Sunday, June 9, 2019

ගින්නෙන් උපන් සීතල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය , 82 ජනාධිපතිවරණය , දයාසිරිට වැදුණු කොක්ක, උපසිංහ සහ සුනිල් සහෝදරයා.

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල මා නැරඹුයේ මීට මාස කීපයකට පෙරදීය.  එම සිනමා නිර්මාණයේ විජේවීර ලෙස රංගනයේ යෙදෙන කමල් අද්දරආරච්චි තම චරිතය රඟපෑමේදී විජේවීර ගේ ඉරියව් සියුම් ලෙස අධ්‍යයනය කර තිබුණත් විජේවීරගේ කතා විලාසය ගැන අධ්‍යයනයක් කර නොතිබූ බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.  මන්ද යත් විජේවීර ව්‍යවහාර කළ දකුණේ භාෂා ඌරුව කමල්ගේ වචන භාවිතයේ දකින්නට නොතිබුණ නිසාය.  කෙසේ වුවද එම සිනමා නිර්මාණයේ තිබු චරිත අතුරින්  වඩාත්ම මගේ සිත් ගත්තේ විජේවීරගේ බිරිඳ ලෙස සුවිශේෂී රඟපෑමක නිරතවූ සුලෝචනා වීරසිංහ ගේ රංග කෞශල්‍යයයි . වැඩිපුර දෙබස් නොතිබූ එම චරිතය මුහුණින් ද ඉරියව් වලින් ද හැඟීම් ප්‍රකාශ කරමින් ඇය කළ රංගනය අතිශය ස්වභාවික  විය.  මෙම පෝස්ටුව කිසිසේත්ම ඒ චිත්‍රපටය ගැන විචාරයක් නොවන අතර මේ සුළු කොටස ලියැවුණේ ද කතාවට ආරම්භයක් වශයෙනි.

ගින්නෙන් උපන් සීතල නැරඹු මට කල්පනා වුණේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නිර්මාතෘ රෝහණ විජේවීර ගැන මාහටද යම්කිසි මතක සටහනක් ඇති බවය.  යම් කිසිවකුගේ තරුණ අවධිය අති ධාවනකාරී වූද විප්ලවවාදී වූද මෙන්ම හදවතේ හැඟීම්වලට මුල්තැන දෙන සමයක් බව අවිවාදිතය.  එකල තරුණ අවධිය ගෙවමින් සිටි අපද ජේ.වී.පීය  විසින් අරඹා තිබූ අති ධාවනකාරී මෙන්ම සිත් ඇදගන්නා සුළු දේශපාලනයට නැඹුරු වුයේ නිරායාසයෙන්මය.

කාලය අසු ගණන්වල මුල් භාගයයි.  කතාව පුරන්නට ටිකක් ඈතට යා යුතුය.  1971 සිට බන්ධනාගාරගතව සිටි විජේවීර නිදහස් වන්නේ 1977 වර්ෂයේදීය.  1977 දී ජේ. ආර්.බලයට පත්වීමෙන් පසු විශේෂ කොමිෂන් සභා සහ ඒවායේ තීන්දු අහෝසි කිරීම හේතුවෙන් විජේවීරටද නිදහස ලැබිණි.   නිදහසින් පසු නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගන්නා විජේවීර ආයුධ සන්නද්ධ දේශපාලනය අතහැර දමා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අනුගත වන අතර දේශපාලන රැළි පවත්වමින් මහජනයාගේ ආධාර ඉල්ලා සිටින්නේ පක්ෂය ශක්තිමත් කරන්නටය.  ඔහුගේ සුප්‍රසිද්ධ ටවුන් හෝල් රැළියේදී පක්ෂයට ආධාර කරන ලෙස කළ ඉල්ලීමට දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් ලැබුණු අතර ඇතැම් කාන්තාවන් සිය කණකර පවා ගලවා පක්ෂයට පරිත්‍යාග කළ බව මට මතකය.   ව්‍යක්ත කථිකයෙක් වූ විජේවීර ගේ සිත් ඇදගන්නා කතා විලාසයට ජනතා ආකර්ෂණය විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලැබුණු බව දක්නට තිබුණි.   ඉතා උසට ඉදිකරන ජ. වි. පෙ විවෘත වේදිකාවේ අවසන් කථිකයා වන විජේවීර පැයක් හෝ පැය එකහමාරක් පුරා දිය ඇල්ලක් ගලා හැලෙන්නා සේ සිය චතුර කතාව පවත්වයි.  එකල ඔහු සිය කතාව අවසන් කරන්නේ කවියකිනි.  ඔහු කියන්නේ එම කවිය මිනීමරු ධනපති ආණ්ඩුවේ ගහලයන්ගේ වධ බන්ධනයට ලක්වී සිටි ජ.වි. පෙ. සොහොයුරෙක් සිය අවසන් මොහොතේ අඟුරු කැබැල්ලකින් බිත්තියක ලියූ එකක් බවයි.

