අද අපේ දවස නිසා අලුතින් පෝස්ට් එකක් ලියනවමයි කියල හිතාගත්තා,නමුත් හදිසියට පෝස්ට් එකක් ලියාගන්න බෑ, අනික ඔන්න දැන් මම එකක් ලියනව කියල හිතාගෙන ඉඳගත්තට ලියන්න බෑ එන්නෙ නෑ, ඉස්සෙල්ලම හිතේ කතාව ලියවෙලා මෝරලා එහෙම එලියට එන්න ඕන ඊට පස්සෙ අඩුපාඩු හදල නිවැරදි කිරීම් කරල පළකරන්නට පුළුවනි.
අපට ලියන්න ඕනැවෙලාවට ලියවෙන්නෙ නෑ කියන කියුම ඉස්සර මමත් විශ්වාස කලේ නෑ,මම හිතං හිටියෙ ලියන්න හිතුනම ලියන්න පුළුවන් කියලයි,ඔයිට සමාන කතාවක් මීට සෑහෙන කාලෙකට ඉස්සෙල්ල මට අහන්න ලැබුණත් මම ගණන්ගත්තෙ නෑ,ඒ කතාව මෙහෙමයි...
කාලය මීට අවුරුදු විසි ගණනකට පෙර මම දෙසතියෙ බෙදාහැරීම බාරව කටයුතු කරන සමය,ඒ අවුරුද්දෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවය හංවැල්ලෙ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන්නට නියමිතව තිබු අතර දෙසතිය සඳහාද ප්‍රදර්ශන කුටියක් සංස්කෘතික අමාත්‍යාංශයෙන් වෙන්කර තිබුණා,ඉතිං ඔය කුටිය බාරගන්න මට හංවැල්ලෙ යන්න තිබ්බෙ සෙනසුරාද දවසකයි,ඒ කාලෙ අපේ දෙසතිය බෙදාහැරීම් අංශෙ තිබුනෙ මැලේ වීදියෙ ඉස්සර අධ්‍යාපන අමාත්‍යංශෙ තිබුනු පරණ බිල්ඩින් එකකයි.
මම ගමන යොදාගත්තේ මෙහෙමයි, මැලේ වීදියෙන් පිටත් වෙලා හංවැල්ලෙ පහත්ගම හිටපු මගේ සහායකය වන රාජපක්ෂලගෙ ගෙදර ගිහිං උදේ කෑම කාල රාජවත් දාගෙන ඉස්කෝලෙට ගිහිං ඒ කටයුතු ඉවර කරල ආපහු එන ගමනෙදි ඒ ලඟපාත පදිංචිවෙලා හිටපු අපේ ඔෆිස් එකට අලුතින් ආපු කෙල්ලක් වන රම්‍යගෙ ආරාධනාව අනුව එහෙන් දවල් ආහාරය අරගන රාජවත් ගෙදරින් දාල කොළඹ එන්නයි...
ඔන්න නියමිත සෙනසුරාද උදේ මම මහව කෝච්චියෙ කොළඹ එද්දි ගනේමුල්ලෙන් කුමාර ගොඩවුනා...
කොහෙද බං අද යන්නෙ...
අද මෙන්න මේ රාජකාරියකට හංවැල්ලෙ යන්න තියෙනව බං,ගිහිං එන්න යනවා...
අපි දෙන්න කතා කරමින් කොළඹට ආවත් කුමාර සුපුරුදු විදියට දෙමටගොඩින් බැස්සෙ නෑ, මාත් එක්කම කොටුවට ආවා,කොටුවෙදි කුමාර වෙන අතකට යයි කියල හිතුවට මු මාත් එක්කම එනව...
මොකෝ උඹ අද වැඩට යන්නෙ නැද්ද...
වැඩට යන්න කම්මැලියි බං, අනික ගියත් වැඩක් කරන එකක්යැ ඊට හොඳයි උඹත් එක්ක හංවැල්ලෙ යනව...
කුමාරගෙ ඔය වගේ අප්‍රබ්‍රංස වැඩ මටත් අපේ ඔෆිස් එකේ අයටත් හොඳට පුරුදුයි,සතියෙ දවස්වලත් දවල්ට කුමාර අපේ ඔෆිස් එකට ඇවිත් කට්ටියත් එක්ක කයිය ගගහ ඉන්න එක කාටත් සුපුරුදු දෙයක්,මාව හම්බවෙන්න ඇවිත්ම කුමාර අපේ ඔෆිස් එකේ ගොඩ දෙනෙක්ව අඳුනනවා ...
ඔෆිස් එකට ගියාම රියදුරු ආසිරිත් ඔහු පදවන L 300 වෑන් එකත් අපේ ගමනට වෙන්කර ඇතිබව දැනගෙන වැඩිපුර කාලය ගතනොකර පිටත්වෙමු කියල ඇවිත් වාහනේ ඉඳගත්ත විතරයි ප්‍රවාහන නිලධාරී පීරිස් දුවගෙන ඇවිත් මමත් එනව හංවැල්ලෙ යන්න කියල වාහනේට ගොඩවුනා, ඒ පස්සෙන්ම අපේ සී සී හේරත් දුවගෙන එනවා...
උඹල ඔක්කොම ගියාම මම කොහොමද තනියම මේකෙ ඉන්නෙ...
හේරතුත් නැගගත්තා, ඔන්න දැන් මම තනියම යන්න ආපු ගමනට කුමාර,පීරීස් සහ හේරත් එකතුවුනා ආසිරියි පහයි, දැන් වාහනේ කෙලින්ම හංවැල්ලෙ රාජලයි ගෙදර බලා ධාවනය වෙනව,කට්ටිය දාගත්තට මොකද මට ටිකක් බයයි,රාජ මම විතරක් එනව කියල හිතාගෙන කෑම ලෑස්ති කරල තියෙනකොට තව හතරදෙනෙක් වැඩිපුර උස්සං ගියාම මොනව හිතයිද, දැනුම් දෙන්න විදියකුත් නෑ කමක් නෑ එහෙම උනොත් කඩෙන් හරි කන්න අරං දෙන්න බැරුවයැ,මම ඔන්න ඔහොම හිතමින් හිටියා...
දවසක්දා ඔහොම වැඩක් මටත් උනානෙ,කළුතර ඉන්න සරත් අයිය දවසක් මළගෙදරකටද කොහෙද ගමේ ඇවිත් ඉද්දි මම රෑ කෑමට අපේ ගෙදර එන්න කියල කිව්වා...
මල්ලි මට ඔය බත්, තෙල් බැදුම් ජාති එහෙම ඕනැ නෑ සුලුවෙන් පාන් කෑල්ලක් ලෑස්ති කළොත් හොඳටම ඇති...
කියපු විදියටම මම එදා රෑට පාන් එක්ක මිරිසට උයපු මාළු හොදි ,පරිප්පු හොද්ද සහ තක්කලි සලාදයක් සූදානම් කළා...
සරත් අයිය රෑ අටට විතර අපේ ගෙදර කෑමට ආවෙ පවුලෙ නෑදෑයො තව හයදෙනෙක් එක්කයි,මට කටඋත්තරත් නෑ බිරිඳ මට හොඳටම දොස් කියනව...
ඔයා කලින් කියන්න එපායැ දැන් මොකද කරන්නෙ...
මම දන්නවෑ මම හිතුවෙ සරත් අයිය විතරක් ඒවි කියලනෙ...
කොහොමත් බෝතල් සාදෙ ඉවරවෙලා කට්ටිය කෑම මේසෙට යද්දි පැයක් විතර ගතවුනා, ඒ කාලෙ ඇතුළත ටක් ටක් ගාල නූඩ්ල්ස් ටිකක් සුදානම් කරගන්න පුළුවන් වෙච්චි නිසා එදා යන්තං හංදුරුකම බේරගත්තා...
ඒ වුනාට එදා මට වුන වැඩේ නං මෙදා රාජට වුනේ නෑ,ඉඳිආප්ප,කහ පොල් මැල්ලුම, මාළු හොදි, රෝස් පාන්, වන්ඩු,පුවාලු කෙහෙල්ගෙඩි ආදියෙන් සමන්විත ප්‍රනීත කෑම මේසෙ දහ දෙනෙකුට උනත් ඇතිවෙන්න සුදානම් කරල තිබ්බා...
