Monday, July 29, 2013

78.ලංකාවට ටෙස්ට් වරම් ලැබීම,අප්‍රකාශිත සෙනෙහස සහ තවත් කතා 2



 
අපි කතාකරමින් හිටියෙ ටෙස්ට් තත්වය ලැබීම ගැනනෙ...ඔන්න ඒ කාලෙම තමයි ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නෙ 1982 දි...හරියටම කිව්වොත් රූපවාහිනී සංස්ථාව පටන් ගත්තෙ 1982 පෙබරවාරි 14 වෙනිදා තමයි...ටෙස්ට් තත්වය ලැබෙන්නට සමගාමීව ඒ වැඩෙත් සිදුවුණා.

ඔය සමගාමීව කියන වචනෙ දැන් හැමතැනම නැගල යනවනෙ...අහවල් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිංකම එහෙම නැත්නම් වෙසක් දන්සැලට සමගාමීව පැවැත්වෙන භක්ති ගීත සංදර්ශනය ආදී වශයෙන්...මට මතක හැටියට ඔය කතාව පටන් ගත්තෙ ගම් උදාවෙන්...5 වන ගම් උදාවට  සමගාමීව ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වාගෙ කතා ඒ දවස්වල ඇහුණනෙ...ඔය මාළිගාවිල හිටි පිළිමෙ කෙළින් කළෙත් බුත්තල ගම් උදාවට සමගාමීවනෙ.

බුත්තල ගම් උදාව කියනකොට මතක් වුණේ ඔය ගම් උදාවලට සමගාමීව පා ගමනුත් පැවැත්වුණා...රටේ හතර කොණකින් පටන් අරන් එක දවසකදි ගම් උදාවට ළඟාවෙන්න තමා මේ පා ගමන් සංවිධානය කරල තිබ්බෙ...පා ගමන ගම් උදාවට එනකොට පිළිගන්න සූදානම් වෙලා ජනාධිපති ප්‍රේමදාස මහත්තය ඇතුල්වෙන  තොරණ ළඟ බලා ඉන්නව.
වැඩිපුරම පා ගමන් ආවෙ 1992 දි බුත්තල තිබ්බ ගම් උදාවට මගෙ හිතේ...ඒ කාලෙ මම වැඩකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ...අපේ දෙපාර්තමේන්තුවටත් ගම් උදාවෙ ලොකු ගොඩනැගිල්ලක් වෙන්කරල තිබුණා...ජූනි මාසෙ මුල ඉඳලම අපේ වැඩේ කොළඹ ඉඳන් බුත්තල යන එක...ගොඩනැගිල්ල බලන්න යනවා,ගොඩනැගිල්ල බාරගන්න යනවා,බඩුමුට්ටු ගිහින් දාන්න යනවා,සරසන්න යනවා ආදී වශයෙන් ගම් උදාව පටන් ගන්න කලින් දහ ගමනක්වත් බුත්තල ගියා...මොකද පවුල් බරක් තිබුණු එකක්යැ...නැගපල්ල වාහනේට කිව්ව ගියා...කොල්ලො කාලෙනෙ.

මම වැඩකලේ දෙසතිය සඟරාව බෙදාහැරීම බාරවනෙ...දෙසතිය අලෙවිහලකුත් අපේ ගොඩනැගිල්ලට ඇතුල්වෙන තැනම දාන්න ලෑස්ති කරල තිබුණෙ...ගම් උදාව පටන් ගන්න දවස් දෙක තුනකට කලින් දෙසතිය සඟරා ලොරියකුත් අරගෙන මම බුත්තල ගියා...මගෙ සහායට හිටියෙ රාජපක්ෂ, ගෝලයො දෙන්න සෝමපාලයි කාලිංගයි,රියැදුරු ජයකොඩි, ජයකොඩිට වාහනේ එළවද්දි නින්ද ගිහින් වෙච්චි අකරතැබ්බයක් නිසා කොළඹින් තව රියැදුරෙකුත් එව්වා පේමරත්න කියල කොල්ලෙක්...ඊට අමතරව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වුනු පර්සි උමගිලියත් අපිත් එක්ක එකතුවුණා.

අපට නවතින්න සූදානම් කරල තිබුණෙ සංස්කෘතික අමාත්‍යංශයට අයිති කතරගම හින්දු රෙස්ට් එක...ගම් උදාව පටන් ගන්නෙ හවස හයට,ඉවර කරන්නෙ රෑ දොළහට,අපි බුත්තල කතරගම රජ මාවතේ  යන්නෙ එන්නෙ ජයකොඩි එළවපු ඩැට්සන් පිකප් වාහනේ...රජ මාවත වැටිල තියෙන්නෙ යාල කැළේ 4 වෙනි කොටස මැදින්නෙ...රෑ එකට විතර ඔය පාලු පාරෙ ජයකොඩි පාගනවා ඊ ගහේ වේගෙන්.

ගමනෙ බාගයක් යන්නත් ඉස්සර මට සීට් එකේ නින්ද යනවා...එකපාරට ඇහැරෙන්නෙ ජයකොඩියගෙ කෑගැහිල්ලට...

අන්න...අන්න සර් දැක්කද...

මොනවද බං...

අලියෙක් අලියෙක්...

ජයකොඩි වාහනේ එලවන වේගෙට අලියෙක් තියා මහ ගල් පරුවතයක්වත් පේන්නෙ නෑ,සිං සිං ගාල පාස්වෙනව විතරයි...ඔය විදියට කතරගමට යනකල්ම ජයකොඩි අපට අලි පෙන්නනවා.

පාන්දර කතරගමට ගිහින් ඇඳට වැටුනම ඇහැරෙන්නෙ පහුවදා හොඳටම දවල්වෙලා...නාල කරල ලෑස්තිවෙලා යනගමන් රජ මාවතේ තියෙන පොඩි කඩේකින් තේත් බීල බුත්තලට යන්නෙ දවල්ට කන්න බලාගෙන.

අපේ දෙපාර්තමේන්තුවටම අයිති රජයේ චිත්‍රපට අංශයෙ චිත්‍රපට පෙන්නන අයත් වාර්තා චිත්‍රපට පෙන්නන්න ගම් උදාවට ඇවිත් ඒ ගොඩනැගිල්ලෙම නැවතිලා හිටියා...ඒ අයට දවල්ට ඇති වැඩක් නෑනෙ,ගෑස් කුකර් වළං හට්ටි මුට්ටි ගෙනත් ඒ ගොල්ලො උයනවා...අපිත් කන්නෙ ඒ අය උයන කෑම,කඩගානෙ යන්න ඕනැනෑනෙ හොඳට රසට උයල දෙනවා...දවසක්දා ඔය එක්කෙනෙක් මට කියනවා...

