Friday, May 30, 2014

133.ඔව්ව ඔහොම තමයි මචං


  

 ''...................... තනතුරෙන් ඉවත් කෙරේ අනවශ්‍ය වරප්‍රසාද භුක්‌ති විඳලා''  

අපි පුක ඉරාගෙන රෙදි හේදුවට අන්තිමට ලැබෙන්නෙ ඔච්චරයි ඔව්ව ඔහොම තමා මචං,ගණන් ගන්න එපා උඹත් එක්කල එකට කාගෙන හිටපු උං දැන් උඹට ගහනව අවුරුදු දෙකකට රිලීස් කරල තිබුනෙ කියල ඔවුන් දන්නෙ නැද්ද දැන්ද මතක් වෙලා තියෙන්නෙ,ඔව්ව ඔක්කොම විහිළු බං  චෝදනා කොහොම වෙතත්  උඹ ගෙදර වැඩ හරියට කරල නැතුව ඇති ඒක නං මට බුදු ෂුවර්...

රජවරුත් එක්ක වැඩකරද්දි හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ,පොඩ්ඩ බැරිවුනොත් කැපිල යනවා මම කියන්න ඕනැ නෑ උඹ දන්නවනෙ උන්ගෙ හැටියට ඒ වැඩවලට අනුගත වුනේ නැත්නං බඩු බනිස්,මම මේ කාන්තාරෙට වෙලා ඉන්නෙ ඒකනෙ  ඔලුවෙ බරක් නෑ කතාවක් දෙකක් ලියාගෙන සැහැල්ලුවෙන් ඉන්නව,ඉස්සර වගේ එකටම ඉන්න අඹ යාළුවො නෑ ඒ වෙනුවට ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් යාළුවො ටිකක් ඉන්නව අපි එකතු වෙලා විහිළුවක් කරගෙන කාට හරි මඩක් ගහගෙන සතුටිං ඉන්නව නෑ නෑ පෙළක් වෙලාවට රණ්ඩුත් වෙනව රණ්ඩු කියන්නෙ මගේ අම්මෝ වෙලාවකට මරා ගන්නවා, ඔටුනු පැළඳගෙන ඉන්නවට වඩා මේ ජීවිතේ දාහෙන් සම්පතයි මචං, කාටවත් කරදරයක් නැතුව කාල ඇඳල නැතිබැරි කෙනෙකුට උදව්වක් කරගෙන ඉන්න තියේනං ඒ මදැයි මොනවට ගොඩ ගහන්නද ...

උඹ ඔතෙනට ගියාට පස්සෙ මම ඕනෑනං දවස් දෙකක් උඹ එක්ක කතාකරල ඇති ඔය අවුරුදු දහයටම බලන්න හම්බවෙන්න ආවෙ නැතිවුනාට අපේ එකෙක් තැනක ඉන්නව කියල මාත් සතුටුවුණා,ආ මට කියන්න අමතක උනා මේ ලඟදි දවසක්දා ලඟදි කියන්නෙ මීට අවුරුදු දෙක තුනකට ඉස්සර මම බොලාගෙ අමාත්‍යංශෙට ආවනෙ,අපිත් එක්ක ඉස්සර එකට යුනියන් වැඩ කරපු එකෙක් දැන් ලොකු තනතුරක ඉන්නව ඌව හම්බෙන්න වෙන මොහොකටවත් නෙමේ නෝ පේ ගිහිං රස්සාව නැතිකරගත්ත අහිංසක මනුස්සයෙකුගෙ රස්සාව ආපහු හදල දෙන්න,මගෙ අම්මෝ මූ මට කතාකලේ මම උගෙන් රස්සාවක් ඉල්ලගෙන ආව වගේනෙ සර් කියල දෙකට නැමිල ආපු නැති හින්ද වෙන්න ඇති උගෙ පට්ටම බල්ලගෙ පුකේ බැන්ද මීය වගේ හරියටම ඕං, ලස්සනට පැණි පෙරි පෙරී තියනව කාටද කන්න පුළුවන්, අවුරුදු විසි තිස් ගානකට පස්සෙ හම්බවුනා ඕකා මට ප්ලේන්ටියක් දුන්නද,හැබැයි මං ඌට කියල දුන්න මට උඹගෙ රස්සාවල් ඕනැ නෑ රස්සාවක් නැතත් මං උඹෙන් ඉල්ලන්න එන්නෙත් නෑ පුලුවන්නං මේ වැඩේ කරල දීහන් පිං සිද්ද වෙනව කියල මම එන්න ආවා,අපරාදෙ කියන්ඩ බෑ සතියකට විතර පස්සේ ඌ වැඩේ කරල දීල තිබුණා ටික දවසකට පස්සෙ උගෙ අරමුදලකට දායකවෙන්න කියල මට කතාකරල කිව්වා  උඹගෙ හොර අරමුදල් වලට දෙන සල්ලිවලින් කපුටන්ට සුදු ආප්ප අරං දුන්න නං ඊට වැඩියෙ පිං සිද්දවෙනව කියල මම කිව්වා තරහ වෙන්න ඇති මයෙ මොකෝ ...

අන්න ඒ ආපු වෙලේ උඹවත් බලල යන්න කියල කතාකරල බලපුවම කලින් ඇපොයින්මන්ට් එකක් දාල නැත්නං සර්ව හම්බවෙන්න බෑ කියල එතන එළියෙ හිටපු සුදු ගෑනු ළමයෙක් කිව්වා,ඒ ගමන මම හැරිල එන්න ආව ගොඩේ මිනිස්සු වෙච්ච අපට ඔය ඇපොයින්මන්ට් දදා එන්න තේරෙන එකක්යැ,මේ ඒක නෙවෙයි උඹට කියන්න මං ඒ ගෑනු ළමයත් එක්ක විනාඩි දහයක් විතර කතා කර කර හිටියනෙ බං අම්මපා වෙනිං මොහොකටවත් නෙමේ කට අඹරෝ අඹරෝ ඉංගිරිස්  කතාකරනව බලං ඉන්න ආසයි මචං උඹගෙ සිලැක්ෂන්  නං මාරයි, සුන්දර දේ දකින්න කලා ඇහැක් උඹට දෙයියො දීල තියෙනව, අනික උඹව දැක්කම කෙල්ලන්ටත්  කැසිල්ල හැදෙනව කියල මං නොදන්නවැයි ඇයි උඹ මයෙ ළඟ හිටපු අර ලස්සන කෙල්ලවත් ඉස්සුවෙ, නැද්ද හා ...

උඹත් කලා රිට හින්දනෙ මටම හේත්තු වුනේ,ඒ සංදියෙ උඹ අපේ ගෙදර ආවහම පොත් ගැන සාහිත්‍යය ගැන වන සරණ තිසාහාමි ගැන අපි මොන තරං දේ කතාකරනවද,උඹට ආපහු යන්න කෝච්චිය එනකං සියනේරිස් මාමගෙ කඩේ බංකුව උඩ වාඩිවෙලා ඉන්නකං කියවන්නෙත් සාහිත්‍යය ගැන මිසක වෙන මොනවද,වනසරණ පරණම එඩිෂන් එක මට ගෙනත් දුන්න උඹට මතකද ඒ පොත මගෙ ළඟ තාම තියෙනව...

