අද තමයි ටික දවසකට පස්සෙ ලියන්න ගත්තෙ...ඊයෙ රෑනෙ අපි ලංකාවෙ ඉඳල ආපහු ආවෙ...ලංකාවෙදි අවාරෙට අඹ වැටෙනව වගේ තමයි ජංජාලෙ ආශ්‍රය කරන්න ලැබුණෙ...එහෙම ලැබුණත් පෝස්ට් එකක් දාන්න තරම් විවේකයක් තිබ්බෙ නෑ...පිංතූර ටිකක් හොයල දැම්මා බ්ලොගේ පාලුවෙලා යන නිසා...ඒවට මහ සවුත්තු කාඩ් එකක් වැදිල තිබ්බනෙ මහරජා වාගෙ කියල...අප්පොච්චියේ මගෙ ඉහේ උකුණො බිමට පැන්නනෙ ලැජ්ජාවෙ...අනේ අප්පේ මොන මගුල කිව්වත් කමක් නෑ ඒ නම නොකියා...ඕනැනං මම උඩ රැවුල කපල දාන්නං.
ඉතිං අපි ලංකාවට ගියදා ඉඳං ආපහු එනදා වෙනතුරුම හැමදාම වැස්සක්...උදේ එළිවෙන්නෙ වැස්සත් එක්ක...ඒකත් නරකම නෑ මෙහෙ වැස්සක් දකින්න නැතිව වේලි වේලි ඉන්න අපට...නිවාඩු දවස් ටික නං ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ගෙවිල ගියා.
විශේෂයකට කියන්න තියෙන්නෙ නලිනුයි අටමුයි මාව බලන්න ගෙදර ආපු එක...මම කල්පනා කළේ ඒ දෙන්නට උදේක එන්න කියන්න...එතකොට ඔය අපේ ගම වටේ රවුමක් ගහල නාල කාල එහෙම යන්න පුළුවනිනෙ කියල...ඒත් නලින්ගෙත් මගෙත් දීර්ඝකාලීන මිත්‍රයෙක් වෙච්චි වෙනුජ එදා ගමේ ඇවිත් හිටපු නිසා නලින්ට ඒ හැන්දෑවෙම එන්න ඕනැවුණා වෙනුජ බලන්නත් එක්ක.
කොහොමහරි නලින්ගෙ තව යාලුවෙකුත් එක්ක තුන්දෙනා සයිකලේ ඩබල් දාල අපේ ගෙදරට ආවෙ ගොම්මං අඳුරත් අරගෙනමයි...(ඒ කිව්වෙ පෙරේතයො කුම්භණ්ඩයො එහෙම එළිබහින වෙලාව )
සුළුවට සංග්‍රහයක් කළාට හිතේ හැටියට සළකන්න විදියක් නැතිවුණා ආපු වෙලාවෙ හැටියට...ඒ වෙනකොට අපි රෑ කෑමට මඟුල් ගෙදරක යන්නත් බලාගෙන හිටපු නිසා එදා රෑ ගෙදර කෑම හැදුවෙත් නෑ...ඒත් ඉතිං මට මේ අයට කෑම දෙන්න ලොකුවට උවමනාව තිබ්බා...
මම හැදුවෙ අපේ ගෙදරදි වතුර අල්ලල මේ ගොල්ල මඟුල් ගෙදර එක්කං ගිහිං ජයටම කෑම දෙන්න...මහ දුරකුත් නෙවෙයි වෙළෙන් එහා පැත්තෙ මඟුල් ගෙදර තිබුණෙ.
