Sunday, June 21, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 4 -ආවෝ ගියෝ සමග පැමිණි තරුණිය.


ඇය ගැන අප සිත්තුළ තිබු ප්‍රතිරූපය වුයේ රෙද්ද හැට්ටය හැඳි ගැමි කාන්තාව හෝ ඔසරිය හැඳි වලව්වක ළමාතැනියකගේ රූපයයි.නමුත් දැන් රථයෙන් බසින්නේ ඩෙනිම් ජීන්ස් එකක් සහ බ්ලවුසයක් හැඳි කාන්තාවකි.සැබෑ ජීවිතය මෙසේ යැයි අපේ සිත් පිළිගන්නේ මදක් ප්‍රමාද වෙලාය.සෝමලතා සුබසිංහ මහත්මිය සමග එවකට ඇගේ ශිෂ්‍යයෙක් වුද පසුකාලීනව ඇගේ ලොකු බෑනා වන්නට නියමිතව සිටියාවුද චන්දන අලුත්ගේ(පසුව ආචාර්ය චන්දන අලුත්ගේ) සහ වික්‍රම සෙනෙවිරත්නද විය.පසුපස ඉදිරි අසුනේ සිට බිමට බැස්සේ අඩි හතක් පමණ උසැති කෙට්ටු විදේශිකයෙකි. සෝවියට් සංගමයේ ඈත පෙරදිග හෝ මධ්‍යම ආසියානු රටක වැසියෙක් වූ ඔහු බොහෝ සුහදශීලී තරුණයෙක් වූ අතර චිත්‍රපට කලාව පිලිබඳ උපාධිධාරියෙක් විය.අවෝ උගෝ නම්වූ ඔහුට අප සමග මිතුරුවූ පසු  ආවෝ ගියෝ යනුවෙන් ඇමතුවෙමු.

වෑන් රථයේ පසුපස අසුනේ සිට අවසානයට බිමට බැස්සේ දෙවඟනක් බඳු රුපශ්‍රීයෙන් යුත් නවයොවුන් වියේ වූ රූමත් විදේශික යුවතියකි.ඇත්දළ පැහැති ඇගේ වතට ගෙල තෙක් කෙටිවූ රන්වන් කෙස් කළඹෙන් වැටුනේ අමුතු ආලෝකයකි.නිල් පැහැති දෙනෙත් කාන්තියෙන් දිලිසෙමින් තිබිණි.කෙටි ස්කර්ට් එකක් සහ වර්ණවත් බ්ලවුසයක් හැඳ සිටි ඇය උසින් අඩි හයකට මඳක් අඩුය.අපි ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට අමතකව අහසින් බට සුරංගනාවක් බඳුවූ මේ රූමතිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමු.

ලස්සන කෙල්ල නේදැ'යි සෝමලතා සුබසිංහ මහත්මිය ඇස් ඉඟිමරමින් කීවේ කෙල්ල දෙස වශීවී බලාසිටි අපට ඔලොක්කුවටත් එක්කය.මෙයා රුසියාවෙ,ලංකාවෙ නාට්‍ය ගැන පර්යේෂණයක් කරනවා.මේ දවස්වල අපිත් එක්ක ඉන්නෙ' යි ඇය වැඩිදුරටත් පැවසුවාය.ඇය එම තරුණියගේ නමද කියූ මුත් දැන් මට අමතකය.සිහි එළවාගත් අපි ඔවුන් සියලුදෙනාම ආදරයෙන් පිළිගෙන ගෙතුළට කැඳවාගෙන ගියෙමු.'කෝ බෙනට් නැද්දැ'යි අසමින් වාඩිගත් ඇය තමන් අලුතින් නාට්‍යයක් කරන්නට පටන්ගත් බවත් විශේෂය වන්නේ මෙවර නාට්‍යය පුහුණුකරවන්නේ ගොළු බිහිරි ළමුන්ට වීම බවත් කීවාය.  පටන්ගනිද්දී කරන්නට පුළුවන් වේවිදැයි සැකයක් තිබුනද ඉතා ඉක්මනින් ඒ සැකය නැතිවූ බවද ඇය පැවසුවේ දැඩි උද්යෝගයකිනි.'මෙහෙම වැඩක් කරන්නත් පුළුවන් වුනානං මීට පස්සෙ දර කෑලි එක්ක වුනත් නාට්‍යයක් කරන්න පුළුවනි කියල මට හරිම ආත්ම විශ්වාසයක් ඇතිවුණා 'යි ඇය කීවාය.

