Friday, August 30, 2013

84.වරායෙ කිටියා,ජයසිරිගෙ ඩ්‍රයිවිං සහ තවත් කතා


අහවල් වැදගත්කමකටද මං දන්නෑ පහුගිය දවස් කීපයෙම මාධ්‍යය පුන පුනා අනුභව කලේ නළුවෙකුගේ තාවකාලික පැවිද්ද කියන ප්‍රවෘත්තිය...මේ පැවිදිකමේ රස්නය බ්ලොග් ලෝකයටත් තරමකට වැදිලා තිබ්බා...

මේ ප්‍රබල ප්‍රචාරණයේ මූලික අරමුණ ඉදිරියේදී නිපදවන්නට නියමිත චිත්‍රපටයකට පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම කියන එක කාටත් රහසක් නොවෙයි...ඒ වුනාට ඉතිං හැම මාධ්‍යයක්ම ඔය ප්‍රවෘත්තිය පස්සේ දුවල තිබුනෙ දුවන්නන් වාලේ කෙට එළදෙනත් දිව්වහේ තමයි...කාට කියන්ඩද.

ඔය ටික කිව්වේ මගේ කතාවට ආරම්භයක් හැටියටයි...මොකද මේ මහණ වෙච්චි කතා දකිනකොට මටත් එක කතාවක් මතක් වුනා.

කාලය 1993 වර්ෂයෙ මැදභාගය,ඒ වෙනකොට මම වැඩකලේ වරායේ රැජිණ පාලමේ තිබුණු කාර්යාලයක...නමුත් කාර්යාලය අයිති වෙලා තිබුනෙ වරාය අධිකාරියට නොවෙයි වරාය හා නාවික අමාත්‍යාංශයට...අමාත්‍යංශයේ තදයො ටික ඔක්කොම හිටියෙ G.O.H හෝටලේ ලඟ තිබුණු වරාය හා නාවික අමාත්‍යාංශ බිල්ඩිමේ නිසා අපේ වැඩවල හරි වැරදි හොයන්නවත් වැඩට ඇඟිලි ගහන්නවත් කෙනෙක් හිටියේ නෑ...ඒ නිසාම අපි ඉතා උනන්දුවෙන් රාජකාරි කටයුතු කරගෙන ගියා.
අපි කොච්චර නිදහසකින් ඔෆිස් එකේ වැඩ කලාද කිව්වොත් රජයේ කාර්යාලයක වැඩ කරනවා කියල හිතුනේ නෑ ඒ තරමට කට්ටිය එකමුතුව වැඩකලා...

ඔය කාර්යාලයේදී තමා මහණවෙලා හිටපු චරිතය මට මුණගැසෙන්නේ...ඔහු කාර්යාලයේ දුරකථන ක්‍රියාකරවන්නා නම ක්‍රිස්ටෝපර්...අපි පටබැඳපු හුරතල් නම කිටී...ටිකක් විතර මලපැනපු වෙලාවට කිටී ඔය නමටත් කෑගහනවා...

පූසන්ට කියන නමක්නෙ යකෝ මට දාල තියෙන්නෙ...

ඔෆිස් එකේ හිටපු හොඳම උපාසකයා කිටී...නිතරම බණ පදයක් හරි බණ කතාවක් හරි මෙනෙහි කරමින් වැඩ කරන්නෙ...ටික කාලෙකට ඉස්සර කිටී තාවකාලික පැවිදි භාවයක් අරගෙන කඳුබොඩ ආරණ්‍යයේ සතියක්ද දෙකක්ද භාවනා කරලා තියෙනව...ඒ තාවකාලික පැවිද්ද ගැන කිටී කතා කරන්නෙ හරිම ආඩම්බරෙන්...

ඔය කතා නිසාම කිටී අපි හැමෝගෙම බයිට් එක බවට පත්වුනා...

 උපාසකය උනාට කිටී කෑමට බීමට බොහොම ලැදියි...කාර්යාලයෙ අපි කෑම කන්නෙ කණ්ඩායම් හැටියට කීප වතාවකටයි...අපි කට්ටිය කෑම කන කාමරේට ගිහිං ගෙදරින් ගෙනාපු කෑම එක දිග ඇරගන්නකොට කිටී එතනට එනවා...ඒ කෑම ජාති චෙක් කරන්න...

ආ...අද අඹ මාලුව නේද...කජුත් තියෙන්නෙ...

ඔහොම කියද්දි ඒ කෑමවලින් කොටසක් කිටීටත් ලැබෙනව...කිටී කෑම කද්දි අර ඔක්කොමත් එක්ක බොහොම උජාරු කෑම වේලක් කන්න ලැබෙනවා.

ගෙදරින් කෑම ගෙනාවෙ නැති දවසට වරායෙ බත් පාර්සලයක් ලේසියෙන්ම ගන්න පුළුවනි...දවල් දොළහට විතර ජනේලෙ ළඟට වෙලා බලාගෙන හිටියම තමන්ගෙ කෑම පාර්සල් විකුණන වරාය සේවකයො කෑම පාර්සලෙ ඉහළට උස්සගෙන ඇවිදිනව,එකක් රුපියල් දහයයි...
ඔය වරායෙ කෑම පාර්සලේ අපට නං තනියම කන්න බැරි තරමට විශාලයි...අවුන්ස පහක් හයක් බර මාලු කෑල්ලක්,ඒ මාලුකෑලි හොද්දට නොදා ලුණු ගම්මිරිස් දාල වෙනම තම්බල ගන්න ඒව මගෙ හිතේ...හොදි පැකට් එක වෙනම තියෙනව,එළවලු දෙකක්,පරිප්පු හරි මුංඇට හරි වෑංජනයක්, ඔය මොන ජාති තිබුණත් බැදපු කරවල කෑලි කීපයකුයි පොල් සම්බෝලෙයි අනිවාර්යයි...

බ්‍රහස්පතින්දාට කුකුල් මස් සහ කහ බත්, අන්නාසි කෑල්ලකුත් කෑම එකේ තියෙනවා...හැබැයි බැදපු කරවලයි සම්බෝලයි එදාටත් කෑම එකට අඩංගුයි...

