අපි යමක් කිව්වොත් ඒ දේ ඉෂ්ට කරන්න ඕනෑ.එහෙම නැත්නං නොකිය නිකං ඉන්න ඕනෑ.කෙනෙක් තමන්නෙ වචනයේ වහලෙක් විය යුතුයි කියල කතාවකුත් මම අහල තියෙනවා.අද මම හදන්නෙ කියපු වචනය ඉස්ට කරන්නටයි.මේ වගේම මම තවත් වචනයක් කියල තියෙනවා,ඒ කෙටිකතාව ගැන විග්‍රහයක් ලියනවා කියල පොරොන්දුවක් දීමයි.නමුත් තාම ඒ පෝස්ටුව ඉවර කරගන්නට බැරිවුනා,නමුත් නොලියා ඉන්නෙ නැහැ කවදාහරි ලියනවා හැමදේම මතකයි කිසිදෙයක් අමතක නෑ.
මගෙ පහුගිය පෝස්ටුව පටන් ගත්තෙ චොකලට් පැක්ටරියක් බලන්නට ඔයාලව එක්කං යනවා කියලනෙ නමුත් යන්න උනේ වෙන දිහාවක.එදා බැරිවුන වැඩේ අද කරමු බෙටර් ලේට් දෑන් නෙවර් කියලත් කතාවක් තියනවනෙ.පහුගිය කතාවෙදි මම ආරම්භය ගත්තනෙ.මම කිව්වෙ රට ජර්මනිය ස්ථානය කොලෝන් නගරය කියල නේද,ඉතිං අපි තාලිස් හෙවත් තැලිස් දුම්රියෙ ජර්මනියට ගියා.ජර්මනියට ගියා කිව්වම ජර්මනියෙ ඉඳන් මේ කතාව කියවන හිතවතුන්ට හිනා යයි ඇයි අපේ රංජන් වගේ හිතවතුන් ඩසල්ඩෝප් නගරයේ ඉඳන් මේ බ්ලොගේ කියවනවනෙ.මම නං ජර්මනියට ගිහිං තියෙන්නෙ තුන් සැරයයි මාහිතේ.ට්‍රාන්සිට් වලට එක වලියක් ෆ්රැන්ක්ෆර්ට් වලින් බැස්ස එයාපෝර්ට් එකෙන් එළියට ගියෙ නෑ ඒකත් රටට ගිය හැටියට ගණන් ගන්නව නං හතරයි.
ජර්මානු සංචාරය ගැන වෙනම ලියන්නං මේ ලියන්නෙ චොකලට් පැක්ටරිය ගැන නිසා වෙන අනං මනං මේකට ඈඳා ගන්න එකේ තේරුමක් නෑ නොවැ.පහුගිය වතාවෙ පිංතුර දැම්මෙ නෑ කියල කට්ටිය නෝක්කාඩු කිව්ව විතරක් නෙවෙයි දාන්න දාන්න කියා කියා පොර ගැහුවනෙ ඒ නිසා මෙදා සැරේ පිංතුර දාඤ්ඤං.පිංතුර දාන නිසා එච්චර ලියන එකෙත් තේරුමක් නෑ නිකං කැප්ෂන් එකක් ලිව්වත් ඇතියි කියල හිතෙනවා.පිංතුර දැමීමෙදී මගෙ ප්‍රතිපත්තිය මෙහෙමයි.මම පෙනී සිටින පිංතුර අයින් කරල දානවා ගෙදර අය පුළුවන් තරං අඩුවෙන් ඉන්න පිංතුර තෝරාගන්නවා.මම පුද්ගලිකව ගනිපු පිංතුර කියල පෙනෙන්න ගෙදර කෙනෙක් ඉන්න පිංතුරයක් දානවා.එහෙම නැත්නං පිංතුර ටිකක් නං ගූගල් වලිනුත් හොයාගන්න පුළුවන්නෙ.හැබැයි ඔව්ව කරන්න ගිහිං මේ බ්ලොග් අවකාශෙ ඉන්න විශේෂඥයන්ගෙන් බේරෙනව බොරු මේක අහවල් තැනින් ගත්ත පිංතුරයක් කියල ටක් ගාල කියාවි.මේ මම හෙඩිමට දාල තියෙන්නෙ චොකලට් පැක්ටරියේ පිටපැත්තේ හෙවත් ඇතුල්වෙන තැන පිංතුරයකුයි හොඳට බැලුවොත් පින්තුරෙ පැත්තකට අහුවෙලා ඉන්න හැලපැට්ටත් දැකගන්න පුළුවනි.චොකලට් පැක්ටරිය ඇතුලේ චොකලට් ගැන කෞතුකාගාරයකුත් ඇති නිසා නාම පුවරුවේ කෞතුකාගාරය ගැන සඳහන් වෙනවා.
පහුගිය සියවසේ ජීවත්වුණු විශිෂ්ට සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඔහුගෙ චිත්‍රපටවල හිච්කොක් මුද්‍රාව තිබ්බෙ අමුතු විදියකටලු.ඒ හිච්කොක්ගේ පිංතුරයක් චිත්‍රපටයේ කොතැනක හෝ දැමීමෙනුයි.එක් චිත්‍රපටයක(චිත්‍රපටයේ නම මට මතක නෑ)බෝට්ටුවක යන මගියෙක් කියවමින් ඉන්න පුවත්පතක හිච්කොක්ගේ පින්තූරයක් තිබුනලු.හිච්කොක්ගේ මයිලක් තරංවත් වටිනාකමක් නැති මාත් ඔහුගෙ මුද්‍රාව තැබීමේ ක්‍රමය යම් තරමකට අනුගමනය කරනවා.මයිලක් කිව්වම මට එකපාරටම මතක් උනේ අර යකාට ගම හාමිනේ වැඩක් පවරපු ආකාරය.මං ඒ කතාව කොහේ හරි ලිව්වනං මතකයි ඒ වුනාට මේ තදියමට හොයාගන්න බෑ ප්‍රසන්නට පුලුවන්නං ලින්ක් එකක් දානවද.
ඉතිං මම කියා කියා ආවෙ මොකද්ද ආ පිංතුර නේද හොර පිංතුර දාල මේ බ්ලොග් අවකාශෙ ඉන්න අයට අහුවෙනවා කියලනෙ.රහස් පරීක්ෂාව සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ් යාඩ් එකට උපදෙස් දෙන්නට තරං හැකියාවක් තියෙන අයත් අපි අතර ඉන්නවා,ඔන්න ස්කොට්ලන්ඩ් යාඩ් කිව්වම මට ෂර්ලොක් හෝම්ස් මතක් වුනා ෂර්ලොක් හෝම්ස් හැම තිස්සෙම ස්කොට්ලන්ඩ් යාඩ් එක තුට්ටු දෙකට දාලනෙ කතාකලේ මට මතකයි එක කතාවක(කතාවෙ නම මට මතක නෑ බොහොම කණගාටුයි)ෂර්ලොක් හෝම්ස් මෙන්න මෙහෙම කියනවා...
මෙතන අපිට අතගහන්න තරම් දෙයක් නෑ වොට්සන් මේක මේ ස්කොට්ලන්ඩ් යාඩ් එකටත් විසඳන්න පුළුවන් ගැටලුවක්නේ...
ඔන්න ඔය වගේ ලැබෙන හැම තැනදීම හෝම්ස් ස්කොට්ලන්ඩ් යාඩ් එකට අපහාස කළා.හෝම්ස් පදිංචි වෙලා හිටියයි කියන බේකර් වීදියෙ අංක 221 බී කියන ස්ථානයේ දැන් තියෙන ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරෙ ඉස්සරහත් පොලිස් භටයෙක් ඉන්නව හැබැයි ඇත්ත පොලිසියේ නෙවෙයි කොල්ලෙක්ට ඒ විදියට අන්දවල තියල තියෙනව.ඒ විස්තර ඔක්කොම ෂර්ලොක් හෝම්ස් ගැන ලියද්දි ලියන්නං.ස්කොට්ලන්ඩ් යාඩ් එක ගැන තව අපේ ලේඛකයෙකුත් ලියල තිබුණා ඒ ලේඛකයා නම් නවකතා පොත් හා පරිවර්තන කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ පී ඇම් ජයතිලක මහතායි.
පී ඇම් ජයතිලක මහතා ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගතකළ 1960-1963 කාල සීමාව පාදක කරගෙන "මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්" යනුවෙන් එකිනෙක ඈඳුණු රසවත් කතා පොත් තුනක් ලියා තිබෙනවා.වැඩි බරක් නැති ඉතා සැහැල්ලු රසාස්වාදයක් ගෙනදෙන මේ පොත් තුන මා කියැවූ වාර ගණන මටවත් මතක නැති තරමයි.ඔන්න ඔය පොත් තුනෙන් එක පොතක ඔහු පේරාදෙනියෙ සරසවියේ ඉන්න රහස් පරීක්ෂකයන් ගැන කියමින් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටද උපදෙස් දෙන්නට තරම් හැකියාවක් ඇතියවුන් සරසවියේ ඉන්න බව සඳහන් කර තිබෙනවා මට මතකයි.රසවත් ග්‍රන්ථ ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ අධිනීතීඥයෙකු වූ පී ඇම් ජයතිලක මහතා දැනට අවුරුදු කීපයකට පෙර මෙලොවින් සමුගත්තත් සාහිත්‍ය කරුවෙකුට ලැබිය යුතු ගෞරවය හෝ ඔහු කළ සාහිත්‍ය සේවයට නිසි තක්සේරුව හෝ ඇගයීම ජීවතුන් අතර සිටියදී හෝ මියගිය පසු ඔහුට ලැබුනාදැයි මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි.
