Tuesday, December 18, 2012

06.නාන ලිඳේ කතාව....2

ඔය විදියට කාලය ගතවෙලා යද්දි තාත්තා,මහප්පා,සීයා සදහටම ලෝකෙන් සමුඅරං ගියා,පොඩි අපි ලොකුවෙලා රස්සාවල් කරන විවාහ වෙන වයසට ඇවිත් මහගෙදර හැරයන්න පටන්ගත්තා, මමත් ගෙයක් දොරක් හදාගෙන මහගෙදරට සමුදුන්නා,මම ගෙයක් හදාගත්තෙ වෙන්දේසි ඉඩමකිං කෑල්ලක් අරගෙන, හැබැයි අපේ ගෙදරට වැඩි දුරක් නෑ.   මහගෙදර අපේ මල්ලි කෙනෙකුට(බාලම මල්ලි නෙවෙයි )කාගෙත් එකඟත්වයෙන් දුන්නා.

මහගෙදර හැර ගිහින් සෑහෙන කාලයක් විප්‍රවාසයේ හිටිය මට ගෙයක් වත්තක් තියෙනවද කියලවත් බලන්න කාලයක්වත් අවශ්‍යතාවක්වත් තිබුණෙ නෑ.

මේ විදියට ඇලේ වතුර ගොඩාක් ඒදන්ඩ යටින් ගලාගෙන ගියාට පස්සෙ උදාවුණු එක් තද ඉඩෝර කාලෙක අපි ඉන්න ගෙදරටත් වතුර නැතිවුණා.බොන්න වතුරත් ගෙනාවෙ මහගෙදර බොන ලිඳෙන්.

එක සති අන්තයක මම බිරිඳට කතාකලා,

අපි ගිහිං ගෙදර ලිඳෙන් නාගෙන රෙදිත් හෝදගෙන එමු නේද .. කියලා රෙදිත් අරං අපි ඉස්සර නාපු ලිඳට ගියා.

මහගේ ගාව තියෙන තැඹිලි ගහ ගාවින් පඩි ටික පහලට බැහැලා ලිඳ ගාවට ගිය මම දැක්ක දෙයින් මගේ පපුව හෝස් ගාලා ඇවිලිලා ගියා.

ඉස්සර බලන්න ලස්සනට තිබුණු ලිඳට ගොඩපර ගෙඩියි,අඹගැටයි උණකොලයි වැටිලා වතුර බොරපාට වෙලා,නාන අයට ගොඩින් එන්න තිබ්බ පාරයි,වෙලෙන් ඇවිත් ඇලෙන් පැනල එන්න තිබ්බ පාරයි දෙකම වහල ගස් හිටවල වැටවල් බැඳලා,ලිං මිදුල හේදිලා ගිහිං.

එතනම තිබුණු දැවැන්ත චීන කොට්ටං මුලක් උඩ වාඩිවුණු මම සිහි එළවා ගන්න බැලුවා.

පස්සෙ ආරංචි කරල බැලුවාම මිනිස්සුන්ට එන්න නැතුව පාරවල් වහල තියෙන්නෙ අපේ මල්ලිගෙ පවුල,වතුර ටිකක් දැකල නැති එකියක්ද කොහෙද(ගම වැලිගම  )පරම්පරා ගණනක් ගමේ මිනිස්සු නාපු ලිඳ අහිමි කෙරුවා.
තනියම නාන්න වහගත්ත නම් නාපියව්කො දියවෙනකම්,අනේ..උං නාන්නෙ බොන ලිඳෙන් වතුර පොම්ප කරගෙන.

