Monday, August 12, 2013

80.ලංකාවට ටෙස්ට් වරම් ලැබීම,මහා මංගල්‍යය, උපාසකරාළගෙ කුඩේ සහ තවත් කතා




   අපේ රටට ටෙස්ට් තත්ත්වය ලැබිල පවත්වන්නට යෙදුනු පළමුවෙනි ටෙස්ට් තරඟයට ඉස්සරින් දවස් පහක පෙරහුරු තරඟයක් පවත්වන්නට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා...මොකද කියනවනම් ඒ වෙනකොටත් ලංකා කණ්ඩායම සහභාගි වෙලා තිබ්බෙ දවස් තුනේ සහ හතරෙ තරඟ වලට නිසා තරඟයක් දවස් පහක් පවත්වාගෙන යන්නට අවශ්‍ය ඉවසීම සහ මානසික ඒකාග්‍රතාව ක්‍රීඩකයන්ට පුරුදු කරවන්නට මෙවැනි තරඟයක් ඉවහල් වේවි කියල පාලක මණ්ඩලය කල්පනා කරන්නට ඇති.

එක කණ්ඩායමක් බන්දුල වර්ණපුරගෙ නායකත්වයෙනුත් අනෙක් කණ්ඩායම දුලිප් මෙන්ඩිස්ගෙ නායකත්වයෙනුත් නම් කරල මේ තරඟය පැවැත්වූවා.

1975 දි පළමුවෙනි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවෙන්න අනුර තෙන්නකෝන්ගෙ නායකත්වයෙන් ලංකා කණ්ඩායම එංගලන්තයට ගියාට ඒ අය ගහපු මැච් තුනෙන්  එක තරඟයක්වත් දිනාගන්න බැරිවුණා...කණ්ඩායම පිට්ටනියෙ පුහුණුවීම් කරනකොට එහෙම එක එක පොඩි පොඩි ක්‍රීඩා සමාජවල කට්ටිය ඇවිත් මැච් ගහන්න චැලේන්ජ් කරනවලු...හරියට අර අපේ ගම්වල ටීම් අනික් ගමට චැලේන්ජ් කරනව වගේ...
කොච්චර පැරදුණත් ඉතිං ලංකාවෙ ජාතික කණ්ඩායමනෙ...මැච් පරදිනවට වඩා මේ වැඩේ ඒ ගොල්ලන්ට වස ලැජ්ජාවක්ලු...කිඹුල කනව ඉවසන්න පුළුවනි ඒත් කොහිල කටු ඇනෙනව ඉවසන්න බෑ කියල කතාවකුත් තියෙනවනෙ.

1979 දි බන්දුල වර්ණපුරගෙ නායකත්වයෙන් දෙවෙනි ලෝක කුසලාන තරඟාවලියට සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායම එවර බී කාණ්ඩය යටතේ තරඟ තුනකට සහභාගිවෙලා 1979 ජූනි 16-18 දිනවල ඉන්දියාවත් එක්ක මැන්චෙස්ටර්වලදි පැවැත්වුණු තරඟය ජයග්‍රහණය කළා.

එදා සැරේ තරඟාවලියෙ තරඟ තුනකට සහභාගි වෙච්චි ඉන්දියාව තරඟ තුනෙන්ම පැරදුනු නිසා ලකුණු සටහනේ ඉන්දියාවට ඉහළින් සිටීමට ලංකාව සමත්වීම ටෙස්ට් තත්ත්වය ලැබෙන්නට බලපෑ එක සාධකයක් වෙලා තියෙනවා.බන්දුල වර්ණපුර කලින් තරඟ දෙකේදීම ටොස් එක පැරදුණ හින්දා දිනාපු තරඟයෙදි  දුලිප් මෙන්ඩිස්ව යවල තමයි ටොස් එක දිනාගෙන තියෙන්නෙ.

79 දි වෙච්ච දේ පාඩමකට ගත්තු ඉන්දීය ක්‍රිකට් පාලක  මණ්ඩලය කණ්ඩායම දැඩි ප්‍රතිසංවිධානයකට ලක්කරල අලුත් මුහුණු හඳුන්වා දීල 1983 තරඟාවලියට යවපු ඉන්දීය කණ්ඩායම එවර බටහිර ඉන්දීය කොදෙව් පිළ පරදවා ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තා.
ඉන්දියාව වැඩකරන්නෙ අන්න එහෙමයි...ඉස්සර පෙන්නපු වැඩ එහෙම නැත්නම් නම...ඒ වාගෙ දේවල් සත පහකට ගණන් ගන්නෙ නෑ.

ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක්ද හිටපු ඉන්දීය නායකයෙක්ද පසුව ඉන්දීය තේරීම් කමිටුවේ සභාපතිවරයෙක්ද වුනු ක්‍රිෂ්ණමාචාරී ශ්‍රීකාන්ත් හෙවත් ක්‍රිස් ශ්‍රීකාන්ත්ද ආරම්භක පිතිකරුවා වශයෙන් ඉන්දීය කණ්ඩායමට එකතුවී සිටියා.