පඳුරු තැලීම අවසානයි.දැන් තියෙන්නෙ චොකලට් පැක්ටරියේ පිංතුර පෙන්වීමයි.අපිට පෙන්නුව හරියෙ සහ මට පළකරන්නට හැකියාව තියෙන පිංතුර තියෙන්නෙ මෙපමණයි.
මෙන්න මෙතන රත්තරං කොකෝ ගෙඩි තියෙන ගහක් වගේ භාජනයේ යට තැටියෙ උණු චොකලට් දියරය පුරවා තියෙනවා.ඒ ළඟ ඉන්නසුදු ඇඳගත් තරුණිය එතනට එන අයට ඇගේ අතේ තියෙන විස්කෝතුවක් උණු චොකලට් දියරයේ බහා කන්නට දෙනවා.එවැනි චොක්ලට් තැවරූ බිස්කට් දහයකින් පමණ සප්පායම් වූ හැලපැට්ටා චොකලට් වලින් තෘප්තිමත් වී කැමරාවට මුහුණ දුන්නේ මේ ආකාරයටයි.
උණු චොකලට් දියරයේ සුවද තමා ඉවසන්න බැරි.
ReplyDeleteහැලපැට්ටාටද එසේම වග ඡායාරූප අනුපිළිවෙලින් පේනවා.
පදුරු තැලිලු මුකුත් මතක නැත.
චොකලට් වලින් වෙඩි වැදුන විට.
ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නේ,මොන පරණ දිරපු කෝච්චි ගාලක්ද!
මලා...
Deleteමෙන්න මේ හොල්මන ස්කොට්ලන්ඩ් යාඩ් අහල නෑ...
ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නේ ළමයා ස්කොට්ලන්තෙ පරණ වාහන ගබඩා කරන තැනක්.
Deleteහොල්මන වචනය ගරු නම්බු වැඩී, හාල් කෑල්ල කියපන්
Deleteපරණ ගුවන් යානා ගොඩගහල තිබ්බ තැනක්..
Deleteහරි නරකයි දන්නෙ නැති කෙනෙක්ව නොමග යවන එක.
Deleteඇත්තෙන්ම ඒක ස්කොට්ලන්තෙ භාවිතාවන මිනුම් ඒකකයක්. ඉන්ගලන්තෙ යාරෙට වඩා ඒක දිගයි
ස්තුතියි ප්‍රා දැනුවත් කරාට. හරියටම කියනවං මිලි ලීටර් 750 යි … !!!!
Deleteහෑ .... බොලන් පත්තරේ ඒ කියන්නේ එක බෝතලයක් වගේ තැනක්ද
Deleteස්තුතියි ස්තුතියි ඔබ සැම දැක් වු සහයෝගයට තව දුරටත් පැහැදිලි කරනවානම් සැර 33.5% (34% විය හැකි)
Deleteවැරදියි. ස්කෝට්ලන්ඩ් යාඩ් කියන්නෙ බීර හදන මිදි වත්තක්....
Deleteහතිලව්වයි ඒ කියන්නෙ ස්කොට්ලන්ඩ්‍යාඩ් එක තියෙන්නෙ සීදූවෙ … අපි පාවිච්ව්හි කරල තියෙන්නෙ ස්කොට්ලන්ඩ්‍යාඩ් බඩු !!!
Deleteඔහෙප්පලයං … අද නෙවැ ඒක දන්නෙ.
ප්‍රා, හරියටම කියනවනං ස්කොට්ලන්ඩ් යාර්ඩ් වලින් තමා තාම ඉන්දියාවෙ තේ මනින්නෙ. මෙන්න බලන්න වැඩේ කෙරෙන විදිය. මේ එකක දිග ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකයි.
Deleteහත් ඉලව්වේ බලලා මාරු වෙන්ට හැදුවේ.... මේක දැක්කම මොන මාරුද..?
Deleteමේ වගේම සීන් එකක් උනා මෙයින් ටික කාලෙකට කලියෙන් මගේ බ්ලොග් එකේ... මං හිතන්නේ එදා මල්මිගේ භූමිකාව රඟපෑවේ බුරතීනෝ/බීටල්/නවම් කියන තුන් දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕන... (මට ඔය යක්කු තුන් දෙනාම එක ගානට මතක හිටින්නේ උන්ගේ ඉට්ටයිල් එක හින්දා... :D ) අද රාජ්/විදානේ/ප්‍රාජේ/පත්තරේ/සංජීව/දේශකයා/ඉන්දික කියන අයගේ චරිතේ එදා රඟපෑවේ අප අතරින් වියෝ උන ඔබා අයියා...
මාත්තුරුකාව උනේ හාල් මැස්සන් සුද්ද කිරීම... :D
කස්ටියටම තැන්කිව් මචංලා බ්ලොග් අතීතෙට මාව ඇදලා දැම්මට...
@ මාරෙ,
Deleteඅතීතෙ මෙනෙහි කර කර ඉන්නෙ ලියපංකො අලුතෙන්. අර ලියන්න කියන මනුස්සයත් නින්දෙන් ඇහැරුනාද මොකක්ද කියන එකේ.
ඕක වුනේ බීටලේ හාල්මැස්සො සුද්ද කිරීම ගැන ප්‍රශ්නයක් අහලා. ඌට එක හාල්මැස්සෙක් සුද්ද කරන්ට විනාඩි 5ක්ද කොහෙද යනවය, ඔය කඩවල අච්චර හාල්මැස්සො ගොඩක් හදන්නෙ කොහොමදය ආදි වශයෙන් පුරස්නයක් අහලා තිබ්බා. ඉතිං මාත් ඒකට උත්තර දුන්නා. ඔබා අයියා තමා වැඩේ කෑවෙ. මාරයා තමා මට බැන්නෙ අනුන්ට ලණු දෙන්ට එපාය කියලා... :-D
Deleteහැබෑටම මාරෙ, ඇයි උඹ නොලියන්නෙ!? මම කියන්නෙ නෑ ඉස්සර වගේ හැමදාම ලියන්ටය කියලා. ඒත් අඩුම ගානෙ මාසෙකට එකක්වත්? හරබර පෝස්ට්, පන්සල් කතා, දේශපාලන කතා ඔය මොකුත් ඕන නෑ.. අර එදිනෙදා වුන/ වෙන දෙයක් ලියහං උඹේ සරල ශෛලියෙන්.
Deleteදැන් බලහං ඒ කාලෙ කියෝපු බ්ලොග් කීයෙන් කීයද තාමත් තියෙන්නෙ? කකා වහලම දැම්මා. දුකා යලට මහට එකක් දානවා, ඒකත් කුණු දේශපාලනේ ගැන. දුමියා පේන්ටත් නෑ. සඳරුවාට අලියා ගහලද මන්දා. බින්දි මිසින්. කෙහෙල් කොරොට්ටා කෙහෙල් කොටුවෙම වැළලිලා ගිහිල්ලා. සිත් ආර නිකං මවු ආර ජලාශෙ වගේ හිඳිලා ගිහිල්ලා. හද ගී පොත ආයෙමත් යාන්තං පණ ගහලා ඇවිල්ලා තියෙනවා. චාර්මි කොහෙද නෑ. මකරා ලොවෙත් නෑ. ඇත්ත මිනිස්සු බිසී වෙනවා තමා. ඒත් මාසෙකට එක පෝස්ට් එකක්!!??
බුරා, චාමියටයි මාරෙටයිනං බුකිදෝස නම් මහා අසනීපෙ හැදුනනෙ. දැන් ඒ දෝසෙ බෝ කරපු උනුත් බුකියෙ නෑ, මුන් තාම එතන. දුමිය බ්ලොග් කියෙව්වට ලියන්නෙ නැත්තෙ තරහටද කොහෙද! සඳරුට අර වල් අලිය ගැහුව කියල උඹ දන්නෙ නැද්ද?
Deleteඅන්න හරි සීන් එක.. මට ඕක ඔළුවේ තිබුනට කොතනද උනේ සහ හරියටම මොකක්ද උනේ කියලා මතකයක් තිබුනේ නැහැ... :D
Deleteලියන්න ඕන කියලා වෙලාවකට හිතෙනවා සමහර පෝස්ට් දැක්කම.. ආයේ හිතෙනවා මොන එහෙකටද කාගෙවත් ලේ කුපිත කරවන්නේ කියලා.. :D :D :D
සමහර විට මේ නොවැම්බර් වලින් පස්සේ ආයේ ලියවෙන්න ඉඩ තියෙයි... (අපල කාලයක් එනවා.. :D )
බුරතීනෝ අනන්තය දක්වා දිවයන පරිවර්තන හැරෙන්නට තමන්ගේම බ්ලොග් පෝස්ට් ලියන්න අදහසක් නැද්ද?
Deleteමට මතකයත් තිබුනා කලිනුත් මේම සින් එකක් කියවපු බව.හාල්මැස්සො සුද්ද කිරීම මල්මිද එසේමය.
Deleteස්කොට්ලන්ඩ් යාඩ් කියන්නේ එතකොට ඉස්කාගාරෙක පීප්ප ගබඩාවක්ද?නැතිනම් කණ් ඇස් වෙච්චි කොටලු ගාලක්ද?
