බෙන් ෆිල්ම්ස් හි ගතකළ කාලය ජීවිතයට විවිධත්වයක් එක්කල සහ විවිධ
තරාතිරමේ අය හඳුනා ගන්නට ලැබුණු සුන්දර කාලයකි. බොහෝ විට බෙන් එකට පැමිණ අප සමග
සුහදව කතා කරන්නේ හඳුනා ගන්නට තියා දකින්නට වත් ලැබේයැයි නොසිතුන
අපේ සිහින ලෝකවල ජීවත්වූ උදවියයි. මම ඔය කියන කාලයේ හැම සති අන්තයකම
පන්නිපිටියේ පදිංචිව සිටි කුලසේන පොන්සේකා ඔහුගේ සී නයින්ටියේ නැගී බෙන්
එකට එන්නේ බෙනට් සමග සාකච්ඡාවටය. ඔවුන් කතා කලේ කුලසේන පොන්සේකාගේ
සිරියහන නවකතාවෙන් තිර නාටකයක් ලිවීම ගැනය. ඔවුන්ගේ සාකච්ඡා අසාසිටීම මට බොහෝ රසවත් විය සමහර දවසක කලින් පැමිණි කුලසේන පොන්සේකා බෙනට් එනතුරු
අප සමග කතා කරමින් සිටී ඔහුගේ නවකතා ගැනද ඒවායේ චරිත ගොඩනැගීම ගැනද නවකතා ලියන ආකාරය
ගැනද කුලසේනගෙන් මම විස්තර අසමි. කියවීමට තිබු ලැදියාවද ඔහුගේ පොත් සියල්ලම ඇතුළුව බොහෝ පොත් කියවා
තිබීමද මට මෙහිදී ඉතා ප්‍රයෝජනවත් විය. කුලසේනගේ පොත්වලට විචාරකයන් ලියා
ඇති විවේචන ගැන මා ඔහුගෙන් අසමි සමහරවිට ඔහුද දැක නොමැති එම විවේචන ගැනඅප
දෙදෙනා අතර සාකච්ඡා ඇතිවෙයි.
දවසක් කුලසේන මට කීවේ ඔහුගේ නවකතාවකින්
චිත්‍රපටයට නැගුනු පාළම යට චිත්‍රපටයේ පුර්ව දර්ශනයක් මාධ්‍යවේදීන් සඳහා
තිරගත වන බවත් ඉරිදා උදේ දහයට එල්පින්ස්ටන් සිනමා ශාලාවට පැමිණියහොත්
නරඹන්නට හැකි බවත්ය. ඒ ඉරිදා උදයේ බෙන් එකේ හිටියේ මා විතරය අනික් උන් වැඩකට ගිහිල්ලාය මම ඇඳ පැළඳගෙන උදේ දහය වෙද්දී එල්පින්ස්ටන් එකට ගියෙමි. ගියාට මොකද චිත්‍රපටයක් පෙන්නන ආකාරයක් පේන්නට නැත එළියේ මුරට හිටපු සිකුරිටි කාරයාගෙන් ඇසුවිට කීවේ එහෙම දෙයක් ඔහු නොදන්නා බවය. තවත් ටිකක් වෙලා එතන හිටගෙන හිටියේ කවුරුන් හෝ ඒවිදැයි බලන්නට උනත් කවුරුවත් ආවෙත් නැත. මෙහෙම හිටියොත් වැඩේ හරි නොයන බව සිතූ මම එතැනින්ම බස් එකට නැගී කොටුවේ රීගල් එකට ගියවිට එළියේ බලාගෙන සිටි කුලසේන මා ඇතුළට එක්කරගෙන ගියේය. ඇතුළට යනකොටත් චිත්‍රපටය පටන් අරගෙනය කුලසේනට තැන වැරදී මට එල්පින්ස්ටන් එකේ නම කියා ඇත. ඊළඟ සතියේ කුලසේන බෙන් එකට ආවිට පාළමයට ගැන මගේ අදහස මා ඔහුට කීවෙමි මම කිව්වේ පාළම යට පොත කියවද්දී හිතේ ඇඳෙන චරිතය චිත්‍රපටයේ නොදුටු බවය. අයි ආර් සී කාරයෙක් සහ චන්ඩියෙක් වූ විලී ගේ චරිතයට සනත් වැනි සුන්දර සුකුමාල මුහුණක් ඇති නළුවෙක් නොගැලපෙන බව මගේ අදහස විය අනික සනත් කතාකරන හඬට වඩා ගොරහැඩි හඬක් වීලීට තිබිය යුතුයැයි මා විශ්වාස කළෙමි. මේ හා සමානම තවත් වැරදි තෝරා ගැනීමක් ගැන මගේ මතකය අවදි විය. ඒ ඊට කාලයකට කලින් තිරගත වූ බැද්දෙගම චිත්‍රපටයේ බබුන්ගේ චරිතයට විජය කුමාරතුංග තෝරා ගැනීමයි. ඈත රුහුණේ කර්කශ පරිසරයක ඇති හද්දා මුකලානක හේන් කොටමින් කඨෝර ජීවිතයක් ගෙවන බබුන් වැනි අමු ගැමියෙකුගේ චරිතයට විජය වැනි ඇඟේ කැළලක් වත් නොමැති රන්වන් පාට පුර්ණ දේහධාරී නළුවෙකු යොදාගැනීම මොන තරම් දුරට ගැලපේවි දැයි මම සිතින් තර්ක කළෙමි. මා කල්පනා කළ දේම පසුව පුවත්පත් විවේචනවල මුඛ්‍ය අදහසක් විය. විජය ඒ චරිතයට නොගැලපුනත් සිළිඳු ගේ චරිතයට ජෝත් ආරච්චිගේ චරිතයට හෙන්රි ජයසේනත් ලෙස්ටර් මහතා විසින් කල ඉතා නිවැරදි තේරීම් විය.
