Sunday, September 28, 2014

සාහිත්‍ය උත්සවය කරුමක්කාර කතාවක් සඳැස් සහ නිසඳැස්



අපි එදා සාහිත්‍ය උත්සවයට  හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල චෙන්නායි ගියා වගේ මතකයි නේද?මේ ගෙවිල යන සාහිත්‍ය මාසෙ ඒ කතාවෙ කොටේ  ලිව්ව නං හොඳයි නේද කියල මට නිකමට වගේ හිතුණා.කොටේ කියල කිව්වෙ ඉතුරු ටිකට,අපි කියන්නෙ එහෙමනෙ. ඔන්න මම ගෙදර ඉන්නකොට කවුරුහරි යාලුවෙක් ඇවිත් කැරකි කැරකි ඉඳල එහෙම මගේ දිහා හොරෙන් වගේ බලල මට මචං කියල කියන්න ඇහැකි සමකාලීන යාලුවෙක් නං,

කොටයක්වත් නැද්ද බං...

කියල අහනව,මට වැඩිය ගොඩක් වයසින් අඩු නමුත් යාළුවො වගේ ආශ්‍රය කරන එකෙක් නං,

කොටයක් එහෙම නැද්ද අයියෙ...

කියල අහනවා,වැඩේ කියන්නෙ වැඩිහරියක්ම ඉන්නෙ ඔය දෙවෙනියට කියපු වර්ගයෙ යාළුවො.මුල් වර්ගෙ යාළුවො බොහොම අඩුයි,අබේ කියන්නෙ මට හිටපු ඔය මුල් වර්ගයෙ යාලුවෙක්.පොඩි කාලෙ ගමේ එකට සෙල්ලං කරපු එකට ටවුමෙ ක්ලාස් ගියපු එකට රස්තියාදු ගහපු හිත හොඳ කොල්ලෙක් වෙච්ච අබේගේ ජීවිතේ පසුකාලීනව එකම ඛෙදාන්තයක් වුනා.ඒ කියන්නෙ සමකාලීන යාළුවො ඔක්කොම පාහේ රස්සාවල් වලට යද්දි අබේ අංගොඩ පිස්සන් කොටුවට ගියා.ඒ අසූ ගණන්වල මුල, එදා ඉඳල පහුගිය අවුරුද්දෙ සදහටම මෙලොව හැරයන තුරුම ඔහුට පිස්සුවත් එක්කම ජීවත් වෙන්නට සිදුවුනා.සැරෙන් සැරේ පිස්සු හොඳවෙලා ගෙදර ආවත් මාසයක් වත් ඉන්න ලැබෙන්නෙ නෑ ආපහු පිස්සු තදවෙලා ඉස්පිරිතාලෙ යන්න වෙනවා. අබේගෙ මුළු ජීවිත කාලෙම ගෙවුනෙ ඔය ආකාරයටයි.මොනව කරන්නද පෙර කරුමයක් වෙන්න ඇති.

කරුමයක් කියපුවම මට මතක්වුනේ ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගෙ "කරුමක්කාර කතාවක්" පොත.මම කියවල තියෙන ඉතාම රසවත් ඒ වගේම ඉතාම අනුවේදනීය පොතක්.මේ සාහිත්‍ය මාසෙ ඒ පොත ගැන ඔයගොල්ලන්ට මතක් කරන්නට ලැබීමත් සතුටක්.පොත ගැන මතක්කලාට ලියන්න මතකක් නෑ. ඒ හින්ද දවස් දෙකක් පොත හෙව්වා.හොයාගෙන ඊයෙ හවස කියෙව්වා.ඔය පොත මම කී වාරයක් කියවල ඇද්ද.ඒත් ආයෙම කියවද්දි පළවෙනි සැරේට කියවනව වගේ අලුත් මානයන් පෙනෙන්න ගන්නව.පොතෙන් කොටස් කීපයක් උපුටල දක්වන්නත් හිතුණාත් එහෙම කරන්නට අමාරුයි.මොකද එහෙම ලියන්නට ගියොත් මුළු පොතම ලියන්නට වෙනවා ඒ තරං රසවත්.කොහොම උනත් පොතේ කතානායකයා වුන සන්තියාගෝ නසාර් ගැනත් බයාදෝ සැන් රොමාන් හා ඇන්ජලා විකාරියෝ ගැනත් පුදුමාකාර දුකක් කනගාටුවක් ඇතිවන්නේ ඒ තුන්දෙනාම  මේ කතාවෙ වින්දිතයෝ නිසාම නොවෙයි.හරියටම බැලුවොත් කතාවෙ චරිත සියල්ලම පාහේ වින්දිතයනුයි.කරුමක්කාර කතාවක් කියවල ඇතිවුන හිතේ අමාරුව නිවා ගන්නත් එක්ක මම වෙන පොතක් අරං කියෙව්වා.

ඒ පොත වී ඩී ද ලැනරෝල් මහතාගේ "හපන්කම් මෝඩකම් සහ පුරසාරම්" කියන රසවත් පොතයි.වී ඩී ද ලැනරෝල් මහතා ගැන හෝ ඔහු විසින් ලියන ලද පොත් ගැන කිසිම  කතාබහක් බ්ලොග් අවකාශයේ මෙතෙක් ඇතිවී නැති නිසා මුලින්ම එතුමන් ගැන හැඳින්වීමක් කළොත් වටිනවා කියල මට හිතුණා.ඔහුගේ පොතේ නව මුද්‍රණයේ පුර්විකාවෙන් උපුටාගත් කොටසක් මා මුලින්ම ගෙනඑන්නට කැමතියි.