නාට්‍යයේ පුහුණුවීම් කරන ආකාරය සහ නාට්‍ය දර්ශනයක් යූ මැටික් වලින් වීඩියෝ කරවා ගැනීම ඇයගේ අභිප්‍රාය විය.ඇයගේ කැමරා ශිල්පියාවූ අවෝ උගෝ හෙවත් ආවෝ ගියෝ කැමරා උපකරණ පරීක්ෂා කරමින් සිටි අතර සෝමලතා මහත්මිය ඇයගේ අලුත් නාට්‍යය ගැන නොනවත්වා කතාකළාය.ඒ කරුණු දෙක ගැනම කිසි  උනන්දුවක් නොදැක්වූ අපි ගෙදරට පැමිණි රූමත් තරුණිය කෙරෙහි බොහෝ උනන්දු  වූවද එදිනට පසු නැවත ඒ තරුණිය දැකගැනීමේ වාසනාව නොලදිමු. එහෙත් අප මිත්‍ර ආවෝ ගියෝ පමණක් නිතරම බෙන් එකට ආවේ ගියේ කැමරා උපකරණ ගෙනයාමට සහ ආපසු ගෙනැවිත් දීමටය.

මට නැවතත් සෝමලතා සුබසිංහ මහත්මියව  හමුවන්නේ ඊට අවුරුදු දහයකට හෝ එකොළහකට පමණ පසුව චෙන්නායි නුවරදීය.ඒ වනවිට මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇතිවී තිබිණි.තැන තැන රස්තියාදු ජීවිතය අතහැර පිළිවෙලක් වී සිටි මම ඒ වනවිට විප්‍රවාසය අරඹා තිබුනෙමි. විප්‍රවාසයේ ප්‍රථම නැවතුම් පොළ වූ චෙන්නායි නුවරට පැමිණ අවුරුදු කීපයක් ගතවන විට සෝමලතා සුබසිංහ මහත්මිය සිය නාට්‍ය කණ්ඩායමත් සමග එහි පැමිණියේ එනුවර සිය නාට්‍යවල දර්ශන කීපයක් වේදිකාගත කිරීම සඳහාය.ඇය රැගෙන විත් තිබුණේ තොප්පි වෙළෙන්දා සහ විකෘති යන නාට්‍ය ද්විත්වයය.අපි තුන්දෙනා නාට්‍ය ද්වයම නරඹා සතුටු වූයෙමු.නිල්මිණි සිගේරා සහ චාන්දනී සෙනෙවිරත්න කලක් රඟපෑ විකෘති නාට්‍යයේ ප්‍රධාන චරිතය එවකට රඟන ලද්දේ නදී කම්මැල්ලවීර විසිනි.ඇය ප්‍රකට ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ දියණියයි.මගේ මතකය නිවැරදි නම් නදී පසුකලෙක කසුන් කල්හාර සමග විවාපත් වුවාය.කෞශල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රසන්නජිත් අබේසුරියද කණ්ඩායමේ සිටි බව මට මතකය.නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී සාදයකදී මම පිංතුර ගත්තෙමි.ඊට පසුදින චෙන්නායිහි සමාජ සංවිධානයක් විසින් ඔවුන්ට හරසර දැක්වීම පිණිස තවත් සාදයක් සංවිධානය කර තිබිණි.එම සාදයට මට ආරාධනාවක් නොතිබූ බැවින් ගෙදරට වී සිටියෙමි. හවස්වරුවේ සෝමලතා සුබසිංහ මහත්මිය මට කතාකලාය.ඇය කීවේ සමරු සටහන් වශයෙන් මෙම සාදයේ පිංතුර ටිකක් ගැනීම අත්‍යවශ්‍ය බව හා යන වියදමක් ඇය විසින් දරන බවත් මේ හදිසියට ඡායාරුප ශිල්පියෙක් සොයාගැනීමට නොහැකි නිසා සාදය ඡායාරුපගත කරදෙන ලෙසත්ය.පිංතුර ගැනීමේ හෝ වියදමේ ප්‍රශ්නයක් නැති වුනත් ආරාධනයක් නොමැතිව එම සාදයට සහභාගී වන්නට මට නොහැකි බව ඇයට කීවෙමි.හවස් වෙද්දි ආරාධනා පත්‍රයක්ද සමග සාදයට යන්නට වාහනයක්  ගෙදරට එවන්නට ඇය විසින් කටයුතු සලසා තිබුණි.ඒ සෝමලතා සුබසිංහ මහත්මියගේ හැටිය.සාදයේදී ඇය සහ නාට්‍ය කණ්ඩායම ගීත ගයමින් සතුටුවන ආකාරය මම ඡායාරුපගත කරදුනිමි.

