Monday, September 8, 2014

සංචාරක සටහන් දෝෆාර් සහ ඔලිම්පික් මතකයක්.


 එදා සවස් යාමයේ සලාලා දේශීය (Domestic කියන වචනෙට සිංහලෙන් මොකද්ද කියන්නෙ කියල  දන්නෙ නෑ )ගුවන් තොටුපළට (මේ ගුවන් තොටුපොළ අන්තර්ජාතික ගුවන් තොටක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනවා. නව ගුවන් තොට සැලසුම් කිරීමේ කාර්යයට අපේ හිතවත් චෙපාකිත් හවුල්වී ඇති බව මෙහිදී සඳහන් කලයුතුයි)ගොඩබැස්වූ යානයෙන් පිටවූ අපි පා ගමනින්ම පිටවීමේ පර්යන්තයට ඇවිදගෙන එද්දී නුපුරුදු අත්දැකීමක් විඳීමේදී ඇතිවන සතුට මුවපුරා විහිදුනු පුළුල් සිනහවක් සමගින් හැලපැට්ටාගෙන් පිටවුණා.

නියමයි අප්පා...
ඔහු මෙතෙක් කල් ගුවන් යානාවලින් පිටවී ගමන් කර ඇත්තේ බසයෙන් හෝ ගුවන් යානයටම සවිකරන බ්‍රිජ් හෙවත් පාලමෙනුයි.ගුවන් යානයෙන් බැස පා ගමනින් යන ප්‍රථම අවස්ථාව මෙයයි.

පිටවීමේ පර්යන්තයේ ආගමන කටයුතු මොකුත් නැහැ තරමක ප්‍රමාදයකින් අපේ ගමන් මලු එකතු කරගෙන ගුවන් තොටුපොළෙන් පිටතට ඇවිත් අපිව එක්කං යන්න එන්නට පොරොන්දුවෙලා හිටිය ට්‍රයිකෝ ආයතනයේ ඉන්දිකට කතාකළා.වෙලාව හවස පහමාරට විතර ඇති අපි පහට එනවා කියල ඉන්දිකට මම කලින්ම කියල තිබුනත් ඔහු ඇවිත් හිටියෙ නැහැ.

ඉන්දික අපි ඇවිත් ඉන්නෙ...

ආ හවසද එනවයි කිව්වෙ පහට කිව්වම මම හිතාගෙන හිටියෙ පාන්දර පහට කියලනෙ,සුරේෂ්වත් කතාකරගෙන මම පාන්දර එන්නයි හිටියෙ...

කමක් නෑ එහෙනං අපි ටැක්සියකින් හෝටලේට යන්නං...

එපා එපා ඔහොමම ඉන්න මම සුරේෂ්ට එන්න කියන්නං විනාඩි පහ හයක් යයි...

කෝකටත් මම සුරේෂ්ටත් කතාකළා,ඇනුම් බැණුම් වරුසාවයි.

එන වෙලාව කෙළින්ම මට කිව්වනං මම ඇවිත් ඉන්නවනෙ දැන් ඉතිං මම එනකං ඉන්න එකයි...
එහෙම කිව්වට සුරේෂ් පරක්කු වුණේ නෑ ඉක්මනට ඇවිත් අපිව හෝටලේට එක්කරගෙන ගියා,ගුවන් තොටුපොළේ ඉඳන් සලලා නගරයට යන පාරට වැටුනම මතක්වෙන්නෙම කුරුණෑගල පුත්තලම් පාර පොල් ගස් මග දිගටම අග නගරයෙ මග දිගට ඉඳිගස් යම්සේද සලාලා වල බැලු බැලුඅත පෙනෙන්නෙ පොල්ගසුයි. සලාලා අවට කඳු වළල්ලට කරීෆ් සමය (Monsoon)උදාවන විට හවස් කාලයේ කඳු පෙදෙස පුරාම දැඩි මීදුම් වලාවක් පැතිර යනවා. අපි කඳුකරයේ ගිය එක තැනක පිංතුරයක් ගූගල් වල තිබී මට ලැබුණා.ඒ මෙම පිංතුරයයි එම ස්ථානයේම මා ගත්  පිංතුරය ඊට යටින් තිබෙනවා.
මා මින් පෙර දෙවතාවක් සලාලාවල සංචාරය කර තිබුනත් කරීෆ් සමයේ සලාලා වලට පැමිණියේ පළවෙනි වතාවටයි.දවසපුරා වරින්වර ඇදහැලෙන වැස්ස නිසා ධාවනය වන බොහෝ වාහන මඩ ඉහී යම් තරමකට අපිරිසිදුව ඇති බවක්ද පෙනීයනවා.

මේ රාමදාන් සමයයි උපවාසය අවසන් කරන ඉෆ්තාර් අවස්ථාවේ බෙදාදීමට  කෑම පාර්සල් බීම බෝතල් සහ වතුර බෝතල් කඳු ගොඩගසා තිබෙනු මහ මග තැන් තැන්වල දැකගන්නට පුළුවනි.මේ තැන් පසුකරගෙන සුරේෂ් අපව රැගෙන ගියේ දෝෆාර් හෝටලයටයි.හෝටලයේ ශ්‍රී ලාංකික කළමනාකරු අශෝක අප බලාපොරොත්තුවෙන් කලින්ම පැමිණ මග බලාගෙන සිටියා.දෝෆාර් කියන්නෙ හෝටලේ නම වගේම ඒ පළාතෙත් නමයි.
සරුසාර දෝෆාර් පළාත මේ රටට දෙවියන්ගේ ආශීර්වාදයෙන් ලැබුණු තෑග්ගක් කියා කිවහොත් නිවැරදියි.දේශීය කෘෂිකර්මාන්තයේ වැඩි පංගුවකට දායක වන්නේ දෝෆාර් පළාතයි.පාකිස්තාන ජාතිකයින් මෙහි ඉඩම් බද්දට ගෙන එළවලු හා පළතුරු වැවීමේත් සත්ව පාලනයෙත් යෙදෙනවා.මේ මා කලින් වතාවක සලාලා ගිය අවස්ථාවක ගත් පිංතුර කීපයක්.