කුසට සාගිනි සිතට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරවූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා

එම කවියෙන් සිය කතාව අවසන් කරන විජේවීර සමුද්‍රඝෝෂයක් සේ නැගෙන ජය ගෝෂා මධ්‍යයේ වේදිකාවෙන් බැස යයි.  එවකට පක්ෂය සතුව වාහන නොතිබූ අතර සියළුම නායකයන් රැස්වීම් වලට පැමිණෙන්නේ පොදු ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගෙනය.  පසුව විජේවීරගේ ගමන් පහසුව සඳහා රතු පැහැති කොරොල්ලා රථයක් මිළට ගෙන තිබු අතර එයට දේශපාලකයින් දැඩි සරදම් එල්ලකළේ නිර්ධන පංති විප්ලවය ගැන කතාකරන නායකයින් ගමන් යන්නේ සුඛෝපභෝගී වාහන වල බව කියමිනි.  එයටද විජේවීර වේදිකාවේදීම පිළිතුරු බැන්දේ තමන්ට මහජන රැළි සහ පක්ෂයේ වෙනත් කටයුතු සඳහා වෙලාවට යන්නට වාහනයක් අවශ්‍ය බවත් බරකරත්ත වල ගොස් දේශපාලනය කළ කාලය දැන් අවසන්වී ඇති බවත් හැකියාවක් ඇත්නම් ගමන් යන්නට හෙලිකොප්ටරයක් වුවද පාවිච්චි කිරීමට නොපැකිලෙන බවත් කියමිනි.

හැත්තෑ ගණන් වල අග භාගයේ සිට විජේවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙළින්ම ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය යනුවෙන් නම්කර තිබු රැළි සහ දේශන ඔහු රට පුරා යමින් පවත්වන්නට වූ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් චෝදනා කළේ ශ්‍රී.ල.නි.ප යට පහර දීමට ජේ. ආර්. විසින් විජේවීරව නිදහස් කළ බවටය.  පසුකාලීනව මම එයට හේතුව සුනිල් සහෝදරයා ගෙන් ඇසුවිට(සුනිල් සහෝදරයා කතාවේ පසුවට එන චරිතයකි) ඔහු කීවේ රේස් එකක තුන්වෙනි තැනට දුවන විටදී දෙවැනියා පසු නොකර පළමුවැනියා පසුකරන්නට බැරි බවය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කරන්නට යෙදුණේ 1982 වර්ෂයේදීය.  ජ.වි.පෙ සිය දේශපාලන සහ ප්‍රචාරක කටයුතු වේගවත් කළේ ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙනි.  නාම යෝජනා භාරදීමේදී විජේවීර ද ජ.වි.පෙන් නාම යෝජනා භාර දුන්නේ සිය පක්ෂයට රටේ ජනතාවගේ කැමැත්ත කෙතරම්දැයි මැනගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතවය.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලිකයකු වූද වත්තල ආසනයේ වැඩ කළාවුද සුනිල් සහෝදරයා දයාසිරිට කොක්ක ගැහුවේ ඔය අවධියේදීය.   අඩි විස්ස පාරේ පදිංචිව සිටි දයාසිරි අප සමග හිතවත් වන්නේ අපිත් එක්ක රෝහලේ වැඩකළ උපසිංහ ගේ මාර්ගයෙනි.  එවකටද විවාහවී දරු දෙදෙනෙකුගේ පියෙක්ව සිටි උපයා විවාහවී සිටියේ දයාසිරිලාගේ ඥාති සොයුරියක සමගිනි.  ඔවුන් පදිංචිව සිටි රෝහල් නිල නිවස තිබුණේ දයාසිරිලාගේ ගෙවල් වලට ඉදිරිපිටින්ය.  උපසිංහ බීගත් දවසට ගෙදර ඇවිත් රෝහිණීට සැර දමා ගෝරියක් පටන්ගනී.  ගෝරියේ සද්දය ඇහුණු ගමන්ම දයාසිරිලාගේ මුළු පවුලම උපයාට ගහන්නට කැති පොලු අරගෙන දුවගෙන එන බව ඌ කියන්නේ සිනාසෙමිනි.  ඔහු මාතර කිතලගම සිට ඇවිත් වැලිසර පදිංචිවී සිටි අතර අසරණ සරණ කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි හෙවත් දිඹුලාගල නායක හාමුදුරුවෝ නෑකමට උපසිංහගේ බාප්පාය.  අවුරුද්දකට වතාවක් බාප්පා බලන්නට දිඹුලාගල යන උපයා හාමුදුරුවන්ගෙන් ලැබුණු තෑගි ගොඩක්ද අරගෙන ආපසු එයි.

