Sunday, May 6, 2018

සුද්දාගේ කිරිබත් දන්සැල, අන්නාසි පළදාව, නූඩ්ල්ස් දන්සැල, පළතුරු සහ අපේ දන්සැල් වන්දනාව.


අවුරුදු මාසය තුළම වෙසක්ද ඇවිත් ගියේය.   දැන් තියෙන්නේ වෙසඟේ සුන්බුන් පමණකි.   වෙසක් ගැන ලියනවිට කියන්නට තියෙන්නේ දන්සැල් කතාය.  සුද්දා හැම වර්ෂයක් පාසාම දෙන කිරිබත් දන්සැල මේ අවුරුද්දේද හොඳින් පවත්වන්නට අදහස් කරගෙන සිටියේය.  දන්සැල දෙන්නට සුද්දා සුදානම් වුණේ මාස කීපයකට පෙර සිටය.  මෙදා සැරේ කුඹුරු වැඩ නොකළ නිසා සුද්දා වී තොගයක් මිළට ගත්තේ විශේෂයෙන්ම දන්සැලටය.  අවුරුද්දට වී කොටාගෙන ගෙදර යන ගමන් මටත් කැකුළු හාල් ටිකක් දුන්නේ අවුරුද්දට කිරිබත් උයන්නටය.  මෙදා සැරේ කිරිබත් දන්සැලෙන් හාල් කිලෝ සීයක කිරිබත් දෙනවා යි කියූ සුද්දා කිරිබත් පිසින්නට පොල්යගෙඩි එකසිය පණහක් ද කැඩුවේය.

කිරිබත් දන්සැල දෙන්න හාලුත් පොලුත් සොයාගත් පමණින් බැරිය.  තවත් ජාති හැට හුටහමාරක්ද සොයාගත යුතුය.  කිරිබත් පිසින්නට භාජන, දර, උයන කස්ටිය,ලුණුමිරිසට අවශ්‍ය කළමනා, හට්, පුටු පමණක් නොවැ කිරිබත් බෙදා දෙන්නට කැන්ද කොළයේ පටන් සියල්ලම සොයා  සපයා ගත යුතුය.  සුද්දාට මේවා තනියම කරන්නට ද බැරි ඌට මේ කියපු දේ මේ මතක නැති නිසාය.  කොහොමින් කොහොමින් හරි දන්සැල දෙන්නට පෙරදා රෑ වන විට අඩුම කුඩුම සියල්ලම එකතැන් කරගන්නට හැකිවුණේ අපි කීප දෙනෙකුගේ ද මහන්සියෙනි.  

කිරිබත් දෙනවිට ඒත් එක්ක හොඳ ලුණුමිරිසකුත් නොදුන්නොත් හරි නැත.  මීට අවුරුදු හත අටකට ඉස්සර මට මතක හැටියට 2010 වර්ෂයේ වගේ මටත් සහභාගී වෙන්නට ලැබුණු කිරිබත් දන්සැලකදී දන්සැල බාගයක් දෙනවිට ලුණුමිරිස අවසන් විය.  ඊට පසුව දෙන්නට වුණේ කිරිබත් විතරය.  එහෙම වෙනවිට ලැජ්ජාව දන්සැලේ සංවිධායකටය.  මීට පසුව දන්සැල් දෙනවිට කිරිබත් වගේම ඇතිතරමට ලුණුමිරිස් ද දෙන්නට වග බලාගනිමු ය කියා මම එදා සුද්දාට කීවෙමි.   ඊට පස්සෙ අවුරුද්දේ දන්සැලේ එය ක්‍රියාත්මක වුණු අතර ඉන් අනතුරුව අවුරුදු පහක්ම මට කිරිබත් දන්සැල මඟ හැරුනේ රටේ නොසිටි හේතුවෙනි.  පහුගිය අවුරුද්දේ දන්සැලට ඉන්නට බැරිවුණේ දන්සැල දවසේ අපි ලොකු පුතාලගෙ ගමේ ගිය නිසාය.  

