Sunday, August 14, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 15 - කොළඹ පැමිණීම,කළපුව අද්දර දුපත,මිතුරු කකුළුවා සහ මුහුදේ ස්නානය.

"අනේ අප්පේ , මොකද මේ?  නැගිටල එන්න ගෙදර යමු!" යි කී ඉන්ද්‍රා බිම පෙරලී සිටි මගේ හිසකේ පුරා තැවරී තිබු වැලි පිසදමන්නට වුවාය.

"මෙහෙම ගෙදර යන්න පුළුවන්ද? ඒ මිනිස්සු හිනාවෙයි."

"ඒවා ඉතිං බොන්න කලින් හිතන්න එපාද? " ඉන්ද්‍රා ඉවත බලාගෙන කීවත් ඇගේ මුව පුරා තැවරී තිබුණේ මඳහසකි.

"දැන් ඒවා කියල වැඩක් නෑනෙ."

" වැඩක් නෑ කියල අදත් දවසම වැලිගොඩේ දපල ඉන්නද කල්පනාව? ඔන්න මම නං යනවා."

" යන්නත් ඕනෑ තමයි."

"එහෙනං නාගන්න , ඊයෙ රෑ තිස්සෙ නටල මහන්සිත් ඇතිනෙ, මම ගෙවල් පැත්තට යන්නං."

ඇතිවෙනතුරු මුහුදෙන් නාගෙන ළිඳෙන් ලුණු සෝදා ගත් පසු ඇඟට දැනුණේ සැහැල්ලුවකි.  රාත්‍රියේද හරියට ආහාරයක් නොතිබූ බැවින් කුසගින්නද මඳින් මඳ නැග එන්නට විය.  ඉන්ද්‍රාගේ අම්මා පිළියෙළ කර තිබු  රසවත් පාතරාසය අනුභවයෙන් පසු ගතට නව පණක් ලැබුණා සේ විය.

" ආයෙ හරිබරි ගැහිල ඉඳගත්තෙ මොකද? යන්න ලෑස්ති වෙන්න.  දැන්ම පිටත් වුණොත් දවල් කෑම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වෙයි." ඉන්ද්‍රා කීවේ කෑමෙන් පසු පුටුවක වාඩිවී දුම්වැටියක් ද දල්වාගෙන සිටි මා වෙතට එමිනි.  ඇය යන්නට සුදානම් වී හැඳ පැළඳගෙන සිටියාය.   තවත් මොහොතකින් අප දෙදෙනා ගෙදරින් පිටත්වන්නට සුදානම් වූයෙමු.

"ආයෙම  අපිව බලල යන්න එන්න පුතා!" යි කී ඉන්ද්‍රාගේ මව අපට සමුදුන්නාය.   බෙන් එකේ අප හතරදෙනාටම සෑහෙන්නට හැදු බත් පාර්සල් දෙක දැමු බෑගය ඉන්ද්‍රාගේ අතක විය.  ගෙදර අයගෙන් සමුගත් අප දෙදෙනා පාරට බැස්සෙමු.

"ඇයි තමුසෙට කෑම එකක් දුන්නෙ නැද්ද? " යි මම ඇසීමි.

" දුන්න දුන්නා අපි දෙන්නගෙ කෑම එකත් මේකෙ තියෙනවා !" ඉන්ද්‍රා අපි දෙන්නා යි කීවේ ඇයත් සමග එක කාමරයේ නැවතී සිටි යුවතියටය.

" එහෙනං අම්මට වෙන වැඩක් තිබිල නෑ!"

" ඔව් අනේ අම්ම පාන්දර ඉඳන් නැගිටගෙන කෑම හැදුවෙ!"

ගාලු පාරට පැමිණි අප දෙදෙනා කොළඹ බලා යන බසයකට නැගගතිමු.   බසයේදී අප දෙදෙනා අතර වැඩි කතාබහක් නොවීය.  ඉන්ද්‍රා තරමක නිදිමතකින් සිටින බව මා සිතුවේ වරින්වර කීපවිටක්ම ඇගේ නෙත් පියවෙනු දුටු නිසාය.   තවත් මොහොතකින් නිදිමතට සම්පූර්ණයෙන්ම පරාජය වූ ඈ මගේ උර මත හිස තබාගෙන නිදන්නට වුවාය.  බසය වේගයෙන් කොළඹ බලා ඇදී යයි.

කතාව මොහොතකට නවතා වර්තමානයට ආවොත් ඉන්ද්‍රලාගේ වෙරළේදී මෙන්ම මා වැලි නෑ තවත් දිනයක් මගේ සිහියට එයි.  අපි බසයේ ගමන්කරන මොහොතට සාපේක්ෂව ගතහොත් එය අනාගතයේ එනම් ඊට හරියටම වසර දහයකට පමණ පසු සිදුවීමට නියමිත සිද්ධියකි.    නමුත් බසයේ ගිය කතාවත් දෙවෙනි වරට වැලි නාපු කතාවත් දෙකම දැන් අතීතයට එක්වී අවසන් නිසා එයද කියා දමන්නට සිතේ.    ඉන්ද්‍රා නින්දෙන් අවදිවන තුරු මට ඒ කතාව කියාගන්නට හැකිවේ යයි සිතමි.

