Wednesday, March 11, 2015

රේඩියෝ යුගය,හුළුඅතු බැඳගෙන චිත්‍රපට බලන්නට පැමිණීම සහ අපේ කැපවීම.


අතීතය විටෙක් සිහින සිතුවමක් මෙනි.අතීත මතකයන් අවදිවන විට සිත ප්‍රහර්ෂයෙන් ඇළලී යයි.බොහෝ විට අප සියල්ලන්ම අඩු වැඩි වශයෙන් සිතින් අතීතය ස්පර්ශ කරමින් රස විඳින්නමෝ වෙමු.තවද සමහර මතකයන් බොහෝ අපැහැදිලි වන විට සමහර මතකයන් කෙතෙක් පැරණි වුවද ඉතා පැහැදිලිව මතකයේ රැඳී තිබීම විශ්මජනකය.එය බොහෝවිට අප එම මතකයන්ට දක්වන ලැදියාව මත සිදුවන දෙයකැයි මට සිතේ.එනම් යම් රසවත් අත්දැකීමක් අප මතකය තදින් බදා සිටින අතර අප්‍රසන්න අත්දැකීමක් ඉක්මනින් අමතක වී යයි.කෙසේ වුවද අප බොහෝ විට මෙනෙහි කරන්නට කැමති වන්නේ හා මෙනෙහි කරන්නේද අතීතයේ රසබර අත්දැකීම් පමණක් වීම කොයි කාටත් සාධාරණයැයි මට සිතේ.මේ එවැනි මතකයන් පොකුරක් නැවත ආවර්ජනය කරන්නට මා ගත් උත්සාහයකි.

එය අප යොවුන් විය පසු කරමින් තාරුණ්‍යයේ එළිපත්ත මත සිටි සමය විය.අද මෙන් ලෝකය කුඩා ගම්මානයක් නොවූ එකල පුවත්පත් කියවීමත් චිත්‍රපට නැරඹීමත් රේඩියෝවට සවන් දීමත් අපගේ ප්‍රධාන විනෝදාංශයන් විය.රේඩියෝවේ ස්වදේශීය සේවය හා වෙළඳ සේවය යනුවෙන් සේවා  දෙකක් ක්‍රියාත්මක වූ අතර සන්ධ්‍යා සේවය යනුවෙන් විකාශයක් තිබුණත් එය වැඩිකල් නොතිබුන බව මගේ මතකයයි.අප දිගින් දිගටම ඇසුවේ වෙළඳ සේවයේ වැඩසටහන්ය.චිත්‍රපට බෙදාහැරීම සඳහාද තිබුනෙ සමාගම් දෙකකි.එය සිලෝන් තියටර්ස් හා සිනමාස් යනුවෙන් හැඳින්වින.සිලෝන් තියටර්ස් සමාගම බහුල වශයෙන් කලාත්මක චිත්‍රපට නිපදවීමට මුල් තැන දුන් අතර සිනමාස් සමාගම වාණිජමය වශයෙන් මහත් ලාභ ඉපයූ හා තරුණයන් බොහෝසේ ආකර්ෂණය කළ ක්‍රියාදාම සහ සටන් ඇතුළත් චිත්‍රපට නිපදවීම සිදුකළේය.සිනමාස් මණ්ඩලයට අයත් සිනමා  ශාලාවල සිලෝන් තියටර්ස් නිපදවන චිත්‍රපට හෝ සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලාවල සිනමාස් චිත්‍රපටද ප්‍රදර්ශනය නොවිණි හෝ එසේ ප්‍රදර්ශනය වූවානම් ඉතා කලාතුරකින් පැරණි සිංහල චිත්‍රපටයක් විය.

අප නගරයේ තිබූ සිනමා හලද සිලෝන් තියටර්ස් ප්‍රදර්ශන මණ්ඩලයට අයත් වුවක් වුවද එය බී ශ්‍රේණියේ සිනමා ශාලාවක් වීම හේතුවෙන් අලුතින් ප්‍රදර්ශනයට නිකුත් කළ චිත්‍රපට හෙවත් මුල් වටයේ චිත්‍රපට ප්‍රදර්ශනය නොවීය.ඉතා කලාතුරකින් එසේ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට ලබාදුන් අවස්ථාද විය.මගේ මතකය අනුව මහගම සේකරයන්ගේ තුංමං හංදිය මුල් වටයේ ලැබුණු එවැනි චිත්‍රපටයකි.එකල අලුත්ම අලුත් චිත්‍රපටයක් සිනමා ශාලාවේ ප්‍රදර්ශණය කරන විට සිනමා ශාලාව ඉදිරිපිට පාර හරහට චිත්‍රපටයේ නම සඳහන් බැනරයක් දැමීමේ සිරිතක් විය.තම චිත්‍රපටය ප්‍රදර්ශණය වන සිනමා ශාලාවල තත්ත්වය පරීක්ෂා කර බැලීමේ චාරිකාවක නිරතවූ තුංමං හංදිය නිෂ්පාදක චිත්‍රා බාලසුරිය මහතා විසින් සිනමා ශාලාව ඉදිරිපිට බැනරය නොතිබීමෙන් මහත්සේ කෝපයට පත්ව චිත්‍රපටය ශාලාවෙන් ගලවාගෙන යන ලදී.කෙසේ වුවද සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලාවල මුදුන් මල්කඩ බඳු වූ කොටුවේ රීගල් සිනමා හලේද තුංමං හංදිය දින දෙක තුනකට වඩා ප්‍රදර්ශණය කරන්නට නොහැකි වුයේ නරඹන්නන් නොමැතිකම හේතුවෙනි.එලෙස අසාර්ථකවූ චිත්‍රපට කීපයක් මගේ මතකයට නැගෙන අතර ඒ සියල්ලම කලාත්මක බවින් අනූන අදාළ වසරේ සම්මාන දිනාගත් චිත්‍රපට වීම විශේෂයකි.සත් සමුදුර,නිධානය,තුංමං හංදිය,කළුදියදහර,මහගෙදර මගේ මතකයට නැගෙන එවන් චිත්‍රපට කිහිපයකි.

එහෙත් අතිශය කලාත්මක හා සම්මානනීය චිත්‍රපටයක් වූ තිස්ස අබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද විරාගය චිත්‍රපටය  1987 වර්ෂයේ ආදායම් වාර්තා බිඳ හෙලමින් ප්‍රදර්ශණය විය.මාතලන් වැනි පැරණි චිත්‍රපට නැවත පෙන්වීමේදී සිනමාහල හැමදාම හවුස්ෆුල් වූ අතර දඹදිව සිද්ධස්ථානවල දර්ශන ඇතුළත් හතර පෙරළිය චිත්‍රපටයද බෙහෙවින් නරඹන්නන් ආකර්ෂණය කළ චිත්‍රපටයක් විය.හතර පෙරළිය නරඹන්නට පවුල් පිටින් පැමිණි උපාසිකාවන් දඹදිව සිද්ධස්ථාන දර්ශන නැරඹුයේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් කඳුළු වගුරවමිනි.අජාසත්ත චිත්‍රපටයද එකල ඉතා ජනප්‍රිය වූ අතර නරඹන්නන් බෙහෙවින් සිනමාහල් වලට අද්දවා ගැනීමට සමත්විය.මේ චිත්‍රපටවල හැම දර්ශනයක් සඳහාම සිනමාහල ඉදිරියේ ඉතා දිග පෝලිම් තිබූ අතර චිත්‍රපටය නැරඹීම සඳහා ටිකට් ලබාගැනීමට නොහැකිවූ අය ඊළඟ දර්ශනයට ටිකට් පතක් ලබාගැනීම සඳහා පෙළගැසී සිටියෝය.සතියේ දිනවල සවස 6.30 ට සහ රාත්‍රී 9.30 ට දර්ශණ දෙකක් වූ අතර සති අග ඊට අමතරව උදේ 10.30 සහ දහවල් 2.30 දර්ශන විය.වර්තමානයේ රාත්‍රී 9.30 දර්ශනය හැලී ගොස් ඇති අතර දිනපතා 2.30 දර්ශනයක් එකතු කර ඇත්තේ ඒ වෙනුවට විය හැකිය.අප බොහෝවිට නැරඹුයේ 6.30 හෝ 9.30 දර්ශනයයි.මීට අමතරව නගරවලට විශාල වශයෙන් ජනතාව රැස්වන වෙසක් උත්සවය වැනි දිනවල රාත්‍රී 12.30 ටද දර්ශනයක් පැවැත්වුනි.එක් අවුරුද්දක වෙසක් බලන්නට මීරිගම ගිය අපි මිහිර සිනමා හලේ රෑ 12.30 චිත්‍රපට දර්ශනයද නරඹා පාන්දර කෝච්චියේ නැග බිමට එළිය වැටෙද්දී  ආපසු ගෙදරට පැමිණියා මට මතකය.

කලාත්මක සිංහල චිත්‍රපට සම්බන්ධයෙන් එසේ වුවද සිංහල චිත්‍රපට නොමැතිවිට ප්‍රදර්ශණය කරන්නට යෙදුනු පැරණි ඉංග්‍රීසි දෙමළ හා හින්දි චිත්‍රපට ශාලාවෙන් ගලවන තුරුම ඉතා හොඳින් ප්‍රදර්ශණය කෙරිණි.ඉංග්‍රීසි චිත්‍රපටවල බිහිසුණු ක්‍රියාදාමයන් දෙමළ චිත්‍රපටවල සටන් ජවනිකා සහ හින්දි චිත්‍රපටවල මධුර මනෝහර ගීත අප සිත්ගත් අංගයන් විය. විශේෂයෙන්ම ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ ගොපළු චිත්‍රපට සහ ෂෝන් කොනරි රඟපෑ ජේම්ස් බොන්ඩ් වර්ගයේ රහස් පරීක්ෂක කතා ඇතුළත් චිත්‍රපට අපි උමතුවෙන් මෙන් තුන් හතර වර නැරඹුවෙමු.එකල රැකියා නොකල අප චිත්‍රපට නැරඹීමට විවිධාකාරයෙන් මුදල් සොයා ගත්තෙමු.චිත්‍රපට නැරඹීමට ගෙදරින් මුදල් නොලැබෙන අතර ඉල්ලා සිටියහොත් කණ පිරෙන්නට බැණුම් අසා ගත හැකිවිය.එබැවින් වෙනත් ක්‍රමයකින් මුදල් සොයා ගැනීම අත්‍යාවශ්‍ය විය.