සනත් ගැන මගේ විවේචනයට පිළිතුරු වශයෙන් කුලසේන කීවේ අධ්‍යක්‍ෂ එච් ඩී ප්‍රේමරත්න විසින් සනත් තෝරා ගන්නට යෙදුනේ ඔහුගේ වෙළඳපොල වටිනාකම ගැන සලකා බලා වෙන්නට හැකි බවය. එසේ නම් බැද්දෙගමට විජය තෝරා ගන්නට ඇත්තේත් එම සංසිද්ධිය නිසාම විය හැකි බව මම කීවෙමි. විජයට අමුඩයක් අන්දවා කැත්තක් අතට දුන් විට ගැමියෙක් වෙන බව ගමේ ජීවිතය ගැන අත්දැකීමක් නැති ලෙස්ටර් මහතා සමහරවිට සිතන්නට ඇත. කුලසේනට තිබුනේත් ලෙස්ටර් මහත්තයට තිබුණු අඩුපාඩුවම එනම් ගැමි ජීවිතය ගැන අත්දැකීම් නොමැතිකමය. කුලසේනගේ කෘති විවේචනය කරන විවේචකයන් කීවේම නාගරික හා අර්ධ නාගරික ජීවිතය ඔහුගේ පොත්වල මනාව විග්‍රහ වුණත් ගැමි ජීවිතය කුලසේනට නාගරික ජීවිතය මෙන් මනාව විග්‍රහකරන්නට නොහැකි බවය. මේ කතාව දවසක් මම කුලසේනට කීවිට ඔහු සිනාසී මට කීවේ එලෙස අඩුපාඩුවක් ඔහුට නැති බවය. කෙසේවුවත් ඊට මාස කීපයකට පසු කුලසේන රන්සිරිගේ සංග්‍රාමය නමැති යොවුන් නවකතාව ලිව්වේ ඒ විවේචකයන්ට පිළිතුරු වශයෙන් දෝ යැයි මට සිතුණි. කෙසේ වුවද ඒ කතාවේත් ගැමි ජීවිතය චිත්‍රණය කරන්නට කුලසේන සමත් නොවේ. රන්සිරිගේ සංග්‍රාමයේ කතා නායකයා වන රන්සිරි ඇඹිලිපිටිය පැත්තේ හද්දා පිටිසර ගමක හේන් ගොවියෙකුගේ පුතෙකි. කතාව ගමෙන් ආරම්භ කළත් කුලසේන රන්සිරිව වැඩිකල් ගමේ තියන්නේ නැත ඔහුව කොළඹට ගෙනවුත් එතැන් සිට ඔහුට සුපුරුදු නාගරික පරිසරයේ කතාව ඉදිරියට ගෙනයයි. මුළු කතාවම කොළඹ පසුබිම් කරගෙන ඉදිරියට ගෙනයන කුලසේන කතාවේ අන්තිමට රන්සිරිව ආපහු ගමට ගෙනගොස් දමා කතාව අවසන් කරයි.