ඔය වරායෙ කුස්සියෙ මාලු බයිට් නං බොහොම රසට හදනවා...සැරයක් මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ වැඩකරන කාලෙ මොකක්ද වැඩකට නිවාඩු දවසක ඔෆිස් ගියා...ගිය වැඩේ ඉවර කරලා එදා ඇවිත් හිටිය කට්ටිය පොඩියට කර්තව්‍යයක් කරන්න සෙට්වුණා...කරුමෙට එදා බාර් ඔක්කොම වහලා අමද්‍යප දිනයද කොහෙද...කොම්පඤ්ඤ වීදියෙ හොර පොට් වලත් බඩු ඉවරයි,කට්ටිය වාහන අරගෙන පිස්සු බල්ලො වගේ හැම තැනම දිව්වට වැඩක් වෙලා නෑ...අන්තිමේ ඔන්න කටත් ඇදකරගෙන මගෙ ළඟට ආවා...

ම්ම්හ්...අපි දන්න කොහෙවත් බඩු නෑ...

ඉතිං මොකද කරන්නෙ...මම ඇහුවා...

අර යාලුවටවත් කතා කරල බෝතලයක් ගන්න ලෑස්ති කරගන්න බැරිවෙයිද...

මම කැමති නෑ බං හැම තිස්සෙම ඌට කරදර කරන්න...

බැරි අමාරු දවසකටවත් උදව්වක් නැති යාළුවො මොකටද...

කොහොමහරි එදත් මගෙ යාලුවා උදව් කළා...

සැරෙන් සැරේට කතාකරන්න මට බෑ ගේන තරමක් එකසැරේ ගෙනෙල්ලා...

කර්තව්‍යය පටන්ගද්දිම අපේ ඩ්‍රයිවර් මොළේ සුනිල් හෙවත් මොළයා යාළුවෙකුට කතාකළා...

ඌට මොළේ සුනිල් කියන්නෙ ඩ්‍රයිවර්ල අතර ඉන්න මොළකාරය නිසා...ඕනෑ වැඩකදි  ලෙඩකදි ඔපීනියන් දෙන්නෙ මොළයා තමයි...

තව ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ජයසිරි කියලා...ඌට දෙන දෙන වාහනේ හප්පනවා...සැරයක් එක ෆොක්ස්වාගන් වෑන් එකක් හැප්පුවා කෙලින්ම කන්ඩම්...ආයෙ මොනම ආකාරයකටවත් හදන්න බැරිවුණා...

දවසක් උදේ පාන්දර ඔෆිස් එකේ පත්තර කියවන කට්ටියවත් දාගෙන ජයසිරි ගාලු පාරෙ එනවා...රෑ තිස්සෙ බීල හිටපු මූට නින්ද ගිහින් මොරටුව හරියෙදි පාර අයිනෙ නවත්තල තිබුණු ලොරියක හැප්පිලා...ලොරියෙ ඉඳල තියෙන්නෙ මාලු ගේන්න මීගමු යන මාලු විකුණන කණ්ඩායමක්...උදේ පාන්දර කට්ටිය ලොරියත් අරං මීගමු ගිහිල්ලා මාලු ගෙනත් එක එක්කෙනා ගෙවල් ගානෙ ගිහිල්ලා විකුණනවා...ඔය ලොරියෙ පිටිපස්සෙ දොරේ ඉඳගෙන හිටපු මනුස්සයෙක් වෑන් එක හැප්පුනු වේගෙට පාරට ඇදං වැටිල ඔලුව බිම වැදිල සිහි නැතිව ගිහිං ඉස්පිරිතාලෙ...වෑන් එකේ ඉස්සරහ පැත්ත කුඩේ කුඩු, වෑන් එක දැකපු ඔක්කොමල ඇහුවෙ මේකෙ ඉස්සරහ ගිය මිනිස්සු ඉතුරුවුණාද කියලයි...අපි උදේ වැඩට යද්දි ජයසිරිය පොලිසියෙ කූඩුවෙ...

දවල් වෙද්දි නාරාහේන්පිට රථවාහන උසාවියට දානව කිව්වා...අපිටික උසාවියට ගියගමං පෙරකදෝරුවො ටික මොක්කුද වගේ අපිව වටකරගත්තා...අපිත් එකෙක් අල්ලල එහෙම ඉන්නකොට ජයසිරිව අරං ඇවිත් උසාවියට දැම්මා...නඩුකාරය වචනයක්වත් කතාකරනව ඇහෙන්නෙවත් නෑ තෝල්කය තමයි ඔක්කොම නඩු අහන්නෙ...කොහොමහරි ජයසිරියට ඇපදුන්නා...උසාවියෙන් එළියට එන්න උනේ නෑ පොලිසියෙන් අපිව ආයෙම නතරකළා...

බලපුවම ඉස්පිරිතාලෙ ගෙනිච්චි මනුස්සයා සිහිය එන්නෙ නැතුවම මැරිලා...

ජයසිරිව මරණ පරීක්ෂකයා ළඟට දානව කියල අපටත් එතෙන්ට එන්න කිව්වා...

මරණ පරීක්ෂණ උසාවිය ළඟ ඒ මනුස්සයගෙ ගෙදර අය නෑදෑයො යාළුවො පිරිලා ඉන්නවා...අපට ටිකත් බයත් හිතුණා හිටියෙත් මැරයො වගේ අය නිසා...වෑන් එකේ ගිය අය සාක්කි දීල ඉවරවුණාම මරණ පරීක්ෂක තුමා කතාකලා...

දැන් මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ නිලධාරී මහත්වරුත් ඇවිත් ඉන්නවනෙ...මරණකරු ඉතාම අහිංසක පුද්ගලයෙක් නිසා ගෙදර අයට ආධාරයක් කරන්න කටයුතු කරන්න...

මරණෙ කටයුතු කරගන්නත් උදව් කරනවය...ගෙදර අයටත් ආධාරයක් කරනවය කියල රථවාහන උසාවියෙ ඇපමතම රියදුරු මුදාහරින්න කියල අපේ පැත්තෙන් කිව්වා...