සතියකට දෙකකට වරක් කදක් කර තබාගෙන ගමට එන එක් ඇසක් සහිත වෙළෙන්දෙක් විය.අපි ඔහු කණා වෙළෙන්දා යනුවෙන් හැඳින්වූයෙමු.ඔහු පරණ පත්තර,බෝතල්,ඇලුමිනියම්,යකඩ,බෙලෙක්ක ආදියද කෝපි පුවක් ගොරක ආදියද කුණු කොල්ලයට මිලට ගත්තේය.අපි ගෙදර වත්තේ කෝපි ගස්වලින් කෝපිද පුවක්ගස්වලින් පුවක්ද කඩා කණා වෙළෙන්දාට විකුනුවෙමු.ගොරක වාරයට ගොරකද විකුණා ලද මුදල් සියල්ලම චිත්‍රපට නැරඹීමට වියදම් කළෙමු. කාර්යාලයෙන් පරණ පත්තර තොග ගණන් කුනුගොඩට වැටෙනු අද දකිනවිට එකල පරණ පත්තර රාත්තලක් සොයාගැනීමට දරන ලද වෙහෙස නිතැතින්ම සිහියට එයි.මීට අමතරව ගෙදරින් තම්බාපු වී ගෝනිය කරතියාගෙන වී මෝලට ගොස් කොටාගෙන එනවිට ජූලිස් මුදලාලිගේ කඩේට  සම්බා හාල් සේරුවක් රුපියල් 1.50 බැගින් වික්කෙමි.මෙම වංචාව වැඩිකල් කරගෙන යන්නට නොහැකිවූයේ අම්මාට ඉව වැටුන නිසාය.මෙලෙස අමාරුවෙන් අසීරුවෙන් උපයා සපයා ගත් මුදල් සියල්ලම වියදම් වුයේ කඩචෝරු කෑමටත් චිත්‍රපට නැරඹීමටත්ය.එකල අපි දුම් පානය හෝ මත්පැන් පානය නොකළෙමු.ගැලරියේ චිත්‍රපටයක් නැරඹීමට වියදම් වුයේ ශත පනස්පහකි.දෙවෙනි පංතිය රුපියල් එකයි ශත දහයක් වූ අතර පළවෙනි පංතියේ නැරඹීම සඳහා රු. දෙකයි විස්සක් වියදම් විය.ඕ ඩී සී හෝ බැල්කනි එම සිනමා ශාලාවේ නොවීය.අපි බොහෝවිට චිත්‍රපට නැරඹුයේ ගැලරියේ බංකුවලය.ගැලරිය පිරී තිබුණහොත් දෙවෙනි පංතියට ගියෙමු.බොහෝ වියදම් සහිත පළවෙනි පංතියට නම් කිසිදිනෙක ගියා මට මතක නැත(පසුගිය ජනවාරි විසිහයවෙනි දින මම බිරිඳ සමග ගොස් මෙම සිනමා හලේ මහරජ ගැමුණු බැලුවෙමි. ඉස්සර පළවෙනි පංතිය දැන් ඕ ඩී සී වී තිබු අතර එදා නොතිබූ බැල්කනි පහසුකමද විය.බැල්කනියේ ටිකට් දෙකකට මට වියදම් වූ මුදල රුපියල් හයසියයකි)

සත පනස්පහක්දී ටිකට් එකක් ගෙන සිගරැට් දුමින් සහ ගෝසාවෙන් පිරි සිනමා ශාලාවට ඇතුල් වන්නෙමු.ශාලාව පුරා පැරණි පන්නයේ විදුලි පංකා කැරකෙමින් තිබු අතර වායු සමීකරණ පහසුකම ගැන එකල අප දැනුවත්ව නොසිටියෙමු. එහි බංකුවල වාඩිගන්නා අපි චිත්‍රපටය පටන්ගන්නා තුරු කඩල රටකජු ගොටු නවා සාදා ගන්නා රොකට් ඉහළට යැව්වෙමූ. සිවිලිම වෙනුවට ගෝනි ගසා තිබු ශාලාවේ ඉහළට යන රොකට්ටුව පහසුවෙන් ගෝනියට ඇමිනේ.එවැනි රොකට් සිය ගණනක් සිවිලිමේ රැඳි තිබෙනු දකින්නට හැක.වේගයෙන් කරකැවෙන විදුලි පංකාවේ පෙති අතරින් රොකට්ටුව ඉහළ යැවීම එදා අපි වීරකමක් ලෙස සැලකුවෙමු. චිත්‍රපටය ආරම්භ වනතුරු වාදනය කිරීමට සිනමා ශාලාවේ තිබුණේ එකම එක හින්දි ගීත තැටියකි.තොරතෝංචියක් නැතිව අසා තිබු එම තැටියේ ගීත සියල්ලම අපට කටපාඩම්ය.ශාලාව අඳුරු කළ පසු කකුල් දෙක ඔසවා ඉදිරිපස බංකුවේ තබාගෙන චිත්‍රපටය නැරඹීම ඉතා පහසු විය. විවේක කාලයට කැන්ටිමෙන් ටොපි  බැදපු කඩල හෝ ටේස් පරිප්පු කන්නට හැකිවිය.අතමිට වැඩිපුර තිබේනම් ශීතකළ අලියා ඔරේන්ජ්බාර්ලි පානය කළෙමු.කොකාකෝලා ෆැන්ටා හෝ පෙප්සිද කුඩා කුඩා බෝතල්වල එන පළතුරු බීමද  එකල අපරටේ වෙළඳපොළ ආක්‍රමණය කර නොතිබිණි.විවේක කාලයෙන් පසු තරමක් වෙලා යනතුරු චිත්‍රපටය නැරඹීම තබා සිනමා ශාලාවේ ඇස් ඇරගෙන සිටීමද අපහසු වන්නේ සිගරැට් දුම නිසාය. දුම්පානය ගැන අදමෙන් තහංචි පනවා නොතිබුණු එකල දුම්බීම කළ අය පාරේද කඩපිලේද දුම්රියේද බසයේද කාර්යාලයේද යනුවෙන් වෙනසක් නොමැතිව දුම් පානය කළෝය.එබැවින් මනාව ඇවුරුණු ස්ථානයක් වූ සිනමා ශාලාව තුළ තිබූ දුම්කඳ දුම් කෝච්චියකින් පිටවූ දුම්කඳ සිහිපත් කළේය.

දිනක් අප දහදෙනෙක් පමණ උදේ දහයයි තිහ දර්ශනය බලන්නට ගියෙමු.එදා නැරඹු චිත්‍රපටයේ නම  මට අදද මතකය.ඒ ෂෝන් කොනරි රඟපෑ ඩයමන්ඩ්ස් ආ ෆෝ එවර් නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයයි.සුපුරුදු ලෙස ගැලරියට වැදුන අපි චිත්‍රපටය නැරඹුයේ කකුල්ද ඉදිරිපස බංකුවේ තබාගෙනය.චිත්‍රපටය අවසානයේ බිම තිබු සෙරෙප්පු කුට්ටම ආපසු දමාගනිද්දී අමුත්තක් දැනුනත් ඒ අවස්ථාවේ බලන්නට අපහසු නිසා එළියට පැමිණ බලනවිට මා සිනමා හලට පැළඳගෙන ආ අලුත්ම ඉලාස්ටෝ සෙරෙප්පු කුට්ටම වෙනුවට දමාගෙන සිටියේ හද්ද පරණ පටි කැඩී හරනෙල් කටු ගසා තිබුන කබල් සෙරෙප්පු කුට්ටමකි.මා දෙපා උඩ තබාගෙන චිත්‍රපටය බලද්දි පසුපස සිටි එකෙක් උගේ සෙරෙප්පු කබල් දෙක මගේ අලුත් සෙරෙප්පු කුට්ටමට මාරු කරලාය.එවෙලේ මට දැනුන කේන්තිය සහ දුක කොතරම්ද කිවහොත් ඇස්දෙකෙන් කඳුළු පිටවිය.ආපහු කාලයකට අලුත් සෙරෙප්පු දෙකක් ලැබෙන්නේ නැත.එහෙත් කේන්තියටම කබල් සෙරෙප්පු දෙක ඒ අසළ බාලොලි අකුලකට විසිකර ගෙදර ආවෙමි.

දිනෙන් දින ගෙවී යද්දී චිත්‍රපට බැලීමේ රුචිය වැඩිවන්නට විය.අලුත්ම අලුත් චිත්‍රපට පිටවූ දවසේම බැලීමට සමහර විට අපි දුම්රියේ ගොඩවී ගම්පහ ජයන්තා සිනමාහලට ගියෙමු.එවකට ජයන්තා සිනමාහල පිහිටා තිබුණේ ගම්පහ දුම්රියපොළ ඉදිරියේමය.අද එතැන ඇත්තේ බහුමහල් සුපිරි වෙළඳ සැළකී. එන එන හැම චිත්‍රපටයම බැලීමට බොහෝවිට අතමිට හිඟපාඩුය.කාගේ හෝ මිත්‍රයෙකුගේ අනුග්‍රහයක් නොලැබුණොත් චිත්‍රපට බැලීම අතහැර දමන්නට සිදුවන අවස්ථාද හිඟ නොවීය.එකල සාමාන්‍යයෙන් ගම්වල ඇති  සෙනග ගැවසෙන තේ කඩ ඉදිරියේ චිත්‍රපට දැන්වීම් පුවරුවක් එල්ලා තැබීම සිරිතක් විය. එයට ගෙවීම වුයේ කඩ හිමියාට නොමිලේ චිත්‍රපට නැරඹීම සඳහා ලැබෙන බලපත්‍රයකි.මෙය පාස් එක යනුවෙන් හැඳින්වින.අලුත් චිත්‍රපට සිනමාහලට පැමිණි විගස මේ පාස් වලංගු නොවේ.පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත යනුවෙන් දැන්වීමක් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන්නේ ඒ නිසාය.දින කීපයක් ගියපසු පාස් එක පාවිච්චිකර චිත්‍රපට බැලීමට අවස්ථාව ලැබේ.කඩ හිමියන්ගෙන් පාස් ලබාගෙන අපි චිත්‍රපට නරඹන අවස්ථාද හිඟ නොවීය. තේ කඩ කාරයන් චිත්‍රපට බලන්නට කරදර නොවෙන බැවින් ඉල්ලු විගස අපට පාස් ලැබුණි.