දවසක් බෙන් එකේ කතා කරමින් ඉන්න ගමන් කැලණිය පැත්තේ මුද්‍රණාලයක ගබඩාවේ ඇති රන්සිරිගේ සංග්‍රාමය පොත් තොගය පන්නිපිටියේ ඔහුගේ ගෙදරට ගෙනැත් දෙන ලෙස කුලසේන බෙනට්ගෙන් ඉල්ලීමක් කළේය. බෙනට් වැඩේ පැවරුවේ රුවන්ටත් මටත්ය අපි දෙන්නා එදා හවස් වරුවේ බෙන් එකේ ටවුන් ඒස් වාහනයද රැගෙන කැලණිය බලා පිටත් වුනෙමු. වාහනය පදවාගෙන ගියේ රුවන්ය රුවන්ට කලකට පෙර ලබාගත් ලයිසන් එකක් තිබුණත් පාරේ වාහන පදවා වැඩි පළපුරුද්දක් නොවීය. බෙනට්ගේ කීමට පිටුපාන්නට බැරිකමට වාහනය අතට ගත්තත් ඔහු වාහනය පදවා ගෙන ගියේ හැප්පෙයි කියා බයේ කකුල් ගැහෙමිනි. අපි කෙසේ හෝ කැලණියට ගොස් මුද්‍රණාලයේ ගබඩාව හොයාගතිමු. ඉතා පටු දෙවැට පාරකට මුහුණලා තිබූ ගබඩාව ලඟට වාහනය ගෙනගොස් ආපසු හරවාගන්නට ක්‍රමයක් නොමැතිවූ බැවින් වාහනය රිවස් කර ගබඩාවේ දොර ලඟට ගන්නට සිදුවිය. වාහනය පසුපසට ගෙනයද්දී රුවන් අතින් වාහනයේ දෙපැත්තටම හානිවිය. කෙසේ වුවද පොත් ටික පටවාගෙන වැඩි කරදරයක් නැතිව පන්නිපිටියේ කුලසේනලාගේ ගෙදරට ලඟාවන්නට අපට හැකිවිය. පොත්ටික කුලසේනට බාරදුන් පසු පොත් දෙකක් අස්සන් කල කුලසේන ඒ පොත් දෙක රුවන්ටත් මටත් තෑගීකළේය.
කුලසේනගේ ඒ පොතට වර්ෂයේ හොඳම යොවුන් නවකතාවට පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමුණු බව ලාවට මතකයක් මගේ හිතේ පවතී. පොත බෙන් එකට රැගෙන ආ මම රෑ වනවිට පොත කියවා අහවර කළෙමි රුවන්ට ලැබුණු පොත ඔහු ලාච්චුවට දමා නාන්නට ගියේය රුවන් පොත කියෙව්වාදැයි මා නොදනිමි. පොත හොඳ නිසා ටෙලි නාට්‍යයට නැගීමේ අයිතිය කුලසේනට මුදල් ගෙවා පවරා ගනිමුයි මා රුවන්ට කිවේ මගේ ළඟ එතරම් මුදලක් නොතිබුණු නිසාය. අපි ටෙලි නාට්‍යය නොකළත් යම් දවසක කරන කෙනෙකුට විකුණන්නට හෝ පුළුවනැයි මා රුවන්ට කීවත් රුවන් කීවේ ටෙලි නාට්‍යයකට නගන්නට තරම් ඒ පොතේ නාට්‍යමය ගතියක් නොමැති බවය. එතැනින් පොත පවරා ගැනීමේ කතාව යටගියේය. ඊට වසරකට හෝ දෙකකට පසු පොතේ අයිතිය මිළට ගත් ජයලත් මනෝරත්න රන්සිරිගේ සංග්‍රාමය යනුවෙන් ටෙලි නාට්‍යයක් නිපදවා ප්‍රදර්ශනය කරනවා පෙන්වන්නට රුවන් මා සමග නොසිටියේය.
කෙසේ වුවද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට අත නොගැසුවත් රුවන් තමන් තෝරාගත් මාර්ගයේ බොහෝ දුර ගොස් අද වනවිට ක්‍ෂේත්‍රයේ අති දක්ෂ කැමරා ශිල්පියෙක් ලෙස හපන්කම් පෙන්වනු බොහෝ විට මා දකිමි෴
ප.ලි. අද ප්‍රභාත්ගේ කතාවේ ඉතිරි කොටස ගෙන එන්නට සිතා සිටියත් කතාව ආරම්භයේදීම මාතෘකාව පමණක් වැරදීමකින් ප්‍රකාශයට පත්විය. එලෙස තිබුණේ විනාඩි කීපයකි මම වහාම එය මකා දැමුවෙමි. ඒ ක්ෂණයේදී වුවද එයට කමෙන්ට් දෙකක් වැටී තිබුණි. මුල්ම කමෙන්ටුව දමා තිබුණේ බ්ලොග් කමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපති තැන්පත් ගොඩකවෙල ප්‍රසන්න මහතා විසිනි. දෙවැන්න හරීගෙන්ය. එවෙලේ මට නිකමට වගේ හිතුනේ කමෙන්ට් කරුවන්ගේ සභාපති පදවියට ප්‍රසන්න මොන තරම් සුදුස්සෙක්ද කියාය.
භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය කතා මාලාව වැඩිම වුණොත් තව කතාදෙකකින් අවසන් කරන්නට හැකි වේයැයි සිතමි. ඊට පසු ලියන්නට සුදුසු තව කතා මාලාවක් ගැනද මා මේ දිනවල සිතමින් සිටිමි. එපමණ ලියාගන්නට නොහැකිවුනත් අද හදිසියෙන්ම මේ කතාව පළකරන්නට මා ඉක්මන් වුයේ පෝස්ටුවක් නොමැතිව බ්ලොගය තිබෙන ආකාරය ගැන මගේ පැහැදීමක් නොමැති බැවිනි. කතාව කෙටිවීම ගැන බැන අඬගහන්නේ නැතුව සමාව බාජනයකට දමා දෙන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
ඒ කමෙන්ට් දෙක නම් මාත් දැක්කා. කතාව පේන්නේ මොලේ ඇති එවුන්ට පමණක් බවයි ඒ අය කියා තිබුණේ!
ReplyDelete2 comments:
DeletePraසන්ன June 3, 2016 at 11:15 PM
පෝස්ට් එක පේන්නෙ මෝඩයින්ට විතරක් වෙන්න ඇති නේද?
Reply
Replies
හරී June 3, 2016 at 11:28 PM
බුද්ධිමතුන්ට පමණයි
රසික කමෙන්ට් නොකළේ කතාව පෙනුන නිසා වෙන්න ඇති.
Deleteපාලම යට සහ බැද්දේගම ගැන ඔබ කියා ඇති කතාවට මා එකඟයි. මගේත් අත්දැකීම වුනේ එයයි.
ReplyDeleteමෙයට බලපාන තවත් හේතුවක් නම්, අපි මුලින් පොත කියවා, රූපය හිතේ මවාගෙන පසුව චිත්‍රපටය නැරඹීමට යෑම. මා ඒ ගැන මගේ ලඟදී පළ කළ ලිපියක ලියුවා.
https://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html
විජය/සනත්ලා පමණක් නොවේ ගීතා/නදීකා/මාලනීලා ඇහි බැම ගා යළි පැන්සලෙන් ඇඳ තියෙනු පෙනෙන එකත් විකාරයක් නේ!
ඉඳහිට අපේ හිතත් එක්ක එකඟ වෙන්න හැකි චිත්‍රපටයක් නරඹන්නට ලැබුනත් බොහෝ අවස්ථා වලදී පොත්වලින් හැදු චිත්‍රපට අපේ බලාපොරොත්තු කඩකරනවා.
Deleteඑහෙනං මේකයි පෝස්ට් එක නේද. හැක්.. හැක්..
ReplyDeleteකො.කා. සංගමයෙන් බේරිලා පෝස්ට් දානව බොරු.
බොලාගෙන් බේරිලා ඉන්න බැරිතැන කඩිමුඩියේ ලියාගත්තා.
Deleteහැලපෙට හොඳ ව්‍යාපාරික ඥාණයක් තිබෙන හැඩයි.
ReplyDeleteඒ කාලෙ ඔවැනි ගනුදෙනු දැකල කරලා පුරුදුයි.ඒ නිසයි මාත් එවැනි යෝජනාවක් කලේ.
Deleteදැං දැං හැලපෙ පරන ඒව රී පෝස්ට් කරනව නේද? හැක්..
ReplyDeleteමගේ මුල් පොත, ලින්ඩ්බර්ග් ,ඩීමන් ආනන්ද සහ රංසිරිගේ සංග්‍රාමය මේකෙ අන්තිම ටික බලන්න.
-සභාපති-
කො.කා.ස.
:D වටේ පඳුරු තලාගෙන තලාගෙන ගිහිලා දැන් හැලපයියට මතක නෑ තැලුවෙ මොන පඳුරද නොතැලුවෙ මොන පඳුරද කියලා..
Deleteඅඩෝ ප්‍රසා.. උඹව තාම යෝජනා කරා විතරයි.. දැම්මම සභාපති පුටුවේ ඉඳ ගත්තද?
Deleteහැක්.. හැක්.. මොකෝ කියන්නෙ මෙගාෆෝන් එකක් අරගෙන එල්ලෙන්නද ජනේලෙ.
Deleteප්‍රසා නිතරගයෙන් සභාපති. ප්‍රසා කමෙන්ට් කරන තරමට කමෙන්ට් දාන්න වයිමටවත් බෑ
Deleteදැන් ප්‍රසන්න රසිකගේ ජොබ් එකත් කරන්න ගත්තද?