ලංකාවේ වර්ගවාදී යුද්ධය ඉතා තදින් ඇවිළෙන සමයේ මා පදිංචිවී සිටියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරය.    ඒ වන විටත් දකුණු ඉන්දියාවේ අනාථ කඳවුරු ගණනාවක ශ්‍රී ලාංකික යුද අනාථයන් ලක්ෂ ගණනක් සිටි අතර දිනපතා බෝට්ටු පුරවා අනාථයන් දකුණු ඉන්දීය වෙරළට පැමිණෙමින් සිටියහ.

1983   කළු ජූලියේ ද්‍රවිඩ සංහාරය හේතුවෙන් රටින් පැනගත් පිරිසක්ද දකුණු ඉන්දීය භුමියේ පදිංචිවී සිටි අතර ඔවුන් අනාථ කඳවුරුවල නොව චෙන්නායි නගරයේ කුලියට ගත් නිවෙස්වල සාමාන්‍ය  ජීවන තත්වයක් සහිතව පදිංචිවී සිටියහ.   ඒ පවුල්වල බොහෝ තරුණයින් හොඳ ජීවන තත්වයන් සොයා බටහිර රටවලට සංක්‍රමණය වුවෝය.   ජීවිතය හොඳ අතට වෙනස් වෙද්දී ඔවුන්ට විවාහවී පවුල් ජීවිත ගතකිරීමට අවශ්‍ය වුවත් සිය සිත්ගත් තරුණියන් සොයා ලංකාවට යන්නට ඔවුන්ට නොහැකි වුයේ ඔවුන් සතු සරණාගත ගමන් බලපත්‍රවලින් ලංකාවට යන්නට නොහැකිවීම නිසාය.    එයට පිළියමක් ලෙස ඔවුන් කළේ තමන්ට විවාහ වීමට අවශ්‍ය තරුණිය දකුණු ඉන්දියාවට ගෙන්වා ගෙන එහිදී විවාහය සිදුකර ගැනීමයි.     විවාහයෙන් පසු සිය මනමාළිය තනිකර දමා තමන් පදිංචිවී සිටින රටට තනිවම යන තරුණයා ඒ රටට සිය විවාහ ලියකියවිලි පෙන්වා තම බිරිඳට වීසා ලබාදී රටට ගෙන්වා ගනී.    දිගින් දිගටම මෙවැනි විවාහයන් සිදුවෙන්නට වූ කළ එම විවාහයන්ට පහසුකම් සපයන පුද්ගලයන්ද ආයතනද චෙන්නායි නගරයේ බිහිවන්නට විය.   එවැනි පුද්ගලයන්ට හෝ ආයතන වලට තම විවාහය සිදුකරන්නට බාරදෙන තරුණයාට කරන්නට ඇත්තේ මුදල් වියදම් කිරීම පමණකි.     ගුවන් ටිකට් පත වෙන්කිරීමේ සිට විවාහවී දෙදෙනා පිටත්වන තුරු ඉතිරි සියල්ල ඒ පහසුකම් සපයන ආයතනය විසින් සිදුකරනු ලබයි.

වරක් බටගිර රටවල් දෙකක වාසය කරන තරුණයන් දෙදෙනෙක් චෙන්නායි නුවරට ආවේ සිය විවාහයන් කරගැනීම සඳහාය.   ඔවුන් දෙදෙනාගෙන් එකෙක් ප්‍රංශයේ සිට පැමිණ සිටි අතර අනෙකා පැමිණ සිටියේ ඩෙන්මාර්කයේ සිටය.     මංගල්‍යයේ යම් නීතිමය අවශ්‍යතාවක් සඳහා ඒ දෙදෙනා අප වෙතට පැමිණි විට අප ඒ අවශ්‍යතාව ඉටු කර දුන් ආකාරය ගැන ඔවුන් බොහෝ සතුටට පත්වුහ.    ඊළඟ සති අන්තයේ අප සමග  චෙන්නායි වලින් පිටත ගොස් දිනක් ගතකරන්නට එන බව කියූ ඔවුහු අපෙන් සමුගත්හ.    කියූ ආකාරයටම ඊළඟ සෙනසුරාදා දිනයේ ඔවුන් දෙදෙනා අපව රැගෙන යන්නට ජීප් රථයකින් පැමිණි අතර මමත්,ටෙරන්ස් සහ බන්දුත් ඔවුන් සමග කොහේදෝ අප නොදත් ගමනාන්තයක් කරා පිටත්වීමට වාහනයට නැගගතිමු.    චෙන්නායිවලින් කිලෝමීටර් සීයක් පමණ අධිවේගී මාර්ගයක ගමන්කර හරවා නැවත ගම්බද පෙදෙසක් හරහා තවත් කිලෝමීටර් විසිපහක් පමණ ගොස් නවත්වනු ලැබුයේ ගම්බද වෙළෙඳපොලකය.   ගම්බදව වවන බොහෝ ආහාර ද්‍රව්‍ය මෙන්ම මාළුද බහුලව වෙළෙඳපොළේ දකින්නට විය.    වාහනයෙන් බැසගිය තරුණයින් දෙදෙනා ආහාර ද්‍රව්‍යද මාළුද මිළදීගැනීමෙන් පසු නැවත වාහනය නැවත්වුයේ කළපුවක ඉවුරේය.