 මගෙ කලින් පෝස්ට් එකකදි කිව්වා මම ඉන්දියාවෙ ඉන්න කාලෙදි ශ්‍රීකාන්ත්ව පාටියකදි මුණගැසුණා...ඔහු ආප්ප කද්දි මම පින්තූරයක් ගත්ත ඔහුගෙ ආප්ප කෑමත් පිති හරඹය වගේම ප්‍රවේගකාරී නිසා කියල(ලින්ක් එක දාන්න විදියක් නෑ)

ඒ පින්තූරය පස්සෙ හොයල දාන්නම් කියලත් කිව්වනෙ...මෙදා සැරේ ලංකාවට ගිය වෙලේ මගෙ පරණ ඇල්බම් අවුස්සලා ඒ පින්තූරය හොයාගෙන ආවා...ඔන්න බලාගන්න.


ඉන්දියාවෙදි මුණ ගැහුනෙ ශ්‍රී කාන්ත් විතරක් නෙවෙයි...වැඩිපුරම මුණගැහුනෙ ශ්‍රී ලාංකික අනාථයින්...යුද්ධයෙන් අවතැන් වූවන්, ලංකාවෙන් දකුණු ඉන්දියාවට යුද අනාථයන් ගලාගෙන ආවෙ අපි හිටපු කාලෙ.ඒ අය කියපු කතා විශ්වාස කරන්නත් බැරි තරම්...අදනම් මම ඒ කතාවල අකුරක් වචනයක් නෑර විශ්වාස කරනවා...මේත් ඒ වගේ මගෙ හදවත දැඩි කම්පනයකට ලක් කරපු එක කතාවක්.

දවසක්දා බොහොම පිළිවෙලකට ඇඳ පැළඳ ගත්තු වයස අවුරුදු දහඅටක දහනවයක විතර  යුවතියක් මාව මුණගැහිලා ඇගේ කතාව කීවා ඇයට අපි අනුරාධා කියමු.

ඇයගෙ ගෙවල් යාපනය දිස්ත්‍රික්කයෙ...ගමේ නමත් කිව්වා මට දැන් මතක නෑ,ඇය ඉගෙනගත්තෙ නුදුරු ටවුමෙ තිබුණු මහා විද්‍යාලයෙ...තාත්තා ගොවිතැන්බත් කරන ගමන් කැලෙන් දර කපල විකුණලා මේ පවුල ජීවත් කරවලා තියෙන්නෙ...අම්මා ගෘහිණියක්,ඇයට එක මල්ලි කෙනෙක් ඉඳල තියෙනවා...ජීවත්වීම බොහොම කටුක හා දුෂ්කර  වුණත් මේ පවුල යුද්ධය අස්සෙ ජීවිතය ගැටගහගෙන හිටියා.

සම වයසෙ යහළුවන් එක්ක අනුරාධා පාසැල් යන්නෙ එන්නෙ පයින්මයි...ජීවිතය කණපිට පෙරලූ ඇයගෙ පුංචි ලෝකය උඩු යටිකුරු කළ ඒ අවාසනාවන්ත දවසෙත් ඇය සුපුරුදු පරිදි යහළුවන් එක්ක පාසැල් ගියා...පාසැල ඇරිල ඇය ආපහු ආවෙ දෙමාපිය උණුසුම සොයාගෙන ගෙදරට ගොඩවෙන්නයි.

ඒත් ඇයගෙ ගේ තිබුණු තැන තිබුණෙ අලු ගොඩක් විතරයි...

ගුවන් ප්‍රහාරයකින් අනුරාධාලගෙ ගේ විනාශ වෙලා තියෙන්නෙ ගෙදර හිටපු තුන්දෙනාම අලු දූවිලි බවට පත්කරමින්...
ටික කාලයක් නෑදෑ ගෙවල්වල ලැගුම්ගත්තු අනුරාධා බෝට්ටුවකින් ලංකාව හැරදා යන කණ්ඩායමකට එකතුවෙලා දකුණු ඉන්දියාවට ඇවිත් අනාථ කඳවුරක ලැගුම් ගත්තා...

සිහින් ස්වරයෙන් ඇය කියපු කතාවට වචනයකින්වත් බාධා නොකර අවසාන වෙනතුරුම අහගෙන හිටපු මට පපුව ඇතුලෙ විශාල ගලක් හිරවුණා වගේ හැඟීමක් ඇතිවුණා...

මම ඔබ නම් එදා කෙළින්ම ගිහින් නතරවෙන්නෙ එල් ටී ටී ඊ කඳවුරක...

මගේ හිතේ ඇතිවුණු අවංක හැඟීම මම ඇයට කිව්වා...

ඇය හිනාවුණා විතරයි...වචනයක්වත් කතාකලේ නෑ...

ඉන්පසුව මා කිසිම දවසක ඇය දුටුවේ නෑ...සමහරවිට ඇය දකුණු ඉන්දියාවේ අනාථ කඳවුරුවලින් යුරෝපයට සංක්‍රමණය වුණු තරුණයෙකුගේ බිරිඳක වී දැන් යුරෝපයේ ජීවත්වෙනවා වෙන්නට ඇති.

අනාථ කඳවුරුවල ඉඳල යුරෝපෙට යන අයත් ආපහු ඉන්දියාවට ඇවිත් ජයට මඟුල් කනවා...

ජයට මඟුල් කනව කියපුවාම මට මතක් වුණේ අපේ රටේ ජයටම කාපු මඟුලක්...කොටින්ම කිව්වොත් 1986 වර්ෂයේ මඟුල...කාගෙවත් නෙවෙයි අපේ රටේ මහා නිළියගෙ,මනමාලයත් නලුවෙක්මයි...මඟුල ගත්තෙ සම්මන්ත්‍රණ ශාලාවෙ...හක් පිඹල බෙර ගහල නටල කොච්චර උජාරුවට කාපු මඟුලක්ද කිව්වොත් සාක්කියට අස්සන් කළේ එවකට හිටපු ජනාධිපති තුමයි අගමැති තුමයි.