වර්ග කිලෝමීටර් 99,300 ක්  විශාල දෝෆාර් ප්‍රදේශය මේ රටට හිමිවීම ගැන කතා දෙකක් මට අහන්නට ලැබුණා.මන්ද අතීතයේ මේ බිම්කඩ අයත්ව තිබුනෙ යේමනයටයි.යේමනයෙන් කුමාරියක් මේ රටට දීග දෙනවිට ඇයට තෑග්ගක් ලෙස මේ බිම ලබාදුන් බව එක කතාවක කියවෙන අතර යේමනයට මුදල් ගෙවා මේ පළාත මිළදී ගත් බව තවත් කතාවක සඳහන් වෙනවා.මොන ආකාරයට අයිති වුවත් දෝෆාර් පළාත රටට මහත්ම සම්පතක් බව නම් කිවයුතුමයි.මෙහි එක් අන්තයක  පවතීන්නේ යේමන දේශ සීමාවයි.නමුත් ගොඩබිමෙන් යේමනයට යන්නට නොහැකි ආකාරයට දේශ සීමාව කලක සිට වසා දමා ඇත්තේ යේමනයේ පවතින අභ්‍යන්තර යුද්ධය නිසා රටේ සිවිල් පාලනය අනතුරට ලක්වී ඇති හේතුවෙනුයි.

යේමන් යන්න මගෙත් හරිම ආසාවක් තිබුනත් රටේ තත්වය නිසා බයකුත් තිබෙනවා.ඒ වුනත් ශ්‍රී ලාංකිකයන් යම් ප්‍රමාණයක් යේමනයේ රැකියාව කරනවා.මේ මෑතකදී මගෙ හිතවතෙකුට රාජකාරියක් සඳහා යේමනයට යන්නට සිදුවුනා.ඔහුගේ රාජකාරිය තිබුනෙ සානා අගනුවරමයි.අගනුවර වීදි දෙපස පවා ගිනිඅවි ගත් පුද්ගලයින් දකින්නට ලැබුණු බව ඔහු මා සමග කීවා.මේ වගේ කතා අහන්නට ලැබෙනකොට යේමන් යන්නට බියමුසු වුවත් දැඩි ආශාවක් ඇතිවෙනවා.ඒ අයගෙ පිංතුර කීපයක් ගන්නට ඒ පින්තුරත් එක්ක පෝස්ට් එකක් ලියාගන්නට තියේනම් මොන තරම් වාසනාවක්ද.සානා අගනුවර පමණක් විදේශිකයන්ට යම් තරමකට ආරක්ෂා සහිත වුවත් විදේශිකයෙක් අගනුවරින් පිටතට යනවානම් ජීවිතය දෙවියන්ට බාරකාර යායුතු බවත් මගේ හිතවතා කිව්වා.කොහොම වුණත් මටත් යේමනයේ සංචාරය කරන්නට දෙවියන් උදව් කරාවිය කියන බලාපොරොත්තුව තවම මගේ හිතේ කොණක පවතිනවා.

යේමන් කිව්වහම මට තව පුද්ගලයෙක් මතක් වුනා ඔහුගෙ නම අලි,යේමන් ජාතිකයෙක්.යුරෝපෙ ඉද්දි කාලයක් තාවකාලික රියැදුරෙක් හැටියට අලි අපිත් එක්ක වැඩ කලා.මගෙත් එක්ක  බොහොම හිතවත්කමින් හිටියත් ඔහු තමන්ට පොඩි හෝ වැරද්දක් සිදුකල කෙනෙකුට සමාවක් නොදෙන පලිගන්නා ජාතියෙ කෙනෙක්.ඒ යේමන් ජාතිකයන්ගේ ස්වභාවය වෙන්නට ඇති. අලි අරාබි භාෂාවට අමතරව ප්‍රංශ භාෂාව ඉතා හොඳින් කතාකළා.මට ඒ කාලෙ ප්‍රංශ පොඩ්ඩක් වත් බැහැ.අලි ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන්න දැනගෙන හිටියෙ යර්ස් නෝ පමණයි.ඒත් අපි දෙන්න මොන විදියෙන් හෝ අදහස් හුවමාරු කරගත්තා.ඒ දවස්වල  යාළුවො මට කරපු විහිළුවක් තිබුණා."එක්කො උඹ ප්‍රෙන්ච් කතාකරයි නැත්නං අලි සිංහල කතාකරයි".ඒත් පිටසක්වළ ජීවියෙක් එක්ක හරි වැඩ කරන්න උනා නං මොන ආකාරයකට හරි අදහස් හුවමාරු කරගන්න එපායැ.පවතින තත්වයට අපි අනුවර්තනය විය යුතුයි.

ඒ උනාට අනුවර්තනය වෙන්නට බැරි තත්ත්වයනුත් යම් යම් තැන්වලදී දකින්නට පුළුවනි.අපට කොච්චර නාන්න අවශ්‍ය වුනත් ජරා වතුරකට අනුවර්තනය වෙන්නට පුළුවනිද?බැහැනෙ.ජරා වතුරක් කියපුවම මට මතක් වුනේ ජරා වතුරක අපි ගියපු ගමනක්.ඒ රෝමයේ ටයිබර් නදියේ.ඒ කාලෙ නං බෝට්ටු ගියා දැන් වතුර කොච්චර ජරා වෙලාද කිව්වොත් බෝට්ටු යන්නෙත් නෑ කියල මේ මෑතකදි රෝමෙට ගිහිං ආපු කකා කියල තිබුනා.ඒ ගමනත් ඔයගොල්ල එක්කම යන්න තියේනං හොඳයි.

ගඟ දිගේ උඩට බෝට්ටුවේ ඇවිත් අපි  බැස්ස තැනත් විශේෂ ස්ථානයක්.මොකද 1960 දි රෝමයේ පැවැත්වූ ඔලිම්පික් උළෙල තිබුන ක්‍රීඩාංගනය එතනමයි.ඔලිම්පික් තරඟවල ඔරු පැදීමත් තියෙන්න ඇත්තෙ එතනම ඇති ටයිබර් නදියෙ වෙන්නට ඇති.ඒ කාලේ ගඟේ වතුරත් හොඳට තියෙන්න නැතැයි. අපි ගිය වෙලේ ගත්ත පිංතුරටිකක්  හම්බවුණා ප්‍රසිද්ධ කරන්න හැකි ටික බලමු නේද?

වතුරෙ කුණු පාට පේනව නේද?

බෝට්ටුවට ගොඩවුනේ මෙතනින්.






බැස්සෙ මෙතැනින්


ඔලිම්පික් ක්‍රීඩාංගනයට ඇතුල්වන දොරටුව.

ක්‍රීඩාංගනය.






ක්‍රීඩාංගනය වටාම නිරුවත් ක්‍රීඩකයන්ගේ ජීවමාන ප්‍රමාණයේ රූප නෙලා තිබෙනවා.අතීතයේ ඔලිම්පික් තරඟවල පිරිමි ක්‍රීඩාකලේ නිරුවතින් යයි කියවෙන අතර කාන්තාවන් ක්‍රීඩා කලාද එසේනම් ඔවුන් ක්‍රීඩා කලේ කෙසේද යන්න ගැන සඳහනක් නෑ.

