ආයෙම මොනාලිසා බලන්න යන්න පටන් ගත්තා...මේ සැරේ නං කෙලින්ම යන්න යි අදහස...මොකද කතාව ඉවර කරන්නත් ගොඩාක් ප්‍රමාද වුණානෙ.
කතාව ලියන්න පරක්කු වුණේ අහම්බෙන්ම නෙවෙයි...හිතලමයි,මොකද මම කිව්වා ප්‍රංශෙ ගියා...ලූව්ර ගිහිල්ලා මෝනාලිසා බැලුවා... ආදී වශයෙන්,නමුත් මම ගිය බව කියන්න මොකුත්ම සාධක මගෙ අතේ තිබුණෙ නෑනෙ...දාපු පිංතූර ටිකත් ඔක්කොම ජංජාලෙන් ගනිපුව.
ඔය මෝනාලිසා බලන්න ගිය දවස්වල මට ඩිජිටල් කැමරාවක් තිබුණෙ නෑනෙ...තිබ්බෙ රීල් දාන S L R එකක්...ඒකෙන් ගත්තු පින්තූර ප්‍රින්ට් කරල ඇල්බම් එකක දාල ගෙදර තිබුණා...ඔය ඇල්බම් ටික මට මෙහෙට ගේන්න අමතක වුණා.
ඉතිං මේ සැරේ ගෙදර ගිය වෙලේ මම ඉස්සෙල්ලම කළේ බිරිඳට කියල පරණ පින්තූර ඇල්බම් ටික හොයා ගත්තු එක...ඇල්බම් මහ ගොඩක් තිබුණනෙ...ඒ ඔක්කොම බිරිඳ බෑග් එකක දාල අල්මාරියෙන් පරිස්සමට තියල තිබුණා...එහෙම නැත්නං කොහෙ හොයන්නද.
ඉතිං මම දවස් ගාණක් ඔය ඇල්බම් ටික පෙරල පෙරලා ගේන්න ඕනැයි කියල හිතපු පින්තූර ගලවගත්තා...ඇල්බම් ටික පිටින්ම ගේන්න තිබ්බ නං හොඳයි, ඒත් එතකොට බර වැඩියි...අද මම පාවිච්චි කරන පින්තූරත් අපේ ප්‍රංශ ගමනෙ සිහිවටන හැටියට ඇල්බම් එකේ තිබුණු ඒවා...ඒකෙ ලියල තිබ්බ විදියට අපි ප්‍රංශ සංචාරයෙ යෙදිල තියෙන්නෙ 2004 අප්‍රේල් 9දා සිට 13 දා දක්වායි...ඒ තමයි අපේ පළවෙනි ප්‍රංශ ගමන...මොකද ඊට පස්සෙත් කීප සැරයක් යන්න ලැබුණා.
ඔය පින්තූර ඇල්බම් පෙට්ටිය වගේම තව සී ඩී පෙට්ටියකුත් මගෙ ළඟ තිබුණා...ඒක තිබුණෙ හැලපැට්ටගෙ බාරයේ...ඒකෙත් ගොඩක් තිබ්බෙ අපි ගිය ට්‍රිප්වල පින්තූර...ඊට අමතරව මම කාලයක් තිස්සෙ අරං එකතුකරල තියාගෙන හිටපු චිත්‍රපට රාශියකුත් තිබුණා.
ඔන්න ඔය පෙට්ටියත් ළඟට අරගෙන අපි දෙන්නා කොම්පියුටරය ළඟ වාඩිවුණේ ගෙනියන්න ඕනැකරන සී ඩී ටික තෝරාගන්න...හැබැයි සී ඩී පෙට්ටිය නං ඇල්බම් පෙට්ටිය වගේ සතුටුදායක තත්වයක තිබුණෙ නෑ...ඒ කියන්නෙ සී ඩී පෙට්ටිය ගැන හැලපැට්ටගෙ කිසිම ඇල්මක් ආදරයක් තිබිල නෑ.
මගෙ චිත්‍රපට සෑහෙන ගානක් ආගිය අතක් නෑ...තැටි දෙකක් තිබුණු සමහර චිත්‍රපටවල තියෙන්නෙ එක තැටියයි...තවත් මම ආසාවෙන් තියාගෙන හිටපු පරණ චිත්‍රපට සෑහෙන ගාණක් පෙට්ටියෙ තිබුණෙ නෑ...වෙච්චි දෙයක් කොල්ලත් දන්නෙ නෑ.
හිතට ආපු තරහත් යටපත් කරගෙන අපි දෙන්න මහ රෑ වෙනතුරුම සී ඩී බැලුවා...නැතිවෙලා කියල හිතන් හිටපු සී ඩී කීපයක් නැවතත් හමුවීම හිතේ දුක අඩුකළා...ඔන්න ඔය විදියට තමයි සී ඩී මිටියයි පින්තූර මිටියයි අරගෙන එන්න තෝරගත්තෙ.
