Wednesday, September 17, 2025

නිහඬතාව, හැලපැට්ටාගේ වගතුග, දික්ඔය සිට අක්කරේපත්තුවට, හැක්වීම සහ අලුතෙන් ලැබුණු තෑග්ග.


අපේ බ්ලොග් ලිවීම නැත්තටම නැතිවී ගොසින් දැන් අවුරුද්දකටත් කිට්ටුවේගන එයි.  ඒ කියන්නේ මම අන්තිමට පෝස්ටුවක් දැම්මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්ය.ඒ නිසාවෙන් අදත් එදත් අතර කාලය තුල සිද්ද වුනු දේ ටිකක් කතාකලොත් හොඳයි කියා සිතේ. 

පහුගිය දෙසැම්බරයේ පෝස්ටුව දැම්මායින් පසු මම හිතා සිටියේ  දිගටම ලියන්නටය.  නමුත් අවාසනාවකට මෙන් ලෙඩ දිදී තිබුනු ලැප්ටොපය අවසන් ගමන් ගියේ මගේ බලාපොරොත්තු සුන් කර ලමිනි,  අවුරුදු හය හතක් පරණ එකක් වූ ඒ ලැප්ටොප් එක ආපහු හදනවා නම් ලොකු මුදලක් යන බවත් එහෙම හැදුවත් වැඩි කලක් වැඩ ගන්නට බැරි බවත් කියූ කොම්පියුටර් කාර්මිකයා නොකියා කියන්නේ හදලා වැඩක් නැති බව යැයි මට තේරුම් ගියේය. ඉතින් අකැමැත්තෙන් වුවත් බ්ලොග් ලිවීමට සමුදෙන්නට සිදුවිය. පෝන් එකෙන් බ්ලොග් බලන්නට හැකි උනත් ලියන්නට බැරිය. ඉතින් ඔය විදියට ඊයේ වෙනතුරු කටයුතු සිදුවිය.

හැලපැට්ටා ගැනත් යමක් නොකිව්වොත් පෝස්ටුවේ අග මුල ගැට ගහගන්නට බැරිය. දික්ඔය සනීපදායක සීතලේ වැඩ කරමින් සිටි හැලපැට්ටා ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට ගිණිගහන අව් රශ්මිය ඇති අක්කරේපත්තුවට මාරු කළේය.  තනියෙන් නෙවෙයි යුවලමය.  කියන්නට අමතක විය හැලපැට්ටා දැන් තනියම නොව ජෝඩුවකි.  ඌ විවාහ උනේ ගිය අවුරුද්දේ මුලය.  ඉතින් දෙන්නාම දික්ඔය සිට අක්කරේපත්තුවට පැමිණ පදිංචි වූහ.  ඒ නිසාම අපි දෙන්නාටත් දෙතුන් සැරයක්ම අක්කරේපත්තු යන්නට ලැබිණි. මෙහෙම ඉද්දී ගිය අවුරුද්දේ දෙසැම්බර් වල හැලපැට්ටාගේ බිරිඳ(තවම බ්ලොග් සහෘදයන් නමක් දමා නැති නිසා නමක් නැත) අසනීප විය.  රෝගය පපුවේ සෙම වැනි තත්ත්වයකි.  අවටපිට බහුලව ඇති දුහුවිලි නිසා විය හැකිය.  කෙසේ හෝ රෝහලේ නවත්වා බේත් දුන්නද අඩුවක් නැති තැන නිව්මෝනියා තත්ත්වයෙන් කොලඹට මාරු කරන්නට යෙදුනි.  දෙසැම්බර් අග අසනීප වූ රෝගියාට ජනවාරි අග වෙනතුරු කොලඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකක තුනක නැවතී ප්‍රතිකාර ගන්නට තරම් රෝගය දරුණු විය. බොහොම අමාරුවෙන් සනීප කරගත් පසු රෝහලෙන් අවවාද කළේ දුර ගමන් වලිනුත් දුහුවිලි සහිත පරිසරයෙනුත් ඈත්වී සිටින ලෙසය. දැන් ඉතින් ආපසු අක්කරේපත්තුවට යන්නට බැරිය.  බොහොම අමාරුවෙන් තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කාරණා පැහැදිලි කළ පසු මාස හතරක තාවකාලික මාරුවක් කොලඹ මහ රෝහලට ලැබුණි.  

දැන් හැලපැට්ටා අක්කරේපත්තුවේ තට්ට තනියමය.  මාසෙකට දෙවතාවක් පමණ ගෙදර එයි.  මාස දෙක තුනකට සැරයක් අපි දෙන්නාත් එහෙ ගිහින් සතියක් දෙකක් නැවතී ගේ සුද්දකර හැලපැට්ටාට කෑම හදාදී ආපසු ඒම සිරිතක් කර ගත්තෙමු.  අක්කරේපත්තුවට යන එකම පට්ට කට්ටකි.  එය පැය 10 ක පමණ ගමනකි.  උදේ හතට මඩකලපු කෝච්චියට නැග මඩකලපුවට යන විට හවස හතර පහුවෙයි.  මඩකලපුවෙන් බස් එක  අක්කරේපත්තුවට යනවිට හයහමාරත් පහුවෙයි. ආපසු ඒම නම් කිසි අවුලක් නැත,  රෑ අටට කොළඹ සුඛෝපභෝගී ඒසී බස් එකට නැගගත් විට පාන්දර තුනහමාරට පමණ නිට්ටඹුවෙන් බැසගත හැක.  බස් එක කුරුණෑගලින් හයිවේ නොදා ආවොත් හතර විතර වෙයි. මගක් එද්දී එන නිදිමතට නින්ද ගියවිට ආපහු ඇහැරෙන්නේ රෑ දොළහට විතර කදුරුවෙල හරියේ කෑමට නැවැත්තුව විටය.  ආයෙම යන නින්ද කැඩෙන්නේ නිට්ටඹුවේදී කොන්දොස්තර ඇහැරවන විටය. පැය හය හතක ගමනක් ආවද කියාවත් නොදැනේ.