මෙය පසුගියදා ජීවන රඟමඬලෙන් සදහටම සමුගත් සෝමලතා සුබසිංහ මහත්මිය පිලිබඳ කෙටි මතක සටහනකි.ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් ලියන විට ඇය ගැනද මතක මා සතුව පවතින බව පෙනුන හෙයින් මෙම සටහන තැබුවෙමි.එදායින් පසු ඇය නැවතත් මට මුණගැසුනේ නැත.මා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටියානම් සමහරවිට මේ මතකයන් මීට වඩා වැඩිවන්නට ඉඩ තිබුණි. නමුත් විවාහයෙන් පසු මා ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන බිරිඳගේ කිසිම මනාපයක් නොවීය.'ඔයාට කරන්න රස්සාවක් තියෙනවනෙ ඕවට යන්නෙ මොකටද,රස්සාවක් නැත්නං තව කමක් නෑ' ආදී වශයෙන් ඇය තම අකමැත්ත පළකලාය. බිරිඳගේ අකමැත්ත හේතුවෙන්  විවාහයෙන් පසු ලංකාවේ ගතකළ අවුරුදු දෙක තුන ඇතුළත කිසිම නිෂ්පාදනයකට සම්බන්ධ වීමට හැකිවුයේ නැත. ඊට පසුකාලීනව ජීවිතයෙන් වැඩිහරිය විප්‍රවාසව ගතවුන බැවින් අදාළ ප්‍රශ්නය නැවත පැන නැගුනේද නැත. ඉදිරියටද ක්ෂේත්‍රයට සම්බන්ධ වනු ඇතැයි නොසිතෙන්නේ වර්තමානයේ කෙරෙන නිෂ්පාදන සිදුවන්නේ අප කර පුරුදු දැක පුරුදු ක්‍රමයට නොව අමුතුම ක්‍රමයකට බැවින් අප යල් පැන ගිය භාණ්ඩ වීමට ඉඩ ඇති බැවිනි. 

78 comments:

  1. අතීත මතක සටහන්....එකම සිද්දියෙන් වෙලාවකට කඳුලකුත් තවත් වෙලාවකට සිනහවකුත් ගේන්න පුලුවන් දෙයක්...
    "ආවෝ ගියෝ" ඒක තමයි ගැලපෙනම නම....

    ReplyDelete
    Replies
    1. එක්වරම මතක් උනේ ඒ නම.ඉතිං ඒක ලියාපදිංචි කළා.

      Delete
    2. නදී කම්මැල්ලවීර බැන්දේ තරුපති මුනසිංහ ( ඔස්ටින් මුනසිංහ ගේ පුත් )

      Delete
  2. ඔය ක්ෂේත්‍රය ගැන දැන් දැන් අහන්න දකින ලැබෙන දේවල හැටියට බිරියගේ අකමැත්ත පුදුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. එළිපිට නොකීවට හේතුව එය වෙන්න පුළුවනි.

      Delete
  3. ටිකයි උනත් වදින්නම දීලා තියෙනවා.. අර අපිව පිස්සු කරපු අවුල් වෙන්ට පෙර පොර, වැඩේ ඉවර කර ගන්න කලින්ම අවුල් වෙලා පිස්සු වැටුන නිසා ආයි ඒක ගැන බලාපොරොත්තු තියාගන්න බෑ..

    උඹ ගැන නං ඉතිං මේකේ 4, 40 වේවියැයි කියලවත් හිතනවා.. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හැබෑවටම අයිසෙ අවුලට මොකෝ උනේ.
      ඌ මලාවද්ද?

      Delete
    2. කියන්න දන්නෑ අයිසේ.. මිනිහා වැඩේ ගොඩ දාන්න කලින්ම අවුල් වෙචිචි බව විතරයි මං දන්නේ

      Delete
    3. අවුලා රැජිණට කෑගහලා එංගලන්ත හිරේ කියලා අර රවීයියා කියන්නේ.