වෙනදට උඹගෙ යාළුවො ඇවිත් මෙතන බීල බීල මදිවෙලා ආපහු ගෙනත් සිහිනැතිවෙනකල් බීල මම මහන්සිවෙලා හදපු කෑම කන්නෙත් නැතුව නන්නත්තාර වෙලා යන්න යනවා, ඒ ළමය බිව්වෙත් නෑ අපූරුවට මගෙ කෑම ටික සතුටිං කාල මාත් එක්කත් කතාබහ කරල මනුස්සයෙක් වගේ ගියපු ලස්සන බලපං,අන්න එහෙම යාළුවො හැමදාම එක්කං ආවත් මං මොකුත් කියන්නෙ නෑ යාළුවො දිහෑ බලලවත් හැදියල්ලකො...

උඹ අපේ ගෙදර ඇවිත් ගියපු දවසක අපේ අම්ම දීපු සහතිකේ අන්න එහෙමයි,උඹගෙ අමද්‍යප කම  අපිට මොන තරං වාසියක්ද ඈ, පේමදාස මහත්තයගෙ පදවි ප්‍රාප්තියට නුවර ගිහිං රෑ නවතින්න ආපු ගන්නොරුවෙ ඇග්‍රීකල්ච හොස්ටල් එකේදී අපි බොනයො ටික ප්ලැට් වෙන්න බීල තට්ටු ගානක් උඩින් බිමට පනින්න යද්දි අල්ලගෙන කාමරවලට ගෙනත් දැම්ම මතකද,රෑ ගහපුවයි සැර යන්න කියල උදේම මහවැලි ගඟ අයිනෙ තිබ්බ සීයගෙ ටකරං කඩේට ගිහිං ප්‍රෙෂ් එළකිරි බිව්ව මතකද,එතකොට කාන්තා දිනේට බදුලු ගිහිං බීල වැඩිවෙලා හග්ගල මල්වත්තෙ තිස්සයයි මායි පිනුං ගහද්දි අල්ලගන යන්න නොදී ෂේප් කරගත්ත මතකද මචං,අනේ බං එහෙමත් අතීතයක් කියනවනං එළිවෙනකං කීයහැකි...

උඩ බලියා ගෙන ඉන්දැයි උඩ    අත්තේ
කට බලියා බත් බෙදුවයි බලු    ගැත්තේ
තුඩ වැඩියා කර තැනුවයි දෑ     කැත්තේ 
මොට දැඩියා ගෙඩි කාපන් කෑ  දැත්තේ

ආයෙම කොහෙද ගමනක් යද්දි අපි දෙන්නම එකසැරේ ඔය කවිය කියල හිනාවුනා මතකද, ඊට පස්සෙ පාරෙ හිටිය මනුස්සයෙකුට මොටදැඩියා ගහක් හොයල දෙන්න කියල තිස්ස  කිව්වම  ඌ උඩබිම බලනව,ඇයි බං කතරගම යද්දී අපි වාහනේ පරක්කුවෙලා ගියවෙලේ ලොක්ක බැන්නෙ කාපියව් මගෙ පයිය කියල...

වියළි කලාපෙ දුෂ්කර ගමක පොඩි කොල්ලෙක් කැළණි කැම්පස් එක හරහා අපේ ඔෆිස් එකට ඇවිත් අපිත් එක්ක හොඳ කාලයක් ගතකරල ඉහළ තැන්වලට යද්දි ආස්සරේට ඕනෑ තරං යාළුවො හිටියනෙ අපි නැතුවට අඩුවක් වුනේ නෑ,නමුත් දැන් ඒ යාළුවො කවුරුවත් උඹට බලන උදව්කරන එකක් නෑ ඒ හින්ද දැන් අපට මුණගැහෙන්න කිසිම අවුලක් නෑ, අනික මට ලෙඩ වැටුන වෙලෙත් උඹල මට පිටුපෑවේ නෑනෙ හරියටම බිතු සිතුවම් වල ඉන්න රූප වගේ මගෙත් එක්ක හිටිය මට එව්ව හොඳට මතකයි,මොන තානාන්තර ලැබුණත් උඹ වෙනස්වුනේ නෑ කියන එක උඹට කරන සාධාරණයක් හැටියට කිව යුතුමයි අනික් උන්ට කොහොම උනත් මට,ඉතිං අපි හමුවෙමු හැබැයි මට නාරාහේන්පිට එන්න නං බෑ වෙන මොකුත් නෙමේ කම්මැලියි, එක්කො මම බොලාගෙ ගෙදර එන්නං නැත්නං අපේ ගෙදර වරෙං උඹ අපේ ගෙදරට අමුත්තෙක් නෙවෙයිනෙ මයෙ කසාදෙටත් ඔෆිස් එකෙන් ආපු කීප දෙනාගෙන් එකෙක් උඹ,එතකොට පුතාගෙ බර්ත්ඩේ හරි මොකක් හරි එහෙකටත් ආව නේද,බොට රහට උයල දුන්න අපේ අම්මනං දැන් නෑ අපි දෙන්නට පුළුවන් විදියට උඹට කන්න උයල දෙන්නං, ඒ අර ඉස්සර අපිත් එක්ක විනෝදෙන් සැහැල්ලුවෙන් හිටපු කොල්ලට මිසක් වෙන ලොකු මිනිහෙකුට හෙම නෙවෙයි.

104 comments:

  1. හ්ම්ම් ගොයම් කරලා පැහෙන්න පැහෙන්න බිමට නමෙද්දී මිනිස්සු ඉහලට යන්න යන්න එවුන්ගේ කොඳු ගල් ටික වෙනවා නේද? එකට කාගෙන බීගෙන එකටම හිටපු එවුන් වෙනස් උනාම හිතට ටිකක් අම්මරු උනත් එකම තමා උන්ගේ ස්වාභාවය. අපිත් එක්ක හිටියට වඩා රසයක් ලෝලු ලොකු අතු හම්බ උනාම ලැබෙනවා ඇති.

    රජවරු එක්ක වැඩ කරද්දී නම් උඋට වන්දි බට්ට කම් කලේ නැත්තන් ඉතින් උගේ උදහස තමා, දැන් උනත් පෙන් නැද්ද? මිනිසුන්ගේ හැටි ඔහොම තමයි, ඒ අතරේ මොනදේ උනත් වෙනස් වෙන් නැති මිනිස්සුත් ඉන්නවා, සෑහෙන්න සංවේදී ලිපියක්, ඔව් එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. උගෙ ඇති වැරද්දක් නෑ සොමියෝ ක්‍රමයේ වැරැද්ද .

      Delete
  2. පරණ විප්ලවකාරයෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම අය එක්කෙනෙක් දෙන්නෙක්ද බං ඇස් පනාපිට පේන්න කී දෙනෙක් ඉන්නවද.

      Delete
  3. අටලෝ දහම අපි කාටත් පොදුයිනේ හැලපෙ. සමහරු හිතාගෙන ඉන්නේ, මෝරාගේ ඇඟේ ඇලුන පතාබරියා වගේ හැමදාම එල්ලිලා ඉන්න. මොනවා කරන්නද, පිස්සුවට බෙහෙත් තිබුනත්, උද්දච්චකම වගේ එව්වට බෙහෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා නම් ඒක අත්දැකීමෙන්ම දන්නවා ඇතිනෙ. නේද?

      Delete
    2. ඔයාට අටලෝදහම අත්දකින්න නොහැකිවී තිබෙන්නේ පූරුවේ කරුමෙට.