@ Pra Jay,
Deleteමිනිස්සුන්ට පුළුවන් දේ හා බැරි දේ කියා දෙකක් ඇත. ලිවීම කියනා දේ මගේ ඇඟේ නැති බව මම සහසුද්දෙන්ම දන්නා බැවින් නිකං ඇදගෙන නා ගැනීමට මගේ කිසිදු අදහසක් හෝ කැමැත්තක් හෝ නැත. :-)
@Buratheno, (මේ පිලිබඳව සංවාදයක් ගොඩනැගීමට අදහසක් නැතිවා මෙන්ම එයින් ඔබ වෙනස් කිරීමට හැකියාවක්ද නොමැතිබව දනිමින්ම මේ ටික කියමි.)
Deleteලියනවා කියන්නෙ ප්‍රබන්ධයක් හෝ දේශපාලන / සාමාජීය ලිපි ලිවීම පමණක් නොවේ. ඔබ කැමති දේ ( උදා. පොත් ගැන මතකයන්, විචාර, කතෘන් ගැන විස්තර, ඔවුන් හා පොත් සංසන්දනය ආදිය ) ලිවීම ඔබ වැන්නෙකුට කැමති හා පහසු දෙයක් වන අතර ඒවා කියවීම අපටද සතුට ගෙන දෙන්නක් වේ
ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නෙ අර රතු ඇස්කොට්ගෙ සෙල්ලං පිට්ටනියද කොහෙද.
Deleteමාරයියා මතක් උනානං ලියන්ඩයි තියෙන්නෙ හුට පට ගාලා … අපි එහේ ඇති සුටුස් ගාල !!! ඕ යේස්.
Deleteඅනේ ත්‍යාගශීලී පින්වතුනේ,මොන ඇස්කොටලන යාඩක් දාලා හරි මට මෙන්න මෙයාව සොයාදී මහත්ඵල මහානිසංස දෙන පුණ්‍ය කර්මයක් කොරගනු මැනවි.
Deletehttp://malmihi.blogspot.com/2014/08/iv.html
@මාරෙ,
Deleteඋඹ අතීතෙ මතක් කලාට පස්සෙ මමත් ආයෙ වංගියක් උඹේ පරණ පෝස්ට් ටිකක් කියෙවුවා. මතකයැ අර අපි වවුලෙකුගෙ මළගෙදර සෙට් වෙලා බූරු ගහපු කාලෙ එහෙම?? :-D
ගැහුවා නේන්නං.. :D මගේ ආසම පෝස්ට් එක.. පැට්ටේරිය ඉස්සරහා ලයිට් කම්බියේ එල්ලිලා මල වවුලගෙ මල ගේ...
Deleteඒ නොවැම්බර් මේ නොවැම්බර් දෙකම එකක්ද මාරයො?
Deleteස්කොට්ලන්ඩ් යාඩ් සර්ච් කරලා බලන්න මල්මි.
Deleteබැරිවෙලාවත් චොක්ලට් කොම්පැනියක රස්සාවක් හම්බුනොත්!
ReplyDeleteකෙල්ලෝ කෝටියයි
Delete+++++++++++++
Deleteලංකාවේද?
Deleteහැලපැට්ටා චොකොලට් කාලා කාලා කොච්චර තෘප්තිමත් වෙලාද කිවුවොත් ඇස් දෙකත් පියවිලා.. අර අපේ සමහර බුවාලා කණ් පාත්වෙන්ට දාගත්තහම වගේ.. :-D
ReplyDeleteහරියටම හරි බුරා.
Deleteමේක කියෝනකොට මතක් වුනේ ඉස්සර සිරසෙ හැම ඉස්කෝල නිවාඩුවකටම පෙන්නන එකම ෆිල්ම් සෙට් එකේ තිබිච්ච ෆිල්ම් එකක්... චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි :D
ReplyDeleteඔය බේකර් වීදියෙ 221B කියන තැන ඉස්සර තිබ්බෙ බැංකුවක්ලු..පස්සෙලු ඊට පස්සෙ එතන ෂර්ලොක් හෝම්ස් කෙෘතුගාරය හදල තියෙන්නෙ.. යන්න ඇත්නං.. ^_^
යන්න ඇත්නං කියන්නෙ මොනවද යන එකයි සංචාරකයා නොවැ.මම නං ගියා.
Delete//අපි යමක් කිව්වොත් ඒ දේ ඉෂ්ට කරන්න ඕනෑ.එහෙම නැත්නං නොකිය නිකං ඉන්න ඕනෑ.කෙනෙක් තමන්නෙ වචනයේ වහලෙක් විය යුතුයි කියල කතාවකුත් මම අහල තියෙනවා.අද මම හදන්නෙ කියපු වචනය ඉස්ට කරන්නටයි.මේ වගේම මම තවත් වචනයක් කියල තියෙනවා,ඒ කෙටිකතාව ගැන විග්‍රහයක් ලියනවා කියල පොරොන්දුවක් දීමයි.නමුත් තාම ඒ පෝස්ටුව ඉවර කරගන්නට බැරිවුනා,නමුත් නොලියා ඉන්නෙ නැහැ කවදාහරි ලියනවා හැමදේම මතකයි කිසිදෙයක් අමතක නෑ.//
ReplyDeleteසහතික ඇත්ත
ඔව් බං කිව්ව හැම දේම ඉස්ට කරනවා.
Deleteලංකාවෙත් කෑම ජාති හදන කර්මාන්ත ශාලා වලට පිටින් පැමිනෙන අමුත්තන්ට , හිස් ආවරනයක් සහ ඇදුමක් දෙන එක කරනව
ReplyDeleteකොටින්ම මම වැඩ කරපු එක ආයතනයක හැදුවේ ආහාර ඇසුරුම් . එතනදිත් ඔය කතන්දරය ඒ විදිහටම උනා , සමහරක් ඉහල තලයේ පොරවල් අර ඇදුම අදින එක මගඇරලා අපේ සෙක්ෂන් එකට ආවත් , අපි මෙෂින් ලගට ගත්තේ හිස් ආවරණයක් දම්මලම තමයි
එතන ඉන්නකොට යම් යම් තාක්ෂනික ගැටලු ආපු වෙලාවට ලංකාවේ නමගිය ආයතනවලට මම ගිහින් තියනව , ඒ තැන්වල අපි දාගන යන සපත්තු දෙකත් ගලවලා දාගන යන්න බූට්ස් දෙකක් පවා දුන්නා
ඔච්චර දියුනු රටක ආහාර සුරකුෂිතතාවය ගැන සැලකිලිමත් නොවෙන්නේ ඇයි
මහන මෙෂින් හදද්දී සුරකුෂිතතාවය ගැන සැලකිලිමත් නොවෙන්නේ ඇයි?
Deleteඑතකොට අහවල් එක සුරකින්ඩද
Deleteවිශේෂයෙන්ම මෙතන භාවිතා වෙන්නෙ ප්‍රදර්ශනය සඳහාමයි.එහෙම වුනා කියල සුරක්ෂිත තාවේ අඩුවක් නෑ.ඔය ඔක්කොම අපි බැලුවෙ වීදුරුවකින් පිට ඉඳන්.
Deleteඅද කතාව කෙටි රසයි ,හැලපැට්ටා චොකලට් කලා මත් වෙලා ද ???කොම වුනත් අපේ රටේ නම් චොකලට් මං හිතන්නෙ ගණන් වැඩි ,
ReplyDeleteඅපේ රටේ චොකලට් ගණන් වැඩි තමා නමුත් මේ රටවල ඊටත් වඩා ගණන්.
Deleteහෑ....................මේක චොකලට් පැට්ටේරියද්ද එහෙම නැත්තං පතරොම් පැට්ටේරියද්ද? අර සමහර මැෂින් දැක්කම මට හිතුනේ පතරොම් හදනවා වගේ.
ReplyDelete'හන්තානේ ගීතයක්' මගේ හදවත කම්පනය කළහැටි තවමත් මතකයි. අද තියනවනම් අදත් ආයේ සැරයක් කියවනවා. ඒ ප්‍රේමනීය හැඟීම් මෙන්ම විරහ වේදනා හැඟීම් ඒ විදිහට සරල වචන වලින් කියන්න අපිට කවදාවත් බැහැ.
ඒක තමයි. ඇයි අනේ එහෙම බැරි?
Deleteවිචාට චොකලටුත් පතරොම් වගේ පේනවද.වැඩියම දැකල පුරුදු දේනොවැ.
Deleteහන්තානේ ගීතයක් සහ ඉතුරු පොත් දෙක මගෙ ළඟ නං තියෙනවා.
ඔය චොකලට් ෆැක්ටරි වල වැඩ කරන අය හොරෙන් චොකලට් කන එක වළක්වන්නේ කොහොමද? මට නම් ජිවිතේට ඔහොම තැනක වැඩ කරන්න බැරි වෙයි.. ෂර්ලොක් හෝම්ස් ගේ මියුසියම් එක ගැනත් පෝස්ට් එකක් ලියල දාන්න.
ReplyDeleteහොරෙන් කන්න හොද නෑනේ. එතකොට අපායේ යනවා.
Deleteඒ අයට චොකලට් දැකලම එපා වෙලා ඇති පැතුම්.ෂර්ලොක් හෝම්ස් මියුසියම් එක ගැනත් පසුව ලියන්නං.
Deleteඅහ් ඕක සතියයි යාළුවා. චොකලට් කයි වැඩිම වුනොත් සතියක්. එතනින් එහාට සුවද දැනුනත් අප්පිරිය වෙන ගානට එනවා. අත්දැකීමෙන් කියන්නේ
Deleteශඃ ඔය වගේ චොකලට් ෆැක්ටරියක ජොබක් ලැබුනා නම්.