Deleteහරී,
Deleteමට ඔය කතාව ලිව්වා කියල පොඩි මතකයකුත් තිබුණා.ඒත් කමක් නෑ කියල ඔහේ ලිව්වා.
කමියෝ,
Deleteඌටම දෙමු බං.
කම්මල
Deleteසැටිපිකෙට් ඇත්ත.
එයාගේ තව එකක් තියනවා ඒක ලියුවේ වෙන කෙනෙක්
ReplyDelete'Kallan Duwe Muthu Kollaya' = 'Five On a Treasure Island" by Enid Blyton
Deleteඒ නම මට හොඳට අහල පුරුදු නමක්.ඔච්චර හොඳ කතාවක් ලියල අනුන්ට දුන්නේ ඇයි දන්නෙ නෑ නේද?
Deleteඇනෝ,
Deleteමම ඒ පොත් කියවල නෑ වගේ මතක.
//පොත//
DeleteIt was a well known fact among our generation that he absorbed the idea for the book from Enid Blyton's but it hasn't come to light until Rupavahini telecast of Enid Blyton stories during 1990s. The storyline is almost similar. if you read both the books you will realize that the idea is not original for his book when somebody has published it long before him.
Deletehttp://www.sarasavi.lk/Book/Kalanduwe-Muthu-Kollaya-955954270
Deleteමට මතකයි ඒ කාලෙ ආසාවෙන් බලපු ටෙලියක් රන්සිරිගෙ සංග්‍රාමය. ජගත් බෙනරගම වෙන්න ඕනෑ රන්සිරි
ReplyDeleteඔව් රන්සිරිට හිටියෙ ජගත් බෙනරගම තමයි හරී.
Deleteමමත් ඔය හිස් පෝස්ට් එක බලලා, එහෙම එකක් නැති නිසා පරණ පෝස්ට් එකට කමෙන්ට් එකක් කොටලා හැරිලා ආවා...
ReplyDeleteමං හත් අටපාරක් බැලුවා ආයේ දාලද කියල
Deleteදෙන්නටම තැන්කියු.
Deleteඔය විදිහට 'බ්ලොග් පෝස්ට් මිස්ෆයර් වීම' මටත් වෙලා තියනවා. 'මේ මොකක්ද බොල' කියලා අහපු කමෙන්ට්ස් වටිලත් තියනවා.
ReplyDeleteකොස්ගම සිද්ධිය ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ. පස්සේ මුළු පෝස්ට් එකම නැවත කියවන්නම්.
විචා දෙන්නකො බලන්න සිද්ධිය ගැන ෆුල් රිපෝට් එකක්.
Deleteඔන්න කොරනවා නම් වැඩ
Deleteඑහෙනං
Deleteපලකොරන ලදී. ගොහිං බලනු.
Deleteඔන්න ඔක්කොම කියෙව්වා. හැලපෙට මතකද වැලිකතර චිත්‍රපටියේ දුෂ්ඨ චරිතයට ජෝ අබේවික්‍රම තෝරගත්තම ආව විවේචන. ඒ කාලේ විසිතුර සහ සරසවිය කියන පත්තර දෙකෙන්ම නිහාල්සිංහව පට්ට ගැහුවා ජෝ අබේවික්‍රම ගැලපෙන්නේ නෑ කියලා. නමුත් චිත්‍රපටිය පෙන්නුවට පස්සේ එහෙම කියපු අය පච වුණා.
Deleteඇත්තටම ඒ ඒ චිත්‍රපටි කතාව අනුව නළු නිලියන් තෝරාගැනීම කාගෙන්වත් ඉගෙනගෙන කරන්න බැරි වැඩක් කියලයි මමනම් හිතන්නේ. ඒක හරියට කේක් හදලා හදලා පළපුරුද්ද අරගෙන හොඳ කේක් හදනවා වගේ තමන්ම තෙම්පරාදුවෙලා දැනගතයුතු ශාස්ත්‍රයක්.
ඒකට විචා නිර්මාණ ඉව තියෙන්න ඕනෑ.දැන් බලන්න විරාගයේ අරවින්දට සනත්ව ගන්නකොට තිස්ස අබේසේකරට කට්ටිය මොන දේවල් කිව්වද.නමුත් සනත් සාර්ථක වුනා.හැම අධ්‍යක්ෂකටම එහෙම බෑ.ඔබ කිව්ව වගේ මේක පළපුරුද්දෙන් දැනගත යුතු දෙයක්.
Deleteපාලම යට චිත්‍ර පටියෙ රගපෑ ප්‍රධාන නිලිය ගැන හැලපෙගෙ අදහස මොකක්ද ?