කොහෙද...මුං දෙන්න බෑම කිව්වනෙ...නලින්ගෙ නං එච්චර අකැමැත්තක් පේන්න තිබුණෙ නැති නිසා බලකරල හරි එක්කං යන්න තිබ්බා...අටම තමයි...ටයි කෝට් ඇඳල හිටපු නැති නිසා වෙන්න ඇති...ආයෙ මඟුල් ගෙදර කවුරුත් අහන එකක්යැ...ඇහුවත් ඔය කේටරිං සර්විස් එකේ පොරක්ය කියල කියන්නත් තිබුණනෙ...අනික ඉතිං ඔය මඟුල අපේ පොඩි මහින්දගෙ දෙවෙනි පුතාගෙනෙ...වැඩේ සහතිකෙන්ම දැනගත්තත් උං කවුරුවත් නෙවෙයි කටක් ඇරල වචනයක් කියන්නෙ...
මම බැඳල බිරිඳව ගෙදර කැන්දන් එද්දි පොඩි මහින්දලගෙ කඩේ ළඟ තුංමං හන්දියෙ කොල්ලො ටික තියපු පිළිගැනීමෙදි ඔය කොල්ල පොඩි බට්ටෙක්...මිනිහ තමයි මට මල් මාලයක් දාල පිළිගත්තෙ...
ඒ පින පලදීලද කොහෙද කොල්ල හොඳට ඉගෙනගෙන උසස්ලෙස විභාග පාස්වෙලා මොරටුවෙන් උපාධිය අරගෙන දැන් මැවිසුරුවෙක්...දැන් වැඩකරන කොම්පැණියෙන් ඩුබායි යවල එහෙ වැඩ...බැඳල ටික දවසකින්ම ඕං ජෝඩුවම ඩුබායි ගියා...ලැබුණොත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නං කියල මාත් කිව්වා.
මං බඳිද්දි වැඩ කළේ වරාය හා නාවික අමාත්‍යාංශය යටතේ රැජිණ පාලමේ තිබ්බ ෂිපිං ඔෆිස් එකේ...එතන අපි කට්ටිය එක පවුලක අය වගේ එකතුවෙලා සතුටින් වැඩකළා...බඳිද්දිත් මම ඔෆිස් එකේ උඩ ඉඳල පහළටම යනකං සියළුම දෙනාට ආරාධනා කළා...හැබැයි අමාත්‍යාංශයෙ අයට කිව්වෙ නෑ...ඒ අයට කියන්න ගියානං කියල ඉවරයක් නැති නිසා.
ඔන්න මඟුල් ගේ තිබුණු අප්‍රේල් දෙවෙනි සෙනසුරාදා උදේ අමාත්‍යාංශයෙ මිදුලෙ මඟුල් ගෙදර යන්න නවත්තල තිබ්බ වාහනේට අපේ අය ඇවිත් කඩිමුඩියෙ නගිනව...අඩුපාඩු හොයනව...නැත්තෙ කවුද බලනව...කෙල්ලො ටික ගිණි කිකිළියො වාගෙ ජයට ඇඳගෙන...කොල්ලොත් මනමාලයො වගේ...
එදා ඕ ටී එකක් කරන්න ඇවිත් හිටපු අමාත්‍යාංශෙ කා කා ස මහත්තයෙක් එළියට වෙලා මිදුලෙ සිද්දවෙන මේ කලබැගෑනිය දිහාවෙ බලාගෙන හිටියා...කට්ටිය පිටත් වෙන්න සූදානම් වෙනව දැකපු මේකාටත් ඉන්න බැරිවුණා...අමාත්‍යංශෙට වෙලා වේලෙනව වගේද මඟුල් ගෙදර යන එක...මූ හිමිහිට නඩේ ගුරා වෙච්චි දසනායක මහත්තය ළඟට කිට්ටු කළා.
සර්...මාත් මඟුල් ගෙදර යන්න එන්නද...
ඈ...උඹටත් මඟුල කිව්වද...
පොර හිනාවෙනව...අනික් අය එක්කත් කතාකරල කාගෙත් අකැමැත්තක් තිබුණෙ නැති නිසා පොරටත් නගින්න කිව්වා...
නැගපංකො...අපට ඕක හැලපයත් එක්ක මොනව කරගන්න බැරිද...
