අතීරණය මැද ගෙවීයන විනාඩිය පවා බොහෝ දිග යැයි චූඩාට සිතේ. තමා ගෙවමින් සිටින්නේ ජීවිතයේ අවසන් විනාඩි කීපයදැයි ඔහු සිහි කළේ සංවේගයෙනි. සිය ප්‍රාණය නිරුද්ධ වෙන්නේ තමා අතිශයින් ප්‍රිය කළ විෂයයක් හේතුවෙන් වීමත් දෛවයේ එක සරදමකැයි ඔහුට සිතේ. හෙට අනිද්දාට විවාහ කරගන්නට සිටින තම සිත්ගත් යුවතිය මා ගැන මොනවා සිතයිද ආදී වශයෙන් කල්පනා කළ චුඩාගේ සිතේ අතීත මතක සටහන් රාශියක් මොහොතින් මොහොත රඟදෙන්නට වුයේ චිත්‍රපටයක දර්ශන පෙළක් මෙනි.
මොකද බොල බලාගෙන ඉන්නෙ?
සුමනපාල නැවත බෙරිහන් දෙයි. චූඩා හැරී බැලුවේය සුමනපාල කෑගහන්නේ පුටුවේ දිගාවීගෙනමය. සුරුට්ටු කොටයද නොනවත්වා අදිමින් සුමනපාල කියන දේ එන්න එන්නම අපැහැදිලි වෙන බව චූඩා එක මොහොතකින් තේරුම් ගත්තේය. බලාපොරොත්තුවේ සිහින් එළියක් චූඩා ගේ සිත තුළ දැල්වෙන්නට පටන් ගත්තේ ඒ මොහොතේය. සුමනපාලගේ හිස විටින් විට පසෙකට බරවෙන හැටි චුඩාට පෙනේ. ලොක්කයියලාගේ ගෙදරින් බීපු වීදුරු දෙක තුන උඩට ඇදපු සුරුට්ටුවේ මත සුමනපාලට ඔරොත්තු නොදෙන සෙයකි. ඔහු හිස ඔසවා සිටීමට දැඩි ආයාසයක් ගත්තත් මොහොතින් හිස කඩා වැටෙන්නේ මුවින් අව්‍යක්ත හඬක්ද පිටකරමිනි. තවත් සුළු මොහොතකින් සුමනපාල මතට සම්පූර්ණයෙන් පරාජය වෙමින් පුටුවේ නිදන්නට වුයේ ගොර අදිමිනි. චූඩා සැනසිලි සුසුමක් හෙළුවේය පේමා තවමත් බීතවී ඉහළට ඇදගත් ගමන්මය.
පේමෝ රත්තරනේ මූ ඇහැරෙන්න කළින් මම යන්නං!
උඹ නං ගැලවිලා යන්න යයි ඊට පස්සෙ ඔක්කොම කරුමෙ ගෙවන්න වෙන්නෙ මට තමා උඹට මොකද, යන මඟුලක මාවත් එක්කං පළයන්!
නොරිස්සුමෙන් කියූ පේමා පොඩි එකාත් වඩා ගත්තාය.දැන් චුඩාගේ හිස මත කඩා වැටෙන්නට යන්නේ තිබුනාට වැඩි මරාලයකි. සුමනපාලයා ඌව මැරුවා නම් ඒක එතැනින් ඉවරය පේමාත් අරගෙන ගියොත් වෙන්නේ තව විනාසයකි පේමා මදිවාට තව පොඩි එකෙකුත්අරගෙන කොහේ යන්නද? ගෙදර හැර ඌට යන්නට වෙන තැනක් නැත. පේමාත් පොඩි එකාත් උස්සගෙන ගෙදර ගියොත් අම්මා තුන් දෙනාටම කොහු පහර දී එලවා දමනවා නිසැකය. හෙට උදේ වනවිට සිදුවුන සියල්ලම මුළු ගමටම ආරංචි වෙන එක වළක්වන්නට කාටවත් බැරිය. තව ටික දවසකින් චූඩාත් එක්ක දීග එන්නට අර කෙල්ල දින ගනිමින් සිටී ඒකිට මේ හරිය ආරංචි වෙනවාට වඩා වහ ටිකක් බොන එක සැපය. චූඩාගේ හිස යකාගෙ කම්මල වගේය මොනවා උනත් මේ වෙලාවේ මොළේ කල්පනා කර වැඩකළ යුතු යැයි චූඩා තමාටම කියා ගත්තේය. සුමනපාල ගොරවමින් නිදයි.
