අමතකවීම කියන රෝගය හරිම තදයි,මේ අනික් පැත්ත හැරෙනකොට හිතාගෙන හිටපුදේ අමතක වෙනව.ලඟපාත තියෙන දේ, ඉන්න අයව අමතක වෙනකොට මැමරි චිප් එකේ අප්සැට් එකක්ද කියලත් හිතුනට අතීතයෙ දේවල් බොහොම හොඳට හිතේ තියෙන නිසා එහෙමයි කියන්නත් බෑ.මොකද මේ කතාව මම බොහොම කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටියා,ඒ කියන්නෙ බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලෙ විතර ඉඳල නමුත් වැඩේ දිගින් දිගටම කල්ගියා,ඉතිං මතක්වුන වෙලාවෙ ටක් ටක් ගාල ලියන්න හිතුවා,අනික් කාරණේ මම හැමදාම පරණ ගම්මැදි හෑලියි කාටවත් සතපහකට වැඩක් නැති කුණුහරුපයි පොළොව පැලෙන බොරුයි ලිය ලියා ඉන්නව කියල කණින් කොණින් කතාවකුත් ඇහෙන නිසා කාටත් පාහේ යමක් දැනකියා ගන්න අධ්‍යාපනික වටිනාකමකුත් ඇති ඉස්කෝලෙ යන ළමෙකුට රචනයක් ලියන්නවත් දෙයක් ලියන්නට අද කල්පනා කළා.කතාව මෙහෙමයි.
වෝටර්ලූ කියන නම අපි කවුරුත් අහල තියෙනවනෙ,ඒ කියන්නෙ නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ අවසාන සටන සිදුවූ ස්ථානය යමෙකුගෙ විනාශයකටත් ඔය වචනය පාවිච්චි කරනව, ඔහුගේ වෝටර්ලුව එහෙම නැත්නම් එතැන ඔහුට වෝටර්ලුවක් විය, ආදී වශයෙන් වචනය යොදන තැන් මා දැක තිබෙනවා.නමුත් නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ අවසාන සටන සිදුවූ වෝටර්ලු කියන ස්ථානය පිහිටා තිබෙන්නේ බෙල්ජියමෙයි.හරියටම තැන කිව්වොත් බ්‍රසල්ස් සිට කිලෝමීටර් දහඅටක් දුරින් තිබෙන වලුන් පළාතෙයි.මුළු බෙල්ජියමටම තිබෙන එකම බෞද්ධ සිද්ධස්ථානය වන තායි පන්සලත් පිහිටා තියෙන්නෙ වෝටර්ලු වල නිසා අපට නිතරම පාහේ වෝටර්ලු යන්න සිද්ද වුනා.ආ තව දෙයක් මතක් වුණා වෝටර්ලු කියල කෝච්චි ස්ටේෂන් එකක් ලංඩන් වලත් තිබෙනවා,ඒ කියන්නෙ යුරෝපෙ ඉඳල යන කෝච්චි නවත්වන ලංඩන්වල ප්‍රධාන දුම්රිය ස්ථානය,නමුත් ඒ ස්ටේෂන් එකක් පමණයි වරද්දගන්න එපා.
අපිනං ඒ කාලෙ බැස්කියුල් හංදියෙන් බස් එකකට නැගල වෝටර්ලු ගියා,ග්‍රීෂ්ම සෘතුවෙ හොඳට ඉර පායා හිනැහෙන දවසක බස් එකේ ඔය දුර යන එක හරිම සුන්දර අත්දැකීමක්,පාර දෙපැත්තෙ කහපාටට වල් සූරියකාන්ත මල්, කැලෑ රෝස මල්,තව නම කියන්නෙ දන්නෙ නැති ලස්සනම ලස්සන දම්පාට මල් ජාතියක් ඔය ඔක්කොම මල් හුළඟට නැලවෙද්දී ඒ මැදින් යනකොට සුන්දරත්වය මිසක මොනම කල්පනාවක්වත් හිතට එන්නෙ නෑ.මුල කාලෙ වෝටර්ලු ගියාට ඔය නිශ්චිත ස්ථානය තියෙන තැන අපි දැනගෙන හිටියෙ නෑ ඉතිං අපි බස් එකේ රියදුරු තුමාගෙ පිහිට පැතුවම අපි කියනදේ හරියට තේරෙන්නෙ නැති නිසා මුලදී ඔහුටත් ටිකක් කොයිල් වුනා,අපි ඇහුවෙ නැපෝලියන් මියුසියම් කියලයි.ඒ කාලෙ අපි කාටවත් ප්‍රංශ භාෂාවෙ පටුත්වයක් තිබුනෙ නෑ රියදුරු තුමාට ඉංග්‍රීසි බෑ.ඉතිං අපි අහද්දී ගොඩක් කල්පනා කරල එහෙම "ආ මුසී මුසී" කියල හිනාවෙලා අපි අහන්නෙ මේකයි කියල තේරුම් ගත්ත ඒ කරුණාවන්ත රියදුරු තුමා එතනට හැරෙන තැන බස් එක නවත්තල එයත් බස් එකෙන් බැහැල මේ පාරෙන් ගිහිං යන්න කියල අපට පෙන්නල දුන්නා.