ඔන්න ඔය විදියට ජයසිරිවත් අරං අපි එළියට ආවා...

පෙට්ටිය අරං දෙන්න මරණෙ ගෙදරට ගෙනියන්න ආදී වියදම් සියල්ලම ජයසිරිට බලාගන්න කිව්වා...ඌත් කැමතිවුණා...ඔෆිස් එකෙනුත් මැරුණු මනුස්සයගෙ ගෙදරට ආධාරයක් දුන්නා...

දවසක්දා අපි ඡායාරූප අංශයෙ ඉඳගෙන රේඩියෝ එකේ ක්‍රිකට් මැච් එකක්  අහනවා...ජයසිරියත් ඔතන හිටියා...

ආපෝ...වැඩක් නෑ බං...ලංකාවෙ විකට් එකපිට එක  යන්නෙ හරියට ජයසිරි වාහන හප්පනව වගේ ...

රංජිත් කියපුවම අපට ඉළ කැඩෙන්න හිනා...

ජයසිරිය නැගිටල ඉණට අත් දෙක තියාගෙන රංජි දිහා ටිකක්වෙලා රවල බලාගෙන ඉඳල එළියට බැහැල යන්න ගියා...

මොළයගෙ යාළුවා වරායෙ කුස්සියෙ වැඩකරන කෙනෙක්...
 

මචං අපට බයිට් එකක් හදල දියංකො...
 

පැයකින් විතර බයිට් එක ගෙනියන්න එන්න කියල යාළුවා කිව්වා...
 

මොළේ අපිවත් දාගෙන මෝදර පැත්තෙන් වරායෙ කුස්සියට ගිහිල්ල යාලුව දීපු ලොකු පාර්සලෙත් අරන් ආපහු ආවා...
 

ලෙහෙල බැලුවම ඉස්ටු දාපු ලොකු කට්ටාවෙක්...කට්ටාවො මාලුවට කන්න බෑ කරවල විතරයි...ඔය විදියට කට්ටාවො කෑවෙ මාත් එදාමයි...
 

යාළුවා හොඳට ලුණු ගම්මිරිස් කහ එහෙම දාල ගෑවිච්චි තැන කන්න පුළුවන් විදියට රසට කට්ටාවව ඉස්ටු දාලා තිබුණා...
 

ලෝක අමද්‍යප දිනයෙදි කට්ටාවො බයිට් එකත් එක්ක අපි ගැහුව ගැහිල්ලක් කරටි කැඩෙන්න...

අපි හිටිය කාර්යාලය වටේට කැන්ටින් කීපයක්ම තිබුණා...දවල් එක වෙද්දි ඔය කැන්ටිවල ආප්ප පුච්චන්න පටන් ගන්නවා...දවල්ට බත් නැතිව වෙන මොනව හරි කන්න හිතුනු දාට අපි ආප්ප අරං එනවා...ආප්පයක් ලොකු දීසියක් විතර විශාලයි...ආප්ප කන්න ලුණු මිරිසුයි මාළුහොදියි කැන්ටිමෙන් ලැබෙනවා...
 තව කැන්ටිමක් අපේ ඔෆිස් එක ඉස්සරහම තිබුණා...ඒ කැන්ටිම ඉතාම මෑතකදි විවෘත කරපු එකක්...ඒ දවස්වල වරාය ඇතුලෙ පොඩ්ඩක් ඔලුව රිංගවගන්න ප්‍රමාණවත් ඉඩක් තිබ්බොත් එතන කැන්ටිමක් දානවා බිස්නස් හොඳයිනෙ...ඒ කැන්ටිමේ එළවලු රොටී, රෝල්ස්,කට්ලට් එහෙම උණුවෙන් කන්න අපි කට්ටිය යනවා...
 

බාස් කෙනෙක් කෑම හදන්නෙ ඔන් ද ස්පොට්...මගෙත් විනෝදාංශෙ කෑම හදන එකනෙ...මම ඔතෙන්ටම වෙලා කෑම හදන හැටි බලන් ඉන්නකොට...
 

මහත්තය බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්නෙ අපේ බඩේ පාර ගහන්නද දන්නෑ...
 

බාස් කියනවා...

රැජිණ පාලමේ ගේට්ටුව ඉදිරිපිට පාරෙන් එහා පැත්තෙ වරාය උසාවිය තිබුණු ගොඩනැගිල්ලෙ කොණේ එක කැන්ටිමක් තිබුණා...කිටියගෙ දත් ගලවන්න එක්කරං  යන්නෙ ඔය කැන්ටිමට.

ක්‍රිස්ටෝපර් ප්ලේන්ටියක් බොමුකො...

ජුලියස් කියනවා...

අද සල්ලිත් එච්චර නෑ...හා යමුකො හැබැයි ප්ලේන්ටී විතරයි හරිද...

ආ...යං යං එන්ඩලා කට්ටියම...

ජුලියස් අපටත් අඬගහනවා...

ඔක්කොටොම කලින් කැන්ටිමට ගොඩවදින්නෙ ජුලියස්...

අර කෙහෙල්ගෙඩි ඉදිලද මුදලාලි...දෙන්නකො ඔය වැලිතලපත් දෙන්න...මල්ලි කට්ටියටම ප්ලේන්ටී දාන්න...

අපි වැලිතලපයි ඉදිච්ච කෝලිකුට්ටුයි කනකොට කිටිය බලාගෙන ඉන්නවා...ටිකකින් බලාගෙන ඉන්න බැරිව යනවා...තවදුරටත් ඉවසගෙන ඉන්න බැරිතැන...

මටත් දෙන්න...

කිටී කන්න පටන් ගන්නකොට අපි තේ බීල ඉවරවෙන්නත් ලඟයි...

අපි යනව ක්‍රිස්ටෝපර්...මුදලාලි ඔය මහත්තය ඔක්කොගෙම සල්ලි ගෙවයි...

අපි ඔෆිස් එකට ඇවිත් ටිකවෙලාවක් යද්දි තමා ඔන්න කිටිය බැන බැන ඔෆිස් එකට එන්නෙ...