මඟුල් දවසෙ කොළඹ කැම්පස් එක හරියෙ පාර අයිනෙ ගහල තිබුනලු ඉන්දියන් තීන්තෙන් ලියපු පොඩි පෝස්ටරයක්,මෙහෙමයි...

හරකෙක් ගොනෙක් බඳී...බූරුවෝ දෙන්නෙක් අස්සන් කරති.

ඔය මඟුල ගැන තිබුණු යාන්ස් නං කෙළවරක් නෑ...එකක් විතරක් කියන්නංකො

මංගල රාත්‍රියෙන් පහුවදා බලපුවාම මහා නිළිය කන්නෑවියක්ලු...නලුවා මේක උදේම දැකල...නිළිය තාම නිදිලු.

දැන් නලුවට තංතෝසෙ ඉවසගන්න බැරිලු...එවෙලෙ ඉඳන්ම එක එක කට කැඩිච්චි කතා කියපු උංට බලු බැණුම් බනිනවලු...

මුංගෙ කටවල්වලට හෙණගහන්න ඕනැ නේද මේ අහිංසක ගෑණිට හදන පදවලට ඈ...

මුං කිව්වෙ හැම එකා එක්කම දහදුරාවෙ ගිය එකියක් කියලනෙ...

නළුවගෙ ගෝරණාඩුවට ඔන්න මහා නිළියටත් ඇහැරිලා...

මොකද අනේ කෑ ගහන්නෙ...මේ උදේ පාන්දර...

නෑ මං අහන්නෙ මුන්ට වටිනවද ඔය වගේ කතා කියන්න ඈ...මේ බලන්න මේ බලන්න මේ බෙඩ් ෂීට් එක ...

කේන්ති ගන්න එපා අනේ...ඔය කරගැටයක් කැඩිලද කොහෙද...

මහා නිළිය අනිත් පැත්තට හැරිල ආයෙමත් නිදාගත්තලු.

ආයෙම ඔන්න මදුසමය ගතකරන යුවලක්...ප්‍රේමෙන් වෙලිල පෙම්බස් දොඩමින් පෙම් සයුරේ කිමිදෙනවලු...කිමිදෙන ගමන් මනමාලය මනමාලිගෙ කණට කොඳුරනවලු...
 



මීට පස්සෙ ඉතිං අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල හිතාගන්ට...
 
මනමාලි තිගැස්සුණා...
 
එහෙම හිතාගත්තට නං කමක් නෑ...ඒ වුණාට දෙන්නෙකුට ඩිනර් එක ඕඩර් කරන්ට. 

ඔයවගේ යුවලක් මදුසමය ගතකරන කාමරේට නැතිවෙච්චි කුඩේ හොයන්න යන්න හදපු මුදලාලි කෙනෙකුගෙ කතාවක් රවි ලියල තිබ්බනෙ...මටත් ඒ වගෙ කතාවක් කොහෙදිහරි අහල තිබිල මතක්වුණා...කලින් අහල තියෙන අය බනින්න එපා.
 
පෙමානිස් උපාසකරාළ ගමේ හිටපු සර්දාවන්තම උපාසකයෙක්, පංසලේ දායක සබාවෙ සබාපති... කොහෙ ගියත් යන්නෙ අර මිට නැමිච්චි දිග කුඩෙත් අතේ තියාගෙනමයි...කුඩෙයි උපාසක රාලයි කොච්චර සමීපද කිව්වොත් කුඩේ නැතුවහම මිනිස්සු අහනව කෝ කුඩේ කියල...එච්චරට උපාසක රාළට කුඩේ අනන්‍යයි.
 

පහුගිය දවස් කීපය පුරාම උපාසක රාළ ගමන් බිමන් ගියෙ කුඩේ නැතිව...කවුරුහරි ඇහුවත්...
 

අනේ බලන්නකො...කුඩේ කොහෙ හරි අමතක වෙලානෙ...මට හිතාගන්න බෑ කොහෙදි නැතිවුණාද කියල...
 

බොහොම දුකෙන් කියන්නෙ...
 

පාළොස්වක පෝය දවසත් ආවා...උපාසකරාළ හවස් අතේ පන්සලට ගියෙ බොහොම දක්ෂ විචිත්‍ර ධර්ම කථික මහතෙරනමක් එදා බණට වඩින නිසා...ගිහිං බණ මඩුවෙ ධර්මාසනය ළඟින්ම වාඩිවුණා...

ඔන්න හාමුදුරුවො බණ පටන්ගන්න කලින් පන්සිල් දෙන්න ගත්තා...
 

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමී
කාමේසුමිච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමී
 

සාදු...සාදු...සා..................දු
 

පන්සිල් අහවර වෙන්න කලින් සාදු කියන්නෙ කවුද කියල බණමඩුවෙ හිටපු ඔක්කොමලා බලන්න ගත්තා...
 

බලපුවාම පෙමානිස් උපාසකරාළ හාමුදුරුවො ඉදිරිපිට දෝත් මුදුන් දීගෙන බිම වැතිරිලා...
 

ඔබ වහන්සේට බුදුබව අත්වෙන්න මගෙ කුඩේ අමතකවෙලා ආපු තැන මට දැන් මතක්වුණා...
 

