අනුන්ගෙ මගුල් ලියනව ඇරෙන්න තොට වෙන දෙයක් ලියන්න බෑ කියල ඇනෝ පිංවතෙක් මේ ලඟදි දවසක මට පිං අනුමෝදන් කර තිබුණා.ලියපු එකේ අර්ථය ඒක වුනාට වචන නං වෙනස් වචන ටික මට දැන් මතක නෑ සහ ඒ කමෙන්ටුව දැන් සොයාගන්නට නැති නිසා ආපහු බලන්න විදිහකුත් නෑ.
ඉතිං පහුගිය සතිය පුරාම මම කල්පනා කලේ අරූට මෙහෙම වුනා මූට මෙහෙම උනා කියල නොලියා මටම පුද්ගලිකව වෙච්ච දේවල් ලියන්න නං කොච්චර කතා තියෙන්න උවමනාද කියල සහ එහෙම අනුන්ගෙ දේවල් ලියන්න බැහැ කියා නීතියක් හෝ රීතියක් මේ බ්ලොග් අවකාශේ තියෙනවද කියලයි.එහෙම හිතාගෙන මම කියවන බ්ලොග්වල පරණ කතා පවා බලපුවම ඒ බ්ලොග්වලත් අනුන්ගෙ කතා අපුරුවට ලියල තියෙනවා.ඒ නිසාවෙන් මම හිතාගත්තෙ මේ කතාව මට විතරක් කියාපු දෙයක් වෙන්න ඇති කියලයි.
ඇත්තම කිව්වොත් මට නං එච්චර ලියන්න පුද්ගලික අත්දැකීම් නැහැ මොකෝ ලියනව කියල පවුල කුස්සියට වෙලා මාළු උයන හැටි ලියන්ටයැ.ඔන්න ඔය කාරනාව ගැන හිත වෙහෙසවමින් මම පහුගිය සතියම ගතකල නිසා මොකුත්ම ලියාගන්නට බැරිවුනා.
ඊයෙ රාත්තිරියෙ නිදිමරාගෙන ෆිෆා සෙමි ෆයිනල්ස් බලද්දී මට කතාවක් මතක් වුනා.හැබැයි ඉතිං මේකත් අනුන්ගෙ කතාවක්. බැන්නත් මොනා කරන්නද, තරහ අවසර කියල ඒ කතාවත් ලියන්නං.
කින්නියාවෙ දර්ශනීය සෙල්ලං පිට්ටනිය හෙවත් ග්‍රවුන්ඩ් එක ෆෙරියට මීටර් හාර පන්සීයක් දුරින් පිහිටා තිබුණා.කින්නියාවෙ කොල්ලො කෙල්ලො ඔක්කොම සෙල්ලං කලේ තරඟ පැවැත්වුවේ මේ ග්‍රවුන්ඩ් එකෙයි.රහුමාන් මාස්ටර්ගේ ගේ පිහිටලා හිබුනෙත් ඒ කිට්ටුවමයි.
ඔන්න එදා තිබුන පුට්බෝල් මැච් එක කින්නියාවෙම පාපන්දු කණ්ඩායම් දෙකක් අතර නිසා තරඟය බලන්නට ගොඩක් දෙනා ඇවිත් හිටියා.සෙනග වැඩිවෙන්න තවත් කාරණයක් වුණේ කණ්ඩායම් දෙක අතර තිබුණු බද්ධ වෛරයයි.හරියට ඉන්දියාව සහ පාකිස්තානය ගහන මැච් එකක් වගේ මේ කණ්ඩායම් දෙකත් හමුවුන තැන්වල ගහමරා ගැනිලි ගෝරි බෝරිවලින් කිසිම අඩුවක් වුණේ නෑ.
ඉතිං මෙන්න මේ වගේ බොහොම භයානක ට්‍රැක් රැකෝඩ් එකක් තියෙන මේ කණ්ඩායම් දෙක අතර පාපන්දු තරඟය කින්නියාවෙ පිට්ටනියේ උත්සවාකාරයෙන් ආරම්භ වුනා.පාපන්දු තරඟයේ විනිශ්චයකරු හෙවත් රෙෆ්රි හැටියට අපේ හිතවත් රහුමාන් මාස්ටර් කටයුතු කළා.රනිංෂෝටකුත් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන විස්ල් එකකුත් කටේ ගහගත්තු රහුමාන් මාස්ටර් තමන් දන්නා උපරිමයෙන්ම කැපවෙමින් විනිශ්චය කටයුත්ත කලේ පොඩ්ඩ බැරිවුනොත් ඇතිවෙන අවාසනාවන්ත තත්වය ගැන හොඳින්ම දන්නා නිසායි.