ඒ මුල්ම දවස ඊට පස්සෙ නං සංචාරවලට එන අමුත්තො යාළුවො එක්ක හෙම දහ පහළොස් සැරයක් යන්නට සිදුවුනා,කිසිම විශේෂත්වයක් නොතිබුණු මේ භූමි භාගය ස්මාරකයක් හැටියට සිංහයෙක් මුදුනේ හිටවපු කන්දක් හදල හදල කෞතුකාගාරයක් හදල සංචාරක ආකර්ෂණයක් හැටියට අද වසරකට විශාල මුදලක් උපයනවා.මේ ස්මාරකය නරඹන්න යන සංචාරකයෙකුට මුලින්ම පැනොරාමා එකේ චිත්‍රපටයක් පෙන්වා ඊට පස්සෙ මුළු යුද්ධ භූමිය වටේම කෝච්චියක් වගේ වාහනයකින් ගෙනිහින් විස්තරය කියාදීලා කෞතුකාගාරය බලන්නට දීල ඊට පස්සෙ සිංහ කන්ද නගින්නට දෙනවා,මේ සියල්ලටම ඒ කාලෙ කෙනෙකුට යුරෝ 4.50ක් හෝ පහක් අයකලා මට මතකයි.ඊට අමතරව සති අන්තවලට යුද්ධයේ සජීවී දර්ශන අතීතයේ තිබු යුද්ධායුධ වලින් ඒ ඇඳුම් ඇඳගත්ත පිරිසක් විසින් නිරූපණය කර පෙන්වනවා.
නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ ප්‍රංශ හමුදාව 1815 ජුනි 18 වැනිදා එදා නෙදර්ලන්තයට අයත් බිමක් වූ මේ ස්ථානයේදී රටවල් හතක ඒකාබද්ධ හමුදාවන්ට නායකත්වය දුන් ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාට පරාජය වුනා.සටනේ විස්තර මා මෙතැන ලිවීම තේරුමක් නැති ක්‍රියාවක්,සම්පූර්ණ විස්තරය මා ලියනවාට වඩා හොඳට ජාලයෙන් බලාගන්නට පුළුවනි.ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාටත් වෙනම කෞතුකාගාරයක් නිර්මාණය කර තිබෙනවා එහි පිංතුරත් මගේ ළඟ තියෙනව නමුත් ඒ පින්තුර වෙන දවසක ඉදිරිපත් කරන්නම්.
පැනොරාමාව
නැපෝලියන් බොනපාට් අධිරාජයා
සටන සැලසුම් කිරීම
සටන
සිංහ කන්ද උඩට පෙනෙන දර්ශනය
සිංහ කන්ද නැගගත් හැලපැට්ටා
කව්ද කියහං අයියේ බොට මේවා ලියන්න කිව්වේ.. හැක්..
ReplyDeleteකෝම උනත් ඉතිං ඔය ගමන් බිමන් ගියපු ඒවට මං කැමතියි...හැලපතුමා...
කවුරුවත් කිව්වෙ නෑ බං මට හිතුණා ලිව්වා.කොහෙද යකෝ මකබෑ වෙලා හිටියෙ.
Deleteමරු! බොනපාට් බීල ඉඳල තියෙන්නෙ ඒකයි සටන පැරදුනේ.
ReplyDeleteනැපෝලියන් බොන පාට් අපේ ගමෙත් හිටියා. බීලම මලා. කව්ද දන්නේ නෑ ඌට නැපෝලියන් කියලා නම දැම්මේ. අපි කියන්නේ බාර් ඇසෝසේසොන් එකේ චෙයාර්මෑන් කියලා.
Deleteඑහෙනං නිතික්ඡයෙක් වෙන්ටැති ඒ...
Deleteඔව් උඹට හොයන්න පුලුවන්නෙ බීලද කියල,ඔය ඉන්නව ඇත්තෙත් බීල වැඩිවෙලා වෙන්නැති.
Deleteබාර් ඇසෝෂියේෂන් එකේ චෙයාමන් නං ඌ හෙන වැඩකාරයෙක් වෙන්න ඇති නොවැ මාතලන්.
Deleteමොකාද මොකාද දේශෝ ඒ සතා.
Deleteඅපූරුම සංචාරක සටහනක්. මේ ඉසව්වලට පා තබා නැති අපටත් එතැනට ගියා වගේ දැනෙන පිංතුරත් එක්ක රසවත් විස්තරයක්. අර ඕපදුප කතා ගණන් ගන්න එපා. ඒවත් ලියන්න. මේවත් ලියන්න. ඔබට හැම ඉසව්වම ස්පර්ශ කරන්න හැකියි අගේට.
ReplyDeleteස්තූතියි නලින්.ඕපාදුප කතා නං මම ගණන් ගන්නෙ නෑ ඒත් පල්බොරු ලියනව කීවහම ටිකක් දුක හිතුණා,ලියන්න දෙයක් නැත්නං නිකං ඉන්න එක වෙනම දෙයක්.මම බොරු ලියන්නෙ නෑ.
Deleteඅපුරැයි.. අද මෙි කථාව පොඞි මෙන්ඞියාට කියලා දෙනවා.
ReplyDeleteනියමයි,මම නොලියපු හරිය නෙට් එකෙන් බලාගන්න.පොඩි එකා කිව්වෙ මොනවද කියලත් මට කිව්වොත් හොඳයි.ජය!!
Deleteඅයියන්ඞි පොඞ්ංට ගොඞක් දේ තේරැම් ගන්න අමාරැයි මිනිහා තවම මොට්ටසොරි.
Deleteඇයි එයලා යුද්ද කරේ?
එයාලත් එල් ටි ටි වගේද?
නැපොලියන් අපේ දුටුගැමුනු රඡතුමා වගේද?
ලබන සතියේ මාව එයාව බලන්න එක්කරගෙන යනවාද?
ඇයි අපිට ඒ රටට යන්න බැරි?
ඔයාට ඔපිස් එකේ නිවාඞු දෙන්නේ නැද්ද?
ඔන්න අහපුවා ඉතින් දිපල්ලකෝ උත්තර
මටත් යුද්ද කරන්න අශ්වයක් ගෙනත් දෙනවාද?
Deleteඔයාට පඞි දවසට මට අශ්වයක් ගෙනත් දුන්නෙ නැත්නම් මම තරහයි
සුපිරියි,දැන් ඉතිං අස්සයො හොයපල්ලකො.කොහොම හරි පඩියට එකෙක් ගෙනැත් දෙන ඒකයි.ඊට පස්සෙ යුද්ද කරන්න බැරියැයි.ලොකු වුනාම ඒ රටට විතරක් නෙවෙයි තව රටවල් ගොඩකට යන්න ලැබෙයි කියල පැටියට කියන්න.