අනේ සුදෝ පොඩ්ඩක් කල්පනා කරල බලපංකො මම හෙට අනිද්දා පිළිවෙලක් වෙන්න ඉන්න එකා,මේ දේවල් අරකිට ආරංචි උනොත් එහෙම ඒකි ළිඳේ පැනල මැරෙයි. අනික සුමනයට හෙට උදේ ඇහැරුනාම ඌට මේ වෙච්ච දේවල් මතක තියෙයියැ, මතක් උනත් බීල ඉන්න වෙලාවෙ වගේ උඹව මරන්න හදන එකක් නෑ ඕන්නං ටිකක් බැනල නිකා ඉඳී! මොකෝ ඌටත් උඹ නැතුව මේ ගෙදර දොරේ වැඩ ළමයින්ගෙ වැඩ තනියම කරගන්න පුළුවන් එකක්යැ.
උඹ හදන්නෙ මගෙ හිත හදල පැනගන්න ඊට පස්සෙ මාව මතකක් නෑ, මාව ආයෙ ඕනෑ වෙන්නෙ උඹට ආයෙම රුදාව හැදුනම, උඹලගෙ හැටි මම නොදන්නවයි අපි හැම දුකක්ම විඳගෙන ඉන්න ඕනෑ උඹලට ඒවා ගානක් නෑ,අපිව ඕනෑ වෙන්නෙ උඹලගෙ මෝල් අමාරුව ඇරගන්න විතරයි ඉහි ඉහි...
පේමා ඉකිබිඳීමින් හඬන්නට වන්නීය. දෛවය තවත්වරක් තමාට ඉතා කාරුණික වූ බව දුටු චූඩා පෑල දොරෙන් එළියට පැන අඳුරට මුසුවිය.
මෙසේ අවුරුදු ගණනක් ගෙවී ගියේය චූඩා තමා පෙම් කළ කෙල්ල ගෙදරට කැන්දාගෙන ඇවිත් පවුල් ජීවිතය ආරම්භ කළේය. සුමනපාල සුපුරුදු පරිදි රස්සාව කරමින්ද දෙහි කපමින්ද හවසට ඒමිස් ගේ ගෙදර යමින්ද කාලය ගතකළේය. ඒමිස්ගේ පුතා පිස්සු බලු විසෙන් මැරුණේ මේ අතරවාරයේය. ඒ කතාව මම කළින් ලියූ පෝස්ටුවක ලීවේ මේ ආකාරයටය.
"ඒ ගෙදර ජෝඩුවට හිටියේ එක පිරිමි දරුවෙකි.
අවුරුදු දොළහක් පමණ වයස මේ ළමයා උදේ හවස පාසල් යන්නේ පා ගමනිනි. හදිසියේම
ළමයා මළේය. මැරුණේ පිස්සු බලු විෂෙනි. පසුව හොයාගත් කරුණු කාරණා අනුව දවසක්
ළමයා ඉස්කෝලෙ ඇරී ආපහු එනවිට කාලකණ්නි පෙනුමක් ඇති බල්ලෙක් හපන්නට පැනගෙන
ඇවිත් ඇති ඇති අතර ළමයා දුවගොස් බේරුනේය. නමුත් බල්ලාගේ නියපොත්තකට හෝ දතකට
ළමයාගේ කකුල සීරී ඇත.මේ සිද්ධිය කවුරුවත් එපමණ ගණන් ගෙන නැති අතර තුවාලය
නිකංම සනීපවිය. නමුත් ශරීරයට ඇතුළු වුන පිස්සුබලු විෂ මාස කීපයකට පසු
ක්‍රියාකාරී වීම හේතුවෙන් ළමයා මළේය. තවත් මාස කීපයක ඇවෑමෙන් ගෙදර කාන්තාවට
තව දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ විය.එය ඉතා හොඳ ආරංචියකි. මන්ද යත් එකම
දරුවා නැතිවූ ශෝකයෙන් සිටින දෙමව්පිය යුවළකට දරුවෙක් ලැබෙන ලකුණු පහළවීම
කෙතරම් වාසනාවක්ද? නමුත් පොඩි කොස්සකට තිබුණේ ගෙදර මනුස්සයා අවුරුදු දෙක
තුනකට පෙර රජයේ රෝහලකින් වාසෙක්තමි සැත්කම කරවා ගෙන රුපියල් පන්සීයක්ද අරං
තිබීමය. සිද්ද උනේ වෙන මිනිහෙක් නම් ළමයෙක් නැතිවීම පැත්තක තියෙද්දී ගෑනිට
ගුටි ගසා ගෙදරින් එළවන තරමට කේන්ති ගන්නා විච්චුම්බරයක් වුවද මූ එකහඬින්
කියා සිටියේ දරුවා උගේ බවය. කවුරු මොන තර්ක ගෙනාවත් වචනය වෙනස් කරන්නට උගේ
කැමැත්තක් නැත. දරුවා උගේමය කියමින් පරසක්වළ ගසයි. දෙන්න දෙමාල්ලන්ට
ප්‍රශ්නයක් නැත්නම් වෙන උන්ට ඇති පුකේ අමාරුව මොකක්ද කියා ගමේ උං සද්ද
නැතිව සිටියෝය. නමුත් මට ප්‍රශ්නයක් ඉතුරුවිය. මේකා කියන ආකාරයට දරුවා උගේනම්
වාසෙක්තමි සැත්කම අසාර්ථකය. සැත්කම සාර්ථක නම් දරුවා කාගේද?"