"පාසල් ගුරුවරයෙකු,කවියෙකු,ලේඛකයෙකු,සඟරා සංස්කාරකවරයෙකු,පුවත්පත් කලාවේදියෙකු හා ජන සමාජයේ අතීත තොරතුරු ගවේෂණයෙහි යෙදුණු සුවිශේෂ පුද්ගලයෙකු වශයෙන්ද වික්ටර් දුකී ද ලැනරෝල් සුරීන් අතිවිශේෂ මෙහෙයක් ඉටුකොට තිබෙන බව එතුමන්ගේ ජීවන තොරතුරු දෙස නිරීක්ෂණයෙහි යෙදෙන්නකුට ඉඳුරා පෙනෙන සත්‍යයකි.
ඩී ඩබ්ලිව් වික්‍රමාරච්චි සූරීන් මුල්ම පත්‍රකලා ගුරුවරයෙකු වශයෙන් දස්කම් දක්වන යුගයේ දී ලේඛන කලාවට පිවිසි ලැනරෝල් සූරීහු දිනමිණේ මාර්ටින් වික්‍රමසිංහ,සිළුමිණේ පියසේන නිශ්ශංක,සිංහල බෞද්ධයා හි හේමපාල මුනිදාස සමග විද්වත් භාෂා විශාරද කුමාරතුංග මුනිදාස වැනි විශාරදයින් සමග උරෙනුර ගැටෙමින් සිය ලේඛනයෙන් පාඨක-ලේඛක ප්‍රසාදයට පාත්‍ර වූහ."

සඳැස් කවියෙහි මහත් සූරකම් දැක්වූ ලැනරෝල් සූරීන් ලයු කවිවල බොහෝවිට මුල අග යන දෙතැන්හිම මනාව එළිසමය රැක ඇති ආකාරය ඔහුගේ පොතේ ඇති කවි කීපයකින්ම උදාහරණ ලෙස පෙන්වන්නට පුළුවනි.

"මා විසින් මේ කවි ලියන ලද්දේ 1910 යේ මා සොළොස් වියෙහි සිටියදීය.ඒ කාලයේ කවරෙකුට වුවත් මා ලියුමක් ලියන්නේ කවියෙන්ම ය.මේ නොබෝදා ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ මහා නායක පදවියට පත්වී වදාළ එවකට සාමණේර නමක්වූ කලුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ට යවන ලද ලියුමක ඇතුළත් කවිවලින් කීපයක් මෙසේය.

වනසේකර සුසැදු සුහද සොමි ගුණ මන නන්           දා
පණසේකර සුරැඳු නොමඳ සිල් මුතු මිණි කන්          දා
පැණසේකර පැලඳු නිබඳ මුදුන අවිදු      සින්            දා
පැණසේකර සමිඳු සැරද විදු සඳ කොඳ නන්             දා 

සසුන් නියා පැවිදිව සෙව් නිවන්  අ                         ගී
නුසුන් දයා ලෙව්හට සෙව් සදම්   ම                        ගී
හසුන් පියා එව් සමිඳුනි ඔබ        සුලැ                     ගී
කසුන් තියා කිව්වොත් ඊටත්      අන                      ගී

සඟරා හසුන් ලැබ සැබැවින් තොස් වී                    මී
තියුරා එයින් ඔබ මොබ රැව් දෙයි සේ                    මී
අදරා ගුණෙන් ඔබ සුව මන් රැඳි      දෑ                   මී
මෙවරා මමන් පොබ පොබ වී හිත  කා                  මී

මීසරි ලකර සඳ තොරතුරු ගැන     ආ                   ල
පාහැරී දුසිරි අබිමන් නොවමින්      කෝ               ල
බෝමිරි සතර සැල වික්ටර් මම්       බා                  ල
වී පිරි පතර මෙ හසුන් එව්වෙමි      ලෝ                ල

ඒ කාලයේ කවි ලියන්නන් විසින් හපන්කමක් ලෙස සලකන ලද කවියකට එළි වැට ගණනක් තැබීමේ සිරිතට මාද වාල් වීමෙන් මේ කව් කොතරම් අර්ථ රසයෙන් පිරිහී ඇතිදැයි සලකා ගත හැකිය.වර්තමාන කවි ලියන්නන් එළි වැට ගැන වැඩිපුර නොසලකා කවියෙහි අර්ථ රසය ගැන සැලකුම ප්‍රශංසනීය බව කිව යුතුය.
එහෙත් එක්තරා උගතුන් පිරිසක් විසින් අලුත් කවි සම්ප්‍රදායක් ලෙස දැනට පළකර ගෙන යන නිසඳැස් කවි හෙවත් පැලලි කවි සම්බන්ධයෙන් නම් එබඳු ප්‍රශංසාවක් කිරීමට ඉඩක් නැත්තේය.මේවාත් කවි නම් අපේ ගම්වල වෙද මහත්තැන් ලියන කසාය සීට්ටුවද නිසඳැස් කවි ලෙස සැලකීමෙහි වරදක් නැත."

ලැනරෝල් සූරීන් එසේ කීවත් නිසඳැස් කවියෙහි ආරම්භකයා ලෙස සැලකෙන ජී බී සේනානායකයන් මුල් යුගයේ ලියු අපූරු නිසඳැසක් මගේ මතකයට නැගෙනවා.

හිස නවාගති ඈ
සිහින් රතැඟිලි පටලවාගති
සතියකට පෙර ගෙනාවර
විළිබරය මගෙ රන්වන් මනාලිය.

ජී බීසේනානායකයන් මේ කුඩා කවට යොදාගෙන ඇති ප්‍රබල රූපක හේතුවෙන් මනාලියගේ රුව පාඨකයාගේ සිත් තුල සිත්තම් වෙනවා.
 
ඒ වගේම වී ඩී ද ලැනරෝල් සූරීන්ගේ සමකාලීන ගත්කරුවෙක්වූ පියදාස සිරිසේන මහතා 1929 දී ප්‍රකාශයට පත්කළ "චින්තා මාණික්‍ය රත්නය" පොතෙන් උපුටාගත් කව් කිහිපයක් මෙහි ගෙනහැර දක්වන්නේ මේ කව් හා ලැනරෝල් සුරීන් ලියු කව් දෙආරක් වුවද මනාසේ එළිසමය රැකගැනීමට ගෙන ඇති  ආයාසය ඔබට පෙන්වීමටයි.

