Monday, December 21, 2015

කෙසෙල් බිං කිරීම හෙවත් පරණ කතාවක්.

අද ලියන්නට යන කතාව කිසිසේත්ම ලියන්නට හිතාගෙන හිටියකතාවක් නෙවෙයි අහම්බෙන් හිතේ ගොඩනැගුනු කතාවක්.  කතාව හිතේ ගොඩනැගෙන්න මුල්වුනේ සුරංගගෙ මෙන්න මේ පෝස්ටුවත් ඒකට අපේ චෙපාකි ලියපු කමෙන්ටුවත් කියන එක මුලින්ම කියන්නට උවමනායි.  සුරංග කියල තිබ්බෙ කොටහලු මගුලකට කෙසෙල්කැන් බිං කිරීම ගැනයි ඒ ගැන  වැටුණු කමෙන්ට්  දිගින් දිගට විකාශනය වෙද්දි මගේ අතීත මතක අද ඊයෙ සිද්ද වෙච්ච දේවල් වගේ පණ ගහල එන්නට ගත්තා.  ඒ මදිවට චෙපාකි කියපු දේවලින් මගෙ නොස්ටැල්ජියාව උපරිමයටම ගමන් ගත්තා.  ඒ කතාවලින් උත්තේජනය ලබපු මම එකවරම ලියන්නට පටන්ගත්තා.  ඉතිං ඔන්න මම කතාවට මුල්වුන වස්තු බීජය මොකක්ද කියල මුලින්ම කියල දැම්මා.

ඉදවන කෙසෙල්කැන් ප්‍රමාණය තීරණය වෙන්නෙ උත්සවයේ වැදගත්කම අනුවනෙ.  මඟුල් ගෙයක් නම් කෙසෙල් කැන් හත අටක්ම ඉදවන්නට ඕනෑ.   ඔන්න කොටහලු මඟුලක් දානයක් වගේ දෙයකට  කැන් දෙක තුනක් ඉදෝගත්ත නං හොඳටම ඇති.  අද වගේ කෘත්‍රිම ක්‍රමවලින් කෙසෙල් ඉදවන එක අහලවත් තිබුනෙ නැති ඒ කාලෙ කෙසෙල් කැන් ශීඝ්‍රගාමීව ඉදවන එකම ක්‍රමය වුනේ කෙසෙල් බිං කිරීම හෙවත් දුම්ගසා ඉදවීමයි.    අද නං කෙසෙල්වලට කාබයිට් ගහනව කියයි හෝමෝන එන්නත් කරනව කියයි කොහොම හරි කඩේ එල්ලල තියෙන කැනේ මුල ඇවරියෙ ඉඳන් අග මල් ඇවරියට යනකං එකලෙසටම කහඅත්තට ඉදිලා තියෙනව දකින්නට ලැබෙනවා.  නමුත් ස්වභාවික විදියට ඉදෙනවා නම් මුල් ඇවරියේ ඉඳන් ක්‍රම ක්‍රමයෙන් ඉදෙමින් ඉහළට යන්න එපැයි.   ඔය දෙවිදියේ වෙනසෙන් කෙසෙල්කැන ස්වභාවිකව ඉදුණ එකක්ද නැද්ද කියල ලේසියෙන්ම සොයාගන්නට පුළුවනි.  ටවුමෙ කඩවල නම් තියෙන්නෙම කාබයිට් හෝ හෝමෝන ගහල ඉදවපුවා.   හොඳට හොයන්නට පුළුවනි කෙසෙල් ගෙඩිය ලෙලි ගහපුවම තද පාටට පොඩි පණුවො වගේ ඉරි ඉරි ගෙඩියෙ තියෙනවා.   බිරිඳගේ මල්ලිගෙ කෙසෙල් කොටුවට වෙළෙන්දෝ පෝලිමේ එන්න ගන්නෙ දෙසැම්බර්වල මේ වගේ අවුරුද්දක් අවසානයේ නත්තල් සහ අලුත් අවුරුද්ද ලබද්දී සහ අප්‍රේල් මාසෙ සිංහල අලුත් අවුරුද්ද ලබන්න ලංවෙද්දියි.   ඒ මිනිස්සු කියන්නෙම කෙසෙල් කැන පැහුනේ නැතිවට කමක් නැතිය කැනේ ගෙඩි සම්පුර්ණ වෙලා තියෙනවනං හොඳටම ඇතිය කියලයි.    තියෙන තරමක් කෙසෙල්කැන් අත්පිට මුදල් දීල අරගෙන යනවා.  ඉදවන ක්‍රමය අපට හිතාගන්නට පුළුවන් නොවැ.  නත්තලට ජනේරුවට සහ සිංහල අලුත් අවුරුද්දට අපි කඩවලින් ගෙදර ගෙනියන්නෙ ඔන්න ඔය ආකාරයට ඉදවපු කෙසෙල් ඇවරි කියන එක අපිම දන්නෙ නෑ.