නමුත් කල් යල් බලා අවාසනාව පලදුන්නා. තරඟයේ දෙවෙනි භාගයේ එක කණ්ඩායමක ක්‍රීඩකයෙකුගේ නීති විරෝධී ක්‍රියාවක් හෙවත් ෆවුල් ප්ලේ එකක් හේතුවෙන් රහුමාන් මාස්ටර් අනික් කණ්ඩායමට ලබාදුන් දඬුවම් පහරින් ඔවුන් ගෝලයක් වාර්තා කිරීමත් එක්කම ක්‍රීඩකයන් තුල මතුවී ආ නොසන්සුන්තාවට ආධාරකරුවන්ගේ දැඩි විරෝධයද එල්ල වීම නිසා ක්‍රීඩා පිටියට කඩා වැදුණු නරඹන්නන් සුළු මොහොතකින් තරඟය එකම යුද්ධයක් බවට පරිවර්තනය කළා.
මේ කලබල අස්සෙන් රිංගල පිට්ටනියෙන් එලියට පැනගන්නට රහුමාන් මාස්ටර්ට හැකිවුනා.ඔහුගේ එකම අභිමතාර්ථය වුණේ ගෙදරට දුවගැනීමයි.නමුත් රහුමාන් මාස්ටර් පැනල දුවනවා දැකපු එක ආධාරකරුවෙක්...
අන්න අන්න රෙෆ්රියා පැනල දුවනවා අල්ලගනියව් ඕකා තමයි ඔක්කොම කලේ...
කියනවත් එක්කම කීපදෙනෙක් රහුමාන් මාස්ටර්ගේ පස්සෙන් එළවන්න ගත්තා,රහුමාන් මාස්ටර්ට ලංවුණු එකෙක් ඔහුගෙ ටී ෂර්ට් එකෙන් අල්ල ගත්තා මාස්ටර් දුවපු වේගෙට ටී ෂර්ට් එකේ පිට ගැලවිලා අල්ලගත්ත එකාගේ අතට ආවත් මාස්ටර්ව අල්ලගන්න ලැබුනෙ නෑ.
ඇඳුම ඉරාගෙන කෑලි එල්ලී එල්ලී හැති දමාගෙන දුවන් ඇවිත් මාරාවේෂයෙන් ගෙට කඩාවැදුණු රහුමාන් මාස්ටර් දැකපු ගෙදර අය හොඳටම බයවුනා.
ඇයි ඇයි මේ මක් වුණාද...
බිරිඳ අහපුවම රහුමාන් මාස්ටර්...
ෂ්ෂ්...සද්ද කරන්න එපා ඉක්මනට දොර වහන්න...
දොරත් වහගෙන රහුමාන් මාස්ටර් ගේ ඇතුළට වෙලා ඉද්දි එළවගෙන ආපු උන් එළියෙ රැකගෙන ඉන්නවා...
හරි තෝ කොයි වේලේ හරි එළියට බහීවිනෙ එතකොට අල්ලගන්නංකො...
එළියෙ ඉන්න උන් කියද්දී රහුමාන් මාස්ටර්ට පණ බයයි.මේ උගුලෙන් බේරෙන හැටි කල්පනා කරමින් හිටපු රහුමාන් මාස්ටර්ට හොඳ දීප්තිමත් අදහසක් හිතට ආවා.
ජනේලෙ ලඟට ගියපු රහුමාන් මාස්ටර් විස්ල් එක පිම්බම බලපු එකෙකුට මාස්ටර් අතින් කතාකළා.ඒ මනුස්සය ජනේලෙ ලඟට ආපු ගමන් රහුමාන් මාස්ටර් සාක්කුවෙන් රෙඩ් කාඩ් එක ඇදල අරං ඌට පෙන්නුවා.
ඊට පස්සේ මොකද උනේ ?
ReplyDeleteමොකුත් නෑ පැතුම් සියල්ල සතුටින් කෙළවර වුවා.
Delete//අනුන්ගෙ මගුල් ලියනව ඇරෙන්න තොට වෙන දෙයක් ලියන්න බෑ කියල ඇනෝ පිංවතෙක් මේ ලඟදි දවසක මට පිං අනුමෝදන් කර තිබුණා.//
ReplyDeleteහැලපෙට ගහන්න මේ වගෙ සිල්ලර චෝදනාවක් දක්වා යන්න වුනු එකෙන් පේනව බ්ලොග් එකේ වෙන වරදක් නැති බව. වෙල් ඩන් හැලපේ!
ඔය එක එක අම්මරු තියෙන අය ලියන දේවල් නොවැ ප්‍රොපයිල් ඇනෝ.කවුද ඔව්ව ගණන් ගන්නෙ.
Deleteකමිසේ පිටිපස්ස පැත්ත ගැලවිලා ගියත් පොර ඒක ගලෝලා වෙන එකක් ඇඳගෙන නෑ වගේ!
ReplyDeleteයෙලෝ කාඩ් තියෙනවා නේද?
කකා, ඇයි කකා ඉක්මනට අපිව දාලා යන්නේ? කකා මැරුණම අපිට අතල් එකක් වත් ගන්න කවුරුත් නැහැනේ.
Deleteරෙඩ් කාඩ් එක තිබිල තියෙන්නෙ කලිසං සාක්කුවෙලු කකා.
Deleteයකෝ රෙඩ් කාඩ් එක ඇදල ඇරං පෙන්නුව කියල මොකද වෙන්නෙ...
