Sunday, September 6, 2015

පිට්ටනිවල කතා අපේ සංගීතය සහ හපයාගේ රාත්‍රී ස්නානය.


අපේ නවයොවුන් වයසෙ ඒ කියන්නෙ අපි පැඟිරි ඉලන්දාරි කාලෙ ක්‍රීඩා තරඟ,සෙල්ලං,අවුරුදුඋත්සව ආදී සෑම සියලු ක්‍රීඩා කටයුත්තක්ම කරගන්නට තිබුන එකම තැන උනේ නාරංවත්තෙ පිට්ටනිය.ඔය පිට්ටනියට ලොකු ඉතිහාසයක් ඒ කාලෙ වෙද්දීත් තිබුනා.දෙවෙනි ලෝක යුද්දෙ වෙලාවෙ අක්කර හැට හැත්තෑවක් විසාල නාරංවත්තෙ ඒ වෙනකොට පදිංචිවෙලා හිටපු අය අයින් කරල මිත්‍ර හමුදාවන්ගෙ කඳවුරක් ඉදිකළා.ඒ කාලෙ කරපු කඳවුරේ ඉදිකිරීම් වල නටබුන් තාම දැක බලාගන්නට පුළුවනි.ඒ වගේම ඉඩකඩම් පවරා ගත්තු අයට කඳවුර අස්කරගෙන යද්දි හදල තිබ්බ ගෙවල් දීල ගිහිං තියෙනවා.ඒ ගෙවල්වල ඉදිකිරීම් කරල තියෙන්නෙ කෙලින්ම පිටරටින් ඒ සඳහාම ආනයනය කළ ගොඩනැගිලි ද්‍රව්‍ය වලිනුයි.පිටට සද්දෙ නොඇහෙන මැද කුහර ඇති ලොකු ගඩොල් ඒ වගේම යකඩ වගේ හයිය උළු තාම ඒ ගෙවල්වල තියෙනවා.එතකොට කොන්ක්‍රීට් වලින් හදපු විශාල වතුර පොකුණු දෙකතුනක් තැන් තැන්වල හදල තිබුනෙ වතුර අවශ්‍යතාව පිරිමහගන්නද එහෙම නැත්නං භටයන්ට නාන්නද කියල අපි දැනගෙන හිටියෙ නෑ.වත්ත පුරා තාර දමා හදල තිබ්බ පාරවල් ටික ඒ වෙනකොටත් ඉතාම හොඳ තත්වයෙන් තිබුනා.ඔය සෑම සියලු දෙයක්ම එක්ක ඉතා හොඳ ක්‍රීඩා පිට්ටනියක් වත්ත කොණේ හදල තිබ්බෙ කඳවුරේ අයට ක්‍රීඩා කරන්නටයි.යුද්ධය අවසානයේ මේ සියල්ල අතහැර මිත්‍ර හමුදාව යන්නට ගියා.වත්ත කැලෑ වැහුනා.අපි ප්‍රාථමික ඉස්කෝලෙට යන කාලෙ සතියකට කීප දවසක් නාරංවත්ත ඇතුළෙ පාරෙන් කැලේ ඕසෙට හැදිල තියෙන ගඩාගෙඩි කකා ගෙදර එන එක අපේ සිරිතක්.අපි ඔය කියන සෑම සියලු දෙයම දකින්නෙ එහෙම වත්ත මැදින් එනකොටයි.

ඒ වෙනවිටත් ඉතා හොඳ තත්වයෙන් තිබුන පිට්ටනිය අපි අපේ ක්‍රීඩා කටයුතුවලට තෝරා ගත්තා.ඉතා හොඳ තත්වයෙන් කියල මම කිව්වෙ කිසිම සුද්ද පවිත්‍ර කිරීමකින් තොරව වුනත් පිට්ටනියෙ එදා හිටවපු තණකොළ ඒ ආකාරයෙන්ම තිබුනා.අපට තිබුනේ වටේ තිබුන කැලෑව සුද්ද කර ගන්න පමණයි.ඉතිං ඔන්න ඔය ආකාරයට පිට්ටනිය අපේ දේපළක් වගේ ඉතා හොඳින් නඩත්තු කරගෙන ඉන්න අතරේ ඒ කාලෙ තිබ්බ සමගි පෙරමුණේ ආණ්ඩුවේ අගමැතිනිය හෙවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එතුමියගේ අත්තනගල්ල ඡන්ද කොට්ඨාශයට අයිතිවෙන මේ නාරංවත්ත ඉඩම ඉඩම් නැති අයගේ ප්‍රයෝජනයට බෙදා දීමේ වැඩ සටහනක් ආරම්භ කළා.ඉඩම් නැති අයගෙන් ඉල්ලුම් පත්තර එහෙම අරං මනින මහත්තුරු ඇවිත් ඉඩම පර්චස් විස්සෙ කෑලිවලට කඩන්න පටන්ගත්තා.දැන් ඉඩම කැබලිවලට කැඩීම ශීඝ්‍රයෙන් සිදුවේගන යනවා.කොණක ඉඳන් කඩාගෙන ඇවිත් ඇවිත් කෙළවරේම පිට්ටනියටත් ලණු අදින්න ආවහම අපට තරු පෙනුනා.කිසිම අනුකම්පාවක් වග විබාගයක් නැතිව මේ අය පිට්ටනියත් කඩල බෙදල දෙන්න යන වග අපට තේරුණා.අපි ගිහිං අහපුවම කිව්වෙ කිසි තැනක් බේරල ඉතුරුකරන්න කියල නෑ ඒ නිසා පිට්ටනියත් කඩන්න වෙනව කියලයි.ඉතිං මේ කතාව අහපු අපි මොකුත් කරකියා ගන්න බැරි අසරණ තත්වයකට පත්වුනා.නිකං හිතන්නකො ක්‍රීඩාවට ආදරේ කරන කොල්ලො ටිකක්.උන්ට මේ පිට්ටනියෙ වටිනාකම මෙතෙකැයි කියන්න බෑ.නමුත් මොනවවත් කරගන්න සිවිල් බලයක් නෑ.උන්ට එරෙහිව සියලුම රාජ්‍ය බලය සහිත කණ්ඩායමක්.කොල්ලො කියන දේට උන් අපහාසෙට හිනාවෙනවා .ඉතිං මොන තරං බලාපොරොත්තු කඩවීමක්ද.මේ කාලෙ වගේ නං ඔය වගේ ප්‍රශ්න බොහොම සරලව බේරගන්න පුළුවනි.ඒ කොහොමද කියල කිව්වොත් ගම්මානෙම මිනිස්සු ගෑනු ටික පිට්ටනියට බස්සල උද්ඝෝෂණයක් හෙවත් විරෝධතාවක් සංවිධානය කිරීම.ඇවිත් ඉන්න අය අතට විරෝධතා පාඨ ලියපු කොළත් දෙනවා මෙන්න මේ වගේ.

අපේ පිට්ටනියට අත නොතබව්.

ක්‍රීඩා පිටි විනාශ කොට ක්‍රීඩාව නංවන්නේ කොහොමද.

අගමැතිතුමියනි,අපේ ක්‍රීඩා පිටිය බේරා දෙන්න.