අක්කරේපත්තුව මරු ටවුමකි. රශ්නය ඇරෙන්නට අනෙක් හැම අතින්ම, කෑම බීම අතින් ඉන්න මිනිස්සු අතින් බැලුවම සුපිරිය.  ඔනෑතරම් අලුත් මස් මාලු අපි මෙහෙ ගන්න ගණන් වලට සාපේක්ශව හරි අඩුවට ගත හැක. කඩ කෑමද ඒවගේමය.  හැලපැට්ටා පදිංචිවී සිටියේ ටවුමේමය.  හරියටම කිව්වොත් පල්ලිය ලඟය.  ගෙවල් අයිතිකාරයා වන නිසාම් වයස නැතත් වයසයි වගේ පේන ලොකු බඩක් ඇති හොඳ මනුස්සයෙකි.  පල්ලිය ලඟ ඇති බිල්ඩිම ඔහුගේය.  බිල්ඩිමේ පහල තට්ටුව හාඩ්වෙයාර් එකකට සහ තව කඩ කීපයකට බදු දී තිබේ.  උඩ තට්ටුව ගෙවල් දෙකකි.  එකක හැලපැට්ටාය, අනිකේ තවත් දොස්තර කොල්ලෙකි.  කොච්චර ඉල්ලගෙන ආවත් දොස්තරලාට ඇරෙන්නට වෙන කාටවත් ඒ ගෙවල් දෙක කුලියට නොදෙන බව නිසාම් කියයි. ඊට අමතරව නිසාම් කුඹුරු වවයි.

"මටත් කුඹුරු ටිකක් තියනවා" දවසක් නිසාම් මගෙත් එක්ක කතා කරමින් ඉද්දී කීවේය.

"කොච්චරක්ද?" මම ඇසුවේ කුඹුරු සබ්ජෙක්ට් එක මගෙත් ප්‍රියතම එකක් නිසාය.

"පොඩ්ඩයි, අක්කර විස්සක් විතර"

"හොඳ පොඩ්ඩ"

"ඔව් පොඩ්ඩ තමයි,  මෙහෙ අයට අක්කර සීය හමාර තියනවා" නිසාම් කීවේය. 

අක්කරපත්තුවේ සිට කල්මුණේට යද්දී පාර දෙපැත්තේ පේන තෙක් මානයේ විශාල වෙල් යායකි. වෙල් යාය පහුකල ගමන් විවිධ නම්වලින් ඇති හාල් මෝල්‍ ය. ගොයම් කපන කාලයට අස්වැන්න පාරේ වේලන දර්ශනය අක්කරපත්තුවේ සිට සම්මන්තුරේට යනතුරු පාර අයිනේ දැක බලාගත හැක.  රත්න සහල් මෝලේ විශාල කන්ටේනර් ලොරි පාර අයිනේ නවත්වා වී කිරයි. සම්මන්තුරේ හරියේද අනික් පැත්තට පොතුවිල් පහුකරගෙන ආරුගම්බේට යනතුරුම වී කිරනවා මම දැක්කේ  රත්න ලොරි විතරය.  නිසාම්ලා වැනි කුඹුරු හිමියන් වෙල්වල දඟලන්නේ නැත.  වෙලට යන්නේ වී විකුණා සල්ලි ගන්නට විතරය.  ඉතුරු වැඩ සියල්ල කරන්නේ කුඹුර වැඩ කරන්නට දී ඇති ගොවියාය.

අක්කරේපත්තුවට ගිහින් ඉද්දි අවම වශයෙන් මම දවසකට තුන් සැරයක් වත් ටවුමට යමි.  උදේම යන්නේ උදේට කෑම ගේන්නය.  උදේට කන්නට කිරි ආප්ප හෙවත් පාල් අප්පම් ද වණ්ඩු ද තෝසේ ද ඉඳිආප්පද පරෝටා සහ පොල් රොටීද පිට්ටු හෙවත් පුට්ටුද ඇත.  අපි වඩා කැමති පාල් ආප්පම් සහ වණ්ඩු වලටය.  වණ්ඩු යනු අපි මෙහෙ කන වණ්ඩු නොවේ. ලා පැණි රසකුත් එක්ක ඇති මේ වණ්ඩුව හරියටම අණ්ඩ නැති සුදුපාට කෝප්පයක් මුනින් අතට නැමුවා මෙනි.  අනික පාල් ආප්පම්ය,  හරියටම සුදු ආප්පය වුණත් බොහෝ කිරි රසය. දෙකක් එකට අලවා ඇත.  එතකොට එක කියන්නේ දෙකකි.  මම මුලින්ම මේවා ගද්දී දහයක් ඉල්ලා ගෙනාවිට විස්සක් ලැබී දවසම කිරි ආප්ප කන්නට සිදුවිය.  උදේ ගමනින් පසු දවල් දහයට එකොළහට පමණ ආයෙම ටවුමට යන්නේ දවල්ට උයන්නට එළවලු මාලු හෝ මස් ගෙනෙන්නටය.  හවස බොහෝවිට යැවෙන්නේ මොකුත් ගෙදර නැතිනම් පානයට අරගෙන එන්නටය.  ඒ එන ගමන රෑකෑමටත් යමක්ගෙ නෙන්නට සිදුවෙන්නේ රෑටත් ගෙදර ඉවීමක් සිදු නොකරන බැවිනි.  