Deleteහම්මේ...
ReplyDeleteඅපූරු විස්තරයක්...
ඒත් අර ඔයාම කියාගන්න ගම්මැදි හෑලි ලියන්න ගන්න වෙලාව ගත්ත නං මේක මීට වඩා විස්තර සහගත වෙනව
ඒක නං එහෙම තමයි,අද දාන්න මේ කතාව ඊයෙ රෑ හදිසියෙන් ලිව්වෙ,හෑල්ලක් ලියන්න නං දවස් දෙක තුනක්වත් යනවා.
Deleteස්තූතියි හැලප අයියෙ විස්තරයට.
ReplyDeleteසිංහ කන්ද කිව්වම මතක් උනේ සීගිරිය.
මේවා මේ සීගිරිය වගේ එයිතිහාසික වටිනාකමක් ඇති තැන් නොවෙයි ප්‍රියා,පසුකාලීනව හදපු තැන්.නමුත් ඉතිං සල්ලි උල්පත්.
Deleteමේ කන්ද දැක්කම එකපාරටම මතක්වුනේ zwarovsky..
ReplyDeleteහොඳම කාලෙකනෙ ගිහිං තියෙන්නෙ. තව ටිකක් විස්තර දාපංකො හැලපයියේ..
හර්ෂ
ඔතෙන්ට අපි දහ පහළොස් ගමනක් යන්න ඇති.හැබැයි ටිකට් අරගෙන නං කවදාවත් ගිහිං නෑ නිකම්ම තමා.
Deleteපොඩි කාලේ අපේ ගෙදර තිබුනා වෝටර් ලූ කළගෙඩියක් සහ ගුරුලේත්තුවක්.
ReplyDeleteදැන් තියෙනවා වෝටර් ලූ ඉන්දියානු ජොග්ගුවක්.
මගතොට දී නම් ඉට්ජින් වෝටර් ලූ බෝතල් තමයි.
මගෙ ළඟ දැන් තියෙන්නෙ වෝටර් ලු අටේ කෑන් දෙකක්.
Deleteනියමයි හැලපයියේ..............
ReplyDeleteඅගේ ඇති ලිපියක්... නැපෝලියන් කියන්නේ මිලිටරි ලෝකයේ දැවැන්ත වීරයෙක්.. ඔහුගේ පරාජය කියන්නේ ඔවුන් කතා කරන්න පවා අකමැති දෙයක්... ඒ වුණත් එවැනි තැනක් ගැන ඇති මතක සටහන් මේ විදිහට ගෙනාපු ඔබට බොහොම ස්තූතියි. හැලපයෝ ඔබ යන එන තැන් අපිට රූපත් එක්ක පෙන්නන්නට මහන්සිවෙනවාට ඔබට පිං................................
ස්තූතියි කුරුටු ළමයි,මම මේ ගොඩක් කල් ඉඳන් ලියන්න හිටපු කතාවක්,දවසෙන් දවස කල්ගියා.තවත් විස්තර ගොඩක් තිබෙනවා ලැබෙන හැටියට ගේන්නං.
Deleteවිස්තරේයි පොටො ටිකයි හොදයි,අපේ මනාපේ නම් අර හෑලි කතා වලට ඈ ..
ReplyDeleteහෑලි ලියන්න පුළුවන් බැණුම් අහන්න තමා බැරි සහෝ.
Deleteඑයාගේ සොහොනට ගියා...ඒක දැක්කාම හිතට එන්නේ පුදුම හැඟීමක්. ඉතිහාසේ අපි දන්න කෙනෙක් ඇත්තටම මෙතන වැලලුවා නේද? කියලා හිතෙනවා...ඊට පස්සේ ඉතින් ඒ දිගේ හිතුවිලි ගලාගෙන යනවා...
ReplyDeleteවිස්තරේ හොඳයි හැලපේ...
ඒ කතාවත් පොඩ්ඩිට ලියන්න තිබ්බනෙ.ස්තූතියි පොඩ්ඩි.
Deleteමරු, නැපෝලියන් හැම තැනම අත් මිටි කරගෙන ඉන්නේ මොකද දන්නේ නෑ, සිංහ කන්ද කෘතිමව හදපු එකක් වෙන්න ඇති. ස්වාභාවික කන්දක් නෙවෙයි වගේ
ReplyDeleteඒ නැපෝලියන්ගේ ගති ස්වභාවය වෙන්න ඇති ඉවාන්.පැහැදිලිවම එය කෘත්‍රිම කන්දක්,හැබෑටම ඔය රටේ මම කඳු දැකල නෑ නේද,ඔන්න දැනුයි මතක් වුනේ.
Deleteලස්සන විස්තරයක් හැලපේ... පින්තූර ටික තවත් වටිනාකම වැඩි කරනවා... :)
ReplyDeleteආ මේ ඔයා නේද,කොහෙද අප්පා ගිහිං හිටියෙ.
Deleteමුසී....මුසී...
ReplyDeleteඋසි උසි නොවෙයි,මේ ප්‍රෙන්ච් වලින් මියුසියම් එකට කියන විදිහ.
Deleteහැලපයියා ගේ සංචාරක සටහන් !! මරු ..
ReplyDeleteතෑන්ක්ස් පත්තරේ.
Deleteමාත් ඔය රටේ හිටි හින්දා ඕක දෙක්ක ඒත් මේ තරම් විචිත්‍රවිදිහට මට මතක නැත්තෙ අමතක ලෙඩේ හින්දා..
ReplyDeleteහිටිය නං ඔබ දැකිය යුතුමයි,අමතක ලෙඩේ නං හරිම ප්‍රශ්නයක් සරත්.
Deleteඅෆ්ෆා අද හැලප අංකල් මහා සංචාරෙ එපිසෝඩ් එකක් දාලනෙ. ඒ වැඩෙත් නැගල යයි වගේ. මේ කැටගරියත් ලියන්න දිගටම.
