Friday, December 24, 2021

අම්මාගේ බත් ගෙඩිය, දර ලිපේ ඉවීම,පෙමයියා, දරමඩුව, මාළු විකිණීම සහ වැල් අල .

 

අපේ අම්මා බත් බඳින හැටි බලන් ඉන්නට අපූරුය.  ඇය බඳින්නේ අද මෙන් බත් මුල් හෝ බත් පාර්සල් නොව බත් ගෙඩිය.  හැලපි නම් අපි වැඩට යන කාලෙ බත් බැන්දේ ලන්ච් ෂීට් එකක් කඩදාසිය උඩ එලා ඒ උඩට බත්ද බත් උඩින් වටේටම මාළු පිණිද තබා හතර වටෙන් නමා කඩදාසියේ එතීමෙනි.  ඒත් අපේ අම්මාගේ බත් එතීම වෙනම විදියක්ය.  ඇය තාත්තා වැඩට යන කාලයේ අවුරුදු විසි ගණනක් පමණ හැමදාම හිමිදිරි උදේ තාත්තාට බත් ගෙඩිය සකස් කර දුන්නාය.  ඊට පසු මම විවාහ වන තුරුම මට වැඩට ගෙනියන්නට බත් මුල ඔතා දුන්නාය.  රස්සාව ලැබෙන්නට ප්‍රථම වුවද අපි කොහේ හරි ගමනක් යතොත් දවල්ට කන්නට අම්මා බත් මුලක් බැඳ දෙයි.  ගෙදර කෑම හැමදාම කන මම ඒ දවස්වල හෝටලේකින් කන්නට හරි ආසවෙන් සිටියෙමි.  ඒත් අම්මාගේ බත් එකත් එක්ක හෝටලයකින් කෑමේ සිහිනය බොඳවී යයි.  අම්මා දුන්න බත් මුලේ වටිනාකම තේරුණේ පසු කලෙක එක එක හෝටල්වලින්ද කැන්ටින් වලින්ද මෙලෝ රහක් නැති වතුරයි බතුයි වගේ කෑම කනවිටය.  එතකොට අම්මාගේ බත් එකේ රස මතක්වී ඇහැට කඳුලක් උනයි.  මම අපේ අම්මා ගැන බ්ලොගයේ වැඩිපුර ලියා නැත.  අම්මා මරණාසන්නව ඉද්දීද ඇය මියගිය පසුද ඒ ගැන පෝස්ටු දෙකක් ලිව්වා මිසක ඇය ගැන විස්තර ඇතුව ලියා නැත.

පටන් ගත්තේ අම්මා බත් බඳින හැටි කියාගෙන නිසා මුලින්ම ඒ විස්තරය බලමු.  උදේ පාන්දර නැගිට බත් මාළු පිණි උයා ඉවරකරන අම්මා වත්තට ගිහිං කෙහෙල් අගිස්සක් කපාගෙන එයි.  ගෑස් කුකර් ගැන අහලාවත් නොතිබුණු ඒ කාලයේ ඇය දර ලිපේ දුම් කාගෙන උයපු බව අමුතුවෙන් කිව යුතු නැත.  දර ලිප්වලට අමතරව තිබුණා නම් තිබුණේ බුමිතෙල් ලිප්ය.  ඒවා ගම්වල තිබුණේ නැත.  අම්මා ඇය ගෙනා කෙසෙල් කොලය ලිපට අල්ලා හොඳින් තවාගනී.  තවාගෙන කොළයේ නාරටිය එහෙම ඉරා දමා වට්ටියක් උඩ එලු කඩදාසියක උඩින් කෙසෙල් කොලය තබයි.  ඊළඟට ඇය මුට්ටියේ ඇති බත් තව වට්ටියකට නිවෙන්නට දමයි.  වට්ටියට දැමූ බත් ගානට නිවෙන විට බත් හැඳි කීපයක් කෙසෙල් කොළය උඩට දමයි.  ඉන්පසු හිඳෙන්නට උයාගත් මාළු පිණි බත උඩින් තබා ආයෙම බත් හැඳි කීපයක් ඒ උඩට දමා මාළු පිණි එළියට නොඑන්නට අතින් සකසයි.  ඉන්පසුව කෙසෙල් කොළයේ දෙපැත්ත උඩට කර එය සුරුට්ටු කර උඩින් නවා දෙපැත්තද නවා ඇතුලේ ඇති බත් තදවෙන්නට දෙපැත්ත වට්ටියේ තට්ටු කර කඩදාසියේ ඔතාගෙන ගෝණි ලණුවකින් බත් ගෙඩිය ගැටගසා වැඩේ ඉවර කරයි.  දවල්ට කන්නට බත් ගෙඩිය දිග අරින විට එන සුවඳ නම් ඉවසන්නටම බැරිය.  බත් එක ලෙහා ගත් පසු ඇත්තේ තනිකරම ගල වගේ බත් ගෙඩියකි.  එය පැත්තෙන් කඩා ඇතුලේ ඇති මාළු පිණි සමග කන්නට හැක.

