Sunday, March 22, 2015

මගේ සමීක්ෂණය කූඩැල්ලෝ සහ මහප්පගෙ කුළුමීමා



අපූරු සමීක්‍ෂණයක් කිරීමේ අවස්ථාව මට පසුගියදා අහම්බෙන් ලැබුණි. මා සාමාන්‍යයෙන් ලංකාවේ සති අන්ත දිනවල බ්ලොග් ලිපි ප්‍රකාශයට පත් නොකරමි. ඒ මක්නිසාද කිවහොත් සති අන්ත දිනවල පාඨක පැමිණීම බෙහෙවින් අඩු අගයක් ගන්නා බව අත්දැකීමෙන් දන්නා නිසාය. එහෙත් සඳුදා දින ප්‍රසිද්ධ කරන්නට සිටි ලිපියක් ඉරිදා දිනයේ ප්‍රසිද්ධ කරන්නට මට සිත්වූයේ එදින මා තව අවුරුද්දකින් වියපත්වූ දිනය නිසාය. ලිපිය පළකලද සිතා සිටි පරිදිම පාඨක පැමිණීම ඉතා දුර්වල වුයේ සති අන්ත නිවාඩුව නිසා වෙන්නට ඇත.

පැමිණීම සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කර බලද්දී විදේශගත පාඨකයන්ගේ පැමිණීමේ කිසි අඩුවක් නොපෙනෙන බව හා පැමිණීම පැහැදිලිවම පහත වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාඨකයන්ගේ බවද නිරීක්ෂණය කළෙමි. මේ අනුව මට පෙනීගිය කරුණ වුයේ සිංහල බ්ලොග් කලාව රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල කාරුණික අනුග්‍රහය මත බවයි.මෙය මීට පෙරද අපේ බ්ලොග්කරුවන් තුඩ තුඩ කතාවූ කරුණක් වුවද එම කරුණ සැබෑයැයි තහවුරු කරගන්නට මට අහම්බෙන් ලැබුණු මේ අවස්ථාව ඉතා ප්‍රයෝජනවත් විය.  නිවාඩු දින පළකල ලිපියේ මා තව අවුරුද්දකින් වයස්ගතවූ බව නොලීවේ එය ලිවීම අනවශ්‍ය යැයි මා සිතූ බැවිනි. තම උපන් දවස තමා විසින්ම කියාපෑම තරමක ලැජ්ජාවක් ලෙස මට සිතේ.

කොහොමටත් මම උපන් දවස සමරන්නෙක් හෝ ඒ වෙනුවෙන් උත්සව පවත්වන්නෙක් නොවෙමි.  මගේ උපන් දවස ද සාමාන්‍ය දිනයක් මෙන් විශේෂත්වයකින් තොරව ගෙවීයයි.එසේ වුවද බිරිඳ නම් මීට වෙනස් ආකාරයකින් කල්පනා කර එදින උදෑසන අවදිවී මට කන්නට කිරිබතක් ලුණුමිරිසක් පිළියෙළ කළාය.  වැඩට යනවිට ගෙනයන්නට පෙරදින සකස්කර තිබූ කජු අලුවා පාර්සලයක්ද මා අත තැබුවාය.  ඒ කන්නට දෙයක් නොමැති  වුවොත් කාර්යාලයේ අය මා කන්නට සැරසෙන බව ඇය දන්නා නිසාය.  ලංකාවේ සිටියානම් ඇගෙන් මට වටිනා තෑග්ගක්ද ලැබේ. එහෙත් ඇය විප්‍රවාසයේ ගතකරන මේ දිනවල යැපෙන්නේ මගෙන් බැවින් තෑගී ගැනීමට මිළ මුදල් ඇය අත නොමැත. එදිනට දින කීපයකට පෙර ඇයගේ උපන් දවස යෙදුනත් ඇයට දීමට තෑග්ගක් මා ගෙන නොතිබිණි.  ඒ වෙන කිසිවක් නිසා නොවැ ගෑණුන්ට තෑගි තේරීම පණයන වැඩක් නිසාය.  එදා සවස් අතේ ගෙදරට බඩු ගන්නට කඩේ යද්දී ඒ ළඟ තිබු රෙදි සාප්පුවකටද ගොඩවීමු.  එහි බොහෝ වේලාවක් ගතකළ බිරිඳ ඇඳුම් කීපයක් තෝරාගත්තාය.එය ඇගේ උපන් දවසට මගෙන් අහම්බෙන් ලැබුණු තෑග්ගකැයි මා ඇයට කීවෙමි.

පසුගිය ලිපියෙන් මා අපේ ලොකු අම්මලාගේ ගෙදර ගතකළ සමය ගැන ලියන්නට පටන් ගත්තෙමි.  ඒ කාලය තුල කතාද අතුරු කතාද බොහෝය. ලියන විට එකිනෙක මතක්වේ.  මතක්වන ආකාරයට ලියැවේ.  එගොඩහ මහප්පා උදේට ගහගන්නා අමුඩය ගලවන්නේ රාත්‍රී නින්දට යාමේදීය. මහප්පා උදේම තේ එකක් බී විටක් හප හපා කුඹුරු පැත්තේ රවුමක් යයි. ආපසු එන්නෙ උදේ හීලටය.  ඔහුට අයිති කුඹුරුද අඳයට කළ කුඹුරුද වශයෙන් බොහෝ කුඹුරු ඔහු විසින් අස්සද්දන ලදී.  ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ වී විකිණීමයි. එබැවින් සියළුම කුඹුරු කලට වේලාවට වැඩ කිරීම අත්‍යාවශ්‍ය විය.  එමතුද නොවැ එකළ ඔවුන් අවුරුද්දකට කන්න තුනක් වැඩ කළෝය. ඒ කාලයේ අපේ ගම්වල ගොවියන් වැඩ කළේ එක් කන්නයකි.   පැසීමට හය මසක් ගතවෙන මාවී වපුරා අස්වනු කපාගත් පසුව ඉතිරි කාලයේ  කුඹුරු හරකුන්ට ඇරුණි. එහෙයින් ගොවියන්ට  විවේකය බොහෝ විය. කුඹුරු වැඩ නොමැති කාලයට අපේ ගමේ ගොවියෝ හරක් මේච්චල් කරති.  සැන්ටින් මුදලාලිගේ කඩේට එකතුවී කයිය ගසති.  එක්කෝ කඩේ පිටුපස වෙද මහත්තයගෙ ඉඩම් කෑල්ලේ  බුරු ගසති.  හැන්දෑවට කසිප්පු බී මහ හයියෙන් කෑ ගසා ගනිති.

ඒත් බෝතලේ යායේ ගොවියන්ට හෝ මී හරකුන්ට එහෙම විවේකයක් නොමැත.  අද අස්වනු කපා ගෙට ගත්තද හෙට සිට නැවත බින් නැගුම හාන්නට පටන් ගත යුතුය.  නැත්නම් කන්න තුනක් කරගන්නට කාලය මදිවේ.  ගොවීන්ට විවේකයක් ලැබෙන්නේ වෙල් වපුරන්නට තරම් වතුර ඇළවල්වල  නොමැති නියඟයකදීය.  මහප්පා චන්දරේ අයියා සමග පස්සෙන් වැටී  මමද කුඹුරට යන්නට පටන් ගත්තෙමි.  මහප්පලාගේ ගෙට අල්ලපු වත්ත බෝතලේ කනිෂ්ඨ විද්‍යාලයයි. පල්ලම බැහැගෙන ඉස්කෝල වත්ත පසුකළ ගමන්ම පොදු ලිඳය. එතනින් පහළට පේන තෙක් මානයේ වෙල්යායයි.  අපි මී හරක් දක්කාගෙන නගුල් වියගස් කරතබාගෙන කුඹුරට යන්නෙමු. මී හරක් බාන වියගහේ බැඳීමට, අමුතු බාන සකස් කර නගුල ඈඳීමට උදව් දෙමින් ටික ටික කුඹුරු වැඩ ඉගෙන ගන්නට වුයෙමි.  එහෙත් තවම හීයකදී  තනිවම හරක් බාන දක්කාගෙන යන්නට නොලැබුණි. කුඹුරු වැඩ කරනවා යැයි කියමින් හීයකදී කුඹුරට පැන ඇඟේ මඩ තවරා ගැනීමත් ගොයම් කපන කාලයට ඉපනැල්ල කපා නලා හදාගෙන පිඹීමත් හැරෙන්නට ගමේදී මා කළ කුඹුරු වැඩක් නොමැති වුවත් බෝතලේ යායේදී ප්‍රායෝගිකවම කුඹුරු වැඩට බසින්නට සිදුවිය.