දයාසිරිලාගේ පවුලේ දරුවන් පස්දෙනෙකි.  දයාසිරි වැඩිමලා වූ අතර ඊළඟට සිටි ලොකු නංගී අපි ප්‍රේමා යනුවෙන් හඳුන්වමු.   සිත් ඇදගන්නා සුළු රූ සපුවක් හා පැහැපත් සිරුරක් ඇති කෙල්ලෙක් වූ ප්‍රේමා දුටු කෙනෙක් දෙවරක් බලන්නට පෙළඹෙන තරම් සිත මන්මත් කරවන යුවතියකි.  අපි දයාසිරිලාගේ ගෙදරට යන්නට එන්නට පටන් ගත් පසු ඇය මගෙත් එක්ක පොඩි පහේ පටලැවිල්ලක් හදාගත් නිසා නම කියන එක හොඳ මදිය.  ඊළඟට සිටි ලොකු මල්ලි නන්දාය.  ඔහුගේ නම නන්දසිරි හෝ නන්දන හෝ වෙන්නට ඇති වුණත් පවුලේ ඔක්කොම ඌට නන්දා කියපු නිසා අපිත් එහෙමම කතාකළෙමු.  ඔහු ඒ දවස්වල උසස් පෙළ පංතියේ උගත් අතර අමතරව ඉංග්‍රීසි පංතියකටද සහභාගී විය.  පවුලේ බාල දුව වූ චූටි අවුරුදු දොළහක් දහතුනක් පමණ වයසැති පාසල් දැරියකි.  අන්තිමයා වූ  සුදු අවුරුදු හතක් අටක් පමණ වයසැති දඟකාර කොල්ලෙකි.  බාල දෙන්නාට අපත් චූටි සහ සුදු යනුවෙන් කතා කළ නිසා මම අදටත් උන් දෙන්නාගේ නම් නොදනිමි.  දයාසිරි කඳානේ පුද්ගලික කර්මාන්ත ආයතනයක සේවය කළ අතර එම වැඩපොළේම කෙල්ලෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඇය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

දයාසිරිලාගේ තාත්තා වරායේ වැඩ මුලිකයෙකි.  ඔහු රෑ වැඩ දවස්වලට දවල්වරුවේ ගෙදර සිටි අතර දයාසිරිත් එක්ක ගෙදර යන අප සමග බොහෝ හිතවත් වුණේය.  ගෙදර ගෘහිණිය වූ දයාසිරිලාගේ අම්මා කුඩා සිරුරක් ඇති කාන්තාවක් වූ අතර නිතර සිනාමුසු මුහුණින් ඉන්නාඇය අපටද තමන්ගේම දරුවන් ලෙස ආදරයෙන් සැලකුවාය.  දයාසිරිලාගේ ගෙදර පවුල් ප්‍රශ්න හෝ ආර්ථික ප්‍රශ්න නොතිබූ අතර විහිළුවක් තහළුවක් කරගෙන සිනාවෙමින් හොඳ සමගියෙන් ඔවුහු දවස් ගෙවුහ.  දයාසිරිලගේ අම්මා උදේට හදන ආප්ප, ඉඳිආප්ප වැනි කෑම අපිත් මිළට ගන්නේ උදේ කෑමටය.  ඉඳිආප්ප කන්නට ඇය පොල් සම්බෝල හදා මාළු මිරිසට උයයි.  හොඳට තුනපහ ලුණු ඇඹුල් දමා ඇය හදන මාළු හොද්ද කොච්චර රසද කීවොත් කතාවට කියන හැටියට ගෑවුණු තැන කන්නට හැකිය.

