Wednesday, March 18, 2015

ජීසස්ගෙ පවුල අලි බිත්තරේ සහ තවත් කතා.


අද යාන්ස් ටිකක් කියන්නං.මෙව්වා නං මම කාලෙකට ඉස්සෙල්ල අහපු කතා සමහරවිට ඔයගොල්ල කලින් අහලත් ඇති.කොහොම උනත් කියවල නැති අයගෙ ලාම්පු කණගාටුව උදෙසා පළකරන්නට කැමතියි. කියවල තියෙන අය බනින්න එපා.

ඉස්සෙල්ලම කියන්නෙ නන් කෙනෙක් හෙවත් කන්‍යා සොයුරියකගේ කතාවක්.මෙයා ඉන්න කොන්වන්ට් එක ඉස්සරහ විශාල බිල්ඩිමක් හදනවා.කම්කරුවො සිය ගාණක් එතන වැඩ.මේ අයටත් දේව වචනය කියල දෙන්න ඇහැක් නං මොන තරම් අපූරුද කියල මේ සොයුරියට කල්පනා උනා.ඒ වැඩේ ටිකක් නිර්මාණාත්මක ආකාරයකට කරන්න හිතපු කන්‍යා සොයුරිය දවසක්දා කම්කරුවො දවල් කෑමට වැඩ නවත්තපු වෙලාවෙ තමන් දවල්ට කන සැන්ඩ්විච් එකත් ඔතාගෙන මේ කම්කරුවො අතරට ගියා.කම්කරුවො රංචු ගැහිල තැන තැන කෑම කනවා.කන්‍යා සොයුරියත් ඔවුන් ළඟ වාඩිවෙන අතරම කතාව පටන් ගත්තා.

ඔය ගොල්ල ජීසස් කියල කෙනෙක් ගැන අහල තියෙනවද?

කෑම කමින් හිටපු කම්කරුවන්  මූණෙන් මූණ බලාගත්තා.ටිකක් දැනුමැති කම්කරුවෙක් ඊට එහායින්  හිටපු අයට උස් හඬින් කතාකළා.

මේ ඔතන ජීසස් කියල එකෙක් ඉන්නවද? ඉන්නවනං උගෙ පවුල දවල් කෑම එක අරං ඇවිත්   කියපල්ලා...

+++++++++++++++++++++++++++++++++++++++++

ලංකාවෙ සංචාරයක යෙදමින් සිටි එක් විදේශික කාන්තාවක් තිබහට තේ එකක් බොන්න පාර අයිනෙ තිබ්බ ගම්බද තේ කඩේකට ගොඩවුනා.ඇය තේ බොමින් සිටියදී කරත්තයක් ඇවිත් කඩේ ළඟ නතරකරල කරත්ත කාරය කඩේ ඇතුළට ගියා.ගොනෙක් බැඳපු කරත්තයක් කවදාවත් දැක නොතිබුන මේ කාන්තාව ඒ දෙස විමතියෙන් බලද්දී එසැනින් ගොනා චොර චොර හඬින් පාර මැද විනාඩි පහක් විතර මූත්‍රා කළා.කාන්තාව මේ දර්ශනය දිහා ගල් ගැහිල බලං හිටියා.තේ බී අවසන්කළ කරත්ත කාරය කඩෙන් එළියට එනව දැක්ක කාන්තාව තමන්ගෙ මාර්ගොපදේශකයට කතාකළා.

මෙයාගෙද මේ වාහනේ?

ඔව්...

එයාගෙ ගමන ගිහිං ඉවරයි කියන්න, ඔන්න ටැංකියෙ පැට්‍රෝල් ටික ඔක්කොම ලීක් වෙලා ගියා...