ඇන්සා අවුරුද්දකට සැරයක් ගමේ අයත් ලෑස්ති කරගෙන වන්දනා ගමනක් යයි. ඒ අවුරුද්දේ ඇන්සා ලෑස්ති වුනේ කතරගම යන්නටය. ඇන්සාගේ නෑනාත් මස්සිනාත් වූ ඒමිස් ජෝඩුව ද වන්දනා ගමන යන්නට ලක ලෑස්ති වුහ. නඩය පාන්දරින්ම වන්දනා ගමන පිටත් විය උදේ දහය විතර වෙද්දී ලැබුණු ආරංචිය වුයේ සුමනපාල හදිසියේ මළ බවය. ඔහු වන්දනා ගමන නොගියද වන්දනා බස් එක පිටත් වන තුරු හන්දියට වී සිට ගෙදර ගොස් ටික වෙලාවකින් පපුවේ රිදිල්ලක් ඇවිත් ඇඳේ හාන්සිවී ඇත. ඒත් පපුවේ කැක්කුම අඩු නැති නිසා රෝහලට ගෙනගියත් ජීවිතය බේරාගන්නට බැරි විය. ගමට ලොකු සේවයක් කළ සුමනපාලගේ අවසන් කටයුතු ඉතා හොඳින් සිදුකරන ලදී. සුමනපාලගේ හත් දොහේ දානයට පෙර බණ දවසේ රෑ අපි කොල්ලන් සියලුදෙනාම බණ ගෙදර ගියෙමු. බණෙන් පසු රෑ කෑම ලෑස්ති වෙන තුරු අපි ඒ ළඟ ගෙදරකට වී කෑමට පෙර පොඩියට කර්තව්‍යයක් කරමින් ආගිය කතා බහේ යෙදෙමින් පසුවුනෙමු. ටිකකින් එතනට ආවේ අපේ මස්සිනාය ඌ ඇවිත් ළඟ ළඟ දෙකක් නමා ගත්තේ එන්නට ප්‍රමාදවූ බව කියමිනි. ටිකකින් ඌ මට කතාවක් කියන්නට වන්නේය.
ඕයි!
මොකද ඕයි!
ඔය සුමනපාල මැරුණ දවස මතකද?
හ්ම්...පහුගිය සෙනසුරාද නෙ!
ඔන්න එදා උදේ පාන්දර මම වැඩට යන්න යනවා, අලවත්තෙ පාරෙ පල්ලම බහිද්දි මම දැක්කෙ මට ඉස්සරහින් තව දෙන්නෙක් යනවා!
මූ කියන්නට යන්නේ රසවත් ඕපාදුපයක් බව උගේ මුනෙන්ම පෙනේ,මම හොඳින් සවන්දී සිටියෙමි.
කවුද බලපුවම ඒමිසුයි පවුලයි,දෙන්න ලොකු බෑග් දෙකකුත් කරගහගෙන වන්දනාවෙ යන්න බස් එක ළඟට යන්න යනවා!
ඉතිං?
පල්ලමේ බෝක්කුව ළඟට යද්දි නියර දිගේ ආපු එකෙක් උන් දෙන්න පස්සෙන් වැටුණා. හෙන වැටමාර පොල්ලක් අතේ, කවුද බලපුවම සුමනපාල!