ReplyDeleteමොකද ඒත පුබ්බෝල් මැච්චෙකක් නෙවී නෙව
යකෝ ඌ රෙෆ්රිනේ වෙන මොනා කරන්නද?
Deleteමැරෙන්න හිනා ගියා හැලපෙ. අපේ උන්දැ අහනවා මොකද්ද හැබෑටම ඔය විකාරෙ. හැමදාම ඔය මගුල ළඟ ඉඳගෙන තනියම හිනාවෙනවා කියලා. මම කිව්වා මේ බලන්නකෝ අර අල්ලපු ගෙදර ....ගෙ නියුඩ් ෆොටෝ එකක් කවුද ඉන්ටර්නෙට් එකට දාලා කියලා. හැලපෙට කියන්ඩ, මෙයා තත්පර 1.5 කින් පඩිපෙළ නැගලා උඩ තට්ටුවට ගියා පුපුර පුපුරා.
ReplyDeleteනාකි වයසට නෙමෙයි වැඩ. 50GB වෙනකං වාර්තා චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරනවා කිව්වට වැඩි හරියක් අසබ්ය එව්වා වෙන්ඩා.
Deleteඇයි බොට ඉරිසියද ඇනෝ
Deleteඇනෝ මචං .. දෙන්ඩද උඹටත් ලින්ක් එකක් පට්ට පාරවල් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ !! ඉරිසියා නොකර :D
Deleteමේ ඇනෝ පාර නං ඊරිසියාවටමයි. විචාරක තුමා නොසැලෙන් යමු ඉදිරියටම
Delete50GB වෙනකං අසබ්ය එව්වා ඩවුන්ලෝඩ් කරා
Deleteඇනෝවා හම්බ ගොන් තඩියෙක් බව පේනවා මූ විචාරක තුමාට ගහන්න හොර ප්‍රොෆයිල් හදාගෙන එන්නේ මූ විචාරක තුමාගෙන් අම්බානක කාපු එකෙක් වෙන්ඩෑ
Deleteමල්ලි ලස්සනට බොරු ගොතනව නේ.
Deleteබොරු වලට අපායෙ යනවනම් බුදු අම්මෝ වෙනම අපායක් හදන්න වෙනවා
AnonymousJuly 9, 2014 at 9:05 PM////
Deleteඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් !
විචාරක තුමා....ඔබතුමා පස්සෙ පන්නන මේ ඇනෝ බුවාගෙ විස්තර ඔබට ලගදීම දැනගන්න ලැබෙයි....
Deleteඑතෙක් ඔබ වචන වියදම් නොකොට ඉන්න...
විචාරක තුමා මම හිතුවෙ නෝනා නියුඩ් සීන්ස් එක බලන්න දුවගෙන ආවයි කියලනෙ.
Deleteහලෝ හැලපෙ,
ReplyDeleteඅද අපේ ඔපිස් එකේ කෙනෙක්ගේ ගෙදර උත්සවයක් නේ. ඉතිං අපිට දවල්ට කෑම එහෙං. මම තව කට්ටියක් එන්න 11 ට විතර එහෙට ගිහිං හීනියට අඩියක් එහෙම ගහලා බත් ඩිංගකුත් කාලා අවා. දැන් ආයේ ඔපිස් එකේ ඉන්නේ. සේරටම එක පාර එහෙ යන්න බැරි හින්දා කාණ්ඩ වලට යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. අපි කාලා ආවම අනික් කට්ටිය ගියා. ලොක්කාත් ගියා.
දැන් ඉතිං මම ගොලිප් එකකුත් ගගහා බ්ලොග් ටික බල බලා ඉන්නවා.
අපේ මාතලන් එහෙමත් අලුත් පොස්ට් එකක් දලා තිබුනා. මමත් ඉතිං කොමෙන්ට් එකක් දාන්නං කියලා ගියා. ඒත් එකේ ඇනෝ කොමෙන්ට් දාන්න බැහැ. මොකක්ද වෙලා. මම ඉතිං ආයේ ආවා ඒ පාර.
රාජ් එහම නං අද දවසටම දැක්කේ නෑ. හැබැටම කෝ අපේ රාජ්.
අනේ මගේ රත්තරන් පනේ. මේ මොළේ අවුල් නපුංසකයෝ එක්ක බැරි නිසා ඒක වහලා දැම්මේ. අනිත් කොමෙන්ට් ඔක්කොමත් හරි උඹේ එකත් හරි. ඕන් උඹ හින්දම ඒක ඕපන් කලා. වෙලාවක බාගෙකුයි ගෝලිප් දෙකකුයි එක්ක සෙට් වෙමු. මේ දවස් වල බොන කත් මහ පණ යන වැඩේ.
Deleteසක් ඔව් අප්පා මේ ඔල්මොරොන්දන් කාරයෝ නිසා මේ වගේ ආතල් ඩයල් වල කොමෙන්ට් එකක් දකින්න නොලැබෙන එක තමා දුක
Deleteබෝතල් ඇනෝ.. අලේ බං මාවත් එක්ක පලයංකෝ ඔය තැනකට සෙට් වෙන්න.
Deleteමරාගෙන කන ඇනෝල අතරෙ , කන බොන ඇනෝ කෙනෙක්. එල බන් උබේ කොමෙන්ට්.