1960 රෝම ඔලිම්පික් උළෙල ගැනත් යමක් කිව්වොත් හොඳයි නේද.බොක්සිං ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වන මොහොමඩ් අලි ඔහුගෙ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තෙ මෙම ඔලිම්පික් තරඟාවලියේදීයි.එවකට ඔහු කැසියස් ක්ලේ නමින් හැඳින්වුනා.පසුකලෙක සුදු හම ඇත්තවුන්ට පමණක් ඇරුණු අවන්හලකට සිය මිත්‍රයෙකුත් සමග ගිය මොහොමඩ් අලිට අවන්හලට ඇතුල්වන්නට ඉඩ ලැබුනෙ නෑ.මෙයින් කළකිරීමට පත් ඔහු තමා දිනාගත් ඔලිම්පික් රන් පදක්කම ඔහියෝ නදියේ පාලම උඩ සිට ගඟට අතහැරිය බව මොහොමඩ් අලිගේ ජීවිත කතාවෙ කියැවෙනවා.

1960 රෝම ඔලිම්පික් තරඟ සඳහා ලංකාවේ සහභාගිත්වය පහත පරිදි වී තිබෙනවා.
මොරිස් කුමාරවේල් -බයිසිකල් පැදීම 
ලීනස් ඩයස්             -මලල ක්‍රීඩා
ධර්මසිරි වීරකෝන්  -බොක්සිං
සුමිත් ලියනගේ       -      "
ටෝනි විලියම්ස්      -පිහිණුම් තරඟ

ක්‍රීඩාංගනයේ ඉඳගෙන සිසිල් බීමක් පානය කරමින් ඉද්දි ගලවල බිම තිබ්බ මගෙ සන්ග්ලාස් එක හෙවත් සඟ එතනින් නැගිටල එද්දී දාගන්න අමතක වුනා.අපි ඉඳගෙන ඉන්න තැන බිම සන්ග්ලාස් එක තියෙනව එක පින්තුරෙක සටහන්වෙලා තියෙනවා.මම ඒ පින්තුරෙ බලල හිත හදාගන්නවා෴

126 comments:

  1. එල පින්තුර ටික......
    කියවීම පසුවට......

    ReplyDelete
    Replies
    1. 'එදා සවස් යාමයේ සලාලා දේශීය (Domestic කියන වචනෙට සිංහලෙන් මොකද්ද කියන්නෙ කියල දන්නෙ නෑ )ගුවන් තොටුපළට'

      Domestic ගුවන්තොටුපල කියන එකට මම හිතන්නේ අභ්‍යන්තර ගුවන්තොටුපල කියන එක කියන්න පුලුවන් නේද ?

      Delete
    2. මෙයා ඒ කාලේ ලංකාවේ සඟරාවක වැඩ කලාලු නේද ඒක ඉංග්‍රීසි සඟරාවක්ද

      Delete
    3. බලපං කෙන්ජි ඒක කෙල්ලක්වත් කමෙන්ට් කරල නෑනෙ බං.

      Delete
    4. ඇනෝ 1.03 AM
      ස්තූතියි ඇනෝ.

      Delete
    5. ඇනෝ 9.43AM
      ප්‍රොපයිල් ඇවිත් ඔය ප්‍රශ්නෙ ඇහුව නං මොකද වෙන්නෙ.

      Delete
  2. ඡායාරූපයකින් දැකපු පිටරට තැනක් හැබෑ පින්තූරයක් ගන්න ලැබීමයි, දෙක එකට තියලා සංසන්දනය කරලා බලන්න ලැබීමයිත් මරු අත්දැකීමක්.

    නිරුවතින් ක්‍රීඩා කරනවා කියන්නෙ මාර කේස් එකක්නෙ.! බර උස්සන ක්‍රීඩා එහෙමත් තිබ්බද දන්නෑ ඒ කාලෙ. :D

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ක්‍රීඩා කරන්නේ රාත්‍රියේලු...

      Delete
    2. අස්සය ගෝං ක්‍රීඩාව තමා රෑට පවත්වල තියෙන්නෙ …

      Delete
    3. විදානෙ ~ ඒකාලෙ ලයිට් තිබුනෙත් නෑනෙ බං?? ;)

      පත්තරේ ~ තනියම නම් වෙන්ට බෑ. ;)

      Delete
    4. නිරුවතින් බර උස්සන ක්‍රීඩාව කලේ රාත්‍රී කාලයේ කියල මම අහල තියෙනවා ප්‍රියා.

      Delete
  3. හැලප පුතා,
    ඇයි මේ පිරිමි විතරක් හෙලුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔයා ආසයි නේද පිරිමි හෙළුවෙන් ඉන්න එව්වා බලන්න. හොරා වගේ පිරිමි නාන ලිං ලගක් ඉන්නවා නේද?

      Delete
    2. ගෑනු හිටියෙ නෑනෙ ඇනෝ.මම හැම තැනම හොයල බැලුව.

      Delete
  4. විස්තරයත් පින්තූර ටිකත් එළ. එක පින්තූරයක් විතරක් ඇළ. ඊජිප්තුව පැත්තතේ ගියානං....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ඊජිප්තුව පැත්තෙ යන්න ආසාවක් තියෙනවා.බලමුකො.

      Delete
  5. තව විස්තර ටිකක් දාන්න අයියන්ඩි..
    රට ඔිමන්ද?

    ReplyDelete
    Replies
    1. රට කොයික උණත්

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. බයිට් එකට 'වල් ඌරා'
      -ස්තූතියි-

      Delete
    3. සැන්ඩි එපා..

      Delete
    4. ඩන්හිල් පහයි
      - ස්තුතියි -

      Delete
    5. යකෝ මෙහේ කඩවල ඩන්හිල් තියෙන්නේ හිස් පැකට් නිකං පේන්න විතරයි.. දවසක් පට්ට පදිරිඋනා..
      නෝන්ඩි නොවී ගෝලිප්ම ගමු?

      Delete
    6. දුම් එනවනං සයිලන්සරයක් හරි මොකෝ බං :D

      - ඔන්න ගෝල්ලීප් පහයි -

      Delete
    7. තව තියෙනව තව විස්තර තියෙනව ඔක්කොම හිමිහිට කියන්නං.

      Delete
    8. මතක් කරලා ඩෝල්කියත් අරන් වරේන්.