+++++++++++++++++++++++++++++++++++

ලංකාවෙ සංචාරයකට පැමිණ සිටි එක විදේශීය යුවළක් කඩේක විකුණන්නට තියල තිබ්බ ලෙලි ගහපු පොල් දැකල ඒ මොනවද කියල කඩකාරයගෙන් ඇහුවම අලි බිත්තර කියල කඩකාරය උත්තර දුන්නා.බිත්තරෙන් අලි පැටව් හදාගන්නෙ කොහොමද කියල අහපුවම බිත්තරේ අරං ගිහිං කිකිළියො බිත්තර රකිනව වගේ රකින්න ඕනෑ කියපු කපටි කඩකාරය පොල් ගැන දන්නෙ නැති මේ යුවළට පොල් ගෙඩියක් විකුණලා ලොකු මුදලක් කඩාගත්තා.

මේ දෙන්නා ලාබෙට අලි පැටියෙක් ලබාගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුවෙමින් නවාතැනට ගියා.ගිහිං ඉස්සෙල්ලම කාන්තාව බිත්තරේ රකින්න පටන් ගත්තා.පැය හතර පහක් බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නකොට ඇයට ඇතිවෙලා දැන් ඔයා රකින්න කියල මනුස්සයට වැඩේ බාරදුන්නා.දැන් මිනිහා බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නව.තවත් පැය කීපයක් ගියාම මේ මිනිහටත් වැඩේ ඇතිවෙලා කාන්තාවට කතාකළා.

මේ දැන් මාත් පැය ගාණක් රැක්කනෙ අලි පැටිය දැන් නං එළියට ඇවිත් ඇති නේද?පොඩ්ඩක් ඇවිත් බලන්නකො...

කාන්තාව ඇවිත් බිත්තරේ රකින අස්සට අතදාල බලල සතුටින් කෑ ගැහුවා.

දැන් නං එනව, දැන් නං එනව, මේ බලන්නකො මේ හොඬවැල, අනේ පව් චූටි හොඬවැල.
++++++++++++++++++++++++++++++++++

ඔන්න අහුලන් කන කිකිළියෝ දෙන්නෙක් දවසක් ලොකු ඕපාදූප කතාවක්.එකෙක් වයිට් ලැගොන් අනිකා නිකං ගං කිකිළියක්.

අපට තමයි හොඳට ඉල්ලුම තියෙන්නෙ බලන්නකො අපේ බිත්තරත් ඔයාලගෙ බිත්තරවලට වඩා ලොකුයි.ගාණත් වැඩියි...

වයිට් ලැගොන් කිකිළි ලොකුකම කිව්වා.ගං කිකිළිට හරි තරහයි.

ඔයාලගෙ බිත්තරේකට කීයක් හම්බවෙනවද?

ගං කිකිළි නුරුස්නා විලාසයෙන් ඇහුවා 

සත දොළහක් හම්බෙනවා.ඇයි අපේ බිත්තරේ ඔයාලගෙ ඒවාට වඩා ලොකුයිනෙ, අනික ඔයාලගෙ බිත්තරේකට හම්බෙන්නෙ සත දහයයි නේද?

වයිට් ලැගොන් කිකිළි හොට උල් කර කර කිව්වා.

අනේ අපට ඕනැ නෑ,අපට ඔය හම්බවෙන සත දහය ඇති. ඇයි සත දෙකේ වාසියට පුක ඉරා  ගනිල්ලකො ... 

එහෙම කියපු ගං කිකිළි ගස්සගෙන යන්න ගියා ෴

73 comments:

  1. මාත් මේ සත දෙකේ වාසියට අහවල් එක ඉරාගන්නේ මොකටද කියලා තමයි මෙහෙමම ඉන්නේ.

    ReplyDelete
  2. මගේ රස්සාවට කෙලින්නමයි හදන්නෙ. මේවා මෙහෙම දැම්මම අපි කවි ලියන්නෙ මොනවයින්ද හැලප අයියෙ? හැක් හැක් පළවෙනි එක තමා බෙස්ට්!
    3. සුද්දා සරමක් ඇඳගෙනද ඉඳල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මදාවියෝ.ටිකක් කල් ඇරලා ලියපං.එතකොට මුංට ගානක් නෑ.