කට්ටිය ආපු ගමන්ම මට පැත්තකට කතාකරල සිද්ධිය විස්තර කළා...මම මොනව කියන්නද...ඔෆිස් එකෙන් ගෙනාපු තෑග්ගට උඹට සම්මාදං වෙන්න බැරිවෙච්චි නිසා යුතුකං ඉෂ්ට කරපං කියන්නයැ...පස්සෙ මම දැක්ක පොර හොඳට බීල නට නටා ඉන්නව.
ආ...බොනව කියපුවමනෙ මතක්වුණේ ආසාවෙන් පාවිච්චි කරමින් හිටපු දේට ආයුබෝවන් කියන්න වෙලානෙ...මොකද ලංකාවට ගියපු ගමන්ම මගෙ මූණ දෙපැත්ත ඉදිමෙන්න ගත්තා...ඉදිමිල්ල කොයිතරම්ද කිව්වොත් ඇස් දෙක පවා කුඩාවුණා...මම දාපු පිංතූරවල තිබුණෙ ඉදිමුනු මූණ...ඒ මගේ නියම ස්වරූපය නෙවෙයි...
පුතාට හෙම්බිරිස්සාවට බේත් ගන්න යනකොට ඔයත් ඩොක්ටට පෙන්නගෙන එන්න...
බිරිඳ කිව්වා...පහුවදා උදේම පුතයි මමයි ඩොක්ට පියසේන ළඟට බේත් ගන්න ගියා...ඩොක්ට පියසේන කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම අපට බේත් කරපු වෛද්‍යවරයා...
මාව ඇඳේ දාල බඩ මිරිකල බලල එහෙම විනාඩි දෙක තුනක් ගියෙ නෑ ලෙඩේ හොයාගන්න...
වෙන අයගෙ නං මූණ දෙපැත්තෙ තියෙන ග්ලෑන්ඩ්ස් ඉදිමෙන්නෙ මම්ස් වලට...ඒත් ඔයාගෙ නං ඇල්කොහොල් වලට...
අපේ පුතාටත් කිව්වා ...
දෙමව්පියො දරුවන්ව බලාගන්නව වගේම දරුවන්ගෙත් යුතුකමක් තියෙනව දෙමාපියන් බලාගැනීමට...
ඔහු පුතාට කිව්වෙ එවැනි තේරුමක් දෙන වාක්‍යයක්...
ඊළඟට තියෙන්නෙ මගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නයි...
මේ බේත් ටික පාමසියෙන් ගන්න...කියල ඔහු විනාඩි කීපයක දේශනයක් රූප සටහන්ද ආශ්‍රයෙන් කළා...ඒ හරිය මෙතන කියන්න අවශ්‍ය නෑ...
පුතාටත් බේත් දුන්න...සල්ලි ගත්තෙත් නෑ යන්න කිව්වා...
ගෙදර ආපු පුතා ඩොක්ට පියසේන කියපු කතාව අකුරක් ඉස්පිල්ලක් අඩු නැතිව අම්මට වාර්තා කළා...
ඔන්න ඔය ආකාරයට මට කරුමය පටිසන් දෙන්න පටන් අරගෙන තිබුණා...
මතකද මගෙ එක පෝස්ට් එකකට අර කරුමක්කාර ඇනෝ කාළකන්නියෙක් ඇවිත් හැම තැනම පහරල තිබ්බෙ මම බොනවයි එක එක ඒව කිය කියා...
ඒ කාලකන්නි පරයගෙ කටවහ වැදිල වෙන්නඇති මෙහෙම උනේ...කතාව එතනින් ඉවරයි...
මම කලින් ඉඳන්ම අටමට පොරොන්දු වෙලානෙ හිටියෙ ලංකාවට ආපුවාම ඌව බලන්න ගෙදර එනව කියල...යන්න දිනයක් හොයාගන්න හරිම අමාරුවුණා...මොකද අපේ ෂැඩුල් එක හරිම ටයිට් නිසා...ඒත් කොහොමහරි දවසක් හොයාගෙන මමයි ශානුකයි අටමව බලන්න රාගම ගියා...