මුට්ටිය කියනකොට මට මතක් වුණේ තවත් මුට්ටියක කතාවකි.  ඊට මමත් සම්බන්ධය.  ඔන්න දවසක් මම කොහේ හෝ ගිහිං අවේලාවේ ගෙදර ආවේ හොඳටම බඩගිනි වෙලාය.  මම කන්නට එතැයි බලාපොරොත්තුවෙන් නොසිටි නිසා ගෙදර මට කෑම තබා තිබුණේ නැත.  හොදි මාළු පිණි ටිකක් තිබුණත් බත් නැත.  මම කන්නට ඉල්ලපු වෙලේ අම්මා පොඩි මුට්ටියකට හාල් ගරා දමා ලිපේ තබා මට බලාගන්න කියා නාන්නට පහල ලිඳට ගියාය.  මම ලිප ළඟ ඉඳගෙන සිටියෙමි.  බත ඉදවන විදිය මම දන්නේ නැත.  බත් මුට්ටියට මොනවා කරන්නදැයි නොදන්න මට මේ වැඩේ පවරා ගිය අම්මා එක්ක මට දැන් හරි තරහය.  මම දන්නේ ලිපට දර කෑලි ඔබන්නට පමණය.  දැන් නම් දර ලිපේ බතක් පිස ගැනීම මට සුළු දෙයකි.   මම දර ලිපේ ඉවීම පුරුදු වුණේ හැලපිගෙනි.  ඇයට දර ලිපේ කෑම ඉවීම ගැන මනා පළපුරුද්දක් ඇත. ගෑස් අර්බුදය එන්නට පෙර සිටම රයිස් කුකර් එකක් තිබුණත් අපි දර ලිපේ බත සහ අනෙකුත් මාළු පිණි උයන්නට පුරුදුව සිටියෙමු.  

දර ලිපට අවශ්‍ය දර සොයා දර මඩුව හෙවත් දර ගොඩ තරකිරීම තනිකරම මගේ වැඩකි.  අපි හදාගෙන තියෙන පොල් ගස් දෙක තුනේ වැටෙන පොල් අතු ගෙන ඒම , ගස් කපපු තැන්වලින් ඉතුරු කොට සහ දඬු අරගෙන ඒම, ඒවා පලා වේලා ගැනීම ආදිය මම කරමි.   දර පැලීම නොමිලයේම ශරීරයට හොඳ ව්‍යායාමයක් ලැබෙන වැඩකි.  ගේ ඉස්සරහ පාර අයිනේ මම දර කොට පලනවිට පාරේ යන උන් මට හිනාවෙවී යති.  මොකදැයි ඇසූවිට ගෑස් එකක් තියාගෙන මොකට නහිනවාදැයි කියති.  දර පැලීමේ සොමිය උන් දන්නේ නැත.  අපේ පැත්තේ ඒ කාලයේ දරමඩු කීපයක්ම තිබුණා මට මතකය.  එකක් තිබුණේ පෙමයියාටය.  පෙමා හෙවත් පෙමයියා කියූ ඔහුගේ නම පෙමානිස් විය යුතුය.  පෙමයියා පරණ රබර් ගස් ගලවපු වතුවලින් ලොකු කොට මිලට ගෙන ලොරියක දමාගෙන දර මඩුවට ගෙන එයි.  ඒ කොටන් ඔහු සිය පුතාවත් හවුල් කරගෙන බණ්ඩි කියතකින් එක සමාන විදියට කුට්ටි කරනවා එතනින් වැඩට යන මම දකිමි.  කුට්ටි කළ කොට ඔහු ගොඩ ගසා තබයි.  ඒ කුට්ටි පලන්නේ දර ඕඩරයක් ආපු විටය.  කලින් පලා තිබ්බොත් අව්වට වේලී දරවල බර අඩුවෙයි.  ලොකු පොරවකින් පලා කුඤ්ඤ ගසමින් පලු කරගන්නා දර කුට්ටි අත් පොරවකින් කැබලි කර හොන්ඩර ගණනට කිරා අත් කරත්තයක අහුරාගෙන අවශ්‍ය තැනට ගෙනගොස් බාරදීම සිදුවේ.  වැඩිපුරම දර ඕඩර් ලැබෙන්නේ ටවුමේ අයගෙනි.  ගම්වල දර මිලට ගැනීමේ සිරිතක් නැත.  පෙමයියා දර රාජකාරිය කරන්නේ හැන්දෑ වරුවේය.  උදේ වරුවේ ඔහු මාළු විකුණයි.  

උදේ පාන්දරම පාගන බයිසිකලයකින් මීගමු යන ඔහු මාළු මිලදී ගෙන බයිසිකලයේ බැඳ ඇති පෙට්ටියේ දමා උඩින් වෙලෙන් කඩා ගන්නා හබරල කොළවලින් වසා ගෙනැවිත් ගෙවල් ගානේ ගොස් මාළු විකුණයි.  දවල් වෙනවිට අව්වට මාළු ටික වියලි ස්වභාවයක් ගනී.  එවිට ඔහු අලවත්ත අයිනේ ඇති ඇලට බැස මාළු සෝදා හුරුල්ලන් සාලයින් වැනි කුරින්ගේ වැලි තවරා මාළු ටිකට අලුත් මුහුණුවරක් දී නැවතත් බයිසිකලය තල්ලු කරගෙන ගෙවල් ගානේ යයි.  දැන්නම් පෙමයියාගේ දරමඩුව තිබුණු තැනක්වත් නැත.  පෙමයියාගෙන් පසු දරමඩුව අභාවයටම ගියේය.  එපමණක් නොව ටවුමේ තිබුණු දරමඩුද වැසී ගොසිනි.  අපේ පැතිවල තිබුණේ දර යාර ගණනට හෙවත් ගමේ කියපු විදියට දර ජාර විකිණීමය.  ගස් කැපුවිට දර කොටන් යාරයක් දිගට කපා යාරයක් උසට යාරයක් දිගට ගොඩගසා ගත් විට එය දර යාරයක් හෙවත් ජාරයකි.  බොහෝ විට යාර කපා විකුණන්නේ කජු, කොට්ටං, කැන්ද වැනි කොට වර්ගය.  යාරවලට අමතරව පිට පළාත්වල තියෙන ලී මඩුවලින් කැපෙන පිට පලු ලොරියක පටවා ගෙනැවිත් බාගත් කළ ඒ ටික අවුරුද්දකට හමාරකට සෑහේ.