ආදී වශයෙන් ඔය කොළ ටිකත් අල්ලගෙන කෑ ගගහ ඉන්නකොට ටිකකින් එක එක ජාතියෙ බලධාරීන් එන්න පටන් ගන්නවා.ඉස්සෙල්ලම පොලිසිය.පොලිසිය ඇවිත් උද්ඝෝෂණය විසුරුවා හරින්න බලනව,එතකොට මැරුවත් මෙතනිං නැගිටින්නෙ නෑ කියල බිම නිදාගන්න ඕනෑ.ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු උන් ඇවිත් කෙළින්ම උද්ඝෝෂකයන්ගේ පැත්ත ගන්නවා.කතාවකුත් කරනවා.

"සහෝදර සහෝදරියනි,මේ නැති කරන්නට යන්නෙ අපේ ළමා පරපුරේ ජීවයයි.ගැහුවත් මැරුවත් මම ඔබතුමන්ලා සමගයි කියන එක මම මෙතනදී නොබියව ප්‍රකාශ කර සිටිනවා."බලන්ට ඡන්දම කීයක්ද.

ඊළඟට පළාත් සභා මන්ත්‍රීවරු,ගෙදර ඉන්නවනං හෙම මහ ඇමති.ඔක්කොමල්ල ඇවිත් සාකච්ඡා කරල බැනගෙන ගහගෙන අන්තිමේ කොහොම හරි පිට්ටනිය නොකඩා බේරල දෙනවා.ඊට පස්සෙ පත්තරෙත් දානවා මහ ඇමතිතුමා දරුවන්ගේ ක්‍රීඩා පිටිය ආරක්ෂා කර දෙයි කියල හිටං.

ඒ අද කාලෙනෙ, ඒ කාලෙ උද්ඝෝෂණ,විරෝධතා කියන්නෙ මොනවද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ.අනික ඒ වගේ දෙයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑ.රජයේ වැඩකට බාධා කරන එක මහ විසාල වැරද්දක්ය නඩු දාල දඬුවම් කරන්න පුළුවනි කියල තමයි අපි දැනගෙන හිටියෙ.අනික ඒ කාලෙ ඔය දෙකයි පනහෙ මන්ත්‍රීවරු ගෝනි කනක්කුවෙ හිටියෙත් නෑ.හිටිය එකම මන්ත්‍රී අපේ ආසනේ මන්ත්‍රීවරිය, වැඩේ කියන්නෙ පිට්ටනිය තියෙන්නෙ  අල්ලපු ආසනේ ඒ ආසනේ අයිති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියට.අපේ එක්කෙනා  ලොක්කිට විරුද්ධව යාවියැ.කරකියා ගන්න දෙයක් නැති තැන අපි ගිහිං ක්‍රීඩා නිලධාරියට කිව්වා.ඔය ග්‍රාම සේවා වසම් ක්‍රීඩා තරඟවලට එහෙම අපේ ක්‍රීඩා සමාජය නොවැරදීම සහභාගී වෙන නිසා ක්‍රීඩා නිලධාරියා අපිත් එක්ක හොඳයි.මට මතක හැටියට ඒ කාලෙ හිටියෙ එම්මානුවෙල් ප්‍රනාන්දු කියල ක්‍රීඩා නිලධාරියෙක්.ඔහු අපේ වැඩේට අපිත් බලාපොරොත්තු නොවුන තරං උනන්දුවක් දැක්වුවා.උප දිසාපතිවරයා මගින් ගම්පහ දිසාපතිව දැනුවත් කරල වැඩේට උදව් කරන්නං කියල ඔහු පොරොන්දු වුනා.ඒ වගේම වැඩේ කරලත් තිබුනා.අන්තිමේ පිට්ටනිය බලන්න කණ්ඩායමක් එවල වාර්තාවක් අරගෙන දේශපාලන නායකත්වයත් දැනුවත් කරල පිට්ටනිය කෑලි කඩන එක නැවැත්තුවා.කොහම හරි පිට්ටනිය බේරගත්ත නේද කියල අපි සන්තෝෂ උනාට ඒ සන්තෝසෙ වැඩිකල් තිබුනෙ නෑ.

මොකද කිව්වොත් වත්ත කඩල බෙදල දීල සෙනග පදිංචි උනාට පස්සෙ පිට්ටනිය වටේ පදිංචි වෙලා හිටපු අය වැටවල් ගහපුවම අපි පිට්ටනියට ගිය පාර වැහුනා.වැටවල් අස්සෙන් පැනගෙන රිංගගෙන අපි යනවට පදිංචි කාරයො කැමති උනෙත් නෑ.ඔය නිසාම වත්තෙ පදිංචි කාරයොත් අපිත් අතරෙ ආරවුල් හිටං ඇතිඋනා.පිට්ටනියට යන්න එන්න නිල වශයෙන් ඇරල දීල තිබුන පාරෙ එනවනං අපි හැතැප්ම තුනක් විතර එන්න ඕනෑ.මේ අත ළඟ තියෙන පිට්ටනියට ඔච්චර දුරක් පරංගිය කෝට්ටේ ගියා වගේ යන්න අපි කැමති උනේ නෑ.අනික ඒ කාලෙ දැන් වගේ ඕනෑ තරං වාහන තිබුනයැ.මෝටර් සයිකල් තියා නිකං සයිකලයක්වත් කාටවත් තිබ්බෙ නෑ.ඒ නිසාම පිට්ටනිය අපේ හිත්වලින් ටික ටික මැකිල ගියා.නාරංවත්තෙ පිට්ටනිය නැතිවුනාට අපට පාඩුවක් දැනුනෙ නැත්තෙ පාලුවට ඇරිල තිබුන විනී මහත්තයගෙ ඉඩම් කෑල්ල නිසාවෙනුයි.ඒ ඉඩමෙ පොල් ගස් තිබුනත් අපි ඒවා ගණනකට ගන්නෙ නැතුව අපේ සෙල්ලං කරගෙන ගියා.කොටින්ම අපි ඊට පස්සෙ සෙල්ලං කළේ අවුරුදු උත්සව පැවැත්තුවේ වෙසක් එකට නොයෙක් ජාතියෙ වෙසක් සැරසිලි කළේ නාට්‍ය ටීටර් හැමදේම කළේ මේ වත්ත මුල් කරගෙනයි.අවුරුදු ගාණක් ඔහොම කරගෙන ගියා.ඔය අතරෙ විනී මහත්තය පරලොව ගියාට පස්සෙ දරුවො ටික වත්ත කෑලි කෑලි වලට කඩාගෙන පදිංචි වෙන්නට ගත්තු  හේතුවෙන් අපට ඒ ඉඩමත් නැතුව ආයෙම පාරට වැටුනා.