අටම් නවලෝක හන්දියටම ඇවිත් අපිව පිළිඅරං ගෙදර එක්ක ගිහින් හොඳට සැලකුවා...
අටම්ගෙ ආදරණීය බිරිඳ දවල් කෑම ජයටම ලෑස්තිකරල අපට කන්න දුන්නා...පොඩි පැටව් දෙන්නා හුරතල් රසය නොඅඩුවම සැපයුවා...දවසම අටමගෙ ගෙදර ගතකරපු අපි ගෙදර ගියෙ කරුවල වැටෙද්දි...අපි ගෙදර යද්දි අටම්ලට ළඟම ඉන්න වැව් ඉස්මත්තත් මුණගැහුණා...
මම ලංකාවෙදි මහාචාර්ය මාතලන් ශූරීන්ටත් කතාකළා...ඔහු ඒ දිනවල මාසයක පමණ ඉඳල විදේශිකයන් කණඩායමක් එක්ක දෙනියායට කොටුවෙලා ඉන්නවය දැන්මම කොළඹ එවෙන්නෙ නෑය කියල කිව්වා...
මගේ කෙටි නිවාඩුව ශ්‍රී ලංකාවෙ ගතවුණේ ඔන්න ඔය ආකාරයටයි...
කෙන්ජි,දේශකයා ඇතුළු මා ගැන සිහිකළ අනික් සියළු දෙනාටත් බොහොමත්ම ස්තූතියි...
මේ සැරේ ගත්ත පින්තූර ගොඩකුත් පරණ සී ඩී සහ පින්තූර රාශියකුත් අරගෙන ආවෙ ලියනකොට ප්‍රයෝජනයට ගන්නයි...
ආගිය කතා ටිකක් එක්ක ඉක්මනටම හමුවෙමු.
මම හැමදාම කල්පනා කරන්නෙ ප්ලේන් එක මෙහෙන් Take-off කරපු ගමන්ම ඔරලෝසුවෙ කටු වේගෙන් කැරකෙන්න ගන්නෙ ඇයි කියලා.. හැලපෙ අයියලටත් ඒක දැනෙන්න ඇති. ඔන්න ආයෙ මෙහෙ බාපු ගමන් ඉබ්බා මාර්ක්..
ReplyDeleteනිවාඩුව සෑහෙන සාර්ථකයි කියලා පෙනෙනවා... දැන් ඉතින් නිවාඩුවෙ ආයෙ ලියමු.
එහෙම තමයි සෙන්නා...නිවාඩුව ගෙවෙනව තේරෙන්නෙ නෑ,ආයෙම ඉක්මනට ලියන්නම්
Deleteඅනේ සමාවෙයන් හැලපයෝ.. ඊට පස්සෙ කෝල් එකක්වත් දෙන්න බැරි උනා. කොළඹ ඇවිත් ගියා පාස්පෝට් ඔෆීස් එකට අරුන්ගේ වීසා වැඩකට ඒත් පොඩි එකාව වත් බලන්න උනේ නෑ. උගේ වදේට එක රෑක බස් එකේ ඇවිත් පාන්දර ආපහු ගියා. මම හිතාන උන්නේ කොහොම හරි සෙට් වෙන්න. ආයේ සැරයක් ආවම බලමු. මොකා නැතත් අටමව නම් බලන්නම යන්න වෙනවා. නලියත් කතාකරගෙනම යන්න ඕන. ඒත් ඉතින් පොටෝ ඇල්ලිලි නම් බෑ සත්තරනේ. පාරෙදි ගුටි කන්න වෙනවා.
ReplyDeleteමූණ ඉඳිමෙනෙවනම් බොන්න එපෝ...
වෙරි සොරි හැපේ... මම තාමත් දෙනියායේ..