      Delete
    3. ඔව් ඔව් උඹ විතරයිනෙ ලෝකෙ ඔක්කොම අත්දැකල තියෙන්නෙ. උඹනෙ ලොක්කා. අපි මොක්කුද?

      Delete
    4. එහෙම වෙනවා විචාරක තුමා අපට වුනත් ඒ ධර්මය සාධාරණයි.

      Delete
    5. @ඇනෝ,
      ඔහු ඔබට වඩා වැඩිහිටියෙක් නේද ඇනෝ,ස්වරය පොඩ්ඩක් හික්මවාගෙන කතාකරන්න.

      Delete
    6. මම නම් හැම වැඩිහිටියටම වයස නිසා ගරු කිරීමක් නෑ හැලැපයියේ. නිසි ගෞරවය දිය යුත්තාට දෙනවා. පුස්සන්ට නෙවෙයි.

      Delete
    7. හැලපයියාට කව්රුවත් එහෙම කියන්නේ නැහැනේ. නමුත් ගල් පිළිම වාගේ ඉඳන් බොල් වැඩ කරන කාටවත් ගෞරව කරන්න කියන්න බැහැනේ
      තුවක්කු වනන්න ඉගෙන ගත්තට සියල්ල දන්නේ නැහැ.command respect , demand respect කියලා දෙකක් තියෙනවා . දිගු කාලයක් command respect ගත්ත පුස්සෙක් ඒක නැති උනහාම එයා බලහත්කාරයෙන් demand respect කරවගන්න හදනවා.ගේරවය තමන් උපයා ගත යුතු දෙයක්.බලහත්කාරයෙන් ලබා ගත නොහැක.ඒකම තමා මෙයාට දැන් වෙලා තියෙන්න‍ේ.

      Delete
    8. යකෝ මේ මනුස්සයා තොපියි අපියි ගෑණුත් එක්ක නිදි වදිද්දී බඩට කෑමක් නැතුව මහ කැලෑවල රට වෙනුවෙන් යුද්ද කරපු මිනිහෙක්..හැම මිනිහගෙම වගෙ එයාගෙත් කලුපාට පැති ඇති..ඒත් මේ වගෙ එලව එලවා ගහන්න මෙ මනුස්සයා කල වරදක් බ්ලොග් කියවන අපිනම් දැක නැති බව සහතිකයි..

      Delete
    9. එතුමාගේ යුද්ධ හැකියාවට කවුරුවත් මුකුත් කයලා නැහැනේ. ඒ ගෞරවය තියෙනවා.මෙතන ප්‍රශ්ණය මිනිහා හැම තැනම පොර වෙන්න යන එක.අනෝ දාන්න දීලා අැනෝට පොන්නයාලු. එතකොට ඇනෝ දාන්න දීපු එකා පොන්න නපුංසකයෙක්ද?

      Delete
  4. හතර වරං....
    මිනිස්සු තනතුරු වලිං ඉහලට යන්න යන්න අං දික් වෙනව.. එතකොට හිතෙනව අං තියෙන්නෙ උට විතරයි කියල අනේ ඉතිං අං දෙක කොහෙ හරි පැටලෙනකං උඩ යනවා...
    අන්තිමේ බිම වැටිල පස්ස බිම ඇනුන දාට.................

    ReplyDelete
    Replies
    1. ඔය ධර්මතාව තේරෙන්නෙ කීයෙන් කී දෙනාටද මහේෂ්.

      Delete
  5. කතාව හරිම සංවේදී හැලපයියේ..

    ඒ අතර මම පෞද්ගලිකව දැකල තියෙන සීන් එකක් කතාව අස්සෙ හැංගිලා තියෙනවා.

    එකට හිටපු එකෙක් ලොකු තැනකට ගියාම.. පස්සෙ යාලු කමට තව එකෙක් ඌව හොයන් ගියාම.. ලොකු තැන ඉන්න එකා හිතන්නෙ මූ යාලු කමට ආව නෙවේ, මොකක් හරි වැඩක් කරව ගන්න ආව කියල..

    * මොනව වුනත් යාලුවෙක් තමා අන්තිමට හිතේ හයියට ඉතුරු වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔන්න මං ළඟට ආව දවසෙ නං මං සෙකට්‍රිට කිව්වා නංගි මේ අයියට ඕන දේ බලල කරල දෙන්න කියලා.. උඹ ඇඹරි ඇඹරි ඉඳල ගියා කියල මට පස්සෙ කිව්වා.. :D අපිට දොස් කියන්න එපා ඒවට නං

      Delete
    2. ඔය දේ අපි දන්නා බොහෝ දෙනාට පුද්ගලිකව අත්විඳින්න වෙලා තියෙන බව මම නං දන්නව සෑම් ඒ නිසා ඔය ලොකු යාළුවො ගාවට යන්න මං බොහොම අකමැතියි.

      Delete
    3. උඹ නං මොකද පත්තරේ,උඹ යාලුවන්ට සලකන විදිය අපි නොදන්නවයැ.

      Delete
  6. බ්ලොග් ලෝකෙත් එහෙමටය කියලා වෙනසක් නෑ බං. මුලදි බ්ලොග් කටුවක් අටෝන දහ දොළොස් දෙනෙක් එක්ක කතා කර කර හිටපු එකා දවසට හිට්ස් පන්සීයක් විතර එනකොට ඔන්න බෙල්ලෙ රන් බැඳි කටුස්සා වෙලා හිතනවා තමන් මාර පොරක් කියලා. ඊට පස්සෙ ඇල්ලිලි බොරු. හැම එහෙකටම තමන්ගෙ මතය තමයි වැදගත්. අනෙකා සොක්කා. මං මේ උඹට නෙවෙයි කිව්වෙ හැබැයි මෙතැන ඉන්න අනෙක් එවුන් හුඟාක් ඒ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ මම නං එහෙම නෑ බං ඇනෝ,මගෙ බ්ලොගේ ඕනෑ කෙනෙකුට තමන්ගෙ මතය කියන්න ඉඩදීල තියෙනව.

      Delete
  7. "මම මේ කාන්තාරෙට වෙලා ඉන්නෙ ඒකනෙ ඔලුවෙ බරක් නෑ කතාවක් දෙකක් ලියාගෙන සැහැල්ලුවෙන් ඉන්නව,ඉස්සර වගේ එකටම ඉන්න අඹ යාළුවො නෑ ඒ වෙනුවට ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් යාළුවො ටිකක් ඉන්නව..."
    අනේද කියන්නේ. ආණ්ඩුවෙ, පෞද්ගලික කියල වෙනසක් නෑ ආත්ම ලාභයම තමා. තනතුර, අතිරේක පහසුකම්, වරප්‍රසාද, ෆොරීන් ට්‍රිප් ඔව්ව අතාරින්නෙ කවුද යාලුවෝ නිසා. එහෙමත් කෙනෙක්.

    "බොට රහට උයල දුන්න අපේ අම්මනං දැන් නෑ - අපි දෙන්නට පුළුවන් විදියට උඹට කන්න උයල දෙන්නං, ඒ අර ඉස්සර අපිත් එක්ක විනෝදෙන් සැහැල්ලුවෙන් හිටපු කොල්ලට මිසක් වෙන ලොකු මිනිහෙකුට හෙම නෙවෙයි"

    මෙව්ව හිතල ලියන්නත් පුලුවන් ගොඩක් දක්ෂ ලේඛකයෙකුට සමහර විට. ඒත් කට්ට කාපුම කෙනෙක් ලිව්වම එව්ව විඳපු තවත් කෙනෙකුට අපහසුවක් නැතිවම දිරවනව. ස්තූතිය හා ජය!