ඉතිං ඔය අතරෙ නාරංවත්තෙ පිට්ටනියට වෙච්ච වැඩේ දන්නවද.නාරංවත්තෙ පදිංචියට ආව අය නෙවෙයි පාරෙනුත් එහා පැත්තෙ ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගෙන හිටපු කණ්ඩායමක් පිට්ටනිය අයිතිකරගත්තා.අයිතිකරගෙන පිට්ටනියට ඒ අයගෙ ක්‍රීඩා සමාජෙ නමත් දාගත්තා.පස්සෙ කාලෙක වටේ දැල් හිටං ගහල පිට්ටනිය පොෂ් විදියට හැදුව කියල අපට ආරංචි වුනා.දැන් ඒ අයගෙ අවසරයක් නැතුව කිසි කෙනෙකුට පිට්ටනියට යන්න බෑ.පිට්ටනිය අද ඔතන ඔතන තියෙන්නෙ කා නිසාද කියන එක ඒ ගොල්ල කවුරුවත් දන්නෙ නෑ.ස්තුතියක් නොලැබුනත් කවුරු කොහොම පාවිච්චි කළත් ඒ අයගෙ ප්‍රයෝජනයට හරි පිට්ටනිය ඉතුරු කරල දෙන්න ලැබීම ගැන අපට අදටත් සතුටුයි.තව දෙයක් කියන්න තියෙනවා.ඒ ගොල්ලන්ගෙ ක්‍රීඩා සමාජෙ වැඩිපුරම කරන ක්‍රීඩාව ගැන.ඒ අය හැම මාසෙකම කාගේ හරි සාමාජිකයෙකුගෙ ගෙදරකට හරි  කොහෙහරි හෝල් එකකට හරි පවුල් පිටිං එකතුවෙලා පිරිමි අය නැතිවෙන්නම බොනවා.කාන්තාවො ටික එකතුවෙලා කෝප්ප හෝදනවා.ළමයි එකතුවෙලා සෙල්ලං කරනවා.අන්තිමට උයාගත්ත කෑම ටිකත් කාල එහෙම සතුටින් විසිර යනවා.ක්‍රීඩාව එහෙමයි අන්තිමේ ඔය ගැන විසාල මතබේද ඇතිවෙලා ක්‍රීඩා සමාජය දෙකට කැඩුනා.කැඩුන කොටස අලුත් ක්‍රීඩා සමාජයක් හදාගත්තා.දැන් පිට්ටනිය අයිති කාටද කියලනං අපි හෙව්වෙ නෑ.කොහොම වුනත් ඒ අයට පිට්ටනිය දන්දීමේ මහා පුණ්‍යකර්මය නිසාදෝ පස්සෙ කාලෙක අපටත් හොඳ අපූරු පිට්ටනියක් ලැබුනා.ඒ කතාව පස්සට ඊට කලින් පිට්ටනියක් නැතිකාලෙ අපි සෙල්ලං කරපු හැටි අවුරුදු උත්සව පවත්වපු හැටි කියල ඉන්න එපායැ.

ඔන්න ඉතිං විනී මහත්තයගෙ කෑල්ලෙන් එළියට විසිවුනාට පස්සෙ අපට සෙල්ලං කරන්න මෙහෙමයි කියල පොඩියට හරි  තැනක් නැතිවුනත් අපි වැඩේ අත්ඇරියෙ නෑ.වෙලේ වතුර නැත්නං වෙලේ අවුරුදු උත්සවේ තිබ්බා වෙලේ වතුර නං පාරෙ අවුරුදු උත්සවේ තිබ්බා.එහෙම වෙලාවට වෙල අයිනෙ අමරෙගේ ගේ පිටිපස්සෙ ඉස්ටේජ් එක ගහගන්න හැමදාම අමරෙ අපට ඉඩදුන්නා.මයෙහිතේ අපි ඔය විදියට අපි අවුරුදු උත්සව අටක් දහයක් විතර හරියට තැනක් නැතිව පැවැත්තුවා.අවුරුදු උත්සවේ විතරක් නෙවෙයි රෑට සංගීතෙකුත් තිබ්බා.හැබැයි ඉතිං පොෂ් සංගීත කණ්ඩායම් ගෙනල්ල නෙවෙයි.සංගීතෙ ඩෝලයාගෙන් ගමේ කොල්ලො සිංදු කිව්වා.ඔන්න ඔයවගේ කරපු අවුරුදු උත්සවයක් අවසානෙ තිබ්බ සංගීතෙකදී වෙච්ච වැඩක් මට මතක් වෙනවා.අවුරුද්ද මට හරියට මතක නෑ බොහෝවිට අනුව දශකයේ මුල් බාගෙ වෙන්න ඇති.

හපයා කියන්නෙ හැඩිදෙණිකන්දෙන් අපේගමට ඇවිත් සුසිලාවතීට බින්න බැහැල හිටපු එකා, පණුවෙක් වගේ ඇඟේ පණ කලඳක් නෑ..ඌට හපයා කියල අපේ ගමේදි නම වැටුනෙ හැම තිස්සෙම කටේ විටක් තිබුන හින්දයි.උගෙ  ගමේ තිබ්බ කාඩ් එක ඇන්ජිමා කියල අපට පස්සෙ දැනගන්න ලැබුනෙ උගෙ ගමේ ඉඳල අපේ ගමේ මළගෙදරකට ආපු කොල්ලෙක් මුව දැකල "ඈ බං අර අපේ ඇන්ජිමා නේද"කියල ළඟ හිටපු එකෙකුට කියනව අපේ උන් අහගෙන හිටපු නිසයි.ඉතිං ඔය ආකාරයට අපේ ගමේ ස්ථිර පදිංචිකරුවෙක් වෙච්ච හපයා අපේ ගේ ලඟින් යන හැමදාම මම ගෙදර හිටියොත් පුවක් කන්න කියල රුපියල් පහකට හයකට විදිනවමයි.ඌ මගෙ කාමරේට ආව වෙලාවට බොහොම යටහත් පහත් විදියට බිම වාඩිවෙනවා.පුටුවක ඉඳගන්න කිව්වට ඉඳගන්නෙම නෑ.මුගේ මේ බිම වාඩිවීමේ රහස මට දැනගන්නට ලැබුනෙ සෑහෙන කාලයක් ගියාට පස්සෙයි.මොකක්ද කිව්වොත් බිම වාඩිවුනහම මූට ඇඳ යට මේසෙ යට එහෙම තියෙන කොට හොඳට දැකගන්නට පුළුවනි.මු බිම වාඩිවෙන්නෙ කොට තියෙනවද කියල බලන්නයි.කොටයක් තිබ්බදාට මූව ගෙදරින් යවනව බොරු.හපයා රස්සාවට ගස් කැපිල්ල කළා.උදේ ඉඳන් හොඳ සීරුවට වැඩකරල හවසට ඇඩ්ඩිං අයියගෙ පොට් එකෙන් කසිප්පු  ගහල රෑ වෙද්දි මු කෑගහගෙන ගෙදර එනව.උගෙ වැඩසටහන ඔන්න ඔහොමයි.

ඔන්න ඉතිං අපි ඔය කියන අවුරුද්දෙත් වෙලේ අවුරුදු උත්සවයක් තියල රාත්‍රියේ සංගීතෙකුත් සාර්ථකව පවත්තල අවසන් කළා.වැඩේ ඉවරවෙනකොට මට හොඳටම මහන්සියි නිදිමතයි.දවස් කීපයක් නිදිමරල තෙහෙට්ටුවෙන් හිටපු මට ගෙදර ගිහිං ඇඳට වැටුනා විතරයි ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම නින්ද ගියා.තද නින්දෙ හිටපු මම උඩ ගිහිං බිම වැටිල ඇහැරුණේ ගේ ඉස්සරහ කෑ ගහන සද්දෙකටයි.අපේ අම්මගෙ කටහඬත් ඇහෙනවා මම කන්දීගෙන ඉන්නකොට ටිකකින් අම්ම දොරට ගහල මට කතාකළා.මාර කේන්තියකින් මම එළියට ගියෙ හොඳට නිදාගෙන හිටපු මගෙ නින්ද කැඩුවටයි.යනකොට ගේ ඉස්සරහ තිබ්බ රැටි පොල්ගහමුල හපයා ඇනබාගෙන ඉඳගෙන ඉන්නව.සුසිලාවතිත් එතනම හිටගෙන ඉන්නවා.මුන් දෙන්න දැකපු මම බැලුවෙ මේ මොන මගුලක්ද කියල.බාගෙට ඇහැරුණ කේන්තිය එතකොටත් පහවෙලා නෑ.