අපි ඉන්න ලගමනේ යකෝ මාතලන් ගොය්යා ඉන්නේ
Deleteඔහේ මාතර නේ. සොසිත් මාතර...
Deleteඅනේ මන්දා මාතලන්...හැමදාම රාජකාරිය ඈත පළාත්වල නම් කොහොම මුණගැහෙන්නද
Deleteඑතකොට අටම්පාලගේ ඌරු මස කාලා රෙවුනේ ශානකටද?
ReplyDeleteඅම්මෝ යකෝ උඹ පටලන්ඩ හදන පටලැවිල්ලක් , උන්ට ඌරුමස් දුන් නැ බොල
Deleteමම මුන ගැන කොමන්ට් කරල අහන්නත් හිතුන.
ReplyDeleteමොකද වෙසක් කාලේ සිල් පින්තුරයට වඩා වෙනස් නිසා.
මම හිතුවෙ ගමන් බිමන් මහන්සියයි,දිගටම රෑ එළිවෙනකන් සෙට් වෙලා වෙන්න ඇති කියල.
දකුනු පැත්තෙ යටි බඩට ඉහලින් මිරිකලද ඩොකා බොන්න එපා කිව්වෙ.
ඔව්නෙ කෙන්ජි...ඒ විදියටමයි කිව්වෙ,මමත් හිතුවෙ මහන්සියටයි කියල
Deleteඒ හැලපයියේ... මගේ නම් කටවහ නෑ හොදේ.. කෝ අර අනිත් බේබද්දෝ දෙන්න... ඔන්න කළකම් පටිසන් දෙන හැටි බලාගන්නලා...
ReplyDeleteඇත්තටම අම්මලා අපිට නීති දානවා වගේ අපිට අම්මලට තාත්තලට නීති දාන්න බැරි ඇයි අප්පා... මං නං අපේ දෙන්නට නීති දානවා.. බැනලා වගේ ඉස්පිරිතාලෙට එහෙම යවන්න ඕනෙ.. පොඩි උන් හොඳයි තව...
ඇයි දුවේ...මම ගොඩක් කියන්නෙ කොල්ල කාලෙ බිපුව.
Deleteදැන් දවසටම ඕන්නම් මිලි 720ක් විතර සොච්චමක් තමා බොන්නෙ.
යකෝ දවසකට 720ක් . මැරිච්ච දාට එම්බාම් ඕන වෙන එකක් නැ
Deleteකවුද හිරුවෝ උඹ ඔය කියන අනිත් බේබද්දා , ආ අර දේෂකයද
Deleteඅටමයි, දේශයි ගැන තමා හිරු අහල තියෙන්නෙ.
Deleteමම සහ නලිය උඹලගෙ ගනේට වැටෙන්නෙ නැහැනෙ.
කෙන්ජි මාමේ.. අපරාදේ ඉතරු මිලි 30 ඒකට මක්කැයි කරන්නේ.. ජපානෙත් 750 බෝතල්මද තියෙන්නේ.. හැක් හැක්.. අඩෝ කව්ද මට බේබද්දය කිව්වේ..
Deleteඉතිරි 30 වයස නිසා වීදුරුවට වක්කරද්දී ඉහිරෙන ප්‍රමානය.
Deleteහිනා යනවා ඕයි. නවත්තන්න බෑ..
Deleteඔය ඉහිරෙන 30 කාටහරි කියල වක්කරගෙන කලිං බීව්වනං ඊට පස්සෙ ඉතුරු 720 ම අවුලක් නැතුව බොන්න තිබ්බ.
