දන්නෙ නෑ නොව.
Deleteඒක තමයි රාළේ ආයේ හොය හොයා ඉන්න දෙයක් නෑ නොව.නොතේරෙනව කියලයැ බලන ඒකයි තියෙන්නෙ.
Deleteබලලා නැහැ හැලපයියේ.මම බලපු හොඳ චිත්‍රපටියක් තමයි ශරුක්,කාජල් රඟපාපු "My Name Is Khan".
ReplyDeleteවෙලා තියෙන්නේ චිත්‍රපටි බලලා,කතා කියවලා සංවේදී වෙන මිනිස්සු සමාජයේ මේ වගේ සිදුවීමක් වුණොත් සංවේදී වෙනවා වෙනුවට ප්‍රචණ්ඩත්වය තෝරා ගන්න එකයි.
මේකත් බලල කියන්නකො මනෝජ්.
Deleteඔත්තුවට ස්තූතියි හැලප් අංකල්!!
ReplyDeleteබලල කියන්නකො.
Deleteෆිල්ම් එක බලන්න වෙලාවක් තිබ්බේ නෑ... ලින්ක් එක දා ගත්තා .. ස්තුතියි හැලපඅයියා.. මේක බලල ඇඩෙන්න විචාරයක් දෙන්නං...
ReplyDeleteජය වේවා!!!
සුපිරියි විදානයෝ.එහෙනං මං අඬන්න බලාගෙන ඉන්නංකො.
Deleteමචෝ විචාරෙ දැම්මම අපිටත් කියහං ඈ. අපි හරී ආසයි උඹේ විචාර බලන්ඩ :D
Deleteෆිල්ම් එක බලලම කොමෙන්ටුවක් දාන්නම් කෝ
ReplyDeleteහොඳයි බලල ඉන්නකෝ.
Deleteඉන්දියාවේ ගොඩක් මේ වගේ අරගල ගැන තියෙන ෆිල්ම් හැදුනා.. මම හිතන්නේ ඒ රටේ ජාතින් අතර ප්‍රශ්ණ හැම තිස්සෙම වගේ තියෙන හන්දා වෙන්න ඇති.. එහෙනම් මේකත් බලන්න ඕන නිවාඩු පාඩු වෙලාවක...
ReplyDeleteබලල කියන්නකො දිනේෂ්.
Deleteකාලෙකට ඉස්සර මේ ෆිල්ම් එක බැලුවා. අපේ රටේ ඔය වගේ ෆිල්ම් එකක්, අපි කියමුකෝ 'මිස්ට අන්ඩ් මිසිස් මුදියන්සේ' වගේ කියලා... එහෙනං අපේ වඳුරු සේනාව අද්‍යක්ෂකගේ ගෙවල් ගිනිතියලා, ඌට තඩිබාලා, ෆිල්ම් හෝල් වලට ත ගහලා රටම ගිනි තියනවා. දෙකක් නෑ.
ReplyDeleteසංහිඳියාව උපරිමේටම තිබුන ගමටමොකද මේ උනේ????
//සංහිඳියාව උපරිමේටම තිබුන ගමටමොකද මේ උනේ????//
Deleteපටු දේශපාලනයේ සහ බලලෝබිත්වයේ පලවිපාක තමයි.
මට නම් ඔය ෆිල්ම එක බලන්න ඕන නෑ. සිහළ බෞද්ධයකු වීමේ පෙර පිනෙන්, 83 දී ලයිව් බැලුවා.. බොහොම ස්තූතියි හැලපේ..
ReplyDeleteලයිව් බලල දැන් අවුරුදු තිහක් ගතවෙලා නොවැ,ආයෙම බලපං.
Deleteමේ දවස්වල ටික ටික 'ලජ්ජා' කියවනවා.ඒකත් ඔය සීන් එක ගැනමනේ තියෙන්නේ.
ReplyDeleteලජ්ජා කතාවයි මේ කතාවයි වෙනස් කතා දෙකක් දිනුක.එකම වස්තු විෂයය වුනාට කතා වෙනස් නොවැ.
Deleteෆිල්ම් එක බලල නෑ.. මට වැඩිය ඔය වගේ කතා බලන්න හිතෙන්නේ නෑ.. මොකද තියෙන්නේ එකම සංකල්පය නිසා.. සංවේදී කම දැනෙනවා වුණාට හේතුවත් පලයත් දෙකම කලින් ම හිතා ගන්න පුළුවන් නිසා වැඩිය උනන්දුවක් නෑ..
ReplyDeleteමේක කියවනකොට මට මතක් වුනේ කුෂ්වන්ත් සිංග් ගේ train to pakistan පොත. එකේ තියෙන එක සීන් එකක් නිසා මට ඕව බලන්න එපා වෙලා තියෙන්නේ.. හෙහ් හෙහ්
කුශ්වන්ත්ගේ පොත සහ මේ චිත්‍රපටය හාත්පසින්ම වෙනස් පැතුම්.ඔබ බලන්න අකමැති නිසා නොවේනම් දෙකේ වෙනස හඳුනාගන්න තිබුනා.
Deleteම්ම්ම්ම් මරු මේක...
ReplyDelete