මොකද යකෝ උදේ පාන්දර ඇවිත් ගෙවල් ඉස්සරහ බෙරිහන් දෙන්නෙ...මම දාපු සද්දෙට මුන් දෙන්නම ගැස්සිලා ගියා.

ඊයෙ රෑ මේ මනුස්සයව ඇළට තල්ලු කරල... සුසිලාවතීගේ කතාව කණට ඇහෙන නෑහෙන ගානයි.

මොකක් යකෝ,ඇළට තල්ලු කළා ! කවුද මොනවටද...මට සුසිලාවතී කියනකතාව නිකං ග්‍රීක් වගේ. 

ඔව් කවුද දන්නෙ නෑලු...

ඉතිං ඒකට උඹල මාව කන්ඩ හදන්නෙ මොකටද...

නෑ මෙහෙ පොඩි එක්කෙනත් එතන ඉඳල තියෙනව...

බලපුවම මේක මේ අපේ මල්ලිත් සම්බන්ධ කේස් එකක්.එතකොටත් ඌ ගේ ඇතුලෙ කාමරේ නිදි.සමහරවිට මුංගේ සද්දෙට ඇහැරෙන්න ඇති හැබැයි එළියට ආවෙ නෑ.ඉතිං මුන් දෙන්න ඇවිත් තියෙන්නෙ මට නඩුව කියන්න.

ඉතිං එයාද උඹව ඇළට තල්ලුකෙරුවේ...

කවුද කියල හරියටම කියන්ඩ බෑ හැබැයි එයත් හිටියා...

කවුද කින්ද මන්ද කියල හොයන්නෙ කොහොමද උඹ මිනිහ සතා අඳුන ගන්න බැරිගානට කුණුවෙලා ඉන්න ඇති...හපයා වචනයක්වත් කතාකළේ නෑ.

දැන් උඹල මට මොනවද කරන්න කියන්නෙ,උඹට තුවාලද ...

නෑ හොඳ වෙලාවට මොකුත් වෙලා නෑ වැරදිලාවත් වැටෙද්දි තුවාල උනානං මොන දෙයියන්ට කියන්ඩද...

දෙයියන්ට කියල වැඩක් තියේයැ තුවාලවලට බේත් දානව මිසක,අනික දැන් තුවාල වෙලත් නෑනෙ,මම දවල්වෙලා මේක හොයල බලන්නං.හැබැයි මේකත් අහගනිං,උඹ ඉලන්දාරියෙක්ද  උඹ මොකටද කොල්ලො අස්සෙ දැවටෙන්ඩ ගියෙ ඒකනෙ මේ ඔක්කොම උනේ. තමන්ගෙ වයසෙ හැටියට හැසිරෙන්ට දැනගනිං...

මම හපයටත් දොස් කියල ගෙට ගිහිං රුපියල් විස්සක් ගෙනත් සුසිලාවතීට දුන්නා.සුසිලාවතී සල්ලිත් අතේ තියාගෙන බලං ඉන්නවා.

ඉතිං පලයල්ලා ආයෙ මෙතන මාව කන්ඩ වගේ බලං ඉන්නෙ ගිහිං මේ මිනිහට  මොනවහරි  උයල දවල්ට කන්ට දීපං ඊයෙ රෑටත් කෑමක් නැතුව ඇති නොවැ...

ඔන්න ඒ ගමන දෙන්න පස්ස බල බලා යනවා.මගෙ හිතේ තිබ්බ කේන්තිය දැන් කොහෙ ගිහින්ද නෑ.කේන්තිය වෙනුවට මට මේ ජෝඩුව ගැන දැඩි අනුකම්පාවක් ඇතිවුනා.දැන් ඉතිං නිදාගත්තට නින්ද යන්නෙ නෑ පහළ ලිඳට ගිහිං තෙහෙට්ටුව  යන්න හොඳට නාගත්තා.ගෙට ඇවිත් අම්ම උදේට කන්න හදල තිබ්බ ඉඳිආප්ප කූනිස්සෝ පොල් මැල්ලුම් එක්ක කාල එහෙම තේ එකක් බීපුවම ඇඟට පණක් ආවා.ටිකක් දවල් වෙන්න ඇරල මම අමරයලගේ ගෙවල් පැත්තට ඇදුනේ ඉස්ටේජ් ඒක ගලවන්න, ගෙවල් වලින් ඉල්ලගෙන ආපු පොල් පරාල ආදී දහසකුත් එකක් බඩු භාණ්ඩ ආපහු ගිහිං දෙන්න කට්ටිය එතනට එනව කියල දැනගෙන හිටපු නිසයි.දවල් වෙද්දි කොල්ලො ඔක්කොම වගේ එතනට ඇදුනා.මට විශේෂයෙන්ම දැනගන්නට ඕනෑ වෙලා තිබ්බෙ හපයගේ සිද්ධියයි.කට්ටිය එකා දෙන්නා බැගින් ඇවිත් ඔක්කොම එකතුවුනා.දැන් හෝ ගාල ඉස්ටේජ් ගලවනවා බඩු ගිහිං දෙනවා ආදී වැඩ කටයුතු කෙරෙද්දි මම කළු මහත්තයට පැත්තකට කතාකළා.මොකද කළු මහත්තයත් මල්ලිලගෙ සෙට් එකේ කොල්ලෙක්.උගෙන් ඇහුවනං වෙච්චදේ හරියටම දැනගන්නට පුළුවනි කියල මට හිතුනා.

මොකක්ද බං ඊයෙ රෑ උනා කියන්නෙ...

මොකක්ද...

නෑ මේ හපයයි ගෑනියි උදේ පාන්දර අපේ ගෙදර ඇවිත් මහ නෝක්කාඩුවක් කිව්වෙ...

ආ ඌ ඔයාව හම්බවෙන්න ආවද...කළු මහත්තය හිනාවුනා 

ඒක තමයි මම ඇහුවෙ බං...


ඉතිං කළු මහත්තය කියපු විදියට වැඩේ සිද්දවෙලා තියෙන්නෙ මෙහෙමයි.අඳුරු රාත්‍රියේ කළුවර මැඩගෙන සංගීතය ජයටම පැවැත්වෙමින් තියෙද්දි තැන තැන කණ්ඩායම් ගැහිල තරුණ පිරිස නටන්න වුනා. අඳුරට මුවාවෙලා බෝතල් දෙකතුනක් හිස්කරපු කලුමහත්තය ඇතුළු කණ්ඩායම උණුසුම් ගතින් සිංදුවලට නටන්න පටන්ගත්තෙ ඉස්ටේජ් එක පිටිපස්සට වෙන්නට තිබුන බෝක්කුව උඩයි.


