අදට අවුරුදු 25 ක් ඒ කියන්නෙ 1988 පෙබරවාරි 16 වෙනිදා...මට හොඳට මතකයි එදා අපි හිටියෙ කහව අකුරළ ටෙලියක් ෂූට් කරමින්...හවස පණිවිඩේ ආවෙ..විජයට වෙඩි තියල මරල.
1985 දි හමුවෙලා හොඳටම හිතවත් වුණු මිත්‍රයෙක් තමයි දේශප්‍රිය....එක සමාන අදහස් තිබුණු නිසා ඉක්මනටම අපි දෙන්න අතරෙ තද මිත්‍රත්වයක් ඇතිවුණා.
පොත් නාට්‍ය චිත්‍රපටි ආදී කලා ක්ෂේත්‍රය අපි නිතර සාකච්ජා කල දේවල්....ජෝන් ද සිල්වා රඟහලේ රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙන හැම රෑකම අපි දෙන්න ගිහින් නාට්‍ය බලනව...ඒ මහ රෑ මට ගෙදර යන්න විදියක් නැති නිසා දේශලගෙ නාවල ගෙදර ගිහින් නිදාගන්නව.
දේශගෙ නම් කලාවට ඇල්මක් ඇතිවෙන්න ඇත්තෙ තාත්තගෙ ආභාෂයෙන්,තාත්තගෙ නම එච්.එස්.පේමේන්ද්‍ර....ඔහු පට්ටිය හන්දියෙ ටේලර් සාප්පුවක් පවත්තගෙන ගියා...වෘත්තිය මැසීම වුණත් ඔහු ඉතා හොඳ කලාකාමියෙක්....පසු කාලෙක සිනමා ලෝකය උඩු යටිකුරු කළ මහා සිනමාවේදීන් හැත්තැගණන්වල මුල් භාගයෙ දේශගෙ තාත්තගෙ ටේලර් සාප්පුවෙ රස්තියාදු ගහන්න පුරුදුවෙලා හිටිය.
සිංහල සිනමාවේ මං සළකුණු බඳු නිර්මාණයන් වන බඹරු ඇවිත්,එයා දැන් ලොකු ළමයෙක්,අහස් ගව්ව වැනි චිත්‍රපටි වල වස්තු බීජයන් බිහිවී පැළවුණේ ඔන්න ඔය ටේලර් සාප්පුවෙදියි.
සිංහල සිනමා කලාවේ හා පුවත්පත් කලාවේ විශ්ව කෝෂයක් බඳු චින්තන ජයසේනයන් ඔහු ලියූ චින්තන කතා නම් පොතේ මෙහෙම ලියනව.
"මේක ටේලර් සාප්පු කතාවකි.මේ ටේලර් සාප්පුව පිහිටා තිබුණේ කැළණිය පට්ටිය හන්දියේය.
ටේලර් ගේ නම එච්.එස්.පේමේන්ද්‍රය.ඔහු ටේලර් කෙනෙකුට වඩා සිනමා ශිල්පියෙකු වශයෙන් හොඳ සිනමාවකට උර දුන් දිරි දුන් අයෙකුය.
සිංහල සිනමාවේ ප්‍රවීණ, භාවාත්මක,සිනමාරූපී ශිල්පියෙකු වූ ධර්මසේන පතිරාජට ප්‍රථමයෙන් චිත්‍රපටයක් කරන්නටයැයි ඇරියුම් කළ දෙදෙනෙක් විය.පළමුවැන්නා එච්.එස්.පේමේන්ද්‍රය.අනික් තැනැත්තා පතිරාජ එල්. එස්.දයානන්දය.
ඔවුහු ධර්මසේන පතිරාජට චිත්‍රපටයක් කරන්නැයි ඇරයුම් කළේ දුකසේ උපයාගත් මුදලින් ගෙනගිය ගල් බෝතලයක් ද සමගය.
අහස් ගව්ව මෙම ඇරයුමේ ප්‍රතිඵලය විය"
තවත් තැනක චින්තන මෙහෙම ලියනව,
"දැන් දැන් පතීලාගේ ටෂ්කන්ට් ගමන කිට්ටු වෙමින් එයි.දිනක් ධර්මසේන පතිරාජ,දයා තෙන්නකෝන්,ඩබ්ලිව්.ජයසිරි සමග මම ද පට්ටිය හන්දියට ගියෙමි.අප ගියේ පේමේන්ද්‍රගේ ටේලර් සාප්පුවට ටෂ්කන්ට් යෑම සඳහා පතීට සූට් එකක් මසා ගැනීම සඳහාය.පේමේන්ද්‍රගේ ටේලර් සාප්පුවේ සිදුවන විශේෂ සිද්ධියක් ඇත.ඇඳුමේ මෙෂමන්ට්ස් ගැනීමට පෙර ඔහු ගෙනැවිත් තබන්නේ කතුර හෝ ටේප් පටිය නොව අරක්කු බෝතලයක් හා වීදුරු කීපයකි.එම නිරන්තර චාරිත්‍රය එදිනද සිදුවිය.අපි බඩ කට පුරා බීවෙමු.ටේලර් සාප්පුවේ සියලුම සිංගර් මැෂින් අක්‍රීය වී ඇති අතර අපි පමණක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුනෙමු. අවසනදී පතීට රට යන්නට ඇති දිනය කියා එදිනට සූට් එක පිළියෙල කර දෙන්නැ යි ඉල්ලීමක්,අණකිරීමක් සහ බැගෑපත්වීමක් කොට තව බෝතලයක් බීමට ප්‍රෙස් ක්ලබ් එකට ආවෙමු."