දෙසතියෙ වැඩ කරපු කාලෙ අපි කට්ටිය කොහෙ ගියත් අන්තිමට වාහනේට ගොඩවෙන කෙනාගෙ ගෙදර කෑම සුදානම් කරන එක ලියපු නැති ගිවිසුමක් වගේ ස්ථිර වෙලා තිබුණා,ගොඩක් වෙලාවට ඔය වැඩේ පැවරුනේ මටයි,ඒ කාලෙ මම බැඳලත් නැති කොල්ල , මමත් කොහොම හරි අම්මට කියල කෑම ටික ලෑස්ති කරවල තියනව,කොල්ලො වැඩිපුරම ආස වුනේ අපේ අම්ම හදන කහ පොල් මැල්ලුමත් එක්ක ඉඳිආප්ප කන්නයි...
බුත්තල ගම් උදාව තිබුණු වෙලාවෙ ගම් උදාව ගැන දෙසතිය කවරයේ කතාවක් කරන්න අවශ්‍ය විස්තර හොයාගන්නයි,අපේ දෙපාර්තමේන්තුවට වෙන්කරල තිබුණු බිල්ඩිම බාරගන්නයි ආදී වැඩ දෙකතුනකට අපි කීපදෙනෙක් බුත්තල යද්දිත් උදේට කෑමට ඉඳිආප්ප අම්මට කියල හදාගෙන එන්න කියල ඔක්කොමල කිව්වා,එදා නං මම ඉඳිආප්ප ප්ලාස්ටික් බාල්දියක් පොල් මැල්ලුමත් එක්ක අරං ගියා ...
යන අය පටවගන්න මග නැවති නැවති උදේ කෑමත් කාල බුත්තලට යනකොට හොඳටම දවල් වුනා,කඩේකින් දවල් කෑමත් අරං අපේ ගොඩනැගිල්ලට ගිහිං නාල කාල ඇඳුම් මාරුකරගෙන එහෙම අපි නිවාස ඇමති හම්බවෙන්න ගියා,අපට හවස හතරට වෙලාව දීල තිබුනට අපි නිවාස අමාත්‍යංශයට යද්දි නිවාස ඇමති සිරිසේන කුරේ හිටියෙ නෑ, ඒ ගමන අපි ආපහු ඇවිත් අපේ තැනට වෙලා ඉද්දි,
යන අය පටවගන්න මග නැවති නැවති උදේ කෑමත් කාල බුත්තලට යනකොට හොඳටම දවල් වුනා,කඩේකින් දවල් කෑමත් අරං අපේ ගොඩනැගිල්ලට ගිහිං නාල කාල ඇඳුම් මාරුකරගෙන එහෙම අපි නිවාස ඇමති හම්බවෙන්න ගියා,අපට හවස හතරට වෙලාව දීල තිබුනට අපි නිවාස අමාත්‍යංශයට යද්දි නිවාස ඇමති සිරිසේන කුරේ හිටියෙ නෑ, ඒ ගමන අපි ආපහු ඇවිත් අපේ තැනට වෙලා ඉද්දි,
''ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැමිණි කණ්ඩායමට වහාම නිවාස අමාත්‍යංශයට පැමිණෙන ලෙස ගරු නිවාස ඇමතිතුමා ඉල්ලා සිටී''
කියල ඉස්පීකරෙන් කිව්ව නිසා අපිත් වහ වහා නිවාස අමාත්‍යංශයට ගියා,අම්මෝ ඇමතිවරය හම්බෙන එක බොහොම අමාරුයි අවසේස කෙනෙකුට එහෙම පැත්ත පළාතක යන්න දෙන්නෙ නෑ,අපිව නං බොහොම ආදරයෙන් පිළිඅරගෙන වාඩිවෙන්න කියල බොන්න සිසිල් බීමත් දීල, උදේම කොළඹින් පිටත්වෙච්ච ගමන් නේද,දවල්ට කෑම කාලද කියල එහෙම අහල දෙසතියෙ ලියන කණ්ඩායමත් එක්ක ඉන්ටවිව් එකත් කළා,ඔක්කොම වැඩ ඉවර කරල ආපහු එන්න වෑන් එකට නගිද්දී කරුවලත් වැටිල,මග දිගට පිස්සු නටාගෙන ගෙදර එද්දී පහුවදාට එළිවුනා...
කෑමට ආරාධනා කිරීම ගැන කියද්දි මට තව කතාවක් මතක්වෙනව අමතකවෙන නිසා ඒකත් කියලම ඉන්නං...
ඒ අපි චෙන්නායි වල හිටපු කාලෙ, දවසක්දා කේමදාස මාස්ටර් වකුගඩු අමාරුවට බේත් ගන්න චෙන්නායි ඇවිත් ඉද්දි මාව මුණගැහුනා,ඒ දවස්වල අර්ජුන ලංකාවට ගිහිං හිටපු නිසා මාස්ටර් නැවතිල හිටියෙ මහාබෝධියෙ, මාස්ටර්ට අවශ්‍ය වැඩ ටික කරල දීල එහෙම අපි ටික වෙලාවක් සතුටු සාමීචියෙ යෙදෙමින් ඉද්දි මම මාස්ටර්ට පහුවදා රෑ කෑමට ආරාධනා කළාම මාස්ටරුත් ආරාධනාව පිළිගත්තා...
මාස්ටර් සමුගෙන ගිහිං ටික වෙලාවකින් ඒ සංදියෙ මහාබෝධියෙ කළමනාකරු වෙලා හිටපු ජයතුංග මහත්තය මට කතාකළා...
හෙට රෑ කේමදාස මාස්ටරුත් එක්ක මම එනවා,හැබැයි මාස්ටර් සැර බීම ජාති බොන්නෙ නෑ ලෙඩේට හොඳ නෑනෙ, එතකොට වැඩිපුර මිරිස් සැරට හදපු හොදි මාළුපිණි කන්නෙත් නෑ...
හරි හරි එහෙමනං මම බියර් දෙන්නංකො ඒකත් සැර නං නොබීම හිටපුදෙන්,එතකොට මාස්ටර්ට වෙනම සැර නැති හොදි මාළුපිණි හදවන්නං එහෙම හොඳනෙ...
ඔය කතාව මම බිරිඳට කියපුවම ඇය පොඩ්ඩක්වත් මිරිස් සැර නැති කිරිහොදිත්,සුදට වැටකොළු වැංජනයකුත් මාස්ටර්ට විශේෂයෙන් පිළියෙළ කළා,පැණිරසත් අගුණ නිසා අනිත් අයට කන්න වටලප්පන් හදද්දි මාස්ටර්ට බාගෙට ඉදුණු කෙසෙල්ගෙඩිත් ගස්ලබුත් ගෙනත් තිබ්බා...
ඔන්න පහුවදා රෑ මාස්ටර් ජයතුංග මහත්තයත් එක්ක අපේ ගෙදර ආව,ඊට අමතරව බන්දූ,ටෙරන්ස් නාගේෂ්වරන්, අසෝකන් ආදී කණ්ඩායමත් සුපුරුදු විදියට ඇවිත් හිටියා...
සතුටුසාමීචියෙ යෙදෙන ගමන් බෝතල් පාටියත් පටන් ගත්තා,මාස්ටර්ට තියල තිබුණු බියර් දිහා ඔහු බැලුවෙවත් නෑ, බ්ලැක් ලේබල් ග්ලාස් එකක් කටකපල වක්කරගත්ත
මාස්ටර් බ්ලැක්ලේබල් දෙකතුනක් දාගෙන කෑමට ගිහිං හොඳට මිරිස් සැරට හදල තිබ්බ චිකනුයි රතුම රතු පොල් සම්බෝලයි එක්ක ඉඳිආප්ප කෑවා,විශේෂයෙන් හදල තිබ්බ කිරිහොදි,වැටකොළු හොදි එහෙම ඇල්ලුවෙවත් නෑ...
කාලෙකින් ෂෝක් ඉඳිආප්ප ටිකක් කෑවා...
කියල කෑමෙ රස පාරට්ටු කරපු මාස්ටර් වටලප්පන් කෝප්පෙකුකිනුත් සප්පායම් වුනා,කෑම ඉවරවෙලා කට්ටිය යන්න ගියාට පස්සෙ බිරිඳ මට වදේ ගැහුවා...
සැර දේවල් කන්නෙ නෑ කියපු කෙනා ඔය අගේට සැර නැති ජාති කෑවෙ,කියල හදෝගත්ත වැටකොළු, කිරිහොදි ටික ඔයාවත් කන්න...