උදේ වැඩට යන ගමන් ඉඳිආප්ප ගන්නට දයාසිරිලාගේ ගෙදර මා යන බොහෝ දවස්වලට ගෙදර ඉන්නේ ප්‍රේමාත් අම්මාත් විතරය.  අම්මා කුස්සියේ ඉඳිආප්ප තම්බමින් සිටින අතර ප්‍රේමා ගේ දොර අස්පස් කර අතුගාමින් සිටින්නේ හැඳ සිටින ගවුමට උඩින් රෙද්දක්ද පටලවාගෙනය.  අම්මා ඉඳිආප්ප තම්බන තුරු ප්‍රේමා මගෙත් එක්ක කතාවට වැටේ.  ඇය මගෙන්  රැකියාවේ විස්තරද රෝහලේ තොරතුරුද අසන්නීය.   ඉඳිආප්ප පාර්සලය මගේ අතට දී ආපසු කුස්සියට යන අම්මා අපි දෙන්නා කොපමණ වේලා කතා කළත් ඒ ගැන කිසිම අකමැත්තක් නොදැක්වූ බව මට හොඳට මතකය.

1982 වර්ෂයේ ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණු පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ දිගින් දිගටම ලැබෙන්නට විය.   දැඩි ක්‍රිකට් ලෝලියෙකු වූ දයාසිරිලගේ තාත්තා වහාම ටීවී එකක් මිළට ගත්තේය.  අඟල් 14 කළු සුදු රූපවාහිනී යන්ත්‍රයක් වූ එය ගත්තායින් පසුව ඒ ගෙදරට අපේ ගමන් වැඩිවුණේ නිතරම මැච් බලන්නට යෑම නිසාය.  දයාසිරිලගේ තාත්තාද අපිත් එක්ක ඉඳගෙන සජීවී විස්තර ප්‍රචාරයක්ද කරමින් මැච් බලන්නේ කරන්නට ඇති වැඩ සියල්ලම අමතක කරමිනි.  ඔය කාලයේ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ උවයිස් කර්නයින් ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ අතර හොඳ හිටර් කෙනෙකි.  ඔහුගේ දස්කම් වලට වශීවී සිටි දයාසිරිගේ තාත්තා කර්නයින් හැඳින්වුයේ කරලැයින් යනුවෙනි.  දවසක්දා අපි මැච් එකක් බලන්නට සුපුරුදු විදියට සාලයේ රුපවාහිනිය ඉදිරිපිට වාඩිවී සිටියෙමු.  කුමක් හෝ හේතුවක් නිසා එදා ශ්‍රී ලංකා පිලට කර්නයින් ක්‍රීඩා කළේ නැත.  සිය ප්‍රියතම ක්‍රීඩකයා කණ්ඩායමේ නොමැතිවීම තාත්තා බොහෝ නොසන්සුන් කළ සිද්ධියක් විය.   ඔහු කේන්තියෙන් සාලයේ ඇවිදිමින් අප දෙසට තර්ජනාත්මකව දබරැඟිල්ල දිගු කරමින් "කෝ  කරලැයින්?" යැයි විටින් විට ඇසුවේ අපි කර්නයින් හංගාගෙන ඉන්නවා වගේය.  මේ සිද්ධිය මුල සිටම බලා සිටි නන්දා "කරලැයින් මළා කියන්නැ"යි අපට කීවේ සිනාවෙමිනි. "කරලැයින් කියන්නෙ අපේ ආච්චි, තාත්තගෙ අම්මා!" නන්දා වැඩිදුරටත් කීවේය.   ආයෙම තාත්තා කරලැයින් ගැන ඇසු විගසම අපි නන්දා කී විදියට කීවෙමු.  ටිකක් වෙලා විමතියෙන් මෙන් බලා සිටි ඔහු වහාම අප කළ විහිළුව තේරුම් ගනිමින් අපත් සමග සිනාසෙන්නට විය.  ක්‍රිකට් මැච් බලන තාත්තාට සියල්ලම අමතක වෙනවා සේ රස්සාවට යන්නටද අමතක වෙයි.  එක්කෝ හිතාමතාම අමතක කරයි.  ක්‍රිකට් බලන තාත්තා රස්සාවට නොයෑම චූටි නොසන්සුන් කළ සිද්ධියක් විය.  "මෙහෙම නිවාඩු ගත්තොත් නෝ පේ යන්නයි වෙන්නෙ!" යි තාත්තාට කෑ ගසන  ඇය ටී වී එක වසා දමා තාත්තාව රස්සාවට පිටත් කරයි.