Deleteමේ ඇනෝ කොමෙන්ට් කරන බ්ලොග් ලිස්ට් එකක් දෙන්න බැරිද? පෝස්ට් නොකිව්වත් කොමෙන්ට් කියවන්න.
Deleteපැරා, රාජ්, කතන්දර, මාතලන්.
Deleteඋබ ගැන පට්ට ඉරිසියා හිතෙනව බන් ඇනො
Deleteඇනෝ මචං.. පට්ට ඩයල් එකක් බං උඹනං !!
Deleteඇනෝ මචං.....දවල් කෑමට මොනවද තිබුනේ බන්....
Deleteමේ කුල් ඇනෝ සියළුම බ්ලොග්කරුවන්ගේ සිත දිනා ගන්න ඇනෝ කෙනෙක් වෙන බව මා දැනගෙන හිටියා.ඇත්තටම මේ ඇනොගේ ජීවිතේ ගැන මට ඉරිසියා හිතෙනවා.
Deleteහැලපේ.... මදි මචෝ.. ආන් මම අර උඹලයි ගෙදර තිබුන කොන්පරන්ස් එක ගැන ලිව්වා.. පට්ට මැච් එක නේ.. සංසාරේ දුකක් කියලා තේරුණේ ඊයේ රෑ බං. බ්‍රසීල් කාරයන්ට ජීවිතෙත් එක්ක එපා වෙන්න ඇති. නිකන්ද බං 7-1. මම ජර්මන් කාරයන්ට කොහොමත් මනාපයි.
ReplyDeleteමල සේක කියන්නේ මෙහෙව් කුජීත පරාජයක් වෙයි කියලා කවුද හිතුවේ බ්‍රසීල් කාරයෝ, අර ලස්සන බ්‍රසීල් නංගිලා අඬපු හැටි දැක්කම මට ජර්මන් කාරයොන්ට තනියෙන් ගහන්න හිතුනා අම්මපා.
Deleteඇත්තටම පව්. ෆුට් බෝල් කියන්නේ උන්ගේ පණ වගේනේ.. අර දඩි බිඩි ගාලා හතරක් බස්සද්දි මගේ හදවත නැවතුනා වගේ උනේ.
Deleteහැබයි ඔයිට ආතල් මැච් එකක් ගියා දෙරණේ.. කොහෙද කාළකන්නි ඒක හාෆ් ටයිම් වලින් නැවත්තුවනේ.
කියලා වැඩක් නෑ ...නිකං හොල්මන් වෙලා ගියා හරියට පරණ මැච් එකක highlights බලනවා වගේ වුනේ
Deleteමාතා.. මම බැලුවෙ දෙරණේ මැච් එක..
Deleteහැබැයි හොදම හරිය පෙන්නුවෙ නැහැ.. ඒක යූ ටියුබ් එකෙන් බලා ගත්තෙ :)
බෙලි කන මහ ඇමති සහ ගේම නම් ගේම වෙන්ඩ මහ ඇමති. ෆුල් ආතල් පොලිටිකල් ඩිශ්කෂන්ස්!!!
Deleteපලවෙනි විනාඞි දහය බ්‍රසිල් ගැහැව්වෙි ගෝල 10ක් බස්සනවා කියලා ඡර්මන් ඉඞ දිලා බලාගෙන හිටියේ හරි ගහපන්කෝ කියලා.
Deleteමදි තමයි මචෝ මොන කරන්නද කින්නියාවල ඉඳන් කතා මෙහෙට ලැබෙන්න හරි ප්‍රමාදයි.දෙරණේ ආතල් එක මම බල බලා හිටියෙ අපරාදෙ හාප්ටයිම් වලින් නැවත්තුවනේ.හොඳ හරිය ලයිව් දැම්මනං කොහොමද ආතල් එක.
Deleteඉවාන්,
Deleteබ්‍රසිල් නංගිල අඬනව දැක්කම මට ඇතිවුන දුක කියාගන්න බෑ.මුණුවල ගාල තිබ්බ පාට ඔක්කොම හේදිලා වැටෙද්දී කොහොම ඉවසගන්නද බං.
සෑම්,අරූ,
Deleteනියම දේශපාලන සංවාද නං ඔහොමයි බංස්ල. හරිම අලංකාරයි.
අපරාදෙ, අපේ නානසාර ලොක්කව යවන්න තිබුනෙ රෙෆ් කරන්න....
ReplyDelete//අපරාදෙ, අපේ නානසාර ලොක්කව යවන්න තිබුනෙ රේප් කරන්න...// ??????
Deleteකොහොමද නානසාර ෂෝටයි ටීයයි ගහගෙන පිට්ටනියෙ දුවද්දී අල බෝලෙ පෙරළෙනවා වගේ තියේවි නේද?