ඊට පස්සෙ කීප වතාවක්ම මාස්ටර් චෙන්නායි වලට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආවම මට මුණගැහුනා,ඒ වුනාට කෑම ගැන බණ නං ආයෙම කිව්වෙ නෑ,එතකොටත් මාස්ටර්ගේ වකුගඩු දෙක හොඳටම නරක්වෙලා කියල මාස්ටර්ම මාත් එක්ක කිව්වා,ඒ දවස්වල මාස්ටර් නතරවෙලා හිටියෙ අර්ජුනගෙ ගෙදර...
මහාබෝධියෙ වෙසක් උත්සවේට අර්ජුනල අපි බැහැලම වැඩකලා,එතකොට මහාබෝධියෙ පාලනය වෙනස්වෙලා ජයතුංග මහත්තයල හිටපු හාමුදුරුවරු එහෙම ආපහු ගිහිං අලුත්ම හාමුදුරුවරු සැට් එකක් පත්වෙලා ආව කාලෙ,ධම්මාලෝක පොඩි හාමුදුරුවන්ට වෙසක් උත්සවය සරුවටම කරන්න අවශ්‍යතාව තිබුණා...
වෙන අවුරුදුවල වෙසක් එකට රැස්වීමක් තියල එන අය පැය ගණන් දෙමළෙන් කතා පවත්තනව අහගෙන ඉඳල තිත්ත වුනාම ඔය මුරුක්කු ටිකකුයි වඩේයි කන්න දීල බොන්න අඹ ජුස් පැකට් එකක් දීල වෙසක් උත්සවේ ඉවර කරනව වගේ නැතුව මේ වෙසක් උත්සවය බොහොම උත්කර්ෂවත් විදියට කරන්නට කට්ටිය උනන්දුවෙන් වැඩ කළා
කෙනට් ලේන් එක දිගේ මහාබෝධියට පෙරහැරක් එන්නයි,උත්සව සභාව ඉහළින්ම පවත්වන්නයි,වෙසක් කූඩු හදල පන්සල මිදුලෙ එල්ලන්නයි ආදී වශයෙන් වැඩ රාශියක් කරන්නට තිබුන නිසා අපි බොහොම කාර්යබහුල වෙලා හිටියෙ,එතකොට මහාබෝධියේ ඉඳල ලංකාවට සජීවී රේඩියෝ ප්‍රචාරයක් දෙන්න ලක්හඬේ නිවේදකයෙකුත් ඇවිදින් හිටියා...
දවස් ගාණක් මහන්සිවෙලා කරපු වෙසක් උත්සවේ ඉතාම සාර්ථක ආකාරයට නිමාවට පත්වුනා,පෙරහැර ලස්සනට වීදි සංචාරය කළා ,උත්සවයෙදි වෙනද පැය ගාණක් එපාවෙනකන් දෙමළෙන් කියවන ඩොක්ට සිද්ධාර්ථන්ටත් එදා කතාකරන්න දුන්නෙ විනාඩි පහයි,ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා ආරාධිතයන්ට තේ පැන් සංග්‍රහය ලෑස්ති කරල තිබුණු උඩ තට්ටුවට ආරාධිතයො යද්දී අපි කණ්ඩායමක් වෙන පැත්තකට ගියෙ කලින් ලෑස්ති කරලා තිබ්බ වෙන සංග්‍රහයක් හොරෙන්ම භුක්ති විදින්නයි...
උඩට නැගල බිරිඳ ඇතුළු කාන්තාවො ළමයි එහෙම දකුණු පැත්තට යද්දී අපි වම් පැත්තට යනව එක්කෙනෙකුට වසංගන්න බැරිවුනා,ඒ සංඝානන්ද හාමුදුරුවෝ,සංඝානන්ද හාමුදුරුවොත් මෑතකදි මහාබෝධියට ආපු තරුණ හාමුදුරු නමක්,මේ හාමුදුරුවො බොහොම මිහිරි හඬින් බෝධි පූජා කවි ආදිය කියනව අහං ඉන්න ලස්සනයි, හාමුදුරුවන්ව ලංකාවෙ ඉඳල ගෙන්න ගත්තෙත් ඔය හැකියාව හින්දම වෙන්න ඇති ...
මහත්තයල සෙට් වෙන්න වගේ...
අපි කට්ටිය හයියෙන් හයියෙන් කාමරේ පැත්තට යද්දී සංඝානන්ද හාමුදුරුවො ඇහුවා...
ඔව් හාමුදුරුවනේ එනවද...
කියල කටගන්න හම්බවුනේ නෑ මෙන්න පොරත් අපි පස්සෙන් එන්න ගත්තා...
ඊට පස්සෙ සිදුවුණු සිදුවීම් ගොන්න හරිම රසවත් සහ සදා මතකයේ රැඳෙන සුළුයි,නමුත් ඔය කතා කියන්න ගිහිං සුචරිතවාදීන්ගෙන් සහ මූලධර්මවාදීන්ගෙන් එක එක ජරා කතා අහගන්න මම කිසිසේත්ම කැමති නැති නිසා ඒ කතාව මෙතැනින් නවත්වන්නට සිද්ද වෙන බව කියන්නට කැමතියි...
ඉතිං හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල බුත්තල හරහා චෙන්නායි යන්න වුන නිසා රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙ කතාව කියන්න බැරිවුනා,දැන් ලිව්වොත් කතාව දිග වැඩිවෙනව ඒ නිසා සාහිත්‍ය උත්සවයෙ කතාව ආයෙම ලියන්න වෙනවා.
මහත්තයල සෙට් වෙන්න වගේ...
අපි කට්ටිය හයියෙන් හයියෙන් කාමරේ පැත්තට යද්දී සංඝානන්ද හාමුදුරුවො ඇහුවා...
ඔව් හාමුදුරුවනේ එනවද...
කියල කටගන්න හම්බවුනේ නෑ මෙන්න පොරත් අපි පස්සෙන් එන්න ගත්තා...
ඊට පස්සෙ සිදුවුණු සිදුවීම් ගොන්න හරිම රසවත් සහ සදා මතකයේ රැඳෙන සුළුයි,නමුත් ඔය කතා කියන්න ගිහිං සුචරිතවාදීන්ගෙන් සහ මූලධර්මවාදීන්ගෙන් එක එක ජරා කතා අහගන්න මම කිසිසේත්ම කැමති නැති නිසා ඒ කතාව මෙතැනින් නවත්වන්නට සිද්ද වෙන බව කියන්නට කැමතියි...
ඉතිං හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල බුත්තල හරහා චෙන්නායි යන්න වුන නිසා රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙ කතාව කියන්න බැරිවුනා,දැන් ලිව්වොත් කතාව දිග වැඩිවෙනව ඒ නිසා සාහිත්‍ය උත්සවයෙ කතාව ආයෙම ලියන්න වෙනවා.
//මාස්ටර් බ්ලැක්ලේබල් දෙකතුනක් දාගෙන කෑමට ගිහිං හොඳට මිරිස් සැරට හදල තිබ්බ චිකනුයි රතුම රතු පොල් සම්බෝලයි එක්ක ඉඳිආප්ප කෑවා,විශේෂයෙන් හදල තිබ්බ කිරිහොදි,වැටකොළු හොදි එහෙම ඇල්ලුවෙවත් නෑ..//
ReplyDeleteමේක කිව්වම මතක් උනේ අපි හයදෙනක් දවසක් මිතුරෙකු ගේ නිවසට ගියා. එහෙදී ඕං බොන්නේ මස් ජාති කන්නෙ නැති එකෙකුත් හිටියා. අනික් උන් හොදටම බිව්වා එකෙකුටවත් කන්න බෑ නිදාගත්ත. පහුවදා උදේ අපේ මිත්‍රයගේ අම්මා අහපි "පුතාල සේරම මස් කන්නෙ නැද්ද?" කියල. පස්සෙ බැලුවමයි වැඩේ තේරුනේ නොබීපු එකා පස්දෙනාගෙම කෑම කාල මස් පීරිසිය එහෙමමයි..
ඉතින් පහුවදා දවල්ට එලවලුයි බතුයි විතරයි..
රසබර අද්දැකීමක සෙඳුරු මතකයක්..
ජය වේවා!!!
යාලුවගෙ බඩ බඩක්ද අම්බලමක්ද විදානෙ,යකෝ පස්දෙනෙක්ගෙ කෑම කන්න.නැතිවෙන්න ගැහුවට හොඳම වැඩේ,කාපල්ලකො එලවලුයි බතුයි.
Deleteවිද්දෙ හාවට වැදුනෙ පදුරට කීවලු...