"සේ සත    සඳ කිරණ කිරණෙව් යස දිමු             ත
ලෝනෙත      සසුන් සුරකින නිතර දිවි යු            ත
දී අත      රාජසිහ කුමරුන් කළ සම                    ත
මාඉත      කඳ සුරිඳු සැරදේ මුළු දිය                    ත

උතු මග සුසැදු සිරිපා මුනිඳු සමතැ                       ස
මතු  ලක් සසුන් වැඩුමට සිතැති අදහ                   ස
කතු සඳ දෑ පතර සිරිසෙන් නමැති ර                    ස
සිතු මිණි රුවන කෙළෙ සිය දන වැඩ පිණි           ස "

සඳැස් සහ නිසඳැස් දෙ ආරම අතැඹුලක් සේ ප්‍රගුණ කොට වචන වලින් මහත් විස්කම් පෑ තවත් කලාකරුවෙක් වන මහගම සේකරයන් මෙහිදී නිතැතින්ම මගේ මතකයට නැගෙනවා.ඔහු සිය මව ගැන ලියු අමරණීය නිසඳැසක් මේ...

ඇවිද ලඳු දෙණි  කැලෑ බිම්වල 
රැගෙනවිත් තුන්හිරිය පන්කොළ 
යොදා කුකුළු සායම් රතු හා කොළ 
වියා නෙක් විසිතුරු රටා පැදුරු 
මේ මහා විශ්වයම රටාවක් බව
මට කියාදුන් අම්මා ඔබය.

අඬනවිට මා කුඩා අවදියෙහි බඩගිනිව 
තම්බා බතල දළු 
පොල්ගා මුසුකොට කවා 
බඩගිනි නිවු අම්මා ඔබය 

ගල්වා හිසෙහි තෙල් යහමින් 
එල්ලා කරෙහි පංචායුදය 
අල්ලාගෙන අතින් මා 
පාසැලට රැගෙන ගිය 
අකුරු නුගත් අම්මා ඔබය. 

සේකරයන් සිය බිරිඳ ගැන ලියු සඳැස් කවි දෙකක් ... 

පාන්දරින් තේ උගුරක් මට ගෙනෙනා බිරිඳ  ඔබය 
දුන් පුතුන් ආදරයෙන් රැක බලනා බිරිඳ       ඔබය 
හීන් සීරුවේ මාගැන හෝදිසියෙන් සිටින     ඔබය 
මාත් එක්ක සංසාරේ එකට හිටිය බිරිඳ        ඔබය.

කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා    විට 
හිත ඇතුළෙන් ඔබ හඬමින් හඬන පුතා නලවන       විට 
මටත් වඩා මගෙ හිත ඔබ හඳුනන බව දැනෙනා       විට 
මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නිය ඔබ           මට 

පසුකාලීනව සේකරයන් ලියු නිසඳැස් තුළ අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද නොඅඩුව දකින්නට ලැබුණා.ඔහුගේ නිර්මාණකරණයේ අග්‍ර පලය ලෙස මාදකින "ප්‍රබුද්ධ"කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණයකින් උදාහරණයක් සපයන්නට පුළුවනි.

බිඳෙන් බිඳෙන් ජලේ 
පයිප්පයෙන් වැටේ 
බෙලෙක්ක ටින් රැගත් 
ළමෝ වටා සිටිත්
කකා කකා කියා 
හඬත්ය කාකයෝ 
ඇසුත් කනුත් පුරා 
නගින්නෙ දුවිළියි 
උඩින් උඩින් දෙපා 
තබා මඩෙන් මිදී 
සුරංගනාවියෝ 
මුඩුක්කුවෙන් බසිත්.

(බෝඩිම හැරෙන්නට සේකරයන්ගේ වෙනත් කාව්‍ය ග්‍රන්ථ මේ අවස්ථාවේ මා සතුව නොතිබූ නිසා ඉහත උපුටා ගැනීම් සියල්ලම මගේ මතකයෙන් සටහන් කළෙමි. එබැවින්  යම් යම් අඩුපාඩු තිබිය හැක.)

බෝඩිම කාව්‍ය ග්‍රන්ථය කියවාගෙන යද්දි මා අපූරු කරුණක් නිරීක්ෂණය කළා.එනම් පොතේ තිබූ නිසඳැස් කීපයක්ම පසුකාලීනව ඉතාම ජනප්‍රිය ගීත බවට පත්වී ඇති බවයි.

මා මිය ගිය දවසක 
සොහොන් කොතේ 
ලියන්න දුක් ගීයක් 
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් 

අඩ සඳ බැස ගෙන යන සඳ 
සීතල අඳුරු රැයක 
රෑහි නගන රැව් අතරින් 
එතකොට ඒ ගී හඬ මට ඇසේවි

මේ ලොව යම් කිසිවෙකු 
මා හට පෙම් කළ බව 
එතකොට ඒ ගී හඬ මට කියාවි.


එතෙක්දවස් මාතුලවූ 
කළකිරීම 
යසෝදරා කුමාරියනි 
දැන සිටියේ ඔබ පමණය 
එයින් මිදෙන මගක් සොයා 
මා නිබඳව 
සිතිවිල්ලෙන් සිටිනා සඳ 
ඔබ මාවෙත දයා සිතින් 
සැනසිලි බස් 
කී හැටි මට සිහිපත් වෙයි

මේ නිසඳැස් කව් දෙකම  මා මළ පසු හා යසෝදරා යනුවෙන් ජනප්‍රිය  ගීත දෙකක් වී ඇති බව අපි සියල්ලන්ම දන්න දෙයක්.ඉතිං ජනප්‍රිය කවියන් ගැනත් කවි ගැනත්  කතාකලා,මේ කතාව කවියෙක් හැටියට කිසිම තැනක් නොලබා නිහඬවම මියගිය සැබෑ කවියෙක් ගැනයි.