Deleteෆූට් බෝල් මැච් එකක් ඉවර වුනාම වලියක් නැත්තම් මැච් එක ගැහුවද කියලා වත් මතක නෑ. ඒ වගේම තමයි මැදදී හොරෙන් යන වලි. දුවන ගමන් කුට්ටම මිරිකීම, වැලමිටෙන් නහයට ඇනීම. යටි බඩට දනිහෙන් ගැහීම. කකුල් වටේටම ගෙඩි ගැහෙනකන් බූට් පාර දීම. කකුල් මාට්ටු දැමීම. ෆ්‍රී කික් එකට පුක ඇල්ලීම ..වගේ තව නහුතයක් දේවල්....අර සොලෝ..රහුමාන් මාස්ටර් වාසනාවන්තයා නැත්තම් රෙඩ් කාඩ් හම්බවෙන්නේ මිනිහට
ReplyDeleteආපෝ පෙනේද කරලා තියෙන නසරානි වැඩ.... හොඳ වෙලාවට අපි මුගේ යාළුවො නොව්නේ
Deleteහැක් ඒකනම් මගේ වාසනාව ඕ යේස්
Deleteඉවාන් බොලා පාපන්දු ගැහුවද ඒ කාලෙ....
Deleteඉවා උඹ ගෝලි ඉන්න වෙලාවක කියහං කෙලලා අරින්ඩ බෝල පාරං හරියට සෙන්ටර් කරලා උඹේ මූණ ටම. :D
Deleteඉස්කෝලෙ සෙල්ලං කරලා කකුලට වැදුන පාරක් නිසා ගෙඩියක් ඇවිත් මාස ගාණක් එකතැන් වෙලා හිටියනේ.
Deleteහැක් හැක්... රෙපරි කියන එක ර්‍ක්‍රඩකයෝ අහන්න එපායැ...
ReplyDeleteඅර ඇනෝ පිංවතාගේ කතාව මට මතකයි ඔහේට හොයල දෙන්නෙයි ඒක???
අපොයි එපා බං මොන මගුලකට ගඳගහන කුණු ගොඩවල් ගෙනත් මෙතන එල්ලගන්නද?
Deleteමේ රහුමාන් පිස්සු පිකුදු පොරක් නේ ...කෝ පොරගේ පුතා ???මේ කතා පිලුමක් වගේ අරම ගුටි කෙලියක් අස්සෙන් එළියට එන එක එහෙම ..කොම වුනත් එල
ReplyDeleteජ ය වේ වා!!!
Deleteඇනෝල,
Deleteමම කිව්වෙ ඔයගොල්ල අදහස් කරපු දේ නොවෙයි,අනුන් ගැන ලියන කතා කියන එකයි.අපි කවුරුත් අනුන් ගැන කතා ලියනවනෙ.අන්න එහෙමයි.මම කියාපු දේ අල්ලාගෙන සහෝදරට මඩ ගහන්න එපා මම කිසිසේත්ම ඔහු ගැන සඳහන් කලේ නෑ.
අනිත් අය කියන දේවල් එච්චර වොරි වෙන්න එපා හැලපේ.
ReplyDeleteඔය රහුමාන් මාස්ටර් එදා බේරිලද? ෆූටි ෆෑන්ලට මොනවා හරි කියනවා කියන්නෙ මේ දවස්වල අපේ රටවල් වල නම් පිස්තෝල කල්ලි මහ දවල් සෙල්ලම් දාන්න පටන් ගන්නේ ඒ විතරක් නම් කමක් නෑ මාෆියා වගේ සංවිධාන වෙච්ච තග්ස්ලා හැටදාහක් හමාරක් ඉන්න ස්ටේඩියම් වල මැච් නතර කරන්නේ ප්‍රසිද්ධියේ.
වොරි වෙන්නෙ නෑ රංගි,නමුත් මේ ගොල්ල දිව හැරෙන හැරෙන පැත්තට කතාකිරීම ගැන කනගාටුවක් ඇතිවෙනවා.
Deleteෆුට්බෝල් ගැන අන්දෝ සංසාරයක් දන්නැති මං පව් අප්පා. දැන් යමන්කෝ යෙලෝ කාර්ඩ්, රෙඩ් කාර්ඩ් වල තේරුම් ඉගෙනගෙන එන්න.
ReplyDeleteඔයා බස්සට රෙඩ් කාර්ඩ් එකක් අල්ලලා බලන්න...
Deleteහැක හැක එව්වා කොරන්න් ගිහින් බස්සා මෙයාට රෙඩ් කාඩ් එක දුන්නොත් එහෙම සැණකෙළියයි මෙතන
DeleteThis comment has been removed by the author.
Deleteමං කියන්නද . කාඩ් පැක් එකක් ගෙනල්ලා ජෝකර්ල දෙන්න පෙන්නහං :D
Deleteතේරුම ඇහුවොත් බස්සිට කියල දේවි.
Deleteබලනකොට රහුමාන් මාස්ටර්ටත් බැරි වැඩක් නැනේ.... මිනිහා සූරයා.
ReplyDeleteපොර වැඩකාරයා.බැරි වැඩක් නෑ.
Deleteඅද පටන් ගනිත්දිම ඉවර උනා වගේනෙ. සුපුරුදු හැලපස්ටැයිල් එක නෙමේ.
ReplyDeleteරහුමාන් මාස්ටර් බේරුනාද? නැත්නම් තාමත් ගුටි කනවද?