දේශගෙ අම්මා ටේලර් සාප්පුවට දවල් බත එවන්නෙ එතන ඉන්න යාලුවො ඔක්කොටොමත් එක්කයි.
ඔය තදයො ඔක්කොම අපේ අම්මගෙන් බත් කාපු උන්...
දේශා පස්සෙ කාලෙකදි කිව්වෙ ඒ නිසයි.ඉතින් දේශා කලාවට ඇල්මක් ඇත්තෙකු වීම පුදුමයක් නොවෙයි.
අපේ පවුලෙ නම් කලාවට සම්බන්ධ කිසි කෙනෙක් හිටියෙ නෑ...
1984 දී දේශා කතෝලික සිනමා පර්ෂදය හෙවත් ඕසීඅයිසී ආයතනයේ සිනමා සහ රූපවාහිනී පාඨමාලාව හැදෑරුව...ඔහුත් එක්ක හිටපු තව ශිෂ්‍යයෙක් තමයි සම්මානලාභී චිත්‍රපට සහ ටෙලිනාට්‍ය් අධ්‍යක්ෂ බෙනට් රත්නායක.
1988 දී බෙනට් ඔහුගෙ ප්‍රථම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්න සූදානම් වුණා....සහාය අධ්‍යක්ෂනය දේශප්‍රිය.
බම්බලපිටියෙ බාර් එකක බියර් බොන ගමන් දේශා මට විස්තරේ කිව්ව...
වරෙන් යන්න අපිත් එක්ක...මම බෙනට් අයියටත් උඹ ගැන විස්තරේ කියල තියෙන්නෙ....මූ මටත් කතා කරනව යන්න.
ඔය කාලෙ මම ටෙලියක් හදනව තියා වීඩියෝ කැමරාවක්වත් දැකල නෑ....
ඔහෙ ගිහින් මම මොනව කරන්නද..බං....
අපි කියල දෙන්නම්..උඹට කන්ටිනියුටි වත් බලන්න බැරියැ..
මම ඒ වචනෙවත් දන්න එකක්යැ...
ඔන්න මම බෙනට්ට කියනව උඹත් හරියි කියල...හරිද..
මම මොකුත් නොකියා හිටියා....
මේ ක්ෂේත්‍රය මට අලුත්නෙ..කුතුහලයකුත් නොතිබුනාම නෙවෙයි..ඒත් ඉතින් දකුණු පළාතෙ දවස් 15 ක් විතර නැවතිලා ඉන්නත් එපායැ.
රස්සාවෙන් නිවාඩු ගන්න පුලුවන්වෙයිද දන්නෙත් නෑ..
ඔය ආදී විස්තර ඔලුවෙ තියාගෙන මම ගෙදර ගියා...
පහුවදා වැඩට ගිහින් හෝදිසි කරල බැලුව නිවාඩු ගන්න පුළුවන්ද කියල...
නිවාඩු සබ්ජෙක්ට් එක කළේ හික්කඩුව පැත්තෙ කෙල්ලෙක්...මම කිව්ව හික්කඩුවටෙයි යන්නෙ කියල...ඒ ගමන කෙල්ල කිව්ව...
ඔයා නිවාඩු දාන්න යන්න එපා...අසනීපයි කියල දන්වල එනකොට මෙඩිකල් එකක් අරන් එන්න....කියල
ඔන්න ඔහොම තමා ගමන සෙට් වුණේ..
නියමිත දවසෙ නළු නිළියොයි, කැමරා කණ්ඩායමයි,අපියි ඔක්කොම බඩුත් පටෝගෙන රෑ වෙද්දි අකුරළට ගිහින් මූද අයිනෙ තිබ්බ ගෙස්ට් හවුස් එකක නවාතැන් ගත්ත.