Deleteමම හිරු ගැන අදහස් කළේ නෑ...ඔයා කියනදේ එළිපිට කියනවනෙ
Delete//කොහොමහරි නලින්ගෙ තව යාලුවෙකුත් එක්ක තුන්දෙනා සයිකලේ ඩබල් දාල අපේ ගෙදරට ආවෙ ගොම්මං අඳුරත් අරගෙනමයි...(ඒ කිව්වෙ පෙරේතයො කුම්භණ්ඩයො එහෙම එළිබහින වෙලාව )//
ReplyDeleteනොකියා කියලා තියෙනදේ...පව් අප්පා...:D
ඔව් ඔව් මටත් එකපාරටම ඕක හිතට වැදුනා , පස්සේ පළිගන්ඩ කිලුටු පොතේ ලියාගත්තා
Deleteමම ඒ නිකං කටට ආවට කිව්ව මිසක් අපේ යාලුවො ගැන අදහස් කළේ නෑ පොඩ්ඩියෙ... හීනෙකින්වත් එහෙමනං හිතන්න එපා.
Deleteඑහෙනම් ආයෙ පුරුදු විදිහට ලියන්න ගනිමු කො..
ReplyDeleteහොඳයි චන්දන ඉක්මනින්ම ලියනව
DeleteAru-ge adaviy ට වරක් ගොඩ වැඩි කියවන්න.රස ගුලාවක්.
ReplyDeleteගියා,කියෙව්වා කෙන්ජි ස්තූතියි
Deleteහැලප කරුනාකර විචාරක තුමා ඊයෙ දාපු ලිපිය පුළුවන් නම් කියවන්න.
ReplyDeleteදැක්කා කෙන්ජි,ස්තූතියි
Deleteඑහෙනම් නිවාඩුවේ විස්තර ලියන්නකෝ ඉක්මනින්ම......
ReplyDeleteලියමු සමනළියෙ,දිගටම එන්නකො
DeleteI am sorry to say this to a person who is ill. But I say this so other people will learn a lesson. Alcohol will always harm you someday or the other. Do not listen to these losers who try to give the impression alcohol is fun and it is necessary for friendship and fun. This is a form of advertising without these losers knowing it. Dear young people of Sri Lanka, it is high time to understand that alcohol and smoking will harm you sooner or later.
ReplyDeleteThanks for the description Ano
Deleteදැන් අටමගේ මූන ඉදිමිලා බං.. :)
ReplyDeleteඑහෙමද?
Deleteරෙද්ද මූණ ඉදිමුවාගන බොන්ඩවත් බැරි උනා,
ReplyDeleteඉතිං මං මොනව කරන්නද යකෝ
Deleteඅනේ මචං, මූණ ඉදිමෙනවා නම් බීම නවත්තපං. ආයේ ඒකෙ දෙකක් නෑ.
ReplyDeleteනලියයි, අටමයි දෙන්නම මටත් හම්බ වුනානේ. අපිත් අටමලෑ ගෙදරත් ගියා බං. අටමියි කෙල්ලෝ දෙන්නයිත් මුණ ගැහුනා.
වහින්නේ නෑ කිව්වේ උඹ මිඩ්ල් ඊස්ට්ද දැං ඉන්නේ?
Deleteඕක අහන්න ප්‍රශ්නයක් ද සර්.!
Deleteනවත්තල මචං...උඹ ආපු කතාව මට අටම කිව්වා
Deleteහැලපේ අයියා ලංකාවට ආ සැනින් මටත් අටමටත් කතා කළා. හදිසියේම වුවත් හැලපේ අයියලාගේ ගෙදර එදා ගෙවුණු හෝරා කීපය ඉතාමත්ම සතුටින් තමයි ගත කළේ. ඉතින් ඔන්න ඔහොමයි තවත් හෘදයංගම සහෘදයෙක් අපට සෙට් වුණේ. හැලප පවුලටම වාසනාවන්ත අනාගතයක් වේවා.
ReplyDeleteස්තූතියි නලින්,ඔබලාව හමුවීම මටත් සතුටක්
Deleteමොකො නලී ඉම්පාල පැන්නලින් පස්සෙ පේන්න නැත්තෙ?මම හිතුව ඒකට පෑගිලා තුවාල වෙලා ඉස්පිරිතාලෙ කියල.