මට දුරින් නෑදෑයෙක් වුන මිළී අක්කව විවාහ කරගෙන හිටපු ගුණරත්න අයියා ඈත දකුණේ ගමකින් අපේ පළාතට ඇවිත් තිබුණේ රෙදි මෝලේ රස්සාව කරන්නටයි.ඔහු රෙදිමෝලේ ජල සම්පාදන අංශයේ සේවකයෙක් හැටියට වැඩ කළා.හැන්දෑවට වැඩ ඇරිලා ටවුමෙන් දෙකක් දාගෙන බමරා වගේ අපේ පාරෙන් ගෙදර යන්න එන ගුණරත්න අපට හම්බ උනොත් එහෙම පොත්වල තියෙන කවි සහ  ඔහුගේ නිර්මාණ වන හිටිවන කවිද කියමින් ගෙදර යාමත් අමතක කර දමා පැය ගාණක් අපිත් එක්ක විනෝද වීම පුරුද්දක් හැටියට කළා.

කවි කියමින් රස්තියාදු වීමත් පදමට බීමත් ඇරෙන්නට රස්සාව ගැන කිසිම ඇල්මක් නොදැක්වූ ගුණරත්නට අවවාද කරල බැරිතැන අංශ ප්‍රධානියා ඔහුව වැඩපොළෙන් දුර දීඇල්ලේ ඔයේ ජල පොම්පාගාරයට මාරුකළා.දැන් ඔහුට වෙනදා මෙන් හවසට ගෙදර එන්නට ලැබෙන්නෙවත් හිතු හැටියට බොන්න යන්න ලැබෙන්නෙවත් නැහැ.මාස ගානකින් දකින්නට නොලැබුණු ගුණරත්න හිටපු ගමන් ගමේ ප්‍රාදුර්භූත වෙන්නට ගත්තම මෙච්චර කල් කොහෙ ගිහිං හිටියද කියල අපි ඔහුගෙන් ඇහුවා.

බලන්න මල්ලී, මම හවසට කාලක් ගහල කවියක් දෙකක් කියාගෙන ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ  සතුටෙන් හිටපු මිනිහ, මාව ඔයේ පොම්ප හවුස් එකට මාරුකළානෙ.

ඉතිං එතන  හරි නැද්ද?

හරි නැද්දත් අහනව,කතා කරන්න මනුස්සයෙක් තියා බලු බල්ලෙක් ළඟ පාතක නෑ.කුරුල්ලන්ගෙ කෑ ගැහිල්ලයි වතුර පොම්පෙ සද්දෙයි විතරයි.මං වගේ ජොලියෙන් හිටපු මිනිහෙකුට කරපු මේ අපහාසෙ දරාගන්න පුලුවන්ද?

ෂඃ හෙන අප්සැට් එක තමයි.

මාසයක් ඉවසගෙන හිටිය,ඊට පස්සෙ ගිහිං සර් දැන් මට මාරුවක් දෙන්න කියල පෝමන් මහත්තයට කිව්වා.තව මාසෙකින් ඇවිත් කියනව කියල ඒ මහත්තය කිව්වා.ආයෙම මාසෙකින් ගියා ඒත් වැඩේ හරිගියෙ නෑ.මට හරි කේන්තියි ඊට වැඩියෙ දුකයි, මම කවියකුත් ලියාගෙන ලොකු මහත්තය ලඟට ගියා.ගිහිං මගෙ දුක කියල කවියත් පිළිගැන්නුවා.

ඒ ගමන මොකද උනේ?

මොනව වෙන්නද,මගෙ කවිය කියවල ලොකු මහත්තය බොහොම සතුටු වුණා.ගුණරත්න හරි කවිකාරයෙක්නෙ කියල මට යන්න කිව්වා.මාත් එන්න ආව.ඊළඟ සතියෙ මගෙ මාරුව ලැබුණා.

මරුනෙ මොකද්ද ගුණරත්න අයියෙ ඔය කවිය.

ඔන්න එහෙනං අහගන්න.

ගුණරත්න බොහොම මිහිරි සරින් කවිය ගායනා කළා.හැබැයි මට දැන් මතක තියෙන්නෙ කවියෙ පද දෙකක් විතරයි.මීට අවුරුදු තිහකටත් ඉස්සෙල්ල අහන්න ලැබුණු කවියෙ මුල පදයත් අග පදයත් මට හොඳට මතකයි.

පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
..............
..............
ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි        මෙසේ

ඉතිං කතාව ඔහොමයි.මේ අපූරු කවිය මතකයට නගාගන්නට මම කොච්චර මහන්සි ගත්තත් කවිය සම්පූර්ණයෙන් මතකෙට එන්නෙ නෑ.ඒ නිසා බ්ලොග් අවකාසයෙ ඉන්න අපේ ප්‍රතිභා සම්පන්න කවි කිවිඳියන්ට මේ කවිය සම්පූර්ණ කරන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා. ප්‍රතිභාව උතුරා හැලෙන්නට තිබුනත් කිසිම ඇගයීමකට ලක්නොවී අතීතයේ දවසක නිහඬවම මෙලොවින් සමුගත් ඒ රසවතාට අපි සම්පූර්ණ කළ කවිය පිළිගන්වමු.මැරුණු වෙලාවෙ මරණ දැන්වීම් වල ඇරෙන්න ජීවිත කාලයේ වෙනත් කිසිම විදියකින් මුද්‍රණය නොවූ ගුණරත්න අයියගෙ නම අද බ්ලොග් අවකාශයෙ ඔබත් එක්ක බෙදාගන්නට ලැබීම මට හරිම සතුටක් සේම පමාවී හෝ මා විසින් ඉටුකළ යුතු  යුතුකමක් සම්පූර්ණ වුණා කියල මට හිත හදාගන්න පුළුවනි෴



                                                                                                                                                                                                                                                       
                                                              

102 comments:

  1. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    වතුර මෝටරේ ගොරහැඬි නාදේ සවනට නොම දේ කිසිඳු රසේ
    කුමක්ද පෙර මා සිඳුකල පාපය අසමින් කඳුලින් දෑස වැසේ
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

    ReplyDelete
    Replies
    1. +++
      මේක ඇත්තම කවියට හුඟක් කිට්ටුයි කියලා මට හිතෙන්නේ.. මම ලියපු එකේ මධු බඳුනක් ගැන ලිව්වට... ලොක්කට පෙන්නන ලියුමක එහෙම ලියන එකක් නෑ.. අනික තියන පද දෙකේ වචන රටාව එක්ක ඒ වගේ වචන ගැලපෙන්නෙත් නෑ....