කාටත් නොදැනී කාලය වේගයෙන් ගලා ගියේය. අප තරුණ කණ්ඩායමේ සිටි එකා දෙන්නා රැකියාවලට යන්නට වුවෝය.අවසානයේ මටද රජයේ රැකියාවක් ලැබුණි. අලුතින් ලැබුන රැකියාව නිසා චිත්‍රපට බැලීමේ වපසරිය පුළුල් විය.එමෙන්ම චිත්‍රපට බැලීමට මා සමග එකතුවන අයද වෙනස් විය.රුපවාහිනිය නම් යන්ත්‍රයක් රටේ සැමතැනම නිවෙස්වල  සාලය සරසන්නට පටන් ගත්තේ මෙන්න මේ වකවානුවේදීය.මුලින්ම පැටියා විසින් රූපවාහිනියක් මිලදී ගන්නා ලදී. පැටියා අප රැකියාවට යන්නට අවුරුදු හතර පහකට පෙර රෙදිමෝලේ රස්සාවට ගොස් මේ වනවිට යමක් කමක් හරිහම්බ කරගෙන විවාහයක්ද කරගෙන සිටියේය. රූපවාහිනිය පැමිණි පසු පැටියාගේ නිවසේ සාලය අපේ නිවෙස මෙන් විය.විකාශය අවසන් වන තුරු අප එහි පදිංචිව සිටියෙමු.රූපවාහිනී විකාශනය මුල් කාලයේ බහුලව තිබූ විදේශීය වැඩ සටහන් අතර සිංහල වැඩ සටහන් කීපයක්ද විය. අනතුරුව සිකුරාදා දිනවල සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශණය කරන්නට පටන් ගැනිණි.මෙන්න මේ චිත්‍රපටය බලන්නට ගම හැම තැනම අය රුපවාහිනී තිබු නිවෙස් දෙක තුනට ඇදෙන්නට වීමත් සමග සිකුරාදා රාත්‍රිය පැටියාගේ නිවසේ සාලය හවුස් ෆුල් වන්නට පටන් ගත්තේය. මෙතෙක් කලක් නිවෙස්වල මුළු ගැන්වී සිටි කෙල්ලන්ද වැඩිහිටියන් සමග චිත්‍රපට බලන්නට පැමිණීම තරුණ කොල්ලන් වූ අපගේ සිත් අමන්දානන්දයට පත්කළ කරුණක් විය. පැටියාගේ නිවසේ අයිතිකාරයන් මෙන් සිටි අප චිත්‍රපට බලන්නට එන කෙල්ලන්ගේ සුව පහසුව සැලසීමට නිතරම උත්සුක වූයෙමු.රාත්‍රී නවය හමාරට පටන් ගන්නා සිංහල චිත්‍රපටය අවසන් වනවිට පසුදා පාන්දර වෙයි.බලන්නට පැමිණි අය ගෙවල්වලට ඇරලවීම ආදී යහපත් කටයුතු අපි කිසිදු මැසිවිල්ලක් නොනගා ඉටුකළෙමු. සිකුරාදා දිනයේ රෑ එළිවෙනතුරු වුවද නිදිමැරීම කිසිදු ප්‍රශ්නයක් නොවුයේ පසුදා සති අන්ත නිවාඩු දිනයක් බැවිනි.

චිත්‍රපට බැලීමට ගමේ වැඩිහිටි කාන්තාවන් හුළුඅතු පත්තුකරගෙන සිය පවුල් පිටින් පැමිණියේ පැටියාගේ සාලයේ බිම එළා වාඩිගන්නට අවශ්‍ය පැදුරුද කිහිළි ගන්නාගෙනය.සමහර අය ලැබෙන විවේකයේ හපන්නට බුලත්විටද සකස් කරගෙන පැමිණියාහුය.විවේකය යනු චිත්‍රපටය අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය වන වෙලාවයි. ආපසු යනවිට දල්වාගෙන යාම සඳහා අමතර හුළුඅත්තක්ද සමහරුන් අත විය. අමතර හුළුඅතු නොතිබූ අයට චිත්‍රපටය අවසානයේ හුළුඅතු සකස් කර දල්වා දීමද අපේ රාජකාරියක් විය. 

චිත්‍රපටය පෙන්වද්දී කෙල්ලන්ව ගෙයින් එළියට ගන්නට සමහර කොල්ලන් නොදැරූ තැතක් නැත.එසේ වතුදු ඔවුන් ගැන  වැඩිහිටි කාන්තාවන්ගේ දැඩි අවධානය යොමුවී තිබු හෙයින් එය එතරම් පහසු කටයුත්තක් වුයේ නැත. එහෙත් සියල්ලන්ගේම ඇස් වසා ගෙයින් එළියට පැනගන්නට සමත්කම් දැක්වූ කෙල්ලන්ද නොසිටියේ නොවේ. එවන් අවස්ථාවල ඔවුන් සිය සිත් දිනා සිටි කොල්ලන් සමග අට්ටලාගේ මිදුලේ බැඳපු නැති ළිඳ අද්දර තිබූ නාම්බන් පොල් පැළයට හේත්තුවී චිත්‍රපටය අවසන් වනතුරු මිහිරි රහස් හඬින් පෙම්බස් දොඩමින්ද සිප වැළඳ ගනිමින්ද සිටියෝය. මේ පෙම්කෙළි අවසන් වනතුරු කිහිප දෙනෙකුට අවට පිට මුර කරන්නට සිදුවුයේ හදිසියේවත් වැඩිහිටියෙක් පැමිණියහොත් යයි තිබු බය නිසාය. මෙවැනි හමුවීම් ඉතා රසවත් සිද්ධීන් සහ අවස්ථා ගණනාවකින් යුක්ත හෙයින් ඒ ගැන වෙනම ලිපියක් ලිවීම කළයුතුය෴

මේ දිනවල මා සමග විප්‍රවාසයේ ගතකරන මගේ ආදරණීය බිරිඳගේ ජන්ම සංවත්සරය අදට යෙදී ඇත. උපන් දිනය යනුවෙන් වැහැරීම වැරදි බවත් ජීවිතයටම ඇත්තේ එක උපන් දිනයක් බවත් හැම අවුරුද්දේම එළැඹෙන්නේ ජන්ම සංවත්සර බවත්  සිංහල පණ්ඩිතයෙකු වූ මා හිතවත් කාරියකරවන මැතිතුමා මේ ළඟදී පවසා තිබුණි.එය නිවැරදි යැයි මටද සිතෙන බැවින් එසේ සඳහන් කලෙමි. බිරිඳගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් මේ ලිපිය ඇයට පිරිනමමි.ඔබට සුබ ජන්ම සංවත්සරයක් වේවා!!!

128 comments:

  1. විපවාසී හැලපක්කාට සුභ ජන්ම සංවත්සරයක් වේවා..

    //මාතලන් වැනි පැරණි චිත්‍රපට//
    මාතලං වැනි පැරණි මිනිසුන් කියල වෙන්ට බැරිද?? හැක්

    ඒක නෙමෙයි බං බාලොලි පදුරක පොටෝ එකක් දාපියකෝ..මං කනා වෙළෙන්දා..

    ReplyDelete
    Replies
    1. ඒඒඒ....තෝ මෙතනටත් ආවද ..........ඒ මදිවට මං කියන්ඩ හිතාන ආපු එකත් කියල .......

      ///මාතලන් වැනි පැරණි///
      හරියටම හරි ලොක්කා දැන් මාතයගේ මුණත් රැලි වැටිලා , කොල්ලා වගේ කිරිඩා කොරන්ඩ තැනුවට දැං බැ ...වයසයි , කොන්දත් පොඩ්ඩක් කුදු ගැහිලද මන්දා

      Delete
    2. ඒ බාන් මේ ප්‍රෝපයිල් පින්තුරේ ඉන්නේ උඹද බාන්? මුණ නිකන් බොක පිට් වෙලා ඉන්න වදුරෙක් වගේ.

      Delete
    3. බාලොලි පඳුරක පිංතූරයක් මගෙ ළඟ නෑ බං.තියෙන කෙනෙක් ඉන්නව නං දාවි.

      Delete
    4. ක්ෂණික ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි ඕනේ.

      Delete
  2. අතීතයට ගමනක්.. මගෙ අත්දැකීමුත් ඔයිට සමානයි.අපි කැම්පස් ඉඳිද්දී නිතරම ගියේ ලැවීනියා ගැලරියට. දෙල්කඳ හන්දියේ බේකරියෙන් අමු රෝස්පාන් පාරක් කාලා සරම පිටින් තමයි රිංගන්නෙ.කර්පට් කාරයෝ ගොඩේ ඉන්න අපියි උනුයි අතරෙ කිසිම වෙනසක් නැ. හැබැයි ලයිට් නිවූ පසු දෙවන කැලෑසියට රිංගීම පරමාර්ථයයි පසු කාලෙක මේ දෙක අතරේ තරමක් උස බිත්තියක් බැන්දා.

    ReplyDelete
    Replies
    1. අයියෝ.. අමතක උනා. ඔබේ ඇඹේණියට සුබ උපන්දා සංවත්සරයක් වේවා..

      Delete
    2. අයියා කැම්පස් හිටියේ කොයි කාලේද?

      Delete
    3. 9.30 බලල ආපහු එද්දි බේකරියේ පාන් බාන් වෙලාව.අපිත් රෝස් පාන් කෑවා.අමු කිව්වෙ තම්බපු රෝස් පාන් වෙන්න ඇති.බොහොම ස්තුතියි

      Delete
  3. දයාබර හැලපයියගේ හැලපක්කාට සුභ ජන්ම සංවත්සරයක් වේවා..
    චිත්තරපටි කිව්වම මට තියෙන්නේ මහා චාටර් මතකයක් පුංචි කාලේ බලපු පිචර් එකක් නිසා..... ඒ තමයි සත්වෙනි දවස කියන පිචර් එක... අම්මයි තාත්තයි එක්ක ගිහින් සිට්‍ දෙක මැද්දේ අත් ඇන්ද උඩ වාඩි වෙලා බලන කොට අර අත් දෙක තෙල් තාච්චියට දාන සින් එක දැක්කත් හරි අවරුදු ගානක් යනකම් මමං නෙවෙයි පිචර් බලන්න ගියේ........