සරමත් පැත්තකින් උස්සාගත්ත පෙමානිස් උපාසකරාළ පාරට බැහැල ඉක්මන් ගමනින් ගියේ අමතක වෙච්චි තැනින් කුඩේ හොයාගෙන එන්න වෙන්න ඇති.
 

81 comments:

  1. ඉංදියන් තින්තෙන් ලියපු පොස්ටරයේ කියෙවුනා වගේ රස කතා ඒ කාලේ වැහි වැහලා තිබුණා.

    මේ මතක ඇවුස්සන හැටි නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගල්මල්,කතා ගොඩක් තිබුණා මම ලිව්වේ එක වුනාට

      Delete
  2. කණ්ඩායම පිට්ටනියෙ පුහුණුවීම් කරනකොට එහෙම එක එක පොඩි පොඩි ක්‍රීඩා සමාජවල කට්ටිය ඇවිත් මැච් ගහන්න චැලේන්ජ් කරනවලු.

    ඒක නං කුජීතයි

    අන්තිම කතාව මරු බං!

    ReplyDelete
    Replies
    1. ටීම් එකේ උන්ට මල පනිනවා ඇති නේද රාජ්

      Delete
  3. පෙමානිස් උපසක රාළගෙ කුඩේ තිබ්බ කියන්නෙ මාතලංගෙ ගමේ ඇලිස් අක්කගෙ ගෙදර දොර මුල්ලෙලු.. කාමේසු මිච්චාචාරා අතරේ මජ්ජපමා කරපු වෙලාවෙ අමතක වෙලා.

    ReplyDelete
    Replies
    1. පෙමානිස් මේ සැරේ නං ගිහිල්ල තියෙන්නෙ අමුවෙන්

      Delete
    2. කුඩේ අර හැලපයිය රහ කරලා කියපු ලර්නර්ස් එකේ තිබුන වෙන්න බැරිද ???

      Delete
  4. කෝකට ද දැණ් කමෙන්ට් ලියන්නෙ?????????
    ශ්‍රීකාන්ත් මැවිසුරුවෙක්. චෙන්නායි ඉඳලා ඉන්දීය පිලට එකතු වුනේ. පුදුම ලස්සන ප්‍රහාරයක් එල්ල කරන්නේ. බලන්න ලස්සනයි. ඒකට තකට තක අර්ජුන සහ අනුර රණසිංහ. මතක ඇති නේද??????????

    දමිල යුවතිය, මේ පෑරුණු හදවත් වලට කිසිම ප්‍රතිකාරයක් නැතුව දින්නට වැඩක් නැහැ. යුද්දෙ විතරයි දින්නෙ. ඒ ගැන වැඩිය ලිව්වොත් මට විසුමක් වෙන්නෙ නැහැ.

    පෙමානිස්ගේ කුඩේ තිබ්බ තැන හාමුදුරුවොම මතක කළ එකනෙ වැඩේ.

    කොහොම ද අප්පා මේවා මෙහෙම ලස්සනට ගලපන්නෙ????????

    ReplyDelete
    Replies
    1. මටත් ඔය අවුල ඇවිල්ල තමා ටික වෙලාවක් කරකව කව හිටියේ. මේක හැලපේ ගේ ජානමය ව්‍යවසනයක්ද මන්දා?

      Delete
    2. මට නම් හිතෙන්නේ මේ ආකාරයට

      1. ප්‍රවෘත්තිමය වැදගත්කමක් ඇති කතාවක්
      2. ඕපාදුප කතාවක්
      3. සංවේදී කතාවක්
      4. හොඳ කුණුහබ්බ කතන්දරයක්

      එකට අමුණා ලිවීම පාඨක අපේ රස වින්දනයට කෙරෙන වරදක් බවයි!

      Delete
    3. හලපෙයා කලින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩකරලා තියනවා.,, එකනේ මේ Z ස්කෝර් ක්‍රමයට පොස්ට් දාන්නේ..

      Delete
    4. @මහ වෙදනා,
      ශ්‍රීකාන්ත්ගෙ ප්‍රහාරය අතිශය සුන්දරයි.අනුර රණසිංහ අකාලයේ වියෝවුනා

      Delete
    5. @දේශකයා,කකා,සුජියා
      ඔබ කියන කතාවල දෙසැරයක් හිතන්න දෙයක් තියෙනව,කතාව ලියද්දි මගේ අදහස වුණේ විවිධ රසයන් එකවර දෙන්නයි.නමුත් එය එච්චරම ප්‍රතිපලදායක නොවන බව ඔබේ අදහස්වලින් තේරෙන්නෙ,අපි අනික් අයගෙත් අදහස් බලමු කොයි ක්‍රමයද වඩා හොඳ කියල.

      Delete
    6. මටනම් මේ ක්‍රමය හොඳා. අච්චාරු වලටනේ අපි ආස.

      Delete
    7. අට පත එකට සිඳුවා හැලප කන අතර බොනු.

      Delete
  5. අනේ බං හැලපයෝ මොන රෙදද්ද මේ රෙදි ගොඩෙන් තෝරගන්නේ කියන එකයි අවුල.. නිළියත් හොදයි, ඒ උනාට අර පින්තුරේ මතක තියාගෙන ගෙනැත් දැම්ම හැටි නං හොදා.. මිනිහ ආප්ප කනව නෙමෙයි ගිලිනවා නෙව..