කෙසෙල් බිංකිරීම ගැන කීප දෙනෙක්ම අදහස් දක්වල තිබ්බත් ඒ හැම දෙනාම කී දේවල වෙනස තිබුණේ කෙසෙල් ඉදවන්නට පාවිච්චි කරන කොළ වර්ගවල පමණයි.  අපි හැමදාම කෙසෙල් බිං කෙරුවෙ දර මඩුවෙ කොටසකයි.   ඒ මොකද කියනවනං එතන බිං කරපුවම වැස්සක් වැස්සත් වල තෙමෙන්නෙ නැති නිසා වෙන්න ඇති.  අලුත් අවුරුදු කාලෙට එහෙම නැත්නං දානෙකදී වගේ තාත්තා දර මඩුවෙ වලක් කපල බිං කිරීම ආරම්භ කරන්නට සුදානම් වෙද්දි උදව් කරන්න ඇවිත් වගේ අපිත් වටවෙලා බලාගෙන ඉන්නවා.හැබැයි අපෙන් සිද්දවෙන්නෙ උදව්වකට වැඩිය කරදරයක් උනත් තාත්තා ඒක එච්චරට මායිං නොකර තමන් කරන වැඩේ කරගෙන යනවා.  ඉදවන්න තියෙන කෙසෙල්කැන් ප්‍රමාණයට හරියන්න වලක් කපල ඉවරකරන තාත්තා පිදුරු මඩුවෙන් පිදුරු මිටියක් ගෙනත් වලට දාල ගිණි තියන අතරම කඩා ගෙනැත් තියෙන බිලිං කොළයි ගම්මිරිස් කොළයි ගින්න නිවීගෙන එද්දි දානවා.  දැන් වලේ පදම හරි ඊට පස්සෙ තියෙන්නෙ කෙසෙල් කැන් ටික වලේ තැන්පත් කරල වල වහල දාන එකයි.  කෙසෙල් කැන් තැන්පත් කරන්නත් හැම කෙනාටම දෙන්නෙ නෑ ඊට සුදුසු කෙසෙල් ඉදෙන අයකුගෙ අතින් කෙසෙල්කැන් වලේ තියන්න ඕනෑ.  මඟුල් තුලා වලට කැවුම් බදිද්දීත් ඔහොමනෙ තාච්චියට තෙල් දාන්නෙ වැඩිපුර තෙල් පිච්ච්න්නේ නැති කෙනෙකුගෙ අතිනුයි.   

කබල් ලෑලි කෑලි දෙකතුනක් වල උඩින් තියල ඊට උඩින් පරණ ඉටි කොලයක් එලල පස් දාන්නෙ වල පැත්තකින් හිල් පොල්කට්ටකුත් තියමිනුයි.  ඒ දුම් පිඹින්න තියන හිඩැස අනික් කිසිම තැනකින් දුම් පිටවෙන්න බෑ.   කුස්සියෙන් ගිණි අඟුරු ටිකක් අරං ඇවිත් පිදුරු උඩට තියල පොල්කට්ටට දාල කොළපතකින් දුම් ගහන්නෙ වල ඇතුළට යන්නටයි.   ඊට පස්සෙ වලේ තැනින් තැනින් පස් පසාරු කරගෙන දුම් උඩට එනකොට බලං ඉන්න අපට හරි සතුටුයි.   ඒ වුනාට වහාම ඒ තැන් පස් දාල දුම් පිටවෙන්නෙ නැති විදියට මකනවා.   නැත්නං ඇතුළට යන දුම් ටික ඔක්කොම තැනින් තැනින් කාන්දුවෙලා ගියාම කෙසෙල් ඉදෙන්නෙ නෑනෙ.   හොඳටම දුම් පාර ඇතුළට වැදුනයි කියල සෑහීමකට පත්වුනාම දුම් ගැහිල්ල නවත්තල දුම් ගහපු පොල්කට්ටත් හොඳට වහල දානවා.   ඔන්න ඔය ආකාරයට වරු තුනක් හෝ හතරක් දුම් ගැහුවයින් පස්සෙ දැන් කෙසෙල්කැන් ගොඩගන්න හොඳ වෙලාව කියල කල්පනා කරන තාත්තා කෙසෙල් වල ගොඩ දානවා.   ඔය වෙලාවට නං මම එතනටම වෙලා ඉන්නෙ තැම්බිච්ච බිලිං කොළවලිනුයි ගම්මිරිස් කොළවලිනුයි හමන සුමිහිරි සුගන්ධය නහයට උරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනුයි.  

බොහොම ප්‍රවේශමෙන් ගොඩගන්න ලාවට කහ පෑ වෙච්ච කෙසෙල්කැන් ටික එතැනම තියෙන ළිඳ ලඟට අරං ගිහිං හොඳට නාවල ගෙට ගෙනියනවා.   කෙසෙල් කැන් හෝදනවට නාවනවා කියන්නෙ මොකද කියල මම තාම දන්නෙ නෑ නමුත් කතාවට කියන්නෙ එහෙමයි.  ගෙනිහින් ඇවරි කපල හරි නිකම්ම හරි දුමේ තැන්පත් කරල තිබ්බම පහුවදාට කහඅත්තට බබලන කෙසෙල් ඇවරි දැකගන්නට පුළුවනි.   පහුගිය සැරේ අපේ අම්මගෙ දානෙ වෙලාවෙ මමත් ඔයවගේ හොඳට ඉදුණු කෙසෙල් කැන් දෙකක් කට්ටිය රෑට කන තැන එල්ලල තිබ්බෙ කෑම කාල ඉවරවුන අයට අතුරුපසක් වශයෙන් කඩාගෙන කන්නටයි.   නමුත් ඉවරවුනේ එක කෙසෙල් කැනකිනුත් බාගයයි.   කවුරුත් වගේ කෙසෙල් දිහාව නොබලම උනන්දු උනේ අයිස්ක්‍රීම් කන්නටයි.   කාලය මැව් වෙනස එහෙම තමයි෴

111 comments:

  1. Replies
    1. ඔව් ඔබ එක.ඒ වෙනුවෙන් ඔබට හිමිවන ත්‍යාගය වන දුම් ගසා ඉදවූ ඇඹුල් කෙසෙල් ඇවරිය යථා කාලයේදී ලැබෙනවා ඇත.

      Delete
    2. Helapa + Kesel = My Mother's favourite

      Delete
    3. //කෙසෙල් කැන් හෝදනවට නාවනවා කියන්නෙ මොකද කියල මම තාම දන්නෙ නෑ// me too aiyye

      Delete
  2. යන්තන් එදා ගොද්ප්රි ආවනේ අද කෙසෙල් ගෙනල්ලා හැලපයියා , හලපත් එක්ක කන්න

    ReplyDelete
    Replies
    1. මෙන්න මුත් පොස්ට් එකක් දාලා ඇවිල්ලා බැලුවානම්

      http://onemalaysiasinhala.blogspot.my/2015/12/blog-post.html

      Delete
    2. කුනුහබ්බ අහගන්නද හදන්නේ...