වාහනයෙන් බැසගත් අප කලපු ඉවුරේ නවතා තිබු පල්ල පැතලි ලී වල්ලමක් වැනි යාත්‍රාවකට නැග විනාඩි පහළොවක පමණ ගමනකින් පසු එරෙන වැල්ලක් තිබු දුපතකට ගොඩ බැස ගතිමු.    දුපත පුරාම සයිප්‍රස් ගස් සිටුවා තිබෙනු දක්නට විය.   දුපතේ එක් පසෙක කළපුවද අනෙක් පස ඉන්දියන් සාගරයද විය.   වැල්ලේ එරෙමින් දුපත මැදට ගිය අපට දුපතේ තිබු එකම ගොඩනැගිල්ල වුයේ  පොල්ලතු සෙවිළි කළ ගෙයකි.    එදාට පසු දිනකදී මා නැවතත් මේ දුපතට ගිය අවස්ථාවේ ගත් ඒ ගෙයි ඡායාරුපයක් ඇල්බමයේ තිබීම සතුටකි.

අප ගෙනගිය ආහාර ද්‍රව්‍ය ඒ ගෙදර සිටි පිරිමියාට සහ කාන්තාවට දුන් විට ඔවුන් ක්ෂණයකින් ක්‍රියාත්මක වෙමින් අපට වාඩිවෙන්නට පුටුද මේසයක්ද එළියෙන් තබා කෑම උයන්නට පටන් ගත්හ.   දුපතට යන අය කෑම ද්‍රව්‍ය ගෙනැවිත් දුන් විට ඒ අය උයාදෙන බවත් එන අය ලබාදෙන සුළු මුදලකින් ඔවුන් සෑහීමකට පත්වෙන බවත් අප සමග ගිය තරුණයන් කීවෝය.

" ඒ අය උයල ඉවර වෙද්දී තව වෙලා යයි, අපි පටන්ගනිමු'යි"  කියූ ඔවුන් ආරම්භ කළේ සුදු වයින් බෝතලයකිනි.   සාදය ටිකින් ටික නැගලා යන්නට වුයේ වයින් වලින් ආරම්භ වී සැර බීම කරළියට පැමිණි විටදීය.     කටගැස්ම ලෙස දුපතේ අය සාදා දුන් ඉස්සන් හා කකුළුවන්ද අප ඊට පෙර රස බලා නැති අමුතුම වට්ටෝරුවකට හැදු ඒවා විය.  ටික වේලාවකින් අපි හැඳසිටි ඇඳුම් උනා කොට කලිසම් ඇඳගත්තේ මුහුදේ නාන්නටය.   කොට කලිසමක් ගෙනැවිත් නොතිබූ  බන්දු තුවායක් ඇඳ ගත්තේය.   එහෙත් දුපතේ සිටි අය කීවේ  ඒ හරියේ මුහුද මේ  දිනවල බොහෝ සැර බවත් මුහුදේ බැස්ම කිරිගොට්ටක මෙන් එක තැනම පහළට ඇති නිසා නෑම අවදානම් බවය.  

" එහෙනම් අපි ටිකක් ඇඟ හෝදගෙන ගොඩ යමු" යි  කියූ බන්දු  මුහුදට බසින්නට සුදානම් වත්ම අප කැඳවාගෙනපැමිණි තරුණයින් දෙදෙනා එයට එකහෙළා විරුද්ධ වුහ.  

" අපියි ඔයගොල්ලන්ව එක්කරගෙන ආවෙ. අපට අවදානමක් ගන්න බෑ,  මුහුදෙ නාන්න එපා  නාන්නම ඕනෑ නම් ආපහු යන ගමන් ස්විමිං පූල් එකකින් නාගෙන යමු. අපි එක්කං යන්නම්." 

ඔවුන් අපේ ජීවිත ගැන බොහෝ සැළකිලිමත් වන බව පෙනුණු නිසා අපි ආපසු පැමිණ නැවතත් බෝතල් වලට වටවීමු.  කොච්චර කන්න බොන්න තිබුණත් තක්කඩි වැඩක් නොකළොත් බන්දුගේ හිතට මදිය.  ඔහු යන්නට හදන්නේම මුහුදට බහින්නටය.  කොල්ලන් දෙදෙනා බන්දුව වටකරගෙන සිටිති.  එක්වරම නැගිටගත් බන්දු උන් දෙන්නා අතරින් රිංගා මුහුද පැත්තට දුවන්නට වූ අතර තරුණයන් දෙදෙනා බන්දු පසුපස එළවා ගොස් ආපසු ඇදගෙන ආවෝය.  ටික ටික වෙරිමත වැඩිවනවිට මුන් දෙන්නාගේ බය ගැන දැනගත් බන්දු හදන්නේ උන්ව බයිට් කරන්නටය.  ආපහු නැගිටගත් බන්දු මුහුදට දුවන විට පසුපස එළවා ගිය තරුණයන් දෙදෙනා ගෙන් එකෙක් බන්දුගේ තුවායේ එල්ලුණේය.   එකෙණෙහිම තුවාය කඩා දැමු බන්දු වැල්ලේ වැටි වැටී දුවන්නට විය.   අපි බිම පෙරළි පෙරළී සිනාසුනෙමු.