    ReplyDelete
    Replies
    1. ආ මෝඩ රාළ, තොපේ සැපදුක් කෙසේද?

      Delete
    2. ස්තුතියි රාළේ.ඔය ෆිල්ම් එක බැලුවා මටත් මතකයි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හැලප අක්කාට සුභ ජන්ම සංවත්සරයක් වේවා !!!!!
    ඒ වගේම අතීතෙට යන්න පාරට හුලු අත්ත අල්ලපු හැලපෙ අයියටත් ස්තූතියි.
    අපිත් වේයන්ගොඩ සීගිරි, නිට්ටඹුවෙ ගැමුණු හෝල් වල මල් සුවද මැද්දෙම චිත්තර පටි බැලුව. හැබැයි මීරිගම මිහිර හෝල් එකට ගියාට චිත්‍ර පටිය කවදාවත් දැක්කෙ නෑ.
    ගම්පහ ජයන්ත එකේ අන්තිමට බැලුවෙ නොම්බර 17 .
    TV ගමට එද්දි අපේ ගෙදර එකක් තිබ්බ. විකශනක් නොතිබ්බ කාලෙ ශෝ ගාල සද්දෙත් එක්ක වැටුන ඉරි අපි බැලුවෙ මාළු ටැන්කියක් කියල. එක පාරට ඒකෙ රූප පේද්දි අපි පුදුම උනා. අපේ ගෙදරත් සතියකට එක පාරක් පෙන්නපු චිත්‍ර පටිය බලන්න මහ සෙනගක් ආව. ගැටිස්සියන්ට සාලෙ වෙනම පැත්තක් වෙන් කරල තිබ්බෙ නරක අයියලගෙන් බේරගන්න කියල දැන් තමයි හිතුනෙ

    ReplyDelete
    Replies
    1. ගැමුණු හෝල් එකේ කොලිටිය බාල නිසා අපි බොහෝ වෙලාවට සීගිරි නැත්නං ගම්පහ ගියා.ඉඳහිට මීරිගමත් ගියා.අනික නරක අයියල නෙවෙයි ගැටිස්සියන්ට පණ ඇරල ආදරේ කරපු අයියල කිව්වා නං හරි.

      Delete
  6. ඉස්සෙල්ලම හැලපක්කට සුබ ජන්ම සංවත්සරයක් පතනව.

    අදනං බයටද කොහෙද පඳුරු තලල නැති උනාට ලස්සන කතාවක් රසවත්ව ලියවෙලා තියෙනව.

    ඔය සතර පෙරලිය මාත් පොඩිකාලෙ ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක්. අපේ පැත්තෙ කොහෙද හෝල්. ඕක පෙන්නුවෙ අපේ ඉස්කෝලෙ මේන් හෝල් එකේ මෝබයිල් ප්‍රොජෙක්ටර් එකක් (දැන් තියෙන වීඩියෝ ප්‍රොජෙක්ටර් නොවේ) දාල.
    අපිත් ඉස්සර ටීවී බැලුවෙ ඔය වගේ තමයි. ටවුමෙ තිබ්බ තේ කඩේක විතරයි ටීවී එකක් තිබුණෙ. නන්දන වින්දන තියෙන දවසටයි, ෆිල්ම් එකක් තියෙන දවසටයි ඒ කඩෙත් අර වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. මුගේ මුණ නං නිකන් ළමා අපචාරකයෙක් වගේ.

      Delete
    2. අද පඳුරු තලන්න බැරිවුනා.නන්දන වින්දනෙන් ගත්ත සොමිය ගැන ආයෙ දවසක ලියන්න ඕනෑ.ස්තුතියි ප්‍රසා.

      Delete
  7. හැලපීට සුබ උපන්දින සංවත්සරයක් වේවා.
    උඹේ ලියමන කියවද්දි මතක් වුනේ අවුල්වෙන්න ඉස්සෙල්ල ලියන්න ගත්ත අරූගෙ කතා ටික. උෟ නං ලිවිල්ල නවත්වල වගේ.

    චිත්‍රපටි බැලීමේ යුගයේ අවසන් පුරුක් හැත්තෑ ගනන්වල මුල ඉපදුන එවුන් වෙන්න ඕන. ඉන් පස්සෙ එවුන්ට චිත්‍රපටි සාමාන්‍ය දේවල් වෙලා අද වෙද්දි වැඩකට නැති දේවල් ගානට වැටිල. රේඩියෝ ඇහිල්ලත් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. රාජුයි නෝනායි නං බලනවා ඇත්තේ බ්ලු ෆිල්ම් වෙන්ටෑ?

      Delete
    2. එව්වත් බලනව නේන්නං.

      Delete
    3. ස්තුතියි රාජ්.
      අද චිත්‍රපට බලන්න ගියත් එදා තරං විචිත්‍රත්වයක් නැහැ රාජ්.වෙනස ඒකයි.අරූ ලියනව තියා ආගිය අතක් නෑනෙ.මම පොඩ්ඩක් හොයල බලන්නං.

      Delete
  8. ගම්පහ ජයන්තා එකේ මමත් ෆිල්ම් බලලා තියනවා... අපිට කිට්ටුම මේකලා. පබ්ලික් හෝ එකට නම් ආවෙම අබ්ලික් චිත්‍රපටි මතක හැටියට. මේකලා එකට කලාත්මක ඒවා... ජයන්තා එක තිබ්බ තැන දැන් තියෙන්නේ රන්ජන් ලංකා. පබ්ලික් හෝල් එකත් තියනවද දන්නේ නෑ....

    එහෙනං හැලපේගෙ බිරිඳට සුභ ජම්ම සංවත්සරයක් වේවා....

    ReplyDelete
    Replies
    1. නයෝමි එකට එහා තියෙන මේකලා එකට තමයි දැන් අප්සැට් ෆිල්ම්ස් එන්නේ අයියේ,,, ක්ලාස් යන කෙල්ලෝ කොල්ලෝ නයෝමි එක ගාවින් කුඩෙන් මුනත් වහන් කෙලින්ම යන්නේ මේකලා,

      Delete
    2. තිසර, පබ්ලික් හෝල් එක හොදට හදල තියෙන්නෙ EAP එකෙන්. ටිකක්වත් හොද ෆිල්ම් එන්නෙ ඒකට තමයි. මේකලා එකටයි නයෝමි එකටයි එන්නෙනම් සවුත්තු ඒව. විශේශයෙන් ඔමා කිවුව වගේ මේකලා එකට, මේකලා එක දුවන්නෙ තනිකරම ටියුශන් ලමයින්ගෙ පිහිටෙන්.
      ජයන්ත එකේ තමයි විශාලම බැල්කනිය තිබ්බෙ. හැබැයි මකුනො පිරිල.

      Delete
    3. ඒයියා.. අපි හිතුවේ ගෑණියෝ බ්ලු බලන්නේ නැතිව ඇති කියලා.

      Delete
    4. ඉස්සර ජයන්තා සිනමාස් පබ්ලික් හෝල් සිලෝන් තියටර්ස්.පස්සෙ කාලෙක පස්වෙනි මණ්ඩලයේ චිත්‍රපට පෙන්නන්න මේකලා හැදුවා.නයෝමි ඊට බොහෝම මෑතකදි හැදුන හෝල් එකක්.පබ්ලික් හෝල් එක තාම තියෙනවා.

      Delete
  9. //සත පනස්පහක්දී ටිකට් එකක් ගෙන සිගරැට් දුමින් සහ ගෝසාවෙන් පිරි සිනමා ශාලාවට ඇතුල් වන්නෙමු.// ශත පනස් පහටත් චිත්‍රපටි පෙන්නුවද ? හරිම රසවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අපි සත පනස්පහට චිත්‍රපට බැලුවනෙ.ස්තුතියි.මේ ඔබේ පළමු පැමිණීම වෙන්න ඇති.ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  10. ඒ කාලේ පොළවල් වලට ආවා අර මැජික් පෙට්ටි කාරයෙක් මතකද. ඒකට ඇහැ තියාගත්තම මිනිහා විවිධ පින්තූර ගොඩක් පෙන්නනවා විස්තරයක් කියා කියා. සත 5 යි ගාස්තුව. චිත්තරපටි බලන්ඩ කලින් අපි පොඩි කොල්ලෝ කාලේ බැලුවේ එව්වා.

    මා කුඩා කාලයේ හැදී වැඩුන කෑගල්ල නගරයේ ඒ කාලේ ප්‍රධාන සිනමාහල් දෙකකුත් දෙවැනි ශ්‍රේණියේ සිනමාහලකුත් තිබුනා. සිනමාස්ලට අයිති 'ඡායා' හෝල් එකත්, සිලෝන් තියටර්ස්ලට අයත්, 'ටාසන්' සිනමාහලත්. ඊට අමතරව අද වැසීගොස් තිබෙන 'පරාක්‍රම' සිනමාහලත්. (අද කෑගල්ලේ තියන මිලානෝ සිනමාහල ඇරියේ 1980 දශකයේ). මේ නිසා අලුත්ම චිත්‍රපටි පළමු වටයේදීම බලන්න පුළුවන් වුනා. අනික් අද්දැකීම් මම කිව්වත් ඔබ කිව්වත් එක සමානයි.

    හැලපී ට සුබ ජන්ම සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. විචා..අපේ සීයාවත් හිටියා නං අහන්න තිබුනා එයාටවත් මතකද කියලා පොලට ඔය කියන මැජික් පෙට්ටිකාරයා ආවාද කියලා..කොහෙද මෑන්ස් මලානේ..!

      Delete
    2. //විචා..අපේ සීයාවත් හිටියා නං අහන්න තිබුනා //
      හික්ස් ...

      Delete
    3. ස්තුතියි විචා.චෙපාකි කිව්වා වගේ අපේ කාලෙ එද්දි පෙට්ටිකාරයො හිටියෙ නෑ.