මෝනාලිසා පටන්ගනිද්දි මගෙ හිතේ තිබුණෙ මගෙ අතින්ම ගත්තු මෝනාලිසා පින්තූරෙ ඔයගොල්ලන්ට පෙන්නලම කතාව ඉවර කරන්නම්ය කියන අදහස....ඒ බලාපොරොත්තුව අද ඉෂ්ට සිද්ධ වෙච්චි එක ගැන මට හරිම තං තෝසයි.
මෝනාලිසා ප්‍රමාද වීමේ සහ හමුනොවීමේ නිධාන කතාව ඔන්න ඔහොමයි...දැන් මාත් එක්ක මෝනාලිසා බලන්න යමු.
චානි අක්කත් එක්ක ගේ ඉදිරිපිට
තද සීතලකුත් එක්ක ඉර හිනැහෙන එක උදෑසනක අපි තුන්දෙනා ලූව්ර මියුසියම් එක බලන්න යන්න පිටත් වුණේ සුපුරුදු විදියට අපේ ගයිඩ් වැඩේ කරපු නිමල් එක්ක...පොළොව යටින් යන දුම්රිය දෙකකට විතර මාරුවෙලා ගිහින් ලූව්ර ස්ටේෂන් එකේ බැහැගෙන එතනම තියෙන දොරටුවෙන් ටිකට් අරන් ඇතුල්වුණා...ඒ නිසාම මහපාරෙ ඉඳල මියුසියම් එකට ඇතුල්වෙනකොට තියෙන ප්‍රිස්මයක හැඩගත් ඇතුල්වීමේ දොරටුව මගෙ පින්තූරවල නැහැ.
මියුසියම් එක ගැන මම දැනගෙන හිටියෙ ඒක ඇතුලෙ මෝනාලිසා ඇතුළු අමරණීය කලාකෘති කීපයක් ප්‍රදර්ශනය කරන බව විතරයි...ඒත් එය අති විශිෂ්ට කලා නිර්මාණයන්ගෙන් හා පුරාවස්තු වලින් පිරුණු නියම කෞතුකාගාරයක් බව මම ඇතුල්වෙලා මොහොතක් යනවිට දැනගත්තා...අපි එක දවසකින් මියුසියම් එක බලන්න ආවත් එය බලන්න සතියක්වත් ගතවන බවයි මට ටික වෙලාවකින්ම හිතුණේ.
වරුවක්ම ගියත් බලාගන්න ලැබුණෙ බොහොම පොඩ්ඩයි...මම කොච්චර උනන්දුවෙන් බැලුවත් අපේ දෙන්නට නං ගාණක්වත් නෑ ඔහේ බලනවා...ඔන්න ඇඳුම් සාප්පුවක් හරි ආලේපන විලවුන් සාප්පුවක් හරිනං බිරිඳ බොහොම උනන්දුවෙන් බලයි... K F C හරි මැක්ඩොනල්ඩ්ස් කඩයක් හරිනං කොල්ලා උනන්දුවෙන් බලයි...මේ පින්තූරවලයි පිළිමවලයි කලුගැහිච්චි මමිවලයි මොනව බලන්නද.
ඊජිප්තුවෙ පාරාවෝ සොහොන්වලින් ගොඩගත් පුරාවස්තු ප්‍රදර්ශනයට තියල තියෙන පැත්තටත් ආවා...මට නං මේ ඔක්කොම බලාගන්න හරි කුතුහලයයි...මම පය ඉක්මන් කරල ගියා...
ඔයා ගිහිං බලල එන්න...අපි මෙතන ඉඳගෙන ඉන්නං...ඇවිදල ඇවිදල හරි මහන්සියි...
දෙන්නම පැත්තක තිබ්බ බිත්ති කණ්ඩියක් උඩ ඉඳගත්තා...මම තනියම ගිහිං ආවා...
මේ දෙන්නට මියුසියම් එක ගැන කොහෙත්ම උනන්දුවක් නැතිනිසා ඉක්මනටම ඉවරකරල ගියොත් හොඳයි කියල මටත් හිතුනා...මොකද මේවාගෙ තැනක් බලන්න එක්ක එන්න තිබ්බෙ මේ දෙන්නව නෙවෙයි...
එහෙනං චිත්‍ර තියෙන පැත්තට ගිහිං මෝනාලිසා බලල ගෙදර යමු...
ඒ පැත්තට යද්දි වීනස්,ඩයනා,ඩේවිඩ් වගේ අපූරු කලාකෘති කොරිඩෝවල තියල තියෙනව අපි දැක්කා...
ටිකෙන් ටික මෝනාලිසාට ළංවෙද්දි සෙනගත් වැඩියි...වෙනතැන්වල වගේ නෙවෙයි...අපිත් හිමින් හිමින් ඉදිරියටම ගියා...