තාමත් ගුටි කනවද ඇහුවෙ… මතක් කරන ගානෙ වලටත් ගහලා එනවද දන්නෑ කරොපු වැඩේට. :)
Deleteසුපුරුදු හැලපස්ටැයිල් එක නෙමේ/// මෙක මේ අලුතෙන් හදුන්වලා දෙන එකනේ ,හැමදාම එකම විදිය බෑනේ ... ;))
Deleteඔහොම වෙනවනෙ ප්‍රියා සමහර වෙලාවට පටන් ගනිද්දිම ඉවරවෙනවා.ප්‍රියාට එහෙම අත්දැකීමක් නැතිද?
Deleteඅදනම් චුටි වැඩියි වගේ .... කෝ රාහු අන්කල්ගේ පුතාගේ කතා .... බලන්ගියාම කැන්දකොලෙන් ඔතන ඒවා මාමා ඇනොලට මාර බයයිනේ
ReplyDeleteබයවෙන්නෙ නං මොකටද රාළේ හැබැයි සිරිකිතයි.
Deleteමේක හැලප හොරට හද්ල දාපු වෙට්ටුවක්. කැන්ද කොලේ නැති රොටී කයි අපි. ඉස්සුව යෙලෝ කාඩ් එක.
ReplyDeleteගණන් ගන්න එපා බං,ඔහොම කොට පෝස්ටුත් ලියන්න එපැයි.ලියන වෙලාවට මහා පදරංග ජාතකේ වාගෙ ලියනවනෙ.
Deleteචා චා පඳුර වටේ ගියා මදි... දැන් බැළුවම රහුමාන් මාස්ටර්ගෙ කතා කියල පොතක් ගහන්න තරං තියෙනවනෙ..
ReplyDeleteමෙහෙමයි සරත්,රහුමාන් මාස්ටර්ගේ කතා තාම එක දෙක ලැබෙමින් පවතිනවා.ඉතිං මම ලැබෙන හැටියට ලියනවා.
Deleteඅද ලිපිය වැඩක් නැහැ පදුරු තැලීමක් කොහෙත්ම නැහැ. ඊට් පස්සේ උනේ මොකක්ද?
ReplyDeleteමේකට පඳුරු තලන්න බෑ මකසි.කෙළින්ම කියාගෙන ගියා.ඊට පස්සෙ මැච් එක එහෙමම නතරවුනාලු අර දෙරණෙ තිබ්බ මැච් එක වගේ.
DeleteRed Card....
ReplyDeleteYep, red card.
DeleteLassana kathawa helape,thanks,Mathalantath thankyou,comment walata newatha open kalata .mehe hitiyata mage pariganaka denima 0, name/url kiyana eken saha ano witharai,danne,mama eye metch eke deweni goal eka gehuwa balala,ilangata pump ekak dala enakota munthawa goal2k gahala,hebi meheta eeye hawasa indalawessa nisa parawalwala sadde adui.perduna ekanisa brasil aanduwata aai ldawediwei.dinuwanan wedegoda.ape wagemai.(Ranjan-düsseldorf)
ReplyDeleteබොහොම ස්තූතියි රංජන්.සිංහල ටිකත් හදාගත්ත නං හරි අපුරුයි.
Deleteමෙක හැලපෙට වුන එකක් නෙමෙයි හොදේ
ReplyDeleteඔව් ඔව් මට වෙච්ච දෙයක් නෙවෙයි.
Deleteඒක හරියටම මැද ඇඟිල්ල උස්සලා පෙන්නුව වගේනේ බං. එතකොට කට්ටිය හිනාවෙවී පසු බැස්සද දොර කඩාගෙන ගෙට පැන්නද?
ReplyDeleteඔව්නෙ මචං.කට්ටිය මූට බැන බැන යන්න ඇති.
Deleteතමන්ගෙ බ්ලොග් එකේ තමන්ට කැමති දෙයක් ලියන්න හැකියි නොවැ...ඒ නිසා තේරුමකට නැති අන්මත ඉවත දමන්න. එදා ෆුට් බොල් මැච් එක ඉවර වෙලා මාස්ටර් විසිල් එකත් කටේ ගහගෙනම වෙන්න ඇති දුවන්න ඇත්තෙ....චිත්ත රූප මැවෙනවා....අපේ පැත්තෙ අවුරුදු උත්සවේක විවාහක අවිවාහක කඹ ඇදීමට තෑග්ගට තිබුනෙ නැටුම් තෙල් බෝතල් කීපයක්...කණ්ඩායම් දෙකම කරට කර...අන්තිමට විනිශ්චය කරපු එකා එක පාර්ශවයකට වාසි සහගතව තරගය පවත්වාගෙන ගියා කියලා...මිනිහා අවුරුදු උත්සවේ තිබ්බ වෙල මැද්දෙම අනිත් පිලේ උන්ගෙන් බඩ පුරා කෑවා.
ReplyDeleteමට කියන්න අමතක වුනා...මගේ කාමරේ පැත්තෙ ඇවිල්ලා අපේ සෑමට කියලා දෙන්නකො දූරියන් කෑමේ වටිනාකම ගැන...පවු අසරණයා තාම ඒ ගැන දන්නෙ නෑ.
Deleteකොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ
Deleteඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් !
Deleteකඹ ඇදීම තරඟයේ වලියක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ හරිම බහුලයි.බොහෝ වෙලාවට ගුටි කෙළියක් ෂුවර්.කඹ ඇදීම විනිශ්චය කරලා වැලි නැතුව නූලෙන් බෙරිච්ච අවස්ථා දෙක තුනක්ම මට මතකයි.
Deleteපවුල කුස්සියට වෙලා මාළු උයන හැටි
ReplyDeleteනෙමෙයි බං
මං වගේ මාතය වගේ මාරය වගේ කතන්දරකාරයා වාගේ මාළු උයන හැටි ලියහං
බොලා මාළු උයන හැටියට මට උයන්න බෑනෙ.මම මාළු උයන්නෙ මම දන්න හැටියටයි.අනික කෑම ජාති දෙකතුනක් හදනහැටි මේකෙ ලියද්දි මේක කෑම හදන බ්ලොගක් කරගන්න එපා කියල කිව්වෙත් බොලාමනෙ.
Deleteඇනෝ පිංවත්තු කියන දේවල් ගණන් ගන්න එපා හැලපයියේ,උඹ කෝක කොහොම ලීවත් එක රසයි.
ReplyDeleteරාහු මාස්ටර් කොල්ලන්ට පිට්ටනියේදී අහු වුණා නම් මාස්ටර්ට තමයි රතු කාඩ් ලැබෙන්නේ...:)
කාඩි එකක් ඉස්පිරිතාලෙන්ම ලියයි ශුවර් එකටම ...
Deleteඅනේ අහිංසකයා අහුවුනා නං එහෙම වෙන දේ හිතාගන්න වත් බෑ නොවැ මනෝජ්.
Deleteකීප දොහක් ආව අයියණ්ඩි. කොමෙන්ටුනම් දැම්මෙ නෑ. මම අර මීරිගම සෝමයගෙ "අල්ලස් එකේ උස බුවා" මම මුහුණු පොතටනම් පොඩි මැසේජ්ජුවක් දැම්ම. ඔයා වගේ බුවෙක් බොගට සෙට් උන එකනම් පස්ටයි..... මම මාතා පල්ල කියල පරන පෝස්ට් කියවනවනෙ මේ දවස් වල.... එක මලොත් එහෙම හෙන පාඩුවක් බොගට (මම ගානෙ ඔරෙන්ජන් බාර්ලි) එක ඉවර උන ගමන් අයියගෙ බොබ පීරනව මම
ReplyDeleteමට උඹව ඒක පාරට අඳුනගන්න බැරිවුනා මල්ලි කොහෙද දවසට දෙකට නම් මාරු කරලනේ.මොකද හිතාගෙන ඉන්නෙ කතා ලියනවද කමෙන්ට් කර කර ඉන්නවද.කතා ලියනවා නං ඒකට සෑහෙන අය කීප දෙනෙක් අඳුන්නල දෙන්නං.කතා නොලියා කමෙන්ට් කර කර ඉන්න හිතෙනවා නං එහෙම අයත් ඉන්නවා අඳුන්නල දෙන්නං.
Deleteහැලපයියේ මේ .. පඳුරු තැලිල්ලකුත් නෑ කතාව රහ උනාට හොඳටෝම කොටයි බං .චැහ්.. මගේ බලවත් විරෝධය!!
ReplyDeleteඑකෙන්ම..
Deleteමොනව කරන්නද මල්ලි දැන් වයසයි නොවැ.ඉතිං කොටවෙන එක ගැන කියන්න දෙයක් ඇතැයි.පහුවෙලා පඳුරු ටිකක් තලමුකෝ.
Deleteකොටයි උනාට රහයි... මං කිව්වේ මේ කථාව (වැරදි ලෙස වටහාගැනීම සපුරා තහනම්)
ReplyDeleteජ ය වේ වා!!!1
කොට තමයි ඉතිං බොරු නෙවෙයිනෙ.මොනාට වරද්දගන්නද.
Deleteහැලප මල්ලි ලස්සනට බොරු ගොතනව නේ.
ReplyDeleteබොරු වලට අපායෙ යනවනම් බුදු අම්මෝ හැලපයට වෙනම අපායක් හදන්න වෙනවා
යනවනං අපි දෙන්නම යමු අනේ තනියෙන් යන්න කම්මැලියි වගේ.
Deleteඉතින් ඊට පස්සේ???
ReplyDeleteසිංදුවද?මං ඉතුරු ටික කියන්නද.
Deleteමටත් කියන්ට තියෙන්නේ, හැලපේ මොනා ඉව්වත්, සොරි...මොනා ලීවත් රහම රහයි කියලා තමා....:)
ReplyDeleteඉව්වත් රහයි ලිව්වත් රහයි කිව්වනං හරිනෙ පොඩ්ඩි.