මෙදා සැරේ කිරිබත් දන්සැලේ ලොකු ළූණු කිලෝ තිහක්ම ලුණුමිරිසට කෙටුවේ නැත්නම් මදිවන බැවිනි.  දන්සැල දවසේ අපි වැඩ පටන් ගත්තේ පාන්දර තුනටය.   කිරිබත් පිසින්නේ කිලෝ දහයේ හැලි වලය පොල් ගා කිරි මිරිකා හාල් සෝදා පටන් ගත් උයමන නිසා පාන්දර පහමාරට පළමුවෙනි කිරිබත් හැලිය බාගෙන කෑලි කපන්නට මේසයට යවන්නට හැකිවිය.   එළිය වැටෙන විට දන්සැලේ වැඩට කට්ටිය දෙතුන් දෙනා ගණනේ ඇවිත් සෑහෙන පිරිසක් එකතු වුහ.  එතැන් සිට එක එක හැලිය බා ගනිමින් කෑලි කප කපා බෙසම්වල අහුරන්නට කට්ටිය මෙලෝ සිහියක් නැතුව වැඩ කළහ.  ඊළඟට ප්‍රශ්නය වෙන්නේ කිරිබත් කෑලි අඩුක් කළ බේසම් හිස් කරගැනීමයි.  නැතිනම් කපන කපන කිරිබත් අහුරන්නට බේසම් මදිවෙයි.  ඒ නිසා පිරී ඇති බේසම් හැකි ඉක්මනට හිස් කරන්නට අවශ්‍ය වෙයි.

ඒ වනවිට එළියේ හට් එකත් ගසා කැන්ද කොළත් කඩා මේස උඩ ගොඩ ගසා තිබු නිසා දන්සැල පටන් ගැනීමේ සංඥාව සුද්දාගෙන් ලැබුණි.  එතැන් සිට එක සීරුවට පැය තුන හතරක් යනතුරු දන්සැලේ කට්ටියට ඉස්පාසුවක් නැතිව වැඩය.  කට්ටියක් හිස්වෙන භාජන අයින් කර කිරිබත් පිරවූ භාජන ගෙනැත් තබති.  ලුණුමිරිස් පිරවූ භාජන ගෙනැත් තබති.  ඉවර වෙන ඉවර වෙන ගානට කැන්ද කොළ කඩ කඩා ගෙනැත් තබති.  සමහරු නම් භාජන ගෙදරින්ම ගෙනැත් කිරිබත් අරන් ආපහු යති.  දන්සැලේ එක්කෙනෙකුට දෙන කිරිබත් ප්‍රමාණය ගැන සුද්දා  සීමා පනවා නැත.  අවශ්‍ය ප්‍රමාණයට කිරිබත් නොදෙනවා නම් ඒ දන්සැලෙන් ඇති වැඩක් නෑ කියා කියන සුද්දා එන අය ඉල්ලන ප්‍රමාණය අනුව කිරිබත් දෙන්නට කියයි.  දෙකක් ඕනෑ නම් එහෙමය, පහක් හෝ දහයක් නම් එහෙමය.  දන්සැල දෙන්නේ වෙසක් පෝයට පහුවදා නිසා එදා උදේ පානුත් නැත, කඩවල කෑමත් නැත.  දන්සැලට එන අයත් ඒ අයගේ පවුල්වල අයත්, කලින්දා සිල් අරගෙන පන්සලේ සිට ගෙදර යන උපාසක උපාසිකාවනුත් උදේ කෑම ලබා ගන්නේ දන්සැලෙන් නිසා පැමිණෙන අයගේ ගණනද බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.

උදේ දහයට විතර දන්සැල අවසාන කළේ වැඩ කරපු අය හෙම්බත් වී හිටපු නිසාය.  විශේෂයෙන් පිටිපස්සේ මඩුවේ කිරිබත් හැඳිගාපු ගෑණු උදවිය එකක් ඉවරවෙනකොට එකක් බැගින් ගිණි රශ්මියට මුහුණ දෙමින් කිරිබත් ලොකු හැලි පිටින් උයා බෙහෙවින් මහන්සි වී සිටියෝය.  වැඩ කරන අයට සැරින් සැරේ බිස්කට් ද අග්ගලා ද තේ ද දුන්නේ සුද්දාගේ බිරිඳය.  මෙදා සැරේ විශේෂයක් හැටියට ඉඹුල් කිරිබත් ටිකකුත් හදමු කියා මම සුද්දාට කළින්ම යෝජනා කර සිටියෙමි.  ඉඹුල් කිරිබත් හදන්නට හාල්මැස්සන් බැදුමකුත් පිළියෙළ කර ගත්තෙමි.  ඒ වුනාට කිරිබත් වලට තිබු ඉල්ලුමත් දන්සැලට ආව සෙනගත් එක්ක ඒ වැඩේ කරන්නට තියා හිතන්නටත් බැරිවුයෙන් හාල්මැස්සන් බැදුමද කිරිබත් එක්කම බෙදන්නට ඉස්සරහට ඇරියෙමි.