මේ සිද්දිය වෙලා දැං අවුරුදු තුන හතරක් ඇති,ගමේ අහිංසක මිනිස්සුන්ට මේ ගෑණි කරපු දේ ගැන මගෙ හිත තාම හඬා වැටෙනවා.අපේ සීයල,තාත්තලා කවදාවත් මේවාගෙ දේවල් දකින්න බලාපොරොත්තු වුණේ නෑ.
අම්මලත් එක්ක ලිඳට නාන්න එන පොඩිඋන් ගෙදර යන්නෙ අපේ මිදුලෙ තිබුණු පිනිජම්බු ගහේ ගෙඩිත් කඩාගෙන,

අපේ අම්මල,තාත්තල කවදාවත් පොඩිඋන්ට මොකුත් කිව්වෙ නෑ...
නිකං වැටිල යන එකනෙ,ඔහෙ කඩාගෙන පලයල්ල කියල නිකං හිටිය මිසක්....

හැබැයි එකක්,ගමේ කිසිම කෙනෙක් තව මේ වෙනකං කටක් ඇරල මට කිව්වෙ නෑ අනේ අපිට නාන්න තිබුණු ලිඳ නැතිකලානෙ කියල.මම හිටියනම් අඩුතරමින් දැනගෙනවත් හිටියනම් කොහොමත්ම ඔය ලිඳ වහන්න දෙන්නෙ නෑ...ඒත් දැන් ප්‍රමාද වැඩියි.

මේ ටික මම ලිව්වෙ මගෙ හිතේ තෙරපෙන දුකයි,කේන්තියයි අඩුකරගන්නයි,වෙච්චි දේ ගැන ගමේ අයගෙන් සමාව ගන්නයි.
මේ කරපු පජාති වැඩේට මගෙ කිසිම සම්බන්ධයක් නෑ කියල ගමේ එකෙක් හරි දැනගත්තොත් මට ඒ ඇති.

13 comments:


  1. ඕව ඔහොම තමා කියල අමාරුවෙන් හරි
    උහුලන් ඉම්මු ඉතින්.... :(

    ReplyDelete
  2. ඒක තමයි,එහෙමවත් හිතමු....

    ReplyDelete
  3. මිනිහෙක්ට වතුර ටිකක් දෙන එකත් ලොකු පිනක්... පින් කරන්නත් එහෙම සිතිවිලි පහළ වෙන්නත් පින තියෙන්න ඕනෙ... එහෙම හිතෙන්නෙ නැත්නම් ඒ තමයි කරුමෙ...

    ReplyDelete
  4. අනේ මන්ද සිරා,මේ ගැන මගේ හිතේ තවම තියෙන්නෙ මහා වරදකාරී හැඟීමක්.හරියට මගෙන් වෙන්න තිබුණු යුතුකමක් පැහැර හැරියා වගේ.

    ReplyDelete
  5. පිටින් ගෙන ගෑනු නිසා සහෝදරත්වයත් නැතිවෙනවා පො හරි පව් වැඩ ඔව්වා නම්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  6. කියන්නෙ කාටද කෝරළේ මහත්තයො..

    ReplyDelete
  7. ඔහොම ගැණු ඉන්නවා හැලප අය්යා ,උන් මොහොකටවත් නැති තණ්හාධික ගෑණු ..යනකොට ඔක්කොම බදාගෙන යාවි ..අනේ අටම් අය්යාගේ බ්ලොගේ කියෝලා ආවේ නිල් කැටේට වතුර තියන ලිඳේ ඉතිරිය බලන්ඩ ..ශික්

    ReplyDelete
  8. ඊනියා දියුණුවත් එක්ක හැම ගමකම නාන ලිං වලට උන සංගදිය තමයි ඔය..

    ReplyDelete
  9. අනේ පවු...අහිංසක මිනිස්සු...මේ ගෑනුන්ට මොනවා වෙලාද අප්පා...(හැමෝටම නෙවෙයි සමහරුන්ට විතරයි)

    ReplyDelete
  10. කලින් පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකෙන් කියපු දේ ඇත්තටම වෙලානේ

    ReplyDelete
  11. බෙන්තර ගඟෙන් එහානේ

    ReplyDelete
    Replies
    1. :-D මම හිතන්නේ ඉස්සර මිනිස්සු එහෙම කියල තියෙන්නේ කට කහනවටම නෙමෙයි ...

      Delete

ඔබේ අදහස්