Saturday, December 29, 2012

08.පංති සටන....




 මම කලිනුත් කියල තිබුණා වගේ අපේ අමිල පුතා මේ දවස්වල අපිත් එක්කනෙ ඉන්නෙ.එයා තමයි මගේ කොම්පියුටර් උපදේශකයා.බ්ලොගේ හදල දුන්නෙත් එයාමනෙ.

අපේ අම්මගෙ නංගි මැණිකෙ පුංචිඅම්ම බෝලානටනෙ දීල ඉන්නෙ,අම්මලගෙ ගම බෝතලේනෙ.මැණිකෙ පුංචිඅම්මගෙ ලොකුපුතා සිසිර,සිසිර බැන්දෙ අපේපොලිසියෙ මාමගෙ ලොකුදුව වසන්තනෙ.එයා ටීච කෙනෙක් මේ දෙපොලගෙවැඩිමල් සහ එකම පුතා තමයි අමිල.එයාගෙ එකම නංගි චතුරිකා,මේදවස්වල කැම්පස් එකේ.

අමිල උසස් පෙළ කරන දවස්වලම තමයි ජෙප්පො එයාට කොක්ක ගහල
තිබුණෙ.

මේ කොල්ලට ගහපු කොක්ක එයා ගිලල තිබුණෙ මඩකනයො ඇම ගිලිනවා වගේ.මොකද වෙන මාලු ඇම කාපුහාම කටුව ඇමිණෙන්නෙ කටේ හරි උගුරෙ හරිනෙ,ඒත් මඩකනය ගිලිනව ඇම බඩටම,මොකෝ වමාරන්නයැ...

මේ ගිලපු කොක්කෙ ආනුභාවයෙන් අමිලත් ජෙප්පන්ගෙ සාමාජිකයෙක් වුනා..

මේ අතර ලැජ්ජා දෙකකිනුත් ඒ ලෙවෙල් ගොඩ දා ගන්න බැරිවුණු අමිලව එයාගෙ තාත්තා දන්න කොම්පැණියකට කතාකරල එතන වැඩට දැම්ම.

පක්ෂෙ වැඩයි රස්සාවෙ වැඩයි සමෝසමේ කරගෙන ඉන්න අතරෙදි තමයිපක්ෂය තුල මහා පිපුරුමක් ඇතිවෙලා දෙකට කැඩුණෙ.ඒකෙන් තවත් පක්ෂයක් බිහිවුණානෙ කුරුටුගාමී පක්ෂය කියල,අමිලත් මෙන්න මේ නව කුරුටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් වුණා.
තාම ළදරු පක්ෂෙනෙ.පළපුරුදු සාමාජිකයින් බොහොම හිඟයි.ඉන්න
ටිකදෙනත් පක්ෂයට බොහොම වටිනවා.වැඩ ගොඩයිනෙ.රට තුල පක්ෂය ව්‍යාප්ත කරන්න ඕනෑ,පක්ෂයේ මතය රටේ පතුරුවන්න ඕනෑ,අලුත් සාමාජිකයන් පක්ෂයට බඳවා ගන්න ඕනෑ,සම්බන්ධතාවන්
ඇතිකරගන්න ඕනෑ,ආදී වශයෙන් වැඩ රාශියයිනෙ.
පක්ෂයෙන් අපේ අමිලට දැන්නුවා සහෝදරයට භාරදූර වගකීමක්
පවරන්නයි යන්නෙ,ඒ වැඩ රස්සාව කරන ගමන් කරන්න බෑ,ඒ නිසා
වහාම රස්සාවෙන් අයින් වෙලා ඇවිත් පක්ෂයේ පූර්ණකාලිකයෙක් හැටියටවැඩකරන්න කියලා.

රස්සාව වාගෙද පංති සටන? ඒක ජයග්‍රහණය කරපුදාට රස්සාවල්
 ඕනැතරම් කරන්න බැරියැ...

මෙහෙම හිතපු අමිලත් තාත්තා අමාරුවෙන් හොයල දීපු රස්සාව උදේට
ගහන කෙළ බෙට්ටක් වගේ අහකට දාල පක්ෂයේ පූර්ණකාලිකයෙක්
හැටියට බැඳුනා.

ඔය රුසියාව,චීනය වගේ රටවලත් විප්ලවය කාලෙ ඉගෙනගනිමින්
හිටපු තරුණ තරුණියනුත්,රස්සාවල් කරමින් හිටපු තරුණ තරුණියනුත්
ඒවයින් අයින්වෙලා රතු හමුදාවට බැඳිලා යුද්ද කලාලුනෙ...

විප්ලවය ජයග්‍රහණයෙන් පස්සෙ තමයි ඒ අය තම තමන්ගෙ අධ්‍යාපනය
සම්පූර්ණ කලෙත්,ආපහු රස්සාවලට ගියෙත්.ඒ අයව හැඳින්වුණෙත්
විප්ලවයේ වීරයන් හැටියටනෙ..