ඌ මොකද එතන කරන්නෙ?
අහගෙන ඉන්නවකො,මාත් ටිකක් කිට්ටුවෙලා මොකද වෙන්නෙ කියල අහගෙන පස්සෙන් ගියා, සුමනපාලය ඒමිස්ට බලු බැණුම් බනිනවා කුණුහරුප ඉවරයි!
මොනවද කියන්නෙ?
ඒමිස්ගෙ පවුලට කතරගම යන්න එපා කිව්ව,මගෙ ගෑණි තියල තෝ ඕනෑ මඟුලක පළ කිය කියාමයි පස්සෙන් ගියෙ!
ඉතිං ඒමිසා මොකද කළේ?
ඒමිසා වචනයක් කතා කලේ නෑ ඔළුව නමාගෙන ගියා,සුමනපාලය තිත්ත කුණුහරප කිය කියා ගහන්න වගේ පොල්ල උලුක් කළා!
මරුනෙ ඕයි තමුසෙත් ඔක්කොම අහගෙන පස්සෙන් ගියා?
උන්ට මං ඉන්නව කියල ගානක් තිබුණේ නෑ මමත් හංදියට යනකල් උන්ගෙ පස්සෙන් ගියා, සුමනපාලය කිව්වෙම ගෑණිව වන්දනා ගමන එක්ක ගියොත් ඒමිසාට ගහල මරනව කියලමයි. හංදියෙ වන්දනා බස් එක නවත්තල තිබුණා උන් තුන් දෙනාම එතන නැවතුනා මම දිගටම යන්න ගියා!
අපි දෙන්නාගේ හිනාවට අනික් උන් හැරී බැලුවෝය.
මොනවද ඔයදෙන්න කිය කියා හිනාවෙන්නෙ,අපටත් ඇහෙන්න කිව්ව නං නරකද?
හරි එහෙනං එක තමයි වෙලා තියෙන්නෙ,අපරාදෙ දෙහි ගෙඩියක්වත් කප්පෝ ගන්න හිටපු එකා!
තමුසෙ ඔය කතාව දන්නෙ නැතුවට ගමේ ගොඩක් අය දන්නවා,සුමනපාල කොටුව පැනල තියෙන්නෙ ඒමිස්ගෙත් කැමැත්තෙන්මයි! නැත්නං වඳ වෙන්න ඇටදෙක කපාගෙන හිටපු එකා ළමය තමන්ගෙයි කියාවියැ?
සුමනපාල ඉස්සෙල්ලාම ගියේය ඒමිස් ගියේ ඊට පස්සේය,ඒ මරණය වෙලේ මම ලංකාවේ නොසිටියෙමි. චුඩා මලේ ඊළඟටය ඌ මගේ පාසැල් මිත්‍රයා උනත් මට කබල් වැඩක් කළේය. ඒ මා ආදරයෙන් හැදු කුකුළු රංචුව හොරෙන් අරගෙන යෑමය. එදායින් පසු මම ඌව කෙළින්ම කපා දැම්මෙමි උගේ මරණයට යන්නට වත් මට හිත දුන්නේ නැත. පේමාත් ඒමිස්ගේ පවුලත් තාම හොඳට හිතවත්ය දෙන්නගේ ළමයිනුත් දැන් ලොකුය,අපේ අපේ අම්මාගේ දානේ ගෙදර ආපු පේමාත් ඒමිස්ගේ පවුලත් කදේ දාගෙන ඉන්නවා මම දවසක් දැක්කෙමි෴
"ඒ මා ආදරයෙන් හැදු කුකුළු රංචුව හොරෙන් අරගෙන යෑමය."......එහෙම කියන්නේ ඇයි? කුකුලෝ රංචුව සුරතලේට ඇති කලාද?
ReplyDeleteපස්සෙන් පහු මොනවා උනත් ඒ දවස්වල උන් මගේ සුරතලුන්ය.
Deleteපස්ට කතන්දරේ, ගොසිප් සයිට් එකක් පටන් ගමුද??
ReplyDeleteපටන්ගන්න ඕනේ නෑ මචෝ මේවා ගොසිප් තමා ඒකනේ ඔක්කොම එවුන් ඇවිත් පට්ට හුට්ට කියලා කොමෙන්ට් දාන්නේ.
Deleteඅමුතුවෙන් පටන්ගන්න අවශ්‍ය නෑ ලලිත් මේකෙ ඕනෑ තරම් ගොසිප් ලියවෙනවනේ.
