අපි වැඩකළ ඒකාබද්ධ සේවා අංශය පිහිටා තිබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පස්වෙනි මහළේය. කැන්ටිම තිබෙන්නේ හත්වන මහළේය මම ඉන්ද්‍රා සහ ලාල් උදේ සහ හවස දවසකට දෙවරක් තේ බොන්නට හත්වෙනි මහලට නැග්ගෙමු. මටත් ලාල්ටත් දවල්ට කන්නටත් කැන්ටිමට යන්නට සිදුවේ. හත්වෙනි මහලට එස් එස් සී ක්‍රීඩාංගනය ඉතා හොඳින් දර්ශනය වේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් සමග ලංකාව තරඟ වදින දිනයක් නම් හත්වන මහලේ සිට තරඟය නරඹා සෑහීමකට පත් නොවූ අපි තරඟය නරඹන්නට කෑමෙන්පසු එස් එස් සී පිටියට යන්නෙමු. ටෙස්ට් තරඟ බලන්නට ටිකට් අවශ්‍ය නොවේ ඒත් එක්දින තරඟ බලන්නට එහෙම බැරිය අනික එක් දින තරඟ තියෙන්නේත් සති අන්ත වලය. මගෙත් ලාල්ගෙත් ක්‍රිකට් පිස්සුව ගැන ඉන්ද්‍රා කොතෙකුත් විහිළු කළත් අපේ වැඩ පිළිවෙල අපි නතර නොකළෙමු. මම කලින්ද කියා ඇත්තාක් මෙන් මා මෙන්ම පොත් ලෝලියක් වූ ඉන්ද්‍රා නිතරම පොත් ගැන මා සමග කතා කළාය. හවස වැඩ අවසාන වීමෙන් පසුව අපි බස් එකේ බොරැල්ලට යන්නට පුරුදුවී සිටියෙමු බොරැල්ලෙන් ඉන්ද්‍රා ඇය පදිංචිවී සිටි කැලණියට යන්නට බස් එකට නැගගත් අතර මම තලවතුගොඩ බසයට නැගී බෙන් එකට ගියෙමි. ගාල්ලේ පදිංචිකරුවෙකු වූ ලාල් ගෙදර යන්නට ප්‍රමාද වූ දවස්වලට මගෙත් එක්ක බෙන් එකට ඇවිත් නවතින සිරිතක් විය. තරුණ අපගේ දඟකාර වැඩ ඉන්ද්‍රා බෙහෙවින් ප්‍රිය කළ අතර අපි කළ තක්කඩි වැඩ ගැන කියනවිට ඇය අසා සිටියේ සිනාසෙමිනි.
දවසක් අපි කතාකරමින් සිටියදී ලාල් කීවේ නවයොවුන් වියේදී අහළ ගං පළාතේම අතිශය රූමතියකව සිටි ඉන්ද්‍රා ඒ පැත්තේ චණ්ඩියා වූ එඩ්වඩ් විසින් බලෙන්ම වාගේ විවාහ කරගත් බවයි. විවාහයෙන් අවුරුදු දෙක තුනකට පසු සියළුම චණ්ඩින්ට හිමිවන ඉරණම් ගමන එඩ්වඩ්ටත් යන්නට වුනේ තවත් චණ්ඩියෙක් අතින්ය. මේ සියළුම කලබැගෑනි දෙස අකම්පිතව බලා සිටි ඉන්ද්‍රා එඩ්වඩ් ගේ මරණින් පසු ආපසු තමන්ගේ ගෙදරට පැමිණ පදිංචිවී ඇත. ඇයට රැකියාව ලැබුණේ ඒ සමයේදීය තම ජීවිතයට සිදුවූ බරපතල අසාධාරණය ගැන කම්පා නොවූ ඇය තනිකඩව රැකියාව කරගෙන සිටින බවත් ගාල්ලේ අවුරුදු දහයක පමණ සේවයෙන් පසු කොළඹට ස්ථාන මාරු ලැබී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණි බවත් ලාල් වැඩිදුරටත් මට කීවේය. ඉන්ද්‍රාගේ කතාව ලාල්ගෙන් ඇසූ මට ඇය ගැන ඇතිවූයේ විමතියක් සහ අනුකම්පාවකි. සිය ජීවිතයේ හිරිමල් වයසේදීම යුවතියකට දරාගන්නට බැරි තරම් දුක් කරදර විඳ සිටියදීත් ඒ ගැන කම්පාවට පත් නොවී සිය හිත මිතුරන් සමග සතුටින් විනෝදයෙන් රාජකාරි කාලය ගතකරන ඉන්ද්‍රාගේ විස්තර තවදුරටත් දැනගන්නට මට ඇතිවුණේ දැඩි කුතුහලයකි. එහෙත් කෙනෙක්ගේ පුද්ගලික විස්තර අහන්නට මගේ තිබු අකමැත්ත හේතුවෙන් සිතේ තිබුණ කුතුහලය යටපත් කරගෙන හිඳින්නට සිදුවිය.
අපේ අංශයේ කට්ටියක් ඉන්ද්‍රලාගේ ගෙදර ට්‍රිප් එකක් යන්නට සුදානම් වුනේ මේ අතරය. ගමන සංවිධානය කළේ නීතාය ඇය ගමන යන්නට කට්ටියද වාහනයක්ද ලෑස්ති කරගත්තාය. මට ඒ ගමන ගැන එපමණ උනන්දුවක් ඇති නොවූයේ ඒ දිනවල මා බෙනට්ගේ ටෙළියත් සමග බෙහෙවින් කාර්ය බහුලව සිටි හෙයිනි. ගමනට දින ළං ළංවීගෙන එද්දී දවසක් අපි දෙන්නා කැන්ටිමේ තේ බොමින් සිටියෙමු.