බෝතලේ වෙල්යායත් අපේ ගමේ වෙල් යායත් අතර තිබූ කැපී පෙනෙන වෙනස්කම් වුයේ ගමේ වෙල්යාය කළු මඩ සහිත බොහෝ එරෙන සුළු එකක් වුවද බෝතලේ වෙල්යාය කහ පැහැති මඩ සහිත නොඑරෙන එකක් හෙවත් ගොවියන් කියන පරිදි ගොඩ කුඹුරු වර්ගයේ යායක් වීමය.අපේ කුඹුරු බොහෝ දුරට දණක් හෝ ඉණක් එරෙන කුඹුරු වුවද බෝතලේ යායේ කුඹුරුවල සාමාන්‍ය පරිදි ඇවිදගෙන යන්නට හැකි විය.අපේ ගමේ කුඹුරුවල බොහෝ කූඩැල්ලන් වූ අතර දිය කූඩැල්ලන් පොල්ලෙලි කූඩැල්ලන් හා මීහරක් කූඩැල්ලන් යනුවෙන් වර්ග කීපයක් විය. කුඹුරකට බැස ටික වේලාවකින් කූඩැල්ලන් තුන් හතර දෙනෙක් කකුලේ එල්ලීම සාමාන්‍ය දෙයක් විය.  පොල්ලෙලි හෝ මීහරක් කූඩැල්ලන් එල්ලුනු කළ උන් ලේ විශාල ප්‍රමාණයක් උරාබී බට්ටක් මෙන් මහත්ව එල්ලී සිටිනු හෝ ලේ බී අවසන්ව බිමට වැටෙනු දැකිය හැක. කකුලේ කූඩැල්ලන් එල්ලී සිටීම අපි එතරම් ගනිච්චියකට නොගත්තත් කුඹුරුවල කූඩැල්ලන් නොසිටි බෝතලේ ගොවියන් කූඩැල්ලන්ට පණ බයය.කූඩැල්ලෙක් දැක්ක දුටු විට කුඹුර පළාතකවත් නොඉඳ දිවයන්නේ භයානක රකුසකු දැක්කාක් මෙනි. මෙය මට මහත් විනෝදයක් විය. කූඩැල්ලෙක් එල්ලුන විට කන හුණු ටිකක් හෝ සබන් ස්වල්පයක් තැබුවිට කූඩැල්ලා ගැලවී වැටේ.  දුම්කොළ ඉස්මද හොඳය. එසේ ගැලවී වැටෙන කූඩැල්ලන්ට එකළ අපි නොදැනුවත්කමට දස වද දුන්නෙමු. 

හීයක් හෑමේ දී පෙරමුණේ ගමන් කරන්නේ හීයෙහි කෙළ පැමිණි දක්ෂයාය. කුඹුර හෑමේ සාර්ථකත්වය ඔහු මත රඳා පවතී.   මී ගොන් බාන දක්කාගෙන පෙරමුණේ ගමන්  කරන හී කරුවා හී විට තනි කෙලින් ඇඳිය යුතුය.එය කරන්නේ ඉදිරි නියරේ ඇති යම් ඉලක්කයක් දෙස බලාගෙනය. හාන්නට ඉන්නා හරක් බාන් ප්‍රමාණය අනුව වරකට හාන ප්‍රමාණය සලකුණු කර ගත යුතුය. නගුල උවමනාවට වඩා තදකළහොත් ඇවුලුම වැඩිවී ගොන් බානට නගුල ඇදගන්නට බැරිව යයි.ප්‍රමාණවත් පරිදි තද නොකළහොත් නගුල පස උඩින් දුවයි.ඒ නිසා නිසි ප්‍රමාණයට ඇවුලුම සකස් කර ගත යුතුය.  හරියට සී සා නැති කුඹුරකට බසින මහප්පා වැනි පළපුරුදු ගොවියෝ "හාලයැ පහුරු ගාලනේ"යනුවෙන් උපහාස මුඛයෙන් කියති. චන්දරේ අයියා කඩේ අයියා වැනි සී සෑමේ දක්ෂයෝ බොහෝ විට ඉදිරියේ ගමන් කරති.  

මෙතැනදී මට තවත් කතාවක් මතක්වේ. මහප්පා සතුව එක් විශේෂිත මීමෙක් විය. විශේෂිත උනේ ඌ කුළු මීමෙකු බැවිනි. වෙනත් මී හරකුන් අළු පැහැති මවිල් වලින් ගහණ සතුන් වුවද මූ තද කළු පැහැති ඇඟේ ඈතින් තැන තැන මවිල් ඇති බොහෝ රෞද්‍ර සතෙකු විය. නුපුරුදු කෙනෙක් ලඟට ගියොත් පිඹගෙන අනින්නට එයි. ඌ ආන්බාන් කළ හැකි වුයේ මහප්පාට පමණි. අනික් සියළුම සතුන්ට වඩා මහප්පා කුළු හරකාට ආදරේය. දවස පුරාවටම ගේ ළඟ පොල් ගහක දිගේලි කර සිටින කුළු හරකාට මහප්පා උදේම කෙසෙල් කඳක් පෙතිගසා කන්නට දෙයි. හවසට ලොකු තණකොළ ගෝනියක් නියරෙන් කපාගෙනැවිත් කන්නට දමයි. ඒ අතරතුර කොස්කටු කෙහෙල් ලෙලි ආදී රසවත් කෑමද දෙයි. මේ සියල්ලම කා දමා බඩ පුරවාගන්නා කුළු හරකා නිවී හැනහිල්ලේ වමාරා කමින් එතැන ලැග දවස ගෙවයි. 

ලඟට දෙන කෑම කමින් කිසිම ව්‍යායාමයක් නොමැතිව එකතැන ලැග සිටීම හේතුවෙන් කුළු හරකා කෙමෙන් කෙමෙන් තර වන්නට විය.දවසක් මහප්පා කුඹුර  හාන්නට මේ උස මහත තෙල් පාට වැටී ඇති කුළු හරකා රැගෙන ගියේ ආඩම්බරයෙනි. කුඹුරට ගිය අපි හරක් බාන් වියගහේ ගැටගසා නගුල් ඈඳා හීය පටන් ගතිමු.  හීය පටන්ගෙන රවුමක් දෙකක් යද්දී කුළු මීමාගේ ගමන් වේගය බාලවිය.  ඌට ඒ ටිකට හැති වැටිලාය.මහප්පා ආදරයෙන් කතාකර බැලුවේය.  කෝටුවෙන් දෙකක් තැලුවේය.  වෙනසක් නැත.  පැටියා කාලයේ සිටම කඩේ අයියා ආදරයෙන් හදාගත් හුරුබුහුටි මී වැස්සියද මේ හීයට බැඳ සිටියාය. වෙලේ නියරේ හැම තැනම ඇවිද නිල් තණ උලාකා පස්ස උඩ දමමින් සෙල්ලම් කරන මේ ලස්සන මී වැස්සිය කකුලේ රෝද සවිකර ඇතුවාක් මෙන් කුලුමීමාද පහුකරගෙන නගුලත් ඇදගෙන වේගයෙන් යන විට මහප්පාගේ කේන්තිය ඉහවහ ගොස් කෝටුව කැඩෙනකල්ම කුළු මීමාට තැලුවේය. බැරිතැන ඒ අහිංසක සතා දෙදන නමා වෙලේ ලැග්ගේය.  ඒ හරක් බාන අපි හීයෙන් ඉවත් කළෙමු.  ඇවිදගන්නට බැරිවුන වැරැද්ද මීමාගේ නොව මහප්පාගේය.  බඩපිරෙන්නට කෑවත් දවසට අඩි දහයක් ඇවිදින්නට නැති සතා එක පාරටම නගුලත් ඇදගෙන කුඹුරේ ඇවිදින්නේ කෙසේද? තමන් කළ වරද තේරුම්ගත් මහප්පා මීමාගේ කෑම වේල සංශෝධනය කර ප්‍රමාණවත් ව්‍යායාම ලබාදී නොබෝ දිනකින් කුළු මීමා ආපසු වැඩගන්නට හැකි තත්වයට පැමිණියේය.

උදේ දහය පමණ වන විට ලොකු අම්මා ඇඹුලද රැගෙන වෙලට පැමිණෙයි. ඇඹුල බොහෝවිට කිරිබත් හෝ ඉඹුල් කිරිබත් සහ හකුරු සහිත කහට තේය. අහල පහළ තනිවම කුඹුරේ වැඩකරන ගොවියෙක් සිටීනම් ඔහුටත් කතාකර ඇඹුල බුදින්නෙමු. බින් නැගුම හා දෙහියෙන් පසුව පෝරුව අල්ලා කැට පොඩිකර වතුර බැඳගත් පසු වපුරන්නට කාලයයි.