    ReplyDelete
    Replies
    1. තිස්ස බොහොම කාලෙකිං,තමන් අත්විඳපු දෙයක් කියවන්න ලැබුනම සංවේදී වෙනව නේද.

      Delete
  8. මුල සිට අගට එක සිරැවට කියවුවෙමි. ලියවිල්ල අන්තිම ඉහලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සංජීව.

      Delete
  9. හැලපේ මේ ප්‍රශ්ණේ මෙහෙමයි... මමත් ඔය උඹ බලන ඈන්ගල් එකෙන්ම බලන කාළයක් තිබුනා.. ඒත් ඒක වැරදියි කියලයි මයෙ හිතේ.. උඹ පිටරට ඉන්න නිසා දන්නවා අති නේ පාස්පෝට් යාළුවෝ ගැන. ඒ කියන්නේ මිතු දම තියෙන්නේ එහේ විසා තියෙනකන් විතරයි කියන එක. අපි හිතමු අපි කොහේ හරි රටක අවුරුදු දහයක් පාලහක් උන්නා කියලා. එතකන් එක හුපන් (අපේ මාරීමුත්තු, එක කුසෙන් උපන් කියන එක කියන්නේ එහෙමයි.) වගේ උන්න උන්.. මාස දෙක තුනෙන් හැලිලා යනවා.. ශීත කාලෙට කලින් ගස් වල කොල හැලෙනවා වගේ.. ඊට පස්සෙ ගහ අමු නිර්වස්තරෙන්. පුදුම ශීතලක් දැනෙන්නේ.. ඔරොත්තු දෙන්නේ නෑ.. හැබයි ඒ හීතලට ඔරොත්තු දෙන්න අපි අළිත් ඇඬ්හ්හුම් පැළදුම් හොයා ගන්නවා වගේ.. ආයෙත් ගමේ උන් හරි අළුත් පරිසරේ උන් හරි එකතු කර ගන්නවා.. උඹ ගමේ උන් එක්ක හැමදාම ඉන්න නිසා.. ගමේ ආවම එහෙම උන් එක්ක ආයේ සෙට් වෙන එක ලේසියි.. ඒත් උඹත් එක්ක වෑන් වල ට්‍රිප් ගියපු එකා අද ඉන්නේ ඒ පරිසරයෙ නෙමෙයි.. වෙනත් පරිසරයක්.. ඉතින් ඌ ඒ පරිසරයට අනුගත් නූනෝත්, ඌ එතනදි ෆේල් වෙනවා.. සමහර විට අර හොඳ මනුස්සයා තාමත් ඌ ඇතුලේ ඉන්නවා.. නමුත් ඒ පරිසරයෙදි නෙමෙයි.. අර අන්තීමට කිව්වා වගේ.. කෝල් එකක් දීලා ඉස්සර හම්බ උනා වගේ සෙට් වෙන්න බලපන්.. එතකොට අර සුන්දර අතීතයට යන්න පුළුවන් වෙයි..

    මම ඕක හොන්දිනම දන්නේ බිග් මැච් එක නිසා.. එදා පිත් එක්ක එක පන්තියේ හිටපු උන්, එකට බිග් මැච් එකේ පිස්සු කෙලපු උන් අද ඉන්නේ අපිට කිට්ටු වෙන්න වත් බැරි තැන් වල.. සමහර උන් අපු ගැන හිතනෙත් එහෙමයි.. සමහර උන් කොක්ටේල් එකක දැක්කත්.. අර ලෙන්ගතු කම නෑ.. ඒත් බිග් මැච් එකේදී.. එමබසිඩර්ලයි.. එම් පීලයි.. අපියි.. වඩ්ඩෝයි.. ගමේ එකයි.. පිස්සු යක්කුයි.. ඔක්කෝම එකතු වෙලා ආයෙත් අර පරණ ළෝකෙටම යනවා.

    මම පිලිගත්තේ නැති උනාට. උඹ සසර ගමන පිලිගන්නවනේ. එහෙම දිගු ගමනක් යද්දි, අපිට කී දෙනෙක් නම් හම්බ වෙලා ඇතිද.. ඒවා ඕන නෑ.. මේ ආත්මෙම හොඳට ආස්සරේ කරපු උන් සමහර වෙලාවට අපට අමතකයි.. උඹම කී සැරයක් ලිව්වද.. උඹට බලන්න අමතක යන්න අමතක උන යාළුවෝ ගැන.. ඒක තමයි මචෝ ජීවිතය කියන්නේ. හැබයි තමන්ට වෙනස් නොවී නිහතමානීව ඉන්න පුළුවන් නම් ඒකයි ජීවීතේ කියන්නේ. එතනයි නිවන තියෙන්නේ. මේවා ගැන සැලෙනවට වඩා. උපේක්ෂාවෙන් බැලීමයි කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. වටින කමෙන්ට් එකක්,

      Delete
    2. //පිටරට ඉන්න නිසා දන්නවා අති නේ පාස්පෝට් යාළුවෝ ගැන. ඒ කියන්නේ මිතු දම තියෙන්නේ එහේ විසා තියෙනකන් විතරයි කියන එක //

      ඔන්න මාතෙ නයිස් ටොපික් එකක් ඇද්දා උඹ..
      .සමහර ඩයල් ඉන්නවා මචං කියන්ඩ බෑ මූ පාස්පෝට් යාලුවද නැද්ද කියලා..ඕක හොයාගන්ඩ ලේසි ක්‍රමයක් තියනවා..සැහෙන සාර්ථකයි.. මචං ඔහොම ඩයල් එකක් සැක නං ඌ ලංකාවට යන්න කීටු කරල අහපං 1 kg තියනවා අරං පලයන් කියලා.. 90 % ක් වෙරිෆයි කරගන්න පුලුවං තප්පරේට..
      අනිවාර්‍ය උත්තරේ.
      " අයියෝ මචං මගෙත් හොඳටම බඩු වැඩියි ඒවත් දාල යන්න වෙයිද මන්දා .නැත්තං කොහොම හරි ගෙනියනව මචං "
      රයිටෝ.. ඌව ලිස්ට් එකෙන් කැපුවා..තරහක් නෑ.හැබැයි උදව් නෑ.. ..මහ රෑ මග හිටල කෝල් කරාට මං නයිට් ෂිෆ්ට් :D .සොරි පුතා !!!!!

      නියම බොක්කගෙ උත්තරේ ..
      " අඩෝ ,බඩු වැඩියි තමා මස්සිනා ,අවුලක් නෑ උඹට ඕනෙම ටික විතරක් ඔතල දියං බෝතලයක් දෙකක් අඩු කරල හරි මං ඔබා ගන්නං .."
      එහෙම නැත්තං..
      " අහවල් දා මං සති දෙකකට මිසිං වෙනවා.. මොනාහරි තියනවනං දියං .නැත්තං මං ඩියුටි ෆ්‍රී එකෙන් අරං ගිහින් දෙන්නං හම්බුන දාක සල්ලි දියං."