      Delete
  11. සුබ උපන් දිනයක් නෝන මහත්තයට!!

    මොකද බොල මේ නුවර හෝල් එකක ෆොටෝ එකක් දාලා?

    කාරියකරවන මහත්තයගෙ ලිපි මමත් බොහොම ආසාවෙන් කියවනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මේ වෙම්බ්ලි එකනේ.... අඳුනගන්නත් බැරි උනා... හරක් මඩුවක් වගේ හික්...

      මම නම් රීගල් එකේ, සීගිරි , එරිනා ඒවගේ තමයි චිත්‍රපටි බලලා තියෙන්නේ. ඒවගේ නම් තත්වේ තරමක් දුරට හොඳයි.

      Delete
    2. උපේක්ෂා,

      මොකක්ද බං අර ටොරිංටන් එක උඩ ලයිබ්‍රරි එක ගාව තිබ්බ හෝල් එක? මට නම මතක නෑනෙ...

      Delete
    3. ගාමිණී?

      Delete
    4. නෑ ඇනෝ..මට මතක් වුනා ..ඒ හෝල් එකේ නම වේල්ස්

      Delete
    5. ස්තුතියි රවී.
      පින්තුරෙ ගත්තෙ ගූගල් වලින්.නුවර කියල දැනගෙන හිටියෙ නෑ.මොකද වෙම්බ්ලි කියල හෝල් රටේ තව තැන්වලත් තිබුනනේ.නුවර වෙම්බ්ලි එක කියල දැනගත්තෙ උඹ කිව්වමයි.

      Delete
    6. උපේක්ෂා,
      මේ ඔබේ පළමු පැමිණීම මා හිතන්නෙ.ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  12. උඹගේ සටහන බොහෝ රහ වින්ඳෙමි. මන්ද උඹගේ කතාව මගේ කතාවද වන බැවිනි. ජයම වේවා!
    ඒ අතරම උඹගේ ප්‍රියම්භිකාවට සුබ ජන්ම සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳුන්.
      උඹේ කතාද මා අතිශයින් අගය කරනවා වගේම රස විඳින බව කියන්නට කැමතියි.

      Delete
  13. ඉස්සර අපේ අම්මලා නිතරම මීගමු ගියාලු ෆිල්ම් බලන්න,, ෆිල්ම් එකට වඩා එයාලා රස වින්දෙ බලන්න යන අතරතුර වෙච්ච දේවලුයි,, එන ගමන් වෙච්ච සීන් කෝනුයි තමයි... ඔය අස්සේ තමයි අපේ තාත්තාව හම්බෙලා තියෙන්නෙත්

    ඔබේ බිරිඳට සුබම සුබ උපන් දිනක්

    ReplyDelete
    Replies
    1. මේ මේ කියන්න අමතක වුණා බ්ලොග් ලියන හුරුබුහුටි අහිංසක ගෑල්ලමේක් කිවුවා කියන්න හොදේ

      Delete
    2. තාත්තා හරි හොද මනුස්සයා. මටත් හම්බුනා මිගමුවේ හෝල් එකේදී ඒ කාලේ.

      Delete
    3. ස්තුතියි ඕමා.
      අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ බිරිඳ මේ කමෙන්ට්ස් බලනවා.ඒක නෙවෙයි ඔය අම්මල කියපු කතාත් බ්ලොගේ ලියන්නකො.

      Delete
  14. හැලප අක්කාට සුභ ජන්ම සංවත්සරයක් වගේම නිරෝගී අනාගතයක් වේවා..!
    ටීවී බැලිල්ලට අනූ ගණන් වල මුල කාලෙ අපේ ගෙදරටත් හවස් වෙනකොට සෙට් එක පිරෙනවා.පුටුවලට වැදගත් කියන අයයි පැදුරු වලට අන්නිත් අයයි.මගේ ආසනේ උනේ පුටු අතක්.. සුන්දර මතකයන් අවදි කළ සුන්දර ලියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බෝ.
      මා වගේම ඔබත් අතීත මතකයන් අවදි කර ගැනීම සතුටක්.

      Delete
  15. හැලපයියටත් මාර අත්දැකීම්නෙ අප්පා තියෙන්නේ. ඒ කාලේ හෙන ආතල් ඇති නේද බන් හොරෙන් කෙල්ල එක්ක ෆිල්ම් බලනකොට. ඒක නෙවෙයි අර රොසැන්ට ගැන තව හොඳ කතා නැද්ද? එතකොට අර ප්‍රේමලතා එහෙම තාම ඉන්නවද? අපට කියවන්න ඒවටත් අප්ඩේට් එකක් දීපන් හැලපයියේ. ප්‍රේමලතාගෙයි වින්සන්ගෙයි කතා වලට මම හෙනට ආසයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමලතා ගේ කතාව පමණක් නොව ඊට පෙර පැන්ෂන් ඉස්කෝලේ මහත්තය ගේ පාට් එක දැම්මෙත් එකළ බොරු යකා පාට් දාන්න ගොස් ඇන ගෙන, දැන් මද්‍යස්ථ පාට් දාන ගොන් වහන්සේ කෙනෙක් බව මෙච්චර කල් ගිහිනුත් ෆිගර් අවුට් කර ගන්න බැරි නම් අමුම අමු තකතීරුවකුටම පමණි. මේ බොරු කමෙන්ට් නිතරම දා ඒක හලපයා ගෙ ඇඟේ ගහන්න හදන්නෙත් එයාම ද?

      එහෙම නම් කියන්න තිබෙන්නේ වීදුරු ටොයිලට් එකේ ඉඳන් රුන්නට කමක් නෑ , ගල් ගහන්නට ගොස් ඕක බිමට සමතලා කර ගන්න එපා කියා ය.

      Delete
    2. මා ගැන කොමෙන්ට් එකක් දමා ඇතැයි කියා හිතවතකුගෙන් ඇමතුමක් ලැබුනේ මේ දැන්ය. සියළු වැඩ අතහැර මොකද්ද මේ නාඩගම කියා බැලුවෙමි. ඇනෝ කොමෙන්ට් දමන්නේ කවුදැයි සොයා බලන්න. ඒ සඳහා තාක්ෂනය ( අයි පී ඇඩ්‍රස් ආදිය , ජියෝ ලොකේෂන් ආදී කරුණු සෙවීම ) ඔබ සතුව ඇතැයි සිතමි. සෙව්වත් නැතත් මට කමක් නැත.බොරු චෝදනා නොකරන්න. එක එක්කෙනාගේ බ්ලොග් වල ඇනෝ දමමින් සෙල්ලම් කරන්නට අපට වෙලාවක් නැත.
      ඕන එකක් ෆිගර් අවුට් කරගන්න මට පාන්ද
      මේ කොමෙන්ට් එක දැම්මේ බ්ලොග් අවකාශයේ සිටින හිතවත් කෙනෙක් මා ගැන වැරදි වැටහීමක් ඇති කර ගනීවි කියා සිතාය.
      වෙන කවුරු මොනවා හිතුවත් මට කමක් නැත.අප කිසිවෙකුට ගල් නොගසන අතර බොරුවට සැකකර ඔබ කරන ගල්ගැසීම් ගැන බයක්ද නැති බව කීමට කැමැත්තෙමු.

      Delete
    3. ඇනෝ 11.56 PM
      හරි බං ප්‍රේමලතාගේ කතා ලියන්නං.

      Delete
    4. ඇනෝ 6.34 AM
      ගණන් ගන්න එපා ඇනෝ.ඌ හැමදාම ඕක කියල ළපටි ආතල් එකක් ගන්නව.අපි මොනාටද උගෙ ආතල් කඩන්නෙ.

      Delete
  16. ජන්ම දින සංවත්සරය සතුට පිරුන ජය සැමරෙන දිනක් වේවා කියල නෝනට සුභ පැතුව.

    විප්‍රවාසයෙන් උන්නත් සහවාසයෙන් උන්නත් එක වගේම එකිනෙකාට ගරු කරන, සුභ පතන එක වටින ගුණයක්.!

    මේක කියෙව්වම අපි චිත්තරපටි බැලුව විදිය ගැන ලියන්න හිතුන. කොහෙද මේ දවස්වොල අම්බානෙට වැඩනේ බන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්දික.
      වැඩ අහවර වුනාම වත් ඒ කතාව ලියනව නං හොඳයි සිංහයෝ.

      Delete
  17. A very happy birth anniversary to you, Mrs Helape.

    ReplyDelete
  18. හැලප මහත්මියට සුබ උපන්දිනයක් වේවා ...

    ඔය අත්දැකීම් ටික ටිකක් දුරට විඳලා තියෙන නිසා මේ මතකයේ ඇති සුන්දර කම දැනෙනවා .. අපි නම් ෆිල්ම් බැලුවේ කඩුවෙල රේඛා එකෙයි විජයන්ති එකෙයි ... ඔය ගෙදර TV බලපු සින් එක නම් හොඳට මතකයි .. අපේ ගෙදර තමයි කට්ටිය සෙට් වුණේ .. හරි ජොලි ඒ දවස් වල... හැබැයි ඉතින් අපිට තිබුනේ ළමා ආතල් තමයි .. කොලු ආතල් ගන්න වයසට එනකොට හැමෝටම TV තිබුණ ..

    ReplyDelete
    Replies
    1. මෙන්න හොද නියම පෙනුමක් තියෙන උගත් බුද්ධිමත් කෙනෙක්. අනේ වාසනාවන්. අර මෙෂින් බිජ්ජා වගේ නුගත් ගොනෙක් නෙමෙයි.

      Delete
    2. පෙනුමට රැවටෙන්න එපා මචං ... :)

      Delete
    3. ඔබතුමා දිහා බැලුව ගමන් ඕනිම කෙනෙකුට තේරෙනවා උගත් බුද්ධිමත් දෙමාපියන් ඉන්න බොහොම හොද පවුලක කෙනෙක් කියල.
      ඔබ වගේ සැමියෙකු ලබන බිරිඳ කොයිතරම් වාසනාවත්තයිද? දරුවන් කොයිතරම් ලැබීමක් තියෙන අයද? ජයවේවා.