අපේ ගමට ළඟ ලොකු පොල්වතු දෙකක් තිබුණි.  එකක් බැවුන්වත්තයි.  අනික හිග්ගොල්ල වත්තයි.  ඒ වතුවලින් වැටෙන පොල්පිති කපා ගෙන ඒම ගමේ අය දර සපයා ගන්නා තවත් ක්‍රමයකි.  වත්තේ මහත්තයා කලින් හමුවී පොල්පිති කපා ගන්නට තුණ්ඩුවක් අරගෙන ඉරිදා දවසක වත්තට ගිය විට මුරකාරයා පොල්පිති කපා ගන්නට ඉඩ දෙයි.  වරුවක් යනතුරු ගස් යට වැටී ඇති පොල්පිති කපා එක තැනකට ගොඩගසා තබති.  පොල්පිති අරගෙන යන්නට කරත්තයට එන්නට කියා කලින් පණිවිඩය කියා ඇත.  කරත්තය ආවිට පොල්පිති පටවාගෙන ගෙදර එන්නේ හැන්දෑ කළුවර වැටෙන විටය.  ඔය පෙමයියලාගේ ගෙවල් හරියේ ගෑණු දහයක් පහළොවක් පමණ හැමදාම ඔය වතුවලට ගොස් පොල්අතු මිටි බැඳගෙන එන සිරිතක් තිබුණි.  පොල් අතු එකතුකර මිටි බැඳගෙන හිසට රෙදි කෑල්ලක් තබා දර මිටිය හිසට ගෙන හැතැප්ම දෙකක් පමණ ඇවිදගෙන එන ගෑණු පෝලිම පොල් අතු මිටිය බිම තබන්නේ අපේ ගෙවල් හරියේදීය.  පොල් අතු මිටි ගස්වලට හේත්තු කර විඩා නිවා ගන්නා ගැහැණු නැවතත් එක එක්කෙනාගේ හිසට දරමිටිය අල්ලාදුන් විට අවසන් දර මිටිය හිසට ගන්නට නියරේ යන කාගේ හෝ උදව් ඉල්ලති.  ගෑණු ගෙනයන දරමිටි ඇතුලේ වත්තේ වැටී ඇති පොල් ගෙඩි කීපයක්ද සුක්ෂමව දමාගෙන එන බව කවුරුත් දනිති.  හැමදාම මේ දරමිටි පෝලිම නියර දිගේ යන නිසා දර ගෙනියන්නේ වැඩි කොටස විකුණන්නට විය යුතුය.  ඒ කාලයද අවසන්වී දැන් බොහෝ කල්ය.  ලොකු වතු ටිකද කෑලි කඩා විකුණා ඇත.

ගෑස් සැපයුම අඩපණවී දැන් නැවතත් පුළු පුළුවන් අය දරවලට හුරුවෙමින් ඉන්න මේ කාලයේ දර ලිපේ බතක් උයාගන්නා හැටි පුරුදුවීම කාලෝචිතය.  මුලින්ම දර ලිපේ උයන්නට හුරු වෙන අයට මෙය ටිකක් අමාරු කාරියකි.  විශේෂයෙන්ම දර ලිපේ ගින්දර පාලනය කරගැනීම ටිකක් අමාරු වැඩකි.  අනික් කාරණය විවිධ හාල් වර්ග විවිධ උෂ්ණත්වයේ ඉදෙන ඒවාය.  වැරදුනොත් කර වෙයි, අඩිය අල්ලයි, බත බෙරි වෙයි ආදී නොයෙකුත් අකරතැබ්බය.   මුලින්ම හාල් සෝදා ලිපේ තබා ගිණි අවුළුවා ගත යුතුය.  ඉස්සර නම් හාල් හෝදලා මදිය.  ගරන්නත් ඕනෑය.  ඒ කාලේ අද මෙන් ගල් වැලි ඉවත්කළ හාල් තිබුණේ නැත.  ඒ නිසා බත උයන්නට පෙර හාල් ටික දෙසැරයක් වත් ගරා ගත යුතුය.  නැති නම් බත් කනවිට ගල් හැපේ.  ස්වාමිපුරුෂයා යාලුවනුත් එක්ක බත් කනවිට ගල් හැපුනොත් එය බිරිඳට හොඳ නැත.  ඒ නිසාම හාල් ගරාගෙන බත උයද්දී අපේ අම්මලා එහෙම බොහොම පරිස්සම් වූහ.  බත උයාගන්නා ක්‍රම දෙකක් ඇත.  එකක් නම් මුට්ටියට වැඩිපුර වතුර දමා හාල් ටික තැම්බුණු පසු වතුර පෙරා ඉවත් කිරීමයි.  ආදී කාලයේ සිටම බත් ඉව්වේ එසේය.  නමුත් දැන් බත පිසෙන්නට හරියන ප්‍රමාණයට වතුර තබා බත ඉදවති.  බොහෝ විට රයිස් කුකර් වලින් උයද්දී වතුර පෙරන්නට බැරි නිසා මේ ක්‍රමය යොදාගන්නට ඇත.  බතට වතුර තියන්නට කියන්නේ මැද ඇඟිල්ලේ පුරුක් දෙකක ගණනටය.  එහෙම උනත් ඊට වඩා වතුර තියන්නට පුළුවන් හාලුත් ඇත.  එය තමන්ගේ පළපුරුද්ද අනුව ගණන් බලා කල යුතුය.  අපේ අම්මා බත් උයද්දී සමහර විට බත් මුට්ටිය වහන නෑඹිලියට වතුර ටිකක් දමයි.  බත ඉදෙද්දී නෑඹිලියේ වතුරත් රත්වෙයි.  එහෙම කරන්නේ බතට වතුර මදි වුනොත්  නෑඹිලියේ ඇති වතුර ටික මුට්ටියට දමන්නටය.  වතුර මදිවෙලා ඇල්වතුර දැම්මොත් එහෙම එය ප්‍රශ්නයකි.  බත බෙරිවෙන්නට එහෙම නැත්නම් ඇට්ටකුණා වෙන්නට පුළුවන.