      ( රැජිණට කෑගහලා අවුලා හිරේ ඉන්න එක ආඩම්බරයි ශෙයා කරන්න හොඳේ.)

      Delete
    4. අවුලා හිටපු ටවුමෙන් පිටට මාරු කරලලු.දැන් ගොඩක් වැඩ වැඩිලු.ඉතිං ආපහු එනතුරු අවුල් කතාව ලියවෙන එකක් නෑ බං.

      Delete
  4. අපරාදෙ අර සුදු ගෑණු මනුස්සයව ආය ‍මුණ නොගැසුනේ.

    ReplyDelete
    Replies
    1. මම හිටියනං ආවෝ ගියෝගෙන් ඒ ගැන අහනවා.. කොහේද මුන්ට මොලයක් තියෙන එකක් යැ. හැ්ක

      Delete
    2. ඒක තමයි ප්‍රසන්න දෛවයේ නියමය එහෙම වෙන්න ඇති.

      Delete
    3. දූසකයා,
      මොළයක් තියේනං තොපි වගේ උන් එක්ක පයුරු පාසානං පවත්වාවිද?

      Delete
  5. සෝමලතා සුබසිංහ මහත්මිය ගැන හොඳ විස්තරයක්.

    ඔබ ඉවත්වූ ආකාරයටම ක්ෂේත්‍රයට අහිමිවූ සෑහෙන පිරිසක් ඉන්න බවයි මගේ හැඟීම.

    ReplyDelete
  6. හැලපයියේ, අදනම් උඹේ පෝස්ට් එකත් ආවෝ ගියෝ ටයිප් එක...

    ///මගේ මතකය නිවැරදි නම් නදී පසුකලෙක කසුන් කල්හාර සමග විවාපත් වුවාය.///
    මෙය වැරදිද නිවරදිද කියල දන්නේ නැතත්, කාල වකවානු වල නොගැලපීමක් ඇතියි කියල නිකමට වගේ හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක හරි. කසුන් බැන්දේ නදී ව තමයි. උන්ට පුතෙකුත් හිටියා.. දැන් තව ලමයි ඉන්නවද දන්නෙ නෑ.

      Delete
    2. කාල වකවානුවල නොගැලපීම මොකක්ද කියලත් විස්තර කලානං වඩා හොඳයි ලොක්කෝ.

      Delete
    3. ඒ දෙන්නා තමයි බැන්දේ... දැන් නදී ඕස්ට්‍රේලියාවෙ ඉගෙන ගන්නාවා...

      Delete
    4. නදී කම්මැල්ලවීර බැන්දේ තරුපති මුනසිංහ ( ඔස්ටින් මුනසිංහ ගේ පුත් )නේද?

      Delete
  7. ඇය ගැන සටහනක් තැබුවාට බොහෝම තුති.. මගේ ජීවිතය අගය කරන චරිත කීපය අතුරින් කෙනෙක් ඇය..

    ReplyDelete
  8. ඒ කෙල්ලගෙ නම නතාල්‍යා ඉවනෝවා. උඹේ මතකෙ හැටි!

    ReplyDelete
    Replies
    1. පලයං හෙන්රි පච නොගහ...ඒ රුසියන් කෙල්ලගෙ නම නිතරවෙට්ලානියා මීවදලොව්නා....

      Delete
    2. යකෝ ඒ කියන්නෙ මේ ගෑණු මනුස්සට හැම එකා ගාවටම රිංගල තියෙනවනෙ.

      Delete
    3. නිකං පලයං රවී කෙප්ප කෙලින්නේ නැතුව. නිතරවෙට්ලෙව් වෙලා තියෙන්නේ ඔය හැලපයා වගේ ඒකි දිහා බලාගෙන හිතෙන් මීවදලෙව්කොව් කරපු උන්ට.