මහත්තය...එනකොට ඔය පාර අයිනෙ විකුණන්න තියෙන එළවලු මාලු එහෙම අරගෙන එන්න...ඒවයෙ වියදම කෑම සල්ලිවලින් අඩුකරන්න පුළුවන්නෙ...

ඔන්න ඊට පස්සෙ මමත් කන්න ආස කෑම ජාති එනගමන් මගින් අරගෙන උයන්න ගෙනත් දෙනව.

ගම් උදා භූමියට මත්පැන් ගෙනෙන්නත් තහනම්...ගෙනැල්ල අහුවුණොත් ගේට්ටුවෙ තියාගන්නව...බොන්න ඕනැනම් බුත්තල බාර් එකෙන් තමයි.

අපි කොළඹින්ම බඩු ගෙනිච්චා...ඔය ඩැට්සන් පිකප් එකේ පිටිපස්සෙ සීට් එක කඩන්න පුළුවනි,අපි කලේ සීට් එක කඩල බෝතල් ටික ස්ප්‍රිං අස්සෙ ගැහුවා...ගේට්ටුවෙන් එච්චර දුරට චෙක් කරන්නෙ නෑනෙ,ඔය විදියට කිසිම අතුරු අන්තරාවක් නැතිව අපි බෝතල් ඇතුළට අරගෙන ගියා.

බුත්තල දවල්ට ගිණි අව්ව,උඩින් ඉර අව්ව, යටින් තාර  රත්වෙලා මක්කොරලවත් දවාලක එළියට බැහැල යන්න අමාරුයි...දවල්ට ගිණි අව්වෙත් රෑට නිදි මරමිනුත් අපි බොහොම සතුටින් ගම් උදා රාජකාරියෙ යෙදුණා.

ජනාධිපති ප්‍රේමදාස මහත්තය ගම් උදා ආරම්භක උත්සවය ඉවරවෙලා ගම් උදාවෙ හැම ප්‍රදර්ශනාගාරයක්ම නරඹමින් පයින්ම ඇවිදිනවා...එතුමා එන්න කලින් අපි ගොඩනැගිල්ල නීට් එකට හදල තියල බිම පොලිෂ් කරවල තියනවා...ඇවිත් ගියාට පස්සෙ ගාණක් නෑ හැමතැනම කෑ ගගහ දඟලනවා, ආයෙ පහුවදානෙ එන්නෙ.

ප්‍රේමදාස මහත්තයට බොහොම ඉස්සර කාලෙ තිබුණලු මයිනර් කාර් එකක්...1ශ්‍රී 1961ද කොහෙද මට මතක හැටියට...

සැරයක් ගම් උදාව වෙලාවක ජනාධිපති තුමාට අපූරු කල්පනාවක් පහළ වෙලා...මොකක්ද කියනවනම් මේ පරණ මයිනර් කාර් එක එලවගෙන ගම් උදාව වටේ රවුමක් යන්න...උන්නැහේ ඔය වාගෙ සෝබන වැඩවලට බොහොම මනාපයිනෙ.
ඉතිං ප්‍රේමදාස මහත්තය මොකද කළේ තමන් හොඳට දන්න අඳුනන බාස් කෙනෙකුට එන්න කියල වාහනේ හොඳට රෙපෙයාර් කරල ඒ සී කරල දෙන්න කියල බාරදුන්නා...

බාසුත් වාහනේ අරන් ගිහින් සුපිරියට රෙපෙයාර් කළාට ඒ සී කරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැලු...බෑ කියන්නත් බෑනෙ කියපුදේ කොහොමහරි කරන්න එපායැ, කල්පනා කර හිටපු බාස්ට ටොප් අයිඩියා එකක් ඇවිත්...

බාස් ගිහින් තමන් දන්න අඳුනන ප්‍රිජ් හදන බාස් කෙනෙක් එක්ක ඇවිත් මයිනර් එකේ ඩිකියට මැෂිනරි එක සෙට් කරල බැට්රියකින් කරන්ට් එකත් දීල කාරෙක ප්‍රිජ් එකක් බවට පරිවර්තනය කළා...කොහොම උනාම මොකද සීතලනෙ ඕනැ වැඩේ ඉවරකරල බාස් ගිහින් මයිනර් එක ප්‍රේමදාස මහත්තයට බාරදුන්නා.

ප්‍රේමදාස මහත්තයත් පහුවදාම බොහොම උජාරුවෙන් මේ මයිනර් ප්‍රිජ් එකත් එලවගෙන ගම් උදාව වටේ රවුමක් ගියා...හැබැයි ප්‍රිජ් එකක් එලවගෙන ගියා කියල උන්නැහේ මැරෙනකල්ම දැනගෙන හිටියෙ නෑ.

 ගම් උදාවෙ අපේ බිල්ඩින් එකට පාරෙන් අනික් පැත්තෙ ගස්වලින් වටවෙච්චි එළිමහන් පිටියක් තිබුණා...දවසක්දා දවල් ඔතනට කණ්ඩායමක් ඇවිත් මල් පැල් හදනව,අතුයහන් හදනව හූනියමක් කපන්න වාගෙ කට්ටිය ඕසෙට වැඩ...

මම ඒ වෙලාවෙ කම්මැලිකමට පාරෙ ඇවිද ඇවිද හිටියෙ...කාෂ්ට ගිණි අව්වට මගෙ විළුඹ හතර අතට පැලිල ඇවිදින්නත් හරිම අමාරුයි...ඒත් මේ මිනිස්සු මොකද කරන්නෙ කියල බලන්න මමත් කොරගගහ එතෙන්ට ගියා...

ම්ම්හ්...උං මාව සත පහකට ගණං ගත්තෙ නෑ,කතා කරනව තියා...මටත් ඔරෝල උං තම තමන්ගෙ වැඩ.


වටින් ගොඩින් ආරංචි කරල බලපුවාම මේ අය කට්ටඬියො කණ්ඩායමක්...එදා හැන්දෑවෙ ගරා යකුමක් නටනවලු එතන,ආතුරය ජනාධිපතිතුමා.
හවස්වෙලා ආතුර ජනාධිපතිවරයාගෙ ප්‍රධානත්වයෙන් ගරායක් නැටුම බොහොම ජයට පටන්ගත්තා ...උමගිලිය පින්තූර ගන්න ගියා,මාත් උමගිලිය එක්කම ගියෙ ඉස්සරහටම යන්න පුලුවන් නිසා...මම වාඩිවෙලා පැයක් විතර ගරායක් නැටුම බැලුව...උමගිලිය ඇවිද ඇවිද පින්තූර ගන්නව,කම්මැලි හිතිල මම නැගිටල ඇවිත් අපේ ගොඩනැගිල්ලෙ ඉස්සරහ වාඩිවෙලා හිටිය...එකපාරටම හයි ඒස් වාහනයක් මම හිටපු තැන ඉස්සරහ පාරෙන් ගියා...ඇතුලෙ හිටියෙ දෑතින්ම ඔලුව බදාගත්තු ජනාධිපති තුමා...