ReplyDeleteමේක කියෙවුවට මාව ටිකක් කරකවලා අතහැරියා වගේ. මට කලින් කොටස මිස් වෙලා. ගොහින් ඒකත් කියවලාම ඉන්නම්. :D
පහුගිය පෝස්ටුවට ප්‍රියා කමෙන්ට් කරලා නැතිවුනාම මිස් වෙලා කියල මට හිතුණා.
Deleteඅයි ලෙව් සොකලට්...
ReplyDeleteහම්මේ...
එකම එක පාරක් සුවිස් සොකලට් එකක් ගිල්ල ලොස් නැතිව...
හිහි..
මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්
මේ පොත් එකක් වත් අද හොයාගන්න බෑ..
මල් මාවත කියෝල තියේ..
ඒත් අනිත්ව හොයාගන්නවත් නෑ
ඕකේ තමයි තිබ්බේ හැලපයියේ මෙහෙම
Deleteසක් දෙවි රජින්දා
සත දහයක් ඇහින්දා
බීඩී බොන හින්දා
ඒක ගත්තා උගේ නැන්දා
විජිත පුර සටනට
ගොසින් එන ගැමුණු කුමරුට
හිතුනා නාන්නට
ගොසින් පැන්නයි බෝක්කුවකට
අනෙක තමයි සකලසේනගේ කථාව
සකල සේන කෙල්ලෙකුට කියනාවා (කෙල්ලගේ නම් මතක නැහැ) මෙයා මට ඔයාව ඉඹින්න හිතෙනවා. කෙල්ල නෝ කථා, ආයේත් කියනාවා මට ඔයාව ඉඹින්න හිතෙනවා. කෙල්ල නෝ කථා, ආයේත් කියනාවා මට ඔයාව ඉඹින්න හිතෙනවා. කෙල්ල නෝ කථා,
මල පැනපු සකල සේන අහනවා මෙයා ඔයා බිහිරිද?
කෙල්ල අහනවා සකල සේනගෙන් , අයි සකලසේන ඔයාට අංසබාගේද කියලා?
කළුතර කච්චේරියේ පුසත්කාලයේත් රුහුණු විශ්ව විද්‍යාලීය පුස්තකාලයේත් මේ පොත් තුනම තියෙනවා මට මතක විදිහට
උදාර,
Deleteසකලෙගෙ කතාව මරු!
හැක් හැක්....
Deleteකිරි ටොයිය කතාව.
Deleteආසයි කියවන්න.. ඒත් කළුතර යන්නයැ අය්යෝ.. දැං ඒව ප්‍රින්ට් කොරන්නෙ නැද්ද කොහෙද... සැක්ඉතරක්
Deleteඔය කවි ටික තව දිගයි.
Deleteමාවැනි බිළින්දා
කොට කලිසමක් ඇන්දා
එය බුරුල හින්දා
උඩට උස්සා ගැටේ දැම්මා
මහරජ පැරකුම්බා
දේවියගෙ පුක ඉම්බා
දේවිය පුක පුම්බා
ඇරිය xඩයක් රට කලම්බා
දිග දිග වැටකෙය්යා
මැද සිටින අය්යා
ගෑණුන්ගෙ දෙය්යා
තමයි අපිලඟ අxxxxxxx
හපොයි මාලුකඩේ ජොරාගෙ සින්දුව මෙතන ලිවොත් හැළපෙගෙ සයිට් එකෙන් මව බෑන් කරනව. මෙතන මේ ළමයින්ගෙ පින්තූරත් දල නෙව. මං ගියා.
ඉන්දිකගේ කවිවල පලවෙනි දෙකේ මං අහලා තියෙන වර්ෂන් පොඩ්ඩක් වෙනස්...
Deleteමා වැනි බිළින්දා..
ලොකු ජංගියක් ඇන්දා..
ඒක ලොකු හින්දා..
ඊට පහලින් පටිය බැන්දා...
දෙවැනි එකේ වෙනස් වෙන්නේ රට කලම්බා කියන එක “රජු කලම්බා“ කියලයි...
මගෙ ළඟ නං පොත් තුනම සුරක්ෂිතව තිබෙනවා.ආවොත් කියවන්න දෙන්නං.
Delete+++++++++++++++++
Deleteඉන්දික අයියගෙ කවි පෙළට...
//ඒත් අනිත්ව හොයාගන්නවත් නෑ
Deleteමචෝ මෙතන තියේ බඹර සර
හලෝ හැලපෙ,
ReplyDeleteඉතිං කොහොමද? අද නං මට උදේම ඇහැරුනා නේ. ඒ හින්ද මම උදේම ඔපිස් ආවා. අද හරි වැස්ස දවසනේ. ඉතිං මං ආපු ගමන් පොත අත්සන් කරලා, පල්ලෑහට ගියා උදේට කන්න. ඉතිං මම පොල් සම්බල්,මිරිස් මාළු,ගෝවා මැල්ලුම්,අල හොදි එක්ක බත් භාගේකුත් කෑවා. ඊට පස්සේ තේ එකකුත් බිලා ගොලිප් එකකුත් පත්තු කරන් මේ ආවේ බ්ලොග් එක බලන්න.
ඉතිං හැලපෙ මම නං හරිම ආසයි ඔය වගේ ෆැක්ටරි බලන්න. හැබැයි මම කැමතිම අරක්කු හදන ෆැක්ටරි බලන්න. ඒවා බලන්න යන අයට අඩියක් එහෙම ගහන්න දෙනවා ඇති නේද? හැලපෙ ගිහිං නැද්ද ඒ වගේ තැනක් බලන්න?
ආ හැලපෙ, මගේ මිත්‍රයෙක් ආවානේ ඊයේ රෑ රට ඉදලා. අද හවස අපේ ගෙදර එනවා කිව්වා. අද හවස නං හොදට ඇගපත රත්වෙන්න බොන්න තමයි ඉන්නේ. පුළුවන් උනොත් පොටෝ එකක් අරං දෙන්නකෝ මගේ පොට්ට කැබරාවෙන් අපේ මාතලන්ට,රාජ්ට, හැලපෙට බලාගන්න.
දැන් ඔපිස් එක වැඩ පටන් ගන්න යන්නේ. මම එහෙනං දවල් කෑමට කලින් පොඩ්ඩක් මේ පැත්තේ එන්න බලන්නං කෝ.
ඇයි උඹ ගිහිල්ල නැද්ද අර හංවැල්ලෙ බියර් එකට? බලන්න කියල නං මහලොකු දෙයක් නෑ. නමුත් නමුත් ලොකු ශීතල බියර් මග් එකක් ලැබෙනව. බියර් වල නියම කොලිටිය බලාගන්න නං කූල් පිට එන බියර් එක එවලේම බොන්න ඕන.(දෙවනුව/තෙවනුව ශීත කලාට ඒ කොලිටිය නෑ).
Deleteඇනෝ මචං, රාජ් කියපු තැනට දුවගෙන යමුද
Deleteහිටු මාත් එනව
Deleteදැන් ඉතින, හැලපෙ ගැනවත්, හැලපැට්ටා ගැනවත්, චොකලට් ගැනවත් කොමෙන්ට් කොටන්න වෙන්නේ නෑ. මොකෝ චොකලට් වලට වඩා රහයි. අපේ ආතල් ඇනොගේ කොමෙන්ට් එක.
Deleteආතල් ඇනා යමු ද වෙලාවක කඩඩුවෙලත් තියනවා නුවරඑළියෙත් තියනවා බියර් ෆැක්ටරි...
Deleteකඩුවෙල එනවනං මාවත් එක්ක පලයව් ඈ...
Deleteඅම්මෝ මේ අපේ යාලු ඇනෝ නොවැ හරිම සතුටුයි.අරක්කු හදන පැක්ටරියක් බලන්න යනවා නං මාත් එනවා.අපි සීදුවේ යමු නලිනුත් එනවනං ගොලිප් ලොරියකුත් අරං යමු ඈ.
Deleteඑල ද බ්‍රා. අයියන්ඞි අපේ පැක්ට්‍රිෙය් විසිට් එකක් දාලා පෝසට් එකක් ලියමුද?
ReplyDeleteහා මචං
Deleteලියමු,උඹ බ්‍රා ගැන ලියපං.දන්න සබ්ජෙක්ට් එකනෙ මම බ්‍රා ඇතුලෙ තියන ඒව ගැන ලියන්නං.
Deleteහැලප අයියේ, පී.එම් ජයතිලකයන් ගැන ලියන්න බැරිද? මමත් බොහෝම ආසාවෙන් කියවපු පොත් 3ක් තමයි "මල් මාවත", "බඹර සර" හා "හන්තානේ ගීතය". ඒ ලියල තියෙන්නෙ පී.එම් ජයතිලකයන්ගේ ජීවිත කතාවද?
ReplyDeleteඔව්. ඔබ හරි.
Deleteඇත්තටම ඒ ලියා ඇත්තෙ ජයතිලකයන්ගේම කතාවයි.
Deleteඅද ලිවිල්ල නං වැඩිය රහක් නෑ බං. මං යනව. පස්සෙ එන්නං.
ReplyDeleteඋඹ ලියලා තියෙන පොදු අපේක්ෂා ගැන ලිපියත් ඒ වගේ තමයි. ගූ හතයි.
DeleteAnonymousAugust 10, 2014 at 9:57 PM
Deleteහා මචං!
සංංතෝසයි. මං බයේ හිටියෙ 70ක් වත් කියයිද කියල.
ඔහොම තමා බං හැමදාම රහට උයන්න බෑනෙ.