ඉතිං දැන් අපි දර ලිපේ හාල් මුට්ටිය තබා ඇත.  දැන් තියෙන්නේ ගින්දර දැමීමයි.  මුලින්ම මුට්ටියේ වතුර පැහෙන්නට ඇර ඊට පසු හාල් දමන්නටද පුළුවන් අතර කෙළින්ම හාලට වතුර දමා ලිපේ තබන්නටද හැකිය.  එය සිදුවෙන්නේ හාල අනුවය.  දැන් අපි මඤ්ඤොක්කා වැල් අල එහෙම තම්බද්දී නම් අල ටික අනිවාර්යයෙන්ම පැහෙන වතුරට දැමිය යුතුය.  ඉදිරියට එන්නේ වැල් අල ගලවන කාලයයි.  අප්‍රේල් මාසය වෙනතුරු වැල් අල ගලවා ගන්නට හැකිය.  වැල් අල ගලවා එවෙලේම කෑමට ගන්නට පුළුවන් උනත් එතනදී වැල් අලයේ නියම රස අපට ගන්නට ලැබෙන්නේ නැත.  අලය ගලවා සතියක් හෝ දෙකක් හුළං වදින්නට තබා තිබිය යුතුය.  ඒ අලයේ ඇති වතුර ගතිය අඩුවෙන්න්ටය.  කඩවල්වල එහෙම දැන් විකුණන්නට තියෙන වැල් අල අව්ව හුළං එහෙම වැදී නියම ගණනට වේලී තියෙන නිසා ඒවා තම්බන්නට කදිමය.  මමත් මෙදා සැරේ අල වැල් දහයක් දොළහක් හදා ඇත.  ඒවාද දැන් කොළ මැරී තියෙන නිසා ගලවන්නට කාලය හරිය.  ගිය සැරේ මම අවුරුදු දෙකක් පමණ ගතවූ වැල් අලයක් ගැලෙව්වෙමි.  ඒ අලය රාජ අල වල පාටට පොඩ්ඩක් අඩු පාටක් ඇති උතුරේ එහෙම බහුලව ආහාරයට ගන්නා අලයකි.  වැඩිය පොළොව යටට බහින්නේ නැතිව වට්ටක්කා ගෙඩියක හැඩයට උඩ පැතිරී යන අලය කෑමට කදිම රසක් ඇති අලයකි.  ගැලෙව්ව පසුව අලය මට තනියම උස්සගෙන එන්නට බැරි නිසා විල්බැරෝවක දමාගෙන ගෙදර ගෙනත් බලනවිට බර කිලෝ තිහක පමණ ප්‍රමාණයක් විය.  සාමාන්‍යයෙන් අලය වැඩිලා මදිය කියා හිතනවා නම් ගලවන්නේ නැතිව එහෙමම තබන්නට හැකිය.  එතකොට ඊළඟ අවුරුද්දේ තවත් ලොකුවී අලය හැදෙයි.  මගේ අල වැල් ටික නම් එක සැරේ නොගලවා ළඟදී එනවාය කියන සාගතයට මුහුණ දෙන්නට තබාගන්නට හිතාගෙන සිටිමි.

සාමාන්‍යයෙන් වැල් අල ලොකු වෙන්නේ වැල යන උස අනුවය කියාද කතාවක් ඇත.  වැල ඉහළ යන්නට යන්නට අලයේ ප්‍රමාණය වැඩිවේ.  ඒ නිසා වැල් අල හදන විට වැල උස ගහකට යවන්නට හැකිනම් හොඳ ප්‍රතිපලයක් ගන්නට හැකිය.  අපේ මිත්‍ර රැවුලාද උගේ වත්තේ අල වැල් ගොඩක් වවා ඇත.  මමත් අල වවන්නට ගුරු හරුකම්ද හිටවන්නට අලද ගත්තේ රැවුලාගෙනි.  අල වාරයට අපි අල කන්නට රැවුලාගේ ගෙදර යෑම සිරිතකි.  ඌත් අපටම කියා අල වැලක් දෙකක් වෙන්කර තියාගෙන සිටී.  අපි ගිය විට රැවුලා ලොකු අලයක් ගලවා සුද්ද කර කෑලි කපා තම්බන්නට පවුලට දෙයි.  අල හැලිය තැම්බෙන තුරු අපි පොඩ්ඩක් රහමෙර පානයේ ගැලී සිටින්නෙමු.  රැවුලාත් එකතු කරගෙන රහමෙර පානය කරනවාට රැවුලාගේ පවුල නම් පොඩ්ඩක්වත් කැමති නැත.  ඒ වුණාට අපි යනවිට ඇයගේ කුස්සියට සෑහෙන බඩු ප්‍රමාණයක් ගෙනියන නිසා ඇයව ෂේප් කර ගත හැක.  නැත්නම් මොකුත් නොබී අල විතරක් කන්නට වුනොත් ඒක මහා කරුමයකි.  කොහොම වුණත් අපි වාර්ෂිකව කරගෙන ගිය මේ සත්කාරය පහුගිය අවුරුදු දෙකේ ඇනහිටියේ කොරෝනා වසංගතය හේතුවෙනි.  ඒත් දැන් ගෙදරකට යන්නට තරම් තත්වය ෂේප් නිසා මම රැවුලාට කතා කළේ මීට දවස් කීපයකට පෙරය.  අපට කන්නට අල තියාගෙන ඉන්නවා යයි කියූ රැවුලා හැකි ඉක්මනින් එන්නැයි ආරාධනා කළේය.  නත්තල් පහුවෙලා එන්නෙමි කියා මම කීවෙමි.