අන්තිම කිරිබත් හැළිය උයා කෑලි කපාගත්තේ දන්සැලේ වැඩ කරපු අයට හෙවත් ස්ටාෆ් එකටය.  කට්ටියම කිරිබත් බෙදාගෙන කතාබහ කරමින් කන ගමන් වෙනදා නම් රෑ බත් දන්සැලක් දෙන්නටද කතා කරගනී.  නමුත් මෙදා ගමේ තරුණ පිරිස එදා රෑට නූඩ්ල්ස් දන්සැලක් ප්‍රජා ශාලාවේ පවත්වන්නට කටයුතු කර තිබුණු නිසා මේ අවුරුද්දේ සුද්දාගේ බත් දන්සැල දෙන්නට අවස්ථාවක් නැතිවිය.  නූඩ්ල්ස් දන්සැලේ දෙන්නට ලෑස්ති කරගෙන තිබුණේ නූඩ්ල්ස්, සීනි සම්බෝල,පරිප්පු හොදි හා අන්නාසි පෙතිය. ඉතින් නූඩ්ල්ස් දන්සැලද එදා රාත්‍රියේ උත්සවාකාරයෙන් ආරම්භ වුණත් එච්චරම සාර්ථකත්වයක් දකින්නට නොලැබුණේ ජනතාවගේ පැමිණීම පහළ මට්ටමක තිබුණු හේතුවෙනි.  තම්බන්නට ගෙනා නූඩ්ල්ස් කිලෝ පහේ කවර ගණනාවක් තම්බන්නට නොහැකි වුනු අතර පිළියෙළ කළ විශාල නූඩ්ල්ස් හැලියක්ද පරිප්පු හැලියක්ද අතවත් නොතබා ඉතිරි විය.

සුද්දාගේ කොටුවේ අන්නාසි වලට අවුරුදු සමයේ පටන් තිබුණේ ඉතා හොඳ ඉල්ලුමකි.  වෙසක් සතියේ දන්සැල් එක්ක ඉල්ලුම තවත් ඉහළ ගියේය.  හොඳට අව්ව තිබුණු නිසා අන්නාසිද මී මෙන් රසය.  අපි සුද්දාගේ කොටුවේ අන්නාසි කප කපා ගෙදරට ඇද දම්මෙමු. කඩවලට දමන්නට හිතන්නටවත් අවශ්‍ය නැතිවුනේ කට්ටිය සුද්දාගේ ගෙදරටම ඇවිත් අන්නාසි අරගෙන යාම නිසාය.  දවසක් අපි කීපදෙනෙක් සුද්දගේ ගෙයි ඉස්සරහට වී පොඩියට කර්තව්‍යයක් කරමින් ඉද්දී කට්ටියක් ආවේ ප්‍රයිඩ් රයිස් දන්සැලකට අන්නාසි කිලෝ සීයක් ගෙනියන්නටය.  ඒ දන්සැල තිබුණේ සුද්දාගේ කිරිබත් දන්සැලට පහුවදාය.  අන්නාසි අරගෙන යනකොට දන්සැලට අපටත් එන්නට කියා ඒ අය ආරාධනා කළහ.  ඉතුරු වෙච්චි අන්නාසි ඔක්කොම කොල්ලො ටික නූඩ්ල්ස් දන්සැලට අරගෙන ගියහ.  

සුද්දාත් මමත් ප්‍රයිඩ් රයිස් දන්සැල දවසේ හවස සුද්දා ළඟ තිබුණු පළතුරු ටිකක් පාවිච්චි කළේ ප්‍රයිඩ් රයිස් කන්නට ඇපිටයිසර් එකක් හැටියටය.  අපි දන්සැල ලඟට යනකොටත් එතැන පාර දිගට පෝලිමය.  ඒ වෙනකොට ආරාධිතයන් අතින් දන්සැල විවෘත වුණා විතරය. අපට නම් පෝලිමේ යන්නට වුණේ නැත, දන්සැලේ සංවිධායකයින් අපිව අරගෙන ගිහින් ඉස්සරහින් වාඩිකර කන්නට යැයි කියා පිඟන් අතට දුන්හ.  ඒ වෙනකොට වෙලාව හවස හය හමාර වුණා විතරය.  අපි කවදාවත් ඒ වෙලාවට රෑට කෑම කන්නේ නැති නිසාත් හැලපිට ප්‍රයිඩ් රයිස් පාර්සලයක් අරගෙන එන්නම්ය කියා පොරොන්දු වී ආපු නිසාත් අපි දෙන්නා කල්පනා කළේ කෑම ටික අරගෙන යන්නටය.  