මෝනාලිසා ළංවෙද්දි ගොඩක්ම සෙනග තදබදේ...අපිත් හිරවෙවී දාඩියත් දාගෙන ඉස්සරහට තෙරපුණා...
දැන් ඈතින් මෝනාලිසා ඉන්න හරිය පේනව...හැබැයි චිත්‍රය පෙනෙන්නෙ නෑ...ළඟටම ගිහිං දකුණු පැත්තට හැරුණම තමා මෝනාලිසා ඉන්නෙ...
ඒ යාර පණහ යන්න පැය බාගෙකට වැඩියෙ ගියා...හොඳටම හෙම්බත් වුණා...
අන්තිමේදි ඔන්න යන්තං දෙන්නෙක් මුරකරන,මෝනාලිසාව දැකගත්තා...අමාරුවෙන් එකතැන ඉඳගෙන පින්තූරෙකුත් ගත්තා...
මෙන්න පුතේ මෝනාලිසා...හොඳට බලාගන්න...
මම පුතාටත් කිව්වා...සෙනග අස්සෙ හිරවෙලයි දාඩිය දාලයි මිනිහට ඇතිවෙලා හිටියෙ...හොඳටම රතුවෙලා...
මෙච්චර හිරවෙලා බලන්න ආවෙ මේකද...අර ඩොක්ට පියසේනගෙ ඩිස්පැන්සරියෙත් මේකනං තියෙන්නෙ...
පුතා ගත් කටටම කිව්වෙ එහෙමයි.
හෙහ් ඇත්තනේ බං , මේ පාර දෙන්නා යනකොටත් පියසේන කාරයගේ මෝනා ලිසා හිටියද . උන්දැට නං දැන් වයසත් ඇති , ඔහේ පොඩි කාලෙත් බෙහෙත් ගත්තේ පොරගෙන් කියුවනේ , ඒ කියන්නේ ඔයාගේ වයසත් එක්ක ගත්තහම පොරට 90ක්වත් ඇති එයාගේ මොනාලිසාටත් අඩුම තරමේ 85ක්
ReplyDeleteඅටම්පහුර, හැලප අයියට ඩොක්ට පියසෙන වෙනකෙනා ඔයාට පියසේන කාරය උනේ කොහොමද? අනිත් මිනිස්සුන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. ඔයා ඉන්න තැනින් උඩට එන්න බලාපොරොත්තුවක් තියන මනුස්සයෙක් කියල හිතන නිසයි මෙහෙම කියන්නෙ. මිනිහෙක්ට දියුනු වෙන්න දැනුම විතරක් තිබිල මදි. හොඳ ආකල්පත් ඕන. ඩොක්ට පියසෙනගෙ වයස අවුරුදු 71. මිනිස්සු ලක්ෂ ගානකට පිහිට වෙලා ඇති.
Deleteඇත්තටම ඇනෝ කියන කතාව ඇත්ත.මගෙත් ඔය දුර්වලතාවය තියෙනව.
Deleteඅපි ඒ වගේ දේවල් කියන්නෙ මචං එතුමන්ලාව පහත් ගනයට දාන්න නෙමේ.අපේ බොක්කෙ අය එක්ක කතා කරද්දී අපට හුරු වෙච්ච වචන සෙට් එකේ වැරැද්ද.
පෙන්වල දුන්නට තුති.වැරදි හදාගන්න බලමු.
කෙන්ජි, මම බොක්කෙ ෆිට් අදුරන්න බැරි ඇනෝ කෙනෙක් නෙවේ... යාලු ඇනෝ කෙනෙක් :)... අටම්පහුරට පොඩි උපදෙසක් දුන්නෙ ෆිට් එකට.
Deleteලංකාවේ ඉන්න ඩොකාල තරම් කාලකණ්නි, වනචර වල් හැත්තක් නැතුව ඇති මුලු ලෝකෙම. ඒ මදිවට ඔය ඩොකාලට මල පනිනව ඩොක්ට්, සර් කිව්වේ නැත්තම්. මමත් ඔකුන්ට කියන්නෙ ජෙෆ් රියා, කෝදාගොඩයා, ජයසුමනයා, ජයලතා, කියල තමයි. උනුත් කරන්නේ රැකියාව, මෙඩිකල් ෆැකල්ටියේ මයින ස්ටාෆ් එකේ ඉන්න සිරිපාල කරන්නෙත් රැකියාව. සිරිපාලට සිරිපාලය කියන අපිට කෝදාගොඩයා කියන්න තහනම්ද ?
Deletewhat happened to my comment?
Deletewhere is the freedom of expression??
I checked spam ,no.