Deleteහැබෑටම බං හැලපේ ඒ කෑම හදන තැන්වලට එලියේ ඉඳලා එන අමුත්තෝ කිසිම වගවිභාගයකින් තොරව ඇතුලට ගත්තාම ප්‍රමිති සහතිකවලට ඒක බලපාන්නේ නැද්ද දන්නේ නෑ නේද? උදාහරණයක් විදියට බොහොම ලේසියෙන් චොක්ලට් එකක් ඇතුලට කෙස් ගහක් යන්න පුලුවන් .
ReplyDeleteනෑ තාත්තී. එහෙම කෙස් ගස් යන්නේ නෑ. මොකද හැමෝගෙම උඩ-යට දෙකේම තට්ටේ බාලනේ ඇතුලට ගන්නේ. ඒ හින්දා මොකුත් වෙන්නේ නෑ.
Deleteමෙතන මට පේන විදියට අර පහල ඉඳන් තුන්වෙනි පින්තූරෙදි ඇර අනෙක් ඒවගෙදි බාහිර වාතය චොක්ලට් එක්ක ගැටෙන්නෙ නෑ කියලයි. මොකද අනෙක් නිෂ්පදන ක්‍රියාවලියෙ පින්තූර අරන් තියෙන්නෙ එක්කො වීදුරුවකට එහා පැත්තෙන් ඉඳන්, නැත්තන් ඒව සීල්ඩ් කන්වේයර්ස්. අර මම කියපු එකේනං පේන විදියට එක බොක්ස් එහෙක ඉඳන් අනිකට මාරුවෙනකොට චොක්ලට් ට්‍රේ එක බාහිර වාතයට නිරාවරණය වෙනව වගේ!
Deleteනෑ හෙන්රි ඔය ඉන්දික කියා තියෙන ආකාරයටම සියලුම දේවල් අපි බැලුවෙ වීදුරුවකින් පිට ඉඳගෙනයි.
Deleteමං හිතන්නේ ඔය කියන පී එම් ජයතිලක 1959 ජාතිවාදී කෝලාහල කාලේ නගරබද කොල්ලෙකු ගේ ජීවිතය ගැණ ලියලා තියෙනවා මරු නවකතාවක්. මං ඒකේ අන්තිම හරිය හැර අනිත් සේරම දෙතුන් සැරයක් කියවලා තියෙනවා. (අන්තිම කොල කීපය ඉරිලා ගිහිනුයි තිබුණේ.).
ReplyDeleteඒකේ හිටිය මීනා කියන දෙමල කෙල්ලට මොනවා වුණාද කියලා තාමත් දන්නේ නෑ!
මීනා පස්සේ කාලෙක මලා.
Deleteතෝ රෙන්නේ නැතුව හිටපිය මැෂින් බිජ්ජෝ
Deleteබොහොම ස්තුතියි යාලුවා
Deleteකකා කියන නවකතාවේ නම මතක නැද්ද.
Delete//"මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්" යනුවෙන් එකිනෙක ඈඳුණු රසවත් කතා පොත් තුනක් ලියා තිබෙනවා.වැඩි බරක් නැති ඉතා සැහැල්ලු රසාස්වාදයක් ගෙනදෙන මේ පොත් තුන මා කියැවූ වාර ගණන මටවත් මතක නැති තරමයි.//
ReplyDeleteමමත් එසේමැයි.
වැඩිපුරම හිතට ඇල්ලුවේ "බඹර සර"
අම්මෝ ඔව්,මම නං ඉස්සෙල්ලම කියෙව්වෙත් වැඩියම කැමතිත් හන්තානේ ගීතයටයි.
Deleteඑලනේ.. උනු චොක්ලට් වලට නං ආස නෑ
ReplyDeleteඋණු චොකලට් ටිකකින් සීතල වෙනවනෙ සීතල වෙලා තද වෙනවා.
Deleteමම ආසම චොකලට් එක හදන තැනටනෙ හැලපෙ ගිහින් තියෙන්නෙ. Lindt. බ්‍රැන්ඩි දාල වගේ රස එකක් තියනව මරු.
ReplyDeleteDilmah තේ ඇසුරුම් කරනතැනට අපි ගියත් අපේම තැනක් උනත් එතන තියන සපත්තු , ජැකට්, තොප්පි දාල යන්ඩ ඕනෙ. අයිතිකරුටත් පොදු නීතියක්. කිරිවලින් හදන දෙයක් මේ විදිහට හදන එක හිතාගන්නවත් බෑ. අපි හැලප හදන්නෙත් මෙයිට වඩා පරිස්සමින් නැද්ද හැලප අයියා.
මෙතන පරිස්සමක් නැහැ කියන්න බෑ බං,ඔක්කොම කවර් කරලයි තියෙන්නෙ.හැලප හදන අලුත්ම ක්‍රමය ගැන මම ලියපු කතාව කියෙව්වද?මේ තියෙන්නෙ කියෝලා බලහංකො.
Deletehttp://helapakade.blogspot.com/2013_06_01_archive.html
මට නම් ආසා හිතුණේ හැලපැට්ටාගේ ෆොටෝ එකට. :)
ReplyDeleteෂර්ලොක් මේ ලිපිය කියෙව්වා නම් මොනවා හිතෙයිද? හැලපයා මේක ලියන්ට කලින් හිටපු තැන්, කල දේවල්, මේ පින්තූරුවලින් කියවෙන්නේ මොනාද? මේ වෙලාවේ හැලපී කලේ මොනාද වගේ විස්තර ඔක්කොම අහගන්ට තිබුණා...ඊට පස්සේ සිද්ධ වුණු භයානක චොක්ලට් කොල්ලය ගැනත් කියවන්ට තිබුණානේ...:D
මොනාද අප්පා ආසවෙවී ඉන්නෙ පැට්ටෙක් හදාගන්නවා මිසක.මේ වෙලාවෙ හැලපි කලේ මොනවද කියල කිව්වම නං මට හිනාගියා.දනිස්සේ අමාරුවක් නිසා හැලපිට අපිත් එක්ක උඩට නගින්න බැරිවෙලා පහළට වෙලා ඉඳගෙන හිටියා.ඒ ඉන්නහැටි මම උඩ ඉඳන් පිංතුරයක් ගත්තා.හරි ෂෝක්.
Delete//මයිලක් කිව්වම මට එකපාරටම මතක් උනේ අර යකාට ගම හාමිනේ වැඩක් පවරපු ආකාරය.මං ඒ කතාව කොහේ හරි ලිව්වනං මතකයි ඒ වුනාට මේ තදියමට හොයාගන්න බෑ ප්‍රසන්නට පුලුවන්නං ලින්ක් එකක් දානවද.//
ReplyDeleteආයෙ මොනවද. මේ තියෙන්නෙ බඩු.
අම්මප මමනං තව වෙනකල් ගිහිල්ල තියෙන්නෙ සිගරට් හදන එක බලන්න විතරයි. හැබැයි එතනනං සිගරට් බොන්න දෙන්නෙ නෑ තියා අපිගාව තියෙන එකත් සිකුරුටි එකට දෙන්න ඕන.
හැලපැට්ටනං මට හිතෙන්නෙ චොකලට් කාල මත් වෙලා වගෙයි.
ආන්න බලන්න යනවනං තැං !!!! ඕ යේස්.
Deleteවැඩක් නැ බං අපිගාව තියන ඒවාත් උන්ට දෙන්න ඔිනෙලු හිගන පැක්ට්‍රි
Deleteඅනේ බොහොම ස්තූතියි ප්‍රසන්න.සිකරට් හදන තැන බලන්න යනවනං නලිනුත් එක්ක යන්න හොඳද.
Delete//නෝක්කාඩු කිව්ව විතරක් නෙවෙයි දාන්න දාන්න කියා කියා පොර ගැහුවනෙ //
ReplyDeleteමොකද්දෑ බං ඒ හරුපෙ ? :D
මොකුත් නෑ පත්තරේ,පිංතුර දාන්න කියා කියා පොර ගැහුවෙ බොලාමනෙ.
Deleteහැලපේ මගේ යාළුවෙක් හිටියා
ReplyDeleteමිනිහා චොකලට් කාලම මලා !!!!
අනේ මංදා බං,දැන් ඔය විදියට යාළුවො බර ගානක් මැරිලා තියෙනවා නේද.කෝකටත් උඹ පරිස්සමෙන් ඉඳින්.
Deleteහැලපෙගෙ කතා හැලප වගේම රහයි. අනේ මන්දා මේ ඇනෝ බොන්න ගත්ත වතුර ටිකත් හිරවෙනවා හිනා වෙලා හැමදාම බැලුවට අද නං කොමෙන්ට් කලේ මේ අමද්‍යප ඇනෝකාරයා නිසාමයි. මිනිහගෙ යාලුවො ගිය සතියෙත් චොක්ලට් කාල මැරුණද කොහෙද
Deleteහැලපේගේ හැලප ස්ටයිල් මේකේ නෑ නේ.
ReplyDeleteආ ගණන් ගන්න එපා රංගි.ඕක හරියාවි.
Deleteඅර ඇනොා් කියපු විදියට කල් කම්මලකට යන්න තියනවනං හොදයි...
ReplyDeleteහැබැයි චොකලට් ෆැක්ටරියට යනවනං ගුලියක් කාල තමයි මං නං යන්නේ දෙයියම්පා.. එනකොට හිනා වෙවී ආ හැකිනේ...
ඊ ලග පෝස්ටුවෙන් හැලප ස්ටයිල් එක දකින්නට ලැබේවායි පතමි...
ජ ය වේ වා !!!!!