      Delete
    3. ඒ අහවල් දෙයක් කොලාටද බන් , මලදානේ

      Delete
    4. ඔව් ඔව් එදා ගොඩ්ප්‍රිලයි ගෙදර ගිහිං එද්දි මම කෙසෙල් කැනක් අරගෙන ආවනෙ.ඒකත් එක්ක කාල බලන්න.

      Delete
  3. මටත් මතක් උනා අපේ සීයා අවුරුද්දට කෙසෙල් ඉදවන්න දුං ගහනවා. දැන් ඉතින් තනිකර කාබයිට් නාවනවනේ.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් පලතුරු කාබයිට් වතුරෙන් නාවන එකෙන් තමයි බන් ඔය කාබයිට් සෙල්ලමේ අවුල තියෙන්නේ.. නැත්තම් ඔය කාබයිට් වැඩේ බොහොම විද්‍යානුකූලයි .. කාබයිට් වතුරෙන් පලතුරු නාවන්නේ නැතුව කාබයිට් වලින් එන වායුව විතරයි ප්‍රයෝජනයට ගත යුත්තේ ,,

      https://www.youtube.com/watch?v=opqz0lwZcEw

      https://www.youtube.com/watch?v=fGLK_vBUymA

      Delete
    2. දැන් නං ඉතිං ඔය දුම් ගහන සෙල්ලම නැතිම තරම්.

      Delete
    3. මම ඔය කාබයිට් වැඩේ දැකලම නෑ.

      Delete
  4. මේ පැත්තෙත් කැන් ගොඩක් ඉදවගන්න ඕන උනාම කැප්පෙටිය කොළ වලින් ඔය ක්‍රමේ බාවිතා කරනව.
    එකක් දෙකක්නං ඉතිං රත්වෙච්ච යකඩ කූරක් මුල ඇවරිය පැත්තෙන් ගහල තියෙන එක තමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ක්‍රම තියෙනවා ප්‍රසන්න.පෝර කවරෙකට දාල දුමේ තිබ්බත් ඉදෙනවා.හැබැයි දැන් දුමක් තමා හොයාගන්න නැත්තෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. සමහරු ගහෙන් කපන කෙසෙල් කැන් ඉදෙන්නේ නැ කියල කතාවකුත් මම අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඒක කියන්න තමයි හිටියෙ. ඔය වැඩේ මටත් තියනව මම ගහෙන් කෙහෙල් කැන කැපුවොත් ඉදෙන්නෙ නැතිව වේලිලා යනව. අපේ අම්ම කියන්නෙ මගෙ ඇස්වහ කටවහ නැතිලු.

      Delete
    2. කම්මලා මටත් එහෙමයි බං , මොන පලතුරක්වත් ඉදින්නේ නැ , උඹගේ ලග්නේ මොකක්ද බං


      Delete
    3. ලග්නෙ සම්බන්ධයක් නැතිව ඇති. ලග්නෙ කටක

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඇස්වහ කටවහ නිසාද එහෙම වෙන්නේ...?මම හිතුවේ වෙන කේස් එකක් කියලා.මටත් ඔය රෙද්ද ලෙඩේ තියනවා.

      Delete
    6. එහෙම දෙයක් තියෙනවා හැබැයි ඇත්තද බොරුද දන්නෙ නෑ.වලේ කෙසෙල් තියන්න එහෙම මට තමා කියන්නෙ.

      Delete
    7. දැන් බොලා තුං දෙනාටම එකම ලෙඩේ නේද.

      Delete
    8. තොපි තුන්දෙනාම කාපාළුවො.. ඒකයි..

      Delete
    9. අර - නැකැත්රාළ කෙහ‍ෙල්ගහට නැග්ග වගේ කතාවක් තමා.

      (මෙන්ඩ ආපහු බ්ලොග් ලෝකෙට ආවම ඒ කතාව දාන්නං...)

      Delete
    10. සිරාවට මම හිතන් හිටියේ කාළකන්ණි කමට වෙනදයක් කියලා.

      Delete
  6. කෙසෙල්.. අපේ පැත්තෙත් කැප්පෙටියා කොළ ගහන එක කරනවා.ආයෙ වලට රතිඤ්ඤා පත්තු කරලා දානවා ඉක්මනට දුම පිරෙන්න.
    ඉදවන්න තියෙන්නෙ එක කැනක්,ඇවරි කීපයක් නම් ඉදුනු කෙහෙල් ලෙලි,කැප්පෙටිය කොළ දවටලා ලොකු ශොපින් උරයක දාලා දාඩිය දාන්න ගැට ගහලා තිබ්බාමත් වැඩේ ගොඩ.හෙහ් හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රතිඤ්ඤා කතාව ඇහුවමයි.ගොඩක් කෙසෙල් නැත්නම් උරේක දාල ගැටගහල තිබ්බත් හරි.