මම ටවුමේ යනවිට බොහෝ දෙනෙක් මා දෙස බලන්නේ මම පිටස්තරයෙක් බව බැලූ බැල්මටම ඔවුන්ට පෙනීයන බැවිනි.  සාමාන්‍යයෙන් එහේ උදවිය ටී ෂර්ට්, ෂෝට් ඇඳගෙන පාරට බසින්නේ නැත.  මාත් එක්ක මුලින්ම හිතවත් උනේ කුකුල් මස් කඩේ කොල්ලාය.  ඌ කඩේ ඉස්සරහ ඉඳගෙන සිටින අතර කුකුලන් රංචුවක් කඩේ ඇතුලේ වී ඇට ඇහිඳිමින් සිටිති.  ඕඩරය ලැබුණු විට එකෙකුට ආගම කියා කටට වතුර ටිකක් වත්කර ෂොට් එක දෙනු ලැබේ.  ඒ දර්ශනය බලන්නට මම අකමැති නිසා කොල්ලාට ඇඟිල්ලෙන් එක පෙන්නා මම මාකට් එකට යමි.  ආපසු එන විට මස් ටික තරාදියට දමා ලෑස්ති කර තිබේ.  හරක් මස් හෝ එළු මස් කඩවල ඒ ප්‍රශ්නය නොමැත.  ඒවා රෙඩිලි ඇවේලබල්ය.  ඌරු මස් කඩ කොහෙවත් නැති බව කියන්නට අවශ්‍ය නොවේ.  

කඩේට ගිහින් මස් කිරවා ගන්නා අතරේ කොල්ලා මගෙත් එක්ක කතාවට වැටෙන්නේ උගේ කුතුහලය සංසිඳුවා ගන්නටය.

"අයියා කොහෙද ඉන්නෙ?"

"ම්ම් පල්ලිය ලඟ, නිසාම්ගෙ ගේ දන්නවද, අන්න ඒ ගෙදර උඩ තට්ටුවෙ" මම කියමි.

"ඔව් ඔව්, මෙහෙ මොකද කරන්නෙ?"

"පුතා බලන්න ආවෙ. ඒ ගෙදර පුතාල ඉන්නෙ"

"දිගටම ඉන්නවද?"

"නෑ නෑ සතියක් විතර ඉන්නවා"

මම දිගටම හිටියොත් උගේ බිස්නස් එකටත් හොඳ බව උපන්ගෙයි බිස්නස් කාරයන් වන උන් දනිති. රොටී ගන්නට හෝටලයකට ගියත් සල්ලි ගන්න එකා මගෙන් ඒ ප්‍රශ්නයම අසා විස්‍තර දැනගනී.     සාමාන්‍යයෙන් ඒ තොරතුර වටේටම පැතිරී යන නිසා බොහෝ අය ඊට පසු මාව දැනගනී.  වයසක මුස්ලිමුන් නිතරම පාහේ සිංහල කතාකළත් කොල්ලන්ට බොහෝවිට සිංහල බැරිය.  විශේෂයෙන් කොල්ලන් ගණන් කියද්දි උන්ට සිංහලෙන් කියන්නට බැරිව හිරවී සිනාවෙමින් මා දෙස බලයි.  "සොල්ලුංග තම්බි" කියා මම කියද්දී ඌ ටක් ගා ගණන දෙමලෙන් කියයි.  සමහර කොල්ලන් එච්චර දඟලන්නේ නැතුව ගාන කැල්කියුලේටරයේ හදා මට පෙන්වා මුදල් ගනී.

ජූලි මාසය අන්තිමේ හැලපිත් මමත් හැලපැට්ටා බලන්නට ගියේ ඔහුට අගෝස්තු සිට කොලඹට මාරුවක් ලැබී ඇති නිසා ගෙයි බඩු අස්කරගෙන එක්ක එන්නටය. ගෙදර තිබුනේ බඩු ටිකක් උනත් අහුරන්නට කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් අවශ්‍ය වුනේය.  පෙට්ටි කීපයක් ගන්නට තැනක් නිසාම්ගෙන් විපරම් කළෙමි.   

"සල්ලිවලට ගන්න ඕන් නෑ, මගෙ ෆාමසියට බේත් එන පෙට්ටි තියනවා. මම හොයල දෙන්නම්"  නිසාම් පොරොන්දු විය.

පෙට්ටි ගෙනෙන්නට නිසාම් මගෙත් එක්ක ෆාමසියට ගියේය. බෙහෙත් තොග බාන්නේ ගබඩාවකටය.  ෆාමසියේ බේත් අඩුවෙන විට ගබඩාවෙන් බේත් ගනෙයි.  ඒ සඳහා ගබඩාවේ කෙල්ලන් දෙන්නෙක් සිටී. උන්ට සිංහල තේරෙන්නෙ නැත.නිසාම් උන් එක්ක කතාකර පෙට්ටි ඉල්ලා ගත්තේය.  අපි පෙට්ටිත් අරගෙන ආපහු එන ගමනේ නිසාම්ගෙන් මෙදා සැරේ අස්වැන්න ගැන ඇහුවෙමි.

"මට හොඳයි, මේ සැරේ වී මිටියක් හත්දාහ ගානෙ වික්කා" නිසාම් කීවේය.  

ටවුමේ සිට ඔරලෝසු කණුව පසුකර අම්පාර පැත්තට ටික දුරක් යද්දී වයින් ස්ටෝස් එක පිහිටා තිබේ.  බියර් එකක්වත් බොන්නට කියා මම වයින් ස්ටොස් එකට ගියෙමි.  අක්කරපත්තුව සහමුලින්ම වාගේ මුස්ලිම් ටවුමක් නිසා බාර් එක පාලුවට ගොස් ඇතැයි මම සිතා සිටියත් බාර් එකේ තිබුනු පෝලිම් දෙකේම සෙනග පොදිකමින් සිටියහ. පහුවදා උදේ හැලපිගේ නංගී ඇතුලු තුන්දෙනා පැමිණුන අතර එදා රෑ බස් එකෙන් මම ගෙදර ආවෙමි.  අනික් කට්ටිය එදා නැවතී පහුවදා උදෙන් කාර් එකෙන් පිටත් වීමට නියමිත විය.