ReplyDeleteඑයයි හැලපයියට හැමාතින්ම ගැලපෙනෝ.. හැලප්යිය්යගේ අදහසක් තියෙනවනම් කියන්ට.. ලජ්ජා වෙන්නේ නැතුව.. :)
Deleteචැහ්... කැත නැද්ද හැලපෙඅයිය පාලම යට රඟපාපුව රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන්ද මෙතන.
Deleteමගේ අදහස නම් ප්‍රධාන නිළියගේ වරදක් නෑ හොඳට කළා.
Deleteකමි,
Deleteඅදහසක් තිබුණත් ඉතිං ගියොත් නං එන්න වෙන්නෙ නත්තල් පහුවෙලා තමා.
ඒ හිස් පෝස්ටුව මාත් බැලුවා... මොකක්හරි අව්ලක් වෙලා මිස් එකක් වෙලා කියලා හිතන් මං ගියා...
ReplyDeleteරන්සිරිගේ සංග්‍රාමය අපූරු කතාව... මාත් ආවේ ප්‍රබාත්ගේ කතාව කියවන්න... කමක්නැ... ඊලඟට ඒක කියවන්න පුලුවන් වේවි කියලා හිතනවා...
ස්තුතියි නිර්මාණි.ප්‍රභාත්ගේ කතාව ළඟදීම කියවන්න පුළුවන් වේවි.
Deleteරන්සිරි පොත කියවා ඇත ටෙලිය බලා නැත. ජගත් ගෙ ඵලවෙනි හො දෙවනි ටෙලිය කියල අහල තියෙයි.
ReplyDeleteකවුද දන්නෙ ඇත්තද කියල
මිස් පයර් මේ දවස් වල හරි හරියට හෙහ් හෙහ්
කො. ක ලා සෑහෙන්න ඇක්ටිව් වගෙ නෙහ් හැලපයියේ...
හිහි
කො ක ලා ගැන කතාකරල වැඩක් නෑ.පොඩ්ඩ බැරිවෙන්න බෑනෙ බං.
Deleteපොත් වලින් චිත්‍රපටි කරනකොට හරි නළු නිළියෝ තොර ගත්තේ නැත්තන් ඉතින් අර්ථය සම්පුර්ණයෙන්ම බිඳ වැටෙනවා.
ReplyDeleteදැන් නම් ඉතින් කෙටි පණිවුඩයක් යවල සුටුස් ගාල හෝල් එක මොකක්ද අහන්න පුළුවන්නේ. ඒ කාලේ ඉතින් හැලප මොළය පාවිච්චි නොකළ නම් තාම එල්පින්ස්ටන් එක ගාව
පොත්වලින් ෆිල්ම් කරන එක හරිම අමාරුයි බින්දී.ඇයි පොත් කියවපු අය ෆිල්ම් එක බලන්න යන්නෙ කතාවෙ චරිත හිතේ මවාගෙන නොවැ.
Deleteඔයාකාරයට හා හා පුරා කියලා දොරට වැඩීමකට ගිහිල්ලා ගන්න රසය ආයෙ නොලැබෙන එකක් වෙන්න ඕනෙ.. පෙබාත් ව ඊලඟ එකෙන් වත් හම්බෙමුකෝ..
ReplyDeleteහෙහ් හෙහ්
ජයවේවා..!!
ඔව් ඉතිං කාටත් ඉස්සෙල්ල නොමිලේ ෆිල්ම් එක බලන්න ලැබෙනවා.ඉවර උනායින් පස්සෙ ඩ්‍රින්ක් එකක් එහෙමත් ලැබෙනවා කෑමත් එක්ක.ඕවා තමයි.
Deleteබැද්දේගමත්, පාලම යටත් විජේ වගේ උන් සනත් වගේ උන් ඉන්නවා ඒත් එකම කරුමේ උන්ට ඒ චරිතවලට සාධාරනය ඉටු කරන්න බැරි වීම... අපේ ගොඩක් නලුවන්ගේ බස හැසිරවීම අන්තිමයි... ටෝනී රණසිංහටයි ඩොමීටයි ඩී ආර්ටයි ඇර ඩෝප් සීන් එකක් කරන්න බෑ එකෙකුටවත්... සනත්ට පාලම යට උනෙත්, විජේට බැද්දෙගමදි උනෙත් පෞර්ෂය නෙමෙයි බස හැසිරවීම චොර වීම.. අඩු ගානේ සනත්ට "කැළණි පාළමේ" නීල් අලස්ගේ චරිතය හදාරන්න තිබුනා... විජේට ජෝගෙන් ඉගෙන ගන්න තිබුනා.. මේවයෙන් කියවෙන අනිත් දේ තමයි අධ්‍යක්ෂක දුර්වල වීම... ඒ අතින් ධර්මසිරිලා, ප්‍රසන්නලා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා...