එහෙම වුණාට පොඩි ප්‍රශ්නයකට තිබුණේ ඒ දන්සැලේ කෑම කන පිඟන් වලට ලන්ච් ෂීට් එලා නොතිබීමය.  සංවිධායකයෙකුගෙන් ලන්ච් ෂීට් දෙකක් ඉල්ලුවත් ඔහු කීවේ කට්ටිය කෑම පාර්සල් අරගෙන යන එක ඉවරයක් නැති නිසා ලන්ච් ෂීට් නොගෙනා බවයි.  එහෙම නම් අපි යමු යි කියා යන්න නැගිටිද්දී සුද්දාට කල්පනාවක් ආවේය.  "පොඩ්ඩක් ඉන්නැ" යි කියූ සුද්දා වැටෙන් පැන ළඟ තිබුණු උගේ ගෝලයෙකුගේ ගෙදරට ගිහින් ලන්ච් ෂීට් අරගෙන ආවේය.  ලන්ච් ෂීට් වල කෑම පාර්සල් කරගෙන එන්නට පිටත් වුණෙමු.

මගක් එනවිට ගත්ත පළතුරු ටික මදි මදි වගේ කියා මට හිතුන නිසා සුද්දාගෙනුත් ඇහුකොට ඌටත් එහෙමය.  එහෙනම් කෙළින්ම ටවුමට ගිහින් තව මොනවා හරි කරමුය කියා ටවුමට ඇල්ලුවෙමු.  ඒ එද්දී මග ගෑස් කඩේ ළඟ ගෑස් කඩේ මුදලාලි දෙන බත් දන්සැලය.  ගෑස් කඩේ අයිනේ විශාල මඩුවක් හදා සරසා දෙන බත් දන්සැල කන්නට තිබුණු පෝලිමේ කෙළවර තිබුණේ ක්වාටස් වල ගේට්ටුව ළඟය.  එතනට එද්දී " හෝව්,හෝව් පොඩ්ඩක් නවත්තන්නැ" යි කියපු සුද්දා බැහැගෙන දන්සැල පැත්තට ගියේය.  ඒ හරියේ ඉන්න ගෑස් කඩේ මුදලාලි ඇතුළු ඔක්කොමලා සුද්දාගේ ඥාතීන් සහ හිතවතුන්ය.  සුද්දා දන්සැලට ගියේ නැත, කඩේ ඇතුළෙන් පිටිපස්සට ගිහින් නොපෙනී ගියේය.  ටිකකින් සුද්දා ආපහු ආවේ කෑම පාර්සල් දෙකක්ද අරගෙනය.

ආයෙම පිටත්වී වැඩිදුර යන්නට ලැබුණේ නැත, ගල් බෝක්කුව ළඟ ආප්ප දන්සැලකි.  එතැන තියෙන පෝලිම අර දෙතැනටම වැඩිය.  සුද්දාට ආප්ප කන්නටද උවමනා විය.  ඉන්න සෙනග දැක සැලෙන්නේ සුද්දා නොවේ.  " ඔහොමම ඉන්නැ " යි කියූ සුද්දා ආප්ප දන්සැලට කිට්ටු කළේය.  ගියාට ඉක්මනට ආපහු ආවේ ආප්ප කවරයකුත් අරගෙනය.  " කිසි ප්‍රශ්නයක් වුණේ නෑ, දන්සැල දෙන්නෙ මගෙ ගෝලයො කට්ටියක්, මේ ටික බයිට් වලට ගමු " යි සුද්දා කීවේය.  