බන්දුත් කොල්ලන් දෙදෙනාත් අතර හැංගිමුත්තං සෙල්ලම අතර මම ගේ පැත්තට යනවිට ගෙදර මනුස්සයා එළියේ ඉඳගෙන දවල්ට උයන්නට කකුළුවන්ගේ අඬු කඩමින් සිටියේය.   කකුළුවා උගේ අඬු හතර අතට කරකවයි.   අර මිනිහා උන්ගේ අඬු කඩමින් ඇතිළියකට දමයි.   එතන සිට මේ සෙල්ලම ටිකක් වෙලා බලා ඉන්න විටදී මට යස කල්පනාවක් පහළ විය.   

"කකුළුවෙකුගෙ අණ්ඩක් අස්සට ඇඟිල්ල දැම්මොත් මක් වෙයිද?" දන්න දෙමළ වචන ගලපාගත් මම ඒ මනුස්සයාගෙන් ඇසුවෙමි.    ඔහු මා දෙස බැලුවේ උපහාසාත්මක ලෙසය. 

" මොකක් වෙන්නද? මොකුත් වෙන්නෙ නෑ ඇඟිල්ල කඩල දානව මිසක."

" එහෙමද? මමනං හිතන්නෙ නෑ කෝකටත් මට  අණ්ඩ අස්සට ඇඟිල්ල දාල බලන්න ඕනෑ." 

 මනුස්සයා ආයෙමත් මා දෙස බැලුවේ මේ කොහෙන් ආ අමනයෙක්ද යන අදහසින් විය යුතුය.   එහෙත් බීමතින් සිටි මට ඒ හොඳක් නරකක් තේරෙන වෙලාවක් නොවීය.    ඇඟිල්ල දමන්නට එපා කියා ඒ මනුස්සයා බැගෑපත් වෙද්දී මම කකුළු අණ්ඩ අස්සට ඇඟිල්ල දැම්මෙමි.  ඒ වනවිටත් අඬු දෙකක් කඩා දමා මාරාවේශයෙන් සිටි කකුළුවා චරස් ගා මගේ ඇඟිලි පුරුක පොඩිකර දැම්මේය.   ඒ වේදනාවට මට කලිසමේ මුත්‍ර පහ  නොවුනා පමණකි.  මම අත ගසා දැමු විට කකුළුවා උඩින් ගොස් වැල්ලේ පතිත විය.   කකුළුවෙකුට එපමණ හයියක් ඇති බව මම දැනගත්තේ එදාය.   හොඳ වෙලාවට කකුළුවාට හසු වුණේ මගේ ඇඟිල්ලේ නියපොත්ත කොටස වීම හේතුවෙන් ඇඟිල්ල වෙන් නොවී ඉතිරි විය.   අඬු කඩපු මනුස්සයා මට බනිමින් කුකුළුවා අහුලන්නට ගියේය. 

එදා දවස පුරාම දුපතට වී අප සතුටු වුවත් බන්දුට මුහුදේ නාන්නට අර තරුණයන් දෙදෙනාගෙන් ඉඩක් ලැබුණේ නැත.  කකුළු හොද්ද ඇතුළුව පිළියෙළ වී තිබු දවල් බත අතිශය ප්‍රණීත එකක් විය.   ඔවුන් එතරම් රසට උයන කුස්සිය නිකම්ම වැල්ලේ බිම සැදු මැටි ලිප් දෙකකි.   හිරු බැස යන වෙලාවේ පිටත්වූ අප වැඩි රෑ බෝ වෙන්නට පෙර ගෙවල්වලට පැමිණියෙමු.   ගෙදර පැමිණ ඇඳුම මාරු කරද්දී ඇඟ පුරාම තිබු වැලි ගේ පුරා ඉහිරෙන්නට විය.  වෙළුම් පටියකින් බැඳ තිබු මගේ ඇඟිල්ල හැලපිගෙන් දවසක් දෙකක් වසං කරගෙන සිටියත් වෙළුම් පටි මාරු කරද්දී ඇයට හසුවිය.   එහෙත් සිදුවූ දේ ඈ දැනගත්තේ ඊට බොහෝ කාලයකට පසුව අප පවුල් පිටින්ම නැවත ඒ දුපතට ගිය දවසකය.    අද පළකර ඇත්තේ ඒ දෙවෙනි වරට ගිය ගමනේදී මා විසින් ගන්නා ලද පිංතුරයකි.   ගෙට එපිටින් ඇති හිස් අවකාශය ඉන්දියන් සාගරයයි.  ඒ ගිය කතාව පිංතුරද සහිතව තවත් දවසක ලියමි.