      Delete
  6. සලාලා ගියපු මනුස්සය රෝමෙ ගඟකින් මතුඋනයි කියන්නෙ ඕකට තමයි.
    මම හිතන්නෙ ගෑණු කට්ටියගෙ පිළිම පුරුෂ පාර්ශවය විසින් අතුරුදන් කරල ඇති. :D

    ReplyDelete
    Replies
    1. ගඟට බැහැල ආපහු සලාලා යන්න වෙනවා ප්‍රසන්න.

      Delete
  7. නියම ෆොටෝ ටික.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහින සිත්තම්.

      Delete
  8. හැලපෙගෙ සඟ හොයන්න කියල ගියා, ම්හ.....මිසින්. හැලපැට්ටයි, හාමිනෙයි බෝට්ටුවෙන් බැහැල එද්දි හම්බඋනා.
    දෝෆාර් අරන් යනව කියල වල්ලක් පෙන්නල කුණු ගඟකට තල්ලු කලානෙ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද කම්මලේ,සඟ දිහා බල බලා ඉන්නව.

      Delete
  9. හැලපෙගෙ ඡායාරූපෙ ගූගල් එකට වඩා මරු... මදැයි ඕමාන්වලින් පටං අර රෝමයට ගිය හැටි..
    හෙළු ඔලිම්පික් නම් මරුවට තියෙන්න ඇති.. කාන්තාවො තමුන්ටම බැට දිදී දුවන හැටි මට මැවිල පෙණුනා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සරත්.
      තමුන්ටම බැට දීගන්න කතාව මරුනේ.සරත්ටත් මතක්වෙන දේවල් හැබෑට.

      Delete
  10. එළ පොටෝ ටික සහ විස්තරේ..

    ReplyDelete
  11. ටයිබර් ගඟ පටන්ගන්නෙ සලාලා වලින් කියලා දැනන් උන්නෙ නෑ නෙව හැබෑටම.. හැලපෙම ඉන්ට ඕන ඉතිං ඕවා කියලා දෙන්ට.. :-D

    අතීතයේ ඔලිම්පික්වල කාන්තා සහභාගිත්වයක් තිබුනෙ නෑ නෙව.. ඒ කාලෙ කාන්තාව කියන්නෙ දෙවන පන්තියේ පුරවැසියෙක් නෙව..

    අර බෝට්ටුවෙන් බහින ෆොටෝ එක ගහලා තියෙන්නෙ නං හැලපිවයි හැලපැට්ටවයි අහුවෙන්ට නෙවෙයි.. අර රතු බොටම් එකක් ඇඳන් ඉන්න දැරිවි අහුවෙන්ට.. බලහංකො අපූරුවට සැන්ටර් කරලා අරන් තියෙන ලස්සන.. ෆොටෝස් කීපෙකම ඒ දැරිවි ලාවට වගේ ඉන්නවා.. ;-)

    ReplyDelete
    Replies
    1. ටයිබර් ගඟ තියෙන්නෙ සලාලා වලදෑ එතකොට …
      බලපංකො මේ ඉතාලි හොර හැත්ත රෝමෙ මැදිං යන ඇල පාරටත් ඔය නමම කොපි කරගෙනනෙ. චැහ් :D එහෙනං මේක ඩුප්ලිකේට් එක …

      Delete
    2. ඕක මං හිතන්නෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.. ඔය රෝමන් කාරයො රෝම අධිරාජ්‍ය කාලෙ ඔහෙන් උස්සන් ගිය එකක් වෙන්ටෑ ෂුවර් එකටම..

      Delete
    3. @PM @ B,
      මැදපෙරදිග කාන්තාර වුනේ අදිරාජ්යවාදීන් ගංගා සූරාකෑම නිසා එතකොට?

      @H
      //මට මතක් වුනේ ජරා වතුරක අපි ගියපු ගමනක්.ඒ රෝමයේ ටයිබර් නදියේ//
      algae තිබුනට ඒතරම් ජරා කියලනම් පේන්නෙ නෑ පින්තූරෙ

      Delete
    4. ඇත්තෙන්ම බුරා මේ බ්ලොගය කියවන සෑම සියලු දෙනාටම දැනුම ලබාදෙන කෝෂ්ඨාගාරයක් කරන්නට මට අවශ්‍යතාව තිබුණ නිසා මේ සංචාරක සටහන් ලිපි පෙළ ආරම්භ කළා.
      නිස්සරණාධ්‍යාශයෙන් ඇරඹු මේ සත්ක්‍රියාව ගැන ඔබේ නොමඳ අවධානය යොමුවීම මට ඉතාම සතුටක් බව කිවයුතුයි.

      Delete
    5. @ Pra Jay,

      නැතුව නැතුව. දැන් බලන්ට අර 'මළ මුහුද'. කවුද ඒක මරලා දැම්මෙ? අධිරාජ‍්‍යවාදීන්!


      @ හැලපෙ,

      මහත්මයානනි,

      කෝෂ්ඨාගාරයක් තැනීම සම්බන්ධව දක්වා ඇති උක්ත අටුවාව සම්බන්ධවයි
      ----------------------------------------------------------------------------------

      අංක 23 ආ 2 දරන චක්‍රලේඛය අනුව නිස්සරණාධ්‍යාශයෙන් හෝ වෙන මොන යම් ක්‍රමයකින් හෝ යම් වයාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථම ඒ සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමත්, අදාල විද්වතුන්‍ ගේ සහභාගිත්වය ඇතුව සිදුකරන ලද ප්‍රමාණාත්මක සමීක්ෂණ වාර්ථාවක් ඉහළ නිළධාරින් වෙත යොමු කර අවශ්‍ය නිසි අවසර ලබා ගැනීමත් දෙපාර්තමේන්තුවේ පිළිගත් ව්‍යාපෘති පටිපාටිය වේ. එමනිසා උක්ත වයාපෘතිය වෙනුවෙන් සැකසුනු ශක්‍යතා අධ්‍යයනය හා සමීක්ෂණ වාර්ථාව හැකි ඉක්මනින් අප වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

      ස්තූතියි!
      මෙයට විශ්වාසී,

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. කෝෂාගාරයක අවශ්යතාවය මතු වන්නේ අතීත ක්‍රමයට ඔලිම්පික් ක්‍රීඩා කිරීමේ සංකල්පයට අනුවද?

      Delete
    8. ප්‍රා,
      වතුරෙ ජරාව බලාගන්න තිබ්බ කකුල දැම්ම නං.

      Delete
    9. බුරාබිදානයෙනි,
      හුටා,දැන් ඉතිං අධ්‍යයනයි සමීක්ෂනයි හොයන්න එපැයි.කොහෙද බං ඔව්ව ගන්න තියෙන්නෙ.නේපාලෙද.ශාක්‍ය කුලේ ඈයො හිටියේ එහෙලුනේ.