      Delete
    2. මං රතිඤ්ඤ කතාව කිව්ව සුරංගෙයගෙ බ්ලොග් එකේ. ඌ කියනවනෙ යාපනේ පැත්තෙ බිම්බෝම්බත් දානවය කියල. මුංට අපි ඇත්තක් කිව්වත් ගජබින්න

      Delete
    3. වියට්නාම්වල ඉදෙව්වෙ napalm වලින්.
      මං හිතන්නෙ නේත්‍රපලම් කෙසෙල්

      Delete
    4. වියට්කොං ලට නාපාම් ගහලා සුදුමහත්තුරු හොම්බෙන් ගිය කතා එහෙම හිංගලෙන් ලියන්නෙ කෙනෙක් නෑ නෙ හැබෑට...

      Delete
    5. ලබ්ස් නෙළුම්විල පැත්තෙ ගියානං වියෙට්නාම් කතා ටිකක් කියවන්ට පුළුවන්‍‍..

      Delete
    6. තං තෝසෙයි බුරතීනෝ... ඒ බ්ලොග් එක රෝලටත් දා ගත්තා.. මම ඒත් බැලුවෙ විනෝදාංශයක් විදිහට ඉතිහාසය,පරණ යුද්ධ ගැන කියවන 'කෙනෙක්' ට ඔව්වා බ්ලොග් ගත කොරන්න හිත් දෙන්නෙ නැත්තෙ මක්කදෝ කියලා.. හෙහ් හෙහ්...

      Delete
  7. කුරුඳු කොල, කැප්පිටිය කොල, යකඩ ඇන, වේලිච්ච මිරිස්, හැක්හැක්..
    මාව පිස්සු වට්ටන්නද හදන්නේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අලුතෙන් වට්ටවන්න දෙයක් තියෙනවද? හැක්..

      Delete
    2. ඇයි බං යූරියා. කටු කම්බි :D හැක්

      Delete
    3. විදානේ,
      ඒ මොකද බං.

      Delete
    4. පත්තරේ,
      ඌ දැන් ඒවා අත ඇරලලු.

      Delete
  8. හැලපත් එක්ක කෙසෙල්ගෙඩි මරු

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ.ඇයි මඩොල් දුව පොතෙත් තියෙන්නෙ.

      Delete
  9. දැන් ඔච්චර නහින්න ඕන නෑ මචෝ.. පෝර උරයක් අතුලේ දාලා දවසක් දෙකක් තිබ්බම.. කාබයිට් ඔනත් නෑ...

    ඒ කාලේ හාල් අස්සෙත් එක එක ඒවා ගහනවා... මතකෙයි...

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ජනතාවගේ අචාරය කෘතහස්ත ලේඛක මාතලංට. අපේ ජාතියට ආඩම්බරයකි ඔබ.

      Delete
    2. වැලිගොඩ අස්සෙ තමයි දෙහි වලදාල තියෙන්නෙ, නියම ෆ්‍රෙෂ් ගතියට තියනව.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මට පේන විදියට දැන් කම්මලේ ට්‍රැඩිෂන් එක දිගටම ගෙනියන්ට හිතාගෙනද කොහෙද manually කමෙන්ට්ස් දෙක දෙක දානවා.. බලහල්ලකො මෙතන එක කමෙන්ට් එකක් 7:54ට අනික 8:40ට.. ටැක්නිකල් ෆෝල්ට් එකක් වුනත් ඔහොම වෙන්ට හැක්ද මං අහන්නෙ? :-P

      Delete
    5. බූරා, අරළු පෙත්තක් බිවුවම රටාවකට නෙමේනෙ යන්නෙ , මේකත් ඒ වගේ. සිරාවට මම විහිළුවටවත් මැනුවලි කමෙන්ට්ස් ඩබල් කරල නෑ. මම මේක හදාගන්න දන්න එවුන් කීප දෙනෙකුට පෙන්නුව හරිගියේ නෑ.
      මම කමෙන්ට් කරන්නෙ tab එකකින්, phone එකෙන් කමෙන්ට් කලත් ඩබල් වෙනව. මේ දෙකෙන්ම හැමතිස්සෙම මේක වෙන්නෙ නෑ. මම දෙපාරක් පබ්ලිෂ් එක ඔබන්නෙත් නෑ.
      අනික මම බලන බ්ලොග් ටික පිලිවෙලට තියෙද්දි මට 5 කට වඩා පහලට ගිය ඒව බලන්න බෑ. 5 වෙනි එකින් එහාට නවතිනව.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මම විහිළුවක් කලේ බං...,

      1. Tab එකේ හා phone එකේ පාවිච්චි කරන web-browser එක මොකක් ද?
      2. වෙන වෙන web-browserවලින් ටෙස්ට් කරලා බැලුව ද? ප්‍රතිඵලය එකම ද? නැත්තං මේ ප්‍රශ්නෙ තියෙන්නෙ එක web-browser එකකට විතර ද?
      3. web-browser එකේ cache එක හා cookies ක්ලීන් කරලා බැලුව ද? ප්‍රතිඵලය එකම ද?
      4. web-browser එකේ settings default කරලා බැලුව ද? ප්‍රතිඵලය එකම ද?
      5. web-browser එකේ එක එක add-ins තියෙනව ද? ඒවා අයින් කරලා බැලුව ද? ප්‍රතිඵලය එකම ද?

      Delete
    8. හරි...මම දන්නව මේ ලෙඩාට උඹල හිනාවෙනව කියල. පොඩ්ඩක් හිටිං මට කරකවිල්ල හැදුන මේ ටික දැකල. බූරා මම පොඩිකාලෙ හිටිය ගෙදරට පේනව අඹේවෙල ෆාම් එකේ කිරි අරං යන බවුසරේ , ආයෙ තෙල් අරං ගිය රතුපාට බවුසරේ. මම මේව ගැන දන්නෙ නෑ බං තේ පදුරක් හරි කොලයක් ගැන ඇරෙන්ඩ ඉස්කෝලෙන් පස්සෙ මේ තාක්ෂනික දේවල් වල දැනුම 0 යි.
      තොරතුරු ටිකට ස්තූතියි . හිටිංකො වැඩ්ඩ වගේ මේ ටික පාඩම් කරගෙන , දන්න එකෙකුට කියල ගොඩ දාගන්නම්.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. හරි මචං දැන් 5 කට වඩා දිගටම බලන්න පුළුවන්. බලමු ඩබලත් වදීද කියල.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. ඔය වැදිල තියෙන්නෙ ලෙසටම...!!!