දයාසිරිගේ ප්‍රේම සම්බන්ධතාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණියේ කෙල්ලගේ දෙමාපියන් කෙල්ලට මනමාලයින් සොයන්නට වූ නිසාය.  කළයුත්තේ කුමක්දැයි දෙදෙනා අතර බොහෝ සාකච්ඡා ඇතිවූ අතර අන්තිමට තීරණය වුණේ දයාසිරි කෙල්ලගේ ගෙදර ගොස් දෙමව්පියන්ට දෙදෙනාගේ සම්බන්ධය ගැන දැනුම්දී විවාහ වෙන්නට අවසර ඉල්ලීමටය.  කෙල්ලගේ ගෙවල් තිබුණේ ගම්පහ පැත්තේ වූ අතර තමන් තනිවම මනමාලගම් යන්නට දයාසිරි තීරණය කර ගත්තේය.  තනිවම කෙල්ලගේ ගෙදර ගිය දයාසිරි කෙල්ලගේ තාත්තා හමුවී කතාකර වැඩේ ගොඩදාගෙන තිබුණි.   උපන්ගෙයි විහිළුකාරයෙක් වූ උපසිංහට දයාසිරි කෙල්ලගේ පියා හමුවී කළ කතාව හොඳ බයිට් එකක් විය.  දයාසිරි, උපසිංහ සහ මා එකතුවූ තැනකදී උපයා ඔය කතාව දයාසිරිගෙන් අසයි.  දයාසිරිත් රසකර විස්තරය කියන්නේ කෙල්ලගේ පියා තමාට තැඹිලි ගෙඩියක් කපා බොන්නට දී සංග්‍රහ කළ බවත් කියමිනි.  කෙල්ලව විවාහ කරගන්නට ඇසු විට තාත්තා තවත් තැඹිලි ගෙඩියක් කපා දයාසිරිට බොන්නට දුන් බව උපයා කියන්නේ සිනාසෙමිනි.

විස්තර අවසානයේ දැන් ආයෙම කතාවේ මුලට යා යුතුය.  ඔය කාලය වනවිට සුනිල් සහෝදරයා දයාසිරිලාගේ ගෙදර නිතරම දකින්නට හැකි චරිතයක් වූ අතර දයාසිරි සුනිල් සහෝදරයාව උපසිංහට මුණගැස්වීමේ හේතුවෙන් උපයා ද ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෙක් විය.  සුනිල් සහෝදරයා අපවද මුණගැසෙන්නට රෝහලට පැමිණ දීර්ඝ සාකච්ඡා පවත්වන්නේ පවතින යූ. ඇන්. පී ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය ගැන දිගින් දිගටම විවේචනය කරමිනි.  රැකියාවේ කටයුතු හේතුවෙන් පක්ෂයකට බැඳී දේශපාලනය කිරීම ප්‍රතික්ෂේප කළත් දයාසිරි සහ උපසිංහ අපේ මිත්‍රයන් වීම හේතුවෙන් ඔවුන් කරන කියන දේවල් වලට උදව් කිරීම නම් නොඅඩුව සිදුවිය.  මේ කාල වකවානුව වනවිට අඩි විස්ස පාරේ ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිතියක් පිහිටුවා ගන්නා තරමට සාමාජිකයන් සංඛ්‍යාවක් එකතුවී සිටියේ සුනිල් සහෝදරයාගේ කාර්යක්‍ෂම ප්‍රචාරක කටයුතු හේතුවෙනි.