හැලපැට්ටා අගෝස්තු මුල නව සේවා ස්ථානයට වාර්තා කළේය.  අක්කරේපත්තුවේ ඉද්දී ඌ අඩුම වශයෙන් මාසෙට දෙවතාවක් ගෙදර ඇවිත් ගියේය. කොලඹට ආ පසු ගෙදර එන්නෙම නැත.   එන්නට නිවාඩු නැත කියයි. සෙනසුරාදාත් වැඩ කියයි.   මගේ තර්ජනාත්මක ඉල්ලීමකට අනුව ලැප්ටොපය එකලස් කර දෙන්නට ගිය සතියේ ආවේය.

තව කතාවක් කියන්නට අමතක විය.  පහුගිය ජනවාරි මාසේ මගේ යාලුවෙක්ගේ මෙසේජ් එකක් මෙසෙන්ජර් වලට ආ අතර මම එයට ප්‍රතිචාර දැක්වූයෙමි.  ඒ ටිකකින් මට මතක් වුණේ එය යම්කිසි හැකරෙකුගෙන් ලැබුනු එකක් වෙන්නට බැරිද කියාය.  ඒ නිසා ඊට පසු ලැබුනු ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදක්වා සද්ද නැතුව සිටියෙමි.මොහොතකින් ඒ කාලකණ්නි බල්ලා මගේ එෆ්බී එක හැක් කළේය.  ටික දවසකින් එය නැවත යථා තත්වයට පත්කර ගත්තත් එෆ්බී ආයතනය මට තහනමක් දමා තිබුණේ එහි නීති වලට පටහැනිව පෝස්ට් දමනවා කියලාය.  හැකරාගේ වැඩ නිසා මට දවස් 180 ක තහනමක් වැටුණි.  ආපසු පහුගිය මාසේ එෆ්බී එක හදාගත්තත් ඒ අලුත් එකක් විදියට නිසා මගේ අවුරුදු දහයක පමණ තිබූ පැරණි වටිනා පින්තූර ඔක්කොම  නැතිවිය.

ඉතින් මේ මාසයේ හැලපිත් හැලපැට්ටාත් එකතුව මට අලුත් ලැප්ටොප් එකක් අරගෙන දුන්නේ මම ලියන්නට නැතුව කම්මැලි කමින් ඉන්නවා කියලාය.ඔක්කොම පරණ වැඩකෑලි ටික හැලපැට්ටා ආපහු දමා දුන්නේ මගේ ඉල්ලීමටය.  මම ලියන්නට ගත්‍තේ එහෙමය.

ඉතින් මගේ බ්ලොග් මිතුරු කැල ආදරයෙන් මතක් කරමි.  පහුගිය කාලයේ මම නොලිව්වත් ඔබලා බ්ලොගයට ගොඩ වැදී යාමම ලොකු දෙයකි.  බලාපොරොත්තු වෙන්නේ පරණ කතන්දර ටිකක් නැවත ලියන්නටය.  එක කේස් එකක් ඇත.  ඒ මට හැලපයා නමින් කමෙන්ට් කරන්නට බැරිකමය.  වදින්නේ ඇනෝ කමෙන්ට්ස්ය. ආපහු එය හදා ගන්නේ කෙලෙසදැයි මම නොදන්නවා උනත් එයත් කෙසේ හෝ හදාගත යුතුමය.

75 comments:

  1. හලෝ හැලපේ,

    සැහෙන කාලෙකින්. මාත් ඉතිං අපේ හැලපේගේ පරණ පොස්ට් කියෙව්වා ඉන්න ගමන්.

    දැන් නං බ්ලොග් ලියවෙන්නේ අඩුවෙන් තමයි. ගොඩක් අය ෆේස්බුක් එකෙනි ලියන්නේ. මම නං ඒකෙ නැති නිසා ලොකුවට දන්නේ නෑ.

    හැබැයි ඔය හැලපගේ ෆේස්බුක් එක නතර කෙරෙව්වේ හැලපේ ආයේ බ්ලොග් එකට ගෙන්න ඕනී හින්දාද දන්නේ නෑ.

    ඉතිං හැලප අද නං උදේ ඉදං වහිනවා. බෝතලයක් ගහන්න කියපු දවසක්.

    මම මේ තව ඩිංගකින් කන්තෝරුවෙන් නිවාඩුක්‌ දාලා අඩියක් ගහන්න යන්න සුදානම. එතකොට පොටෝ එකක් දාන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. හලෝ හැලපෙ, ඔන්න මම භාගයක් ගහලා බත් ඩිංගක් කාලා ගොලිප් එකකත් බිලා හාන්සි වෙන්න ලැස්ති. පොටෝ එකකත් ගත්තා හැලපෙට බලාගන්න.

      පොටෝ එක මෙතනින්.

      ( ආ හැලපැට්ටාගේ හාමිනේට අපි හැලපැට්ටි කියලා දාමුකෝ. )

      Delete
    2. මම හැලපයා, දෙන්නත් එක්ක බෝතලයක් ගහමු.
      පුදුම සතුටක් ඇනෝ දැක්කම එන්නේ.

      මට තාම නමින් කොමෙන්ට් කරන්න බෑ.

      Delete
    3. හැක්.. බෝතල් ඇනෝගෙ කොමෙන්ට්ටෙක නැත්තං හැලපයගෙ පෝස්ට් එකෙනුත් වැඩක් නෑ ඉඳගෙන.

      Delete
    4. අම්මෝ ඇනෝ. කාලෙකට පස්සෙ නේද. දැක්කත් ඇති. එහෙනං බෝතලේට මාත් අතගැහුව කියල හිතාගන්නකො.

      Delete
    5. AnonymousSeptember 18, 2025 at 6:17 AM
      මේ ඇනෝ, උඹ මම වගේ කමෙන්ට් කරන්න එපා. මමත් තාම ඇනෝනෙ එන්නෙ. උඹේ සොමිය උඹ ගනිං ඒකෙ අවුලක් නෑ. මම කියල කමෙන්ට් කරන්න එපා ඈ.