මට දැන් හරි ප්‍රශ්නෙ නැටුම ඉවරවෙන්න කලින් මේ මනුස්සය ඔලුවත් බදාගෙන යන්න ගියෙ මොකද කියල...

ටිකකින් උමගිලිය ආවා...

මොකද වුණේ...

උමගිලිය බඩ බදාගෙන හිනාවෙනව...හිනාවෙලා ඉවරවෙලා මට කතාව කිව්වා...

ප්‍රේමදාස මහත්තයගෙ ඔලුවෙ පිටිපස්සට වෙන්න තට්ටෙ...ඉස්සරහින් කෙස් පස්සට පීරල ජෙල් ගාල එහෙම කොණ්ඩෙ නීට් එකට හදාගෙන ඉන්නෙ තට්ටෙ නොපෙනෙන්න.

කට්ටඬියො ටික නැටුමෙ අන්තිම හරියෙ බලාගෙන ඉන්න අයට සෙත් පතනව අඹ අත්තක් ඔලුවට තිය තියා...එකෙක් ප්‍රේමදාස මහත්තයගෙ ඔලුවට අඹ අත්ත තියල යාතිකාවක් කියල සෙත් පතල අඹ අත්ත ඔලුවටම තදකරල පස්සට ඇද්දලු...ඒ ඉතිං වැඩි හොඳට...

ඒ වුණේ මොකක්ද කෙස් ටික ඔක්කොම ඉස්සරහට වැටිල තට්ටෙ පෙනෙන්න අරගෙන...ඒ වෙලාවෙම ජනාධිපතිතුමා එතනම තිබුණු වාහනයට නැගල ඔලුවත් බදාගෙන යන්න ගිහින්...

ඕං ඕව තමා ගම් උදාවෙ රස කතා...ඒ උනාට මම කියාගෙන ආවෙ වෙන කතාවක්නෙ.


මම කියාගෙන ආවෙ ටෙස්ට් මැච් එකට සමගාමීව ලැබුණු රූපවාහිනී සංස්ථාව ගැනනෙ...ඉතිං මේ ළදරු රූපවාහිනී සංස්ථාව ටෙස්ට් තරඟයේ සජීවී ප්‍රචාරයක් දවස් පහේදිම දෙන්න තීරණය කළා...මේ වැඩේ ඒ කාලෙ හැටියට විශාල කර්තව්‍යයක්,කිසිම පූර්ව අත්දැකීමක් නැතිව හැම දේම අලුතෙන් නිර්මාණය කරන්න වෙලා තිබ්බ පසුබිමක රූපවාහිනියෙ පළමුවෙනි සභාපතිවරයා හැටියට පත්වෙලා හිටපු ඉතාම පරිණත ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් වෙච්චි මාපටුනගේ ජේම්ස් පෙරේරා හෙවත් එම්.ජේ.පෙරේරා මහතා ඉතා කැමැත්තෙන් මේ අභියෝගයට අත තිබ්බා.
 
                                    මතු සම්බන්ධයි

78 comments:

  1. ප්‍රෙමදාස මහත්තයා හිටියත් මේ කතාව අහල හිනා කාලා මැරේවි.. ලොරියේ වෙචිචි ඇබැද්දිය මොකක්ද බොල.. ඔහොම යං. අපි මනාපයි ඔය හැලපස්ටයිල් එකට..

    ReplyDelete
    Replies
    1. ලොරියේ නෙවෙයි බං ඇබැද්දිය වුනේ පිකප් එකේ යද්දී,ඒ ගැන වෙනම එකක් ලියන්නම්

      Delete
  2. හි හි... මදෑ... ෆ්‍රිජ් එකක් එලවන් ගිය කතාව නං මරු... තට්ටේ කේස් එක නං දැං ඔය ‌ගොඩක් අයට වෙනවනේ.. ‌නේද ...... හි හි...

    ReplyDelete
    Replies
    1. තට්ටේ බාගෙට තියෙන අය කොන්ඩේ පුල්ම ගාල දානවා,ඉස්සර හිටියනේ හොඳ හොලිවුඩ් නළුවෙක් යූල් බ්‍රයනර් කියල,පොරත් තට්ටය.මිනිහ ගැන වැඩි විස්තර ඕනෙනම් රවී කියයි

      Delete
  3. Same tasty story. Nice beat around the bush..still no sinhala typing !

    ReplyDelete
    Replies
    1. කනගාටුයි වෙනී ඉක්මනට සිංහල හදාගන්න

      Delete
  4. සුපරිම සුපිරියි හැලප අංකල් ඉතුරු ටිකත් ඉක්මනටම දාමු හොදේ...............

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දාන්නම් පුතේ

      Delete
  5. යන් යන් ඔහොම යන් පදුරු ටික තලාගෙන කවද හරි යන්නෙ නෑතෑ

    ReplyDelete
    Replies
    1. කවදාහරි යනඑක නම් ෂුවර්ම ෂුවර්

      Delete
  6. ෆ්‍රිජ් කේස් එක නං අහල තිබුන. ‍ප්‍රේමදාස මහත්තය තට්ටයෙක් කියල පෙනුනෙම නෑ නේද මැරෙනකල්?
    පඳුරු තැලිල්ලෙදි මුල අග සම්බන්ධ වෙන්න ඕන. නැත්තං කිසි ගතියක් නැති වෙනව. අන්තිමට ටෙස්ට් කතාවට ආපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තය කතා කරනවා පිටිපස්සේ ඉඳල අරගෙන තියෙන ක්ලෝස් අප් වල තට්ටේ හොඳට පේනවා

      Delete
  7. මැච් එකනං කවද ගහන්න බැරිද. ඊට කලින් පිට්ටනිය සුද්ධ කරල ඉන්න එපැයි.

    අර ‍ෆ්‍රිජ් කතාවනං නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ඉවරයක් නෑ පිටැන්න සුද්ද කරලා ප්‍රසන්න

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ප්‍රේමදාස මහත්තයා උදේම තලප්පාවකුත් බැඳගෙන ප්ය මයිනර් එකේ කොළඹ වටේ යනවා. අපේ මාමා උන්නැහේගේ හඳහන් එහෙම බැලුවා නේ. උන්නැහේගේ නෙමෙයි ඇමතිවරු නිළදාරිවරු ඔක්කගෙම වගේ බැලුවා. දෝශාබියෝගෙන පස්සෙ මාමන්ඩිට් එක්ක තරහ උන තරහ විල්ල, මාමන්ඩිගේ මරණෙටවත් ආවේ නෑ.