      Delete
    2. ආ අමතක උනා කලිසං ඇන්දම කොහොමද බොල බිත්තරේට රස්නෙ වදින්නෙ.

      Delete
  3. එන්ජිමේ පැට්‍රල් ලීක් වෙන්නේ කෝමද ඩෝ... ටැංකියේ ටැංකියේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. වැරදුනා බං,හැදුවා හැදුවා.

      Delete
  4. පව් යකෝ චූටි හොඬවැල. ටිකක් අතගගා ඉන්දැද්දි ලොකු වුණාලුද?

    ReplyDelete
  5. Replies
    1. හොඬවැල ගැනවත් කියන්න දෙයක් නැද්ද අනේ.

      Delete
  6. //අනේ අපට ඕනැ නෑ,අපට ඔය හම්බවෙන සත දහය ඇති. ඇයි සත දෙකේ වාසියට පුක ඉරා ගනිල්ලකො ... //
    කිකිලියෝ බිත්තර දාන්නේ පුකෙන්ද?

    ReplyDelete
    Replies
    1. ....පුකට පොඩ්ඩක් උඩින් තියෙන එක ඉරා ගනිල්ලකො...ලෙස නිවරදි විය යුතුය...

      Delete
    2. ඒකෙ ගැට්ට ඉරුනම පුක් ගැට්ට නිකම්ම ඉරෙනවනෙ ඒකයි එහෙම කියන්න ඇත්තෙ. මොකෝ අපේ හැලපෙ ඕව ගැන එක්ස්පර්ට් වැරදෙන්නෙ කොහොමද ?

      Delete
    3. ඊළඟට අහපං කිකිලියෝ කතා කරනවද කියල.

      Delete
    4. චෙෆා,
      අද රෑ මම සලාලා යනවා මචං.වීක් එන්ඩ් එක එහෙ ඉරිදා එන්නෙ.බ්ලොගේ බලාගනිං මචං.

      Delete
    5. කම්මලේ,
      මේ මොනව කියනවද මල්ලි අපට ඔව්ව වරදිනවද.

      Delete
    6. කිකිලියෝ බිත්තර දාන්නේ විතරක් නෙවෙයි කුකුළා අහවල් වැඩේ කරන්නෙත් "පුකෙන්" තමා. උන්ට ඔහොම එක එක වැඩට හිල් ගොඩක් නැහැ.

      තාරාවෝ පැස්බරු සම්බන්දයෙන් තත්ත්වය පොඩ්ඩක් වෙනස්. (ඔය වීඩියෝ එක දහ ගුණයක් ස්පීඩ් අඩු කරපු එකක්.)


      Delete
    7. @හැලපේ
      සපොර්ට් එකක් දුන්නම කිංඩිය දානවනේ හැලපේ..!
      එයාපොර්ට් එකේ පොටෝ ටිකක් ගහගන් හැලපේ....මේ මාසේ අප්ඩේට් එක තාම ආවේ නැහැ..අප්‍රේල්වල කමිෂන් කරනවා කියලයි තියෙන්නේ...

      Delete
    8. චෙෆාකි,
      අනේ නෑ මචං.කින්ඩියක් දැම්ම නෙවෙයි විහිලුවටයි කිව්වේ.

      Delete
  7. අලියගෙ හොඬවැල බලා ඉද්දි ලොකු ‍උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ බං.එහෙම උනා නං සුද්දී බයටම පැනල දුවයි.

      Delete
  8. ජීසස් ගෙ පවුල තමා හැලපෙ හොඳම කතාව... ඇත්තටම සිස්ටර්ලා සමහරු ඉන්නවා මාර පණ්ඩිතයි. :-)

    ReplyDelete
  9. මුල්ම කතාව නම් පට්ට .. අන්තිම එක කලින් අහල තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් අන්තිම කතාව ගොඩක් පරණ කතාවක්.