කතාව ලියාගෙන යද්දී මතකය අලුත් කරගන්නට මම ඊයේ මා මිත්‍ර අසෝකන් ට කතාකළෙමි.   අසෝකන් අප දෙවෙනි වරට ඒ දුපතට යන විට අපත් සමග එකතු විය.  අප දෙදෙනා අතරවූ සංවාදයේ කතාවට අදාළ කොටස මෙලෙසය.

" අපි වතාවක් දුපතකට ගියා උඹට මතකද?"

" මතකයි මතකයි, ඇයි එදා මට වැඩිවෙලා ඔයාල මාව උස්සගෙන ආවේ!"

" අන්න ඒ දුපතේ නම කියපංකො."

" මට මතක නෑනෙ, හැබැයි නෝත් චෙන්නායි හරියෙ නේද?" 

" වෙන්න ඇති බං මටත් හරියට මතක නෑ!"

" ආ! පලවෙයික්කාඩු, දුපතේ නම!"

උගේ සිංහල තේරුම් ගන්නට හැක්කේ මට විතරය.  ඒ නම අකුරෙන් අකුර අසා ලියාගෙන සර්ච් කළත් කිසිම ප්‍රතිපලයක් නැති නිසා එය මා තාම නම නොදන්නා දුපතක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.   කෙසේ වුවද අප දෙවෙනි වරට ඒ දුපතට ගිය ගමන ගැන ලියන කාලය එනවිට නම සොයා ගන්නට හැකිවේ යැයි මා විශ්වාස කරමි. 

නැවතත් ඉන්ද්‍රා සමග බසයේ ගමනට එකතුවිය යුතුය.  කොළඹට එන තුරුම නිදාසිටි ඉන්ද්‍රා ව මම අවදිකළෙමි.  ඇය මා සමග බොරැල්ලට පැමිණියාය.   බොරැල්ලේදී අප දෙදෙනා වෙන්වුයෙමු.   ඉන්ද්‍රා කැලණියේ ඇගේ බෝඩිමට ගිය අතර මම කෑම පාර්සලයද රැගෙන බෙන් එකට ගියෙමි.

" ඒයි මෙන්න මු ඇවිල්ල බං, කොහෙ මගුලෙ ගියාද යකෝ ආගිය අතක් නැතුව හිටියෙ?" බෙන් එකේ මිතුරන් මා පිළිගත්තේ එලෙසය෴

90 comments:

  1. Replies
    1. දැනුත් මෙහෙමනං රුඟුම් පාලක මණ්ඩලේට හාමුදුරු‍වරු දැම්මොත් කොහොම වෙයිද කියලයි මම කල්පනා කළේ.

      ඉන්ද්‍රට ඇයි ඔච්චර නිදිමත හැදුනෙ. මෙතන මොකක් හරි හොරයක් තියෙනව. නැත්තං හැලපයිය මොකක් හරි නොකියා කියනව වගේ. හැක්..

      Delete
    2. "රැඟුම්" පාලක නෙවේ "හැඟුම්" පාලක

      Delete
    3. ඉන්ද්‍රට රෑ නින්ද යන්න නැතිව ඇති. නිදිමත හැදිල තියෙන්නෙ ඒකනෙ.

      Delete
  2. මොකක්ද බං ඒ කරපු කැත වැඩේ... ලේඩි චැටර්ලිස් ලවර් රැඟුම් පාලක මන්ඩලයෙන් කපලා දැම්මා වගේ වැඩක් නේ කලේ.. අනේ තොගේ මලයාලි බඩකඩුත්තුව පැත්තකින් තියලා.. අපිට හින්ගල සෝ එක දියන්..

    ReplyDelete
    Replies
    1. //අනේ තොගේ මලයාලි බඩකඩුත්තුව පැත්තකින් තියලා.. අපිට හින්ගල සෝ එක දියන්.. // × 2

      Delete
    2. ///අනේ තොගේ මලයාලි බඩකඩුත්තුව පැත්තකින් තියලා.. අපිට හින්ගල සෝ එක දියන්.. /// × 3

      Delete
    3. ///අනේ තොගේ මලයාලි බඩකඩුත්තුව පැත්තකින් තියලා.. අපිට හින්ගල සෝ එක දියන්.. /// × 4

      Delete
    4. කොමෙන්ට් කොපි පේස්ට් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
      - කො.ක.ස.ස. -

      ලේකï තුමා....... ඔහෙත්.

      Delete
  3. රයිඩර් හැගර්ඩ් ගේ කතාවක (ඇලන් ක්වෝටර්මේන් මං හිතන්නෙ ) යෝධ කකුලුවො මතක් වුනා.