    ReplyDelete
    Replies
    1. අන්න උඩ තියෙනව උඹට ලියපු උත්තරේ

      Delete
  6. Replies
    1. එච්චරමද සබිත් කියන්න තියෙන්නෙ

      Delete
  7. කියවා ගෙන කියවා ගෙන යන කොටසට එක ගානෙ කමෙන්ටු එක එක මතක් වෙලා තිබුනා එ ඒ වෙලාවට..අන්තිමේ පෙමානිස උපාසකගේ කුඩෙත් එක්ක..මටත් මතක් උනා අමතක වෙලා තිබ්බ කතා වස්තු කන්දරාවක්..අම්ම්පා අයියෙ අර ලියන්ඩ හිටි කමෙන්ටු සේරම අමතක උනා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ වෙනී අයියගෙ කුඩෙත් අමතක උනාද?

      Delete
    2. කමෙන්ටු නැතත් කමක් නෑ අර මතක්වෙච්චි කතා ටික ලියන්ට

      Delete
  8. ඒ කාලේ ටෙස්ට් මැච් දවස් පහක් නෙමෙයිනේ හයක් ගහනවා නිවාඩු දවසකුත් එක්ක. බන්දුලම තමයි හිටපු හොඳ ටීම් එක නැති කලේ සවුත් ඇෆ්‍රිකා ගෙනිහින්. අන්තීමට අනුර රණසිංහ කුඩුත් ගැහුවා මගේ හිතේ. කොහොමත් රටට ද්‍රෝහී වෙන උන්ට පැවත්මක් නෑ. මතකද හැන්සිට උන දේ. අර ජෝක්ස් ටික නම් පට්ට. මටත් මතකයි ඔය යාං හෑලී ටික.

    ReplyDelete
    Replies
    1. හැලපෙට මතකද අර තවත් නිලියක්ගේ කතාවක් තියෙන්නේ... "xx පූ ගාන්න පූ ගාන්න කියලා...."

      Delete
    2. ඇයි මාතලන් ලිමිටඩ් ඕවර් මැච් දවස් දෙකක් ගැහුවනෙ.සවුත් ඇෆ්රිකා ටුවර් එක ගැන මම වෙනම ලියනවා,
      ඒ නිළියට දැවිල්ල හැදිලා නේද.

      Delete
    3. මොකද්ද ඒ පූ ගාන කතාව ?

      Delete
  9. දැන් නම් මැච් පරදින එක අපේ අයට සිම්පල්නේ, එක නෙවෙයි හැලපයියේ කගේ කරගැටෙද කැඩිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රශ්නයක්

      Delete
    2. අනේ මන්දා කොල්ලෝ ඔය රට්ටු කියන පලප්ප කතානෙ අහිංසක නිළියන්ට.

      Delete
  10. අද කතා මල්ලක්ම අතැරලානේ. සේරම හොදා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්,තාම රටද ගෙදර ආවද.

      Delete
  11. අර ගීද මෝපසාන් ද කියල කෙනෙක් ඉන්නව නේද ..එයා පරාදයිනෙ හැලපයියෙ.නියමයි...ලස්සනයි.ස්තූතියි

    ReplyDelete
  12. මටනම් අර ආප්ප කන මනුස්සයව පේන්නෙ අසංක ගුරුසිංහ වගේ.. ඔය ශ්‍රී කාන්ත් නේද දවසක් ලංකාවෙ මැච් එකක්දි අවුට් වුන වෙලාවක බැට් එක විසි කෙරුවෙ..

    අනේ පවු අර අසරණය රැවටිච්ච රැවටිල්ලක් නේද ? දෙන්නා දැන් ඩිවෝස් නේද ?

    අනුරාධට වෙච්ච් දේ ගැනනම් දුකයි.. ඒත් මක්කෙයි කරන්නෙ.. වග කියන්න ඕනා එල්.ටී.ටී.ඊ. එක මිසක් ගුවන් හමුදාව නෙමේ..මම හිතන්නෙ අනුරාධට ඒක වැටහෙන්න ඇති. ඒකයි ඇය කොටින්ට එකතු නොවුනෙ..

    ReplyDelete
    Replies
    1. අනුරාධට හිතෙන්න ඇති අනාගතේ ගැන,නෑදෑයොත් ඇයට අවවාද කරන්න ඇතිනෙ

      Delete
  13. කතා මල්ල මරු .ඔක්කටමවෙන වෙනම කොටන්න බෑ බන් අයියෙ

    ReplyDelete
    Replies
    1. හරි හරි දමිත්,ස්තූතියි

      Delete
  14. එදා ඉඳන්ම ක්‍රිකට් වලට අකමැති නිසා ඒ ගැන නෝ කොමෙන්ට්ස්.

    අනුරාධා ගැන හරිම දුකයි. 83 ජීලි කලබල කාලේ අපේ ගෙවල් ලඟ දෙමළ ගෙයක් ගිනි තිබ්බා.

    ඒක ගැන මම දවසක් පෝස්ට් එකකුත් ලිව්වා.

    ඒ ගෙදරින් වැටිලා තිබ්බ පොතක් අහුල ගත්තු මතකය මගේ හිතේ තාම ලොකු බරක්.

    සිංහල දෙමළ 89 කලු ජූලිය මතක් වෙනවා මේ දවසවල සිද්ද වෙන බෞද්ධ මුස්ලිම් වලි දිහා බැලුවාම. අපි කවදාවත් පාඩම් ඉගෙන ගනන ජාතියක් නෙමෙයිද මන්දා . .

