පොඩිකාලෙ ගෙදරදි රෑ නින්දට යන්නෙත් උදේට අවදි වෙන්නෙත් එක සමාන ගීතයක් අසමින්,ගීතය තමයි ගෙට පහළ තිබුණු නාන ලිඳේ කවුරුහරි නාන සද්දය.
පාන්දර ඇහැරෙන වෙලාවෙ ඉඳන් රෑ නින්දට යනතුරු නොකඩවා ඇහෙන මේ ගීතය අපේ හිත්වලට කොයිතරම් සමීප වෙලා තිබුණද කිව්වොත් ඒ සද්දය නෑසෙන වෙලාවට පාලුවක් දැනෙන තරමයි.
මහරෑටත් නාන සද්දය ඇහෙනවිට තාත්තා උපහාසාත්මක සිනාවක් පාමින්,
මොකාද යකෝ මේ මහ රෑ.... කියා කියන වාර අපමණයි.
මේ ලිඳ පිහිටල තිබුණෙ අපේ මහගෙදරට පහළින්,දැන් තියෙන මහගෙදරට කලින් තිබුණු ගේ කඩලා හදපු අලුත් ගෙදරට ගෙවැදුනේ 1969 අවුරුද්දෙ.ඒ වෙන විටත් නාන ලිඳට අවුරුදු 50 ක් විතර වයසයි.මොකද ලිඳ කපපු කාලය දැන් ඉන්න කවුරුත් දන්නෙ නැහැ.මේ ලිඳ ගෙට හොඳ නෑ කියල සැරයක් අලුත් නාන ලිඳක් කපන්න ලෑස්ති වුනා,නැකත් බලලා කිරිබත් කාල වත්තෙම එහා කොණේ ඇල අයිනෙ සුබ මොහොතින් ලිඳ කපන්න ගත්තත් වැඩිදුර කපන්න කලින්ම ගල මතුවුණා.ගල්වෙඩි කොච්චර නම් ගැහුවද,මොන,ගලේ ඉවරයක් නැහැ.පස්සෙ වැඩේ අතඇරල දැම්මා.පස්සෙ කාලෙක ඒකට දාපු කුණුවලින්ම වල පිරුණා.ආයෙත් පරණ ලිඳටම පුරුදු වෙන්න වුණා.
ලිඳේ නාන වතුර ගලාගෙන ගියේ ඒ එක්කම තිබුණු ඇලට,ඇලට එහා පැත්තේ කුඹුරු පේලිය,කුඹුරු පේලිය දිගයි,පළල අඩුයි,එක නියරයි.ඊට එපිටින් එගොඩහ ගම්ගොඩ,ඒ පැත්තෙ අය තමයි වැඩියත්ම අපේ ලිඳට නාන්න ආවෙ,අපේ පැත්තෙ ගෙවල් වටපිටාවෙ ඉන්න අයත් ඔක්කොම නාන්න එනවා.අපේ වත්තට අල්ලපු වත්තෙත් නාන ලිඳක් තිබ්බත් ඒකෙ නාන්නෙ ගෙදර අය විතරයි,ගමේ අනික් අය යන්නෙ නෑ ඒ අයට අපේ ලිඳ ලඟ නිසා.
එහා ගොඩේ ඈත කෙළවරේ රජයෙන් හදපු පොදු නාන ලිඳක් තිබුණා,ඒකට කිව්වෙ මහලිඳ කියලා.ඒ ලඟ අහල පහල කට්ටිය නාන්නෙ මහලිඳෙන්.
ඔන්න ඔය විදියට තමයි අපේ ගමේ අය තම තමන්ගෙ නෑමේ අවශ්‍යතා සම්පූර්ණ කරගත්තෙ.ගෙදරක ලිඳක් වුණාට අපේ ලිඳේ මහලිඳට වැඩියෙන් සෙනග නෑවා.මොකද වතුර ටික නිල් පාටට අතින් ගන්න තරමට පිරිලා ඉතිරිලා තිබුණු නිසා නාපුවාම හොඳට ඇඟට දැනෙනවා.