ඒ සංගීතෙ නැගලම යන වෙලාව අපට බඹර පදමට වැදිලා තිබුනෙ, ඉස්ටේජ් එකේ කියන හැම සිංදුවකටම අපි බෝක්කුව උඩ නැටුවා.ඒ වෙලාවෙ කිව්වෙ ඔන්චිලි චිලි චිල්ලමලේයා සිංදුව.ඒ සිංදුවට අපි බෝක්කුව උඩ රවුමක් හැදිලා නැටුවා.රවුමට කැරකි කැරකි අප්පුඩියක් ගහල ඉස්සරහ එකාට දහයක් දැම්මා.අප්පුඩියයි ඉස්සරහ ඉන්න එකාට දහයයි.මේ අලුත් නැටුම නැගලම ගියා,අපට හරි සන්තෝසයි.කෙළින් කටිං ඉන්නවත් බැරුව කනමොදා වගේ බීගත්ත හපයා අපි හිටපු තැනට ආවෙ ඔන්න ඔය වෙලාවෙ.දැන් මුත් මැදට පැනල අප්පුඩි ගහනවයි දහය දානවයි කිසිම තාලයක් නෑ.මූ අපේ සොමිය කනවා කට්ටියටම මුත් එක්ක තදවෙලා හිටියෙ.හපයා නට නටා මටත් දහයක් දාන්න ආවා දහය දාද්දි  මම අත්දෙක උගෙ පැත්තට පොඩ්ඩක් විතර බරකලා එච්චරයි.

ජබෝං !!

කෙටල අකුළ බිඳගෙන හපයා ඇලේය. එතනම පහළින් ඇල හරහට දාල තිබ්බ කොන්ක්‍රීට් ලෑල්ල උඩ ඉඳගෙන සිංදු අහමින් හිටපු කට්ටියක් ඇලේ ගහගෙන යන්නට ගිය හපයාව ගොඩ දැම්මා.අමු කුණුහරුප කියමින් කොල්ලො ඔක්කොගෙම මව් දෙමව්පියන්ට පිංපෙත් අනුමෝදන් කරමින් ඇලෙන් ගොඩට ආව හපයා වතුර පෙරි  පෙරි  මහ රෑ ගෙදර ගියා.

කළු මහත්තයගෙන් කතාව අහගෙන මම සද්ද නැතුව හිටියා.හොයාගත්තු දේ හපයට කියන්න ගියෙත් නෑ ඌ මගෙන් අහන්න ආවෙත් නෑ.කොහොමටත් සද්දෙ වහගෙන ඉන්න එක හපයට ලාබයි මොකද දැක්ක දුටු තැන මට දඩ දාන්න පුළුවන් නිසා.

පස්සෙ කාලෙක හපයගේ අවසානය සිද්ද වුනේ ඉතාම කණගාටුදායක විදියටයි.ඒ කතාව වෙනම ලිවිය යුතු එකක්. ආයෙම දවසක ඒ කතාවත් මගේ අතින් ලියවේවි෴

61 comments:

  1. උදේම බඩගින්න වැඩි උනා ඉඳිආප්පයි, කූනිස්සෝ පොල් මැල්ලුමයි හින්දා. ඔහොම උන් හැදෙන්නෙ නෑ. මොනා කලත් ආයෙත් බීගත්තාම කොල්ලො අස්සෙම රිංගන්න යනවා. ආයෙත් මොකක් හරි වෙලා බැන බැන ගිහින් ආයෙම බීවාම අමතක වෙනවා.
    ඒක නෙවෙයි හැලපෙ අයියේ කෝ දැන් එඩුවගෙ සොමිය? හපයගෙ මරණෙත් ඒ වගේ වෙයිද හැබෑට. :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොටොම ඉස්සෙල්ල කෑම කාල ඉන්න.බඩගින්නෙ බණ අහන්නවත් බෑ කියල අහල තියෙනවා නේද.එඩුවගෙ සොමිය ගැන කවුරුවත් උනන්දු උනේ නෑනෙ.ඒ නිසා ලිව්වේ නෑ.

      Delete
  2. අම්මෝ බං සංගීත වලදී එ් කාලේ කරපු වැඩ... ඇලවල් පැනිලි, මඩ කරියේ නැටුං.. හැම එකාගෙන්ම අරක්කු බීම්... නාමල්ට හූ කීම. (බහිනකම්ම හූ කියනවා).. හැක්..

    මට තියෙනවා නෙව බං අවුරුදු 8 ක් විතර පරණ ඉන්දියන් මොටෝ සයිකලක් කටයුක්. දැං ඒක දිරල කියන්නේ අම්බානක. දෙතුන් දෙනෙක් ආවත් ගත්තේ නෑ. ඇයි වදේ දිරලනේ.. මම නං කියන්නේ මේකේ ඔක්කෝම තියෙන්නේ ඔරිජිනල්.. ආපු විදියමයි.. තාම කිසිම දෙයක් අලුතෙන් දාලා නැ කියලයි.. මේක මතක් උනේ අර පිට්ටනිය තියෙන විදියට හොදටම තිබුනා කිව්වමයි.. හැක්

    ReplyDelete
    Replies
    1. 'කටයුක්' හින්දනෙ බං ඕක ගන්නෙ නැත්තෙ. කටුවක් උනානං කවුරුහරි ගනී.

      Delete
    2. හැක්.. සුභ උපන්දිනයක් වේවා යාලුවා..

      (මම මටම සුභ පතාගත්ත නං ඊට හොදයි වගේ.. ) හැක්

      Delete
    3. සයිකලෙයි පිට්ටනියි එක වාගෙ නෙවෙයිනෙ බං.පිට්ටනි කියන ඒවා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.කැලෑ වැහෙයි පොඩ්ඩක් සුද්ද කරල ගත්තම හරි.සයිකල් එහෙම නෙවෙයි නොවැ.ඒ නිසා දෙක සමාන කරන්න යන්න එපා.

      Delete
    4. ඈ ප්‍රසන්න ඇත්තද මේකා කියන්නෙ එහෙනං මගෙනුත් සුබ පැතුම්.

      Delete
    5. තැන්කියු.... තැන්කියු..

      Delete
    6. අපි නම් සුබ පැතුවලු ලස්සන කාර්ඩ් එකකුත් එක්ක. දෙන්නටම...:P

      Delete
    7. හත්තලාමේ කොන දෙමල අයියේ හෙට උදෙම පරණවිතානේ ලඟින් බහින්නං

      සු භ උ ප න් දි න ක් වේ වා !!!

      Delete
  3. පිට්ටනියේ කතාවයි, හපයගේ කතාවයි දෙකක් හැටියට ලියවුණානම් තවත් හොඳයි කියල හිතෙනවා. http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොඳයි.පිට්ටනියෙ කතාව විතරක් කියවුනා නම් මට කියන්න කතාවක් නැතුව යනවා.එතකොට ටිකක් බෝරිං වගේ ඒ නිසා හපයගේ කතාවත් ලිව්වා.

      Delete
  4. ඔය යස්සයන්තයගෙ බඩගින්න වැඩිඋනා වගේ කූනිස්සො පොල් මැල්ලුමයි, ඉඳිආප්පයි මතක් කරල අද හැලපෙ කීපදෙනෙක්ගෙන් හොඳට අහගනී වගේ.

    හපයනං ඉල්ලගෙනනෙ කාල (නාල) තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බොගෙත් බඩගින්න වැඩිවුනාද.යකෝ මේකට එන උන් වේලිලානේ එන්නෙ.