      මම බඩු දෙන්නෙම නෑ හිතවතෙකුට උනත්.මොකද කොච්චර යාලුවෙක් උනත් ඒක කරදරයක්.. අවශ්‍යම නං 500g තමා වැඩිම..නමුත් මට නං ඕක සෑහෙන මිනිස්සු අඳුරගන්න උදව් උනා මාතෙ.

      Delete
    3. එහෙම බඩු දෙන උන් නම් යාළුවෝ නෙමෙයි මචෝ. තමන්ගේ කී දෙනෙක් බලාගෙන ඉන්නවද මක්කා හරි ගේනකන්. ඒවා විසිකරලා අනුන්ගේ ඒවා ගෙනියන්න වෙනවා කියන්නේ මොන කරුමයක්ද.. මමත් අනික් උන්ගේ ඒවා ගෙනත් තියෙනවා. රගෙන ගිහිනුත් තියෙනවා. ඒත් කවදාවත් මගේ ඒවා දීලා නෑ. උඹ දන්නවද එක සැරයක් මර එකෙක්ගේ අම්මා කෙනෙක් ගෙනත් දුන්නා පත්තර කිලෝ පහක් විතර. මම ඇහුවා මොකටද කියලා. ඌ කියලා එවන්න කියලා පරණ පත්තර නෑ කියලා. ඒ හරකා දන්නෙ නෑ ඒ රටේ පිටු පන්සීයේ විතර පත්තර නොමිලේ දෙනවා කියලා.

      Delete
    4. මම ඉතිං බොරු කියන්නෙ මොකටද මාතෙ පෙම්වතී වෙලා ඉන්නකොට චොක්ලට් එකක් වගේ යැව්ව හොඳම යාලුවෙක් අතේ විතරක් ...උං ඒක ඉල්ලලම අරං ගියා.වෙන නං නෑමයි. .

      මට අනන්ත බොරු කියලා දීල තියනවා .. විස්වාස කරපං එක පාරක් මට ඔය වගේ පාස්පෝට් යාලුවෙක් 4 kg එක්ක සල්ලි වගයක් දුන්නා..අම්මට කැන්සර් එකක් මචං විග් එකයි බෙහෙත් වගේකුයි කියල.. හැටි දැනගෙනත් මම බෑ කිව්වෙ නෑ අරං ගියා, ලංකාවෙදි ගන්න ආව එකා අහනව මේකෙ කෝඩ්ලස් එකක් තියනව කැඩිලද දන්නෙ නෑලු.. මං පොඩි මරිෂියක් දාල ඔව් ඔව් මම ආපහු ගිහින් දෙන්නම් වොරන්ටි එක තියනවා කිව්ව පාර මූ බරස් ගාල පැක් එක කැඩුවා. මොන විග් ද බං චොකලටුයි ෆෝනුයි පර්ෆියුමුයි.

      මං එතනම කෝල් එකක් අරං ඌට කිව්වා මචං මේකෙ විග් නෑ.. බලු වැඩ කරන්ඩ එපා කිලෝ හතරට එයා කාගෝ යන ගාන යූරෝ 60 යි, ඒක අඩුකරන් සල්ලි දෙන්නම් මස්සිනා කියල ඉතුරු සල්ලි ටික දුන්නා. අදටත් ඌ මූණ බලන් නෑ.. !!
      එහෙම උන්ට එහෙම කරන්න ඕන මාතෙ..නැතුව බෑ.

      Delete
    5. මං නම් උඹ ගැන කලින් ඉඳන්ම දන්නවනේ , එකනේ මම අදටත් මූන බලන්නේ නැත්තේ උඹේ

      Delete
    6. උඹ මොනා දුන්නත් ගෙනියනවා බං මං දන්නවනේඋඹ කොහොමත් කියන්නේ බොරු කියලා ..කඩල බලන්ඩ දෙයක් නෑ. හැක්

      Delete
    7. මෙහෙමයි මචං පාස්පෝට් යාළුවො ගැනනං පෝස්ට් එකක් ලියන්න තරම වුනත් අත්දැකීම් තියෙනව,මමත් අනුන්ගෙ බර ඕනෑ තරං ලංකාවට ගෙනත් තියෙනව පහුගිය අවුරුදු විස්සක විසිපහක කාලය පුරාම සමහර වෙලාවට මගෙ දේවල් අත ඇරල අනුන්ගෙ බර ගෙනත් තියෙනව,නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මම කාටවත් මොකුත් ගිහිං දෙන්න දෙන්නෙ නෑ,ඒ මනුස්සය මොන තරං අමාරුවෙන් තමන්ගෙ බැගේජ් එක ලිමිට් කරගන්නවද කියල මම හොඳටම දන්නා නිසා අනුන්ට මං කිසිදෙයක් ගෙනියන්න දෙන්නෙ නෑ.

      Delete
    8. හැලපයියේ මං ඔය පිටරටවල්වල තියන කළු ගල් , ගඩොල් ගල් , බ්ලොග් ගල් එහෙම දැකල නැ , එනකොට අරගන වරෙන්කෛා් මට බලන්ඩ

      Delete
    9. මං හිතන්නෙ ඔය එමිරේට්ස්,මැලේසියන් එහෙම දැන් කැට්ල් ක්ලාස් එකට කිලෝ 30 ක් දෙන්නෙ ලංකාවෙ එවුන්ට ඔය බර ප්‍රශ්නය තියන බව දැනගෙනෙමද කොහෙද?

      Delete
    10. පත්තරේ,
      මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා
      යාළු නසී මේ මංවගෙ ලණු කන හින්දා
      යාළුවො මාළුවො යාළුවෝ //

      Delete
    11. අටං ,මරු වැඩේ බං කළු ගල් බ්ලොක් ගල් ගඩොල් දාගෙන එන්න ගියොත්.මෙහෙ ඒවත් ලංකාවෙ වගේමයි බං

      Delete
    12. ඇනෝ,
      ශ්‍රී ලංකන් දැන් 40ක් දෙනවා.

      Delete
    13. ඇලා,
      පත්තරයට ලාබයි බං,යුරෝ 60ක් නිකංම ලැබුනනෙ.

      Delete
    14. මා තලන්ගෙ කථාව සහතික ඇත්ත...මම නම් කිසිම කෙනෙක් ඕනෑවට වඩා ලගට ගන්නෙ නෑ...වීසා ඉවර උනාම මිතුදම ඉවරයි කියන එක වේලාසනම අවබෝධ කරගන්න ලැබීමත් හොදයි.

      Delete
    15. ඉලපත මචං , :D මට තද උනේ බං අම්මට කැන්සර් එකක් කියල කරපු ## වැඩේට බං.. උන්ට ඔහොම නොකර බෑ.. නැත්තං ඊළංග පාරත් අරින්න එනවා..නැද්ද හා.

      හැලපයියේ .. ඔව් ඔව් බං .දැං ශ්‍රී ලන්කන් 40+7 දෙනවා .. එයා කාගෝ දාන්න 60ක් ඌට ලාබයිනෙ බං .ඩිලිවර් කරාත් එක්කනෙ :D

      Delete
  10. කාලය මැවු වෙනසක අරුමේ……

    ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකන්යැ හැලප අයියෙ.