      Delete
  2. niyamayi apahu liyanna gaththa eka.

    ReplyDelete
  3. Welcome back ! රසම බීෆ් රොටී කාල තියෙන්නෙ සමන්තුරේදි

    ReplyDelete
    Replies
    1. ලොලිපොප් කෑවේ කොහෙද

      Delete
    2. මමත්. ඒ දිගටම තියන ටවුන්වල බීෆ් රොටී හරි රසයි.

      Delete
  4. අඩේ හැලපයියා.....
    කාලෙකින් හරි ලියපු එක වටිනවා.....
    අක්කරෙයිපත්තුව පැත්තේ අන්තිමට ගියේ 2016-17 විතර...... රවුම් ගමනක් දාගෙන යන්න ඕනේ බලන්න..... නවතින්න තැනක් හොයා ගන්නත් එපැයි.....

    දිගටම ලියන්ඩ ඈ.....

    ReplyDelete
    Replies
    1. හා නංගි

      Delete
    2. දිගටම ලියනව දිගටම ලියනව.

      Delete
  5. දැන් ලැපත් හදලා නිසා දවසට එක ගානේ පරණ කතන්දර ලියන මෙන් ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. ඔව්. ලියන්න ඉන්නේ පුතා.
      හම්බෙන්න එන්න වේයන්ගොඩ.

      රැයක් ඉමු.

      Delete
    2. දවසට එකක් ටිකක් වැඩියි නේද බං.

      Delete
  6. බ්ලොග් ලොවේ නියම හැඩේ
    නොමැතිව ඔබේ හැලප කඩේ
    සැමදා අපි කැවේ මසල වඩේ
    වරෝ ඇරලා දැන් හැලප කඩේ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොව අපියි පුතේ
      රජකෙරුවේ හතර වටේ
      ලොලිපොප් කලාවේ
      මමයි හැලප පුතානේ

      Delete
  7. මල්ලිලා එන්න

    ReplyDelete
  8. ලියලා කාලෙකින් කියලා දැක්කාම
    ඇතිවුණු සතුට මදි මේ වගෙ කිව්වාම
    හැලපේ ලියපු හිංදා බ්ලොග ආයේම
    පැල් බැඳගෙන වහිනවා නෙව දිගටෝම

    නොලියූ නිසා කාලේකින් පෝස්ටුවක්
    හිරවී හිතේ ඇති අදහස් හිමාලයක්
    එව්වා ලියල හිත නිදහස් කර ගැනුමක්
    නොකළොත් හැලපෙ හැදේවි බොට මාර ලෙඩක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදී. කවි දෙකත් මාර අගෙයි.

      Delete
  9. කලකට පෙර ආසාවෙන් කියවූ බ්ලොග් අඩවියක්. නැවත සක්‍රිය වීම සතුටට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ආයෙම ලියන්න තම්‍යි ඉන්නෙ.

      Delete
  10. ඔහේට අවුරුද්දක් යනකල් ලැප් එකක් ගන්න බැරි උනා කියන එක අපි විස්වාස කරන්න ඕනද එතකොට.
    එෆ්බී එකටනං කෙල උන එක හොඳයි. නැත්තං මෙහෙමවත් එකක් ලියයියැ. ඕකට දිගටම කෙලෝල දාන්න කියල මාකට කියන්නෝන.

    ReplyDelete
    Replies
    1. තමුසේද මේ ෆොටෝ ඒකෙ ඉන්නේ? අක්කරෙයිපත්තුවේ හොර හරක් පටවන එකෙක් වගේ.

      Delete
    2. එච්චර වැදගත් පෙනුමක් තියෙනවද ඒ ෆොටෝ එකේ.
      තෑන්ක්ස්.

      Delete
    3. පොඩි කම්මැලිකමකුත් තිබුණ ඉතිං. එෆ්බී එක න්ං ආයේ හදාගත්ත බං.

      Delete
  11. 'හැලපැට්ටා පදිංචිවී සිටියේ ටවුමේමය. '

    'අක්කරේපත්තුවට ගිහින් ඉද්දි අවම වශයෙන් මම දවසකට තුන් සැරයක් වත් ටවුමට යමි'

    ටවුමෙම ඉන්න හැලපයියා මුස්ලිම් කාන්තාවක් සමග ඇයිහොදයියක් පටන් ගෙන ගමට යනවා වගේ.

    ReplyDelete
  12. අක්කරෙයිපත්තුවේ මුස්ලිම් බවලත් පාර්ශවයේ මනදොල සංසිදවු හැලපයා මහතා.

    ReplyDelete
  13. හැලපෙ දැකීම සතුටක් ! ආයේ ලියමු .. ලංකාවේ කවදාවත් ගිහිල්ලා නැති පළාත් ..

    ReplyDelete
    Replies
    1. හේරත් දියතලාවේ හෙන ගොඩේ නේද? හපුතලේ සුවාරිස්ගේ පුතා.

      Delete
    2. ආයෙම ලියන්න තමයි ඉන්නෙ පැතුම්!!

      Delete
  14. ආයෙමත් ලියන්න පටන් ගත් එකට කැමතියි. එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. එක හුස්මට කියවන්නේ කොහොමද? මේක දිග ලිපියක්නේ වැලිගමගේ.

      Delete
    2. ස්තූතියි අනුරුද්ධ!!

      Delete
  15. හැලපයාව මුස්ලිම් ආගමට බන්දවා ගෙන අක්කරෙයිපත්තුවේ පදිංචි කරවා ගෙන කසාඳ හතරක් කර දෙන මේන් අප අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන්ගෙන්වත් ඉතා ඕනෑ කමකින් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  16. Replies
    1. ලස්සන පෝස්ට් එකක්, මේ වගේම ලංකාවේ සිටින Narcissist මිනිස්සු ගැනත් මේ වගේ ලස්සනට සාහිත්‍යය යොදාගෙන ලියන්න පුළුවන්ද ඔයාට?