මෙදා සැරේ නත්තල් සිරිය කොහොම වේදැයි නත්තලට පෙරදින වන අදත් කියන්නට බැරිය.  කොහොමත් අපේ පළාතේ නත්තල සමරන අය අඩුය.  නමුත් ටවුමේ කඩවල් නම් නත්තලට සුදානම් වී සිටින අයුරු මම දුටුවෙමි.  මෙදා නත්තල් කොහොමදැයි මම කතෝලික මිත්‍රයෙකුගෙන් නිකමට ඇසුවෙමි.  කංකුන් මිටිය රුපියල් හැත්තෑ පහක් වෙන රටේ කොහොම නත්තල් කන්නදැයි ඔහු පෙරළා මගෙන් ඇසුවේය.

සීත සුළං රැළි මැදින් මේ ගෙවී යන්නේ අවුරුද්දේ අවසන් දින කීපයයි.  අලුත් අවුරුද්ද ලබන්නට පෙර තවත් පෝස්ටුවක් ලියැවේ යයි සිතන්නට බැරිය.  මේ අවුරුද්දේ පෝස්ටු ලියවුණේ කීපයකි.  එනම් මේ පෝස්ටුවත් සමග පහකි.  නමුත් පහුගිය අවුරුද්දට වඩා වර්ධනයක් ඇත.  පහුගිය අවුරුද්දේ ලීවේ පෝස්ටු හතරකි.  එළැඹෙන 2022 වර්ෂයට කෙසේ ලියවේදැයි අපි බලමු.  ලබන්නාවු අලුත් අවුරුද්ද මගේ පාඨකයන් වන ඔබ සියළු දෙනාටත් ඔබේ පවුලේ අයටත් දුකෙන් තොර සැපෙන් බර වසංගත රෝග, සාගත ආදියෙන් විනිර්මුක්තවූ සුවබර, පින්බර, කිරි උතුරන්නාවූ සුඛිත මුදිත අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපී සමග හැලපැට්ටාය෴

68 comments:

  1. Replies
    1. මොකද මල්ලි වැටවල් ගහන්නේ? මොනවා බෙදා ගන්න බැරුවද?

      Delete
    2. වැටක් නේද? ඔය වැටවල් දැක්කාම, මගෙ අණ්ඩ-ස්ටෑන්ඩ් වෙනවා, ඉබේම.🤔

      Delete
    3. 'හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ' කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්.

      Delete
  2. හැලපතුමාටත් අලුත්අවුරුදු මෙව්ව එකක් වේවා

    ReplyDelete
    Replies
    1. හැලපෙතුමාට අලුට් අවුරුද්දේ අලුත් මෙව්වා එකකට මෙව්වා කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

      Delete
    2. ඔබටත් අලුත් අවුරුද්දේ මෙව්ව එකක් වේවා.

      Delete
  3. හලෝ හැලපේ, ඉතින් කොහොමද. නියම කතා ටිකක මේ දවස් ටිකේ හැලපෙ ලියලා තිබ්බේ. මම කතා බැලුවා. කොමෙන්ට් කරන්න උනේ නැහැ.

    ඉතිං හැලපෙ අද නං මම ඔපිස් ගියේ නැහැ. දැන් මේ මම බියර් බෝතල් දෙක තුනක් ගහනවා. එතකොට තමයි හැලපේ පොස්ට් එකකුත් දාලා තියෙනවා දැක්කේ.

    අපි නං මේ දවස් වල නිවාඩු. ආයේ ලබන මාසේ තමයි වැඩ. ආ හෙටත් අපිට නත්තල් පාටි එකක් වත්තල.

    හැලපේට නත්තල් පාටි නැද්ද?

    ඔන්න මම දැන් පොටෝ එකකුත් ගත්තා හැලපේට බලාගන්න.

    පොටෝ එක මෙතැනින්

    ReplyDelete
    Replies
    1. බියර් බොන්න පුලුවන්ද අයිසේ? සීල් බෝතලයක් ගහනවකෝ ගෙනත්.

      Delete
    2. ස්තුතියි ඇනෝ. අපට නත්තල් තිබුණෙත් නෑ. අලුත් අවුරුද්දත් තනියම ගතකරන්න උනා. ඇනෝ නං හොඳට කාල බීල ජොලියෙ හිටියනෙ. සතුටුයි. ඇනෝගෙ කමෙන්ට් එක දැක්කම ඊටත් වඩා සතුටුයි.