    ReplyDelete
    Replies
    1. ගෑණු අහංකාරයි.. :D

      Delete
    2. ඔන්න පත්තරයා අඩුපාඩුව සම්පූර්ණ කරලා තියෙනව ප්‍රියා උගේ අත්දැකීමක් වෙන්නැති නොවැ.

      Delete
    3. අනිවා පත්තරේ තැන්කූ උඹ පිරෙවුවට.

      හැලප අයියෙ, අත්දැකීම් ගැන නම් කතා කරලා වැඩක් නෑ අප්පා.

      Delete
  11. ඉනිමන් පඩිපෙල් නගිනකොට ආයෙත් බහින්න වෙනවා කියන එක නොදැන හෝ දැන දැන අමතක කරන කෙනාට වැඩේ ටිකක් කචල්. රජාට වැඩ කරන එකයි අලි බලන එක‍යි එක සමානයි. හෙන්ඩුවට හැමදාමත් සයිස් නෑනේ හැලපේ. උබ කෝල් එකක් එහෙමත් නැත්තං SMS එකක් දාලා ගියා නං සුදු කෑල්ල උඹට යන්න දෙනවා ඇතුලට.
    දෙපාරක් පෙති ගිල්ල එක්කනාව තමයි මටනම් මතක් උනේ මේක කියවනකොට...උගේ පාස්පෝට් එකත් අරගෙනද දන්නේ නෑ..නැත්තම් උඹට ඌව නිවාඩුවකට හරි ගෙන්න ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. පහුගිය අවුරුදු දහය පුරාවටම උගෙත් එක්ක කන්ටෑක්ට්ස් නොතිබුණු තරමයි.දැන් අපි දෙන්න අතරෙ එහෙම පරතරයක් නැති නිසා ආපහු යාළුකම් අලුත් කරගන්න පුළුවන් වේවි.

      Delete
  12. දශක කීයක කතන්දරයක්ද මේ ගොනු කරලා අල්ලෙ තියලා තියෙන්නෙ ! සංවේදී මිනිස්සුන්ට විතරයි මෙහෙම හිතන්න , කියන්න පුළුවන් වෙන්නෙ..සේරම මතකයි ඒත් කහටක් නෑ හිතේ...

    ReplyDelete
    Replies
    1. දසක ගානක කතන්දරයක් ඔක්කොම මතකයි වෙනී කිසිම අඩුවක් නැතුව ඔක්කොම මතකයි සුන්දර අතීත මතක සටහනක් මිසක කිසිම කිළුටක් හිතේ නෑ,සංවේදී කියන වචනය දැන් දේශපාලනීකරණය වෙලා දුෂිත වුන වචනයක් නිසා මෙවැනි තැනකට එය භාවිත කරන්න මම කැමති නෑ බං.

      Delete
  13. දිග කතාවක් හැලපයියා වටේ නොගිහින් කෙටියෙන් කියලා තියෙනවා.හිතේ පුංචි වේදනාවක් එහෙමත් තියෙන හැඩයි.
    හැබැයි ඉතින් මේක තමයි ලෝක ස්භාවය.කාලෙන් කාලෙට අපේ ජිවිත වලට එක,එක අය එනවා,යනවා.එක අපිට වඩා හොදට හැලපයියේ උඹ දන්නවානේ.ඒ වට මුහුණ දෙන්න අපි ඒ විදියට හැඩගැහෙන්න ඉගෙන ගන්න ඕනේ.

    ජිවිතේ කියන්නේ එකම විදියකට හැමදාම ගලා ගෙන යන දෙයක් නොවේනේ.

    ReplyDelete
    Replies
    1. ලෝක ස්වභාවය ඔහොම තමයි මනෝජ්,කිසිම හිත් තැවුලක් නෑ දැන් මෙතනම බලපන් මම කතාවක් වටේ අරං ගියාම මොන මගුලක්ද කතාව කියන්නෙ නැතිව මු පඳුරු තලනවයි කියල උඹල කියනව,එහෙම නැතුව කෙලින්ම ලියපුවාම අද නං මු වටේ ගිහිල්ලත් නෑ කියනව අපි ඔය දෙකම ඉවසා වදාරනවා.ජීවිතේ කියන්නෙ ඕකයි.

      Delete
  14. හ්ම්ම්... අනේ මන්දා.. අපේ උන්ටත් ඔහොම වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට විතරක් නෙවෙයි නාඩියෝ බොටත් ඔහොම වේවි,උඹගෙ රුම් එකට ඇවිත් මම හැලපයා කියපුවම මොන හැලපයෙක්ද කන හැලප ඇරෙන්න වෙන හැලපයක් මම දන්නෙ නෑ කියයි.

      Delete
  15. මටත් හිතුණේ හිතේ වේදනාවක් තියාගෙන ලීවා වගේ.

    අනේ අපිට මොකද හැලපේ...ඒ වගේ අය ගැන ලියන එකත් කාලය විනාස කිරීමක්...හැබැයි ලියවිල්ල වෙනදා වගේම ලස්සණයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් පොඩ්ඩි,වේදනාවම සුවයක් කියල කතාවක් තියෙනව නේද,මම එහෙම දෙයක් අහල තියේ.

      Delete
  16. Awasanawata sira kathawak. Sama harak yaluwonam ohoma thama.... wenada wagemai supiri...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයාන්.

      Delete
  17. හිතට අමාරුවෙලා නේ

    ReplyDelete
    Replies
    1. දමිත්ට එහෙම පෙනෙනවද.

      Delete
  18. හැමදාම යාළුවෝ හරි අඩුයි, එක්වෙනවා, දුරස් වෙනවා, ඕවා ඔහොම තමයි.

    අර ඇපොයින්ට්මන්ට් කතාව ගැන කියනවා නම් එතැනදී මේ යාළුවා වරදක් කරලා නෑ නේද? මොකද ඔහු දන්නේ නෑ නොවැ ඔබ ආ බව?

    අනික යාළුකම්, හිතවත්කම් හරහා queue jump කරන්න යන එකට මෙහි ඇති සමහර සිද්ධීන් හොඳ පාඩමක්.

    ReplyDelete
    Replies
    1. යාළුවො හැමදාම එකට ඉන්නෙ නැහැ ඒක ඇත්තයි ලෝක ස්වභාවය නොවැ.
      ඇපොයින්මන්ට් කතාවෙදි වෙච්ච දේ කිව්ව මිසක මම ඔහුට වරදක් කීවෙ නැහැ නේද,යායුතු ක්‍රමය අනුගමනය කරලා යන්න මට හිතුනෙ නෑ එහෙමයි.

      Delete
  19. ..හ්ම්ම්......නොකිය ඉන්නං මචෝ....ලොක්කල ලියල නිසා.....

    ReplyDelete
  20. //මොටදැඩියා ගහක් කියන්නේ මොකක්ද අයියේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් ඔමා කියනවට කීවට කවියේ තිබුනට මොටදැඩියා ගහ කළුද සුදුද කියල මම දන්නෙත් නෑ ජීවිතේට දැකලත් නැහැ.නමුත් කවියෙ තිබෙන නිසා එහෙම ගස් වර්ගයක් ඇති ඔයා මේ ප්‍රශ්නෙ මතුකරපු එකත් හොඳයි,අපි දන්න කරන අයට කියල බලමු,වෙනද වගේම මේ ගහ හොයාගන්නත් උදව් කරන්න කියල.