ඔය ටෙලියෙ කලා අධ්‍යක්ෂගෙ සහායට ආව අනුරාධපුරේ කොල්ලෙක් නිහාල් ගුණවර්ධන කියල,එතකොට දෙවෙනි සහය අධ්‍යක්ෂ රුවන් කොස්තා,රුවනුත් දේශලත් එක්ක ඕසීඅයිසී එකේ එකට හිටපු කොල්ලෙක්,එතකොට වේෂ නිරූපණය කරපු සුරනිමල අපි ටික තමා එකට හිටියෙ.
රූපගත කරන්න ගමේ මිනිස්සු පුදුම සහයෝගයක් දුන්න..නිවාඩුවකට ස්විස් ඉඳල ඇවිත් ඒ ගමේ ගෙදරක උඩ තට්ටුවෙ කාමරයක් අරන් නැවතිලා හිටපු තරුණියක් මාරියා කියල අපි ගිය දවසෙ ඉඳන් මේ කෙල්ල අපේ පස්සෙන්මයි...අපි කොහේ ෂූට් කරන්න ගියත් ගෝල්ඩ් ලීප් පැකැට් දෙක තුනක් මල්ලකට දාගෙන ඇවිත් පැත්තක වාඩිවෙලා බලාගෙන ඉන්නව...අපිත් එක්කම කනව...ටෙලියෙ කෑල්ලකටත් මේ කෙල්ලව ගත්ත.
දවසක් දා අපි ෂූට් කරපු එක තැනක පහුවදා කරන්නත් වැඩ ඉතුරු වෙලා තිබුණු හින්දා ගෙනිච්චි බඩුවලින් වැඩිහරියක් එතන තියල ආව.ඒක නිකං වතුර උඩ ගහපු කබානා එකක් වගේ...රෑ අපි කවුරුහරි නවතින්නත් එපායැ.රුවන්ව හොටෙල් එකේ තියල අපි හතරදෙනා කබානා එකට ගියා...ඉස්සර සංචාරක ව්‍යාපාරය සමෘද්ධිමත්ව තිබ්බ කාලෙ හදපු තැනක්...දැන් පාලුවට ගිහින්.
ඉස්සෙල්ලම ගෙනිච්ච බෝතල් බීල කෑම ටික කෑවා...කාල බැලුවාම වතුර ගෙනත් නෑ.ඒ ගමන මමයි නිහාලුයි වතුර අරගෙන එන්න කියල රේල් පාර දිගේ ආව.ටිකක් දුර එනකොට අපට ඇහෙනව ගීත නාදයක්....බැලුවම මාරියා ඉන්න උඩ තට්ටුවෙ කාමරේ....පඩිපෙළ ගෙට පිටින් තියෙන්නෙ..අපි දෙන්නත් ගියා.
එතන තබ්ලා සර්පිනා මාස්ටර්ල දෙන්නෙක් සංගීතය කොල්ලෙක් සිංදු කියනව....මාරියා ගංජා සුරුට්ටුවක් බිබී සංගීතය රස විඳිනව...ඔන්න මාරියා අපිවත් පිළිඅරන් වාඩිකෙරෙව්වා..දැන් අපිත් සිංදු කියනව...නාට්‍ය ගීත නාඩගම් ගීත ශාස්ත්‍රීය ගීත ආදී වශයෙන් අපිත් ඇරියෙ නෑ.රස ගඟුලයි....දැන් පැයක් විතර ගියා අපිට වතුර මතක නෑ.
මම එගොඩහ යන්නෝ....කියල කට උඩට හරෝල ඕසෙ අදිනකොට තමා දැක්කෙ දේශයි සුරනිමලයි කාමරේට එනව....පැය ගාණක් ගිහිනුත් වතුර ගේන්න ගිය උං තාම නෑ කියල හොයන්න එනකොට කාමරේ සද්දෙ ඇහිල ෂුවර් එකටම මුං දෙන්න මෙතන ඇති කියල බලන්න ඇවිත්.
ඔහොම තමා අපි රෑ මුර කෙරුවෙ..ඊට පස්සෙ මාරියා නිහාල් එක්ක ගොඩාක් හිතවත් වුණා...නිහාල් ඇගේ හිටපු පෙම්වතා වාගෙ කියල.
ඔන්න ඔහොම වැඩ කරගෙන යද්දි තමා විජයට වෙඩි තියල මැරුවෙ...ඒක කට්ටියටම ලොකු ෂොක් එකක් වුණා..වැඩ නවත්තල අපි ආපහු ආව.
මළගෙදර යන්නත් ඕනැනෙ...පහුවදා උදේ කණ්ඩායමක් කොළඹ ගියා....අපි හෝටලේ නිකං ඉන්න එකේ දවාලෙ ගංකරේ ඇතුළට ගිහින් ළිඳකින් නාගෙන එහෙම ආපහු ආව..එච්චර දවස් අපි කලේ උදේටයි හවසටයි මූදෙ පැනල ඇතිවෙන්න නාල පයිප්පෙන් ලුණු ටික හෝදගත්තු එකනෙ.