DeleteAnonymousJuly 22, 2013 at 1:54 AM
Deleteඇනෝ
ඔය වචනය සමාජයේ ඉහල මට්ටමේ රැකියා කරන ඉහල මට්ටමේ උගත් කමක් ඇති ඉහල මට්ටමේ බ්ලොක් ලියන මහත්වරුද ප්‍රභුවරුන්ටද භාවිතා කරනවා දැක ඇත්තෙමී. මම ඒ වචනය පාවිච්චි කලේ අපහාසයක් අපහාසයක් කිරීමට නොවේ , එවැනි ආමන්ත්‍රණයන් බ්ලොග් වලට අළුත් දෙයක් නොවන නිසා නුසුදුසු බව එක්වරම සිතට නොආ නිසාය.
ගෞරව කල යුත්තන්ට ගෞරව කිරිමට සහ එසේ ගෞරව කල යුත්තේ කාටද නොකල යුත්තේ කාටද යන්න පිලිබදවද හොද වැටහීමක් ඇත , මා මිනිසුන්ව මනින්නේ කරන රැකියාවෙන් හෝ සමාජ මට්ටමෙන් හො අධ්‍යපන මට්ටමෙන් නොවේ , මිනිසුන්ගේ වටිනාකම් මනිනා වෙනත් බොහෝ නිර්ණායකයන් මට ඇත්තේය ,
මා සමාජය ගැන මිනිසුන් ගැන සහ සමස්ත ලෝකය පිලිබදවම දරන්නා ඌ ආකල්පය ගැන මම මහත් ඌ ආඩම්බරයකින් පසුවෙමී , මගේ සමීපතමයන් මා මොන විදිහේ මිනිසෙකුදැයි හොදින් දනි .මගේ ආකල්පයන්ට සහ මට ආදරය කරන පිරිසක් ( ඔබට අනුව ඉහල සහ පහල මට්ටමේ ) සාමාන්‍ය ජීවිතය තුල මට සිටී , බ්ලොග් යනු මගේ විනෝදාංශය මිස මගේ ජීවිතය නොවේ , මගේ ජීවිත කාලය තුල මම සමාජයේ ඉහලම මට්ටම තුල සහ පහලම මට්ටම තුල සැරි සරා ඇත්තෙමී , ඒ ඒ උප සංස්කෘතින් තුලින් උකහා ගතයුත්තක් තිබේනම් නොපැකිලිව ලබා ගන්නවා සේම , වැඩකට නැති මනස්ගාත කෙලපිඩක් සේ විසි කර දමනවා විනා ෂා ෂා මරු මරු යැයි කියමින් කරතබාගන යන්නේ නැත .
මගේ ආකල්පයන් ගැන මම ආඩම්බර වෙනවා විනා ඒ ගැන පසු තැවෙන්නේ නැත ,
//ඉන්න තැනින් උඩට එන්න// උඩට එන්න මොකක්ද මෙතන ඇති වරද , ජීවිතය කියන්නේසල්ලි ගොඩ ගහගන . කිට මරලා , රෝද හතරක් කරකවන එකටද . මේ ජීවිතය මට හොදටම හොදයි , මට හොදට නින්ද යනවා , ගෙදර දොර ඇරලා තියලා උනත් මට නිදාගන්න පුළුවන් ,
ආකල්ප වෙනස් විය යුත්තේ ඔබගේය ,
තරහා වෙන්න එපා යාළු , ඔයා මේක කියුවේ මට ආදරයෙන් කියලා දන්නවා , ඔය කියන දේ මම පිලි ගත්තා , ඒ කරුණත් එක්ක පෑ හෙනවා කියලා හිතුන නිසා මේ අකුරු ටිකත් කෙටුවා , වරදක් උනානං සමාවෙන්ඩ.
මාගල් දිග අරින්නෙ නැතිව බොට වචන දෙක තුනකින් ඕක කියන්න බැරිය.
Deleteයකෝ මෙන්න අටමා ලියන බාසාවෙන් ලියලා.
Delete//"මා සමාජය ගැන මිනිසුන් ගැන සහ සමස්ත ලෝකය පිලිබදවම දරන්නා ඌ ආකල්පය ගැන මම මහත් ඌ ආඩම්බරයකින් පසුවෙමී"// මේකේ "ඌ"දෙක "වූ" වෙන්න ඕනේ මම හිතන්නේ.
@ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )
DeleteThats called grade1 SARCASM. And it was bloody intended.
You #@%*!
දැන් දෙන්න කතාකරගත්තනේ,මම මොකුත් කියන්න යන්නෙ නෑ
Deleteඔන්න මාසෙකට විතර පස්සේ මේ පැත්තේ ආවා. තාම කියෙව්වෙනම් නෑ. ඒත් කමක් නෑ. මං දන්නවා මේකත් පඳුරු තලිල්ලක් කියලා. "මොනාලිසා ඇත්තටම හමුවීම හා සමුගැනීම- Last episoide" කියලා වැටුණු දවසටම එන්නම්කෝ......
ReplyDeleteපහුගිය හැලප කතා කියෝලා එන්න ගිය වෙලාවක්.....
Deleteදැන්නේ දන්නෙ හැලපයියා ලංකාවටත් ඇවිත් ගියා කියලා.