      Delete
  5. මචං ඔය දාලා තියෙන පිට්ටනියෙ පින්තූරෙ මම දැකලා නැතිවුනත් ඔය වගේ පිට්ටනි සිය ගානක් දැකලා තියෙනවා. පුදුම සමීපකමක් familiarity මගේ හිතට ඇතිවෙනවා ඒක දැක්කාම. මම සෑහෙන වෙලා ඒක දිහා බලං ඉඳලා ඒකෙ හිතෙන් සෙල්ලම් කලා, බෝල ඇහිලුවා, බැට් කලා, බෝල ‍රැක්කා.

    ReplyDelete
    Replies
    1. ඔය කිටය පිට්ටනියෙම තමා මට මතක විදියට පාසල් යන කාලේ කෝච්චියේ ගිය සෙට් එක මැච් එකක් ගැහුවා. එතැන තෝරගත්තේ වෙනුජ. තව මාලිගාතැන්නේ යාළුවෝ දෙන්නෙකුත් හිටියා. මට දැන් නම් අමතකයි.

      Delete
    2. ඔව් බං එහෙම තැනක් දැකපුවම අපි හිතෙන් අතීතෙට යනවා.ඒ කියන්නෙ අපි තුළ ඉන්න කෙළිලොල් දරුවා අවදිවෙනවා.පොඩියට දුකකුත් නැතුවා නොවෙයි.

      Delete
    3. නලින්,
      මම දැන් වෙනුජට කතා කරලා ඇහුවා.වෙනුජ කිව්වෙ මේකයි.
      central, Kureekotuwa iskole, porta watta, okkotama naliya avilla thiyanawa.
      ඉතිං කොහෙද කියල හොයන්නෙ කොහොමද ?

      Delete
  6. මටත් හිතෙන්නේ කතා දෙකක් හැටියට ලියවුනා නම් හොඳයි කියලා...

    ඉඳිආප්පයි, කූනිස්සෝ පොල් මැල්ලුමයි මතක් කලාම නම් බඩ ගින්න වැඩි වුනා.. :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොඳයි.නමුත් කතාවකුත් තියෙන නිසා දෙකම එකට කිව්වා.
      මොකෝ තුශානිත් ඉන්නෙ බඩගින්නෙද?එහෙනං අම්මගෙන් ඉල්ලගෙන කෑම කන්න.

      Delete
  7. ඉස්සල්ලා දාපු කමෙන්ට් එක පබ්ලිෂ් උනේ නෑ,
    නාරං වත්තෙ තාර තියන වතු, ලොකු ලිං , ඉස්කෝලෙ යන කාලෙ අපේ යාළුවන්ගෙ ගෙවල් වල යද්දි දැකල තියනව.
    ඒ හරියෙ තිබ්බ ගුවන් කදවුරේ ගුවන් යානා වල කොටස් අපේ මහගෙදර තිබුන . දෙවන ලෝක යුද්ධ කාලෙ ගුවන් නියමුවෙක්ගෙ මුහුණු ආවරණයක් තාමත් මගෙ ලග තියනව.
    හැලපෙ අයියලගෙ පැත්තෙ තියන සුදු හීනි වැල්ල උඩින් පිරිසිදු වතුර ගලාගෙන යන දෙපැත්තෙ කෙටල වැවිච්චි ඇලකට හපය වැටෙන්න ඇත්තෙ .

    ReplyDelete
    Replies
    1. ගුවන් කඳවුරේ බඩු නොතිබුන ගෙදරක් අපේ පැත්තෙ තිබුනෙ නෑ කම්මලේ.ඒ කාලෙ මම පෙති දෙකේ ටේබල් ෆෑන් එකකුත් ගෙදරක තියෙනවා දැක්කා ඒකත් කඳවුරෙන් හම්බවුන එකක්.ඔය වත්තෙ තැන තැන බිමට දාල තියෙන විශාල කොන්ක්‍රීට් තවමත් කඩන්න බෑ යකඩ වගේ හයියයි.
      ඔව් ඔව් එහෙම ඇළකට තමයි.ඔය ඇළ සුද්ද කරන්න බෝඩ් එහෙම ගහල වැඩ පටන් අරං තිබ්බ ගිය අවුරුද්දෙ.මෙදා සැරේ ගියාමත් ඇළ එහෙමමයි.ඇයි ඇළ සුද්ද කළේ නැද්ද කියල මම ඇහුවහම සුද්ද කළා නමුත් පහුගිය මාස කීපෙට තිබ්බ වගේම කැලේ වැහුනා කියල කොල්ලො කිව්වා.ඒ කාලෙ නං වැලි ආවලු මදි නොකියන්න.

      Delete
  8. හැලප(අ)යියේ

    උඩ රූපය දැක්ක ගමන් ම මතක් වුනේ අපි පොඩි කාලේ සෙල්ලං කරපු තැන.. ක්‍රිකට් ගැහපු තැන.. ඔය තරම්වත් ඉඩ නැහැ.. ඒත් මාර මැච් ටිකක් ගැහුවේ... තාම මතකයි ඒ කාලේ... ඒත් දැන් ඒ තැන නැහැ.. ඒතන තට්ටු ගානක ගෙයක්... කවදාවත් ගේට්ටුව අරින්නෑ.... පහුගිය ටිකේ ඒකේ හිටියේ ලංකාවේ සුපිරිම අැමති කෙනෙක්... ඒත් ලැබුණ පරාජයත් ඒක්ක උන්දෑ ගොහින්.. ඒත් තාම උස තාප්පයවත්.. කලුපාට ගේට්ටු රාජයාවත් අපේ සුන්දර අතීතයේ මතකයන් දිහා බලන්න ඉඩ දෙන්නෑ.......

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කුරුටු ළමයි,දැන් හැමතැනම තියෙන ලොකු පොඩි ඔක්කොම ඉඩම් කෑලිවලට කඩල විකුණලා.අපි ඉස්සර සෙල්ලං කරපු ඉඩමෙ තමා දැන් අපි කෑල්ලක පදිංචිවෙලා ඉන්නෙ ඒකත් කෑලි කඩල වික්කනේ.හොඳ වෙලාවට පිට්ටනියක් වෙන්කර ගන්න පුළුවන් උනා.නැත්නං හුල්ලමින් ඉන්න වෙනවා.

      Delete
  9. හනේ...................... සංගීත බලලා එන ගමන් අපි නම් බොහොම මහන්සි වෙලා ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා. එක සැරයක් පිට හම ගිහිල්ලා ලේත් ආවා, රෑ 12 ඉඳන් උදේ 6 වෙනකල් මහන්සි වෙලා, පාරේ හැතැම්ම කණු දෙකක් මාරු කරලා හිටවන්න ගිහින්. පහුවදා (ඒ කාලේ PWD) එකෙන් ඇවිත් බැන බැන ඒ කණු දෙක ආපහු හිටෙව්වා.

    ReplyDelete
    Replies
    1. පිට හම ගියෙ හැතැප්ම කණු කර තියං ගිහිල්ල වෙන්න ඇති.යකෝ PWD එක දන්නවනං එහෙම පහුවදාම කතාකරල රස්සාව දෙනවා.එහෙනං ආමි එකට යන්න හම්බවෙන්නෙ නෑ.හැබැයි කණු මාරු කරපු කතාවට නං හොඳටම හිනා ගියා.