හැබැයි ගමෙන් බාගයක් නෑවත් ලිඳ ඉහින්න හතරදෙනෙක් එකතු කරගන්න හරි අමාරුයි.බොහොමයක් වෙලාවට ඉන්නෙ ගෙදර අයයි තව එක්කෙනෙක් දෙන්නෙකුයි.ඉතිං අපේ පණ යනවා වතුර ඉහලා,ඇයි ඒ දවස්වල හැම තැනම වතුර මෝටර් තිබ්බ එකක්යැ.උදේ පටං ගත්තහම දවල් වෙනතුරුම වතුර ඉහල දාල ලිං පතුලෙ එකතුවෙලා දඟලන මාලු ටික වතුර බාල්දියකට දාල ඊට පස්සෙ මඩටික අදිනවා.ඔය රාජකාරි ටික කරල ඉවර වෙනකොට හවස් වෙනව,අපට මඩ හෝදල නාගන්න වෙන්නෙත් අල්ලපු වත්තෙ ලිඳෙන්.
වැහි කාලෙ එකදිගට දවස් තුන හතර වහිනකොට වතුර ගලලා වෙලයි,ඇලයි,ලිඳයි එක මට්ටමට එනතුරු වතුර පිරෙනවා.
අලුත් වතුරට තමයි ඇලේ ඉන්න ආඳො උඩට එන්නෙ,කීප දෙනෙක්ම මන්නා,කඩු අරගෙන අපේ වත්ත පහල මහ ගොරොක් ගහ ගාව(අර අතඇරලදාපු ලිඳ ලඟ, පස්සෙ ඒකට අපි කිව්වෙ ගල්ලිඳ කියලා) රැකල ඉන්නවා උඩ එන ආඳන්ව කොටන්න.
නාන ලිඳ ලඟ තිබුණු පුවක් ගහ සිනිඳුවට දිලිසෙන්න මැදිල තිබුණෙ නාන්න එන කාන්තාවො පිට අතුල්ලලාමයි.ඒ එක්කම බිම තවත් සිනිඳු ගලක් තිබුණා රෙදි අපුල්ලන්න.
ලිඳෙන් ගමේ උදවිය නාන එක අපේ ගෙදර අයට සතුටක් වුණා.තද ඉඩෝර කාලෙට ලිඳ හොඳටම හිඳෙනකොට වතුර ටිකක් තිබුණෙ උදේට විතරයි.ඒකත් කට්ටිය උදේම නාල යනවා,අපට නාන්න වතුර නෑ.සමහරදාට අම්මා ලිං මිදුලෙ පොල් අත්තක් හරහට දානවා අපි නාල ඉවරවෙනතුරු.
මට දෙයියන්ගෙ ලෙඩ හැදිල හිටිය කාලෙ ලිඳට කවුරුවත් නාන්න ආවෙ නෑ කියල මහප්පට හොඳටම තරහගිහින්,
එකෙකුටවත් ආයෙ නාන්න එන්න දෙන්නෙ නෑ...
කියකියා පාරම්බෑව,පැළඉණි කම්බි අරං ගිහිං එන පාරවල් වහන්න හැදුවා.නාන අය නම් ඕවයින් සැලුණෙ නෑ,උන් දන්නවා කොච්චර කෑගැහුවත් ඒ වෙලාවට විතරයි කියලා.

ඔන්න හැලපෙ අද තමා හරියටම හිතට දැනෙන්න පෝස්ටුවක් දාලා තියෙන්නෙ... බොහොම ලස්සනයි... ඔබට ලිවීමේ හැකියාව හොදින්ම පිහිටා ඇති බවට මේ පෝස්ටුව සාක්ෂි... ජයම වේවා !
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සිරා,ඔබ තමයි හැමදාම ඉස්සෙල්ලම එන්නෙ.මම හිතන්නෙ අපි දෙන්නම සියනෑ කෝරළේ සියනෑයො නිසා වෙන්න ඇති.
Deleteහැලපයාගේ ලිද... අනේ බං මහප්පාට තද වෙන්න ඕන නෑ නෙව. මේ කෘර සමාජේ මට ඔය ලෙඩේ හැදිච්ච දවසේ බෙහෙත් ගන්න ත්‍රිවිල් කටුවක්වත් දුන්නේ නෑ...
ReplyDeleteඕව ඔහොම තමයි බං,කවදාවත් මැරෙන්නෙ නෑ කියල හිතන උන්නෙ අපේ රටේ ඉන්නෙ.
Deleteඅපූරු මතක සටහනක්. එක දිගට එක හුස්මට කියවගෙන යා හැකි අයුරු ලස්සනට පෙළ ගස්වා තියෙනවා. ගමේ ලස්සනත් කැතත් දෙකම උපේක්ෂාවෙන් විස්තර කෙරෙනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි,ඔබ මට දෙන්නේ ලොකු සහයෝගයක්.නලිනි කියන්නද,චන්දිමා කියන්නද?