පංති සටන ජයග්‍රහණය කරපු දාට අපේ අමිලත් වීරයෙක් තමයි..

කොහොමද අමිලගෙ වාසනාව?
 
වෙනදට තාත්තට කියල උදේ හවස රස්සාව කරන තැනට දාගත්තු
අමිල දැන් ගෙදර එන්නෙ මාසෙකට සැරයක් දෙසැරයක් විතර.

අනේ,අම්මයි තාත්තයි දැන් ඉන්නෙ ගිණිගොඩක් උඩ.ඇයි යකෝ මෙච්චර දවස් මොන මගුලක් කලත් රෑට ගෙදර ආවනෙ,

තරුණයන් ගැන මේ දවස්වල අහන්න ලැබෙන ආරංචිත් එච්චර හොඳ නෑ.

ඔක්කොටොම වැඩිය අමිලගෙ ආතා,අපේ පොලිසියෙ මාමා,එයා ඉන්නෙත් අමිලලගෙ ගෙදරනෙ,මාමත් දැන් බලාගත් අත බලාගත්වනමයි.

කට්ටියටම මේක දරාගන්න බෑ...

පෝන් එකට කතාකරල අනේ පුතේ ගෙදර එන්න කිව්වොත් අමිලගෙන් ලැබෙන්නෙ කර්කෂ උත්තරයක්,ඒකෙන් මවුපියන්ගෙ හිත තවත් පෑරෙනවා.

මේ විදියට කාලය ගතවෙද්දි තමයි පක්ෂය රටපුරා ව්‍යාප්ත කිරීමේ උදාර අරමුණින් පූර්ණකාලිකයින් රටපුරා ගම්වලට පත්කරන්නෙ.
ඒ අනුව අමිලටත් ගමක් බාරවෙනවා.පක්ෂයේ මතය ගමතුල ව්‍යාප්තකරන්නත් අලුතින් අය කොකුගහල පක්ෂයට බන්දාගන්නත් තමයි මූලිකවශයෙන් අමිලට තියෙන්නෙ.එයාට බාරදුන්නෙ මීගමුව පැත්තෙ ධීවරගමක්.ගමේ මුලු පිරිමි ජනගහණයම ධීවරයො,ඔක්කොම කතෝලිකයො,ඉතිං පක්ෂයට සම්බන්ධකම් තිබුණු ගෙදරක අමිලත් ගිහිංනවතිනවා. 

 ප.ලි.මම මේ දවස්වල මෝනාලිසා ඊළඟ කොටස ලියාගෙන යනවා...මෝනාලිසා කතාව කියවන්න හුඟ දෙනෙක් උනන්දු නිසා ආප්ප බානව වගේ ලියල බෑනෙ...ගුණාත්මක භාවය රැකගන්න වෙනව ඒකයි ප්‍රමාද...ඔයාල ඒ කතාවට කැමතිවෙනකොට මගේ වගකීමත් ඉහළ යනව...
ඉතිං එතෙක් කියවන්න මම පහුගිය අවුරුද්දෙ ලියපු කොටස් දෙකකින් යුත් මේ කතාව නොකියවූ අයගේ පහසුව පිණිස නැවත පලකරන්නට සිතුණා...කියවපු අය මට බනින්න එපා ආපහු පට්ට ගහනව කියලා...වැඩි දෙනෙක්ගෙ අවධානයට යොමු නොවූ මෙවැනි කතා කීපයක්ම තියෙනවා...
මෝනාලිසා එනතුරු මේ කතා කියවන්න.

12 comments:

  1. මේ කියන්නේ හාපිටිගම පැත්තේ කරක් ගහන අමිල ගැන ද මංදා.

    ReplyDelete
  2. මටනම් හිතෙන්නෙ ඒක තමයි නියම දේශපාලනේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං පුද්ගලයා බලන ආකාරය අනුවයි

      Delete
  3. නවතින ගෙදරින් කෙල්ලෙක් සැට් වෙනවා, අමිලයගෙ ඇස් වල බැද තිබුනු කඩතුරා ඒ කෙල්ල විසින් ගලවලා මිනිහව ආයෙමත් රස්සාවට දක්කනවා... මම හරිද ?

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට සිරා ඒ ගෙදර ඉන්නෙ පොඩි දරුවො දෙන්නෙක්නෙ

      Delete
  4. විශිෂ්ට ලියමනක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්

      Delete
  5. තව ටික කාලයයි ඔහොම දුවන්නේ

    ReplyDelete
  6. දේශපාලනේ කියන්නේ මෙලෝ රහක් නැති දෙයක් (ලංකාවේ දේශපාලනේ)

    ReplyDelete
  7. ෂා මට මාර අවුල් නේ දැන්... පරණ හැලප කතා කියවන්න ගත්තහම මොනා ලීසා ආයෙත් සැට් වුනා..
    :D

    ReplyDelete

ඔබේ අදහස්