      ඕක හදාගන්ඩ එපා බං. උඹේ ඩබොල් කමෙන්ට් නැත්තං නිකං කෑවට හරි නෑ වගේ වෙනව...

      Delete
    13. හාල් අස්සෙ ගහන්නෙ දෙහි නේද.කිව්වත් වගේ වැලි ගොඩවල් අස්සෙත් ගහන්නෙ වැඩිපුර තියෙනකොටයි.දැන් නං ගෙඩියක් රුපියල් පනස් ගානක්ලු නේද?

      Delete
    14. කම්මල,
      හිනා වෙන්නෙ නෑ බං උඹේ ඩබල් කමෙන්ට් වලට අපිට හරි ජොලි.ඕක හදාගන්න නං එපා.

      Delete
    15. බුරා,
      කම්මල හොල්මං ද පොල්කොළ වෙලා.

      Delete
  10. කෙසෙල් ගෙඩි නං ටිකක් හරි කනවා.... අනික් පළතුරු නං කනවා හොදට ම අඩුයි.... අපි අන්නාසි ඒහෙම කන්නෑනේ..... ඒවා අයිස්ක්‍රීම් ටිකක් කනවාට වඩා අමාරු වුණාට අැගට හොදයි කියලා අපේ කට්ටියට අමතක වෙලා....

    ReplyDelete
    Replies
    1. අන්නාසි කන්න අමාරුවක් නෑ තියෙනවනං.කාලයක් අපි අන්නාසි හොරෙන් කඩල කෑවා ඇඟේ පලු දානකන්.මම ඒ කතා කීපයක් ලියලත් ඇති.

      Delete
  11. අත් ගුනේ ගැන කියනව නම් අපේ තාත්තට කෙහෙල් කැන් කපන්න දෙන්නෙ නෑ අම්මා..මොකෝ තාත්තා කැපුවාම වලේ දාලා දුං ගැහුවත් ඉදෙන්නෙ නැහැය කියලා...කියවනකොට මතක් උනේ අර පිදුරු දාලා වල ගිනි තියනව නේන්නං කියලා..ඊට පස්සෙ බිලිං කොල තැවුමරලා තමයිනේන්නං වලට දාන්නේ...
    අපේ නං අයියා තමයි ඔය කෙසෙල් වල දාල දුං ගහන වැඩේ කලේ....
    අර සුවඳනං දැනුත් දැනෙනවා දැනෙනවා වගේ හැලපේ..
    මම දැන් නං කරන්නේ ගහේම එක ගෙඩියක් ඉදෙන්න අරිනෝ..පෙරේදාත් කැනක් කැපුවා ....ඇඹුලක්...ඔක්කොම ටික ටික ඉදීගෙන එනෝ අද වෙනකොට..කන්න කෙනෙක් තමා නැත්තේ මෙහේ හැලපේ....

    ReplyDelete
    Replies
    1. බැරිද පෝස්ට් එක හරහා ඕව සත්ගුණවත් කොමෙන්ට්කරුවන් වන අපහට බෙදා දෙන්න. හැක්...

      Delete
    2. බනානා කන්න ආස අය ෆෝත් ලේන් එකේ නැතෙයි...

      මම කිව්වේ ගහේ බනානා..

      Delete
    3. බනිස් අරං ආවොත් දෙන්නං ඇඹුල්.....

      අද උදේ බලනකොට අලුකෙහෙල් මලකුයි තවත් ඇඹුල් මල් දෙකකුයි පීදිලා කියහංකෝ..

      අලුකෙහෙල් වලට නම් ඉතින් සප්තපාදී පිහිටයි..ඒත් ඇඹුල් වලට...
      හපොයි....වවන්නේ නෑ ආයෙත්...!

      Delete
    4. යකෝ එන්න පුළුවන් තැනක හිටිය නං දුවගෙන එනවා.මගෙ කෙහෙල් කොටුවෙත් මේ දවස්වල කැන් කීපයක්ම ඉදිලා කියල දැනගන්නට ලැබුණා.හැබැයි ඒවා නං අපතේ යන්නේ නෑ කොහොම හරි කට්ටිය කාල දානවා.

      Delete
  12. කාබයිට් සෙල්ලම මාත් දැකලා තියනෙවා. අනික තමා යූරියා බැඳිල්ල, ලොකුවෙන්ට.

    ReplyDelete
    Replies
    1. අරකේ යූරියා ටිකක් බඳින්න හිතයි මට...

      Delete
    2. මචං පරිස්සමෙන් බෝල දෙකේ නං ගෑවෙන්ඩ දෙන්ඩ එපා

      Delete
    3. ඇත්තටම හරියනවද ඈ. මං උඹලව තමයි අල්ලගන්නේ වැරදුනොත් එහෙම ඔන්න.

      Delete
    4. අමුඩ ලේන්සුවට දාලා පෝර ගහපල්ලා.

      Delete
    5. අමුඩෙ අස්සට කහඹිලිය ටිකක් දැම්ම නං බලාඉද්දි ලොකුවෙනව... අත්දැකීමෙන් කිව්වෙ..

      Delete
    6. විචා, ගුලිතුනේ වෙද මහත්තය හම්බවෙන්න. පාර අහගන්න මදාවියගෙං...