Deleteලස්සනට ලියපු ලිපියක්...
ReplyDeleteඔය කියන ලෙඩ නම් එහෙම බෝ වෙන්නේ නෑ මං හිතන්නේ. මං නම් එහෙම අය ඉන්න ගෙවල් වල ගිහින් කෑම බීම පවා අරගෙන තියනවා අවස්ථා කීපයකදී ම.
ජයවේවා !
බොහොම ස්තූතියි චන්දන...ඔබ වගේම මමත් ඕනැතරම් ලෙඩතියෙන ගෙවල්වලට ගිහින් තියෙනවා
Deleteගැමිකමේ සුවඳ දැනෙනවා. ඔයින් ලිඳක් තිබුනා අපේ ආච්චිලාගේ මහගෙදර වත්තෙත් මුළු ගමම නෑවේ ඕකෙන් හැබැයි කම්මි අදාල මායිම් ගැහුවට පස්සේ අපේ තාත්තලා මිනිස්සු එන එක නැවතුනා.
ReplyDeleteකෝරලේ වලව්ව
අපි ඉතින් හොඳ ගැමියොනෙ කෝරළේ මහත්තයෝ...
Deleteහැලප මහත්තයෝ,
ReplyDeleteඅටං ගොයියා තමා පාර කිව්වෙ...
මේ ලිඳ තියෙන්නෙ කොහෙද ? ඔය වගේම ලිඳක් ගැන මාත් දන්නවා.. මට පොඩි සැකයක් මතු වුනා මේ ඒකමද කියලා..
Awesome, keep it up
ReplyDeleteමට අපි පොඩි කාලෙ නාන ලිඳ ඉහපු හැටි මතක් උනා. අර මාලු ටික අල්ලලා බාල්දියට දාන වැඩේ තමයි වඩාම ජනප්‍රිය..
ReplyDelete//...එකෙකුටවත් ආයෙ නාන්න එන්න දෙන්නෙ නෑ...කියකියා පාරම්බෑව,පැළඉණි කම්බි අරං ගිහිං එන පාරවල් වහන්න හැදුවා.නාන අය නම් ඕවයින් සැලුණෙ නෑ,උන් දන්නවා කොච්චර කෑගැහුවත් ඒ වෙලාවට විතරයි කියලා....//
ReplyDeleteදැන් නම් මේ වගේ දේවල් ඇත්තටම හැමදාටම පවතින්න සිද්ධ වෙනවා :(
නාන ලිඳකින් නාපු කාලයක් මතක නැහැ නෑදෑ ගෙවල් වල නම් නාන ලිං තිබ්බට ඉස්සර වගේ දැන් ඒවායේ ගිහියාම වැඩි වෙලාවක් ඉන්නේ නැති නිසා නාන්න ලැබෙන්නේ නැහැ. ඉස්සර අපේ ගෙදරත් නාන ලිඳක් තිබ්බට නාන්න එන අය වැටවල් කඩන නිසා සහ නාගෙන යන්නේ පොල් ගෙඩියක් එහෙම අරගෙන නිසා ඒ ලිඳ ජරාවාස වෙන්න ඇරලා මෑතකදි වහලම දැම්මා.
ReplyDeleteමගේ පොඩිකාලෙ මතකයන් රැසක් නාන ලිඳත් එක්ක තියෙනව. ඒවට අපි කොච්චර බැඳිලද කියල දැනුනෙ මේ ලිපිය කියෙව්වට පස්සෙ. ලිපිය කියවල හුඟක් කල්. දීර්ග කමෙන්ටුවක් පස්සෙ දානව කියල කමෙන්ට් කරන එක කල් දැම්ම. පස්සෙ ඒගැන මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක්ම දැම්ම.
ReplyDeletehttp://kalikalapanditha.blogspot.com/2013/02/blog-post.html
හප්පේ හැලපයියාගේ ගෙදර ඒ ළිදෙන් මමත් නාගත්තා වගේ ඒ තරම් ඇගට දැනෙනවා.
ReplyDeleteමට මේක කියවනකොට ... අපේ පරණ ගෙදර තිබුන ලිඳ ඉවුරු කඩන් වැටිල බොර වෙද්දී, නියං කාලෙට වැලි පෑදෙන්නම හිඳිල යනකොට අම්මයි තාත්තයි එක්ක ගමේ ලිඳට ගියපු හැටි මැවිලා පෙනුන ...
ReplyDeleteහැලපයියට බොහොම පිං අපිව අතීතයට අරන් ගියාට !