පළකරන්නට සූදානම් කලේ වෙන ලිපියක්,ඒත් මගේ හුදකලා වූ කොලුවා කතාවට සිරා දාල තිබුනු කමෙන්ට් එක නිසා තවත් පරණ කතාවක් මතක් වුණා.
මේකත් සේකරයන් සම්බන්ධ වෙන කතාවක්,පත්තරේක දැක්කෙ.කොයි කාලෙද කියල මතක නැතත් කතාව මතක හිටියා.පත්තරේට මේ කතාව කියලා තිබුණේ චිත්‍රා බාලසූරිය මහතා,ඔහු තමයි පරසතු මල් හා තුංමං හන්දිය චිත්‍රපට ද්විත්වයේ නිෂ්පාදකවරයා,කතාව මෙහෙමයි.
ඒ මහගම සේකරයන් තුංමං හන්දිය හදන අවදිය.තුංමං හන්දිය තිරගත වුනේ 1970 දි එතකොට මේ කියන කාලය 1968 හෝ 1969 වියයුතුයි.
දවසක් සේකරයන් චිත්‍රා බාලසූරිය හමුවෙන්නට ඔහුගේ ගෙදර ඇවිත් ඉන්නකොට දයනන්ද ගුණවර්ධනයන් මහාචාර්ය සරච්චන්ද්‍ර එක්ක එහෙට ඇවිත්,ඒ දෙන්න ඇවිත් තියෙන්නෙ රා බොන්න.
හතර දෙනාම ගම්පහ ඉඳන් ජඇල ගිහිං බාලසූරිය මහත්තය දන්න මුදලාලි කෙනෙක් හම්බවෙලා රා කළයකුත් අරගෙන හා දැන් ඉතිං බොමු කියල කියපුවාම සරච්චන්ද්‍රයන් කියනවා
අපෝ මේ ගෙවල් ඇතුල හිරවෙලා රා බීල වැඩක් නැහැ,අපි ටිකක් එලිමහනෙ නිස්කලංක තැනකට ගිහිං බොමු කියලා.
සරච්චන්ද්‍රයන්ට රාත් එක්ක ස්වභාව සෞන්දර්යයත් රසවිඳින්න ඕනැවෙලා.ඒ ගමන කට්ටිය ආපහු ගම්පහ එනකොට කිරිඳිවිට හරියෙ තියෙන දර්ශනීය වෙල්යාය දැක්ක ගමන් සරච්චන්ද්‍රයන් කියනවා
අන්න තැන..අපේ වැඩේට හරියටම හරියනව..
වෙල්යාය මැද ගහක් මුල නිල් ගොයම පිස එන සිහිල් සුළං රැලිවල පහස විඳිමින් කට්ටීය රා කළේ සප්පායම්
වෙනව.
ඔන්න වැඩේ නැගලම යනකොට පොලිස් ජීප් එකක් ඇවිත් පාරෙ නතර කලා.ජීප් එකෙන් බැස්ස පොලිස් නිලධාරියාගේ සංඥාවට චිත්‍රා බාලසූරිය පාරට ආවා.
මොකද වෙලේ කරන්නෙ? පොලිස් නිලධාරියා අහනවා.
නිකං හුලං වැදි වැදි ඉන්නවා...
අර තුන්දෙනා කවුද?
සරච්චන්ද්‍රයි,මහගම සේකරයි,දයානන්ද ගුණවර්ධනයි...
පොලිස් නිලධාරියා චිත්‍රා බාලසූරියගෙ ඉහේ සිට දෙපතුල දක්වා බැල්මක් හෙලුවෙ නොපහන් පෙනුමක් මුහුණට නගාගෙන.
ජීප් රථයට ගොඩවී දොර වේගයෙන් වසාගනිමින් ඔහු කියපු දේ චිත්‍රා බාලසූරියට හොඳට ඇසුණා,
පිස්සෙක්ද කොහෙද,අපි යමු...