"තමුසෙ අපේ ගෙදර එන්නෙ නැද්දැ?" යි ඉන්ද්‍රා එක්වරම මගෙන් ඇසුවාය. හිතවත්කම වැඩිකමට ඇය මට කතාකළේ එහෙමය.
"මට එන්න වෙන්නෙ නෑ ඕයි!" කී මම ඒ දිනවල දිගටම මට බෙනට්ගේ ටෙළියේ ෂූටිං වලට රැයක් දවාලක් නොමැතිව සහභාගී වන්නට සිදුවී ඇති බව ඇයට පැහැදිළි කළෙමි.
මා ඇය සමග කීයේ සහතිකම ඇත්තය. ඉන්ද්‍රා වේගයෙන් ඇසිපිය සලමින් මගේ කතාව අසා සිටියාය. කරදරයක් වුවිට හෝ සිත කලබලයට පත්වූ විට ඇය තදින් ඇසිපිය සලන බව මම නිරීක්ෂණය කර තිබුණෙමි. කතාවක් නොමැතිව මොහොතක් ගතවී ගියේය. ඇගේ සිහින් දෙතොල් වෙවුලන බව මම දුටුවෙමි.
"මමත් ගෙදර යන්නෙ නෑ ! " යි ඇය හිමිහිට පැවසුවිට මම කරකවා අතහැරියාක් සේ වීමි.
"එතකොට කට්ටියගෙ ගමන?" මම ඇසුවෙමි.
"ගෙදර ප්‍රශ්නයක් හරි සනීප නෑයි හරි කියනවා!" ඉන්ද්‍රා මුහුණ රතුකරගෙන සිහින් හඬින් කීවාය.
"ඒක හරි සවුත්තු වැඩක් නේද? එතකොට අර කට්ටිය ලෑස්ති කර ගත්ත ගමන අපරාද නෙ! " යි මම කීවෙමි.
"ගමන අපරාදයක් උනොත් ඒ තමුසෙ නිසා!" යි ඉන්ද්‍රා කීවාය. "ඇත්තමයි මම දන්නව තමුසෙ හින්ද වෙලාවක මට පිස්සු හැදෙනවා! " යි බිඳුණු හඬින් ඇය කීවේ බිම බලාගෙනය.
කේන්ති ගිය විට ඈ බෙහෙවින් රූමත් යැයි මා කීවිට ඇය අත් බෑගය ඇද දුම්රියේ යන්නට ලබාදී තිබුණ සීසන් පෝල්ඩරයේ පිංතුරය මට පෙන්වූවාය. එය ඊට අවුරුදු දහයකට හෝ පහළොවකට පෙර ගත්තක් වූ අතර එහි තිබුණේ මා ඉදිරිපිට ඉන්නා ඉන්ද්‍රාගේ දැයි හිතාගන්නටවත් බැරි අතිශය පියකරු උදේ පිපුණු මලක් මෙන් රූමත් යුවතියකගේ පිංතුරයකි.
"ඉතිං බලෙන් උස්සගෙන යන්නෙ නැතුව ඉඳීයැ !" යි මා කීවිට සිනාසුණු ඈ "හිනාවුණාට මගෙ කේන්තිය තවම ඇරුනෙ නෑ, තමුසෙ එනවද නැද්ද කියල හෙට හරියටම කියනවා! " යි කීවාය. අපි සිනාසෙමින් කැන්ටිමේ සිට ආපසු ආවෙමු.
ඉන්ද්‍රලාගේ ගෙදර යන්නට නියමිතව තිබුණේ ඒ සතියේ සෙනසුරාදාය. සිකුරාදා මුළු රාත්‍රිය පුරාම ටෙළියේ ගීතයක් ගීතයක් රූපගත කරන්නට නියමිතව තිබුණේ රාජගිරිය පැත්තේ වලව්වකය. එහෙයින් සෙනසුරාදා විවේක දිනයක් විය. අවශ්‍ය නම් උදේම ඉන්ද්‍රලාගේ ගෙදරට පිටත් වෙන්නට හැකියාව තිබුණත් මුළු රැයක් නිදිවරා වෙහෙසවී වැඩකර එතැනින්ම හැතැප්ම පණහක් පමණ දුර යෑමේදී ඇතිවන මහන්සිය මෙතෙකැයි කියන්නට බැරිය. ඉඳගත් තැන එහෙම නින්ද යයි දවල් ඉර එළිය වැටෙන විට ඇස් වලින් පිටවන්නේ බුදු රැස්ය. මා මේ විස්තරය පසුවදා ඉන්ද්‍රාට කීවෙමි එන්නට හැකි නමුත් ගෙදරට ළඟාවන්නේ හොඳ පණ ගිය එකෙක් බවත් එහෙම ඇවිත් පළක් වේ නම් එන්නට හැකි බවත් මම වැඩිදුරටත් විස්තර කළෙමි.