ආයෙ කතා කරපල්ලකො තේ බොන්න යන්න...
 

අපි සද්ද නැතුව ඉන්නව...ටික දවසකින් කිටියට ඒ සිද්දිය අමතක වුණාම ආයෙම කැන්ටිමට එක්ක යනවා...

 මතු සම්බන්ධයි........

90 comments:

  1. වරායෙ වැඩ කරද්දි ගෙදරින් කෑම ගේන අයත් ඉන්නවද? :) රුපියල් 10 ට ඔහොම කෑම එකක් ඒ කාලෙ පාර්ලිමේන්තුවෙවත් තිබ්බද දන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. අපි වරාය අධිකාරියේ නොවෙන නිසා අපට කෑම ලැබුනේ නෑ

      Delete
    2. මුහුදුත් එන්නෙ අවාරෙට අඹ වැටෙනව වගේනෙ,නැවක්වත් කොල්ලකන්න ගිහින් අහුවෙලා හිටියද.
      අපට ඒ දවස්වල කෑම ලැබුනේ නෑ වරාය අධිකාරියේ නොවෙන නිසා

      Delete
  2. කිටී කියන නම නම් ගැලපෙන්නෙ නෑ තමයි..
    හොඳම කෑල්ල විකට යන්නෙ ජයසිරි වාහන හප්පනවා වගේ කීව එක !
    මේ ළඟදි පිට්ටනියක එකෙක් වාහනයක් පදවන්න පුරුදු වෙනවා..වාහනේ හතී අතේ යනවා ස්ටියරිං එක කැපෙන කැපෙන පැත්තට..පේන විදියට මේකා වාහනයක් ජීවිතේට පාරක නම් ගෙනියන එකක් නෑ වගේ..මට මතක් උනේ උගේ ඩ්‍රයිවිං දැක්කහම හැලප අයියගේ බ්ලොග් ලිවිල්ල...

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු උපහැරනේ..

      Delete
    2. ඒකත් ටොප් වැඩේ,එතකොට මම යන්නෙම කැලේද

      Delete
  3. අනේ බං හැලපයියේ දැං මේකට මොකක්ද අප්පා කියන්න ඕන.. තළු මර මර ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ. බොලා වරායෙන් දෙන කෑම එක විකුණනවා නේද??

    ReplyDelete
    Replies
    1. විකුනන්න අපට හම්බවුනේ නෑනෙ බං

      Delete
  4. කිටී කියලා අපේ ඉස්කෝලේ හිටියා ගෑනු ළමයෙක්, එයානම් ඒ නමට හරිම කැමතියි ,එත් එයා දන්නේ නෑ අපි ඒ නම දාපු හේතුව. මොකද එයා වාඩි වුනොත් වාඩි වෙන්නේ සියල්ල පේන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ජංගි නැතුව.....????

      Delete
    2. ජංගි කොහෙද කෙන්ජි එතන

      Delete
    3. සුජියො;
      එහෙනම් කිටියගෙ රැවුල් කෙදිද?

      Delete
    4. කට දිග අතට තියන පූසෙක්.

      Delete
    5. අන්න හරි සියලු දෙනාම තේරුම් අරං .. අත්දැකීම් ,අත්දැකීම්...හැමෝගෙම අත්දැකීම් ටිකක් සමමනයි වගේ නේ

      Delete
    6. අපරාදේ කියන්න බෑ ඔක්කොටොම ඒ අත්දැකීම තියෙනව

      Delete
    7. @නලීන්,
      කොහෙද මනුස්සයෝ ගිහිං හිටියේ,පූසෙක් දැක්ක ගමන් දුවගෙන ආව නේද

      Delete
  5. මාද්‍ය ගෑනනම් කියල වෑඩක් නෑ අයියෙ.ඉයෙ අර කොලඹ නගර සබවෙ මනුස්සයෙකුගෙ දතක් ගෑලවුන එක පෙන්න්නපු කෑත.කෑම ගෑන කියපු විදියට අම්මපා බඩගිනි හෑදුන.
    ( අටම්පහුරට එන්න කියල කිපතෑනක විතරයි දෑම්මෙ.හෑමතෑනම දාන එක කෑත නිසා.අනික එහෙම් දෑම්මෙ අයියෙ මම ලියපුඑක බලල මොනවද කියන්නෙ බලන්න.උපන්දිනෙ ගෑන කියන්න නෙමෙ.එත් ගොඩ දෙනෙක් මුකුත් කිවුවෙනෑ.අවෙ නෑද්ද හොද නෑද්ද මන්ද )

    ReplyDelete
    Replies
    1. මචං දමියෝ ඒ කතාව සිරාවට උඹ ලියලා තියෙනවා, මම ඉස්සෙල්ලම හිතුවේ එක අටමා ලියපු එකක් කියලා. එත් ටිකක් කියවනකොට එක අටමගේ රටාව නෙවෙයි නිසා බැලුවා කවුද මේ ලේඛකයා කියලා, බලද්දී උඹ. කොහොමත් අයි උඹ මේවා උඹේම බ්ලොගක ලියන්නේ නැත්තේ,

      Delete
    2. මාත් අහන්න හිටියේ ඒක ඉවාන්...

      Delete
    3. ඒකනේ බං මාත් මේ -ත්තට කියුවේ

      Delete
    4. බ්ලොගක ලියන්න තරම් දෙවල් මන් ගාව තියෙනවද කියන ප්‍රශ්නෙ තියෙනව බන්.නෑත්තන් අටම හදල දෙන්නත් හෑදුව.බලමු.බ්ලොග් රොලක්වත් ඉස්සෙල්ල හදාගන්න ඔන බන්.

      Delete
    5. ඒ කතාව මම කියෙව්වා දමිත්,හොඳට ලියල තියෙන්නෙ,ටික ටික ලියන්න ගන්න

      Delete
    6. ලියන්න දෙවල් එනව බං . අන්තිමට වෙලාව තමයි නැතිවෙන්නෙ :D ඕනි තරං තියේ ලියන්ඩ :P

      Delete
  6. වරායේ බත් එක ගැන නං ඇතිවෙන්න කතා අහල තියෙනව. ඇයි අප්පා කාලත් තියෙනව.. අපේ ඔෆිස් එකේ උන් ටික හිටපු ගමන් ඔය වරායට යන කාට හරි කියල ගෙන්න ගන්නවා.. එක බත් එකක් කෙල්ලො හතර දෙනෙක්ට විතර ඇති... එදාට ඉතිං ගෙදර බත් එකට සොරි තමයි... හි හි...