නම්බු දීල පහේ ටොපියක් කියහං :D
Deleteටොපි කාල කම්මල පැත්තෙ එනවනම් මටත් මටත් ගෙනෙන්. ඔව් ඔව් පහේ එකක්
Deleteඅර යෝධයෙක් අත්දෙක බැඳගෙන ඉන්න බ්‍රෑන්ඩ් එකෙන්ද :D
Deleteපහේ ටොපියක් අරන් (දැන් නං පනහටත් හොයාගන්න අමාරුයි) උඩු තල්ලෙ අලවගෙන පැය බාගයක් විතර ආතල් එකක් අරගෙන ඊ ට පස්සේ........................................... පැණිරස සොයා යාම.....................
Deleteමළ ගෙවල් කිව්වනං ඉතිං ඈ … ටොපි තමා :D
Deleteශ්‍රීමත් කියල බ්‍රෑන්ඩ් එකක් තිබුන ඒකම හොයන් වරෙන් පත්තරේ..
Deleteඊළඟ පෝස්ටුවෙන් ස්ටයිල් එකට එන්න බලමු.
Deleteහැලපැට්ට චොක්ලට් කාලා මත්වෙලා නම් තමා . මටත් චොක්ලට් කනකොට බ්‍රේක් නැහැ.
ReplyDeleteචොකලට් කද්දි කාටද බ්‍රේක් තියෙන්නෙ සොන්යා.දැන් අපට නං ඕවා තහනං ජාති.
Deleteමම දැන ගත්තා අනුන්ගේ මළ හෝන්තු ලියන්න ගිහින්. අපි ආදරය කරපු හැලපයා මිය යන බව.
ReplyDeleteඔය පොටෝ පබ්ලිස් කේස් එකකට ගිහින් තවත් එකෙක්, මීට කලින් මළා. ඌ නම් ආයෙත් ඉපදිලා තිබුනා. අපේ හැලපයත් නැවතත් අප අතරම ඉපදේවා....!!!
ඔව් ඌ මැරිලා ...
Deleteඌ දැන් ප්‍රේමලතා කියලා ආපහු ඉපදිලා
මම මෙහෙම කියන්නං මචෝ.
Deleteනචාහු න ච භවිස්සති-න චේතරහි විජ්ජති
එකන්තං නින්දිතෝ පොසො-එකන්තං වා පසංසිතෝ.
තනිකරම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙරද නොවීය,මතුද නොවන්නේය,දැනුදු නැත.
(ධම්ම පදය )
හුටා...
Deleteමොනවද බං චොකලට් කතා. ලියහංකො කලින් එක වගේ ගල් කතාවක් අපට හිනාවෙන්නත් එක්ක.
ReplyDeleteගල් කපල අමාරුවට චොකලට් කෑල්ලක් කාල ඉඳින්.
Deleteමේ හැලපැට්ටවමද කලිනුත් දැක්කේ?/ මං හිතන්නේ මේ එයා නෙමේ
ReplyDeleteඔන්න ගම කන්න හදනවා. මේ බ්ලොග හැලපක්කත් බලනවා.
Deleteනිතායානුකුල සහ නිතායානුකුල නොවන දෙකක් ගැන අහලා තියනවද රෙහානි?
Deleteඅපොයි ඔයාට පෙනෙන්නෙ එහෙමද රෙහානි.
Deleteසැක් මෙකෙ එච්චර විස්තරයක් නැනෙ බන් අයියෙ.
ReplyDeleteහා එකෙන් කමක් නැ.අන්නර පොඩ්ඩිට ආසහිතිල.උදවුවක්වත් කොරන්න බලහන්.
ඔව් බං,පොඩ්ඩි දරු දුක හැදිල දරුවො ගැන දුක්වෙවී ඉන්නවා.එකෙක් හදාගත්ත නං ඉවරනෙ.
Deleteමට නං හැලපයියව අදුනගන්න බැරිවුණා පෝස්ට් එකේ හැම තැනම හෙව්වත්. කොහෙද යකෝ හැංගුනේ
ReplyDeleteඔව්ව ඔහොම තමයි නලින්.දැන් බලන්න ඔයත් සමකය අත ඇරල දාල ගිහිං FB එකේ හැංගිලා හිටියේ.
Deleteහැලපේ හැමෝටම ඕනා එක එක ඒවා ඔක්කොම එකපාර දෙන්න බෑ කියලා මේ කට්ටියට කියාලා කැන්ද කොළයකින් ඔතාලා දෙන්න මෙයා ...... මටනම් අද කතා ටික එල ... කතා ටික බලලා අර කන්දේ ඒකිගේ කොමෙන්ටුව කියෙව්වම එලද බ්‍රා ("එලද බ්‍රා" අයිතිය හා සංරක්ෂණය සංජීව මෙන්ඩිස් සතුය )
ReplyDeleteඅයියන්ඩි උඹත් වරෙන් අපේ පැට්ටෙරිය බලන්න එතකොට තේරෙයි බ්‍රා නම් එල කියලා.
Deleteනැද්ද මේ නිකං අර චොලලට් පැට්ටරියෙ චොකලට් කන්න දෙනව වගේ උඹලයි පැට්ටරියෙ මහන බ්‍රා මේ මේ මේ … … …
Deleteඅරි අරි මට තේරෙනෙවා හොරා වගේ ගොත ගහනකොට.
Deleteආ...පුරේ උන් දෙන්න, හී කියල හිනාවෙයල්ල බලන්ඩ රජරට මාක් එක තියනවද බලන්න. :-D
Delete@කම්මලේ
Deleteඅන්න ඒක තමයි මචං අපි දෙන්නාගේ වෙනස පුරේ එවුන් කොළඔ කියනකොට අපි කොළඔන් දකුනෙන් පුරේට ගිහින් රටරාඡ්ඡවලත් බය නැතුව පුරේ කොල්ලෝ කියනවා. ඒ පුරේ අපිට ඡිවිතය කියලා දුන්නා ඡිවිතය දුන්න නිසා. පුරේ මාක් එක තියෙන්නේ අපේ දත්වල නෙමෙයි බං අපේ හදවතේ ඇගේම.
පුරේ කොල්ලන්ට මොනවද බැරි ගහගන්න ගස් නගින්න පිනන්න බොන්න ගංඡා ගහන්න ඔිනම දෙයක්. පුරේ කොල්ලෝ අම්මා දෙනවා කිව්වොත් තාත්තව ගස් බැදලා හරි දෙනවා වචනයක් කි්ව්වොත් කිව්වා. වැඩක් බාර ගත්තොත් කෑල්ලෙන් කෑල්ල ගියත් ඉවර කරලා තමයි පස්ස බලන්නේ.
පත්තර මලයන්ඩි එකගයි නේද?
ඕක අපි යාලුවන්ට කරන කොමන් විහිලුවක් බං. අපිත් කාලයක් පුරේ ලැගල හිටිය. ගංජ ගැහිල්ල අතින් උඹලට අපි සෙකන්ඩ් තමා මෙන්ඩියො.
Deleteමගෙ හොදම යාලුවෙක් යුද්දෙදි මැරුන උගෙ මල ගෙදර ආව දවසෙන් පස්සෙ මට පුරේ එන්ඩ දුකයි බං. නුවර වැවේ බන්ට් එකේ මලක් ගහල, නයිට් කඩේකින් කොත්තුවක් කාල යාපනේ හන්දියට පාගල් එකේ ගිය බොක්කෙ සෙට් එකක් මටත් හිටිය.
බෑ බෑ මෙන්ඩිය උඹ මාව කොයි තරම් සංවේදී කරන්න හැදුවත් මාක් එක නැත්නම් උඹල දකුනෙන් ගිහින් එහෙ නම ගන්න හදන උන්.
ඔව් බං මැලේ එක එකාගෙ රස විවිධයිනෙ.හැම කෙනාම එකවර තෘප්තිමත් කරන්නෙ කොහොමද?
Deleteමෙන්ඩියා බොක්කෙං කොළබොක්කෙංම එකඟයි..හත් ඉලව්ව්‍යි තව ආත්ම හතකට ඇතිවෙන්න ගංජ ගහලා තියෙන්නෙ :D ආයෙ මක්කටෙයි නම්බු නාම අපිට ඕං..අපි කොහෙං ගියත් දැං කොහේ හිටියත් පුරේ තමයි මගේ ගම.. ඒ නුවරවැවේ හුළඟ තරං ඒ සී සැප නෑ මචෝ..
Deleteඅම්මට කම්මල අයිටත් අපේ ඒරියල් එකේ ගැවසිලා තියෙන්නෙ..එකෙන්ම අපි රෙෂ්පට් ඈ.. දන්නවනෙ මචෝ වැව් බන්ට් එකේ සැප.. අනුරාධපුරේ මාක් එක නැත්තං පුරේ නෙමෙයිලු. හැක් … උඹත් මරු බොල :D
මල්ලි, ඔය උඹලෑ ගමේ වළිසිංහෙ ළමේක් දවසක් මට කිව්ව "අය්ය අනුරාධපුරේ වැවකින් නෑවොතින් ආයි වෙන දිහාවකින් නාන්න හිතන්නෙ නෙ" කියල. පස්සෙ මම ඕකෙ තේරුම ස්වර්ණපාලියෙ ලමේක්ගෙන් ඇහුවම කිව්වෙ "අය්ය වළිසිංහෙ ලිඳකින් නෑවොතින් ආයි වෙන දිහාවකින් නාන්න හිතන්නෙ නෙ" කියල. මොකෑ බන් ඒ?
