Thursday, May 2, 2019

නිහැඬියාව.




අන්තිමට පෝස්ටුවක් ලීවේ අදින් මාස දෙකකට පමණ පෙරදී එනම් පෙබරවාරි මාසයේය.  ඊට පසුව පෝස්ටුවක් ලියන්නට කොතෙක් උත්සාහ කළත් ලියැවුණේම නැත.  ඊටද විවිධාකාර හේතු තිබිණි.  එකක් රටේ තිබු දරුණු ඉඩෝරය ය.  ඒ කාලේ තිබු රස්නය කොතරම්දැයි කිව්වොත් මම බ්ලොග් ලියන කාමරය පෝරණුවක් මෙන් විනාඩි පහක් එකතැන ඉඳගෙන ඉන්නට බැරි තරම් රත්වී තිබු අතර එදිනෙදා බලන දේවල් බැලුවේ කියෙව්වේද හරිම අපහසුවකිනි.

මාස ගණනකට පසු වහින්නට ගත්විට එතෙක් තිබු දැඩි රස්නය මග හැරී ගියත් මගේ පරිගණක රාජයා ලෙඩ දෙන්නට ගත්තේය.  කර කියාගන්නට දෙයක් නැතිව ඉන්නා විට උදව්වට ආවේ අපට කෝකටත් තෛලය ලෙස ඉන්නා අටමාය.  පරිගණකය හදාගන්නට බැරි වුණත් ස්ක්‍රීන් එකේ දෝෂයක් නිසා බලන්නට බැරිව පැත්තකට දමා තිබු ලැප් ටොප් එක ගත්ත අටමා ලැප් එක ඩෙස්ක් ටොප් එකේ මොනිටරයට සම්බන්ධ කර තාවකාලික වශයෙන් පිළියමක් කරදී ලියාගන්නට හැකි තත්ත්වයකට පත්කර ඩෙස්ක් ටොප් එක හදන්නට රැගෙන ගියේය.  ඉතින් දැන් නම් මාස කීපයකට පසු යමක් ලියාගන්නට හැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

එහෙයින් හැකි ඉක්මනින් පෝස්ටුවක් ලියන්නට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වමි.  එමෙන්ම පසුගිය මාස දෙක ඇතුළත මගේ නිහැඬියාව ගැන සොයා බැලු සහ ලියන්නේ නැතිදැයි අසා මේල් එවූ සියළුම හිතවතුන්ට ස්තුතිවන්ත වෙමි෴

39 comments:

  1. අටමද මැසිම හදන්න ගෙනිච්චෙ. එහෙනං ඔහේට ඕකෙ වැඩි කෑලි ටික සොපිං කවරෙක දාල ගෙනත් දෙයි. හැක්..

    මොනවද හැලපයියෙ ඔය කාබරේ ඒසී කරගන්නවකො.

    ReplyDelete
    Replies
    1. ඒ සී කරගන්න තමයි අදහස.

      Delete
  2. හලෝ හැලපෙ,

    හරි සතුටුයි ආයේ හැලපෙ ලියන්න ආපු එකට. මම නං මේ ටිකේ ඔපිස්‌ ගියෙත් අඩුවෙන්. ඔහේ හිටියා ගෙදෙට්ට වෙලා. ගල් බෝතලයක් අරං උදේ ඉදං ඩිංග ඩිංග බිබී හිටියා. ඔන්න මං පොටෝ එකකුත් ගත්තා හලපෙට බලාගන්න.

    එහෙනං හැලපෙ මොකුත් ආයේ ලිව්වම එන්නංකෝ.

    මෙන්න පොටෝ එක

    ReplyDelete
    Replies
    1. ඇනෝ ෆුල් චූන් එකේ ඉන්න එක ගැන හරි සතුටුයි. ආයෙම අපිව බලන්න එන්න ඈ.

      Delete
  3. අටමට කිව්ව හාඩ් ඩිස්ක් එකේ වැඩිහිටියන්ට පමණයි ඒව තිබ්බොත් මටත් එවන්න කියල. අපිත් ඉතින් වැඩිහිටියොනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකට නං මටත් හිනා...!

      Delete
    2. ඒකතමයි අටමා මේදවස් වල වැඩි සද්දයක් නැත්තේ.

      Delete
    3. අවුලක් නෑ ඉයන්. තිබ්බොත් ඉල්ලගන්න.

      Delete
    4. ෂුවර් එකටම වැඩිහිටියන්ට පමණයි ඒව තියෙන්න ඇති ඒකයි අටමත් කාලයක් සද්ද නැතිව උන්නෙ :-D

      Delete
  4. ඔව් ඉක්මනටම ලියන්න . අළුත් කතාවක් බලං ඉන්නවා

    ReplyDelete
  5. Replies
    1. ඔව් ආවනෙ බොලා බලල යන්න.

      Delete
  6. ලියන්න. කියවන්නම්

    ReplyDelete
    Replies
    1. කියවනව නං ලියන්න බැරුවයි.