      Delete
    4. මේ අයියල දෙන්න නං කවදාවත් ජපන් ලමේක් දැකල නෑ වගේ..
      Nika mata Huko Muko

      Delete
    5. අපේ පන්තියේ හිටියා ජපනෙක් එස්. යූ . නකායා (SU NAKAYA) කියලා , හැක්

      Delete
    6. මේ හමෝම රුසියන් ජපන් ගෑල්ලමයි ගැන හරි උනන්දුයි වගේ.. හැක්. :p

      Delete
    7. හෙන්රි සහ රවී,
      නිතර වෙට්ද කියල බලන්න ලැබුනෙ නං නෑ බංස්ලා.කමක් නෑ ඉතිං බොලා වගෙ විශේෂඥයෝ කියනවනං ඇත්තයි කියල පිළිගන්න වෙනවනෙ.

      Delete
    8. මම කැමතිම ඡපන් කෑල්ලට...නිකමට කරන්න දේවල් තියනවනේ

      Delete
  9. හැලපේ අයියගේ කෙටිම පෝස්ට් එකද මන්දා...
    නෝනා මහත්තයා කැමැති වෙන එකක්යැ මේ වගේ ඉටිකිරිස් කෑලි බහිනවා කරනවා කියලා ඇහුනාම

    ReplyDelete
    Replies
    1. වෙනදට වඩා කෙටියි නේද?
      කැමති නෑ කැමති නෑ.ඔවුන් කොහොමත් කැමති නෑ කිව්වෙ නැතුවට.

      Delete
  10. එහෙනම් හැලපයියාත් නෝනට යට වුනා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාවලුත් තියෙන්න ඇති හැක්

      Delete
    2. බොලාත් යටවෙලා බලපල්ලකො ඒකෙ රඟේ.

      Delete
  11. ඇත්තටම් දන්නෙ නැතිනිසයි අහන්නෙ මේ නළුවා කවුද? නදී කම්මැල්ලවිර නම් මෙල්බර්න් වල ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නළුවෙක් නොවෙයි ඇනෝ ඔහු ලංකාවෙ ජනප්‍රිය නව පරපුරේ ගායකයෙක්.ඔබ ලංකාවෙ නැති නිසා නොදන්නව ඇති නමුත් ලංකාවෙ නං නම කිව් පමණින් කවුරුත් ඔහුව දන්නවා.
      නදී මෙල්බර්න් වල ඉන්න බව මම දැනගත්තෙත් ඔබෙනුයි.

      Delete
    2. මොකද්ද හැලපෙ නම ඇහැව්වාම කියන්නෙ නැත්තෙ. මම ඇහැවවේ මේ පෝටෝ එකේ ඉන්න අයව.
      මේ ලින්ක් එක බලන්න.
      http://sannasa.sinhalajukebox.org/2015/May/2015May_page44.pdf

      Delete
    3. සොරි ඇනෝ මටයි වැරදුනේ.මේ නළුවා මම හොඳට දැකල පුරුදු නළුවෙක් කියල තේරෙනවා නමුත් නම මතකයට එන්නෙ නෑ.මමත් හෙව්වා ගත්ත තැනත් ඔහුගෙ නම තිබ්බෙ නෑ.

      Delete
  12. ඔය වැඩේ දිගටම කළා නම් අද මේ බැනුම් අහන ගොඩේ හැලපත් ඉන්න ඉඩ තිබුනා. ඔයින් ගිය එක හොඳයි හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පැතුම්.අපි කලින්ම අයින් උන එක හොඳයි.

      Delete
  13. මේකේ තුම්වම කොටස මට මිස් වෙලාද කොහෙද? රුසියානු ගෑනු ළමයි නම් ලස්සනයි තමා.
    http://nelumyaya.com/?p=3201

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්.ඔබ අපි කාටත් වඩා රුසියාව ගැන දන්න කෙනානෙ.

      Delete
  14. රුසියන් කෙල්ලගෙ මෙව්වා එකක් නොදැමීම ගැන මගේ බලවත් මෙව්වා එක.

    ReplyDelete
    Replies
    1. දාන්නට රුසියන් කෙල්ලගෙ මෙව්වා එකක් මගෙ ළඟ නෑනෙ මදාවියෝ.