ReplyDeleteලෙස්ටර් මහත්තයගෙ චිත්‍රපටි ගැන අපට තදබල විවේචන අපට තියෙනවනෙ.මට නම් එයාගෙ එක චිත්‍රපටියක්වත් විඳින්න බැරිවුණා.පතිරාජල ඒ අතින් බැලුවම කොච්චර ඉදිරියෙන් ඉන්නවද.
Deleteගොඩකවෙල චණ්ඩියා ප්‍රසා...කල්ලි, බේද, බෙලි කැපිලි නැතුව පොදුවේ හැමෝටම කමෙන්ට් කරන ගින්දර කොල්ලෙක්.
ReplyDeleteකුලසේන ෆොන්සේකාගෙ බොහෝ නවකථා මමත් කියවා තිබෙනවා. සෝමපුර වීරයෝ සහ රන්සිරිගේ සංග්‍රාමය කියෙව්වෙ භද්‍ර යෞවන කාලෙදි. ඒ කථා ඒ වයසෙදි ගොඩාක් හිතට දැනුනා වගේම ඒ කාලෙ ඒ වයසට පොත් ලියපු අයගෙන් ඔහු තමයි ඉදිරියෙන්ම හිටියෙත්.
පාලම යට සිනමා පටයෙ ගීතාගෙ රගපෑම ගැන මොකද හිතෙන්නෙ. මම එක තැනක කියෙව්වා මේ චරිතය කරන්න කලින් ඔය වගේ පරිසරයකට ගිහින් ඒ කාන්තාවන්ගෙ හැසිරීම ගීතා අධ්‍යයනය කල බවක්. විලීගෙ චරිතයට වින්සන් කරූ තමයි ගැලපෙනම මිනිහා...ප්‍රභාත් ගැන ඊලග කොටසෙන් කියවමු එහෙනං. අපිට ජය වේවා !
අපි කපන්න ගියොත් බෙලි නෙමෙයි කෙලින්ම අහවල් එකම තමයි කපන්නෙ හිටං. හැක්...
Deleteගීතා ඇයගේ චරිතය හොඳින් කළා.කිව්වා වගේම විලී ගේ චරිතයට සුදුසු විල්සන් කරු කියල මමත් හිතුවා.
Deleteමාක් සැම්සන් ගැන මොකද හිතන්නේ.එත් දුෂ්ට චරිතයකදී මුලින්ම මතක් වෙන්නේ වින්සන් කරුවනේ.
Deleteබැද්දේගම බලනකොට මටත් හිතුල තියෙනව හැලපෙ අයියෙ විජයව එතෙන්ට ගැලපෙන්නෑ කියල. රංජන් වගේ කෙනෙක් දැම්මොත් කොහොම තියෙයිද.. හැක්.
ReplyDeleteපොඩිකාලෙ මං කියෙව්ව රන්සිරිගේ සංග්‍රාමය, ටෙලියනම් බලල නෑ.
රන්ජන් දැම්මත් ඒ ටික තමා.
Deleteහැලපෙ දැකල තියනවද දැන් ලංකාවෙ හදන අයිතිහාසික චිත්‍රපටි හා ටෙලිඩ්‍රාමා? ඔක්කොමවගේ මිනිස්සු ගෑණු ලමයි ඇඳගෙන ඉන්නෙ ස්පොට්ලස් සුදු හෝ දුඹුරු/රතු ඇඳුම්. ඔක්කොම ගමේ එවුන් කඩෙන් ගත්තගමං ඇඳගෙන ඉන්නෙ. දවස් ගානක් කෑලෑ පාර වලින් ආපු එවුනුත් එහෙමයි. මට වැඩට අඳින සුදු ශර්ට් එකක්වත් එහෙම තියා ගන්න බෑ
ReplyDeleteඔය දන්නේ නැද්ද මේ රටේ අති සෙරේස්ට මෙව්වා එකක් තිබුනා කියලා.... ඉතින් හවුස් ඔෆ් පැසන්, තිලකවර්ධන ටැස්ටයිල් වලටත් වඩා හොඳ එවා ඒ කාළේ තියෙන්න ඇති.. අනික ඔහේලට මතක නෑ අපේ කිරි ආච්ච් හෙවත් කුවේනී හොඳ ඩ්‍රෙස් මේකින් ලේඩි කෙනෙක් කියන එක...
Deleteමාතලන්....ජංගිය දාලද ?