      Delete
  7. ලැප් ටොපය හදා ගත්තද? නැවත හමුවෙමු හැලප මල්ලි.

    ReplyDelete
    Replies
    1. තාම හදමින් පවතිනවා, නැවත හමුවෙමු.

      Delete
  8. ඔන්න ඔහොමයි,සම්ප්‍රපලාප කිව්ව මදැයි ඊළඟට කියන්න තියෙන්නෙ නං අපි සියළු දෙනාගෙම හදවත් විතරක් නොවෙයි මුළු සරුවාංගෙම ප්‍රීති ප්‍රමෝදයෙන් කිළිපොලා යන ආරංචියකුයි,ඒ මොකද්ද කිව්වොත් අපේ ජාතියේ පිනට මෑතකදි දෙව්ලොව සිට මෙලොවට පහළවෙලා ඇති බොදු බල සේනාව ඔවුන්ගේ තේමා ගීතය නිකුත්කරල තියෙන බවයි,දැන් අපි සියලුදෙනාම මේ ගීතය හඬනගා ගායනා කරමු.ඔක්කොමල්ල වැඳගන්න,ඔහොම නෙවෙයි යකුනේ දොහොත් මුදුන් දී වැඳගනියව් මට කියල බෙල්ල කඩවගන්නෙ නැතුව,හා හරි...

    බොනවද දහම් පැන්- නැත්නං පොවන්නද
    මොනවද අඩෝ පන්සිල්- කණ පලන්නද
    වෙනවද නිදුක් -නැත්නං දුක් නිවන්නද
    යනවද නිවන් නැත්නං තෝ යවන්නද

    සාදු කියන්න පිංවතුනි....

    (ගීතය උපුටා ගැනීම ලංකා නිව්ස්වෙබ් වෙබ් අඩවියෙනි)

    ReplyDelete
  9. ප්‍රීතිමත් පුවතක්. දැන් ලියන්න දේවල් එමටයිනේ!
    අටං (මාර්තු 1 වෙනිදා) මටත් කියලයි තියෙන්නේ හිටි ගමන් දවසක අනාරාධිතවම කඩා වැදිලා මටත් කම්පියුටර් වැඩ ටිකක් උගන්වන බව. දැනටත් දූරස්ත පාඨමාලාවක් කරලත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කම්පියුටර් වැඩනං ඉගෙන ගත්තට කමක් නෑ හැබැයි මහන මැසිං වල ෆුට් ඇජස් කරන හැටිනං ඉගෙන ගන්න යන්න එපා නිමල් අයියෙ ඔය මනුස්සයගෙන්. හැක්..

      Delete
    2. ලියන්න දේවල් නං එමටයි. අටමගේ උදව්වෙන් ලියන්න හැකිවෙයි.

      Delete
  10. ආස කරන ලිපි නිතරම බැලූවෙමි...
    රාස මොකද නොලියන්නට සිතුවෙමි...
    මාස දෙකක් හිඳ පෙරමග බැලූවෙමි...
    දෝස නොමැත යලි එනතුරු හිඳින්නෙමි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මාස කීපයක් ගතවුණා නම් තමා, ආයෙ ලියන්න බැරියැ.

      Delete
  11. අටමගෙන් අලුත් බේසමක් ඉල්ලගත්තෙ නැද්ද? අන්තිමේ කොම්පියුටරෙත් නෑ... බේසමකුත් නෑ... අටමත් නෑ... අපිත් නෑ... හැක්!

    ReplyDelete
    Replies
    1. අටමා පරණ කොම්පියුටර් වලට අලුත් බේසම් දෙනවද?

      Delete
  12. මමනං මේ ටිකේ යහමින් ලියමින් ඉන්නේ. ඒ ක්‍රිකට් ලෝක කුසලානය අත ළඟ නිසා. හොඳම තරග දහය ගැන ක්‍රික්ඉන්ෆෝ ලියපු ලිපි පෙළක් පරිවර්තනය කරමින් ඉන්න නිසා. මේ වෙනකොට දෙකක් දැම්මා. තුන්වෙනි එක ප්‍රමාද වුණා, චීන භාෂාවෙන් ලියපු ලිපියක් ගූගලෙන් ඉංග්‍රීසියෙන් බලලා සිංහලට පරිවර්තනය කළා. මේක දුන්න රැස පත්තරයට. කාන්තා ශෝක දිනයේ ඒක දැම්මා. ඉන් පස්සේ ලියන්න අත දීපු බ්ලොග් ඒකෙත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි යහමින් ලියන එක ගැන.

      Delete
  13. ඇති යන්තං .

    ස්තූතී අටමාටත්

    ReplyDelete
    Replies
    1. මේ තත්වයටවත් හදා ගත්ත එක ගැන අටමට තමා ස්තුති කරන්න ඕනෑ.

      Delete
  14. අටමා පුටුවක් සාදා ඇති බව පෙනේ!

    ReplyDelete
  15. ආපහු ලියන්න ගත්ත එක හොඳයි ... !

    ReplyDelete

ඔබේ අදහස්