      Delete
    4. ස්තුතියි පැතුම්.
      ඒ කිව්වෙ අපි තරුණ වයසෙ පැතුම්ලා පොඩි කොල්ලො.

      Delete
  19. // එවන් අවස්ථාවල ඔවුන් සිය සිත් දිනා සිටි කොල්ලන් සමග අට්ටලාගේ මිදුලේ බැඳපු නැති ළිඳ අද්දර තිබූ නාම්බන් පොල් පැළයට හේත්තුවී චිත්‍රපටය අවසන් වනතුරු මිහිරි රහස් හඬින් පෙම්බස් දොඩමින්ද සිප වැළඳ ගනිමින්ද සිටියෝය.//

    මෙයාලා කවුරුත් ළිඳේ වැටුනේ එහෙම නෑලුද? :O

    හැලපිට සුබ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලිඳට ඇඟිල්ල දැම්ම විතරයි. බැස්සේ නෑ

      Delete
    2. ස්තුතියි පොඩ්ඩි.
      ලිඳට කවුරුවත් වැටුන කියලනං මතකක් නෑ.

      Delete
  20. :) රසවත් අතීත මතකයක්. හැලපතුමීටත් සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  21. හැලපක්කාට "සුභ ජන්ම සංවත්සරයක් වේවා !!"

    එන්න එන්න දැන් සුභ පතන්න
    අප සැමදෙන එකතු වෙලා...
    සුභ උපන්දිනක් වේවා!
    ජිවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැක දේවා!
    සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!

    ටීවී එක ඔපරේට් කරන්න වෙනම එකෙක් ඉන්නවා .ඇන්ටනාව කරකවන්න වෙනම එකෙක් .සුන්දර අතීත මතකයන් ගොඩයි .අපිත් වැස්සේ පන්දම් පත්තුකරගෙන හය හත් දෙනා පෝලිමට යනවා ගමේ එක ගෙදරකට ටීවී බලන්න ...දැන් හිතෙනවා එහෙම කාලයක් තිබුනාද කියලා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිංදු ඇනෝ.
      අපොයි ඔව් ඒ කාලෙ ඇන්ටෙනාව හයිකරලා ඉහළට උස්සල තිබුනෙ උණ ගහක.හැම තිස්සෙම කරකවන්න වෙනවා.අනික ඒ කාලෙ තිබ්බෙත් චැනල් දෙකයි නොවැ.

      Delete
  22. හැලප නෝනාට උපන් දිනය වෙනුවෙන් සුභාසිරි..දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා..
    අද මමයි ෂෙෆියි කාර් එකේ FM 94.5 න් සිංහල වෙළෙඳ සේවයට කන්දුන්නා..අර ටං ටං ගාන මීසික් එකත් එක්ක ගියානේ නිවේදක තේරීම් 12 වෙනකන්..
    සෙරෙප්පු කේස් එකක් මතක් උනා හැලපෙට වෙච්ච දේ කියෙව්වම..ලියන්න ඕනි සනීප උන හැටියෙම,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චෙපාකි.
      සෙරෙප්පු කේස් එක මතක ඇතුව ලියන්න.

      Delete
  23. ඊ.ඒ.පී. එදිරිසිංහ... සමූහ ව්‍යාපාර..අනුබද්ධ ආයතන.. ස්වර්ණමහල් සාදර අනුග්‍රහයෙන් තමයි ඔය හැම මාසෙකට දවසක් පෙන්නපු සිංහල ෆිල්ම් එක පෙන්නුවේ.. ඔය ටික අනවුන්ස් කරන විදිය මට තවම මතකයි.. එතකොට අතරමැද ඇඩ්.. ටොයොටා කොරොල්ලා, නිසාන් සනී, මිට්සුබිශි පූසෝ ඇතුළු නොයෙකුත් මාදිලියේ වාහන ගෙන්වා බෙදාහරින ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන මන්දිරය නුවර පාර කටුගස්තොට.. හැක් හැක්.. අසූවේ මුල් කාලේ අපේ ගෙදරත් ඔය වගේ ටීවී මධ්‍යස්ථනයක්.. හවස 5හේ ඉඳල බෙඩ්ශීට් එහෙම අරන් ටීවී එක ලඟට එන්නේ.. අර කුරුල්ල දාල තියෙන පැය භාගෙත් බලං ඉන්නවා.. අමාරුම දෙමළ ප්‍රවෘත්ති යනකං ඉවසන එක තමයි.. ෆිල්ම් එක බලන්න ආපු පොඩි උන්ගෙන් භාගයක් ඒක පටං ගන්නකොටම නිදි..
    ෆිල්ම් බැලිල්ල පටං ගත්තෙ අසූවේ අන්තිම කාලේ.. දවසක් මායි යාලුවෙකුයි හෝල් එකේදි ඉස්සරහ උන්නු එකාගෙන් සිගරට් එක පත්තු කරන්න බට් එක ඉල්ල ගත්තා.. ඉන්ටවල් එකේ බලද්දි ඒ අරූගේ තාත්තා.. ජය ශ්‍රී!

    හුටා තව පොඩ්ඩෙන්... හැලප අක්කට සුභම සුභ ජන්ම සංවත්සරයක් ඕං එහෙනම්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇයි කොටහේනෙ කයිරාස්.. අර වෑන් කාර් ගෙන්නන්නෙ.. :-D

      Delete
    2. ඔන්න මතක් උනා.ඉන්ද්‍රා ට්‍රේඩර්ස් තමයි ප්‍රධාන අනුග්‍රාහකයෙක් උනේ.ඊට පස්සෙ නන්දන වින්දන වලටත් ඔවුන් අනුග්‍රහය දැක්වුවා මට මතකයි.

      Delete
    3. බුරා දැන් ඉන්ද්‍රා වත් කයිරාස් වත් වැඩ සටහන් වලට ස්පොන්සර් කරන්නෙ නෑ නේද?

      Delete
    4. නන්දන වින්දන එකේ මුල්ම අනුග්‍රාහකය ධර්මසිරි සහ සිසිර කොම්පැනිය නේද ?? මට මතක විදියට පස්සෙ කාලෙක ඒ කොම්පැනිය සිසිර සහ සිසිර කියල වෙනස් උනා.

      නන්දන වින්දන මතක් කරද්දි අතීතකාමෙ හෝගාල මෙවුව වෙනව අප්පා . . . නන්දන වින්දන අන්තිම කාලෙම වගේ අයිටීඑන් එකේ ගිය නොයෙලින් හොන්ටර් කරපු වැරයිටි ෆෙයා එකයි කුමා ඩි සිල්වා කරපු ෆෑන් ක්ලබ් එකයි මම හෙන ආසාවෙන් බලපු වැඩසටහන් දෙකක්.

      Delete
    5. නන්දන වින්දනේ ගොඩක් සිංදුවලට ප්ලේ කලේ ෆෝර්චූන්ස් බෑන්ඩ් එක නේද? අර්නස්ට් කට පුම්බගෙන ලීඩ් ගීටාර් එක ගහනවා.. සරත් දි අල්විස් නේද කීපෑඩ් එක? ස්ටැන්ලි සැක්සෆෝන්...

      Delete
    6. ස්ටැන්ලි කීවාම මතක් උනේ . . .

      දවසක් බුවාල සෙට් එකක් බාර් එකේ නස්තාර් වෙන්න ගහල මදිපාඩුව බොන්න කියල තව එකෙක්ගෙ ගෙදරකට ආවලු. කට්ටිය ඔය විදියට කන් දාක්කුවේ දාගන්න ගානට බීල මහ රෑ ගෙවල් බලා පිටත් උනාලු.

      ඒ එක බුවෙක් පහුවදා උදේලු දන්නෙ බුවාගෙ මගුල් මුද්ද නැතිවෙලා කියල කලින්දා රෑ.

      ඇගිල්ලෙ මුද්ද නෑ කිවුවාම අසූ හාරදායට නැගපු වයිෆ් බුවාගෙන් ඇහුවලු තමුසෙ කොහෙද ඕයි ඊයෙ රෑ බිවුවෙ?? කියල.

      අපේ යාලුවත් සෑහෙන්න කල්පනා කරල බලල කීවලු . . "වෙරි හින්ද තැන නං මතක නෑ ඩාලිං, ඒත් මට ලාවට මතකයි මම ඊයෙ රෑ සෙට් උන ගෙදර ටොයිලට් එකේ තිබුනෙ රත්තරන්පාට කොමඩ් එකක්" කියල

      ලාවට හරි ක්ලූ එකක් ලැබුන එක ගැන සන්තෝස වෙච්චි බුවාගෙ වයිෆ් බුවාට බැනල එලවගත්තලු . . . "දැන් ඉතින් ස්කීම් එක අනිත් පැත්ත හරෝල හරි රත්තරන් පාට කොමඩ් එක තියන ගේ හොයාගෙන බලනව එහෙද මුද්ද බැරිඋනේ කියල" කියල

      බුවත් ඉතින් ස්කීම් එකේ ගෙවල් එකක් එකක් ගානෙ යනවලු දොරවල් වලට තට්ටු කර කර . . දොර අරින අයගෙන් "මේ ගෙදර රත්තරන් පාට කොමඩ් එකක් තියනවද?" කියල අහ අහ

      ඔහොම ටිකක් යද්දි බුවාගෙ තට්ටුවට දොර ඇරල "ඇයි?" කියල අහපු ගෑනු කෙනෙක්ගෙනුත් බුවා ඇහුවලු "මේ ගෙදර රත්තරන්පාට කොමඩ් එකක් තියනවද ?" කියල . .
      ටිකක් වෙලා අපේ බුවා දිහා ඔරවලා බලාගෙන හිටි ඒ ගෑනු කෙනා ගේ ඇතුලට හැරිල ටිකක් සැරෙන් සහ සද්දෙන් කීවලු . . .
      "ස්ටැන්ලී . . . . . මෙන්න තමුසෙගෙ සැක්සෆෝන් එකට චූකරපු බේබද්ද ඇවිත්"
      කියල

      Delete
  24. චිත්‍රපටි බැලිල්ල ගැන කියද්දි මට අමතක කරන්නම අමාරු තැනක් තමා නුගේගොඩ කුයින්ලන් හෝල් එක. චිත්‍රපටිය පටන්ගෙන පොඩි වෙලාවක් යද්දිම සීලිමේ එල්ලිලා ඉන්න වවුලො ඉරුන ගෝනි පඩංගු අස්සෙන් පියාඹනව සූ ගාල :D
    තව දෙයක් . . . මගෙ තාත්ත කුරුණෑගල ජුපිටර් එකේ ප්‍රොජෙක්ටර් ඔපරේටර් විදියට වැඩ කරල තියනව කාලයක්. තාත්ත ඔය විස්තර කියල තමයි මල්ලිටයි මටයි චිත්‍රපටි පිස්සුව හැදුනෙ හොදම එකෙන්

    හැලපෙගෙ හාමිනේට ප්‍රීතිමත් ජන්ම දින සංවත්සරයක් පැතුවයි කියන්න

    ReplyDelete
    Replies
    1. ඕනයා දැන් අසේල එක්ක තරහද?