Deleteප්‍රා ඒ කාලේ තාක්ෂණය දියුණුයි. රට වටේම ගමේ නමයි රජ්ජුරුවන්ගේ නමයි එකට ඈඳලා දාපු ලොන්ඩරි තිබුණා. මිනිස්සු ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින්ම එක පැත්තකින් ඇතුල් වෙනවා. අනික් ඇත්තෙන් එලියට එන්නේ දත් මැද්දවිලා, රැවුල කැපිලා, ඇදුම් ටික ඩ්‍රයි ක්ලීන් වෙලා, මැනිකියෝ - පෙඩිකියෝ-ෆේෂල් එහෙම වෙලා, බඩවැල් විරේක වෙලා, ඉන්න කට්ටිය. බොරුනම් රාමායනය කියවන්න.
Deleteකැලෑ ගම් වල අයි බ්‍රව්ස් එහෙමත් හොඳට හදනවා.
Deleteරාමායණය කියවන්න ඔනෙ වෙන එකක් නෑ රාවණා නැගිටිනවනෙ
බඩවැල් විරේක උනාට පස්සෙ පස්ස පැත්ත හේදිල නෙමයි නේද එළියට එන්නෙ. එතනනං පොඩ්ඩක් අවුල් වගේ.
Deleteමේක ප්‍රා තනිකරම කලා අධ්‍යක්ෂගේ අවුල.නියම කලා අධ්‍යක්ෂ වරයා පීරියඩ් විදියට අන්දවපු නළු නිළියන් කැමරාව ඉදිරියට එන්න කලින් ඔවුන්ගේ ඇඳුම් ගැන ඒ ඇඳුම් කැමරාවට පේන ආකාරය ගැන නිරීක්ෂණය කරනවා.
Deleteබොහෝ වෙලාවට දැන් හැදෙන කෘති වල කලා අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවද කියලවත් හොයන්න බෑ.
අපේ ජීවිත වල එක එක වෙලාවල් වල අපිට ලැබෙනවා මේ විදිහට මහා අත්දැකීම් ලබා ගන්න අවස්ථාවන්.... මේකත් එහෙම වෙලාවක් ගැන කතාවක්...... මගේ ජීවිතෙත් එහෙම අවස්ථාවක් ලැබුණා...... එයින් පස්සේ අදටවත් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ......
ReplyDeleteමටත් බොහෝ විට එම අවස්ථා අහම්බයෙන් ලැබුණු ඒවා කියන්න පුළුවනි.අහම්බ අත්දැකීම් උනත් රසවත් බවේ අඩුවක් නෑ.
Delete>> විජයට අමුඩයක් අන්දවා කැත්තක් අතට දුන් විට ගැමියෙක් වෙන බව ගමේ ජීවිතය ගැන අත්දැකීමක් නැති ලෙස්ටර් මහතා සමහරවිට සිතන්නට ඇත. කුලසේනට තිබුනේත් ලෙස්ටර් මහත්තයට තිබුණු අඩුපාඩුවම එනම් ගැමි ජීවිතය ගැන අත්දැකීම් නොමැතිකමය. <<
ReplyDeleteඑතකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිනමාවෙ මේ සා පතාක යෝධයෙක් වුනේ කොහොමද කියලා මම කල්පනා කලේ...
///එතකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිනමාවෙ මේ සා පතාක යෝධයෙක් වුනේ කොහොමද කියලා මම කල්පනා කලේ...//
Deleteමේ ගැන කියනවනං මචං දාහක් දේවල් කියන්න තියෙනවා.ඒ නිසා උඹ මතුකරපු ප්‍රශ්නයම මමත් අහන්නං.එහෙම උනේ කොහොමද?
කැචයි අය්යා කරපු වැඩේ...ලබන පාරවත් කොල්ලගේ කථාව දාන්ඩ...
ReplyDeleteකොල්ලගෙ කතාවත් ලියනවා.කලබල වෙන්න එපා.
Deleteකුලසේන පොන්සේකාගේ " තුන් යහළු වික්‍රමය"තමයි අදටත් මගේ ප්‍රියතම කතන්දර පොත.සෝමපුර වීරයෝ,කල්ලන්දුවේ මුතුකොල්ලය පොත් දෙකත් එක වගේ රසවත්.සෝමපුර වීරයෝත් මෑත කාලීනව ටෙලි නාට්‍යකට නැගුණා.රන්සිරිගේ සංග්‍රාමයත් කියවලා තියෙනවා.කුලසේන පොන්සේකාගේ ඒ පොත් කිහිපය හැරුණු කොට වෙනත් කෘති නම් කියවා තිබෙන බවට මතකයක් නැහැ.
ReplyDelete