Deleteපුරේ ඉස්කෝල ටික කාල.හැක්.මට ඉස්සෙල්ල කියහං ස්වර්ණපාලියෙ ළමයෙක් එක්ක ගණුදෙනුව කියල..ඉස්කෝලෙයක් කිව්ව ගමං මුන්ට ස්වර්ණපාලියමයි ඕනැ :D ඔය වැව් වල නෑම සහ මාලු අතරෙ මොකක් හරි ඇති නේද .අපි නං දන් නෑ ඕව...වලිසිංහෙ ලිං වලට වඩා ස්වර්ණපාලියෙ ලිං ෂෝක් මටනං.. ලිං නෙමේ ඒව උල්පත් .නිල් කැටේට වතුර.
Deleteයකෝ වළිසිංහෙත් නිල් ටයි දාපු ළමේක් බං ඕක කිව්වෙ :D
Deleteඋඹලත් කොළඹ ඉඳං ඇවිල්ලා වන්නියේ අපිටම කෙළලා පලයල්ලා … චැහ්.
Deleteඔව් ඉතිං ගුණසේකරේක එල්ලුනාම පැය පහ නෙවැ නැද්ද …ආදරේට හැතැම්ම නෑ කියන්නේ :D
සෙන්ට්‍රල් එකේ කෙල්ලො කලුද ? හුග් පලයල්ල බොලවු යන්ඩ,
Deleteඉන්දික අයියන්ඩි එහම කථාවක් තියනවා
Deleteපුරේ වැවකින් නාලා ලුල් මාලු එක්ක බත් කාපු එකෙක් ආය පුරෙන් යන්නේ නෑලු
ස්වර්ණපාලිය ඡෙශපියන්ස්ලාට සින්නක්කරේට ලියලා දිලා තියෙන්නේ.
කම්මලේ ඇතුලු මගේ යාලුවෝ ඔක්කොටම.
රැවැන්වැලි සෑයේ තියනවා ප්‍රර්ථනා ගල කියලා තැනක් එතනට ගිහින් දිර්ග කාලයක් තිස්සේ තමන්ගේ හිතේ තියන ඉටු නොවුන ප්‍රර්ථනාවක් තියනවනම් ඒක ඉෂ්ට වෙන්න කියලා ඉල්ලන්න අනිවාර්යයි අත්දුටුවයි ඉටුවෙනවාමයි බොහොම වගකිමෙන් කියනනේ( ඡාති කුල ආගම් බෙිදයක් නොමැත).
පිරිමි දරැවෙක් බලාපොරෝත්තු වෙනවානම් රැවන්වැලිසෑයටයි ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ටයි බාරවෙන්න ඇතෙක් වගේ පුතෙක් ලැබෙිවි.
පැතුම් ඉටුවුන දවසක සුදු නෙඵම් මල් වට්ටි හතක් පුඡා කරන්න විශ්වාසයෙන් තව කෙනෙුට කියන්න.
කම්මල, සෙන්ට්‍රල් එකේනං කිසිම දෙයක් නෑ බං. හැබැයි අර නිවත්තකේ පැත්තෙත් යමක් තිඋනා. ඔය අපි ආ ගිය කාලෙ තමා ඒකෙ කොල්ලෙක් ගිනිතියාන මලෙත්.
Deleteප.ම, ඒ කාලෙ ගුණසේකරගෙ බස් නෙමේ බං, සී ටී බී හරි කෝච්චි හරි තමා. හ්ටහන්කො, ටවුමෙ සාම විහාරෙ මහවිළච්චියේ විමලෙ සමග එක්තුවෙලා ඔය පලාතෙ කල දේ ලියන්න ඕන වෙලාවක.
සිරීපාදෙ වන්ද වන්න හිස ඔලියල් බැඳලා
Deleteසිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පූජාවට අලුත් සාල් පුදලා
සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
කිරිඅප්පේ අපේ ඉස්කෝලයක් ගැන කතා කරද්දි මට තියන සතුට… මං එකෙන්ම ජෝෂප් එකා . කම්මලේ මචෝ මෙන්ඩියලයි අපියි තමා බිග්මැච් එක..සෙන්ට්‍රල් එකේ කෑලි වලට අපි ටෝක්ෂ් නෑ. ඒව ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ. ඒව උන්ට. කඩ පණහෙ ලයන් එකෙන් දුමක් ඇරං ඇදලා තමා ඉස්කෝලෙට යන්නෙ 9 ට විතර.මොකෝ ස්වර්ණපාලියෙ නංගිල එහෙම ඉස්කෝලෙ ළඟටම බස්සල එන්නත් එපෑ.
Deleteඉන්දික අයියා. උඹ ලියහංපෝස්ට් එක . අපි බලාගන්නං ඉටුරු ටික. නැද්ද කම්මලේ ,මෙන්ඩියෝ
රුවන්වැලි සෑයෙ ප්‍රාර්ථනා ගල ගැන ඇහුවෙ ගිය අවුරුද්දෙ, එතන ඉදන් කරපු ප්‍රාර්ථනාව හරි ගිහිල්ලනෙ.
Deleteඅඩේ මෙන්ඩිය ස්තූතියි මතක් කලාට.
ප.ම අපි ආවෙ යාල් දේවි එකේ. පෙම් සුව විදිමින් එන්නෙ නම් ගම්පහින් 8.55 තිබ්බ එකේ. ඒක බූමි තෙල් කරත්තෙ වගේ. මිරිදිය හෝටලේ ගාවින් වැව ගාව තිබ්බ මාලු වාඩියට ගිහින් ගලක් ගහල මලක් ඇදල අෆ්ෆා ...
කෑලෑ පූසො, සෙන්ට්‍රල් එකේ නිවුන්නු ඩබලක් හිටිය මට දෙන්න පැටලිලා චාටර් වෙනව.
මචෝ මං ඉස්සර දවල් 3.20 ට තියන එකේ කොළඹ එනවා. ගෝල්ලීෆ් පහ හයක් ඇරං බහිනව ෆුට්බෝඩ් එකට. නැත්තං 5.05 ට තියන රජරට රැජිනේ.. ගුණසේකර ආවට පස්සෙ ඒකට සෙට් උණා..
Deleteමචෝ උඹ් දන්නව නේ පරණ බස්ටෑන්ඩ් එකේ සියරට හෝටලේ. ඔතන ලංකාවෙ ප්‍රසිද්ධ ගායකයකුගෙ පටන් ගැන්ම.. අපි ඕකෙන් කනවා ඉස්සර :D
පත්තරේ, යාල්දේවි නෙමෙයි රජරට රැජින තමයි. දැන් අවුරුදු 20 කට කලින්නෙ බං. ගායකයගෙ කතාව මාත් අහල තිබ්බ.
Deleteසියරට හෝටලේට අපේ හාමිනේවත් එක්කගිහින් කන්න දුන්න. ජෝශප් එකට ගිය යාලුවෙක් හිටිය උගෙ සනුහරේම ඉතාලියේ (අපේ අයිය ගෙ යාලුවෙක් ) නම මතක නෑ. නිවන්තක චේතිය පැත්තෙ ගෙවල් තිබුනෙ.
මචෝ මෙදා පාර ඇවිත් මං ගියා සියරට හෝටලේට. මමයි ජයතිලක බණ්ඩාර මහත්‍තයයි අම්මයි වයිෆුයි .ඒ අංකල් නං නැතිවෙලා . දැන් කරන්නෙ එයාගෙ නංගියි මහත්‍තයයි.බෑන්ක් එකෙන් අයින් වෙලා නංගි..හරිම ආදරෙන් පිලි අරං කේක් එකකුත් ඔතලා දුන්නා.රත්තරං මිනිස්සු මචෝ.ඒ ගායකයා නං මුල මතක බවක් දැනෙන්නෙ නෑ..
Deleteනිවන්තකේ නෙමේ මචෝ බුද්ධගයා මාවතේ නං අපිට වැඩිමල් අයිය කෙනෙකුයි සනුහරේමයි ඉතාලියෙ ඉන්නවා.. ස්ව්ට් එකම ජෝෂප්. හම්බුන වෙලාවට ලොවෙත් නෑ :D
ඉන්දික අයියන්ඩි ලියහන්කෝ පුරේ ගැන අපි ගහනවා ඩබල් සැලියුට්.
Deleteපත්තර මලයන්ඩිගෙයි මගෙයි කාල වකවානු වෙනස් වුනාට ආතල් එකයි. අපි බැස්සේ හයිලයිට් හෝල්ට් එකේ අලුත් බස් ස්ටැන්ඩ් එකේ ශ්‍රි දේවි හෝටලය, පරන බස් ස්ටැන්ඩ් එකේ වෙස්ට්‍රන් සැලුන් (නිව්ටන් අයියා), රාම කැලේ, සෙන්ට්‍රල් පාලම යට, මල්අතු ඔය පාලම යට. ඡෝශප් එක පාරේ කටාගේ පොට් එක,
අපේ ගැන්සිය ගුල්ල, කිරීයා, පුංචා දෙලා, මීයා, කදිරා දෝතේ, වස්සා, බඩි, අඩියා, එක යට රැවන්, ගල්කොටුව, පුඩිමා, පැනියා, පුක බරියා, රාඡගුරැ අයියා, හැපි අයියා, සෙන්ට්‍රල් නාලක අයියා, කලු මහේෂ් අයියා, වලිසිංහේ නෙවිල් අයියා.
මතකය අවදිව..............