    මාලනී ෆොන්සේකා ලකී ඩයස් මගුල ගැන ඔය කතා අපි ඒ කාලේ කියවලා මාර ආතල් එකක් ගත්තේ . . හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔවැනි හදවත බරවෙන මතකයන් රැසක් මටත් තියෙනව දුකා,මගුල ගැන නං කතා කරලා වැඩක් නෑ කොල්ලෝ කියන කතාවලට ඉල කැඩෙනවා හිනාවෙලා

      Delete
  15. ඔය නළු නිළි දෙපල බැඳලා රූපවාහිනී යේ සාකච්ඡාවකට ආවා.

    නිවේදකයා ඇහුවා මනාලයාගෙන් දැන් ඔබ විවාහයෙන් පසු බිරිදඳ රඟපෑම ගැන මොකද කියන්නේ කියලා.

    මනාලයා කිව්වා මගේ ප්‍රශ්නයක් නම් නෑ. ඒත් දරුවෙක් ලැබෙන කාලේ දී නම් එයාට රඟපෑමෙන් තාවකාලිකව හෝ සමුගන්න වේවි කියලා.

    එතකොට මනාලියගේ වසය 39 යි.

    මට නම් ඒ සාකච්ඡාව මතක් වෙන කොට අදත් ඇත්තටම දුකයි!

    ReplyDelete
    Replies
    1. ඔයා සාකච්චාව මතක් වුණේ කකා කියපුවමයි.දුක්වෙන්න දෙයක් නෑ මගුල කරගන්නට දෙන්නටම න්‍යාය පත්‍ර තිබුනනෙ,ඒකයි අන්තිමට වුණේ

      Delete
  16. /* සම වයසෙ යහළුවන් එක්ක අනුරාධා පාසැල් යන්නෙ එන්නෙ පයින්මයි...ජීවිතය කණපිට පෙරලූ ඇයගෙ පුංචි ලෝකය උඩු යටිකුරු කළ ඒ අවාසනාවන්ත දවසෙත් ඇය සුපුරුදු පරිදි යහළුවන් එක්ක පාසැල් ගියා...පාසැල ඇරිල ඇය ආපහු ආවෙ දෙමාපිය උණුසුම සොයාගෙන ගෙදරට ගොඩවෙන්නයි.

    ඒත් ඇයගෙ ගේ තිබුණු තැන තිබුණෙ අලු ගොඩක් විතරයි...

    ගුවන් ප්‍රහාරයකින් අනුරාධාලගෙ ගේ විනාශ වෙලා තියෙන්නෙ ගෙදර හිටපු තුන්දෙනාම අලු දූවිලි බවට පත්කරමින්...*/

    අයියෝ මේ හැලපයා බටහිර බලවේගවල බොරු ප්‍රචාරවලට රැවටිලා!

    අපේ ෆෝසස්වලින් එහෙමත් කරනවාද? ඒවා වෙන්නේ ඔය ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ විතරයි!

    ReplyDelete
    Replies
    1. අනික කවුද දන්නෙ තුන්වන පාර්ෂවයක් කලාද කියලා.. හැලපයට එච්චර දැනීමක් නෑ...

      Delete
    2. සියලුම ගුවන් ප්‍රහාර නියමිත ඉලක්කයන්ටම එල්ලවූ බව ගුවන් නියමුවන් විසින් සනාථ කරන ලදී .
      එහෙමනේ ඒ කාලේ හමුදා ප්‍රකාශකය කිව්වේ,අනුරධාලගේ ගෙයත් ඉලක්කයක් වෙන්න ඇති මම හිතන්නෙ.

      Delete
    3. මේවා ලියල ඩොලර් කුට්ටිය ලැබුනම අපිටත් කියක් හරි දීහන්. අපි නේ මෙහෙ ඉඳං ටැක්ස් ගෙවන්නේ. ඩොලර් හම්බ වෙන්නේ කොහෙන්ද කියලද ඇහුවේ? ඒකට ඇනොලා පෝලිමේ ඇවිත් කියල දෙයි. ඩබ්ලිව් තුනේ බ්ලොගේ හැමදාම තියෙන්නේ, ඒ නිසා බොරුවෙන්න බැහැ.

      Delete
  17. කොයි කතාවටද..කමෙන්ට් කරන්නෙ කියල හිතාගන්න බෑ..!මටත් මතකයි මැච් නිවාඩු දවසකුත් එක්ක ටෙස්ට් මැච් ගහපු හැටි..!

    දමිල තරුණිය ගැන නම් කනගා‍ටුයි..තව ඕවෙනි කතා එමට ඇති.

    ReplyDelete
    Replies
    1. පොදුවේ හැම කතාවටම කමෙන්ට් කරන්න වීයො,එතකොට තමයි මට සතුටු.

      Delete
  18. ඔය එක අනුරාදා කෙනෙක් විතරයි හැලපායියේ.
    තවත් කොයි තරම් අනුරාධාලා අපි අතරේ ඇතිද..?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑනෙ මනෝජ්,දැන් තමා ඒක තේරෙන්නෙ

      Delete
  19. කතා ගොඩයි... කොහොමහරි නොදත් කරුණු ටිකකුත් දැන ගත්තා... ස්තුතියි හැලප අයියේ... :ඩි

    ReplyDelete
  20. අනුරාධලා තව කොච්චර ඇත්ද..
    පුදුමයක් නෑ ඒ මිනිස්සු අපිට ඔච්චර වෛර කරන එක...
    අර කරගැටේ කැඩිලා තියෙන්නේ මාලනී ෆොන්සේකගේ නේ..
    මං අහලා තියෙන්නේ ඒ විදිහට..