      Delete
    7. අනේ බං කවුරුහරි මටත් යුරියා සීයක් විතර එවපල්ලකො.මෙහෙ හොයාගන්න බැලුව තිබුනෙ නෑ.සීයක් ඇතිවෙයි නේද මාතේ.

      Delete
    8. හැලපෙ,
      ගිණීපෙට්ටි පියනක් අැති, සාමාන්‍ය ප්‍රමාණයේ බණ්ඩාර වහල්ලකට...

      Delete
  13. මගුල් ගෙවල්වල බීපු එවුන් මිසින් වෙලා හොයද්දි කෙසෙල් වලේ ඉඳල හොයාගත්තු අවස්තාවන් නැත්තේම නැහැ බන් හැලපේ අයියේ.. ඔය කෙසෙල් වලෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරණ ගේමක් තමයි ගහන්නේ. කෙසෙල් ඉදවන එකට අමතරව උත්සවේ සියලු අපද්‍රව්‍ය කෙසෙල් වලේම තමයි භූමදානය වෙන්නේ. උදේට වතාවයි හවසට වතාවයි දුම් ගහන හැටි මතකයි ඒ කාලේ. මම ඉතින් හිච්චි එකා නිසා මට අවසර තියෙන්නේ නරඹන්න විතරයි. පස්සේ කාලෙක මමත් සෑහෙන්න කාලයක් දුම් ගැහුවා පපුවේ තියන කෙසෙල් කැන ඉදවාගන්න .. වැඩේ හරිගියේ නැති නිසා අතැරලා දැම්ම..හැක් ..හැක් ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට ඒ හරිය අමතක උනානෙ.සියළුම කසල කෙසෙල් වලෙන් අවසන් ගමන් යනවා.
      මමත් පපුවෙ තියෙන කැනට කාලයක් දුම් ගහල ලෙඩ වුන නිසා නවත්තල දැම්මා.

      Delete
  14. Replies
    1. ඇයි ඔයා සිංහ ලේ නෙමෙයි ද?

      Delete
    2. මං හිතුවෙ කම්ම ලේ කියල :D

      Delete
    3. නෑ බොලව්. මන් බදුල් ලේ. මේ දවස් වල ඉන්නේ ගාල් ලේ..

      Delete
    4. හරිනෙ ඔය සිංහල ලැබිල තියෙන්නෙ.

      Delete
  15. අහල පහල මගුල් තුලාවක් තිබ්බොත් ඉතිං අනිවාර්‍යයෙන්ම කරන්ඩ වෙන දෙයක් තමයි කෙහෙල් කැන් ඉදවීම. පොල්කටු හිලට පොල්මුඩු ටිකක් ගිනිතියල කොලපතකින් පවන් ගහල මැටි වලින් දුම් පිටවෙන තැන් වහන්න ඕනෙ. හැබැයි දුම් ගහපු කෙසෙල් කන්න මගේ කිසිම ආසාවක් එදා තිබුනෙ නෑ.
    ගෙදර කෙසෙල් කැනක් කැපුවහම, ඇවරි කපල පිදුරු දාපු බටපොතු පෙට්ටියේ දාල තියනව ඒව ඉදුනහම පිදුරුත් එක්ක මාර සුවදක් තියෙන්නෙ. ප්‍රමාණය වැඩිනම් වී පෙට්ටියේ දාල තියෙන්නෙ. ඔය වී පෙට්ටිය තමයි හැංගි මුත්තං කරද්දි මම හැංගෙන්න ආස තැන. එතකොට ඉදිච්ච කෙසෙල් ඇවරියක් තිබ්බොත් ඒක මගෙ බඩේ තමයි හැංගෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දුම් ගහපු කෙහෙල් කියල රසේ හෝ සුවඳේ කිසිම වෙනසක් නෑනෙ කම්මලේ.

      Delete
  16. අපේ ලොකු අය නං මැතක් වෙන තුරුම ඒකට වෙනම වලක් කපල උදේ හවා දුං ගහනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ වැඩේ අත ඇරල දැම්මද.

      Delete
  17. මෙහෙම ඉදවන කෙසෙල්වල රහේ වෙනසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ම්ම්හ් කිසිම වෙනසක් නෑ.ඇයි පොඩ්ඩි දැකල නැද්ද.ඔහොම කීවට ඔයත් දුම් ගහල ඉදෝපු කෙසෙල් ඕනෑ තරම් කාල ඇති.

      Delete
  18. අපේ පැත්තේ තාමත් මේ වැඩේ සිද්ධ වෙනවා. වෙනසකට තියෙන්නේ වල පුච්චන්නේ වේලිච්ච කෙසෙල් කොළ වලින් වීම සහ වලට ඇල්බීසියා/ලාඩප්පා කොළ දාන එක...
    ඉස්සරනම් කැප්පෙට්ටියා කොළ තමයි දැම්මේ, දැන් ඉතින් ඒවා හොයන්න යන්නේ නැතුව ලේසියෙන් හොයා ගන්න තියෙන ඇල්බීසියා/ලාඩප්පා කොළ පාවිච්චි වෙනවා...

    මම කෙසෙල් කැන් කැපුවොත් වලේ දාන්නේ නැතුවම ඉදෙනවා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හැබැයි මගෙ අතිනුත් කෙසෙල් ඉදෙනවා.බොහෝ වෙලාවට කෙසෙල් වලේ තියන්නෙ මගෙ අතිනුයි.

      Delete
  19. තාමත් අපේ පැත්තේ ඔය ක්‍රමයට කෙසෙල් ඉදවනවා. කාබයිට් ගහන කෙසෙල් වලට වැඩිය දුම් ගහලා ඉදවන කෙසෙල් රසයි....
    සුබ නත්තලක්...