යාන්තං මොනාලිසාවත් බලාගෙන තියෙන්නේ. දැන් ඉතින් අළුත් මාත්තුරුකාවක් හොයා ගම්මු තලන්ඩ. මාත් සතුටින් එනවා බලාන්ඩ. :D
තව දෙයක් අමතක උණා කියන්න. මොබයිල් වර්ෂන් එකේ බැක්ග්‍රවුන්ඩ් ඒක හින්දා ඒක කියවන්න බෑ. ඒකයි මේ අවුල. ඉක්මනට එකත් හැදුවොත් පෝස්ට් මග ඇරෙන එකක් නෑ.
Deleteඒ කියන්නේ අකම් මාසෙකටත් වඩා කාලයක් මේ පැත්තේ ඇවිත් නෑ කියන එකනේ,ඔන්න මොනාලිසා ඇත්තටම හමුවුනා
Deleteමට ලුවී බලන්න ගියහම හිතුනෙත් මෙක බලන්න මසයක්වත් යයි කියලා. දවස ගෙව්වහැකි අවුලක් නැතිව....
ReplyDeleteහැම ලිපියක්ම බලලා තිබුනත් මේක තමයි මුල්ම කොමෙන්ට් එක
නිරෝෂන් ඔබව සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොගයට
Deleteපුතා නං තාත්තගෙ කපාපු පලුවක්ම තමයි..
ReplyDeleteඔව් සරත්,පොඩිකාලේ මං වගේමයි පුතා දැන් ටිකක් වෙනස්
Deleteඇත්තනේ පොඩි එකාව රස්තියාදුකරලා.... 2013 මොනාලිසානම් ඔයිට වඩා වෙනස් මගේ හිතේ, ඉන්න ඕන යටට මුකුත් නැතුව උඩට තෙමිච්ච ටී ෂර්ට් එකක් ඇඳලා එක අතකින් කොන්ඩේ අස්සේ ඇඟිලි ගහගෙන.
ReplyDeleteචිකේ චිකේ චිකේ මම හිතුවේ නැහැ ඉවෝන් කියන්නේ මේ වගේ මනුස්සයෙක් කියලා ..:D
Deleteඅන්න අන්න අන්න මගේ නිදහස් ,නිවහල් , නිර්ව්‍යාජ, නිර්මාණශීලී චින්තනයට වාරණ දාන්න හදනවා. මම මේක හෙලා දකිනවා. :D
Deleteඉවාන් මල්ලි හරි.
Deleteතෙමිච්ච ටීයක් නැතත්,අඩු ගානේ අර උඩ පිංතුර වල තියෙන 2010 එක වගේවත් තිබුන නම් බලන්න ගිය මහන්සියෙ ප්‍රයෝජනයක් තිබුන.
අම්මපා ඇත්ත කෙන්ජි අය්යේ...!
Deleteබොලා දෙන්න බලාගෙන ඉන්නෙ මොනාලිසා නොපෙන්නපු තැන් පෙන්නනතුරුද
Deleteමුළු කතාවටම වඩා පොඩි එකාගේ කතාව රසවත්. මමත් රට රටවල ගියාට එක ෆෝටෝ එකක්වත් නෑ. අඩු ගානේ මෙහේ එවවත් නෑ. මොකෝ මම තමයි කැමරාමන්. කැමරමන්ලගේ ෆොටෝ බොහොම අඩුයි නොවැ. පොඩි කාළේ ඇරුණම මගෙම කියලා ෆොටෝ තියෙන්නේ. අයි ඩී. එකයි. පාස් පෝට් එකයි. ලයිසන් එකයි.. මම එහෙම උනාට. අපේ හාමිනේ නම් හරිම පොටෝ ජෙනික්.
ReplyDeleteමොනාලිසා ඩාවින්චිට පස්සෙ ඇඳපු කීප දෙනෙක් ගෙන් මාතලනුත් එක්කෙනෙක්..
මාතලන්ගේ කතාව හරියට හරි,පින්තූර ගන්න එකාට සිද්දවෙන අසාධාරණයක් තමයි ඕක,මාතලන් ඇන්ද චිත්‍රය මට දුන්න නම් මේ කතාවට පාවිච්චි කරන්න තිබුනා
Deleteඅපරාදේ... ආයේ වෙන දවසක ගියේ නැද්ද ලුවර්..??
ReplyDeleteම්ම්ම්.... එහෙනම් මොනාලිසා කතාවත් අහවරයි ඕන්.. :)
මොනාලිසා ඉවරයි,දැන් වෙන එකක් හොයාගන්න වෙනවා ලියන්න
Deleteමම නං පොස්ට් එක කියෙව්වේ නෑ. මම එකපාරකුත් හැලප මාමාට කිව්වා නොවැ මම මේ මෝනාලිසා කියලා දාන පොස්ට් වලට අසා නැතේ කියලා.