      Delete
  12. Mmmmm. ... Salala ekka bandunu godaak sumihiri mathakayan atharen ek sanwedi mathakayak eliyata awa Helape. .....

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක බෙදාගන්නට බැරි තරම් සංවේදී මතකයක්ද සඳා?

      Delete
  13. මෑත කාලයේ ඔලිම්පික් තිබ්බ හැම රටකම වගේ (චීනය හැර) ආර්ථිකය විනාශ උනා කියල කොහේ හරි කියෙව්වා මතකයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්න පුළුවනි.දැන් බලන්න ග්‍රීසිය වගේ රටක් ගත්තොත් ඔලිම්පික් තරඟයක් පවත්වන්නට කිසිම හැකියාවක් නොමැතිව තිබියදී පැවැත්වුවා.එය ග්‍රීසියේ ආර්ථිකයට දරාගන්නට බැරි තරම් පීඩනයක්.

      Delete
  14. හිහ් හී...
    යන්නෙ කොහෙද පොල්ලෙ මල් කීවලු... ඒ මේ වගේ වෙලාවට වෙන්න ඇති නේද හැලපෙ..
    හිහික්...

    අර උඩිංම තියෙන ගූගලයගෙයිඔයාගෙයි පිංතූර වලිං ඔයාගෙ එක මරු ඈ...
    ඒකෙ නැචුරල් කොලිටිය පොඩ්ඩක් තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මහේෂ්.
      පිංතූරේ ඇගැයීම ගැන ස්තූතියි.

      Delete
  15. //මේ මා කලින් වතාවක සලාලා ගිය අවස්ථාවක ගත් පිංතුර කීපයක්.//

    සීතාම්බර ෆොටෝද? එකක්වත් දැක්කෙ නෑ!!


    රට වටේම බස හදන එකා මෙත බස බස අගාල බස නසලනෙ. පද බෙදීම්, විරාම අන්තිමයි :D

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ පද බෙදීම් හැමදාමත් ඔහොම තමා.. ලෝකෙට පරකාසේ - ගෙදරට (වෙරි) මරගාතේ.. :-)

      Delete
    2. මාත් මේ කියන්න හැදුවේ ඒක තමා.. නැවතීමේ "තිතට මත" ද දන්නේ නෑ...

      Delete
    3. එහෙම කියන්න එපා බං. මුගේ පන නල රැඳිල තියෙන්නෙ නණලළේ!

      Delete
    4. ඕ යේස්.… අපේ කිරිඅප්පුච්ච කතාකොරද්දිත් ඇහෙන්නෙ " ලොල ලොල " ගානව විතරයි. බිකෝස් ඩෑල් එකේ කටේ දත් නෑ නෙවැ.…

      Delete
    5. // එකා මෙත බස බස අගාල බස නසලනෙ. පද බෙදීම්, විරාම අන්තිමයි :D //

      මෙහි 'මෙත' යන්න 'මෙතැන' ලෙසද 'අගාල' යන්න 'ගාල' ලෙසද නිවැරදි විය යුතුයි.

      // පන නල රැඳිල තියෙන්නෙ නණලළේ!//

      'පන' යන්න 'පණ' විය යුතුයි.

      Delete
    6. අනේ බං, මේ ලබ්බෙ කී බෝඩ් එකේ අකුරු වදින්නෙ අන්තිම නූරට. ඒ නිසා මගෙ අකුරු හැන් තිස්සෙම අඩුයි තමා. ඒ උන්ටා අකුරු වැරදි හදන උන්දැගෙ එකේ එහෙම දෙයක් තිබ්බ කියල නොකිය ඉන්ටැයි? උඹත් එනව මෙතන අපිවම කන්න :D

      Delete
    7. උඹේ අකුරු වැරැදීම් නොදැක්කා වගේ ඉන්න එක ඇඟට ගුණයි.. ඇයි අප්පා කොච්චර නම් පෙන්නන්ට කියලද? :-)

      දැන් බලහං, ඔය උඩ කමෙන්ට් එක උඹ ලිවුවෙ සිංහලෙන් ද නැත්තං මොකක් හරි අප්‍රිකානු භාෂාවකින් ද? :-P

      Delete
    8. //අප්‍රිකානු භාෂාවකින් ද?// :D :D

      හෙක්...හෙක්...ඕකෙ සීන් එක මේකයි මචෝ. ඉස්සර මට තිබ්බ අර කැන්ඩොස් හේසල් නට් චොක්ලට් කෑලි වගේ උඩට මතුවෙච්චි කී බෝඩ් එකයි ඩී එස් 40 ගල්‍රොලෙ එන්ජිමක් තිබ්බ, පැයට කිලෝ බයිට දෙකී වෙගේ දුවාපු මැසිමයි අයින් කරල අලුත් සැට් එකක් දුන්න. ඒකෙ උලව කී බෝඩ් මගුලෙ අකුරු යන්තං හින්නික්තර මතුවෙලා තීනව අර ලැප් වල වගේ. ගෙදර ලැපෙත් කී බෝඩක් අමුනං ගහන මට මේ මගුලෙ අකුරු වදින්නෙම හොරාට් බං. හිටාන්, මේ දවස්වල කමෙන්ට්ම දානව කී බෝඩෙ හුරු වෙන්න.

      Delete
    9. අනේ බං පද බෙදීම් හදන්න ගිහිං උඹත් කරගත්ත දෙයක්.අප්‍රිකන් භාෂාවක් කියල කාඩ් එකකුත් ගහගත්ත නේද?එහෙම නෙවෙයි ඉස්සෙල්ලම හරිහමං ලැපක් හොයාගනින් ඊට පස්සෙ පද බෙදීම් ගැන ලියපං.දැන් මම ගැන හිතල බලහං ගෙදර තියෙන්නෙත් අලුත්ම අලුත් පී සී එකක්,ඔෆිස් එකෙත් එහෙමයි අරං හයමාසයක්වත් නෑ.මිනිස්සු වැඩ කරන්න ඕනෑ එහෙමනෙ.
      පොටෝ ටික නැතිවෙලා බං.පරණ පී සී එකේ තිබ්බ පිංතුර අලුත් එකට දාල නෑනෙ.වටිනා පිංතුර ගොඩක් බං.දැන් ඉතිං ගිහිං කුණුගොඩ අවුස්සලා පරණ පී සී එක හොයාගන්න බලන්න ඕනෑ.