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න අනුරාධලා තව සිය දහස් ගණනක් ඇති තරියෝ,

      Delete
  21. //මීට පස්සෙ ඉතිං අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල හිතාගන්ට...

    මනමාලි තිගැස්සුණා...

    එහෙම හිතාගත්තට නං කමක් නෑ...ඒ වුණාට දෙන්නෙකුට ඩිනර් එක ඕඩර් කරන්ට. //

    හී හී මෙන්න නියම කෙල්ලෝ...

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝගික කෙල්ලෙක් නේද පොඩ්ඩි,ඔයාට ඔහොම ප්‍රශ්නයක් වුණේ නෑ නේද

      Delete
  22. කතා ගොඩයි. කුඩේ හොයන ගිය පෙමානිස් ට එදත් කුඩේ අමතක වුනාද දන්නෑ :)

    ReplyDelete
    Replies
    1. කුඩේ ගෙනාවලු ඒත් සරම අමතක උනාලු.

      Delete
    2. ප්‍රසන්න සරමක් දුන්නලු පෙමානිස්ට.ඇයි චන්දන එදත් පෙමානිස්ට අමතක වෙන්නෙ

      Delete
  23. යුද්දෙ තිබිච්ච කාලෙ ඔය වගේ බොහො සිද්ධි වෙන්න ඇතියි කියල හිතනවා.
    අර අන්තිම ෆොටෝ එකේ ඉන්න කපල් එක හිරෙන් පැනල යන ගමංද?

    ReplyDelete
    Replies
    1. හැබෑටම ත්‍රිබාෂා එහාමද පෙනෙන්නෙ

      Delete
  24. මේ පෝස්ට් එක කියවලා මටත් යමක් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. ඉතිං කියපං ඉක්මනට තෙපරබබා ඉන්නෙ

      Delete
  25. ලංකාවෙ ක්‍රිකට් ගැන දැන් නම් කතා කරල වැඩක් නැහැ.
    ඉස්සර ටෙස්ට් මැච් එකක් උනත් දවස් ගණන් කතා කරනවනෙ අපි.
    දෙන්නගෙ ම එක එක ගැට තියෙන්න ඇති.
    අනුරාධා ලට කරපුව අද සිංහලය ට කොරොනව නොවැ ලෝකෙටම පේන්න.
    කෙටියට තිබ්බට කතා ටික සේරම රසවත්.

    ReplyDelete
    Replies
    1. ඔය ගැට ගැන කෙන්ජිත් දන්නවා ඇතිනෙ

      Delete
  26. එක එක ජාතියේ රස කෑම ගොඩා....යි.. ලස්සනයි, හොඳයි... :)

    ReplyDelete
  27. බොහොම අගේ ඇති කතා එකතුවක්. විවිධ රස ඇති ආහාරයක්, එහෙමත් නැත්නම් පංච රස ඵලයක් අනුභව කළා වගේ දැනෙනවා. ලෝක කුසලානය ගැන කතාව කියවා අවසන් වුනාම මට මතක්වුනේ ලෝක කුසලානයත් රැගෙන අර්ජුන ගාමිණී දිසානායක මහතාගේ ගෙදරට ගිය අවස්ථාව. බොහොම උතුම් කෘතගුණ සැලකීමක්.

    අර දෙමළ යුවතියගේ කතාව ගැන මට කියන්න තියනදේ මෙච්චරයි. හරියටම ඉලක්කයට වැදුනා යන්න රටේ පාලකයන් විසින් හමුදාවන් ලවා කරවන ප්‍රකාශ විනා ඇත්ත නෙවෙයි. අදත් ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ හෝ පාකිස්ථානයේ එල්ල කරන Drone ප්‍රහාර වලින් සිවිල් වැසියන් මියගියාම ප්‍රකාශ නිකුත් කරන්නේ රජය මිසක් හමුදාව නෙවෙයි.මහ රෑ වගේම මහ දවාලෙත් අපි අපි වෙඩි තියාගත්ත අවස්ථා කීපයකටම මම මුහුණ දීලා තියනවා. ගුවන් හමුදාවෙන් අපේ ඔලුවටම අතෑරපු අවස්ථා සෑහෙන්න තියනවා. නාවික හමුදාවේ හඳුනා නොගත් යාත්‍රා වලට යුදහමුදාවත්, ගුවන් හමුදාවත් 'දීලා ඇදපු' වෙලාවල් තියනවා. අදටත් ලෝකය පුරාම එවැනි වැරදි සිදුවෙනවා. පළවැනි හේතුව පණිවිඩ හුවමාරු දුර්වලතාව. දෙවැනි එක තොරතුරු වැරදියට තේරුම් ගැනීම. තුන්වැනි එක පරාණ බය නිසා දකින දකින දේට පහර දීම.