ReplyDelete7ද කොයි පැත්තට ද යන්නෙ?දවස් කියකටද?
අන්න හිරු දුව හොයනව.
ශා ... මුණගැහිලා තියන්නේ හොඳ සහුර්දයෝ දෙන්නෙක් ! අනේ ඉතිං බොනවා යි කියලා ඔහොමත් බොනවද ආ .. :D
ReplyDeleteඒක තමයි රෙහානි,කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ
Deleteහැලප මලයෝ.. පරමාද නොවනු මුණ ඉදිමි ඇස් වට කළු වේනම් කන පැලෙන බීම නවත්තපාං.
ReplyDeleteදැනටමත් නවතා ඇත අයියේ
Deleteමුණ ඉදිමෙනවනම් බිම අඩු කරන්න වෙයි මාමේ ...
ReplyDeleteහරි හරි පුතේ
Deleteඅර තැඹිලි පලන්නෙ අටං ද, යකෝ මනමාල හිනාව. :D
ReplyDeleteහොඳා හොඳා දැං ඉතිං ආයෙ පටංගමුකො හැලප හැදිල්ල.
උගෙ ලස්සන හිනාව නිසාම තමා මම ඔය පින්තූරෙ දැම්මෙ ප්‍රසන්න
Deleteමෙතන ආගිය කතා ගොඩයි නේ. ඔන්න අපිත් ඉඩක් බලලා ඉදගත්තා කතන්දර අහන්න.
ReplyDeleteපූමා ගොඩක් කාලෙකින්...
Deleteඅපි කවදා මේ වගේ පයුරු පාසානමකට එක් වෙන්නද ඉතිං. පිස්සු හැදැනවා.
ReplyDeleteසෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
මම සෙන්කෝලයා
විස්තරේ කිව්වනං සෙංකෝලයෝ
Deleteදැන් එහෙනම් ආයෙත් ලියමු නේ?
ReplyDeleteහොඳයි හොඳයි ඉවාන්
Deleteයකෝ දැනුයි දැක්කේ මගේ මානෙල් ගහ ,අවසරගත්තේ නැ උඹ මගේ මල් වත්තේ මල් වල ෆොටෝ කෑලි දානවා කියලා
ReplyDeleteලස්සන හින්දයි ගත්තෙ බං,බලපංකො කාටද ආඩම්බර
Deleteහරි ලොක්කා නිවාඩු ඉවරයි දැන් ලියන්.....නායි තියෙන්නේ.
ReplyDeleteලියමු ලියමු මනෝජ්
Deleteදියව් දියව් හැලප දියව්
ReplyDeleteහරි හරි ඉඳපං
Deleteමම අටම් ට කියන්නේ. ඔයාට පොඩි දුවල දෙන්නෙක් නේ ඉන්නේ.කවද හරි එයාල ට ඔය බිම නිසා ඔයා නැතිවුණොත් ඔය අනිත් අය එයාලව බලගනියිද?
ReplyDeleteඩොක්ටර් පියසෙන ගෙන් බෙහෙත් ගන්නවනම් හැලපයියා වේයන්ගොඩ පැත්තෙ වෙන්න ඕනෙ. ඩොක්ටර් පියසෙන වයසට ගිහිල්ලද නැත්නම් තාමත් මයිකල් නයිට් වගෙ ඉන්නවද? මොනව උනත් ඇස්වහ කටවහ පැත්තකින් තියල සිරෝසිස් නොහැදී ඉන්න ට්‍රයි එකක් දෙන්න හැලපයියෙ....
ReplyDeleteඩොක්ට පියසේන තාමත් කොල්ල වගේ,
Deleteබලමුකො ඒකෙත් හැටි.. මට අටමා හම්බ උන වෙලාවෙ ඌ මාව එක්කං ගිය කඩේ තේවත් තිබ්බෙ නෑ !
ReplyDeleteහෙනන් ඔන්න අපි කියවන්න ඉද ගත්ත හරිය
ReplyDelete