    කකුලුවො එක්ක විතරයි ඕව නේද? අනිත් දේවල් බොහොම පරිස්සමෙන් කරල තියෙන්නෙ (එහෙම නැත්නම් පරිස්සමෙන් ලියල තියෙන්නෙ )

    ReplyDelete
    Replies
    1. අනිත් දේවල් බොහොම පරිස්සමෙන් කරල තියෙන්නෙ (එහෙම නැත්නම් පරිස්සමෙන් ලියල තියෙන්නෙ )

      hu huuu :D

      Delete
    2. ඒ කතාව ඇලන් ක්වාටමෙන් තමයි. ඔව් ඔව් නැත්නං ඉතිං අපේ අඬු පඬු ඉවරයි නෙ.

      Delete
    3. හරී,
      දන්නැද්ද සෙන්සර් බෝඩ් එකක් කියල එකකුත් තියෙනවනෙ.

      Delete
  4. ඕනි නැති අඬු අස්සේ ඇඟිලි ගහන්න ගිහින් මදෑ කොරගත්ත වැඩේ...!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඇඟිල්ල දැම්මෙ. ඇඟිල්ල වගේ වෙන මොකක් හරි දැම්මනං තමයි ආතල් එක බලාගන්න තිබුණෙ. හැක්..

      Delete
    2. ඔව් බං,කොහෙද චන්ඩියා බඩේ ඉද්දි ඕව මතක් වෙන එකක්යැ.

      Delete
    3. ප්‍රසා,
      ඇඟිල්ල වගේ වෙන මොකක්ද බං.

      Delete
  5. බසයේ පෙම් යුවල සහිත දර්ෂන හැලප පාලක මන්ඩලය විසින් වාරනයට ලක් කර ඇති බව කරුනාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. හැලපයියා පමිණියේ බසයේ පිටුපස දිග ආසනයයේ වම් කෙලවරේ බව කරුණාවෙන් සලකන්න..

      Delete
    2. එසේය ජීවිත ආරක්ෂාව පතා වාරණය කරන ලදී.

      Delete
    3. PM ,
      නෑ නේද බං අනික් පැත්තෙ වගෙයි මතක.

      Delete
  6. අපෝ බං අයියේ..... පොඩ්ඩනේ ලියලා තියෙන්නේ......

    පටං ගත්ත ගමං ඉවර උනානේ.....

    ReplyDelete
    Replies
    1. ටිකද?
      /පටං ගත්ත ගමං ඉවර උනානේ..../
      හරියට දොරකඩ වමනෙ ගියා වගේ නේද?

      Delete
  7. එහෙනම් කකුලුවාට එච්චර දෙයක් කරන්න පුලුවන් නේද... අහල තිබුනට විශ්වාස කලේ නෑ ඒ කතාව...

    දදූපතට ගිය දෙවෙනි වතාව ගැනත් ලිියමුකෝ දවසක...

    ReplyDelete
    Replies
    1. කකුළුවාට හරි ශක්තියක් තියෙනවා. දෙවෙනි ගමන ගැන ආයෙම ලියන්නං.

      Delete
  8. ඔච්චර නිදාගන්න, කලින් දවසෙ බිව්වෙ ඉන්ද්‍රාද? :)

    ReplyDelete
    Replies
    1. ඇඟේ මහන්සියටත් නින්ද යනව නෙවැ :D

      Delete
    2. ඉන්ද්‍රා බිව්වද කියල නං දැක්කෙ නෑ.

      Delete
    3. PM,
      නැතුව නැතුව බං.

      Delete
  9. ඉන්ද්‍රා නිදාගෙන වගේ ඉඳල බලන්න ඇති හැලපෙ ගේ හැකියාව සහ හැදියාව මොන වගේද කියල.

    ReplyDelete
    Replies
    1. බලාගත්තද දන්නෙ නෑ නේද?

      Delete
  10. වෙන් වීලා ගියදා පටන් ඔබ මාව
    ආයේ නොඑනා ලෙසින්
    කඳුළු අඩු නැතිව විඳිනවා තවම
    ඔබට සතුටුයිද දැන් :D

    කැදලි තනා මැව්ව මුසා
    බොරු නොවේ යැයි සිතා
    ලූහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
    මුවඟ සිනා පාවී ගියා .....
    කිසිදා සිතින් නොසිතූ දුරින්

    යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා
    දෙනෙත තෙමා කඳුළු ලියා
    සිහිනයක් සේ මෙදා
    මැණික කියා රැකගත් ඔයා
    පියඹා ගිහින් කාටත් හොරෙන්...

    - හැලපයා -

    ReplyDelete
  11. ඉන්ද්‍රා නිද්ද්‍රා වට පත් උනේ ඇයි..?
    සික්...මේකගෙ බේබදු කම හන්ද අපිට ඇඩම්ස්ඔල්ලි සීන් එකක් නැතිඋනා හිටං...

    ReplyDelete
    Replies
    1. කොහෙද, මොනා කළත් පුරුදු අත් ඇරගන්න බැහැනෙ.

      Delete
  12. නිදන්න ඔබ නිදන්න... සුවෙන් සැතපිලා..... උර දීගෙන මං ඉන්නං හීන බල බලා....