ReplyDeleteකොහෙද යන්න ගියෙ කොහෙද නතර වුනේ... නැද්ද... අරක්කු කේස් එක කියද්දි ඔලුවට ආවෙ... ලංකාවෙ හුගක් වටින මිනිස්සු නැති වෙලා තියෙන්නෙ මතට අධික ලෙස ඇබ්බැහි වීම නිසා නේද...
දෙසතිය කාලයක් මං කොහෙන් හරි හොයන් කියෙව්ව... ඒත් අළුත් ඒව නං නෙමේ... දැං නං එනවද නැද්ද දන්නෑ... දකින්න වත් නෑනෙ...
ඉදල හටල මුතුහර වගේ මැගසින් එකක් හමුබුනොත් තමා... අර ලංකාදීපෙයි මව්බිමෙයි බච අහල තිත්ත වෙලා ඉන්නෙ දැං
අපොයි ඔය බීම නිසා තව කාලයක් සිටිය යුතු මිනිස්සු කී දෙනෙක් රටට අහිමි වෙලා තියෙනවද මහේෂ්.දෙසතිය දැන් දෙසතියකට වරක් නෙවෙයි මාසෙකට දෙකකට වරක් පිටවෙන ප්‍රකාශනයක් වෙලා තියෙනව.
Deleteහංවැල්ලෙ යන්න ගිය මනුස්සය නැවතිලා තියෙන්නෙ චෙන්නායි වලනෙ. :D
ReplyDeleteසුචරිතයින්ට හෙන ගහගන්න කියල අර මහාබෝධියෙ සෙට් වෙච්ච ටිකත් දැම්මනං නරකද?
මහාබෝධියේ සෙට් වුනු හැටි ලියන්න හරිම ආසයි ඇනෝ,නමුත් ඔබ දැක්කද දන්නෙ නෑ එක පෝස්ට් එකක මම පොන්නය කියල කෙනෙකුට කිව්ව කියල ඇනෝල මාව මරාගෙන කන්න හැදුව.
Deleteහමූදුරුවරුත් එක්ක සෙට් උනාම පට්ට ආතල්. මම ආස අඳකඩෙත් එක්ක දාන ඩාන්ස් වලට. සිවුරු දාගෙන මොන පවක් ගෙවනවද කියලා හිතෙන්නේ ඒ වෙලාවට. නම් ගම් කියන්න ඕන නෑ. බොහෝම පින්වත් හාමුදුරුවරු.
ReplyDeleteඉඳියප්පම් කන්න කියාපු කෑමක් තමයි කූනිස්සෝ, ගොරක කෑල්ලක් එහෙම දාලා හදන පොල් මැල්ලුම. ඇදලා අරින්න පුලුවන් ඕන තරම්. මට හොඳට මතකයි, සිරිපාදේ ගිය වෙලාවේ, කෙහෙල් කොලේ ඔතාගෙන ගිය ඉඳියප්පම්, රතූලෑණු සීනී සම්බලයි, පට්ට කියන්නේ අදත් කටට කෙල උනනවා. ඕක කෙහෙල් කොලේ එතුවේ නැත්නම් ඔරිජිනල් රහ එන්නේම නෑ.. මේ ළඟදී නෝනගේ ගමේ උන්වත් අරගෙන දව්ස දෙකක් කතරගම ගියා ලේලන්ඩ් බස් එකක. ඒ දවස් දෙකෙත් කෑම ටිකක් කෑවා හැලපේ.. කියන්න වචන නෑ. වාහනේ ගියත් ඔය වන්දනා නඩ නවත්තලා කෑම කන තැනවලින් අපි කෑම ටිකක් ඉල්ලගෙන කාලා තියෙනවා අනන්තවත්. දැන් නම් ඒ දේවල් කරන්න බෑ නෝනයි, පොඩි එකයි එක්ක. ඒ දෙන්නට රෙස්ටුරන්ට් මේනියාව හොඳම එක.
දෙකක් වැදුණු හැටියෙ පොරවල් සිවුර ගලෝල විසිකරනවා පුටුවක් උඩට,ඊට පස්සෙ නටපන් අම්මා බුදු නැටිලි.පිංවත් කියන්නෙ පුදුම පිංවත් හාමුදුරුවරු.
Deleteඅපි මෙදා සැරේ කතරගම යද්දිත් ඔය දොළදුක් කෑම හදාගෙන ගියා මචං මගේ දොලදුක නිසාම.පොඩි උන්ට ගෑනුන්ට තියන රෙස්ටුරන්ට් මේනියාව ගැන නං කියල වැඩක් නෑ බං මල පයිනවා.
කොහොමද බන් මේවා කියනකොට පොරවල් කෙන්ති ගත්තොත් කියලානේ බය. මචං මම දන්න සාධු බුවාලා හිටියා ජොයින්ට් එක ගහන. වැදුනාම දෙන ටෝක් මීපැණි වගේ බන්. එක්කෙනෙක් හිටියා චිත්‍ර අඳිනවා ජොයින්ට් එක දාගෙන. එදාට අදින්නේ ගෑණු රූපයක් නම් කවියෙන් සාහිත්‍යයෙන් ටෝක් එකක් දීගෙනම තමයි වැඩේ යන්නේ. මාර රසයි.
Deleteහාමුදුරුවොත් මාරයි..
ReplyDeleteමට මතක් වුනේ අපේ තාත්තල මල ගෙදරක යද්දි ගුරු මණඩලේ අයත් එක්ක මල ගෙදර ගිය අපේ ගමේ හිටපු ලොකු හාමුදුරුවෝ. ස්ටාෆ් එකේ ටීචර් කෙනෙක්ගෙ හස්බන්ඩා “බලපල්ලා අපිට බොන්න සෝඩා ටිකක් වත් නැහැ “ කියල කෑ ගහද්දි හාමුදුරුවෝ වෑන් එක නවත්තලා සෝඩා බෝතලයක් අරන් දුන්නලු.
“ඕව ඔහොම තමා මහත්තයෝ...“ කියල ඩ්‍රයිවර්ට කියල. පස්සෙ කස්ටිය පිටි පස්සෙ සැට් වෙලා...
මොනව කරන්නද සෑම් හාමුදුරුවො හිටිය කියල සොමිය කාල දාගන්න බැහැනෙ.යතාර්ථය හාමුදුරුවො දන්නා නිසා තමයි අරම කියල තියෙන්නෙ.
DeleteL 300 වෑන්/// මං අකමැතිම වාහන ජාතියකින් එකක් ,
ReplyDeleteසංඝානන්ද හාමුදුරුවො ඇහුවා///පොරත් අපි පස්සෙන් එන්න ගත්තා////
අනේ වාසනාවන් වැඩිඩ් දෙනෙක් ඔය බණෙ නම් හරි ලක්සනට දන්නවා ,රැට චිකන් කොත්තුව ගහලා ශොට දාලා හැම තැනම රවුම් ගහලා උදෙට සිවුර දා ගෙන බණ තලන අය ඉන්නෙ ...
දැන් ගහන අඩියක් පුඩියක් මතක තියන් ඉන්න ඕන ....ටිකක් වයසට ගියාම බොගට දාන්න ,දැන් ඔය ඉන්නෙ ලොක්කො අපිත් එක්ක ඒ කාලේ අඩි ගැහුවෙ කියලාවත් කියන්න බැරියෑ ..හැක් හැක්
ඔව් ඔව් දැන් අඩි පුඩි ගහන්න සෙට් වෙන අය මතක තියා ගනිං,අනාගතේ බ්ලොග් ලියද්දි ලියන්න බැරුවයැ.
Deleteහැලපේට තරං මේ වගේ මිහිරි මතක ගොන්නක් එක පාරට වමාරන්න කාටවත් බෑ. අන්තිමට දෙසතියේ ස්ටෝල් එකට මොකද උනේ කියන එක අභිරහසක්ම වෙයිද බොල.. රම්‍යාෙග් කෑම කොහොමද? උඹ ඉතිං මාස්ටර්ට හදපු කිරිසුදු වැංජන ටික කෑවද? හැක්.. හැබැයි උඹේ මොන කතාවෙත් කෑමක් නං නැති වෙන්නෑ ඒක ෂුවර්..
ReplyDeleteකෑමක් සෙට් වෙනවමනේ බොලේ,දෙසතියෙ ඉස්ටෝල් ඒකයි රම්‍යගේ ලන්ච් එකයි කතා ටික ඊළඟට ලියන්නං.