      Delete
  4. අම්මා බත් ගෙඩිය බදින හැටි කියවන ගමන් මමත් හිතුවා ඒ සෑම්පලේට බත් ගෙඩියක් අම්මට කියලා බැඳගන්න.
    වැල් අල කොච්චි සම්බෝල‍‍‍‍යක්,පොල්, ලුණු මිරිසක් එක්ක ම්ම්ම්ම්ම්

    සුභ අලුත් අවුරුද්දක් හැලපතුමාටත් හැලප පවුලේ සැමටත්

    ReplyDelete
    Replies
    1. කාටවත් කියලා වැඩ ගන්නේ නැතුව ඔහෙටම පුළුවන් නේද ඕක බැද ගන්න?

      Delete
    2. බත් ගෙඩියක් බැඳගෙන ගිහිං කාල රස අපටත් කියන්න.
      තිලිණිටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක්!!

      Delete
  5. හැමදාම වගේ අදත් රසවත්. අපේ අම්මා, තාත්තා දෙන්නම රජයේ සේවකයෝ වුනත් ගොවිතැන් කරන එක කලා. ඇත්තටම ඒකට ලොකු උදව්වක් වුනේ නැන්දා හිටිය එක. තාත්තගේ වැඩිමල් සහෝදරිය වූ ඇය අවිවාහකයි. පාසල් ගිහින් නෑ.නමුත් මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ තමයි ඒ ගොවිතැන් කටයුතු බලා කියා ගත්තේ. ඇය අවිවාහකව සිටීම පිටුපස කණගාටුදායක කතාවක් තියනවා. ඇයට වඩා වැඩිමල් තවත් සහෝදරියක් ඉඳලා තියෙනවා. ඇය විවාහ වී දරුවකු ලැබෙන්නට ගිහින් ප්‍රසූතියේදී ඇයත් දරුවාත් දෙදෙනාම මිය ගිහින්. ඒ නිසා නැන්දා විවාහ වෙන්න බෑ කියලා. සීයා ඒ ගැන බල කරලනෑ. ඔය අල හිටවිල්ල හරි කලට වෙලාවට කලේ නැතිනම් අප බහින්නේ නෑ නේද? අපි සමහර වෙලාවට බතල, ඉන්නල දෙවර්ගයම හිටවනවා. ඉන්නල වලට පස් දාන්න ඕන. මට නම් එපා කරපු වැඩක්. හැබැයි ආසම දේ තමයි පරණ මල්ලකට ඉන්නල දාලා පොලවෙ ගගහ පොතු අරින එක. හොඳ පිටි තියන ඕනම අල වර්ගයක් උනු උනුවෙම පොල් එක්ක තමයි රසම. දැං හුලංකීරිය එහෙම හොයාගන්න කියනවද?

    ReplyDelete
    Replies
    1. 'ඔය අල හිටවිල්ල හරි කලට වෙලාවට කලේ නැතිනම් අප බහින්නේ නෑ නේද?'

      මොනවාද කුමාර මල්ලි අපේ බහින්නේ නැත්තේ?

      Delete
    2. මම මේ දවස්වල හිටවපු හිඟුරල ගලවන් කනවා. හුලංකීරිය ටිකකුත් හිටවල තියෙනවා තාම ගැලෙව්වේ නෑ.

      Delete
  6. කෙසෙල් කොලේ බැඳපු බත් ගැන කියවීම/ලිවීම පවා රසවත්.

    කෙසෙල් කොළයේ බත් මුල් බඳින කොට "බත නිවා ගන්නවා" කියන එක මට අලුත් දෙයක්. උණු උණුවේ, දුම් දමද්දීම මුල බැඳලා ගත්තාම තමයි කෙසෙල් කොලයේ සුවඳ හොඳට කා වදින්නේ.

    බත් හැලියට ගින්දර දාන එකත් එක්තරා කලාවක්. අපේ අම්මලා ඒ කලාවේ පිකාසෝ ලා. මුලදී හොඳට ඇවිලෙන්න ගින්දර දැම්මාට, බත උතුරන කොට ගින්දර අඩු කරන්න ඕනෑ. ඊටත් පස්සේ දර කෑලි එලියටම ඇදලා දාලා අඟුරු වල මද රස්නෙන් අඩිය රොස්‌ නොවී, බෙරි නොවී, වතුර හිඳවා ගන්න හැටිත් පළපුරුද්දෙන් කලයුතු වෙනවා.

    ඔබටත්, පවුලේ සියලු දෙනාටත්, බ්ලොගය කියවන සැමටත් ලබන්නාවූ නව වසරට සුභ පැතුම් !.

    ReplyDelete
    Replies
    1. බත් ටික ගින්දර වගේ උණුවෙන් බැන්දොත් වාෂ්ප ටික නිවෙද්දී වතුර වෙලා බත් එක තෙත් වෙලා නරක වෙන්න බලනව. ඒකයි අම්මල බත් නිවල බැන්දේ.
      ඔබටත් පවුලේ සියළු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක්!!

      Delete
  7. හින්දුව පරිප්පුයි තෙල් දැමු සම්බෝලෙයි
    තක්කලි එක්ක සාඩින් මිරිසට උයලයි
    ගමනක් යද්දි ආච්චි අපෙ බත් බැන්දයි
    දිවිය ලෝක රස දන්නේ එදා හිටයි

    වෙනස් වුණේ වට්ටෝරුව ඉඳහිටලා
    පොල් සම්බෝලෙ පොල් මැල්ලුම ලෙසින් වෙලා
    දර ළිප, මැටි ඇතිළි සේරම උදව් කළා
    වෙන්නැති ආච්චී, මැව්වා 'සුදම් විලා'

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ කයි-පදය දැකි
      මගේ බඩේ අමාරුවක් හැදුනි

      Delete
    2. පොල් සම්බෝල සහ හින්දුව පරිප්පුයි
      කරවල බැදුම සමගින් බත් හරිම රසයි

      Delete
  8. ඔය බත බඳින්න ඉස්සෙල්ල නිවා ගන්නෙ රස්සෙ පිටින් බැන්දොත් ඉක්මනට පිනි වෙන හින්ද වෙන්න ඇති.