වපුරන්නට හොඳ වියක් මඩබාවිට තිබෙන බවත් මඩබාවිට ගොස් බිත්තර වී වලට පණිවිඩය කියා එන්නට යැයි දවසක මහප්පා චන්දරේ අයියාට කීවේය.මඩබාවිට යනු මහප්පාගේ අක්කා දී ඇති ගෙදරය.එනම් චන්දරේ අයියලාගේ නැන්දාගේ ගෙදරය.බයිසිකලයක නැග විනාඩි පහළොවකින් මඩබාවිටට යාගතහැක. මඩබාවිට ගමනට චන්දරේ අයියා මටද කතාකළවිට මමද කැමති උනෙමි. උදේ ගිහිං ආපසු එතැයි මා සිතා සිටියද අයියාගේ අදහස ඊට වෙනස් විය.ඔහුට අවශ්‍ය වුනේ හවස ගොස් රාත්‍රිය නැන්දලාගේ ගෙදර නැවතී සිට පසුවදා උදේ ආපසු එන්නටය. පණිවිඩය කියන ගමන්ම නෑගම් යන්නටත් චන්දරේ අයියා කල්පනා කර ඇත.එහෙත් මගේ තත්ත්වය ඊට වෙනස් විය.කවදාවත් ගොස් නොමැති නාඳුනන ගෙදරක රාත්‍රිය නවතින්නට මම අදිමදි කළෙමි. ඒත් මගේ අකමැත්ත කතාවෙන් ජයගත් චන්දරේ අයියා පසුවදා හවස මාද කැටුව මඩබාවිට බලා පිටත්විය. ගිය පණිවිඩය කතා කරගන්නට ගත උනේ සුළු වේලාවකි.නැන්දාගේ පුතා මඩබාවිට අයියාද එකල දීගයක යන්නට සූදානමින් සිටි අක්කාද චන්දරේ අයියාත් මාත් සමග කදේ වැටී කතා කරමින් සිටියෝය.ඒ ගෙදරට කවදාවත් ගොස් නැතත් ඥාතියෙකු වූ මාව චන්දරේ අයියා විසින් නැන්දාට සහ ගෙදර අයට හඳුන්වා දෙනලදී.කතා කළා යැයි කතාවට කීවාට මම කළේ අනික් අය කතා කරන දේ අහගෙන සිටීමය.කොහොමටත් මම කතාකාරයෙක් නොවෙමි.  එහෙත් කතා කරන අයගේ කතා සාවධානව අසා සිටින්නෙක්මි

එසේ කීවිට මේ මෑතකදී සිදුවුන දෙයක් මතක්වේ.දැනට අවුරුද්දකට දෙකකට ඉහත සලාලා බලා ගිය චාරිකාවකදී අපේ කණ්ඩායමේ සගයෙක් විසින් සලාලාවල සිටින ඔහුගේ ශ්‍රී ලාංකික යහළුවෙකුට කතා කළේය. යහළුවා අපේ හෝටලයට පැමිණ මුලින්ම අප දෙදෙනා සලාලාවල රවුමක් රැගෙන ගොස් ඊළඟට ඔහුගේ ගෙදරට කැටුව ගියේය.  මේ යහළුවා සලාලාවල රජයේ ගොවිපළක කෘෂි විද්‍යාඥයෙකි.ගෙදරට අපව රැගෙන ගියවිට ඔහුගේ බිරිඳ නිවසේ සෑදු කැවිලිද තේද අපට පිළිගැන්වූවාය. ඇය අපට පිළිගැන්වූ කැවිලි ඉතා රසවත් ඒවා විය. අපි කැවිලි කමින් තේ බොමින් කතාබහ කළෙමු.  කෘෂිකර්මය මගේද සිත්ගත් විෂයයක් බැවින් ගොවිපොළේ වවන බෝග වර්ග ගැන හා  පටක රෝපණය ගැනද මා ඔහුගෙන් විමසීමි.  ඔහු මා පැත්තකට කරගෙන බෝගවල ප්‍රභේද හා පටක රෝපණය ගැන පාරිභාෂික වචන බහුල දීර්ඝ විස්තරයක් කළ අතර සමහර තැන් කොහෙත්ම නොතේරුණත් ඔහු විසින් කරන්නට යෙදුණු පැය බාගයක පමණ විස්තරයට  වචනයකින්වත් බාධාවක් නොකළ මා ඔහුගේ කතාව සාවධානව අසා සිටියෙමි. ඉන්පසුව අපව හෝටලයට ඇරලවූ ඔහු මා එතන දමා මගේ සගයා සමග පල්ලියට ගියේ හවස යාඥාවට සහභාගී වීමටය. ආපසු අප දෙදෙනා මුණ ගැසුනේ රාත්‍රී කෑම මේසයේදීය.

අප කෑම ගනිද්දී මගේ මිතුරා කෘෂිකර්මය ගැන මගේ ඇති දැනීම සම්බන්ධයෙන් විමසා සිටියේය. ගම්වල කෙරෙන සාම්ප්‍රදායික කෘෂිකර්මය හැරෙන්නට විද්‍යාත්මක කෘෂිකර්මය ගැන මගේ දැනීමක් නොමැති බවත් පොත්පත් සඟරා වලින් ඉඳහිට යම් යම් දේ කියවන්නට ලැබෙන බවත් මා ඔහුට පැවසුවෙමි. එවිට මඳක් කල්පනා කරමින් සිටි ඔහු  මට කීවේ මා කෘෂිකර්මය පිලිබඳ ප්‍රාමාණික විද්වතෙක් සහ ඉතාහොඳ පිළිසඳර කතාකරන්නෙක් යැයි  මිතුරා පල්ලියට යන ගමනේදී ඔහුට කියූ බවයි.

මේ මෑතකදී මා බෝතලේ ගොස් ආපසු එන ගමන අප එකල කුඹුරු වැඩ කළ වෙල්යාය බලන්නට ගියෙමි.වෙල්යාය මැදින් වැටී ඇති ගුරු පාරේ ගිය මා  වෙල මැද නැවතී කුඹුරු යාය දෙස බොහෝ වේලා බලා සිටියෙමි. හැලපිටද හැලපැට්ටාටද පරණ කතා කියා දුන්නෙමි.වෙල්යාය පෙරදා මෙන්ම තරුණ වුවද යාය මැද තිබු වැස්සට අව්වට අපි ගිය අම්බලම බොහෝසේ අබලන් වී කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබුණි.    මහප්පාද චන්දරේ අයියාද සදහටම අප හැර ගොස් බොහෝ කල්ය. අසනීපයෙන් සිටින කඩේ අයියා හිටියත් නැති ගානය.   මට මහත් පාළුවක් දැනෙන්නට විය. හැලපැට්ටා පිංතුර වගයක් ගන්නවාද දැක්කෙමි.  දෑස් තෙත්වී වෙල්යායේ දර්ශනය බොඳ වන්නට විය. මම වෙල්යායෙන් නික්මුනෙමි෴


103 comments:

  1. //සිංහල බ්ලොග් කලාව රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල කාරුණික අනුග්‍රහය මත// සහතික ඇත්ත. ඒත් සමහර උන් බ්ලොග්ස්පොට් ඩොමේන් එක බ්ලොක්ස්පොට් එකක් කරලා. ඇයි ඉතිං මුන් වැඩ කරන්නෙ නෑනෙ ඕවා බලනවා මිසක්.
    එතකොට හැලප ජෝඩුව එකම මාසෙ 11 සහ 22 නේද?
    ඔන්න හා හා පුරා කියලා හැලප අයියට සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    (යවහන් දෝස ඇරලම කවියක් කියන්නම් හොඳේ!)

    අතීතේ රස කතා කියමින් අපව කුල්මත් කර නිතින්
    ගමේ කෑමක රසය මතුකර හැලප බෙදනා ඉත සිතින්
    ඇසූ පිරු තැන් එම ඇත්තේ සහෝදරයෙකි හැම අතින්
    දයාබර වූ හැලප අයියේ දිගාසිරි පතනෙමි ඉතින්

    ReplyDelete
    Replies
    1. “ඇසූ පිරු තැන් එමට ඇත්තේ“ විය යුතුය.

      Delete
    2. යවහන් දෝස දුරලා කවියෙන් කළ සුබ පැතුමට බොහොම ස්තූතියි.
      අපි දෙන්න පිළිවෙලින් 12 සහ 15 හැලපැට්ටා 18

      Delete
    3. කවුද 15, මමත් 15 නේ

      Delete
    4. නිමෝ,
      වෙන කවුද බං මම මිසක.

      Delete
    5. මට නං ඔය කුබුරේ බැහැලා මඩ නාගෙන වැඩකරන ගොවියෝ පේන්න බැහැ. මොකද එයාලා ගාව ගදයි. අනේ ඇයි මේ මිනිස්සුන්ට හොදට ඉගෙන ගෙන පයිලට් කෙනෙක් / ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි?

      Delete
  2. ඒක නං ඇත්ත.. ලංකාවෙ නිවාඩු දාකට බ්ලොග් එකක් දැම්මොත් බලාගන්න පුළුවන්. වැඩිහරියක් බ්ලොග් කාරයෝ වැඩ කරන්නෙ අයිටී අංශයේ !

    ReplyDelete
    Replies
    1. සරත් ලංකට්ප්‍රිය වැරදිය. නුගත් බාසුන්නැහැලා පමණක් නොව මෝඩ සිකුරෝට්ටෝද බ්ලොග් ලියති.

      Delete
    2. මීට පස්සෙ නිවාඩුදාට බ්ලොග් නොදමන්න තීරණය කළා.

      Delete
  3. අර සමීක්සොනේ ප්‍රතිඵල අපි නම් දැනගත්තේ බොග දාන්න ආපු කාලෙම..

    ඉස්සර පාඩම් පොත් වල පිටිපස්සේ තිබුනා සමහර වචන වල තේරුම. මම හිතුවේ හැපයත් පෝස්ට් එකේ අන්තීමට ඒ ටික දාලා ඇති කියලා.. කුඹුරක් ගැන මෙළෝ දෙයක් නොදන්නා උන්ට මේ පෝස්ට් එක කුණුහබ්බයක් උනාට අපිට නම් රස ගුලාවක්..

    කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
    නළ වතුරෙන් සැනහෙන දරුවෝ
    ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
    කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

    ReplyDelete
    Replies
    1. බිබිසි සිංහල සේවයේත් මාතලන් හොදම බ්ලොග්කරු කියලා ගියා. මාතලන් ඒක දැක්කේ නැද්ද?

      Delete
    2. එහෙම පාරිභාෂික වචනවල තේරුම ලියන්න ගියා නං වැඩේ දික් ගැහෙනවා මචෝ.නොදන්නා කෙනෙක් ඇහුවොත් තේරුම් කියල දෙනව කියල හිතාගත්තා.

      Delete
  4. ඉස්සර කඳු නඟින කාලෙ දවසක් කූඩැල්ලෙක් බොටම අස්සෙන් උඩට.. උඩට... උඩ.....ටම ඇවිත් ඉලාස්ටික් බාධා නිසා මඟ නැවතිලා හෙන ලොකු වෙනකන් ලේ බීල හිටියා.එදා නම් කොල්ල ටිකක් බය උනා.
    එහෙවු කොල්ලා දැං හරියට හැලපයියාගෙ මහප්පගෙ කුළු මීම වගේ.. ඇවිදිනකොටත් හති..
    ගස්ලබ්බත් වෙන්ඩ වයිෆ් ට උපන්දින තෑග්ග දුන්නෙ හැලප මෙතර්ඩ් එකටම තමයි.ඒක කෝකටත් හොඳයි.
    ශුභ ජන්ම සංවස්තරයක් වේවා.... නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි.
      ලබ්බ තිබ්බ වගේ එකතැන ඉන්නකොට හැති හැදෙනව තමයි.ගස් ලබ්බා තාම බැඳලත් නැති පොඩි කොල්ලෙක්නෙ.ඉතිං ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වා ගැනීම කෝකටත් හොඳයි.

      Delete
  5. අපි කොයි කවුරුත් අර අම්බලම වගේ තමයි. වසරින් වසර දිරලා යනවා. දිනක පස් වෙනවා.

    එතකං ජීවීතං ජොලියෙං ගත කරං

    ReplyDelete
    Replies
    1. කකා නං හෙට අනිද්දාම මැරිලා යයි. හිටියත් වැඩක් නෑනේ. කැත,තට්ට කුකුලෙක් වගෙනි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඇනෝ@10:17PM
      ඇනෝ මේවාගෙ කමෙන්ට් ලියන්න එපා ඇනෝ.රසික ලියන දේවලට දරුවො බිරිඳ පලි නෑනේද?

      Delete
    4. අයින් කරලා තියෙනේ කොමෙන්ට් එකේ කොහෙද කකා ගැන තිබුනේ? එකේ කකා ගැන වචනයක් වත් තිබුනේ නෑ.

      Delete
    5. ඔව් අප්පා ජොලියෙන් ඉන්නව ඇරෙන්න වෙන මොනා කරන්නද?

      Delete
  6. ඔය සමීක්ෂණය කරන්න දෙයක් නෑ බං හැමෝම දන්න දෙයක්..

    බොට හෙනං සුභ පතන්නෑ.. හැක්..

    අර විශේෂ කුලු මීමා නං උඹ වගේම එකෙක්. හැක්

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙත් ඔය වගේ සති අන්තෙට අතුරුදං වෙච්ච එකෙක් තමයි.
      මේ දවස්වලනං ඕටී කරනවද කොහෙද හොක්...

      Delete
    2. ලගදි තම්බිගේ කඩේ සුප් බොන්න ගියේ නැතෙයි? කිරිපැණි කැවෙයි? ලොලිපොප් ඉරුවෙයි?

      Delete
    3. මොකෝ නැත්තේ. ගිය සතියේ දවස් දෙකක්ම ගියා සුප් බොන්න ෂෝට් ලීව් එකකුත් දාගෙනම.. ඊයේ දවාලේ බීෆ් ඩෙවල් එකක් අරන් බත් එක්ක කෑව.. හැක්...කෑවෙයි නෙමෙයි බං කෑවයි.. ඉරුවෙයි නෙමෙයි ඉරුවයි..

      Delete
    4. ප්‍රසන්න කියන්නැහේ උඹත් වීක් එන්ඩ් එකට අතුරුදහන් වෙන එකෙක් තමා.

      Delete
  7. 'උදේ දහය පමණ වන විට ලොකු අම්මා ඇඹුලද රැගෙන වෙලට පැමිණෙයි. ඇඹුල බොහෝවිට කිරිබත් හෝ ඉඹුල් කිරිබත් සහ හකුරු සහිත කහට තේය. අහල පහළ තනිවම කුඹුරේ වැඩකරන ගොවියෙක් සිටීනම් ඔහුටත් කතාකර ඇඹුල බුදින්නෙමු.'

    කිරිබත් කාලා වැඩ කරන්න පුලුවන්ද? කිරිබත් කියන්නේ හරි බර ආහාරයක්නේ. උදේට ඕවා කෑවාම බඩ උස්සගන්නත් බෑ. මත් වෙනවා වගේ. ගොඩක් වැඩකරන්න මිනිස්සු ඒ නිසා කිරිබත් වගේ දේවල් උදේට කන්න කැමති නෑ.

    දැන් මගේ ගාව වැඩ කරන ගෝලයෝ සේරම දෙනා උදේ දහයට කන්නෙම නැති තරං. කෑවත් කන්නේ මාළුපාන් එකක්,බනිස් ගෙඩියක් වගේ දෙයක්. ඊට පස්සේ කහට එකක් විතරයි බොන්නේ. දවල්ටත් පොඩ්ඩයි කන්නේ. හැබැයි ඒ මිනිස්සු බර වැඩ කරන අය.

    ඒකට හේතුවකුත් තියෙනවා. මොකද දැන් කම්කරුවෙක්ට අපි දවසට ගෙවනවා රුපියල් 1100 ක්, දවසට දෙපාරක් තේ,දවල්ට කෑම දීලා.

    හැබැයි මේ මිනිස්සු හැමෝම සැහෙන්න බිමට පුරුදු වෙලානේ ඉන්නේ. ගොඩක් වෙලාවට කසිප්පු තමයි බොන්නේ. උදේට 200 ක බිලා වැඩට එන්නේ. දවල් කෑමට කලින් ආයේ දෙසීයක කසිප්පු බොනවා. හවසටත් භාගයක් බොනවා. ඉතිං දවසේ පඩිය ඉවරයි බිමටම.

    අපිට ඉතිං වැඩක් නෑ තමයි ඒ මිනිස්සු කොහොම මොනා කරත්, ඒත් ඉතිං අපි කල්පනා කරලා දැන් හැමදාම පඩි දෙන එක නැවැත්තුවා. දැන් උදේට දවසේ වියදමට කියලා සල්ලි දෙන්නේ නෑ. හවස ගෙදර යනකොට රුපියල් 500 ක් දෙනවා. ඉතිරි මුදල් දෙන්නේ පස්සේ.

    ඉතිං ඔය විදියට හවස සල්ලි දුන්නම ඒ මිනිස්සුන්ට දවල් කෑමට කලින් එහෙම බොන්න සල්ලි නැති නිසා, වැඩිය බත් කන්නේ නෑ. අනික නං හවසට දෙන්නේ රුපියල් 500 නේ. ඕකෙන් භාගයක් ගන්නත් බෑ. ඒ නිසා ඒ අය කරන්නේ බොන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි ඉතිං ඒ වගේ අඩුවෙන් බිව්වම වෙනදා වගේ මත් වෙන්නේ නෑනේ. ඒ නිසා ඒ අය උදේ ඉදලා කෑම කන්නේ අඩුවෙන්. සමහරු දවල්ට කන්නෙත් නෑ. ඉතිං එහෙම නිරාහාරව ඉන්න ගමන්, බර වැඩ එහෙම කරාම ශරීරය සැහෙන්න වෙහෙස වෙලානේ තියෙන්නේ. අන්න එතකොට හවසට ටිකක් බිව්වත් හොදට වදිනවා කියලයි ඒ අය කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      දිගු විස්තරයට බොහොම ස්තූතියි.
      ඒ කාලෙ ගොවියො උදේම කුඹුරට එන්නෙ කෑම කාල නොවෙයි.එතකොට දහය එකොළහ වෙනකල් මහන්සිවෙලා වැඩකරද්දී හොඳට බඩගිනියි.ඊට පස්සෙ ඇඹුල ගෙනාවහම බඩ පිරෙන්න කෑවා.තෙල්ද පිටිද කොලොස්ටරෝල් ද ඔවුන් බැලුවෙ නෑ.අනික ඒවා ඔවුන් දන්නෙත් නෑ.කාල ඉවරවෙලත් හොඳට වැඩකළා කිසිම නිදිමතක් තිබ්බෙ නෑ.වැඩ ඉවරවෙලා ඇළෙන් නාගෙන කොස් මැල්ලුමයි කරෝල හොදි බොරෙයි එක්ක කොත ගහල බෙදපු බත් පිඟානක් එහෙම පිටින්ම කෑවා.කිසි දිනෙක බෝතලේ ගොවියො කසිප්පු බිව්වෙ නෑ.කසිප්පු බිව්වෙ නෑ කියල ඔවුන්ගෙ ආහාර රුචිය අඩුවුනෙත් නෑ.
      බොහෝ දුරට මෙතන මම දකින්නෙ ජෙනරේෂන් ගැප් එක.ඒ එදා ආහාර සංස්කෘතිය මේ මෙදා ආහාර සංස්කෘතිය.තව කතාවක් මගෙත් එක්ක යාලුවෙක් කිව්වා.ඔහු බර වාහන රියැදුරෙක්.සිමෙන්ති පටවන්න වාහනේ අරං කොළඹ යනවා.ඔහු සිමෙන්ති පටවන කම්කරුවන් ගැන කිව්වා.ඔවුන්ට උදේම කොන්ත්‍රාත්කරුවගෙන් කුඩු පැකට් ලැබෙනවලු.පැත්තකට ගිහිං කුඩු ගහල ඇවිත් යක්කු වගේ වැඩ කරනව ලු.කාලෙ වෙනස.විනාස කාලේන විපරීත බුද්ධිං කිව්වලුනෙ.