" පණගිහිං හරි තමුසෙ එනව නං එච්චරයි!" යි ඇය සිහින් අනම්‍ය හඬකින් කීවාය. ජයග්‍රහණයක සතුට ඇගේ දෑස් පුරා දකින්නට තිබිණි. ඒත් මට අනෙක් අය යන වාහනයේ යන්නට ලැබෙන්නේ නැත මම බස් එකේ එන්නම් කියා කීවේ ආපසු එනවිට වාහනයේ එන්නට හැකි බැවිනි. ලාල් ගාල්ලේ සිට කෙළින්ම ඉන්ද්‍රලාගේ ගෙදර එන බව කිවේය. ඉන්ද්‍රා සිකුරාදා දවල් වරුවක නිවාඩුවක් ගෙන ගෙදර ගියාය.
නියමිත පරිදි සිකුරාදා සවස අපි බඩු පොදි බැඳගෙන රාජගිරියට ගියේ නයිට් ෂූටිං වලටය. ප්‍රධාන නිළිය ගීතය ගයන්නේ සාදයකය, සාදයේ සෙනගට පීරියඩ් විදියට ඇඳුම් අන්දවා බස් එකක පටවාගෙන එන්නට සිදුවිය. ඊට පසුව ඒ නිවසේ සැරසිළි කරන්නට ද ගෙනා කට්ටියගේ කෑම බීම ආදී අවශ්‍යතා බලන්නටද මට සිදුවී තිබිණි. ගිය වෙලාවේ පටන්ම වෙහෙස නොබලා වැඩකලත් මුල්ම ෂොට් එක ගන්නාවිට වෙලාව රෑ දොළහටත් ළංවී තිබිණි. එතැන් සිට එක දිගට රූපගත කිරීම සිදුකළ හෙයින් බලාපොරොත්තු වූ පරිදිම මුළු රාත්‍රිය පුරාවටම එක විනාඩියකට වත් ඇස් පියාගන්නට ලැබුණේ නැත. ගීතයේ අන්තිම ෂොට් එක ගන්නට ඉතිරිවී තිබියදී උදා හිරු රැස් ක්‍රම ක්‍රමයෙන් පොළොව සිප ගන්නට වන්නේය. කිචි ධර්මයා කෑ ගසමින් කාර්මිකයන් කණ්ඩායම මෙහෙයවන්නේ එළිය වැටෙන්නට කළින් ෂොට් එක ගන්නට නොහැකි වුණොත් අද රාත්‍රියේද නිදිවරන්නට වන බව කියමිනි. ඒ රාත්‍රියේද නිදිවරන්නට වනවා යැයි ඇසෙන විට ඇඟ හිරිවැටේ. කෙසේ වුවද කරදරයක් නැතිව අවසාන දර්ශනයද රූපගත කරන්නට ධර්මයා සමත්විය. රූපගත කිරීම නිමකර ඩොලියෙන් බැසගත් ධර්මයා,
"මම නැත්නං වෙන වැඩේ බලන්න තිබුණා!" යි කියමින් බුලත් විටක් ඒදාගෙන හපන්නට විය.
එතැන් සිට මම ඉක්මන් වුයේ කොටුවේ බස්පොළට යන්නටය. හවස එනවිට ගෙනැවිත් පැත්තක තබා තිබූ වෙනත් ඇඳුමක් ඇඳගත් මම ගේ ඉස්සරහින්ම කොටුව බස් එකකට ගොඩවී පිටකොටුවට ගොස් ගාලු යන ඒ සී බසයකට ගොඩවුනෙමි. ටිකට් වලට කලින්ම මුදල් අතටදී මම කොන්දොස්තරට කීවේ මට අනිවාර්යයෙන්ම සීට් එකේ නින්ද යන බැවින් නියමිත තැනදී නොවරදවාම ඇහැරවන්නට කියාය. බසය ගාලු පාරට ඇතුළු වන්නටත් පෙර මගේ හිස බරවී නින්ද යන්නට ඇත නැවත ඇහැරුණේ කොන්දොස්තර මල්ලී මා අවදිකරවා "මහත්තයා බැහැගන්න!" කියද්දීය.
එහෙම කියද්දී මට මතක් වන්නේ රවී ලියා තිබූ කතාවකි. එකල සති අන්තයේ කදුරුවෙල සිට ගෙදර එන රවී ඉරිදා හවස බසයේ ආපසු කදුරුවෙල යයි. කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලීජිය පසුවන විටම නින්ද යන රවිට නැවත ඇහැරෙන්නේ කදුරුවෙල දීය. දවසක් අම්මා රවිගෙන් අසන්නේ "නුවර ඉඳන් කදුරුවෙලට කොපමණ දුරද පුතේ?" යි කියාය. මඳක් කල්පනාකරන රවී "එච්චර නෑ අම්මේ,ඇන්තනීස් කොලේජ් එක පහුවුණ ගමන් කදුරුවෙල" යි පිළිතුරු දෙයි. ඒ පිළිතුර අසා ඇරුණු අම්මාගේ කට පැයක් පමණ වහගන්නට බැරිව තිබුණා යැයි රවී ලියා තිබිණි.