    වැල මැරිල අල බැහැල නේද? හා ඉතිං... හැක්..

    හැලපවුලටම වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. තමුසේද මේ ෆෝටෝ එකේ ඉන්නේ? වැල මැරිලා අල බැහැපු වඳුරෙක් වගේ.

      වෙන ෆොටෝ එකක් දාගන්න. හුලං වැදිලා පරණ වෙලා තියෙන හැලපෙගේ අලේ හරි කමක් නැහැ.

      Delete
    2. වඳුරෙක් වගේ නෙමේ වඳුරෙක් තමා හිටං.
      ඒ නිසා ආයෙ වෙන ෆොටෝ මොටා් ඇනෝ ඔය තියෙනේකම හොඳා.

      Delete
    3. ඔව් රස්නෙ පිටින් බැන්දොත් තෙත් වෙනවනෙ.
      ප්‍රසාටත් පවුලේ අයටත් වාසනාවන්ත නව වසරක් වේවා!!

      Delete
  9. රසවත් කතා, දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එදිරි. නැවත එන්න.

      Delete
    2. ස්තුතියි එදිරි.

      Delete
  10. බත් මුට්ටිය වහන නෑඹිලියට වතුර ටිකක් දැමීම පෙර සූදානම සහ කලමනාකරණයට හොද උදාහරණයක් කියලා හිතෙනවා. ඒ දැනුම හා හුරුව අද අපට නැතිවීම ගැන කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත චමින්ද මල්ලි. ඒ නිසානේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අද. හැමෝටම බත් මුට්ටිය වහන නෑඹිලියට වතුර ටිකක් දාන්න කිවා නං අපේ රට දියුණු වෙයි නේද?

      Delete
    2. ඔව් එදා අම්මලා ඒ වැඩ පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් කළේ.

      Delete
  11. ඔබටත්, පවුලේ සැමටත් අපේ බ්ලොග් හවුලේ සියලු දෙනාටත් ශ්‍රී සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  12. සුබ වේවා! ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂ්. ඔබටත් නව වසරේ ජයම වේවා!!

      Delete
  13. දිගටම ලියන්න. බත් ගෙඩිය, දර අස්සෙන් ඔබ ගිය ගමන අපූරුයි. ඊළග ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා. ඔබටත්, පවුලේ සැමටත් අපේ බ්ලොග් හවුලේ සියලු දෙනාටත් නිරෝගීමත් නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ඊලග ලිපිය බලලත් කොමෙන්ට් දාන්න ගමගේ.

      Delete
    2. ස්තුතියි අනුරුද්ධ. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  14. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් එළඹෙන්නාවූ නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර් (ඔබට අවශ්‍ය සියළුම ගොඩනැගිලි ද්‍රව්‍යය පහසු මිලට)
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස් (සියළුම වර්ගයේ ඉස්තරම්ම දේශීය සහ රට බීම)
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය
    කන්නංගර ලී මෝල ( දැව කදන් මිලට ගන්නෝ සහ ලී වෙලෙන්දෝ )
    කන්නංගර ස්ටූඩියෝ
    කන්නංගර සැලෝන්
    කන්නංගර අයන් වර්ක්ස්
    කන්නංගර පොත්හල

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ.... කන්නංගර මල්ශාලාවකුත් දාගන්න තිබ්බෙ.

      Delete
  15. Replies
    1. ස්තුතියි සොඳුරු සඳවතී.

      Delete
  16. හැලපෙ ආයෙ පරණ විදිහට ආයෙ ලියන එකට මාර සතුටුයි. ආයෙ එන්නම්.🙏👌😊

    ReplyDelete
    Replies
    1. හා හා. ඔබ නිතරම බ්ලොගේට එන පක්ෂියෙක්නේ.

      Delete
  17. හැලප සහ පවුලේ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ටොමියා සහ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  18. හැලපතුමාටත් පවුලෙ අයටත් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොකු මල්ලී ඇතුළු පවුලේ සියළු දෙනාටම සුබ නව වසරක් වේවා!!

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ලබන්නාවූ නවවසර හැලපතුමාටත් ,හැලපිතුමියටත් හැලපැට්ටාතුමාටත් ....නිදුක් නීරෝගී.....සතුට සහ සැනසුම සපිරි ,දීර්ගායූ සපිරුණ නවවසරක් වේවා.............

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  21. පිස්සුද හැලපෙ කංකුං මිටිය රු හැත්තැපහ වුණාට ඔක්කොම වන් ගෝල්ෆේස් ගිහින්. ඉතින් සල්ලි නෑ කියන්න බෑනේ. ඔය අල ටිකට මුර කාරයෙක් දාන්න වෙයිද? කාලයක් මට මතකයි කුඹුරු පැහෙන කාලෙට හොරෙන් කරල් කපාගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. දැන් කුඹුරුත් සරු නැති නිසා කරල් කපන්නෙ නැතිවෙයි.

      Delete
  22. හැල්ප ස්ටයිල් එක ඇවිත්. ඔන්න ඔය කතන්දරේ නිසා වෙන්ටෝනි ඉස්සර මගේ කෑම එක දවල් වෙන කොට සවුත්තු වෙන්නේ. මොකද අම්මා බත නිවන්නැතිව ගින්දරටම බත බඳිනවා.