      Delete
    2. ++++++++
      මේකනං මරු මාතෙ..

      Delete
    3. ආයි තව එකෙක්ට කවියෙ පුරවන්න දෙයක් නෑ. මාත එකෙම්ම දීල තීන්නෙ.

      Delete
    4. //කුමක්ද පෙර මා සිඳුකල පාපය අසමින් කඳුලින් දෑස වැසේ //

      මාතයියා … උත්කුස්ටයි අනුපමේයයි සම්බාවනීයයි එල ද බ්‍රා බොසා !!! එකෙන්ම !!!

      Delete
    5. මාතලන් අයියගෙ කයිය නම් මරු !!

      Delete
    6. මේ තියෙන්නෙ කවියම. පට්ටනෙ +++++++++++

      Delete
    7. ඉලිසියාවෙ බෑ....මාතාට ගෞරව පිණිස තරඟයෙන් බැහැරවෙමි. (දේශපාලනේවත් කොරංට යංටෝනැ අප්පා...)

      Delete
    8. ආයෙ වෙනකාටවත් ඇගිලිගහන්න දෙයක් නැ.මාතෙ දිල එකපාරින්ම සොට් එක

      Delete
    9. මේ කවිය බොහොම අපූරුයි.එක එකා එක්ක ගෝරියට යන්නෙ නැතුව කවියක් දෙකක් ලියාගෙන හිටිය නං කොච්චර අපූරු මනුස්සයෙක් වේවිද?

      Delete
    10. මාතයන්නඩි එල ද බ්‍රා

      Delete
    11. මැන්ඩිස්,
      කව්ද කොල්ලො මාතයන්නඩි කියන්නෙ,වන්නකු තිසාහාමිගේ නෑදෑයෙක්ද ?

      Delete
  2. මට නං මතක නෑ බං.. ඒක නෙමෙයි උඹේ පොත් මතකය හරිම පුදුමයක් බං.. ජය වේවා හැලපස්ටයිල්..

    ReplyDelete
    Replies
    1. එච්චර පුදුමයක් නෑ බං,ඇත්තම කිව්වොත් පෙර තිබ්බ මතකය දැන් හරි අඩුයි.

      Delete
  3. කවියකට කරන්න පුලුවං දෙයක්. වෙලාවට ලොක්කත් කවි රසවතෙක් උනේ. නැත්තං කවි හින්ද ගුණරත්නගෙ රස්සාවත් ගහල යන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ගුණරත්න ලොක්ක ගැන හොඳට දැනගෙන ඉන්ඩ ඇති.වෙලාවටම කවියකුත් ලියන් ගියෙ ඒකයි.

      Delete
  4. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    තනිකම මැකුමට මා ලඟ ඉන්නේ ජල පොම්පයකිය නගන ගොසේ
    පාළුව රජයයි, කවි සිත මියැදෙයි, නැත මධු බඳුනක මිහිරි රසේ
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

    ReplyDelete
    Replies
    1. වවුලන්ගේ බකමූණන්ගේ
      නාදේ ඉඳහිට මටද ඇසේ
      අඳුර සොයාලා මුළුගැන්නෙන්නා
      බැබැළෙන හඳපානේ
      හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ...


      හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ...

      Delete
    2. අඬන්න ඕනලු කිරි එරෙන්න. ඔය තියන්නෙ කවි. :)

      Delete
    3. තිසරගේ කවියත් හොඳයි.කවි ලියන්න ගත්තොත් නරකද.

      Delete
  5. මල සමයං

    ReplyDelete
  6. Replies
    1. ඔයගොල්ල ලිව්වොත්ද.සාත්තර කියා කියා ඉන්නෙ නැතුව කවියක් ලියන්න තිබුනනෙ.

      Delete
  7. පුංචි ආඩම්බරයටකට කාරණයකුත් තියේ වී.ඩී. ද ලැනරෝල් මහත්තය ඉපදුනේ හැදුණෙ වැඩුනෙ අපේ ගමේ.. ඒ කියන්නෙ බෝමිරියෙ. ඔය හපන්කම් මෝඩකම් හා පුරසාරම් කියන පොතේ ඒ කාලෙ කරපු කියපු ඒව, ගම ගැන එහෙම ලස්සනට විස්තර කරල තියේ. අදටත් බෝමිරිය ගමට එන පොඩි පාර හඳුන්වන්නෙ ලැනරෝල් මාවත කියල.
    :) :)

    ReplyDelete
    Replies
    1. මේ ගොල්ලො මුල වෙන දිහාවක්. ඔය ලැනරෝල්ලයි, අර දස්කොන්ලයි එකට ප්‍රංසෙ ඉඳල ආ අය කියනවනෙ. ඇන්ජලීන් ගුණතිලකත් ලැනරෝල් තමයි බඳින්න කලින්.

      Delete
    2. ලැනරෝල් පරපුර පවත එන්නේ ප්‍රංශ ජාතිකයන්ගෙනුයි.ඔවුන්ගේ මී මුත්තා ප්‍රංශ ජාතිකයෙක් වන ල-නරෝල් යයි කියවෙනවා.පසුව ලැනරෝල් වශයෙන් ව්‍යවහාර වුනා.

      Delete
  8. පොත් දහයක් හම්බ වෙලා තියෙනවා, (ඔය පොත් දෙක නම් නෑ ) කියවගන්ට වෙලාවක් නැතුව ඉන්නේ. :)

    කවිවලට නම් එච්චර ආසාවක් හිතෙන්නේ නෑ ලු.

    ReplyDelete
    Replies
    1. හම්බවෙච්ච පොත් ටික කියවල අපටත් ගුණ පණ කියන්නකො.