      ප්‍රේමදාස මහත්තයා නැති උන දවසේ, ඉස්සෙල්ලම ආවේ මිසින් කියලනේ. දැන් හා හෝව ලොක්කා හැංගෙන්න ඇති කියලා. ඔය අතරේ අපේ දොරට කවුදෝ තට්ටු කර. බැලින්නම් උඩ ගෙදර ප්‍රින්සිපල් මහත්තයා. පොර පොඩි කාරණාවක් කියන්න තියෙනවා කියලා, මට පල්ලෙහාට කතා කරගෙන ගියා.

      පුතා ප්‍රේමදාස මහත්තයා අනිවාර්යයෙන් මැරිලා. අංකල් කොහොමද එහෙම කියන්නේ. මම තමයි පුතා ලොක්කගේ හඳහන් පොත ලිව්වේ. (පුසිද්ධ අයගේ ඒවා ලියා ගන්නේ එයාට කියලා) ඔහේගේ මාමා කියපු විදියට අද එයා මැරෙණවා. මැරෙන්නේ පිච්චිලා. මට කාටවත් කියන එපා කිව්වා. මට හොඳටම ෂුවර් නිසා මේ කියන්නේ.

      පස්සෙ මම මාමන්ඩියා ගනන් හදන් පොත, ඩයරි අරවා මේවා පෙරලලා බැලුවා. 1993/05/01 පස්සෙ ගනන් හැදිල්ල නවත්තලා. අර ප්‍රින්සිපල්ට කිව්වලු. ඊට පස්සෙ අපි බොරු ටිකක් ලියලා දෙමු කියලා. මැරෙනවා කිව්වනම්. මාමන්ඩි මරණවනේ. ඒත් කීප සැරයක්ම ඇහුවලු. සිල්වා මහත්තයා මම මැරෙන්නේ කවදද කියලා. ඒ වෙලාවට බොරු කියන්න ඇති.

      ප්‍රේමදාස නෝනට තමයි වාසනාව තියෙන්නේ. මාමන්ඩි කියපු විදියට පුංචි ප්‍රේමදාසටත් හොඳයි. අපි බලමු නේ. කොහොමත් ඉතින් ඒවා රාජ යෝගනේ..

      Delete
    2. ලොකු හෑල්ලක් දැම්මා. ස්පෑම් ගොඩේ ඇත්තේ..

      Delete
    3. ඔය කියන දිනයේ එතුමාග් පාරේ වැටී තිබෙන සේයා රැව මගේ. 93.05.02 ලංකාදීප විශේෂ කලාපයේ එය තියනවා.මගේ නමින්ම ඒ සේයා රුව තියෙන්නේ. මෙතෙක් මා සේයාරුවක් වෙනුවෙන් ලද විශාලම මුදල මට ලැබුණා. ඒත් සේයා රුවේ අයිතිය ලංකාදීප ආයතනය සතුයි. මොකද ඒ කාලේ ආයතනයෙන් දුන් රීල් වලින් පිංතුර ගත්තාම නෙගටිව් පටි අපහු බාරදෙන නිසා මේ පිංතුරය නිසා හතරවැනි තට්ටුවෙත් බඩ ගැවා දවස් කිපයක්ම.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මම අහන්න ගිය එක උඹ කියලා ඉවරයි.. මට මතකයි ෆොටෝ ගත්ත උන් පරිප්පුවක් කෑවා කියලා.. බාබු මම හොඳටම දන්නවා.. ඒත් වැඩි කතා බහක් නෑ.. හිතා ගන්නත් බෑ.. ඌ මෙහෙම දෙයක් කළා කිව්වම. වෙල් ඩ්‍රෙස්, පට්ට හැන්ඩි කොල්ලා.. එකෙක්වත් පිලිගත්තේ නෑ ඌ එහෙම දෙයක් කලා කිව්වම..

      නලියත් පොරක්නේ බලාන ගියාම...

      Delete
    6. ජනාධිපතියෙක් නිසා නලීන් ට සල්ලි මල්ලක් ලැබිලා!!!

      Delete
    7. පොරවල් කීදෙනෙක් ඉන්නවද මෙතන!

      Delete
    8. අප්පට සිරි මෙන්න පොරවල්..

      Delete
    9. අපිත් බලාගෙන ඉමුකො මාමගේ වචනේ හරියනකල්,අපරාදේ මාතලන් මාම මැරුනනේ,දැනුයි ඉන්න තිබ්බේ

      Delete
    10. //අපිත් බලාගෙන ඉමුකො මාමගේ වචනේ හරියනකල්,අපරාදේ මාතලන් මාම මැරුනනේ,දැනුයි ඉන්න තිබ්බේ//

      hah hah haa! masura\n kiyamana.

      raaj\ya seavayea rasakathaa mamath asaa Aththemi.

      Delete
  9. ඔය කාලෙ දෙසතිය කලේ හැලප ඩී.බී. වර්ණසිරි නේද?

    ප්‍රේමදාස මහත්තයගෙ උපන් දිනෙං ගම් උදාව පටංගෙන හේමාවෝගෙ උපංදිනෙං තමයි ඉවර කරන්නෙ කියල හැලප දන්නවද?....මට මතක ජූනි 16 සහ ජූලි 7 වාගෙ......ඒ දවස්වල රටේ කතාව තිබ්බෙ මේ දෙන්නගෙ උපන් දින මාස හයක විතර පරතරයක් ඇතුව තිබ්බ නං කෙලියා නේද කියල.....

    අනික් කතාව අර නිරුවත් කන්‍යාවියො හත් දෙනෙක් ලව්ව කිරිකල හතකින් නාවගත්ත කියන කතාව….අන්න ඒ ගැනත් දන්න දෙයක් කියාපංකො බොලේ...ඒ කතාව බොරුවක් වෙන්න බෑ.. ඒ දවස්වල මගෙ යාලුවෙක් ගාව තිබ්බ මිනිහගෙ යාලුවෙක්ගෙන් හම්බ වෙච්චි එහෙම සීන් එහෙක ෆොටෝස්.

    ReplyDelete
    Replies
    1. ඩී බී වර්ණසිරි දෙසතියෙ දෙවෙනි සංස්කාරක,මම ඉන්න කාලෙ හිටියේ ගාමිණී විජේතුංග.
      ගම් උදාව ජූනි 23 පටන් අරගෙන ජූලි 7 ඉවර කලා වගෙයි මට මතක.
      ඔය ඉන්දියාවෙන් ගෙන්නපු ආඬිනේ ඔක්කොම මගුල් කරලා මිනිහව කෑවේ,කොන්ඩේත් බූ ගාන්න කිව්වා ඒක නම් කොහොමත් කරන්න බෑ කිව්වම අන්තිමේදී ඇහිබැමි දෙක බූ ගෑවා,ඒ වැඩේ ඇත්ත මම ඇස් දෙකටම දැක්ක.