ReplyDeleteඅර කෙටිකතාව ගැන විචාරය ලියැවෙනකම් මග බලන් ඉන්නවා.... ඒකත් ඉක්මනට ලියන්නකෝ තරහ නැතුව....
සංචාර ගැන නං තව ගොඩාක් ලියන්න තියෙනව බස්සියේ.කෙටිකතා විචාරයට වැඩිදුර කරුණු රැස්කරමින් පවතිනවා.මොකද ඔයගොල්ල ඔක්කොම ඕනැකමින් බලං ඉන්න නිසා හරියට ලියාගන්න අවශ්‍යයි.
Deleteඇත්තටම රට රටවල්වල සංස්කෘතීනි, ඔවුන්ගේ ආචාර ධර්ම වගේම භූ ගෝලීය ලක්ෂණ බලන්න අධ්‍යයනය කරන්න මාත් කැමතියි. ඔය ඉතාලියේ පොම්පෙයි වගේ නගර ඊජිප්තුවේ මහා පිරමීඩ ආදිය දකින්න මටත් ඇතේ පුදුම ආසාවක්.
ReplyDeleteහොඳයි හොඳයි තරු,ඔබටත් අදහස් කරන සියලුම ස්ථානයන් බලන්නට දවසක් ඒවි.සුබ පැතුම්!!!
Deleteනියමයි හැලපේ.
ReplyDeleteවෝටර්ලූ කිව්වාම මට ඉස්සෙල්ලම මත වෙන්නේ ඇබාගේ මේ සින්දුව. මේක 1974 විතර එකක්. නමුත් එලම තමයි. මගේ ප්‍රියතම සින්දුවක්.
මේ සින්දුවේ කියවෙන්නේ නැපෝලියන්ගේ වෝටර්ලූ සටන නෙවෙයි. වෝටර්ලූ කියන වචනය වෙනත් අදහසකින් ඉංග්‍රීසි භාෂාවට එකතු වුනා. ඒ කියන්නේ කෙනෙක්ගේ අරගලයක්. තීරණාත්මක සටනක්, වගේ දෙය. FInally facing my Waterloo...කිව්වාම අදහස එන්න ඒවගේ.
මේ වචන කියවලා බලාපං.
Waterloo
My, my, at Waterloo Napoleon did surrender
Oh yeah, and I have met my destiny in quite a similar way
The history book on the shelf
Is always repeating itself
Waterloo, I was defeated, you won the war
Waterloo, promise to love me forever more
Waterloo, couldn't escape if I wanted to
Waterloo, knowing my fate is to be with you
Wah-wah-wah-wah-wah Waterloo
Finally facing my Waterloo
My my, I tried to hold you back, but you were stronger
Oh yeah, and now it seems my only chance is giving up the fight
And how I could ever refuse, I feel like I win when I lose
Waterloo, I was defeated, you won the war
Waterloo, promise to love me forever more
Waterloo, couldn't escape if I wanted to
Waterloo, knowing my fate is to be with you
Wah-wah-wah-wah-wah Waterloo
Finally facing my Waterloo
So how could I ever refuse?
I feel like I win when I lose
Waterloo, couldn't escape if I wanted to
Waterloo, knowing my fate is to be with you
Wah-wah-wah-wah-wah Waterloo
Finally facing my Waterloo
Woo-woo-woo-woo Waterloo
Knowing my fate is to be with you
Wah-wah-wah-wah-wah Waterloo
Finally facing my Waterloo
Woo-woo-woo-woo Waterloo
Knowing my fate is being with you.
-ABBA-
කෑල්ලක් හැලිලා බං.
Deleteමම කියන්න ගියේඋඹ කිව්වා වගේ >>යමෙකුගෙ විනාශයකටත් ඔය වචනය පාවිච්චි කරනව, ඔහුගේ වෝටර්ලුව එහෙම නැත්නම් එතැන ඔහුට වෝටර්ලුවක් විය, ආදී වශයෙන් වචනය යොදන තැන් මා දැක තිබෙනවා.<< වගේ අවස්ථාවන්ට අමතරව මේ සින්දුවේ වගේ ජයග්‍රහණයක් ගැනකියන්නත් පාවිච්චි වෙච්ච අවස්ථා තියෙනවා. මේක වරදවා වටහගන්න එපා. ප්‍රේම යුද්දයෙන් මගේ ප්‍රතිරෝධය බිඳ වැටිලා ඔබ ජයගන්නවා. ඒකයිමට පැරදුනත් දිනුවා වගේ දැනෙන්නේ. I feel like I win when I lose...
බොහෝම ස්තූතියි මචං,හරිම ලස්සන වචන හරඹයක් නොවැ.උඹ කියනදේ මට තේරෙනවා.ඇත්තටම වචන වලින් කෙරෙන මෙවැනි සුන්දර අරුත් දැක්වීම් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට තරම කරුණු හොයාගන්නට පුළුවනි.
Deleteවෝටර්ලූ ස්ටේෂන් එක දැන් ඉන්ටර්නැෂනල් ස්ටේෂන් එකක් නෙවෙයි හැලපෙ.. 2007න් පස්සෙ යුරෝස්ටාර් කෝච්චි නවත්තන්නෙ සේයින්ට් පැන්ක්‍රාස් වල.. වෝටර්ලූ දැන් නිකංම සවුත්-වෙස්ට් ලන්ඩන් ඒරියා එකට සපෝර්ට් කරන කමියුටර් ස්ටේෂන් එකක්..