      Delete
  16. අඩා මරු! මේ විස්තරේ නං මම කැමතිම විදියට ලියවිලා තියනව. අන්න එහෙම තමයි සංචාරක සටහනක් ලියන්න ඕන. කියන්න අමකක උනා පින්තූර ටික නං ඊටත් ඉහලයි හැලපෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්,පිංතූර ඔක්කොම මම ගනිපුවා කියල පේනවා නේද?රෝම් වල පිංතුර ගත්ත කැමරාවෙන් නෙවෙයි ඕමාන් වල පිංතුර ගත්තෙ.ඊට වඩා අලුත් එකකින්.

      Delete
  17. ටොප් විස්තරේ ඈ … මං සුටුස් ගාල බලන්නද හැලපයියේ උඹේ කණ්නාඩි දෙක තියනවද කියල.. . ඕං හම්බුණොත් මට ඈ … !!!!!!

    ReplyDelete
    Replies
    1. හා උඹ අර දාං හිටියෙ ඒකද :D

      ඒක දාං හැලප අයිය කීවලු අද නං කළු කරං එන්නෙ වහින්නම තමා කියලා .හැක්

      Delete
    2. ඒක නෑ බොලව් කවුද ගල්කරේ?

      Delete
    3. අර හෙළුවෙන් ඉන්න එකෙක්ගෙන් අහලා බලමුද?

      Delete
    4. පත්තරේ,
      පුළුවන් නං හොයල අරං තියාගනින්.අපි දෙන්නට ඕක පස්සෙ බේරගන්න බැරුවයැ .

      Delete
    5. අමු කෙසෙල් ගෙඩියක් කැවා කියන්නේ සග දාගෙන.

      Delete
  18. ලයිසොම ගත්තද නැත්තං හාන්සි උනාද?

    ReplyDelete
  19. මේ වගේ ඇත්ත කියන උන් ඉන්නවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ.. මෙහෙම කරලා නෑ කියලම නේ කියන්නේ.. අනික ආන්ඩුවේ ඒවට මොන ලයිසන්ද මෙයා...

    ReplyDelete
  20. උඹ මේක වෙන් අරටක් කියලා නොලිව්වනම්, පොල් ගස් ටික දැක්ක ගමන් මෙහේ කියලමයි හිතෙන්නේ.. ඕන් අද බෙල්ලන්විල ට්‍රැක් එකත් ඕපන් කරනවා. දිවිය ළෝකේ වගේ ඒ පැත්තත්.. ආශ්චර්ය බේරෙනවා.. ඇස්වහක් කටවහක් නෑ.. බය නැතිව සුද්දෝ නම් ගේන්න පුළුවන් දැන්.. අපේ නගත් බය උනා කොළඹ දැකලා...

    ReplyDelete
    Replies
    1. ඊළඟ ටර්ම් එකටත් රජාව ගේන්න හදනකොට උඹට ජොලි කියල මට හිතුණා.

      Delete
  21. යකෝ හැලපට්ටා වෙනස් වෙලා තියෙන හැටි...:)
    ඔන්න බලහල්ලාකෝ ඕමාන් වලින් ගිහින් ඉතාලියෙන් ආපු හැටියක්...:D

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමා මනෝජ් කටෙන් ඇතුල්වෙලා කනෙන් එළියට එනවා.
      හැලපැට්ට දැන් මටත් වඩා උස මහත් වෙලානෙ.

      Delete
  22. Domestic-Deshiya,Gruhastha,Heele,(Malalaekarayen) Pinthura tika newathath balala aith ennam.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රංජන් ආයෙම එන්න.

      Delete
  23. මරු සංචාරක සටහන , හැලපේ නරකද පොඩි ඩොකියුමෙන්ට්‍රියක් කලොත් ආර් ජැක්සන්ගේ සලංහන්තේ වගේ, නැගලා යයි

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ලි පොඩි ඩොකියුමන්ට්‍රියක් කලොත් නං හොඳා.තියෙන තියෙන කෑලි එකතු කරලා බලමුකො.
      ඒක නෙවෙයි කවුද බං ආර් ජැක්සන්?

      Delete
  24. එල කිරි හැලපේ.

    හැලපෙට මතකද ඉස්සර (87 වගේ) රූපවාහිනියෙ ගියා පොඩි මිනි සීරීස් එකක් ෆස්ට් ඔලිම්පික්ස් කියල. ඒකෙ තිබුනෙ ඔය ඔලිම්පික්ස් යලි නගා සිටුවන්න දීපු ගේම. මට මතක හැටියට කවුරු හරි එකෙක් ක්‍රීඩකයො හෙළුවෙන් ගේන එකකුත් තිබුන ද කොහෙද. පොඩි ක්ලිප් එකක් මෙතන තියනවා.

    හෙළුවෙන් වනපු කාලෙ ගෑනු ක්‍රීඩ කළේ නෑ. ඇත්තටම බැඳපු ගෑනුන්ට පුරාණ ඔලිම්පික් බලන්න වත් අවසර තිබුනෙ නැහැ කියලයි කියන්නෙ. නොබැඳපු ගෑනුන්ට බඳින්න මෝටිවේෂන් එකක් විදියට බලන්න යන්න දුන්නා කියලත් කියනවා!!! වනිතා නංගි දන්නව ඇති එහෙම යැව්ව නම් කොච්චර සේවයක් ද කියල ස්ත්‍රී වර්ගයට.

    ReplyDelete
    Replies
    1. ඒකෙ තිබුනෙ uSA ටීම් එක ඔලිම්පික්ස් යන්ට පුරුදු වෙන හැටි ගැන කතාවක් නේද? පුංචි කාලෙ බැලුවා මතකයි..

      එක තැනක් මට මතකයි, මුන් ටික කඩුළු පැන දිවීම පුරුදු වෙනවා.. දුවගෙන එනවා - කඩුල්ල ළඟ නවතිනවා - වැටේ කඩුල්ලෙන් පනිනවා වගේ එහාට බහිනවා - ආයෙ දුවනවා. අන්තිමේදී ගෑනු කෙනෙක් තමා මුන්ට හරි විදියට කඩුළු පැන දිවීම උගන්නන්නෙ..

      Delete
    2. අඩෝ බුරා ඒක තමයි සීන් එක. ෆිල්ම් එකේ ෆෝකස් එක US ටීම් එක තමයි. උඹ කියපු සීන් එක මේ ප්ලේ ලිස්ට් එකේ තියනවා.

      Delete
    3. මට මතකයි ප්‍රොපා මට මතකයි.ක්ලිප් එක ගෙනැත් දැම්මට බොහොම ස්තූතියි.