Deleteරෙෆ්රිත් පාපන්දු සෙල්ලං කරපු කෙනෙක් නිසා දවසක් අපේ එකාට අමතක වෙලා එදා මෑච් එකේ ඌ රෙෆා කියලා ලගට ආපු බෝලේට ඞෝං ගලා අහැව්වලු ගෝල් එකක්.
ReplyDeleteඔව් ඉතිං ඌ ගහද්දි කවුරුත් බෝලෙ ගන්න වෙට්ටු දාන්න එහෙම එන්නෙ නෑනෙ.හෙන ගහනව වගේ ගෝල් ගහන්න බැරුවයි.
Deleteto be continued ද? මමත් ඔන්න කඩේට ගොඩ වුනා. පරන හැලපත් කාල අනික් අය ඒවයෙ ගුණපන (වචනෙ ගත්තෙ හැලප කඩෙන්මයි) කියපුවත් බැලුව. හරියට කතන්දර පොතක් කියවනව වගේ. නෑ නෑ කතන්දර පොත් 3, 4ක් එකවර කියවනව වගේ එක පොස්ට් එකක් කියෙව්වම :)
ReplyDeleteඅද කතාව කෙටියෙන්ම ඉවර කරලනෙ.
තව කතා ලැබෙන හැටියට ලියනවා රන්වන්.මේ ඔබේ පළමු පැමිණීම නොවැ.
Deleteඋඹට ඕන දෙයක් ලියපන් බන්....දෙගිඩියාවෙන් ලියනකොට මේ වගේ ඒවා තමයි ලියවෙන්නේ.
ReplyDeleteදැන් ලියන්න වෙන්නෙ වැටකොළු පතෝල වගේ පෝස්ට් තමයි මචං.
Deleteරෙඩ් කාඩ් එක පෙන්නුව එක නං මරු බං.
ReplyDeleteනුහුගුණේ තිබ්බට රහුමාන් මාස්ටර් හොඳ මොළ කාරය කියල පේනවා නේද බං.
Deleteඋඹට මම දවසකුත් කිව්ව එක එක පොන්නයො කියන කතා වලට අකුරු කොටල මහන්සි වෙන්න එපා කියල....
ReplyDeleteඒ වෙහෙසෙන ටිකෙත් උඹේ රස කතා ගුහාවෙ තියෙන පොඩි කෑල්ලක් මෙතැන කෙටුව නම් මේකත් දිගට රස විදිනව අපි......
ඕන එකෙකුට ඕන දෙයක් කියන්න කියල ලියාගෙන යන විදියට ලියාගෙන යමං මචෝ.....
නෑ මචං මගෙ හිත රිදුන ඒකයි මම කිව්වේ.උඹේ ආදරණීය වචන ටිකට ගොඩක් ස්තූතියි.
Deleteහිහ් .....මරු ....මේ දවස්වල ෆුට්බෝල් කතන්දර උණුසුම නේ ....
ReplyDeleteරාහුමන් මාස්ටර්ට ඇබැද්දි මයි වෙන්නේ ;)
මේ දවස්වල ෆුට්බෝල් උණුසුමයි කතන්දරගේ බ්ලොගය වැසීම ගැන උණුසුමයි දෙකම තියෙනවනේ රෙහානි.
Deleteදුවන්න කලින්ම කරන්න තිබ්බේ... කොහොම උනත් එල ෆුට් බෝල් ප්‍රේක්ෂකයෝ ටික.
ReplyDeleteප්‍රේක්ෂකයන්ට කලින් රහුමාන් මාස්ටර් ඉස්සර වුණා.නැත්නං බලාගන්න තිබ්බේ වැඩේ.
Delete// මාස්ටර් දුවපු වේගෙට ටී ෂර්ට් එකේ පිට ගැලවිලා අල්ලගත්ත එකාගේ අතට ආවත් මාස්ටර්ව අල්ලගන්න ලැබුනෙ නෑ. // හි..හි.. මම මේ කල්පනා කලේ රහුමාන් මාස්ටර් දුවපු වේගේ ගැන ...
ReplyDeleteඑහෙමද නැතිනම් කලින්ම සුදානම් කරගත්තු දිරච්ච ටී ෂර්ට් එකක්ද දන්නෙත් නෑ නොවැ.
Deleteදුවන්න ගත්තම රහුමාන් මාස්ටර් රොකට් එක වගේ තමයි තුශානි.ආයේ කාටවත් අල්ලනවා කියන එක බොරු.
Delete@තෙලිදිය වාඩිය,
Deleteසමහර විට දාඩියට දිරල තිබ්බ එකක් වෙන්නත් බැරි නෑ නේද?
රතු
ReplyDeleteඔව්.ලස්සනයි නේද?
Deleteරහුමාන් මාස්ටර් මේ විදිහට ටික ටික කරලියට ගේනකොට මොකද හැලපේ අපේ උඩුරාවණට හා ඇම්ඩාට වෙන්නේ?
ReplyDeleteඇම්ඩා ගැන නං බ්ලොග් අවකාශේ ගොඩක් ලියවිලා තියෙනව තිලකේ,නමුත් උඩුරාවණ ගැනනං කවුරුත් ලියල තියෙනව මම දැකල නෑ.
Delete