      Delete
  10. සමහර කම්කරුවො ජීවත් වෙන්න ඔට්ටු වෙන තරමට 'ජීසස්' කතාව නම් ඇත්තම වෙන්න පුලුවන්..
    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් ගස් ලබ්බෝ.

      Delete
  11. සිස්ටර්ගේ කතාව පට්ටයි හැලපේ...

    සමහර සුද්දන්ගේ මල වදේ ගස් වල සයන්ටිෆික් නේම් අහන්න ගත්තම.. ඊට වඩා වදේ අපේ උන්ගෙන්ම පන්ඩිත කම පෙන්නන්න ගියාම

    එකෙක්ගෙන් ඇහුවම වැටකේයා පෙන්නලා ඌ කිව්වලු. දිසිස් වැටට හිටෝනියා කියලා..

    දවසක් කන්ඩලමේ රිසෙප්ෂන් එක ඉස්සරහ තියෙන පොඩි ක්/ළෑ කෑල්ලේ අමුතු කුරුල්ලෙක් හිටියා. දැන් අඵේ උන් ඌගේ නම කියනවා ඉන්ගිසියෙන්.. එකෙක් මගෙන් අහුවා මොකාද මූ කියලා.. මම කිව්වා ඉන්ගිරිසි නම නම් දන්නේ නෑ.. හින්ගල නම නම් දන්නවා කිය.. මූට කියන්නේ පුක රතු මල් කොහා කියලා.. යාන්තන් ඒ කතාව එතනින් ඉවර උනා..

    ReplyDelete
    Replies
    1. ඔය සමහර උන් පණ්ඩිතකම පෙන්නන්න යන එකෙන්නෙ ඔක්කොම.උඹ සිංහලෙන් නම කීවහම ඌට බය හිතෙන්න ඇති බං.

      Delete
    2. Red-faced mal koha නම් ඇත්තටම ඉන්නව

      Delete
  12. මරු. මාත් කියන්නං නන් කතාවක්.
    ඔන්න ඇම්ඩ ඩයල් එකක් (පිටරට) බස් එකේ යද්දි ලඟින් ඉන්නවලු කන්‍යා සොයුරියක්. වල් කොල්ල එයාගෙන් ඇහුවලු අහවල් වැ‍ඩේ කරමුද කියල. තදවෙච්ච නන් බස් එකෙන් බැහැල ගියාලු. බස් ඩ්‍රයිවර් කොල්ලට කතා කරල විස්තරේ අහල දුන්නලු පොඩි උපදෙසක්.
    "ඔය මනුස්සය හැම බදාදම කනත්තට ඇවිල්ල සොහොනක් ලඟ යාඥා කරනව. ඒ වෙලාවට‍ ඔයා ලෝගුවක් දාගෙන දිලිසෙන කුඩු ටිකක් ගාගෙන ඇවිල්ල කියන්න ඔයා දෙවියන් වහන්සෙ කියල. ඊට පස්සෙ එයා ඉඩ දෙයි"

    උපදෙස් පරිදි කොල්ල ආව. කන්‍යා සිස්ටරුත් යාඥාව. කොල්ල සොහොන ලඟින් මතුවෙලා ගානට වැඩේ කලා. නන්ගෙ ප්‍රතිචාරය වුනේ "මම කන්‍යාවක් නිසා පස්ස පැත්තට කරන්න"

    ඔන්න වැඩේ කලාට පස්සෙ කොල්ල හිනාවෙන්න ගත්ත.

    "හහ් හහ් හා....... මම දෙවියන් වහන්සෙ නෙවේ...... මම ඇම්ඩ!"

    එතකොට නන් හිනාවෙන්න ගත්ත ඒ විදියටම.....

    "හහ් හහ් හා......... මම කන්‍යා සොයුරුය නෙවේ.....බස් ඩ්‍රයිවර්.........."