      Delete
    2. ඔන්න ඒකෙත් හැටි බලන්න ...
      මේ ඩී බී වර්ණසිරි මයා චැනල් 9 ලංකාවට ගේන්න ක්‍රියාත්මක වුනා මතකයි

      Delete
  10. මම හිතන්නෙ උන්දෑ නටපු ඔය දහ අට සන්නි නිසා තමා අපිට ටෙස්ට් තත්ත්වය ලැබුනෙ. :D ඔය කාලෙ රූපවාහිනිය සජීවි විකාශයන් කළාද ? මට මතකම අපි රේඩියෝ එකෙන් අහපු විස්තර ප්‍රචාරයන් තමා. ඕවර් පහෙන් පහට ඉංග්‍රීසි සිංහල විචාරකයන් මාරු වෙවී කෙරුවෙ..

    ReplyDelete
    Replies
    1. අපොයි කලා මට හොඳට මතකයි. මාතර තෙලිජ්ජවිල මගේ අයියා කෙනෙක්ගේ ගෙදරක බැලුවේ. ඕවල් එකට වඩා සෙනගක් එහේ උන්නා...

      Delete
    2. ආනන්ද-නාලන්ද මැච් එකකඛඔත් රූපවාහිනියේ ඵෙන්නුවා මං හිතන්නේ 1982 විතර!

      Delete
    3. එහෙමද ? මට මතක නිකන් පස්සෙ කාලෙක පටන් ගත්තා වගේ.

      Delete
    4. සෙන්නට උත්තර ලැබිල තියෙන්නෙ

      Delete
  11. මැච් එක බලන්න ආ අපිව බුත්තල ගම් උදාවටත් ගෙනිච්චා එහෙනං. ඔය ගම් උදාව සමයේ මාත් පදිංචි වෙලා වගේ හිටියේ එහේ. ඔය ගම් උදාවේ දි තමයි පේමදාස නෝනේ අඩාවැටුණේ.

    ReplyDelete
    Replies
    1. අඬාවැටුණු එක කොහොමවෙතත් ආර්යාව සින්දු කිව්ව් නම් මතකයි,හැමදාම හවසට ඉස්පීකර් වල දානවා සින්දු සැට් එක.

      Delete
  12. බුත්තල ගම උදාව බලන්න ගියා යන්තම් මතකයි. මටනම් මල පැනලා හිටියේ සෙන් ගොඩේ මිරිකිලා. එදා ජාතික කෞතුකාගාර කුටියේ තිබ්බ සත්තු ගණන් කරන තරගෙකින් දිනලා පොත් වගේකුත් හම්බ වුනා.

    ReplyDelete
    Replies
    1. දෙසතියෙ පැත්තෙ ආව එහෙම මතක නැතුවයි

      Delete
  13. හැලප මහත්තයා ආතල් එකේ උපරිම තැනටම ගෙනල්ලා ඉලවු මතු සම්බන්ධයක් දැම්මනේ.යන්න ඔන්න මෙන්න හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං ගියෙ නැද්ද අපරාදේ, මිරිකගෙන හිටියද

      Delete
  14. බලහන් හැලපයියේ අප්‍රකාශිත සෙනෙහස කිව්වාම මම හිතුවා අර "ස්වප්නා" කෙලි ගැන කියයි කියලා.ම්ම්,හු.
    දැන් ඉතින් අනික් කැල්ල එනකන් හිටුකෝ.

    ReplyDelete
    Replies
    1. ස්වප්නා කෙලී ගැනත් ඉදිරියට කියන්නම්

      Delete
  15. මේ පොස්ට් එකට දාලා තියෙන මාතෘකාව ගැලපෙනවද?

    ReplyDelete
    Replies
    1. මේක කලින් පටන් ගත්තු කතාවක දෙවෙනි කොටස

      Delete
  16. >>ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නෙ 1982 දි...හරියටම කිව්වොත් රූපවාහිනී සංස්ථාව පටන් ගත්තෙ 1982 පෙබරවාරි 14 වෙනිදා තමයි..<<

    මචං උඹ මේ කියන දින වකවානු පොඩ්ඩක් පැටලිලි සහිතයි. මොකද රූපවාහිනිය (television) හඳුන්වලා දුන්නේ ITN පටන් ගැනීමත් සමගනේ. ඒක වුනේ ඔයිට කලින් නේද?

    >>.ඔය මාළිගාවිල හිටි පිළිමෙ කෙළින් කළෙත් බුත්තල ගම් උදාවට සමගාමීවනෙ.<<

    උඹට සැතපෙන පිළිම කෙලින් කිරීම ගැන එළකිරි පෝස්ට් එකක් මිස් වුනා නම් ප්න්න රවියා ලියලා තියෙනවා නිදහස් සිතුවිලි වල. මම ලින්ක් එක දාන්න ඕනෙ නෑ. රවියා දායි. ඒකෙ තියෙනවා අලුත්ම ඉරියව්වක් ගැනත්.

    ReplyDelete
    Replies
    1. ITN එක පටන්ගත්තෙ ජාතික රූපවාහිනියට ඉස්සෙල්ල තමයි. ඒක පටං අරන් තියෙන්නෙ 1979 අප්‍රේල් 13 වෙනිද. ලංකාවෙ වගේම දකුණු ආසියාවෙත් මුල්ම රූපවාහිනී නාලිකාව විදියට.
      මෙතන තියෙනව ඒ ගැන.

      මං අහල තියෙන විදියට ජාතික රූපවාහිනිය ලංකාවට ලැබෙද්දි ඉන්දියාවෙවත් වර්ණ රූපවාහිනී විකාශණය කරල නෑ.

      Delete
    2. අන්න බලන්න පින්වතුනි...
      සමහර පුද්ගයෝ උපදිද්දී ඒත් එක්කම ඒ අයගේ පිනට යම් යම් දේවල් පහල වෙනවා කියලා බණ පොත්වලත් තියෙනවා..
      දැන් බලන්නකෝ හසන්ත මහත්...නැහැ වැරදුනා..ප්‍රසන්න මහත්තයෝ.. මේ අයි ටී ඇන් එකත් එහෙම මගේ පිනට පහල වෙච්ච එකක් කියලා මං අද නෙව දැනගත්තේ... :D :D :D

      Delete
    3. දකුණු ආසියාවේ කතාව පට්ට පල් කෙබරයක්. මම ඕක ගැන බින්දිගේ පෝස්ට් එකක ලිව්වා. ඕක අපේ පාළකයෝ එදා ඉඳලා අපේ ජනතාවට දෙන පට්ට පල් කෙප්පයක්. දකුණු ආසියාවේ ළොකුම එක. ද්කුණු ආසියාවේ මුල්ම එක.

      Delete
    4. ඔක්කොම විස්තරය කට්ටිය ලියල තියෙනවනෙ මචං ,අයි ටී ඇන් එක පෙනුනේ එකෙන් වටේ හැතැප්ම දහයක් ඇතුලත විතරයි,ලංකාවටම පෙනුනේ ජාතික රූපවාහිනිය.

      Delete
    5. @ මාරයා,
      වෙන්න ඇති දැං ඒකෙ යන ඒවයි හැටියට ඒක උඹේ පිනටම පහළවෙච්ච එකක් වගේ තමයි පේ‍න්නෙ. :D

      Delete
    6. අපරාදෙ කියන්න බෑ මාරයාගේ පිනට පහළ වෙච්චි නයි ටී ඇන් එක ලංකාවටම සත්‍යය බෙදනවා

      Delete
    7. අයියට කියන්න අයියා.. ඒ දවස්සල.. ඒ කිව්වේ මේ අයියා විස්තර කොරලා තියෙන රාජ්ජනායකතුමා ඉන්න දවස්සලනං මට හිතුනේම නැහැ මේක මගේ පිනට පහල වෙච්ච එකක්ය කියලා.. මං හිතුවෙම ජාතියේ කරුමෙට පහල වෙච්ච එකක්ය කියලා... මට තාම මතකයි ඔය ගංඋදාකාලෙට එහෙම පොඩිඋන් වෙච්ච අපි කොයිතරං අමාරුවෙන්ද ටැලිවිසොං එකේ ප්‍රවෘත්ති බැළුවේ කියලා... :D

      ගං උදාවට නෙවෙයි ඉතිං අනිත් කාලෙටත් එහෙමම තමා... ලොකු තැන පාරේ සුවාස් වෙන්න ආසන්න වෙන්න වෙන්න ඔය නයිටීඇන් වගේම කුරුල්ලා පියාඹන එකෙත් පරඋර්ති හරි අගෙයි.. කොටින්ම ඒ ගිය පරඋර්ති මට තාමත් කටපාඩමෙන් කිව්වැකි.. මොකද ඒ හැටි දෙයක් නැහැ.. අමතර වචන තුන හතරක් අතරින් පතර ගියා උනත් වැඩි හරිය යන්නේ මෙන්න මෙහෙම වචන...

      ශ්‍රිමත් අතිගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්....
      ස්වෛරීභාවය..භෞමික අඛණ්ඩතාවය...

      ඔන්න ඔය වගේ ටිකක් තමා නිතර කැරකෙව්වේ... එයිට අමතරව ඔරලෝසු කණුවක් පෙන්නයි...

      උතුමාණන්ට අමතරව ආයේ තව කාගේ හරි කතාවක් ගියොත් ඉතිං ඒ අනිත් රණසිංහගේ.. ඒ කිව්වේ අර සෙරෙප්පු සුප්ගේ... උන්නැහේ කතා කරන්න ගත්තත් ඉතිං අර ටිකම තමා.. :D

      එහෙම බැළුවම එදයි අදයි කියලා වෙනසක් තියෙනවද කියලා තමයි මට පේන්නේ නැත්තේ... දෙවැනි රණසිංහ ගානට විමල් ඉන්නවා.. ඔරලෝසු කණු වෙනුවට හයිවේ පෙන්නනවා...
      අනිත් ටිකත් එසේමයි...

      දැන් කොහොම උනත් සිරස එනකල්ම (සිරස එපා උනේ උන්ට ප්‍රභාකරන් මහත්තයා වෙච්ච දවසේ) ඔය දෙකයි අර නලින් අයියලගේ පත්තරකන්තෝරුවේ පත්තරයි.. ඔය ටික ඔක්කෝම දැයේ කරුමෙට පහල වෙච්ච ඒවා කියලා හිතාපු මට... දැන් ඒවා මයේ පිනට පහල උනා වගේ කියලමයි හිතෙන්නේ... :D

      හැබැයි කලක් ගිහින් ආණ්ඩු මාරු උනොත් මට ආයම හිතෙන්න බැරි නැහැ ඉස්සර හිතුවා වගේ... හැලප අයියලාට එදාට හිතෙයි ෂහ්.. මෙව්වා ජාතියේ පිනට..අපේ වාසනාවට පහළ වෙච්ච දේවල් නෙව කියලා.. ඕකයි වෙනස.. :D :D :D

      Delete
    8. අම්මෝ, හෙන කාලෙකින් 'භෞමික අඛණ්ඩතාව' ගැන ඇහුවා !!! බොහොම ඉස්තූතියි මාරයෝ :)

      ඔය අස්සේ මට 'අඛණ්ඩ ඇගයීම්' සීන් එකත් මතක් වුනා ...

      Delete
  17. බලන්ඩකෝ ඉතින් මෙව්වා එකට එක ගැලපෙන හැටි . එකිනෙකාගේ අදහස් වලින් ගැලපිලා ඉදිරියට යන හැටි , කවුරු හරි මොනවාහරි ගැන ලියපුවහම ඒ සම්බන්දව හොදින් දන්න කෙනෙක් තවත් මොනවාහරි ගෙනහැරපානවා . එකේන් රසය සහ විනාකම තව වැඩි වෙනවා, අනිත් තැන්වල නැති බ්ලොග් වලටම විශේෂ වෙච්ච කාරනාව තමයි මේක ,

    මෙතනම බලන්ඩකෝ , මේකතාවට ලගින්ම සම්බන්දයි මාතලන් සහ නලින් , ඒ අය කියන දේවල් ලිපිය කියවපු පාඨකයා තවත් ඉදිරියට අරගන යනවා, තවත් අය කියපු දේවල් වලින් අඩු වැඩිය සැපයෙනවා, මේක හින්දා තමයි මිනිස්සු බ්ලොග්වලට ඇබ්බැහි වෙන්නේ ,

    හැබැයි මෙහෙම වාතාවරනයක් ඇතිවෙන්නේ ලිවිල්ල සාර්ථකනං විතරයි.

    පේමදාස මහත්තයා ගැන මිනිස්සු මොනවා කියුවත් මටනං හිතෙනවා . නැතිබැරි මිනිස්සුන්ට එයා තරම් වැඩකරපු වෙන කෙනෙක් නැ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි අටම් බ්ලොග් ලියන එකේ සතුට,ඔය නවලොකගමත් ප්‍රේමදාස මහත්තයාගේ සංකල්පයක්නේ

      Delete
    2. නැ අයියේ ලොකු නෝනගේ

      Delete
  18. යාපනයෙ ගම් උදාවක් තිබුන දින 5ක.වෙන ගම් උදාවල් වගේ ජයට තිබුනෙ නැහැ එක එක ගම් වල ගෙවල් දෙන වැඩයි හවසට රැස්වීමක් තියල,චන්ද්‍රිකා සිරිවර්ධන සහ තවත් කීපදෙනෙක් සින්දුවක් කියල ඉවර කරනව.
    CTB බස් වලින් කෙහෙල්වත්ත/මාලිගාවත්ත පැතිවලින් ගැහැණු/මිනිස්සු අරං ගිහිල්ල තමයි රැස්වීම් තිබ්බෙ.
    KKS වල රෑ රැස්වීමක් තියද්දි එක සැරේම ලයිට් ගියා.පස්සෙ PSD එකෙන් හොයාගෙන තිබුන ඒ කිට්ටුව මේන් ලයින් වලට බයිසිකල් චේන් දාල කියල කොටි පැටව්.නමුත් තඩි ජෙන් එකක් ගෙනිහිල්ල තිබුන.
    ඒ දවස්වල BMC චෙයාමන් (නම මතක නැහැ)චන්ද්‍රිකා S ගෙ හබියා තමා සේරම ඕගනයිසින් කලේ.
    මට අවුරුද්ද මතක නැහැ.අන්තිම දවසෙ ප්‍රේමේ ලොක්ක සුබාෂ් හරි අශෝක් හෝටලේ අපි කට්ටියටම ලන්ච් එකත් දුන්න.

    ReplyDelete
    Replies
    1. බී.එම්.සී. සභාපති ඇවිල්ල අජන්ත විජේසේන...මාර හැන්ඩි පොර...අර ගාමිණී ෆොන්සේකා රාවණට හිටපු සීතාදේවී චිත්‍රපටයෙ නිෂ්පාදකත් එයාම තමයි." නිම් හිම් සෙව්වා මා සසරේ" අමරදේව මාස්ටර්ගෙ සදාතනික ගීතය එන්නෙත් ඒ ෆිල්ම් එකේමයි.

      චන්ද්‍රිකා සිරිවර්ධනගෙ මහත්තයා ඇවිල්ල ඇන්ටන් අල්විස්...

      Delete
    2. ඔන්න කෙන්ජි රවී කියල තියෙන්නෙ විස්තරේ

      Delete
  19. ප්‍රේමදාස මහත්තයත් හරි හරි වැඩනෙ කරල තියන්නෙ. ෆ්‍රිජ් එකක් පදිනව කියන එකත් සෙල්ලං ද.. :)

    ReplyDelete
    Replies
    1. ප්‍රිජ් එකක් එළවන් ගිය ලංකාවේ පළවෙනිය වෙන්න ඇති චන්දන

      Delete
  20. ඔන්න හතලිස්තුන්දාස්වෙනියා මම.....

    දිනේෂ් උමගිලිය කියලා අපේ බ්ලොග් හිතවතෙකුත් ඉන්නවා නේද? මට මුලින්ම මතක් උනේ උන්දෑ.

    ප්‍රේමදාස ලොක්කා ෆ්‍රිජ් එකක් එලවාගෙන ගියපු කතාවනම් එකම තමයි. හිනාවෙලා පණත් ගියා.

    -----------------
    ටෙස්ට්>>>>>>>>>>>>>> යාන්තම් දෙවතාවක වගේ ලියලා තිබුණා.
    රූපවාහිණිය>>>>>>>>>> යාන්තම් මුලමයි, අගමයි පේලි දෙකතුනක ලියලා තිබුණා.
    අප්‍රකාශිත සෙනෙහස>>>> අනේ අර යන්තම් ගෑවුනත් ටින්ටින් ගාන ගෑල්ළමයා කොයි?

    --------------

    පෝස්ට් එකේ රසවත් භාවයට මාතලන්, නලින්, කෙන්ජි, රවී වැනි හිතවතුන්ගෙන් ලැබුණු දැනුම් සම්භාරයත් එකතු උනාම මාරම වටිනාකමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොක උණත් හැලපයියා කමෙන්ට් රිප්ලයි කරන්නනම් උපන් ගෙයිම කම්මැලි ඩයල් එකක් වගේ.

      Delete
    2. හතලිස්තුන්දාස්වෙනි අකම්ව ආදරයෙන් පිළිගන්නවා මුලින්ම,දිනේෂ් උමගිලිය මේ උමගිලියගේ ඥාතියෙක්ද දන්නේ නෑ,එහෙම නම් එයා කියයිනේ,ටෙස්ට් ගැන රූපවාහිනිය ගැන ගෑවුළමය ගැන ඉදිරියට කියවෙනවා.
      මාතලන්,නලින්,කෙන්ජි,රවී වැනි අත්දැකීම් බහුල බහුශ්‍රතයන්ගෙන් ලැබෙන දැනුම ඕනෑම පෝස්ට් එකකට ආලෝකයක්.
      ගොඩක් විස්තර හොයල අමාරුවෙන් ලියන පෝස්ට් එකකට ලැබෙන කමෙන්ට් ගාන දැක්කහම කමෙන්ට් රිප්ලයි කරන්න දුක හිතෙනවා

      Delete
  21. එම්.ජේ.පෙරේරලා වගේ මහත්වරු නැති පාඩුව දැන් නෙවේ තව ඉස්සරහටයි දැනෙන්නේ...යකඩ ගිලින්නොයි...ගෑණු පෙරේතයොයි...තාම යහතින් වැජඹෙනවානෙ.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් එවැනි මහා පුරුෂයන් දකින්නට ලැබෙන එකක් නෑ කැන්ඩියන්

      Delete
  22. එම් ජේ පෙරේර මහත්තය සභාපති වෙල හිටි සංස්ථාවක වෘත්තීය සමිති නිලධාරියෙක් වෙලා මං එයාට ලොකු හිස රදයක් උනා. හැබැයි එයා මගෙ කවි පෝස්ටර රස වින්දා .. පියුනට කියල එවුව සීරුවෙන් ගලවගෙන අරං ගියා.
    කෝ බං ස්වප්නා ? ඒකී නාන්න ගියාද ?

    ReplyDelete
    Replies
    1. ස්වප්නව කරළියට ඉක්මනින්ම ගෙනෙන්නයි කල්පනාව සරත්.

      Delete
  23. මේ පොස්ට්ටුව රසබර මතක ගොඩාක් ඔස්සේ ජීවිතයේ සුන්දර කාලයක් කරා අරන් ගියා.

    මං හිතන්නේ රූපවාහිනිය ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් පටන් ගත්තේ 1981 දී.

    ReplyDelete
    Replies
    1. ඔව් ගල්මල්,ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  24. රසබර ලිපියක් නෙව මග ඇරිලා තියෙන්නේ මගේ කම්මැලිකමට . ඔය උත්තමයා ගැන නම් කතා ගොඩායි ....
    ප්‍රේමදාස ළමයා ඉස්සර හරි ලැජ්ජයිලු . දහම් පාසලේ කතාවක් පවත්වන්න කියල බැංකුව යටින් එලියට අරන් ඉස්සරහට දාල තියෙන්නේ අපේ සියා කෙනෙක්.ආච්චිගේ සහෝදරයෙක් . ඔය කතාවේ තාර බර කොච්චරද මන්දා .අපේ පවුල් වල කටකතාවෙන් පැවතෙන්නක් . හැබැයි ඒ සියා අපට ඒකාලේ හම්බ වුනේ නැහැ .මොකද උන්ද මිය පරලොව ගිහින් . හැබැයි අපට අතට අහුවෙන කාලෙක හිටියා නම් උන්ද ඉවරයි .

    ඒ කතාවේ ඇත්ත කොච්චර වුනත් මැරෙනකම්ම අපේ තාත්තාගේ පවුලේ අය එක්ක පයිරු පාසානම් පැවැත්තුවා . මහගෙදර ගිහින් ආච්චිට වැඳලා ආව බවත් කියවෙනවා .
    අපි ළමයි පරම්පරාව නම් උන්දැව කන්නම් මරන්නම් ගානට හිටියේ . අපේ තාත්තලා මහප්පල අපෙන් හොඳටම අවලාද ඇහුවා . ඔය කොච්චර හිතවත්කම් තිබ්බත් අපේ තාත්ත දේශපාලනයෙන් අබ ඇටෙක දෙයක් අරන් නැහැ . ඒ ගැන නම් මාර සතුටුයි..

    අපි ඉස්කෝලේ යනකාලේ ඔය තරම් කතා බහට ලක්වුණ දේශපාලකයෙක් වෙන් අහිටියේ නැහැ . ඔය කතා භාගයක් බොරු වෙන්ට ඇති. හැබැයි ඔය ෆ්‍රිජ් කතාව මේ ඊයේ පෙරේදා තමයි මාත් ඇහුවේ . අනුතුනේ මැයි පළවෙනිදා රේඩියෝ එකේ එක පාරටම ශෝක සංගීතයක් වාදනය වුනා . අපේ අක්ක එක පාරටම කිවේ ප්‍රේමදාස මැරිලද දන්නේ නැහැ කියල . එයා නිකන් විහිලුවට කිවේ ..කොහොමත ඒ කාලේ බහුතරය හිතින් මිනිහව මරලා ඉවරයි සැහෙන වතාවක් . ඒ වෙද්දී ඔය බොම්බේ ගැන අපි දැනගෙන හිටියේ නැහැ .
    පස්සේ බලද්දී ඇත්තටම එහෙම වෙලා . ඒ දවස්වල මන් උගන්නවා. ඒ ඉස්කෝලේ උන්න තදබල කැපුවත් කොළ ජාතියේ ටීචර් කෙනෙක්. ජනසවි පත්වීම් ගත්තු .ඊගාවට ඉස්කෝලේ ගියහම අපිට රවනවා ..අඬනව එක මල ගෙයයි. අනික් ගුරුවරු සේරම හොරෙන් හිනා වෙනවා . මෙයා නිකන් අපි මැරුවා වගේ අපිව කන්න හැදුවේ
    ..දැන් නම් හිතෙනවා කොයිකත් සාපේක්ෂයි කියල

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තයට හැදුනු කතාවලින් බාගයක්ම බොරු,හැබැයි ඉතිං ඒ කාලේ ඔය කතාවලින් අපි හරියට විනොදවුනා

      Delete
    2. ප්‍රේමදාස ඝාතනය වුනු කාලේ මම ඉස්කෝලේ යන කාලේ.
      දේශපාලනය ගැන නම් මුකුත් දැනීමක් තිබුනේ නැහැ නමුත් ඔය ටී වී , පත්තර (රාවය)වල තියෙන දේවලුයි , අසූ අටේ භීෂණ කාලේ වෙච්ච් දේවලුයි , ගාමිණී , ලලිත් වගේ අයට අත්වූ ඉරණමයි, වගේ දේවල් නිසා ප්‍රේමදාස එක්ක පුදුම තරහක් තිබිල තියෙන්නේ.
      ඝාතනය වුනු වෙලාවේ රතිඥ්ඥා පත්තු කරන්න තරම් තරහක් (පොඩි එකෙක් වෙලත්).

      ඒත් ඝාතනය පිළිබඳව දුක් වෙන ගොඩාක් කට්ටිය දැකල (ටී වී එකෙන් නෙවෙයි, වටේ පිටේ දුප්පත් ජනතාව) පුදුම ෂොක් එකක් ආවා , ලෝකය විවිධයි විෂමයි යනාදී වශයෙන් වගේ turning point සීන් එකකුත් වුනා. පසුතැවිල්ලකුත් ඇති වුනා ....

      Delete
  25. බොහොම රසවත් අතීත සිහිවටන. නරකද මේ ඔක්කොම එකතු කරලා ලිපි එකතුවක් ලෙස පොඩි පොතක් අපට දුන්නොත්? මට දැනුනේ ඉස්සර දෙසතිය සඟරාවක් කියෙව්වා වගේමයි. මතකද මාලිගාවිල පිළිමය උස්සන්න ගිහින් (රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් නේද?) තිබුනටත් වැඩිය හානි වුනා. ඒ වගේම මතකද මිරිසවැටිය (ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කාලයේදී) පුරාවිද්‍යා උපදෙස් වලට පටහැනිව හදලා සම්පූර්ණයෙන් පිපිරුව හැටි කෝම්පිට්ටුවක් වගේ? ඊට පස්සේ මාධ්‍යවේදීන් එතනට එන එක වලක්වලා හමුදා මුර පොලක් දැම්මා. ඒ මුරපොල මගේ ඒකකයට අයිති එකක්. ඉතින් මම හිතේ හැටියට පින්තූර ගත්තා. හැබැයි කිසිම කෙනෙකුට ඒවා දුන්නේ නැහැ. මුද්‍රණය කරවා ගත්තේ මම ළඟ ඉඳගෙනයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තය ලඟත් පැරණි මතකයන් ගොඩක් තියෙන බව මට පෙනෙනවා

      Delete
  26. //ප්‍රේමදාස මහත්තයට බොහොම ඉස්සර කාලෙ තිබුණලු මයිනර් කාර් එකක්//

    අහලා තියන විදියට ඔය කාර් එක ප්‍රේමදාස මහත්තයට අරන්දීලා තියෙන්නේ එතුමාගේ ජන්දදායකයන් සතේ ගානේ එකතුකරලා ඒ ඔහුගේ බල ප්‍රදේශයේ තිබුණු රා තැබෑරුම් වහලා දැම්මවීමේ සන්තෝසයට.
    කට කැඩිච්චි උන්නම් කියන්නේ ඒක අරන්දුන්නේ ඒ පළාතේ හිටි රට බීම සාප්පු කාරයෝ කියලා :-)

    ReplyDelete
  27. ඔය රා තැබෑරුම් වහන උද්ගොෂණයේ යෙදෙන කාලේ ප්‍රේමදාස මහත්තය අතේ හොඳට සල්ලි තිබුනයි කියලත් කතාවක් මම අහල තියෙනව නිකමො.

    ReplyDelete
  28. කෝ බන් හැලපයියේ උඹ නිදිද..?

    ReplyDelete

ඔබේ අදහස්