      Delete
    2. තාම අපි දෙන්න සෙට්වෙලා අඩියක් කාරිය ගහල ආතල් එකේ ඉන්නව . .
      මේ . . ඒක නෙමේ ඇනෝ . . . සීඅයිඩී එක නිවාඩුද ???

      Delete
    3. ස්තූතියි ඕනේ.කුයින්ලන් හෝල් එක ඒ කාලෙ මගෙත් ප්‍රියතම පොට් එකක්.

      Delete
    4. //ඒක නෙමේ ඇනෝ . . . සීඅයිඩී එක නිවාඩුද //

      "භය නැතුව" අහපු කැත :D

      Delete
  25. හැලපෙ අයියලා කොල්ලො කාලෙ කතාවක් . . .

    මට්ටක්කුලියෙ තිබ්බ ගෝල්ඩී එකේ ඉන්ටවිවු ගියාලු කිරුලපන පැත්තෙ කෙල්ලෙක් එයාගෙ වයසක ආච්චි අම්මව තනියට එක්කගෙන. මට්ටක්කුලිය ඉදල කිරුලපනට එන්න බස් දෙකක එන්න එපැයි. මට්ටක්කුලියෙ ඉදල නාරාහේන්පිටට 178 බස් එක, නාරාහේන්පිට ඉදල කිරුලපනට 141 බස්එක තමයි ඔය බස් දෙක.

    දැං මේ ආච්චියි දුවයි දෙන්න මට්ටක්කුලියෙන් 178 බස් එකේ නැගල එනවලු නාරාහේන්පිටට එන්න. කොන්දොස්තර කොලුව බස් එකට නගිද්දිම තමන්ගෙ මිනිපිරී දිහෑ බලපු වල් බැල්ම හිතට සෙට් උනේ නැති නිසා ආච්චි අම්ම කෝකටත් කියල කොන්දොස්තර කොලුවව පේන මානෙන් වාඩි උනාලු.

    බස් එක මට්ටක්කුලියෙන් ඇදල ටික දුරක් ආවලු . . කොන්දොස්තර කොලුව එකපාරම කෑගෑවලු . . . "ජයසීලී බහින්න . . . ජයසීලී බහින්න" කියල. දෙමල කෙල්ලෙක් දනිපනිගිල බස් එකෙන් බැස්සලු . . .

    ඔහොම තව ටික දුරක් ආවාම කොන්දොස්තර කොල්ල ආයෙත් කෑගෑවලු "ජෙසීමා බහින්න . . . ජෙසීමා බහින්න " කියල . . . ඒ සද්දෙට මුස්ලිම් කෙල්ලෙක් ඉකිමන් කරල බස් එකෙන් බහිනව දැක්ක ආච්චි අම්මට මේ වලත්ත කොන්දොස්තරයා එක්ක හොද ගානට මල පැන්නලු . . . ඇයි යකෝ බස් එකට නැග්ග කෙල්ලන්ගෙ නම කියලම කතා කරන්නෙ . . මේකා කොහොම වනචරයෙක් වෙන්න ඕනෙද ?? (හා නැද්ද ???)

    මුස්ලිම් කෙල්ල බැස්සට පස්සෙ බස් එක ඇදල එනවලු . . . වැඩි දුරක් ආවෙ නැතිලු කොන්ද ආයෙත් කෑගෑවලු . . . "සමන්තා බහින් . . . සමන්තා බහින්න" කියල. බෙල් බොටම් එකක් ඇදපු සිංහල කෙල්ලෙක් ආච්චි අම්මගෙ කන ලගින් ගිහින් බස් එකෙන් බැස්සලු . . . දැන් ආච්චි අම්මට හෙනම ජුවල් ලු . . . .

    කොහොමෙන් කොහොමෙන් හරි දෙන්න නාරාහේන්පිටට ආවලු . . . ඇවිත් කිරුලපනට යන්න නැග්ගලු 141 බස් එකට. ආච්චි අම්මත් අර බස් එකේ කොන්දා කෙල්ලන්ට කතා කරපු විලාසෙ ගැන පුපුර පුපුර මෙනෙහි කරමින් ඇවිත් ඩබල් සීට් එකේ කෙල්ලව ජනේලෙ පැත්තට දාල වාඩි උනාලු . . .

    වැඩි දුරක් එන්න උනේ නෑ ඒ බස් එකේ කොන්දොස්තර කොලුව එකපාරම කෑගෑවලු . . . "කල්පනා බැහැගන්න . . .!!" කියල

    උංහිටිතැන් අමතක වෙච්චි ආච්චි අම්ම සීට් එකෙන් නැගිටලා මිනිපිරීට දර්ශනේ දැම්මලු . . . "මානෙල් . . . තෝ එහෙම ඔය එක එක පරයි කියන විදියට බස්එකෙන් බැස්සොත් කඩනව හතරහන්දි" කියල


    ප.ලි.
    බට ලයිට්ලා, කොළඹ පාරවල් නොදන්න සහ කොලඹ ඉතිහාසය නොදන්නා අයගේ ලෑම්ප් සෑඩ් එක උදෙසා . .

    රෝයල් ජයසීලී - මට්ටක්කුලියෙ රාස්සමුනේ කන්ද උඩ තියන හෝල් එක
    ජෙසීමා - කොස්ගස් හන්දියේ බස් හෝල්ට් එක පල්ලෙහෑ ඔරුගොඩවත්ත පැත්තට හැරෙද්දිම තියන හෝල් එක
    සමන්තා - අපි හැමෝම දන්න කියන දෙමටගොඩ ගුවන් පාලම අයිනෙ හෝල් එක
    කල්පනා - නාරාහේන්පිට කිරුලපන පාරෙ මැදක් හරියෙ තිබ්බ හෝල් එකක්. (අසූ ගනන්වල දෙමල කෝලාහල කාලෙ පිච්චුවා ඒක)

    ප.ප.ලි.
    යකෝ . . . මේක බ්ලොග් පෝස්ට් එකකට ගන්න තිබ්බ කතාවක්නෙව :D

    ReplyDelete
    Replies
    1. //ප.ප.ලි.
      යකෝ . . . මේක බ්ලොග් පෝස්ට් එකකට ගන්න තිබ්බ කතාවක්නෙව :D//

      Delete
    2. ඔය කතාව වෙනස් විදියකට මම අහලා තියෙන්නේ. අහලා තියෙන්නේ කිව්වට පත්තරේක හෝ පොතක කියෙව්වේ.

      ඒ කතාවේ අච්චි සහ මිනිබිරි වෙනුවට හිටියේ ගමේ ඉදලා,මොකක්දෝ වැඩකට කොළඹ ආපු පොරක්. ඒ පොර ඔය කොන්දා සහ අනික් එවුන් දිහා බලාගෙන ඉන්නවා.

      ඉතිං එනකොට ගාමිණි බහිනවා කියලා තරුණ පහේ ඩයල් එකක් කොන්දට කිව්වලු. ඊට පස්සේ බස් එක නවත්තුවම ඌ බැහැලා ගිහිං. ඔය වගේ එක එක බස් වල රීටා බහිනවා කියලා කෙල්ලෙක් බැහැල ගිහිං.

      ඉතිං මේ ගමේ පොරත් බහින තැන ලං උනාම හයියෙන් කිව්වලු බුරම්පි බහිනවා කියලා. ඔන්න ඔය වගේ කතාවක් මම කියෙව්වේ.

      ඒක මිට වඩා හොදට ලියලා තිබ්බා පත්තරේ. ඒත් මම ඒක ඒ විදියට ලිව්වේ නෑ. මොකද ඉතිං උබලා වගේ ලපයි සිපයියන්ට හිනාවෙන්න මම මොකද පුක ඉරාගෙන කතා ලියන්නේ. ඕනි නං හිනාවෙල්ලා කිති කවාගෙන, දෙක මිරිකගෙන.

      ලබුකිරිබත්-

      Delete
    3. හොඳ වෙලාවට ඔය හරියේ මානෙල් කියලා හෝල් එකක් තිබුනේ නැත්තේ.

      Delete
    4. ඒ උනාට මානෙල් දෙමටගොඩ තියනවා

      http://lk.geoview.info/manel_dematagoda,682080533n

      Delete
    5. ඕනේ,මේ කතාවම වෙන නම් ගම් යොදල තියෙනවා.ගම්පහ ටවුමෙදි ජයන්තා බහින්න කියල කොන්දොස්තර කෙනෙක් කිව්වම ආච්චියෙකුට තදවෙලා කොන්දට බැනපු කතාවක්.බ්ලොග් පෝස්ට් එකකට වටින කතාවක් කමෙන්ට් එකක් හැටියට මගෙ බ්ලොගේ දැම්ම එක ගැන නැවතත් ස්තූතියි.

      Delete
    6. ඔය කතන්දරේම එඩිට් කරපු එකක් කිව්වා අපේ ෆැකල්ටි එකේ සින්නෙකුට. :D

      සලාකා බහිනවා කියල බැස්සලු කෙල්ලෙක්. විජේරාම බහිනවා කියද්දී හාමුදුරු නමක්. අපේ බුවා බැස්සලු රොඩ්රිගෝ බහිනවාආආ කියල.

      හම්මේ මේ සින්නට හදල තිබ්බ ඔහොව් කතන්දර පොලිමක්ම

      Delete
    7. අනේ බං විසිතුරුවෝ.. ලියපියකෝ ආයිත්. මම දනිං වැටිල ආයාචනා කරන්නං.මැටිව්ස් වගේ. හැක්..