      Delete
    2. මචං බොන්නෙත් නැති කුඩු ගහන්නෙත් නැති බංගලියොයි, විට විතරක් හපන පක්කොයි යක්කු වගේ යසට ඔය මෙහෙ වැඩ කරන්නෙ. අපේ උන්ගෙ මනස්ග්ගාත ක්‍රමනෙ බං.

      Delete
    3. ඇනෝ මොන පලාතෙද කියලා මම දන්නේ නැහැ..මම වැඩ කරන කුඹුර තියෙන්නේ දකුනේ දික්වැල්ල්ලෙන් ඇතුලේ ඌරුගමුව වසමේ දන්දෙනිය කියන ගමේ..බෝතලේ වගේම ගොඩ කුඹුරු..මම මාර්තු මුල හීය කලේ..දවසට රුපියල් 1000ක් නම් දුන්නා හැබැයි ඒ මිනිස්සුනම් බොන්න ඒවා වියදම් කරන්නෙ නැහැ කියන එක විශ්වාසයි. අනික පඩි ගන්නේ හැන්දෑවට...මේ මිනිස්සු රහමෙර පාවිච්චිකරලා ලියද්දට බහින්නේ නැහැ...කොහොමහරි ගස් කපන ලොකු අයියා, ඒ කියන්නේ කපිලයාගේ තාත්තා ඇරෙන්න මම තාම පහුගිය අවුරුදු 7ටම බීලා පාරේ ඉන්න එකම ගැමියෙක්වත් දැකලා නැහැ.
      මගේ උපන් දිනේට මම සුදු අය්යයි, කිව්ලෙයි (අති ජෙප්පා), සුදු මල්ලියි, ආරියදසයි එක්ක සීල් බෝතලයක් (VX) කඩලා නම් ගහලා තියෙනවා...උන්ට හොඳට බොන්නත් පුලුවන්...
      හැබැයි ඇනෝ කියන තරම් බෙබේලා නම් නෙවී උන්නම්...
      මේ දන්දෙනියෙනේ..ඇනෝගේ පැත්තේ එහෙම වෙන්ටෑ......!

      Delete
  8. තම උපන් දවස තමා විසින්ම කියාපෑම තරමක ලැජ්ජාවක් ලෙස මට සිතේ.

    මටත් සිතෙන්නේ එසේමය, කාටවත් සුභ පතන්ඩ හිතෙන්නෙත් නැ , එහෙම සමරන්ඩ හිනාවෙන්ඩ දෙයක්ද

    ReplyDelete
    Replies
    1. හැබෑටම අටමෝ මටත් ඔය සෙතේමයි..

      Delete
    2. මෙෂින් බිජ්ජා නං ඉතිං වයසටත් වඩා නාකි හම්පඩයෙක් වගෙනි පෙන්නේ. ඉතිං පොරගේ වයස දැනගත්තම අනික් එවුන් පුදුම වෙනවා, ඇයි වයසට වඩා දෙගුණයක් නාකි පෙනුමනේ. එහෙම වෙලා තියෙන්නේ හරිහමන් කෑමක් නැතිව බරවැඩ කරන නිසා. පව් ඉතිං. මොනා උනත් මනුස්ස ජිවිතයක්ගේ හරකෙකේ වගේ බර අදින්නේ.

      Delete
    3. ඔව් බං,එහෙම දානව කියන්නෙ හරියට මට සුබ පතපල්ලා කියන්නා වගේනේද?ඉතිං ලැජ්ජාවක් ඇතිවෙන්නෙ නැද්ද?

      Delete
  9. අනේ අපිනං ආණ්ඩුවෙ පිහිටෙං නෙට් යන්නෙ නෑ. ආණ්ඩුවට බදු ගෙවල තමයි බ්ලොග් බලන්නෙ.
    ඒ උනාට රෑ හතහමාරෙන් පස්සෙ ජාලයෙන් තොර වෙලා ඉන්නෙ. ටිකක් වේලාසනින් දැම්මනං කොමෙන්ට් එකක් දාන්න තිබ්බ.
    අද පෝස්ට් එක තනිකරම කුඹුරු වගාව ගැන පාඩමක්නෙ.

    හැලපයියට නිඳුක් නිරෝගී සුබ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න බදු ගෙවල ඉන්ටනෙට් යන බව අපි කවුරුත් දන්නවා.
      ඔව් ඉතිං ලොකු අම්මලගෙ ගෙදර කතා කුඹුරු ගැනම තමා.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  10. Replies
    1. මොකුත් කියන්නෙ නැද්ද?

      Delete
  11. සුභ උපන්දිනයක් උඹ අකමැති වුනත්.

    උඹ කියනකල් බ්ලොග් සමීක්ෂණය ගැන අදහසක් මට තිබුනේ නෑ.

    අපි නම් පෞද්ගලික අන්තර්ජාල සම්බන්ධතාවයක් පාවිච්චි කරන්නේ. ඉස්කෝලෙ වයි ෆයි සබඳතාවය අපේ එකට වඩා වේගවත් වෙලාවල් තියෙනවා. එතකොට ඒකට මාරු වෙනවා. නමුත් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්නේ අපේම එක.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම සුබ පැතුමට ස්තූතියි.
      මම නං ගෙදර ඉන්නකොට ගෙදර කම්පියුටර් එක සහ ඔෆිස් ඉද්දි ඔෆිස් එකේ සම්බන්ධතාව පාවිච්චි කරනවා.


      Delete
  12. හැලප අයියට හැපි බිලේටඩ් උපන්දිනයක් වේවා!!!!!!!!!!
    ආයතනවල සෝශල් නෙට් වර්ක් බ්ලොග් කරල තියෙන්නෙ. මමනම් මගෙ tab එකෙන් ඉන්ටර් නෙට් යන්නෙ. හේතුව ඒක නෙමේ ඉරිද, සෙනසුරාද ලමයි එක්ක class වල , ගෙදර වැඩ, එක්ක call එකක්වත් ගන්න වෙලවක් නෑ. ඔෆිස් එකේ බොසා වගේ නෙමේ ගෙදර බොසී '' මොනාද අනේ ගෙදර හිටියොත් fbඑකේ '' (රහසින් ) ඕකයි හේතුව.
    අර මී හරක කුළු හරකෙක් නෙමේ වෙන්නැති, තොරොට්ටි කියන මී හරකෙක් වෙන්න ඇති.
    අපි පොඩිකාලෙ ගොයම් පාගන කාලෙ කියන්නෙ ආසම කලයක්. සති දෙකකට කලින් කමතෙ ගොමගාල ගොයම් පාගන දවසෙ රෑට කමත වටේ පෙට්‍රල් ලාම්පු එල්ලල, ලොඹු කටින් සීයල කියන සීපද අහමින් කෙවිටක් කපන් අම්ඹරුවො දක්කපු කාලෙ මතක් වෙද්දිත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කම්මලේ.
      ඔව් ඉතිං ගෙදර බොසීගෙ ආධිපත්‍යයත් තියෙනවා තමයි.
      නෑ නෑ ඌ ඔරිජිනල් කුළු හරකෙක් බං.

      Delete
  13. රටෙන් ඈත් වෙලා සෑහෙන කල් ගිහින් හන්දා, ඔය පරණ පුරුදු තැන් වලට ගියහම දෑස් බොඳවෙන ලෙඩේ මටත් නිතර හැදෙනවා....

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් අතීතකාමයට බරයි නොවැ.වයසට යන්න යන්න මේ ලෙඩේ වැඩිවෙයිද මංදා.

      Delete
  14. හැලපයියාට සුභ උපන්දිනයක් වේවා කිව්වා ඔන්න අකමැති උනත්.. ඔය කුඹුරු හාන සීන් එක පොඩි කාලේ මෙහෙ අපූරුවට වෙනවා මතකයි. කූඩැල්ලෝ ජාති සේරම මෙහෙ තාම ඉන්නවා. අපූරු කුඹුරු කෙරුවාව ගැන විස්තරයක් සහෝදරයා...
    අර බ්ලොග් ට්‍රැෆික් කතාව මාත් තෙරුන් ගත්ත මේ වීකෙන්ඩ් එකේ නං..