    අපෙත් හිටියා කිටියෙක්.. ඒකගේ ඇස් බළල් ඇස් වගේ.. ඒක නිසා.. මාසේ පඩියෙන් බාගයක්ම කොණ්ඩෙට වියදම් කරන්නෙ.. කෙල්ලෙක් නෑ කිය කිය හිටියා.. ඒකා කොණ්ඩෙට වියදම් කරන හැටි දැක්කම මොන කෙල්ලද කැමති වෙන්නෙ... හි හි...

    ඔය ඒ කාලෙ පෙරේතකමට බීපුව වෙන්නැති නේ දැන් පල දීලා තියෙන්නෙ... හොඳ වැඩේ... හි හි..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම හිරුවෝ

      දැන් ඉතින් මෙයාට

      //ලෝක අමද්‍යප දිනයෙදි කට්ටාවො බයිට් එකත් එක්ක අපි ගැහුව ගැහිල්ලක් කරටි කැඩෙන්න...//

      මෙව්වා කිය කියා අපිට කෙල ගිල ගිල තමා ඉන්ඩ වෙලා තියෙන්නේ , අනේ සාදු බඩජාරි කමට රාජකාරි වෙලාවෙත් බියුවට , යන්ඩ අපායක් වෙනමම මැවිලා ඇති

      Delete
    2. අහිමිවුණු දේවල් ගැන දුකක් සන්තාපයක් දැන් නෑ,ඔක්කොම අතීත මතක පමණයි,ඒ විදියට බැලුවොත් යාලුවෝ කී දෙනෙක් අපෙන් සමුගෙන තියනවද ජීවිතේ හැටි ඔහොම තමයි.
      දෙන්නම හිනාවෙන්න එච්චර ඉක්මන් වෙන්න එපා,වැඩිපුර හිනාවෙන්නෙ අන්තිමට හිනාවෙන කෙනාය කියනවනේ.

      Delete
  7. අය්යෙ අර ඩ්‍රය්වර් කාරය ගැන ලියපු සරල විදිය නම් හරි නෑ..පව් කේස් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. ජයසිරි ගැනද වීයො,මොකක්ද ඉතිං ඌට වෙච්ච අසාධාරණේ අපි ඔක්කොම කරලා දුන්නනෙ

      Delete
  8. බත් එකේ තියන ව්යෑංජන චෙක් කරන්න එන කෙනෙක් මම ෆාමසියේ වැඩ කරන දවස්වල හිටියා...අපෝ .............අනේ මට නං ඒක කරදරයක්..කන්න ලෑස්තිවෙද්දිම බත් එකට එබෙන එක...ඔන්න ෆිට් එකෙක් නං අවුලක් නෑ...මේ උවමනාවට විතරක් කතා කරන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. එහෙම අය කොහෙත් ඉන්නව බලපුවම නේද රෙහානි

      Delete
  9. ම් හැලප රහයි නේව......!!!!

    ReplyDelete
  10. මහණ වෙලා හිටපු කෙනෙක් ගැන කියල බත් එකේ පොටෝව දැම්මම මට මතක් වුනෙ මාරයියව..

    මාත් දවසක් කෑව බොල හාබර් එකේ බත් එකක්. අපෙ කැළණි පන්සලේ පෙරහැර සීසන් එකට හාබර් එකෙන් කෑම භාර ගන්නවා එක දවසකට. එහෙව් දවසක කෑවා.. රසද කියලවත් මතක නැහැබං..

    අරු බොන ඩයල් එකක්ද බං වාහන හප්පන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං හොඳට ගහල තමයි ඉන්නෙ

      Delete
  11. ආප්ප ටිකනම් ටොප් එකට බ්‍රවුන් වෙලා තියෙනවා අප්පා.වාරයේ කුස්සිය වෙනස වැඩසටහනේ පෙන්නුවා.මාර ඔපරේෂන් එකක් ඒක.

    ReplyDelete
    Replies
    1. ආප්ප ටික ලස්සනයි තමා,මැදත් පුළුන් වගේ මෙලෙකට තියෙනව

      Delete
  12. ඔය බත් එක "ආබර්.... ආබර්" ගගා චැතම් ස්ට්‍රීට් එකේ විකුණනවා. අපේ හාමිනේට මම එතකොට ලව් කරන කාලේ. අපි සෙලින්කෝ එකේ වැඩ. අපේ හාමිනේ මාළි පෙරේති. ඉතින් ඔය බත් එකක් ගෙනත් දෙනවා. සිකුරාදට කහ බතුයි කෙළවල්ලා "පත් කෑල්ලයි" අල ගෙඩි දෙකක විතර අලයි.. මට නම් ඔය කෑම එක අල්ලනෙම නෑ. නමුත් බත් ගොඩක් කන උන්ට නම්. දිවිය භෝජනයක්.. ඉස්සර සෙලින්කෝ ස්නැක් එකේ බත් එකත් මාර ඩිමාන්ඩ්. මාළු බත් එක ඔතලා තිබුනේ සෙලින්කෝ ස්නැක් කියලා ඉන්ගිරිසියෙන් ගහපු කොලේ. හරක් මස් එක නොහොත් මගේ ෆේවරිට් එක තිබුනේ රති කොලේ. බිත්තර එක කොල පාට කොලේ. කොහොමත් මම බත් වලට මනාප නෑනේ. ඔය සෙලින්කෝ ස්නැක් එකේ පේස්ට්‍රී අරවට මේවට ගහන්න මම පිට රටකවත් ප්‍රේස්ට්‍රියක් කාලා නෑ. ඒ තරම් රහයි. මගේ ප්‍රියතම එක "බේකන් ඇන්ඩ් එග්" එතකොට තව එකක් තිබුනා "ෆාමස් ලෝෆ්" කියලා. ඒකක් කාලා "චන්ද්‍රා" වැඩි පුර දාලා දෙන "අයිස් කොෆි" එකක් බිව්වම දවසටම ඇති.