      Delete
  21. හප්පට බොල .. ඇඹරිලා ගියා හැලපයියෙ ටෝක්ස් එකට.ගින්දර.. . ඕ යේස් !!!
    ආයෙ මූණට කිව්වනං අදාල පුද්ගලයට හොදි ඕන් නෑ..වහ කෑව වගේ..
    ඔය ටොපිය මං දීල තියනවා.. මම නං කරේ ඌට කෙලවෙලා හොයාගෙන ආවම බැන්නෙ නෑ..දෙන්න පුලුවං සපෝට් එක දීල අතීතෙ මතක් කරල දීල ආයෙ එන්ඩ එපා මචං දැං පලයන් කිව්ව.. !!!!

    ReplyDelete
    Replies
    1. මමනං උඹට එහෙම කරන්නේ නෑ, උඹ ආව වෙලාවක කෝකටත් මගේ සෙකට්‍රි හම්බවෙලා අපොයින්මන්ට් එකක් දාපං...

      Delete
    2. මගෙ බල්ලවත් එනවද තෝ හම්බෙන්ඩ බොල.. තොට ඕන්නං සෙකට්‍රි නංගි ඇරං අපේ ගෙදර වරෙං.. යද්දි තියල පලයං මතක ඇතුව.. පැයකින් එවන්නං :D

      Delete
    3. පත්තරේ සෙකට්‍රිව පැයකට තියල යන්න කියන්නෙ සෙකට්‍රිකම කරන ආකාරය ගැන ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න වෙන්න ඇති නේද ඉවාන්.

      Delete
    4. පැයක් ඇත්ද බොට මම අහන්නෙ? ;)

      Delete
    5. අපෝ ඇති ඇති ප්‍රියා,පැයක් වැඩිත් එක්කලු.

      Delete
    6. ඔව් පත්තරයට පැයට තිස් පාරක් කියන්නේ :D

      Delete
  22. ඊයේ ලිපිය කියවල සුද්දගෙ කමෙන්ට් එකත් කියවල උඩ කමෙන්ට් එක කොටල නිකං හිටිය....
    මොන මගුලක්ද මන්ද උඹ ලියල තියෙන පට්ට විදියද මන්ද අද උදේ තව සැරයක් කියවන්න හිතුන....
    රට ගිය මුල් කාලෙ මුණ ගැහුන අය සහ වුන සිදුවීම් මතක් වුනා....
    උඹ ඔය කියල තියෙන දේවල් අපේ සරත් & නෙරංජ ටත් ඔසේට ඇති....
    අද පෝස්ට් එක සුපිරි මචෝ....

    ReplyDelete
    Replies
    1. දැන් කෙන්ජිගේ කොමෙන්ට් මෙලෝ රහක් නෑ, මොකද වෙලා තියෙන්නේ . ඉස්සර වගේ වෙඩි වගේ කොමෙන්ටුවක් දාන්න බැරිද ?

      Delete
    2. හ්ම්ම්ම්...ඉවාන් ...නැගී එන යව්වනයෙකුට තැන දීලා බලං ඉන්නව....මගේ ගින්දර/වෙඩි වචන ඉස්ටෝරුවෙ පිරිලා... ඕන වෙලාවට දෙන්නම්... හෙක්....හෙක්...
      අනිත් දේ උඹ හොදට බලපං අවුරුදු උත්සවයෙන් පස්සෙ ...අපේ කස්ටියගෙ අම්මගෙ රෙද්දෙ එකමුතුව ගැන....
      බොරු පඩ ෂෝ වචන විතරයි බං .....කියන්න ගියොත් ගොඩක් තියෙනව ....ඒවා වැඩක් නැහැ...
      මම උඹට කිව්ව දේ කොහොම හරි කරලා දීපං ....

      Delete
    3. පෝස්ට් එක රස වින්ද නං එච්චරයි මචෝ,මට සතුටුයි අන්තර්ගතය ගැන එහෙමකට හිතන්න අවශ්‍ය නෑ,ඔවැනි අත්දැකීම් මා හිතන්නෙ කාට කාටත් ඇති කියලයි.

      Delete
  23. අද හැලප වල කඳුළු .... මම නම් ඔය වගේ දේවල් ගැන හිතන එක නැවත්තුවා , මොකද මිනිස්සු වෙනස් වෙනවා හිතාගන්න් බැරි විදිහට. එහෙම අවස්ථාවකට මූන් දෙන්න උනාම දුක තමයි , එත් පරණ මනුස්සයාව ආපහු බලාපොරොත්තු වෙන්න හොඳ නෑ, මාතේගේ කොමෙන්ට් එකේ ඔක්කොම කියලා තියෙන නිසා ආයේ කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. අපිත් උඹ ගැන හිතං ඉන්නේ ඔහොම තමා බං.
      ඒ නිසා කැමති විදියක ඉඳහං .අපි දන්නව උඹ කොහොමත් සතා කියල :D

      Delete
    2. පත්තරේ, ++++++++ 200%ක් ඇත්ත. හික්ස්! :D

      Delete
    3. මට දුක ඌට වෙච්ච වැඩේ ගැනයි ඉවාන් මල්ලි,හොඳ කොල්ල අපරාදෙ මොනා කරන්නද.

      Delete
  24. අදනම් ගොඩක් සංවේදී කතාවක් කියල තියෙන්නෙ. මිනිස්සු වෙනස් වෙන හැටි හිතාගන්න අමාරුයි. :(

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි බස්සි,ජීවිතේ කියන්නෙ හරිම පුදුමාකාර සංසිද්ධීන්ගේ එකතුවක්.අපි කැමතිවුනත් අකමැති වුනත් මුහුණ දෙන්න වෙනවාමයි.

      Delete
  25. ගොඩාක් උන් පිටරකට ආවම ලංකාවෙ උන් අමතක කරනවා...ඒත මම ඒකෙ අනිත් පැත්ත...නමුත් ලංකාවෙ උන් මාව අමතක කරලා...දැන් ඌට හරිගිහිල්ලනෙ කියලා උන්ගෙ හිතේ ඇතිවෙන කුහක සිතුවිල්ල ඒක අස්සෙ තියෙන බව මම දන්නවා...නමුත් මම බොක්කෙ තියාගෙන ආශ්‍රය කරපු අතේ ඇගිලි ගානටත් අඩු යාලුවො ටික නම් තවමත් එදා වගේම වෙනසක් නැතුව හිදීම සතුටක්...ඒ හින්දමනෙ උන් බොක්කෙ යාලුවො උනේ...ඔයාගෙ කථාව ලෝකයේ බොහොම පොදු ධර්මතාවක්...වයසින් මුහුකුරා යද්දි...කසාදයක් කාරිය බැදගෙන වගකීම් සහගත වෙද්දි මිත්‍රත්වය කියන දේ සෝදාපාළුවට ලක් වෙන හැටි මමත් අත්දැක තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ලෝ දහම කාටත් පොදුයි නොවැ සිරා,අතේ ඇඟිලි ගානටත් අඩු තරමින්වත් යාළුවො ඉන්න එක ගැනත් සතුටු විය යුතුයි.මෙහෙම වෙන එක සම්බන්ධයෙන් කාටවත් දොස් කියන එකේ තේරුමක් නෑ.

      Delete
    2. අර මකලා තියෙන කමෙන්ට් එකේ මොනවද තිබ්බේ..