ReplyDeleteලිපිය තව ටිකක් දික් වුනා නං හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද? අඩු ගානෙ අර තියෙනවා කියපු තායි පන්සල ගැන විස්තර ටිකකුත් මේකටම එකතු කරන්ට තිබ්බා.. එහෙනං මේක නියම 'හැලප ස්ටයිල්' එකට එනවා.. :-)
මේ හරිය තමා මම යුරෝපයේ කැමතිම ඒරියා එක.. ඩච්, ෆ්ලැන්ඩර්ස්, අපර්-ජර්මනික් හා ඩේනිෂ් .. ඓතිහාසික පැත්තෙන් බැලුවත්, සෞන්දර්යාත්මක පැත්තෙන් බැලුවත්, මිලිටරි පැත්තෙන් බැලුවත්, ඉකොනොමිකල් පැත්තෙන් බැලුවත් යුරෝපයේ සිත් ඇදගන්නාසුළුම ඒරියා එක.. අනික තනිකර 'ටෑන්ක්/ කැවල්රි කන්ට්‍රි' එක..
Deleteබුරා,මම 2005 දි ලංඩන් යද්දී කෝච්චියෙ ගිහිං බැස්සෙ වෝටර්ලු වල,මං ලිව්වෙ ඒ මතකයයි.අප්ඩේට් කිරීම ගැන බොහොම ස්තූතියි.
Deleteලිපිය තව ටිකක් දික්වුනා නං හොඳයි කියල මටත් නොහිතුනා නොවෙයි.නමුත් කම්මැලිකමයි නිදිමතයි ගොඩක් ලියන්නට ඉඩ දුන්නෙ නෑ.ලියන් යද්දී කතාව තායි පංසල පැත්තටත් ඇදෙන්න ගත්තා,මම පංසලේ පින්තුර තියෙන සී ඩී එක අතටත් අරං ආපහු තිබ්බෙ ලියන්න වස කම්මැලි කමක් ආපු නිසායි.කොහොමත් පංසල ගැන කතාව වෙනම පෝස්ටුවක් විදියට ආයෙම ලියවේවි.හැලප ස්ටයිල් එක නෑ කියන දෝෂාරෝපණ හැම අතින්ම නැගගෙන එනව පේනවා ඇති නේද.
ඇත්තටම යුරෝපෙ මේ කලාපය වගේ සෞන්දර්යාත්මක පළාතක් මම දැකලත් නෑ.ඒ ලස්සන මම ලියද්දිත් පොඩ්ඩක් ලියවුනාද මන්දා.මිනිස්සුත් බොහොම උණුසුම් හදවත් ඇති අයයි.
වෙනසකටත් එක්ක නරකම නෑ, තායි පන්සල ගැනත් ලියන්න.
Deleteඒත් "පරණ ගම්මැදි හෑලියි කාටවත් සතපහකට වැඩක් නැති කුණුහරුපයි පොළොව පැලෙන බොරුයි " නං අමතක කරන්න එපා. ඒක තමා හැලපෙගෙ ට්‍රේඩ් මාක් එක :)
හැලපේ....2007-2008 වගේ කාලයේදී තමයි යුරෝපා කෝච්චි නවත්වන එක වොටර්ලූ වලින් සේන්ට් පැන්ක්‍රාස් වලට මාරුවුනේ.
Deleteමං බොරු නං ලියල නෑ බස්සෝ.තායි පංසල ගැන නෙවැරදීම ලියනව.
Deleteඅරූ තෑන්ක්ස් මචං අප්ඩේට් කලාට.
Deleteමට කියන්න ඕනෙ වුනේ මේකයි හැලපෙ.
Deleteහැලපෙයි, අරූයි, තිලකෙයි තමා මට නං සිංහල බ්ලොග් ලෝකෙ රජතුන් කට්‍ටුව. අනික් අය නරකයි කියනව නෙමෙයි. ඒත් ඔයාල තුන්දෙනාට එකිනෙකාට වෙනස් අනන්‍යතාවයක් තියනවා.
ඉඳලා හිටලා මෙහෙම අධ්‍යාපන චාරිකා ගැන ලියන්න ඕනෙ නං ලියන්න. ඒත් මට නං පඳුරක් දෙකක් තලල ලියන ගම්මැදි හෑල්ලක රසේ , මේ අළුත් වණ්ඩු ආප්ප වල නෑ.
කියන අයට ඕන දෙයක් කියාගන්න කියලා, අපට පුරුදු හැලපම දෙන්න :)
වර්ණනාවට තෑන්ක්ස් බස්සෝ.
Deleteගම්මැදි හෑලි වෙනුවට වෝටර්ලූ හෑලි, ඒකත් නරකම නෑ
ReplyDeleteඅඩු තරමින් බනින්නෙවත් නැතුව ඉන්නෙ නැතැයි නේද.
Deleteලස්සනට විස්තර කරලා. මට මතක්වුනේ පැරිස්වල "ලූවර් මියුසියම් " එකේදි දැක්ක නැපෝලියන් බොනපාට්ගෙ පින්තූරේ . නැපෝලියන් බොනපාට් ලස්සන කෙනෙක් නේද :)
ReplyDeleteලස්සන මන්දා හැබැයි හෙන කොටා..
Deleteඔන්න ඇනෝ ගෙඩි පිටින්ම කියල දීල තියෙනවා.බොහොම ලස්සන පුරුෂයෙක් නමුත් කොටයි.
Deleteමම තරම්ම කොටද දන්නෑ. :)
Deleteආ ප්‍රියා තරම්ම නං කොට නැතුව ඇති.
Deleteනැපෝලියන් බොනපාට් කිව්වම හිතේ මැවෙන තේජස ඇත්ත රූපෙ නෑනෙ අප්පා. බොනපාටම තමයි.
ReplyDeleteඅගේ ඇති පිංතූර ටික.
ගොඩක් මහා පුරුෂයන් ගැන අපි හිතේ මවාගෙන ඉන්න චිත්‍රය වැරදි බව දැක්කම පේනවා.පිංතූර ටික මමමයි ගත්තෙ,උඩම තියෙන එක ගූගල් වලින් ගත්තා.
Deleteඓතිහාසික කතා තරම් සිත්ගන්නා සුළු කතා තවත් කොහෙද තියෙන්නේ. සත්‍යය සෑමවිටම ප්‍රබන්ධයට වඩා රසවත්. හරවත්. මෙවැනි චාරිකා යන්නට ලැබෙන්නෙත් පෙර පින් අනුව තමයි. බොහොම ස්තුතියි අප සමග බෙදා හදා ගත්තාට.