මට පාර වරදී යයි ඉන්ද්‍රා අක්කගේ දුවලා දෙන්නාව පාරට එවා තිබුණාය. බයිසිකලයක නැගගෙන පාරට ඇවිත් තිබු පොඩි කෙල්ලන් දෙන්නා මට කතා නොකරම මා හඳුනාගන්නට සමත්වුණු අතර බසයෙන් බැසගත් පුද්ගලයා නියම පාරට වට බව දැනගත් විගසම කෑ ගසාගෙන ආපසු ඉගිලුනෝය. මට දී තිබු මග විස්තර අනුව පාර වරදවා නොගෙන ඉන්ද්‍රාගේ ගෙදරට ගියෙමි. ඒ වනවිටත් යන්තම් උදේ දහයමාර පහුවුණා පමණකි. කලින්දා රෑට කාපු ආප්ප දෙක තුනට පසු කිසි දෙයක් කුසට නොවැටුණු මගේ කුසගින්න ලැව් ගින්නක් සේ නැගගෙන එයි. සිනාසී ගෙන පෙරමඟට පැමිණි ඉන්ද්‍රා මා පිළිගත්තාය කොට සායක්ද බ්ලවුසයක්ද හැඳ දැරියක සේ සිටින ඇගේ දෑස් සතුටින් දිළිසෙයි.
"ඔය යස අගේට ඉන්නෙ, මම මේ මගට ආවෙ පණගිය මනුස්සයව අරගෙන යන්න!" යි ඇය කීවේ සිනාසෙමිනි.
"ඉන්නව නං තමා ආපු හැටි දන්නෙ මම විතරනෙ!"
"මහන්සිද?" ඉන්ද්‍රා මගෙන් අසන්නේ මහත් සෙනෙහසිනි. "ගෙදර නෙවෙයි නං මම තමුසෙව උස්සගෙන යන්නෙ!" ඇය මගේ කණට කර රහසින් කීවාය.
"බඩගිනියි ඕයි, ඊයෙ රෑට කාපු ගමන්,පරක්කු වෙන නිසා මගින් කන්න හිටියෙ නෑ. බස් එකෙන් බැහැපු තැන හංදියෙ කඩේකින් කන්නත් කල්පනා කරල නිකා හිටියා!"
"ගේ පෙනි පෙනී කඩේට කන්න ගියානං හොඳ වැඩක් කරනවා, යමු යමු, ගෙදර උදේට කන්න හදල ඇති!"
මුහුද අද්දර ඉතා පියකරු පරිසරයක පිහිටා ඇති පැරණි පන්නයේ නිවෙසක් වන ඉන්ද්‍රලාගේ ගෙදර කුස්සියේ දොරින් එළියට බැස්ස විට ඉදිරියට දිස්වන්නේ රැළි නඟන මහ මුහුදයි.ගෙදර හිටියේ ඉන්ද්‍රාගේ අම්මාත් නංගීත් පොඩි මල්ලිත්ය. ඇගේ ලොකු මල්ලිගේ පදිංචිය ඔහුගේ බිරිඳගේ ගෙදරය. නිතර සිනාසෙන කාරුණික කාන්තාවක වූ අම්මා මාව කෑම කන කාමරයට එක්කරගෙන ගෙන ගොස් උදේට කන්නට දුන්නාය. උදේට කන්නට ඇය සුදානම් කර තිබුණේ මිරිස් මාළු හොදිත් පොල් සම්බෝලත් සමග ඉඳිආප්පය. දකුණේ තාලයට සැරට සකස් කර තිබු මිරිස් මාළු හොද්ද බෙහෙවින් රසවත් විය. කෑමෙන් පසු කහට තේ කෝප්පයකි, සිගරැට් එකක්ද දල්වාගත් මා ඉස්තෝප්පුවේ තිබු හාන්සි පුටුවේ වාඩිවුනෙමි. ඒ දිනවල මා බොහෝසේ දුම් පානය කළ අතර මගේ අනවරත දුම් පානයට ඉන්ද්‍රාගේ දැඩි විවේචන එල්ලවිය. එනවා යැයි කියූ අනික් අය හෝ ලාල්වත් තවම එන පාටක් නැත. මුදු හුළං වදිමින් හාන්සි පුටුවේ වාඩිවී සිටි මට එක්වරම නින්ද යන්නට ඇත෴
මට හිතුන දෑ නොලියමි...අනික් ඇත්තෝ ඒවාට අඩුම කුඩුම දමා ලියනු ඇත...
ReplyDeleteහරිම රසවත් විදියට ලියල තියනවා, හැමදාම වගේ...සමහර වාක්‍ය අවසානයේ නැවතීමේ තිත මග හැරිලා තියනවා දුටුවා...
හ්ම්...............
Deleteඒත් ඉතිං, හැලපෙ හිතලා මතලා කටයුතු කොරලා තියන බව පේනවා.
පොකුරු වැහි,
Deleteහිතුන ටිකත් කිව්වා නං අපූරුයි.කෙටි වාක්‍ය වලට නැවතීමේ තිත නොතිබ්බෙමි.
විචා,
Deleteඑහෙම නැතුව බෑනෙ ඉතිං.
ගස්ලබ්බටත් බස් වල නිදා ගන්න හැකියාව නං හොඳට තියනවා.කොළඹ ඉඳන් මාතරින් බහින්න යනකොට (යන්නෙ රෑට.) නූපෙ හන්දියෙන් ඇහැරිලා ආයෙ නින්ද ගිහින් දෙවුන්දරින් බහින්න උන අවස්ථා තියෙනවා.. හෙහ් හෙහ්..
ReplyDeleteමේ පෝස්ට් එක නම් මත් ගතියකින් ලියපු ගතියක් දැනෙනවා..
නිකං හෘදයාංගම ගතියක්.. හෙහ් හෙහ් හේ
ජයවේවා..!!