Deleteමතකය අවදිව මා සතපන කල
අනුරපුරේ ගිය හැටි මතකයි
සැඳෑ කාලයේ තිසා වැව වටේ
දෙපා නැගූ සුව මට මතකයි..//
දුහුල් වලා රැල් හිමිහිට ඇදෙනා
හඳපානේ ගිය හැටි මතකයි
ස්වර්ණමාලි සෑ අබියස ඉඳගෙන
දොහොත් මුදුන් තැබුවා මතකයි
ගල් තල මත හිඳ බුදුන් වඳින විට
බුද්ධ කාය මැවුණා මතකයි
බුදු හිමි අබියස බණ ඇසුවා සේ..
හිත සනහන් වූ බව මතකයි..
අලුයම බෝපත් සෙලවෙන සුළඟේ
උඩ මලුවට පිය නැංගා මතකයි
සුදුමල් අතුරා පුදසුන අබියස
බුදුහිමිගේ ගුණ කීවා මතකයි
බෝ මලුවේ හිඳ ප්‍රාර්ථනා කල
ඒ පින් සිතිවිලි මට මතකයි
සිල් සුවඳින් මගෙ ගත නැහැවූ ඒ
අනුරපුරේ සිරි තව මතකයි
මතකය අවදිව මා සතපන කල
අනුරපුරේ ගිය හැටි මතකයි
සැඳෑ කාලයේ තිසා වැව වටේ
දෙපා නැගූ සුව මට මතකයි..
ගායනය: ගුණදාස කපුගේ
සින්දු ඇනෝ.
Deleteසිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ
මිහිරි අතීතය මැවුනේ
මටත් ඉඳලා හිට්ලා ලෝකයෙ ඉස්තරම්ම චොක්ලට් කන්ඩ හම්බ වෙනවා..දැනටමත් පොරොන්දු වෙලා ඉවරයි ආපු කාලෙක චොකො ෆැක්ටේරියකට එක්ක යන්නම් කියලා..කොලෝන් එක ගැනද කිව්වෙ කියලා අහලා බලන්නම්..ගියොත් මේ විස්තරේ එක්කම හැලපෙ අයියාව මතක් කරගන්නම්කො
ReplyDeleteබුරුසු හදන ෆැක්ටරියකට ගියොත් ඔයාට බඩුම තමයි. :-D
Deleteගිහිං මට වඩා හොඳට පිංතුර අරං එහෙම පෝස්ට් එකක් දාන්නකො අපට බලාගන්න.
Deleteඅෑ බං, ප්‍රසන්න උඹේ කව්ද??
ReplyDeleteඋඹට මොකටද ඒක. හැක්...
Deleteඇයි ඌ මට උදව් කරනවට තොට ඉරිසියයිද?
Deleteරත්තරං කොකෝ ගෙඩි තියෙන ගහ ගාව හිටිය අක්කගේ ජොබ් එක තමයි මං හිතන්නේ හොඳම.. ලේසි වැඩේ නේ.. ගොඩක් චොක්ලට් කන්නත් පුළුවන්නේ... :D
ReplyDeleteඅක්කගෙ ජොබ් එකට තුශානිට හිත ගියා නේද.එතන ඉඳන් චොක්ලට් කන්න ගියොත් රස්සාව කරන්න වෙන්නෙ නෑ.
Deleteහොඳ වෙලාවට මට ඔතන ජොබ් එකක් හම්බුනේ නැත්තෙ... එහෙම උනානං මගේ චොක්ලට් කෑමේ පෙරේතතම නැති වෙනවනෙ... චොක්ලට් නැති ජීවිතෙත් ජීවිතයක් ද.... නැද්ද මං අහන්නෙ.... හි හි
ReplyDeleteමාත් හිරු අක්කා එක්ක එකඟයි....
Deleteහැලපේ අයියනඩි ඊලගට බලන්න යන්නේ අරක්කු හදන තැනක්. අපි බලන් ඉන්නේ එතන වැඩට යන්න.
Deleteමං පීප්පෙක බැහැලා පියන වහගන්නවා … !!!!!!!
Deleteඒ කියන්නේ ගල් වැඩපොලක් ????
Deleteපත්තරය පියන වහනකොටම බට්ටෙක් පත්තු කොරල දානව ..,අම්මපා
Deleteඅරක්කු ගුදමක අවසන් හුස්ම හෙලන්න … ෂා !!!!!!
Deleteමොන තරං පහන් සිතුවිල්ලක්ද …
අවන්හලක ඉපදි මා මිය යනවා නම්
Deleteමේ සසරේ පින්කර ඇති එකම කෙනා මං
මෙහොතක්වත් නෑ කිසි අඩුපාඩුවකුත්
මියයනතුරැ සිටින්නේ මේ අවන්හලේ මං... අවන්හලේ මම.
//හොඳ වෙලාවට මට ඔතන ජොබ් එකක් හම්බුනේ නැත්තෙ...//අපි ඊළඟට බලන්න යන්න ඉන්නෙ අරක්කු පැක්ටරියක් හරි දංකොටුවේ කසිප්පු ගුදමක් හරි.ඒකට හිරු මොනා කියයිද බලමුකෝ.
Deleteමගේ පුංචි ගල් බාගේ,
Deleteමමයි උඹේ,
පෙරේත බඹරා,
උඹ පොඩ්ඩක්වත් නොසලන කුමරා........
(http://gal-arakku.blogspot.com/2009_10_01_archive.html)
ReplyDeleteචොකලට්....අනේ මන්දා අද වෙන තුරු ඔය චොකලට් ෆැක්ටරියක් දැකලා නෑ....චොකලට් කඩ වල නම් අම්බානෙකට කරක් ගහාලා ඇති...ඉතාලියට පය ගහපු අලුත චොකලට් කෑවා නෙවේ නෑවා..මොකද හබියා ඔය චොකලට් බෙදා හරින ෆැක්ටරියක වැඩ කලා...ගොඩක්ම ඔය කින්ඩර් වෙළද නාමය තියෙන චොකලට් තමා කෑවේ...
ඉතිං පැක්ටරියකුත් බලන එකනෙ තියෙන්නෙ.වැඩි දුරක් නෑ රයන් එයාර් එකේ පැය එකහමාරයි.
Deleteඅද නම් ලියලා මෙයා,, මන් ආසම දෙයක් තමයි චොක්ලට් කියන්නේ, දැන් නම් අම්බානට කනවා එක එක වයිවාරන ඒවා, අර උණු බිස්කට් ඒකත් එක්ක ඒ චොක්ලට් එක සෑහෙන රස ඇති අප්පා,
ReplyDeleteහප්පා සෑහෙන රස කියන්නෙ පුදුම රසක්.මාත් දෙකක් කෑවා.බොහොම අමාරුවෙන් නවත්ත ගත්තෙ.
Deleteමේවා කියවද්දී චිකලට් ෆැක්ටරියක වැඩ කරන්න හිතෙනවා අෆ්ෆා.. මෙච්චර මෙහේ ඉදලත් මම තාම එහෙම එකක් බලන්න ගිහින් නෑ.. අර ශානුවා අල්ලගෙන යන්න ඕන බලන්න..
ReplyDeleteහැබැයි චොක්ලට් උණු කරාමනම් මම එච්චර කැමති නෑ.. වින්ටර් එකට මෙහේ නම් හොට් චොකලට් ඕන තරම් බොන්න හම්බුවෙන්නේ..
ශානුවයි දෙන්නම පලයල්ලා.එච්චර දුරක් නෑනෙ.
Deleteඅනේ මන්දා හැලපයියේ මේක කියවලා චොකලට් එකක් කන්න ප්‍රේරෙත කමක් අවා නොවැ.
ReplyDeleteචොකලට් කන්නනම් මාරම ආසයි.අපේ චොක්ලට් ගණන්නේ බං.සුඛෝපභෝගී භණ්ඩ ගණෙට දාලනේ මෙහේ ආනයනික චොක්ලට් වලට බදු ගහන්නේ හැලපයියේ.හැබැයි ඉතින් ගණන් වුණත් නොකා ඉන්නේ නැහැ,කොහොමින් හරි කනවා.
අරක්කු වලට වෙලා තියෙන්නේත් ඔය අනිසංසේමයි පින්වත.
Deleteඅපේ විතරක් නෙවෙයි මනෝජ් යුරෝපෙත් චොකලට් ගණන්.එත් ඉතිං ගණන් කියල නිකං ඉන්නවයි,කොහොම හරි කනවනෙ.
Deleteහැලපැට්ටා බිස්කට් දහයකට වඩා කාලා තියෙන බවයි උන්දැගෙ බඩ ගෙඩිය අපට පවසන්නෙ...මමත් කවදා හරි දවසක යන්න ආශාවෙන් ඉන්න රටවල් අතලොස්සෙ ප්‍රමුඛම රටක් තමයි ලොකු මාමෙ ජර්මනිය...ලෝකෙ රසවත්ම රැකියාව කරන්නෙ චොකලට් රස බලන අය (Chocolate Taster ) කියලත් කථාවක් තියෙනවා නේද'
ReplyDeleteඒ මොන ජරා රස්සාවද්ද බං. චැහ් .
Deleteලෝකෙ හොඳම රස්සාව තියෙන්නෙ සීදූවෙ. ඕ යේස් !!!
හොඳා හොඳා දවසක ගිහිං එන්න වටින රටක් තමයි.තව පිංතුර ගොඩක් තියෙනව වෙනම පොස්ට් එකකට දාන්නං.
Deleteබොට සීදූවෙන් චෑන්ස් එකක් ගන්න බැරි උනාද පත්තරයො...
Delete//පී ඇම් ජයතිලක
ReplyDeleteහැලපයෝ අදමයි ඇහැව්වේ මෙතුමා ගැන ඔත්තුවට ස්තුතියි.