පක්ෂයේ කටයුතු වෙනුවෙන් දවස පුරා වෙහෙසෙන සුනිල් සහෝදරයා රැකියාවකුත් නොමැතිව පක්ෂයෙන් මුදලක්ද ලබා නොගෙන ජීවිතය ගෙන යන්නේ කෙසේදැයි ඊට පෙර පක්ෂ පූර්ණකාලිකයෙක් දැක නොතිබූ අපට ප්‍රශ්නයක් විය.   ඒ ප්‍රශ්නය දවසක් සුනිල් සහෝදරයාගෙන් ඇසු විට ඔහු කීවේ පූර්ණකාලිකයා යනු පන්සලේ හාමුදුරුවන් මෙන් වූ චරිතයක් බවයි.  හාමුදුරුවන්ට දායකයන් සිව්පසය සපයනවා සේම පූර්ණකාලිකයාද පක්ෂ සාමාජිකයන්ගේ ආධාරවලින් ජීවිතය ගෙනයන බව ඔහු කීවේය.  සුනිල් සහෝදරයා කෑම බීම ලබාගන්නේ කවුරුන් හෝ හිතවතෙකුගේ ගෙදරිනි.  ඔහු රෝහලට පැමිණි දිනෙක නම් ඔහුගේ කෑම වේල අප විසින් සපයනු ලබයි.   ගමන් බිමන් සඳහා වියදම්ද සපයා ගන්නේ ඒ විදියටමය.  රැකියාවෙන් ලැබෙන වැටුප ජීවත්වන්නට නොසෑහෙන බව නිතරම කියන අපට සුනිල් සහෝදරයා ගෙනයන අල්පේච්ඡ ජීවිතය මහත් ආස්වාදයක් සැපයුවා සේම ආදර්ශයක්ද විය.

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර තිබූ අතර රටේ සෑම තැනම පාහේ විශාල ජනතා රැළි මෙන්ම කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටිං ද පැවැත්වුණි.  ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකු රැස්වීමක් ළඟ පාතක තිබේ නම් රැස්වීම බලන්නට උපයා අපවද ඇදගෙන ගියේ තමන්ගේම වියදමෙනි.  රැස්වීම අවසානයේ මහ රෑ ආපසු එන අපි නිදාගන්නේ උපයලාගේ ගෙදරය.  ඒ වනවිට උගේ බිරිඳ රෝහිණී විදේශ රැකියාවකට ගොස් සිටි අතර දරු දෙදෙනා හිටියේ රෝහිණීලාගේ මහ ගෙදර නිසා උපයා ගෙදර ජීවත්වුණේ තනිවමය෴

33 comments:

  1. කෝ ඔයා ටෙස්ට් මැච් එක ගහලා නෑනේ. නිකං ටී ටුවෙන්ටියක් ගහලා බේරිලා.

    ReplyDelete
    Replies
    1. මේක කර්ලයින්ට පෙන්නනවා..

      Delete
    2. මෙය (Y) තම්බ්ස් අප් එක දාලා තියෙන්නේ කාර්නැයින් තමයි.

      Delete
    3. වන් ඩේ එකක් පස්සෙ ගහමු.

      Delete
    4. කර්නයින් වැඩ කරන්නෙ සුදීකලා එක්කද?

      Delete
  2. මේ කතාවේ චරිත හෙන ගොඩක් ඉන්න නිසා මෙලෝ දෙයක් තේරුනේ නෑ බං හැලපෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හැලපයියේ මටත් එහෙමයි.

      Delete
    2. ආ ඒ අවුල හරියයි. තව කොටස් තියෙනවනෙ.

      Delete
  3. කොහොම පටන්ගෙන මොනව ලියන්නද
    මට නැත වැටහෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අන්න, හැමදේටම මොනවහරි ලියන උඹත් හිරවුණා එහෙනං නේද?

      Delete
  4. කතාව ඉවර කරල නෑනෙ අනේ...

    ReplyDelete
  5. වැස්ස නේද මේ ටිකේ ‌හො‌‌ඳටම.. මට හිතුනා..

    ReplyDelete
    Replies
    1. වැස්ස නේන්නං,දැන් නම් ටිකක් අඩුයි.

      Delete
  6. කතාවේ අගක් මුලක් තේරුනේ නැත්තේ මට විතරද?

    ReplyDelete
  7. ෂාඋල් හමීඩ් උවේස් කරනයින් කොලඹ ඉසිපතන විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩකයෙක් ලෙස නිවැරෙදි විය යුතුයි

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමට ස්තුතියි දිනේෂ්. මම ලිව්වෙ මතකෙ හැටියට. මට මතක තිබුණේ ඔහු ඩී. එස් එකට ගියා කියලා.