ටවුමට ගිහින් බොන දේවලුත් අරගෙන ආපහු සුද්දලාගේ ගෙදරට එනකොට වෙලාව රෑ අටට කිට්ටුය.  අපේ වැඩේ ඉවරවෙන්නට පරක්කු වෙන නිසා හැලපිට කන්න මගේ කෑම පංගුව කොල්ලෙක් අතේ ගෙදරට පිටත් කර වැඩේ පටන් ගතිමු.  අපි දෙන්නා පොඩියට පටන් ගත්තු වැඩේට තවත් දෙන්නෙක් එකතු වීම නිසාවෙන් වැඩේ දුරදිග ගොස් මම ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලාය.  දැන් හොඳටම බඩගිනිය,ගෙදර ඇවිත් කන්න බලනකොට අපි දන්සැලෙන් කාලාම එයි කියා සිතූ හැලපි ඉතුරු කෑම ටික මල්ලිලාගේ ගෙදරට පිටත් කරලාය.  ගෙදර කන්නට දේකට තිබුණේ පරණ පාන් කෑල්ලක් විතරය෴

57 comments:

  1. Replies
    1. පට්ට නෙමෙයි බං කැන්ද කොළ තිබුණෙ.

      Delete
  2. Replies
    1. னයා ඉදිරියෙන් වවුලා පස්සෙන්. හැක්..

      Delete
    2. නයා ඇවිත් ආසනේ වෙන් කරලා ගිහිං.

      Delete
  3. කියවන්නැතුව කමෙන්ට් කරන්ඩ එන නයි ඔක්කොම මකබෑවේවා!

    ReplyDelete
    Replies
    1. පේජ් රීප්‍රෙශ් කරන්නැතුව එක ගන්න එන එවුවන්ට னයාගෙම පිහිටයි.

      Delete
    2. උඹ කියෝ කියෝ ඉන්න අතරෙ නයා දෂ්ට කරලා.

      Delete
  4. මෙදාපාර අවුරුදු කටේ නිසා අපේ පැත්තෙ නං තිබුණෙ එකම එක අයිස්ක්‍රීම් දන්සැලක් විතරයි. ඒකත් එහා ගමේ

    ReplyDelete
    Replies
    1. අයිස්ක්‍රීම් දුන්නාම ඒකට ජෙලි දාල දෙන්නැද්ද කියල අහල උඹ දවස් දෙකක් හොස්පිටිතාලෙ උන්නැයි කියන්නෙ ඇත්ත ද?

      Delete
    2. අපට නං දන්සැල් වලින් අඩුවක් තිබ්බෙ නෑ.

      Delete
  5. තව සැරයක් පොඩි උං ටිකක් දුන්න මහා සිසිල්බීම දන්සැලක්, වැස්සෙ තෙමීගෙන...

    ReplyDelete
    Replies
    1. සිසිල්බීම මහා උනේ වැහි වතුර වැටිල වෙන්න ඇති.

      Delete
    2. අපේ ගේ ලඟත් පොඩි උන් සැට් එකක් දුන්න සිසිල් බීම දන්සැලක්. වත්තෙ පැෂන් කඩල.

      Delete
  6. නයා තාම නෑ. මං ආයෙම එන්නෙ බූමිතෙල් ටිකකුත් අරගෙනයි, නයාට අඬු කඩං දුවන්ඩ...

    ReplyDelete
    Replies
    1. බූමිතෙල් ටික දියං අර ටෝච් එකෙන් පන්දමක් හදාගන්න. ඒකෙ බැට්ටි බැහැල දැං එලිය නෑ.

      Delete
  7. හැක්.. හැක්.. බොලා දන්සල් පාලු කරපු එකේ ආනිසංස හැරෙන තැපෑලෙන්ම ලැබිල වගේ.

    ReplyDelete
  8. යකෝ මේකෙ ඉන්නෙ නයයි දැතිහුලහයි විතරනෙ බං. කෝ මේ හැලපෙ අයියවත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එයැයි පලතුරු බොන්න ගිහිල්ල. අන්නාසි දාල පෙරන ඒව මූලග්ගින්නට හෙඳයිලු.

      Delete
    2. නෑ මාත් ඉන්නවා.

      Delete
    3. අනේ ප්‍රසෝ, අගේට මුණ ඉස්සරහ දිලිහි දිලිහි තිබ්බ දැල් කඩේට පෙස්සන් ගහල වස්සෝගන දැන් පළතුරු හොයන්න එනව. මට නං ඒ වැඩේට හරිම කේන්තියි.

      Delete
    4. දැං අපි එක්සයිස් එකටත් එක්ක මීටර් 100 ක් විතර පයින් ඇවිදගෙන ගිහිල්ල බඩු අරන් එනව.