මට නං සාමාන්‍යයෙන් ගමන් යනකොට නින්ද යන්නෙ නෑ.එදා නිදාගත්තෙ නිදිමරලා හිටපු නිසයි. මේ පෝස්ටුව හරිම ඕනෑකමකින් සහ පරිස්සමකින් ලියපු නිසා හෘදයාංගම ගතියක් දැනෙනවා ඇති.
Deleteමට නම් බහින තැන අමතක වෙන්නේ කෝච්චියේ ලැපට ඛොට කොටා හෝ නවල් කියවමින් ආ විටයි!
ReplyDeleteඅමතක වෙනවා මිසක නින්ද යන්නෙ නෑනෙ.
Deleteලස්සන පෙම් කතාවක් වගේ , කතාවේ ඉතුරු ටික එක එක අවසාන වලින් මැවෙනවා . දෙකතුනක් ලියන්නද? එක්කෝ ඔයාම ලියන්න . හැක
ReplyDeleteදෙකතුනක් ලිව්වනම් මක් වෙනවද ඉවාන්.
Deleteඉතිං ඊට පස්සෙ :)
ReplyDeleteඊළඟට.
Deleteඅයියෙ ඔයා මේ ප්‍රෝග්‍රැම් එක ලස්සනට කරනවා, ..ආ, සොරි වැරදුනා
ReplyDeleteවෙනද වගේමයි....අපූරුයි....
:D :D
Deleteනංගි හෝ මල්ලි දන්නෑ මේ අයිය කරල තියෙන ප්‍රෝග්‍රෑම් වල තරම. හැක්..
Deleteඅනේ තැන්කු ඇනෝ.ඔයා කොහෙන්ද එකතුවෙන්නෙ.
Deleteහරි,
Deleteඑච්චරද බං.
ප්‍රසා,
Deleteඒ හරිය දන්නෝ දනිති.
"සාදයේ සෙනගට පීරියඩ් විදියට ඇඳුම් අන්දවා" what the hec is this? every one got periods???
ReplyDeleteYep,unfortunately! what to do?
Deleteඉඳිආප්ප බඩගිනි හැදෙනවා ඕයි.... මේ වගෙ බඩගිනි හදවන එක හරිද?
ReplyDeleteෂා රස යි නේ?
Delete@ Pra Jay
Delete++++...:D
කිසි ප්‍රශ්නයක් නෑනෙ සාරස.ඔය මෙනු එක හැමතැනම ඇවේලබල් නේද?
Deleteමටත් බස්වල නැංගම ඇහරලා නම් ඉන්න බෑ... විනාඩි 20 ක දුරක් යන්න නැංගත් හරි අමාරුවෙන් ඇහරලා ඉන්නේ...
ReplyDeleteඉන්ද්‍ර හරි පවු... එච්චර ප්‍රශ්න වෙලා සතුටින් ඉන්න එක කොච්චර හොඳද?
මුහුද අයිනේ ගෙයක් හරි ශෝක්...
දැන් එතන ගිහිනුත් නිදි......
මේ කොටසත් හරිම රසවත්... බලමු මොකද වෙන්නේ කියලා...
ඔයත් හරිම නිදි ලෝලියක් නොවැ.
Deleteමුහුද අයිනෙ තියෙන ගෙවල්වලට මමත් හරි කැමතියි.ඉතුරු හරිය අනික් කොටසින් බලමු.
අදත් අනුවේදනීය කතාවක්.
ReplyDeleteඑසේය.කඳුළැල් කඩා හැලේ.
Deleteමටනං වාහනවල යනකොට නින්ද යන්නෙ කලාතුරකින්. එකපාරක් රෑ හතහමාරෙ ඉඳල උදේ හය විතර වෙනකල් කොළඹ හරහා මාතලේ ගියා. ඇහැරල හිටියෙ මායි වෑන් එකේ ඩ්‍රැයිවරයයි විතරයි.
ReplyDeleteමිරිස් මාළු හොදි, පොල් සම්බල් එක්ක ඉඳියාප්ප ගැන කියල හැලපෙ අද අහගන්නව කට්ටියගෙන්. ඔය සා රස ගොයිය පළවෙනි වෙඩි මුරේ පත්තු කරල තියෙන්නෙ.
මිරිස් මාළු ගැන මම කිව්වෙ.මුන් කියන්නෙ මාළු මිරිස් ගැන.
Deleteදැං ඉතිං මේ කතාවෙ තව කී පාරක් විතර නිදාගන්න බලාගෙන ඉන්නවද?
ReplyDeleteවැඩියෙ නෑ, නින්ද යන විදියට බලමුකො.
Deleteඅද තොග මිළ
ReplyDeleteමාළු මිරිස් 350 – 370
බෝංචි රුපියල් 200 – 220
කැරට් රුපියල් 300 – 320
ගෝවා රුපියල් 140 -145 අතර තොග මිලට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අළෙවි විය.
මල්ලි අල කීයද?
Deleteතොගද සිල්ලරද ?
Deleteමල්ලි වම්බටු නැද්ද??
Deleteමගේ යාලුවෙක් පොලේ ගිහිල්ල මලා
Deleteමගේ යාලුවෙක් පොලේ ගිහිල්ල මලා × 2
Deleteහැක්.. පොළේ ගිහල්ල මලේ සුරංගය..
Deleteහොඳ වෙලාවට අපි මුංගෙ යාළුවො නොවුනෙ. හැක්..
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඇනෝ,
Deleteමිළ දර්ශනය ලබාදීම ගැන ස්තුතියි.මාළු මිළත් තිබ්බ නං අපූරුයි.