      Delete
  15. ඉතුරු ටිකත් කියවන්න බලං ඉන්නව
    විප්‍රවාසය කියන්නෙ වෙන්වී ජීවත් වීම නේද..
    හැලපය්ය වෙන්වෙලා ජීවත් වුනේ කාගෙන්ද අප්ප නිකං තපස් රකින්න ගියා වගේ
    හිහි

    ReplyDelete
    Replies
    1. ඉතුරු හරියත් ටික ටික දෙන්නං මහේෂ්.
      විප්‍රවාසය කියන්නෙ රටින් පිට ජීවත් වීමයි.වෙන්වෙලා ජීවත් වුනත් එකට ජීවත් වුනත් රටින් පිට විසීම විප්‍රවාසයයි.රටේ ජීවත් වීම සංවාසය.රටින් පිට ජීවත්වීම විඔරවාසය.දැන් තේරුනාද මහේෂ්.

      Delete
    2. "විඔරවාසය" ඇත්තම කිව්වොත් ඔය වචනය ඇහුවෙත් අදයි. හැබෑට හැලපයියෙ වචනයක් මැදට ස්වර අක්ෂරයක් යෙදෙනව ද ඔහොම ????

      Delete
    3. අකුරක් දෙකක් එහා මෙහා වීමක් බව වැටැහුනේ දැනුයි. ඉහත 8:21 AM කොමෙන්ටුව ඉල්ලා අස් කර ගනිමි. සමාවන්න.

      Delete
  16. ඔබේ මතකය නිවැරදියි. කසුන් ඇය සමග තමයි විවාහ උනේ. නදී පසුකලෙක ලංකාවෙ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය වල රගපෑවා.

    ReplyDelete
    Replies
    1. මට නිකං ඒ ගැන කොහේ හෝ දැක මතකක් තිබුනා එහෙම ලීවේ ඒකයි.

      Delete
    2. නදී කම්මැල්ලවීර බැන්දේ තරුපති මුනසිංහ ( ඔස්ටින් මුනසිංහ ගේ පුත් )නේද?

      Delete
  17. අද තමයි මේ තේමාවට ලියවුනු කථා 4 ම කියෙව්වෙ. බෙන් ෆිල්ම්ස් කලු හංසයො රූගත කරද්දි ඒ නාටකේ සෙසු චරිත අපිට ලැබුනා මොකද අපේ පාසලේ රූගත කල නිසා. නිවාඩු දවසක මමත් පාසල් නිළ ඇදුමෙන් ඇවිත් රූගත කිරීම් වලට සහාය උනා. බෙනට් මහතා උදේට හොදට කාලා එන්න කියලා මා එක්ක හිටිය පොඩි උන් කීප දෙනෙක්ට රුපියල් 100 ක් දුන්නා. දවල් කෑමට බුෆේ ක්‍රමයට කෑම තිබුනා. මට තවමත් ඉතාම හොදට මතකයි. එදා කෑව වට්ටක්කා හොද්ද තරම් රහට එදායින් පස්සෙ කවදාවත් මේ වනතෙක් වට්ටක්කා කන්න ලැබිලා නෑ. කලු හංසයො නාටකේ ඩග්ලස් රණසිංහ රගපෑවේ ගුරුවරයෙක් විදියට. ඔහුගේ විදුහල්පති ලෙස රගපෑවෙ අපේ පාසලේ එවකට විදුහල්පති සුමනපාල මහතා. ඔහු මේ මෑතක අභාවප්‍රාප්ත උනා. මේ නිෂ්පාදනයෙ හැලපයියා වැඩ කලාද ?

    ReplyDelete
    Replies
    1. කළු හංසයෝ කලේ කුලසේන ෆොන්සේකාගේ සිරියහන නවකතාවෙනුයි.කුලසේනත් බෙනටුත් මේ කතාවෙ තිර රචනය ලියනවා අපි බලාගෙන හිටියා.නමුත් නිෂ්පාදනයට සහභාගිවෙන්නට ලැබුනේ නැහැ මම ඒ වනවිට බෙන් ආයතනයෙන් සමු අරන් පිළිවෙලක් වී සිටි නිසා.

      Delete
  18. වික්‍රම සෙනෙවිරත්න මහතා මගේ O/L ගණිත ගුරුවරයා විය​. වරක් ඔහු උගන්වන විට මම වෙනත් ළමයෙකු සමග කතා කරමින් සිටි නිසා ඔහුගෙන් කෑවා නියම කෑමක්

    ReplyDelete
    Replies
    1. හත් පණ මතක් වෙලා හිනා යන්නේ නැද්ද උගන්නනකොට?

      Delete
    2. ඒ කාලෙ වික්‍රම සෙනෙවිරත්නත් එක්ක අපි ගොඩක් වැඩ කළා.