ReplyDeleteරස විඳීම ගැනත් අදහස් පලකිරීම ගැනත් බොහොම ස්තූතියි විචාරක තුමා,තව සංචාරක සටහන් රැසක්ම ගේන්න තියෙනවා ලැබෙන හැටියට ලියන්නම්.
Deleteඅර සිංහ කන්දෙ මුදුන නං අරක්කු ඩිංගක් බොන්න කියාපු තැන !!! ඕ යේස්.
ReplyDeleteකදු මුදුන් වල හුළන් වැදි වැදි බිව්වම, වදිනවා වැඩී නේද බං? :)
Deleteයකෝ තොපිට බොන්න තැන් නැතුවටද.පහළ පබ් එකක් තියෙනව වැටෙනකන් හරි බොන්න පුළුවනි එතන.
Deleteප්‍රියෝ .. අන්න ඒකනෙ බං බගෙන් බෝතලේක වෙරි :D
Deleteඅම්මටහුඩු එලනේ හැලපයියේ.. එහෙනං පල්ලෙහා පබ් එකෙන් බඩු අරං කන්ද උඩට ගිහිං බොමු :D බීල නියුට්‍රල් කරානං සුරුස් ගාල කන්ද පාමුල ,හැක්
ඔව් ඔව් පත්තරයෝ බෙල්ල අතේ අරං ගෙදර ඈහැකි.
Deleteමොකද හදිස්සියෙන් ලියපු සටහනක්ද හැලපේ? හැලපේ ස්ටයිල් එක නෑ වගේනේ.
ReplyDeleteඑහෙමද,හැබැයි ලිව්වෙ හදිසියෙන් නං තමා.
Deleteරන්ගි ලියලා තියෙන එක අම්මපා ඇත්ත ....... මේකේ හැලප ස්ටයිල් එක නෑ ..... මම හිතුවා යටින්ම තියෙයි ඊමේල් එකකින් ආපු විස්තරයක් කියලා
ReplyDeleteනෑ රාලයෝ මේක මගෙම අත්දැකීමක්.
Deleteමචං හැලපේ තව කෙටි කතාවක් උස්සලා දාපියකෝ අපිට බලන්න. මේවා අපි දැකලා තියෙනවා.
ReplyDeleteඇනෝ මචං,උඹ දැක්කට ගොඩක් අය දැකල නෑනෙ.කෙටිකතාවක් හොයල ආයෙම දාන්නං.
DeleteMama obe lipi serama nethath bohomayak kiyawala thyenawa ithaama rasawath,eawagema watina lipi.mama brüssels,Gent,saha antwerfen,walata eka wathawa begin ewilla thiyenawa,namuth me watrloo kiyana sthnayak gena mama obe lipiya kiyawanakam yanthmin wath dannene,anivaryayenma mge meelaga brüssels gamanedee methanata multhenak denawa,eath meewage watina pinthura matanam ganna hekiyawak ne,mama inna düsseldorf indala km 205 wage thami Brüssels midi walata. ikmaninma mewage thawa lipiyak liyanna.Ranjan.
ReplyDeleteමගේ බ්ලොගය කියවා රස විඳීම ගැන සතුටුයි රංජන්,ඔබ ඩසල්ඩෝප් ඉඳල එනවනං මිඩිවලට ඇවිත් එතනින් ට්‍රෑම් එකක බැස්කියුල් හංදියට ඇවිත් බැහැගන්න.එතනින් වෝටර්ලු බසය අල්ලගන්න පුළුවනි.මිඩි සිට මුළු ගමනටම පැය බාගයක් යාවි.
Deleteඇයි කැමරාවක් තියේනං ඔබටත් මේ විදියටම පින්තූර ගන්න පුළුවනි.
ටැන්කිවු අයිය බොලේ.
ReplyDeleteබොනපාට් නේද හ්ම්ම් හ්ම්ම්
ටැන්කිව් කිව්ව දමිත්.
Deleteබැල්ජියමේ නේද මුද්දර උන්නෙත්,,වෝටර්ලු අහලා තිබුනට පොටෝ එක්ක විස්තරයක් දැක්කෙ අද නේ
ReplyDeleteඔව් ඔව් ඩිලාන් මගෙ හිතවතා මුද්දර ඉන්නෙත් බැල්ජියමේ මයි.
Deleteව්ස්තර ගැනනම් ටිකක් විතර අහලා තිබුනා වුනාට ඉතින් මේ විදිහට ෆොටෝ එක්ක කියෙවුවේ අද තමයි.. මොකද ඉතින් ඔය ඉංගිරීසියෙන් තියෙන එවුවා කියවන්න කම්මැලිනේ ඉතින් අපි..
ReplyDeleteඑහෙනං දිනේෂ් මගේ වැඩෙත් වටිනාකමක් තියෙනව නේද.
Deleteවෙලිංටන් ආදීපාදවරයා හෙවත් රිචර්ඩ් වෙල්ස්ලි.එක්සත් රාජධාණියේ අගමැති වෙලත් ඉඳලා තියෙනවා. කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරියෙක් බවත් ටෝරි ඉතිහාසය කියනවා.
ReplyDeleteලන්ඩනයේ වෝටර්ලූ ස්ටේෂන් එකනම් මෙහේ තියෙන කාර්යබහුල තැනක්. දුම්රිය සහ උමංදුම්රිය ස්ථාන දෙකක් තියෙනවා. යුරෝපයේ සිට පැමිණෙන දුම්රිය දැන් නම් එන්නේ සෙන්ට් පැන්ක්‍රාස් කියන දුම්රිය පොළට මගේ හිතේ.
හැලපේ සරළව ලියා තියෙන නිසාත්...ඔබ දුටු තැනක් නිසාත් කියවීම පහසුයි.තේරුම් ගන්න ලෙසියි.