මගෙ යාලුවෙක් වාහනයක නිදාගත්ත, ඇහැරුනෙ නෑ (මලා)
ReplyDeleteඩ්‍රැයිවරය නිදාගත්තොත් ඉතිං පාරෙ යන උංටත් මැරෙන්න තමයි වෙන්නෙ.
Deleteමගේ යාළුවෙක් මළගෙවල් වැඩි වෙලා මළා..
Deleteමළා !
DeleteThis comment has been removed by the author.
Deleteඅනේ මංදා දැන් උඹේ යාළුවො කවුරුවත් ඉතුරු වෙලා නැතුව ඇති නේද?
Deleteකථවේ ඉතුරැ ටික ඉක්මනට දාන්න. මේක ටිකක් නැගලා යන කථාවක් වගේ. මොකක් හරි අමුත්තක් තියෙන දෙයක් කියලා හිතෙනවා. මටත් බස්වල යනකොට නින්ද යනවා එළකිරි වගේ. සමහර වෙලාවට ලඟ ඉන්න එකාගේ කරේ.
ReplyDeleteරාජ්‍ය පරිපාලනේ වැඩකරපු ජේ.ටී. කොඩිතුවක්කු, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙි හිටිය සුනන්ද මද්දුම බන්ඩාර එහෙම දන්නවද.
Deleteඅමුත්තක් තියෙනවා වගේ හිතෙනව නං කතාව හොඳට ලියවිලා ඇති.
Deleteඔව් හොඳින් දන්නවා .
Deleteඉතිං ඉතිං
ReplyDeleteබලාගෙන යමු.
Delete"අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්...." හැලප අයියා. බොහොම රසවත්... ඒ ලෙන්ගතුකම මගේ හිතටත් දැනුන නිසා කට කැඩිච්ච කතාවක් කියන්න හිත නැමෙන්නෙ නෑ ... ඇත්තමයි.. ඉතුරු හරියත් ලියමු...
ReplyDeleteලෙංගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ
Deleteනොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ..
හැක් :D
පත්තරයා දන්න ලව් , හැක
Deleteනෙදකින් තොපි... මනුස්සකම ඉස්මතු කරන්න දෙන්නෙම නැති හැටි..
Deleteආදරේ කරාට කමක් නෑ - සීට් කුරුටුගාන්න එපා :D
Deleteමොන ලවක්ද බං. දැන් හැලපයිය නිදාගත්තම ආයෙ ඇහැරෙන්නෙ පහුවෙනිද උදේට තමයි.
Deleteඋදය ම පුබුදී
Deleteමුහුණට දිය දී
කුල දෙවි නමඳී
ගේ දොර අමදී
වෙලාව නොවැරැද
කෑමට ආ සඳ
ඔහුට වඩා සොඳ
මහතෙක් කවරෙද…
--- හැලපි ----
//"වෙලාව නොවැරැද
Deleteකෑමට ආ සඳ"//
මොනවා කෑමටද ?
නින්දට යන තැන
Deleteකුල දෙවි වඳිමින
කටයුතු පසු දින
සලකයි නුවණින
ඒ කියන්නෙ පහුවදාට ගහන ගේම ගැන ප්ලෑන් කරනව කියන එක...
මං හිතුවෙ පොසිෂන් එක ගැන කියල..චැහ්
Deleteකෑම කිව්වොත් ඉතිං ඉවානය කොහෙ හිටියත් එතන ඇති..
Deleteකෑම නැති ජීවිතෙන් කුමන පලක්ද ?
Deleteපත්තරේ ..පොසිෂන් කිව්වේ?
පොසිෂන් කිව්වෙ හිටං :D
Deleteහැලප අයිය පොල් ලෙලි වගයක් ගැන ඒ කාලෙ කියල තිබ්බ..
Deleteහිටං මහන්සි නැද්ද?
Deleteඒ වෙලාවට ප්‍රා
Deleteහිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු තුඩුමත මල් පුබුදමි
ඔබ හිනැහේ නම් ……
:D
සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
Deleteකසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්
උකුල ළැම හස මලවි කරලිය
Deleteමුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
නළලත බබළන සඳන තලාවයි…
Deleteසිරුරත ඝන නිල් මේඝ වළාවයි…
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි…
මලයගිරේ මධු ගීත කලාවයි…
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි…
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්‍රියයි…
නුරාව පොඩ්ඩක් පැත්තකට කරල මෙන්න මෙහෙම කිව්වොත්..
Deleteවිලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ
සුසුම් ලා දිවා රැ වෙළී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ
සේලෙ පලන් උඹේ කලව පෙන්නෙන්නට
Deleteසුලිය වගේ නාභිය පෙන්වන්නට
උස්සලා පස්ස ටිකාක් හදපන්
ඉඟ සේලෙ තදින් ඇදපන්
පාරට්ටු ළදේ නුඹෙ මුහුන පෙනෙන්නට
නීල දෙබැම දිගු දෑස දිලෙන්නට
උස්සල කෙස්ස තදින් බැදපන්
රන් තෝඩු කනේ දමපන්
පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව
Deleteසුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය මිහිරි මැණික
අති සුන්දර දීපේ
තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .
Deleteමගේ විමානේ . . දොරටුව ඔබගේ . . .
තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .
දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .
මගෙ බුමුතුරුනේ සුපහස ඔබටයි . . .
දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මගෙ මී බදුනේ . . මධුරස ඔබටයි . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
post එක මතක නෑ බොලව් දැන් ...හිටපියව් ආයෙත් කියවන්න වෙනවා ...දැන් යාළුවා මරණ එකා කියයි "පොස්ට් එක දෙපාරක් කියවලා මගේ යාළුවෙක් මැරුණා කියලා "
Deleteපෝස්ට් එක දෙපාරක් කියවලා මගේ යාලුවෙක් මළා.
Deleteමුගෙ යාළුවො ඔක්කොම මැරිලනේ බලන් ගියාම...
Deleteසජ්ජෝ මූ දැන් මිනීපෙට්ටි සාප්පුවක් කරනවා ඇති ...ඇයි බන් හැම වෙලාවේම මු කවුරු හරි මරනවානේ ...මොනවා වුනත් හොඳ එකෙක් .එකෙක් දෙන්නෙක් මැරුවට කාටවත් කරදරයක් නැනේ ...හැක්
Deleteසජ්ජා,පත්තර මල්ලි,ඉවාන්,ප්‍රසා,ප්‍රා,සිංදු ඇනෝ,
Deleteකට්ටියම එකතුවෙලා මෙතන ගීත සාගරයක් කළාට බොහොම ස්තුතියි. ඉවාන්ට තව එක කතාවක් කියන්න තියෙනවා.ලව ගැන පත්තරේ තරං හොඳින් දන්න වෙන එකෙක් නැති තරම්,මොකද එක කෙල්ලෙක්ගෙන් දෙපාරක් බූට් කාපු එකම එකා ඌ වෙන්න ඇති.ඒ කතාව අහගන්න තියේනං මරු.
මං දන්න එකෙක් ඉන්නවා එකම කෙල්ලෙක්ගෙන් හතර පාරක් බූට් කාල තියනවා! ඒක ගිනස් රෙකෝඩ් එකක් මං හිතන්නේ!
Deleteබලං ගියාම අපි හරි අවාසනාවන්තයි න්‍ෙ
Deleteබලං ගියාම අපි හරි අවාසනාවන්තයි න්‍ෙ
Deleteටක්කෙටම අනිත් උන් ටික එන එකක් නෑ......
ReplyDeleteහැලපයියට තනියම අක්ක කෑල්ල එක්ක ඉන්ඩ තමයි වෙන්නේ....
එහෙමද? මොනා කරන්නද එහෙනං තනියම වත් ඉමු.
Deleteහි..හි.. බලමුකෝ මොකද වෙන්නේ කියලා...
ReplyDeleteකොහොම වුනත් ප්‍රශ්ණ ගොඩක් එක්ක ඉන්ද්‍රා හිනා වෙලා ඉන්න විදිහ කොයි තරම් හොඳද කියලා හිතුනා.
කතාවට කැමතියි වගේ නේද? එහෙම තමයි මම හැම තිස්සෙම ලියන්නෙ තරුණ ගෑණු ළමයින්ට ආදර්ශමත් කතා.
Deleteඋබ ඉතින් ඉන්ද්‍රාට සරණක් උනේ නෑ.....නොදකින්
ReplyDeleteඒක ඔහොම සරලව විග්‍රහ කරන්න බෑ බං.
Deleteඉඳිආප්ප කතාවනම් සැරටම නැගල ගියා. කෙලත් ඉනුව කටට. ඉන්ද්‍රාගෙ පෙම්කතාව ඊට වඩා නැගල යනව මං හිතන්නෙ. ඉතුරු ටිකත් ලියන්න වෙනවනෙ කෙලවර හොයාගන්න.
ReplyDeleteඉඳිආප්ප කතාවයි පෙම් කතාවයි දෙකටම ඔයා කැමතියි වගේ නේද? ඉතුරු හරිය ඉක්මනට ලියන්නම්.
Deleteසිගරට් එක අතේ පත්තුවෙද්දිද නින්ද ගියේ. එහෙනං බඩු හරි. හැක්..
ReplyDeleteනෑ නෑ කොටේ බිම වැටිල තිබුණා.
Deleteනවල් එකක් බැලුවගේ
ReplyDeleteඑහෙමද,හරිම සතුටුයි.
Deleteක්‍රෂ් එකක් වගේ.....
ReplyDeleteවගේ නෙවෙයි.
Deleteමට බස් වල නින්ද යනවා හිටගෙනත්. ටොක් ගාලා දනිස් දෙක නැමිලා ගැස්සිලා ඇහැරුණාම තියෙන විළිලැජ්ජාව...
ReplyDeleteකොහොම නිදා ගත්තත් හරියට එළාම් එකක් තියා ගත්ත වගේ බහින්න ඕනේ තැනට කලින් ඇහැරෙනවා...
කතාව ගැනනම් කියන්න තියෙන්නේ "දහසක් දේ ඇත කියා ගන්න බැරි" වගේ කතාවක්...
බහින්න ඕනෑ තැනට කලින් ඇහැරෙනවා නං නින්ද ගියාට ගානක් නෑ.
Deleteකතාව ගැන ඉදිරි කොටසෙදි බලමු.
හිත මෙව්වා වෙන කතාවක්.. හෙහ් හෙහ්..
ReplyDeleteනිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමට හිතුන අටමට මේ වගේ දෙයක් වෙයි කියල ඊයෙ. හැක්..