      Delete
  25. Maru pinthuratika,oman,salala mamahihan hitiye harima shushka palathkiyalai,lankawa wage lassani,tiber gange pinthurawalin 3-4 pinthurawala wagema samana Then thiyenawa Belgiyame GENT nagaraye medin Bottuwe yathdeth.(Ranjan-D) ***** ARA adikale olimpic kreeda winischaya mandale inna eththe Kanthawo.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රංජන්. සලාලා ගැන තියෙන අදහස දැන් වෙනස් කරගන්න පුළුවන් නේද.

      Delete
  26. මේ එකසිය පනස් එක් වැනි පොස්ට් එක.. එකසිය පනහට ඇවිත් සුභපතන්න බැරි උනා. දන්නවනේ මං නිට්ටඹු ගියා.. ආයෙත් කියනවා එහේ සිග්නල්නෑ..එහෙනං තවත් එක්දහස් පන්සීයක් පොස්ට් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    රයිට් මගේ හිතට ඇල්ලුවේ අර පිංතූර දෙක සංසංදනේ කරපු සීන් එක ඒකනම් සුපිරියි.. අනිත් එක හෙළුවෙන් ඔලිම්පික් සෙල්ලං කොරපු එක.. ඒ තත්වේ අද තිබ්බනං අපේ ඈයෝ (මාත් ඇතුළුව) රත්තරන එලියෙ දාගෙන රං පදක්කං ගේනවා දුසිම් පිටින්.. හැක් හැක්..

    එලකිරි පොටෝ ඇල්ලිලක් සහ විස්තරයක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සරම අතට අරං කටුකම්බි හය පොටක් උඩිං පැනපු අපිට … ඔලිම්පික් කජ්ජද්ද බං :D චැහ්


      Delete
    2. තව පොඩ්ඩෙන් ඇටේ කම්බියේ.. බුදු අම්මෝ .... !!!!!

      Delete
    3. පැන්නට පස්සෙත් සරම තිබ්බද බං?

      Delete
    4. සුබ පැතුමට විදානේට බොහොම ස්තූතියි.එදා ඔලිම්පික් කරපු හැටියට අද කලා නං මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ නේද.

      Delete
  27. හිත පිරෙනවා ඇනෝ...

    ReplyDelete
  28. සංචාරය කියන්නෙ හරිම රසවත් අත්දැකීමක්....පසුකලෙක මතකයක්...මමත් ඉතාම මනාපයි හැකියාව තියෙන විිදියට පුලුවන් පුලුවන් විදියට සංචාරයේ නිරත වෙන්න. හැලපයියා දැන් රටවල් කීයකට විතර ගිහින් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. සංචාරය ඉතාම රසවත් අත්දැකීමක් සහ මතකයක්,නමුත් මුදල් පසුම්බියට එපමණ හිතකර නෑ.බොහෝ වෙලාවට අපි යාලුවන්ගෙ අනුග්‍රහයෙන් සංචාරය කළේ වියදම ඔරොත්තු නොදෙන නිසාමයි.
      ගියපු රටවල් ගණන තවම ගැනල බලල නෑ සිරා.

      Delete
  29. මම පොත්පත් වල කියවලා තියන ආකාරයට ඒ කාලේ පිරිමි අයට පමණයි අවසර ලැබිලා තියෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා වලට සහභාගිවීමට. එමෙන්ම ඒවා නරඹන්න ඉඩදී තියෙන්නෙත් පිරිමින්ට පමණයි.

    අප්පොච්චියේ අර පිළිමේ තමයි පිළිමේ නේද?

    බොහොම රසවත් සංචාරක තොරතුරු. ස්තුතියි බෙදාහදා ගත්තාට.

    ReplyDelete
    Replies
    1. //අප්පොච්චියේ අර පිළිමේ තමයි පිළිමේ නේද? //

      හී හී මොනවද විචාරක...උදේ පාන්දර හිනස්සන්

      Delete
    2. //හිනස්සන්නේ.//

      Delete
    3. ඕක මොකක්ද රෝමයේ පිළිම දැක්කාම.

      රෝම අධිරාජ්‍යය බිඳ වැටෙන්න හේතුවත් ඔය ජොක්කු ඇන්දේ නැති එක ලු!
      http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

      Delete
    4. රෝමේදී දැක්ක කාන්තා පිළිමත් එහෙම තමයි. මිස් උඩ බාගේ විතරක් නොවෙයි මිසිස් යටබාගේත් නිකං සීගිරී අප්සරා.

      Delete
    5. අපූරු පිළිම ටිකක් රෝමෙදී නරඹන්නට ලැබුණා විචා.සංචාරයට එක්වීම ගැන ස්තූතියි.

      Delete
  30. මම තාම අර පින්තූරවල ඉන්න ගෑනු ලමයා හොයනවා...:P

    ReplyDelete
    Replies
    1. තාම හම්බුනේ නැද්ද පොඩ්ඩි.

      Delete
  31. නියම සංචාරක සටහන.. මං හිතන්නේ ගෑනූ අයගේ පිළිම ටික වැඩි ආරක්ෂාවට අරන් තියන්න ඇති..

    ReplyDelete
  32. /* මටත් යේමනයේ සංචාරය කරන්නට දෙවියන් උදව් කරාවිය කියන බලාපොරොත්තුව තවම මගේ හිතේ කොණක පවතිනවා. */

    පව්!
    එච්චරම හිත දුර්වල වෙලා ද?

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද කකා වයසක උදවියනෙ.බොහොම ඉකමනට හිත දුර්වල වෙනවා.