      ඇත්තටම බ්‍රිතාන්‍යය තුල වාසය කරන මගේ මිතුරු අජිත් ධර්මකීර්ති කියන පුද්ගලයා මේ Narcissist Personality Disorder කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්, නමුත් අවාසනාවකට වගේ ඔහුට කොතරම් කිව්වත් ඔහු මේකට ප්‍රතිකාර ගන්නේ නෑ බ්ලොග් ලියන අය අතර විෂ සහිත Toxic මත පතුරමින් අපහාස කරමින් සිය Narcissist විෂම පැවැත්ම දිගටම පවත්වාගෙන යනවා. අපි බලමු කවුද මේ Narcissist මිනිස්සු කියන්නෙ කියා?

      දැකලා තියෙනවද අපිට හමුවෙන විවිධ වර්ගයේ මිනිස්සු අතර,

      අධික අහංකාරකමින් ජීවත් වෙන මිනිස්සු,
      තමන් ගැන ඕනවට වඩා වර්ණනා කරන මිනිස්සු,
      අන් අයගේ හැඟීම් ගැන අඩු තක්සේරුවෙන් බලන මිනිස්සු,
      වැරැද්ද තමන්ගෙ වෙලා, වැරැදි පිළිගන්න බැරිව අනුන් පිට පවරන මිනිස්සු,
      තමන්ගෙ ප්‍රසංශාව, ගෞරවය ගැන විතරක්ම හිතන මිනිස්සු???

      අන්න එහෙම අයට තමයි අපි Narcissist මිනිස්සු කියලා කියන්නෙ.

      ඉතිං එහෙම කෙනෙක් එක්ක කිසිම දවසක වාද කරන්න, තර්ක කරන්න යන්න එපා. මොකද,
      ඔයා මොන දේවල් කිව්වත් ඒ අයට ඕන ඒ අයගෙ දිනුම විතරයි.

      අනෙක් කාරණාව,
      ඔයා කේන්ති ගන්න තරමට, දුක් වෙන තරමට, උස් හඬින් කතා කරන තරමටයි ඒ මිනිස්සුන්ට සතුටු!!!

      Narcissist මිනිස්සු, තමන්ගෙ සතුට කියන දේ පෝෂණය කරන්නෙ, ඒ අය නිර්මාණය කරන චිත්තවේගීය අවුල් සහගත තත්ව වලින්.

      ඔයා තව තවත් තර්ක කරන, කේන්ති ගන්න තරමට ඒ අය ඉදිරියේ ඔයාව තවත් ගිලෙන්න පටන් ගන්නවා.

      මොකද නාර්සිස්ට්වාදියෝ කිසිම දවසක සත්‍ය හොයන්නෙ නෑ.
      ඒ වෙනුවට ඔවුන්ට ඕන තව කෙනෙක් වචන වලින් හෝ යටත් කරගැනීම විතරයි.

      ඒ අය තේරුම් ගැනීම, සාක්ශි කියන දේට අවදානය දෙන්නෙ නෑ.
      ඒ වෙනුවට ඔවුන් අවදානය දෙන්නෙ ඔයාව පරාජය කරන්න ඊළඟට කියන්න ඕන මොකක්ද කියන එක ගැන විතරයි.

      එහෙම කෙනෙක් එක්ක වාද කරන්න වුණොත්??

      හොඳම දේ, පසුබහින්න!!!!
      තර්ක කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඔයාගේ සාමය ආරක්ශා කරගැනීම ගැන හිතන්න.

      මොකද,
      ඔයා ප්‍රතිචාර නොදක්වන හැම අවස්ථාවකම ඔවුන් තමන්ගේම අධික අහංකාරකමින් පහත වැටෙන්න පටන් ගන්නවා.

      නිහඬ වීම, සීමාවන් යෙදීම තමයි ඒ වගේ තැනකදි ඔයාට තියෙන හොඳම මෙවලම් වෙන්නෙ.

      ඔයාගෙ සන්සුන්කම ඒ වගේ අහංකාර මිනිසුන්ගේ දුර්වලතාවය වන අතර,
      ඔයාගෙ කෝපය ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනවා.
      ඔවුන්ව තෘප්තිමත් කරවන සංදර්ශනය ඔවුන්ට ලබා නොදෙන්න මතක තබා ගන්න!

      ප: ලි. Narcissism කියන දේ විවිධ අත්දැකීම් හමුවේ හැම කෙනෙකු ළඟම ඉතා අල්ප වශයෙන් හෝ සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීමක් ලෙස තිබීම සාමාන්‍යයි.

      එහෙත් මෙය අධික වශයෙන් / රෝගාත්මක තත්ත්වයක් ආකාරයෙන් (Narcissistic Personality Disorder - NPD ) mental health disorder එකක් ලෙස ඇතිවන අවස්ථා අජිත් ධර්මකීර්ති වගේ අයතුල දකින්න ලැබෙනවා.

      මේ වගේ තත්වයක ඉන්න පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම cure වෙන එක අපහසුයි. ඒත් long-term therapy එකක් සහ proper support system එකක් ඔස්සේ NPD අයෙකුට තමාව හඳුනාගෙන දේවල් manage කරගෙන, සමාජයේ, සබඳතා තුළ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන තත්වයට එන්න පුළුවන්.

      ඒත් අවාසනාවට කරුණ නම්, අජිත් ධර්ම වැනි Narcissist NPD රෝගී බොහෝ පුද්ගලයන් තමාගේ තත්වය පිළිගැනීමට තරම් නිහතමානී වන්නේ නැහැ. එයයි ඇත්තටම තියෙන ලොකුම ප්‍රශ්නය.

      Delete
    2. ස්තූතියි අජිත්!!