    නයිට් ෂිෆ්ට් එකට නම් ආකාස කඩේ ආප්ප පාර බීෆ් කරි එකත් එක්ක. ඒක අපිට "ෆ්‍රී". සැටලයිට් නෝනා කාලේ ඉමහත් ජනප්‍රිය "මනෝ තිත්තවැල්ල" තමයි අපේ බොසා. කන්න වගේම බොන්නත් හරි රුසියා. ප්ලේන් ආප්ප හතරයි, බිත්තර ආප්පයයි. බීෆ් කරියයි පට්ට රහයි. අපේ උන්ට ඕක ඇර වෙන දෙයක් නෑ. මම නම් වැඩි පුර කෑවේ. තනිකර රෝස් කරපු කුකුලයි. බන්ස් දෙකයි. පොටෑටෝ ච්ප්ස් එකයි, ඒ එක මෙනුඉ එකක්. අනික සංසාරෙදි අමතක නොවෙන. "බීෆ් ස්ටේක් දෙකයි" බ්‍රෙඩ් බන් දෙකයි, ච්ප්ස් ටිකයි. ඒතරම් රහ ස්ටේක් එකක්, මගේ ජීවීතේට කාලා නෑ. දැන් ආකාස කඩේ ආයෙත් ෆුල් ෆන්ක්ෂන්. ඒත් අර රස නෑ. ඒ කාලේ ෆේමස්ම කුකා තමයි දැන් චීෆ් සෙකුයුරිටි ඔෆිසර්.නම "ශාන්ත". මගේ බොක්ක. අපරාදේ කොතලාවල මහත්තයා ඒ යකා සිකුයුරුටි එකට දැම්මේ. හැලපෙට මතකද දන්නේ නෑ..."ස්පොටඩ් ඩියර්" නාර් එකයි. කර්ගිල්ස් එක කෙලවරේ තිබුන බාර් එකයි. මට ඒකේ නම මතකෙට එන්නේ නෑ.. බීලා ඉන්නනිසාමද කොහෙද.. කොලෝනියල් එක නම් නොද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මට එකක් අමතක උනා. අර ආප්ප මෙනූ එකට දිවිය ළෝකෙන් ගෙනාපු ළුණු මිරිසක් හරි සීනී සම්බෝලයකුත් අඩංගුමයි...

      මාළු එක ඔතලා තිබුනේ නිල් පාට සීල් එක තියෙන කොලේ...

      Delete
    3. යකො මෙතන තනිකර රෙස්ටුරන්ට් එකක්ම තියෙනව නෙ

      Delete
    4. සෙලින්කෝ බිල්ඩිමේ තිබුන ඔෆිස් එහෙක ගෑල්ලමයෙක් එක්ක සම්බන්දයක් තිබුන කාලයක්.මමත් ඉතින් හවසට කන/කවන ඒව කොලේ ඔතන තමයි මාතලන්.
      කොන්ඩෙ කපන්න එන්නෙත් ඔයාලගෙ ගොඩනැගිල්ලෙ යට තට්ටුවට තමා.

      Delete
    5. කියල වැඩක් නෑ, ඇයි යකෝ .. මුං කන බොන එකට වඩා වෙන වැඩක් කරල නෑනේ ඒ කාලෙ.

      Delete
    6. @කෙන්ජි&මාතලන්......උඹලට මතකද මීට අවුරුදු 25-30 ඉස්සෙල්ලා සෙලින්කෝ සැලොන් එකේ කෙල්ලන්ගේ කොන්ඩේ කැපුවා කොල්ලෙක්.මගේ ඥාතියෙක්.ඌ වැඩකාරයා හැම පැත්තෙන්ම.උඩ කොන්ඩ වගේම තමයි යට කොන්ඩත්.ඒ කාලෙම ජපානෙට ගියා.තාම එහේ.දැන් ලමයිනුත් ඉන්නවා.මම ඔතන බැහැගෙන ඉන්නවා.

      Delete
    7. මම ඔය සැළුන් එක ගැන විසතරයක් කෙන්ජියට රිප්ලයි එකක් විදියට හැලපයගේ පෝස්ට් එකක දැම්මා...

      Delete
    8. >>79. ජිනාගෙ බාබර් සාප්පුව සහ තවත් කතා <<
      අරූ මේ ලිපියෙ මගෙ කොමන්ට් එහෙකට මාතලන් පිළිතුරු දීල තිබුන.
      මම කිව්වෙ ඔබේ ඩයල් එක මට මුන නොගැසි තියෙන්න බැහැ කියල.

      Delete
    9. @මාතලන්,

      //අපේ හාමිනේට මම එතකොට ලව් කරන කාලේ.//

      දැන් කොහොමද දන්නේ නෑනේ...:D:D:D

      Delete
    10. දැන් මොන ලව් ද පොකු.. දැන් ඉතින් ඉලව් තමයි....

      Delete
    11. ඔය දීල තියෙන්නෙ මාතලන් මෙනු තොගයක්ම.කාර්ගිල්ස් එක කෙලවරේ කන්ද උඩ තියෙන්නෙ බී අයි බාර් එක,ඒක තාම තියෙනව.
      අර උඩ කොන්ඩ වගේම යට කොන්ඩත් කපන කෙන්ජිගේ යාලුව ජපානේදී හම්බවෙන්න ඇති නේද කෙන්ජි.

      Delete
    12. පොකුට කියන්ඩ මාත් ඕකම අහන්ඩ හිතාගෙන කොපි කරන් ආවෙ. බොරු නං බලන්ඩ :P

      //අපේ හාමිනේට මම එතකොට ලව් කරන කාලේ.// :D

      Delete
    13. සෙලින්කෝ ස්නැක්, පිට්ටු බම්බුවේ වැඩ කරන තැන දුම දාන්න යන තැන. මාතලන් කිව්ව හරියටම හරි. එතන ප්‍රේස්ට්‍රිවලට් ගහන්න තැනක් ඇත්තෙම නෑ, පිට්ටු බම්බුවේ කැන්ටිමේ තියන මයියොක්කා දාපු රෝල්ස් කාපු අපිට ඔතන කෑම දිව්‍ය බොජුන්.