      Delete
    3. මොකුත් වැරද්දක් නෙවෙයි උඹේ හොඳ තමා,හැබැයි අකුරු වැරදියි ඒ නිසා මකන්න ඇති.

      Delete
  26. "මම මේ කාන්තාරෙට වෙලා ඉන්නෙ ඒකනෙ ඔලුවෙ බරක් නෑ කතාවක් දෙකක් ලියාගෙන සැහැල්ලුවෙන් ඉන්නව,ඉස්සර වගේ එකටම ඉන්න අඹ යාළුවො නෑ ඒ වෙනුවට ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් යාළුවො ටිකක් ඉන්නව..."
    මේ තරං හොඳට මටත් ලියන්න ඕනෙ දේ ලිව්වට ස්තුතියි..

    මං මගෙ නම වසන් කරල බ්ලොග් එක පටන් ගත්තෙ මේ නිසයි..

    ReplyDelete
    Replies
    1. මටත් නම කියල බ්ලොග් කරන්න අමාරුයි නොවැ සරත්,වර්ණනාවට ස්තූතියි.

      Delete
  27. මොකක් හරි හිතේ අප්සෙට් එකකින් ලියල තියෙන්නෙ කියල හිතෙනව.

    කොච්චර ලොකු තත්වෙකට පත් උනත් තමං එක්ක එක පතේ කාල හිටපු යාලුවො අමතක කරන එකනං හොඳ දෙයක් නෙමෙයි. අන්තිමට මොකක් හරි වෙලා හිටපු තැනට වැටුනට පස්සෙ අන්තිමට පිහිටට එන්න ඉන්නෙත් එදා ඉඳලම හිටපු එකෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඌට වෙච්ච වැඩේට අප්සෙට් ගියා මිසක වෙන හිතේ අමාරුවක් නෑ ප්‍රසන්න,මම කිව්වෙත් ඇති වෙලාවට නැතත් නැති වෙලාවට ඉන්නව කියලයි.

      Delete
  28. හැලප,

    උඹේ හිතේ අමාරුවට උනත් මේ වගෙ ලිපියක් ලියල ප්‍රසිද්ධ කරපු එක හරි මදි කියලයි මගේ කල්පනාව. මොකද මේ මනුස්සය උඹේ යාලුවා..අපි ( මම හිතන්නෙ මෙතන උඹේ යාලුවො ඔක්කොමල වගෙ ) මේ මනුස්සය කළු ද සුදු ද කියලවත් දන්නෙ නෑ. එහෙම එකේ මෙහෙම ලියන එක ගැන අනේ මන්ද ..මගෙ නම් හිතේ නම් එච්චර...රයිට්..ඒ මගේ අදහස....එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ගාණක් නෑ මචං,මම මෙහෙමයි කියල ඌ දන්නව අනික මම උගේ නං වනං එළියට දැම්මෙත් නෑ නොවැ.

      Delete
  29. අද නම් ටිකක් හිත් වේදනාවෙන් ලියල කියල තේරෙනවා, ඒකයි කතාව සංවේදී වෙලා තියෙන්නෙ. යාලුවෝ ගැන කතා නොකර ඉන්න තරමට ඇඟට ගුණයි. සමහරු ඉස්කෝලෙ ඉන්න යාලුවා නෙවෙයි රස්සාවක් හම්බ උනාම. හරියට අපි මාසෙකට ගානක් ඉල්ලයි වගේ.

    මටත් ඔය උද්දච්ච අය පේන්න බැහැ.ඒත් සමහර යාලුවො නම් ඉන්නවා , "බිතු සිතුවම් " වගේ :)

    ReplyDelete
    Replies
    1. බිතු සිතුවම් වගේ යාලුවොත් ඉන්නව දිය මත ඇඳි ඉර සේ යාලුවොත් ඉන්නව,එහෙම තමයි ලෝක ස්වභාවය සොන්යා.

      Delete
  30. monakarannada oka thamai sawabawaya. eda un ada naaaaaaaaa...........supiriyata liyala thiyanawa halape ayyye.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තාරක.

      Delete
  31. වෙනදා වගේම බොහොම රසට ලියලා තියෙනවා හැලපේ..

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ අයිලාස්,බොහෝම කාලෙකිං නොවැ.කොහෙද බං ගිහිං හිටියෙ.තෑන්ක්ස්.

      Delete
  32. මම නම් තාම පිට රටක වැඩට ඇවිල්ල අවුරුද්දයි.. මේ කියන වගේ දේවල් තාම සිද්ද වෙලා නෑ...

    හැබැයි ඉතින් අපි සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ගිහින් ගෙයක් දොරක් හදාගෙන හොඳින් ඉන්න එක හෝ නැත්නම් හොඳ රස්සාවක් කරගෙන ඉන්න එක නිසා ඌ දැන් වෙනස් වෙලා, ඌට දැන් සල්ලි තියෙනවා හරි නැත්නම් ඌ දැන් හෙන පොරක් වගේ කෝණ වලින් මනින එක හරි නෑ නේද? අපි හැමදාම එකම විදියට ඉන්න ඕනේ නෑනේ.. මනුස්සකම නැති කාලකන්නියෙක් වෙන එක ගැන නෙවෙයි නමුත් මිනිස්සු විවිධ හේතු නිසා කාලයක් යනකොට වෙනස් වෙනවනේ.. අපිටත් ඕක අදාලයි නේ..

    ඉතින් අපේ පරණ යාලුවා ඉස්සර වගේ අපිත් එක්ක ඉන්නේ නැති එක ලොකු දෙයක් විදියට සලකන්න ඕනේ ද?

    මම පිළිගන්න විදියට මේ කාලේ මනුස්සයෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒ මනුස්සයාගේ පාඩුවේ ඉන්න අරින එක.. හැමෝටම තම තමන්ගේ ප්‍රශ්න තියෙනවනේ.. මනුස්ස කම නැති වීමට සමාවක් දෙන්න බෑ.. හැබැයි අපිත් එක්ක උන් හැසිරෙන විදිය වෙනස් වෙන එක මම හිතන්නේ සාමාන්‍ය දෙයක්..


    ReplyDelete
    Replies
    1. නෑ පැතුම් මං ඌට වරදක් කිව්වෙ නෑ,දැන් අසරණ වෙලා ඉන්න නිසා යාළුකම් පටන්ගන්නයි.

      Delete
  33. මචං.....උඹ විශ්වාස කරපන් මට ඉන්නේ එක යාළුවයි. ඒ දැන් කාලෙකට පෙර ඉඳන්. උඹ දන්නවා ඒ කවුද කියලා. මමත් මේ ලෝකය ගැන හොඳින් තේරුම් අරන් ඉන්නේ. මට මේ බ්ලොග් ලෝකයේ ඉන්න එවුන් හොඳයි කියලා හිතෙනවා මම ආශ්‍රය කරපු යාලුවෝ ගැන හිතුවාම. අපි සංවේදීවුනාම ඇතිවෙන ගැටළු රාශියයි. මට වෙනස් විදිහට හිතන්න පුරුදුවුනේත් මෙවැනි සිද්ධීන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. උඹේ යාලුවා මාත් හොඳට දන්නවනෙ මචං.සාමාන්‍යයෙන් මුණ ගැහෙන්නෙ නැතුව යාළුකම් පවත්වන ලෝකේ සුන්දරයි තමා.

      Delete

ඔබේ අදහස්