    ReplyDelete
  13. අද ඔබ කොතනද අද මා කොතනද - දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන ගමනක සටන් වැදී ඇත - නාඳුනනා පෙම්වතුන් වෙලා

    ReplyDelete
    Replies
    1. විචාට ලස්සන නිසඳැස් හදන්නත් ඇහැකි නොවැ.

      Delete
    2. එඩ්වඩ් ජයකොඩිගේ සින්දුවක් ටකරන් හඬින්.

      Delete
  14. දැන් නම් නඩු දාන්න වෙනවා අය්යේ. ඉන්ද්‍රාගේ කථාවට වෙන කථා ඇද ගන්න එපාය.

    ReplyDelete
    Replies
    1. අනික් කතාත් කොහෙන් කොහෙන් හරි කියල දාන්න එපැයි බං.

      Delete
  15. සද්ගුණවත් සුපේක්ශල සීලගුණෝපේත හැලප උපාසකතුමණි...,
    කොල්ලන්ට මල පැනල ඉන්නෙ...
    මේ කතාවට නම දාමු 'ව්‍යංගා' කියලා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් නහුතෙටම තද වෙලා ඉන්නේ ගස් ලබ්බො. යකෝ හැලපයියා අපි මොක්කු කියලද හිතාගෙන ඉන්නේ. මෙච්චර වද දෙන්න.

      Delete
    2. අපූරු නම. ඔහොම චිත්‍රපටයකුත් තිබුනද? මට අන්න ඒ වගේ මතකයක් තියෙනවා.

      Delete
    3. සාලි,
      මොකක්ද බං, මම මොකක්ද දුන්න වදේ.

      Delete
  16. ලංකාවේ වර්ගවාදී යුද්ධය ඉතා තදින් ඇවිළෙන සමයේ මා පදිංචිවී සිටියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරය.//// ඒ කාලේ ඔබ වැනි සිංහල මිනිසුන්ට ජීවිත තර්ජන තිබුනේද ?

    ReplyDelete
    Replies
    1. අප සිටි 1998- 2001 සමයේ සිංහලයන්ට තමිල්නාඩුවේ කිසිම තර්ජනයක් නොතිබූ අතර ඒ අය අපට ඉතා හොඳින් සැලකුවෝය. නමුත් අප සඳහා පැය 24 ම ආයුධ සන්නද්ධ VIP ආරක්ෂාවක් යොදා තිබුණි. එය කිසිසේත්ම අවශ්‍ය නොවුයේ තර්ජන නොතිබූ නිසාය. ආරක්ෂක භටයන් කළේ නිවසේ ඉදිරිපසටවී හොඳින් නිදාගැනීමයි. මෙයට හේතුභූත වූ කාරණා ඇති අතර වෙනම පෝස්ටුවකින් ලියන්නට බලාපොරොත්තු වෙමි.

      Delete
  17. " දුන්න දුන්නා අපි දෙන්නගෙ කෑම එකත් මේකෙ තියෙනවා !" ඉන්ද්‍රා අපි දෙන්නා යි කීවේ ඇයත් සමග එක කාමරයේ නැවතී සිටි යුවතියටය.
    හා අපිත් එහෙමම හිතාගන්නකෝ

    ReplyDelete
    Replies
    1. හා හොඳයි. ඒ කෙල්ල තාම ඉන්ද්‍රාගේ හොඳම යාළුවා. ඒකි බැඳලා දැන් ඉන්නෙ ඩුබායිවල.

      Delete
  18. මේ ටික අහගන්නද අපි මෙච්චර කල් බලාගෙන හිටියේ... :D

    ReplyDelete
    Replies
    1. කොයි ටිකද පැතුම්? කතාව ඉවර නෑ තව තියෙනවා.

      Delete
  19. ලංකාවෙ වැල්ලෙන් ඉන්දියාවෙ වැල්ලට .

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ දූපත පුද්ගලික දේපලක්ද ? ඒක පැලක් කිවුවට සාමාන්‍ය තරමෙ ගෙයක්නෙ. වැල්ලෙ පෙරලිලා බොන්න අගේ ඇති තැන.

      Delete
    2. මම හිතන හැටියට ඒක පුද්ගලික දුපතක්. ඉන්නෙ දුපත බලාගන්න පවුල. බොන්න කියාපු තැන අපි ආයෙම එතනට ගියෙ ඒ සුන්දරත්වයෙන් වශීවූ නිසයි.

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි කමෙන්ටුව මැකුවේ? ඔබ අහල තිබුණේ බෙන් එකට දුන්න පණිවිඩේ ලැබිල තිබුනෙ නැද්ද කියලනෙ. බෙනට් පණිවිඩේ දුන්නා. හැබැයි ඒ මම ගියාටත් පස්සෙ.

      Delete
  21. බස් එකේ ගිහිං තියෙන දුර.....

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවටම ගිහිං නේද?