Deleteගහක් ගලක් වගේ උන්න අටමා … :D
Deleteඅනේ මංදා බං, මේකා කමෙන්ට් දාගෙන දාගෙන ගිහිං පහුවදා ඒ ටික කපාගෙන කපාගෙන ගියා.
Deleteහැලපේ..මටත් ගොඩාක් දේවල් මතක් උනා කියවගෙන යනකොට....සෙනෙහස හරිම මිහිරි අත්දැකීමක්...
ReplyDeleteඋඹ මරු...!
ඇත්තටම සෙනෙහස කෙතරම් මිහිරි අත්දැකීමක්ද? මතක්වු දේවල් ලියන්න අදහසක් හෙම නැද්ද?
Deleteදවස් දෙකක් ඇතුලත මුළු බ්ලොග් එකම කියෙව්වා.හැලපය්යාද,හැලපාංකල්ද මන්දා ලියන එක නම් ලියනවා කියවන අයට ආස හිතෙන්න හරි රසට.හරියට ඉඳිආප්පයි කූණිස්සො සම්බෝලෙයි වගේ..
ReplyDeleteදවස් දෙකකින් මේක උඹ යකෙක්
Deleteනෑකම මොකක් උනත් බොහොම ස්තුතියි නුවන්.ශීග්‍රගාමී ව කියවල තියෙනව නේද?
Deleteදවාලක් රැයක් නැතුව කියෙව්වා අටම්.දිගටම ලියන්න හැලප මාමේ රසඅඅඅඅට..
Deleteඔය රවීයියාගේ සිද්දිය වුනේ රවීයියාගේ යාලුවෙක්ට වගෙයි මතක.ඒ ස්කෝලේත් ට්‍රින්ටි වෙන්න ඕන.
ReplyDeleteහැලාපයියාට කට්ටිය සෙට් වෙලා දුන්නේ ලණුවක්වත්ද?
//කටුගස්තොට පාළම ගැන පොඩි කතාවක් මේ. අපි අර පොළොන්නරුවටත් එහා කැළේ මැද්දෑවෙ වැඩකරන කාලෙ අපෙ යාලුවෙක් හිටිය ගෙවල් ඔය ගලගෙදර දිහාවෙ.මනුස්සයට බස් එකකට නැග්ගොත් නින්ද යනව. හැමදාම නුවරිං නැඟල කටුගස්තොට පාළම පහුවෙනකොට මිනිහ කට කපල නිදි. ආය ඇහැරින්නෙ කදුරුවෙල බස් ස්ටෑන්ඩ් එකේ නතර කලාම.
Deleteඉතිං දවසක මේ යස්සයගෙ අත්තම්ම ඇහුවලු "පුතේ..උඹ ඔය වැඩ කරන දිහා ඔය පොළොන්නරුව කියන්නෙ බොහෝම දුරලු නේද? " කියල. මේකා ගත්කටටම කිව්වලු " මොන පිස්සුද අත්තම්මෙ?... කටුගස්තොට පාළම පහුවුනා ඊලඟට ඒ එක්කම පොළොන්නරුවෙ බස් ස්ටෑන්ඩ් එකනෙ " කියල.//
නෑ නෑ කට්ටිය ආව මනෝජ්.
Deleteමං හිතන්නෙ ඉන්ද රා ඇන්ටි වැඩේ ලැහැත්තිකල්ල තියෙන්නෙ කැන්දකොලේ හිමීට ගලෝල අහට්ට කොල්ල වියරවෙලා හිටං ඉතිං .........
ReplyDeleteStay tuned
Anchor pedia pro
ඔව් ඔව් හැලපෙ කන හැටි බලා ඉම්මු.
Deleteහරිම ආදරණීය බවක් තියෙන කතාවක්.. අනිත් කොටසත් ඉක්මනටම ලියන්න..
ReplyDeleteස්තුතියි.ඉක්මනට ලියන්නම් සිතූ.
Delete//"ඇත්තමයි මම දන්නව තමුසෙ හින්ද වෙලාවක මට පිස්සු හැදෙනවා! " //
ReplyDeleteඅයියේ ඇඟපත සීතල වෙලා ගියා.. මටත් උනානේ ඔය කතාව ඔය විදිහටම අහන්න ගෑනු කටකින්!
හපොයි.මට වෙච්ච වැඩේ බොටත් වෙලා තියෙනව එහෙනං.
Deleteදැන් හැලපයා කතාව නවත්තපු තැන ඉඳලා හැලපයම කතාව ලියයි. ඔය රවියා හෝ වෙනයම් ඕනෙම එකෙක් එතැන ඉඳලා වෙච්ච දේ අනුමාන කරලා ලියලා අහුවෙන්නෙපා.
ReplyDeleteහොඳ එකෙන්ම මල පැන ඇත.
Deleteහෙන්රි,
Deleteමේ දවස්වල එහෙම එව්වට වෙලාවක් නෑ බං....:)
ඇත්තටම අර සීන් එක වුනේ මගෙ යාලුවෙකුට. මම ඒ ගැන කියල කමෙන්ට් එකක් දාන්න කියල හිතල පහලය එද්දි ප්‍රසන්නය ඒ කෑල්ල එහෙම්මම උස්සල දාල...තෑන්ක්ස් මනෝජ් ඇන්ඩ් ප්‍රසන්න...:)
ReplyDeleteඉන්ද්‍රගෙ සමාගමය හැලපයියාගෙ හිත කීරි ගස්සා ඇති සෙයකි.
ReplyDelete