බිලීබාන දැල්ගහන මිනිස්සු මාලුත් අරගෙන අපේ හෝටලේ පැත්තට එනව වැඩිමිළක් ගන්න බලාගෙන...එදත් මනුස්සයෙක් එවෙලෙ අල්ලපු මාලු කූරි තුන්දෙනෙකුත් අරන් ආව....එතන කිලෝ හය හතක මාලු තිබුණ..ඔක්කොටොම අපි ගෙව්වෙ රුපියල් පහළොවයි.
කෝකියට මාලු ටික දීල ඩෙවල් දාගෙන අම්බලන්ගොඩට කොල්ලෙක් යවල බෝතලුත් ගෙන්නගෙන රෑවෙද්දි පටන් ගත්ත...අද බොන්නෙ දුකටනෙ..සිංදුවක් කියන්නත් බෑ.
ටික වෙලාවක් ගියාම මාරියාත් ඔතෙන්ට ආවා...පොඩ්ඩක් බීපං කිව්වම බෑ කිව්ව...මලක් ගහල ඉන්න ඇති.ආපු වෙලේ ඉඳන් නිහාල් එක්ක කටු කුටු ගගා ඉඳල ටිකකින් ඌවත් ඇදගෙන යන්න ගියා...අපට නින්ද යනකම්ම ඌ ආවෙ නෑ.
ටෙලිය ගහපු දවස් ගාන පුරාම නටපු පිස්සු ගැන කිව්වොත් මේ කතාව දික් ගැහෙනව...දිග කතාවක් කෙටියෙන් කිව්වොත් අපි ගිය වැඩෙත් කරගෙන ආපහු ආව.ටෙලිය විකුණගන්න බැරුව ගොඩක් කල් තිබිල අවුරුදු කීපෙකට පස්සෙ තමා පෙන්නුවෙ....එතකොට තිබුණෙත් ජාතික රූපවාහිනියයි අයි ටී එන් එකයි විතරනෙ.
ඊළඟ අවුරුද්දෙ බෙනට් ටෙලිනාට්‍ය හා වීඩියෝ නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා..බත්තරමුල්ලෙ පන්නිපිටිය පාරෙ..දේශප්‍රිය මෙඩිකල් කොලෙජ් එකේ කරපු රස්සාවෙන් අයින් වෙලා එතන පූර්ණකාලීන වැඩට ආව.රුවනුත් ආව ප්‍රභාත් කියල අලුත් කොල්ලෙකුත් එක්ක..මමත් උන් එක්ක ටික කාලයක් ඔතන නැවතිල හිටියනෙ..මම එතකොට වැඩකලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙ...අපි හිටපු බෙන් ෆිල්ම්ස් එකේ වෙච්චි රස කතා කියන්න ගියොත් හෙට එළිවෙයි.අපි ඔතන ඉද්දි බෙනට් තව ටෙලියක් ගැහුවනෙ ඒකෙ විස්තර ආයෙ කියන්නම්.
දේශප්‍රිය දැන් චිත්‍රපට සහාය අධ්‍යක්ෂ වරයෙක්,රුවන් අද ලංකාවෙ ඉන්න නිර්මාණාත්මකම කැමරා ශිල්පියා වගේම දක්ෂ වාණිජ කැමරා ශිල්පියෙක්..ඌ දවසකට අය කරන ගාන ලංකාවෙ මනුස්සයෙකුගෙ මාසෙ පඩියටත් වැඩියි.නිහාල් දැන් ඉන්නෙ ඉතාලියෙ..ඌ එහෙදිත් කොමර්ෂල් හදනව නාට්‍ය රඟපානව.ප්‍රභාත් දැන් ස්වර්ණවාහිනියෙද කොහෙද...මම විතරයි කලාවට සම්බන්ධයක් නැති රස්සාවක් කරන්නෙ.
ඕව ඔහොම තමා නේද.
ඔය දවස්වල ගත්ත පින්තූරයක් තමා මම දාල තියෙන්නෙ...මේ පින්තූරෙ එල්සන් දිවිතුරුගමට පස්සෙ හිටගෙන ඉන්න රැවුල්කාරය මම...ඩෙනිම් ජැකට් එකක් ඇඳන් ඉන්නෙ නිහාල්...උඩට ෂර්ට් එකක් නැතුව ඉන්නෙ රුවන්...අනිකගෙ නම මට මතක නෑ.
මගෙ ගාව මේක තිබ්බෙ නෑ නිහාල් එෆ් බී එකට දාල තිබිලයි මම ගත්තෙ.