      කලොනියල් එකේ නොබීපු එකෙක් කොළඹ වැඩ කලත් වැඩක් නෑ අප්පා. කොහොමද පිරිසිදුකම. එකේ රයිස් එකට පුරුදු වෙලා මටා කාලයක් මොන දහ ජරාව කෑවත් බඩේ අමාරු හැදෙන්නේ නැතුව තිබ්බා.

      බොහොම සුන්දර මතකයන් ගොඩක් ඇවිස්සුනා මේවා කියවල.

      Delete
  13. අපේ කැන්ටිමේ බත් එකට ගහන්න බෑ වරායේ බත් එකටවත්! :D

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත කියලා පේනවා උඹේ පුෂ්ටිමත් සරීරෙ දැක්කම ...:D

      Delete
    2. නාඩියා පාර්ලිමේන්තුවෙද වැඩ

      Delete
  14. අහම්බයෙන් ඔබගේ බ්ලොගයට ගොඩවැදුනි.මුලු රැයක් පුරා සියලුම කථා කියවූයෙමි.චිත්තාකර්ශනිය ලෝකයකට ගිය හැගීමක් ඇතිවූවා. කරුනාකර ඔබගේ
    විද්‍යුත් තැපෑල සඳහන් කරන්න . ඔබට ලිපියක් එවීමට අවශ්‍යයි.

    R

    ReplyDelete
  15. අපේ ඔෆිස් එකෙත් හිට්යා කිටි කියලා එකෙක්, හැමෝම කෑම කන්න යනකෝය මෙයත් එනවා කෑම වල තියෙන්නේ මොනවද බලන්න. මුගේ පෙරේත කම දන්නා ඔෆිස් එකේ උන් ඔක්කොම ඉතින් මුකුත් නොකියා මේකා කැමති මොනවා හරි තමන්ගේ බත් එකෙන් දෙනවා... හැබැයි මේ කිටි පුසෙක්.

    ReplyDelete
    Replies
    1. අරුත් පූසෙක් වගේම තමයි ඤාව් කිව්වේ නැතුවට

      Delete
  16. හැලපට මතකද දන්නේ නැහැ බෝගල බිල්ඩිම සහ පොලීසය (දැන් Hilton )කඩා ඉවත් කරද්දී.තව බ්‍රිස්ටල් විදියෙ පාර මැද කඩ හදද්දී.රෙක්ලමේෂන් පාරේ හාබර් ගේට්ටුව ලගත් කඩ පෙලක් හැදුව.UDA එකෙන් සහ BD එකෙන් ටෙන්ඩර් වලින් මගෙ පියාට තමයි ලැබිල තිබුනෙ.
    කන වගේම බොන තැන් වලිනුත් උපරිම විදල තියෙනව කොටුවෙ.
    ලංකාවෙම අරක්කු කඩ වහල තිබුනත් පොයන්න මෙස් එකෙන් මට බඩු ලැබෙනව.
    උදේට එහෙම පැගෝඩ එකත් හොදයි බඩට යමක් දාගන්න.

    ReplyDelete
    Replies
    1. හොඳට මතකයි කෙන්ජි,ඒ කඩපෙලවල් දෙකම දැන් නෑ මම පහුගිය ජූනි මාසෙ ලංකාවට යනකොට බ්‍රිස්ටල් වීදියෙ කඩපෙලත් කඩලා දාල තිබුණා

      Delete
  17. යකෝ මාර කෑමක්නෙ මෙතන තියෙන්නෙ.
    අමද්‍යප දිනේ කට්ටියත් එක්ක මතට තිත තියල තියෙන්නෙ හොඳට. යකෝ මෙහෙම කෑම බීම තියෙනවනං රස්සාව කරන්න බැරියැ ‍ඕන හැටියට.

    ReplyDelete
    Replies
    1. රස්සාව කොහොම වෙතත් කෑම බීම නං අඩුවක් නැතිව තිබිල තියෙනව නේද ප්‍රසන්න

      Delete
  18. ෂෙහ් ... මම මේ ආවමද කොහෙද. මාරයියයට හපන්නෙව හැලපයියත්. මට බඩගිනිත් හැදුනා, කමක් නෑ... තව ටිකකින් කොහොමත් කන එකනේ.

    //ආපෝ...වැඩක් නෑ බං...ලංකාවෙ විකට් එකපිට එක යන්නෙ හරියට ජයසිරි වාහන හප්පනව වගේ ...//

    මටත් හිනා ඒක කියවල, එතන තත්ත්වෙ ඉතිං මැවිල පෙනුනා.


    එක නෙවි මම ඉතං මේ පැත්තට අළුත් නිසා අහන්නෙ, ඇයි මේ කතන්දර ගොඩක් එක දිගට ලියන් යන්නෙ, වෙන වෙනම පෝස්ට් විදියට දාන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම මදුරු නාශකව ආදරයෙන් පිලිගන්නවා,කතන්දර ගොඩක් එක දිගට ලියාගෙන යන එක මට දැන් පුරුද්දක් වෙලා,ඒක මගේ ක්‍රමය වෙන්න ඇති,අඩුවෙන් දැම්මොත් කට්ටියත් කියයි කොට වැඩියි කියල

      Delete
  19. මේ අහිංසක මට දහපදුරා කතා කිව්වට මොකද. මේ ඉන්නේ කෑමදාසලා සෙට් එකම කලඑළි බැහැලා... :D

    ReplyDelete
    Replies
    1. අපි නං මාරයට දහපඳුරු කතා කියලම නෑ

      Delete
  20. කටට කෙලඉනුවා හැලපයියේ.

    //ආපෝ...වැඩක් නෑ බං...ලංකාවෙ විකට් එකපිට එක යන්නෙ හරියට ජයසිරි වාහන හප්පනව වගේ ...//

    හරි අපුරු උපහැරනේ...