Deleteහැලපෙ, මේ දෙසතිය සඟරාව ගැන පොඩි විස්තරයක් කරන්න බැරිද? කාලෙකට ඉස්සර ඔයින් එකක් අපේ ගෙදරත් තිබ්බ වගේ මතකයි. ටැපලිලාද මන්දා මට මතක ඒකෙ දීප්ති කුමාර ලියපු හෑල්ලක් තිබ්බා වගේ. ඕක පල කලේ කව්ද, මොන අරමුණකින්ද?
ReplyDeleteදෙසතිය දෙසතියකට වරක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පලකරන සඟරාවක් ලෙස 1978 දී එවකට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්ව සිටි දැන් ජ්‍යෙෂ්ට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ආරම්භ කළා.
Deleteරජයෙන් කරපු සඟරාවක් වුනත් ඉතාම ස්වාධීනව කරගෙන යන්නට සියළුම පහසුකම් ලබාදී තිබු නිසා මුල් කාලයේ ඉතාම ජනප්‍රිය සඟරාවක් බවට පත්වුනා.90 දශකයෙ මමත් සම්බන්ධ වෙලා හිටියා.දැන් නං කොහොමද කියල දන්නෙ නෑ.
කෝ මේකේ සාහිත්‍ය උත්සවයක් ගැන තිබ්බද? මට නම් මතක ඉඳිආප්ප, මිරිස් මාලු හොදි, පොල් මැල්ලුම්, සැර සම්බල්, වටලප්පන් වගේ ඒවා විතරනේ...:)
ReplyDeleteඅද අපේ දවසලුද? ආහ්...ඒක තමා වැඩට ආව හැටියේ යාලුවෙක් මට කීවේ එයාගේ අම්මට ආපහු බබෙක් ලැබෙන්ටලු කියලා...:D
සාහිත්‍ය උත්සවේට යන ගමන් ඉඳිආප්ප කෑවා පොඩ්ඩි.
Deleteමොකෝ ඉතිං යාලුවගෙ අම්මට බබෙක් හම්බවෙන එක වැරදිද.
රට වටේ ගිහින් කාපු බීපු ඒවා දැකලා බඩගිනි උනා ඔන්න..
ReplyDeleteඅනිත් විස්තර ටිකත් ඉක්මනට ලියන්න හැලපතුමා..
මානවී බඩගිනි නිවාගන්නකල් මම ඉතුරු හරිය ලියන්නං.
Deleteඇ හැලපයියේ උඹ ජීවිතකාලෙට බීපු අරක්කු ප්‍රමාණය ගණන් හදලා බැලුවොත් බව්සර් හතඅටක් වෙයිනේ බං
ReplyDeleteඅනේ පවු බං උඹ!
Deleteගණන් හදල නැති නිසා බයක් නෑ බං.උඹ දුක් වෙන්න එපා නොවැරදීම බව්සර් හත අටක් බොන්න වාසනාව බොටත් ලැබේවි.
Deleteඅයියෝ පව් අටං ..!!
Deleteමගෙ කට කහනව බං ..
ඒ විතරක් නෙමේ ,උඹට රාගමම තියෙන කැහි වාට්ටුවේ කවතින්නත් වාසනාව ලැබේවි ඔඓාම ගියොත්.
Deleteමචං ඔය බැටෑලියන් එකක්ම කාගෙහරි ගෙදරකට හදිසියෙඔ කඩා වැටුනාම ගෙදර උන් තමයි අමාරුවේ වැටෙන්නේ නේද? ඇත්තටම නොදන්වා, කීදෙනෙක් ඉන්නවද නොකියා එහෙම ගෙදරකට යන එක හරි නෑ. අනික එහෙම ගියත් මොකුත් බලාපොරොත්තුවෙන්නත් නරකයි මමනම් කියන්නේ. කන්න ඕනෙම නම් කඩේකින් පාං එක්ක අර තියෙන්නේ ටින් කරපු මැඹුල් තියල් හෙම ඔන්නම් රත් කරගෙන කන්න.
ReplyDeleteසමහර වෙලාවට ලමයි ගෙදරදි නොකන කෑම ජාති ඇදල අරිනවනේ කොහෙ හරි ගියාම. "අනේ අපේ පුතා ලෙමන් පෆ් කන්නෑ කියලා " කට ගන්න කලින් මෙන්න යකෝ ලෙමන් පෆ් ගිලගෙන ගිලගෙන යනවා. (උදාහරණයක් පමණි.)
හෑ.... උදාහරණයකටවත් ලෙමන් පෆ් ගන්න එපා හෙන්රි... කවුද අප්පා ඒවා කන්නේ නැත්තේ..?? :)
Deleteඑහෙම අමාරුවෙ වැටෙන තත්වයක් පේනවනං හොඳම දේ කනබොන දේවල් ගෙදරට අරගෙන යන එක. අපිටත් එහෙම වැඩක් උනා එකපාරක් සිංහරාජෙ ගිහිල්ල රක්වානට එන අන්තිම බස් එක මගෑරිල. පස්සෙ අපේ සෙට් එකේ එකෙක්ගෙ නෑදෑ වෙන ගෙයක් තිබුණ හෙලඋඩකන්දෙ. එහේ නවතින්න සෙට් වෙලා යන ගමං සූරියකන්දෙ ටවුන් එකෙන් හාල්, පරිප්පු, සැමන් හැම දෙයක්ම අරගෙන ගියේ. එහෙම අරගෙන ගියෙ නැත්තං ඒ මිනිස්සු අනාත වෙනව. මොකද ඒ ගෙවල් හරියෙ හදිස්සියකට බඩු ගන්න පුලුවං කඩයක් තිබුණෙ නෑ.
Deleteඅප්පා හෙන්රි....
Deleteඇත්ත නේන්නම්! ඔය පොඩි උන් නම් පොඩ්ඩක් වත් ප්‍රේඩික්ටබල් නැහැ නේ අප්පා
බොරු කියන්නේ මොකටද මමත් ඔය වගේ වැඩ කරලා තියෙනවා.... අපේ අම්මලට මොනවා හිතෙන්න ඇද්ද අප්පා??? පව් කියල දැන් හිතෙන්නේ
ඔහොම කඩා වදින වෙලාවලට විශේෂයෙන්ම අපහසුවට පත්වෙන්නෙ කෑම අංශය බාරව ඉන්න ගෙදර ගෘහිනියයි.අවේලාවක කෑමක් බලාපොරොත්තුවෙන් යනවනං මම කෑම මොනවහරි අරගෙන යනවා.පොඩි උන් ගැන කතාකරල වැඩක් නෑ මම මේ ඉතාම මෑතකදි වෙච්ච දෙයක් කියන්නං,
Deleteපවුල් කීපෙකට අපේ ගෙදර කෑමක් දුන්න,බොන අයට බයිට් එකට කියුකම්බර් උඹ දන්නවනෙ මෙහෙ තියෙන කොළ පාට හීනි ජාතිය පෙති කපල ලුණු ගම්මිරිස් ඉහල ඒවත් තිබ්බා.පොඩි උන් තුන්දෙනෙක් හිටිය වෙනදට මුන් කියුකම්බර් කනවා තියා බලන්නේවත් නෑ,එදා එක එකා ඇවිත් ටූත් පික් වලින් ඇන ඇන මුළු දීසියම කෑවා ආපහු ආයෙම් ගෙනත් තිබ්බා ඒකටත් ඒ සෙතේමයි. ඔන්න පොඩි උන්ගෙ හැටි විශ්වාස කරන්නම බෑ.
@ඇනෝ.
Deleteඒ වගේ දෙයක් නොකළ නං අර ගෙදර මිනිස්සු පත්වෙන අපහසුතාව ගැන කියන්න වචන නෑ නේද.එහෙම මොළේ ඇතුව වැඩ කරනව නං දෙගොල්ලන්ගෙම ජාම් බේරෙනව.
@උපේක්ෂා,
Deleteඔබගේ පළවෙනි පැමිණීම නොවේද.ආදරයෙන් පිලිගන්නවා.
අපි ඔහොම දේවල් කලහමත් දෙමව්පියො කොච්චර අපහසුතාවකට පත්වෙන්න ඇද්ද කියල දැන් හිතෙනව නේද.
ලස්සන වන්දනාව... :)
ReplyDeleteඅනේ මම හරිම අමාරුවෙන් මතක බැරිකරගන්නේ නැතුව මුලින්ම කිවුව කතාව හිතේ තියාගෙනම ආවා ඒක මගදී කොහෙදි හරි හම්බුනොත් joint කරගෙන කියවන්න... කෝ ඉතිං ඒක නෑ නොවැ.. :(
ඉදිආප්පයි කහ සම්බෝලෙටයි මම හරිම කෑදරයි හැලපේ...