    ReplyDelete
    Replies
    1. කාබයිට් ගහල ඉදවන ඒක ශරීරයට අහිතකරයි නේද මහේෂ්.

      Delete
  20. // අද නං කෙසෙල්වලට කාබයිට් ගහනව කියයි හෝමෝන එන්නත් කරනව කියයි //

    මම දන්න විදිහට කාබයිට් ගැහුවට හෝමෝන ගහන්නේ නැ.... එහෙම හෝමෝන එන්නත් කලොත් අපිට කෙසෙල් කන්න වෙන්නේ අස්ප ගනන් වලට තමයි....

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති හෝමෝන කිව්වට රසායනික ද්‍රව්‍ය තමා දානව ඇත්තෙ.

      Delete
  21. කාලය මැව් වෙනසක අරුමේ එසේ මෙසේ අරුමයක් නෙවෙයි හැලපේ. කාබයිඩ් සහ/හෝ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය ගහලා ඉදවපු, කෙසෙල්, අඹ, පැපොල්, හඳුනාගන්න සමහර අයට බැහැ. ඒ නිසා අර ජරාවල් සල්ලි දීලා උස්සගෙන යනවා. ඒ වගේම ඒවා ජරා රහයි.

    කෙසෙල් ඉදවන වල ට පොල්කට්ට තියන්නේ කට්ටේ බොක්ක පැත්ත ඇතුලට හිටින්න. කැප්පෙටියා කොළ, ගැඩුඹ කොළ, සිවිඩිමිඩියා කොළ, දානවා සමහර පළාත්වල. ඔහොම ඉදවපු කෙසෙල් එක්ක හොඳ සිංහල රසකැවිලි කාලා, දර ලිපේ උණුකරපු වතුරෙන් කහට එකක් බොන්න ඕනේ හකුරු කෑල්ලක් එක්ක.

    ReplyDelete
    Replies
    1. සිංහල රසකැවිලි වර්ග කීපයක්ම ළඟදී ලැබුණා.හැබැයි දුම් ගහල ඉදවපු කෙසෙල් තිබුනෙ නෑ.කඩෙන් කෙසෙල්ගෙඩි ගෙනත් ඒ රසකැවිලිත් එක්ක කාල ඉලෙක්ට්‍රික් කේතලෙන් වතුර ටික උණුකරලා තේ හදාගෙන බිව්වා.

      Delete
  22. මමත් මේ විදියට කෙසෙල් බිං කරලා තියෙනවා අපේ සීයාතාත්තා එක්ක අවුරුදු 20 කට විතර කලින් ගමේදී. අපි ගත්තේ කුරුඳු කොළ විතරයි මට මතක හැටියට. කුරුඳු කොලත් එක්ක තැම්බිලා කෙසෙල් ගෙඩිවල අමුතු සුවඳක් එනවා. ඒ වගේම හරි රසයි. අපේ දරුවන්ට මේවා දකින්න නොලැබෙන එක ගැනත් දුකක් තියෙනවා.

    දැන් නම් ඉතින් කොළඹ ඉන්න අපිට කන්න වෙන්නෙම ඒත්‍රල් ගහපු කෙසෙල්. ස්වභාවික විධියට ඉදුන කෙසෙල් ගන්න පුළුවන් මම දන්නා තැනක් තමා නවල කිරිමණ්ඩල මාවතේ ආහාර ප්‍රවර්ධන අමාත්‍යාංශයේ outlet එක. Ninewells රෝහලට අල්ලපු කඩේ. එතන MSG වගේ කෘතිම රසකාරක නොදාපු කෑම වර්ග, කාබනික පොහොර දාපු එළවලු එහෙමත් තියෙනවා. මිළත් සාධාරණයි.

    හැලප කඩේට ඇවිත් ගොඩක් කල් ඒත් අද තමා මුලින්ම comment කරන්නේ. ඔබේ ලියවිල්ල ඉතා රසවත්. දිගටම ලියමු.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය.අපේ පළාත්වල කුරුඳු එච්චරට තිබ්බෙ නෑ.තිබුනත් තැන තැන ගහක් දෙකක් තමා.ඒ ඒ පළාත්වලට ආවේනික එහෙම නැත්නම් බහුලව තියෙන හොයාගන්නට ලේසි කොළ වර්ග කෙසෙල් ඉදවන්නට පාවිච්චි කරල තියෙන බව පේනවා.

      Delete
    2. //හැලප කඩේට ඇවිත් ගොඩක් කල් ඒත් අද තමා මුලින්ම comment කරන්නේ. ඔබේ ලියවිල්ල ඉතා රසවත්. දිගටම ලියමු// උදය අංක 2

      ජයෙන් ජයම වේවා සියලුම සිංහල බොගාස්ලට

      Delete
  23. හැලප අයියෙ.. දුං ගැහිල්ල වගේම තවත් වැඩක් තියනව.. කෙසෙල් ඇවරි කපල එක තැනක අහුරල ඉදුනු කෙසෙල් ලෙලි ඒ මැදට දාල වහල තිබ්බම ස්වභාවික කාලයට වැඩි ඉක්මනට ඉදෙනව..

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමත් කෙසෙල් කැන එල්ලල තියෙද්දී ඉදෙන්නෙත් ඉදුණ ගෙඩිවලින් හමන සුවඳට නොවැ.