KG.GCD.GCH.PC.FRS නාමධාරී ෆීල්ඩ් මාර්ෂල් ශ්‍රීමත් ආතර් වෙල්ස්ලි වෙලිංටන්හි ආදිපාදවරයා 1828 සිට 1934 දක්වා එංගලන්තයේ අගමැතිවී තිබෙනවා.ඔහු මුලින් ටොරි පාක්ෂිකයෙක් පසුව කන්සර්වේටිව් පක්ෂයෙන්.
Deleteවිස්තරවලට ස්තූතියි අරූ.
Deleteපොඩි නිවැරදි කිරීමක් කරන්නම් උඹේ රිප්ලයි එකේ.
වෙලිංටන් ගොයියා...1828-1830 සහ 1834 තමයි අගමැති.
දැන් ටෝරි කියන්නේ කන්සර්වේටිව් පාක්ෂිකයින්ටම තමයි. 1600 ගණන්වල ටෝරි පාටි කියලාත් කියලා තියෙනවා.
තෑන්ක්ස් මචං.
DeleteI have read so many content regarding the blogger lovers but this
ReplyDeletepiece of writing is really a nice article, keep it up.
Look at my web blog ... combination microwave ()
මෙහෙම පිංතුරත් සමග ඉද හිට පෝස්ට් දාන්න මචං ඉදල හිටල ඔබේ අත්දැකීම් විස්තර සමග....
ReplyDeleteඅනිත් එක උඹට මම කියන්නෙ එක එකා කියන කතා ඇසුනට ......නොඇසූ කන් සේ ලියාගන යන විදියට ලියාගෙන යමං ......
මටත් ඔය කියන්නෙ ....එක එකාල ....
මමත් උඹට කෙලින්ම කියල තියෙන්නෙ සමහර වෙලාවට...
ගාණක් නෑ මචං මම ඔය කියන එව්ව බයිට් එකට වගේ හප හපා ඉන්නව.තව අත්දැකීම් රාශියක් ලියන්නට තියෙනවා හිමිහිට ලියමු.
Deleteබලල් හාමිනේටත් දවසක යුරෝපේ යන්න ලැබේවා! කියල තමයි හිතුණෙ. ස්තුතියි රසවත් විස්තරයට. යන්න ආස හිතුණා.
ReplyDeleteබළල් හාමිනේ හෙවත් බිළාල මැතිණිය මගෙ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.යන්න ආසා නෙවෙයි යුරෝපෙ ගිහිං බලාගන්න.අවශ්‍යතාව තියේනං බැරිකමක් නෑනෙ.පැමිණීමටත් කමෙන්ටුව ටත් බොහොම ස්තූතියි.
Deleteහැලපයියා වැඩිය සංචරක සටහන් නොලියන එකේ ඉඳ හිට හරි මෙහෙම ඒවා ලියන එක මරු.
ReplyDeleteමේක දැක්කායින් පස්සේ මටත් එහෙම ගමනක් යන්න තියේනම් කියලා හිතුණා.
ඇත්තෙන්ම අපුරු ගමනක්.යුරෝපේ අපිව ටිකක් අරන් යන්නකෝ හැලපයියේ අර "මොනාලිසා"බලන්න ගියා වගේ එක පාරක්.
මනෝජ්,මම ලියන්නෙම ඔයාලගෙ රස වින්දනය සඳහාම බව දන්නව නේද,විවිධ රස කැමති අයත් ඉන්න නිසා ටික ටික වපසරිය පළල් කළා.කොහොමත් තව තියෙන සංචාරක සටහන් ලියන්නම වෙන නිසා ආයෙම යුරෝපේ යන්නට පුළුවන් වේවි.
Deleteබලන්න යන්න වටින තැනක් වගේ.. මෙහෙම තමන් ගිය ගමන් ගැන දාන විස්තර කියවන එක රසවත් ජාලේ තියෙන විස්තර කියවනවට වඩා.. යුරෝපයේ ඇති තවත් මෙවැනි තැන් ගැන ඔබේ අත්දැකීම් ලියන්න..
ReplyDeleteඇත්තටම බලන්න යන්න වටින තැනක් පැතුම්.ඔබට ලේසියි යුරෝස්ටාර් එකේ එන්න පුළුවනි.ලියනව ලියනව තවත් තැන් ගැන ඉඩ ලැබෙන ආකාරයට ලියනව.
Deleteහැලපයියගෙ මේ අලුත් රටාවට මම හරිම මනාපයි.. සරළ රස වින්දනයක් ලබා දෙන ලියවිලි මැද්දට මේ වගේ රසවත් සංචාරක සටහනක් දෙකක්, සාහිත්‍යමය ලියවිල්ලක් එකතු වෙන කොට සිංහල බ්ලොග් කරණය ආයෙමත් එළිය වැටිලා ඒවි. මමත් ආශාවෙන් ඉන්නෙ යුරෝපයේ සංචාරයකට එකතු වෙන්න. හංගේරියානු ජාතිකයෙක් සහ නෙදර්ලන්ත ජාතිකයෙක් ඉන්නවා මගේ හොද මිතුරන් වන. ඔයා ලක්සම්බර්ග් පැත්තෙ ඇවිද්දෙ නැද්ද ?
ReplyDeleteස්තූතියි සිරා,යුරෝප් සංචාරය යන්න බලන්න.මගේ ලක්සම්බර්ග් ගමනත් අමතක නොවන සිහිවටනයක්.ඒ පිංතූර රීල් කැමරාවෙන් ගත්තුවා නිසා ස්කෑන් කරලයි දාන්න වෙන්නෙ.
Deleteමටත් මුලින්ම මතක් උනේ හෙන්රි කියාපු ඇබා ගෙ වෝටර්ලූ ගීතය....