      Delete
    3. අනේ බොහොම ස්තුතියි ඇනෝ 2.04 මං ගැන කරුණාවෙන් ලොකු විස්තරයක් කළාට . මම සාමාන්‍යයෙන් හැලපේ ගේ බ්ලොගයට එන්නේ නහ ඔය ගොල්ලන්ගේ රාජධානිය කියල නාසිස්ටික් විධිහට හිතන් ඉන්න නිසා . මේ ආවේත් හැලපය පැමිණි එකට සතුට පල කරලා යන්න . ආයේ එන්නේ නැහැ අනේ , බය වෙන්න එපා . බය වෙන එක නාසිස්ටික් ලක්ෂණයක් නේ . එහෙනං ගියා . බ බායි

      Delete
    4. හැලපය ගේ ලිපිය සුන්දරත්වය අපේ වාද වලින් නැතිවී යයි කියල බයක් දැනුන මුත් මෙය පැමිණ ලිවීමට සිත් වුනි . බුදුන් වහන්සේ දෙසු කාලාම සුත්‍රයේ මෙසේ සඳහන් වෙයි . '"කාලාම සූත්‍රය" හෝ "කේසමුත්ති සූත්‍රය" යනු අංගුත්තර නිකායේ එන වැදගත් බෞද්ධ ඉගැන්වීමක් වන අතර, එය ධර්මය හෝ අධිකාරය අන්ධ ලෙස පිළිගැනීමට වඩා විචාරාත්මක චින්තනය සහ නිදහස් විමර්ශනය දිරිමත් කරයි. කේසපුත්ත වැසියන් අමතා දේශනා කරන ලද මෙම සූත්‍රය, සම්ප්‍රදාය, ශුද්ධ ලියවිලි හෝ ජනප්‍රිය මත මත පමණක් විශ්වාස නොකරන ලෙස ජනතාවට අවවාද කිරීමෙන් ඉගැන්වීම් ඇගයීම සඳහා රාමුවක් සපයන අතර, ඒ වෙනුවට පුද්ගලික අත්දැකීම් සහ තාර්කික විශ්ලේෂණය තුළින් විශ්වාසයන් පරීක්ෂා කිරීමට උපදෙස් දෙයි. මෙම දේශනාව ආචාරධර්මීය ජීවිතයක් සඳහා මූලික පාඨයක් වන අතර, යහපැවැත්ම ළඟා කර ගැනීම සඳහා කරුණාව, ත්‍යාගශීලී බව සහ සිහිය වැනි ගුණාංග වර්ධනය කිරීම අවධාරණය කරයි.' ඉතින් බෞද්ධ ධර්මාචාර්ය විභාගයත් සමත් අයෙක් ලෙස මම මෙය ඉතා හොඳින් පිලි පදිමි . කවුරුන් කී දෙයක් එලෙසම නොඅසා තර්ක කිරීම හා වාදය ජිවිතයේ අරුතක් ලෙස හඟිමි . සත්‍යය ලඟා වන්නේ එවිට පමණි . එසේම නාගර්ජුන නමැති මහායාන චින්තකයාගේ තර්කන ක්‍රමයද අදහමි . නාගර්ජුනගේ තර්කය ගොඩනැගී ඇත්තේ චතුෂ්කෝටිකය නම් සිව්-මාන තර්කානුකූල රාමුවක් මත වන අතර, එය සියලු සංසිද්ධිවල සහජ පැවැත්ම (ස්වභාව) ප්‍රතික්ෂේප කරයි. එමගින් සියලු දේ "හිස්" (ශූන්‍යතා) බවත්, ස්ථාවර සාරයක් නොමැති බවත් හෙළි කරයි. මෙම තර්කය යථාර්ථය පිළිබඳ සම්ප්‍රදායික අවබෝධය බිඳ දමන්නේ, යථාර්ථය පිළිබඳ ඕනෑම ප්‍රකාශයක් තහවුරු කළ හැකි බවත්, ප්‍රතික්ෂේප කළ හැකි බවත්, තහවුරු කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමටත් හැකි බවත්, හෝ තහවුරු කිරීමටත් ප්‍රතික්ෂේප කිරීමටත් නොහැකි බවත් පෙන්වා දීමෙනි. අවසානයේදී, එය ස්ථාවර සංකල්පවල ස්ථීර බව අභියෝගයට ලක් කරන අතර, පැවැත්ම පිළිබඳ අද්භූත නොවන දැක්මක් ප්‍රවර්ධනය කරයි. එනිසා ඕනෑම කෙනෙකුගේ ඕනෑම අදහසක් තර්කනයට යටත් කිරීමේ අභිලාෂයෙන් ඕනෑම අවස්ථාවක කටයුතු කරමි .

      Delete
  17. හැලපැට්ටෝ. ආදරෙයි පැලෙන්න.(හැලපයාට නැවත ලියන්නට ඉඩ සලසා දීම වෙනුවෙන්)

    ReplyDelete
    Replies
    1. චමින්ද මාමි කොටියෙක් වගේ

      Delete
  18. හැලපගේ චූ කුරුල්ලා අක්කරෙයිපත්තුවේ මුස්ලිම් ගෑනුන්ගෙන් බේරගන්න බැරිව ආවයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. ටවුමේ තේ කඩේ මත්තයියා එක්ක යන්න ආසද

      Delete
  19. ස්තූතියි චමින්ද. හැලපැට්ටටත් කියන්නම්.