      Delete
  9. හලෝ හැලපෙ,

    ගොඩ කාලෙකින් කොමෙන්ට් එකක් දාන්නේ. හැමදාම හැලපෙ ලියාලා තියෙන එව්වා බැලුවා. කොමෙන්ට් නං දාන්න උනේ නෑ.

    අපේ රාජ් එහෙම නං දැන් බ්ලොග් එකේ ලියන්නෙම නෑ නේද හැලපෙ? මාතලන් නං ලියලා තිබ්බා. එව්වත් බැලුවා මම ඔපිස්‌ එකේ ඉන්න ගමන්.

    ඉතිං හැලපෙ මට අද හොද පල්ලම. ඕලෝන් එකක් වැඩ කරානි. රුපියල් 3240 ක්ම. මම ඉතිං ආයේ බල බලා හිටියේ නෑ අපේ ජයේ අයියගේ පොට් එකෙන් ගල් බෝතලයයි, ගොලිප් පහයි, හොදවැයිං දවල් කෑමට කෑම එකකුයි දාගත්තා.

    දැන් මේ හැලපගේ බ්ලොග් එක බලන ගමන් බෝතලේ ගහනවා. තව ටිකකින් බෝතලේ ඉවර කරලා, බත් ඩිංගකුත් කාලා හාන්සි වෙන්න හදන්නේ.

    ඔන්න මං පොටෝ එකකුත් ගත්තා අපේ හැලපෙට බලාගන්න එහෙම.

    පොටෝ එක මෙතනින්

    ReplyDelete
    Replies
    1. යකෝ බෝතලෙන් තුන්කාලක්ම ඉවරයිනෙ. කන්න නැගිටල ඉඳීද දන්නෑ මනුස්සය.

      Delete
    2. මගෙ අම්මේ ඇනෝ. මෙච්චර කල් කොහෙද ගිහිං හිටියෙ. ආවෙ නැතුවම පාලුයි ඇනෝ. මරු පල්ලමනෙ වැදිල තියෙන්නෙ.

      Delete
  10. අපිත් නොගියොත් කවුද බං කන්න ඉන්නෙ?

    ReplyDelete
  11. අපේ පැත්තේ ඉඹුල් කිරිබත් හදන්නේ පැණි පොල් දාලා. කොහොමද හාල්මැස්සෝ දාලා ඉඹුල් කිරිබත් හදන්නේ?

    ReplyDelete
    Replies
    1. මහ ලොකු වැඩක් නොවෙයි. හාල්මැස්සෝ ළූණු, අමුමිරිස් එක්ක තෙල් දාල අරගෙන කිරිබත මැදට තියල අඹරාගන්නවා පුවක් කොළපතකින්. අර විදියමයි මැදට තියන වර්ගය විතරයි වෙනස් වෙන්නෙ.

      Delete
  12. හාල්මැස්සෝ දාලා හදන්නේ ඇඹුල් කිරිබත්

    ReplyDelete
    Replies
    1. ඇඹුල් කිරිබත් කියලත් සමහරු කියනවා මම අහල තියෙනවා.

      Delete
  13. හොදවැඩේ දහපත්දුරාවේ යනවට

    ReplyDelete
    Replies
    1. මෙච්චර වැදගත් වැඩක් කරපු එක දහපත්දුරාවේ යනව උනේ කොහොමද බං?

      Delete
  14. ඇයි බන් හැලපයියේ කාපු කෑමවල විස්තර දාලා රටින් පිට ඉන්න අපි වගේ එවුන්ගේ බඩ පුච්චන්නේ..??මෙව්වා සහ ගහන අපරාද...

    ReplyDelete
    Replies
    1. උඹ ඉන්නෙ මැද පෙරදිග රටක නං දන්සැල් එකක් දෙකක් කන්න ලැබෙන්න ඇති. මමත් ඔය කට්ට කෑවා බං ටිකක් නෙවෙයි අවුරුදු ගණනාවක්. ඉවසං ඉඳින්.