කෝ.. ඉතිං අද දාන්නේ අපේ දවස ගැන කතාවක් කියලා කිවුවාම මම කිවුවේ එහෙනම් ඔයාගේ පින්තූරයක් දාන්න කියලා.. කෝ අනේ ඉතිං ඒ පින්තූරේ නැහැනේ... :)
ඇයි මග හංදියක් තිබිල එතනින් හැරුනනේ තාම යනවා කොහොම හරි ඒ කතාවත් කියන්නං.
Deleteඅපොයි ඔච්චර කෑදර වග දන්නවනං මම හදල දෙනවනෙ.
පින්තුර ගොඩේ හෙව්වා හෙව්වා මෝඩ පාට පින්තුරයක් ලැබුනෙ නෑ,එහෙම එකක් දැම්මෙ නැත්නං ස්වභාවික නැති නිසා නොදා නිකං හිටිය.
//වන්ඩු,පුවාලු කෙහෙල්ගෙඩි//
ReplyDeleteසාහිත්‍ය උත්සවයකට හංවැල්ලෙ ගිහින් මහාබෝධියෙන් මතුවෙලා .මුලු කතාවම හොඳයි , ඒත් මගේ සිත් ගත්තෙ මේ ටික විතරයි.....
අපේ එගොඩ නැන්දා බොහොම රසට වන්ඩු හදන්න හරිම සමර්ථයි.අපේ ගෙදර එනවනං වන්ඩු හදාගෙන එනවා කෙසෙල්ගෙඩිත් එක්ක.මේ කතාව ලියද්දි මට ඒ රස හිතේ මැවුනා.
Deleteදැනට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල නැන්දා නැතිවුණා.
දෙසතිය සඟරාවක් අපේ ගෙදරත් තිබ්බා...
ReplyDeleteකොයි කාලෙ එකක්ද දන්නෙ නෑ නේද මධු.
Deleteබඩගින්නක් තිබිල ඒක ඩබල් වුනා මේක කියෙව්වට පස්සෙ. කෑම ජාති කීයක් ද මෙතන. වන්ඩු කියන්නෙ මං පොඩි එකා කාලෙ ඉඳන් මේ වෙනකල්ම එක ව්දිහට කැමති කෑමක්. කාල එන්නං.
ReplyDeleteවන්ඩුවලට මමත් බොහොම කැමතියි,නමුත් වැඩේ තියෙන්නෙ ලංකාවෙදි වගේ කන්න නොලැබෙන එකයි.කාල එන්නකො එහෙනං.
Deleteඅපේ දවසේ කියපු කතා ඔක්කොම අත්ත නේද හැලපතුමා .. හි.. හි...
ReplyDeleteකේමසිරි මාස්ටර් ගැන කියපු දෙයින් නම් මට හිතුනේ මාස්ටර් ටිකක් පරිස්සම් වෙලා හිටියා නම් තව කල් ජීවත් වෙනවා නේද කියලා ..
අලුත් මාසේ කියවපු පළවෙනි පොස්ට් එක මේක. රස කතා ගොඩක්...
දවස අපේ වුනාට බොරු කියන්න හොඳ නෑනෙ තුශානි.
Deleteපරිස්සමක් නැතිකම නිසා ඔය වගේ කීදෙනෙක් රටට අහිමිවුනාද.
වර්ණනාවට බොහොම ස්තූතියි.
අනේ මන්දා තුශානි......පරිස්සම්වෙලා දුක් විඳිනවාට වඩා හොඳයි..පරිස්සම් නොවී දුක් විඳින එක. නොකා නොබී දුක් විඳින එකනම් හෙන වාතයක්. කේමදාස මාස්ටර් ඒ වගේ චරිතයක්.
Deleteසංඝානන්ද සෙට් වෙච්ච කෑල්ල නං නියමයි. දාමුකො ඉතිරි ටිකත්
ReplyDeleteඉතුරු ටික දාන්න අකමැති කලේ මේකෙ එකාල බනී කියලයි නැත්නං මගේ කිසිම අකමැත්තක් නෑ ඒ වුනාට රණ්ඩු අල්ලන්න මං කැමති නෑ බං.
Deleteඇයි තලප..හොඳ සැර හොද්දක් තිබ්බනං ගිල දාන්න ඇහැකි අම්බානකට..
ReplyDeleteරාජසිංහෙ අපෙ ඉස්කෝලෙනෙ..!!
මට තාම ඔය තලප කන්න ලැබිල නෑනෙ.
Deleteරාජසිංහෙ කතාව ඉස්සරහට ලියන්නං.
/* ඔව් හාමුදුරුවනේ එනවද...
ReplyDeleteකියල කටගන්න හම්බවුනේ නෑ මෙන්න පොරත් අපි පස්සෙන් එන්න ගත්තා...*/
හැලපේත් එහෙනං බුද්ඩාගමට කොඤ්ඤං කොඤ්ඤං අපහාස කරනවා නේද?
නෑ කකා බුද්ධාගමට අපහාසයක් නොවෙයි,සිද්ද වෙච්ච ඇත්ත මම කිව්වෙ.ඒකෙන් මුළු සංඝ සමාජයම ඒ වගෙයි කියල ඇඟවෙන්නේ නැහැනෙ.ඒක ඉතාම හුදකලා සිද්දියක්.
Deleteහැලපයියා කට ඇවිස්සුවා බොල අර ඉදිආප්පයි කහ සම්බෝලෙයි ගැන කියලා.
ReplyDeleteසුචරිතවාදීන්,මුලධර්මවාදීන් පවා කැමතියි ඔය කතා වලට.ඌනුත් ඕවා රස කර,කර කියවනවා.ලියමු හැලපයියා එකත්.
ඉඳි ආප්ප කවද කන්න බැරිද බං .
Deleteඒ වගෙද බං බ්ලැක් ලේබල්.!!!!
මේ අපිව නරක් නොකර හිදහන් පත්තර මල්ලි...:D
Deleteඅනේ මන්ද මනෝජ්,මම නොලිය හිටියෙ දැක්කද ඔවුන අර මට එකකට බැට දීපු හැටි.බලමුකො.
Deleteමතකයි,මතකයි.එත් ඉතින් මේ ලියන්නේ හැලපයියා ඇත්ත කතා මිසක් නිර්මාණය කරපු කතා නෙමේනේ.ඒ වගේ කතා ලියවෙන්නේ ඒ වගේ චරිත ඉන්න නිසානේ.එක හැලපයියාගේ වරදක් නෙමේ.එක නිසා බලන්නේ මොනයි ලියමු හැලපයියා ලියමු.
Deleteමනෝජ්ගෙ කතාවට මමත් එකඟයි හැලප අයියෙ.අත්දැකීම ලියා තැබුව කියන එක වරදක් නෙමෙයි...ලියන්න.අපි ආසාවෙන් කියවනවා.
Deleteගල් මුල් ඉතිං කොහෙත් එනවනේ..හිතට ගන්න ගියොත් තමා ලෙඩේ. උඩ බලාගෙන ගුඩුස් ගාල ඇදල අරින්ඩ..පලවෙනි ශොට් එකනෙ බස්ස ගන්න අමාරු..ඊට පස්සෙ ඉතිං කොච්චර ගැහුවත් නෑ වගේනෙ.. ඕං තේරෙන බාසාවෙං කීවා . : D
මොන සාහිත්‍ය උත්සවද අනේ. මේ තියෙන්නේ ගමකට ඇතිවෙන්න කියවන්න ජීවිත අත්දැකීම්. සාහිත්‍ය උත්සව වල තියෙන්නේ පිට කසාගැනිලි, පිම්බිලි, ඉස්සිලි, වර්ණනා, පුරසාරම්, අඬා්වැඩියාවල්, අවලාද, නේ.
ReplyDeleteමම හිතන්නේ හැලපේ සංඝයා වහන්සේලාගේ චර්යා රටාව තුළින්ම අපට අපේ ධර්මයේ ඇති අනිත්‍යතාව පසක් කරගන්න පුළුවන් කියලා. අපි ධර්මය ගුරු කරගෙන ජීවත්වීමට කාලය එනවා වගේ.
කොහොමත් ධර්මය ගුරු කොටගෙන ජීවත් වීමෙන් හිතේ කලකිරීමක් නැතුව ඉන්නට පුළුවනි විචාරක තුමා.