      Delete
  33. හැලපේ මා ගැන සඳහන් කිරීම ගැන බොහොම ස්තුතියි.
    Domestic Airport කියන එක සිංහලෙන් කියනවිදිය දැනගන්න ඉඟියක් නම්, අපි ඉංග්‍රීසියෙන් පාවිච්චිකරන විදිය හිතුවාම ලැබෙනවා. උදාහරනයකට BIA- Bandaranaike International Airport ඒ කියන්නේ බංඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඉංග්‍රීසියෙන් කියන විදිය. Rathmalana Airport ඒ කියන්නේ රත්මලාන ගුවන් තොටුපලට ඉංග්‍රීසියෙන් කියන විදිය.
    මෙතනදි එකම වෙනස තමයි අපි International කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ ඩොමෙස්ටික් එයාර් පොර්ට් එකකට ඉංග්‍රීසියෙන්, නිකම්ම නිකම් ඒයාර් පොර්ට් විතරයි. එනිසා සලාලා ඒයාර් පොර්ට් කිව්වාමයි සීබ් ඉන්ටර්නැෂනල් ඒයාර් පොර්ට් කියලා කිව්වාමයි වෙනස ඉංග්‍රීසියෙන්නම් වෙන් වෙලා තේරෙනවා ඩොමෙස්ටික්ද ඉන්ටර්නැෂනල්ද කියලා. හැබැයි, ඉන්ටර්නල් ෆ්ලයිට්ස් වලට කියන්නේ අභ්‍යන්තර ගුවන් ගමන් කියලා නිසා රත්මලාන ගුවන් තොටුපොලට අභ්‍යන්තර ගුවන් තොටක් කියන්න පුලුවන් ඇති නමුත් ඉංග්‍රීසි ඩොමෙස්ටික් කියන වචනෙයි, ඉන්ටර්නල් කියන වචනෙයි තියෙන්නේ තෙරුම් දෙකක්...
    ඒත් දේශීය කියන වචනේ පාවිච්චි කිරීම නම් මට හිතෙන්නේ වැරදිය කියලා...සලාලා ගුවන් තොටුපල කිව්වාම ඇති කියලයි මට තේරෙන්නේ...
    \\\පාකිස්තාන ජාතිකයින් මෙහි ඉඩම් බද්දට ගෙන එළවලු හා පළතුරු වැවීමේත් සත්ව පාලනයෙත් යෙදෙනවා\\\
    හැලපේ...මේ අදහස පිලිගන්න අමාරුයි...ඇත්ත නම් පොදු වශයෙන් පාකිස්ථාන සහ බංග්ලාදේශ ජාතිකයින් (විශේෂයෙන්ම වීසා නොමැත්තන් නැත්නම් වීසා කාලය පැනපු අය ) කම්කරුවන් හැටියට ඕමානය පුරාම ගොවිපොලවල් වල වහලුන් වගේ වැඩකරනවා...සමහර විට පාකිස්ථාන සමාගම් ගොවිපොලවල් බද්දට අරගෙන ඇති, නමුත් ඕමාන් නීතියට අනුව ඕමාන් ජාතිකයින්ට හැර අනිත් ජාතිකයින්ට සමහර වෘතීන් වල නියත වෙන්න බැහැ. අරූගේ අඩවිය ආයෙත් ලියන කාලෙක දීර්ඝ විස්තර ලියවෙයි ඒවා ගැන අනාගතයේදි...

    ReplyDelete
  34. අප්පට සිරි ආතල් ඇනෝ.පොටෝ දෙක නං මරු.ඔය ගත්තෙ අලුත් පෝන් එකෙන් වෙන්න ඇති.

    ReplyDelete
  35. Map of Dhofar උඩින් තියන ෆෝටෝ දෙක දෝෆාර්වලද? ඕමාන්? හරියට යුරෝපෙවගෙ නේ?

    ReplyDelete
    Replies
    1. Dhofar කියන්නේ දකුනු ඕමාන් (Southern Oman ) පලාතට..අවුරුද්දේ මෝසම් සුලං තියෙන කාලෙට ලංකාව වගේම හැඩවෙන පරිසරයක් තියෙන්නේ. ජූලි මාසයේ සිට ඔක්තොබර් මුල වෙනකන් මේ මෝසම් වැසි සහිත කාලගුනය තියෙනවා. එයට අරාබි භාෂාවෙන් කියන්නේ කරීෆ් කියලා. මැදපෙරදිග මිනිසුන් මේ කාලය තුල තම වාහන වලින් ඉතා දුර බැහැර රටවල පවා සිට පැමින කුඩාරම් ගසාගෙන මේ දේශගුනය යහමින් විඳිනවා. කරීෆ් සීසන් එකට විතරයි දෝෆා පලාත ජනප්‍රියව තියෙන්නේ. අනිත් කාල වලට හරිම් පාලු පැත්තක්. සලාලා තමයි දෝෆාර් ප්‍රොවින්සයේ අගනගරය..
      යුරෝපයට වඩා ලංකාවට ඉතා සමීප කාලගුනයක් තමයි දෝෆාර් ප්‍රොවින්සයේ තියෙන්නේ..

      Delete
    2. ප්‍රා ,
      ඇත්තටම යුරෝපෙ වැනි කාලගුණයක් කරිෆ් සමයට දොෆාර් පළාතේ පවතිනවා.
      විස්තරයට ස්තූතියි චෙපාකි.

      Delete
  36. ඒයි මචං ආතල් ඇනෝ.. අලුතින් ගත්ත කැබරා පෝන් එක එලට වැඩ වගේ නේහ්....උඹ දස්සය කියල පේනව....හෙහ්...හෙහ්...

    ReplyDelete
  37. නියම ෆොටෝ ටික හැලප අයියෙ..නියම ගමනක්

    ReplyDelete
  38. නොමිලේ ටුවර් එකක් එක්කන් ගියාට ස්තුතියි හැලපේ . තව තව කියවන්නට බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. ටුවර් එකට සම්බන්ධ උනාට ස්තූතියි තිලකෙ.තව තව පසුවට ලියන්නං.

      Delete
  39. ටයිබර් ගඟ ගැන කිව්වහම මට මතක් උනේ චිකාගෝ ගංගාව.. ලෝකේ තිබිච්ච දුෂිතම ගංගාව හැටියට නම් කරලා තියන්නේ ඒක. දැන් ගඟ අනිත් පැත්තට හරවලා වැඩේ ගොඩ දාල තියෙන්නේ. ඊළඟ නාඩියේ කොටන්න ඕනේ ඒ ගැන

    ReplyDelete
    Replies
    1. ලියපං ලියපං.මේ ගඟත් ගොඩගන්න බැරි විදියට නීතියක් තියෙනව කියල කියනවලු.

      Delete
  40. ලිපියට එකතු කරලා තියෙන පිංතූර ටික කතාව තව තවත් රසවත් කරා හැලපේ..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු ළමයි.

      Delete
  41. අපූරු සංචාරක සටහනක්..

    ReplyDelete
  42. යුරෝපා සංචාරයක් කරන්න ලොකු හීනයක් තියෙනවා. මේ වගේ සංචාරක සටහන් දැක්කම උනන්දුව තව වැඩි වෙනවා.දැන් ගෙවල් දොරවල් ළමයි බමයි හදන කාලේ නිසා ලොකු සංචාරයක් කරන්න අපෘවල් ගන්න අමාරුයි.. නාකි වෙලා තමයි යන්න වෙන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. මේ සංචාර මමත් ප්ලෑන් කරල ගියපු ඒවා නෙවෙයි.හිතුනා ගියා අන්න ඒ වගේ.ලැබෙන පළවෙනි අවස්ථාවේම කොහොම හරි යන්න බලන්න

      Delete

ඔබේ අදහස්