    ReplyDelete
    Replies
    1. මේ කතාව නං කොහේදි හරි කියෙව්වා බං. හැක්

      Delete
    2. මේ වගේ නන්ස් ලගෙ කතා හරියට තියෙනවා බං.

      Delete
    3. දුසකයා කියවන්න ඇත්තෙ ජාලෙන්.

      Delete
  13. පළවෙනි එක නියමයි.අන්තිම එක අහල තිබුනා අර කුණුහරුප "ස" එකත් එක්ක ආපු අනිත් කතා සෙට් එකෙන්...

    ReplyDelete
    Replies
    1. අන්තිම එක ටිකක් පරණයි බං.

      Delete
  14. Replies
    1. එච්චරද අනේ.කියන්න මොකුත්ම නැද්ද.

      Delete
  15. හපෝ වයසේ හැටියටද මේ හැල පයියා දාන කථා

    ReplyDelete
    Replies
    1. කතාවලට වයසක් නෑ රාලයෝ.

      Delete
  16. ඔන්න ඉතින් බලහකෝ එකෙත් හැටි,මෙහෙම කතා අහන්ට හැලපයියා ගාවටම එන්න එපැය.
    ඇත්තම කියන්න හැලපයියේ මම නම් මේ කතා එකක්වත් කලින් අහලා තිබ්බේ නැතුවා.:)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහංකො මනෝජ් මල්ලි පුදුම පිනක් නොවැ මම කරගෙන තියෙන්නෙ.

      Delete
  17. මරු කතා ටික.. පලවෙනි එක සුපිරි...

    ReplyDelete
  18. මේ කථා එකක්වත් මම අහලා නෑ කලින්...ටැංකිය පිරුනම මේ වගේ කථා සෙට් එකක් මෙතන දාන්න හැමදාම...

    //ඇයි සත දෙකේ වාසියට පුක ඉරා ගනිල්ලකො ... // පස්ටයි බං...

    ReplyDelete
  19. මේ දවස්වල කොළඹ - කුරුනෑගල (මාර්ග අංක 6) පාර පළල කරනවා.
    අපේ ගෙවල් පැත්තේ නෝනලා දෙන්නෙක් පාරේ කතා කර කර යනවා.

    'මේපාර නම් හොඳට පළල් කරනවා වගේ නේ'

    'පළල් කරා වගේ නෙවෙයි අනේ. ඊට පස්සේ කොහොම තියෙයිද තරඟෙට අරින ඇරිල්ල'

    ReplyDelete
    Replies
    1. නෝන වාට්‍ටුවට තමයි බර !

      Delete
    2. විචාට නෝනලාගේ කතා හොඳට කණ වැටෙනව නේද?

      Delete
  20. අනේ බං මං මේක කියවන්න එන්නේ හැලප කතා කියවන්න , මේ විකාර අහන්ඩ ඒන නං මං , කසිප්පු පොට් එක ඉස්සරහ සිල්ලර කඩේට හරි , මල ගෙදරක නාකි සැට් එක ඕමී බලන තැනට හරි යනව , තරහ වෙන්ඩ එපා ඔන්න හිතට ආපු දේ කියුවේ

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපං යටින් කියල තියෙන දේ.ඉතිං මම කෝකද කරන්නෙ.යහ පාලනේ ඔහොම තමා.

      Delete
  21. ඉඳල හිටලා මෙහෙම කතා ටිකක් එන එක එල, වෙනසකට වගේ

    ReplyDelete
    Replies
    1. බලපංකො උඩින් කියල තියෙන දේ.ඉතිං ලියන්නෙ කොහොමෙයි.

      Delete
  22. පලවෙනි කතාව නම් නියමයි බොලේ....හෙහ්,හෙහ්,

    ReplyDelete
  23. පලවෙනි එක නම් මරු ඉතුරු කතා ටිකත් මරේ මරු . සුද්දී කිව්වලු අලි පැටිය එන්නේ තව බිත්තර දෙකකුත් අරගෙන කියල ..