Deleteජීවිත අත්දැකීම් නං ලියල ඉවර කරන්නට බැරි තරමට තියෙනවනෙ.
ඔය එන එන එක එකාට හරියන විදිහට කෑම හදන එක හරිම අමාරු වැඩක්. මමනං අම්මාට කියන්නේ අම්මේ මෙන්න මෙච්චරක් විතර එනවා තියන දෙයක් හදලා තියන්න කියලා! මොකෝ අපේ උන්ට කොහොම දුන්නත් බඩ පැලෙන්න කන්න ඕනේ
ReplyDeleteඒක නං එහෙම තමා නාඩියෝ,කොහොමත් බොලාගේ බඩගිනි කාරයොන්ට ලේසියකට කන්න දෙන්න බැහැනෙ.
Deleteඅනෙ හප්පේ කොහෙ යන්න ආපු කතාවක්ද මෙහෙම ඉවර උනේ. බඩ ගින්නක් ආවා මේක කියවලා. බැරිද මටත් රෑ කෑමකට ආරාධනා කරන්න. :)) (හැබැයි අදම.)
ReplyDeleteඅද උනත් කමක් නෑ එනවනං වරෙන් ප්‍රියා.
Deleteහයියො බොගෙ පොස්ට් එකක් කැමකන්නෙ නැතුවනම් බලන්න නරකයි.කෙලින්ම බඩගිනිහැදෙනව ආයි උපරිමෙන්ම.හාමුදුරුවන්ට බොන්න දිල පින්කම සරවසම්පුර්න කොරගත්තැයි.
ReplyDeleteමෙ හැලපයියෙ මට ඔහෙව ටිකක් කොන්ටැක්කොරගන්න ඔන.මෙලක් දානවයි පුලුවන්නම්.
හාමුදුරුවන්ට ගිලන්පස පූජාවත් කරලා පිංකම සම්පුර්ණ කරගත්ත දමිත්.
Deleteඔන්න මේලක් දාල ඇති.
aththatama mata pudumai halape aiyya athitha mathakayan mee widihata mathaka thiyagena inna 1 gana.
ReplyDeleteඑච්චරම පුදුමයක් නෑ තාරක,අමතක නොකර හිටියම හොඳටම ඇති,අවශ්‍ය වෙලාවට මතකයට එනවා.
Deleteදෙසතිය සඟරාව මං පුංචි කාලෙත් අපේ ගෙදරටත් ගෙනාවා මට මතකයි... ඒක තවමත් පලවෙනවද...?
ReplyDeleteහැලපගෙ මරු ඔෆිස් එක... තනියම ඉන්න බැරි හින්දා සී සීත් දුවන් ආවා කිව්වම... හික්ස්...
හම්මා... ඉඳිආප්පයි, පොල් මැල්ලුමයි කිව්වම... ඒකට කූනිස්සො ටිකකුත් කලවම් කරලා ගත්තම ජාති...
මාස්ටර්ට හදපු කෑම ටික කෑවෙ හැලපද අන්තිමට...
අර හාංදුරුවො නං නියම හාංදුරු කෙනෙක් වගේ... හැලපලා අන්තිමට නිවං යන්නම පිංකම කරලා තියෙන්නෙ... :D
ඔව් මියුරු රජයේ ප්‍රකාශනයක් නිසා තවම පලවෙනවා නමුත් පිළිවෙලකට නොවෙයි වෙන්න ඇති.
Deleteඒ කාලෙ අපි එහෙම තමා අනික ඕවර්ටයිම් කරන්න ආපු සෙනසුරාදනෙ .
මාස්ටර්ට හදපු විශේෂ කෑම මට කන්නවුනා,හාමුදුරුවන්ට කිසිකෙනෙක් නොදෙන පූජාවක් කරන්න අපට පුළුවන් වුනානෙ.
කෝ දැන් හැබෑට සාහිත්‍ය උත්සවේ ...? අම්මපා හැලපයියේ ඔයාගේ කෑම කතා තමයි කතා කියන්නේ ,ආපහු ආපු දවසක ඇවිත් සතියක් විතර හැලපයියලා ගෙදට නවතිනවා ඔය ඔක්කොම උයලා දෙනකම් අම්මප :)
ReplyDeleteනිකං අර රත්ති add එක මිසිස් පෙරේරාගේ නැන්දම්මා වගේනේ මෙහෙම කට්ටියත් එක්ක ගෙවල්වලට කඩාපනින්න ගියොත් හය හතක් එකසරේම
Deleteඋඹ යනවනං හාල් මිටියයි පරිප්පු කිලෝ 10 යි වත් අරං පලයං.. !!
Deleteහැලපෙලාට උඹට කන්න දෙන්න ගියොත් විකිනෙයි !!!
එන්න එන්න ඉවාන් බොහොම සන්තෝෂයි ආදරයෙන් පිළිගන්නවා,හදන්න ඇහැකි ඕනෑම දෙයක් හදල දෙන්නං.
Deleteසාහිත්‍ය උත්සවේ ආයෙම ලියමු.
@පත්තර මල්ලි,
Deleteමොකෝ පත්තරේ, ඉවානයත් සැට් එකක් එක්කම ඒවිද.
අඩෝ පත්තරයා ...උඹ හදන්නේ ඒ පාර එකත් මගේ එකවුන්ට් එකටම කන්න නේද ? ඒවා වානා මේ සැරේ උඹ අරන් වරෙන් අඩුගානේ පාන් ගෙඩියක්වත්
Deleteචැහ් !!! ගම කෑවා !! විලිලැජ්ජ හතයි !!
Deleteහැලපෙගෙ හැලැප ලකුන මෙම පෝස්ටුවේ නොමැත. (සෙක්ස් කෑල්ල)
ReplyDeleteසෙක්ස් කෑලි ලියල මට ගූගල් ලෙඩ දාල තියෙන නිසා දැන් මොකුත් ලියන්නෙ නැ.
Deleteමේ ඔබේ පළවෙනි පැමිණීම නොවේද ආදරයෙන් පිළිගන්නවා.
සුද්දා අපට තෑගි කරපු වස බීලා අපේ කලාකාරයෝ කී දෙනෙක් වලපල්ලට ගියාද? අනේ හැබෑට ෂොට් එකක් නැතුව මුන්ට නිර්මාණයක් කරන්න බැරි හැටි.
ReplyDeleteඔය කළා නිර්මාණ කරද්දි බොන ප්‍රමාණය ගැන අහපුවම ඇඟ හිරිවැටෙනවා තරු.
Deleteපින්තුරේ ලස්සනයි .. හපොයි දැන් කියන්න ආව එක මතක නැ නේ .. ඉදියප්ප වටලප්පන් විතරනේ මතක .. හි ..හි .. මත් වෙන්නේ නැතුව කිසි දෙයක් කරන්න බැරි හැටි ..
ReplyDeleteහංවැල්ලට යන පාරෙ පින්තුරයක් කිව්වම තමා මේ පින්තුරෙ දුන්නෙ.
Deleteකලාකරුවො එහෙම තමා හැම තිස්සෙම කලාවෙන් මත්වෙලා ඉන්නෙ.
බොල අයියේ උබත් අපේ ඔබ්සවර් ලොක්කා වගේ පඳුර වටේ තලන්න දන්නේම නෑ හැබැ රසවත් බං හංවැල්ලේන් ගඟෙන් එගොඩ උනානම් අපේ මහගෙදර ඇවිත් තේටිකක් බිලා යන්ට තිබුන නේව එත් ඉතින් උඹැහැ ඔය පලාතේ එනකාලේ වෙද්දි අපේ අම්මයි තාත්තයි මං ගැන හිතලවත් නැතුව ඇති නේව හික්ස්
ReplyDeleteඅපි ඒ දවස් දෙකතුනේ ඉස්කෝලෙ ඉද්දි රෑ ගහපුවයේ සැර යන්න උදේම ගිහිං ටවුමෙ තියෙන තොටුපොළෙන් නෑවා.
Deleteඑක කතාවක් ගියපු දුරක් හැලප අයියෙ..තව කොච්චරනම් දුර යනවද?
ReplyDeleteතව ෂූට්ටක් විතර යන්න වේවි කතාව ඉවර කරන්න කියලනෙ කට්ටිය කියන්නෙ.ඉතිං ඉතුරු ටිකත් නොකිය හරි නෑනෙ නේද.