      Delete
  19. සෝමලතා සුබසිංහ ගැන පොතක් ලියන්න පුළුවන් , එත් මේ වගේ අපුරු සටහනක් වෙන එකක් නෑ ඒ එකක්වත් , කෙටි ලිපිය වුනාට අගෙයි හැලපයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් මල්ලි.නැවත පැමිණීම ගැන සතුටුයි.

      Delete
  20. මේක ගැන අදහස් ටික ඉතින් දැන් බෝතලේ වෙල්යාය අයිනේ අර සිරියාවතියි ගුණපාලයයි මෙව්ව වෙච්චි අඹගහයට ගල් තලාවෙදිම කියන්න බැරිය.. ඔන්න හැමෝම එන්නෝනෙ හැලපයියගෙ ඇට්ටෝන් එකට.. දිනය වෙලාව හා අනෙක් අඩුම කුඩුමාදිය සංවිධායක අටං තුමාගෙන් අහගත හැකි.
    පොඩ්ඩක් වැඩි වුනාම සෝමලතා සුභසිංහ මහත්මියව මතක් කරල අඬන්නං.

    ReplyDelete
    Replies
    1. වැඩි උන ගමන් එතනම ඇළ තියෙනවනෙ කමියෝ.බයවෙන්න එපා.

      Delete
    2. අටම් තුමා එතුමාගේ ප්‍රධාන විනෝදාංශය වන සෝඩා ප්‍රවාහන කටයුතු වල යෙදවීමෙන් පරිප්පු බෙරිවීම වලක්වා ගත හැක.

      බෝතලේ බෝතල් කවද්ද එතකොට?

      Delete
  21. ආවෝ ගියෝ කියන නම වැඩියෙම්ම ගැළපෙන්නෙ අර සුදු තරුණියට...

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ල ආවෙත් ගියෙත් එකම එක සැරයක් නිසාද?

      Delete
    2. ඇවිත් ගියාට පස්සෙ හරිම පාළුයි නිසා...

      "මොරා නාම් ජෝකර්" ෆිලිම් එකේ රුසියන් සර්කස් කාරි ව මතක් උනා.

      Delete
  22. පරණ ඒවත් එක්කම කියෙව්වා.. ලියපු කෙටිම පෝස්ට් එකද මන්දා... කෙටි වුනත් දැනුනු පෝස්ට් එකක්.

    සෝමලතා සුබසිංහ මහත්මියට නිවන් සුව පතනවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි.පෝස්ට් එක ටිකක් කෙටියි තමා.

      Delete
  23. මෙවා මෙහම කතා කරන්න බෑ බෝතලයක් ගහලා කතා කරන්න ඔනේ දේවල්...
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්
    (වැට් වුනත් බොනවා)

    ReplyDelete
    Replies
    1. ඔහොම නෙවෙයි මෙහෙම කියපං.බ්‍රෑන්ඩ් එක ගල් බොන්නෙ වැට්.

      Delete
  24. ගෙදර පිරිමි ඔය කලා කටයුතු වලට යනවට වැඩි හරියක් බිරින්දෑවරු අකමැතියි.... ඒ වුණාට පස්සෙ කාලෙක ඉතින් අපිටම තමයි පසුතැවෙන්න සිද්ධ වෙන්නේ තමන් කැමති දේවල් කලේ නැහැ කියලා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ඔය දෙපැත්තම බැලන්ස් කරගෙන වැඩ කරන ඒක හරිම අසීරුයි.

      Delete
  25. රසබර සටහනක් මචන්. බලාගෙන ගියාම අපි හැමෝම ආවෝ ගියෝ . වෙනස තියෙන්නේ ඒමයි යාමයි අතර කාලය තමයි.සෝමලතා සුබසිංහ මහත්මිය නාට්‍ය කලාවට කරපු සේවය සුවිශේෂයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.කිව්වත් වගේ අපි හැමෝම ආවෝ ගියෝ තමා නේද?

      Delete
  26. අර පොටෝ එකේ ඉන්නෙ වික්‍රම බෝගොඩවගෙයි.(රන්ජන්-ඩුසල්ඩොර්ෆ්)

    ReplyDelete
    Replies
    1. නහය දිහා බලද්දී එහෙමත් හිතන්න පුළුවනි.

      Delete

ඔබේ අදහස්