ReplyDeleteමාසෙකට විතර පස්සේ හින්දා ඔන්න ආවේ මේ බලලා යන්න.
වෙන පොස්ට් එකක් දැම්මාම කියවලා කොමෙන්ට් එකක් දාන්නං. අපි ගියෝ හැලප මාමේ.
හරි ඇනෝ ඔන්න මොනාලිසා ඉවරයි,වෙන පෝස්ටුවක් දාපුවම එන්න
Deleteමටත් දළදා මාළිගාව බලන්න ගිය දා ඔහොම සිද්දියක් උනා..මගේ කටින් කියවෙච්චි එකට ළඟ හිටපු උපාසක අම්මලගේ සීලෙත් බිඳුණා..හැලපයෝ CD ටික වැඩ කරාද අවුරුදු ගාණක් පරණ වෙලත් ...? මගේ ළඟත් ඔය වගේ CD බෑන්ක් එකක් තියෙනවා ඉස්සර එකතු කරපු ..දැන් ඒවා කිසිම දෙයක් වැඩ නැහැ..පොතු ගැලවිලා යනවා..පොතු දකිද්දී බඩ පපුව දාල යනවා..වැඩක් නැහැ කතා කරලා..
ReplyDeleteඅපේ ආච්චි මරු කතාවක් කිව්වා බං පොළොන්නරුවේ ශිව දේවාලයක් බලන්න ගිහින්... ඒක අහලා, ළඟ පාත හිටපු උන්ටත් මැරෙන්න හිනා... අනේ උන්දැ 65 වෙන්න කලින් මළානේ.. නැත්තං තාම ඔය වගේ කතා කියනවා....
Deleteප්‍රශ්නයක් නැහැ දැන් ඔයා ඉන්නවනෙ...
Deleteහි හි...
Deleteහි හි...
හි හි...
හි හි...
මට හිතාගන්න පුළුවන් මොන වගේ දෙයක් කියන්න ඇතිද කියලා..:)
Deleteසී ඩී ගොඩක් වැඩකලේ නෑ සහන් හරිම දුකයි මොනවා කරන්නද ගෙනාපු සී ඩී ටිකවත් පරිස්සම් කරගන්න ඕනේ
Deleteඅන්න කොල්ල නියම කතාව කියල තියනවා. මේ මගුල එදාම කිව්වනං මේ කතාවෙ රහත් අපට කොල්ලට වගේම දැනෙන්න ඉඩ තිබුනා. හැලපෙගේ දස් කමින් මොනාලිසා හරහා බොහොම රසවත් කතා ගොන්නක් කියවන්න ලැබුනා.
ReplyDeleteස්තූතියි නලින් මම මේ කතාව ඇදන් ගියේ පින්තූර ලැබෙන තුරුයි.
Deleteමටත් ඔහොම සීන් තියෙනවා.. ඔය වගේ වැඩකට අපේ මහත්තයව එහෙම එක්කන් ගිහින් මෙලෝ වැඩක් නෑ.. ඇයි ෆිල්ම් බලන්න.. බලන්න තියා ෆිල්ම් එකක් ගැන කතා කරන්න.... ? ඒකටත් එයා නං අන්තිමයි... මං කට රිදෙනකම් කියෝලා ෆිල්ම් එකේ විස්තරේ ඔක්කොම කියනකං ඔලුව වන වන ඉඳලා, අන්තිමට ... දැන් කොල්ලා කෙල්ලව බැන්දද.. ඕක ඉතිං එහෙම්මම කිව්වනං ඉවරයිනේ.. කියලා කියනවා... වැඩක් නෑ කතා කරලා ඒ ගැන නං.... හි හි...
ReplyDeleteකියල වැඩක් නෑ හිරූ ඒකනම්,වැඩේට හරියන්නැති අයත් එක්ක ගමන් ගියාම ඔක්කොටොම කරදරයි
Deleteඅම්මපා ඈත්තනෙ අර පොඩ්ඩා කියල තියෙන්නෙ
ReplyDeleteඒකනේ දමිත්, මිනිහට පෙනුනුදේ කිව්වා
Deleteඅර මාතලන් කියල තියෙනව වගේ අවුරුදු 8ටේ 9යෙ දරුවෙකුට ඕවල තේරුමක් තියේයැ.
ReplyDeleteඔය වයසට ගමනක් ගියාම ඔලුවෙ තියෙන්නෙ පීසා,හැම්බර්ග්,හොට්‌ඩෝග් වගේ දේවල් ගිලින සිහියනෙ.
චානි අක්ක එක්ක ඉන්න පින්තුරෙ පසු බිමේ තියෙන්නෙ සකුරා ගහක් නේද?
ජපානයෙ අප්‍රියල් 10ට පෙර සකුරා මල් පිපිල දෙවන හෝ තෙවන දිනයේදී ඇදහැලෙන වැස්සට සියලුම මල් වැටිල යනව.