Deleteහුඟ දවසකින් අපේ සුපුරුදු හැලප රසය වින්දෙමි. තෑන්ක්ස් හැලපේ....
ReplyDeleteහම්මෝ,ඇති යන්තං. බොටත් තෑන්ක්ස්.
Deleteමදැයි,සුවහසක් පාඨක බලාපොරොත්තු කඩා බිඳ දැමු හැටි හැලපයියා.
ReplyDeleteබලාපොරොත්තු කඩවීම, එතකොට ඉච්ඡා භංගත්වය කියන්නෙ මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් පෙන්නන්න, මේකෙ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි save කරගනිං මනෝජ්
Deleteමොනව බලාපොරොත්තුවෙන්ද හිටියෙ මනෝජ්.
Deleteඩුඩ්,
Deleteඇයි කළකිරීම.
යකෝ ගමේ ගොඩේ ඔක්කොම ඕපාදුප ටික හැලපේ දන්නවනේ...
ReplyDeleteමට ඔය ඕපාදුප බොහොමයක් ලැබෙන්නෙ සෑහෙන්න ප්‍රමාද වෙලා නාඩියෝ.
Deleteඉතිං කොහෙද බලධාරීයට බඩු වැඩි වෙලානෙ :D
ReplyDeleteචූඩගේ වෙලාවෙ හොඳකම තමා.
Deleteඒ උනාට හැලපයිය ඔයා පේමට කරපු වැඩේ වැරදියි ඈ..
ReplyDeleteනඩත්තු හරි ගෙවන්න තිබ්බ..චැහ් :D
//අපේ අම්මාගේ දානේ ගෙදර ආපු පේමාත් ඒමිස්ගේ පවුලත් කදේ දාගෙන ඉන්නවා මම දවසක් දැක්කෙමි// ඔහේ හිතන්නෙ දැකල විතරක් නිකං හිටිය කියලද?
Deleteහැලපයියා සිල් බිඳගෙන :D ඇඩ්රස් නෑ .
Deleteඅනේ මංදා බං බොලත් එක්ක ලියලත් බෑ නොලියත් බෑ.
Deleteප්‍රසා,
Deleteනෑ දැකල විතරක් නිකං හිටියෙ නෑ කතාකළා සංග්‍රහ කළා.
ඔවු ඉතිං සංගරහ කොරපු විදිය අපි නොදන්නවයි. හැක්..
Deleteප්‍රසා,
Deleteයකෝ ඒ හරියත් දන්නවද?ඒ උනාට මුන් ඕපාදුප කාරය කියල කියන්නෙ මටනෙ.
මාත් හරි ආසයි සංග්‍රහ කරන්න :D
Deleteමං හිතුවෙ ඒමිස්ගෙ පවුලටත් වග කියුවේ චූඩයි කියල.. බැලින්නං සාස්තර සුමනේ නොවැ. ඌට ගෙදර ඉදෙන බත තමයි කන්ට බැරි..
ReplyDeleteඅම්මප හැලප අයියනම් නියම රෙඩියෝ සිලෝන් එක.. නොදන්නා හුටපටයක් නෑනේ.
නෑ බං ඔය මටත් සැරෙන් සැරේ ආරංචි වෙන කතා නොවැ.
Deleteඒකත් එහෙනං එහෙමලු උනා කියන්නෙ. මේක හරියට ෆිල්ම් එකේ හොඳම කෑල්ල බලුධාරියා විසින් කපා හරින ලදී වගේ කේස් එකක්නෙ.
ReplyDeleteහැලපෙටත් ඉතිං වෙන වැඩක් තිබිල නෑ වගේ ගමේ ඉන්නකොට. හැක්..
හොඳම කෑල්ල කාගත්තෙ සුමනපාලයමයි. ගමේ ඉද්දි හොයා ගත්තුවෑ වටිනාකම තියෙන්නෙ දැන් තමයි.
Deleteමම දැක්කෙම චූඩා කියන එක ඩූඩා කියලමයි , මම ඒත් බැලුව බෝ පැලේ වගේ පිංපාටට ඉන්න ඩූඩයියා මෙහෙම වැඩක් කරයිද කියල ?
ReplyDeleteඉවාන්, උඹට කියන්න මටත් එහෙමයි පෙනුනෙ. නමුත් ඇදගෙන නාන්න ඕනෙ නැති හන්දා සද්ද නැතුව හිටියා.