මාර ම මතකයක් හැලපයියේ... හරිම සුන්දර මතකයක්. මේ ප්‍රෙස් ක්ලබ් ගැන කියනකොට ඒක දැන් තියෙන්නේ කොටුවේ.. මායි තවත් බ්ලොග් කරුවෙකුයි මේ ළගදි දවසක එතැන සෙට් වුණා. අරක මැකුව එක ගැන නම් අමනාපයි...
ReplyDeleteඒකනේ බලහං මකලනේ ඇයි එහෙම කෙරැවේ , මම ඇවිත් ගියාට පස්සේ නරක යමක් උනාද
Deleteඒක මැකුව එක හොදයි... අපියි හැලපයියයි මැද්දට තව ගෑල්ලමකුත් ඇවිත් තිබුනනේ...
Deleteමැකුව එකට අමනාප වෙන්න එපා නලින්,කාගෙවත් වරදක් නිසා නෙවෙයි.
Deleteඒ ළමය අද යනවා මාරෙ
හැලපේ මට ඔයාගේ මේලය දෙන්න මේ මගේ එක ndilruksha@gmail.com
Deleteමෙතරම් සුන්දර මිනිසුන් සමග උන් ඔබත් අනිවාර්යයෙන්ම සින්දර මින්සෙක් විය යුතුමයි. පත්තර වලින්ම කියවලා මම ඔය ටේලර් සාප්පුව ගැන දන්නවා. මම ඒ කාලේ ඔක්කෝම සිනමා පත්තර ගන්නවා. ඒවා අස්සෙ තමයි රාවය පත්තරෙයි, යුක්තිය පත්තරෙයි හංගලා තියන්නේ. ච්න්තන ජයසේන කියන්නේ මා වඩාත්ම ආදර ක කරන පත්තර කාරයා. හැබෑට එයා කෝ දැන්.
ReplyDeleteමට කියන්න අමතක උනා. මම තොරන හංදියේ. මාලනී ෆොන්සේකලාගේ ගේ ළඟම. එතනට එන ලස්සන විජේ බලන්න ආරංච්යක් ආපු ගමන් අපි දුවනවා. අපි ඒ කාලේ ජංගි කොල්ලෝ. අර චීත්ත වලින් මහලා ඉලාස්ටික් එකක් තියෙන කලිසන් අඳින කොල්ලෝ.
Deleteයකෝ මම ඔය පැත්තේ අම්බානට එනවා, නොදැනම උඹලගේ කාගේ හරි ගෙදරක සල්ලි අරගන මැෂින් හදලද දන් නැ
Deleteඅපි නම් ඉපදිලත් නැතුව ඇති.. අපෙ තාත්ත එහෙම කියනවා ඒ කාලෙ සිද්ධි. තොරණහන්දිය පැත්තෙ නොවැ අපෙ පරම්පාරවම ඉස්කෝලෙ ගියෙ.
Deleteමාලනි/සතිස්/සුනිල්/ සැට් එකම ඔය අහල පහල. තව කස්ටිය ඉන්නවා !
මාතලං හොයන්නේ මෙයාවද...?
Deletehttp://c-u-l-t.blogspot.com/
@ අටමා
Deleteඇයි උඹ මැෂින් හදන්නේ සමාජ සේවයක් විදියටද...? යකෝ ඒ උඹේ රස්සාවනේ....
@ සැමා
උඹලා ඇටෙත් නෑ. ඇයි ලතා ඇන්ටි, සුජාතා, කාල ගෝල, තව ඉන්නවා කප්පරක්, මම ඔය කිව්වෙ පරණ අය.
@ මාරේ
මම හිතන්නෙ ඒ ඌ නෙමෙයි බන්...
@මාතලන් - චින්තන ජයසේන තාමත් ඉඳහිටලා එනවා ප්‍රෙස් ක්ලබ් එක පැත්තට දැන් වයසයි..චින්තන ගැන කියැවෙන යාන්ස් මාර තොගයක් තියනවා.. තාමත් අපි ඒවා කියෝනවා කට්ටිය සෙට් වුණාම. දැනට නැතත් සිත්තර පත්තරේ අයිතිය තාම චින්තනට තියෙන්නේ..වික්ටර් ගේ ස ප්‍රසංගයේ නමත් දාල තියෙන්නේ චින්තන තමා.
DeleteThanks Naleen...
Deleteවිස්තරයට ස්තූතියි නලින්
Deleteමේ කුනුහරුප කිය කියා තොපි තනියම බොනවා එහෙම නෙමෙයි ආ... හරිද...