      Delete
  8. තවම පෙරවදන විතරයි වගේ කියලයි මටත් හිතුනේ.

    ReplyDelete
    Replies
    1. හැලපෙගෙ කතාත් හරියට පංච තන්තරේ වගේම තමයි

      Delete
    2. ඔව් තව කොටස් තියෙනවා.

      Delete
  9. කොමිසන් සභාවට කාලේ අහෝසි වූ පමණින් එම කොමිෂම මගින් සොයාගන්නා කරුණු මත ගොනු කළ නඩුවකින් දඩුවම් ලැබූ අයගේ දඬුවම් අහෝසි වීම හෝ අවසාන වීම සිදු නොවේ.

    රෝහණ විජේවීර ඇතුළු වරදකරුවන් වී නීති ප්‍රකාරව දඬුවම් ලබා සිරගත වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ පිරිස ද, ඒ ආකාරයටම සිරගත වී සිටි විදෙස් විනිමය වංචා කරුවන් පිරිසක් ද නිදහස් වූයේ ජනාධිපති සමාවක් යටතේ ය.

    රජයේ සමාවකින් තමන් නිදහස් වූ බව කී මේ ලැජ්ජාව වසා ගැනීම පිණිස ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙනත් ප්‍රචාරයක් සාර්ථකව ගෙන යන ලදී. ඒ කාලයේ තරුණ වයසේ සිටි බොහෝ දෙනෙකු එය පිළිගත්හ.

    ReplyDelete
    Replies
    1. AnonymousJune 10, 2019 at 5:46 AM

      ඒ උනාට බං මාතේ උබට බ්ලොග් කියන්නේ මොකක්ද කියලා හදුන්වා දුන්නු රසිකටත් උබ කෙලියනි.
      Reply
      Replies

      මාතලන්June 10, 2019 at 9:38 AM

      ඌ මට කෙලියා...
      මම ඌයි ඌගේ සෙට්ටෙකටයි කෙලියා...

      වැඩේ රෙපෝරුයි...
      මාතලන්June 10, 2019 at 9:39 AM

      ඌ මට කෙලියා...
      මම ඌයි ඌගේ සෙට්ටෙකටයි කෙලියා...

      වැඩේ රෙපෝරුයි...
      AnonymousJune 10, 2019 at 10:51 AM

      @ AnonymousJune 10, 2019 at 5:46 AM

      කවුද බන් ඔය රසික කියන හාදයා? කම්පියුටර් class කරන ගුරෙක් ද?

      Delete
    2. විදේශ විනිමය වංචා කරුවන්ට සමාව දීමේදී ඒ ගොන්නටම ජේ.වී.පී අයත් අහුවුණා නේද? නැතුව ඒ අයට වෙනම ජනාධිපති සමාවක් ලැබුණේ නැහැනෙ.

      Delete
  10. අප සැමගේ හදගත් රසිකොලොජිහි පන්සියවන ලිපිය පසුගිය දින පලවිය. මෙතරම් දුරක් නොනවත්වා මළවිකාර, බහුබූත ලිවීම ඒවා කියවීම තරම්ම වෙහෙසකර කටයුත්තකි. රසිකොලොජියට සුබපැතුම්!

    කකා නම් එකෙක් සිනුවර බ්ලොග් ලියපී
    ජොකා ගැන ලියා උගේ පටි හිට් ගැනපී
    නිකා නොහිට තව වෙන බ්ලොග් අල කරපී
    කකා රසිකොලොජියෙක් වී හැව ඇරපී

    කන හැටි පාන් බානා හැටි තට්ට හිස
    ලොකු පම්පෝරි ගැන හම්පඩ ටොප් කමිස
    ටෝපල් සැටිපිකට් තවුසන්ඩ් ටෝක් මිස
    වැදගත් දෙයක් ලියලා නැත කිසි දවස

    - පුත්තලම කනිෂ්ඨ කවි සමාජය (පු.ක.ක.ස)

    ReplyDelete
  11. අපිටත් ඔයවගේ කාලයක් තිබුණා අනූව දශකයේ

    ReplyDelete
  12. මං මුලා වි පාර අසා ගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලා වු මෙි යකා ගෙනි පාර අසා තිබුනේ...

    මක්කයි අයියේ මෙි...විකාරයිනේ..

    ReplyDelete

ඔබේ අදහස්