    ReplyDelete
  24. මුල් කතා දෙකනම් ඇහුවෙ අදමයි.එල

    ReplyDelete
  25. කතා සෙට් එක මරු... ඉස්සර දැනගෙන හිටපු කුණුහබ්බ කවි, කතා කිසි දෙයක් දැන් මතක නැහැනේ...
    ඒ නිසා මේවා කලින් අහල තියෙනවද කියලවත් මතක නැහැ, ඕන් එකෙත් හැටි සොභාව...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා තව ටික කාලෙකින් පරණ කුණුහරුප මතක් වේවි.

      Delete
  26. අන්තිම එක අහල තිබ්බට ඒකට තමයි වැඩියෙන්ම හිනා ගියේ 'මධාවි' හැලපයෝ..

    ඔය දකුණු පළාතේ සංචාර යන සුද්දො සුද්දියොන්ට වෙච්චි ඇබැද්දි සීරීස් එකක්ම තියෙනවනේ.. දැන් කාලෙකට කලිං බලපිටියේදී වයසක සුද්දෙකුට තැඹිලි ගෙඩියක් බොන්න හිතිලා පොඩි කෙල්ලක් හිටපු තට්ටුවකට කිට්ටු වෙලා හව් මච් ඇහුවලූ.. තැඹිලි ගෙඩියක් රුපියල් දෙක ගානේ විකුණපං කියල බාරදීල අම්ම ගෙයි පිළිකන්නට ගියත් මේ කෙල්ලට මූ අහන එක තේරිලා නෑ.. කෙල්ල කෑ ගහල අම්මගෙං අහනවලු 'අම්මේ නාකි සුද්දෙක් ඇවිත් තැඹිලි පෙන්න පෙන්න හව් මච් කියනෝ' කියල.. අම්ම හැරෙන තැපෑලෙං රිප්ලයි කරනවලු 'බොන්ඩියේ මං රෙනෝ... ටූ මච් කියපියෝ' කියල.. ගනං වැඩියි කියල සුද්ද හැරිල ගිහිල්ල..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයවගේ කතාවක් කෙන්ජියත් කාලෙකට කලින් කිව්වා.කතරගම පැත්තෙ පාරෙ තියාගෙන එළවලු පළතුරු විකුණන ගෑනු ගැන.

      Delete
  27. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි එන්නම්.ජයවේවා!

      Delete
  28. අනේ පව්.. චූටි අලියාගේ හොඩවල් පොඩ්ඩ

    ReplyDelete
  29. කතා තුනම මරු,ජීසස්ගෙ වයිෆ්ගෙ කතාව නම්බර් වන්,හොඩවෑල ගෑන තව කතාවක් තියෙනවා.දවසක් හොල්ට් එකක බස් එකක් එනකම් බලා හිටපු බඩ මහත මුදලාලි කෙනෙක් ටියුසන් යන්න ආපු කෙල්ලො සෙට් එකකට කොටුවෙලා.ඉතින් මුන් මුදලාලිට ඈහෙන්න එක එක කතා කිය්නවලු බඩ ගෑන.මාර බඩක්නෙ,එකියක් කියනවලු.තව එකියක් බබෙක් හම්ම්බවෙන්න වෙන්නෑති කිව්වලු, නෑ අනේ මමනම් කියන්නෙ අලි පෑටියෙක් අපි අහලම බලමු, මේ අන්කල් ඔයාගෙ බඩේ අලි පෑටියෙක් නේද කියල අහන කොටම ඔව් ලමයිනේ තාම "හොන්ඩේ විතරයි" කියල. මල පෑනල හිටපු මුදලාලි සරම උස්සල පෙන්නුවලු.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. අනේ අලි පැටිය හම්බවෙන්න යන්නේ කියල කෙල්ලො ටික පැනල දිව්වලු.

      Delete

ඔබේ අදහස්