Deleteඅප්පච්චියේ හැලපයියේ දේෂයියා එක්කයි රුවන් අයියි එක්ක මමත් වැඩ කරලා තියනා . වැඩියක්ම රුවන් අයියත් එක්ක
ReplyDeleteඅපොයි රුවන් අයියගේ හැටි බලකො
Deleteමොකක්ද මොකක්ද අටමො,ඒ ගමන උඹ චිත්‍රපටි ෂූටිං වලටත් යනවද
Deleteමාත් කාලයක් ඔය කෙලිය කොලා බං අයියේ
Deleteආ...හා... හැලප අය්යා හරි හැන්ඩියෙක්නෙ ඒ කාලේ... :D
ReplyDeleteඅපොයි වෙන නැත්තං බලකෝ කැත ජූජකයා වාගේ රැවුලත් වවාගන
Deleteඅනේ අටම් අය්යේ.. රැවුල වැව්වාම මිනිස්සු කැත වෙනවද? ඒ හින්ද්ද ඔයා රැවුල වවන්නේ නැත්තේ? :D :D :P
Deleteඔයා ඔව්ව ගණං ගන්න එපා තරූ,ඔය අටමා ඔයාව කුලප්පු කරන්න කියන දේවල්
Deleteමට යන්තම් තේරෙන කාලෙක අපේ ගෙදර බිත්තියක අලවලා තිබ්බ පෝස්ටරය කාගෙද ඇහුවම අම්ම කියන්නෙ ඒක " විජය කුමාරතුංග " ගේ කියලා. ඊටත් පස්සෙ කාලෙක අම්මා මට කියලා දුන්නා. මේ රටේ උන්න ගුණ යහපත් මනුස්සයෙක් නිකරුනේ මරා දැම්මා කියලා. විජය කුමාරතුංගයක් මරා දාන කාලෙ මම යන්තම් මාස දෙකක දැරිවියක්ලු.
ReplyDeleteපස්සෙ කාලෙක මම විජය ගැන කියෙව්වා. දැනගත්තා.
බොහෝම රසවත් විස්තර ටිකක්නෙ කියලා තියෙන්නෙ.. ( ආ අහන්න අමතක උනානේ..ඊයෙ පෝස්ටුව බහිරවයා ගිල්ලද ? නැත්තම් අර රුසියාවට වැටුන උල්කාපාතේ සද්දෙට මැකිලා ගියාද ? )
ඊයෙ පෝස්ටුව නිකම්ම දියවෙලා ගිහින්නෙ ලිහිණි,කමක් නෑ ඔයා බැලුව නේද
Deleteඔය කියන ටේලර් සාප්පුව ගුරුකුලේට මෙහා තියෙන එකද?????
ReplyDeleteඒකනං තාම තියෙනවා....
හිටගෙන ඉන්නේ හැලප අයියා වෙන්න ඕනා...
හිටගෙන ඉන්නෙ මම තමයි තරියො
Deleteවිජේ ගේ මරණය මටත් යන්තන් මතකයි .
ReplyDeleteඅර වරකා කපු වැලින් ටින් එක මකපු ඒකට මගේ බලවත් විරෝධය
වැල වරකා කළේ සුජියනෙ
Deleteආතල් කාලයක් වගෙ...
ReplyDeleteකියල වැඩක් නෑ ඉන්ද්‍රජිත්
Deleteඋඹත් විශ්වකෝශයක්නෙ බලං යනකොට. ඇත්තෙන්ම අපිව හැලප කන්න යොමු කරපු අටමටයි මම ස්තුතිවන්ත වෙන්නෙ.
ReplyDeleteතව ලියහං මචං විස්තර.
දීපා සහ මා ඇතර ඇතිවූ දෙබසක්.
මම: බලන්නකො දීපා හැලපෙ අර නාකි වැලන්ටයින් පෝස්ට් එක මකලනෙ. එකත් එකට උගෙ වයිපරේ කොක්ක දාන්න ඇති.
දීපා: වයිෆ් බැනලා නෙවෙයි. හැලපෙට හිතෙන්න ඇති ඒක අර ගර්ල්ට හරි නෑ කියලා.
බලං ගියාම එයා හරි මම වැරදි නේද භැලපෙ, සුපුරුදු විදියට? :D
වැරැද්ද මගේ මං ඒ පෝස්ටුවේ කෙල්ලව අදුනගත්තා.. මුලින් නොදන්නා සේ හිටියත් එය හරි නැතැය් සිතූ නිසා මා ඒ බැව් ඇගෙව්වා... මකපු එක හොදා තමා.
Deleteඅද වැඩ වැඩියි මචං,වෙන වෙනම රිප්ලයි දාන්නම් රෑට
Deleteමචං දීපා හරියටම හරි,ඔය ගෑණු ඉන්නව නේද ඩූඩෝ අමතර ඉන්ද්‍රියක් තියෙනව ඕව තේරුම් ගන්න, අපට නැති.