    අර නිළිය කොහොමෙන් කොහොම හරි ගැබ්බර වුනා කියමුකෝ. ඔන්න ඉතින් ගියා 'ඉස්තීරී ජොස්තර' මහත්තයෙක් ලඟට. ඉතිං ජොස්තර තුමා නිළියව සෑහෙන වෙලාවක් පරීස්සා කොරලා කොරලා අන්තිමට 'වර්නියර් කැලිපර්' එකකිනුත් පරීස්සා කොරාලු. කොරලා කිව්වලු තුන්මාසෙන් පස්සේ ඇඳෙන් බහින්න එපා බැස්සොත් ළමයා වැටෙයි කියලා.

    හාමුදුරුවෝ උපාසක උන්නැහේට අර කාරණේ මතක් කරලා දුන්නට මොකද, එදා බණ කියා කියා ඉන්දැද්දී හාමුදුරුවන්ටත් 'මළකෙළියක්'වුනා. ඔන්න හාමුදුරුවෝ බොහොම රහට බණ කියාගෙන යනවලු. දුප්පත් ගම ගෙදරක් නිසා ධර්මාසනය පනවලා තිබුනේ බිත්තියකට පිටුපාලා එක මත එක තැබූ පුටු කොට්ට කීපයකින්. ඔන්න හාමුදුරුවෝ ඉතින් පිංවත්නී මේ විසාකා සිටු දියණියගේ..........කියලා ඇදලා කිව්ව ගමන් එකපාරම 'අම්මට ......ඩ' කිව්වලු. මුළු පිරිසම තුෂ්නීම්භූත වුනාලු. බලනකොට අර ගෙදර අලුතෙන් වයරින් කරලා ප්ලග් බේස් එක හයිකරලා නැති අවුට්ලට් එකේ හාමුදුරුවන්ගේ පිට ගෑවිලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා,කමෙන්ටුවම රසවත් පෝස්ට් එකක් වගෙයි නොදන්නා දේවලුත් දැනගත්තා

      Delete
  28. //ඔය කරගැටයක් කැඩිලද කොහෙද...//
    එතකොට මේ මහා නිලිය කන්නෑවියක් නෙවේද හැලපයියේ?
    මේක කියෙව්වෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නැහැලු ඒකනේ කසාදෙ කැඩිලා ගියේ

      Delete
  29. මිස්ට හැලප්ස්...සවුත් ඇෆ්‍රිකා ටුවර් එක ගැන ලියනවානේ.අපරාදේ තමයි.මට ෆ්ලේවියන් අපොන්සු නම් තවමත් මුනගැසෙනවා.හොඳ ක්‍රිකටර්ස්ලා ටිකක් හිටියා නේද?ක්‍රිශ්නමචාරි ශ්‍රීකාන්ත් කිව්වාම ඉස්සර හොඳ වැඩර් නේද?

    ReplyDelete
    Replies
    1. සවුත් අප්‍රිකා ටුවර් එක ගැන ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ අරූ

      Delete
  30. හැලපයියගෙ විචිත්‍ර පෝස්ටුව මටනං නෙල්ලි කනවා වගේ රසවත්. විචාරකගෙ ඌණ පූරණයත් පට්ට තමා...

    ReplyDelete
  31. ඔය ශ්‍රීකාන්ත් උන්නැහේව එකම බෝලෙකට දෙපාරක් අවුට් වෙච්ච කතාවක් තියනවා නේද ලංකාවේදි.... මිනිහා දැන් රූපවාහිනී වැඩ සටහන් කරනවා මම හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. ඊටත් අමතරව අයි පී එල් එකේ කණ්ඩායමකුත් කෝච් කරනවා,මම හිතන්නෙ චෙන්නායි සුපර් වෙන්න ඇති.

      Delete
    2. දෙපාරක් නෙවෙයි බං තුං පාරක්..ඒත් එහෙම උනාය කියන්නෙ නිව් සීලන්ඩ් වලද කොහෙද…

      මිනිහ ක්‍රීස් එහෙං ඉස්සරහට පැනල ගහද්දි ඉස්සෙල්ල බෝලෙ වැදුන පෑඩ් එකේ..LBW....ඊලඟට බැට් එකේ එජ් වෙලා ගියා කීපර්ගෙ අතට...Caught behind.... බෝලෙ අල්ල ගත්තු ගමං කීපර් ස්ටම්ප් කලා...Stumped....

      ඊලඟ ඉනිංස් දෙකේම ශ්‍රීකාන්ත්ට බැට් කරන්න දුන්නෙ නෑ..ස්කෝ කාඩ් එකේ ලිව්වය කියන්නෙ K. Srikkant....Previously out....00 කියල

      Delete
  32. හැලප කන්න අදයි ඉස්සෙල්ලම ආවේ.මෙතන පෝස්ට් 4ක් නේ.නෙල්ලි වගේ විවිධ රස ඇති හැලපයක්. :-)

    ලංකාවට ටෙස්ට් වරම් ගන්න ගොඩක් මහන්සි උණේ ගාමිණී දිසානායක මහතා නේද?

    ReplyDelete
  33. ගාමිණී දිසානායක මහතා ලංකාවට ටෙස්ට් වරම් ගන්න ගොඩක් මහන්සි වුන තමයි.
    ජයශ්‍රී වත් මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා

    ReplyDelete
  34. ඔය පැණි හඳ දවසමනේ "වාසනාවන්තයා" කෙහෙද මන්ද ඇඟිල්ලක් දාන්න ගිහින් "ඒයි, ඔයාගේ මුද්ද පැටලෙනවා" කිව්වම "නෑ, ඒ මගේ ඔරලෝසුව" කිව්වේ.

    ReplyDelete

ඔබේ අදහස්