      Delete
    2. අවුරුදු 20ක් තිස්සෙම රටින් පිට තමා හැලපයියේ .මැදපෙරදිග නම් නෙමෙයි යුරෝපෙ....මොනා වුනත් පට්ට විස්තරේ.කියෝන කොට කද විතරයි යුරෝපෙ ...මනසින් ලංකාවේ ....ඔහොම යන්..හැබැයි ටිකක් වැඩියෙන් ලියමුද?ඉස්සර වගේ

      Delete
  15. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_82.html

    ReplyDelete
  16. ආසාවට දන්සැලක් තිබුනේ නැහැ මේ පාර ප්‍ර අයියේ.හාල් මැස්සෝ දාලත් ඉඹුල් කිරිබත් හදනවා පොල් පැණි දාලා වගේම. නියම සටහන අයියේ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවනං ඇතිවෙන්න දන්සැල් කන්න තිබ්බා.

      Delete
  17. දිනේ වෙසක් දා දන්සැල් තියෙන්නේ
    තැනේ බලා හැම දන්සල් වඳින්නේ
    පෙනේ ද ඉන් වූ විපාකෙ බොලන්නේ
    අනේ ඉතින් මොනවද මම කියන්නේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රසවත් කවිය. ස්තුතියි දුමී. ජය!!

      Delete
  18. නියමෙට කියවගෙන ආවා. කටට කෙළ උනන කම්ම . කෙලලා ඇරියේ නැත්ද පාන් කෑල්ලකින්.
    //ගෙදර කන්නට දේකට තිබුණේ පරණ පාන් කෑල්ලක් විතරය//

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. ඔච්චර කෑම එකතුකරලා දීල අන්තිමට ලැබුණේ පරණ පාන්.

      Delete
  19. දන්සැල් වන්දනාව හරිම මිහිරි ය . යන්න ඕනේ මෙව්වා වගේ දන්සක් වලට ය . හැබැයි සුද්දා වැනි පොරක් සමග ම ය .

    සුද්දා ගේ කිරිබත් දන්සල නම් පංකාදු පහට තියෙන්නට ඇතැයි කියා ආටියා ට වැටහී යනවා ය .

    ReplyDelete
    Replies
    1. සුද්දාගේ කිරිබත් දන්සැල නැගලාම ගියේය. ඒ වගේම අනුන්ගෙ මඟුල් ගෙදරදී තමන්ගෙ සැළකිලි පෙන්නනටත් හැකිය.

      Delete
  20. හැලපයියාගේ දන්සල් විස්තරේ ඇහුවමත් කටට කෙල උනනවා.මේ ගමන අයිස්ක්‍රීම් දන්සැල් දෙකක් විතරයි වෙසක් එකට ලැබුනේ.දන්සල් විතරක් නෙමේ වෙසකුත් මේ ගමන එච්චර සරු පාටක් තිබ්බේ නැහැ අපේ ගම්පැති වල මේ ගමන නම්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු ඉවර උන ගමන් වෙසක් ආපු නිසා දන්සැල් අඩුවෙන්න ඇති. හැබැයි අපට නම් එහෙම අඩුවක් තිබුණේ නෑ.

      Delete
  21. අනේ කිරිබත්. මම හරිම ආසයි කිරිබත් වලට. ඒ උනාට ඉතින් මොකෝ කරන්නෙ.

    අද රෑට කිරිබත් එකක් හදන්න හිතාගත්ත ඔන්න :)

    ReplyDelete
    Replies
    1. කිරිබත් හදල අපිවත් මතක් කරගෙන වළඳන්නකො එහෙනම්.

      Delete
  22. ගිය අවුරුද්දේ නම් දන්සැල් ආතල් එක ගත්ත. මේ අවුරුද්දේ ඉඳන් ආයේ මිස් වෙයි. කිරිබත් මගේ ප්‍රියතම කෑමක්..

    ReplyDelete
    Replies
    1. ආපහු විප්‍රවාසේ නේද? දැන් ඉතින් සෑහෙන කාලෙකට දන්සැල් නෑ.

      Delete
  23. අම්මපා හැලපයියෙ පොල්පැණි මිසක හාල්මැස්සො දාල ඉඹුල් කිරිබත් හදනවා කියල ඇහුවමයි, දැන් දෙකම කන්න තදබල උවමනාවක් ආව, හාමිනේට බටර් පාරක් ගාල බලන්න ඕන :)

    හැලපයියට හෙනසුරු සමග පාන් මහා දසාව ලබල වගේ ... කෑම ගැන හිත හිතා පාන්ම ගිලින්න වෙලා තියෙන්නෙ :)

    ReplyDelete

ඔබේ අදහස්