Deleteෂෙහ්... ඒ කාලේ මරුවට තියෙන්න ඇති! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ කාලෙ ගැන නම් කියල වැඩක් නෑ රජෝ
Deleteඑසේම වේවා
වතුර ගේන්න ගියපු දෙන්න ගිලිල මැරිල කියල හිතන්න ඇති අනික් කට්ටිය.
ReplyDeleteඅර නාකි වැලංටයින්ට මොකෑ උනේ.
නාකිය නොකියම යන්න ගිහින්
Deleteකතන්දර සාගරයක්... අපරාදේ අද මං පරක්කු උනා... නැත්තම් මේක අපේ මහත්තයට කියවලම යවන්න තිබ්බා.. හි හි.. (සුපුරුදු රාජකාරිය නොවැ මගේ.. හි හි) දැං ඉතිං කොරන්න දෙයක් නෑ..
ReplyDeleteඊයේ අපේ තාත්තා මාර කතාවක් කිව්වා... විජය ඒ වෙලාවේ මැරිච්ච එක හොඳයි කිව්වා.. මං උඩ ගියා... මේ අපේ තාත්තමද කියලා.. මං ඇහුවා ඒ මොකෝ කියල.. විජය හැදුවේ ඉල්ලන දෙයක් දීලා ගොඩින් බේර ගන්න... එහෙම උනානම් මේ රටේ කෑලිත් නෑ මේ වෙනකොට කිව්වා.. ටිකක් වෙලා කල්පනා කරලා මං කිව්ව ඒ කලේ විජයට පෙනුන එකම විසඳුම ඒක වෙන්න ඇති.. අපි දැන් ආපස්සට කල්පනා කරනකොටනේ අපිට එහෙම හිතෙන්නේ කියල.... ටිකක් වෙලා කල්පනා කරලා තාත්තා කිව්වා ඔව්... ඒක හරි... කියලා... මං ආයිත් උඩ ගියා... අපේ තාත්තා ලේසියෙන් දෙයක් පිලිගන්නේ නැති හින්දා... හරිනේ.. මේක වෙන කෙනෙක් ගැන කතාවක් නෙවෙයි... විජය ගැන කතාවක්...
හවසට කියවල දෙන්න පුලුවනිනෙ,හිරූ මගෙ කලින් පෝස්ට් එක බැලුව නේද
Deleteබැලුවෙමි.....
Deleteඔන්න දැනුයි කියෙව්වේ ... කට රිදෙනකම් කියෙව්වට පාඩු නෑ... ඒ ලියන විදිය නම් හරිම ගති කියල කිව්ව ඔන්න....
Deleteවර්ණනාව ගැන අපේ මහත්තයටත් කියෝපු එකට හිරූටත් ස්තූතියි.ඒක නෙවෙයි අපේ මහත්තය කියවන්න ගොඩක් කම්මැලි ඇයි.
Delete1. චින්තන ජයසේනගේ පොත කෙයි කාලේ එකක්ද? කොහේද ගන්න තියෙන්නේ? එම්බියස් කියලා ලිව්වෙත් පොරම නේද?
ReplyDelete2. මොකක්ද ඔය කියන් ටෙලියේ නම?
ප්‍රථම මුද්‍රණය:2005 මාර්තු
Deleteප්‍රකාශනය:නුගේගොඩ ක්‍රියේෂන්ස්,18/1,වුඩ්ලන්ඩ් මාවත,නුගේගොඩ
0777271579
0714900638
ISBN 955-1081-01-3
ඒ නමින් ලිව්වෙ චින්තනදැයි නොදනිමි
ටෙලියේ නම:සයුරෙන් එහා
කකා ඔහු සිත්තර පත්තරේ නමේ හිමිකරු. කොළම නම් තිරු පුවත් පතේ නිර්මාපකයාත් චින්තනයි.. ලාංකිය පුවත්පත් කලාවේ සාධනීය වෙනසක් කළ චරිතයක්..
ReplyDeleteමාර චාහ්රිත ටිකක් එක්ක නේ හැලපයා ඉඳල තියෙන්නේ. ඒ සිද්දි මතක් වෙද්දී මාර ගතියක් දැනෙනවා ඇති නේද?.
ReplyDeleteසතුටක් දැනෙනව අසරණයො
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපසු කාලෙක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අතීතයක් තියෙන එකම ලොකු දෙයක්....
ReplyDeleteචින්තන ජයසේන, මමත් වැඩකළ තැනක ටික දවසක් වැඩ කළා(කිරිබත්ගොඩ ඇඩ්වර්ටයිසිං එකක)
ඔහුගේ රචනා ශෛලිය නම් අති විශිෂ්ටයි. ඔහුට සමාන කරන්න පුළුවන් අනිත් ලේඛකයා සිසිර කුමාර මාණික්කආරච්චි.
චින්තන '92 දි කොළමෙ අපූරු කවියක් ලියලා තිබුණා.