එයා කොහොමත් ගමන් යනකොට මතක් කරගෙන යන්නෙ කනබොන ජාති තමයි.
Deleteමුලදී ගහේ නම දැනගෙන හිටියේ නෑ පසුව දැනගත්තා
පොඩි එකා හරියටම හරි... මෙක කියන්න හැලපයියා ගිය වටේ හැටියට..කොල්ලටත් ඒක බලන්න කොයි තරං වටේ යන්න වෙන්න ඇද්ද..?
ReplyDeleteඒකනේ මාරෙ මොනාලිසා ලඟට යද්දී කොල්ලට මල පැනල හිටියේ
Deleteඅර හතර වෙනි පින්තූරෙ හැලප අයියා මොකක්ද එකක් උඩ ෂර්ට් එකත් නැතුව වාඩි වෙලා ඉන්නෙ ඇවිදල මහන්සිය හින්ද වෙන්න ඇති.. :D :D
ReplyDeleteමොනාලිසාත් 1500 ඉඳන් 2013 වෙනකොට සෑහෙන්න දියුණු වෙලා නෙ. :)
මොනාලිසා කියලත් ඉතිං හැමදාම ඒ ඇඳුමම ඇඳගෙන ඉන්න කැමති වේවිද චන්දන
Deleteසිරාවටම ඔය ඕනතරම් ෆොටෝ තියන එකේ මොකට කට්ට කන්න ගියා ද කියලා පොඩි එකා හිතන්න ඇති. වසර 2011 ගැන නම් පොඩි සැකයක් ඇත.
ReplyDeleteසහතික ඇත්ත පුමා,
Delete2011 ටිකක් මොඩ් වැඩියි වගේ නේද
මේ හැලපයියා අපිවත් අරන් ගිය වටයක් මොනොලිසෙක් බලන්න.
ReplyDeleteමේ ඔය ලුවර් එකේ අපේ වාගේ රජකඩු නැතුව ඇති නේ...:D
දැන් හරිනෙ මනෝජ්,මම කඩු නම් දැක්කේ නෑ
Deleteයේ යේ ඇත්තටම මොනාලිසා බලල!..........
ReplyDeleteඔන්න ඉවරයි,දැන්වත් මඩගහන්නේ නැතිව මට ඉන්න දීපල්ලකෝ
Deleteබොට මොනාලිසා පෙන්නන්න ලංකාවට ඇවිත් යන්නම් උනා නේද?
ReplyDeleteඅනේ අම්මපා මම මේ කල්පනා කලේ මට හැලපයා කොහිදී හරි මුණ ගැහිලා තියෙනවා. උඹේ දැන් පෙනුමනම් මහා රජා වගේ හින්දා එහෙම හිතුනා කියලා හිත හදා ගත්තා. නමුත් මේ මුණ පුරා රැවුල වවලා ඉන්න මුණ මට හොඳට හුරුයි.
උඹ මල්ලි මම වාගේ කවුරුහරි දැකල පුරුදු ඇති
Deleteඅන්තිමට එහෙනං මොනාලිසා බැලුව.
ReplyDeleteඇත්තටම පොඩිඑකා කිවුව එක හරිනෙ. ඔච්චර කට්ට කන්නෙ මොකටද ඕක බලන්න.
ඔන්න ප්‍රසන්න ඒකත් ඉවරයි.
Deleteමාර කට්ටක්නේ මොනලිසාව බලන්න කාල තියෙන්නේ...
ReplyDeleteකියල වැඩක් නෑ සඳුන්,ඔබවත් මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා
Deleteදැන් සුමානෙකට කලින් අපි මොනලීසා බලන්ට ගියා. එයාව කලින් දැකලා නොතිබුනු ලංකාවේ කොල්ලෙක් කීවේ, 'මෙච්චර කැත කෙනෙක්ව බලන්ට මෙච්චර ලොකු සෙනඟක් එකතු වෙන්නේ ඇයි කියලා' :)
ReplyDeleteඒ එක්කම මතක් උනේ, කාලෙකට කලින් එක්කෙනෙක් දාලා තිබුණු පෝස්ට් එකක්. එයා කියලා තිබුණේ මෝනලීසාට වඩා කොට අඳුම් ඇඳපු ලස්සන ගෑනු ලමයි අවට ඕනි තරම් හිටියා කියලා. :D
ඒක නම් එහෙම තමයි පොඩ්ඩියෙ,ලස්සන ලස්සන මොනාලිසාල අවටපිට ඕනෑතරම්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපුතන්ඩියලගේ කතා ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න උනත් පුලුවන් නේද බං? මොනාලිසත් එහෙනම් මෙතනින් නිමියේය නේ?
ReplyDeleteකියල වැඩක් නෑ හෙන්රි කොල්ලෝ ගැනනම්,
Deleteදැන් ඉතිං ලියන්න වෙනඑකක් හොයාගන්න වෙනවා
මෙතන වැදගත් මොනාලිසා බැලිල්ල නොවෙයි. ලියනාඩෝ ඩාවින්චි කියන ශ්‍රේෂ්ඨ චිත්‍රශිල්පියාගේ සැබෑ කෘතියක් දකින්න ලැබීම.