    ReplyDelete
    Replies
    1. අන්න තේරුණා. කෑම එක සීතල වෙද්දී වතුර හිටිනවා නරක වෙනවා.

      Delete
  23. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  24. බ්ලොග් පාඨකයින්ගේ ජීවිතයට සාමාන්‍ය දැනුම;

    A. ඇමරිකාව සොයා ගත්තේ - කිස්ඩෝපර් කොලම්බස්

    B. ඔස්ට්‍රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක් සහ රසිකලොජිස්ට්

    C. ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන්

    D. ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා

    01. ලංකාවට බ්ලොග් හඳුන්වා දීම කළ සහ සිංහල බ්ලොග්වල බලපත්‍රලාභී නිල අයිතිකරු - ලන්ඩන් ඇල්බට් නොහොත් ඇජීට් ඩැර්මා (විශේෂඥ සූර චෞර)

    02. ලංකාවට මනෝ විද්යාව හඳුන්වා දුන්නේ - වෛද්‍ය මහාචාර්ය රුවන් ජයතුංග මනෝ විශ්ලේෂණ විශේෂඥ

    03. ලංකාවේ ජනතාවට හොඳ නරක කියාදෙන්නේ - සාස්තරපති නැකැත්පති පේරාදෙණි ගෝත්‍රික දෙපිටකාට්ටු මනපහත් මනාධම අන්තවාදී ජාතිවාදී රසිකොලොජිස්ට් නොහොත් සිනුවර මහා ප්‍රා(අ)ඥ (මේ දවස් වල උන් වහන්සේ ඔස්ට්‍රලියාවේ සමරිසි නිකායේ ප්‍රධාන සංඝනායක සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි තලිසෙනදිට්ඨ නායක ස්ථවිරයන් වහන්සේ නමින් මහණදම් පුරමින් ජාතිවාදී අවජාතකය ඇසුරෙන් බන තලන විචිත්‍ර ධර්ම කථිකයෙකි!)

    04. ලංකාවේ ජනතාවට දේශපාලනය කියාදෙන්නේ - මතුගම මහා ප්‍රාඥ අජිත් පැරකුම් ජයසිංහ

    05. ලංකාවේ බ්ලොග් සම්භන්දයෙන් නිසි බලධරයා - බ්ලොග් පොලිස්පති ලිංතොටගේ ඉයන් ප්‍රනාන්දු (කැපුවත් කොළ ග්‍රීන් බ්ලඩ් යාවජීව සාමාජික)

    06. බ්ලොග් වලින් මඩ ගැසීමේ කලාව සොයාගත්තේ - කුමාර බලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා

    07. මඩ බ්ගොල් කඩමාලුවල මාගල් වැනි ආලෝචන පළ කර පොරවල්වීමේ කලාවේ පිකාසෝලා - මයුර විලයා හා කුදලා ගමයා

    08. බ්ලොග්වල මෙලෝ රහක් නැති ගොන් කතා ලියමින් ඒවා ජෝක් යැයි සිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්නා - නීතිඥ ප්‍රදීප් ජයතුංග නොහොත් ප්‍රා ජේ

    09. බ්ලොග්ලොව මෝඩයා - ප්‍රියන්ත හේවගේ හෙවත් ළමාතන්

    ReplyDelete
  25. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  26. අපේ ගෙවල් වලනම් ඔය එක එක අල වර්ග කැවෙන්නෙම නැතිතරම්.අල කියලා කන්නේ අර්තාපල්,බතල,බීට්රුට්,මයියොක්කා,(මේ සෙද්දේ වචනේ මේකේ හරියට ලියන්න බැහැනේ)
    කොහොම උනත් මේ පොස්ට් එකේ තියෙන්නේ අල රහට වඩා හැලප රාහා.

    ReplyDelete
    Replies
    1. හැලප වලට වඩා වැල් අල රසයි. කාල බලන්නකො.

      Delete
  27. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

    මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

    -මහේෂ් වලතර(Scurvy)

    මෙතනින් බලන්න

    ReplyDelete
  28. අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

    (A) කොළඹ ගමරාල
    (B) රසිකලොජි
    (C) මාරයා
    (D) කොලොම්පුරේ

    2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

    (A) හැලපයා
    (B) හිස් අහස
    (C) ජෙනරාල් විචාරක
    (D) ඉකොනෝමැට්ටා

    3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

    (A) තට්ට මංජුවා
    (B) තට්ට රසිකලොජි
    (C) තට්ට කොළඹ ගමයා
    (D) තට්ට පුංචි සාදු

    4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

    (A) හැලපයා
    (B) කොලොම්පුරේ
    (C) අන්සතු දිනපොත
    (D) ගූතලන්

    5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

    (A) අගලවත්තේ පී ජයසිංහ
    (B) ලංඩනයේ ඩී කීර්ති
    (C) අම්පාරේ ඊ සඳරු
    (D) කඩවත ටී මංජු

    7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

    (A) ලෝටස් අජිත්
    (B) ගූතලන්
    (C) හැලපයා
    (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

    8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

    (A) කොලොම්පුරේ නාවිකයා
    (B) කල්‍යාන මිත්‍ර නාවුකයා
    (C) හිරකරුවා බ්ලොග් අඩවිය
    (D) දේශකයා

    10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

    (A) ඔබා මාමා
    (B) රසිකලොජි
    (C) ආටියා
    (D) තට්ටයා

    මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

    ReplyDelete
  29. රසවත් ලියමනක්....කියෙව්වා

    ReplyDelete

ඔබේ අදහස්