ඒ දවස්වල සෞඛ්‍ය ඇමති රේණුකා හේරත්(නික් නේම් එක "කෙටී")
රේණුකාගෙ කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙ පුද්ගලික ලේකම් මැරුණෙ ඒඩ්ස් හැදිලා(ඔව්; යූ එන් පී කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඒඩ්ස් හැදුනා)
මේ සිද්ධිය ලීක් වුනාම රේණුකා කිව්වා, ඒ ඒඩ්ස් නෙවෙයි,ආඩ්ස් නම් රෝගයක් කියලා....
ඒක අල්ලලා චින්තන ලියනවා..
ඒඩ්ස් ආඩ්ස් පිටි කොටලා හදපු රොටි
කෙටී කෙටී උඹෙ කටනම් රටක් වටී..... කියලා,
ඒ දවස්වල වැහි වැහැපු තීරු පත්තර කළාවේ පුරෝගාමියා ඔහුයි.
ඔය කතාව මට හොඳට මතකයි සුමිත්,ඔය ආඩ්ස් විස්තරේ ප්‍රචලිත කරවන්න වැඩියම උර දුන්නෙ ප්‍රේමදාස ආර්යාව.
Deleteමොකද ඇය තරහයි රේණුකා හේරත් එක්ක.
ඒ කාලේ බොලව් අද කාලේ වගේ නෙවෙයි මතකයන් හරිම සුන්දරයි.
ReplyDeleteමොනවට කියනවද කෝරළේ මහත්තයො
Deleteබලාගෙන යද්දි හැලපෙ මාමා කලාගාරයක්නෙ...ලංකාවෙන් පිටනම් ඉන්නෙ ලංකාවට එන වෙලාවක මට මේල්ලුවක් දාගෙනම එන්න...බෝතලයකුත් අරගෙන කයියට සැට් වෙමු...
ReplyDeleteහොඳයි සිරා,දැනටමත් එක සහෘදයෙක් එනබව කියල තියෙනව.අපේ හමුව එතකොට රසවත් එකක් වේවි.
Deleteඔබේ නම්බර් එක මට දන්වන්න.
helapakede@gmail.com
ෂාහ් ටෙලි නාට්ටි පිස්සුව මටත් ඕසේට..දැන් ටිකක් යටපත් වෙලා තිබ්බට..කැමරාවක් දැක්කොත් කට ඇරගෙන හිට්යා...
ReplyDeleteමේ නම් ගම් ඔක්කොම කට පාඩම් තිබ්බ එකනේ පුදුමේ...
තවත් නම් ගම් ගොඩක් ලියන්න තිබුණත් ඒ නොලියයි මම කතාව ලිව්වෙ.
Deleteමචං හැලපේ.. ඔන්න නියම එකෙක් බ්ලොග් ලෝකේට පය ගහල තියෙන්නේ. අර කලින් මම කියපු එක රාමු කරල එල්ල ගනිං කවද හරි බලාගන්ට...
ReplyDeleteපිස්සු හැදිල ආයේ හැදෙනව යකෝ මේ ලියන විදියට. ඊට වඩා සුපිරි මතකයක් එන්නේ මං හිතන්නේ ගල් බෝතල් බෙහෙත් හින්ද වෙන්ටැති... අඩෝ නාකි වැලංටුයිං කෝ... ඒකට නලියා ගුලියක් ඇඹරුවා නේහ්.. ජය හැලපයියේ..
විජය කුමාරතුංගයන්ගේ අභාවය සිදුවන දවසේ මා වයස හය හතක හිච්චි කොලුවෙක් ... මට ඒගැන තියන ලොකුම මතකය තමයි එතුමාගේ අවසන් කටයුතු කරන දවසේ එය රුපවාහිනියේ පෙන්නුව එක.
ReplyDeleteඑදා දෙමව්පියන් දෙන්න කවදාවත් නැතිව රූපවාහිනියටම ඇලිල බොහොම කණගාටුවෙන් නරඹපු හන්ද කාටූන් බලන්න බැරිව මම හෙන ඔරෝප්පුවෙන් හිටියේ...
ඒ තිබ්බ කේන්තිය නිවා ගන්න මම කරේ ගෙදර තිබ්බ තාත්ත පණ වගේ බලාගත්ත සෙටප් එකේ බෆල් එකක් අහල පහළ තිබ්බ ප්ලග් බේස් එකකට ගහපු එක.
මුළු ගෙදරම ලයිට් ගියා ට්‍රිප් සුවිච් එක ඔෆ් වෙලා ... ආයේ තවමොනවා කියන්නද බෆල් එකේ ඇතුළ පිච්චිලා කරවල වගේ ...
බොහොම සාරේට තාත්තාගෙන් ගුටි පුජාවකුත් හම්බ උනා ... බොහොම සනීපයි ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ :)