Saturday, February 8, 2014

114.රසබර මොහොතක මතකයන්.




අපේ සිත් තුල සැඟවිලා ගිලිලා තිබෙන රසවත් අතීත මතක සටහන් යම් යම් අවස්ථාවන්හිදී යම් යම් හේතු නිසා එළියට ඇවිත් අපව ඒ රසබර අතීතයට ආපහු ගෙනයන එක අපි කාටත් පොදුයි...පහුගිය දවස්වල මම ලංකාවෙ ඉද්දි අතීතයේදි ඇසූ මා හිත්ගත් ගී කීපයක් නැවත අසන්නට ලැබුණා.

මම සාමාන්‍යයෙන් ටී වී බලන චරිතයක් නොවෙයි, නමුත් ඒ දිනවල ටී වී එකේ ගිය ශ්‍රී ලංකා පකිස්තාන් ක්‍රිකට් තරග නොවරදවාම නැරඹුවා ...

ඔන්න මම ෂේප් එකේ මැච් එක බලාගෙන ඉන්නකොට බිරිඳ පහළ කෑගහනව ඇහෙනවා...

මේ ඔයා කොහේදෝ...

මම මෙහේ, මොකද බෙල්ල මිරිකුව වගේ බෙරිහන් දෙන්නෙ...

මෙන්න ඔයාට කෝල් එකක්,කෝල් එන එන ගානෙ මට උඩට නැග නැග පණිවිඩ කියන්න බෑ එක්කෝ ඔයා පහළට වෙලා ඉන්න නැත්නං මොබයිල් එක හදා ගන්න එතකොට මට කරදරයක් නෑ.ඇයි අප්ප තේ හැදුවත් කෑ ගහන්න ඕනෑ,කන්න බෙදලත් කෑ ගහන්න ඕනෑ මට වෙන වැඩක් නෑ...

මොබයිල් එකේ සිම් එක මාරු කරන්නෙ නැතුව එහෙමම තියෙන්න ඇරියෙ මාරුකළා නං තවත් කරදරයක් හින්දයි...මාරුකරගත්ත නං හොඳා කියලත් වෙලාවකට හිතෙනවා...

හාන්සි පුටුවට වෙලා මැච් එක බල බල ඉද්දි වෙලාවකට එහෙම්මම නින්ද යනව, ටිකකින් ඇහැරෙනකොට ඔන්න මැච් එක නවත්තල, එතකොට මම වෙන වෙන චැනල්වලට මාරුකරනව,ඔන්න ඔය විදියට චැනල් මාරු කරගෙන යද්දී නයි ටී ඇන් එකේ පරණ චිත්‍රපටයක් පෙන්නනව අහුවුනා,බලපුවම ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ රන්සළු(1967) චිත්‍රපටයයි...

මේ චිත්‍රපටය ගැන ගොඩක් අහළ තිබුනත් බලන්න ලැබිල තිබුනෙ නැතිනිසා මම බොහොම සාවධානව චිත්‍රපටය නැරඹුවා...නමුත් 1967  සරසවි සම්මානය ලබාගනිපු මේ චිත්‍රපටයේ මම බලාපොරොත්තු වෙච්ච තරම් ආශ්චර්යයක්  තිබුනෙ නැති බවත් චිත්‍රපටය අවසානයේ මගේ බලාපොරොත්තු කඩවුණු බවත් අවංකවම කිවයුතුයි...

කොහොමත් ලෙස්ටර් මහත්තයගෙන් මට ලැබිල තියෙන්නෙ බලාපොරොත්තු කඩවීමම මිසක් වෙන දෙයක් නෙවෙයි මා ඔහුගෙ මුල් යුගයෙ චිත්‍රපට එකක් දෙකක් ඇරෙන්නට අනික් චිත්‍රපට සියල්ලම නරඹා ඇතත් එකකින් වත් මට තෘප්තියට පත්වන්නට නොහැකිවුණා...

හැබැයි නියඟයකට වට වැස්සක් සේ මා ඉතා ප්‍රියකරන ඉමිහිරි ගීත දෙකක මුල් ගායනය නැවත අසන්නට භාග්‍යය ලැබීම මට අතිශයින් සතුටට කරුණක් වුනා...

ඒ ගීත දෙක සම්බන්ධයෙන් මගේ ළඟ කතා දෙකකුත් තියෙන නිසා ඉස්සෙල්ලම ගීත දෙක මොනවදැයි කියල ඉන්නම්...

බඳුන් පිරී  -නෙවිල් ප්‍රනාන්දු
සිරිපා පියුමේ -ඩබ්.ඩී අමරදේව

රන්සළු චිත්‍රපටයේ එන මේ ගීත ද්විත්වය මට නං කනේ මී වක්කරනාක් සේම ඉමිහිරි බව නැවතත් කිවයුතුයි...

කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු වැනි බටහිර ආරට ගී ගයන ගායකයෙක් සම්භාව්‍ය චිත්‍රපට නිර්මාපකයෙක් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් සමග සම්බන්ධ වූ ආකාරය හොයාගෙන ගිය මට හරිම රසවත් කතාවක් සොයාගන්නට ලැබුණා....

මේ කතාව දකින්නට ලැබෙන්නෙ තිස්ස අබේසේකරයන්ගේ අයාලේ ගිය සිතක සටහන් පොතෙයි.කතාව එහි ලියා තිබෙන ආකාරයටම මා මෙහි සඳහන් කරන්නම්...

''එහෙත් ඊට බොහෝ කලකට පසු 'දෙලොවක් අතර' චිත්‍රපටය සඳහා රාත්‍රී සමාජ ශාලාවලට උචිත ගීයක් අවශ්‍ය වූ විට,එය ගායනා කිරීමට එවකට ජනප්‍රියව සිටි කිසිදු ගායකයෙකු ගේ හඬක් වත් සුදුසු නැතැයි ඔහු කියා සිටියේය.එවැනි තැනකට රැස් වන පිරිස ගැන හිතනකොට ඔවුන් ඒ එක කටහඬකටවත් කැමති වන වර්ගයේ උදවිය වෙන්නට බැරි බව ඔහු ප්‍රකාශ කළේය.'චාරුලතා'චිත්‍රපටයේ සුමිත්‍ර චැටර්ජි පියානෝවක් වාදනය කරමින් ගයන ගීයේ පසුබිම් හඬ වගේ හඬක් මට ඕන'-ඔහු කීවේය.ඒ ගීය ගායනා කළේ කිෂෝර් කුමාර් ය.ඔහු බටහිර ඌරුව සහිත ගීත කදිමට ගායනා කළ හින්දි ගායකයකු විය.
'ඔහුට හොඳ මධ්‍යම පාන්තික කටහඬක් තියෙනවා'ලෙස්ටර් ප්‍රකාශ කර සිටියා මට මතකය.මේ කටයුත්ත  සඳහා නිර්දේශ කළ හැකි ගායකයෙකුසොයන්නට වූ මට විජය කොරයා විසින් නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛව 'ලොස් කැබලෙරෝස්'ගායක කණ්ඩායම විසින් පටිගත කළ ගීයක් අසන්නට සැලැස්වීය.ඔවුන් ගායනා කර තිබුණේ සී. ටී.ප්‍රනාන්දු ගේ ගීයකි.නෙවිල් ප්‍රනාන්දුට වූයේ ඉතා දුර්ලභ ගණයේ අතිශයින් සියුම් ලෙස ස්වර නිරූපණය කළ හැකි කටහඬකි.බටහිර සංගීතයේ මාත්තුව තිබුණද ඔහුගේ සිංහල උච්චාරණයද ඉතා නිවැරදි විය.
ඒ කටහඬ ඇසූ සැණින් ලෙස්ටර් එය පිළිගත්තේය.
'ගයන ගැයුම්-නටන නැටුම් 'ගීය සඳහා නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ-'ලොස් කැබලෙරෝස්'ගායක කණ්ඩායම එක් වූයේ එලෙසය.''
(පිටු අංක 147-148 අයාලේ ගිය සිතක සටහන් 2007,තිස්ස අබේසේකර.)

'දෙලොවක් අතර'(1966) චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දුව ගායනයෙන් සම්බන්ධ කර ගත් ලෙස්ටර් එයින් නොනැවතී ඔහු ඊළඟ වර්ෂයේ අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේ බඳුන් පිරී නම් වූ  රසාලිප්ත ගීතයද නෙවිල් ලවා ගායනා කරවූවා...

මේ ගීතයට අද වනවිට වයස අවුරුදු 48 ක් පමණ වෙනවා, ඒ වගේම අපට අහන්නට ලැබෙන්නේ තැනින් තැන කෑලි නොමැති ගීතයකුයි,සම්පූර්ණ ගීතයම තිබෙන්නේ චිත්‍රපටයේ පමණයි...

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ගීත සංස්කෘතියේ ආරම්භකයා හෝ ආරම්භකයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු 1960 දශකයේදී ලොස් කැබලෙරෝස් කණ්ඩායම එලි දක්වමින්  ශ්‍රී ලංකා කණ්ඩායම් සංගීත වංශ කතාව ආරම්භ කළා.සිංහල ගීත සාහිත්‍යයට ඔහු සතු වූ අතිශය දුර්ලභ මිහිරි කටහඬින් ගීත 24 ක් පමණ දායාද කොට තිබෙනවා... සිංහල චිත්‍රපට ගීතාවලියේ තවත් අමරණීය මං සලකුණක් වන 'මාස්ටර් සර්' ගීතයද නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට කළුදිය දහර චිත්‍රපටයට ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු විසින්මයි.

1940 දශකයේ? මීගමුවේදී උපත ලද නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය හරහා ක්ෂණික විදුලියක් සේ එළිය පැතිරවූ ගායකයෙක් ලෙස මා  දකිනව,ඔහු ලියුකේමියා රෝගයට ගොදුරුවී 1976 අප්‍රේල් මස 23 දින මෙලොවින් සදහටම සමුගත්තා.(නෙවිල් ප්‍රනාන්දු ගායකයාණන් ගේ උපන් දිනය ඇතුළු පුද්ගලික විස්තර සොයන්නට මා ගත් උත්සාහයන් නිරර්ථක වීම කනගාටුවකි ) නෙවිල් ප්‍රනාන්දු මියයද්දී රුක්මණී දේවිය ජීවත්වූයේ  ඔහු සමග යයි කීම ඔහුටවත් රුක්මණී දේවියටවත් නිගරුවක් නොවනු ඇතැයි සිතමි.මගේ ඥාතිවරයෙක් වූ තවත් කලාකරුවෙක් සමග නෙවිල් මියගිය සමයේ රුක්මණී දේවිය ඇඬු කඳුලෙන් සිය හද පෙළන දැඩි ශෝකය ප්‍රකාශ කළ බව ඔහු මා සමග කියා සිටියා...


මෙවැනි සම්බන්ධයන් කලා ලොවට අමුතු දේවල්  නොවෙයි,ඕපාදූප හොයාගෙන ගියොත් මෙවැනි කතා ගණනාවක් සොයාගන්න පුළුවනි,මේ වගේ තවත් සම්බන්ධයක් ගැන රසවත් කතාවක් මගේ මතකයට නැගෙනවා... 

ඒ ජෝතිපාලත් ලතාත් එකට ජීවත් වූ සමයයි,නිහාල් සිල්වාගේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ දර්ශනයක් එල්පින්ස්ටන් රඟහලේ පැවැත්වුනේ එවකට අගමැතිව සිටි ආර්.ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි,එතුමා සමග කලාකරුවන් රැසක්ද නාට්‍යය බැලීමට පැමිණ සිටියා...

නල්ලතම්බි සිය හිතේ තිබෙන ආදරය කාන්තාවට ප්‍රකාශ කරන මොහොත...

මගේ ආදරේ රෝමියෝ ජුලියට්,රාමා සීතා,ලයිලා මජ්නු,ජෝති ලතා...

එකවරම ඇතිවුණු මහා සිනා රැල්ලකින් ශාලාව දෙදරුම් කෑවා...ඒ සමගම අසුනින් නැගිටගත් කාන්තාවක් මොන මොනවාදෝ මුමුනමින් වේගවත් ගමනින් ශාලාවෙන් පිටව ගියා,ඇය ලතා වල්පොලයි ...

ඊළඟ කතාව රන්සළු චිත්‍රපටයේ එන අනෙක් ගීතය වන සිරිපා පියුමේ ලියැවුනු ආකාරය ගැනයි,අමරදේවයන් ගයන මේ ගීතය පද රචනය කරන ලද්දේ  මහගම සේකරයන් විසිනුයි...ගීතය ලියූ ආකාරය සේකරයන් මියගිය පසු ප්‍රකාශයට පත්වූ ''මහගම සේකර නොපළ ගීත''නම් පොතෙහි සඳහන් වී තිබෙනවා...මා මේ පොත කියවා ඇතත් දැනට පොත මා ළඟ නොමැති නිසා ලියන්නට වෙන්නේ මතකයෙනුයි,එබැවින් මගේ මතකයත් පොතත් අතර යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවනි.

චිත්‍රපටයේ කතාව ඇසූ මොහොතේම සේකරයන්ට සිහිපත්ව ඇත්තේ ඔහු ඇමෙරිකාවට ගුවනින් ගිය ගමනකුයි,කඳු මුදුන් වසා පැතිර තිබු වලාකුළුත් ඒ උඩින් ගමන් කළ ගුවන් යානයත් ඔහුට මතක් වුනා,වලාකුළු උඩ ගුවන් යානය එකතැන නතරවී තිබෙන ආකාරයක් ඔහුට දැනුනා...

මහ රහතන් වැඩි මග ඔස්සේ...
වළා අතුල කඳුවැටි අතරේ...

යන පද ඒ අනුව ඔහු රචනා කළා,උදෑසනද, දුම්රියේදීද ගීතයේ ඉතිරි කොටස් ඔහු සම්පූර්ණ කළා...

 ගීතයට තනුව සකස් කරගැනීම  සඳහා  රන්සළු චිත්‍රපටයේ කතාව රචනය කළ හග්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්නයන් මහගම සේකරයන් සහ අමරදේවයන්ව වරකාපොළ ප්‍රදේශයේ කඳු ගැටයක් උඩට කැඳවාගෙන ගොස් තිබෙනවා...

කන්ද උඩට පෙනුණු මනහර දර්ශනයෙන් මත්වූ අමරදේවයන් සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යොදා ඇති අතර අමරදේවයන්ගේ අදහස් අනුව ගීතයේ යම් යම් පාදවල දිග අඩුවැඩි කිරීමට සේකරයන් කැමතිවී තිබෙනවා...

ඒ ආකාරයට නිර්මාණය වූ සිරිපා පියුමේ ගීතය අදද රසිකයන් ඉතා අගය කරන ගීතයක්.

මේ ගීත හා චිත්‍රපට ගැන මගේ අදහස් දැක්වීම මෙය වුනත් මීට වෙනස් කියවීමක් සමහර විට ඔබට තිබෙන්නට පුළුවනි, අපි හැමගේම අදහස් එකාවන් විය යුතුයැයි මා අදහස් නොකරන නිසා මෙයටවෙනස් අදහසක් ඔබ දරනවා නම් මා එයටද  ඉතා ගරු කරන බවද කිව යුතුයි.

152 comments:

  1. අගේ ඇති විස්තරයක්,
    චිත්‍ර පටිය බැලුවාට ගීත දෙක ගැන තැකීමක් කළේ නෑ.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නං චිත්‍රපටයට වඩා ගීත දෙක අගය කරනවා,ස්තූතියි විදානේ,ඔබටත් ජය.

      Delete
  2. හොද රසවත් විස්තරයක් මචන්.
    මාස්ටර් සර් සින්දුවට මම හරිම ආසයි.
    ලතා නම් ඔරොප්පු මෑණියෝ...ජෝති හිටිය නම් හිනා වෙවී ඉදියි.

    ReplyDelete
    Replies
    1. මාස්ටර් සර් ගීතය හැම කලකදීම රස විඳින්නට හැකි ගීතයක් නොවැ මචං,උඹට ස්තූතියි.
      ජෝතිගෙ තිබුණු ඒ සැහැල්ලු ගතියට මම හරිම කැමතියි.

      Delete
  3. ගීත දෙක දෙවිදියකට ලස්සණයි. අමරදේවගේ ගීය හිත නිවලා සනසන ගතියක් දැනෙනවා...!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පොඩ්ඩි,නෙවිල්ගේ ගීතය අපිව අමුතු ලොවකට ගෙනයනවා.

      Delete
  4. මං චිත්‍රපටය වගේම ගීතත් අහල නං නෑ.. ඒත් ඔබ කියන විදියට ගීත නං ලස්සන වෙන්න ඇති..
    අනික දැං කාලෙ ඕවගේ සිංදු ඇහෙන්නෙත් නෑනෙ...
    අගේ ඇති විස්තරයක් ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මහේෂ් ගීත දෙකම අහන්නට පුළුවන් ආකාරයට අප්ලෝඩ් කර තියෙන්නෙ,ලස්සනද කියා අහල බලන්න.අද නං මේ ගීත වැරදිලාවත් ඇහෙන්නෙ නැති තරමයි.

      Delete
  5. මේ වගේ තැනකදී සෑහෙන්න හිරවෙනවා. ඇයි දෙවියනේ මේ කිසිම දෙයක් ගැන දන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා යක්ෂයො.ඔහොම තමා නොදන්නා ඔබ වගේ අයගේ හිත සුව පිණිස දන්නා අපි ලියනවා,එයයි අපේ සතුට.

      Delete
  6. රසවත් විස්තරයක්.බදුන් පිරී සින්දුවනම් ඇහුවෙ අදමයි.ස්තුතියි
    ( හැම නොනලම එකවෙගෙද බන් අයියෙ )

    ReplyDelete
    Replies
    1. ගීතය ඇහුවේ අදම නං මට හරි සතුටුයි දමිත් මල්ලි.
      මම හිතන්නෙ ඔය නෝනලා ඔක්කොම එක ඔරිජින් එකකින් බිහිවුණු අය කියලයි.පොඩ්ඩක් නෝනගෙන් අහළ බලල කියනවද.

      Delete
  7. අම්මෝ මේ ගීත වලින් කීයෙන් කීයද අපි අහල තියෙන්නෙ...ඒ වගේම චිත්‍රපටයත් නරඹලා නෑ :D
    ලස්සනට විස්තර කරලා තියනවා හැලප මාමේ :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සසිඳු,ජෙනරේෂන් ගැප් කියල එකක් තියෙනවනෙ,නැතුව ඔයගොල්ලන්ගෙ වරදක් නෙවෙයි.බොහොම ස්තූතියි.මට හැලපය කියල කියන්න.

      Delete
    2. එහෙම ඉතින් හැලපය කියන එක හරිනෑනෙ මාමෙ නේද :D

      Delete
    3. හැලපයියේ කියන්න.පයිය යනු කුණුහරුපයක් නොවේ

      Delete
    4. හැලපයියේ කියන්න.පයිය යනු කුණුහරුපයක් නොවේ

      Delete
  8. අගනා විස්තරයක්. ඔය ගීත දෙක නම් අහලම නැහැ වගේ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. මකසි,ඔබටත් ජයවේවා,ගීත දෙකම අහළ බලන්නකෝ.

      Delete
  9. ඉස්සර අපෙ ආච්චි ඉත්දිනම් පැරණි චිත්‍රපට බැලුනට දැන්නම් බැලෙන්නෙම නෑ අයියෙ.

    ReplyDelete
    Replies
    1. ආච්චිගෙ උරුමය ඉදිරියට ගෙනයන එක හොඳ වැඩක් කියල ප්‍රියාට හිතෙන්නෙ නැද්ද.

      Delete
  10. මේවා මොන සින්දුද???? මේකනේ සින්දුව " දිගු දෑස දුටුවාම .. ඇඩේනවා තනි හෑට ".....
    හැලපයියා හැලපයියා කිව්වට මෙයා අපේ සියටත් වඩා වැඩිමල්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රාළේ,හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනව කියල කතාවක් තියෙනව නේද මට මොහොතකට ඒ කතාව මතක් වුනා,මෙතනට කොච්චර ගැලපෙනවද දන්නේ නෑ.
      ඒ නිසා මා ගැන නෙවෙයි මා ලියපු දේ ගැන සොයන්න.මගේ ධර්මය තුලින් මා දකින්න කියල බුදුරජාණන් වහන්සේත් වදාළා නොවැ.

      Delete
    2. මම පොඩි ජෝක් එකක් හැලපයිය්යේ කරේ...... එදා සිංදුවල තිබ්බ රසත් එක්ක අද සින්දු ළඟින්වත් තියන්න පුලුවන්ද ..... මම තාමත් උදේට U Tube එකේ සිංහල උදෑසන ගී කියලා සින්දු ටිකක් අහනවා ඒ කාලේ රේඩියෝ එකේ අපි ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙනකොට උදේ 6 ඉඳන් 6.30 වෙනකම් ගිය සින්දු ටික
      සමනල සිරසින් සිරිපද සිබ සිබ උදාහිරක් පායයි ......
      මගේ රටට දළදා හිමි සරණයි...........
      අවදි වන්න අවදි වන්න දීප්තිමත් ඉරකි උදා වෙලා තියෙන්නේ......

      මෙන්න මේවගේ ඒවා

      Delete
  11. ඇත්තටම අමරදේවගෙ චිත්‍රපටි සිංදු බෙහෝ ඒව ලස්සනයි. ඒ වගේම මේ විස්තරෙත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අමරදේවයන් ගැයූ සිංහල චිත්‍රපට ගීතාවලිය හරිම වර්ණවත් එකක් ප්‍රසන්න.ඔබට බොහොම ස්තූතියි.

      Delete
  12. Halapayya, Neville Fernando had the best voice among the Sri Lankan singers. Once I let one of the Spanish person to listen his Magualena Salarosa song and he was amazed with the voice and his spanish. I heard that when Neville sang for an audience including the Cuban ambassador, he was highly praised by the Cuban Ambassador for his spanish. Great tribute to Neville ! and Tribute to you Halapayya! ( Sorry my singlish typing is not working, )

    ReplyDelete
    Replies
    1. ඔබේ අගනා කමෙන්ටුවට සිංහලෙන් පිළිතුරු දීම වරදක් නොවෙයි නේද,ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු යනු නැවත බිහි නොවන හඬක් ඇති ගායකයෙක් අවාසනාවකට මෙන් ඔහු ගැන කතිකාවතක් ඇති නොවුනා මෙන්ම ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ඔහුට හිමිවිය යුතු තැනත් නොලැබුණු බව මගේ අදහසයි.
      මෙය මා බොහෝ කලෙක සිට ලියන්නට පෙරුම් පුරාගෙන සිටි සටහනක්,හුදෙක් නෙවිලුන් අද තරුණ පරපුරට හඳුන්වා දීම සඳහා මෙය ලියැවුනා.

      Delete
    2. @ කළුහාමි.....++++++++++++++++++++++++++++++ එල.

      Delete
  13. බොහොම හොඳ විචාර ලිපියක්. නෙවිල් ප්‍රනාන්න්දු ගැන ඇගයීම් ප්‍රාමානිකව සිදුවී නැති බවයි මගෙත් අදහස. මේ වගේ කලාකරුවන්ගේ තොරතුරු එකතුවක්වත් තියනවාදයි මා දන්නේ නැහැ. මේ ලිපියත් සංරක්ෂණය කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම විචාරක තුමා මා ඉහත කීවාක් මෙන් නෙවිල් ප්‍රනාන්දු ගැන නිසි ලෙස ඇගයීමක් මෙතෙක් සිදුවී නැහැ,මේ කලාකරුවාගේ ජීවන තොරතුරු සොයා මා අන්තර්ජාලය පුරා කරක් ගැසුවත් ඔහුගේ ගීත හැරෙන්නට වෙනත් කිසි විස්තරයක් අන්තර්ජාලයෙ සොයාගන්නට නොමැතිවීම කනගාටුවට කරුණක්.

      Delete
  14. අමරදේව - මහගමසේකර ද්විත්වයේ ගීත වගේම
    අමරදේව -රත්න ශ්‍රී ද්විත්වයේ ගීතත් මාර රහයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සඳුන් සහෝදරයා. ඇයි ප්‍රේමකීර්ති- මර්වින්
      ප්‍රේමකීර්ති- වික්ටර්

      Delete
    2. ඔව් සඳුන්,1960 දශකයේදී අමරදේවයන් මහගම සේකරයන් හා එක්ව ඉදිරිපත්කල මධුවන්ති වැඩ සටහන ඔවුන් දෙපොළගේ නිර්මාණයන්හි කූටප්‍රාප්තිය ලෙස මා දකිනවා,ඉතා රසවත් අර්ථවත් භාවපූර්ණ ගීතපෙළක් ඉදිරිපත් කරන්නට ඔවුන් දෙපල එදා සමත්වුනා.

      Delete
    3. @චන්දන,
      ඇත්තටම ඔබ සඳහන් කල යුගලයන් දෙකත් අතිශය සාර්ථක නිර්මාණ බිහිකළ කිහිපදෙනෙක්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. හැලප අයියේ මම දුලාගේඅඩවිය ලියන දුලා.
      සඳුන් කියන්න එපා! (චන්දනටත් එක්ක කියන්නේ )

      Delete
    6. ඕකට එකතු කරන්ට ඕන තව යුගලයක් ප්‍රේමකීර්ති - ප්‍රෙඩි!

      Delete
  15. මේ වගේ තව සින්දුවක් මතක් උනා... "සඳකත් පිනි දිය"

    http://www.youtube.com/watch?v=SDcd40Id018

    ReplyDelete
    Replies
    1. සඳකත් පිනිදිය ගීතය පරසතුමල් චිත්‍රපටයේ එන ගීතයක් වගේ මතකයක් තිබුණු නිසා මම පොඩ්ඩක් සොයා බැලුවත් සොයාගන්නට බැරිවුනා.

      Delete
    2. අමරදේවයන් ගායනා කරන 'සඳකත් පිනිදිය' ගීතය පරසතුමල් චිත්‍රපටියේ තමයි. එහි ගායකයා ලෙස චිත්‍රපටි ජවනිකාවේ පෙනී සිටින්නේ නැසීගිය අසහාය ගායක ටී ෂෙල්ටන් පෙරේරා මහතා.

      Delete
    3. @ විචාරක....අපි විශාරද ෂෙල්ටන් පෙරේරා මහත්මයා ගැන ලියමු විචාරක. මම දුටු නිර්ව්‍යාජ සුන්දරයෙක්.

      Delete
    4. හොඳ අදහසක් අරු, කරුණු හොයාබලන්නම්.

      Delete
    5. මටත් මතක හැටියට පරසතු මල් තමයි. සංගීතය ලයනල් අල්ගමගෙ. විචාරක ඔන්න ලියනවනන් තවත් විශාල කාර්යයක් කරපු කෙනෙක් සිංහල සංගීතයට අපි අමතක කරපු. ජුජාතා කියන පරසතුමල් වල සින්දුවෙ ලස්සන. හැලපයියා සිංහල සංගීතය බිහිඋනු අක්මුල් තමයි ඔයා අපිට මතක් කොරගෙන යන්නෙ. "මලකින් මලකට ගොස් පැනි බොන්නද" තවත් හිත කීරිගස්සන සින්දුවක්

      https://www.youtube.com/watch?v=PgjpSVMmTM8&list=PLqeLkhCQHXpZWOBrphB-igw3h3EPT4sCV&index=13

      Delete
  16. //කන්ද උඩට පෙනුණු මනහර දර්ශනයෙන් මත්වූ අමරදේවයන් සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යොදා ඇති අතර //

    ...ස්වභාව ධර්මයේ උත්තේජනයෙන් මතුවෙන නිර්මාණ කොහොමත් ලස්සනයි.......

    ReplyDelete
    Replies
    1. ඒ වගේම එවන් නිර්මාණ අතිශය සාර්ථකයි,අඩ නොවන්නෙත් ඔය දේමයි ඒකනෙ අද එවැනි රසබර ගීතයන් බිහිනොවන්නේ.

      Delete
  17. සුනිල් ආරියරත්න මහත්තයා 'ලංකාවේ කණ්ඩායම් සංගීතය' පොතේ කියන විදිහට නෙවිල් ප්‍රනාන්දුගේ 'ලොස් කැබලෙරොස්' එහම නැත්නම් නියම උච්චාරණය වන 'ලොස් කබයියෙරෝස්' (අශ්වාරෝහකයෝ යන තේරුම දේ) තමයි ලංකාවේ පළමු සංගීත කණ්ඩායම.ඔවුන් සීටී ගේ සින්දු කියන එකට සීටී කේස් එකක් ඇද්දම තමයි ඔය සීටීගේ ම සින්දුවක තනුවට නෙවිල් ප්‍රනාන්දු වචන දාලා 'මල්බර හිමිදිරියේ ' සින්දුව හැදුවා කියන්නේ

    ReplyDelete
    Replies
    1. මා නොලියු ඩේ දිනුක ඔබ ලියා තිබෙනවා,විස්තරයට බොහොම ස්තූතියි දිනුක.

      Delete
    2. හැබැයි විජය කොරයා මහත්තය කියන්නෙ ලොස් කැබරෙයොස් කියල. තේරුම තමයි "The Gentleman" කියන එක.

      Delete
  18. ඉතාමත් රසවත් විස්තරයක් මම කැමතිම මාතෘකාවක් සම්බන්ධව. මමත් චිත්‍රකථා හා චිත්‍රපට පිස්සෙක්. චිත්‍ර කථා හා බැඳුනු මගේ අතීතය ගැන මගේ මතකය මම ලිව්වා. දැන් අතීතය හා චිත්‍රපට ගැන ලිවාගෙන යනවා. 60-70 හා 80 දශකයේ මුල් භාගයත් උසස් චිත්‍රපට කීයක් අපට දායාද වූ යුඟයන්ද?
    උඹ කියන මේ චිත්‍ර පටය මට බලන්න අවස්ථාවක් ලැබිලා නෑ. ඒත් මා මිතුරන් හා එක්ව මධුවිතින් සප්පායම් වන බොහෝ අවස්ථාවල මෙම චිත්‍රපට ගැන කථා කිරීමත් ඒ සිංදු නැරඹීමත් කරනවා. ස්වාධීන සේවයේ විකාශනය වූ සංහිද පාමුල වැඩසටහන් මාලාවෙන් අපට අමතක වු කළා කරැවන්‍ රාශියක පිළිබඳ මතකය අළුත් කලා.
    උඹගේ මේ ලිපියට මම ස්තූති වන්තවෙනවා එම කළාකරැවන් පිළිබඳ තොරතුරැ ගෙනහැර පෑවට. ඒ කළා කෘතීන් බිහිවුනු අයුරැ ගැන කථා කිරීම කෙතරම් නම් ආශ්වාදජනකද? තව ලිවිය යුතු දේ බොහෝයි. ඒත් කාලය හරස් වෙනවා. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චන්දන මේ ලිවිය යුතු දෙයින් ඉතාම අල්පයයි,තව බොහෝදේ මෙවන් කලාකරුවන් ගැන ලියවෙන්නට තිබෙනවා,ඒ කාර්යය ඔබ වැනි අයට බාරයි.
      සංහිඳ පාමුල මමත් ඉතා අගය කරන වැඩ සටහනක් දැන් නං බලන්න වෙන්නෙ ඔන්ලයින්,ඒ වැඩ සටහන දැන් කෙරෙන්නේ නොමැති බවයි මට හිතෙන්නෙ.
      චන්දනට බොහොම ස්තූතියි ලිවිසැරිය නොකඩවා කරගෙන යන්න.ජයවේවා

      Delete
  19. එතකොට හැලපයියේ එඩී ජයමාන්න එක්ක රුක්මණී හිටියේ නෙවිල් ප්‍රනාන්දුට කලින්ද පස්සෙද..?
    ජෝති ලතා සම්බන්ධේ කොහොම වෙතත් අර ජෝති ඇන්ජලින් ගැන තියෙන සිංදුවනං ඒ දවස්වල අපේ නැගලා ගිය එකක් තමා... :D

    ReplyDelete
    Replies
    1. මේක කොහොම විස්තර කරන්නද කියල මම ටිකක් කල්පනා කළා මාරෙ,මේ කලාකරුවන්ගේ පවුල් ජීවිත බොහෝවිට අතිශය සංකීර්ණයි සමහරවිට ඉතා දුක්මුසුයි.සිදුවන දේ මතුපිටින් පෙනෙන හො පෙන්වන දෙයට හාත්පසින්ම විරුද්ධ දෙයක්.ඒක එදත් අදත් එක්වන්මයි.දැන් ඔබ අසා තිබෙන ප්‍රශ්නයට පිළිතුරු.මේ විස්තර එළිපිට ලිවීමෙන් ඒ මියගිය වටිනා කලාකරුවන්ගේ වටිනාකම මා කිසිවිටෙක හෑල්ලුවට ලක්කිරීමට නොසිතන බව මුලින්ම කිවයුතුයි.
      රුක්මණී එඩී සමග හතළිස් ගණන්වල ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයට ඔවුන් දෙපොලගේම නිවෙස්වලින් දැඩිසේ විරුද්ධ වූ නිසා ඔවුන් දෙදෙනා සිය කැමැත්තෙන් විවාහවුනා,ඔවුන්ට ව කාර්යය සඳහා ජේ ආර් ජයවර්ධන මහතා සහ එම මැතිනිය බොහෝසේ උදව්කල බව කියවෙනවා.
      එලෙස එකතුවුනත් ඔවුන් දෙදෙනා පවුල් කෑවේ වර්ෂ කීපයක් පමණයිඒ එඩීගේ ගති පැවතුම් නිසායි,නමුත් දික්කසාද වුනේ නැහැ ඉන්පසුව රුක්මණී නළුවන්ගේද ගායකයන්ගේද අතින් අතට ගිය බව කියවෙනවා.නෙවිල් ප්‍රනාන්දුද රුක්මණී සමග එකට වාසය කල කලාකරුවෙක්.

      Delete
  20. රන්සළු චිත්රපටිය මම බලලා තියෙනවා. ඒ පොඩි කාලේ . සින්දු දෙකටනම් තාමත් කැමතියි. මේ මනරම් විස්තරයක් හැලපේ. ඉතා අගෙයි !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ,ඔබ මෙය අගය කරාවියැයි මා සිතුවා.

      Delete
  21. ළඟ කාලයකදි නම් සිංහල චිත්‍රපටියක් බලලා නෑ ඒත් අර ඉස්සර කාලේ කළු සුදු රූපවාහිනී තිබුන මුල්ම කාලේ බලපු රුක්මනී දේවිගේ, ගාමිනි ෆොන්සේකගේ, විජයගේ, සිකුරාදා රෑට පෙන්වපු චිත්‍රපටි තාමත් මගේ හිතේ තියෙනවා. පොල් ගස් උඩ ඇන්ටෙනා හයි කරලා, කාර් බැටරි වලින් පවර් දීලා අන්න අපි ටී වී බලපු කාලේ.

    මේ දවස් වල මෙහේ සිනාමා චැනල් එකේ ආසියාතික චිත්‍රපටි පෙන්වනවා රෑ එකට දෙකට. ගොඩාක්ම වියට්නාමය, චීනය, ජපානය හා කොරියාව. මේ දවස් වල ඒවා බලන එක තමයි මගෙත් රස්සාව.

    ReplyDelete
    Replies
    1. ටී වී ආපු අලුත චිත්‍රපටි බලපු හැටි ගැන මතක් වෙනකොටත් ආසයිනේද.ගෑනු වන්දනාවේ යනවා වගේ හුළු අතු බැඳගෙන ටී වී තියෙන ගෙවල් වලට ගියෙ රෑට,ඇත්තටම ඒ කාලෙට මොකක් වුනාද රංගි.

      Delete
  22. නෙවිල් ප්‍රනාන්දු ලොස් කැබලෙරෝස් එකෙන් අයින් වෙලා ගිහින් ද The fernando Trio හැදුවේ නෑ නම් මුලින්ම fernando trio තිබුනද රුවන් අබර සින්දුව නෙවිල් ද ලතා දිසානායක මුලින්ම කිවුවේ,,මම ආසම සින්දුවක් ඒක..
    මම හිතන් උන්නේ රුක්මනී එඩී ජයමාන්න එක්ක ඉද්දි අක්සිඩන්ට් වෙලා මැරුනේ කියලා,,අද කාලෙයි ඒ කාලෙයි වෙනසක් නෑ බලන් යනකොට ජනප්‍රිය මිනිස්සුන්ගේ පවුල් ජීවිත

    ReplyDelete
    Replies
    1. ඩිලාන්...... Fernando Duoනේද ? පොඩ්ඩක් හොයලා බලපන්. මෙරිල් ෆර්නැන්ඩුත් එක්ක.

      http://www.youtube.com/watch?v=Tq_1V_fol1w
      රුවන් අඹර ගීතයේ ඇත්ත සිද්ධිය. ඩිලාන් ...සතුටුයි මෙවන් දේ කතා කිරීම ගැන.

      Delete
    2. ඩිලාන් මුලින්ම ලොස් කැබලේරෝස් ඊට පස්සෙයි කැඩුනේ,මුල්ම සංගීත කණ්ඩායම වගේම මුල්ම කැඩීයාම.
      රුවන් අඹර ගීතයේ අයිතිය ගැන කලකට පෙර ලතා දිසානායකත් රූපා ඉන්දුමතිත් අතර ලොකු විවාදයක් ඇතිවුනා මට මතකයි.ඔන්න අරූ විස්තර කරලා තියෙනව.

      Delete
    3. ඔව් හැලපයියා කියන එක ගැන මේ ලගදිත් කතාවුනා රුපවාහිනී වැඩසටහනකදී.එකේ කියවුන හැටියට මේ ගිය පළමුව ගායනා කර තිබෙන්නේ රූපා ඉන්දුමති විසින් කියායි කියන්නේ.

      Delete
    4. ස්තූතී හැලප,,අරූ ඔතෙන්ට කාන්තා නියෝජනයක් තිබුනා නේද,,මම කොහෙ හරි කියෙවුවා,,,නෙවිල්,මෙරිල් සහ කාන්තාවක් උන්නද තව

      Delete
    5. මුලින්ම "Fernando Trio"

      Neville Fernando
      Bernie Fernando (Related to the Neville)
      Meril Fernando (Friend of them)

      ඊට පස්සෙ තමයි නෙවිල් ප්‍රනාන්දු වෙනම කණ්ඩායමක් පටන් ගන්නෙ ලොස් කැබරෙයොස් (Los Cabelloros) කියල

      හැබැයි අනිත් දෙන්න දිගටම "The Fernando Duo" කියල බෑන්ඩ් එක අරගෙන යනව.

      වැරදි නම් මාව නිවැරදි කරන්න.

      Delete
    6. එතකොට ඔබ කියන ආකාරයට ලංකාවේ මුල්ම සංගීත කණ්ඩායම Fernando Trio විය යුතුයි නේද,ඉතිහාසය නිවැරදි විය යුතුද?

      Delete
    7. මම මේ තොරතුරු ගත්තෙ 'කැලිප්සො කාර්නිවල්' කියල තිබුන සංගීත ප්‍රසංගයකින් සහ පහත දැක්වෙන පුවත් පත් වාර්ථාවෙන්.
      http://www.thesundayleader.lk/archive/20090426/lifestyle.htm

      සංගීත ප්‍රසංගයෙ විස්තර කථනය කෙරුවෙ විජ්ය කොරය මහත්තය. එය කියන විදියට "Fernando Trio" තමයි පලවෙනි vocal harmoney group එක කියන්නෙ.හැබැයි පුවත්පත් වාර්ථාවෙ කියන්නෙ නෙවිල් ප්‍රනාන්දුගෙ සංගීත කණ්ඩයම් වල ඉතිහාසය විතරයි.

      සංගීත ප්‍රසංගයෙ

      Delete
    8. වැඩි විස්තර සඳහා,

      http://www.silumina.lk/2013/05/05/_art.asp?fn=av13050523&p=1

      Delete
    9. මට හිතෙන හැටියට ෆර්නැන්ඩො ට්‍රියෝ වලින් නෙවිල් ගියාට පස්සේ දෙන්නෙක් Fernando Duo කරලා තියෙනවා. පස්සේ නෙවිල් ඇතුළු කොටසක් තමයි ලොස් කැබරලොස් පටන් අරන් තියෙන්නේ.
      මම අහලා තියෙන විදිහ. ඒ කටකතා තුලින්. දින වකවානු දන්නේ නැහැ.

      Delete
    10. මමත් අහල තියෙන්නෙ කියවල තියෙන්නෙ එහෙම තමයි

      1957 -> Fernando Trio

      1961 -> Los Cabelloros

      මූලාශ්‍රය : http://www.silumina.lk/2013/05/05/_art.asp?fn=av13050523

      Delete
    11. මේ පුවත් පත් වාර්තා අනුව නම් පලවෙනි සංගීත කණ්ඩායම "Fernando Trio"

      http://www.thesundayleader.lk/20090315/lifestyle.HTM
      http://www.thesundayleader.lk/archive/20090426/lifestyle.htm
      http://www.silumina.lk/2013/05/05/_art.asp?fn=av13050523

      Delete
    12. ස්තූතියි නෙමෙසිස්.

      Delete
  23. නෙවිල් මිය ගියාට කෙලින්ම නිවන් යන්න ඇති රුක්මණි එක්ක උන්නා නම්.. රුක්මණි මම කීප තැනකම දැකලා තිබුනත්, හොඳට ළඟටම දැක්කේ 77 ජේ ආර් පප්පා ආපු මීටිමකදි.. අපි ඉතින් පොඩි කාළේ ඉඳන් යූ ඇන් පී නේ. ගෙවල් ළඟ තිබුන මීටින් අත ඇරියේ නෑ.. ආපු ඔක්කෝටම සංග්‍රහ කොලේ මගේ බොක්කගේ ගෙදර.

    රුමණි මළ දවසේ.. රේඩියෝ එකේ නිව්ස් එක කියපු ගමන්, මම අපේ ගේ පිටි පස්සේ කුඹුරේ වැඩ කර කර හිටපු උන්ට ඕඅපේ අත ඇරියා.. මහතුවා ඇහුවා කොයි වෙලේද මැරිලා තියෙන්නේ කියලා.. මම කිව්වා ඊයේ රැඑ දෙකට විතර කියලා.. අරු කියනවා.. වෙන්න බෑ අද උදෙත් රේඩියෝ එකේ සින්දු කිව්වේ කියලා.. අදටත් ඒ කතව මතක් කලාම ඌටමලේ හොඳ එකෙන්ම පනිනවා..

    මචෝ.. මම ඔය ලේස්ටර් හොයපු මධ්‍යම පාන්තික සින්දු පිස්සෙක්.. සම හරක්ට ඔය සින්දු දිරවන්නේ නෑ.. සම්බහිය නැතෙයි කියලා.. උන්ගේ අම්මගේ වස්තරේ කියලා තමයි කියන්න වෙන්නේ..

    ලතා ඇන්ටි අපේ බොක්ක.. කැළණියේ නේ.. බාලම එකා අපිත් එක්ක උන්නේ.. මරු කතාවක් තියෙනවා.. මෙතන කියන්න බෑ.. හම්බ උන වෙලාවක් අහපන්, එතකොට කියන්නම්..

    ReplyDelete
    Replies
    1. අනේ යන්න මෙයා ..කී සැරයක්නම් හම්බ වුනාද ..නිකන්වත් කිව්වද ඔහොම එකක් දන්නවාවත් කියලා ...මල පනිනවා ඉතිං ..

      Delete
    2. මොන වගේ එකක්ද මෙයා...

      Delete
    3. මාතා.....මේ සෙට් එකත් එක්ක අපි දවසක අඩියකට සෙට් වෙමු. කියන්න බොහෝ දේවල් තියෙනවා බං. ශාස්ත්‍රීය සිට පීචන් දක්වා බොහො ආතල් සිදුවීම්.

      Delete
    4. එනි ටම් අරූ.. කලින් කිව්වොත් ටුවර් කැන්සල් කරගෙන හරි ඉන්නම්...

      Delete
    5. දැන් එතකොට ඔහෙලා විතරක් සෙට් වුනාම හරිද...? මීබෙටිත් තියෙනවා හරිද ..? බලන්නකෝ හැලපයියේ

      Delete
    6. හරි හරි මෙහෙම කරමු,අරූ මචං උඹ දින දාපං,තැන අපේ ගෙදර,ඉවාන්ට මම ප්‍රේෂ් කොමඩු ජූස් එකක් හරි අල්ලපු වත්තෙ ගහෙන් තැඹිලි වල්ලක් හරි සෙට් කරන්නං.ඌ කැමති එකක්, කට්ටියට එන්න ඉඩ ඇතුව උඹ දිනේ දාපං හරිද.එන්නෙ කවුරු කවුරුද කියල මාතෙය කියයි.

      Delete
    7. මාතලන් මචං උඹ කියනකොට රුක්මණී මැරුණු දවස මටත් මතක් වෙනව,මම මැටිල්ඩ අක්කලාගේ කඩේට උදේට කන්න ගිය වෙලාවෙ කිව්වෙ.

      Delete
  24. හැලපයියේ "ලොස් කැබලෙරෝස්" කියන එකේ තේරුම මොකක්ද? මම ඕක ඇහුනු පලවෙනි දවසේ ඉඳන්ම ඕක හොයනවා ...."ගයන ගැයුම් ගීතය මම ආසම එකක්......එත් එදා මෙදාතුර මම ආසම සින්දුව තමයි .අමරසිරි පීරිස්ගේ "වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා" ගීතය ..

    ReplyDelete
    Replies
    1. නොදන්න පොඩි එවුන් කාලේ අපි කිව්වේ "ලොස් කබරයෝස්" කියලා..බටහිර සංගීත කලාව ගැන මේ කඩේ හැලපයා මාව පිස්සු කරා. ඒ උන්මාදය ගැන මටත් ලියන්න මග පෑදුවා. අපි මෙහෙම ලියාගෙන යමු.

      Delete
    2. අම්මප ඉවාන් කොල්ලො උඹත් පුක බිම ඇනෙන ප්‍රශ්න නොවැ අහන්නෙ,දිනුක නොහිටින්න මම හාන්සි,ලොස් කබලේරෝස් කියන්නෙ අශ්වාරෝහකයෝ කියන තේරුම ලු.ස්පැනිෂ් වචනයක්.
      ඉවාන් කැමතිම අමරසිරි පීරිස්ගෙ සිංදුව මම ඇහුවා,එක තැනකදී ඔහුගෙම තව සිංදුවක තාලයක් චායා මාත්‍ර වශයෙන් ක්ෂණිකව ඇසී නොඇසී යනවා,ඒ මොන සින්දුවද කියල හොයාගන්න මම කීප සැරයක්ම සිංදුව ඇහුවත් හොයාගන්න බැරිවුනා.

      Delete
    3. "Los Caballeros" කියන එකේ තේරුම "The Gentlemen"

      Delete
    4. වලා අතුල සිරි යහනේ...ටෙලි නාට්‍ය ගීතයක්...ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරපු ටෙලිවිව් අධිපති සුනිල් රත්නායකගේ පද රචනයක්...සංගීතය ප්‍රේමසිරි කේමදාස විය යුතුයි.

      Delete
  25. මචං හැලපේ....මේ පෝස්ට් එක තුල මට සමීප දේවල් තියෙනවා කියන්න. උඹ විවෘතව ඒ ආරම්භය දීලා තියෙන නිසා මගේ අදහස කියන්නම්.
    ///////කොහොමත් ලෙස්ටර් මහත්තයගෙන් මට ලැබිල තියෙන්නෙ බලාපොරොත්තු කඩවීමම මිසක් වෙන දෙයක් නෙවෙයි මා ඔහුගෙ මුල් යුගයෙ චිත්‍රපට එකක් දෙකක් ඇරෙන්නට අනික් චිත්‍රපට සියල්ලම නරඹා ඇතත් එකකින් වත් මට තෘප්තියට පත්වන්නට නොහැකිවුණා...////////
    ////

    ලෙස්ටර්ගේ සිනමා පට තුල මට රස විඳින්න පුළුවන් වුනේ ඒ ඒ ශිල්පීන්ගේ ඉහළ රංගන හැකියාවන් පමණයි. මම ලෙස්ටර් ෆිල්ම්ස් තුලින් මහා ලොකු ප්‍රේක්ෂකයෙක් වුනේ නැහැ. ඒ තුලින් සිනමාවට සේවයක් වෙන්න ඇති. ඒක මට අදාල වුනේ නැහැ. මට ඊට වඩා ධර්මසේන පතිරාජගේ ෆිල්ම්ස් සියල්ලම කික් එකක් දුන්නා ජීවිතය ගැන හිතන්න. මට අවශ්‍ය වුනේ සිනමා නිර්මාන කරුවෙක් වෙන්න නෙමේ. සිනමාව රස විඳින්න. ඊට පසු ඒ දේ මට සමීප කරන්න හිටපු සිනමා කරුවන් බොහෙමයි. ඒ වෙනමම කතා කල යුතු දෙයක්.

    ඔය කෙලියම මට වුනා එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාන තුලත්. මේ වෙන්න ඇත්තේ මගේ නොදියුනු රසිකත්වය වෙන්න පුළුවන්. මට ශෛලිගත නාට්‍ය ගැන අවබෝධයක් තිබුනෙත් නැහැ. දැණගන්න උවමනාවක් තිබුනෙත් නැහැ. මම ඊට වඩා සුගතපාල සිල්වා, රන්ජිත් ධර්මකීර්ති ,ධර්මසිරි බංඩාරනායකලාව රස වින්දා. ඒ තුලා මම ඉන්නවා වැනි හැඟීමක තිබුනා. ඔන්න මගේ රසාඥතාවය.

    නෙවිල් ප්‍රනාන්දු කියන්නේ අද පරපුර හැදෑරිය යුතු චරිතයක්. ඒ වෝකල් බැලන්සින්ග් මට පේන්නේ අද අමරසිරි පීරිස් වගේ. ඒ ගීත නැවත නැවත අහන්න කියලා නව පරපුරට කියන්න ඕන. තිස්ස අබේසේකර ඔහුව මැනවින් වටහා ගත්තා කියන එකයි මගේ අදහස. නෙවිල්ගේ ගීත තුල තිබු ගායන සංයමය හැදෑරිය යුතු විෂයක්.

    මේ පටන් ගත්ත දේ අනිත් සියළුම දේ අස්සේ සාක්ච්ඡා කරපන් මචං. මම මේ ලිපියට අදාලව කිය යුතු තවත් බොහෝ දේ උඹ මතක් කරා. වෙලාව ඔළුවට බරක්. දැනට ඇති. සාකච්ඡාව දිග හැරපන් හැකි විටක.

    ReplyDelete
    Replies
    1. අරූ අයියට හූමිටි තියන්නැ මමත් එකතුවෙනවා ...එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ අපේ නාට්‍ය කලාවට විශාල සේවයක් කරපු කෙනෙක්. එත් ඒ කියලා සියලු තැන්හිදී ඔහු විශිෂ්ට නිර්මාණකරුවෙක් නෙවෙයි. මට හොඳට මතකයි වරක් රාජ්‍ය නාට්‍ය උළෙලේකදී (වර්ෂය මතක් නෑ ) මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "බවකඩතුරාව" හොඳම නාට්‍යය බවට පත්වුනා ..නමුත් නාට්‍ය උල්ලෙලට සහභාගී වුනු හැම කෙනෙකුටම හොඳට තේරුනා හොඳම නාට්‍යය විය යුතුව තිබුනේ ජයලත් මනොරතානගේ "තල මල පිපිලා "නාට්‍යය කියලා . එත් මටත් හිතුනු විදිහට එතනදී ජූරිය අසරණ වුණා .. පස්සේ දවසක ආචාර්ය හත්තොට්ටුවේගම වැඩමුලුවකදී අපිට කිව්වා "ප්‍රොෆෙසර්ට තිබුනේ ඩ්‍රාමා එක ඉදිරිපත් නොකර ඉන්න කියලා " ...

      Delete
    2. සේම් හියර්.. අරූ.. උඹලම ඕවා කිව්ව නිසා හොඳයි.. මම ඕවා ලියලා.. බැනුම් ඇහුවේ.. අපේ අම්මා.. ඒවා ෆිල්ම්ද බන්.. වාර්ථා චිත්‍රපටි වගේ..

      Delete
    3. අරූ බොහොම ස්තූතියි මචං,මේකට ලියනවනං දිග හෑල්ලක් ලියන්න වෙනව ඇත්තටම උඹත් එක්ක එකඟයි,ලෙස්ටර් මහත්තය ගම ගැන චිත්‍රපට හැදුවට ඔහු ගැමියෙක් නොවෙයි හිතන්නෙ ඉංග්‍රීසියෙන් ඔහුගෙත් ධර්මසේන පතිරාජ වැනියෙකුගේත් වෙනස එයයි.ඉතිං ඔහු හදපු හැම චිත්‍රපටයක්ම අර මාතලන් කියන්නැහේ වාර්තා චිත්‍රපට වුනා,රේඛාවෙන් පටන් ගත්ත ගමන ඉස්සරහට නොවෙයි ආපස්සට ගිය ගමනක්.අන්තිමට හදපු වෑකන්ද වලව්ව මම චෙන්නායිවල ප්‍රසාද් ස්ටුඩියෝ එකේ බැලුවා,මළම ජරාවක්.අපි මේ සාකච්චාව හැකි විදියට ඉදිරියට ගෙනියමු.මාතලන්ට වගේ අපටත් බනීද දන්නේ නෑ නේද.

      Delete
    4. @ඉවාන්,
      ඇත්තටම ජූරියේ අසරණ කම නොවෙයි එතන තියෙන්නෙ කොන්ද පණනැතිකම සහ නමට බයවීම ජූරියෙ ඔක්කොම වගේ ප්‍රොපෙසර්ගේ ගොලයෝනේ.කලාවට සම්බන්ධයක් නැතිවුනත් මට මතකයි එක ක්‍රිකට් තරඟයකදී තරඟයේ වීරයා සම්මානය උපුල් චන්දනට හිමි වෙයි කියල ඔක්කොමල බලාගෙන හිටියත් කියුරේටර් නමට බයවෙලා අර්ජුනව නම්කලා.
      සම්මානය ගන්න වෙලාවෙ මෙය ඇත්ත වශයෙන්ම අයිතිවිය යුත්තේ උපුල් චන්දනට කියල අර්ජුන කිව්වා.

      Delete
    5. http://harakageblogeka.blogspot.co.uk/2013/08/blog-post.html
      @ ඉවාන්.......ඔය සිදුවීම ගැන මට මතකයි. මේ වෙනකොට ලලිතා සරච්චන්ද්‍ර වැනි උදවිය ගැන හරවත් ලිපියක් "හරකාගේ බ්ලොග්" එකේ තිබුනා. කියවපන් බලන්න.
      මෙන්න ලින්ක් එක." සිංහබාහු නීච වූ පසු දික්තලා රජවීම"

      මහාචාර්‍ය තුමාට දොසක් කියනවා නෙමේ එතැන වෙන්නේ.

      Delete
  26. අර සින්දු දෙකෙන් අමරදේව මාස්ටර්ගෙ සින්දුව නම් මරු. ඒක අහද්දිත් 'නිවී පහන් වෙනව' හිත. කලින් අහලත් නෑ.

    ReplyDelete
    Replies
    1. සතුටුයි චන්දන,එකක් රස වින්දට,අනික මම හොයල දුන්න නිසා.

      Delete
  27. ඔය වගේ මිනිස්සු ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ..දැන් ඉන්න එකාල මොනවද කියන සින්දු..එත් සමහර කලාකරුවො ඒ අතරේ නියම නිර්මාණ කරනව..අවාසනාවක මහතා කියන්නෙ ඒ වගේ දේවල් වලට දැන් වැඩිය තැනක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් ගොළුවො ඇරෙන්න සල්ලි තියෙන ඕනෑ එකෙකුට ගායකයෙක් වෙන්න පුලුවන්නෙ උමේෂ්,නිර්මාණ ගැන කුමන කතාද.

      Delete
  28. බඳුන් පිරී -නෙවිල් ප්‍රනාන්දු
    සිරිපා පියුමේ -ඩබ්.ඩී අමරදේව

    මම අදමයි මේ සින්දු දෙක ඇහැව්වේ....බොහොම ස්තූති හැලප මාමේ

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි බොහොම සතුටුයි ශානු.

      Delete
  29. සිංදු දෙකනම් එහෙන් මෙහෙන් අහලා තියෙනවා.. ෆිල්ම් නම් ඉතින් බලලම නැද්ද කොහේද..

    ReplyDelete
    Replies
    1. අහල කොහොමවෙතත් ඇහිල ඇති නේද දිනේෂ්,ෆිල්ම් නං කොහොම බලන්නද.

      Delete
  30. හොඳ සින්දු 2 අදමයි ඇහුවේ..බාගත්තා..ඒ වගේම විස්තරයත් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හොඳයි බාගෙන අහන්නකො,බොහොම ස්තූතියි.

      Delete
  31. මම ඕක බලලා තියෙනවා. හිතේ ‍රැඳී තියෙන කතාවක් හැටියට නෙවෙයි මටත් ඕක මතක තියෙන්නේ. මම කොහොමත් ඔය පරණ සිංහල ‍ෆිල්ම් බලන්නේ වෙනත් අරමුණකින්. උඹ හිනාවෙයිද මන්දා කිව්වාම. මම ඕවා බලන්නේ ඒ කාලේ කාර්, එතකොට කොළඹ වගේ නගර එදා තිබ්බ හැටි, ඇඳුම්, ගෙවල්, ගෘහභාණ්ඩ හෙම බලන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මචං මොකට හිනාවෙන්නද මාත් පරණ චිත්‍රපටි බලන්නෙ ඔය අරමුණින් වෙනකොට.කොහොමද ගෝල්පේස් එකේ පරණ පාර්ලිමේන්තුව ඉස්සරහින් කාරෙකක් විනාඩි දෙක තුනකට සැරයක් යනව එහෙම දකිනකොට.

      Delete
    2. අන්න උඹට තෙරුණා. හරියට හරි මචං.

      Delete
    3. ඒ කියන්නේ හෙන් රී කළා අද්දස්සක කෙනෙක්...

      Delete
  32. කියවගෙන යනකොට ලස්සන සටහනක් කියලා හිතුනා... ඒත් මේ කිසි දෙයක් ගැන දන්නේ නෑ හැලපේ.... :(
    ඔයයි, ඉවාන් දාලා තියෙන සින්දුවත් අහලා රස විඳින්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. නොදන්න අයට දැනගන්නත් එක්කමයි මේ ලිපිය ලීවේ සඳා,සින්දුත් රස විඳින්න කො.

      Delete
  33. හරියට හරි හෙන්රි

    ReplyDelete
    Replies
    1. අන්න මගේ බෝට්‍ටුවෙම එකෙක්. :D

      Delete
  34. චිත්‍රපටිය නම් බලලා නෑ.. ගීත දෙක නං අහලා තියෙනවා.
    අගේ ඇති ගීත දෙකක්...

    ReplyDelete
    Replies
    1. හොඳයි ,මධු සිංදු ඇහුවනෙ,චිත්‍රපටිය ආපහු දවසක බලන්න බැරුවයැ.

      Delete
  35. නෙවිල් ප්‍රනාන්දු තවම ඉන්නවද? මේ ලඟදි ඔය මාස්ටර් සර් සින්දුව කිව්ව ස්ටාර් වැඩසටහනකට ආපු කෙනෙක්(ඒ නෙවිල්ද මංද! මම දැකල නෑ එයා)

    ReplyDelete
    Replies
    1. නෙවිල් මැරිල අවුරුදු 38 ක්,ඇයි මම ඔය ලියල තියෙන්නෙ,කතාව ඔක්කොම කියෙව්වෙ නෑ නේද.

      Delete
    2. හැබැයි මෙරිල් ප්‍රනාන්දු නම් තාම සින්දු කියනවා නේද?

      Delete
    3. මට වැරදුනා, එරල් ප්‍රනාන්දු විය යුතුයි.

      Delete
  36. ලතා වල්පොල ඉන්නවා කියල දන්නේ නැතුවද දන්නේ නැහැ නලල තම්බි අරෙහෙම කිව්වේ හික් හික් හික් රසවත් අතීත මතක පෙළක්

    ReplyDelete
    Replies
    1. දැනගෙන හිටියත් නැතත් නල්ලතම්බිට ගානක් නෑ කෝරළේ මහත්තයො,කියන එක කියනව.

      Delete
  37. ඔය රුක්මණී දේවියගෙයි නෙවිල් ප්‍රනාන් දුගෙයි කතාව කලකට ඉස්සර ටෙලි නාට්‍යයක් විදියට පෙන්නුවා නේද? රුක්මණීගෙ චරිතය වසන්ති චතුරානිත්, නෙවිල්ගෙ චරිතය කීර්ති පැස්කුවලුත්, එඩී ජයමාන්නගෙ චරිතය දැනට ජීවතුන් අතර නැති ග්‍රැන්විල් රුද්‍රිගෝ විසිනුත් රඟපෑවා කියලයි මගේ මතකය... හැබැයි කවුරුවත් කෙලින්ම කිව්වෙ නෑ ඒක එයාලගෙ කතාව කියල නම්...
    ලතා නෝනට කේන්ති ගිය හැටි කිව්වම මට පරණ අත්දැකීමක් මතක් වුණා... එක්තරා සංගීත ප්‍රසංගයක් බලන්න ගිහින් මාත් හිටියෙ ආරාධිතයින් අතරෙ (පිනා චාන්ස් එකක් වැදිලා.. ) මං ළඟම හිටියෙ ලතා... එදා එයා ලස්සන හෙයා ස්ටයිල් එකක් මේකප් එකක් හෙම දාගෙන ඇවිත් තිබ්බ... ඇත්තටම ලස්සන හින්දා මං කිව්ව අද ඇන්ටි හරිම ලස්සනයි කියලා... ඒ ඔස්සේ අපි දෙන්නා නිකමට කතා කර කර ඉන්නකොට, අපේ රටේ බොහොම ජනප්‍රිය, මතට ලැදි ගායකයෙක් එතැනට ආවෙ ලතා අක්කේ කියාගෙන... එයා ඒ වෙනකොටත් හොඳට අනුමත වෙලා හිටියෙ කියල කාටත් පෙනුනා... ලතා නෝනත් ඉඳගෙන හිටි තැනින් නැගිට්ටා එයාට කතා කරන්න... අර මනුස්සයා එකපාරටම ලතා නෝනව බදාගෙන හෙන සතුටින් කම්මුලට උම්මා එකකුත් දීලා යන්න ගියා... අනේ ලතා ඇන්ටිගෙ අච්චර ලස්සනට තිබ්බ කොණ්ඩෙ ඔක්කොම ඉවරයි... එයාට හොඳටම කේන්ති ගිහින්... සුටු පුටු ගගා කියවනවා... 'බලන්න දරුවො... අපි කාලයයි සල්ලියි ඔක්කොම කැප කරගෙන සැලූන් එකකට ගිහින් කොණ්ඩෙ හදාගෙන මේකප් එකක් දාගෙන එනවා... මේ මිනිස්සු බීපු මරගාතෙ ඇවිත් චොක් ගාලා කෙළ තලියක් කම්මුලේ තියල යනවා... අන්තිමට කොණ්ඩෙත් ඉවරයි, මේකප් එකත් ඉවරයි...' එහෙම කිව්වෙ කම්මුලේ තිබ්බ කෙළ තලිය පිහින ගමන්...

    ReplyDelete
    Replies
    1. ඔබ ඒ ටෙලි නාට්‍යයේ චරිත ගැන ඉතා නිවැරදිව කියා ඇති නිසා මා ඉතිරිය කියන්නම් .සුනිල් ආරියරත්නයන්ගේ තිර නාටකයකට තරු නමින් ටෙලි නාට්‍යයක් බෙනට් රත්නායක විසින් 1989 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කළා.මෙයට නන්දා මාලිනී ගෙ ගීත හයක් හෝ හතක් ඇතුලත් වුනා.මෙම ටෙලියට නිෂ්පාදන අංශයෙන් මාද සහය වුනා.ඇත්ත වශයෙන්ම ඒ කතාව රුක්මණී දේවියගෙ කතාවයි.කියන්න ක්‍රමයක් නෑ නොවැ.මෙහි තිර රචනාව කොතරම් රසවත්ද කිව්වොත් බෙන් ෆිල්ම්ස් හිදී මා රැයක් නිදිවරාගෙන කතාව කියෙව්වා මට මතකයි.නමුත් බලාපොරොත්තු වූ ආකාරයට මෙය ප්‍රදර්ශනය කරගන්නට බැරිවුනා.අන්තිමේදී ඒ දිනවල රටේ වැඩි කොටසකට නොපෙනෙන සිරස චැනලයේ පෙන්වන්නට සිදුවුනා.
      ලතාට වෙච්ච දේත් හරිම රසවත් නොවැ.

      Delete
  38. බොහොම රසවත් ලිපියක් හැලපඅයියේ... අර ලතා ගේ කතාවත් තව ටිකක් දැම්මනං තමා තවත් රසවත් වෙන්නේ. හැබැටම ඒ අතීතය හරි සුන්දරයි කියල හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔන්න නලින් ලතාගේ තවත් කතාවක් උඩින් තියෙනවා කියවන්න.ඇත්තටම ඒ මොන තරම් සුන්දර අතීතයක්ද.

      Delete
  39. හැලපයියා මේ සින්දු දෙකම මමත් මිට කලින් අහලා නැහැ.අමරදේව මාස්ටර්ගේ ගීත මම කොහොමත් ප්‍රිය කරනවා.නෙවිල් ප්‍රනාන්දුගේ මාස්ටර් සර් සිංදුවත් මරු.අමුතුම ආරේක ගීයක්නේ එකත්..

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්,ඔවැනි ගීත කිසිදිනක නොමියෙන ගීත කියා කියන්නට පුළුවනි.

      Delete
  40. තැන්ක්යූ හැලප අයියේ , අපි වගේ එකුන් වෙනුවෙන් ලියුවට මගේ රස වින්දනයනම් දවසගානේ වෙනස් වෙනවා .. පරණම සින්දු වලටත් අසයි අලුත් ඒවටත් ආසයි ... අර කියපු ගීත දෙකෙන් එකකට කැමති ,, කොමෙන්ට් පරක්කු උනාට සමාවෙන්ට ,ඔක්කොම කියෝලා ඉවරවුනේ දෙපාරකට

    ReplyDelete
    Replies
    1. ගාණක් නෑ ඔමා පැමිණීම සතුටක්,ඔයගොල්ලන්ට අහපු නැති ගීත අඳුන්වල දෙන එකත් මට සතුටක්.

      Delete
  41. ඇත්තටම මමත් ගොඩක් ආස ගායකයෙක් තමයි අමරදේව මාස්ටර්. ගීතය අහල තිබුනට නෙවිල් ප්‍රනාන්දුගෙ ගීතය අහල තිබුනෙ නෑ. ගොඩක් ස්තූතියි විස්තරයට.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි,නෙවිල් ප්‍රනාන්දු හඳුන්වාදෙන්න ලැබීම සතුටක්.

      Delete
  42. ඔය කොයි කවරු කිව්වත් නෙවිල් කියන මාස්ටර් සර් සින්දුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි කැන්ඩියන්!!!

      Delete
    2. ඔව් කැන්ඩියන්,ඒ ගීතය මා ඉහතින් කියා ඇතිසේ සිංහල චිත්‍රපට ගීතාවලියේ අමරණීය ගීතයක්.

      Delete
  43. හරූන් ලන්ත්‍රා ගේ ගිලුන හද සන්තානේ තියෙන්නෙත් මේකෙද? හරූන් ලන්ත්‍රා ගැන ඔය වගේ කතා තියෙනවනම් ලියන්න හලපේ

    ReplyDelete
    Replies
    1. ගීතය පිරුණා හද සන්තානේ යනුවෙන් නිවැරදි විය යුතුයි,මා දන්නා තරමින් ඒ ගීතය දෛවයෝගය චිත්‍රපටයෙයි.ගීතය මෙතනින් අහන්නට පුළුවන්.
      http://geepadura.blogspot.com/2013/01/piruna-hada-santhane-haroon-lanthra.html
      හරූන් ලන්ත්‍රා ගැනත් පසුව ලියැවේවි.

      Delete
    2. ලියපන් මහත්තයෝ....ඕන් වැන්දා. මට සමහරු සුළං කුරුල්ලා කියලා විහිළුත් කරනවා පාටිවලදි..... ඔය හරූන් ලන්ත්‍රා නිසා,

      Delete
    3. ඒ නම අපිත් කියන්නද මචං

      Delete
    4. හුළං කුරුල්ලා කියපන්......හුළං වතු කුරුල්ලා නොකිය :D

      Delete
    5. හැලපේ,

      "පිරුණා හද සන්තානේ" ගීතය දෛවයොගය චිත්‍රපටියේ නෙවෙයි, සීගිරි කාශ්‍යප චිත්‍රපටියේ නේද.??

      Delete
    6. නිවැරදි කිරීම ගැන ස්තූතියි බුරා.

      Delete
  44. මම දැන් කමෙන්ට් කරන්නේ අලුත් ප්‍රතිපත්තියකට. ඒ මෙතනට මුලින්ම ආ කෙනා වගේ අනිත් අයගේ අදහස් නොබලා මගේ අදහස ප්‍රකාශ කිරීම.

    අමරදේවගේ ගී සිත නිවී පහන් කරනවා. ඇත්තටම නෙවිල් ප්‍රනාන්දුට තියෙන්නේ අමුතුම ශෛලියක කටහන්දක්. ඔහු ඔපෙරා ගයුවානම් කියලා මට හිතෙනවා.

    ජෝති-ලතා අත්දැකීමක් මාටත් තියෙනවා. ඒ 1988දී කලබල පටන් ගන්න කලින්. බේරුවල හිටියා ඇඹුල්දෙනිය කියලා සද්දන්ත පුරුෂයෙක්. ඔහු සංගීත ප්‍රසංගයක් සංවිධානය කරනවා බේරුවල මුහුද අද්දර ඒ කාලේ තිබුන නිදහස් ප්‍රදේශයේ. ඒ සංගීත ප්‍රසංගය මුළු රැයක් පුරා පැවැත්වෙනවා. මමත් කොල්ලෝ සෙට් එකත් එක්ක බලන්න ගියා. උදේ පහට විතර තමයි ජෝති-ලතා ගීත ගායනා කලේ. ඒ කාලේ මේ කටකතාව පැතිරෙන කලේ. ලාවට පොඩි හූවක් ගියා. එතකොට ජෝති ලතාගේ කණට කරලා රහසින් මොනවද කිව්වා. ඒ පාර හූව ගී හඬ පරයා ඇහෙන්න වුණා. අන්තිමට දෙන්නා බහිනකම්ම හූව නතර කලේ නෑ.

    අර ඇඹුල්දෙනියව මරලා බේරුවල නගරය අසල පාරේ තබා තිබුණේ සහෝදරවරුන්ගේ නිල නොලත් රජයෙන්.

    ReplyDelete
    Replies
    1. ජෝතිගෙත් ලතාගෙත් පුද්ගලික ජීවිතේ කොහොම වුනත් ඒ දෙන්නම ශ්‍රේෂ්ට කලාකරුවො එහෙම නේද ඔවුන්ට ඒ වගේ හූ කියන්න වටින්නෙ නෑ කියලයි මගේ අදහස.

      Delete
  45. අපගේ රසවින්දනය නැවතත් අවධිකලාට ස්තුතියි. අගනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ රසවින්දනය අවදි කරන්නට ලැබීම ගැන සතුටුයි,අපේ රසවින්දනය අවදි කරන්නට නිදහසේ ලිංගික සතුට විඳීම ගැන ලිපි පෙළක් ලිව්වොත් නරකද.

      Delete
  46. අගේ ඇති විස්තරයක් මාමෙ...අපේ පාසලේ යම් කිසි කාල වකවානුවක මහගම සේකරයන් උගන්වා තිබෙනවා...ඔහු එකල විවේක වේලාවට ගීත රචනා කරපු කාමරයක් අදත් පාසලේ තිබේ...නල්ලතම්බි තමා දවසකටවත් මිනිහා...

    ReplyDelete
    Replies
    1. සිරා මහගම සේකරයන් ගැන කලිනුත් කියා තිබුණා මට මතකයි.නල්ලතම්බි නං අපරාදෙ මලේ.

      Delete
    2. එතුමා පොලිස් අණ නොතකා රථයක් ධාවනය කරලා වෙඩි කාලා නේද මලේ...

      Delete
    3. ඔව් සිරා ඒ දවස්වල මිනිහට උණක් තිබුණා.

      Delete
  47. lipiya rasawath halape ayye.amaradewa mahathage sinduwanam hodai.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරක.

      Delete
  48. නියම විස්තරයක් .....
    පික්චර එක නම් බලලා නෑ ඕන්
    එත් මම අමරදේව ශුරින් ගේ ගිත වලට පුදුම කැමති ,ඔලුවෙ ඕනම ප්‍රශ්නයක් තිබුණත් අහන්න පුලුවන් ,.
    මට මෙ ලිපිය කොමද මෙච්චර දවස් මග හැරුණේ :(

    ReplyDelete
    Replies
    1. රෝලට දාගත්ත නං මග ඇරෙන්නෙ නෑනෙ සහෝදර,බොහොම ස්තූතියි.

      Delete
    2. රොලට දා ගෙන ඉන්නෙ .......

      Delete
  49. \\මේ ගීත ද්විත්වය මට නං කනේ මී වක්කරනාක් සේම ඉමිහිරි\\

    මොකක්..හැලප අයියෙ....කනට මීපැනි වක්කොලොත්, ඉමිහිරි බව කෙසේ වෙතත් ඉස්පිරිතාලෙ ගෙනහිල්ලයි නවතින්නෙ.

    මේක "කටට මී පැනි වක්කරන්නාක් සේම ඉමිහිරි" සේ විය යුතුයි නේද?

    අගනා විස්තරයක්. ආසාවෙන් කියෙව්වා...!

    ReplyDelete
    Replies
    1. තර්කානුකූලව බැලුවොත් ඔබ නිවැරදියි,නමුත් කතාවට කියන්නෙ ඒ විදියට නිසා මමත් එහෙම්මම ලිව්වා.ස්තූතියි ඇල්බන්.

      Delete
  50. කලාකරුවෝ කියන්නේ පොදු වස්තු නොවැ. ඒක නිසා ඔය වගේ සම්බන්ධකම් කලාකරුවන්ට හරි සාමාන්‍යයි කියලා තමා මම අහලා තියෙන්නේ. නෙවිල් ප්‍රනාන්දු ගැන අදමයි ඇහුවේ. ඇත්තටම ආරම්භයේ ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෝ ගැන වර්තමානයට එතරම් තොරතුරක් ඇවිත් නැහැ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete

ඔබේ අදහස්