      Delete
  9. යසෝදරා ගීතයේ පදමාලාව නම් මීට වඩා ගොඩක් වෙනස් නේද ? සනත් නන්දසිරිනෙ ගයන්නෙ..

    ReplyDelete
    Replies
    1. මෙන්න කවිය-

      එතෙක්දවස් මාතුලවූ
      කළකිරීම
      යසෝදරා කුමාරියනි
      දැන සිටියේ ඔබ පමණය
      එයින් මිදෙන මගක් සොයා
      මා නිබඳව
      සිතිවිල්ලෙන් සිටිනා සඳ
      ඔබ මාවෙත දයා සිතින්
      සැනසිලි බස්
      කී හැටි මට සිහිපත් වෙයි

      --------------------------------

      මෙන්න සින්දුව.....

      යසෝදරා… යසෝදරා…
      හිතේ නැගුනු කලකිරීම කුමරිය…
      ඔබ පමණයි දැන සිටියේ පෙර සිට…
      යසෝදරා… යසෝදරා…

      එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
      ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
      සමාධියෙන් සිත ඈත දිවෙන විට…
      පමා නොවී යලි ඇවිදින් මේ දෙස…

      එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
      ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
      දයා සිතින් එක බැල්මක් දී නෙත…
      කෙමෙන් මැකී යයි යසෝදරා වත

      Delete
    2. ඇනිමලයෙක් බැනලා ඌ අඩනවා ගෙදර.. ඒ පාර පව්ල එක්ක නිට්ටඹු ගියා..

      Delete
    3. උගේ සිංදුවක් නැතුව ලොකු හිඩසක් දැනෙනවා බං !!

      Delete
    4. ඉන්දික, මම දන්න තරමින් මේක තමයි බුදු හාමුදුරුවෝ කියලා තියන එකම සිංදුව....

      Delete
    5. සරත්,
      කවිපෙළ ගීතයට නගද්දී වෙනස් වෙලා තියෙනව.

      Delete
    6. බොහොම ස්තූතියි ඉන්දික.

      Delete
    7. සින්දු වරේන් උඔ නැති ලොව කුමටද කමලා

      Delete
  10. සාහිත්‍ය රසයෙන් අනූන ලිපියක් කලකට පසු කියෙව්වා කියන හැඟීම මුල්කර ගනිමින් ඔබට ස්තුතිවන්ත වෙනවා.

    පාසල් සිසුවකු ලෙස වී.ඩී. ද ලැනරෝල් මහතාගේ පොත් කියවූ හැටි මතක්වුණා. ජී.බී. සේනානායකයන් තරම් ජීවිතය විවරණය කල නවකතා කරුවකු මටනම් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. වී ඩී ද ලැනරෝල් මහතාගේ රසවත් පොත් පාසැල් කාලයෙන් පසුව මෑතකදී ඔහුගෙ පොත් පෙළම නැවත කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකනවා.

      Delete
  11. කියෙවුවෙමි. හැලපතුමා කවියක් ලියන්නෙ නැද්ද ඉතින්?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි,අනේ මට ඔයාට වගේ කවි ලියන්න බෑනෙ.ප්‍රතිභාවක් නැහැ.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. වී.ඩී. ද ලැනරෝල් නේද ලිව්වෙ විසිවෙනි සියවසේ මුල් කලෙ තම ගම් පියස (බෝමිරිය, නවගමුව පලාත්) ගැන?. ස්කූල් ඉන්ස්පෙක්ටර්ගෙ ගමන, කුලප්පු වුන අලියෙක් ගැන ආදී බොහෝ මතක ඒ පොතේ තියනව. මට පොතේ නම මතක නෑ. පොඩි කාලෙ කියවල තියනව, ආයිත් ගිය අවුරුද්දෙ ප්‍රදර්ශනයෙන් ගත්ත.

    තව එකක් River Journeys කියල මට මතක විදිහට ඔහුගෙ මුනුබුරෙක් පරිවර්තනය කරල තියන පොත?

    ඔහුගෙ සහෝදරයෙකුත් පොත් ලිව්වද?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රා කියන්නෙ "පියසිරිගේ පාසැල් සමය" කියන පොත ගැනයි.ඒ පොතේ කොටස් පාඩම් පොත් වලටත් ඇතුල් වෙලා තිබුණා මට මතකයි.
      වික්ටර් ලැනරෝල් මහතාට සහෝදර සහෝදරියන් තිදෙනයි.මහා සිංහල පඬිවරක් සහ සිළුමිණ පත්‍රයේ කතෘ කමද දැරූ ජුලියස් ද ලැනරෝල් වැඩිමල් සොහොයුරායි.සැමුවෙල් ද ලැනරෝල් හෙවත් එස් ඩී ද ලැනරෝල් හා සෝමභද්‍රා මලණුවන් හා නැගණියයි.එස් ඩී ද ලැනරෝල් 1952 දී වන නදිය නමින් සංචාරක සටහන් පොතක් ලියා තියෙනවා.මුණුපුරා පරිවර්තනය කරන්නට ඇත්තේ ඒ පොත විය හැකියි.

      Delete
  14. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    දිය පිස හමන වා සිසිලට ඇට දෙක එකට ගැසේ
    මාරුව දුන් එකාගෙ මව් සිහිකර sith risise
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

    ReplyDelete
    Replies
    1. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
      දිය පිස හමනා සීතල සුළඟට වෙව්ලන ** දෙක හඬයි මෙසේ
      මාරුව දුන් පාහරයා සිහි වන විට මාගේ සියොලඟම ගැසේ
      ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

      Delete
    2. ඩිලාන්ගේ කවියෙ භාෂා දෙකයි.

      Delete
    3. ඇනෝ ගෙ කවිය අසම්පූර්ණයි.

      Delete
  15. අදත් අනුවේදනීය කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම.හරිම අනුවේදනීයයි.තෑන්ක්ස් ඇනෝ.

      Delete
  16. 'කොටේ' මාර රහයි නෙව. //හිස නවාගති ඈ
    සිහින් රතැඟිලි පටලවාගති // ඔන්න ඔහොම කවි ටිකක් තියන පොතක් තිබුන අපේ ගෙදර. අමුතු කවි ඒකෙ තිබුනෙ. නව කව් සරණිය ද කොහෙද ඒකෙ නම.