    ReplyDelete
    Replies
    1. ආ ආනමඩුවේ කළුගල් මුදලාලි. සැප දුක් කෙසේද?

      Delete
    2. හොඳින් ඉන්නෝ ආයිබෝවන්ඩ....

      Delete
    3. ස්තූතියි සජ්ජා.කූඩැල්ලෙක් දැන් නං දකින්නත් ආසයි.ගමේ ගිහිං වෙලකටම බහින්න වෙනවා.

      Delete
  15. පොඩි කාලේ අත්විඳින්න ලැබුනු මතකයක් අලුත් උනා. දැන් පරම්පරාවට මේ වාගේ දේවල් විඳින්න අවස්ථාවක් නැති වීම නම් ඇත්තටම කණගාටුවට හේතුවක්.

    ReplyDelete
    Replies
    1. ඒ අයට පරණ මතක කියාදීමත් ලොකු දෙයක් නොවැ.

      Delete
  16. "උපන් දිනය යනුවෙන් වැහැරීම වැරදි බවත් ජීවිතයටම ඇත්තේ එක උපන් දිනයක් බවත් හැම අවුරුද්දේම එළැඹෙන්නේ ජන්ම සංවත්සර බවත් සිංහල පණ්ඩිතයෙකු වූ මා හිතවත් කාරියකරවන මැතිතුමා මේ ළඟදී පවසා තිබුණි.එය නිවැරදි යැයි මටද සිතෙන බැවින් එසේ සඳහන් කලෙමි." ඔබේ තුන්වන ඡේදය කියවන විට මා හට මේය මතකයට නැගුණි....
    කුළු මී හරකෙකු හීලෑ කල මහප්පා ගැන ඇත්තටම ආඩම්බරයක් දැනුණි

    ReplyDelete
    Replies
    1. නෑ වැව් මා උපන් දිනය කියා එක තැනකවත් කියල නෑ.උපන් දවස කියලයි ලියා ඇත්තේ.

      Delete
  17. මමත් ආණ්ඩු පිහිටෙන් නෙට් යන්නේ නැත.
    නමුත් වැඩ කරන පුද්ගලික ආයතනයේ පිහිට නොඅඩුව ලබා ගන්නා බව ප්‍රකාශ කරන්නේ හදපිරි මෙව්වා එකෙනි...
    ආයතනයක් පැත්තෙන් බැලු කල එය සාධාරණ නැතැයි තර්ක කල හැකි වෙතත් උදෑසන 07:00 සිට රාත්‍රී 07:00 දක්වා, සතියේ දවස් හයක් හෝ හතම රාජකාරී ස්ථානයේ රැඳී සිටින සහ එක දිගටම කිරීමට වැඩක් නොමැති මා වැන්නවුන් හට එසේ නොකර සිටීමටද නොහැක...

    ඒ සඳහා ආයතනය දරන්නේ රුපියල් අට දහසක් වැනි නියත මුදලක් නිසාත් එම පැකේජය අප තිස් දෙනෙකු පමණ වන පිරිසක් අතරේ බෙදී යන නිසාත් එම අට දහස අප විසින් ජාලයේ සැරිසැරුවත් නැතත් ගෙවනා බැවින්ද එය සාධාරණිකරණය කළහැකි බව මාගේ අදහසයි.

    මම පෝස්ට් දාද්දි දවස බලනවා ටිකක් අඩුයි. ලියල ඉවර උනානම් පෝස්ට් කරන්න වෙලාව තියෙනවනම් හුටස් ගාල දානවා. නැත්නම් ආපහු ඒකට වෙලාවක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.

    මම කවදාවත් දැකල නැති තැනක් උනත් අර අම්බලම ආලපාළු වෙලා තමන්ගේ අතීත මතකයන් නැතිවෙලා ගිහින් තියෙන හැටි දැක්කම හැලපේ අයියට වගේම මගේ අස්දෙකටත් කඳුලක් ආවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මටත් ඔය දෙකේ වෙනසක් නෑ.ගෙදර ඉද්දි ගෙදර කොම්පියුටරෙන් ඔෆිස් ඉද්දි එහෙ කොම්පියුටරෙන්.
      මගෙ පෝස්ට් දැමිල්ල ඊට වඩා තරමක් වෙනස්.ලියල ඉවරවෙලා අඩු තරමින් දවස් දෙකතුනක් වත් තියාගෙන හරි වැරදි බලල අඩුපාඩු හදල කියවල අලුතෙන් කොටස් එකතු කරල තියෙන කොටස් අඩු කරල ආදී වශයෙන් නොයෙක් වෙනස්කම් කරල ප්‍රසිද්ධ කරනවා.

      Delete
    2. ගෙදර තියෙන Lap කොම්පීතර් එක එළියට ගන්නවත් වෙලාවක් නැහැ බං... අපි ගෙදර යන්නේ රෑ 08:00 විතර වෙලා...

      මමත් ලියල ඉවරවෙලා කියල කිව්වේ ඔය කියන විදිහටම හතර පස් වතාවක් වෙනස් කලාට පස්සෙන් පහු තමයි. එතකල් ලියල ඉවර නැහැ කියන ඝණයට තමයි මම ඒවා කවුන්ට් කරන්නේ...
      රස්සාවේ ස්වභාවය අනුව පුරුදු වෙච්ච දේවල්ද කොහෙද...

      එහෙම නැත්නම් බ්ලොග් ලියන්න ඉස්සර ඉඳල ලියල තියා ගත්තු එක එක මගුල් තියෙනවා බර ගාණක් Word Documents විදිහට
      ඒවා ඔක්කොම දැන් මට හිතෙන හැටියට වෙනස් කරල දාන්න වෙන නිසා අලුත් පෝස්ට් එකක් ලියන්න යනවට වඩා වැඩි වෙලාවක් යනවා...
      ඔහොමයි උනේ කිව්වලු...

      Delete
  18. //එසේ ගැලවී වැටෙන කූඩැල්ලන්ට එකළ අපි නොදැනුවත්කමට දස වද දුන්නෙමු. //

    ඇදල ගැටයක් දාන්න ට්‍රයිකලාද?


    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි නං හදිසියේවත් බයිසිකලේ වෑල්කවරේ එහෙම උණුවෙලා හුලං බැස්සොත් කරන්නේ කුඩල්ලෙක් අල්ලං වෑල් කවරේ වෙනුවට ඌව පාවිච්චි කරලා හුලං ටිකක් ගහන් ගමන යනෙක.

      Delete
    2. අර මඩොල්දූවෙ සුරංචියද මොකාද එකා බ්ලොග් බලන්න ඇවිත්ද?

      Delete
    3. ඇදල ගැට ගැහුවා,හුළං පුරවන්න හැදුවා ආදී වශයෙන් ඒ අසරණ සතා නිවන් යනතුරු වද දුන්නා.

      Delete
  19. ශ්‍රී සුබ උපන් දිනයක් වේවා!!! :)
    ඔය බැහැපු ගමන් එරෙන ලියැදි වලට කියන්නේ "හැල කුඹුරු" කියලා නේ.. හැබැයි අපි පොඩි උන් හදන කාලෙකට එහෙම ඕවා නැති වෙලාම යයි.

    තව එකක්. කෝච්චියේ යද්දී බෝතලේ ස්ටේෂම හරියේ තියෙන්නේ ඔය බෝතලේ කුමුරු යායද? දැන් අර "අපේ ළමයි" ළමා නිවාසේ එහෙම තියෙන්නේ..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩියෝ!
      ඔව් ඔව් අපේ පැත්තෙ ඔය හැල් හරියට තියෙනවා.
      නෑ නෑ බං.ඔය බෝතලේ ස්ටේෂම තියෙන්නෙ බෝතලේ පැත්ත පළාතකවත් නෙවෙයි බං.නියම බෝතලේ ඊට කිලෝමීටර් හත අටකට එහා තියෙන්නෙ.

      Delete
    2. හරි.. ඔය කියන්නේ මිරිගම බෝධිය ළඟින් ඇතුලට තියෙන පාරද?

      Delete
    3. නෑ නාඩියෝ,බෝධිය ලඟින් ඇතුළට රේල් පාර කපාගෙන යන පාර දිවුලපිටිය සහ මීගමුව.රේල් පාර පහුවුන ගමන්ම දකුණට හැරෙන්නෙ මාලදෙනිය හරහා ගිරිඋල්ල පාර.බෝධිය පහුවෙලා පාලම ලඟින් දකුණට දාපුවම කෙලින්ම නුවර පාරෙ දන්ඕවිට වමට හැරිලා ගියාම මඩම පාරෙ වරකාපොළ.ඒ පාරෙ යද්දී බෝතලේ හන්දිය හම්බවෙනවා.එතනින් ඇතුළට.එහෙම නැත්නං අඹේපුස්සේ ස්ටේෂන් එකෙන් බැහැල මීරිගම පාරෙ එද්දි බෝතලේ හන්දිය හම්බවෙනවා.