ReplyDeleteඊලඟට කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ...දනතිස්සට හිරේ යන්න වෙන්නෙ නැපෝලියන්ගෙන් ගෙනාපු ලියුමක් අහුවෙලානෙ. ඒ දවස්වල නැපෝලියන් හිරකරල ඉඳල තියෙන්නෙ එල්බා දිවයිනේ. අධිරාජයාගේ පුනරාගමනය කියන වචන ඇහුනත් ඇති ඒ දවස්වල පැරීසියෙ රාජපාක්ෂිකයින් බියෙන් සලිත වුනා.විල්කොටුවගෙ තාත්තටයි නැපෝලියන් ලියුම එවල තිබ්බෙ. ඒත් දනතිස්ස හිරෙන් නිදහස් වෙනකොට නැපෝලියන් ආපහු ඇවිල්ල වෝටර්ලූ සටනින් පැරදිලා සිරකරුවෙක් විදිහට මියගිහිනුත් ඉවරයි.
මොන්ට ක්‍රිස්ටෝ එකේ උඹ කියන නම් කියවනකොට මට අවුල් වගේ.අපි කියවපු පොතේ තිබුනෙ එද්මොන් දාන්තේ,විල්පෝර් වගේ ඩූමා ලියපු නම්වලින්මයි.
Deleteඒකට හේතුව අපි කියෙවුවෙ කේ. ජී. කරුණාතිලයකයන් 'පරිවර්තනය' කරපු මොන්ත ක්‍රිස්තෝ පොත් සෙට් එක නේ.. රවියා කියෝලා තියෙන්නෙ අර 60 ගනංවලද කොහෙද ඊරියගොල්ල මහත්තයා 'අනුවර්තනය' කරපු දේවහස්තය.. :-D
Deleteබුරාස්,
Deleteදේවහස්තය අනුවර්තනය කලේ ඊරියගොල්ල මහත්තයද කේ බී සුගතදාස මහත්තයද?මාත් දවසක කියෙව්වා මතකයි.මළ ජරාවක්.පොත් හයක දේ එක පොතකට කපන්නෙ කොහොමද.
ඇත්තටම මට ගනිච්චියක් නෑ බං.. ඒ වෙලාවෙ හිතට ආවෙ ඊරියගොල්ල මහත්තයගෙ නම, ඒක එහෙම්මම ටයිප් කලා.. ඊරියගොල්ල මහත්තය කලේ මනුතාපය නේද?
Deleteඊරියගොල්ල මහත්තය මනුතාපය සහ දේවතාපය පොත් දෙකම කළා.බුරාට දේවතාපයයි දේවහස්තයයි පැටලෙන්නට ඇති.
Deleteඅනේ බන් මේ පොස්ටුව තව ටිකක් දිගට ලියවුනානම් කොයි තරම් අගේද ? කොහොමත් ඉදිරි දවසක ඉතිරි පින්තුර එක්ක නැපෝලියන් ගැනත් ලියපන්. ජාලෙන් කියෙව්වට මේ රහ දැනෙන් නෑ
ReplyDeleteපෝස්ටුව දිග මදි තමා ඒක මටත් හිතුණා,මොනා කරන්නද කම්මැලි කමට.ඉතුරු පිංතූර ටික ආයෙම දාන්න බලන්නං.
Delete
ReplyDeleteආයුබෝවන්, සුබ දවසක්!
ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
▪ තාක්ෂණික ගැටළු
▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
▪ අන්තර්ජාල මුදල්
▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න
http://lktips.com/discussions
ඕ කේ මචං.
Deleteහොඳ විස්තරයක්නෙ. පිංතූර ටිකත් මරු.
ReplyDeleteඅද යන්තං අර මොනාලිසා බලන්න ගියා වගේ නැතුව වැඩේ කෙරිල තියෙනව. ශුවර් එකටම අමුවෙන් ඉද්දි ලියාපු එකක්ද කොහෙද. :D
අර මිනී ඔළු ටික කාගෙද දන්නෑ.
තෑන්ක්ස් ප්‍රසන්න.මොකද නැත්තෙ කියල ඒත් මම කල්පනා කර කර හිටියෙ, පොසොන් එකට ගොඩකවෙල එන්න සූජානං වෙලා ඉන්න අර වසවර්තියෝ ටිකට වල් ඌරුමස් හොයන්න කැලේ රිංගලවත්ද කියලත් හිතුණා.
Delete//අද යන්තං අර මොනාලිසා බලන්න ගියා වගේ නැතුව වැඩේ කෙරිල තියෙනව. ශුවර් එකටම අමුවෙන් ඉද්දි ලියාපු එකක්ද කොහෙද. :D//
අනේ අම්මප බොලාට කොහොම ලිව්වත් ඇදයිනොවැ.
මිනී ඔළු ටික කාගෙද කියල එතන ගහල තිබ්බෙ නං නෑ.හැබැයි මැරිච්ච උන්ගෙ වෙන්නැති කියල මට ෂුවර් එකටම කියන්න පුළුවනි.
@ Praසන්ன,
Deleteඅර උඩ පේළියෙ වම් පැත්තෙම තියෙන්නෙ නැපෝලියන් පුංචි කාලෙ හිස්කබල.. මැද තියෙන්නෙ එයා තරුණ කාලෙ හිස්කබල.. දකුණු පැත්තෙම තියෙන්නෙ එයා මලාට පස්සෙ ගත්ත හිස්කබල..
මේ සතියම පොඩ්ඩක් කාර්යබහුල උන නිසා බ්ලොග් කියවන්න පොඩ්ඩක් පමා උනා හැලප අයියෙ.
Delete@බුරා, ඒ කියන්නෙ මිනිහ තුං පාරක්ම මැරිල තියෙනව. :D
පරක්කු වෙලා ආවම කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ.. උඩිං කට්ටිය ඔක්කොම කියලනෙ... හි හි
ReplyDeleteඔයා දැන් මේ පැත්තෙ එන්න බොහොම හොරයිනෙ.
Deleteමේ පැත්තට විතරක් නෙවෙයි.. කොයි පැත්තටත් එහෙම තමයි මේ දවස් වල... හි හි
Deleteඅනේ ඔව් අපි කනක් ඇහිල ඉන්නව
Delete