    (දන්න කයියක් නැතත්, ඩිංගක් දණ ගාන්නට සිතුවෙමි.)

    පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    ඒ හඬ පරදා පෙර විඳි නිදහස ඉල්ලා සිත මොර ගසනු ඇසේ
    කාට කියන්නද කවුරු අසන්නද වියැකී ඇත ඒ සියලු රසේ
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

    ReplyDelete
    Replies
    1. නව කවි සරණිය තමයි චන්දන.ඒ කාලෙ උසස් පෙළට ඔය පොත් නියමවෙලා තිබුණා මට මතකයි.කවිය අපූරුයි.

      Delete
  17. ඔක්කොමත් හරි හැලප අයියගෙ පොත් ගැන මතකය ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒ මතකෙත් එක්ක බලත්දි තරුණ අපි කෑලේ නෙමේ ඇළේ :D

    කොහොම හරි ගුණරත්න අයියා කවිය නිසා ගොඩ ගියා.

    ReplyDelete
    Replies
    1. ඉහළ කිව්වත් වගේ මගේ තිබ්බ මතකය දැන් හරි අඩුයි ප්‍රියා.මතක් වෙන හැටියට ලියනවා.ගුණරත්න ගැන අහම්බෙන් මතක් වුනා.හොඳ වෙලාවට ලියාගන්න පුළුවන් වුනා.

      Delete
  18. මහගම සේකරයන්ගේ කවි නිර්මාණ වලට නම් මමත් බොහොම මනාපයි...එතුමාගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය තමන්ගෙ පියාට පුදලා තියෙන්නෙ මෙහෙමයි.

    විසල් සුදු ඩිමයි කඩදාසි මත

    තබා මහ කවකටුව දිග රූල

    ඇඳ නෙක මෝස්තර මල් හා කොළ

    කපා කැටයම් ඉඳු බොකුටු නියනින්

    විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි

    කුඩා කල සිටම මට කියාදුන් තාත්තට

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සිරා.මේ කවියත් ලියන්නට මතක් කළත් කෑලි කෑලි මිසක මුළු කවියම මතක් වුණේ නෑ.

      Delete
  19. කවී.!? ඊඊඊක්ක්ක්කා......... කවි.!? :-)

    ReplyDelete
    Replies
    1. කවි සවුත්තුද?මොනා කරන්නද බුරා.

      Delete
    2. කන්ට බැරිවුනාම මිදි තිත්තයි වගේ කවියක් ලියාගන්ට වෙලාවක් නැති වුනාම 'ඊක්කා කවි' කියලාවත් මාරුවෙන්ට එපායැ හැලපෙ.. :-D

      Delete
  20. ලැනරෝල් ලිව්ව එක පොතක් මට මතක විදියට "පාසැල් සමය". ඒකේ කොරතොට පංසල සහ දේවාලය, ගිණිමඩු උත්සවය, නවගමුව, කඩුවෙල බෝමිරිය ගැන සඳහන් වෙනවා. මගේ තාත්තගේ ගමත් ඔය පැත්ත නිසා මට ඒ පොත කියවලා විශේෂ රසයක් ලබන්න හැකි වුනා.

    ReplyDelete
    Replies
    1. පියසිරිගේ පාසැල් සමයෙ ලියවිලා තියෙන්නෙ ලැනරෝල්ගෙම කුඩා කාලයයි හෙන්රි.

      Delete
  21. Hapankam,Modakam,Purasaram potha Gena MATHALANge,Mama Kemathima,Poth 10,Lipiyata, September 10.Comment karamin,Mama kemathima poth 10n,5 weni potha htiyata Victor de lenarolge HapanModakam,Purasaram pothath, 4 weni Potha ohuge sohoura Samuel de lenarol ge wana Nadiyath namkala,( ema charikawata,pasuwa aliyek paharadeemen miyagiya Erick Swon da ethulath wee Thibuna) LANKADEEPA Arambaka Kathuwarayath(Juliyos de lenarol)owunge Sahodarayek,(Ranjan-D)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රංජන්.කරුණාකරලා මට මේල් එකක් එවනවද.
      helapakade@gmail,com

      Delete
  22. මට නං හිතෙන්නේ දෙවෙනි හෝ තුන් වෙනි පදයේ තම බිරිඳ මිලී ගැන සඳහනක් කරන්ම ඇතිය කියලායි. ඒ ගැන හිතලා වෙන්න ඕනෑ බොසා ආපහු ගමට මාරුව දුන්නේ!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි වෙන්න පුළුවනි.අපරාදෙ කකාටත් කවියක් ලියන්න තිබ්බනෙ.

      Delete
  23. //ඒ කාලයේ කවි ලියන්නන් විසින් හපන්කමක් ලෙස සලකන ලද කවියකට එළි වැට ගණනක් තැබීමේ සිරිතට //

    ඒ කවි ටික කියවත්දී මටත් හිතුනේ මෙන්න මේ ටික තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ දුෂ්කර බන්ධන ආදියත් එක්ක කවි ලියල තියෙන හැටි බලපුවම හිස කකියන්න ගන්නව රස විඳීම කෙසේ වෙතත්.

      Delete
  24. ඉතින් කොහොමද ආයේ ඉතින් කවි ලියන්නේ? ඔය තරමට එලිසම යොදන්න බැරිතැන...!!

    ReplyDelete
    Replies
    1. දැන් නං කවුරුවත් කවියෙ හැමතැනම එළිසමය රකින්න උනන්දු වෙන්නෙ නෑ චෙපාකි.