    ReplyDelete
    Replies
    1. මනෝජ් හැමදාම කෙළ ගිල ගිල ඉන්නව නේද කෑමවලට

      Delete
  21. කොහොමද හැලපයෝ මේ විදියට කෑම ගැන රස කර කර ලියන්නේ. අර ආප්පවල කිරි රහ, මාලුවල මිරිස් රහ, කරවලවල ලුණු රහ, බැදපු මිරිස්වල දැවිල්ල, කටට දැනෙනවා වගේ. බඩත් දනවා එක්ක.:)

    ගෑනු ලමයින්ගේ බ්ලොග්වලට වඩා පිරිමි ලමයින්ගේ බ්ලොග්වල කෑම රහයි.:D

    ReplyDelete
    Replies
    1. පිරිමි ළමයි..???
      කසාද බැදපු 50 පැන්න කොල්ලොන්ගෙ... හරිය....!!!
      හැබැයි ඉතින් තව ටික දවසකින් උනන කෙල ඉනිල්ලට නොකා ඉන්නම බැරි වෙනව.

      Delete
    2. ඔය ලියල තියෙන්නෙ මගේම අත්දැකීම් නිසා ඒ විදියට රස දැනෙනව ඇති,
      කොහොමත් තව ටික දවසකින් එක එක දේවල් කන්න ආසා හිතෙයි.

      Delete
  22. ඔය ආණ්ඩුවේ ආයතනවල ඩ්‍රයිවර්ලට තියෙන පවර්ස් හරිම පුදුමයි බං. අර දැලිපිහිය අතේ තියෙන බානර්ගේ අතේනේ කොන්ඩේ කපන්න යන මොන ලොක්කගේ වුනත් පණ ‍රැඳිලා තියෙන්නේ. ඩ්‍රයිවර්ලටත් තියෙන්නේ එහෙම බලයක්ද කියලා මට වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය ඩ්‍රයිවර්ල පුදුම පවර්ස් තියෙන කට්ටියක් බං,මොකද දන්නවද ලොක්කන්ගේ හොර ගමන් ඔක්කොම දන්නේ ඩ්‍රයිවර්ලනෙ

      Delete
  23. මමත් ආවා :) මීට කලින් ආවා හැම එකටම.. ඒත් ෆෝන් එකෙන් කම්න්ට් එකෙන් විතරක් ආව නිසා කමෙන්ට් කරන්න ගියෙ නෑ :) දැං ඉතින් එනෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමී දිගටම එන්න

      Delete
  24. බ්ලොග් අවකාශයේ වැඩිම රස්සා ගානක් කරලා රෙකෝඩ් එකක් තියෙන්නේ මාරයට,,බලද්දි හැලප මාමත් රස්සා බර ගානක් කරලා නේද? තව එන්න තියනවද කරපු රස්සා,,,මාරයා නම් තවත් අලුත් රස්සා වලට යනවා,,,,මමත් දැනට සෑහෙන රස්සා වර්ග ගානක් කරලා තියනවා මේ රටේ ඉදන්

    ReplyDelete
    Replies
    1. තැන තැන ඔෆිස් වලට ගියාට එකම රස්සාව

      Delete
  25. හ්ම්ම් හැලපේ එහෙනං අපේ රාජ්ජෙත් හිටියා ! මං ඔය කාලෙ හිටියෙ ජේ සීටී..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට කතාව ලියාගෙන යද්දී මතක්වුනෙම සරත්වයි.

      Delete
  26. මේකනම් එකෙන්ම හෙලා දකින්න ඕනේ ,, කටට කෙල උනන කෑම ජාති ආප්ප ඔව්වා දැක්කම අයියෝ කියවෙනවා,, ඔයාගේ මුළු කතාවෙන්ම බත් එක තමයි මට වැදගත්ම උනේ අයියේ ,, මිරිස් කුඩු ටිකක් මාස 9 කින් කෑවේ නැහැ අනේ ,,

    ReplyDelete
    Replies
    1. අයියෝ පව් අප්පා මාස 9 කින් මිරිස් රහට කෑමක් නෑ කියපුවම

      Delete
  27. ඇයි ඒ කාලේ ඩියුටි ෆ්‍රී ෂොප් එක තිබුනෙ නැද්ද වරාය ඇතුලෙ? අපි නම් ඉතින් ඩියුටි ෆ්‍රී ෂොප් එකෙන් තමයි :)

    ReplyDelete
    Replies
    1. ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,ඩියුටි ෆ්‍රී ෂොප් එක තිබ්බ නමුත් අපට අවශ්‍ය වුණේ නෑ ඒකට යන්න,ඕනෑකරන දේවල් වෙන මාර්ගවලින් ලැබුනා

      Delete
    2. අපි වරාය ඇතුලෙ ට්‍රේනින් හිටිය, අපිට ඉතින් ලොකු සම්බන්ධතා තිබුනෙ නැ, අපි කරන්නෙ නැවක් ආවම කාව හරි අල්ලගෙන ඩියුටි ෆ්‍රී ෂොප් එකෙන් ගන්න එක තමයි


      මම මේ බ්ලොග් එක කියවනවා, අදහසක් දැම්මෙ අද තමයි, ඒකත් ඉතින් හොර වැඩක් ගැන :)

      Delete
  28. සොරි බං මේක මිස්වෙලා. දැං හරි.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් රාජ්

      Delete
  29. හඃ හඃ හා..... තව පොඩ්ඩෙන් මේ කතාව මිස් වෙනව. අපරාදේ එහෙම උනා නම්. එල කතාව.

    ReplyDelete
  30. දෙවෙනි කතාවට සම්බන්ධයක් නොතිබ්බනම් මේක මිස් වෙනවා. වෙලාවට දැක්කේ. මේක බොහොම සුන්දර මතකයන් ඇවිස්සුවා. පදුරු තලන්න ආස හිතෙනවා. ඒත් හොර මාට්ටු වෙයි කියල ලැජ්ජයි වගේ.

    ReplyDelete

ඔබේ අදහස්