      Delete
  20. ඔය සෙනසුරාද සීන් එක මටනම් හැමදාම වෙනව.. මගේ ඔක්කොම වගේ පෝස්ට් දාල තියෙන්නෙ සෙනසුරාද දවස්වල.. මොකද වැඩි කරදරයක් නැතුව එක දිගට ලියන්න හම්බෙන්නේ (ඔෆීස් එකේදී උනත්) සෙනසුරාදාවකට විතරයි.. සතියෙම මොනව හරි කල්පනා කරල සෙනසුරාදාවක වෙනස්ම එකක් ලියල දානව..

    ජාල සම්භන්දතාවයන්ගෙන් නම් මට කවදාවත් හිඟයක් වෙලා නෑ.. ඔෆීසියේ වයිෆයි එක බිසී වෙලාවට උඩ ඔෆීසියේ එකට මාරු වෙනවා (පාස්වර්ඩ් හොයා ගන්න ඔය ඕනිතරන් ක්‍රම තියෙන්නේ..) දෙකම අප්සෙට් නම් ඩොන්ගලේ ගහ ගන්නවා.. හවහට නවාතැනට ගියාමත් දෙයියනේ කියල ගෙවල් ලඟ පාස්වර්ඩ් නැති වයි ෆයි දෙක තුනක්ම කැරකෙනව.. ඩොන්ගලේ පහුගිය මාස දෙක තුනේම වැය උනේ ගෙදර ගියාම පොඩි උන්ට ෆිලුම් බලන්න තමයි..

    හැලපයියගේ වේදනාව මට ලඟදි දැණුන ඔයාකාරෙන්ම ගෙදර ගිය වෙලාවක පොඩි උන් එක්ක පහල ගඟට නාන්න යන්න ගිහින්.. ආච්චිගේ කතාවෙදි ඒ ගැනත් ලියන්නං.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔහේ ගියආත්මයේ පත්තරකාරයෙක්ද , නිකම්ම වයිපයි හම්බවෙන්නේ ඒ පිනෙන්ද

      Delete
    2. ඒක ගැනනම් මතකයක් නෑ ආයිබන්ඩ.. මේ ආත්මෙදි 2007 වගේ තමයි මතක විදියට මුලින්ම ලැබෙන්න ගත්තේ.. එදා ඉඳං නිකම්ම තමයි.. ඩොන්ගලේට වැඩක් නැතිම තරං.

      ඒක නෙවෙයි මේ නම හොඳට හුරුයි හුරුයි වගේ.. අපේ අටං වත්ද මේ?

      Delete
    3. හැබැයි මටත් ඔහොම වෙනවා ලියල තියෙන ඒවට සම්පූර්ණ වෙනස් කතාවක් අන්තිමට දානවා.

      Delete
    4. ඔය අටමා තමයි කමියෝ,වෙන රෙද්දක් ඇඳන් ඇවිත්.

      Delete
  21. සුබ උපන්දිනයක් වේවා !!!

    ඔන්න අපි නම් අර කිව්ව ගොඩේ නෑ. ඉඩක් ලැබුනු ගමන් බ්ලොග් එක පැත්තේ රවුමක් ගහලා යන එක තමයි කරන්නේ දවස කවදා වුනත්.

    මේ කතා ඇහෙන කොට අවුරුද්දට ගමේ යන්න දින ගැන ගැන ඉන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      හරි හරි තුශානිව මාක් කර ගත්තා.ඒක නෙවෙයි ඔයා ගමේ නෙවෙයිද ඉන්නෙ?

      Delete
  22. ගොඩක් දේවල් කියන්ට හිතට ආවා. ඊයා කූඩැල්ලෝ...අර කුඹුරේ වැඩ ගැන මුකුත්ම දන්නේ නෑ. ඒ වගේ දේවල්. ඒත් ඒ එකක්වත් කියන්නේ නෑ.

    හැලපෙට සුබ උපන් දිනයක් වේවා!!!

    ඔක්කොම හොඳ කට්ටිය ඉපදුනු මාසයක්ලු මාර්තු කියන්නේ...:P

    ReplyDelete
    Replies
    1. //ඔක්කොම හොඳ කට්ටිය ඉපදුනු මාසයක්ලු මාර්තු කියන්නේ//

      ආ ඒ කියන්නේ අපි නරකයි.:D

      Delete
    2. ගොඩාක් දේවල් හිතට ආවා නමුත් ඔක්කොම ලියන්න කම්මැලියි එහෙම නේද?
      සුබ පැතුමට ස්තූතියි.මාර්තු හොඳ මාසයක්ය කියන කතාව මම දැනගෙන හිටියෙ නෑ.

      Delete
  23. තවත් රහට ලියන්නට, වැඩියෙන් කොමෙන්ටු කොටන්නට සහ දිගු කලක් සුවෙන් ඉන්නට බොට තවත් හය්ය සහ ජවය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි.මට ලැබෙන දේ මෙන් දෙගුණයක් බොටත් ලැබේවා!!

      Delete
  24. ඔය කුඹුරු වැඩ නම් ඉතින් දැන් ඉන්න පරම්පරාවට ග්‍රීක් වගේ ඇති.අපිට ඉස්සර ඔය කියනව වගෙ ගොයම්පාගන එක තමයි කැමතිම දේ.දැන්වගෙ සුනාමි,බූතයො නෑ හරකුන්ගෙන් තමයි.අපේ පැත්තෙ නම් එල හරක් ඒත් උඩරට මී හරකුන්ගෙන් පාගනව .රෑට තමයි හුඟක් වෙලාවට කරන්නෙ මොකද අව්ව නැති නිසා .මේක කිව්වහම තව කතාවක් මතක් වුනා, ඔය රෑට ගොයම් පෑගීමට සම්බන්ද.අපේ යාලුවෙක් හිටියා ඇල්පිටියෙ.මිනිහට ගහල තිබ්බ කාඩ් කෙලවරක් නෑ.මේකත් එකක්.ඔන්න අපේ යාලුවගෙ ගොයම් කපලා වෙලේම අයිනෙ ඕවිටක ගොයම් පාගන්න ලෑස්ති කලාලු.ඉතින් ‍රැ නිසා පැට්‍රෝල් මැක්ස් එකක් පත්තු කරන් ඇවිත් එල්ලන්න බැලුවහම ඒක එල්ලන උන ලීය ගේන්න අමතක වෙලා.යාලුවගෙ තාත්තා මෙන්න මෙහෙ ගනිල්ලා ඕක කියල ඕවිට අයිනෙ තිබුන ගහක උඩ අත්තක් පාත්කල අල්ලගෙන කිව්වලු දැන් ලාම්පුව එල්ලන්න අත්තෙ කියල.ලාම්පුව එල්ලල ඉවර වුනහම අත්ත අතෑරපු ගමන් ලාම්පුව අදික වේගයෙන් ප්‍රක්ශේපනය වෙලා ගිහින් කොහෙ හරි වැටිලා නිවිලා.ඉතින් දැන් කොහොමද කලුවරේ ලාම්පුව හොයා ගන්නෙ කියල කට්ටිය කල්පනා කරනකොට තාත්තා ඒ අත්තම පාත් කරගෙන බුලත් මල්ලෙ තිබුන ගිරේ ඒකෙ එල්ලනවලු.ඔය මොකද්ද කරන්නෙ කියල කට්ටිය අහනකොට කිව්වලු ඔන්න බලාපල්ලා දැන් මෙ ගමන අත්ත අතහැරියහම මේ ගිරේ ගිහින් ලාම්පුවෙ වදිනකොට එන සද්දෙන් ඒක තියන තැන හොයාගන්න පුලුවන් කියල.

    ReplyDelete
    Replies
    1. එල කොමෙන්ටුව ඇනෝ මචං,

      Delete
    2. //දැන් කොහොමද කලුවරේ ලාම්පුව හොයා ගන්නෙ කියල කට්ටිය කල්පනා කරනකොට තාත්තා ඒ අත්තම පාත් කරගෙන බුලත් මල්ලෙ තිබුන ගිරේ ඒකෙ එල්ලනවලු.ඔය මොකද්ද කරන්නෙ කියල කට්ටිය අහනකොට කිව්වලු ඔන්න බලාපල්ලා දැන් මෙ ගමන අත්ත අතහැරියහම මේ ගිරේ ගිහින් ලාම්පුවෙ වදිනකොට එන සද්දෙන් ඒක තියන තැන හොයාගන්න පුලුවන් කියල// මේ චන්දනගේ සටහන්ද? චන්දන තමයි ඔය වගේ කතා ඔය වගේ කතා ලියන්නේ.. වැඩේ කියන්නේ ඒ යකා දැන් මිසින් නේ.. හැක් හැක්.. පිස්සු හැදෙනවා..

      Delete
    3. අපේ ගමේ පොරක් කමතෙ ගැට උණ ගහක නිදාගත්ත කතාවක් මට මතක් උනා.ලියන්න ඕනෑ වෙලාවක.

      Delete
  25. රසවත් මතක. පමා වුන උපන්දින සුබ පැතුම්. ආඬි හත්දෙනාගේ කතාව කියලා දෙන්න ගිහින් අම්බලම ගැන සෑහෙන විස්තරයක් කරන්න වුණා පහුගිය දවසක.
    කකා බිබී එක තැන හිටියම වැඩක් පලක් කරන්න බැරි වෙන්නේ මිනිසුන්ට විතරක් නෙමේ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං,එක තැන හිටියම සත්තුන්ටත් වැඩක් පලක් කරගන්න බැරි වෙනවා.දැන් බින්දිට සතුටුයි නේද?