      Delete
  25. ගලපා ගන්න හැදුවත් හිස්තැන් කවියේ
    ගලපා ගන්න නොහැකිව තවමත් ලතවේ
    ගලපා ගන්න හැකි වුනොතින් හිස් තැන් කවියේ
    ගලපා ගත්තු සැනෙකින් එමි හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. පදබැඳගන්න හැදුවත් ඔබහට කයිය
      පාඩම් නැති නිසා කවි අමතක උනිය
      ගැළපුවත් නැතත් හිස් තැන් කම් නැතිය
      ඇවිදින් ඒ ගැනත් කියපං ඉස්තුතිය

      Delete
  26. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    මිතුරන් ළඟ නැති කල උන් පමණයි මතකය ආපසු දුවයි ලසේ
    එදා ගැලූ රස කව් මී මධු මී කෙදිනක අමතක කරමි කෙසේ
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

    හැලපෙ, මාතට එක් දෙන්ඩ...චන්දනට දෙක දෙන්ඩ...මට කොටේ එවංඩ හොඳේ...

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු..

      උඹගේ එකයි චන්දනගේ එකයි දෙකම එක්සලන්ට්.. ඒත් චන්දනගේ එක ඉස්සරහින් ඉන්නවා.. ඒ කියන්නේ කොටේ මට.. ඒත් තව එකෙක් නොලිවොත්..

      Delete
    2. දෙන්නටම තැන්කිව් ය !

      හැලප අයියගෙ අමතක වීම නිසා, Visitor V ගෙ කවියත් ඇතුළුව ලියවුනු මේ කවි ටික නම් මං උපරිමයෙන් රසවින්දා. තව කවුරු කවුරු හරි කයියක් ලියල යනව නම්... ආයෙ ඇවිල්ල මට කකුල් උඩ දාගෙන කියවන්න පුළුවන්, චිත්තරෙකුත් මවාගෙනම. :)

      Delete
    3. යකෝ නියමයි විසිටර්.කොටේ දෙන්න වටිනවා.

      Delete
    4. අදාල අයගේ දැනගැනීම සඳහා...
      ලසේ යන වචනයෙහි අරුත විගස immediatetly යන්නයි.

      Delete
  27. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    මිවිත නොමැතිව දිව ගිලෙන්න යයි වතුරෙන් එ දුක නිවමි කෙසේ
    මිලියත් ලගනැත කැමත් රසනැත අම්මප පුරුවෙ පවක් ලෙසේ
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ

    ReplyDelete
    Replies
    1. හප්පට බොල උඹට කවි ලියන්නත් පුළුවන්නේ...

      Delete
    2. අම්මප දමිත් බොට සැලකුව මදිනෙ.බ්ලොගේ කතා ලියන එක නෝනට බාරදීල උඹ කවි ලියන්න ගනිං.

      Delete
    3. හැක් හැක් අපෙත් තියෙනව හැන්ගිච්ච එවුව මෙවුව සැහෙන්න හරිය

      Delete
  28. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
    වතුර මෝටරේ ගොරහැඬි නාදේ සවනට නොම දේ කිසිඳු රසේ
    කුමක්ද පෙර මා සිඳුකල පාපය අසමින් කඳුලින් දෑස වැසේ
    ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ...

    කොහොමද මගේ කවිය... හැක හැක...
    අහිංසක අබේ පව්...


    ජ ය වේ වා !!!
    ලියපු

    ReplyDelete
    Replies
    1. පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
      signal නම් ඇත මට විතරක් නැත නිට්ටඹුවට වි සිටිමි තොසේ
      පස්යාලට යන එන අතරේ මං ගොඩවී වින්දෙමි හැලප රසේ
      නිට්ටඹුවක් හා තනිවී වන මැද රජයට සේවය කරමි මෙසේ

      Delete
    2. දැන් මෙතන විදානෙ ලියපු කවිය කෝකද.

      Delete
  29. ඔන්න ඕකනේ අපිත් කියන්නේ කවි ලියන්න පුරුදු වෙන්න කියලා.......... කවිය මාරයි...... තෑන්ක්ස් හැලපේ.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ළමයි.

      Delete
  30. මාතයියන්ඩි කවිය පුරවපු හින්දා නිකන් ඉන්න්නවා නැත්තන් මම පුරවන්න හැදුවේ (හි..හි...රැවටුනා).
    එල ද බ්‍රා..මට නම් අර කවි ටික බර වැඩි.

    ReplyDelete
    Replies
    1. කවි බර වැඩි නං නිසඳැසක් ලියල දාන එකයි.

      Delete
  31. කොහොමත් හැලපතුමාට හොඳ මතකයක් තියෙනවනේ ඒ ගැන පුදුම නෑ.. මොකද කතාවක් කියන්න ගියත් ඒ ඇතුලේ අතුරු කතා තව ගොඩක් තියෙනවනේ.. :)

    //මා මිය ගිය දවසක
    සොහොන් කොතේ
    ලියන්න දුක් ගීයක්
    නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්

    අඩ සඳ බැස ගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    රෑහි නගන රැව් අතරින්
    එතකොට ඒ ගී හඬ මට ඇසේවි

    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී හඬ මට කියාවි.// මේ පද පේලි ටිකට වැඩිපුර හිත ගියා..

    ReplyDelete
    Replies
    1. නිසඳැසට තුශානිගේ හිත ගිහිං වගේ.සේකරයන්ගේ නිසඳැස් ගොඩක් බොහෝ ජනප්‍රිය ගීත බවට පත්වෙලා තිබෙනවා.ස්තූතියි තුශානි.

      Delete
  32. වික්ටර් දුකී දෙ ලයි ද ලැනරෝල් අප්පුහාමි
    වහු පැටියට 'දුකී' කියල හණ ගහපු හැටි ලියල තිබුණ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් පවුලෙ හැම කෙනාම දුකී නිසා බාප්ප කෙනෙක් වහු පැටියව අල්ලං ගිහිං.ඊට පස්සෙ මුළු නමම හණ ගහන්න උනාලු.

      Delete
  33. මාරුව නිසා හද ගැහෙනා වී බිරිය
    බමරේ නිසා කණ වැටෙනා කීකිරිය
    තනි කම නිසා ගත වැටෙනා දී හිරිය
    මට නම් දැන් මුලු දිවියම අමිහිරිය

    ReplyDelete

ඔබේ අදහස්