    ReplyDelete
  20. හැලපේ ඔයා මුස්ලිම් ගමෙන් ආවේ ඇයි

    ReplyDelete
    Replies
    1. ගියා ආවා.විශේෂයක් නෑ

      Delete
  21. හැලපයියාගේ පුනරාගමනයටත් නව හැ'ලැපයක' සාඩම්බරකාර හිමිකරුවෙක් වීමටත් සුභ පතමි

    ReplyDelete
  22. හැලපෙගේ කුරුල්ලා ගොඩක් ලොකුයි
    මුස්ලිම් ගෑනුත් එය මිරිකයි

    ReplyDelete
    Replies
    1. මම ඉතිං උන්ගේ ආසාවට ඉඩ දුන්නා බං ඇනෝ

      Delete
  23. හැලප මල්ලි එක්ක ලිංගිකව හැසිරෙන්න ආසා මුස්ලිම් අයියලා එන්න

    ReplyDelete
  24. හැලපේ මාමි

    ReplyDelete
    Replies
    1. හැලප මාමි මුස්ලිම් ගැහැණු එක්ක කාර්යබහුලයි කියලා හැලපට්ටා කිව්වා

      Delete
  25. මැදපෙරදිග ප්‍රධාන සංඝනායක ධූරාන්දර අක්කරේපත්තුවේ වැඩවසන අති අතිගරු ශ්‍රීමත් බෝධිසත්ව ගුණෝපේත හැලපයා (66) තරුණ (සිතින්) ආදිපාද ස්ථීවරයන් වහන්සේගේ මූණ ඇති මුස්ලිම් පැටව් රාශියක් අක්කරේපත්තුවේ දක්නට ඇත.

    ReplyDelete
  26. සුපුරුදු පරිදිම ලෙසටම ලියලා තියනවා. අපිත් අක්කරෙයිපත්තු ගියා වගේ කියල හිතුනා.

    ආයෙ එන්න ලැබෙයිද දන්නෙත් නෑ. මම මුලු ලිපියම බාගත්තා ආයෙ, ආයෙ කියවන්න. තාම මේ සයිට් එකත් ආරක්ෂිත නෑ කියල කියනවා. හැකරා තාම සක්‍රීයව ඉන්නත් ඉඩ තියනවා. අපරාදෙ FB එක නැති වුනේ.

    කෝකටත් මේ බ්ලොග් එකේ බැකප් එකක් ගන්න හැලපෙ.
    https://support.google.com/blogger/answer/41387?hl=en

    ReplyDelete
    Replies
    1. WTF. ඉන්වලීඩ් responce කියලා එන්නේ මට විතරමයිද.

      මොබයිල් එකෙන් 20 පාරක් විතර ට්‍රයි කරලයි මේකත් දාගත්තේ.

      බැකප් එකක් ගනින් බුදු හැලපඉයේ

      Delete
    2. ඕන්න දැන් බ්ලොග් එකට එන්න පුළුවනි අවුලක් නැතුව. ඇති යන්තං. දැන් ඉතිං මාසෙකට පාරක්වත් ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. අර කෑම බීම, ගමනේ විස්තර ලියල තියෙන විදිහ මසුරං. ඒවා වල තව පොටෝ පොජ්ජවල් ටිකකුත් ඇල්ලුව නං තමයි වටින්නෙ.

      මොබයිල් එකෙන් බලොග් ලියන්න පුළුවනි. මොබයිල් එකේ, කතා කරන කොට සිංහල ටයිප් වෙන ගජමැටික් එකකුත් තියනවා. රසික, අජිත් එහෙමත් ඒක පාවිච්චි කලාද කොහෙද? මේ එහෙම ටයිප් වෙන ඔන්-ලයින් එකක්. ලැපේ මයික් එක තියෙන නිසා උත්සාහ කර බලන්න.
      https://www.helakuru.lk/keyboard
      https://www.typingguru.net/voice-to-text/sinhala-voice-typing
      https://www.speechtype.in/voice-typing/sinhala/
      මේ තියෙන්නෙ ගූගල්ලගෙ සිංහල වොයිස් ටයිපින් එක:
      https://www.youtube.com/watch?v=bFLIQ5rAzf4

      Delete
    3. එකක් ලියමින් පවතිනවා. වෙන මොකුත් අවුලක් නැත්නම් මාසෙකට එකක්වත් ලියන්න බලනව.

      Delete
  27. අඩේ.. සෑහෙන්න කාලෙකින්. ආයෙත් බ්ලොග් පොජ්ජක් ලියන්න හිතයි මෙව්වා දැකලා..

    ReplyDelete
    Replies
    1. ලියන්නයි තියෙන්නෙ කම්මැලිකම අත ඇරල.

      Delete
  28. චූ එක හැලපගේ ඉරුවේ මුස්ලිම් ගෑනු

    ReplyDelete
  29. අක්කරේපත්තුවේ මුස්ලිම් ගෑනුන්ගේ හද ගැස්ම.

    හැලපෙයා බ්ලොග් අඩවිය.
    එහි නිර්මාතෘ හැලපෙයා මහතා මැද පෙරදිග සහ අක්කරේපත්තුවේ වැඩ වාසය කරන මුස්ලිම් කාන්තාවන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට සැදී පැහැදී සිටි

    ReplyDelete
  30. හම්මේ ඇති යාන්තං. අවුරුද්ද කට පස්සෙ ආයි ඇවිත්. හේතුව ඉතිං ලියලම තියනවනෙ. අලුත් ලැප්ටොප් එක තියෙන නිසා සතියකට වරක් වත් මොනව හරි අපිට කියවන්න දෙයක් ලැබෙන පාටයි.හැලපැංචි ට නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං දැන් මොන මොනවහරි ලියන්න බැරුවයැ.

      Delete
  31. උපාලි බන්දුසේනOctober 28, 2025 at 9:00 PM

    ශාන්ත දැන් මොකද කරන්නේ? රජයේ සේවයෙන් විශ්‍රාම ගියාද?

    රාජ්‍ය පරිපාලනයේ හිටපු අපේ ගුණය මතකද ඔයාට? කළුතර පැත්තේ. මට මිනිහා හම්බුනා. ඔයාවත් මතක් කරා. facebook එකේ මට මැසේජ් එකක් තියන්නකෝ. ඔයාව හෙව්වා මට හොයාගන්න බැරි වුණා

    ReplyDelete

ඔබේ අදහස්