      Delete
    2. ඇයි වාහන නැවැත්වීම තහනම් බෝඩ් උස්සගෙන ගිහින් බස් හෝල්ට් වලින් තියල නැද්ද? ඒවා හිටවලා තියෙන්නෙ වාහන් රිම් එකකට කොංක්‍රීට් දාලා.. පට්ට බරයි.හැබැයි ඒ වෙලාවට බර දැනෙන්නෑ..හෙ හෙහ් හේ..

      Delete
    3. ඇයි මග දිගට ම තියෙන කුරුම්බා හොරෙන් කඩාගෙන බිව්වෙ නැද්ද? අන්නාසි කෙසෙල් හොරෙන් කෑවෙ නැද්ද? හීනියට පොඩි වලියක් දාගත්තෙ නැද්ද? මේවා අරවා අනිත් ඒවා ආදී මොකුත් නැත්නම් සංගීතයක් බැලීමෙන් වැඩක් නැත. හැක්, හැක්, හැක්.

      Delete
    4. පට්ට ඕයි විචා මචෝ....
      සොරි විචා අංකල්...

      Delete
    5. විදානේ අංකල් විතරයි මට ආදරේ

      Delete
  10. කෝ එඩුවගේ සොමිය? හැබැයි හපය ගේ සොමියත් පට්ට.. මටනම් අර පිට්ටනිය නිකන් අතැරලා දැම්ම කියුවම මල.. අඩුම තරමින් ඔය සංගිතෙකදී දෙකක් දා ගත්ත වෙලාවකදිවත් උන්ගෙන් ගේම ඉල්ලුවේ නැද්ද?

    එදා ගිය වෙලාවේ දන්නවනම් මාත් බිම වාඩි වෙනෝ.. කොට හොයන්න.. නැත්නම් කොහොම හරි කනිපින්දම් ගාල විස්සක් වත් කොටා ගන්නවා.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. එඩුවගේ සොමිය ගැන කවුරුත් උනන්දුවක් තිබුනෙ නැති නිසා ලිව්වේ නෑ.ආයෙම ඉතිං මට හිතුනොත් ලියවේවි.පිට්ටනිය නිකං අත් ඇරල දැම්ම කියුවම දුකයි තමා ඒ උනාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං.අරුන් දැක්ක දුටු තැන එක එක ඒවා නං කිව්වා තමා.
      ඔය මම කියල තියෙන්නෙ අපේ මහා ගේ ගැන බං.දැන් මම ඉන්න ගේ නෙවෙයි.දැන් උඹ බිම වාඩිඋනාට පලක් වේවි කියල මම හිතන්නෙ නෑ.

      Delete
  11. අපිටත් ඉස්සර ඉඳලම හරි හමන් පිට්ටැන්නක් තිබුනේ නැහැ. පාරේ, වෙලේ සහ අනුන්ගේ පොල් ඉඩමක තමයි සෙල්ලම් කලේ. පොල් ඉඩම අයිනෙම තිබ්බ හිස් ඉඩමක තමයි වොලිබෝල් ගැහුවේ.
    වොලිබෝල් ගහන්නේ පිළිමලුන් පිට දැකීමේ ක්‍රමේට. සමහර දවස්වල ටීම් අටක් නාමයක් සෙල්ලම් කලා.
    සමහර දවස් වල ටිකක් එහා ගමක තිබ්බ ගඟ අයිනේ තිබ්බ ලොකු පිට්ටනියට ගියපු දවසුත් තිබ්බා.
    ඒ පිට්ටනිය අයිතිවෙලා තිබ්බේ වත්තට. පස්සේ උන් ඒ පිට්ටනියත් එක්කම අල්ලලා ඔයිල් ෆාම් ගස් වවන්න තීරණය කලා.
    අපේ සුළු සුළු විරෝධතා සත පහකට මායිම් කලේ නැහැ.
    වොලිබෝල් ගහපු තැන දැන් ගෙයක් හදලා, පොල් ඉඩම කට්ටි කරලා මැද්දෙන් වැටවල් ගහලා.
    පාරෙවත් සෙල්ලම් කරන්න බැහැ, පාරට කිට්ටුව ගෙවල් හැදිලා නිසා...
    ඒ තියා දැන් ගමේ ඉන්න පොඩි එව්වො සෙල්ලම් කරන්න ට්‍රයි එකක් දෙනවවත් දකින්න නැහැ...
    උන් ටීවී එකට හරි කම්පියුටර් එකට හරි යටවෙලා ඇති...

    ReplyDelete
    Replies
    1. පිට්ටනියක් නැතුව අපි ලඳු කැලෑ වෙලවල් ගානෙ පාරවල් අයිනෙ වින්ද දුක පොඩි පරම්පරාවෙ උන් දන්නෙ නෑ.උන්ට උපදිනකොටම හොඳ අපූරු පිට්ටනියක් තිබුනා.කරුමෙ කියන්නෙ මුන් එකෙක්වත් පිට්ටනියට බහින්නෙ නැති එකයි.දවස තිස්සෙම මොබයිල් පෝන් එකෙන් ගේම්.එක්කො කොම්පියුටර් එකේ ගේම් ගහනව දකිනකොට මල පනිනවා බං.කාටද මේවා කියන්නෙ.

      Delete
  12. සංගීතවල ගත්ත ආතල් නම් වෙනම පොතක් ලියන්න පුළුවන් හැලපයෝ..

    මේ ළඟදිත් කොම්පැණි ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මළ ගෙදරක් ගිහින් එද්දි සංගීතෙක පොඩි ආතල් එකක් ගත්තා.. ඒ ගමේ උන් සංගීතෙට වඩා උනන්දුවෙන් අපි දෙන්නා දිහා බලාගෙන උන්නා..

    ReplyDelete
    Replies
    1. උඹ ලියන්නේ අපේම කතාව.. ඒ නිසා හිරිගඩු පිපිනෙවා කියවන කොට...

      Delete
    2. /උඹ ලියන්නේ අපේම කතාව.. ඒ නිසා හිරිගඩු පිපිනෙවා කියවන කොට.../

      අනිවා

      Delete
    3. පොතට ඉස්සෙල්ල බ්ලොග් එකේ ලියන්නකො අපිට කියවන්න

      Delete
    4. ඔක්කොම බලා හිටිය නං බොලා දෙන්න අමුතු ආතල් එකක් ගන්න ඇති බං.

      Delete
  13. ඔය හපය කියන්නෙ හැම ගමකම ඉන්න අනන්‍ය චරිතයක් ද කොහෙද. ඔය චරිතෙ හරියට පාවිච්චි කලොත් ආතල් කොටියයි.

    පිට්ටනි කතාවට මගේ හිත ගියේ අවුරුදු උත්සව වලටමයි.
    ජය වේ

    ReplyDelete
    Replies
    1. දැං කොටිත් ආතල් ගන්නවද?

      Delete
    2. අවුරුදු උත්සව සංවිධානය ගැන ආචාර්ය උපාධියක් ගන්න තරං අවුරුදු උත්සව කරල තියෙනව තෙලෝ.පොඩ්ඩක් ඉසිඹුවක් ලැබෙන්නෙ විදේශගත වෙලා ඉන්න කාලෙ විතරයි.

      Delete
    3. විදානෙ,
      ඔව් බං ඇයි දන්නෙ නැද්ද දැන් යුද්දෙත් අහවර නිසා කොටි ෆුල් ආතල් එකේ ඉන්නෙ.