      Delete
  26. හැලපිට මේරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපී නිව් ඉයර්...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් උකුස්සෝ.වැඩේ කියන්නෙ දෙකම පහුවෙලානෙ.

      Delete
  27. මමත් කොච්චර ඩීවීඩී අරන් ගෙදර ගෙනත් බැලුවත්, ෆිල්ම් හෝල් එකට ගිහිං ෆිල්ම් බලන එක නං අත්හැරලා නෑ. හැබයි රජකාලේ කතා,බුද්දාගම විකුණන කන ගූ ෆිල්ම් නං බලන්නේ නෑ.

    ඒ ඇරෙන්න මේ අහල පහල තියෙන හෝල් වලට එන ඕනි ෆිල්ම් එකක් මම බලනවා(ෆිල්ම් හෝල් හතරක් තියෙනව ආසන්න කිලෝමීටර 5 ක් ඇතුලත.)

    ඔය රන්ජන්ගේ එහෙම ෆිල්ම් නං මම හතර පස් සැරේ බලනවා. රන්ජාගේ සමහර ෆිල්ම් නං පට්ට ගු. ඒත් දෙකක් දාගත්තම ඔවාගේ ගානක් නෑ. පොර හොද මනුස්සයා හින්දයි මම ඒවා බලන්න යන්නේ.

    තව හෙන සෙට් එකක් එක්ක ගිහිං, රන්ජන්ගේ ඇක්ටින් වලට විසිල් ගගහා බලන එන මාර ආතල්. මාතලන්ලා ඉස්කෝලේ ගිය හොද යාලුවෝ හතර පස් දෙනෙකුත් ඉන්නවා මට සෙට් උන. අපි තමයි ගිහිං හූ තිතියා ඔව්වා බලන්නේ.

    ReplyDelete
    Replies
    1. රංජන්ගෙ ෆිල්ම් එකක් අපිත් බැලුව විසිල් ගගහ කැම්පස් එකේ ඉන්න කාලෙ. වන් ෂොට්ද කොහේද! ඒකෙත් ආතල් එකක් තියනව තමයි. කොහොම උනත් ඇනෝ හොඳ චිත්‍රපටි රසිකයෙක් වගේ.

      Delete
    2. ඇනෝ,
      ඒ කාලෙ අපිත් ඔය වගේ ගැලරියට ගිහිං විසිල් ගගහ කෑගැහුවේ ගාමිණීට.

      Delete
  28. හැලප මැතිණියට ප්‍රීතිමත් ජන්ම සංවත්සරයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ ආනමඩුවේ කළුගල් මුදලාලි. කළුගල් ලෝඩ් එකක් කියද දැන්?

      Delete
    2. ආ .. ඒ පැත්තෙ ගාන නං දන්නෙ නෑ කියන්ඩ...

      Delete
    3. අප්පුහාමි මහත්තයාගේ වැඩකට කියුබ් පහක් ඕනි.සක්කාත් ටිකක් වැඩියෙන්. හෙට්ටිගේ කැන්ටර් එකේ අදින්නේ. කීය ගනේද දාන්නේ?
      මෙටල් කියුබ් දෙකක් විතරත් ඕනි වෙයි. ඒකට කියද?

      Delete
    4. හෙහ් හෙහ් .. මම ටිපිකල් බිස්නස් කාරයෙක් නෙවෙයි ඇනෝ, හැලප මැතිණියට සුභ පැතුවොත් ගල් දෙන්නම්.. :D

      Delete
    5. ස්තුතියි සජ්ජා.

      Delete

  29. නියම පෝස්ට් එක හැලප. වැඩිහරියක් ෆිල්ම් හෝල් වලට තියෙන්නේ ගැහැණු නම් නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දී,ඒක සාමාන්‍ය දෙයක් නොවැ.ලස්සනට කියවෙන්නෙ ගෑනු නම් නිසා එහෙම දානවා ඇති.

      Delete
  30. හාමිනේට සුබ ජන්ම සංවත්සරයක් වේවා

    ReplyDelete
  31. හාමිනේගේ ජන්ම සන්වත්සරයට වගේම මෙතෙක් කල් හැලපයියාත් සමග ඉහ ගහන් ජීවත්වුනාට මගේ උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා.ස්තුතියි කටුසු.

      Delete
  32. උපන්දිනය වචනාර්ථයෙන් ගත්තොත් නම් තියෙන්න ඕන එකයි නමුත් එය දැනට භාවිතා කරන්නේ ජන්ම සංවත්සරය කියන අරුතින් නේ. එක නිසා ලොකු වරදක් දකින්න බැහැ. ජන්ම සංවත්සරය කියන එක වෙනුවට උපන්දිනය යන්න යෙදීම වැරදි නම් birthday කියන ඉංග්‍රීසි වචනයත් වැරදියි නේ.

    දැනට භාවිතය අනුව නම් උපන්දිනය සමරන්නේ ජීවත්වන අය ජන්ම සංවත්සරය සමරන්නේ මැරුණු අය වෙනුවෙන්.

    හාමිනේට සුබ උපන්දිනක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ම ක ලා.

      Delete
    2. //ස්තුතියි ම ක ලා.//

      හොද වෙලාවට මහ කලු සිංහලය උනේ . . . . හුගක් කලු සිංහලය වගේ නමක් තිබ්බනං බලන්න තිබ්බ මෙතන කෙලිය

      Delete
    3. ඕනයා ඕනයා.. උඹ තමා දවසකටවත් මිනිහා යකෝ.. :-D

      Delete
    4. අම්මප යකෝ ඕනයා උමත් එක්ක බොන්නම හිතයි මට..

      Delete
  33. මේක චිත්‍රපටි ගැන කියන තවත් ලස්සන වාර්තා චිත්‍රපටියක් වගේ. අර ඇඩ් එකට තමයි ටීවී කතා ලිඳ ළඟ කතා අමුණ ලා තියෙන්නේ මයේ හිතේ.
    නෝනා මහත්මියට සුබ උපන් දිනයක් වේවා!!. නිරෝගී සුව හා සතුට සමාදානය ඉතිරේවා !!.
    (මමත් ගිය සතියේ මේ වගේ පෝස්ට් එකක් දාලා අඩු වියදමකින් උපන් දින තෑග්ගේ වැඩේ ගොඩ දා ගත්තා)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ.ඔබේ රසවත් උපන් දින තෑග්ග මම දැක්කා.ඒ වැඩෙත් නරක නෑ නේද?

      Delete
  34. Mrs හැලපට සුභ උපන්දිනයක්. රියෝ එකේ ඒවා බලල නැතුව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්.රියෝ එකේ තිබුන ඒවා බැලුවෙ රස්සාවට යන්න පටන්ගත්ත කාලෙදිමයි.

      Delete
    2. රියෝ කීවාම මතක් උනේ. . . .
      බුවෙක් කීවලු යාලුවො සෙට් එකක් එක්ක "ආර් ටෙන් එකේ අයිරන් ඈංගල් පෙන්නනව" කියල

      Delete
  35. හැලප අක්කාට සුභ උපන්දිනයක් වේවා එකෙන්ම ඈ !!!!
    හැලපයියලාට මතකද පුරේ තිබ්බා සිත්තම්පලම් කියලා හෝල් එකක්..? ඒක ගිනිතිබ්බලු ඉස්සර ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තරේ.
      ඒ සිත්තම්පලම් හෝල් එකේ මම චිත්‍රපටත් බලල තියෙනවා.ජාත්‍යාල කාරයො 83 දි හෝල් එක පිච්චුවා.

      Delete
  36. halapakkata suba janma sanwathsarayak........mata mathakai apith punchi kale film balanna giya gedara kolloma thundenek hinda thathata okkotama salli denna thibune na..ithin api iskole arila yanawa bol polanda, neri kapanda oya wage dewal karala thama api salli hoya gaththe film balanna....habai a hall pol athu walin wata karapu ek kalekata witharak thiyena pichar hall

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැව්.පිචර් බැලීමේ රසවත් අතීතයක් ඔබටත් තිබිල තියෙනවා බලාගෙන යනකොට.

      Delete
  37. හැලපක්කට සුබ ජන්ම සංවත්සරයක්!
    හැලපයියා ගේත්,හැල පැට්ටගේත් ජන්ම සංවත්සර මේ මාසේ නේද?එහෙම කියලා තිබ්බා වගේ මතකයි.
    ඒ යුගේ බොක්ස් තිබ්බේ නැතිද හැලපයියේ?:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.ඔව් මනෝජ් අපි තුන්දෙනාගෙම ජන්ම සංවත්සරත් අපේ විවාහ සංවත්සරෙත් ඔක්කොම යෙදිලා තියෙන්නෙ මාර්තු මාසෙ.
      මට මතක් ආකාරයට බොක්ස් තිබුනෙ නැහැ.හැබැයි කොළඹ කොහොමද කියන්න අපි දැනගෙන හිටියෙ නෑ.

      Delete
  38. හැපී බිලේටඩ් බර්ත් ඩේ වේවා... හැලපක්කාට!
    හැමදාම වගේ බොහොම සුන්දර මතකයක් හැලපයියෙ. ඔය චිත්තරපටි හෝල් වල ගෝනි ගහන්නේ දෝංකාරය අඩුකරන්න. මැදට බෝල ගෙඩියක් තියෙන විදුලි පංකා නේද තිබුණෙ. අදටත් මට පෙන්නන්න බෑ ඕකුංගෙ කණ පැලෙන්න දාන සවුන්ඩ්. තව තිබුණා පංති වෙනුවට front stall, middle stall, rear stall කියලාත් ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ඔබ කියන්න වගේම මැදට බෝල ගෙඩියක් තිබුන පෑන් තමා තිබ්බෙ.

      Delete
  39. AMMAPA MAMATH HALAPA AIYE MEE HALL EAKE ISSARA PECHER EAKAK BALANNA GEHIN HORENTATHAGEN KEEWA AMMOO GASBANDALA GUTI SEMANAYAK PASSA PATHE AMMA HOREN TEL GEEWA EATH ADA ETHENA TEYENNE RANJAN LANKA EAKANE

    ReplyDelete

ඔබේ අදහස්