ප.ලි. මේ කතාවෙන් අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි ඒ යුගයේ හිටපු පොලිස් නිලධාරීන් පුද්ගලයන් ගැන විශේෂයෙන් කලාකරුවන් ගැන කොතරම් දැණුවත්ද කියන එක.
අද දවසේ මෙහෙම දෙයක් වුණානම් අර ශ්‍රේෂ්ට කලා කරුවන් තිදෙනාට රා කලයත් ඔලුවෙ තියාගෙන පොලිසියට යන්න නොවෙයි කියලා කාටද කියන්න පුලුවන්?
කලිං අහලා නැති කථාවක්... ඔය කියන මාර්ගය සහ රා බීපු ස්ථානය මට බොහොම ආසන්නයෙන් පිහිටා තියෙන දේවල්... තුංමං හන්දිය රූපගත කලෙත් සේකරයන්ගෙ ගම වන රදාවානෙ...
ReplyDeleteපුද්ගලිකව මමත් කැමති සරත්චන්ද්‍ර ශූරීන් එදා කලා වගේ සොබාව සෞන්දර්යය විදිමින් හීනියට අඩියක් ගහන්න..
ලිව්වෙ නැතුවට මම හොඳටම දැනගෙන හිටියා මේ පරිසරය සිරාට ඉතාම සමීප බව.ඒ වෙල්යාය තාමත් ඒ විදියටම ලස්සනද?
ReplyDeleteතාමත් එදා වගේම තියෙනවා... වසරකට වරක් දෙකක් ඔය ඉසව්වෙන් ජා-ඇල ගම්පහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වෙනවා... අන්න එතකොට නම් සුන්දරත්වය බොහොම වැඩියි.
Deleteමරු කතාව !
ReplyDelete:)
අදමයි ගොඩ උනේ රසකතා තියන තැනක් වගේ
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
පැමිණීම ගැන රෙහානිටත් ලොකු ජෝන්ටත් ස්තූතියි.ගොඩක් රසකතා තව ඉදිරියට
ReplyDelete///අර තුන්දෙනා කවුද?
ReplyDeleteසරච්චන්ද්‍රයි,මහගම සේකරයි,දයානන්ද ගුණවර්ධනයි...///
අහන්නත් දෙයක්ද ඉතින් ..:))))))))))))))))))))))))
adama thama awe...ape thaththeth enna...
"එදිනෙදා ජීවිතයේ ඔබේත් මගෙත් අද්දැකීම්.".
පැමිණීම ගැන සතුටුයි,ආයෙමත් එන්න.
Deleteකලාවයි මධුවිතයි සමහර වෙලාවට ගහට පොත්ත වගේ නේ :D
ReplyDeleteඅද පොලිස් කාරයෝ කලාකාරයෝ කුදලාගෙන යාම වගේම දැන් ඉන්න කලාකාරයෝ පොලිස් කාරයො එක්ක ඕක නිසාම ගහ මරා ගන්න යාමද වෙන්න බැරි නැහැ. අද වෙනකොට දෙගොල්ලොම එක විදිහට පහත් තවෙට වැටිලා කියලා මට හිතෙන්නේ
ReplyDeleteමට හිතුනේ වෙන දෙයක් , ඒ කිව්ව නම් තුන තියෙන අය මේ වගේ තැනක හුලං වැදි වැදී ඉඳියි කියලා පොලිස් මහත්මයා හිතලා නැහැ කියලා, ඒකනේ කියලා තියෙන්නේ,
ReplyDelete“පිස්සෙක්ද කොහෙද,අපි යමු...“ කියලා
තව ඉස්සරහට එන බ්‍රෝ පරම්පරාවෙන් නම් මේ වගේ කතා රස විදින්නවත් ... යමක් කියවලා තේරුම් ගන්නවත් බලාපොරොත්තු වෙන්න බැහැ ... :-(
ReplyDeleteඒ උදවියට සරච්චන්ද්‍රයි,මහගම සේකරයි,දයානන්ද ගුණවර්ධනයි කිව්වොත් අහවි කවුද බ්‍රෝ ඒ මැන්ටල් ටික කියල !