Deleteඒක නෙවෙයි. ගංවතුරෙන් පස්සෙ උඹ තනිකරම ෆෝර්මැට් වෙලාවගෙ. මොකෝ නිහඬ බවට හේතුව?
සිස්ටම් එකේ තාම රොඩු බොඩු තියෙනවලු. අර අටම් බාස්ට කිවුවනං හොඳට හෝදල ගනී. හැක්..
Deleteඉවානය කොහොම කටක් ඇරල කියන්ඩද වැලිකඩ දවස් 21 හිටිය කියල.
Deleteචූඩා කිව්වත් ඩූඩා කිව්වත් සද්දෙ එච්චර වෙනසක් නෑනෙ ඉවාන්.
Deleteඩුඩ්,
Deleteඒක තමයි උඹ සද්ද නැතුව හිටියෙ එහෙනං.
ප්‍රසා,
Deleteරොඩු බොඩු සුද්ද කරල විතරක් මදි බං.ඌ මෙහෙම හරි එනවට තෑගී දෙන්න වටිනවා.
කම්මල,
Deleteඉවානය මට නං එහෙම කතාවක් කිව්වෙ නෑ.
හැලපයියගෙ ගමේ කොළඹ හතේ පොස් සංස්කෘතිය නෙව තිබිලා තියෙන්නෙ..
ReplyDeleteජයවේවා..!!
ඔව් ඔව් එහෙම තමා ගමේ උනත් අපේ තිබුණේ බොහොම පොස් සඟිස්කුරුතයක්.
Deleteසමගි සමාදානය සහ බෙදාහදාගෙන කාලා ජීවත්වීමේ ගැමි ආදර්ශය.
ReplyDeleteසහතිකෙන්ම විචා. ඒ සංස්කෘතිය ඉදිරියටත් පවතී නම් කොපමණ සුන්දරද?
DeleteHalapa frend. Nother good intestin story you put here. Thank lots to you to put the story. I reed and reed very tasty story. There lot of this like things hapen. all things like this nomal things. Why we take pane?
ReplyDeleteno pane at all Ratathota.thanks!
Deleteමං නිකං යැ කියන්නේ වේයන්ගොඩ වතුරවල අවුලක් තියනවා
ReplyDeleteමං නිකං යැ කියන්නේ වේයන්ගොඩ වතුරවල අවුලක් තියනවා
ReplyDeleteමං නිකං යැ කියන්නේ රාගම කොම්පියුටර්වල අවුලක් තියනවා
Deleteඔය ලයින් එකේ සිස්ටම් එකම අප්ෂැට්.. :D
Deleteමේ බ්ලොග් හින්ද මිසක් , නැත්නම් අපි හොදට හිටිය කොල්ලො, නැද්ද හැලපෙ සහ අටම්
Deleteඋඹ වේයන්ගොඩින් නාන්නෙ නැත්තෙ ඒක වෙන්න ඇති එහෙනං.
Deleteකම්මල,
Deleteමොකට කියනවද බං.මේ බ්ලොග් වලට ඇබ්බැහි වෙන්න කලින් අපි අගේට හිටපු කොල්ලො.
කම්මල, බ්ලොග් හින්ද තමයි බොලා මේ තරමට හරි බේරිලා ඉන්නෙ. නැත්තං ඉතිං වෙන දේ මම මෙතන කියන්නෑ. නැද්ද පත්තරයො.
Deleteඑකෙන්ම.. බ්ලොග් නැත්තං "කොල්ලො" ටිකට ස්ට්‍රෙස් වැඩිවෙලා ඇංජිනුත් සීස්වෙලා ඇඩ්රසුත් නෑ :D
Deleteකොයි රටේ කතාද මේ හැලපේ. ලංකාවේ ඔහොම වෙනවය ?
ReplyDeleteඅජිත් මේ ලංකාවෙ අපේ ගමේ ඇත්තටම සිදුවුන කතාවක්.
Deleteකතාන්දරය රහයි හැලපෙ තුමෝ...
ReplyDeleteස්තුතියි පොකුරු වැහි.
Deletehttp://nelumyaya.com/?p=6142
ReplyDeleteThanks Ajith!
Deleteහැලප නැතුව සාංකාවෙන් වගේ හිටිය මදෑ හැබෑ රහයි
ReplyDeleteපහුගිය ටිකේ ලියපුවා රහ නැතුවද මංදා.
Delete