      Delete
  24. කෙහෙග් ගෙඩි වල විට හුණු අතුල්ලන එකත් කොරනොව නෙව..
    අපේ ඩැඩා කෙහෙල් කනක් කැපුවොත් ඒකෙ නැට්ට කුණු වුණත් ඉදෙන්නෙ නෑ කියන්නකො.. හැක්.. බිං කිරිල්ලත් එහෙම්මයි..
    මාත් හෙනම ආස වැඩක් තමයි කෙහෙල් බිං ගැහිල්ල ඒත් වලවල් කපන්න නං මනාපයක් නෑ ආයිබංඩ

    ReplyDelete
    Replies
    1. අපේ ඩැඩා කෙහෙල් කනක් කැපුවොත් ඒකෙ නැට්ට කුණු වුණත් ඉදෙන්නෙ නෑ

      ඕං කිව්වා. තව මොකවත් කියන්න ඕනෙද?

      Delete
    2. කපපු වලවල් වල බින් කරන්න අපිත් ආසයි ඕං.

      Delete
  25. උඩ ඉඳං පහලට ලියාගෙන එද්දි, හිතේ තිබ්බ එක අමතක උනා. මතක් උනාම ලියන්නං ඈ...

    ReplyDelete
    Replies
    1. හා හා මතක ඇතුව ලියපං ඈ.

      Delete
    2. මයෙ දිව අගම තියෙනව... තුඃ තුඃ...!

      Delete
  26. අතීතයට ගියා .. කෙසෙල් දුන් ගහල ඉදවනකොට එන සුවද දැනෙනවා වාගේ අය්යේ ..අනික කඩවල් අයිති ගෙවල් වලත් ස්ථිර කෙසෙල් වලවල් හදලා තිබුනා විකුනන්න ඉදවන්න...

    "දස අත පිලය කීවේ රඹ ගස නොවෙද
    කඳ මැද බදා ඉන්නේ රඹ කැන නොවෙද
    ලෙලි හැර කෙසෙල් ගෙඩි සැම කනවා නොවෙද
    මෙතුන් පදේ තේරුවෙ නැණයෙන් නොවෙද"

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිංදුවෝ,කෙසෙල් බහුලව විකිණෙන කඩවල ඉදවන්න ස්ථිර වලවල් හදල තිබුන කියල මමත් කියවල තියෙනවා.අපූරු අහල නැති කවියක්.ස්තුතියි සිංදු.

      Delete
  27. හැලපේගේ සටහන බොහොම දවසකට කලින් කියෙව්වත් සිංහල නැති හින්දා හරියට කම්න්ට් එකක් දාගන්න වුනේ නෑ.
    මට මතක විදියට මාත් අපේ අප්පච්චිගේ කෙහෙල් ව්‍යාපාරයට අසිස්ට් කලා. මතක විදියට අපි නම් දැම්මේ කැප්පෙට්ටිකොල කියලා දෙයක් වෙන්න ඕනේ. ඒවා පොල් ගස් වල අරක්කු හදනකොටත් ගන්නවා වෙන්න ඕනේ. මට එහෙම මතකයි. ආයේ පිදුරු වලින් වහලා අපි දුම් දැම්මාත් මතකයි. කෙහෙල් ඉදුනාම අපෙ අපරණ කුස්සියේ දුමේ අස් කරලාත් තිබ්බ වෙනන් ඕනේ. කොහොම හරි වී පෙට්ටි වලත් තව තවත් තැන්වලත් කෙහෙල් ඇවරි තිබ්බා මතකයි. ඒ කාලේ කුරුල්ලෝ වගේ අහුවෙන අහුවෙන එකෙන් කඩාගන්න අපෙන් බේරගන්න අම්මල ලොකු ගේමක් දෙන්නත් ඇති.දැන් නම් අපෙ කෙහෙල් ගස් වල කැන් ඔහෙ අහස් වල ඉදිලා යන්වා. ගොඩාක් වෙලාවට වඳුරෝ කුරුල්ලෝ හෝ සත්තු තමයි.අපිටත් ඉතින් ඔය එක දෙකක් ඉඳලා හිටල කඩාගන්න පුළුවන්. ඒත් දුම් ගහලා ඉදවන්න තරම් අවස්ථා දැන් නෑ වෙන්න ඕනේ. ඒ වගේ ඒවට කඩෙන් ගන්නවා ඇති.
    අතීත මතක අස්සේ රවුම් ගහන්න පුළුවන් මේ වගේ සටහන් කියවීමම සතුටක්.

    ReplyDelete
    Replies
    1. රංගි බොහොම කාලෙකින්.දැන් කොහොමද නැවතත් සුපුරුදු සුවෙන් ඇති නේද.අර අරක්කු හදන්න කැප්පෙටිය කොළ ගන්න කතාව විස්තර ඇතුව ලිව්වොත් අපේ දැනගැනීමට හොඳයි.

      Delete
  28. තාත්තා ඉද්දි අපේ ගෙදර සාමාන්‍යය‍ෙන් කළේ, ගහේදිම පැහෙන්න ඇරලා, කපාගෙන, ඇවරි කපලා, වතුර ටිකක් ඉහළා, කැප්පෙටිය කොළයි බිලිං කොළයි එක්ක පෙට්ටියක අහුරල තියෙන එක. වැඩේ කියන්නෙ, ඉදෙන ඉදෙන කෙහෙල් ගෙඩියට වැඩේ දෙන්ඩ හිටියනෙ බනානා මෑන් ඇන්ඩ් සන් දෙපළක්...

    දැන් කරන්නෙ ගහේදිම ගෙඩියක් ඉදෙනකල් ඉඳල කපාගන්න එකයි. දැන් ඉතිං කන්න ඉන්නෙ බනානා සන් විතරයි අෆ්ෆා. ඩ්‍රැකි පැට්ට ඉක්මණට ලොකු කරගන්න ඕනෙ...

    (මේ අර අමතක වෙච්ච කමෙන්ට් එක)

    ReplyDelete

ඔබේ අදහස්