      Delete
  22. අතට අහු වෙච්ච එක කටට දාගන්ඩ පින නැ , මං මේ කතාව ආයේ කියවන්නේ නැ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං. පිං ඇත්තෝ සහ පිං නැත්තෝ කියල දෙකොට්ඨාශයක් ඉන්නවනෙ.

      Delete
  23. කට්ටිය බාගෙට ලියල කියල දොස් කිව්වට මටනම් හරි රහයි හැලපේ මේ කතාව.

    ReplyDelete
    Replies
    1. දීකිරට බළල්ලුත් සාක්කිලු ,

      හා හා එහෙනං ඒ කතාවත් ලියමු බලන්න

      Delete
    2. ස්වභාව සෞන්දර්යයේ ලස්සන පෙනුනෙ තිලකෙට විතරයි.

      Delete
    3. //ස්වභාව සෞන්දර්යයේ ලස්සන පෙනුනෙ// හුකෑස්...සන්නද්ධ බුද්ධිඅංශ විසින් ඝාතන කලා කියල ඔප්පු කරන එක පහසුයි මීට වඩා..

      Delete
  24. කොහොමත් ඉතින් ගාල්ලේ ඉඳන් කොළඹට මහා ලොකු දුරක් තියේ කියලයෑ.ඒ නිසා ඔන්න ඔහේ ඉන්දියාව පැත්තේ ගිහින් අවාට අවුලක් නැහැ.ඉතින් හැලපයියේ බෙන් එකට ගිය හැලපයියාටත් වඩා ප්‍රශ්න කිරීම් එන්න ඇති වැඩට ගිය ඉන්ද්‍ර අක්කාට.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නවම අල්ලගෙන මාර රැගක් දුන්නා.

      Delete
  25. මේ දවස් වල අධික ලෙස කාර්ය බහුලයි..කොටස් කීපයක් මග ඇරිලා තියෙන හැඩයි...සති අන්තයෙදි ඒවාත් කියවන්නං...

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි,කියවල එන්නකෝ.

      Delete
    2. අද කියෙව්වා අතපසු වෙච්ච කොටස් දෙකම...මම ආශාවෙන් මේ කථා මාලාවම කියවන්නෙ...අතීත කාමය අඩු නැතිව තියෙනවා මේ හැම වචනයක් ගානෙම. කකුලුවා අඩුවෙන් හිර කලා වගේ නෙමෙයි ලේන්නු හැපුවාම දැනෙන වේදනාව...අපේ ගෙදර පූසා අල්ලපු ලේනෙක් බේරන්න ගිහින් දවසක්දා මාව හැපුවා....අනේ එහෙමත් වේදනාවක්...ඉන්ද්‍රා ඔයාට වඩා වැඩිමල් නිසාද ආදරය කරන්න හිතුනෙ නැත්තෙ...නැත්තං ඒ වෙද්දි ලව් එකක් සෙට් වෙලා හිටිය නිසාද ?

      Delete
  26. අර තරං ලස්සන තැනක නාපු කාපුව ගැන ආතල් පෝස්ට් එකක් දාන්න තියෙත්දි තෝ ඒක අස්සට උලව් ගෑණියෙක් රිංගුවාට මාගෙ බලවත් අප්‍රසදාය

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං. කොහෙද මුන් මාව කන්න හදනවනෙ.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. ඉන්ද්‍රාට සුවසේ නිදාගන්නට හැර, අපව ඉන්දියානු දූපතකට කැඳවා ගෙන ගීය හැලප තුමා කකුළුවන්ගේ අඬු වල තරම කියා දුන් හැටි නම් අගනේය...

    ReplyDelete
    Replies
    1. ආයෙම වතාවක් දරු පවුල් සමගම ඒ දුපතට ගිය හැටි නැවත ලියමි.

      Delete
  29. මාත් අාව. පස්සෙ කියෝල කමෙන්ට් ඒකක් දාන්නං අෑ...?

    ReplyDelete
  30. ආසයි බයයි අක්කාගේ බෝට්ටුවේ (නැවේ) නමයි.

    ReplyDelete
  31. අද තමා මං මේ පැත්තෙ ආවෙ. එලම සුබ පතනවා.

    ReplyDelete
  32. කතාව ලස්සනයි හල්පේ. මට මේ තේරෙන්නේ නැති තැන තමා අර හැලපි ගෙන් ඇඟිල්ල හංගපු තැන ගෙදර ඇවිත්. ඉන්ද්‍ර එක්ක ගිය ගමනේ හැලපි කොහොන්ද? නැත්නම් මේ ටියුබ්ලයිට් ද?

    ReplyDelete
    Replies
    1. ආ ඒක කාල සීමාවන් දෙකක සිදුවුන කතා දෙකක්. ලියද්දි එක තැනට ආවට. ස්තුතියි අජිත්.

      Delete
  33. සති තුනක්ම ගියා... සද්දයක් වත් නෑ නෙව.
    ලියපුවා සැර වැඩි උනා වත්ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සති හතරක් උනා තාම මොකුත් ලියාගන්න බැරිඋනා බං. වැඩ වැඩියි.

      Delete

ඔබේ අදහස්