      Delete
  26. බ්ලොග් පෝස්ට් කිරීමේදී හැලපෙගේ සමීක්ෂණ වාර්තාව ගැන මීට පස්සේ සැලකිලිමත් වෙන්නම්. ඔය කුඩල්ලෝ දැන් සෑහෙන දුරට වඳ වෙලා ගොඩක් පැතිවල . කෘෂි රසායන නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් තිලකෙට හිට්ස් එපානං වීක්එන්ඩ්ස් වැල දාන්න.
      අපේ පළාතේ දැන් කුඹුරු කරන්නෙම නැති නිසා කෘෂි රසායනත් නෑ.ඒ නිසා කූඩැල්ලෝ ආපහු වෙල්වල බෝවෙලා.මට හරි සතුටුයි.

      Delete
  27. රාහුකාලේ බලලා වගේ හැලපේ පෝස්ට් දාන්නේ...
    ඔන්න ඔහේ දාන්න හැලපේ..බලන කියවන කොමෙන්ට් දාන අපි හොයගෙන ඇවිත් බලනවනේ..
    හැබැයි එකක් කියන්නද ඔය සමීක්ෂනයට අහුවෙච්ච නැති...හැලපේ සතියේ දවස්වල පෝස්ට් පබ්ලිෂ් කලාට ඔයා කොමෙන්ට් වලට උත්තර දෙන්නේ සති අන්තෙටනේ ගොඩාක් වෙලාවට ඒ මොකෝ කීවනම්....!

    ReplyDelete
    Replies
    1. ඔව් චෙපා,වීක්එන්ඩ්ස් වැල පෝස්ට් දැම්මනං රාහු කාලෙට අහු උනා වගේ තමා.
      මම බොහෝ දුරට කමෙන්ට් වලට උත්තර ලියන්නෙ සති අන්තෙ.ඒක ඇත්ත.ඒ මොකද කීවොත් මට සඳුදා පෝස්ට් දාන්න අවශ්‍ය නිසා උත්තර දීපු නැති කමෙන්ට් ටිකට වීක්එන්ඩ් එකේ පට පට ගාල උත්තර ලියල ඉවර කරනවා.

      Delete
  28. බ්ලොග් සූත්තරේ කියල දුන්නට බොහොම ස්තූතියි. මට නං ඔය වැඩේ කෙරෙන්නෙ නෑ. මොකද මං ලිපියක් ලියන්නේ කලාතුරකින්. ඉතිං ලියපු දාට රාහු කාලෙද, වීක් එන්ඩ් ද බලන්නෙ නෑ එවෙලෙම පබ්ලිෂ් කරනවා.

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් ලියනවා නං බල බලා ඉඳල වැඩක් තියේයැ.

      Delete
  29. ඔන්න මමත් ප්‍රමාද වෙලා හරි හැලපයියාට සුබ ජන්ම වර්ශයක් පතනවා.!
    හැලපයියාගේ මේ පොස්ට් එක කියවන කොට මට මතක් වුණෙම "චරිත තුනක් පොත"
    මමත් ඔය "පුද්ගලික අංශයේ"දායකත්වය බ්ලොග් වලට ලබා ගන්නා පොරක් තමයි හිටං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්.
      චරිත තුනක් කියන්නෙ ශ්‍රේෂ්ට කතාවක්නෙ කොල්ලො.

      Delete
  30. අකමැති උනාට කමක් නෑ ඔන්න මමත් උපන්දිනේට සුබ පතනවා..

    හැලපයියට තිබුන සොදුරු අතීතයෙන් බාගයක් වත් අපිට තිබුනේ නැහැනේ බලාගෙන යද්දී..

    මම නම් ඉතින් කම්මැලි නොහිතුනොත් දවස් 7ම බ්ලොගින් තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්.
      කාලෙ වෙනස එහෙම තමයි. ඔයාලට තිබ්බ අතීතය ඉස්සරහට ඉන්න අයට නැතිවේවි.

      Delete
  31. උපන් දින සැමරුම නිහඬව කරන්න මමත් හුරු වුනේ තරුණ වයසේදීමයි. මගෙන් සුබ පැතුම්.

    බොහොමයක් අය බ්ලොග් ලියන්නේ/කියවන්නේ තම තමන්ගේ ආයතනවල අනුග්‍රහයෙන් කියලා මටත් මුලින්ම තේරුනේ 2012 දී.

    අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලෙට කුඹුරක් තිබුනා. ලොකු අයියලා තමා වැඩ කරන්නේ. බාලිකා විද්‍යාලේ අක්කලාත් එනවා උත්සවාකාරයෙන් වැඩ පටන්ගන්න දවසට. අක්කලා රෙදි හැට්ට ඇඳලා, අයියලා සරම් සහ අර අප්පුහාමි බැනියම් ඇඳලා.

    නරක අයියලා හිටියා. ගොයම් කපලා ලොකු මිටි බැඳලා දෙනවා අක්කලාට, ඔලුවේ තියාගෙන කමතට යන්න. ගොයම් මිටිය ඔලුවේ තියලා පොඩ්ඩක් තමන්ගේ පැත්තට ඇදලා අතාරිනවා. එතකොට ඒ අක්කා අර අයියගේ ඇඟටම එනවා. පොඩ්ඩක් බදාගෙන අල්ලලා වැටෙන එක නවත්තා ගන්නවා. අර අක්කා ගොයම් මිටිය දාලා දුවනවා. නරක අයියලා. එව්වා අපිට කියලා දුන්නේ නැහැ. කුඹුරත් අභාවයට ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචා,
      අපේ ඉස්කෝලෙත් කුඹුරක් තිබුනා හැබැයි විශාල එකක් නෙවෙයි පොඩි කුඹුරක්.වෙල් වැඩ දන්නා ළමයි ඔය කුඹුරෙ වැඩට ගෙනියනවා.මමත් කීප සැරයක් ගිහිං තියෙනවා.

      Delete
  32. සුබම සුබ ජන්මසංවත්සරයක් වේවා......... අර හැමෝගෙම කොමෙට් වලට උත්තර දාල තියෙන ඇනොට ඔයා ගානක් ගෙවනවද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාළේ,
      හැබෑටම ගානක් ගෙවන්න ඕනෑ වැඩක් තමයි ඒ ඇනෝ කරන්නෙ.

      Delete
  33. මට නං දිනේ ගැටලුවක් නෑ හිට් ගැන තැකීමක් නැති නිසා....මාසෙට ලිපි 7 ක් දාන්නෙ ලිපි අතර යම් පරතරයක් තියෙන්න. ඉරිදා දවස් වලටත් මම නිතරම දානවා. ඉරිදා කියවන ප්‍රමාණය අඩු උනත් සඳුදට කියවනවා. ඡායාරූපය නම් බොහොම අලංකාරයි. ඉස්සර අඹේපුස්ස නැන්දලගෙ ගෙදර යද්දි බෝතලේ ස්ටේෂන් එක වටේට පෙනුන වෙල් යාය හොඳට මතකයි. රථ ගාය වැළදුනාට පස්සෙ කෝච්චියෙ අඹේපුස්සට ගිහිල්ලා නෑ සෑහෙන කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. සුභ උපන් දිනයක් වේවා ! ඒක අමතක වෙනවා තව ඩිංගෙන්.

      Delete
    2. බොහොම ස්තුතියි සිරා.
      ස්ටේෂන් එක අඹේපුස්ස උනාට පිහිටලා තියෙන්නෙ කීනදෙනිය හංදියේ.නියම අඹේපුස්ස තියෙන්නෙ නුවර පාරෙ, ඔය සුප්‍රසිද්ධ තානායම එහෙම තියන්නෙ.

      Delete
  34. සුබ උපන් දිනයක් වේවා...!

    දාලා තියෙන පෝස්ට් එක වගේම ෆොටෝ එකත් හිතට වදිනවා. ඔන්න ෆොටෝ එක මම වෝල් පේපර් එකට දා ගත්තා.

    අපිත් ඉතින් බැංකුව ගානේ බ්ලොග් කියවන ඈයෝ කියමුකො..ඕං එහෙනං..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      බැංකුව ගානෙ බ්ලොග් කියෙව්වට බැංකුවට ගානක් නෑ.ඕනෑ තරම් සල්ලි තියෙනවනෙ.

      Delete
    2. බැංකුවේ එකතුවෙන සල්ලි දැකලා තමයි බැංකුවට යන්න උනන්දු උනේ. ඒත් ගියට පස්සෙනෙ දන්නෙ ඒ සල්ලි හවසට ගණන් කරලා මදි පාඩුවට සාක්කුවෙ තියෙන සල්ලිත් අරන් ඔක්කොම සේප්පුවට දානව කියලා..

      Delete
  35. අද තමයි මේක කියවන්න වෙලාව ලැබුනෙ,ගොවිතැන් වැඩවලට සහභාගි වෙලා නැති උනාට ඒ වගෙ ගමේ කතාන්තර, ඕනැ වෙලාවක කියවන්න ආසයි(රන්ජන් )

    ReplyDelete

ඔබේ අදහස්