      Delete
  14. ඉඳිආප්පයි, කූනිස්සෝ පොල් මැල්ලුමයි මතක් කලාම ඔන්න අපෙත් කටවල් ඇවිස්සුනා හැලපයියේ.

    උඹලෑ විරෝධතා දක්වන ක්‍රමය නම් මරු.එහෙමත් නැතිනම් ඔච්චර මැරෙන්න දෙයක් නැතුව කරන්න තියෙන්නේ ලෙමන් පෆ් එකක් කාරිය කකා "මාරන්තික උපවාසයක්" සංවිධානය කරන්න.:D කෝ ඉතින් අපේ ගම්වල පිට්ටනි තිබ්බේ නැහැනේ.අපි ගොඩක් විට සෙල්ලම් කෙරුවේ පාරවල් වල.පිට්ටනි තිබ්බා හැබැයි දුරයි.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කූනිස්සෝ පොල් මැල්ලුම් කෑවෙ නෑ නේද කියල මතක් උනේ උඹ කිව්වමයි මනෝජ්.මේ සතියෙ හදල කන්න ඕනෑ බලන්න.

      Delete
  15. සංගීත කතානම් ආයේ කියලා වැඩක් නෑ. ආතල් කෝටියයි. හපයා වගේ ඩයල් නැත්තං ගම පාලුයි හැබැයි .
    හැලපයියාට ධාරානිපාත වැස්ස නිසා නිවාඩු ලැබිලා වගේ මට පෙන්නේ

    ReplyDelete
    Replies
    1. වැස්සා නේන්නං වැස්සක් හරියට අර පොඩි හාමුදුරුවො වැඩ්ඩ වගේ බං.කරුමෙට අපි ඉන්න හරිය යට උනේ නෑනෙ.

      Delete
  16. එඩුවා අපිට..අපි එඩුවට..!!එඩුවා අපිට..අපි එඩුවට..!!
    සුන්දර අත්දැකීම් සිහි කරන එකත් ආතල්... හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එඩුවගේ කතාවට කිසිම ගෝ එකක් තිබ්බෙ නෑනෙ.ඒකයි නැවැත්තුවේ.

      Delete
  17. කියන්න දෙයක් නෑ හැලප අයියා.. හිත අතුලටම දැනුනා..
    සිද්දි දෙකක් තියනවා එකක් ඔය කියපු වගේ පිට්ටනියක් මමම ගිහිං හයට කඩලා මායිං ගල් දාලා ආවා..
    දෙක සරු සාරෙට හැදිච්ච එලොලු කොටුවක් වටකරලා පිට්ටනියට ඉඩම වෙන්කරලා දුන්නා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි මේ වගේ අත්දැකීම් විදානෙලට හරිම සමීපයි නොවැ.පිට්ටනි කඩන එක නං හිතාගන්න වත් බෑ බං.

      Delete
  18. හපයෙක් හිටියා ඕමාන් වලත්..හැලපේ දන්නවද අර එයාපොර්ට් එක ගාව අසෙයිබා වල තියෙන J&P කෑම්පෙක..ඔන්න ඕකෙ තිවුන කොම්පැනියකට එකදාස් නවසිය බර ගනන් වල අඳින්නෙක් වෙලා මූ ආවේ...ඒ දවස්වල මෙඩිකල් එක කරන්නේ එහාට ආවට පස්සේ දැන් වගේ ලංකාවෙදි නෙවී...
    මූ ආපු දවසෙම හැමෝටම තේරුනා මේකා මෙඩිකල් ෆේල් වෙනවමයි කියලා මොකෝ ඇටයි පොත්තයි විතරයි, මස් කළඳක් නැහැ මුගේ ඇඟේ....සාමාන්‍යයෙන් මෙඩිකල් ෆිට් වෙන්න පිරිමියෙකුට අවම බරක් තියෙනවා, මට මතක හැටියට කිලෝ 32ක් ද කොහෙද...
    මේකා 30යි නැත්නම් 31යි...කස්ටි‍ය එකතු වෙලා මූට දවස් දෙකක් ෂවර්මායි බුරියානියි විස්කි බ්‍රැන්ඩි හේම බොන්ඩ දීලා තමයි යන්තම් මෙඩිකල් ගොඩ දාලා දුන්නේ...
    මේ හපයාත් බඩ පිරෙන්කන්ම බොන්නෙක්, මේ අවුරුදු දෙකකට කලියෙන් මට නුගේගොඩදී මූ මුන ගැහුනා, හපේ කෙසේ වෙතත් කටේ එක දතක් වත් නම් තිබුනේ නෑ...
    හපයා සම්බන්ධ මරු සීන් සෑහෙන්න තියෙනවා...මතක් කොරලා ලියන්න ඕනි වෙලාවක..හැබැයො ඕකා මගදි අල්ලගෙන මට තඩි බායිද දන්නේත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ කතා නොවැ.ඔක්කොම ලියමු ඔක්කොම ලියමු.හැබැයි කෑල්ලක් වත් අමතක කරන්න එපා.

      Delete
  19. එතකොට නාරංවත්ත ක්වාටස්වල වතුර ටැංකියට එහාපැත්තේ හෝල් එකට අල්ලල තියන පිට්ටනිය නෙමෙයිද නාරං වත්ත පිට්ටනිය කියන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ පිට්ටනිය ක්වාටස්වල අයට සෙල්ලං කරන්න හදල දීල තිබ්බ එකක්.නියම නාරංවත්ත පිට්ටනිය පාරෙන් අනික් පැත්තෙ ටිකක් ඇතුළට ගියාම හම්බවෙනව.

      Delete
  20. ඒ කාලෙ බීපු ජාති සේරම කලවං වෙලා උදේට වින්ද වදේ මතක්වෙනකොටනං............. (ඒත් ආතල් හැලපෙ අයියෙ)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මදාවියෝ.උදේට කොච්චර දහදුක් වින්දත් ආයෙම පහුවදත් ඇරියෙ නෑ නේද.

      Delete
  21. ඉඳිආප්ප බඩගිනී......:(

    ReplyDelete
    Replies
    1. එහෙමද, හදමු හදමු.

      Delete
  22. නියමෙට ලියලා තියෙනවා....... හැබැයි පොඩ්ඩක් දුක හිතුණා........ ඒ අපිට කවමදාවත් පිට්ටනියක් තිබබෙ නැති හින්දා...... වෙලේ පිහිට තමා හැමදාම....... පරණ අත්දැකීම් හරිම ලස්සනට ලියලා තියෙනවා...... සංගීතෙයක් කියන්නෙ ඉතිං ඔය වගේ ආතල් සිද්ධි ලෝකයක්නේ...............
    නිදහස් වෙලාවක ඇවිත් යන්න............
    http://hudekalasithuwili.blogspot.com

    ReplyDelete
  23. අපිටත් ඔහොම පිටනියක් තිබ්බ. ඒක කඩල මිනිස්සු පදිංචි කරාට පස්සේ අපේ එවුන් සිගරට් ගගහ, අරක්කු බිබී කැරම් ගහන්න පුරුදු උනා. කසිකබල් දේශපාලන අවශ්‍යතා නිසා හුඟක් තරුණ පිරිස නොමග ගියා හුඟක් පළාත් වල .

    මේ පොස්ට් එකේ මම අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලීව.
    http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post.html

    ReplyDelete

ඔබේ අදහස්