ReplyDeleteඑක හරි සුදීක,මොනාලිසා චිත්‍ර නම් ඔයා හැම තැනම තියෙන්නෙ
Delete//මෙච්චර හිරවෙලා බලන්න ආවෙ මේකද...අර ඩොක්ට පියසේනගෙ ඩිස්පැන්සරියෙත් මේකනං තියෙන්නෙ..//.
ReplyDeleteහය්යු .... :D :D
කොල්ල දන්න තරම තමයි
Deleteකොල්ල තමයි නියම කතාව කියල තියෙන්නේ . මමත් පොඩ්ඩක් විතර හිතුව එයිට වඩා ලස්සන ලොකු පින්තුර කොච්චරක් ලුවර් එකේ තිබ්බද කියල . අපේ පොඩි ගේ කකුල් රිදෙන්න ගත්ත නිසා මියුසියම් එකේ ඔක්කොම නිවී සැනසිල්ලේ බලන්න බැරි වුණා. මන් දැනුත් එයාට කියන්නේ ඔයා නිසා මට එදා හරියට ඇවිදලා බලන්න බැරි වුණා, ලොකු වුනහම මව එක්ක යන්න කියල . මෙයා දවසක් කියනව එක්කන් යන්න නම් පුළුවන් හැබැයි අම්ම එතකොට වයස නිසා කකුල් රිදෙයි නේද කියල .
ReplyDeleteඇතුලෙන් උඩට නැගල අපි අර පිරමිඩේ පින්තුර ගත්ත . ඇත්තටම ලුවර් එක නම් බලන්න වටිනා තැනකම තමයි.
අපි මොනාගේ පින්තුරයක් අරගෙනත් ආවනේ . රාමු කලාට එල්ලන්න තැනක් නැති නිසා පොලිතින් එකත් එක්කම කබඩ් එකක් උඩ. ඊයේ පෙරේදා අපේ කෙල්ලෝ රැවුලක් ඇඳලා..
දුව හොඳ කතාව කියල තියෙන්නෙ,මටත් හිතෙනවා ආයෙමත් නිවී සැනසිල්ලේ ලූවර බලන්න යන්න තියෙනවනම් කියල,
Deleteමොනාගේ පින්තූර ගෙවල්වලට අවාසනාව ගේනවා කියල මතයක් තිබුනද?ඒ නිසා බිරිඳ පින්තූරයක් සල්ලිවලට ගත්තේ නෑ
මන් නම් දන්නේ නැහැ හැලප එහෙම මතයක් ගැන . අපේ දිහාට ආවයින් මොනාට නම් අවාසනාව ලැබුවා. අපේ පොඩි කෙලි ඕක ගෙනා දවස්වල මාත් එක්ක තරහ වෙලා කාමරේට යන්නේ '' මොකෝ බලන්නේ කියල '' මොනාට බැනල . ලඟදි කියන්ව් දැන් නම් මෙයා අපි දිහා බලන්නේ නැහැ නේද කියල .
Deleteහැලපයියේ මොකද සද්දයක් නැත්තේ
ReplyDeleteඔන්න සද්දේ දැම්ම බං
Deleteමොනා ලීසා කියන්නෙ පිරිමියෙක්ය කියන කතාව අහල තියනවද? ඒ එක්කම කියනව ඒ ඉන්නෙ ලියනාඩෝගෙ ආදරවන්තය කියලත්..:)
ReplyDeleteපළමුවෙන්ම රවී ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,
ReplyDeleteමොනාලිසා ගැන කියන කතානම් ඉවරයක් නෑ,රවී දන්නවද මොනාලිසා කියන්නේ ලියනාඩෝමය කියල තියන කතාව
කල කෘතියක් නිසා ඒක ලෝක පූජිත වුනාට සාමාන්‍ය කෙනෙකුට ඒ පින්තූරෙ ලොකු විශේශයක් පෙනෙන්නෙ නෑ. පුතා ඒ පින්තූරෙ කලින් දැකල තියෙනවනෙ. ඉතින් එයාට අරුමයක් තමයි තාත්ත ගව් ගානක් දුර ගෙවාගෙන ඒ පින්තූරෙ බලන්න පිට රට ආවම. දරුවෙක් ගෙ බොහොම සරල තර්කයක්.
ReplyDeleteහැපල තාත්තේ.. මේක බලන්නද දාඩිය පෙරාගෙන අපි හිටියේ.. හැක්.. දාඩිය දාගෙන හිටියත් මරේ මරු.. බලහං එක පොටෝ කෑල්ලක් මේ දවස් වල බ්ලොග් ලෝකේ රජ කරපු හැටි..
ReplyDelete