Deleteමචං....සඟ ටෝක්ස් නම් තියෙනවා ලියාගන්න බැරි. මුන් ලේබල් ගහයිද කියලා හිතෙන නිසා. පහත්ගම නම් මතක් වෙනකොටත් ආසයි බන්. දැන් නම් දියුණු ඇති. ඔය පන්සලේ ඒ කාලේ හිටපු ලොකු හාමුදුරුවෝ බොන්නේ අපේ මාමා කෙනෙක් එක්ක. රෑ වෙනකොට දෙන්නම ඩෝප්. වියදම පන්සලෙන්. පොරට පෙන්ශන් එකක් ලැබුනා. දෙන්නා ඩෝප් මරගාතේ ඇර ගන්නවා කුණුහරුපෙන්. පහුවදාට ශේප්. බඩු ගෙන්න ගන්න මාමාව එපැයි.
ReplyDeleteමාස්ටර්ව මටත් කිහිප වරක් සෙට්වුනා 1980 ගණන් වල. අපි පොඩි පුටුවල ඉඳගෙන බොන කාලේ :D
මහබෝධිය ගැන අපේ කෙනාත් මාර කතා කියනවා. අද වැඩට ගොහින් නැත්නම් හොඳට අහගන්න තිබුනා. ඕකේ ඒ කාලේ හිටියාලු ශාන්තිදේව කියලා සාධු කෙනෙක්. වයිෆ්ලාගේ ගෙදර එන්නේ අම්මා දැක්ක ගමන් "ඇන්ටි මට බඩගිනියි කියාගෙනලු. මල්ලිත් එක්ක රෑට ෆිල්ම්ස් බලන්න යනවාලු. පස්සේ ඇදුම රෝගය වැඩිවෙලා මිය ගිහින්.
බෙනට්ගේ පුතා දිණුම් නේද. ඌ නම් වැදගත් කොලුවෙක් පාටයි කතාබහ අනුව.
බෙනට් ගෙ කොල්ල මොන්ටිසෝරි යන කාලෙට පස්සෙ දැකල නෑ මචං,කොහොම හරි පොර කොල්ලව ගොඩ දාගත්ත.
Deleteබැන්නයි කියල කතන්දර වල කෑලි කපන්න එපා හැලපයියෙ.. මොකෝ මේකෙ නිසි බලධරියො නෑ නේ... බනින්න හිතෙන එවුන්ට බනින්නත් මේකෙ ඉඩ තියෙන්නෙ ඔය... හි හි... ( නැත්තං ඉතිං මේ පෙරේත බේබදුකමට මං බයින්නෙ කොහෙමද... අනිත් එක දැං බයින්න ඕනෙ නෑ නේ.. දොස්තරගෙන්ම වෝනිං හම්බුවෙලානෙ තියෙන්නෙ.. දැං අමතක වෙලාද මන්ද... හි හි)
ReplyDeleteසෙක්ස් කෑලි ලිව්වා කියල ගූගලයට තේරෙන්නෙ නෑ අප්පා.. පින්තූර දාද්දි පොඩ්ඩක් පරිස්සම් උනාම ඇති..
නෑ හිරු ප්‍රොපයිල්ලුත් ඇනෝ ඇවිත් බනින එකයි දුක.
Deleteහාමුදුරුවරු යාළුවො වගේ ආශ්‍රය කරන්න නම් සුපිරි. එහෙම නැතිව ඔලුව උඅ තියා ගන්න ගියොත් තමා හිත රිද්ද ගන්න වෙන්නේ. මේ නිවාඩුවට ගෙදර ආවම බ්ලොගර්ලා කීප දෙනෙක් වත් හම්බෙලා යන්න හිතාගෙන ඉන්නවා. ගිය සැරේ වගේ හීනයක් වෙයිද මන්දා.
ReplyDeleteහැලපේ හම්බෙනවානම් දෙසැරයක් හම්බෙන්න වෙනවා
කන්න දවසයි
බොන්න දවසයි
මොකද මම බීවොත් කන්නේ නැ. කෑවොත් බොන්නේ නැ. :)
නිවාඩුවට එද්දි හිතාගෙන ඉන්න දේවල් නං වෙන්නෙ නෑ නිශාන්ත ඒක මගේ අත්දැකීමෙන්ම දන්නව.දෙසැරයක් නෙවෙයි තුන් දවසක් ආවත් මම නං සතුටුයි.
Deleteමට පේන්නෙ නිශාන්තත් නලින් වගේ,නලියත් බීපුවම කන්නෙ නෑ.
මොකක්ද හැලපේ සාහිත්‍ය උත්සවේට උනේ???
ReplyDeleteඊළඟ එකෙන් සාහිත්‍ය උත්සවේ බලාගන්නකෝ කැන්ඩියන්.
Deleteබ්ලොග් එකේ නම වගේම තමයි කෑම බිම අඩුවක් නැහැ හැමදාම . ඔය වගේ ගෙවල් වලට නොදන්නා කඩා වැදීම කරන්න පුළුවන් අපේ රටේ විතරයි. ඕන වෙලාවක ආවම අඩු ගානේ තේකක් වත් දෙන එක අපිට උරුම හොඳ දෙයක්. කඩා වැඩිම නම් ඉතින් නරකයි මිනිස්සු අමාරුවේ වැටෙනවා . ඔය පුරුද්දට මෙහෙ ඉන්න අපේ රටේ ශිෂ්‍යයෝ අටක් අපේ දිහා එන්න අහනව දවසක් ඉරිදා උදේ,. මුන් මේ ළඟ පන්සලකට ඇවිත්. අපේ කෙල්ලෝ ගේ අනික් පැත්ත හරෝලා . මන් කිවා අනේ මල්ලිලා සොරි කියල . හැබැයි පස්සේ දවසක ගෙන්නලා හොඳටම කන්න දුන්නා .ඉස්සර අපේ ආච්චිලාගේ දිහා ඕන වෙලාවක කෙනෙක් ආවොත් කන්න දෙන්න බත් එළවලු දවස තිස්සෙම මේස උඩ . එකක් දැන් අපි හිතනවා වැඩියි. කවුරු හරි එනවා කිව්වම පහක් හයක් එක්ක කන්න දෙන්නයි අතුරු පස හදන්නයි ගෙවල් අස් කරන්නයි නේ කල්පනාව . අපේ ආච්චිලාට තිබ්බේ සිම්පල් ප්ලෑන් . රතු බත් , පරිප්පු එක්ක එක එලොළුවක් . කඳුකර ගමක් නිසා මස් මාළු ගැන නම් වද වුනේම නැහැ .
ReplyDeleteවැඩිම වුනොත් සාඩින් ටින එකක් තෙල් දානවා. හැබැයි ඔය දෙක තුන දිවිය ලෝක රසයි.
බින්දී කොහොමත් ඒ කාලෙ ගෙවල්වල හරියටම ගෙදර ඉන්න අයගෙ ගානටම කෑම හැදුවෙ නෑ,කෙනෙකුට දෙන්නෙකුට වැඩිපුර හිටින්න කෑම ඉව්වෙ නෑදෑයෙක් අමුත්තෙක් හදිසියෙන් ආවොත් කියලයි.උයන කෑම වර්ග ගැන නම් ඔවුන් කොහොමත් කරදර වුනේ නෑ,වැඩිම වුනොත් ළූණු සම්බලයක් හදනවා.
Deleteකෙනෙක් එද්දී ගේ පෙරලගෙන දඟලන්නෙ දැන් අපිනෙ.
ඔය කාලෙ බං ඇමතිල තරඟෙටනෙ සඟරා ගැහුවෙ. ප්‍රේමදාස පෙරමඟ, රොනී කල්පනා, ගාමිණී මහවැලි, ලලිතුත් ඔය මොකක්ද ගැහුව වගෙ මතකයි,
ReplyDeleteලලිත් ගහන්න ඇත්තෙ මහපොළ සඟරාව.හැබැයි කොච්චර ප්‍රචාරකවාදී කටයුත්තක් වුනත් කල්පනා සඟරාව දේශපාලන ගැති නොවී ඉහලම ප්‍රමිතියකින් පවත්වාගෙන ගියා කියන්න පුළුවනි.ඒ ගුණදාස ලියනගේ මහතා සංස්කාරක වූ සමයේයි.ඊට පස්සෙ නං මොනව වුනාද කියන්න දන්නෙ නෑ.
Deleteකල්පනා ගුලි මෙන් ම ආතර් යූ අමරසේනද සෑහෙන හොඳින් පවත්වාගෙන ගියා
Delete